කේ.මෙන්ඩිස් - 1
කේ.මෙන්ඩිස් - 2
කේ.මෙන්ඩිස් - 3
අපි කලින් ලිපියෙ කියපු විදිහට ඉතිං පූසො සෙට් එක ඇතුලු කට්ටිය හවස් වරුවෙ පුරුපුරුගෙ ගෙදරට සෙට් වුණාලු. දැන් කට්ටියම පුරුපුරුගෙ කොම්පියුටර් රාජයා ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. ඒ අස්සේ ඤාව්වා දෙවියන්ට කන්නලව් කරනවා කරන්ට් එක යන්න එපා කියලා. මොකද ඒ දවස්වල පුරුපුරු ගාව යූපීඑස් එකක් තිබුනෙ නෑ. අන්තිමට ඉතිං අපේ පුරුපුරුත් සුභ මොහොතින් බෑග් එකේ තිබුන ගනේ කොම්පියුටරේ ළගට ගෙනාවලු. දැන් ඉතිං කට්ටියම සද්ද බද්ද නෑ. ගමේ යාලුවො දෙන්නා ඇස් දෙක උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.
ඊටපස්සෙ පුරුපුරු කළේ සුභ මොහොතින්, බොහොම පරිස්සමට කේ.මෙන්ඩිස්ගෙ ගනේ සීඩී රොම් එකට ඇතුල් කරපු එක. ගනේ කොම්පියුටරේ ඇතුලට යද්දි ඉතිං කට්ටිය කටවල් ඇරගෙන බලාගෙන හිටියලු.
හවස ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් මී කතුරා පුරුපුරුට ගනයේ අන්තර්ගතය ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලයි තිබුනේ. මී කතුරා කියපු විදිහට මුලින්ම යන්නෙ කේ.මෙන්ඩිස් එක්ක පොඩි ඉන්ටර්වීව් එකක් වගේ එකක්. ඊට පස්සෙ ඉතිං *************************************************. ඉතිං ඕවා අහපු අපේ පූසන්ටත් මේක බලනකං ඉවසිල්ලක් නැතුවයි හිටියේ.
දැන් පොතේ හැටියට මීඩියා ප්ලේයර් එක ඔන් වෙලා මේක ප්ලේ වෙන්න පටන් ගන්න ඕනෙ. ඒ වගේම ගෙදර කවුරුත් හිටියෙත් නැති නිසා කට්ටිය සවුන්ඩ් එහෙමත් ෆුල් වැඩි කරලයි තිබුනේ. ඔන්න ඉතිං එක පාරටම කොම්පියුටරයෙන් සද්දයක් ආවලු.
" දෙහි මලක් වගේ දැනෙයි නුඹත් දුර උන්නම සුවඳ ගෙන එනා
දෙහි මලක් වගේ දැනෙයි නුඹත් ළග උන්නම සුවඳ නොම දෙනා"
දැන් පුරුපුරු ඇතුලු පූසන්ට පට්ටම අබ්ලික්ලු. ඒ මදිවට අර ගමේ කොල්ලො දෙන්නා මූනට මූණ බලාගන්නවා.
පුරුපුරු :- මේකනෙ බං, සිංහල එකක්නෙ, මුලින් සිංදු කෑල්ලක් ගිහින් තමයි පටන් ගන්නවා ඇත්තෙ
මෑන්ස් මෙහෙම කිව්වට මොකද, කොම්පියුටරෙන් එන්නෙ සද්දෙ විතරයි, කිසිම වීඩියෝ එකක් නෑ. මීඩියා ප්ලේයර් එකත් ඔහේ ප්ලේ වෙනවා. පුරුපුරු ඉතිං කෝකටත් කියලා ප්ලේයර් එක පොඩ්ඩක් ඉස්සරහට යවලා බැලුවලු.
" දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනං බෑ සිත රිදන කතාවක්"
ඒ ගමන් තව සින්දුවක් යනවලු. ඒත් කිසිම වීඩියෝ එකක් නෑ. දැන්නං අපේ පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒ ගමන මෑන්ස් කළේ මේක තව ටිකක් ඉස්සරහට යවපු එක.
" ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
වේලිලා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද"
ඒ ගමනනං පුරුපුරු ඇතුලු අපේ පූසො සෙට් එකට තේරුණාලු මී කතුරා තමන්ට ගේම දීලා තමයි කියලා. බැලින්නං මෑන්ස් කේ.මෙන්ඩිස්ගෙ ගනයක් කියලා දීලා තියෙන්නෙ කේ.පීරිස්ගෙ අර මල් සිංදු තියෙන සිංදු සීඩී එක. මේක තේරුණා විතරයි පුරුපුරුට අසූහාරදාහට ෆ්ලවර් ජම්ප් වුණාලු. ඒ අස්සෙ අර ගමේ කොල්ලො දෙන්නා බිම පෙරලි පෙරලි හිනාවෙනවලු.
" අඩෝ උඹලගෙ ඉස්කෝලවල එවුන් කිංස්ලිගෙ සින්දු අහලද ආතල් ගන්නෙ? හැක් හැක් හැක්...... "
දැන්නං පූසො කට්ටියම කේන්තියෙනුයි, ලැජ්ජාවෙනුයි ජම්බු ගෙඩි වගේ රතුවෙලා. අර විදූශාවත් පූසන්ට මෙච්චර අපහාසයක්නං කරලා නෑ. දැන් ඉතිං කට්ටිය ආපහු රෙද්දක් ඇදගෙන පූස්ගම ටවුන් එකට යනවා බොරු. දැන් මී කතුරා අහුවෙන්න හිටියනං පූසො කට්ටිය මෑන්ස්‍ව ඌර්ධවපාතනය කරනවා. කරුමෙට පොරගෙ ටෙලිෆෝන් නම්බර් එකවත් පුරුපුරුලා ඒ වෙනකොට ඉල්ලගෙන තිබුනේ නෑ. ඉතිං ටික වෙලාවකින් ගමේ කොල්ලො දෙන්නා හිනාවෙන් තරවෙලා ගෙවල් වලට යන්න ගියාලු. දැන් ඉතුරු පූසො කට්ටිය විතරයි.
උපාසක :- බලපං බං මූ අපිට දුන්න ගේම? දැන් ඉතිං කොහොමද පාරකවත් බැහැලා යන්නෙ?
පුරුපුරු :- ඒක පැත්තකින් දැම්මත් දැන් අර ගනේ ගන්න බලාගෙන ඉන්න එවුන්ට මොකද කියන්නෙ?
ඤාව්වා :- එහෙනං ඔය මී කතුරා කියන එකාට ඉස්කෝලෙදි අල්ලගෙන අම්බානට නෙලපං
මාලුකට්ටා :- ඔව් ඔව්!! මේ කරපු වැඩේට ඌට නෙලන්නම වෙනවා. ඉස්කෝලෙට ඇවිත් දවස් දෙක තුනයි, බලපං මූ මේ අවුරුදු ගානක් හිටපු අපිටත් ගේම දුන්නනෙ.
ඉතිං අන්තිමට තීරණය වුණේ ඊළග දවසෙ ඉස්කෝලෙදි මී කතුරාට අල්ලගෙන හොඳටම ගහන්න. මේ අස්සෙ ක්ලාස් එකේ කොල්ලන්ගෙන් මාලුකට්ටාගෙ මොබයිල් එකට හෝ ගාලා කෝල් එනවා. කට්ටියම අහන්නෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේ කොහොමද කියලා. ඉතිං මාලුකට්ටා වෙච්ච සිද්දිය කිව්වට පස්සෙ ඒ කට්ටියටත් ෆ්ලවර් ජම්ප් වෙනවා.
අන්තිමට බලද්දි මුලු ක්ලාස් එකම වගේ අනිත් දවසෙ මී කතුරාට ගහන්නයි ලෑස්ති වෙලා හිටියෙ. ඒ මදිවාට ඤාව්වාගෙ ලෑස්තිය ලොකුනමේ කොල්ලො ටික ලෑස්ති කරගෙන මී කතුරාට ඉස්කෝලෙන් එළියෙදි ගහන්න. ඒත් ඉස්කෝල අතර වලියක් යන්න පුලුවන් නිසා ඤාව්වාට ඒ වැඩේට අනිත් පූසන්ගෙන් අවසර ලැබුනෙ නෑ.
ඔය විදිහට වෙලාව ගිහින් අපේ පූසො අනිත් දවසෙත් ඉස්කෝලෙට ගියාලු. පුරුපුරුයි, මාලුකට්ටායි, උපාසකයි උදේ පාන්දරම පුරුපුරුලගෙ බයෝ ක්ලාස් එකට ආවෙ මී කතුරාගෙ බෙල්ලෙන්ම අල්ලගන්න බලාගෙන. කට්ටිය එද්දි මී කතුරාගෙ බෑග් එකනං ක්ලාස් එක ඇතුලෙ තිබුනා, හැබැයි මී කතුරා පේන්න හිටියෙ නෑ. ඔය විදිහට ටික වෙලාවක් යද්දි ක්ලාස් එකේ ගොඩක් ළමයි ඇවිත් හිටියලු. කට්ටියම ඇවිත් හිටියේ මී කතුරාට හොඳ රිටර්න් එකක් දෙන්න බලාගෙන. ඒත් ඉස්කෝලෙ පටන් පැය කාලක් තියෙද්දිත් මී කතුරා පන්තියට ඇවිත් තිබුනෙ නෑලු.
රාජු :- මචං ඔය මී කතුරා ඉස්කෝලෙ ගැන තවම හරියට දන්නෙත් නෑ. ඒක හින්දා ඌට ඇවිදින්න යන්න තැනක් නෑනෙ. අනිවාර්යෙන්ම මූ ගුටිකන්න වෙන බව දැනගෙන හැංගිලා ඇත්තෙ.
මහබබා :- ඒත් බං මූව කොහෙ කියලා හොයන්නද?
රාජු :- මූ මචං අලුත් හින්දා තවම ඉස්කෝලෙ හැංගෙන තැන් දන්නෙ නෑ. මූ දන්න එකම තැන තමයි කැන්ටින් එක. අනිවා ඇත්තෙ ඕක ඇතුලෙ තමයි. අපි ගිහින් බලමු.
පුරුපුරු :- ඒක තමයි. මමත් හිතන්නෙ මූ ඇත්තෙ කැන්ටිමේ තමයි. මහබබා උඹලා කට්ටිය එහෙනං ක්ලාස් එකේ ඉඳලා ඌ ආවොත් නෙලපං. අපි කට්ටියක් යන්නං කැන්ටින් එකට.
මෙහෙම කියපු පුරුපුරු තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියාලු කැන්ටින් එකට. ඒ වෙලාවෙ ඉස්කෝලෙ පටන් අරගෙන තිබුනෙත් නැති නිසා කැන්ටිම කොල්ලන්ගෙන් පිරිලයි තිබුනෙ. ඇත්තටම කැන්ටිම මී කතුරාට හැංගෙන්න කියාපු ප්ලේස් එක. මොකද සුදු ඇඳගෙන ඉන්න කොල්ලො සිය ගානක් අතරෙ මෑන්ස්ව හොයන එක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. කෝකටත් කියලා, පුරුපුරුලා කැන්ටිමේ කෙළවරක ඉඳලා මී කතුරාව හොයන්න ගත්තලු.
ටික වෙලාවක් හොයද්දි මෙන්න බොලේ මී කතුරා ඉන්නවා කැන්ටිමේ කොල්ලො ගොඩක් අස්සට වෙලා හැංගිලා. පුරුපුරුගෙ ෆ්ලවර් ජම්ප් වෙච්ච මූණ දැක්කට පස්සෙ මී කතුරාට තේරුණාලු එදානං මෑන්ස්ට බොහොම අසුභ දවසක් වෙන බව. පුරුපුරු කළේ වහාම පැනලා මී කතුරාගේ බෙල්ලෙන්ම අල්ලගත්ත එක.
පුරුපුරු :- ඈ බොල ***, තෝ මට කේ.මෙන්ඩිස්ගෙ කියලා කේ.පීරිස්ගෙ සීඩී එකක් දුන්නෙ මම ඔටුවෙක් කියලා හිතලද? තොගෙ වැඩ හින්දා මට දැන් ගමේ එවුන්ටයි, ඉස්කෝලෙ එවුන්ටයි දෙගොල්ලන්ටම මූණ දෙන්න බෑ. හිටපං උඹට දෙන්න. වරෙන් පන්තියට.
මෙහෙම කියපු පුරුපුරු මී කතුරාගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලගෙන මෑන්ස්ව පන්තියට ඇදගෙන ගියාලු.
මී කතුරා :- අනේ බං පුරපුරු, පොඩි වැරදීමක් බං වෙලා තියෙන්නෙ, සොරි බං
මී කතුරා විලාප දෙනවා.
පුරුපුරු :- යකෝ ඒ ලෙවල් කරන්න ගත්තහමවත් වලි වලට යන එක නවත්තලා හොද වෙන්නයි බැලුවේ. තොපි ඒකටවත් ඉඩ දෙන්නෙ නෑනෙ
මෙහෙම කියපු පුරුපුරු මී කතුරාව පන්තිය ඇතුලට ඇදගෙන ගියාලු. මී කතුරා එනවා දැක්ක ක්ලාස් එකේ කොල්ලො කට්ටිය ඉස්සරහට ආවෙ ඇගේ පතේ හිරි ඇරගන්න බලාගෙන. ඊටපස්සෙ කට්ටිය මී කතුරාව බිම දාගෙන නෙලන්න ගත්තෙ මෑන්ස්ට කෑගහන්නවත් නොදී. ටික වෙලාවකින් බලද්දි මී කතුරාට නැගිටින්නත් අමාරු ගානට වැදිලා.
මහබබා :- උඹට දැන් ගුටිකාලා අමාරුද?
මී කතුරා :- ඔ...ඔව් බ්.....බං!
මහබබා :- මුෂ්ටාක් ඔය පාන් බාගෙ ගෙනෙන් බං.
මහබබා මුෂ්ටාක්ට කියලා මෑන්ස් දවල්ට කන්න ගෙනාපු පාන් බාගෙ ගෙන්න ගත්තලු.
මහබබා :- උඹට දැන් ගුටි කාලා අමාරුනෙ. දැන් එහෙනං කාපං පාන්
මෙහෙම කියපු මහබබා, පුරුපුරු එක්ක එකතු වෙලා අර පාන් බාගෙම බිම වැටිලා හිටපු මී කතුරාට කැව්වලු. දැන් ගුටිකාපු අමාරුවයි, පාන් කවපු අමාරුවයි දෙකම එකතු වෙලා මී කතුරාට කෙලින් ඉන්නවත් බෑ.
පුරුපුරු :- ආ...දැන් ඔය දූවිලි ටික පිහදාගෙන ලෑස්තිවෙයන් මිස් ක්ලාස් එකට එන්න කලින්.
ඔය අතරෙ මාලුකට්ටා ඉදිරිපත්වෙලා මී කතුරාගෙ ඇගේ තිබුන දූවිලි ටික පිහදාලා දුන්නලු. ඊටපස්සෙ තමයි ස්කූල් සෝන්ග් එක එහෙම කියලා ඉස්කෝලෙ පටන් ගත්තේ.
එදා දවසේ උදේ කාලය මී කතුරාට අපලයි කියලා හිතුවාට මෑන්ස්ට ගොඩක් අපල වෙන්න තිබුනේ එදා ඉන්ටර්වල් එක. මොකද ඉන්ටර්වල් එකේදි මෑන්ස් කරපු වැඩේ ආරංචි වෙච්ච වෙන ක්ලාස් වල කොල්ලොත්, පොරට ගහන්නයි කියලා පුරුපුරුලාගෙ පන්තියට ආවලු. විශේෂයෙන් ඒ අතරෙ හිටියේ මී කතුරාගෙ බොරුවට අහුවෙලා එම්ප්ටි සීඩී ගත්ත කොල්ලො. ඉතිං අන්තිමට පුරුපුරුටයි, මහබබාටයි ලොකු මහන්සියක් ගන්න සිද්ද වුණාලු ඒ කොල්ලන්ගෙන් මී කතුරාව බේරගන්න. මොකද ආපු කොල්ලන්ගෙ ගාන අනුව මී කතුරා ඒ කට්ටියගෙනුත් ගුටි කෑවනං හොස්පිට්ල් ගිහින් තමයි නවතින්නෙ.
ඉතිං ඔය විදිහට ටික දවසක් යද්දි කේ.මෙන්ඩිස්ගෙ ගනේ සිද්දිය කට්ටිය මතක් කර කර හිනාවෙන සිද්දියක් බවට පත්වුණාලු. කොටින්ම අදටත් ඉස්කෝලෙ කොල්ලො මී කතුරා කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි කේ.මෙන්ඩිස් කිව්වොත් ග්‍රේඩ් එකේ ඕනෙ බුවෙක් මී කතුරාව දන්නවා.
ටික දවසකින් අපේ පූසො සෙට් එකයි, මී කතුරායි ආපහු ෆිට් වුණාලු. ඔය තරහා මරහා හිතේ තියාගන්න ජාතියෙ කට්ටිය නෙවෙයිනෙ පූසො කියන්නේ. ඊටපස්සෙ පූසන්ටත් තේරුණාලු මී කතුරා කියන්නෙත් පිස්සුම පිස්සු පූසෙක් කියලා. ඊටපස්සෙ තමයි පූසො සෙට් එකට පස්වෙනි සහ අවසාන පූසා එකතු වුණේ. ඒ තමයි මී කතුරා. ඉතිං අදින් පස්සෙ අපේ කතාවල එන ප්‍රධාන චරිතයක් විදිහට මී කතුරාව ඔයාලාට හම්බවෙයි.
නිමි.
ප.ලි :- මේ මී කතුරා ජීවිත කාලය තුළ තැබූ පළමු පොල්ල නොවේ. එමෙන්ම අවසාන පොල්ලද නොවේ. කන්දක් උඩ ඇති ශ්‍රී ලංකාවේ ඉපැරණි සක්වල තක්සලාවක, සිසුන් 400-500ක් සිටින බැච් එකකට තැබූ පොල්ල හා සැසඳීමේදී කේ.මෙන්ඩිස් යනු ඉතා ප්‍රාථමික මට්ටමේ පොල්ලකි.
අනිත් කාරනේ යාලුවනේ අපිට කලින් පෝස්ට් වල කොමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරිවුණා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.
පුරුපුරුට විභාග වැඩය. එනිසා බ්ලොග් එකේ ගතකරන කාලය ටිකක් අඩුකර ඇත. උපාසකගේ අන්තර්ජාල කොනෙක්ෂනය ජංජාලයක් වී ඇත.
ඉතිං සොරි හොඳේ. ඒත් ඔයාලගෙ හැම අදහසක්ම කියවලා අපි ගොඩක් සතුටු වෙනවා. අත්‍යාවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. පෙබ. 14 වෙනිදා වෙනකං මේ තත්ත්වය තියෙයි. බායි.........
ඒක නෙවෙයි, කෝ මොකද අපේ කාන්තා පාර්ශ්වය සද්ද නැත්තේ?
අඹ යාලුවෝ
Showing posts with label මහබබා. Show all posts
Showing posts with label මහබබා. Show all posts
Friday, February 11, 2011
කේ. මෙන්ඩිස් 3 - සතුට ඉහවහා ගිය දවස
කේ. මෙන්ඩිස් - 1
කේ. මෙන්ඩිස් - 2
ඉතිං යාලුවනේ අපි කිව්වනෙ අපේ මී කතුරා, කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනත් දෙන්න පොරොන්දු වුණ විදිහයි, ඊට පස්සෙ ක්ලාස් එකේ කොල්ලො සෙට් එක අම්බානට සතුටට පත් වෙච්ච විදිහයි. කොහොමහරි මේ කේ. මෙන්ඩිස්ගෙ සිද්දිය මුලු ග්‍රේඩ් එක පුරාම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්. කොටින්ම එදා දවස ඉවර වෙන්න කලින් ග්‍රේඩ් එකේ බාගයක්වත් කේ. මෙන්ඩිස් ඉන්න ගනයක් තියෙන බව දැනගෙන හිටියා.
ග්‍රේඩ් එකේ ඉතුරු බාගෙත් පහුවදා වෙද්දි මේ ගැන දැනගත්තා. දැන් පුරුපුරුලගෙ පන්තිය ඉස්සරහා කොල්ලො පිරිලා. බයෝ කරන කොල්ලො මදිවට මැත්ස්, කොමර්ස්, ආර්ට් කරන කට්ටියත් පුරුපුරුලගෙ ක්ලාස් එක ළග පිරිලා. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයි, කේ. මෙන්ඩිස්ගෙ ගනේ හම්බවුණාම ඒක ඉල්ලගන්න.
ඔය අතරෙ මී කතුරා එදා ගනය ගෙනත් තිබුනෙ නෑ. මොකද මෑන්ස්ට ගනේ ඉල්ලගන්න පොරගෙ යාලුවාව කලින් දවසෙ හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං ක්ලාස් එකේ කොල්ලො බොහොම සංවේගයෙන් වුණත් හිත හදාගත්තලු පහුවදාට මේක හම්බවෙයි කියලා.
ඇත්තටම මේ ගනේට තිබුනෙ පුදුමාකාර ඉල්ලුමක්. කට්ටිය පොරකනවා වේටින් ලිස්ට් එකට තමන්ගෙ නම ඇතුලත් කරගන්න. ඒ අස්සෙ මී කතුරා ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකෙන් ග්‍රේඩ් එකේ සුපර් ස්ටාර් වෙලයි හිටියේ. මෑන්ස් එක්ක කතා කරන්න, අඳුරගන්න අනිත් කොල්ලන්ට එපොයින්ට්මන්ට් ගන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබුනේ.
මේ වෙද්දි මී කතුරාව ගොඩදෙනෙක් පෞද්ගලිකව අඳුරගෙන හිටියෙ නැති නිසා, ගොඩක් කට්ටිය ට්‍රයි කළේ පුරුපුරු හරහා ගනේ තමන්ට ඉල්ලගන්න.
" පුරුපුරු, උඹට මතකනෙ, අපි අවුරුදු ගානක් එක ක්ලාස් එකේනෙ හිටියෙ බං!"
" පුරුපුරු, මොකද්ද බං, අපි එකට ස්කවුටින් කරපු හැටි මතක නැද්ද? බැරිද අනිත් කට්ටියට කලින් මට මේක ගන්න?"
" අඩෝ පුරුවා! උඹට එහෙනං අපි හොස්ටල් එකේ එකට ෆන් ගත්ත හැටි අමතක වුණා ඈ? මොකද බං උඹට බැරි අනිත් උන්ට කලින් මට ඕක ඉල්ලලා දෙන්න"
" අපි ඉතිං මචං ගම්පහ කොල්ලොනෙ, ඔන්න හම්බවෙච්ච හැටියෙ මටයි ඕනෙ හරි?"
දැන් බලාගෙන යද්දි මී කතුරාට විතරක් නෙවෙයි, පුරුපුරුටත් හෙන ඉල්ලුම මේ කේ. මෙන්ඩිස් හින්දා. ඇත්තටම වේටින් ලිස්ට් එකේ හිටපු කාටවත් ෆේවර් කරන්න විදිහක් පුරුපුරුට තිබුනෙ නෑ. මොකද හිටපු ඔක්කොම කට්ටිය වගේ අපේ පූසන්ගෙ හොඳ යාලුවො. අනික කට්ටිය ගනේ ගන්න අංක එහෙමත් වෙන් කරගෙනයි තිබුනෙ. ඒ මදිවට සමහර කට්ටිය ට්‍රයි කරන්නෙ පූසොත් එක්ක මංගල දර්ශනය බලන්න සහභාගි වෙන්න.
ඔය අතරෙ මුෂ්ටාක් පොරොන්දු වෙච්ච විදිහට කේක් ගෙඩියක් උස්සගෙන ඇවිල්ලා තිබුනා. ඒත් මේ කේ. මෙන්ඩිස්ගෙ ගනේ නිසා ක්ලාස් එකේ කොල්ලන්ට මුෂ්ටාක්ගෙ පාටිය ගැනවත් වගක් තිබුනෙ නෑ. අන්තිමට මුෂ්ටාක් තමන්ගෙ අතින්ම කේක් එක ක්ලාස් එකේ කොල්ලන්ට බෙදුවලු.
ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදා වුණාලු. පුරුපුරු උදේ පන්තියට එද්දි මී කතුරාත් ඇවිල්ලයි හිටියෙ
පුරුපුරු :- කතුරා......මචං උඹ අරක ගෙනාවා නේද?
මී කතුරා :- මාර කේස් එකනෙ බං! මට ඊයෙත් යාලුවාව හම්බවුණේ නෑනෙ. උන්ගෙ ගෙදරනෙ ඉතිං ඔය ගනේ තියෙන්නෙ.
මී කතුරාගෙ කතාව ඇහුවා විතරයි අපේ පුරුපුරුගෙ සිහින ලෝකය පට පට ගාලා කඩාගෙන වැටුනලු. දැන් ඉතිං තව දවසක් ඉවසපන්කෝ!
ඒ අතරෙ තත්ත්වය තවත් නරක අතට හැරුනේ, කලින් දවස් දෙකේ ගනේ ඉල්ල ඉල්ලා හිටපු කොල්ලො කට්ටිය ගනේ ඇවිල්ලද බලන්න පුරුපුරුලාගෙ පන්තියට ආපු හින්දා. මී කතුරා මේක ගෙනාවේ නෑ කිව්වම කට්ටියගෙම මූණූ කජු ලෙලි වගේ වුණාලු. ඒ අස්සෙ මේ ගැන ආරංචි වෙච්ච අදුරන්නෙ නැති කොල්ලොත් ඇවිල්ලා. ඒ අතරෙ කොට කලිසම් ඇඳගෙන හිටපු 9 වසරෙ කොල්ලො කීප දෙනෙකුත් හිටියලු.
9 වසරෙ කොල්ලෙක් :- (බයෙන් බයෙන් වගේ) අයියේ...කේ.මෙන්ඩිස්ගෙ ගනයක් හම්බවුණාලු නේද? මම අර අහවලාගෙ යාලුවෙක්
මූ දැන් පුරුපුරුලගෙ බැච් එකේ කොල්ලෙකුගෙ නමක් කියනවා. දැන් මේ විදිහට මේ සිද්දිය ඉස්කෝලෙ පුරාම ගිහින් වැඩේ පත්තුවුණොත් ඉතිං මී කතුරායි, පන්තියෙ අනිත් කොල්ලොයි, කට්ටියම ගස්. මහබබා වහාම හොඳ සුද්ද සිංහල වචන දෙක තුනක් පාවිච්චි කරලා, ඒ පොඩි කොල්ලො කට්ටියව එතනින් එලවලා දැම්මලු.
මේ වෙනකොට පුරුපුරුලාගෙ පන්තියෙ කොල්ලො ඔක්කොමයි, වෙන පන්තිවල සමහර කොල්ලොයි එම්ප්ටි සීඩී අරගෙනයි තිබුනෙ ගනේ රයිට් කරගන්න. ඒ දවස්වල ඉස්කෝල අවට සීඩී කඩවල් වලටනං හොඳ බිස්නස් තියෙන්න ඇති. කොහොමහරි පුරුපුරු, රාජු, මහබබා ඇතුලු කට්ටිය කොල්ලන්ව ශේප් කරලා පන්ති වලට යැව්වෙ බොහොම අමාරුවෙන්. ඊටපස්සෙ කට්ටිය ගියෙ මී කතුරා ළගට
පුරුපුරු :- මචං මී කතුරා, උඹ ඇත්ත කියපං, උඹට අපි බනින්නෙවත් ගහන්නෙවත් නෑ. ඔය කේ.මෙන්ඩිස්ගෙ ගනේ කතාව ඇත්තක්ද? නැත්තං බොරුවක්ද?
මී කතුරා :- පිස්සුද බං? මම සිරාවටම ඇත්ත කිව්වෙ. මම හෙට කොහොමහරි මේක ගේන්නංකෝ.
මී කතුරා මෙහෙම කිව්වට පස්සෙ තමයි අනිත් කොල්ලන්ට සැන්සිල්ලක් දැනුනේ.
කොහොමහරි පහුවදා උදෙත් පුරුපුරු එද්දි මී කතුරා ක්ලාස් එකට ඇවිත් තිබුනා.
පුරුපුරු :- මී කතුරා, ඔන්න අදනං ගෙනාවෙ නෑ කියන්න එපා.
මී කතුරා :- නෑ නෑ!! ඔන්න අද ගෙනාවා මචං
මේක ඇහුවට පස්සෙ පුරුපුරුගෙ ඉහේ මලක් පිපුනා වගේ වුණාලු.
පුරුපුරු :- කෝ පෙන්නපං?
මෑන්ස් මෙහෙම කිව්වට පස්සේ මී කතුරා කළේ පොතක් ඇතුලේ හංගලා තිබුනු රිදී පාට ලස්සන සීඩී එකක් එළියට ගත්ත එක. ඇත්තටම සීඩී එකේ රිදීපාට එළියෙන් මුලු ක්ලාස් එකම ආලෝකමත් වුණා වගේ තමයි අපේ පුරුපුරුට දැනුනේ.
ඉතිං ටික වෙලාවකින්, මී කතුරා කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනල්ලයි කියන ආරංචිය ග්‍රේඩ් එකේ හැමතැනම පැතිරුණාලු. මුලු බයෝ සෙක්ෂන් ඇතුලු ග්‍රේඩ් එකම නිව්ස් එක අහලා අමන්දානන්දයට පත්වෙලයි හිටියේ. දැන් ඉතිං වේටින් ලිස්ට් එකේ මුල් නොම්මරවල ඉන්න කට්ටියට ඉවසිල්ලක් නෑලු.
එදා හවස මී කතුරාගෙන් ගනේ ඉල්ලගත්ත පුරුපුරු ස්කූල් වෑන් එකේ ගෙදර ගියෙ, ගොඩක් පරිස්සමට ගනේ බෑග් එක ඇතුලෙ තියාගෙන. මේ වෙද්දි ඤාව්වා, උපාසක සහ මාලුකට්ටාත් මංගල දර්ශනය බලන්න පුරුපුරුලගෙ ගෙදරට සෙට් වෙන්න කතා වෙලයි හිටියේ. ඒ වගේම ගමේ ඉන්න තමන්ගෙ හොඳම යාලුවො දෙන්නෙකුටත් පුරුපුරු මේ අවස්ථාවට සහභාගි වෙන්න ආරාධනා කරලා තිබුනා. කොහොමහරි එදා හවස මෑන්ස්ගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් හිටියෙත් නෑ.
ඉතිං කතා කරගත්ත විදිහට කට්ටියම හවස්වරුවේ පුරුපුරුලගෙ ගෙදරට සෙට් වුණාලු.
Thursday, February 10, 2011
කේ.මෙන්ඩිස් 2 - මී කතුරාගේ ආගමනය
ඉතිං යාලුවනේ ඔයාලා කේ.මෙන්ඩිස් සීරීස් එකේ මුල් ලිපිය මේ වෙද්දි කියවලා ඇතිනෙ නේද?
ඔය විදිහට අපේ පුරුපුරු, මහබබා ඇතුලු සෙට් එක ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් ළමයි දෙන්නත් එක්කත් කතා කරන්න ගියාලු. මුලින්ම කතා කරපු කොල්ලා ටිකක් කලු, මහත, දෙකේ හතරෙ සයිස් එකේ ඩයල් එකක්.
මහබබා :- ආ...මචං කොහොමද? උඹේ නම මොකද්ද බං?
කොල්ලා :- මුෂ්ටාක් දිලංක සිරිවර්ධන
ඉතිං මෑන්ස් මෙහෙම කියපුවාම අපේ යාලුවො සෙට් එක ෆුල් අබ්ලික් වෙලා ගියාලු. ඇයි දෙයියනේ ජීවිතේට අහන්න බලාපොරොත්තු වෙන නමක්ද මේ යකාට තියෙන්නෙ හැබෑට?
පුරුපුරු :- වැරදියට හිතන්න එපා මචං! උඹ සිංහලද? මුස්ලිම්ද?
මුෂ්ටාක් :- මම සිංහල මචං!
ඔය අතරෙ පුරුපුරුයි, මහබබායි මූණට මූණ බලාගන්නවා දැක්ක මුෂ්ටාක්ට තේරුණාලු, කට්ටිය පොරගෙ නම හින්දා ෆුල් තක්බිරිෆයිඩ් වෙලා ඉන්නෙ කියලා.
මුෂ්ටාක් :- අපේ ආච්චි මුස්ලිම් බං! ඒකයි මගෙ නමට මුෂ්ටාක් කෑල්ලක් තියෙන්නෙ.
මහබබා :- ආ...එල එල!! අරුන් දෙන්නා හෙට ක්ලාස් එකේ කොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවා මචං. උඹයි අර කෙට්ටු එකයි අනිද්දා එද්දි මොනවහරි අරන් වරෙන් පුලුවන්නං.
මුෂ්ටාක් :- එලකිරි මචං! කේක් එකක් හොඳයිනෙ?
පුරුපුරු :- උඹ කැමති දෙයක් ගෙනෙන් බං. අවුලක් නෑ.
ඉතිං එදා ඉඳලා ක්ලාස් එකේ කට්ටිය මුෂ්ටාක්ට කිව්වෙ මුෂී කියලා.
දැන් ඉතිං ඉතුරු තව එක කොල්ලයි. මෑන්ස් වාඩිවෙලා හිටියෙ ක්ලාස් එකේ එහාපැත්තෙ කොනේ. කොහොමහරි කෙමිස්ට්‍රි උගන්නන අතිච්ඡාදන ගුරුතුමා පන්තියට ආපු හින්දා පුරුපුරුලාට පුලුවන් වුණේ නෑ ඒ ළමයා එක්ක කතා කරන්න. (එක සබ්ජෙක්ට් එකක් උගන්නන්න ගුරුවරු දෙන්නා ගානෙ හැම ක්ලාස් එකකටම හිටියා.)
ඊටපස්සෙ මෑන්ස් එක්ක කතා කරන්න පුරුපුරුලාට වෙලාවක් ලැබුනෙ ඉන්ටර්වල් එකේදි. ඒත් එතකොට කට්ටිය තැන් තැන්වල ඇවිදින්න ගිහින්. අන්තිමට මේ කොල්ලා එක්ක කතා කරන්න සෙට් වුණේ පුරුපුරුයි, රාජුයි විතරයි. ඇත්තටම පොරව දැක්කාම ට්‍රීට් එකක් ගේන්න කියන්නත් පුරුපුරුට මොකද්ද වගේ හිතුනලු. මොකද මෑන්ස් බොහොම අහිංසක පෙනුමක් තියෙන, මාලුකට්ටා සයිස් එකටම කෙට්ටු කොල්ලෙක්.
පුරුපුරු :- මචං! උඹේ නම මොකද්ද?
කොල්ලා :- මී කතුරා...උඹේ නම මොකද්ද?
පුරුපුරු :- මම තමයි පුරුපුරු. මේ ඉන්නෙ රාජු. උඹලගෙ ගෙවල් එහෙම කොහෙද?
මී කතුරා :- මම ගම්පහ මචං!
පුරුපුරු :- අපිත් ඒ පැත්තෙ තමයි. මම පූස්ගම. රාජු ඉන්නෙ ගම්පහමයි. උඹ ගම්පහ ටවුන් එකේද?
මී කතුරා :- මම ගම්පහ කිව්වට අහවල් පැත්තෙ බං!
මෑන්ස් ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන වෙන නගරෙක නමක් කිව්වලු.
පුරුපුරු :- හික් හික්!! ඉතිං යකෝ ඒ ගම්පහද?
මෙහෙම පටන් ගත්තු කතාව ගොඩක් වෙලා යනකං ඉවර වුණේ නෑ. කොහොමහරි මී කතුරා කියන්නෙත් අපේ පූසො සෙට් එකේ අනිත් කට්ටිය වගේම පිස්සුම පිස්සු පූසෙක් කියලා තේරුම් ගන්න පුරුපුරුට වැඩි වෙලාවක් ගියෙ නෑ. අන්තිමට ඉන්ටර්වල් එක ඉවර වෙද්දි පුරුපුරුයි, මී කතුරායි අම්බානට ෆිට් වෙලා හිටියෙ. ඉතිං පුරුපුරුගෙන් මී කතුරාට ආරාධනා ලැබුනලු රාජුයි, පුරුපුරුයි වාඩිවෙලා හිටපු මේසෙටම මෑන්ස්ටත් එන්න කියලා. මොකද මේ දවස්වල මාලුකට්ටා වාඩිවෙලා හිටියෙ වෙන පේළියක.
තවත් ටික වෙලාවකින් තමයි පුරුපුරු දැනගත්තෙ මී කතුරාත් ඒ දවස්වල ෆුල් විරහ වේදනාවෙන් කල්ගෙවපු කොල්ලෙක් කියලා. බැලින්නං මෑන්ස්ගෙ ගෑනු ළමයා පොරව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. අපේ පුරුපුරුත් මේ දවස්වල විදූශාගෙ කේස් එක නිසා අප්සෙට් එකේ නොවැ හිටියෙ! ඉතිං දෙන්නාම එකම බෝට්ටුවෙ හින්දා මේ යාලුවො දෙන්නාගෙ ෆිට් එක තවත් වැඩිවුණාලු. මේ වෙද්දි මී කතුරා තමන්ට නියමිත දවසෙ ට්‍රීට් එක දෙන්න කැමති වෙලයි හිටියේ.
ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදාවුණාලු. බාරගත්ත විදිහටම එදා දවසෙ ට්‍රීට් දෙන්න චූටියි ධනුයි අමතක කරලා තිබුනෙ නෑ. චූටි අයිසින් කේක් එකක් උස්සන් උදේ පාන්දරම පන්තියට ආවලු. ධනුවා ගෙනාවෙ බටර් කේක් එකක්. ඉතිං ඉන්ටර්වල් එකේ ක්ලාස් එකේ කට්ටියම කේක් වලින් සප්පායම් වුණාලු. දැන් මහබබාට ෆුල් හැපී. මෑන්ස් ඩෙස් එකක් උඩ නැගගෙන කෑ ගහනවා.
" මචංස්! මුෂී, මී කතුරා, ඔන්න හෙට උඹලත් මේ වගේම අපිට හොඳ පාටි එකක් දෙන්න ඕනේ "
කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ තිබුනෙ ඕෆ් පීරියඩ් එකක්. දැන් ඉතිං ක්ලාස් එකේ කොල්ලො කෑ ගහනවා. සමහරු ක්ලාස් එක ඇතුලෙ සෙල්ලං කරනවා. ඇත්තටම පුරුපුරුලා හිටපු ක්ලාස් එකේ රාජුයි, නයිසුයි ඇරෙන්න අයිලන්ඩ් රෑන්ක් ගන්න මට්ටමේ බ්‍රයිටො හිටියෙ නෑ. ඒ දෙන්නා වුණත් නිතරම පිස්සු නට නටා තමයි හිටියෙ. ඔය අතරෙ සෙල්ලං කරලා මහන්සි වෙලා හිටපු පුරුපුරුයි, මී කතුරායි, ඒ දවස්වල කොල්ලන්ට තිබුන වැදගත්ම මාතෘකාවට එන්ටර් වෙලයි හිටියේ.
පුරුපුරු :- කතුරා, නැද්ද මචං ගන එහෙම ?
දැන් බ්ලොග් කියවන්න අලුතින් ආපු යාලුවො කට්ටියට ගිහින් ගන කියන්නේ මොනවද කියලා බලලා එන්න පුලුවන්.
මී කතුරා :- නැතුව නැතුව? මං ගාව හොද ගන කලෙක්ෂන් එකක් තියෙනවා.
පුරුපුරු :- එල එල!! අපි ගාවත් සීඩී ගොඩක් තියෙනවා බං! ඒ වුණාට එක්කොම වගේ කඩු ඒවා තියෙන්නෙ. සිංහල ඒවා බලපු කාලයක් මතක නෑ.
මී කතුරා :- හික් හික්!! අයියෝ බං! මමනං ගිය සතියෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේකුත් බැලුවා.
පුරුපුරු :- මොනවා!!!!! කේ.මෙන්ඩිස්ගෙ?????
කාමිනී මෙන්ඩිස් හෙවත් කේ.මෙන්ඩිස් කියන්නෙ ලංකාවෙ ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද නිළියකගෙ නමක්. ඉතිං මී කතුරා කියපු දේ ඇහිච්ච පුරුපුරුට තමන් ඉහළට ගත්තු හුස්ම පහළට දාන්නත් අමතක වුණාලු. කොටින්ම තත්පර ගානක් යනකං මෑන්ස්ට කතා කරගන්නත් බැරිවුණාලු.
පුරුපුරු :- කේ.මෙන්ඩිස්ගෙ? වෙන්න බෑ. උඹට ෂුවර්ද? ඒ වගේ ලැටින් හරි ඉන්දියන් හරි එකක් වෙන්න ඇති බං!
මී කතුරා :- පිස්සුද බං? මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනෙ.
පුරුපුරු :- ඉතිං ***, උඹ මාත් එක්ක ඊයෙ දවසම කතා කර කර හිටියා. තෝ නිකමටවත් මේ ගැන කිව්වද?
මී කතුරා :- ඉතිං යකෝ උඹ මගෙන් මේ ගැන ඇහුවයැ!
බැලින්නං මී කතුරා කියන කතාවත් ඇත්ත. අපේ පුරුපුරුට ගොඩක් දවසකට පස්සෙ ෆුල් හැපී එකක් ගියෙ මී කතුරා කියපු මේ ආරංචිය අහලා තමයි. මී කතුරා කියන්නෙ සුරලොවින් කුරුඳුවත්ත ඉස්කෝලෙට ආපු දේවදූතයෙක්ද කොහෙද?
පුරුපුරු :- රාජු! මාලුකට්ටා!! අඩෝ මෙහෙ වරෙල්ලා. මෙන්න කේ.මෙන්ඩිස්ගෙ ගනයක් තියෙනවලු.
මාලුකට්ටා :- මොනවා????????? කේ.මෙන්ඩිස්ගෙ?
ආරංචිය අහපු මාලුකට්ටාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න වගේ. කොහොමහරි මේ සුභ පණිවිඩේ මුලු පන්තිය පුරාම පැතිරෙන්න ගියෙ නැනෝ තත්පර ගානයි. ඒ මී කතුරාට මේ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර.
මේ වෙද්දි මුලු ක්ලාස් එකම මේ හදිසි ආරංචියෙන් කැළඹිලයි හිටියේ. දැන් ක්ලාස් එකේ කෑ ගැහිලි, සෙල්ලම් කිරිලි ඔක්කොම නැවතිලා. කට්ටියම දැන් වර්ල්ඩ් කප් එක අරන් ආපු අර්ජුනව වගේ මී කතුරාව වටකරගෙනයි ඉන්නේ.
මහබබා :- ඒ කතුරා, ඇත්තද බං මේ කියන්නෙ?
මී කතුරා :- ඔව් බං! මම ඉතිං බලපු එකනේ. හැබැයි ඒක දැන් මං ගාව නෑ. ඒක තියෙන්නෙ අපේ අයියා කෙනෙක් ගාව.
මහබබා :- අනේ මගෙ දෙයියා, මොනවා හරි කරලා ඒක උස්සන් වරෙන්. උඹ ඉතිං හොද එකා කියලා අපි දන්නවනේ. හෙට උඹ පාටි එක දෙන්න ඕනෙත් නෑ. උඹ මේක ගේන එක අවුරුදු දෙකටම ඇති.
මී කතුරා :- ආ...ඒක සුලු දෙයක් බං! ඒ වුණාට ඉස්කෝලෙට මාට්ටු වුණොත්?
මහබබා :- උඹ ගෙනෙන්කො. පුරුපුරු, මූට කියලා දීපං බං ගේන විදිහ. ඉතුරු ටික අපි බලාගන්නං.
මී කතුරා :- හා...හා..මම ගේන්නං මචං.
මහබබා :- හෙට ගෙනෙන් ෂුවර් එකට හොඳේ!
මී කතුරා :- හා මචං.
ඉතිං උද්දාමයට පත්වෙච්ච පන්තියෙ කොල්ලො කට්ටිය දැන් ෆුල් ආතල් එකේ ඉන්නෙ. සමහරු එක එක සින්දු කියනවලු. තවත් කට්ටිය එක එක ඇක්ෂන් දානවලු. ඒ සින්දු ගැනවත්, ඇක්ෂන් ගැනවත් අපි මේ සීරීස් එකෙන් විස්තර කරන්න යන්නෙ නෑ. නිකං මොකටද බ්ලොග් එක සින්ඩි වලින් එළියට දාගන්නෙ නේද?
සැ.යු :- කාමිනී මෙන්ඩිස් යනු මනඃකල්පිත නමක් බව කැණාවෙන් සලකන්න.
Tuesday, February 8, 2011
කේ.මෙන්ඩිස් - 12 වසරට පා තැබීම
ඔන්න යාලුවනේ අපි ඔයාලා වෙනුවෙන් තවත් සීරීස් එකක් අරගෙන ආවා.
මේ වෙද්දි අපේ පූසො ඕ ලෙවල් ඉවර කරලා ඒ ලෙවල් ක්ලාස් යන්න පටන් අරගෙනයි තිබුනේ. ඉතිං ඔය දවස්වල තමයි අර විදූශාගෙ කේස් එක එහෙමත් වුණේ. කොහොමහරි ඒ සිද්දි ඔක්කොමත් ඉවරවෙලා ටික දවසක් යද්දි, 2004 අවුරුද්දෙ ඒ ලෙවල් විභාගෙත් පැවැත්වුණාලු. ඊටපස්සෙ සිද්දවුණේ 12 වසරේ කට්ටිය 13 වසරට ගිය එකයි, අලුත් බැච් එකක් ඒ ලෙවල් කරන්න 12 වසරට ආපු එකයි. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා හිටපු අපේ පූසො සෙට් එක අයිති වුණේ අන්න ඒ අලුතින් ඒ ලෙවල් කරන්න ආපු බැච් එකට.
ඉතිං අපේ යාලුවො කට්ටියව ඒ ලෙවල් වලට ඉස්කෝලෙට පිළිගත්තෙ ලොකු උත්සවයක් එහෙමත් තියලලු. ඇත්තටම පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටායි එදා ඉස්කෝලෙට ආවෙ මාස කීපයකට පස්සෙ. ඉතිං කාලෙකට පස්සෙ හම්බවුණු හොස්ටල් සෙට් එක ඇතුලු ඉස්කෝලෙ යාලුවොත් එක්ක, අපේ පූසො එදා කතා බහ කළේ ලොකු සතුටකින්.
ඊටපස්සෙ සිද්දවුණේ කට්ටියව තම තමන්ගෙ පන්ති වලට දාපු එක. කුරුඳුවත්ත ඉස්කෝලෙ ඒ පාර බයෝ පන්ති පහක්ම තිබුනලු. ඒ සිංහල මාධ්‍ය පන්ති හතරකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි විදිහට. ඒ පන්ති හැඳින්නුවෙ S1, S2, S3, S4 සහ SE කියලා. S කියලා කිව්වෙ සයන්ස් කියන එකට. ඉතිං අපේ පුරුපුරුයි, මාලුකට්ටායි හොඳ දේශීය පූසො දෙන්නෙක් හින්දා දෙන්නාම ඒ ලෙවල් කරන්න ගත්තෙ සිංහල මීඩියම් එකෙන්ලු. කොහොමහරි මේ දෙන්නම තේරුනෙත් එකම පන්තියට.
උපාසකනං ඉතිං කරන්න තෝරගත්තෙ ගණිතය විෂය නොවැ! ඉතිං මෑන්ස් තේරුනේ සිංහල මීඩියම් ගණිත පන්තියකට. කොහොමහරි ඒ අවුරුද්දෙ සිංහල මාධ්‍ය ගණිතය පන්ති අටකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි ඉස්කෝලෙ තිබුනලු. මේ ඔක්කොම ගැන අපි කිව්වේ ඉස්කෝලෙ තිබුනු කොමර්ස් සහ ආර්ට් පන්ති ඇරුණුකොට.
කොහොමහරි ඉතිං පන්ති වෙන් කළාට පස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි ගියාලු තමන්ගෙ පන්තියට. බැලින්නං පූසො දෙන්නා යද්දි තව කට්ටිය පන්තියට ඇවිල්ලා. කොහොමහරි ටික වෙලාවකින් ඔක්කොම ළමයි ක්ලාස් එකට ආවලු. ඊටපස්සෙ තමයි කට්ටියට දැනගන්න හම්බවුණේ පන්තියේ හිටපු මුලු ළමයි ගාන විසි හයයි කියලා. පස්සෙ බැලින්නං හැම බයෝ ක්ලාස් එකටම ළමයි බෙදලා තිබුනෙ විසි ගනන් වලින්.
කොහොමහරි ඉතිං පුරුපුරුලගෙ ක්ලාස් ටීචර් වුණේ කෙමිස්ට්‍රි උගන්නපු මාලනී කියලා මිස් කෙනෙක්. මිස් රිටයර් වෙන්න කිට්ටු වයසක තමයි ඒ වෙනකොටත් හිටියේ. ඒ වගේම මාලනී මිස් ගොඩක් කරුණාවන්ත මිස් කෙනෙක් කියලා ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද වෙලයි හිටියේ.
කුරුඳුවත්ත ඉස්කෝලෙ බයෝ ක්ලාස් හදලා තිබුනේ අමුතුම සිස්ටම් එකකට. ඇත්තටම ඒවාට ක්ලාස් කියනවාට වඩා ඔඩිටෝරියම් කියන එක තමයි ගොඩක් සුදුසු. ඉතිං එක ක්ලාස් එකකට ළමයි සීයකට වඩා පහසුවෙන් දාන්න පුලුවන් තරමට ඒ ක්ලාස් ලොකුයි. ඒ වගේම ඩෙස්ක් වෙනුවට පොළොවට හයිකරපු දිග බංකුයි, දිග මේසයි තමයි ක්ලාස් එක ඇතුලෙ තිබුනේ. ඒවත් තිබුනේ ක්ලාස් එකේ පිටිපස්සට යද්දි තට්ටුවෙන් තට්ටුව ඉස්සිලා තියෙන විදිහට. හරියට මේ පහළ පින්තූරෙ තියෙන ක්ලාස් එක වගේ.
ඉතිං ක්ලාස් එකේ උගන්නන ගුරුවරයාට පේන්නෙ නැතුව, ක්ලාස් එකේ පිටිපස්සෙ බංකුවල නිදාගන්න "සමහර කට්ටිය" පස්සෙ කාලෙක පුරුදු වුණාලු. ඒ කතා ඉතිං අපි පස්සෙ කාලෙකම අහමුකො නේද?
කොහොමහරි ඉතිං ක්ලාස් එකට සිලෙක්ට් වෙච්ච ළමයින්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කට්ටියව අපේ පූසො හොඳට අඳුරනවලු. ඒ අතරින් බයෝ සෙක්ෂන් එකේ හිටපු ලොකුම ළමයා වෙච්ච මහබබා, හොස්ටල් එකේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ හිටපු සෝමෙ අයියා, පූසොත් එක්ක ගම්පහ ක්ලාස් ගිය රාජු වගේ කට්ටිය විශේෂයි. ඉතිං අපේ පුරුපුරු පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවලු කවුද මේ ක්ලාස් එකේ ඉන්න අඳුරන්නැති ඩයල් ටික කියලා.
බැලින්නං ඒ තමයි ඕ ලෙවල් රිසාල්ට්ස් වලින් අලුතින් ඉස්කෝලෙට ආපු සෙට් එකේ කට්ටිය. මෙහෙම ඕ ලෙවල් වලින් ආපු ළමයි හතර දෙනෙක් පුරුපුරුලාගෙ ක්ලාස් එකේ හිටියා. ඉතිං අනිත් ළමයි අවුරුදු ගානක් ඉස්කෝලෙ ඇතුලෙ ඉඳලා එකිනෙකාව අඳුරන හින්දා, කට්ටියගෙ මූලිකම වැඩේ වුණේ මේ අලුතින් ඉස්කෝලෙට ආපු ළමයි හතරදෙනා අඳුරගන්න එක. කොහොමහරි පළවෙනි දවසෙ මේ වැඩේට එච්චර වෙලාවක් හම්බවුණේ නෑ. ඉතිං දෙවෙනි දවසෙ උදේ තමයි ක්ලාස් එකේ අනිත් කොල්ලන්ට චාන්ස් එකක් ලැබුනෙ අලුත් ළමයි එක්ක නිදහසේ හොඳට කතා කරන්න.
ඉස්කෝලෙ ඒ දවස්වල සිරිතක් තමයි, අලුතින් ඉස්කෝලෙට එන ළමයි ක්ලාස් එකේ අනිත් ළමයින්ට පොඩි ට්‍රීට් එකක් දෙන එක. ගොඩක් වෙලාවට ඉතිං ට්‍රීට් එක වෙනුවෙන් හම්බවෙන්නෙ කේක් ගෙඩියක් තමයි. දැන් අපේ පුරුපුරු, මහබබා, සෝමෙ අයියා ඇතුලු සෙට් එකේ උත්සාහය තමයි මේ අලුත් ළමයින්ගෙන් ට්‍රීට් එකක් ඉල්ලගන්න එක. ඉතිං කට්ටිය මේ ළමයි එක්ක වෙන වෙනම කතා කළාලු. ඇත්තටම මේ අලුත් ළමයි හතරදෙනා මුලින් හිටියෙ වෙනම ලෝකෙකට ගෙනත් අතඇරලා වගේ බයවෙලා.
මුලින්ම පුරුපුරුලා කතා කළේ පුරුපුරුලගේ පේළියට ඉස්සරහා පේළියේ වාඩි වෙලා හිටපු ළමයත් එක්ක.
මහබබා :- මචං උඹේ නම මොකද්ද?
ළමයා :- මගෙද මචං?
පුරුපුරු :- ඔව් ඔව්!! උඹේ තමයි
ළමයා :- මගෙ නම චූටි
පුරුපුරු :- උඹ මචං කොහෙද ඉන්නෙ?
චූටි :- ගම්පහ
පුරුපුරු :- ගම්පහ? ගම්පහ කොහෙද?
චූටි :- මම කිරිල්ලවල. උඹ කොහෙද මචං?
පුරුපුරු :- මමත් ගම්පහ කිට්ටුව තමයි බං. මමයි, අර ඉන්න මාලුකට්ටායි දෙන්නම ඉන්නෙ පූස්ගම. මේ රාජු ඉන්නෙ ගම්පහ ටවුන් එකේමයි.
චූටි :- ආ...ඇත්තද මචං?
චූටි මෙහෙම කියද්දි තමයි රාජුට මීටර් වුණේ මෑන්ස් කොහෙදිහරි මීට කලින් චූටිව දැකලා තියෙනවයි කියලා.
රාජු :- අඩෝ! උඹ නේද මචං හිස්සැල්ලයගෙ ක්ලාස් එකේ ඉස්සරහාම පේළියෙ ඉන්නෙ?
දැන් රාජු මෙහෙම කියද්දි චූටි ලැජ්ජාවෙන් ඇඹරෙනවා.
මහබබා :- ආ...එහෙනං මීටපස්සෙ උඹේ නම තමයි චූටි හිස්සැල්ල.
ඉතිං ඔය විදිහට චූටිගෙ නම හිස්සැල්ල කියලා රෙජිස්ටර් වුණාලු. අදටත් ඉස්කෝලෙ බැච් එකේ කට්ටිය චූටි කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි හිස්සැල්ල හරි "හිස්සා" කියලා හරි කිව්වොත්නං ඕන කෙනෙක් චූටිව අඳුරනවලු.
රාජු :- එහෙනං මචං හෙට එද්දි උඹ ක්ලාස් එකේ කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනෙන්. වැඩිය මොනවත් ඕනෙ නෑ. විසි හයයිනෙ බං ඉන්නෙ.
චූටි :- ආ...හරි හරි මචං! මම කොහොමත් ගේන්න තමයි හිටියෙ.
චූටි හිස්සැල්ල වැඩේ කැමැත්තෙන්ම බාරගත්තලු. ඊටපස්සෙ කට්ටිය කතා කළේ තවත් අලුත් ළමයෙක් වෙච්ච ධනූ එක්ක. එතනදිනං විශේෂ දෙයක් වුණේ නෑ. හැබැයි චූටි වගේම ධනූත් බොහොම කැමැත්තෙන් ට්‍රීට් එක ගේන්න බාරගත්තා. ඉතිං මේ විදිහට පහුවදාට ට්‍රීට් දෙන්න නියමිත වුණේ චූටිටයි, ධනූටයි.
මහබබා ඇතුලු කට්ටිය තීරණය කළේ ඊටත් පස්සෙ දවසෙ ට්‍රීට් එක දෙන වැඩේ, අනිත් අලුත් ළමයි දෙන්නාට බාරදෙන්න. ඉතිං අපේ යාලුවො සෙට් එක ඊටපස්සෙ අනිත් ළමයි දෙන්නාත් එක්ක කතා කරන්න ගියාලු.
ප.ලි :- උපරිම වශයෙන් කොටස් හතරෙන් සීරීස් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙමු.
Subscribe to:
Posts (Atom)




