අඹ යාලුවෝ

Monday, August 15, 2011

සුදුපූසි 7 - කලු සුදු සිකුරාදා





ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල එන්න වැඩි දවසක් ගතවුණේ නෑ. පුරුපුරුට ඒ දවස හොඳට මතකයි. එදා සිකුරාදා දවසක්. ඒ වගේම එදා තමයි රෙදිගොඩ ලොකු ඉස්කෝලෙ ස්පෝර්ට්ස් මීට් එක තිබුන දවස. ඉතිං අපේ ඉස්සාත් ස්පෝර්ට්ස් මීට් එකේ එකොළහෙන් පහළ මීටර් සීය දුවන්න ගිහින් වැටිලා, ඒ වෙද්දි මෑන්ස්ගෙ අතක් හොඳටම තුවාල කරගෙනයි හිටියේ. ඉතිං පුරුපුරු හිටියේ ඉස්සාට සාත්තු සප්පායම් කර කර.

එතකොට තමයි කවුරුහරි ඇවිත් කිව්වේ පොඩි ඉස්කෝලෙට ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල ඇවිල්ලයි කියලා. ඉතිං එතන හිටපු ළමයි කට්ටිය කළේ ඉස්සාවත් අමතක කරලා පොඩි ඉස්කෝලෙ දිහාවට ගිය එක. දැන් ඉතිං අපේ පූසාගෙ පූස් හාර්ට් එක ඩග් ඩග් ගාලා ගැහෙනවා. කොටින්ම ඒ වෙලාවෙ මෑන්ස්ගෙ පපුව උඩට බිත්තරයක් කඩලා දැම්මනං ගේමක් නැතුව ඔම්ලට් එකක් හදාගන්න තිබුනා. කොහොමවුණත් පුරුපුරුට ලොකු ෂුවර් එකක් තිබුනා තමන් ෆේල් වෙලානං නැතුව ඇති කියලා.

ඔය විදිහට පොඩි ඉස්කෝලෙට කිට්ටු වෙද්දි තමයි තව මැසේජ් එකක් පුරුපුරුගෙ කන වැකුනේ. ඒකෙන් කියවෙච්ච හැටියට වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ ගෑනු ළමයෙක්ලු. ඒ කියන්නේ සුදුපූසි තමයි එහෙනං වැඩිම ලකුණු අරගෙන ඇත්තේ. අපේ පූසාගේ නිගමනය වුණේ ඒකයි. ඒ කියන්නෙ තමන් සුදුපූසිට සෙකන්ඩ් වෙලා. ඒත් ඒ ගැන පුරුපුරුට කිසිම අසතුටුදායක හැඟීමක් ආවෙ නෑ.

කොහොමහරි ඊට ටික වෙලාවකට පස්සෙ තමයි පූසා රිසාල්ට්ස් දාලා තිබුන තැනට ආවෙ. හැබැයි එතනදි පුරුපුරු දැක්කෙ තමන් හිතාගෙන හිටපු ප්‍රතිඵලයනං නෙවෙයි. බැලින්නං හැමදාම පන්තියෙ තුන් වෙනියා වෙච්ච රසිකා ලකුණු 168ක් අරගෙන ඉස්කෝලෙන් වැඩිම ප්‍රතිඵල අරගෙන. ඒ වගේම රසිකා ගම්පහ දිස්ත්‍රික්කෙන් දහවෙනියාගෙන් උඩ රෑන්ක් එකක හිටියාලු. ඉතිං මේ වෙද්දි රසිකාගේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙච්ච ටීචර්ලාගෙන් රිසාල්ට්ස් දාලා තිබුන තැන පිරී ඉතිරී ගිහින් තිබුනේ. කොටින්ම පුරුපුරුලාට තමන්ගෙ ප්‍රතිපල බලාගන්නත් අමාරු තත්ත්වයක් තිබුනේ.

කොහොමවුණත් රසිකා කියන්නෙ සුදුපූසි ඇරුනුකොට, පුරුපුරුට ඒ ඉස්කෝලෙ හිටපු හොඳම යාලුවො දෙන්නාගෙන් එක්කෙනෙක්. ඉතිං රසිකාගේ ඇචීව්මන්ට් එක ගැන අපේ පුරුපුරුට දැනුනෙ බොහොම අවංක සතුටක්. ඊටපස්සෙ මෑන්ස් කළේ ටීචර්ලා අතරින් පීරගෙන ගිහින් අනිත් කට්ටියගේ රිසාල්ට්සුත් බලපු එක.

බැලින්නං ඉස්කෝලෙන් දෙවෙනියට හොඳම රිසාල්ට් තියෙන්නෙ අපේ පුරුපුරුට. ලකුණු 161යි. දිස්ත්‍රික්කෙන් හතළිස් ගානක් රෑන්ක් එක. බලාගෙන යද්දි හිතුවට වඩා ටිකක් හොඳයි ඇවිත් තියෙන ප්‍රතිඵලේ. ඊටපස්සෙ ළමයි දෙන්නෙක් ඉන්නවා ලකුණු 152ක් සහ 146ක් ගානෙ ගත්තු. (මේ ළමයි දෙන්නා පස්සෙ කාලෙක දෙලොවක් අතර බාලිකාවටයි, මරියකඩේ ඉස්කෝලෙටයි ගියා)

ඒත් කෝ සුදුපූසිගෙ රිසාල්ට් එක? පුරුපුරු තවදුරටත් ලිස්ට් එක පුරා හොයා බැලුවලු. බැලින්නං සුදුපූසිගෙ ප්‍රතිඵල හැම දෙනාම බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් අඩුයි. එයාට තිබුනෙ ලකුණු 137යි. සුදුපූසිගෙ හැකියාව ගැන හොඳට දන්න පුරුපුරුට මේ ප්‍රතිඵලය අදහාගන්න බැරිවුණාලු. ඒ වගේම ඉස්සාටත් තිබුනෙ බලාපොරොත්තු වුණාට වඩා අඩු ප්‍රතිඵලයක්. මෑන්ස්ට ලකුණු 133යි.

මම හිතන්නෙ පුරුපුරුලා ශිෂ්‍යත්ව විභාගෙ කරපු අවුරුද්දෙ තමයි මෙච්චර කාලෙකට දුන්න අමාරුම පේපර් එක දුන්නෙ. ඒ අවුරුද්දෙ ලංකාවෙ පළවෙනියාට තිබුනෙත් ලකුණු 182ක් විතරයි. ගම්පහ දිස්ත්‍රික්කෙ පළවෙනියාට තිබුනෙ ලකුණු 175යි. (පස්සෙ කාලෙක හම්බවෙච්ච ආදරණීය මිත්‍රයා “පිටසක්වලයා“). ඉතිං සමස්තයක් විදිහට ගත්තහම හැම ළමයාටම වගේ ගොඩක් අඩුවෙන් තමයි ලකුණු තිබුනේ. ගම්පහ දිස්ත්‍රික්කෙ විභාගෙ පාස් කළේ ලකුණු 121න්. ඉතිං ඒකෙන්ම හිතාගත්තහැකිනෙ විභාගෙ තරම.

කොහොමහරි රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙට එදා ඓතිහාසික දිනයක්. ඉස්කෝලෙන් එච්චර කාලෙකට වාර්තාවෙච්ච හොඳම රෑන්ක් එක විතරක් නෙවෙයි, එච්චර කාලෙකට පාස් වෙච්ච වැඩිම ළමයි ගණනත් වාර්තා වුණේ ඒ අවුරුද්දෙ. ඔව්! මුලු ඉස්කෝලෙන්ම ළමයි දාහත් දෙනෙක් විභාගෙ පාස් වෙලා තිබුනා. ඒක රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙ වගේ දුප්පත් ඉස්කෝලෙකට වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ ලොකු ඉලක්කමක්.

එක පැත්තක පාස් වෙච්ච ළමයි සහ අම්මලා සතුටින් කතා කර කර ඉන්නවා. අනිත් පැත්ත විසාලා මහනුවර වගේ. ඒ පැත්ත විභාගෙ ෆේල් වෙච්ච ළමයින්ගෙ අම්මලාගෙ කඳුලු වලින්, ඇනුම් බැනුම් වලින් පිරිලා. එක අම්මා කෙනෙක් විලාප දිදී අඬනවා. බැලින්නං ඒ අම්මාගෙ දුව එක ලකුනෙන් විභාගෙ අසමත් වෙලා. ඉතිං ඔය නානාප්‍රකාර සිද්දි අස්සෙ පුරුපුරු හැමතැනම හෙව්වෙ සුදුපූසිව. අන්තිමේදි මෑන්ස්ට සුදුපූසිව හම්බවුණේ තනියම ඉස්කෝලෙ බිල්ඩින් එකක් ළඟ ඉන්නකොට.

සුදුපූසිගෙ මූණෙ දුකක්වත් සතුටක්වත් තිබුනෙ නෑ. තිබුනෙ මහා හිස් බැල්මක් විතරයි. කොහොමත් සුදුපූසිට අප්සට් ගියාම එහෙම තමයි. වෙනදා පුරුපුරුව දැක්කාම දාන ලස්සන ස්වභාවික හිනාව එදා සුදුපූසිගෙ මූණෙ ඇතිවුණේ නෑ. ඒ වෙනුවට සුදුපූසිගෙ මූණෙ අන්තිමේදි ඇතිවුණේ ආයාසයෙන් මවාගත්ත හිනාවක්.

සුදුපූසි :- පුරුපුරු, ඔයා මොකද මෙතන කරන්නෙ?

පුරුපුරු :- මම මේ ඔයාව හොයන්න තමයි ආවෙ.

සුදුපූසි :- මගෙ සුභපැතුම් පුරුපුරු. දැන්නං ඔයාට කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්. කොච්චර දෙයක්ද?

ඇත්තටම ඒ වෙලාවෙ සුදුපූසිට කියන්න ඕනෙ මොකද්ද කියලා පුරුපුරුට හිතාගන්න පුලුවන්කමක් තිබුනෙ නෑ.

“නෑ නෑ!! ඔයාටත් කොළඹ හොඳ ඉස්කෝලෙකට යන්න පුලුවන්“

පුරුපුරුට මෙහෙම කියන්න හිතුනත්, සුදුපූසි ඔය වගේ බොරුවලට අහුවෙන්නෙ නෑ කියලා දන්න නිසා මෑන්ස් කට පියාගෙන හිටියලු. අපේ පූසා ජීවිතේ කවදාවත් ඒ වගේ උත්තර දෙන්න වචන නැතුව අසරණ වෙලා නෑ.

“මම යනවා පුරුපුරු. සඳුදා ඉස්කෝලෙදි හම්බවෙමු“

මෙහෙම කියපු සුදුපූසි එතනින් යන්න ගියෙ මූණ බිමට නවාගෙන, තමන්ගෙ මූණෙ හැඟීම් පුරුපුරුගෙන් හංගන්න උත්සාහ කරමින්. ඒත් සුදුපූසිගෙ ඇස්වල කොනේ මතුවෙමින් තිබුන කඳුලු බිංදු පුරුපුරුගෙන් හංගන්න ඒ උත්සාහය ප්‍රමාණවත් වුණේ නෑ. 

සුදුපූසි එතනින් ගියාට පස්සෙ පුරුපුරු තවත් විනාඩියක් දෙකක් විතර එතන හිටියලු. අපේ පූසා මේ වෙද්දි හිටියෙ කියන්න බැරිතරම් ලොකු අප්සෙට් එකකින්. ඒ අප්සෙට් එකට එක හේතුවක් තමයි සුදුපූසිට තිබුනු හිතේ වේදනාව. අනිත් හේතුව තමයි පුරුපුරුට සුදුපූසි එක්ක ඒ දුක බෙදාගන්න විදිහක් තිබුනෙ නැති එක.

එදා හවස ගෙදර ගියාමත් පුරුපුරුට හිතේ නිදහසක් තිබුනෙ නෑ. පවුලෙ කට්ටිය, අසල්වැසියො, නෑදෑයො එහෙම පූසාට සුභපැතුවත් මෑන්ස්ගෙ හිත පුරාම හොල්මන් කළේ සුදුපූසි එක්ක දවල් ඇතිවුණ කතාබහ. කොටින්ම සඳුදා ඉස්කෝලෙ ගිහින් සුදුපූසිගෙ හිත සනසනකං පුරුපුරුගෙ හිතට කිසිම ඉස්පාසුවක් තිබුනෙ නෑ.
  
කොහොමහරි කාලය ගෙවිලා ගිහින් සඳුදා දවසත් උදාවුණාලු. එදා පුරුපුරු සුදුපූසිට දෙන්න පට්ට ටෝකක් හිතින් පාඩම් කරගෙන ගියත්, එදා සුදුපූසි හිටියෙ වෙනදා වගේම සැහැල්ලු සිතින් කිසිම වෙනසක් පෙන්නන්නැතුව. ඉතිං අපේ පූසාත් සුදුපූසිව අප්සෙට් කරවන්නෙ නැතුව මොනවත් නොකියා හිටියලු.

ඊටපස්සෙ උදාවුණේ ඉස්කෝල වලට ඇප්ලිකේෂන් දාන වැඩේ. මේ වෙද්දි පුරුපුරුට කිසිම සැකයක් තිබුනෙ නෑ මෑන්ස්ට කුරුඳුවත්තට හරි මරියකඩේට හරි යන්න පුලුවන් වෙන එක ගැන. ඉතිං පූසා ලිස්ට් එකේ එකට දැම්මේ කුරුඳුවත්ත. දෙක මරියකඩේ. තුන ලා නන්ද. හතර ජාතියේ පියා. අන්තිමට ඉතිං නෙගටිව් කොන්ට්‍රෝල් එකක් විදිහට ගම්පහ පිරිමි ඉස්කෝලෙ නමත් දැම්මලු.

ඉතිං ඔය විදිහට කල් ගතවුණේ අපේ යාලුවන්ට එකිනෙකාගෙන් වෙන් වෙන්න සිද්ද වෙන දවස, දවසින් දවස ලං කරමින්. ඊටපස්සෙ වෙච්ච දේ ඊළඟ කොටසින් බලමු නේද?


ප.ලි - ඒ අවුරුද්දෙ ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පස්සෙ පුරුපුරුලාගෙ ඉස්කෝලෙට ඇතිවුණේ සෑහෙන ඉල්ලුමක්. දැන් ඒ ඉක්කෝලෙට ළමයි දාගන්න දෙමව්පියො මාර ගේමක්ලු දෙන්නෙ. ආරංචි විදිහට දැන් ඉස්කෝලෙ පහසුකම් අතින් පවා සෑහෙන හොඳ මට්ටමක තියෙන්නෙ.

ඒ වගේම විභාගය නිසා ඊළඟ ලිපිය අගෝස්තු 18 වෙනිදා වෙනකං පරක්කු කරන්න සිදුවීම ගැන මගේ බලවත් කණගාටුව.

35 comments:

  1. කතාවේ හැපී එන්ඩින් එකක් නෑ වගේ දැන්නං පේන්නෙ. හප්පේ පූසොන්ට හෙන අමාරු පේපර් එකක්නේ තිබිල තියෙන්නෙ. අපි ලිව්ව සැරේ කුරුඳු වත්තෙ ඉස්කෝලෙට ගත්තෙ 180 න්. මරිය කඩේ ඉස්කෝලෙට 174 න් උඩ.

    ReplyDelete
  2. සුබ පැතුම් පුරු පුරු විභාගෙ හොඳට පාස් නේ?....අමරුයි වගේ තමයි පේපර් එක.ඉතින් ඉතුරු ටිකත් ඉක්මනට දාමු නේ අවසානයක් දකින්න.

    ReplyDelete
  3. නෑ නෑ... සුදු පූසි පස්සෙ කොහේ හරි සෙට් වෙන්න ඇති ලොන් හැලිච්ච හොර පූසෙකුත් එක්ක... ආ.. එතකොටත් හැපි එන්ඩින් නෑ තමයි...

    ReplyDelete
  4. අනෙ අම්මියො
    මාත් ලිව්වෙ ඕකටම තමා. තාම මතකයි ප්‍රතිළුල ආපු දවස.
    :D

    ReplyDelete
  5. අයියෝ පව්..දෙන්නා වෙන්වෙයි වගේ..කුරුදු වත්තේ ගියාත් පුරුපුරු ට සුදුපුසි ව අමතක නොකර හිටියා නම් අද ෆිල්ම් එකක් ගහන්න කතාවක් හදාගන්න තිබ්බා.

    ReplyDelete
  6. මදෑ කලන්‍ ‍තේ හැදු‍නේ පුරු පුරු අයියට. ලකුණු අඩු උ‍නේ සුදු පූසි අක්කට........ :( :(

    ඕවා පස් ‍සේ කියවමු. පුරු පුරු අයියා ‍හොඳට විභා‍ගේ කරන්න.
    ආ‍යේ ‍මොකක්ද ගිය පාර කිව්ව ව‍ගේම අපි මුළු හදවතින්ම ‍හොඳටම විභා‍ගේ පාස් ‍වෙන්න කියලා සුභ පතනවා......!!!!!

    ReplyDelete
  7. හයියෝ දැන් ඉතින් ඉඳපන්කො 18 වෙනකල් මොකද උනේ කියල දැන ගන්න.

    ReplyDelete
  8. හප්පා ඒ පාර පේපර් එක ඒ කියන්නේ පට්ටම අමාරු ඇති...අපේ පාර පාස් කරේ 128

    ReplyDelete
  9. එහෙනම් පුරු පුරු වගේම ව්භාගෙ හොඳට කරල එන්න. :)

    ReplyDelete
  10. ඔය 121න් ලකුණු දුන්නේ මට සිස්සත්තේ කෙල වෙච්චි අවුරුද්දේ !!!
    අම්මෝ මතක් කරන්නවත් කැමති නෑ.

    ReplyDelete
  11. හරි හරි... කතාව හෙමිහිට බලමුකෝ ඉස්සෙල්ල විබාගෙ කොරගනින්... ජයෙන් ජය...

    ReplyDelete
  12. හික් හික් . . . . මගෙ සිස්සත්තෙ ලකුනු ආවෙත් නෑ . . . . . ඒතරං හොඳට පාස්

    ReplyDelete
  13. ශිශ්‍යත්වෙදි නම් අපෙත් ඔය සුදු පුසි වගේම අප්සට් ගහපු අය හිටියා.. අපි නම් ඉතින් අර තුන්වෙනි පාසලේ අනිත් පාසලට තේරෙන්න පාස් වුනා..

    ReplyDelete
  14. එහෙනං 18 හම්බවෙමු. කරන විභාගයක් හොදින් කරගනිං.

    ReplyDelete
  15. ඊලඟට මොකද වෙන්නෙ බලමු!

    විභාගෙත් හොඳට කරලා එන්ට

    ReplyDelete
  16. මරු මරු.සුදුපූසිට මොකද්ද වුනේ?

    ඊලග කොටසත් දානකම් බලන් ඉන්නවා.කියෙව්වේ නම් ඊයේ.කමෙන්ට් කරන්න පරක්කු වුණේ මගේ කනෙක්ෂන් එකේ තිබුණු ප්‍රශ්නයක් නිසා.

    මොනවා වුණත් විභාගේ හොදට ගොඩ දා ගන්නකෝ.මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  17. සිස්සත්තේ වගේම ඔය විභාගෙත් හොඳට කරන්න . අපේ ඉස්කෝලෙන් මන් විතරයි ඔය අප්සට් විභාගේ පාස් වුනේ ඒ අවුරුද්දේ .

    ReplyDelete
  18. මගේ සිස්සත්තේ ලකුනු ගාන දන්නවැයි? .. මම ඒක කීවොත් එකෙක්වත් මගේ බ්ලොග් එක කියවන්න එන එකක් නෑ ..

    බලමු ඉතින් පූසොන්ට මක්ක වුණාද කියලා ..

    ලොකු විභාගෙටත් එලටම මූන දෙන්න මගෙනුත් සුබ පැතුම් ..!!

    ReplyDelete
  19. පූස් මල්ලී විභාගේ හොඳටම ලියපං..ජය වේවා...
    මලේ ඔය ගම්පහ පිරිමි කොලිජිය කියන තරං නරක නැ..මොකො..මාත්..ගියේ ඔය කොලිජියට බං.....

    ReplyDelete
  20. පවු සුදු පූසි... දැන් බලා හිටපල්ලකො හෙට වෙනකන්...

    ReplyDelete
  21. චැක්...මග ඇරුනා නෙව මේක..කොහොම මිස් උනාද දන්නේ නෑ...අද දවස ඇතුලත ඔක්කොම සැට් එක කියවනවා...
    හිටු එකින් එක බලාගෙන එන්නම්...

    ReplyDelete
  22. කෝ අනේ හයවෙනි කොටස??මට පෙන්නන්නෙ නෑ නේ...:O

    ReplyDelete
  23. මං නං සිස්සත්තෙ ගෙඩිය පිටින් ෆේල්. ආයෙ පාස් උනැයි කියල යන්න නම් වෙන් ඉස්කෝලයක් ඒ පලාතෙ තිබුනෙත් නෑ කොළඹ මිසක්. ඒක නිසාමද කොහෙද මටනං වගේ වගක් තිබුනෙ නෑ....

    අනික පූසො මිසක් පූසියොත් උන්නෙ නෑ නෙව

    ReplyDelete
  24. අද 18 වෙනිදා රාත්‍රි හත පසුවී මිනිත්තු හතලිස් තුනයි..

    බ්ලොග් ගඩොල් පාඨකයින් වන අප බලාපොරොත්තුවෙන් සිටි සුදු පූසි 8 තව වන තුරුත් පල වී නොමැති අතර අප මේ සඳහා නීතියෙහි සහය පතන බව කරුනාවෙන් යුතුව දැනුම් දෙමු..බලධාරින් විසින් නිසි පියවර ගනු ලබත්වාවාවා!

    ඊලඟ කොටසත් ඉක්මනටම දෙන්නෝනෝ... බලාගෙන ඉන්න බෑ අනේ

    ReplyDelete
  25. රෙෂාන් - දැනුයි බං ගෙදර ආවෙ. රෑ දොළහ වෙන්න කලින් කොහොමහරි දෙන එක දෙනවා.

    නිසූපා - එහෙම වෙන්න විදිහක් නෑනෙ අක්කේ. ඒත් පේන්නෙම නැත්තං දකුණු පැත්තෙ බ්ලොග් ඉතිහාසයෙන් බලන්න පුලුවන්.

    ReplyDelete
  26. ඒ මේකට දාල තියෙන ලිංක් එක වැඩ නෑ...(සුදුපූසි 6)

    Not Found

    Error 404

    ReplyDelete
  27. ඔන්න ඔක්කොම කියෙව්වා 8 එනකන් බලන් ඉන්නවා.........

    ReplyDelete
  28. මුහුදු - හපොයි! අපේ පාර ලංකාවෙ 1ටත් තිබුනෙ 182යි.

    ආර් එම් - එග්සෑම් එක කෙළවුණා.

    පොඩි මෑන් - හික් හික්!! බලමුකෝ.

    කණිෂ්ක - බොහොම ස්තුතියි මචෝ!

    ReplyDelete
  29. නිම්ශා
    හාවි
    පිණිබිඳු
    චම්මා
    තාරක
    මධුරංග
    ප්‍රසංග
    ඕනයා

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.

    ReplyDelete
  30. චතුර
    ප්‍රසන්න
    බුද්ධි
    කතා මාමා
    බින්දි
    රත්තා
    නවම්
    සුදු මැණිකේ

    ඔයාලාටත් බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.

    ReplyDelete
  31. සඳරු - හික්ස්!!! දක්ෂයෙක් වෙන්න ශිෂ්‍යත්වෙ පාස් වෙන්න ඕනෙ නෑ කියලා උඹ බ්ලොග්කරණයෙන්ම පෙන්නලා තියෙන්නේ.

    රාජ් - සමාවෙන්න අයියේ හිත රිදුනනං. ඉස්කෝලෙට අපහාස කරන අදහසින් නෙවෙයි එහෙම කිව්වේ. මගෙත් ගොඩක් යාලුවෝ ඉන්නවා අයියලාගෙ ඉස්කෝලෙ. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  32. ලමා ලව් එක දෙකඩ වීම...යන තැනකට අරන් යන්න පූසි රත්තරන්..හික්..

    ReplyDelete
  33. මගේ හිත සසල කල හොදම කතාවක් තමයි මේක.....
    මගේ අත්දැකිම් වලට ගැලපෙන නිසා තවත් හිතට වදිනවා........

    ReplyDelete
  34. බොල විශ්වාස කරපන මට 176 ක් තිබුනා ඔය උලව්වට....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???