අඹ යාලුවෝ

Tuesday, August 23, 2011

සුදුපූසි 11 - වෙසක් කාඩ් එක


සුදුපූසි 1                                       සුදුපූසි 6
සුදුපූසි 2                                       සුදුපූසි 7
සුදුපූසි 3                                       සුදුපූසි 8
සුදුපූසි 4                                       සුදුපූසි 9
සුදුපූසි 5                                       සුදුපූසි 10

ඉතිං යාලුවනේ මම කලින් ලිපියෙ කියපු විදිහටම පුරුපුරු තීරණය කළාලු සුදුපූසිට ට්‍රයි කරන්න. පුරුපුරු ටිකක් හොයලා බැලුවත් සුදුපූසිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න බවට කිසිම සාක්කියක් හම්බවුණේ නෑ. ඉතිං අපේ පූසාට ගේම් එකට ඇප්‍රෝච් වෙන්න කිසිම බාධකයක් තිබුනෙත් නෑලු.

මේ වෙද්දි පුරුපුරුට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි කොහොමද විදූශාගෙ සීන් එක සුදුපූසිට කියන්නෙ කියන එක. මොකද නිකම්ම ගිහින් ඔය කේස් එක කිව්වොත් එහෙම සුදුපූසි හිතයි පුරුපුරුට පිස්සු කියලා. ඊටත් වඩා අන්තයි “ඉතිං මට මොකද?“ වගේ දෙයක් කිව්වොත්. ඉතිං අන්තිමට පූසා තීරණය කළාලු සුදුපූසිගෙන් යාලුවෙන්න අහලා, ඊටපස්සෙ විදූශා ගැන එයාට කියන්න. ඒත් ඔය යාලුවෙන්න අහන එකත් ගහෙන් ගෙඩි එන්නා වගේ කඩිමුඩියෙ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නොවැ! ඉතිං ඒ වැඩේ ස්ටෙප් බයි ස්ටෙප් කරන එක තමයි පුරුපුරුගෙ අදහස වුණේ.

මේ වෙද්දි උදාවෙලා තිබුනෙ වෙසක් කාලෙ. ඉතිං හැමතැනම කඩවල් වල වෙසක් කාඩ් වැහි වැහැලා. කොල්ලො කෙල්ලො තරඟෙට වගේ වෙසක් කාඩ් තෝරනවා. ඉතිං මේ සිද්දිය දැක්ක අපේ පුරුපුරුටත් හිතුනලු සුදුපූසිට වෙසක් කාඩ් එකක් දීලාම මේ සුභ කටයුත්තට අත ගහනවා කියලා. ඉතිං මෑන්ස් කළේ එක දවසක් පූස්ගමට කට්ටිය සෙට් වෙච්ච වෙලාවක උපාසක එක්ක කඩේකට ගිහින් වෙසක් කාඩ් තෝරපු එක. හිතට හරියන වෙසක් කාඩ් එකක් අන්තිමට සෙට් වුණත් ඒක මහ අස්ප ගනං. ඒත් ඉතිං මේ වගේ වැඩවලට සල්ලි සල්ලි කියලා බලන්න බෑ නොවැ! අන්තිමට ඉතිං පුරුපුරු අර ලස්සන වෙසක් කාඩ් එක සල්ලි වලට ගත්තලු.

ඒත් ඊටපස්සෙ තවත් ප්‍රශ්නයක්. සුදුපූසියි රසිකායි හැමතිස්සෙම එකටමයි ඉන්නේ. ඉතිං රසිකාට නොදී සුදුපූසිට විතරක් වෙසක් කාඩ් එකක් දෙන එක එච්චර ඇඟට ගුණ නෑ. මොකද රසිකා කියන්නෙ පුරුපුරුගෙ යෙහෙළියක් විතරක් නෙවෙයි, අනාගත සපෝටර් කෙනෙක්. ඉතිං රසිකාවත් ශේප් එකේ තියාගන්න වෙනවා. මෙහෙම කල්පනා කරපු පූසාට සිද්ද වුණාලු රසිකාට කියලා තවත් වෙසක් කාඩ් එකක් ගන්න. හැබැයි ඒක සුදුපූසිට ගත්තු එක තරම් ලස්සන  වුණේ නෑ.

ඊටපස්සෙ පුරුපුරු කළේ සුදුපූසිට ගත්තු කාඩ් එකේ ලස්සන ධාර්මික වැකි, එක එක වැල් වටාරම් එහෙම ලියලා ඒක ලස්සන කරපු එක. රසිකාගෙ කාඩ් එකේනං ලිව්වේ “පුරුපුරු විසින් රසිකා වෙත“ කියලා විතරයි. කොහොමහරි ඊටපස්සෙ තිබුනෙ මේ වෙසක් කාඩ් දෙක යාලුවො දෙන්නාට දෙන වැඩේ. ඉතිං ඊළඟ සෙනසුරාදා බයෝ ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු බලාගෙන හිටියලු සුදුපූසියි රසිකායි එනකං. මේ ක්ලාස්වල ඉන්න ළමයි තොගේ හැටියට එකම ක්ලාස් එකේ ළමයෙක්ව වුණත් අල්ලගන්න එක හරිම අමාරු වැඩක්. ඉතිං පුරුපුරු ගොඩක් වෙලා බැලුවත් අවාසනාවට මේ දෙන්නාව හම්බවුණේ නෑලු.

බැලින්නං එදා පූසාට මේ දෙන්නාව මග ඇරිලා. ටික වෙලාවකින් ඉස්සා තමයි කිව්වේ ගෑනු ළමයි දෙන්නා රෙදිගොඩ බස් එකේ නැගලා ඉන්නවයි කියලා. ඉතිං පුරුපුරු ඉක්මන් ගමනින් බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු. බැලින්නං කතාව ඇත්ත. සුදුපූසියි රසිකායි බස් එකේ වාඩිවෙලා ඉන්නවා. දැන් ඕනෙනං ගිහින් වෙසක් කාඩ් දෙක දෙන්න පුලුවන්. ඒත් බස් එකේ හිටපු සෙනග ඉස්සරහා එහෙම ඇඩ් එකක් වෙන්න පුරුපුරුට තිබුනේ ලොකු ලැජ්ජාවක්. අනිත් අතට මේ සතියෙ දුන්නෙ නැත්තං කාඩ් දෙකෙන් වැඩකුත් නෑ. ඉතිං අන්තිමට වෙසක් කාඩ් එක සුදුපූසිට දෙන්න පූසාට ඉතුරුවුණේ එක ක්‍රමයයි.

පුරුපුරු කළේ වෙසක් කාඩ් දෙක ඉස්සාටයි මැක්නාත්ටයි දුන්න එක. මේ දෙන්නාත් යන්නෙ රෙදිගොඩ බස් එකේ නිසා ශේප් එකේ වෙසක් කාඩ් දෙක ගෑනු ළමයි දෙන්නාට දීගන්න පුලුවන්. ඉතිං කොල්ලො දෙන්නාත් පුරුපුරු තමන්ට පැවරුව වැඩේ උඩින්ම බාරගත්තලු. ඊටපස්සේ බස් එක යන්න පටන් ගන්නකොටම ඉස්සායි මැක්නාතුයි ගිහින් බස් එකට නැග්ගලු. පූසාගේ අවාසනාවට සුදුපූසි ඒ වෙලාවෙවත් පුරුපුරුව දැක්කෙ නෑ.

පහුවදා ඉරිදා දවසෙ උදේම තිබුනෙ රොබට් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එක. ඔය ක්ලාස් එකට පුරුපුරු වගේම මැක්නාතුත් සහභාගි වෙනවා. ඉතිං පහුවදා උදේ අපේ පූසා ක්ලාස් එකට ගියෙ කලින් දවසෙ මොකද වුණේ කියලා දැනගන්න බොහොම නොඉවසිල්ලෙන්. කොහොමහරි හොඳ වෙලාවට රොබට් සර් එන්න කලින් මැක්නාත් පන්තියට ආවලු. ඒ හින්දා පුරුපුරුට චාන්ස් එක හම්බවුණාලු සුදුපූසිලා වෙසක් කාඩ් දෙක ගත්තු විදිහ ගැන සවිස්තරාත්මක වාර්තාවක් මැක්නාත්ගෙන් අහගන්න.

කොහොමහරි පුරුපුරු වෙච්ච දේ ඇහුවත් මැක්නාත් ඒ ගැන කිසිම දෙයක් කිව්වෙ නැහැ. මෑන්ස් කළේ කට කජුලෙල්ල වගේ හදාගෙන මොනවත් නොකියා හිටපු එක. ඊටත් පස්සෙ මෑන්ස් කළේ බෑග් එක ඇතුලට අත දාලා ලියුම් කවර දෙකක් එළියට ගත්තු එක. බැලින්නං ඒ පුරුපුරු සුදුපූසිටයි රසිකාටයි දෙන්න කියලා දුන්න වෙසක් කාඩ් දෙක. ඉතිං මේ දර්ශනේ දැක්ක ගමන් මොකක්හරි ජෝන්බාස් කේස් එකක් වෙලා කියලා තේරුම් ගන්න පුරුපුරුට කිසිම අපහසුවක් වුණේ නෑ. පස්සෙ බලකරලා මොකද වුණේ කියලා අහද්දි මැක්නාත් කිව්වෙ මෙහෙම දෙයක්.

ඉස්සා බස් එකෙන් බැස්සාට පස්සෙ මැක්නාත් වෙසක් කාඩ් දෙක අරගෙන සුදුපූසිටයි රසිකාටයි දීලා. ඒත් සිද්දවෙලා තියෙන්නෙ මෑන්ස් නොහිතපු දෙයක්.

“පුරුපුරුට මට වෙසක් කාඩ් එකක් දෙන්න ඕනෙනං ඒක එයාම දෙන්න එපායැ. ඇයි වෙන අය අතේ එවන්නෙ? දෙන්න ඕනෙනං එයාටම ඇවිත් දෙන්න කියන්න“

සුදුපූසි පොල්ලෙන් ගහන්නා වගේ මැක්නාත්ට මෙහෙම කිව්වලු. ඉතිං අසරණ මැක්නාත්ට සිද්දවෙලා තියෙන්නෙ වෙසක් කාඩ් දෙකත් ආපහු අරගෙන ගෙදර යන්න. කොහොමහරි ඔය සිද්දිය මැක්නාත් පුරුපුරුට කිව්වාට පස්සෙ පුරුපුරුට ජම්ප් වුණේ නොසෑහෙන ෆ්ලවර් එකක්. ඒ වගේම මෑන්ස්ගෙ හිතට දැනුනේ සුලුපටු වේදනාවක් නෙවෙයි.

“හුහ්! සුදුපූසිගෙ තියෙන ආඩම්බර!!! මෙහෙම එක්කෙනෙක්ට ට්‍රයි කරලා හරියන්නෙ නෑ. අනිත් දවසෙ මම හොඳවයින් දෙකක් කියන්නංකෝ...

පුරුපුරු මෙහෙම හිතුවලු. ඉතිං ඊළඟ සතියේ බයෝ ක්ලාස් එක ඉවරවෙලා රැකගෙන හිටපු පූසා, සුදුපූසියි රසිකායි එද්දි ඒ දෙන්නාට කතා කළාලු.

පුරුපුරු :- සුදුපූසි, ඔයා ඇයි මම දුන්න වෙසක් කාඩ් එක ගත්තෙ නැත්තෙ? ඔයා හරි ආඩම්බරයිනෙ.

සුදුපූසි :- අනේ නෑ පුරුපුරු, ඔයා ඇයි මැක්නාත් අතේ ඒක එච්වෙ? අපි මැක්නාත් එක්ක තරහයිනෙ. ඒකයි වෙසක් කාඩ් දෙක ගත්තෙ නැත්තෙ.

පුරුපුරු :- ඇයි ඔයාලා මැක්නාත් එක්ක තරහා?

ඊටපස්සෙ තමයි සුදුපූසියි රසිකායි පුරුපුරුට මැක්නාත් එක්ක තරහ වෙච්ච කාරණේ කිව්වේ. ඉස්සර ඕ ලෙවල් කාලෙ රසිකායි මැකුයි ගිහින් තියෙන්නෙ එකම විද්‍යාව පන්තියකට. ඒ දවස්වල මැක්නාත් නිතරම රසිකාව අනවශ්‍ය විදිහට බයිට් කරනවලු. ඉතිං රසිකා මැක් ගැන හිතාගෙන ඉඳලා තියෙන්නෙ මහා අසමජ්ජාතියෙක් විදිහට. ඒ මදිවාට සුදුපූසිටත් ඔය සිද්දිය කියලා. ඉතිං අන්තිමට සුදුපූසිගෙ හිතෙත් මැක්නාත් ගැන තිබිලා තියෙන්නේ බොහොම නරක හැඟීමක්. ඒකයි මේ දෙන්නා මැක්නාත් ගෙනත් දුන්න වෙසක් කාඩ් අරගෙන නැත්තෙ.

මේ කාරණේ කියපු සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළාලු.

සුදුපූසි :- පුරුපුරු, සොරි ඔයාගෙ වෙසක් කාඩ් එක ගත්තෙ නැතුවාට. මමත් ඔයාට වෙසක් කාඩ් එකක් ගෙනාවා.

මෙහෙම කියපු සුදුපූසි, ලියුම් කවරෙක දාපු වෙසක් කාඩ් එකක් පුරුපුරුට දුන්නාලු. පුරුපුරුත් ඉතිං මැක්නාත් අතේ ආපහු එවපු වෙසක් කාඩ් එක සුදුපූසිට ආපහු දුන්නාලු. මෑන්ස් ආපහු ගිහින් කවරේ ඇරලා බලද්දි ඇතුලෙ තිබුනේ ලස්සනම ලස්සන වෙසක් කාඩ් එකක්. ඉතිං මේක දැකපු අපේ පුරුපුරුගෙ හිතේ තිබුන දුක, තරහා ඔක්කොම හැඟීම් නැතිවෙලා ගිහින් හිත සතුටින් පිරෙන්න ගතවුණේ තත්පරෙන් දාහෙන් පංගුවයි.

පස්සෙ කාඩ් එක ඇරලා බැලින්නං සුදුපූසි වැඩිය මොනවත් ලියලා තිබුනෙ නෑ. ඒත් වෙසක් කාඩ් එකක ලියන්න ඕනෙ අත්‍යාවශ්‍යම දේවල් ඒකෙ ලියලා තිබුනා. දැනට ඉතිං ඒකත් මදෑ...එහෙම හිතපු පුරුපුරු හිත හදාගත්තලු. මෑන්ස්ගෙ සතුට දෙගුණ තෙගුණ වුණේ රසිකා පුරුපුරුට වෙසක් කාඩ් එකක් නොදුන්න නිසා. පූසා හිතුවේ සුදුපූසිගෙ හිතේ තමන් ගැන විශේෂයක් තියෙන බව ඒකෙන් ඔප්පු වෙනවයි කියලා.

ඔය විදිහට තවත් ටික කාලයක් ගතවුණේ එච්චරම විශේෂ දෙයක් පුරුපුරුගෙ ජීවිතේ ඇති නොකරමින්. මේ කාලෙ හැමදාම බයෝ ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක කතා කරන එක පුරුපුරු පුරුද්දක් කරගෙන තිබුනේ. ඒත් ඒ කතාබහ යාලුකමේ ලිමිට් එකෙන් එහාට ගෙනියන්න මෑන්ස්ට පුලුවන්කමක් ලැබුනෙ නෑ.

ඔය අතරේ තමයි රසිකා මලින්ද කියලා කොල්ලෙක් එක්ක යාලු වුණේ. මෑන්ස් මරියකඩේ ඉස්කෝලෙට ගිය පුරුපුරුලාගෙ වයසෙම කොල්ලෙක්. ඉතිං මේ වැඩෙන් වුණේ ක්ලාස් ඉවරවෙලා පුරුපුරුට සුදුපූසිව තනියම අල්ලගන්න චාන්ස් එක ලැබිච්ච එක. මොකද ගොඩගියාට පස්සේ රසිකා ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක යන්නේ නැතුව මලින්දත් එක්ක යන්න පුරුදු වුණාලු. ඉතිං මේ වැඩෙන් අපේ පුරුපුරුට වුණේ කියාගන්න බැරිතරමේ වාසියක්ලු.

ඉස්සර රසිකාත් හිටපු කාලෙ පූසාට සුදුපූසි එක්ක කතා කරන්න සිද්ද වුණේ බොහොම රාජකාරි මට්ටමින්. ඒත් දැන් ඉස්සර වගේ නෙවෙයි, පුරුපුරුට සුදුපූසි එක්ක ඕනෙ දෙයක් නිදහසේ කතා බහ කරන්න පුලුවන්. මේ වෙද්දි 2005 අවුරුද්දත් උදාවෙලයි තිබුනේ. ඉතිං අන්තිමට, අවුරුදු එකොළහකට පස්සේ පුරුපුරු තීරණය කළාලු සුදුපූසිගෙන් යාලුවෙන්න අහන්න.

21 comments:

  1. මරේරේරේරේ මරු! ඔක තමා කියන්නේ සුදුස්සට සුදුසු වැඩේ බාර දිය යුතුයි කියලා!නිකමට කීවේ ඈ!

    කෝ කෝ ගඩොල් අයියේ.... මේක ඉවර කරන්න අදහසක් නැද්ද... මං හිතං හිටියේ ගඩොල් වල දිගම සීරීස් එක විදූශා කියලයි.දැං බලං යන කොට මේක ඊටත් වඩා විසාල මෙගාවක්නේ....

    මොනා වුණත් පුරුපුරු අයියට තමා දිගම ලව් ස්ටෝරීස් තිබිලා තියෙන්නේ...

    නියමයි ආ!

    මගේ පුංචි බ්ලොග් එකට ඇවිත් කරපු දිරිගැන්වීම් ගැන ගඩොල් අයියට බෝහෝම ස්තූතිවන්ත වෙනවා!

    සාහිත්‍ය බ්ලොග් තරගාවලියේ හොදම වින්දනාත්මක බ්ලොග් අඩවිය සම්මානය අපේ ගඩොල්ට අයියටම හිමි වෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  2. මං කිව්වෙ කලින්ම...ඔන්න සොඳුරුතම රිටන් එක....අපේ පූස්මලයගෙන්....

    ReplyDelete
  3. මටත් ඔය වගේම වෙසක් කාඩ් එකක් හම්බුනානේ බං... .තාම තියෙනවා ගෙදර...

    ReplyDelete
  4. ආ.... පුරුපුරු වැඩේ ගොඩ වගේ....

    ReplyDelete
  5. අනේ අම්මියෝ මේක කොච්චර දිග මෙගා උනත් කමක් නෑ පුරු පුරු අයියේ කෑලි හලලා සීන් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ඉවර කරන්න නම් හිතන්නවත් එපා.......

    ඒක නෙමෙයි කෝමද අභාගේ???? මේ දවස් ටිකේ හිටු කියලා කතාව ලියන්නේ අභාගේ ගොඩ වගේ.......:D

    ReplyDelete
  6. බැලුවම දැන් නේ මේ කතාව පටන් අරන් තියෙන්නේ.

    ReplyDelete
  7. අප්පේ මමත් වෙසක් කාඩ් එකක් දෙන්න ගිහිල්ලා කාපු චාටර් එකක්..කෙල්ල ගන්න බෑ කිවුවා නේ...අන්තිමට මාත් එක්ක කතා කරන්නෙත් නෑ...මලින්දයට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ යන්න වගේ නේද තියෙන්නේ.. :D

    ReplyDelete
  8. මචං පුලුවන්නම් වෙසක් කාර්ඩ් දෙක screen shot දෙකක් දාපං

    ReplyDelete
  9. අවුරුදු එකොළහකට පස්සෙවත් පුරු ගොඩ යයිද?

    ReplyDelete
  10. නොහිතූ නොපැතූ දෙයක් නම් වෙන්න එපා අයියෝ...

    ReplyDelete
  11. එතකොට පුරු පුරු 12 වසරේ. එන්න එතකොට නම් කමති වෙයි සුදු පූසි. මට හිතෙන්නේ මේක මාස ගානක් යන සීන් එකක් වෙයි කියලා. හික්ස් :)

    ReplyDelete
  12. කතන්දර මාමා - බොහොම ස්තුතියි මල්ලි. ඒත් මම හිතන්නෙ ඒ සම්මානය මේ පාර හිමිවෙන්න ඕනෙ හිස් අහස බ්ලොග් එකට කියලා.

    රාජ්
    ගෝල්ඩ් ෆිෂ්
    ප්‍රසංග - ගොඩක් ස්තුතියි යාලුවනේ දිරි ගැන්වීම ගැන.

    හාවි - නෑ නංගි මේ තවම එග්සැම් ඉවර නෑ. දැන්නං කොටි වලිගේ අල්ලගත්තා වගේ මේ සීරීස් එක. ඒත් ෆාස්ට් ෆෝවඩ් කරන්නෙනං නෑ කීයටවත්.

    ReplyDelete
  13. තොන්සා
    රෙෂාන්
    ප්‍රසන්න
    පිණි
    මධුරංග - බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා යාලුවනේ. පුලුවන් තරම් ඉක්මනට ඉතුරු කතා ටිකත් දාන්නම්.

    ඇනෝ - කතාවේ අවසානය දැනගන්න වෑයමක් නේද? මමනං අහුවෙයි ඕවට. හික් හික්!!

    ReplyDelete
  14. ekmanata daapan!~ mewa kiyawaddi apitat claz kaale mawila peenawa bn! :) mmmm lassanai bn ubalage scl life 1! :) ikmanata anik tikath daapan!

    ReplyDelete
  15. අහපිය බොල ඉක්මනට...දැන් මේ අපිත් බඩ බොක්ක දාලා ඉන්නේ....අබිලික් ලව් ස්ටෝරි එකක් උනොත් හොයාගෙන ඇව්ල්ලා ගහනවා

    ReplyDelete
  16. ස්ටෙප් බයි ස්ටෙප් ආවා නේ ලගටම මේකත් බන් ඉස්සල්ලා ඒවගේ අංජබජල් එකක් උනොත් අර කුප්පයා කියපු දේ තමා කරන්න වෙන්නේ

    ReplyDelete
  17. එල එල please put a post atleast daily. exam එක වන කරගන්නත් එපා. :)

    ReplyDelete
  18. ඔන්න ඉතින් පුරු පුරුවා කෙල්ලගෙන් ආදරේ ඉල්ලන හැටි ඊලඟ කොටසින් බලාගත හැකි ..

    ReplyDelete
  19. යකෝ ලිව්ව අනික් ලව් ස්ටෝරි වගේ මේකත් අල කරගන්න එපා..අතින් දාල හරි ගොඩ දාගනින් මේක ;)

    ReplyDelete
  20. මේකත් දෙල් කර ගන්න නම් එපා සහෝ..

    ReplyDelete
  21. ohoma yan ohoma yan, kotas keeyak unath kamak ne, hebey ikmanata liyala danna malli......

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???