අඹ යාලුවෝ

Thursday, August 11, 2011

සුදුපූසි 5 - දුකයි සතුටයි



ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම අපේ පුරුපුරුයි, රොටියායි එකතු වෙලා පන්තිය මැද්දෙ හැදුවලු පොඩි බටලන්දක්. මේ වෙද්දි ඉස්කෝලෙ ටීචර්ලා ඔක්කොම ගුරු රැස්වීමට ගිහින්. ඒ කියන්නෙ ඉස්කෝලෙ පාලනය දැන් බාරවෙලා තියෙන්නෙ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායකයන්ට. ඉතිං අපේ පූසා කළේ පහළ ශ්‍රේණි බලාගන්න ප්‍රිෆෙක්ට් සෙට් එකක් යවලා, වැඩියෙන්ම කරදරකාර පහ වසර බලාගන්න වැඩේ තමන් ඇතුලු ඉතුරු ප්‍රිෆෙක්ට් සෙට් එකට පවරගත්ත එක.

කොහොමහරි ඉතිං වැඩි වෙලාවක් යන්න කලින් ටීචර්ලා නැති ඉස්කෝලෙ පහ වසරෙ කොල්ලො කට්ටිය යකා නටන්න ගත්තලු. සමහරු පන්තිවලින් එළියට පැනලා පිට්ටනියෙ සෙල්ලම් කරනවා. තවත් සමහරු අනිත් ළමයි එක්ක ගහගන්නවා. ගෑනු ළමයින්ගෙ පොත්වල චිත්‍ර අඳිනවා. විකාර වැඩ කෝටියයි.

ඉතිං මේ වෙලාවෙ තමයි පුරුපුරු ඇතුලු පපට් සෙට් එක ක්‍රියාත්මක වුණේ. කට්ටිය කළේ පන්තිවල තිබ්බ වේවැල් ටික අරගෙන කලින් කිව්ව වැඩවල නිරතවෙලා හිටපු මෑන්ස්ලාට දිගට හරහට සබ්බුව දීපු එක. තවම පහ වසරෙ හින්දා කොල්ලො කවුරුවත් ප්‍රිෆෙක්ට්ලාට විරුද්දව නැගී හිටියෙත් නෑ. ඊටපස්සෙ පුරුපුරුලා කළේ වේවැලෙන්වත් මට්ටු කරන්න බැරි කොල්ලන්ව බටලන්දට යවපු එක.

බටලන්ද බාරව හිටියෙ වෙන කවුරුවත් නෙවෙයි, වධකාගාරයක් හදන්න පුරුපුරුට අයිඩියා එක දාපු රොටියාමයි. ඉතිං රොටියා කළේ බටලන්දට ආපු හිරකාරයන්ට දිගට හරහට අතින් පයින් සංග්‍රහ කරපු එක. සුදුපූසි ඇතුලු ප්‍රිෆෙටියො කට්ටිය මේ සිද්දවෙන වැඩේ දිහා කට ඇරගෙන බලාගෙන හිටියලු. ඉතිං මේ මර්ධනකාරී පාලනය හමුවේ ටික වෙලාවක් යද්දි දකින්න ලැබුනේ කොල්ලො ටික කිසිම සද්දයක් නැතුව පිළිවෙලට පන්තිවල වාඩිවෙලා ඉන්න දර්ශනේලු.

දැන් ඉතිං වැඩේ හරි. දැන් ප්‍රින්සිපල් සර්ට කියන්න බෑ ඉස්කෝලෙ විනය හොඳ නෑයි කියලා. අපේ පුරුපුරුට මෙහෙම හිතුනලු. ඒත් මේ වෙද්දි අපේ රොටියා හිටියෙ ෆුල් වයලන්ට් වෙලා. මෑන්ස් කළේ බටලන්ද වට කරලා තිබුන ඩෙස්ක් වලින් එකක ලාච්චුවකට පොතක කොළ කඩලා පුරවපු එක. ඊටපස්සෙ රොටියා කළේ පන්තියෙ බුදුපහන පත්තු කරන ගිනි පෙට්ටිය අරගෙන අර ලාච්චුවට ගිනි තිබ්බ එක. මොහොතක් ගතවෙද්දි ඩෙස් එකේ තිබ්බ හිල් වලින් ලස්සනට දුම්රොටු මතුවෙන්න ගත්තෙ පන්තිය පුරා ලස්සන රටාවක් මවමින්.

ඇත්තටම පුරුපුරුටත් කිසිම උවමනාවක් තිබුනෙ නෑ මේ වැඩේ නවත්තන්න. පුරුපුරුට තිබ්බ එකම අප්සෙට් එක තමයි රොටියාට කලින් මෑන්ස්ට මේ අයිඩියා එක ආපු නැති එක. ඒත් ටික වෙලාවකින් අපේ පූසාට තරු පෙනුනෙ ලාච්චුව ඇතුලෙ තිබ්බ කඩදාසි වලට අමතරව ඩෙස්ක් එකටත් ගිනි ඇවිලිලා තියෙනවා දැක්කාම. 

ඩෙස්ක් එකට ගිනි ඇවිලිච්ච බව දැක්ක බටලන්දෙ හිරකාරයො ටික බයවෙච්ච පාර, කට්ටිය කළේ කෑ ගහගෙන බටලන්දත් කඩාගෙන දුවපු එක. පුරුපුරුත් බයවෙච්ච පාර මෑන්ස්ගෙ වතුර බෝතලේ අරගෙන අර ඩෙස්ක් එකට හැලුවලු. එතකොට මුලු පන්තියම දුමෙන් පුරවලා ගින්නනං නිමුනලු. ඒත් අපේ පූසාගෙ හිතේ අලුත් ගින්දරක් ඇවිලුනේ පන්තියෙ ටීචර් ගුරු රැස්වීම ඉවරවෙලා ඈත ආපහු එනවා දැක්කාම.

ඉතිං ඉස්කෝලෙ විනය හදන්න පුරුපුරු පටන් ගත්තු මේ සද්ක්‍රියාව ජෝන් බාස්ට යන්න ගතවුණේ බොහොම පොඩි වෙලාවක්. පන්තියෙ දුම දැක්ක ටීචර් දුවගෙන පන්තියට ආවෙ හොඳටම බයවෙලා. ඊටපස්සෙ පන්තියෙ ඉන්න කේලම්කාර කෙල්ලන්ගෙන් වෙච්ච සිද්දිය හොඳට ලුණු ඇඹුල් ඇතුව අහගන්න ටීචර්ට කිසිම අමාරුවක් වුණේ නෑ. ඊටපස්සෙ නඩුව විභාග කරපු ටීචර් ඩෙස්ක් එකක් ගිනිතිබ්බ එකටයි, පන්තියෙ වධකාගාරයක් හදපු එකටයි අපේ පුරුපුරුවයි රොටියාවයි සම්පූර්ණ වැරදිකරුවන් කළාලු. මේ වෙද්දි අහල පහළ පන්තිවල ටීචර්ලාත් මේ සිද්දිය රස විඳින්න එතනට සෙට් වෙලා.

ඊටපස්සෙ ටීචර් කළේ මුලු පහ වසරම ඉස්සරහා පුරුපුරුටයි, රොටියාටයි බරපතල වේවැල් සංග්‍රහයක් දුන්න එක. අපේ පූසාට විලි ලැජ්ජාවෙ සංතෝසේ බැරුවා! ඔක්කොම ළමයි මේ සිද්දිය බලාගෙන. ඒ ඔක්කොටම වඩා හපන්, සුදුපූසිත් මේ සිද්දිය දිහා බලාගෙන ඉන්නවා කන්න වගේ. ඒ මදිවාට රුමේෂුත් බලාගෙන ඉන්නවා හිනා වෙවී. පුරුපුරුට තමන් කරගත්තු බරපතල ගොංකම තේරුනේ මේ වෙලාවෙ තමයි.

පන්තියෙ ටීචර් පුරුපුරුලාට ගහලා නැවතුනේ නෑ. වහාම ක්‍රියාත්මක වෙන පරිදි පූසාගෙයි රොටියාගෙයි පපට් බැජ් දෙකත් ගලවා ගත්තලු. බැජ් එක ගැලෙව්වට පස්සෙනං අසරණ පුරුපුරුට දැනුනෙ පිහාටු ගලවපු බ්‍රොයිලර් කුකුළෙකුට ඇතිවෙන හැඟීමක්. බැජ් එකත් නෑ, කාඩ් එකත් කුඩු, ඒ මදිවාට සුදුපූසි තමන්ට කැමති වෙන්නෙත් නෑ දැන්නං ෂුවර් එකට.

ඒත් ඉතිං ගිය නුවණ ඇතුන් ලව්වාවත් අද්දවන්න බැරිලුනෙ. ඉතිං ඉස්කෝලෙ ඉවරවුණාම තමන්ගෙ ලට්ට ලොට්ට ටික බෑග් එකට පටවගත්තු පුරුපුරු හිමින් හිමින් ඇදුනලු ගේට්ටුව දිහාට. අපේ පූසාගෙ හීන ලෝකෙ සුදුපූසි ගැන දැකපු හීන දැන්නං ඔක්කොම චකබ්ලාස්. සුදුපූසි ආපහු කවදාවත් පුරුපුරු එක්ක කතා කරන එකක් නෑ. ඔහොම හිත හිතා ඇවිද්ද පුරුපුරු එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවෙ කවුද තමන්ට කතා කරනවා ඇහිලා.

පුරුපුරු.....පුරුපුරු.....

දෙයියනේ! බැලින්නං ඒ තමන්ට කතා කරන්නෙ සුදුපූසි. පුරුපුරුගෙ හිතට එකපාරටම දැනුනෙ ලොකු සතුටක්. ඒත් සුදුපූසි තමන්ට කතා කරන්නෙ සමහර විට බනින්න වෙන්න ඇති, එහෙමත් නැත්තං වෙච්ච සිද්දිය ගැන තමන්ව බයිට් කරන්නද දන්නෙත් නෑ. මෙහෙම හිතපු පුරුපුරුගෙ හිතෙන් අර සතුට පලායන්න ගතවුණේ එක නිමේශයක් විතරයි. පුරුපුරු කළේ හිටපු තැනම නැවතිච්ච එක. ඊටපස්සෙ සුදුපූසි පුරුපුරු ළඟට ආවලු. දැන් අපේ පූසාගෙ හාර්ට් එක හොඳටම ගැහෙනවා.

සුදුපූසි :- පුරුපුරු, ඔයාට වෙච්ච දේ මම දැක්කා.

පුරුපුරු :- හ්ම්...දැන් ඉතිං මම ඉස්කෝලේ නිකම්ම නිකං ළමයෙක් විතරයි.

සුදුපූසි :- එහෙම කියන්න එපා. ඔයාට ආපහු බැජ් එක දෙයි. ඉඳලා හිටලා ඔය වගේ වැඩ කළාට මම දන්නවා ඔයා හොඳ ළමයෙක් කියලා.

සුදුපූසිගෙ මේ වචන අහපු පුරුපුරුට එකපාරටම කරන්ට් එක වැදුනා වගේ වුණාලු. මෑන්ස්ගෙ හිතේ මේච්චර වෙලා තිබුන එක්කොම දුක් දොම්නස් ටික හිරු දුටු පිණිබිඳු වගේ වැනිෂ් වෙන්න ගියේ තත්පරෙන් අරික්කාලයි. අපේ පූසාගේ හිතට ඇතිවුණේ ලොකු ෆිට් එකක්. මෙච්චරකල් ආශ්‍රය කරලත් සුදුපූසිගෙ කටින් පුරුපුරු ගැන ඔහොම අයිඩියා එකක් පිටවුණේ පළවෙනි වතාවට. කොටින්ම දුවලා ගිහින් පන්තියෙ ටීචර්ගෙ කකුල් දෙක අල්ලලා වඳින්න තරම් ආදරයක් ඇතිවුණාලු පුරුපුරුට.

කොහොමහරි ටිකක් වෙලා කතා කරපු පුරුපුරු සුදුපූසිගෙන් සමුගත්තේ අලුත්ම පූසෙක් වගේ. සුදුපූසි කිව්වනං එච්චරයි. එයා බොරු කියන්නෙ නෑ. හැමදේම හරියයි. මෙහෙම හිතපු පුරුපුරු ගෙදර යන්න පිටත් වුණාලු. ඒ තමන් එදා උදේ ඉස්කෝලෙ ආවටත් වඩා සතුටින්. ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?

28 comments:

  1. අපරාදේ පුරු පුරුගේ බැජ් එක !!!
    සුදු පූසී කිව්වත් වගේ බැජ් එක ආයේම ලැබුනද. ඊලඟ කොටස ලියනතෙක් අවදියෙන් !!!!!

    ReplyDelete
  2. බැජ් එකට වඩා හම්බවුන වචනේ වටිනවනේ.....!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඇති ගිනි ඇවිලිලා බටලන්ද ඇත්තටම වුනේ නැතුව.. පූසි කිව්ව වගේ බැජ් එක හම්බ වෙන්න ඇති නේ..?

    ReplyDelete
  5. බැජ් එක නැති උනාට මොකද ඔය හම්බෙලා තියෙන්නෙ තෑග්ග.

    ReplyDelete
  6. මේක අද අවසානයක් වෙයි කියල හිතල බලන්න ආව මදෑ! තවත් තියෙනවලු. රොටියා රොටී පුච්චන්නෙයි අර කඩදාසි ගිනි තිව්වෙ?

    ReplyDelete
  7. අලංකාර කතාවකි....

    ReplyDelete
  8. ඉතුරු හරිය කියවනකම් ඉවසිල්ලක් නැ !!!

    ReplyDelete
  9. මධුරංග
    චතුර
    තාරක
    ආර් එම්
    මුහුදු
    ඉන්දි
    වයිට් කණ්ණාඩි

    බොහොම ස්තුතියි යාලුවනේ. පුරුපුරුට බැජ් එක ලැබුනද නැද්ද කියලා ඊළඟ කොටසින් කියන්නම්. ඉක්මනටම ඊළඟ කොටස පළ කරනවා.

    ඇත්තටම සුදුපූසිගෙ වචන ටික මට ඔක්කොටම වඩා වටිනවා.

    ReplyDelete
  10. මරු මරු. පූසගේ ලව් එක පහ වසර පැන්නට පස්සෙත් කන්ට්න්යු කරන් යනවද ? නැත්නම් අර ආදරයේ වේදනාව ද මොකද්ද එක දාලා වැඩේ ශිෂ්‍යත්ව විභාගෙන් පස්සේ චකාබ්ලාස් කරලා දානව ද?

    ReplyDelete
  11. ඉක්මනට දෙන්නෝ

    ReplyDelete
  12. හික් හික් බටලන්ද ගිනි ගනී................

    ReplyDelete
  13. ikmanata daapan mokada anik eke uneee! :) asa hithena kathawa! :)

    ReplyDelete
  14. ආදරයේ වේදනාව සිතට දැනුන යම් දවසක......

    ReplyDelete
  15. පූසො දෙක වසරෙ ඉඳන්ම වැඩ පටං අරන් තියෙන්නෙ නේද එතකොට.. පූසො ඔක්කොම එකයි.. :D

    ReplyDelete
  16. බැජ් එක කන්නද බං.. සුදුපූසි ගෙන් අර වගේ වචනයක් ඇහුවට පස්සෙ වෙන මොනාද ඕන.. :)

    ReplyDelete
  17. රොටිය ඩෙස් එක ගිනි තියපු ටික තමයි ජොලිම හරිය... :D

    ReplyDelete
  18. සුදු පූසි එක දිගට කියවන්න උනා පහු ගිය ටි‍කේ ‍‍නෙට් පැත්ත පලාතක නාව නිසා. ඉතින්....... අ‍නේ මංදා ඉ‍මේජ් ගැල‍පෙනවද කියලා..... මං කලින් එ‍කේදිම වැ‍ඩේ ‍ගොඩ කියලා හිතු‍වේ..... සිහ්..... :D

    ReplyDelete
  19. ඕකනේ කියන්නේ ''හැම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇත '' කියල

    ReplyDelete
  20. ඔය හම්බවෙලා තියෙන්නේ....මල් පොකුරු පොකුරු..

    ReplyDelete
  21. පුරුපුරුවට අපල කාලෙකුත් එක්ක අස්සෙන් හොද කාලෙකුත් ලබල වගේ...

    ReplyDelete
  22. මුංට ඒ කාලෙම ආණ්ඩු පාලනයත් බාර දුන්නනං අද ලංකාව ආසියාවේ ආස්චර්යය කරන්න තිබ්බ.

    ReplyDelete
  23. මොන උලව්වක්ද.. මේක කෑලි කඩනවන් නෙ . හි‍ටු කොරන්න.. දාන්නෙ නෑ කෙමෙන්ට් අන්තිම කෑල්ල එනකන්ම.

    ReplyDelete
  24. කතන්දර මාමා
    රෙෂාන්
    හසී
    මාධව
    ලහිරු
    ගයන්ත
    බුරා
    පොඩී
    හාවි
    බින්දි
    රාජ්
    කිඩෝ
    ප්‍රසන්න
    නවම්

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.

    හෝව් හෝව්!! නවම් අයියේ කූල් ඩවුන් වෙන්න. හික් හික්!!

    ReplyDelete
  25. ඉඳලා හිටලා ඔය වගේ වැඩ කළාට මම දන්නවා ඔයා හොඳ ළමයෙක් කියලා.

    පට්ට පට්ට,, මම ගෙදර නෙවේ මචන් ඉන්නෙ මේ ටිකෙ, අද ටමයි සෙරම කියවන්නේ

    ජය...

    ReplyDelete
  26. ආදරේ....අඩෝ කලින් පෝස්ට් එක වැඩ කරන්නේ නෑ නේ...ලින්ක් එක...

    ReplyDelete
  27. ඒ පාරනම් වැඩේ ගොඩ යාගෙන වගේ එන්නේ.... හුටා මේ පහේ නේද ? බලමුකෝ...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???