අඹ යාලුවෝ

Wednesday, August 31, 2011

සුදුපූසි 14 - මැර තර්ජන


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10

මම කලින් ලිපියෙ කිව්වෙ මලින්දගෙ බොරු ආරංචි වලින් සුදුපූසි කලබලයට පත්වෙච්ච හැටිනෙ. ඉතිං මේ කලබලේට හේතුවෙච්ච සුදුකුමාරි කියන ගෑනු ළමයා ආවෙත් පුරුපුරුලා ගියපු බයෝ ක්ලාස් එකටමයි. මේ වෙද්දි පුරුපුරු දැනගෙන හිටියෙ නෑ මලින්ද මෙහෙම ආරංචියක් පතුරවලයි කියලා.

කලිනුත් කිව්ව විදිහට මේ වෙද්දි ක්ලාස් ඉවරවෙලා හැමදාමත් පුරුපුරුයි, සුදුපූසියි බස්ටෑන්ඩ් එකට ගියෙ එකට කතා කර කර. ඒත් එක දවසක් පුරුපුරු එන්න කලින්ම සුදුපූසි බස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකේ වාඩි වෙලා හිටියා. “කමක් නෑ, එක දවසයිනේ“ කියලා පුරුපුරුත් ඉතිං වැඩිය ඒ ගැන හිතුවෙ නෑ. ඒ මේ සිද්දියම ඊට පස්සෙ සති දෙකෙත් සිද්ද වුණාලු. සුදුපූසි අපේ පූසා එක්ක අඩුම ගානෙ කතා කරන්නවත් කැමැත්තක් පෙන්නුවෙ නෑ. ඉතිං මේ පත්තු වෙච්ච හෙන ගෙඩිය ගැන හාංකවිසියක් නොදන්න පුරුපුරු ෆුල් අප්සෙට් ගැහුවලු සුදුපූසිගෙ හැසිරීම දැකලා.

ඊට පස්සෙ තමයි මෑන්ස්ට හිතුනෙ මේ වෙන දේවල් වලට කොහෙන්හරි මලින්දගෙත් කනෙක්ෂන් එකක් ඇති කියලා. ඉතිං පූසා තීරණය කළාලු සිද්දිය ගැන පොඩි ඉන්වෙස්ටිගේෂන් පාරක් දාන්න. මේ වෙද්දි සුදුපූසි පුරුපුරුත් එක්ක හිත නොහොඳින් හිටපු හින්දා, මේ වැඩේ පැවරුනේ හැමදාමත් පූසා වෙනුවෙන් කටු කන ඉස්සාට. ඉතිං අනිත් දවසෙ ඉස්සා බස් එකේදි සුදුපූසිගෙන් ඇහුවලු පුරුපුරු සම්බන්දයෙන් දක්වන මේ හදිසි වෙනසට හේතුව.

මුලදි ඒ ගැන කියන්න සුදුපූසි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් ඉතිං කාන්තා පාර්ශවේ කාටද කට පියාගෙන ඉන්න පුලුවන් නේද? ටික වෙලාවක් යද්දි සුදුපූසිම ඉස්සාගෙන් ඒ වැදගත් ප්‍රශ්නෙ ඇහුවලු.

සුදුපූසි :- ඉස්සා, දැන් කොහොමද පුරුපුරු අලුත් ජීවිතේ?

ඉස්සා :- මොකද්ද ඔයා කියවන්නෙ? මොන ජීවිතයක්ද?

සුදුපූසි :- ඇයි දැන් එයා සුදුකුමාරි එක්ක යාලුයිනේ. ඔයා මට වඩා ඒ ගැන දන්නවා ඇතිනේ.

ඉස්සා :- ඔයාට විකාරද සුදුපූසි? පුරුපුරු එහෙම යාලුයිනං මම ඒ ගැන දැනගෙන ඉන්න එපායැ. මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් නෑ කියලා.

සුදුපූසි :- මොනවා? එහෙනං මේ රසිකා කිව්වෙ හොඳටම විශ්වාසයි කියලා.

ඉස්සා :- හික් හික්!! එහෙනං මේක අනිවාර්යයෙන්ම මලින්දගෙ වැඩක් තමයි.

සුදුපූසි :- අනේ මටනං හිතාගන්නවත් බෑ මලින්ද මෙහෙම වැඩක් කරයි. මමත් අපරාදෙ පුරුපුරුත් එක්ක කතා නොකර හිටියනේ. අනිත් දවසේ මම එයත් එක්ක මේ ගැන කතා කරන්නම්.

කොහොමහරි ඉතිං එදාම ගෙදර ගිහින් සිද්ද වෙච්ච දේ ගැන පුරුපුරුට කෝල් කරලා කියන්න ඉස්සා අමතක කළේ නෑ. මේ වෙලාවෙනං පුරුපුරුට ආවෙ මලින්දගෙ බෙල්ල මිරිකන්න සයිස් කේන්තියක්. ඒත් ඉතිං වැඩි යහපත වෙනුවෙන් තවත් ඉවසන්න පූසා තීරණය කළාලු. කොහොමත් ඉතිං මෑන්ස් එක්ක වලියක් දාගත්තොත් ගුටිත් කාලා, කාඩ් එකත් කුඩු කරගන්න වෙන බව පුරුපුරු හොඳටම දැනගෙනයි හිටියේ.

ඉතිං ඊළඟ සතියේ ක්ලාස් ඉවර වෙලා පුරුපුරු බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු. වෙනදා සුදුපූසි එනකං ඉන්න තැන පහු කරගෙන, ඒ පැත්තවත් නොබලා තමයි පුරුපුරු යන්න ගියෙ. එහෙම කිව්වට මොකද, මෑන්ස්ගෙ දෘෂ්ටි පථයට අහුවුණාලු එදා සුදුපූසි කලින්ම ඇවිත් පුරුපුරු එනකං එතන නැවතිලා හිටියයි කියලා. ඒත් ඉතිං සති දෙක තුනක් තමන්ට ලොකු එක දුන්න එකේ දැන් ඉතිං පූසාත් පොඩ්ඩක් ලොකු එක දෙන්න එපායැ. ඉතිං ඒකයි පුරුපුරු සුදුපූසිව දැක්කෙ නෑ වගේ යන්න ගියෙ.

ටික වෙලාවකින් මෙන්න පිටිපස්සෙන් සද්දයක් එනවා “පුරුපුරු, පුරුපුරු“ කියලා. බැලින්නං සුදුපූසි පිටිපස්සෙන් ඇවිත් පූසාට කතා කරනවා.

සුදුපූසි :- සොරි පුරුපුරු, මම ඔයා එක්ක පහුගිය දවස්වල කතා නොකර හිටියාට. මලින්ද එවපු බොරු ආරංචියට මමත් රැවටුනා.

පුරුපුරු :- කමක් නෑ සුදුපූසි. ඒත් මට දුකයි මලින්ද වගේ කෙනෙක් එවන ආරංචි නිසා ඔයා මාත් එක්ක කතා නොකර හිටපු එක ගැන. අනික මලින්ද ඔතනින් නවතින එකක් නෑ. ඉස්සරහාට තවත් එක එක බොරු කියයි.

සුදුපූසි :- නෑ පුරුපුරු, මම මීට පස්සේ මලින්ද කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ.

කොහොමහරි එදා සුදුපූසිගෙයි පූසාගෙයි ටෝක ඉවරවුණේ මේ දෙන්නාගෙ යාලුකම තවත් වැඩි කරමින්. ඒත් පුරුපුරුට දුක තිබුනේ යාලුකමට එහා දෙයක් තවමත් වුණේ නැති එක ගැන.

ඊට පස්සෙත් පුරුපුරු කීප සැරයක්ම සුදුපූසිගෙන් යාලු වෙන්න ඇහුවත් එයා ළඟ තිබුනේ එකම උත්තරයයි. ඒ තමයි එදා පුරුපුරුට මුලින්ම දුන්න උත්තරේ. ඉතිං පූසාත් වැඩිය මේ ගැන අහලා සුදුපූසිව අප්සෙට් කරන්න උත්සාහ කළේ නෑ. මෑන්ස් දැනගෙන හිටියා තමන්ට සුදුපූසිත් එක්ක යාලුවෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙන්නෙ ඒ ලෙවල් කළායින් පස්සේ කියලා. ඉතිං පූසා සුපුරුදු ෆ්‍රෙන්ඩ්ෂිප් එකෙන්ම සුදුපූසිව දිගටම ආශ්‍රය කළාලු.

කොහොමහරි තමන් කොච්චර උප්පරවැට්ටි දැම්මත්, පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ තිබුන යාලුකම බිඳ වට්ටන්න බැරිවෙච්ච එක ගැන මලින්ද හිටයේ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින්. ඒත් කොච්චර තරහා තිබුනත් රසිකාට ආරංචි නොවෙන විදිහට පුරුපුරුට ගහන්න මෑන්ස්ට පුලුවන්කමක් තිබුනේ නෑ. මලින්ද කියන්නෙ සම්ප්‍රදායික මෙගාවල ඉන්නවා වගේ හැම අතින්ම කලු කැරැක්ටර් එකක් නෙවෙයි. මොන දේ වුණත් මෑන්ස් රසිකාට ඇත්තටම ආදරේ කළා. ඒ හින්දා තමන්ගෙයි රසිකාගෙයි එෆෙයාර් එකට ප්‍රශ්නයක් ඇතිවෙන කිසි දෙයක් මලින්ද අතින් සිද්ද වුණේ නෑ.

ඉතිං මලින්ද ඊටපස්සෙ කළේ කොල්ලො අතරේ තිබුන පුරුපුරුගෙ කාඩ් එක කුඩු කරන්න ට්‍රයි කරපු එක. මෑන්ස් කළේ පුරුපුරුට කවදාවත් සුදුපූසි වගේ ගෑනු ළමයෙක්ව යාලු කරගන්න බෑ කියලා හැම තැනම ප්‍රචාරය කරපු එක. ඒ වගේම පූසාට හැමදාමත් වෙන්නේ සුදුපූසිගෙ පස්සෙන් යන්න විතරයි කියලා කියන්නත් මලින්ද අමතක කළේ නෑ. එක දවසක් උපාසකව මුණගැහිච්ච වෙලාවකත් මලින්ද මේ ගැන කියලා උපාසකව බයිට් එකට අරගෙන තිබුනා.

මලින්ද :- මොනවද බං! කෝ උඹලගෙ අර පුරුපුරුවා? මිනිහා හැමදාම සුදුපූසිගෙ පස්සෙන් යනවා විතරයිනේ. කවද්ද දන්නෑ සුදුපූසිව දාගන්නෙ?

උපාසක :- මමනං දන්නෙ නෑ බං. ඒක අහන්න ඕනෙ පුරුපුරුගෙන් තමයි.

මලින්ද :- හික් හික්!! අනේ ඌට පුලුවන්ද බං සුදුපූසිව දාගන්න? මම ගම්පහ ටවුන් එකේ ඔලුවෙන් හිටගන්නවා මෑන්ස් සුදුපූසිත් එක්ක යාලු වුණොත්.

උපාසක :- හා හා. මම ඌට කියන්නංකෝ.

මලින්ද :- ඇත්තටම උඹලටත් ලැජ්ජ නැද්ද බං ඌත් එක්ක එක සෙට් එකේ ඉන්න?

උපාසක :- මටනං එහෙම ලැජ්ජාවක් නෑ බං. ඌට කෙල්ලො වැටුනත් නැතත් ඌ හැමදාමත් අපේ යාලුවෙක්.

ඔය විදිහට පුරුපුරුගෙ යාලුවො අතරේ මෑන්ස්ගෙ කාඩ් එක කුඩු කරන්න මලින්ද ට්‍රයි කළත් ඒ වැඩේ හරිගියෙත් නෑ. මොකද පූසො සෙට් එකේ හැමෝම නියම යාලුකම කියන්නෙ මොකද්ද කියලා දැනගෙන හිටියා.

එක දවසක් ඉස්කෝලෙදිත් විශේෂ සිද්දියක් වුණා. මලින්දගෙ සෙට් එකේ කුරුඳුවත්ත ඉස්කෝලෙ හිටපු නියෝජිතයෙක් පුරුපුරුව හම්බවෙන්න මෑන්ස්ගෙ පන්තියට ආවා. පොරට ඉස්කෝලෙ කිව්වේ බටු ඉෂාන් කියලා. මොකද මෑන්ස් බටු ගෙඩි දෙකක් විතර තමයි ඒ දවස්වල උස. බටු ඉෂාන් කියන්නේ ඉස්කෝලෙ පිළිගත් මැරයෙක් නෙවෙයි. ඒත් මෑන්ස්ට තිබුනෙ මැර චරිතයක් වෙන්න පුදුමාකාර උණක්. ඉස්සර පුරුපුරුත් එක්ක ඉෂාන් ගම්පහ ක්ලාස් ගිහින් තියෙන හින්දා මේ දෙන්නා හොඳට අඳුනනවා. ඉතිං ඉෂාන් තමන්ව හොයාගෙන පන්තියට ආපු එක පූසාට එච්චර අමුත්තක් වුණේ නෑ.

ඉෂාන් :- ආ...පූසා, උඹට පණිවිඩයක් කියන්න තියෙනවා. පොඩ්ඩක් එළියට වරෙන්කෝ.

පුරුපුරුත් ඉතිං බටු ඉෂාන් එක්ක පන්තියෙන් එළියට ගියාලු. ඉෂාන් පුරුපුරුව එක්ක ගියේ අපේ පිටස්තරයා හිටපු කඩ්ඩ මීඩියම් බයෝ පන්තිය ළඟට.

ඉෂාන් :- අඩෝ! උඹ මහ -- වැඩක් කරලා තියෙනවා කියලා මට ආරංචියි.

පුරුපුරු :- මොකක්? මම එහෙම කිසිම වැඩක් කරලා නෑ.

ඉෂාන් :- නෑ නෙවෙයි, උඹ අපේ මලින්ද යාලුවෙලා ඉන්න රසිකාගෙන් ඒකිගෙ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලුවා නේද?

පුරුපුරු :- උඹට පිස්සුද?

ඉෂාන් :- පිස්සු කාටද කියලා බලමුකො අනිත් දවසෙ ගම්පහ ආවම. උඹ ඒකිගෙන් කවදාවත් ෆෝන් නම්බර් එකක් ඉල්ලලා නෑ?

පුරුපුරු :- යකෝ ඒ නවය වසරෙදිනෙ. ඒකත් මම ඉල්ලගත්තෙ සුදුපූසිගෙ නම්බර් එක. අනික ඒ කාලෙ ඒකි මලින්දයෙක්ව දන්නෙත් නෑ.

එතකොටම තමයි පුරුපුරුට තේරුනේ සිද්දිය මොකද්ද කියලා. මේක පුරුපුරුත් එක්ක වලියක් දාගන්න මලින්ද ගහපු විශිෂ්ට ප්ලෑනක් වෙන්න ඕනේ. බොරු චෝදනාවක් එක්ක ඉෂාන්ව පුරුපුරුට සද්දයක් දාන්න එවලා තියෙන්නෙ වෙන මොකටවත් නෙවෙයි, පුරුපුරු ලව්වා ඉෂාන්ට ගුටිකන්න සලස්වන්න. එතකොට මලින්දට එක්ස්කියුස් එකක් තියෙනවා ගම්පහදි පුරුපුරුට හොඳ ගේමක් දෙන්න. ඒ එක්කම පුරුපුරු වලිබර පූසෙක් කියලා සුදුපූසිට ආරංචි වෙනවා. නැත්තං ඉෂානයා අර වගේ අඳබාල චෝදනාවක් කරයිද?

හැබැයි මේ වෙද්දි මලින්දගේ ප්ලෑන් එක සෑහෙන දුරට වැඩ කරලයි තිබුනේ. බටු ගෙඩි දෙකක් උස නැති බටු ඉෂාන් තමන්ට සද්දෙ දානකොට පූසාට හිතුනෙම මෑන්ස්ව උස්සලා එහා පැත්තෙ තිබුන ඩස්ට්බින් එකට විසිකරන්න. ඒත් මලින්දගේ ප්ලෑන් එක තේරිච්ච ගමන්ම පුරුපුරු තීරණය කළාලු මොන දේ වුණත් බටු ඉෂාන්ට නොගහා ඉන්න.

අන්තිමේදි තමන්ගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි, නැත්තං පුරුපුරු තමන්ට ගහන්නෙ නෑ කියලා තේරුම් ගත්ත හින්දා හරි බටු ඉෂාන් කළේ පුරුපුරුගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලපු එක. එතකොටම තමයි මේ සීන් එක කඩ්ඩ මීඩියම් පන්තියේ හිටපු අපේ කිං බීජේ දැක්කේ.

බටු ඉෂාන් පුරුපුරුගෙ කොලර් එකෙන් අල්ලගෙන ඉන්නවා දැක්ක කිං බීජේ දුවගෙන ආවලු ක්ලාස් එකෙන් එළියට.

කිං බීජේ :- ඇයි ඇයි!! පුරුවා මොකද කේස් එක? මොකාද මූ?

බැලින්නං මෑන්ස් බටු ඉෂාන්ව දන්නෙත් නෑ. කලිනුත් කිව්ව විදිහටම ඉෂාන් දිගටම මැරයෙක් වෙන්න උත්සාහ කළත් කවුරුවත් මෑන්ස්ව ගනන් ගත්තෙ නෑ.

ඊටපස්සෙ පුරුපුරු කිසිම උත්තරයක් දෙන්නත් ඉස්සරවෙලා බීජේ කළේ බටු ඉෂාන්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියකට හේත්තු කරපු එක. මේකෙන් වුණේ ඉෂාන් අම්බානට බය වෙච්ච එක. සමහරවිට මැර ඩයල් එකක් වෙන එක හිතන තරම් සුන්දර කැරියර් පාත් එකක් නොවෙන වග මෑන්ස්ට තේරෙන්න ඇති. 

පුරුපුරු :- කිං, ඔන්න ඕකාට යන්න දීපන්.

ඉතිං මෙහෙම කිව්වාම කිං බීජේ ඉෂාන්ව අතඇරියාලු. ඊටපස්සේ ඉෂාන් එතනින් ඌර්ධවපාතනය වුණේ විදුලි වේගෙන්. ඊටත් පස්සෙ තමයි පුරුපුරු කිං බීජේට සම්පූර්ණ සිද්දිය කිව්වේ. ඒත් එතකොට පරක්කු වැඩියි. ඒ වෙනකොටත් මලින්දගේ ප්‍රාර්ථනාව ඉෂ්ටවෙලා ඉවරයි. ඉතිං වෙච්ච වැඩේ ගැන බීජේත් දුක් වුණාලු.

අපේ පුරුපුරුට බය හිතුනේ මලින්දගේ සෙට් එකෙන් ගුටිකන එක ගැන නෙවෙයි, සුදුපූසි තමන් ගැන වැරදියට හිතයි කියලා. මොකද සුදුපූසිට වලි වලට යන කොල්ලන්ව පෙන්නන්න බෑ. කොහොමහරි ඉතිං අනිත් දවසේ පුරුපුරු ගම්පහ ක්ලාස් ගියේ ඕන දේකට ෆේස් කරනවා කියන හැඟීමෙන්.



28 comments:

  1. තව කොටස් කීයක් තියෙනවද? කතාව නම් ගින්දර වගේ නැගල යනව :)
    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාමු! :)

    ReplyDelete
  2. එළය!!! උපරිමය... හැබැයි ඊළඟ කෑල්ල දාන්න නම් පරක්කු වෙන්න එපා!!!!

    ReplyDelete
  3. ඔව් ඊලග එකත ඉක්මනට දාන්න ....

    ReplyDelete
  4. කතාව එලය.ගොඩක් එවුන්ට ඔය මරයෙක් වෙන උන තියෙනවා.
    මේ කතාව කියවලා ඉවර කරනකොට මට මුනුපුරනුත් ඉදියි. කෝපි කඩේ වගේ කතාවක් නේ. හික්ස් :)

    ReplyDelete
  5. බොහොම ස්තුතියි යාලුවනේ. මගේ අදහස තව කොටස් දෙකකින් මේ සීරීස් එක ඉවර කරන්න. බලමුකෝ යන විදිහට. සමහර ඒවා මතක් වෙන්නේ ලියාගෙන යනකොට නොවැ!

    ReplyDelete
  6. Meka kiyawanakota kathaawa maevila penavaa. Moko maath kurunduwaththatane giye.. Charitha walata ape batch eke kollannwa thamai aadesha wenne.. hik hik :D

    ReplyDelete
  7. පුරු පුරු, මේක ලියල හින්දි ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙකුට යවන්ඩ. ෆිල්ම් එකක් ගහනව අනිවා!!!

    ReplyDelete
  8. යකෝ මේ කොටසෙන් වත් ඉවර වෙයි තියලා ඉවසිල්ලක් නැතුව හැමදාම මං මේ පැත්තට ආවේ කතාව බලන්න! කමක් නෑ. එක අතකින් කතාව දිග වෙද්දිත් ආතල් එකක් තියනවා. ඉතිරි කොටස් දෙකත් ඉක්මණට දාපන්! අපිට ඉක්මණට මේකෙ අවසානය දැන ගන්න ඕනි....

    උඹලා ගේම් එක්කමනේ බං ඉදලා තියෙන්නේ එළ එළ!

    ReplyDelete
  9. @ මුහුදු කොල්ලකාරයා - මේක හින්දි එව්වට වඩා දෙමළ එව්වට හොදයි! ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් බුෂාව් කියලා ෆයිටි සීන් කෝන් එහෙම තියනවනේ මචං! ඒ නිසා මනිරත්නම් ට හරි ප්‍රභූදේවාට හරි යවමු... හික් හික්! ඉක්මණට දාපන් ඉතිරි ටිකත්! එළටම!

    ReplyDelete
  10. පුරු පුරු වලියකට සෙට් වෙන්න වගේ යන්නෙ. රෝහණධීරවත් හිටියෙ නැද්ද උදවුවට.
    ඊළග එකත් ඉක්මනට දාපං.

    ReplyDelete
  11. අඩේ මේක උඩින් උඩින් ගිහින් නවත්තන්න එපා සේරම ලියපන්,,,මේක මරු කතාවක් නේ මෙගා උනාට

    ReplyDelete
  12. කොල්ලෙක් යාළු වෙන්න හදන කෙල්ල කැමති වෙන්නේ නෑ කියල කවද්ද යාළුවො තරහ වුනේ....

    ReplyDelete
  13. කමෙන්ට් දදා ඇවිල්ල අන්තිම ටික එද්දි එක හුස්මට කියවගෙන ආවෙ අවාඅනයක් දකින්න.... මේ පැත්තෙ කාලෙකින් ගොඩ නොවැදුනේ වෙලාවට... හික් හික්... අඩේ මේක නම් පට්ට සීරිස් එකක් මලයෝ... ඉක්මනට කොටාපන්කො ඉතිරියත්

    ReplyDelete
  14. පිස්සා
    තාරක
    ඩිලාන්
    ප්‍රසන්න
    මාධව
    මුහුදු
    ඇනෝ

    බොහොම ස්තුතියි යාලුවනේ.

    හික් හික්!! ඇයි සිංහල ෆිල්ම් එකකට නරකද?

    ReplyDelete
  15. තා ‍කොටාටාටාස් ‍දෙකාකාකාකායි.............. හු‍රේ........
    ‍‍මේ මලින්දට ‍කෙල්‍ලෙක් ඉඳලත් තිබුන අමාරුවක්.... ෂිහ්.....

    ReplyDelete
  16. අපි හිතුවේ ෆිල්ම් වල විතරයි මෙහෙම දුෂ්ටයෝ ඉන්නේ කියල . බලන් ගියහම පිරිමි ළමයින්ටත් හරියට ප්‍රශ්න නේද .

    ReplyDelete
  17. අප්පා මේකතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ බොලේ හැමදාම ඊලඟ කොටස එනකම් නොයිවසිල්ලෙන් බලං ඉන්න එක තමා හැමදාම කරන්න වෙන්නේ ..

    ReplyDelete
  18. මාධව - ඔව් ටැමිල් ෆිල්ම් එකකටත් හොඳයි. මෙන්න ෆයිට් සීන් එක.

    ඔන්න පුරු පුරු ඉස්සරහට මලින්දයි, බටු ඉෂානුයි, මලින්දගේ යාලු ලා නන්දෙ කොල්ලයි තුන්දෙනාම එනවලු. ඩිශුම්! ඩිශුම්! කියල කැමරාව මාරුවෙන් මාරුවට හතර දෙනාගේ මූණු වලට අල්ලනව. පුරු පුරු අතේ පිහියකුයි, පිස්තෝලෙකුයි තියෙනව. හැබැයි පිස්තෝලේ තියෙන්නෙ එක බුලට් එකයි. පුරු පුරු මොකෝ කරන්නෙ, හරියට රජිනිකාන්ත් වගේ පිස්තෝලෙන් වෙඩි තියනව මැද ඉන්න එකාට. ඊට පස්සේ බුලට් එක මග යද්දිම, එක‍ට දමල ගහනව පිහියෙන්. දැන් ඔන්න බුලට් එක ස්ලෝ මෝෂන් එකේ යනව. පිහියත් ඒක පස්සෙ යනව ක්ලෝස් අප් එකක් පෙන්නනව. පිහිය ගිහින් හරියට බුලට් එකේ දෙකට මැදින් වැදිලා ඒක කෑලි දෙකකට කැපෙනව. පිහිය ගිහින් මැද එකාට වදිනව. බුලට් එකේ පලු දෙක ගිහින් දෙපැත්තෙ එවුන් දෙන්නට වැදෙනව. මේ ඔක්කොම ස්ලෝ මෝෂන් හරි? දැන් අරුන් තුන් දෙනාම ගෙම්බ ගැහුව වගේ ඇදන් වැටෙනව.

    කෝමද ගේම? මර්ඩර් තුනයි එක තැන! ඔන්න මම සටන් ජවනිකාව ලිව්ව. එළඟට වැස්සෙ තෙමි තෙමි නටන සින්දු ජවනිකාව තව කෙනෙක් ලියන්ට.

    ReplyDelete
  19. මුහුදු කොල්ලකාරයා කියපු එක හරි යන්නෙ ඉංගිලිෂ් එකකව වගේ...දෙමළ ඒවගෙ තුවක්කු පාවිච්චිය අඩුයි නේ..මන්නෙ නෙ ප්‍රධාන ආයුදේ

    ReplyDelete
  20. @මුහුදු,

    තෝ මොනවැයි අද ගැහුවේ..!!?? කල්ලෙක්ගෙන් වත් හම්බවෙලා කැනබිස් පාරක් දැම්මද..??

    ReplyDelete
  21. පුස් මලේ බටු මතක් කලනිසා මටත් මතක් උනේ...ඉස්සර අපි A/L කරනකාලේ බටු ඉන්දික කියලා එකේක් බැහැල හිටියනේ 200 යේ හැබැයි එකානං මාකට් එකේ බටු වික්කා....

    ReplyDelete
  22. 200 යේ කිව්වේ..ඔය කොළඹ බස් රුට් එකේ නොම්බරේ 200 හින්දා උබ දන්නවනේ ඒ කාලේ අපි ඔය බස්ටැන්ඩ් එකට කිව්වෙ 200..කියලා

    ReplyDelete
  23. හැබැයි සමහර කෙල්ලො වලි වලට බර කොල්ලොන්ට කැමතියි.

    ReplyDelete
  24. අම්මට උඩු කතාවේ climax එක ඊගවට බලා ගන්ඩ පුලුවන්... ඉක්මනට දාපියව් යකුනේ,,

    ජය..

    ReplyDelete
  25. මම අහන්නම කියලා හිටියේ.නරකද සුදු පූසි කියලා ෆිල්ම් එකක් වත් ගැහුවොත්?එල සීරීස් එක අපි දිගටම කියවනෝ කොටස් 50ක් උනත් කමක් නෑ දාන්ඩෝ..

    ReplyDelete
  26. එලස්!නියමෙට ලියනවා.අපේ සයන්ස් ක්ලාස් එකෙත් ඉන්නවා ඔය බටු කාරයාට හුගක් දුරට සමාන එකෙක්.ඌටත් දෙකක් ඇන්න ගමන් මැර කම් ඔක්කොම පැත්තකට දාලා එතනින් ඌර්ධවපාතනය වෙනවා!

    ReplyDelete
  27. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න, මේක ඇදෙනවා වැඩියි නොවැ..

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???