අඹ යාලුවෝ

Showing posts with label උමේෂ්. Show all posts
Showing posts with label උමේෂ්. Show all posts

Friday, January 14, 2011

චංචලා - 7 (නාමල් අයියා සහ නවීන තාක්ෂණය)


චංචලා 1
චංචලා 2
චංචලා 3
චංචලා 4
චංචලා 5
චංචලා 6


අපි කලින් ලිපියෙ කිව්වා වගේ 2008 අවුරුද්දෙ, අපේ උපාසක උසස් අධ්‍යාපන කටයුතුවල පහසුවට බෝඩිමක නතරවෙලයි හිටියේ. හැබැයි ඉතිං ඒක බෝඩිමක් කිව්වට බෝඩිමක්මත් නෙවෙයි, අදුරන කෙනෙක්ගෙ ගෙදරක්ලු. ඒ හින්දා උපාසකට කලින් වගේ චංචලා එක්ක කතා කරන්න චාන්ස් එකක් ලැබුනෙ නෑ. ඉතිං ඒ නිසා මේ දෙන්නා පණිවිඩ හුවමාරුවට ගොඩක් යොදාගත්තෙ කෙටි පණිවිඩ සේවය. ඇත්තටම මෙතනින් පටන් ගත්ත එස් එම් එස් වැඩේ හින්දා උපාසක අද වෙනකොට ගොඩක් වේගවත් කෙටි පණිවිඩකාරයෙක්.

කොහොමහරි මේ දවස්වල උපාසකයි චංචලායි පොඩි පොඩි අවුල් දෙක තුනකුත් දාගෙනයි හිටියේ. මොකද ඉගෙනගන්න තැන ගෑනු ළමයි එක්ක උපාසක කතා බහ කරනවාට චංචලා කැමති වුණේම නෑ. ඒත් ඉතිං තමන්ට තියෙන ආදරේටනෙ චංචලා මෙහෙම අකමැති වෙන්නෙ කියලා හිතපු උපාසක, චංචලාත් එක්ක තරහා ගන්නෙ නැතුව හිටියලු. ඔය විදිහට දෙන්නා ප්‍රශ්න පිට හිටපු දවසක තමයි උපාසකට චංචලාගෙන් හරි අපූරු මැසේජ් එකක් ආවෙ.

/ දැන් බෑනෙ අයියේ, දැන් මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ /

‍ඉතිං මේ මැසේජ් එක දැකපු අපේ පූසාට උතුර දකුණ මාරු වුණාලු. මෑන්ස්ට හිතාගන්න බෑ මේ මොන මරාලයක්ද කඩා පාත්වෙලා තියෙන්නෙ කියලා. ඔහොම ෂොක් එකේ ඉන්නකොට තමයි චංචලා උපාසකට තවත් මැසේජ් එකක් එව්වෙ.

/ අනේ සොරි උපාසක, අයියා කෙනෙක් මගෙන් යාලුවෙන්න අහනවා. එයාට යැව්ව රිප්ලයි එක තමයි බැරිවෙලා ඔයාට ආවෙ. අනේ සොරි, මාත් එක්ක තරහා වෙන්න එපා /

හැබැයි එතකොටත් සිද්දවෙන්න ඇත්තෙ මොකද්ද කියලා උපාසකට තේරුම් යමිනුයි තිබුනේ. ඉතිං තමන් හිතපු දේ හරි කියලා කොන්ෆර්ම් කරගත්තු පූසා චංචලාට මැසේජ් එකක් යැව්වලු, මෑන්ස් එයා එක්ක තරහා නැහැයි කියලා. ඊට පස්සෙ ඉතිං දෙන්නා සුපුරුදු විදිහට කතා බහ කරන්නත් පටන් ගත්තලු. හැබැයි මෙහෙම කතා බහ කළාට මොකද, උපාසකගෙ හයවෙනි ඉන්ද්‍රිය පුරාම බ්‍රේක් ඩාන්ස් දාන්නෙ අර චංචලා එව්ව මැසේජ් එක. බැරිම තැන මෑන්ස් තීරණය කළාලු පොඩි ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙයි කියලා.

උපාසක මුලින්ම කළේ චංචලාව හම්බවෙලා වෙනදා වගේම සාමාන්‍ය විදිහට කතා කරපු එක. මේ කතාබහේදි ෂේප් එකේ වැදගත් ඉන්ෆො ටිකක් දැනගන්න මෑන්ස්ට පුලුවන් වුණා.

චංචලාට උපාසකව හම්බවෙන්න කලින් ලව් එෆෙයාර් එකක් තිබිලා තියනවා
ඒක හැබැයි මාස හයකට වඩා තිබිලා නෑ
යාලුවෙලා හිටපු කොල්ලාගෙ නම තමයි "නාමල්"
මෑන්ස් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල්
දැන් චංචලාගෙන් යාලුවෙන්න අහන්නෙත් පොරමයි

ඒ වගේම උපාසකට තේරුණාලු චංචලාට ටික දවසක ඉදලා නාමල් අයියා එක්ක මොනවාහරි කන්ටෑක්ට්ස් තියනවා කියලා. ඉතිං අපේ උපාසක කළේ චංචලාට හොරෙන්, චංචලාගෙ ෆෝන් එකේ තිබුන ඉන්කමින් සහ අවුට්ගොයින් කෝල් නම්බර්ස් ටික අරගත්තු එක. ඊටත් පස්සෙ තමයි මෑන්ස් ෆුල්ටයිම් මිෂන් එකට එන්ටර් වුණේ.

ඉතිං මේ වැඩේට අපේ මාලුකට්ටායි, ගම්පහ පිරිමි ඉස්කෝලෙ හිටපු උමේෂ් කියලා ළමයෙකුයිත් උපාසකට ලොකු සපෝට් එකක් දුන්නා. උමේෂ් තමයි චංචලාගෙ ෆෝන් එකේ තිබුන ‍සමහර නොම්මර වලට අදාල නම් සහ ඇඩ්‍රස් ටික හොයලා දුන්නෙ. බැලින්නං මෙන්න බොලේ නාමල්ගෙ මොබයිල් නොම්මරේ විතරක් නෙවෙයි, ලෑන්ඩ් ෆෝන් එකේ නොම්මරේ පවා චංචලාගෙ ෆෝන් එකේ තියෙනවලු.

මේ විස්තර ටික දැනගත්තාට පස්සෙ උපාසක කළේ ඉන්ටර්නෙට් එක හරහා චංචලාගෙ සිම් එකේ පාලනය තමන් අතට ගත්තු එක. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක හරහා තමන්ගෙ සිම් එක හදිසි වෙලාවකදි පාලනේ කරන්න තමයි මේ මෙතඩ් එක හදලා තියෙන්නෙ. ඒත් ක්‍රම සහ විදි දන්නවානං, මේ මෙතඩ් එකම අනුන්ගෙ සිම් එකක් පාලනයටත් යොදාගන්න බැරිකමක් නෑ. ඉතිං ඔය විදිහට උපාසකට පුලුවන් වුණා චංචලාගෙ නම්බර් එකට එන මැසේජ් තමන් කැමති වෙලාවට, තමන්ගෙ නම්බර් එකට හරවාගන්න.

දැන් ඉතිං අපේ පූසා දවසට දෙතුන් පාරක් මේ වැඩේ කරලා බලනවලු. හැබැයි ඉතිං දවස් කීපයක් ගතවුණත් කිසිම සැක කටයුතු මැසේජ් එකක් උපාසකගෙ ෆෝන් එකට ආවෙ නෑ. දැන් මෑන්ස්ට මාර අප්සෙට් තමන් චංචලා ගැන නිකං බොරුවට සැක කළා නේද කියලා. ඉතිං එක දවසක් රෑ, අන්තිම පාරටත් ඔහොම මැසේජ් කොන්වර්ට් වෙන එක දැම්මාම තමයි, උපාසක බලාපොරොත්තු නොවුණු විදිහට නාමල්ගෙ නොම්මරෙන් මැසේජ් එකක් ආවෙ.

/ මම පාටි එකක ඉන්නෙ නංගියො, කතා කළාට ඇහෙන්නෙ නෑ, තව ටිකකින් ගන්නම් /

ඉතිං මේ මැසේජ් එක උපාසකට ආවා කියන්නෙ චංචලාට හම්බවුණේ නෑ කියන එකනේ. ඉතිං කලින් එවපු මැසේජ් එකට චංචලා රිප්ලයි නොකරපු හින්දා නාමල් ටික වෙලාවකින් තව මැසේජ් එකක් එව්වා.

/ නංගි බබා මාත් එක්ක තරහා වුණාද? මම ඉක්මනින්ම මෙතනින් එන්නම් බබෝ /

මෙන්න බොලේ තව ටික වෙලාවකින් තවත් මැසේජ් එකක් එනවා. බලන් ගියාම නාමල් කියන්නෙ මැසේජ් උල්පතක් නොවැ!

/ මම දැන් එනවා බබෝ. 10ට කෝල් කරන්නම්. නංගි මම එනකං නැගිටලා ඉන්නවා නේද? /

මේ මැසේජ් ටික දැක්කාට පස්සෙ උපාසකට මොනවා හිතෙන්න ඇද්ද කියලා ආයි ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද යාලුවනේ? ඒත් කෝකටත් කියලා දහයයි කාලට විතර මෑන්ස් චංචලාට රින්ග් කළාලු. හැබැයි එතකොට චංචලාගෙ නම්බර් එක බිසී. උපාසක ඊටපස්සෙ රෑ එකොලහට කතා කරනකොට, ඒ වෙනකොටත් චංචලාගෙ නම්බර් එක බිසීලු.

මේ සිද්දිය වුණේ සිකුරාදා රෑ. ඒ කියන්නෙ පහුවෙනිදට උපාසකට චංචලාව මීට් වෙනවා. ඉතිං මේ සිද්දිය ගැන චංචලා එක්ක පහුවෙනිදාම කතාකරනවා කියලා හිතාගත්ත උපාසක එදා නිදාගන්න ගියෙ, පහුවෙනිදා මේ සිද්දිය තමන් අහන්නත් කලින් චංචලා කියයි කියලා හිත හදාගෙන.

පහුවෙනිදා ඉතිං සුපුරුදු විදිහට මීට් වෙච්ච අපේ යාලුවො දෙන්නා කතා කරන්න ගියෙ වෙනදා වගේම ගොහොල් පේශිය පැත්තට. හැබැයි මේ දෙන්නා කතා කර කර හිටියට, හවස ගෙදර යන්න පිටත් වෙනකංම චංචලා මේ සිද්දිය ගැන මොනවත්ම කියලා නෑ. අපේ උපාසකත් ඉතිං මේක දැන් කියයි, දැන් කියයි කියලා හිත හිතා හිටියත් චංචලා සිද්දිය ගැන කියන පාටක් ඇත්තෙම නෑ. මේ වෙද්දි දෙන්නා ගම්පහින් පූස්ගමට යන බස් එකටත් නැගලා ටික දුරක් ගිහින්. ඉතිං තවත් ඉවසන්න බැරිවුණ උපාසක තීරණය කළාලු මේ නාමල්ගෙ කේස් එක මොකද්ද කියලා චංචලාගෙන් අහලාම දැනගන්න.

ප.ලි - දැඩි සීතල මැද අවසන් කොටස ටයිප් වෙමින් පවතී