අඹ යාලුවෝ

Wednesday, August 24, 2011

සුදුපූසි 12 - ඇසීම


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7
සුදුපූසි 3                        සුදුපූසි 8
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10 

ඉතිං දැන් අපේ පුරුපුරු උදේ හවා කල්පනා කරන්නේ කොහොමද සුදුපූසිගෙන් යාලුවෙන්න අහන්නේ කියලා. කට්ටිය දන්නවනෙ ඉතිං ගෑනු ළමයෙක්ගෙන් යාලුවෙන්න අහන්න කොච්චරනං ක්‍රම තියෙනවද කියලා. එක්කො කෙලින්ම ගිහින් මූණටම අහන්න පුලුවන්. නැත්තං වෙන කෙනෙක් හරහා අහන්න පුලුවන්. එහෙමත් නැත්තං ලියුමක් ලියලා අහන්න පුලුවන්. සමහර වෙලාවට ඔය ක්‍රම වලින් කීපයක් කොම්බයින් කරලා වැඩේ කරන්නත් පුලුවන්. ඉතිං පූසා හොඳට කල්පනා කරලා අන්තිමට තීරණය කළේ ඔය කිව්ව අන්තිම ඇප්‍රෝච් එක ක්‍රියාත්මක කරන්නලු.

ඒ කිව්වේ මෑන්ස්ගෙ අයිඩියා එක වුණේ මුලින් ලියුමක් දීලා ඊට පස්සෙ මූණටම අහන එක. ලියුමත් හැබැයි ලියුමක් කිව්වට පොඩි පොයම් එකක්. මොකද පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසි සාහිත්‍ය පැත්තට ගොඩක් කැමතියි කියලා. ඉතිං පුරුපුරු සුභ මොහොතින් ලස්සන කොලේකුයි ජෙල් පෑනකුයි අරගෙන පොයම් එක ලියන්න පටන් ගත්තලු.

In the garden of roses
There was a red rose...........

ඔය විදිහට තමයි පූසා පොයම් එක පටන් ගත්තේ. හැබැයි දැන්නං මෑන්ස්ට ඒකෙ ඉතුරු ටික මතක නැහැ. කොහොමහරි ඉතිං අන්තිමට බලද්දි ලස්සනට පොයම් එක ලියවිලා තිබුනලු. ඒත් ඉතිං තවමත් ලියපු එක ගැන පුරුපුරුගෙ හිතට හරි නෑ. මොකද ඉතිං දෙන පොයම් එක උපරිම ලස්සනට ලියලා දෙන්න ඕනෙ නොවැ! ඉතිං මෑන්ස් අනිත් දවසෙ ඉස්කෝලෙ යද්දි මේකත් අරගෙන ගියාලු රාජුට කියලා අඩුපාඩු හදාගන්න. මොකද රාජු තමයි ඉස්කෝලෙ හිටපු ඉංග්‍රීසි සාහිත්‍යයට වැඩිම ටැලන්ට් එකක් තිබුන ඩයල් එක.

පොයම් එක බලපු රාජුගෙ අදහස වුණේ ගෑනු ළමයෙක්ට දෙන්න සුදුසු තත්ත්වෙ ඒක තියෙනවයි තියලා. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළාලු මේ ලියපු විදිහටම සුදුපූසිට පොයම් එක දෙන්න.

ඊළඟ සෙනසුරාදා දවස උදාවුණේ අපේ පූසාගේ හදගැස්ම ඩබල් ට්‍රිපල් කරමින්. මොකද මේ අවුරුදු ගාන පුරාවටම දැක දැක හිටපු හීනෙ සුදුපූසිගෙ එක වචනෙකින් එදා දවසෙ නැතිවෙන්න පුලුවන්. අනික පුරුපුරුයි සුදුපූසියි අතර අවුරුදු ගානක් තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක පවා නැතිවෙන්න පුලුවන් දවසක් ඒ. ඉතිං ඔය විදිහට අපේ පුරුපුරු අරගෙන තිබුනේ සෑහෙන රිස්ක් එකක්.

සුදුපූසි හැමතැනම ප්‍රසිද්ද වෙලා තිබුනෙ ඉගෙනගන්න එක ගැන විතරක් උනන්දු, කොල්ලො එක්ක කතා කරන්නෙවත් නැති චරිතයක් විදිහට. ක්ලාස් එකේදි වුණත් අනිත් කොල්ලො පුරුපුරුට විහිලු කළේ සුදුපූසි කසාද බැන්දට පස්සෙ කෑමට ලුණු ඇඹුල් දාන්නෙ පිපෙට්ටුවෙන් කියලා. ඉතිං පූසො කට්ටිය ඇතුලු පුරුපුරුගෙ යාලුවො බයේ හිටියේ පුරුපුරු යාලුවෙන්න ඇහුවාට පස්සේ සුදුපූසි මෑන්ස්ව උස්සලා උඩින් විසිකරයි කියලා. ඒත් පූසානං දැනගෙන හිටියා යාලුවෙන්න බෑ කිව්වත් සුදුපූසි කවදාවත් තමන්ට බනින එකක් නෑ කියලා.

කොහොමහරි ඉතිං එදා ක්ලාස් ඉවරවෙලා බස්ටෑන්ඩ් එකට යද්දි සුපුරුදු විදිහට පුරුපුරුයි, සුදුපූසියි කතා කර කර ආවලු. වෙනදා වගේම ඔය කෙමිස්ට්‍රි, ෆිසික්ස් වගේ මාතෘකා තමයි මේ දෙන්නා අතරේ කතා කෙරුනේ. හැබැයි අපේ පූසා නොඉවසිල්ලෙන් හිටියේ කතාවෙ ටොපික් එක මාරු කරන්න පුලුවන් තැනක් එනකං. ඒත් අවාසනාවට රෙදිගොඩ බස් එකට කිට්ටු වෙනකංම සුදුපූසි කියව කියවා හිටියේ අධ්‍යාපනේ ගැනමයි.

ඉතිං පුරුපුරුට තේරුම් ගියාලු මෙහෙම ගියොත්නං අද මේ පොයම් එක සුදුපූසිට දෙන්න වෙන්නෙ නෑයි කියලා. ඒත් ඉතිං මෙච්චර අමාරුවෙන් මහන්සියෙන් ලියපු එක ආපහු ගෙදර අරගෙන යන්න කියලයැ! පූසා අන්තිමට හිතාගත්තලු බෙල්ල ගහලා ගියත් කමක් නෑ සුදුපූසිට පොයම් එක කොහොමහරි දෙන්න ඕනෙයි කියලා. ඉතිං මෑන්ස් අමාරුවෙන් ගේම් එකට එන්ටර් වුණාලු.

පුරුපුරු :- සුදුපූසි, නෙක්ස්ට් වීක් ඔයා ක්ලාස් එනවාද?

සුදුපූසි :- ම්ම්...ඔව්, එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ඇයි මොකද පුරුපුරු?

දැන් ඉතිං පූසා මාලුවෙක් වගේ ගැහෙනවා...

පුරුපුරු :- මේ...මේකයි, මට නෙක්ස්ට් වීක් ඔයාත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනෙ.

සුදුපූසි :- වැදගත් දෙයක්? කමක් නෑ...දැන්ම කියන්න. බස් එක යන්නත් තව ටික වෙලාවක් තියෙනවනේ.

දැන්නං පූසා අන්තෙටම කොර වෙලා ඉන්නේ...

පුරුපුරු :- ම්ම්...නෑ නෑ. අපි ලබන සතියෙම කතා කරමු. ඊට කලින් ඔයා මේ පොයම් එක කියවලා ඉන්නකෝ.

සුදුපූසි :- පොයම් එකක්? මොකක් ගැනද?

පුරුපුරු :- ඔයා කියවලාම බලන්නකෝ. මට පරක්කු වෙනවා. මම එහෙනං යන්නං සුදුපූසි..

සුදුපූසි වචනයක්වත් කියන්න කලින් පුරුපුරු එතනින් ඌර්ධවපාතනය වුණේ ආලෝකයේ ප්රවේගයෙන්.

ඉතිං අපේ පූසා ගෙදර ගිය වෙලාවෙ ඉඳලා කල්පනා කළේ සුදුපූසිගෙ රියැක්ෂන් එක මොකක් වෙයිද කියන එක ගැන. කොටින්ම ඒ සතියෙම පූසාට හරිහැටි කෑමක්, බීමක්, නින්දක් නෑ. පුරුපුරු කළේ ඔහේ උඩ බලාගෙන කල්පනා කර කර හිටපු එක විතරයි. වෙනදා බොහොම ඉක්මනට ගතවෙන සතිය, පුරුපුරු සුදුපූසිට පොයම් එක දුන්න දවසේ ඉඳලා ගතවුණේ ගොලුබෙලි ස්පීඩ් එකෙන්. අන්තිමට ඉතිං සතිය ගෙවිලා ඉවර වෙනකොට පූසා හිටියේ මාසයක් ඩෙංගු හැදිලා හිටපු ගානට වැහැරිලා.

ඊළඟ සෙනසුරාදා පුරුපුරු ලස්සනට ලෑස්ති වෙලා ක්ලාස් එකට ගියත් මෑන්ස්ගෙ හිත තිබුනේ යකාගෙ කම්මල වගේ. වෙනදා වගේ බයෝ සර් උගන්නපු පාඩම් වලට අවධානය යොමු කරන්නත් පුරුපුරුට උවමනාවක් තිබුනේ නෑ. කොහොමහරි ඉතිං අන්තිමේදි පූසා බයෙන් හිටපු මොහොත උදා වුණාලු. ඒ තමයි ක්ලාස් ඉවර වෙලා සුදුපූසිව මුණගැහෙන මොහොත.

ඈතින් ආපු සුදුපූසි පුරුපුරුව දැකලා මෑන්ස් එක්ක හිනා වුණේ වෙනදා වගේම විශේෂත්වයක් පෙන්නන්නෙ නැතුව. ඉතිං සුදුපූසි තමන් එක්ක ෆ්ලවර් ජම්ප් වෙලා නෑ කියලා තේරුම් ගත්තු පුරුපුරුගෙ හිත සෑහෙන දුරට සැහැල්ලු වුණාලු. මුලින්ම කතාව පටන් ගත්තෙත් සුදුපූසිමයි.

සුදුපූසි :- පුරුපුරු, ඔයානං බොහොම හොඳ පොයට් කෙනෙක්. මම කවදාවත් හිතුවෙ නෑ ඔයාට මේ වගේ ලස්සනට ලියන්න පුලුවන් කියලා.

සුදුපූසි මෙහෙම කියද්දි අපේ පූසා ලැජ්ජාවෙන් රතු වුණාලු.

පුරුපුරු :- හික් හික්...බොරු කියන්න එපා. මට එච්චර ලස්සනට ලියන්න බෑ අනේ.

සුදුපූසි :- නෑ නෑ!! ඇත්තටම ඒක ලස්සනයි.

දැන් සුදුපූසි පොයම් එක ගැන කියව කියවා ඉන්නවා මිසක් පොයම් එක දෙන්න හේතුව පුරුපුරුගෙන් අහන්නෙ නෑ. ඉතිං පූසාට සිද්දවුණාලු තමන්ම ඒ කතාබහ පටන් ගන්න.

පුරුපුරු :- ඔයා දන්නවාද, මම ඒ පොයම් එකෙන් ලිව්වේ ඔයා ගැන?

සුදුපූසි :- ආ... ඇත්තද?     

තමන් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ වගේ සුදුපූසි කිව්වලු. ඒ වෙලාවෙ තමයි හිනාවෙන් පිරිලා තිබුන සුදුපූසිගෙ මූණට සීරියස් පෙනුමක් ආවෙ. දැන් ඉතිං උදාවෙලා තියෙන්නෙ ඒ තීරණාත්මක මොහොත. අවුරුදු ගානක් තිස්සේ පුරුපුරු බලාපොරොත්තුවෙන් හිටපු මොහොත.

පුරුපුරු :- ඔව් සුදුපූසි...මම ඔයාට කැමතියි. අද ඊයෙ ඉඳලා නෙවෙයි, ඔයාව දෙක වසරෙදි මුලින්ම දැකපු දවසෙ ඉඳලාම මම ඔයාට කැමතියි. මට මෙච්චර දවසක් මේක ඔයාට කියාගන්න බැරුව හිටියේ. මම ඇත්තටම ඔයාට කැමතියි.

සුදුපූසි හිටියේ හෙනයක් ගහපු පොල් ගහක් වගේ ෂොක් වෙලා. එයා කතා කරන්න උත්සාහ කළත් කටින් කිසිම වචනයක් පිටවුණේ නෑ. පුරුපුරුත් මොනවත් කිව්වේ නැහැ. දෙන්නා අතරෙ ඇතිවෙච්ච සයිලන්ස් එක ටික ටික දික්වෙනකොට අපේ පූසාට දැනුනෙ පුදුම අපහසුවක්. දෙයියනේ! මොකද්ද මම මේ කළේ? පුරුපුරුට මෙහෙම හිතුනලු.

තවත් ටික වෙලාවක් ගිහින් තමයි සුදුපූසි එයාගෙ කටහඬ අවදි කළේ.

සුදුපූසි :- පුරුපුරු.....මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා. ඔයා මගෙ හොඳම යාලුවෙක්. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒත් මෙච්චර ගෑනු ළමයි ඉන්දැද්දි ඇයි ඔයා මගෙන්ම යාලු වෙන්න ඇහුවේ?   

සුදුපූසි බොහොම අමාරුවෙන් හීන් හඬින් ඇහුවලු. දැන් ඉතිං දීපල්ලකො උත්තර!

පුරුපුරු :- මට වෙන ගෑනු ළමයි ඕනෙ නෑ සුදුපූසි. මම ඔයා ගැන පොඩි කාලෙ ඉඳලාම දන්නවා. මම කැමති ඔයාගෙ ලස්සනටත් වඩා ගතිගුණ වලට.

කොහෙ තිබිලද මන්දා පුරුපුරුගෙ කටට වචන ගලාගෙන ආවා. මෑන්ස් ඒවා පාවිච්චි කරලා සුදුපූසිට ගොඩක් වෙලා ටෝකක් දුන්නා. ඒත් මේ ඔක්කොම අහගෙන හිටපු සුදුපූසි අන්තිමේදි කිව්වේ මේ ටික.

සුදුපූසි :- අනේ සොරි පුරුපුරු. ඔයා මගෙ හොඳම යාලුවෙක්. මට ඔයා අහපු දේට හා කියන්න බෑ. මට ඔය වැඩ එක්ක ඉගෙන ගන්න එක කරන්න බෑ. ඔයාටනං එහෙම පුලුවන් ඇති. ඒත් මට එහෙම කරන්න බෑ. මට හොඳට ඉගෙන ගන්න ඕනෙ. අපි දිගටම යාලුවො විදිහට ඉමු. අනේ මාත් එක්ක තරහා වෙන්නනං එපා.

පුරුපුරුට මේ වචන ඇහෙද්දි දැනුනෙ තමන්ගෙ මුලු ලෝකෙම කඩාගෙන වැටෙනවා වගේ. අවුරුදු ගානක් තිස්සෙ ගොඩනගපු හීන මාළිගා තත්පර ගානෙන් ඉවරයි. ඇස් වලින් කඳුලු එළියට පනින්න වගේ ආවත් පුරුපුරු තමන්ගෙ හිත දැඩි කරගත්තලු. ඒ අමාරුවෙන් තමන්ගෙ මූණෙ හිනාවක් ඇති කරගෙන.

පුරුපුරු :- අපෝ නෑ සුදුපූසි! මම මොකටද ඔයත් එක්ක තරහා වෙන්නෙ. ඔයා සමාව ඉල්ලන්න ඕනෙ නෑ. මම යන්නං.

පුරුපුරු මෙහෙම කියලා හැරුනෙ ආපහු යන්න. එතකොටම තමයි සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළේ.

සුදුපූසි :- පුරුපුරු, මම වෙන කවුරුවත් එක්ක යාලු වෙන්නෙත් නෑ.

සුදුපූසි එහෙම කිව්වලු. පුරුපුරු කළේ හිනාවෙලා සුදුපූසිගෙන් සමු අරගෙන ආපහු ගිය එක.

මතු සම්බන්ධයි...

36 comments:

  1. ඒ මොකෝ උනේ බං.... මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ..


    අම්මෝ මේකෙ පලවෙනි කමෙන්ට් එක දාන්න කොච්චර කල් ඉඳලා බලන් හිටියද??අද ඒකත් ඉවරයි :D

    ReplyDelete
  2. එල එල හොඳම හරිය....

    ReplyDelete
  3. පුරු පුරුගේයි සුදු පූසිගේයි ලව් එක නැගලම යනවා ඇති දැන් !! කතාවේ හැටියට එහෙම වෙන්නම ඔනේ !!!!

    ReplyDelete
  4. අප්පෝ බං ඒ මොකද වෙලා තියෙන්නේ හැබෑටම .. ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ මටනම් ..

    බලමු කතාව මෙතනින් ඉවර නෑ කියන්නේ තව කොතනක හරි මෙවුව එකක් තියනවා

    ඉතිරිය එන තෙක් ..

    ReplyDelete
  5. ඉතිරිය දැන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ! ඉක්මණට දාන්න! ම්ම්ම්ම්! මේ කතාව තාම සින්ඩියට + වෙලා තිබ්බෙ නෑ. මං නිකම් මේ පැත්තට ආව වෙලාවේ දැක්කේ. ඒකත් හොද වෙලාව. දැං වෙලාව රෑ 11.42යි. කොකටත් බලපල්ලා පූසනේ. මේ ටිකේ මගේ බ්ලොග් එකත් සින්ඩියේ අප්ඩේට් වෙන්නේ නෑ... ඉක්මණට අනික් කොටස දාන්න!

    ReplyDelete
  6. සුදු පූසිත් පුරුපුරුට කැමතියි එහෙනම්.....

    ReplyDelete
  7. "සුදුපූසි :- පුරුපුරු, මම වෙන කවුරුවත් එක්ක යාලු වෙන්නෙත් නෑ."
    එක තමා point එක. සුදුපුසි පුරුපුරුට කැමති. ඉතුරු කැල්ලත් ඉක්මනට දන්න

    ReplyDelete
  8. "Henayak gahapu pol gahak wage".. Hik hik :D Maru upamaava...

    Aeththama kiyanna matath poosiyek ohoma wedak kalaane.. (Eyaa nam dumburu paata poosiyek)

    Maa ekka yaalu wennath baeri lu.. Wena kenek ekka yaalu welath nae lu.. yaalu wenneth naethi lu.. :-( Mama ithin avurudu 4k thisse full upset eke thamaa innavaa...

    ReplyDelete
  9. කිරිගහට ඇන්න වගේ වැඩේ ගොඩ යනවා.. මං හූණා කිවුවා වගේ කියඤ්ඤං.. :)

    ReplyDelete
  10. සාමනයෙන් ගෑහනු ළමයෙක් බෑ කියන්නෙ හා කියන එකම තමා , හෑබෑයි කලාතුරකින් සමහර ළමයි ඉන්නවා බෑ කියන්නෙ බෑම තමා අපේ එකෙකුත් ඔය වෑරදියට තේරුම් අරගෙන මහන වෙන්නත් ගියා.... :D

    ReplyDelete
  11. ගඩොල් සහෝ, කුතුහලය දැනවීමේ රචනා කලාව පිළිබඳව PhD එකක් කරලා තියෙනවද? :D :D :D

    ReplyDelete
  12. ඉක්මනට දාපිය කතාව.වෙනද වගේම අදත් සුපිරි.

    ReplyDelete
  13. ගඩොල්ස්, මෙහෙම කතාවක් තිබ්බා ඉස්සර "ඉතිං ඊට පස්සෙ කියලා"
    henryblogwalker aka Dude

    ReplyDelete
  14. මරු සීරිස් එක සහ මරු බ්ලොග් එක එයියේ!ඒ ගැන කියන්න නම් වචන නෑ.මම අදයි ඉස්සඉස්සෙල්ලම බ්ලොග් ගඩොල් වලට ආවේ!ලාංකීය සින්ඩියෙන්!ඇත්තටම හරි ෂෝක්!මම නම් තාම O/L.ඒත් උ පෙ බැස්සම හයර් කරලා ම ගන්න ඕන උපදෙස් ගොඩාරියක් මේකේ තියෙනවා!මරු මරු ඈ!

    මුලු 2011 අර්චීව් එකම කියෙව්වා!පිස්සු හැදිලා ආයිත් හැදෙනව!ඊළග කොටසත් ඉක්මනට ම දාන්න අයියේ!

    ReplyDelete
  15. "මම වෙන කවුරුවත් එක්ක යාලු වෙන්නෙත් නෑ."
    ඔය කතාව මටත් කියල තියෙනවා එක්කෙනෙක්. ඔට්ටුවක් අල්ලනම් වෙඩි කාලයක් ගියේ නෑ කියල වෙන කෙනෙක් එක්ක සෙට් වෙන්න. :D

    ReplyDelete
  16. පුරු පුරු ඉතින් ඊළඟ A /L අවුරුදු දෙකම සුදු පූසිගේ පස්සෙන් ගියාලු.:)

    ReplyDelete
  17. හරි හරි ඉතින් බලන් ඉන්නවා...... වැඩේ හරි ඒ කියන්නේ.......

    මගේ ප්‍රොෆයිල් එක ඕපන් වෙන්නැතෝ. ඉතින් ඇනෝ නොනෝ......

    මම හා පැටික්කි (MS)

    ReplyDelete
  18. දැන්නම් වැ‍ට උඩ...

    ReplyDelete
  19. දෙන්නම එකම බොට්ටුවේ...

    මේ දැන් පුරුපුරුත් පිපෙට්ටුවෙන් දාන ලුණු වලට හුරු වෙලාද?

    ReplyDelete
  20. එල එල.මෙන්න සුබ පැතුම්.ඔය මතු සම්බන්ද නාට්ටිය මේ වෙනකොට පටන් අරන් ගොඩක් දුර ගිහින් ඇතිනේ?

    ReplyDelete
  21. මට මතක් උනා මගේ යාලුවෙකුට ඒ ලෙවල් කාලේ උනු වැඩක්.

    ඌත් පෙරුම් පුරලා පුරලා කෙල්ලෙක්ගෙන් ඇහුවම කෙල්ල කිව්වා කැම්පස් එන්න, එතකොට යාලු වෙන්නම් කියලා.. අරූ මාස කීපයක් යද්දි තේරුම් ගත්තා කැම්පස් යන්න වෙන්නේ නෑ කියලා.. ඉතින් ඌ වෙන කෙල්ලෙක් එක්ක යාලු වුනා.

    අන්තිමට කෙල්ල කැම්පස් ගියෙත් නෑ..

    ReplyDelete
  22. මූ මුගෙම කථාව වෙන එකෙක්ගෙ වගේ ලියන හැටි විතරක්.... :D

    ReplyDelete
  23. සුදු පූසිත් එහෙනම් ටිකක් විතර සාධාරණ පූසියක්..

    ReplyDelete
  24. සුදු පූසි බොරු කියන්නෙ නෑ

    ReplyDelete
  25. පෙන විදිහට..සුදුපුසී උඹට කැමතී බං.......

    ReplyDelete
  26. ''මම වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නැහැ '' ඒ කියන්නේ කවද හරි එයා ඉගෙන ගෙන එනකම් බලන් ඉන්න කියලයි . මොලේ ඇති සුදු පුසී . බලමුකෝ පුරු පුරුටත් මොලේ තිබ්බද කියල .

    ReplyDelete
  27. වැඩේ නැගල යයි ව‍ගේ.

    ReplyDelete
  28. තව පාරක් ඇහුවනම් හා කියාවි

    ReplyDelete
  29. වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නැ ...එ කිව්වේ ඔයා ඇරෙන්න වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නැ කියන එකමයි නේ නේද... අනේ වාසනාවන්..

    ReplyDelete
  30. නිම්ශා
    පිණිබිඳු
    ප්‍රසන්න
    බින්දි
    රාජ්
    මකරා
    චතුර
    අභීත
    මහසෙන්
    තොන්සා
    තාරක
    හසී
    දක්ෂිණ
    හාවි
    මුහුදු
    චම්මා
    ග්‍රේ
    ගැජට්
    ඩියුඩ්
    ඩිලන්ක
    නුවි
    ඇනෝ
    බුරා
    ඇනෝ 2
    ඇනෝ 3
    ප්‍රසංග
    මාධව
    සඳරු
    වයිටා
    මාලුවා
    රෙෂාන්

    හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මේ දවස් ටිකේ එග්සෑම් නිසා පට්ට බිසී එකේ ඉන්නේ. ඒ නිසා හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න බැරි වෙච්ච එකට සොරි වෙන්න හොඳේ.

    ReplyDelete
  31. නියම කතාව යාලුවා.. මම අද තමයි ඉස්සෙල්ලම මේ බ්ලොග් එකට ආවේ.කතාව මුල ඉදලම කියෙව්වා.

    ReplyDelete
  32. සීරිස් එක නම් මාර ලස්සනයි අයියා. හොඳම තැනට ඇවිත්නේ කතාව නවත්තලා තියෙන්නේ. ඊළඟ කොටස කියවන්න බලාගෙන ඉන්නවා. මට නම් හිතෙන්නේ පුරෑපුරෑ අයියට හරියන්නේ නම් සුදූපූසි ම තමයි. පස්සෙදී එයා අනිවා කැමති වෙයි...:)

    ReplyDelete
  33. කොහෙටද ඒ පාර මේක හැරුනේ

    ReplyDelete
  34. මේ කොටස කියෙව්වට පස්සේ කියවපු මාවත් කඩාගෙන වැටුනා වගේ.
    මොකෑ මේ එකපාරටම උනේ.
    මම් හිතුවේ කතාවා සුඛාන්තයක් වේවි කියලා. බැලින්නම් ශෝකාන්තයක් නේ.

    ඉතුරු කොටසත් කියවලාම එන්නම්. විභාගේ හන්දයි කියවන්න එන්න පමා උනේ.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???