අඹ යාලුවෝ

Showing posts with label දිලූශා. Show all posts
Showing posts with label දිලූශා. Show all posts

Wednesday, November 17, 2010

හොස්ටල් ලයිෆ් - කොයින් බොක්ස් එක (The Coin Box)

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි මීට මාසෙකට දෙකකට කලින් ලියපු "දිලූශා සහ හංසිනී" කියන සීරීස් එක.ඒකෙ කතාව කෙටියෙන් කිව්වොත්, අපේ මාලුකට්ටා දිලූශායි හංසිනීයි කියලා දැරිවියො දෙන්නෙක් එක්ක ෆිට් වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බැරුව ඉන්නවා.පස්සෙ මෑන්ස් කොහොමහරි දිලූශාගෙන් යාලුවෙන්න යාලුවෙන්න අහනවා.ඒත් මාලුකට්ටා එක්ක යාලුවෙන්න බලාගෙන ඉදලා තියෙන්නෙ හංසිනී හින්දා වැඩේ අප්සට් ගිහින් මෑන්ස්ට අන්තිමට කෙල්ලො දෙන්නම නැතිවෙනවා.ඔන්න කියවලා නැති යාලුවන්ට ගිහින් ටක් ගාලා කියවලා සීරීස් එකම කියවලා එන්න පුලුවන්.

දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දිලූශා සහ හංසිනී 3

කොහොමහරි ඉතින් ඔය වෙච්ච සිද්දියෙන් පස්සෙ අපේ මාලුකට්ටා අම්බානට අප්සට් එකේ හිටියෙ.අපරාද කේස් එකක් නොවැ වුණේ.මාලුකට්ටාට කැමති හංසිනී කියලා දැනගෙන හිටියනං කෙලින්ම ගිහින් හංසිනීගෙන්ම අහන්න තිබුනනෙ.කොහොමහරි ඔය සිද්දිය ගැන මෑන්ස් ලතවෙවී ඉන්න කාලෙක තමයි වේයන්ගොඩ ඉස්කෝලෙ 11 වසර ට්‍රිප් එක යන්න යෙදුනෙ.දුකින් තැවි තැවී හිටපු මාලුකට්ටත් ඔය ට්‍රිප් එකට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නත්, කුරුදුවත්තෙ පෝරිසාදයෙක්ව තමන්ගෙ බස් එකක දාගෙන යන්න වේයන්ගොඩ කොල්ලො සෙට් එක කැමති වුණේ නෑලු.

අන්තිමට ඉතිං මෑන්ස්ට සිද්ද වුණේ දිලූශාගෙයි හංසිනිගෙයි ආරක්ෂාව අපේ වේයන්ගොඩයටයි, චාමරටයි බාරදීලා පැත්තකට වෙලා ඉන්න.මාලුකට්ටා කෙසේවෙතත් පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයිනං බයේ හිටියෙ පොල් අරක්කු බෝතලේ දාලා බියර් ගෙනාපු වේයන්ගොඩයා කෙල්ලො දෙන්නට මොනවා කරයිද කියන එක ගැන.කොහොමහරි ඉතිං නියමිත දවසෙ කට්ටිය ට්‍රිප් එක පිටත් වෙලා තිබුනලු.දැන් සෙනසුරාදා වෙනකං මාලුකට්ටාට ඉවසිල්ලක් නෑ.ට්‍රිප් එකේ සිද්ද වුණේ මොකද්ද? දිලූශායි හංසිනියි පොරව මතක් කළාද නැද්ද? වගේ දැනගන්න දේවල් ගොඩාරියයි.

ඉතිං සෙනසුරාදා ලිට් ක්ලාස් එකේ සෙට් වුණාම අපේ යාලුවා මුලින්ම කළේ වේයන්ගොඩයව අල්ලගෙන ට්‍රිප් එක ගැන ඉන්ෆො ගත්තු එක.ඒත් වේයන්ගොඩයානං ට්‍රිප් එකේ සිද්ද වුණ දේවල් ගැන කියන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ.අන්තිමට පූසො කට්ටිය මෑන්ස්ගෙ කනෙං ඇදලා ඇහුවට පස්සෙ තමයි වේයන්ගොඩයා ට්‍රිප් එකේ සිද්ද වුණ දේ ගැන කිව්වෙ.

බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.ඔය දිලූශායි හංසිනීයි කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්කෝලෙ අනිත් ළමයින්ට ලොකු එක දීගෙන ඉන්න ඩයල් දෙකක්ලු.ඉතිං ඉස්කෝලෙ කොල්ලො සෙට් එකට කාලෙක ඉදලා ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා මේ දෙන්නට ගේමක් දෙන්න.විශේෂයෙන්ම මාලුකට්ටා ට්‍රිප් එකේදි ගෑනු ළමයි දෙන්නව බලාගන්න කියපු චාමරයි, වේයන්ගොඩයයිත් මේ දෙන්නා එක්ක අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා තමයි ඉදලා තියෙන්නෙ.ඉතිං ට්‍රිප් එක වෙලාවෙ වේයන්ගොඩයාට මේ දෙන්නට ගේමක් දෙන්න මරු අයිඩියා එකක් පහළ වෙලා.

සාමාන්‍යයෙන් ඉතිං කවුරු වුණත් ට්‍රිප් එකක් යද්දි අත් දෙක වන වනා එන්නෙ නෑ නොවැ! දිලූශායි හංසිනීයිත් ඉතිං ඔය ට්‍රිප් එකේදි බොන්න කියලා කොකාකෝලා බෝතලයක් ගෙනල්ලා.ඕක දැක්ක වේයන්ගොඩයා කරලා තියෙන්නෙ කෙල්ලො දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා බෝතලේ උස්සපු එක.හැබැයි මෑන්ස් බෝතලේ අරගෙන නිකං ඉදලා නැහැ.බෝතලේ තිබුන කෝක් වලින් කාලක් විතර බීපු වේයන්ගොඩයා කරලා තියෙන්නෙ, ට්‍රිප් එකේදි අනුමත වෙන්න කොල්ලො ගෙනාපු අරක්කු බෝතලේකින් ටිකක් කෝක් බෝතලේට පුරවලා, ආපහු තිබුන තැනින්ම තියපු එක.ඇත්තටම මත්පැන් කලවම් කිරීම සම්බන්දෙන් මෑන්ස්ට තියෙන අත්දැකීම් සහ ඉතිහාසය බැලුවම කවදාහරි පොර නතර වෙන්නෙ හොර අරක්කු මුදලාලි කෙනෙක් වෙලා තමයි.

කොහොමහරි ඊටපස්සෙ තමයි හොදම හරිය වෙලා තියෙන්නෙ.වටේ පිටේ හිටපු කෙල්ලන්ටත් පොඩ්ඩ පොඩ්ඩ දුන්නට පස්සෙ දිලූශායි හංසිනීයි තමයි කෝක් බෝතලේ වැඩි හරියකට වග කියලා තියෙන්නෙ.අලුතින් මාකට් එකට එන කෝක් පරණ එව්වාට වඩා රහයි කියලත් දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු.ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ ගෑනු ළමයි දෙන්නටම හොද පදමට ගණංලු.වේයන්ගොඩයා කියපු හැටියට ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිලූශා, හංසිනීගෙ යම් කිසි ශරීර ප්‍රදේශයක් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරපු එක.අපේ ටැබූගෙ භාෂාවෙන් කියනවනං පොඩි සමරිසි පාර්ට් එකක් දාලා.පොඩි පාර්ට් එකක් වුණත් ඉතිං අපේ අයියලාට ඕකත් ඇති නොවැ!

කොහොමහරි ඉතිං වේයන්ගොඩයාගෙ මිෂන් එක නියමෙට එකම්ප්ලිෂ් වුණා.හැබැයි මේ සිද්දියෙන් මාලුකට්ටගෙ හිත රිදෙනවා නේද කියලා මෑන්ස්ට මතක් වුණේ සිද්දිය වෙලා ඉවර වුණාට පස්සෙ.ඉතිං සිද්දිය අහපු මාලුකට්ටා වෙයන්ගොඩයාව පණපිටින් අනුභව කළේ නැති ටික විතරයි.කොහොමහරි අන්තිමට වුණේ මාලුකට්ටාගෙ හිතේ දිලූශා ගැන තිබුන ආදරේ වෛරයකට හැරුණ එක.දැන් මෑන්ස් උදේ හවස ප්ලෑන් කරන්නෙ දිලූශාට ගේමක් දෙන හැටිලු.ඔය සිද්දිය වෙරි වෙලා හිටපු වෙලාවක සිද්දවුණ පොඩි දෙයක්නෙ කියලා මාලුකට්ටාගෙ හිත හදන්න අනිත් පූසො ට්‍රයි කළත් දවසින් දවස මෑන්ස්ගෙ තරහා වැඩි මිසක් අඩු වුණේ නෑ.

අන්තිමට මාලුකට්ටා තීරණය කළේ දිලූශාට කෝල් එකක් දීලා ඇනෝනිමස් විදිහට බනින්න.ඉතිං පූසන්ගෙ කටහඩවල් දිලූශා අදුනන නිසයි, වැඩේට සුදුසු බෙස්ට් පුද්ගලයා තාරබාසු නිසයි, කෝල් කිරීම තාරබාසුටම පවරන්න මාලුකට්ටා තීරණය කළා.වැඩේට තෝරගත්තෙ පිං කොයින් බොක්ස් එක."පිං" කිව්වෙ පිනට කෝල් කරන්න දුන්න නිසානං නෙවෙයි, ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක ළග බොක්ස් එක තිබුන නිසා.ඉතිං හවස් වරුවෙ තාරබාසුට හොදට කන්න බොන්න අරන් දුන්න පුරුපුරුයි මාලුකට්ටයි, ඩිනර් එකෙන් පස්සෙ මෑන්ස්ව ඇදගෙන කොයින් බොක්ස් එක ලගට ගියාලු.

ඒ දවස්වල ඉතිං වැඩිපුර මොබයිල් ෆෝන් තිබුනෙ නෑ නොවැ! තිබුනනං දිලූශාට කෙලින්ම කතා කරලා බනින්න තිබුනා.ඉතිං දිලූශාම ඇවිත් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් වුණත් කතා කරන්න සිද්ද වුණේ දිලූශාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.අපේ යාලුවොත් ඉතිං පහේ කාසි තුනක් දාලා, නම්බර් එක ඩයල් කරලා වැඩේ පටන් ගත්තා.දැන් තාරබාසු අතේ තමයි රිසීවර් එක තියෙන්නෙ.කීප පාරක් රිංග්ස් ගියාට පස්සෙ අවාසනාවට වගේ එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්.ගොරෝසු වොයිස් එකෙන් ඒ කතා කරන්නෙ ඊයෙ පෙරේදා රට ඉදලා ආපු දිලූශාගෙ තාත්තා කියල හිතාගන්න පූසන්ට අමාරු වුණේ නෑ.

තාරබාසු :- හෙලෝ, දිලූශා ඉන්නවද?

දිලූශාගෙ තාත්තා :- May I know who's speaking there?

මහරෑ දෙගොඩහරියෙ තමන්ගෙ දුවට කෝල් කරන්නෙ මොකෙක් හරි නසරාණියෙක් වෙන්න ඇති කියලා දිලූශාගෙ තාත්තාට තේරුණාලු.පුරුපුරුගෙ අයිඩියා එක වුණේනං තාත්තා එක්ක කතාවට යන්නෙ නැතුව එතනින් ෂේප් වෙලා යන එක හොදයි කියලා.ඒ වුණාට රාජකාරියට අවංක තාරබාසු වගේ ඩයල් එකක්, බාරගත්ත ජොබ් එක ඉවර කරලා මිසක් පස්ස බලන්නෙ නෑ.ඉතිං මෑන්සුත් දන්න කියන කඩු වචන ටික දාලා ටෝකට එන්ටර් වුණාලු.

තාරබාසු :- I want to speak with Dilusha, right now

දිලූශාගෙ තාත්තා :- You bastard, who the hell do you think you are? @$#@%#$&*(*()^#@@!$~^*Q@$#@^#$

මෙහෙම පටන් ගත්ත අංකල්ගෙ කඩු කුණුහරුප ප්‍රහාරය හමුවේ සිද්ද වුණේ තාරබාසු ඇඹරිලා ගිය එක.ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරලා ඉන්නත් එපායැ!

තාරබාසු :- f--- you, suck my d---

දැන් තාරබාසුත් තමන් දන්න කියන ඉංගිරිසි කුණුහරුප ටික කට පාඩමෙන් වගේ කියාගෙන යනවලු.ඒත් ඒ කියවිල්ලෙ කිසි ගෝ එකක් නෑ.අංකල්ගෙ ප්‍රහාරය සැර වැඩියි.තාරබාසු එකක් කියනකොට අංකල් කාරයා දහයක් විතර කියනවා.මාලුකට්ටයි පුරුපුරුයි මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නවා.ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි අපේ තාරබාසුගෙත් ඉවසීමේ රතුකට්ට පැන්නලු.අංකල්ට කන් දෙකේ ඇගිලි ගහගන්න වෙන තරං හයියෙන් කෑ ගහලා මෑන්ස් කිව්වෙ මෙන්න මෙහෙම

I say, tell your daughter not to hit hoppers..........!!!

මේ කතාව කිව්වා විතරයි, එ‍හාපැත්තෙන් "දඩස්" ගාලා ෆෝන් එක තියනවා ඇහුනා. ඒ වගේම මාලුකට්ටාගෙ හිතේ තිබුන ආවේගයත් එවලෙම නැතිවෙලා ගියා.කොහොමහරි එදා ඉදන් අද දක්වාම දිලූශායි හංසිනීයි පූසො එක්ක කිසි ගනුදෙනුවක් නැහැලු.

ප.ලි - පස්සෙ පුස්ගම කෙල්ලො කොල්ලො අතරෙ ආරංචිය පැතිරුණේ පුරුපුරු කියන පෝරිසාදයා හොස්ටල් එකේ ඉදන් දිලූශාගෙ තාත්තාට කුණුහරුපෙන් බැනලා කෝල් කරලයි කියලා.ඒ මදිවට පුරුපුරු, අහිංසක මාලුකට්ටාවත් මේකට පටළවගෙන කියලා දූෂමාණ ආරංචියක් ගියාලු.

Saturday, August 28, 2010

දිලූශා සහ හංසිනී 3 - අසන්න පෙර සිතා බලනු


ඔන්න යාලුවනේ අපි ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු දිලූශා සහ හංසිනී සීරීස් එකේ 3 වෙනි කොටසත් ගෙනාවා.මේ සීරීස් එකේ කලින් කොටස් බලලා නැති යාලු‍වන්ට පහළ ලින්ක් වලින් ගිහින් බලන්න පුලුවන්.

දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2

දැන් ඉතිං මේ වෙද්දි අපේ මාලුකට්ටා බොහොම සතුටින්ලු හිටියෙ.ඒ වගේම මීට කලින් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නැති නිසා මෑන්ස්ගෙ හිතේ පොඩි චකිතයකුත් තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ වුණාට මාලුකට්ටාට බයවෙන්න දෙයක් තිබුනෙ නෑ.මොකද දැනටමත් වැඩේ ෂුවර් වගේ තමයි.පූසන්ගෙ අදහසට අනුව මාලුකට්ටා යාලුවෙන්න අහපු ගමන් දිලූශා "හා" කියන තත්ත්වයක් තමයි තිබුනෙ.

අපේ පූසා ඉතිං හොස්ටල් එකේ ඉන්න ගමන් ප්ලෑන් කරන්නෙ යාලුවෙන්න අහන හැටි නෙවෙයි.යාලු වුණාට පස්සෙ දිලූශාට කතාකරන්නෙ කොහොමද කියලා.මාලුකට්ටගෙ අයිඩියා එක තිබුනෙ යාලු වුණාට පස්සෙ දිලූශාට "දීශා" කියල කතාකරන්න.හැබැයි පුරුපුරුනං ඔය වැඩේට එච්චර කැමති වුණේ නෑ.බැරිවෙලා හරි ඔය ස්ටයිල් එකටම දිලූශා මාලුකට්ටගෙ නම "මාකට්" කියල වෙනස් කළොත් එහෙම?

කොහොමහරි ඉතිං කාලෙ ගෙවිල ගිහිං සෙනසුරාදා දවසත් උදා වුණාලු.මාලුකට්ටාට උපදෙස් ලැබිලා තිබුනෙ උදේ පාන්දර ඇවිත් ක්ලාස් එකට එන පාරෙ රැකගෙන ඉදලා, දිලූශා ක්ලාස් එනකොට එයාගෙන් අහන්නයි කියලා.මොකද දිලූශයි හංසිනීයි වෙන් වෙන් වශයෙන් දැකගන්න පුලුවන් උදේ ක්ලාස් එද්දි විතරයි.ඒකත් දෙන්නගෙ ගෙවල් පැති දෙකක තිබුන නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්.

ඔය ක්ලාස් එක තිබුනෙ පුරුපුරුලගෙ ගෙවල් ළගමයි.ඉතිං පුරුපුරුත් උදේම ක්ලාස් ඇවිල්ලා මාලුකට්ටා සුභ ආරංචිය ගේනකං බලාගෙන හිටියලු.ඒත් ටිකවෙලාවක් ගතවුණත් මෑන්ස් එන පාටක් පේන්න තිබුනෙ නෑ.ඔය අතරෙ උපාසක, ඤාව්වා, වේයන්ගොඩයා ඇතුලු පන්තියෙ අනිත් ළමයි එක්කොම ආවා.ටික වෙලාවකින් හංසිනීත් පන්ති ආවලු.ඊට පස්සෙ මැඩම් ඇවිත් පන්තියත් පටන් ගත්තලු.දැන් පන්තියෙ නැත්තෙ දිලූශයි, මාලුකට්ටයි විතරයි.

මුන් දෙන්නා ගොඩගිහින් ඇවිදින්නවත් ගියාද?

අපේ පූසො එහොම කල්පනා කර කර ඉන්න අතරෙ තමයි ටික වෙලාවකින් මූණ රතු කරගත්තු දිලූශා පන්තියට ආවෙ.ආපු ගමන් මැඩම්ට එක්ස්කියුස් කරලා වාඩි වුණා වුණාමයි, ගෑනි නෙවෙයි ආපහු ඔලුව උස්සලා වටපිටවත් බැලුවෙ.දැන් පූසන්ට මාර ප්‍රශ්නෙ.කෝ මේ මාලුකට්ටා?

ඔන්න එතකොටම තමයි ප්‍රශ්නෙට විසදුම හම්බවුණේ. මෙන්න බොලේ ඇවිදින මළමිනියක් වගේ මේකා හිමින් හිමින් පන්තිය දිහාවට ඇදෙනවා.මූණත් කලුවෙලා, ඒ මදිවට කොන්ඩෙත් හොදටම අවුල් කරගෙන.අර වතුර හිදිච්ච විලේ හිටපු කොස්වාලිහිණියා වගේ.පොර ඉතිං මැඩම්ට එක්ස්කියුස් කරන්නෙත් නැතුව ඇවිල්ලා පිටිපස්සෙම බංකුවෙ වාඩිවුණාලු.මේ වෙද්දිත් අනිත් පූසන්ට තේරුම් ගිහින් තිබුනෙ කොහෙහරි, මොකක්හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියලා.ඒ මදිවට මාලුකට්ටා කා එක්කවත් කතා කරන්නෙත් නෑ.

ඉතිං ක්ලාස් එක ඉවරවෙලා, පොරව හොදටම සන්සුන් කරලා තමයි උදේ වෙච්ච දේ අහගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණේ.බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි.

මාලුකට්ටා උදේම ඇවිත්, අර කියපු විදිහට මග රැකගෙන ඉදලා තියනවා.ඔන්න ඉතිං ටික වෙලාවකින් දිලූශාත් උදේ පාන්දර පිපිච්ච මලක් වගේ පාරෙ එනවලු.මේක දැකපු මාලුකට්ටා ඉස්සරහට ගිහින් දිලූශාත් එක්ක කතා කෙරුවලු.

මාලුකට්ටා :- ගුඩ් මෝර්නිං දිලූශා

දිලූශා :- ගුඩ් මෝර්නිං මාලු, ඇයි අද ක්ලාස් එකට ‍යන්නෙ නැද්ද මගට වෙලා ඉන්නෙ?

මාලුකට්ටා :- යනවා යනවා, ඒත් මම මේ ඔයා එනකං මගට වෙලා හිටියෙ...

දිලූශා :- මම එනකං? හික්ස්...ඒ මොකටද?

මාලුකට්ටා :- දිලූ, මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.

දිලූශා :- (මාලුකට්ටා මෙච්චරකල් කිසිම වැදගත් දෙයක් කතා කරල නැති හින්දා වික්ෂිප්ත වී)
ඒ මොකද්ද?

මාලුකට්ටා :- මම ඔයාට ගොඩක් කැමතියි...මට ඔයාව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න ඕනෙ...

ඉතිං මේක ඇහුනා විතරයි, හොදට හිටපු දිලූශා එකපාරටම වෙනස් වුණාලු

දිලූශා :- මාලුකට්ටා, මම කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතුවෙ නෑ.ඔයා මං ගැන එහෙම හිතයි කියලා අපි හිතුවෙත් නෑ.ඔයා මගෙ යාලුවෙක් විතරයි.එතනිං එහාට අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ.මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ...

දිලූශා මෙහෙම පටන් අරං විනාඩි දහයක් විතර මාලුකට්ටාට ෆුල් ලෙක්චර් එකක් දුන්නලු.මෑන්ස් නිකං කරකවලා අතඇරියා වගේ.ඉතිං ඔය අප්සට් එකෙන් තමයි පොර වැනි වැනී ක්ලාස් එකට ඇවිත් තියෙන්නෙ.දැන් අනිත් පූසන්ටත් හිතාගන්න බැහැ මාලුත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු දිලූශා ඇයි මේ විදිහට මෑන්ස්ට කතා කළේ කියලා.ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බවුණේ ඊට පස්සෙ සතියෙලු.

ඊට පස්සෙ සතියෙ ක්ලාස් ඉවරවෙලා යනකොට තමයි අපේ පූසො සෙට් එක විශේෂ දර්ශනයක් දැක්කෙ.ඒ තමයි ක්ලාස් ඉවරවෙලා තනියම ගෙදර යන දිලූශා.වෙනදටනං දිලූශයි හංසිනීයි එකටම තමයි මග දුරක් යනකං යන්නෙ.ඉතිං මේකනං හොයලා බලන්නම වටින නිව්ස් එකක්.ඒක හින්දා අපේ රහස් පරීක්ෂකයො දෙන්නා මේ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්තුවලු.බැලින්නං හංසිනී තවම ක්ලාස් එක ළගලු.

මාලුකට්ටා තීරණය කළාලු හංසිනීව මුණගැහිලා දිලූශාගෙ හදිසි වෙනසටයි, මෑන්ස්ට "බෑ" කිව්ව එකටයි හේතු අහගන්න.ඉතිං අපේ පූසො ආපහු හැරිලා ක්ලාස් එක ළගට ගියාලු.මෙන්න බොලේ හංසිනී ඉන්නවා මූණත් දෙක කරගෙන.ඉතිං අනිත් පූසො පැත්තක ඉදිද්දි මාලුකට්ටා තනියම හංසිනී එක්ක කතා කරන්න ගියාලු.හැබැයි ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවෙ, කලින් සතියෙ ආවටත් වඩා කොස්වාලිහිණි පාට් එකක් දාගෙන.

විනාඩි ගානක් ගිහින් මෑන්ස්ව යථා තත්ත්වෙට ගත්තට පස්සෙ තමයි කට්ටියට සීන් එකේ අග මුල තේරුම් ගියෙ.මාලු හංසිනී එක්ක කතා කරද්දි වෙලා තියන්න මෙහෙමෙ සිද්දියක්

මාලුකට්ටා :-ඇයි හංසිනී, අද මොකද දිලූශා තනියම ගෙදර යන්නෙ?

හංසිනී :- මම දන්නෙ නෑ

මාලුකට්ටා :- එයා මාත් එක්ක තරහද?

හංසිනී :- (ඕනෑවට එපාවට) මම දන්නෙ කොහොමද?

මාලුකට්ටා :- (වැ‍ලපෙමින්) ඇයි දෙයියනේ එයා මාත් එක්ක යාලුවෙන්න බැහැයි කිව්වෙ?

හංසිනී :- අපි දෙන්නා හිතුවෙ ඔයා මගෙන් යාලුවෙන්න අහයි කියලා...

මේ කතාව ඇහුවා විතරයි මාලුකට්ටා එතනම ඌර්ධවපාතනය වෙලා ගියාලු.දැන් ඉතිං මොනවා කරන්නද? කලිසමක් ඇදගෙන ගිහිං ආපහු හංසිනීගෙන් යාලුවෙන්න අහන්න පුලුවන්යැ! දැන් පොරගෙ දුක ඩබල් වෙලා.මොකද දැන් මෑන්ස්ට කෙල්ලො දෙන්නම නැහැනෙ.ඒපාර තමයි මාලුකට්ටා අර කොස්වාලිහිණි පාට් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ.

කොහොම හරි අන්තිමට වුණේ සති ගානක් යනකං ඤාව්වගෙ අහිංසක මෑණියන්ට කිඹුහුම් ගිය එක විතරවි.මොකද ඤාව්වනෙ කිව්වෙ දිලූශා වැඩිය සුදු නිසා එයාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා.

ඒ වගේම ඊට පස්සෙ මාලුකට්ටත් ආපහු දිලූශායි හංසිනීයි එක්ක වැඩි ආස්සරේට ගියෙ නෑ.....

***********************************************************************************

ප.ලි - අපි මේ සීරීස් එක කොටස් හතරකට ලියන්න හිටියට, පස්සෙ තීරණය වුණේ හතරවෙනි කතාව වෙනම කතාවක් විදිහට ලියන්න.ඔන්න ඉතිං කොහොම හරි මැච් එක පටන් ගන්න කලින් කතාව ලිව්වා.හික්ස්...පූසො කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නෑ නොවැ!


දැන් දිලූශානං මොනවා කරනවද දන්නෙ නෑ. හංසිනීනං ඉන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකේ...

දිලූශා සහ හංසිනී 2 - ශ්‍රීමත් අගුලු භවාන්



අම්මෝ! කට්ටියට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලාද මන්දා? හොදයි හොදයි, එහෙනං යාලුවනේ අපි මෙගා නාට්‍ය ස්ටයිල් එකට නැතුව ඉතුරු කතා දාන්නං! ඊට කලින් දිලූශා සහ හංසිනී 1 කොටස බලපු නැති යාලුවො ගිහින් බලලා එන්නකො.

අපි කතාව නැවැත්තුවෙ දිලූශා ටීන්බුක් එක ආපහු මාලුකට්ටාට දුන්න තැනින්නෙ.දැන් ඉතිං පූසො කට්ටියට මාර කුතුහලේ මේ දෙන්නා මොනවද ලි
යල තියෙන්නෙ කියලා.ඉතිං කට්ටිය වහාම පොත දිගඇරලා බැලුවලු.බැලින්නං කිසිම අප්සට් එකක් නෑ.මුතුවන් අකුරු වලින් ලස්සනට ලියලා තිබුනලු.ප්‍රශ්න ඔක්කොටම නියමෙට උත්තර දීලා.දැන්නං ඉතිං මාලුකට්ටගෙ මූණත් මුතුඇටයක් වගේ බබලනවලු.වැඩේ ගොඩ වගේ තමයි.ඉතිං එදා ඉදලා දිලූශයි සහ හංසිනීයි පූසො එක්ක, විශේෂයෙන් මාලුකට්ටා එක්ක ගොඩක් ෆිට් වුණාලු.ඒ කියන්නෙ පළවෙනි මිෂන් එක සාර්ථකයි.

මාලුකට්ටගෙ ලක්ෂණයක් තමයි කෙල්ලෙක් එක්ක ෆිට් වුණාට පස්සෙ මේ ලෝකෙ සිහියක් නෑ.වෙන මොනවත් මතකත් නෑ.මෑන්ස්ව අල්ලන්න වෙ
න්නෙ දැල් දාලා තමයි.ඉතිං මෙතනදිත් වුණේ ඒකයි.දැන් මාලුකට්ටා ක්ලාස් යන්නෙ දිලූශයි සහ හංසිනීයි එක්ක.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්නෙත් දිලූශයි සහ හංසිනීයි එක්කලු.ඉතිං අනිත් පූසො හිතුවෙ ඒ වෙනකොට මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගෙන ඇති කියලා.ඒත් වෙලා තිබුනෙ වෙන දෙයක්.

මාලුකට්ටා හිතාගෙන හිටියෙ ගෑනු ළමයි දෙන්නත් එක්කම ෆිට් වෙලා, වැඩියෙන් ෆිට් වුණ එක්කෙනාව යාලු කරගන්නනෙ.මේ වෙද්දි දිලූශයි සහ හංසිනීයි දෙන්නම මෑන්ස් එක්ක අම්බානට ෆිට් වෙලා.කොටින්ම දැන් මේ දෙන්නට මාලුකට්ටා නැතුව දවසක්වත් ඉන්න බැහැයිලු.හැබැයි වැඩේ කියන්නෙ දෙන්නම මෑන්ස් එක්ක එකම ගානට ෆි
ට්.දෙන්නගෙන් කවුරුත් අනික් එක්කෙනාට වැඩි යාලුකමක් මාලුකට්ටා එක්ක නෑ.ඉතිං අපේ පූසා වැටිලා හිටියෙ ලෝක අමාරුවක.දැන් කාවද යාලුවෙන්න තෝරගන්නෙ?

මේ වෙලාවෙ අපේ පුසො සෙට් එක තීරණය කළේ මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගන්න ඕනෙ කියලා.මොකද දෙන්නගෙන් කවුරුහරි මාලුකට්ටත් එක්ක වැඩියෙන් යාලු වෙනකං හිටියනං මෑන්ස්ට කවදාවත් ඔය වැඩේ කරගන්න වෙන්නෙ නෑ.ඉතිං දැන් ප්‍රශ්නෙ තමයි වැඩිපුර සුදුසු කෙනා කවුද කියලා තීරණය කරන එක.මේ තීරණය ගන්නනං දෙන්නා ගැනම විස්තර හොදට හොයන්න ඕනෙ කියලා අපේ පූසො තීරණය කළාලු.

ඉතිං කට්ටියගෙ ඒකමතික අදහස වුණේ ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙ කියලා.මොකද ඔය දවස්වල ශ්‍රීමත් අගුලු භවාන් මහත්තයගෙ රහස් පරීක්ෂක කතා කියවන්න ලොකු උන්මාදයක් කට්ටිය අතරෙ තිබුනනෙ.ඉතිං ඩිටෙක්ටිව් ගේම් වලට කවුරුත් කැමතියි.


මේ ගේම් එකේදි අගුලු භවාන් විදිහට ක්‍රියා කළේ පුරුපුරු.මෑන්ස්ගෙ සහායක
දොස්තර කුමනපුත්‍ර විදිහට ක්‍රියාකළේ අපේ උපාසක.ඉතිං අපේ ඩිටෙක්ටිව් ජෝඩුව ෆුල්ටයිම් වැඩේට බැස්සලු.මේ ගේම් එකට වේයන්ගොඩයගෙනුත් ලැබුනෙ ලොකු හෙල්ප් එකක්.ඇයි දිලූශයි සහ හංසිනීයි ගියෙත් මෑන්ස් ගිය ඉස්කෝලෙටම නොවැ!

මුලින්ම අපේ රහස් පරීක්ෂකයො හෙව්වෙ දෙන්නගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කොහොමද කියලා.බලනකොට දෙන්නගෙම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වගේ.ඉතිං ඒ වැඩේ අත්ඇරලා දාන්න අපේ පූසන්ට සිද්ද වුනාලු.ඔය විදිහට දවස් ගානක් මහන්සි වුණත් පරීක්ෂණ කටයුතු වල කිසිම ප්‍රෝග්‍රස් එකක් පෙන්නුම් කළේ නෑ.මොකද හැම අතින්ම දෙන්නා එක සමානයි.

දෙන්නටම හිටියෙ අයියලා එක්කෙනා ගානෙ.( ඉන්න අයියලා ගාන අඩුවීම පොසිටිව් ලක්ෂණයක්.මොකද කන්නවෙන ගුටි ප්‍රමාණය අඩු වෙනවා නොවැ! ) ඒ වගේම දෙන්නගෙම අධ්‍යාපන හැකියාවත් එක වගේ.මාරුවෙන් මාරුවට පන්තියේ පළවෙනියයි දෙවෙනියයි මේ දෙන්නලු.ගතිගුණ අතින් බැලුවමත් දිලූශයි සහ හංසිනීයි එක වගේ.දෙන්නම ඉස්කෝලෙ ප්‍රසිද්ද වෙලා හිටියෙ ටිකක් ආඩම්බරකාරියො විදිහට.දෙන්නගෙම කොන්ඩෙත් දිගයි.දෙන්නම ඇන්දෙත් ගවුම්, සායවල් විතරයි. කලිසම් ඇන්දෙ නෑ.

දැන් ඉතිං ශ්‍රීමත් අගුලු භවානුයි, දොස්තර කුමනපුත්‍රයි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ.ඒ වයසෙදි ඉතිං ගෑනු ළමයින්ගෙ වත් පොහොසත්කම්, දෑවැදි වගේ දේවල් හොයන්නෙ නෑ නොවැ!ඔය උඩින් කිව්ව ලක්ෂණ ගැන තමයි හොයන්නෙ. මොනවා කරන්නද ඉතිං? අපේ ඩිටෙක්ටිව් පූසො දෙන්නා තීරණය කළාලු මිෂන් එක අතඇරලා දාන්න.

දැන් ඉතිං මාලුකට්ටා විතරක් නෙවෙයි හැමෝම මේ ප්‍රශ්නෙ හින්දා අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.ඔය අතරෙ තමයි ඤාව්වා අපූරු යෝජනාවක් ගෙනාවෙ.අපි කලින් ලිපියෙ කිව්ව වගේ දිලූශාගෙයි හංසිනීගෙයි තිබුන එකම වෙනස ඒ දෙන්නගෙ පාටනෙ.ඒ කිව්වෙ දිලූශා හංසිනීට වඩා සුදුයි.(හැබැයි දෙන්නම එක වගේ ලස්සනයි) ඉතිං ඤාව්වගෙ අයිඩියා එක වුණේ දිලූශා සුදු හින්දා මාලුකට්ටා යාලුවෙන්න ඕනෙ එයත් එක්කයි කියලා.බැලූ බැල්මට මෝඩ අයිඩියා එකක් වගේ පෙනුනට, දවස් ගානක් කල්පනා කරලා එපා වෙලා හිටපු මාලුකට්ටා මේ අදහසට එකපයින්ම කැමති වුණාලු.

ඉතිං අන්තිම තීරණය වුණේ ඊළග සතියෙ ලිට් ක්ලාස් එකේදි මාලුකට්ටා දිලූශාගෙන් යාලුවෙන්න අහන්න ඕනෙයි කියලා.දැන් ඉතිං ප්‍රශ්නෙ ඉවරයි.මොකද මේ වෙද්දි ගෑනු ළමයි දෙන්නම හිටියෙ මාලුකට්ටා කියන ඕනම දෙයක් පටස් ගාලා කරන මට්ටමේ.ශ්‍රීමත් අගුලු භවාන් පුරුපුරු, දොස්තර කුමනපුත්‍ර උපාසක සහ ඤාව්වා ඒ සතියෙදි කළේ, ඊට පස්සෙ සතියෙ ලැබෙන්න නියමිත පාටියට සූදානම් වෙන එකලු.

************************************************************************************

දැන් ඉතිං කට්ටිය බනින්න එපා පූසො කියන්නෙ වර්ණභේදවාදියො කියලා. නෙල්සන් මැන්ඩෙලා ලොක්කා නැත්තං පූසන්ව හොයාගෙන ලංකාවට එයි.

ඔන්න අද කතාව, කලින් කතාව තරම් කුතුහලයකින් ඉවර වෙන්නෙ නෑ නේද? කොහොමත් ඊළග කතාවට වෙනම පෝස්ට් එකක් ඕන කරනවා.ඒ වගේම මේ සීරීස් එකත් කොටස් හතරක එකතුවක්.එහෙනං මාලුකට්ටා දිලූශාගෙන් අහපු හැටි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!

ඊළග කොටස හෙට උදේ පාන්දරම දානවා

දිලූශා සහ හංසිනී - ටීන් බුක් එක


ඔන්න යාලුවනේ අද ඉඳලා අපි කියන්න යන්නෙ අපේ මාලුකට්ටා ප්‍රධාන චරිතය රඟපාන රසවත් සීරීස් එකක් ගැන.ඉතින් ඉස්සෙල්ලාම අපි කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක අහලා ඉමුකො නේද? මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි දිලූශා සහ හංසිනී කියන්නෙ.මේ දෙන්නා හොඳම යාලුවොලු.ඒ වගේම දෙන්නම ඉස්කොලෙ ගියෙ අපේ වේයන්ගොඩයා ගිය වේයන්ගොඩ ඉස්කෝලෙට.(මේ ඉස්කෝලෙ මිශ්‍ර පාසලක්) ඉතින් දිලූශයි හංසිනියි මොනවා කලත්, කොහෙ ගියත්, ඒ හැමදෙම කලේ එකටමලු.කොටින්ම මේ දෙන්නා තනි තනියෙන් දැක බලාගන්න එක හරිම අමාරු වැඩක්.

දිලූශා කියන්නෙ ගොඩක් සුදු ගෑනු ළමයෙක්.හංසිනී කියන්නෙ ටිකක් තළෙලු ගෑනු ළමයෙක්.ඒත් මේ දෙන්නම එක වගේ ලස්සනයිලු.දැන් ඉතින් අපේ යාලුවො බලනවා ඇති පූසන්ගෙයි මේ ගෑණු ළමයින්ගෙයි තියෙන කනෙක්ෂන් එක මොකද්ද කියලා.ඕක ඇතිවුනේ මෙහෙමයි.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අර පූසො බියර් බීපු ඉන්ග්ලිශ් ලිට් ක්ලාස් එක.අපි කිව්වනෙ ඔය ක්ලාස් එකෙ ලස්සන ලස්සන ගෑනු ළමයි විස්සක් විතර හිටියයි කියලා.ඒ අතරෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙන්නෙක් තමයි මේ දිලූශයි හංසිනියි.ඉතින් අපේ මාලුකට්ටගෙ මීටරේට මේ දෙන්නව අහු වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.

දැන් මාලුකට්ටට ප්‍රශ්න ගොඩයි.එක ප්‍රශ්නයක් තමයි මේ දෙන්නත් එක්ක කතා කරන එක.අනිත් ප්‍රශ්නෙ තමයි මේ දෙන්නගෙන් කෙනෙක්ව යාලු කරගන්න එක.හැබැයි මේ ඔක්කොටම වඩා මෑන්ස්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි, යාලුවෙන්න මේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක.මොකද දවස් ගානක් කල්පනා කළත් අපේ යාලුවට තීරණය කරන්න බැරිවුණාලු කාවද යාලුකරගන්න වැඩිය සුදුසු කියලා.

මාලුකට්ටගෙ හිතේනං දෙන්නම යාලු කරගන්නත් පොඩි කැමැත්තක් තිබුනා.ඒත් ඉතිං එහෙම කරන්න බෑ නොවැ! දැන් ඉතිං මේක මෑන්ස්ට බොන්න ඕනෙ මට්ටමේ ප්‍රශ්නයක්ලු.කොච්චර කල්පනා කළත් හැම ලක්ෂණයකින්ම මේ ගෑනු ළමයි දෙන්නා සමානයි.එකම වෙනස හමේ පාට විතරයි.ඉතිං ඔහොම දවස් ගානක් කල්පනා කරපු මාලුකට්ටා අන්තිමට තීරණය කළාලු එක ගෑනු ළමයෙක් තෝරගන්න අදහස අත්ඇරලා දෙන්නත් එක්කම ෆිට් වෙන්න. එතකොට ඉතිං ඊටපස්සෙ දෙන්නගෙන් මෑන්ස්ට කැමති ගෑනු ළමයෙක් එක්ක යාලුවෙන්න බැරියැ!

ඉතිං ඔහොම ටික ටික කාලෙ යනකොට පන්තියෙදි දැක්කම යන්තම් හිනාවෙන්න, මගදි දැක්කම වචනයක් දෙකක් කතාකරන්න, වගේ මට්ටමට මේ දෙන්නත් එක්ක ෆිට් වෙන්න මාලුකට්ටට පුලුවන් වුණාලු.ඒත් දැන් මෑන්ස් ඇතුලු අපේ පූසො සෙට් එකගෙ හිතට ඔය මට්ටම හොදටම මදි. මේ වේගෙන් ගියොත්නං ඉතිං අවුරුදු හැටක් හැත්තෑවක් ගිහිං තමයි ගෑනු ළමයින්ගෙන් යාලු වෙන්න අහන්න වෙන්නෙ.ඉතිං කට්ටිය ප්ලෑන් කරලා තීරණය කළාලු වහාම දිලූශයි හංසිනියි එක්ක මාලුකට්ටාව ෆිට් කරවන්න ඕනෙ කියලා.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ ඔය කාලෙ හැම "ටීන්" කෙනෙක්ටම තියනවනෙ "ටීන් බුක්" කියලා පොතක්.ඒ කියන්නෙ ඔය සමරු පොත කියන සංකල්පෙම ටිකක් දුර දිග ගිය අවස්ථාවක්.ඔය පොතේ මුලින්ම ප්‍රශ්න 50ක් විතර අහලා තියෙනවා.ඉතිං ඕක කාටහරි යාලුවෙකුට දුන්නම එයා ඒ හැම ප්‍රශ්නෙටම උත්තර දීලා, ඊට පස්සෙ තව මොකක් හරි විශේෂ සමරු සටහනකුත් ලියලා ආපහු බාරදෙන්න ඕනෙ.හැබැයි දැන්නං ඕවා තියනවද දන්නෙත් නෑ.ෆේස්බුක් තියෙන රටේ ටීන්බුක් අහවල් කාරියකටයැ නේද?


ඉතිං හැමෝටම ටීන්බුක් එක ගානෙ තිබුන ඒ කාලෙ පුරුපුරුයි, මාලුකට්ටයි එකතු වෙලා දෙන්නටම එක පොතක් හැදුවලු.ඔය වැඩේට දෙන්නම සෑහෙන්න මහන්සි වුණා.හොස්ටල් එකේ ස්ටඩි, ලේට් ස්ටඩි ටයිම් වල ඒ දවස්වල කළේ ඔය ටීන්බුක් එක ඩෙකරේට් කරන වැඩේ තමයි.ඉතිං මුල් පිටුවට ලස්සන පිටකවරයක් එහෙම දාලා, ඒ දවස්වල සංගීත ලෝකෙ වීරයා වෙච්ච එමිනම් ලොක්කගෙ සීඩී එකකුත් පිටකවරෙ අලවලා එහෙම තමයි අපේ යාලුවො දෙන්නගෙ ටීන්බුක් එක තිබුනෙ.

දැන් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක තමයි මේ ටීන් බුක් එක දිලූශටයි හංසිනීටයි දීල සටහන් අරගන්න එක. ඇත්තටම මේ දෙන්නට ටීන්බුක් එක දෙන එක එච්චර තේරුමක් නැති වැඩක් වුණත්, ඒ මාර්ගෙන් හරි දෙන්නත් එක්ක ෆිට් වෙන්න තමයි අපේ යාලුවන්ට ඕනෙ වුණේ.අනිත් එක තවමත් ඔය ටීන්බුක් එකේ සමකාලීන කොල්ලො වැඩිය මොකුත් ලියලා තිබුනෙ නෑ.ඉතිං ඒක තවමත් ගෑනු ළමයෙක්ට දෙන්න පුලුවන් මට්ටමේ තිබුනා.දන්නවනෙ ඉතිං ඔයවගේ දෙයක් කොල්ලන්ට දුන්නම මොනවගේ දේවල්ද ලියන්නෙ කියලා.ඔය උඩ ‍ෆොටෝ එකේ තියෙන්නෙ ඒ වගේ ලිව්ව එකක් තමයි.

ඉතිං එක සෙනසුරාදා උදේ වරුවක ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ යාලුවො කට්ටිය උදේ පාන්දරම ක්ලාස් එකට ආවලු.මොකද දිලූශයි හංසිනියි උදේ පාන්දරම තමයි ක්ලාස් එ‍න්නෙ.ඉතිං පූසො ක්ලාස් ඇවිත් විනාඩි පහක්වත් යන්න හම්බවුණේ නෑ මෙන්න බොලේ මේ ගැනු ළමයි දෙන්නත් ක්ලාස් එකට ආවලු.දැන් ඉතිං මාලුකට්ටාගෙ චාන්ස් එක.පන්තියෙ වෙන කවුරුත් ඇත්තෙත් නෑ.මෑන්ස් වහාම බෑග් එක ඇතුලෙන් ටීන්බුක් එක එළියට ගත්තලු.

මාලුකට්ටා :- දිලූශා, හංසිනී, ගුඩ් මෝර්නිං...

දිලූශා සහ හංසිනී :- ගුඩ් මෝර්නිං මාලුකට්ටා

මාලුකට්ටා :- ම්.....මේ තියෙන්නෙ අපේ ටීන්බුක් එක. මේකෙ ඔය දෙන්නත් ලියල දෙනවද?

ඉතිං මාලුකට්ටා මෙහෙම කිව්වට පස්සෙ දිලූශයි හංසිනියි ටිකක් පුදුමෙන් වගේ බලලා, ඊට පස්සෙ ටීන්බුක් එක අතට ගත්තලු.දැන් ඉතිං අපේ මාලුකට්ටට රටක් රාජ්ජයක් පහළ වුණා වගේ! පො‍රට මාර හැපී.හැබැයි ඔය සතුට අබ්ලික් වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද කෙල්ලො දෙන්නා පූසන්ගෙ ටීන්බුක් එක පෙරළ පෙරළා බයිට් එකට හිනාවෙනවා.ඒ දෙන්නා කිව්ව ඒවා ඤාව්වටත් අතරින් පතර ඇහිලා තිබුනා.

Teen Book of Purupuru & Malukatta
Kurunduwaththta college Rox!
East or West Kurunduwaththta is the Best!

වගේ දේවල් තමයි ටීන්බුක් එකේ ලියලා තිබුනෙ.ඇයි ඉතිං ඔය වයසෙදි තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් කොල්ලො කොච්චරනං ගහ මරා ගන්නවද? හැමෝම හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ඉස්කෝලෙ තමයි සිරාම ඉස්කෝලෙ, අනිත් ඔක්කොම පීචං ඉස්කෝල කියලා නොවැ! (දැන්නං මරාගන්නෙ ෆේස්බුක් හරහානෙ! බලාගෙන ගියාම ඒ වැඩෙත් හොදයි.කාටවත් ෆිසිකල් හානියක් වෙන්නෑනෙ)

ඉතිං ඔය ලියලා තිබුන ඒවා බයිට් කර කර, හිනා වෙවී, එක එක ඒවා කියනවා තමයි ඤාව්වට ඇහිලා තිබුනෙ.ඉතිං පුරුපුරුට හරිම හිතට අමාරුයි.මදෑ මාලුකට්ටගෙ ආදරේ ගොඩයන්න ටීන්බුක් එක දීලා කරගත්ත වැඩේ!

මොනව වුණත් දිලූශයි හංසිනියි ටීන්බුක් එක ගෙදර අරන් ගියාලු.ඉතිං ඒක පොසිටිව් ලක්ෂණයක් විදිහට තමයි අපේ යාලුවන්ට පෙනුනෙ.මොකද පොත ආපහු බාරදුන්නෙ නෑ නොවැ! ඉතිං දැන් පූසො ලබන සතිය උදා වෙනකං නොඉවසිල්ලෙන් ඉන්නෙ.දිලූශයි හංසිනියි ටීන් බුක් එකේ මොනවා ලියලද දන්නෙ නෑනෙ.මාලුකට්ටත් ඒ සතියම හොස්ටල් එකට වෙලා මනෝ ගහගහ තමයි හිටියෙ.ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහිං ඊළග පන්ති දවසත් උදාවුණාලු.

එදත් පූසො පන්ති ගියෙ උදේ පාන්දරම.සුපුරුදු විදිහට ගෑනු ළමයි දෙන්නත් කුකුළා අතින් අරගෙන පන්තියට ආවලු.ඒත් වෙනදා වැඩිය කතාබහ කරන්නෙ නැති දෙන්නා එදා පන්තියට ආවෙම මාලුකට්ටට ගුඩ් මෝර්නිං පාරක් දාගෙන.ඉතිං වැඩේ ජෝන්බාස්ට ගිහිං නැති බව අපේ පූසො සෙට් එකට තේරුණාලු.කට්ටියටම බොහොම සතුටුයි.

බෑග් එක ඇරිය දිලූශා තමන් ළග තිබුන ටීන්බුක් එක මාලුකට්ටාට ආපහු දුන්නෙ ඔය වෙලාවෙ.ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොට‍සින් බලමුකො නේද යාලුවනේ!