අඹ යාලුවෝ

Tuesday, August 9, 2011

සුදුපූසි 3 - පුරුපුරුට දුෂ්ටයෙක්


සුදුපූසි 1
සුදුපූසි 2

අපි කලින් ලිපිවලින් කිව්වේ අපේ පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වෙච්ච හැටි ගැන නොවැ! ඉතිං එතනින් පස්සෙ මේ දෙන්නා හිටියේ හොඳම යාලුවො විදිහටලු. හැබැයි ඉතිං කොච්චර හොඳ යාලුවො වුණත් අපේ පූසායි සුදුපූසියි අතරෙ පොඩි කෝල්ඩ් වෝර් එකකුත් නොතිබුනාම නෙවෙයි. මොකද පන්තියෙයි, ඉස්කෝලෙයි එක එක වැඩ වලදි දෙන්නාගෙන් කාටවත් ඕනෙ වුණේ නෑ අනිත් එක්කෙනාට සෙකන්ඩ් වෙන්න.

විශේෂයෙන්ම වාර විභාග වලදි පන්තියෙ පළවෙනියා වෙන්න තමයි දෙන්නාගෙම ෆයිට් එක තිබුනේ. හැබැයි ඉතිං සුදුපූසිගෙ අවාසනාවට පුරුපුරු පන්තියට ආවට පස්සෙ කවදාවත් එයාට පන්තියෙ පළවෙනි තැන ගන්න බැරිවුණාලු. ඒත් එහෙමයි කියලා පළවෙනි තැන ගන්න දියත් කරපු සුදුපූසිගෙ සටන නැවතුනෙත් නෑ. කොහොමහරි ඉතිං ඔය විදිහට හැමදාමත් පන්තියෙ පළවෙනි දෙවෙනි තැන් වෙන්වුණේ පුරුපුරුටයි සුදුපූසිටයි.

දැන් අපේ යාලුවො හිතනවා ඇති පුරුපුරු පොර ටෝක්ස් දෙනවයි කියලා. නෑ එහෙම නෙවෙයි, පුරුපුරුලා ගිය ඉස්කෝලෙ බොහොම පොඩි දුප්පත් ඉස්කෝලයක්. ඉතිං එක එක හේතු හින්දා ඉස්කෝලෙ හිටපු ගොඩක් ළමයින්ට ඉගෙනගන්න එච්චර ආසාවක්වත් උනන්දුවක්වත් තිබුනෙ නෑ. ඒ හින්දා ඉස්කෝලෙන් ඉගෙනගත්ත ගොඩක් ළමයි අන්තිමේදි නැවතුනේ එක්කො ත්‍රී වීල් පාක් එකේ, එහෙමත් නැත්තං බස් කොන්දොස්තර ජොබ් එකේ. ගෑනු ළමයෙක්නං එක්කො අඩු වයසින් කසාද බඳිනවා, එහෙමත් නැත්තං ගාමන්ට් එකක ජොබ් එකට යනවා.

හැබැයි ඉතිං ඒ පැත්තෙ තිබුන අනිත් ඉස්කෝල වලට සාපේක්ෂව හැම අවුරුද්දෙම වැඩිපුර ළමයි ගානක් ශිෂ්‍යත්ව විභාගෙ පාස් වෙලා, පුරුපුරුලාගෙ ඉස්කෝලෙ ඉඳලා හොඳ ඉස්කෝල වලට ගියාලු. ඉතිං මේ කියපු කාරනා හින්දා පුරුපුරුලාගෙ ඉස්කෝලෙ වැඩර් කෙනෙක් වෙන්න එක්සෙප්ෂනල් බ්‍රයිටෙක් වෙන්න ඕනෙකමක් තිබුනෙ නෑ.

දෙකවසරෙ වෙච්ච දේවල් හැමදේම දැන් පුරුපුරුට මතක නෑ. මෑන්ස්ට මතක මොනතරම් සිතල යුද්ද තිබුනත් හැමදාම පුරුපුරුයි සුදුපූසියි හොඳම යාලුවො වගේ හිටියා කියලා තමයි. කොහොමහරි තුන වසරෙදිත් මේ යාලුවො දෙන්නා වැටුනෙ එකම පන්තියකට. සුපුරුදු විදිහට පන්ති නායිකා තනතුර හම්බවුණේ සුදුපූසිට. ඒ වගේම පන්ති නායක තනතුර පුරුපුරුට දෙන්න පන්ති බාර ටීචර් කටයුතු කළාලු. තුන වසරෙදිත් ඉතිං පන්තියෙ පළවෙනි ස්ථාන දෙක වෙන්වුණේ අපේ පූසාටයි සුදුපූසියිටයි. ඉතිං ඒ ඇරෙන්න වෙන කියන්න තරම් විශේෂ දෙයක් ඒ අවුරුද්දෙ සිද්දවුණේ නෑලු.

හතර වසරෙදිත් ඔය කලින් කියපු තත්ත්වය වෙනස් වුණේ නෑ. ඒත් මේ අවුරුද්දෙ සුදුපූසිට පුලුවන් වුණාලු පුරුපුරුව පළවෙනි පාරට පරද්දන්න. ඒක සිද්දවුණේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ළමයින්ට පෑනෙන් ලියන්න දෙන්නේ පහ වසරට ගියාට පස්සෙ. එතකං ඒ අය පොත්වල ලියන්න ඕනෙ පැන්සලෙන්. ඒත් හැම පන්තියෙන්ම ලස්සනට අකුරු ලියන ළමයි දෙතුන් දෙනෙක්ට හතර වසරෙ ඉඳලාම පෑනෙන් ලියන්න දෙනවා. ඉතිං පුරුපුරුලා හිටපු 4-E පන්තියෙ ටීචරුත් තීරණය කළාලු ක්ලාස් එකේ ලස්සනම අත් අකුරු තියෙන ළමයි දෙන්නාට පෑනෙන් ලියන්න චාන්ස් එක දෙන්න.

අපේ පුරුපුරු හිතුවේ මෑන්ස් පන්තියෙ පළවෙනියා හින්දා ටිචර් මෑන්ස්ට පෑනෙන් ලියන්න උඩින්ම චාන්ස් එක දෙයි කියලා. ඒත් හිතපු නැති විදිහට අන්තිමට තීරණය වුණේ සුදුපූසිටයි රසිකාටයි පෑනෙන් ලියන්න චාන්ස් එක දෙන්නලු. ඒ දවස්වල පෑනෙන් ලියන්න ලැබෙනවා කියන්නෙ හරියට ආචාර්ය උපාධියක් හම්බවෙනවා වගේ ලොකු දෙයක්. ඉතිං සුදුපූසිට තමන්ට පේන්න ලස්සනට පෑනෙන් ලියද්දි අපේ පුරුපුරු මූණ රතු කරගෙන පැන්සලෙන් අකුරු ලිව්වලු.

පුරුපුරුට මුලින්ම සුදුපූසි නැති අඩුව දැනුනේ පහ වසරෙදි. මොකද ඒ අවුරුද්දෙ පුරුපුරුව වැටුනේ සුදුපූසි වැටුන පන්තියට නෙවෙයි. පුරුපුරු හිටියේ 5-A පන්තියේ. සුදුපූසි හිටියේ 5-D පන්තියේ. පහ වසර ග්‍රේඩ් එකේ A,B,C සහ D කියන පන්ති හතරම තිබුනේ එකම ගොඩනැගිල්ලක. අනිත් පන්තිය තිබුනේ වෙන බිල්ඩින් එකක. ඉතිං පුරුපුරුයි සුදුපූසියි හිටියෙ අර කලින් කියපු බිල්ඩින් එකේ කොන් දෙකේ තිබුන පන්තිවලලු.

හැබැයි ඉතිං ඉස්කෝලෙ දුප්පත් නිසා පන්ති අතරෙ පාටිෂන් කරන්න තරම් ආර්ථික ශක්තියක් ඉස්කෝලෙට තිබුනෙ නෑ. ඒ හින්දා හැම පන්තියකම හිටපු ළමයින්ට ඒ බිල්ඩින් එකේ අනිත් හැම පන්තියමත් පේනවලු. පුරුපුරුනං ඉතිං මේ ගැන සෑහෙන සතුටින් හිටියෙ. මොකද මෑන්ස්ට යන්තම් හරි සුදුපූසිව පෙනුනෙ මේ හේතුව හින්දා. 
 
කොහොමහරි මේ අවුරුද්ද අපේ පුරුපුරුට බොහොම වැදගත් අවුරුද්දක් වුණාලු. මෑන්ස් ගිය ඉස්කෝලෙ ඔය ප්‍රධාන ශිෂ්‍ය නායක, එහෙමත් නැත්තං හෙඩ් පපට් තනතුරු දෙකක් තිබුනලු. ඒ තමයි පිරිමි සහ ගැහැනු හෙඩ් පපට් තනතුරු දෙක. ඉතිං මේ තනතුරු වලට පත්වෙන්නේ ඉස්කෝලෙ ඉන්න සීනියර්ම අවුරුද්දෙ ළමයි වෙන පහ වසරේ කට්ටිය. 1997 අවුරුද්දෙදි ඔය පිරිමි ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හම්බවුණේ අපේ පුරුපුරුට. ඒ වගේම ගෑනු ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර හම්බවුණේ සුදුපූසිට. ඉතිං මේ තනතුර ලැබිච්ච එක අපේ පූසාගේ හිතට සෑහෙන සතුටක් ඇති කළාලු. ඒ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, සුදුපූසිත් එක්ක වැඩිපුර කතාබහ කරන්න, වැඩිපුර කල් ගතකරන්න ඒ තනතුර හින්දා මෑන්ස්ට පුලුවන් වෙන නිසා.

ඇත්තටම හෙඩ් ප්‍රිෆෙක්ට් තනතුර වෙනුවෙන් වැඩි වැඩක් කරන්න පුරුපුරුට තිබුනේ නෑ. තිබුන ප්‍රධානම වැඩේ වුණේ උදේ ඉස්කෝලෙ පටන් ගන්නකොටයි, පීරියඩ් අතරෙයි, හවස ඉස්කෝලෙ ඉවර වෙනකොටයි සීනුව ගහන එක. ඒ ඇරෙන්න අවේලාවෙ පිට්ටනියෙ සෙල්ලං කරන ළමයින්ව අල්ලන්නයි, අනිත් ප්‍රිෆෙක්ට්ලාගෙ වැඩ හොයලා බලන්නයි තමයි මෑන්ස්ට ප්‍රධාන වශයෙන් නියමිත වෙලා තිබුනෙ. සුදුපූසිට තිබුනෙ ගෑනු ළමයින්ගෙ වැඩ කටයුතු බලාගන්න. ඒ ඇරෙන්න අනිත් ශිෂ්‍ය නායකයන්ටයි, නායිකාවන්ටයි තමයි අමාරුම වැඩේ පැවරුණේ. ඒ තමයි තමන්ට බාරදෙන පන්තියක්, පන්තියෙ ටීචර් නැති දවස්වලට බලාගන්න එක.

ඉතිං මේ ශිෂ්‍ය නායක වැඩ කරද්දි තමයි පුරුපුරුට සුදුපූසිත් එක්ක කතා කරන්න ගොඩක්ම චාන්ස් එක හම්බවුණේ. ඊට අමතරව මේ දෙන්නා ඉස්කෝලෙ සිංහල සාහිත්‍ය සමිතියෙ, බොද්ධ සමිතියෙ එහෙමත් බැහැලා වැඩ කළාලු. ඉතිං මේ වෙද්දිනං අපේ පූසාගෙ හිතේ සුදුපූසි ගැන තිබුන අර මොකද්ද අමුතුම හැඟීම ෆුල් ලව් එකක් බවට පත්වෙලාලු තිබුනේ. ඒත් සුදුපූසිගෙ හිතේනං පූසා ගැන යාලුකමට එහා ගිය වෙන හැඟීමක් තිබුනේ නෑලු. ඉතිං පුරුපුරු ෆුල් අප්සෙට් එකේලු හිටියේ තමන්ගෙ හිතේ තියෙන දේ සුදුපූසිට ඒත්තු ගන්නන්න බැරුව.

ඔය අතරෙ තමයි සුදුපූසිගෙ පන්තියෙම හිටපු රුමේෂ් කියන වසවර්ති කොල්ලා සුදුපූසිට පැනිය දානවා කියලා කතාවක් පුරුපුරුට ආරංචි වුණේ. ඒ ආරංචිය අහපු වෙලාවේ ඉඳන් අපේ පූසගෙ පපුව ඔම්ලට් දාන්න පුලුවන් ගානට රත්වෙලාලු තිබුනේ. ඒ අතරෙ සිද්දිය තවත් දුරදිග ගියෙ රුමේෂ් සුදුපූසිට දෙන්න චොක්ලට් එකක් ඉස්කෝලෙට ගෙනත් කියන ආරංචිය පුරුපුරුට ආවාමයි.

රුමේෂ් කියන්නෙ ඉස්සර ඉඳන්ම පුරුපුරු එක්ක ඇරියස් පිට හිටපු කොල්ලෙක්. මෑන්ස් නොම්මර එකේ වසවර්තියෙක්. ඇඟෙනුත් හතේ අටේ ළමයෙක් විතර ලොකුයි. ගුරුවරු කියන දේ සත පහකට ගනන් ගන්නෙත් නෑ. කොටින්ම ඉස්කෝලෙ මොකක්හරි අණ්ඩපාල වැඩක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ සම්බන්දෙන් කියවෙන නමක් තමයි රුමේෂ්. ඒ වගේම රුමේෂ් එක්ක තවත් ඒ වගේම නොටෝරියස් ඩයල් ටිකක් නිතරම ගැවසුනා. ඉතිං ඉස්කෝලෙ විනය සම්බන්ද ප්‍රශ්න වලදි පුරුපුරුට නිතරම රුමේෂ් එක්ක ගැටලු ඇතිකරගන්න සිද්ද වුණාලු.

රුමේෂුත් ඉතිං හිටියෙ කොයි වෙලාවෙ හරි පුරුපුරුට හොඳ ගේමක් දෙන්න හිතාගෙන. ඒත් ඉස්කෝලෙ හෙඩ් පපට්ට ගහන එක එච්චරම නුවණට හුරු දෙයක් නෙවෙයි කියලා රුමේෂ් තේරුම් අරගෙන හිටපු හින්දා පුරුපුරුට මෑන්ස්ගෙන් බේරිලා ඉන්න පුලුවන් වුණාලු. ඒත් දැන් ඇතිවෙලා තියෙන්නෙ තනතුර පැත්තකට දාලා මෑන් ටු මෑන් ප්‍රශ්න විසඳන්න වෙන අවස්ථාවක්. ඉතිං අන්තිමේදි පුරුපුරු තීරණය කළාලු කෙලින්ම ගිහින් ෆේස් ටු ෆේස් රුමේෂ් එක්ක ටෝකක් දාන්න.

ඉතිං ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

25 comments:

  1. පහ වසරෙදි ලව් කරන්න? මුන් නං කොල්ලො නෙවෙයි කොලු තාත්තල!. හැබැයි ඉතින් මටත් 5 දී ඔය හා සමාන වැඩක් උනා. ලියන්ඩ ඕනේ එක ගැන වෙලාවක !

    ReplyDelete
  2. සත්‍ය ප්‍රේමෙට කොහින්ද බාධා නැත්තේ නේ.. හොඳ වෙලාවට පුරුපුරුගේ ආදර අන්දරය මැද්දට දුෂ්ටයෙක් ආවේ.. එහෙම වුනේ නැත්තම් ඒකේ කිසිම මෙව්වා එකක් නැතිව යනවා...නැද්ද මං අහන්නේ.. :)

    ReplyDelete
  3. අපෝ බං පහේදී මට නම් ආදර හැඟීමක් ඇති වුනේ පූසෝ බල්ලෝ , මාලු වගේ සතුන්ට විතරයි . ඒකටත් එක්ක මුං . පොඩි වයසෙම මෙහෙම නම් දැන් මුං කොහොමෙට ඇද්ද ?

    බලමු මේ ලවු එකට මොකෑ වුනේ කියලා .

    ReplyDelete
  4. යකෝ මුන් කුපාඩි පූසොනෙ... මේ පොඩි කමට මම වගේ ඉන්න එපැයි.. මම පහවසරෙදි වෑන් එකෙ ගිය හත වසරෙ කෙල්ලෙක්ට ලිවුව්මක් දුන්නා.. මෙන්න මේකි ඊට ටපස්සෙන්ද මට ඒකෙ තියෙන අකුරුවල වැරදි අඩුපාඩු කියල දෙනවා... මම හැලුව වතුර බෝතලේ ඔලුවට... ලවු එක හබක්... අන්න එහෙම පොඩි කමට ඉදපල්ලා...

    ReplyDelete
  5. හික්ස් මටට්ත් ඔහොම හැගීමක් ඇති උනා,,සික් ඒක කියා ගන්න බැරි උනා..

    ReplyDelete
  6. මේක නම් මරුකතාව , අර සඳරු කිව්ව වගේ මටත් පහේදි ආදරයක් ඇති වුනේ ගෙදර කට්ටියටයි ඒ ඇරෙන්න බල්ලටයි පූසටයි මාළු ටැන්කියටයි..

    ReplyDelete
  7. පුරුපුරු ගුටි කෑවේ එහෙම නෑ නේද...?

    ReplyDelete
  8. ඉතුරු ටිකත් ඉක්මාටම ලියන්න.
    පුරු පුරුලෑ පැත්තේ වගේ තමයි අපේ ගමේත්. අඩු වයසින් කෙල්ලෙ කසාද බදිනවා. ඒ නිසා ගමේ කෙල්ලෙක්ව බේතකටවත් හොයා ගන්න නෑ.

    ReplyDelete
  9. පූස් මලේ ඔකට මොලෙන් ගෙමක් දීපං.....
    උබේ ආදර කතාවට ජයවේවා.............

    ReplyDelete
  10. මෙතෙක් සුන්දරව ගලාගිය ආදර කතාවේ අති භයානක අවස්තා ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  11. මගෙ අවුරුදු "එකොලහකින්" ඉවර උන ලවු ඉස්ටෝරිය පටංගත්තෙ මම හත වසරෙ ඉද්දි . . . . කෙල්ල පහ වසරෙ ඉද්දි . . . . .

    ReplyDelete
  12. ඔන්න මේකත් හින්දි පිල්ම් එකක් වේගෙන එනවා

    ReplyDelete
  13. //ගොඩක් ළමයි අන්තිමේදි නැවතුනේ එක්කො ත්‍රී වීල් පාක් එකේ//

    නාලන්දෙ ගාව තියෙන ත්‍රීවීල් පාක් එකේ වැඩිපුරම ඉන්නෙත් ඒකට ගියපු එවුන් තමා.


    ඊලඟ කොටසෙන් මහා කෑමක් සුදුපූසිගේ මැදිහත්වීමෙන් වලකී. !!

    ReplyDelete
  14. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ අපිට මේකෙ අවසානයක් බලාගන්න

    ReplyDelete
  15. ඊගාව කොටසෙ පුරු පුරු දෙන්න ඇති අරූට කන කීන් ගාන්න.. එල එල ජයවේවා..

    ReplyDelete
  16. sha puru puru mara wadakarayane...hamadama panitiye ekath welaaa...hama dama puru puru tama weerayaaa onna hama katawema..,,itin puru puru amaraneeya manussayek kiyala tama mata terunee me kata hama ekama kiyauwama....man hitanne eka tama saranshaya....

    ReplyDelete
  17. මේක මේ පොඩි උන් ට වෙච්චි එකක්ද කියන්න ත් බැහැ..හේ..හෙ..

    ReplyDelete
  18. මුහුදු
    පුතා
    සඳරු
    පොඩි මෑන්
    ඩිලාන්
    චතුර
    ප්‍රසන්න
    මධුරංග
    රාජ්
    ප්‍රසන්න
    ඕනයා
    ප්‍රසංග
    නවම්
    ආර් එම්
    සිංහයා
    නිම්ශා

    බොහොම ස්තුතියි යාලුවනේ. බලාගෙන ගියාම පහ වසරෙදි ආදර සිතුවිලි ඇතිවෙච්ච තවත් කට්ටිය ඉන්නවා නොවැ! හැබැයි සමහර කට්ටියටනං ගෑනු ළමයි පෙන්නන්න බැරුවයි ඉඳලා තියෙන්නෙ. හික් හික්!!

    ReplyDelete
  19. ඇනෝ

    පුරුපුරු පන්තියෙ පළවෙනියා වුණාට පොරක් නෙවෙයි කියලා මේ කතාවෙම කියලා තියෙනවනෙ යාලුවා. ඇරත් ඔයා බ්ලොග් ගඩොල් දිගටම කියවපු කෙනෙක්නං හොඳටම දන්නවා ඇති මේ කතාවලින් සියේට අනූවක් විතර තියෙන්නෙ පුරුපුරුට සහ අනිත් පූසන්ට වෙච්ච ඇබැද්දි ගැන. ඒ කියන්නෙ පොර නෙවෙයි, පූසන්ව චාටර් කරලයි ගොඩක් වෙලාවට තියෙන්නෙ.

    මම පොර කියලා කියාගන්න තරම් මානසික ප්‍රශ්නයක් මට නැහැ. කොමෙන්ට් එකට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  20. සෝක් ඉස්ටෝරිය! ඊළග කොටස ඉක්මනටම ඕනේ හොදේ!

    ReplyDelete
  21. ‍@බ්ලොග් ගඩොල් ,කෙලින් කතා කරන්න බැරි ඇනොනිමස් කාරයෙක් මේකටත් හොද කතන්දරයක් දාලා නේද? ඕකුන්ට හොද රිප්ලයි එකක් දීලා පෝස්ට් එකක් ලියන්න.නැත්නම් ඕවා මහ කරදර වෙනවා.

    ReplyDelete
  22. අහ් පුරුපුරුවට හොද හෝටලේකින් කන්නවෙලා කතාව ඉවරවෙයිද නැත්තං පූසයි අරුයි ‍බොක්කවල් වෙලා කතාව ඉවරවෙයිද....

    ReplyDelete
  23. කතන්දර මාමා - බොහොම ස්තුතියි සහෝ. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ගඩොල් වලට.

    ඇනෝ කෙනෙක් වෙනුවෙන් වෙනම පෝස්ට් එකක් ලියන එක තේරුමක් නැති වැඩක්. අනික එයා කුණුහරප වචන පාවිච්චි කරල නැති නිසා ඒ කොමෙන්ට් එක ඔහොම තිබුනාවෙ.

    කිඩෝ - හික් හික්!! ඔන්න 4 වෙනි කොටස දැම්මා. ගිහින් බලන්නකෝ

    ReplyDelete
  24. නොදකින්...තොපි තාම පහ වසරේ නේද...යකෝ කෙල්ලෝ එක්ක යාලු වෙන්න පැනි හලන වයසක්ද ඕක

    ReplyDelete
  25. උබ ඔය කියන ස්කෝලෙ තත්වෙ මට තේරෙනවා... මොකද මාත් ගියේ ඔහොම ස්කෝලෙකට 5 වසර වෙනකල්...

    යකෝ මට තිබ්බෙ පොඩි පොඩි ක්‍රශ්... එව්ව නම් ඔය හිතේ තිබිල පර වුන.. ඒකට මුබ්න් බලපන්කෝ... නැහදිචිචි එව්වො... හික් හික්... අඩෙ පට්ට බන් මැවිල පේනවා

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???