අඹ යාලුවෝ

Friday, August 5, 2011

සුදුපූසි 2 - බා බා කුකුළෝ



අපි කලින් ලිපියෙන් කිව්වෙ පුරුපුරුට පන්ති නායිකාවගෙ විරෝධය හමුවේ ක්ලාස් එකෙන් එළියට යන්න වෙච්ච හැටි නොවැ!

කොහොමහරි ඉතිං පන්තිබාර ගුරුතුමී කොහෙහරි ඇවිදින්න ගිහින් ආපහු එනකොට හොඳටම පරක්කු වෙලා. පුරුපුරු තාමත් එළියට වෙලා හිටගෙන ඉන්නවලු. ඉතිං පුරුපුරුව දැකපු ටීචර් ඉක්මනට පන්තියට ආවෙ මොකද්ද සීන් එක කියලා බලන්න. පුරුපුරුගෙ අම්මා මේ ඉස්කෝලෙම මහා විද්‍යාලෙ උගන්නපු හින්දා පොඩි ඉස්කෝලෙ ටීචර්ලාත් මෑන්ස්ව හොඳට අඳුරනවා. ඉතිං ටීචර් පන්තියට ඇවිත් ඉස්සෙල්ලාම කළේ අපේ පූසාව ක්ලාස් එක ඇතුලට ගත්තු එකලු. පුරුපුරු හිතුවෙ දැන් තමන්ව එළියට දාපු එකට අර ගෑනු ළමයාට ටීචර් දඬුවම් කරයි කියලා.

ඒත් ඊටපස්සෙ පුරුපුරු එළියෙ ඉන්න හේතුව අහපු ටීචර්ට තේරුම් ගියාලු පන්ති නායිකාව තමන්ගෙ උපදෙස් අකුරටම පිළිපදිනවයි කියලා. ඉතිං පුරුපුරු හිතාගෙන උන්න විදිහට නායිකාවට කිසිම දඬුවමක් ලැබුනේ නෑ. ඒ වෙනුවට දඬුවම් ලැබුනෙ අපේ අහිංසක පූසාට. මොකද ටීචර් මෑන්ස්ට නියම කළාලු පන්ති නායිකාව ඉන්න කණ්ඩායමටම ගිහින් වාඩිවෙන්න කියලා. පුරුපුරු මේ තීරණේට කැමති වුණේ නැති වුණත් ඒ ගැන කිසිම විරුද්ධත්වයක් දක්වන්න මෑන්ස්ට පුලුවන්කමක් තිබුනෙ නෑ. මොකද මේ පන්තියෙ ටීචර් තමයි ඉස්කෝලෙ හිටපු සැරම ටීචර් විදිහට ප්‍රසිද්ද වෙලා හිටියෙ. ඉතිං අපේ පූසා මීයෙක් වගේ ගිහින් අර කිව්ව කණ්ඩායමේ වාඩි වුණාලු.

මේ කණ්ඩායමේ ළමයි හත් දෙනෙක් හරි අට දෙනෙක් හරි හිටියලු. ඒ අය අතරින් අපේ පූසාට හරියට මතක තුන් දෙනාවයි. ඒ තමයි සුදුපූසි කියලා පස්සෙ වෙලාවක නම දැනගත්ත පන්ති නායිකාව, කලින් ඇවිත් පුරුපුරු එක්ක කතා කරපු ඉස්සා සහ පුල්ලියා කියලා කාඩ් එකක් තිබුන රසිකා කියන ළමයි. කලින් පුරුපුරුට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කළාට, මෑන්ස් පන්තියට ආවට පස්සෙනං සුදුපූසිගෙන් කිසිම ප්‍රහාරයක් එල්ලවුණේ නෑලු. හැබැයි එහෙම කියලා සුදුපූසි පුරුපුරුත් එක්ක විශේෂ යාලුකමක් තිබුනෙත් නෑ.

සුදුපූසිගෙ හොඳම යෙහෙළිය තමයි පුල්ලියා. පුරුපුරුයි ඉස්සායි තමයි හොඳම යාලුවො. ඒ වගේම පුරුපුරුයි ඉස්සායි දෙන්නාම පුල්ලියා එක්ක අම්බානට ෆිට්. ඔන්න ඔහොම තමයි මේ හතරදෙනාගෙ කනෙක්ෂන් එක මේ කාලෙ තිබුනෙ. කොහොමහරි පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වුණේ එක්තරා සිද්දියකින් පස්සෙලු.

ඇත්තටම දෙක වසරෙදි ඉගෙනගත්තු ඒවානම් පුරුපුරුට එච්චරම මතකයක් නෑ. ඒත් මෑන්ස්ට හොඳට මතකයි කොයි පාඩමටත් වඩා මෑන්ස් සෙල්ලම් කරන ටයිම් එකට කැමැත්තක් දැක්වුවායි කියලා. ඔය සෙල්ලම් කරන ටයිම් එකේදි සිද්දවුණේ පන්තියෙ ළමයි ඔක්කොම ටීචර්ගෙ මෙහෙයවීමෙන් මොකක්හරි සෙල්ලමක් කරන එක. පුරුපුරුලාගෙ පන්තියෙනම් සෙල්ලම් විදිහට නිතරම කළේ එක්කො එළුවන් කෑම, එහෙමත් නැත්තං බාබා කුකුළෝ කියන සෙල්ලම.

එළුවන් කෑම ගැනනං ඉතිං හැමෝම දන්න එකනේ. ඉතිං මම බාබා කුකුළෝ කියන්නෙ මොකද්ද කියලා කියන්නං. මේ සෙල්ලමේදි ගෑනු ළමයි තමයි කුකුල්ලු. පිරිමි ළමයි තමයි නරියො. ඉතිං ගෑනු ළමයි කට්ටිය බිම ඇඳපු සීමාවකින් එහා ඉන්නවාලු. පිරිමි ළමයි ඉන්නේ සීමාවෙන් එහාපැත්තේ. ඊටපස්සෙ වෙන්නෙ කුකුල්ලුයි නරියොයි අතර ටෝක් එකක්ලු.

පිරිමි :- බා බා කුකුළෝ

ගෑනු :- බෑ බෑ නරියෝ

මේ විදිහට තුන් හතර පාරක් කුකුල්ලු නරින්ගෙ ඉන්විටේෂන් එක රිජෙක්ට් කළාට පස්සෙ ටීචර් කරන්නෙ සිග්නල් එකක් දෙන එක. ඊට පස්සෙ ඉතිං නරියන්ට සීමා බලපාන්නෙ නෑ. ඉතිං කුකුල්ලු කරන්නෙ පණ කඩාගෙන දුවන එක. නරි ටික දුවලා ගිහිං කුකුල්ලුන්ව අල්ලන්න ඕනෙ. බැරිවෙලාහරි කවුරුහරි කුකුලෙක්ට මීටර් පනහක් විතර එහායින් ඇඳලා තියෙන දෙවෙනි ලයින් එක පහුකරලා යන්න පුලුවන් වුණොත් ඒ කුකුළා දිනුම්. ඒ වගේම කවුරුහරි කුකුලෙක්ව අල්ලගත්ත නරිත් දිනුම්. නරින්ට අහුවෙච්ච කුකුළොයි, කුකුල්ලු අල්ලන්න බැරිවෙච්ච නරියොයි පරාදයි. ඔන්න ඔහොම තමයිලු ඉතිං මේ සෙල්ලම සිද්ද වුණේ. 

සුදුපූසි කියන්නෙ සාමාන්‍යෙයන් හැමදාම වගේ දිනන කුකුළෙක්. ඒ කියන්නෙ එයා නරියන්ට අහු නොවී ගොඩක් වෙලාවට දිනුම් කණුව පහුකරනවා. ඒත් සුදුපූසිගෙ විනිං ස්ට්‍රීක් එකට කණකොකා හැඬුවෙ පුරුපුරු ක්ලාස් එකට ආවට පස්සෙලු. මෑන්ස් කරන්නෙ හැමදාම ප්ලෑන් කරලා ටීචර් සිග්නල් එක දුන්න ගමන්ම සුදුපූසිව අල්ලගන්න එක. ඉතිං මේ ගැන සුදුපූසි හිටියෙ එච්චර පැහැදීමකින් නෙවෙයි.

ඉතිං ඔය කියන දවසෙත් සුපුරුදු විදිහටම ටීචර් සිග්නල් එක දුන්න ගමන් පුරුපුරු ඉස්සරහට පැන්නලු සුදුපූසිව අල්ලගන්න. මේ වෙද්දි දවස් ගානක එක්ස්පීරියන්ස් එකෙන් සුදුපූසිත් දන්නවා තමන්ට පුරුපුරුගෙන් දුවලා බේරෙන්න බෑ කියලා. ඉතිං එයා කළේ දුවන්නෙ නැතුව නැවතිච්ච එක. 

පුරුපුරු කවදාවත් සුදුපූසිගෙන් මෙහෙම රියැක්ෂන් එකක් බලාපොරොත්තු වුණේ නෑ. මොකද මෙච්චර දවස් පන්තියෙදි දෙන්නා හැමදේම කළේ තරඟෙට වගේ. පුරුපුරු මොකක්හරි අත්වැඩක් හොඳට කළොත් සුදුපූසිට ඕනෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳට කරන්න. පුරුපුරු සම්බන්දෙනුත් ඒ කතාව එහෙමමයි. කොහොමහරි ඉතිං බලාපොරොත්තු නැතුව සිද්දවෙච්ච මේ වැඩෙන් පුරුපුරුටත් සිද්දවුණාලු තමන් සුදුපූසිව අල්ලනවාද නැද්ද කියලා දෙපාරක් හිතලා බලන්න.

දැන් සුදුපූසිව ඇල්ලුවොත් පුරුපුරු ජයග්‍රාහී නරියෙක් වෙනවා. ඇල්ලුවෙ නැත්තං ගේම් එක පරදිනවා. ඒත් ඒක ලෝන්ග් ටර්ම් රිලේෂන්ශිප් එකක් පැත්තෙන් බැලුවොත් හොඳයි. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු සුදුපූසිව අල්ලන්නෙ නැතුව ඉන්න.

පුරුපුරු :- සුදුපූසි, ඔයා දුවන්න මම ඔයාව අල්ලන්නෙ නෑ.

සුදුපූසි :- (පුදුමයෙන්) ඒ මොකද?

පුරුපුරු :- නෑ නිකං! ඔයා දුවන්න.

කොහොමහරි පුරුපුරුගෙ හදිසි වෙනස්වීම ගැන හිත හිතා ඉන්න වෙලාවක් තිබුනෙ නැති හින්දා සුදුපූසි ආපහු හැරිලා දිනුම් ලයින් එක දිහාට දිවවලු. ඒත් අවාසනාවකට සුදුපූසිට සිද්දවුණේ කුකුලෙක් අල්ලගන්න බැරුව හිටපු වෙන නරියෙක්ගෙ ගොදුරක් බවට පත්වෙන්න. මීටපස්සෙ සුදුපූසිව අල්ලන්නෙ නෑයි කියලා පුරුපුරු හිතාගත්තත්, එදායින් පස්සෙ ආපහු කවදාවත් ඒ සෙල්ලම ක්‍රියාත්මක වුණේ නෑ. මොකද ඒ වෙනකොට රිලේ දුවන එක හැම පන්තියෙම ෆේවරිට් සෙල්ලම වෙලයි තිබුනේ.

කොහොමහරි එදායින් පස්සෙ පුරුපුරුගෙයි, සුදුපූසිගෙයි අතර තිබුන නොහොඳ නෝක්කාඩුව ඉවරවෙලා මේ දෙන්නා බොහොම හොඳ යාලුවො බවට පත්වුණාලු.

ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් කියවමු නේද?

33 comments:

  1. අපිට තිබ්බේ නැහැනේ බං ඔහොම ​සෙල්ලං.. එහෙනං මං තාමත් කුකුලෙක්ව අල්ලන්න ට්‍රයි කරනවාත කොහොම හරි එකෙක් හරි අල්ල ගන්න බැරියෑ,..

    ReplyDelete
  2. බා බා කුකුළෝ! බෑ බෑ නරියෝ! මරු සෙල්ලම! අපි පොඩි කාලෙ එළුවන් ඇල්ලීම නම් හැමදාම වගේ කළා. පොඩි කාලෙ මතක් වුණා! නියමයි

    ReplyDelete
  3. අනේ අපිට තිබ්බෙ නෑනෙ ගෑනු ළමයි එක්ක අල්ලන සෙල්ලන් කරන්ට!

    ReplyDelete
  4. හිකිස්‌..මෙන්න සෙල්ලම්

    ReplyDelete
  5. අනේ බං අපිටත් තිබ්බෙ නෑ නොවැ ඔය කෙල්ලො අල්ලන එව්වා....

    ReplyDelete
  6. අනේ අපිටත් තිබ්බෙ නෑනේ ඔහොම සෙල්ලම් කරන්න.අපේ ඉස්කෝලෙ කොල්ලො විතරනේ ගියේ :( කමක් නෑ .ඉතුරු කොටසත් ඉක්මනට දාමු නේ අයියා?

    ReplyDelete
  7. බලමු බලමු ත්‍රාසජනක ජවනිකාවක් ඊළඟ කොටසෙත් තියෙයි

    ReplyDelete
  8. අයියෝ කෝ හොඳම ටික??
    එන පොට නම් හොඳ නෑ...

    මට පේන්නෙ මේකනම් දිග ... ආදර කතාවක් වගේ...

    ReplyDelete
  9. අපිත් "අරිකි මිරිකි" කොලා.. :P

    ReplyDelete
  10. එළුවන් කෑම කරල තිබ්බට ඔය කුකුළු සීන් එක ඇහුවෙ අදයි

    ReplyDelete
  11. පොඩි කාලෙ නම් අපිත් අල්ල ගත්තා,,,ඒත් දැන්නේ බැරි සික්,,අහු වෙන්නෙම නෑ

    ReplyDelete
  12. පුසා පොඩි කාලේ ඉදන්ම වැඩ කරු වගේ ;)

    ReplyDelete
  13. ඊට පස්සේ ඉතින් පුරුපුරු සුදුපූසි පස්සේ පැණි පෙරන්න පටන් ගත්තලු. හික්.

    ReplyDelete
  14. හේහේ..හරිම ලස්සන කතාව..හිතා ගන්න බැ මේ පොඩි උන් දෙන්නෙක්ද කියලා..ලස්සනට ලියනවා..මට නම් දෙක වසරේ එව්ව මෙලෝ දෙයක් මතක නැ..

    ReplyDelete
  15. මෙහෙම සෙල්ලමක් මම දැනගෙන හිටියෙ නෑනෙ බන්... අපි නම් වැඩිපුරම කලේ කාගෙ වත්තෙ මල් කඩන්නෙ තමයි.. උඹ වගේම ඕකෙදි සාතන් හැමදාමත් කැඩුවෙ එකම වත්තක මල් තමා :)

    ReplyDelete
  16. හි හි.. බා බා කුකුලෝ.. බෑ බෑ ගඩොලෝ

    ReplyDelete
  17. එලුවන් කෑම කරාට ඔහොම සෙල්ලමක් දැනන් හිටියේ නෑ..මගේ පුංචි කාලේ මතක් වුනා..ඔය කතාවේ ගොඩක් දේවල් මගේ ජීවිතෙත් ඔය විදියමයි..

    ReplyDelete
  18. හිහ් හිහ් ...... නියම සෙල්ලම .මරු මරු .... ඉතිරි කොටසත් ඉක්මනට දාන්නෝ .......... :D

    ReplyDelete
  19. ඊට පස්සෙ මොකද වුනේ දන්නවද ඔයා.. :)

    අර කිවුවත් ව‍ගේ යකෝ අපි ගියෙ නෑ නෙවැ මිශ්‍ර පාසල්වලට බා බා කුකුළෝ කරන්ට.. චැහ් කරුමේ කරුමේ..

    ReplyDelete
  20. බා බා කුකුළ ඊට පස්සෙ බාබකියු කුකුලෙක් උනාද දන්නෑ.

    ReplyDelete
  21. පොඩිකමට මුගෙත් තියන ට්‍රික්ස් !

    ReplyDelete
  22. ඔහොම සෙල්ලම් අපේ ඉස්කෝලවල තිබ්බෙ නෑ නේ. තිබ්බත් වැඩක් නෑ.. කුකුලෝ නෑ නෙ

    ජය...

    ReplyDelete
  23. "ඒත් අවාසනාවකට සුදුපූසිට සිද්දවුණේ කුකුලෙක් අල්ලගන්න බැරුව හිටපු වෙන නරියෙක්ගෙ ගොදුරක් බවට පත්වෙන්න" දෛවයේ සරදම් :D අගෙයි !

    ReplyDelete
  24. සේ සේ පුරුපුරු... හික් හික් :)

    ReplyDelete
  25. බ්ලමු ඉතිරි ටිකත් . මේ පූසෝ සෙට් එක නම් පොඩි කාලේ ඉඳලම කුකුලෝ කියලා තමයි මටනම් කියන්න තියෙන්නේ .

    ආස හිතෙන කතාව .. ඉතිරියත් එනතුරු ...........

    ReplyDelete
  26. බා බා කුකුලෝ.... මරු ගේම් එක.... අපිට ඕක දැන් කරන්න බැරිද හැබෑටම... ? කෝ කවුද එන කුකුල්ලු ?

    ReplyDelete
  27. බාබා කුකුලෝ මරු සෙල්ලමක් නේ !!!1
    ශික් අපට නෑනේ එහෙම සෙල්ලම්. තිබ්බනම් නියමයි නේ. මොනා කරන්නද ගිය නුවන පුරු පුරු ලවා අද්දවන්නැයි.

    ඉස්සර අපේත් ප්‍රියතම ක්‍රිඩාව තමයි රිලේ දුවන එක !!!!

    ReplyDelete
  28. අම්මාපල්ල බොලව් එහෙව් සෙල්ලමුත් ස්කෝලවල තියෙනවැයි.හරිම පුදුමයි චමත්කාරජනකයි නොවැ.පොඩි වුනත් මුන්ගෙ කැත හිත්.

    ReplyDelete
  29. මං කිවුවේ ඕං අපේ පුස් මල්ලියා රිටන් එකේ පලමු පියවර තියලා..ඔහොමයමං මලේ..ජයවේවා....!

    ReplyDelete
  30. ගොල්ඩ් ෆිෂ්
    විසිතුරු
    මුහුදු
    චම්මා
    ප්‍රසංග
    ආර් එම්
    පූසා
    සුළඟ
    චතුර
    ඩිලාන්
    බුද්ධික
    ඇනෝ
    නිම්ශා
    සාතන්
    ෆීනික්ස්
    අසනි
    ලයන්
    බුරා
    ප්‍රසන්න
    නවම්
    සිංහයා
    රසික
    හසී
    සඳරු
    පොඩි මෑන්
    මධුරංග
    රාජ්

    ගොඩක් ස්තුතියි යාලුවනේ. ඔයාලාගෙ අදහස් මට ලොකු ශක්තියක්. වෙන වෙනම උත්තර දෙන්න වැරිවුනාට සමාවෙන්න.

    ReplyDelete
  31. ගොඩක් කට්ටිය බා බා කුකුළෝ සෙල්ලම ගැන දන්නෙ නෑ වගේ. මම හිතාගෙන හිටියෙ ගොඩක් අය ඒක දන්නවයි කියලා. බැලින්නං ඒක ප්‍රාෙද්ශීය සෙල්ලමක්ද කොහෙද!

    ReplyDelete
  32. ආදර කතාව පටන් ගන්න යන්නේ..මූ තමා නරියා...කෙල්ලෝ අල්ලන

    ReplyDelete
  33. බාබා සෙල්ලම කිව්වා... අනේ බන් දැනුත් කොරන්න වටින සෙල්ලමක් නොවැ... අපේ කාලේ තිබ්බෙ නැහනේ ඔහොම සෙල්ලම්... සික් කිව්වලු

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???