අඹ යාලුවෝ

Wednesday, August 3, 2011

සුදු පූසි

ඔන්න යාලුවනේ ආපහු ටික දවසකට පස්සෙ මම ගඩොල් අදින්න සෙට් වුණා. අර දේවගම සීරීස් එකේ ලියන්න හිටපු අන්තිම කොටස වෙනම කතාවක් විදිහට පස්සෙ දවසක ලියන්න තමයි මගෙ කල්පනාව. මොකද ඒ කොටස අනිත් කොටස් හතරට එච්චරම සම්බන්ධයක් නෑ.

මෙච්චර දවස් අපි බ්ලොග් ගඩොල් වලින් ඔයාලාට ප්‍රධාන ලව් ස්ටෝරීස් (සහ බූට් ස්ටෝරීස්) කීපයක්ම කියලා තියෙනවා.


මේ හැම සීරීස් එකටම ඔයාලා ගොඩක් ආස වුණා නොවැ! ඉතිං අද ඉඳන් මම ලෑස්ති වෙන්නේ අපේ පස්වෙනි සීරීස් එකත් පටන් ගන්න. වැඩි කතා ඕනෙ නෑ! කෙලින්ම කතාවට බහිමුකො නේද?


අපි දැන් කෙලින්ම යන්නෙ 1994 අවුරුද්දට. මේ වෙද්දි අපේ පුරුපුරුට වයස යන්තං අවුරුදු හතක් විතරයි. ඒ කියන්නෙ මෑන්ස් හරිනං ඉන්න ඕනෙ 2 වසරෙ. ඒත් පුරුපුරු මේ වෙද්දි හිටියෙ ඉස්කෝලෙ තුනේ පන්තියෙලු. මොකද, පුරුපුරුගෙ දෙමව්පියො මෑන්ස්ව ඉස්කෝලෙට ඇතුල් කරලා තියෙන්නෙ අවුරුදු පහේදි. ඉතිං සම්පූර්ණ අවුරුදු දෙකක් තිස්සෙම අපේ පූසාට ඉන්න වුණේ මෑන්ස්ට වඩා අවුරුද්දක් වැඩිමල් ළමයි සෙට් එකක් එක්ක.

තමන්ට වඩා අවුරුද්දක් වැඩිමල් වුණත් පුරුපුරු මේ ළමයි එක්ක හිටියෙ හරිම විනෝදෙන් සහ සතුටින්. ඒ ළමයිනුත් අපේ පූසාට සැලකුවෙ තමන්ගෙම වයසෙ ළමයෙකුට වගේ. ඒත් අන්තිමට පුරුපුරුගෙ මේ සතුටට කණකොකා හඬන ආරංචියක් ආවෙ අපේ යාලුවො කට්ටිය 3 වසරට ගිහින් දවස් දෙක තුනක් යද්දිලු. ආරංචියෙ හැටියට පුරුපුරුව අවුරුද්දක් පහළ පන්තියට දාන්න ඉස්කෝලෙන් තීරණය කරලා.

ඇත්තටම වැඩිමල් පන්තියක හිටියා කියලා පුරුපුරුට ඉස්කෝලෙ උගන්නපු දේවල් නොතේරුනා නෙවෙයි. ඒත් වැඩිහිටියො කිව්වෙනං අඩු වයසින් ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න දෙන්නෙ නැති හින්දා අපේ පූසා තමන්ට නියමිත වසරට යන එක හොඳයි කියලා. කොහොමහරි ඉතිං අන්තිමට පුරුපුරුට සිද්දවුණාලු තමන්ගෙ යහලු යෙහෙළියන්ට ගුඩ් බායි කියලා, තමන්ගෙම වයසෙ තමන් නොදන්න ළමයි ටිකක් ඉන්න පන්තියකට යන්න.

පුරුපුරුලාගෙ ගෙවල් පූස්ගම තිබුනට ඒගොල්ලො මේ කාලෙ පදිංචි වෙලා හිටියෙ රෙදිගොඩ කියන ගමේලු. රෙදිගොඩ කියන්නෙ දේවගම ඉඳලා කොළඹ පැත්තට කැළණි ගඟ දිගේම එද්දි හම්බවෙන ලස්සන ගමක්. පුරුපුරුලාට රෙදිගොඩට එන්න සිද්දවුණේ  මෑන්ස්ගෙ තාත්තා රෙදිගොඩ තිබුන රෙදි කම්හලේ වැඩ කරපු හින්දා. ඉතිං පූස් ෆැමිලි එකට පදිංචියට කම්හලේම නිල නිවාස හම්බවෙලා තිබුනලු. රෙදිගොඩ හිටපු හින්දා අපේ පූසා ඉස්කෝලෙ ගියෙ රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙටලු. පුරුපුරුගෙ අම්මා ඉගැන්නුවෙ ඊට ටිකක් එහායින් තියෙන රෙදිගොඩ මහා විද්‍යාලෙලු.

කොහොමහරි ඉතිං අපේ පූසා තුන වසරෙ හිටපු තමන්ගෙ යාලුවන්ගෙන් බොහොම දුකින් සමු අරගෙන දෙක වසරෙ පන්තියට යන්න පිටත් වුණාලු. තඩි බෑග් එකකුත් උස්සගෙන පුරුපුරු මේ යන්නෙ තමන්ට යන්න නියමිත වෙච්ච 2-A පන්තියට. අන්තිමට පූසා මේ 2-A පන්තියට ආවත් කිසිම ගුරුවරයෙක් පන්තිය ඇතුලෙ පේන්න හිටියෙ නෑ. හිටියෙ කෑ ගගහා දඟල දඟල හිටපු කොල්ලො කෙල්ලො සෙට් එකක් විතරයි. ඉතිං පුරුපුරු තීරණය කළාලු පන්තිය ඇතුලට ගිහින් වාඩිවෙන්න.

පන්තියෙ ළමයින්ට වාඩිවෙන්න ඉඩ හදලා තිබුනෙ කණ්ඩායම් විදිහට. ඩෙස් කීපයක් එකතු කරලා, ඒවා වටේ පුටු තියලා තමයි මේ හැම ගෘෘප් එකක්ම හදලා තිබුනේ. ඉතිං අපේ පූසාගේ ඇස්වලට අහුවුණාලු මේ එක ගෘෘප් එකක බෑග් එකක් නොඑල්ලපු හිස් පුටුවක් තියෙනවයි කියලා. ඊටපස්සෙ මෑන්ස් කළේ තමන්ගෙ බෑග් එක ඒ හිස් පුටුවෙ එල්ලලා ඒකෙ වාඩිවෙච්ච එක.

ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි ක්ලාස් එකේ ළමයි සෙට් එකට මීටර් වුණේ තමන්ගෙ පන්තියට අමුත්තෙක් ඇවිත් ඉන්න බව. ඉතිං පන්තියෙ කොල්ලො කෙල්ලො බොහොම සෝදිසියෙන් බැලුවලු කවුද මේ ඇවිත් ඉන්න අලුත් ඩයල් එක කියලා. කොටින්ම ටික වෙලාවක් යද්දි මුලු ක්ලාස් එකම සද්ද බද්ද නවත්තලා පුරුපුරු දිහා කන්න වගේ බලාගෙනයි හිටියේ. ඒත් මෑන්ස් එක්ක ඇවිත් ටෝකක් දාන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑලු.

පුරුපුරුත් ඉතිං මේ ළමයින්ගෙ විකාර එච්චර ගණන් ගත්තෙ නෑලු. ඇරත් ඉතිං මෑන්ස් මෙච්චර දවසක් මේ කට්ටියගෙ සීනියර් කෙනෙක් විදිහට නොවැ හිටියෙ! අන්තිමට මේ නිහඬතාවය බින්දෙ පුරුපුරු ළඟට ආපු එක කොල්ලෙක්.

කොල්ලා :- ඔයා අලුතින්ද අපේ පන්තියට ආවෙ? මොකද්ද ඔයාගෙ නම?

පුරුපුරු :- මගෙ නම පුරුපුරු. ඔයාගෙ නම මොකද්ද?

කොල්ලා :- මගෙ නම ඉස්සා.

ඔය විදිහට තමයිලු අදටත් නොබිඳී තියෙන යාලුකමක් පටන් ගත්තේ. ඉතිං ඔය විදිහට පුරුපුරුයි ඉස්සායි කතා කර කර ඉන්නකොට තමයි පුරුපුරුට මීටර් වුණේ තවත් කවුරුහරි තමන් ළඟට ඇවිත් ඉන්නවයි කියලා. ඉතිං ඒ කවුද කියලා දැනගන්න අපේ පූසා කළේ ආපහු හැරිලා පිටිපස්ස බලපු එක. එතකොට තමයි පුරුපුරු, තමන්ගෙ ජීවිතේටම අමතක කරන්න බැරි ලස්සනම ලස්සන දර්ශනයක් දැක්කෙ.

පුරුපුරු ගාව හිටියෙ හරිම ලස්සන ගෑනු ළමයෙක්. මුලු ඉස්කෝලෙ තියා තමන්ගෙ මුලු ජීවිතේටමවත් අපේ පූසා එච්චර ලස්සන ගෑනු ළමයෙක් දැකලා තිබුනෙ නෑ. මේ ළමයාගෙ ලස්සන විතරක් නෙවෙයි, තව විස්තර කරන්න අමාරු අමුතුම විශේෂත්වයක් තිබුනා. සාමාන්‍යෙයන් කියන විදිහට ඒ වයසෙදි තමන්ගෙ විරුද්ධ ලිංගිකයන්ව ළමයින්ට පෙන්නන්න බෑලු. දෙයියන්ගෙ පිහිටෙන් පුරුපුරුටනං එහෙම අප්සෙට් කේස් එකක් තිබුනෙ නෑ. ඒත් මේ ගෑනු ළමයා දැක්කාමනං අපේ පුරුපුරුගෙ පූස් මොළේ මැදින් වෝල්ට් තිස්තුන්දාහක කරන්ට් එකක් ගියාලු.

ඇත්තටම ඒ ආපු හැඟීම විස්තර කරන්න පුරුපුරුට අදටත් හරියටම තේරෙන්නෙ නෑ. ඒත් ඒ හැඟීම තමන්ට මෙච්චර කාලෙකට කවදාවත් ඇති නොවිච්ච, දරාගන්න අමාරු, ලේසියෙන් ඇති නොවෙන හැඟීමක් කියලා තේරුම් ගන්නනං මෑන්ස්ගෙ අවුරුදු හතක මොළේට වුණත් කිසිම අමාරුවක් තිබුනෙ නෑලු.

අපේ පූසා ඒ ගෑනු ළමයා දිහා බයවෙලා වගේ බලාගෙන හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. ඒත් මෑන්ස්ගෙ හීන ලෝකෙ එක පාරටම බිඳිලා ගියේ ගෑනු ළමයා කතා කරන්න ගත්තාට පස්සෙ.

ගෑනු ළමයා :- ඔයා කවුද?

පුරුපුරු :- මම පුරුපුරු. ඔයා කවුද?

ගෑනු ළමයා :- මම තමයි මේ පන්තියෙ පන්ති නායිකාව. ඔයා කාගෙන් අවසර අරගෙනද මේ පන්තියට ආවෙ?

පුරුපුරු :- මට එන්න කියලා තිබුනෙ මේ පන්තියට තමයි. ටීචර් කෙනෙක් පන්තියෙ හිටපු නැති හින්දා තමයි මම ඇතුලට ආවෙ.

ගෑනු ළමයා :- නෑ නෑ!! මට ටීචර් කියලා තියෙන්නෙ පිට ළමයින්ව පන්තියට ගන්න එපා කියලා. ඔයා දැන්ම එළියට යන්න.

දැන් මේ ගෑනු ළමයා අපේ පූසාට මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකක් වගේ වාග් ප්‍රහාර දීගෙන දීගෙන යනවා. පුරුපුරු දැන් කෙලින්ම චකබ්ලාස් වෙලයි ඉන්නේ.

පුරුපුරු :- මම මොකටද එළියට යන්නේ? ඔයාට ඕනෙනං යන්න.

ගෑනු ළමයා :- මොනවා? ඔයා අලුතින් ඇවිත් පන්ති නායිකාව එළියට දාන්න? ඔයා හිතුවා මදි. ඔයා දැන්ම ගියෙ නැත්තං මම ප්‍රින්සිපල් සර්ව එක්කගෙන එනවා.

ඉස්කෝලෙ මොන තදයා වුණත් ප්‍රින්සිපල් සර්ගෙ නම කිව්වට පස්සෙ පණ බයයි. ඉතිං පුරුපුරු අන්තිමට පත්වුණේ සෑහෙන්න අසරණ තත්ත්වයකට. මෑන්ස් සම්පූර්ණයෙන් තනිවෙලා. මේ පන්තියෙ ඉන්න ළමයින්ව පුරුපුරු දන්නෙත් නෑ. ඒ මදිවාට හිටු කියලා අර කෙල්ලගෙ මල්ටි බැරල් ප්‍රහාර එල්ලවෙනවා. අන්තිමට ඉතිං බෑග් එකත් අරගෙන එලියට යෑම ඇරෙන්න අපේ පූසාට වෙන කිසිම විකල්පයක් තිබුනෙ නෑලු. 

ටික වෙලාවකින් පන්තියෙ ළමයින්ට දකින්න ලැබුනෙ ඇස්වල කඳුලු පුරෝගෙන, තඩි බෑග් එකත් උස්සගෙන, පන්තියෙ දොර ළඟ හිටගෙන හිටපු පුරුපුරුව. ඉතිං ඊට පස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

39 comments:

  1. අයියෝ පුරුපුරු...!
    6, 7 ‍ඉද්දි වගේ ඔහොම උනානම් කෙල්ල ඉඳල ඉවරයි

    ReplyDelete
  2. අනේ අම්මප! දෙහි ගෙඩි දෙකක් උස යන්නත් කලින් මුන් ගෙ මනමාලකම! අපි නං ඔය වයසෙදි හිටියෙ බෝ පැල වගේ! හික්. ඉක්මනට ඊළඟ එකත් දාන්ට.

    ReplyDelete
  3. රෙදිගොඩට දැන් අර ආණ්ඩුවේ තියෙන සේරම සල්ලි එකතු කරලා දාලා තියෙන මහා..ත පාලමෙන් ආවම අපේ අම්මලාගේ ගමට එන්න පුළුවන්, තවත් දන්න කියන කස්ටිය ඉන්නව රෙදිගොඩ පහු කරන් එනකොට තියෙන පුළුන්ගොඩ පැත්තේ එහෙම.. යකෝ වයසෙ හැටියට නෙවෙයි පූසගේ වැඩ..

    ReplyDelete
  4. අනේ පවු පුරු පුරු ඔය කිව්ව ගමේ නියම නමනම් මම දන්නවා

    ReplyDelete
  5. ලව් ඇට් ෆස්ට් සයිට් ඈ... සෙල්ලම් නෑ

    ReplyDelete
  6. පවු බං අහිංසකයා...

    ReplyDelete
  7. අයියෝ........ නෝටි කෙල්ලෙක්!

    ReplyDelete
  8. අම්මෝ !!!
    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්න. රෙදි ගොඩවල් දෙකක් ගම්පහ දිස‍්ත්‍රික්කයට තියෙනවා. මට හිතෙන්නේ මේක බියගම පැත්තේ තියෙන එකද මන්දා !!!!

    ReplyDelete
  9. යකෝ.... දෙක වසෙරදි.....? මුන් නෙව දවසකටවත් ළමයි. ඒ ආපු ගැම්මට දිගටම ආවනං පුරුපුරුව මී මුත්තා කෙනෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
  10. තවත් ලව් ස්ටෝරියක් වගෙයි.. ඔහොම යං....

    ReplyDelete
  11. යකෝ උබේ මෙමරි එක එළනේ... මට නම් 2 වසරේ මතකයක්වත් නෑ නොවැ බන්... හැබෑටම 2 නම් මෙමරි නිල්. එක ගැන නම් ලාවට මතකයි...

    ReplyDelete
  12. මටත් ලා මතකයක් තියෙන්නේ,,හැබැයි මම නම් කෙල්ලෙක් එක්ක කතා කලෙත් නෑ ඔය කාලෙදී

    ReplyDelete
  13. තාරක - හික් හික්!! ඒකනං සහතික ඇත්ත මචෝ!

    මුහුදු - නෑ නෑ!! දෙහි ගෙඩි තුනක් විතර උස තිබ්බා

    චතුර - ඒ කියන්නේ ජැක්ගමද? අපෝ! මටත් ඔය පාලම දැක්කාම හිතුනා අපරාදෙ මේක හැදුවෙ කියලා.

    ශානු - හික්ස්! ශානුත් ඒ පැත්තෙද?

    ReplyDelete
  14. පිනි - හික් හික්!! ආයිත් අහලා! එහෙම තමයි අපේ වැඩ...

    ගෝල්ඩ් ෆිෂ් - ඒකනෙ බං! ගෑනු කොයි වයසෙදිත් එකයිද කොහෙද?

    පූසා - යේස්! ඔෆ් කෝස් සහෝ

    මධුරංග - නෑ නෑ මචං! රෙදිගොඩ කිව්වේ රෙදි පැක්ටේරියක් තිබුන හින්දා

    ReplyDelete
  15. නවම් - හික් හික්!! පස්සෙ කාලෙක රන් රේට් එක අඩුවුණා නොවැ සහෝ!

    ප්‍රසන්න - බොහොම ස්තුතියි සහෝ!

    පිස්සා - මටත් මතක මේ සිද්දිය හින්දාම තමයි බං! අනික කට්ටිය හම්බුනාම මේවා ගැන මතක් කරනවා.

    ඩිලාන් - හික් හික්!! මමත් ඉතිං කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක විතරයි මේ කාලෙ කතා කළේ.

    ReplyDelete
  16. අන්න හරි ජැක්ගම තමයි

    ReplyDelete
  17. අපෝ මම නම් ඔය කාලෙ කෙල්ලන්ට ආසම නෑ...

    ReplyDelete
  18. පූසා බලු වෙයි :(

    ReplyDelete
  19. පවුබොල පූසා කුජීතම වෙලානේ...
    අර වෝල්ට් තිස්තුන්දාහෙන් කියන්න ඇත්තේ බොට කෙලවෙන්නයි යන්නේ කියලා :P
    මේකා ඒ කාලෙදි අහලා තිබුන්නැද්ද බෝම්බය සුරූපී වෙසින් පැමිනිය හැක කියලා :P

    ReplyDelete
  20. අර කිව්වත් වගේ පුරු පුරුට මාර මතකයක්නේ තියෙන්නෙ.එල එල ඉතුරු කොටසත් ඉක්මනට දානකම් තමයි බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
  21. පූගොඩ ද?

    ReplyDelete
  22. චූටි කාලේ කතාවක් වගේ ඉතින් ලියාගෙන යන්න බලන්න අපි එන්නම් ඉතිරිවා බලන්න .. මටත් මගේ එක වසර දෙකවසර මතක් වුණා .. ඒ සන්දියේ දී කෙල්ලෝ හරි ගනං කාරයි අප්පා ..

    ReplyDelete
  23. ඔව එච්චර ගනංගන්ඩ ඔන දෙවල් නේවෙයි නේ පුස් මලේ...
    කොහොමත් ඉස්සරහට සුන්දර රිටන් එකක් දෙනවනේ ඔය මල්ටිබැරල් වලට.... නේද මලේ...

    ReplyDelete
  24. @බ්ලොග් ගඩොල් පූසා :
    පූගොඩ ද වේයන්ගොඩ ද ?
    ඔය දෙකේම රෙදි ෆැක්ටරි තියෙනවා.

    ReplyDelete
  25. අපොයි දෙයියනේ. මට මැවිල පේනව සීන් එක..

    ජය...

    ReplyDelete
  26. හරිම නෝටි පූසෙක් තමයි..........;)

    ReplyDelete
  27. පුරුපුරුත් කොරල තියෙන වැඩ .............. :D

    ReplyDelete
  28. හපොයි!! පුරුපුරුගේ පුරුෂාධිපත්‍යයට කෙළවුනා නේද????

    ReplyDelete
  29. හෆොයි පූ....සා....

    ReplyDelete
  30. ඕව පුරුපුරුගෙ කපටි වැඩ..... ඌ දන්නව තමන් නිවැදි කාරය කියල.. පස්සෙ මිස් ආවම ඌව ඇතුලට ගන්නව... කෙල්ල ගෙ ෆුල් එක සහ අනුකම්පාව පුරු පුරුට හිමි වෙනව.... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ ඇල් වතුරට උල්පිහියෙන් ඇන්න වගේ... .. මූ බලන්ගියාම ඇන්ඩම් පූසෙක්..

    ReplyDelete
  31. "පුරුපුරුට සිද්දවුණාලු තමන්ගෙ යහලු යෙහෙළියන්ට ගුඩ් බායි කියලා, තමන්ගෙම වයසෙ තමන් නොදන්න ළමයි ටිකක් ඉන්න පන්තියකට යන්න"

    මේකනෙ අවුල. සම වයසෙ පූසො පූසාවියො එහෙම ඉන්න පන්තියකට ගියානම් මේ කරදරේ වෙන්නෙ නෑ

    ReplyDelete
  32. ප්‍රසන්න
    කොඩී
    කිඩෝ
    ආර් එම්
    ඩප්පියා
    සඳරු
    මධුරංග
    රාජ්
    ගයාන්
    මැණික්
    ලයන්
    දක්ෂිණ‍
    දොඩන්
    පොඩි මෑන්
    මකරා

    බොහොම ස්තුතියි හැමදෙනාටම යාලුවනේ!

    ReplyDelete
  33. මධුරංග - ඔය ගම් දෙකෙන් කැළණි ගඟ ගලන්නෙ එක ගමක් ළඟින් විතරයි මචෝ!

    ReplyDelete
  34. මම වේයන්ගොඩ පැත්තේ. එහෙ නම් කැළණි ගඟක් මම ඉන්නකන් නම් තිබුනේ නෑ :P

    ReplyDelete
  35. හෆොයි පුරුපුරු................

    ReplyDelete
  36. "සාමාන්‍යෙයන් කියන විදිහට ඒ වයසෙදි තමන්ගෙ විරුද්ධ ලිංගිකයන්ව ළමයින්ට පෙන්නන්න බෑලු"
    යකෝ මම 5 වසරෙ පන්ති ගියෙත් කෙල්ලෙක් එක්ක.කොල්ලො බලං ඉන්නව.අපි යනව..හික්z
    ආයි රස කතාවක්..හා හා..කියවමුකෝ

    ReplyDelete
  37. @පුරු පුරු නෑ නෑ මම ඒ පැත්තේ නෙමෙයි මගේ නෑදෑවෙන කට්ටියක් ඉන්නවා ඒ පැත්තේ

    ReplyDelete
  38. හික් හික්...පව් වැඩේ./...එකෙක් දොර ලග තැපලා...පොඩිකාලෙත් මූ අවලම් වැඩ නේ කොරලා තියෙන්නේ...බලමු බලමු..ඊලග එක

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???