ඉතිං යාලුවනේ අර බටලන්ද සිද්දියෙන් පස්සෙ තවත් දවස් කීපයක් ගතවුණාලු. සුදුපූසි කියපු විදිහටම පුරුපුරුයි රොටියායි කරපු විනාසෙ මහ ලොකු ඉෂූ එකක් වුණේ නෑ. සිද්දියෙන් පස්සෙ දවස් දෙක තුනක් යද්දි පුරුපුරුටයි රොටියාටයි ආපහු ප්‍රිෆෙක්ට් බැජ් හම්බ වුණාලු. හැබැයි ඒ දැඩි අවවාද කිරීම්, දේශන, තර්ජන, ගර්ජන ගොඩකට මේ දෙන්නාට ෆේස් කරන්න වුණාට පස්සෙ. කොහොමහරි ඉතිං අන්තිමට අප්සෙට් එක්ක නැතුව හැමදේම විසඳුනාලු.
මේ වෙද්දි අපේ පුරුපුරුයි සුදුපූසියි වෙනදාටත් වඩා ෆිට් වෙලා. විශේෂයෙන්ම පුරුපුරු කවදාවත් හිතුවෙ නෑ තමන්ට කරදරයක් වෙච්ච වෙලාවෙ සුදුපූසි මේ වගේ තමන්ව සනසවන්න ඉදිරිපත් වෙයි කියලා. ඒත් මේ වෙද්දි උදාවෙලා තිබුනෙ මේ වගේ දේවල් හිත හිතා කාලෙ නාස්ති කරන්න පුලුවන් ටයිම් එකක් නෙවෙයි. මොකද මේ කාලෙ වෙද්දි ශිෂ්‍යත්ව විභාගෙට තව දවස් කීපයයි ඉතුරු වෙලා තිබුනේ. ඉතිං පුරුපුරු, සුදුපූසි, ඉස්සා, රසිකා, රොටියා විතරක් නෙවෙයි, ඉස්කෝලෙ හැම ළමයාම හිටියේ විභාග මානසිකත්වයෙන් අඤ්ඤකොරොස් වෙලාලු.
පහ වසරෙ ඉන්න ළමයි දන්න එකම ලොකු විභාගෙ තමයි ශිෂ්‍යත්ව විභාගෙ කියන්නෙ. ඒ මදිවාට මේ විභාගෙට ළමයින්ට වඩා මහන්සි වුණේ ඒ අයගෙ අම්මලා තාත්තලා. ඉතිං මේ හේතු නිසා ඉස්කෝලෙ ළමයි අතර ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන්න තිබුනෙ ලොකු තරඟයක්. වාසනාවකට වගේ පුරුපුරුලාගෙ ගෙදරින්නං මෑන්ස්ට විභාගෙ සම්බන්දෙන් එච්චර බලපෑමක් එල්ල කළේ නෑ. ඒත් ශිෂ්‍යත්ව විභාගෙ ඉහළින් පාස් වෙන්න පුරුපුරුගෙ හිතේනං ලොකු ඕනෑකමක් තිබුනලු.
පුරුපුරුගෙ එක නෑදෑ අයියා කෙනෙක් ගියේ කුරුඳුවත්ත ඉස්කෝලෙට. ඉතිං ඔය අවුරුදු දවස්වලට එහෙම නෑදෑයො සෙට් වෙනකොට මෑන්ස්ට පුදුම පිළිගැනීමක් තිබුනෙ. මෑන්ස් ගැන කියවෙන හැම වෙලාවෙම ඒ එක්කම කියවුණේ කුරුඳුවත්ත ඉස්කෝලෙ නම. පුරුපුරුලාව සත පහකට ගනන් ගන්නෙ නැති වැඩිහිටියො පවා අර අයියා එක්ක බලෙන්ම කතා බහට ගියෙ. ඉතිං පොඩි කාලෙ ඉඳලාම අපේ පූසාට ඕනෙ වෙච්ච දෙයක් තමයි ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා කුරුඳුවත්තට හරි මරියකඩේ ඉස්කෝලෙට හරි යන්න.
ඒ හින්දා පුරුපුරු මේ දවස්වල කඩියා වගේ වැඩ කරන්න පටන් ගත්තලු. සුදුපූසිගෙ අක්කාත් මේ වෙද්දි ගියෙ අග්‍ර උපාසිකාවගෙ ඉස්කෝලෙට. ඉතිං ඒකට යන්න බලාගෙන සුදුපූසිත් මහන්සියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. ඔහොම කල් ගතවෙලා නොදැනීම ශිෂ්‍යත්ව විභාගෙ දවසත් උදාවුණේ ඇහිපිය ගහන පරක්කුවෙන්.
මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා හැම දෙනාම පුරුපුරුයි, සුදුපූසියි, ඉස්සායි, රසිකායි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතිං අපේ යාලුවො කට්ටියම හිතා ගත්තලු ශිෂ්‍යත්වෙන් තමන්ට පුලුවන් උපරිම රිසාල්ට්ස් අරගෙන ඉස්කෝලෙට ගෞරවයක් ගේනවයි කියලා. ඇත්තටම ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙන එකේ වැඩි විශේෂත්වයක් නෑ වගේ ඔයාලාට පේන්න පුලුවන්. ඒත් පුරුපුරුලාගෙ වගේ දුප්පත්, කිසිම පහසුකමක් නැති පොඩි ඉස්කෝලෙක ගුරුවරුන්ට එක ළමයෙක් හරි විභාගෙන් පාස් වෙනවා දකින එක සෑහෙන්න ලොකු ඇචීව්මන්ට් එකක්.
කොහොමහරි ඉතිං ඔය විදිහට ශිෂ්‍යත්ව විභාගෙ දවසෙ, අපේ පුරුපුරුත් කිරි කොකා වගේ සුදට සුදේ සැරසිලා ගියාලු විභාග ශාලාවට. යන ගමන් දේවගම දෙවියන්ට පඬුරක් එහෙම ගැටගහලා යන්නත් මෑන්ස්ගෙ තාත්තා අමතක කළේ නෑ. අන්තිමේදි ඉතිං අවුරුදු දෙකක් පණ බයේ බලාගෙන හිටපු ශිෂ්‍යත්ව විභාගෙ පටන් ගත්තලු.
මුලින්ම තිබුනෙ පළවෙනි පේපර් එක. අපේ පූසා ඒකටනං බොහොම හොඳට උත්තර ලිව්වලු. ඒත් මෑන්ස්ට කෙළවුණේ දෙවෙනි පේපර් එකට ලියද්දි. දෙවෙනි පේපර් එකේ බාගයක් ලියද්දි පුරුපුරුට එකපාරටම දැනුනලු මෑන්ස්ගෙ ඔලුව කැරකෙනවා වගේ. ඒ එක්කම මෑන්ස්ට දැනුනෙ තමන්ට කලන්තෙ දාගෙන එනවා වගේ. මේ වෙද්දි තව ප්‍රශ්න කීපයක් ලියන්න ඉතුරු වෙලාත් තිබුනා. ඉතිං පුරුපුරු කළේ විනාඩි දහයක් විතර ඔලුව ඩෙස්ක් එකේ තියාගෙන හිටපු එක. අන්තිමේදි පූසා ආපහු නෝමල් කන්ඩිෂන් එකට එද්දි විහාගෙ ඉවරවෙන්න ඉතුරු වෙලා තිබුනේ බොහොම ටික වෙලාවයි.
අපේ පුරුපුරු ඊටපස්සෙ කළේ පුලුවන් ප්‍රශ්න වලට උත්තර ලියාගෙන ලියාගෙන ගිය එක. දෙයියන්ගෙ පිහිටෙන් අන්තිමේදි ප්‍රශ්න දෙකක් ඇරෙන්න ඉතුරු ඒවාට උත්තර ලියන්න පූසාට පුලුවන් වුණාලු. ඒත් තමන් හිතාගෙන හිටපු විදිහට විභාගෙට ලියන්න බැරිවෙච්ච බව මෑන්ස්ට අමුතුවෙන් කියාදෙන්න ඕනෙ වුණේ නෑ. ඉතිං එදා විභාගෙ ඉවරවෙලා පුරුපුරු ගෙදර ගියේ ෆුල්ම ෆුල් අප්සෙට් එකේ.
ඊටපස්සෙ ගතවුණේ පූසාගෙ ජීවිතේ බොහොම නිහඬ මාස කීපයක්. ශිෂ්‍යත්ව විභාගෙ ඉවර නිසා ඉස්කෝලෙ වැඩවලදිත් ළමයි අතරෙ එච්චර තරඟකාරී ගතියක් තිබුනෙ නෑ. සුදුපූසි එක්කත් වෙනදා වගේම හොඳ යාලුවො විදිහට හිටියා මිසක් කිසිම විශේෂ දෙයක් වුණේ නෑ. අන්තිමේදි ඉතිං 97 අවුරුද්දෙ අවසානයත් එක්කම අපේ පූසා තමන් ඉගෙනගත්තු රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලයට බොහොම දුකෙන් සමුදුන්නලු.
ඒ කාලෙ දැන් වගේ බොහොම ඉක්මනට ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්නෙ නෑ. එක අවුරුද්දක අගෝස්තු මාසෙ විභාගෙ ලිව්වාම ඊළඟ අවුරුද්දෙ මාර්තු-අප්‍රේල් වගේ කාලෙක තමයි ප්‍රතිඵල එන්නේ. ඉතිං ජනවාරි ඉඳන් මාර්තුවල රිසාල්ට්ස් එනකං කණිෂ්ට විද්‍යාලෙ හිටපු හැම ළමයාම ගියෙ රෙදිගොඩ මහා විද්‍යාලෙට. ඒ කියන්නෙ පුරුපුරුගෙ අම්මා උගන්නපු ඉස්කෝලෙට. ඉතිං අපේ පුරුපුරු, සුදුපූසි ඇතුලු යාලුවො කට්ටිය නියමිත විදිහට හය වසරෙදි ඇතුල් වුණාලු මේ ඉස්කෝලෙට.
අපේ පූසාගෙ පූරුවෙ පිනට අලුත් පන්තියෙදි මෑන්ස්ට චාන්ස් එක ලැබුනලු ආපහු සුදුපූසි එක්ක ක්ලාස් මේට් කෙනෙක් වෙන්න. ඉතිං තව දුරටත් පහ වසරෙදි වගේ සුදුපූසි හිටපු පන්තිය දිහා හොරෙන් බල බලා මහන්සි වෙන්න මෑන්ස්ට ඕනෙ නුණේ නෑ. දැන් ආපහු ඉස්සර වගේම සුදුපූසි එක්ක හිතේ හැටියට කතා කරන්න, ආශ්‍රය කරන්න පුලුවන්. අපේ පුරුපුරුගෙ හිතට දැනුනෙ කියන්න බැරි තරමේ සතුටක්. ඒත් ඒ සතුට ඇතිවෙච්ච වේගෙන්ම නැතිවුණේ තවත් මාස කීපයකින් පස්සෙ තමන්ට සුදුපූසිගෙන් වෙන් වෙන්න වෙන බව පූසාට මතක් වෙච්ච හින්දා.
තව මාස දෙක තුනකින් ශිෂ්‍යත්ව විභාගෙ රිසාල්ට්ස් ආවම සුදුපූසි එක ඉස්කෝලෙකට යයි. පුරුපුරු තවත් ඉස්කෝලෙකට යයි. ඉස්සා, රසිකා වගේ යාලුවො තවත් ඉස්කෝල වලට යයි. මේ බව මතක් වෙද්දි පුරුපුරුගෙ පොඩි හිතට ඇතිවුණේ වචනෙන් කියන්න බැරි තරමේ වේදනාවක්. තමන්ට පොඩි කාලෙ ඉඳලා හිටපු යාලුවො ඔක්කොම මේ ශිෂ්‍යත්ව විභාගෙ හින්දා මෑන්ස්ට නැති වෙන්නයි යන්නේ.
ඉස්කෝලෙ කම්බි වැට අයිනෙ හිටපු වට්ටි අම්මාගෙන් මුරුක්කු, වෙරළු අච්චාරු කාපු හැටි, ඉස්කෝලෙ ලිස්සන බෝට්ටුව එහා පැත්තෙ ගහට නැගලා ලාවුළු ගෙඩි කඩපු හැටි, රුපියලේ අයිස් පලම්, සත පනහේ බොම්බයි මොටයි කාපු හැටි...
එළුවන් කාපු හැටි, බා බා කුකුළෝ, සම්බෝල කඩපු ඒවා, ගහගත්තු ඒවා, රිලේ දුවපු ඒවා...
තමන්ගෙ යාලුවොත් එක්ක පොඩි කලෙ ඉඳලා ගතකරපු සුන්දර අතීතයෙ මතක එකින් එක පුරුපුරුගෙ හිතට ආවෙ මෑන්ස්ටත් නොදැනීම වගේ. තවත් ටික දවසකින් ඒ අතීතෙට සම්පූර්ණයෙන්ම සමුදෙන්න අපේ පූසාට සිද්ද වෙනවා. පුරුපුරුට අන්තිමේදි ඉතුරු වෙන්නේ සුන්දර මතකයන් ටිකක් විතරයි.
ඒත් සුදුපූසි? පුරුපුරුට ඕනෙ වුණේ සුදුපූසිව සුන්දර මතකයක් විදිහට තියාගන්න නෙවෙයි. එයාව හැමදාටම තමන් ළඟින් තියාගන්න. ඒත් තව ටික දවසකින් පුරුපුරුයි සුදුපූසියි වෙන් වුණාම කොහොමද තමන් සුදුපූසිව ළඟින් තියාගන්නේ? පුරුපුරුට තේරුණාලු තමන්ගෙ හීන මාළිගා ඔක්කොම කුඩුපට්ටම් වෙලා යන්න තව වැඩි කාලයක් නෑ කියලා.
ඉතිං මේ කරුම විභාගෙ ගැන අපේ පුරුපුරුට ජම්ප් වුණේ එසේ මෙසේ ෆ්ලවර් එකක් නෙවෙයි.
ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින්...
මේක මෙගාද? අනේ මන්දා මේ පුසන්ට මාර ෆලවර් ජම්ප් විමක්නේ වෙන්නේ... :)
ReplyDeleteඔය විභාගේ නම් මහා කරුම විභාගය්ක්ම තමා..මේ මේ දැන් මේක මෙගා ටයිප් එකක් වෙන සින් එකක්තියෙන්න.හිකිස්...බලමු ඊළගට මොකද වෙන්නේ කියලා..
ReplyDeleteඒ කොටසත් ඉක්මනටම ලියන්න.
ReplyDeleteමට නම් හිතෙන්නේ පුරු පුරු විභාගේ පාස් වෙන්න ඇතී. පුරු පුරු කියන්නේ මට මල්ලි කෙනෙක් නේ. ඒ කියන්නේ බ්ලොග් ගඩොලුත් මට මල්ලි කෙනෙක් වෙනවා කියන එකද ?
අපිටත් ෆ්ලවර් ජම්ප් වෙනව අවසානෙට ඇවිත් අදත් ඉවර උනේ නෑ කියල දැනගත්තම! අනේ කොහොමින් කොහම හරි හැපිලි එවර් ආෆ්ටර් එන්ඩින් එකක තියෙනවනන් හොඳා. අනිත් එකත් ඉක්මනට දාන්ඩෝ....
ReplyDeleteඔය ඉතිං අදත් දාලනේ කොමාවක්,
ReplyDeleteමරේ මරු.ඊලග ජවනිකාවෙදිත් දෙන්න වෙන් නොවෙන පාටක් නේ තියෙන්නනේ.මොන බාධක ආවත් ලව් එක කන්ටිනියු.හොදයි හොදයි, ඊලග කොටසත් බලලා ඉම්මුකෝ.....
ReplyDelete(මොනවා වුනත් මේ එප්සොයිඩ් එකත් සිරා ඇ!....)
මේ කතාව දැන්ම ඉවර වෙන්නෙ නෑ යාලුවනේ. ඉතිං මෙගා එකක් කියලා තමයි සලකන්න වෙන්නේ. ඒත් හැම කොටසම රසවත්ව ඉදිරිපත් කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා.
ReplyDeleteමධුරංග - පුරුපුරු මල්ලිනං ඉතිං බ්ලොග් ගඩොලුත් මල්ලිම තමා සහෝ! හික්ස්...
උබලගේ මෙගා කවදාවත් අපිට එපා උනේ නෑ නේ,,ඒකනේ බන් ආපු ගමන් උබලගෙන් පෝස්ට් එකක් තියනවද බලන්නේ
ReplyDeleteආ දැන්ම ඉවර වෙන්නැද්ද . කමක් නෑ . කියවන්න දේකුත් එපෑ ... අද කොටසින් මුලු කතාවම ආයේ කියවන්න තරම් ෆිට් එකක් ආවා . අද කොටසේ අමුතු පනක් තියනවා ..
ReplyDeleteඊලඟ කොටස එනතුරු නොයිවසිල්ලෙන් ..
මරු මරු.ඊළග කොටස ඉක්මනටම ඕනේ.කතාවනම් සිරාවටම සුන්දරයි.
ReplyDeleteපොඩි කතාවක් තියෙනවා.වෙලාවක් තිබුණොත් ගිහින් බලලා හිතෙන දෙයක් කියලා එන්න.....
http://kathandaramama.blogspot.com/
(කමෙන්ට් එකකින් දැම්ම එක කරදරයක් නම් සමාවෛන්න.බැලුවේ නෑ කියලා කිසි තරහකුත් නෑ...)
ඩිලාන්
ReplyDeleteසඳරු
කතා මාමා
බොහොම ස්තුතියි යාලුවනේ. ඔයාලාගේ අදහස් මට ලොකු ශක්තියක්.
කතන්දර මාමාගේ බ්ලොග් එක මගේ ලිස්ට් එකට ඇතුලත් කළා. සමාව ඉල්ලන්න දෙයක් නෑ :)
අනේ වාසනාවන්....... ඔහොම යන් අයියේ ලියාගෙන ලියාගෙන..........
ReplyDeleteඅප්පා ඇත්තටම එදා පුරු පුරු අයියට මොකද උනේ????
පුරු පුරුව මට වඩා අවුරුදු ගානක් බාලයි නොවැ... ඔය කාලෙ මටත් තිබුනෙ ඔය ප්‍රශ්නෙමයි බන්... වෙනස තිබ්බෙ එක කෙල්ලෙක් වුනේ නැති එක විතරයි... මොකෝ පන්තියෙ කෙල්ලො ගොඩක් හිටිය... :)
ReplyDeleteඉතුරු ටිකත් ලියාගෙන යං.
ReplyDeleteමම එකක් අනිවා දන්නවා.පුරුපුරු හොදට විභාගෙ සමත් වෙලා කුරුඳුවත්ත ඉස්කෝලෙට ගියා කියලා.මගෙත් නෑදෑ වෙන අයියා කෙනෙක් ඒ ඉස්කෝලෙට ගිය හින්දා තමයි මටත් ඒ ඉස්කෝලෙට යන්න හිතුනෙ.
ReplyDeleteඊලඟඟඟඟ :D
ReplyDeleteපෝස්ට් එක දිග උනාට කතාව පොඩ්ඩයිනෙ බං...
ReplyDeleteඉතින් ඉතින් ඊට පස්සේ..?
ReplyDeleteහාවි - මොකක් වුණාද කියලා අදටත් හිතාගන්න බෑ නංගි
ReplyDeleteසාතන් - හපොයි! පොඩි කමටද මුගෙ වැඩ? හික් හික්!!
ප්‍රසන්න
චතුර
පොඩී
රෙෂාන්
ආර් එම්
බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට.
sha niyamai maru kathawa.
ReplyDeleteහොදා හොදා.........ඉතරු එකත් ඉක්මනට දාන්ඩෝ
ReplyDeleteමම මේ අද ඊයේ මේක ෆලෝ කරන්න ගත්තට අපේ දිහා ඉන්නවා යාව ජීව සාමාජිකයෙක් . එයා බොහොම කැමතියි මේ පුස් කතා වලට . ඔයාලගේ ඉස්කෝලේ අය්ය කෙනෙක් වන එයා ගේ බල කිරීමට තමයි මමත් මේ අහ එන්න පටන් ගත්තේ. මමත් ඔය සිස්සත්තේ පාස් වෙලා කොළඹට ගිය කෙනෙක් තමයි. මේ පුංචි ඉස්කෝලේ ගැන කතාව කියවනකොට මමත් හිතෙන් මගේ පුංචි ඉස්කෝලෙට ගියා . ඉතුරු ටිකත් කියන්නකෝ . හරි රසවත්
ReplyDeleteඅහවර වෙනකං කමෙන්ට් දාන්නෙ නැ කිව්වට බැනල කමෙන්ට් දාන්නෙ නෑ කිව්වෙ නෑ නෙව,
ReplyDelete&%T&#^&^T$(&|":&%$##@\~!
මහි
ReplyDeleteකණිෂ්ක
බොහොම ස්තුතියි යාලුවනේ.
නවම් - බැන්න ටික මට හොඳට තේරුනා අයියේ. හික්ස්
බින්දි - දැනගැනීම සතුටක් අක්කේ. මම හිතන්නේ ඔය කියන්නේ හස්බන්ඩා අයියා ගැන වෙන්න ඕනෙ. ෂා නියමයි. දැන් අඹුසැමියෝ එකතු වෙලා මගෙ බ්ලොග් එක කියවනවනේ. අයියාවත් මතක් කරනවා. දිගටම මේ පැත්තෙ එන්න. ස්තුතියි
මගෙත් පහේ පන්තියෙ ලාවට ක්‍රෂ් එකක් ඇති වේගෙන ආවා ලස්සන සුදු බෝල කොල්ලෙක්ට. කොහෙද ඔය සිස්සත්වෙ කියන මගුල හන්දා ඒ යකත් ගියා කොළඹ ඉස්කෝලෙකට.
ReplyDeleteඑල..එල..පුස්මලේ..අර අච්චාරු, මුරුක්කු..කාපු...අතීතෙනම්..මාර..සුන්දරයි..නෙද..මලේ...
ReplyDeleteමූල විබාගෙට වඩා අමාරුව කෙල්ල ගැන නේ බොල
ReplyDeleteමේ කොටසෙ අමුතු මෙව්ව එකක් තියෙනව බන්... නිකන් අර හිතට වදින ගතියක්
ReplyDelete