අඹ යාලුවෝ

Tuesday, February 8, 2011

කේ.මෙන්ඩිස් - 12 වසරට පා තැබීම


ඔන්න යාලුවනේ අපි ඔයාලා වෙනුවෙන් තවත් සීරීස් එකක් අරගෙන ආවා.

මේ වෙද්දි අපේ පූසො ඕ ලෙවල් ඉවර කරලා ඒ ලෙවල් ක්ලාස් යන්න පටන් අරගෙනයි තිබුනේ. ඉතිං ඔය දවස්වල තමයි අර විදූශාගෙ කේස් එක එහෙමත් වුණේ. කොහොමහරි ඒ සිද්දි ඔක්කොමත් ඉවරවෙලා ටික දවසක් යද්දි, 2004 අවුරුද්දෙ ඒ ලෙවල් විභාගෙත් පැවැත්වුණාලු. ඊටපස්සෙ සිද්දවුණේ 12 වසරේ කට්ටිය 13 වසරට ගිය එකයි, අලුත් බැච් එකක් ඒ ලෙවල් කරන්න 12 වසරට ආපු එකයි. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා හිටපු අපේ පූසො සෙට් එක අයිති වුණේ අන්න ඒ අලුතින් ඒ ලෙවල් කරන්න ආපු බැච් එකට.

ඉතිං අපේ යාලුවො කට්ටියව ඒ ලෙවල් වලට ඉස්කෝලෙට පිළිගත්තෙ ලොකු උත්සවයක් එහෙමත් තියලලු. ඇත්තටම පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටායි එදා ඉස්කෝලෙට ආවෙ මාස කීපයකට පස්සෙ. ඉතිං කාලෙකට පස්සෙ හම්බවුණු හොස්ටල් සෙට් එක ඇතුලු ඉස්කෝලෙ යාලුවොත් එක්ක, අපේ පූසො එදා කතා බහ කළේ ලොකු සතුටකින්.

ඊටපස්සෙ සිද්දවුණේ කට්ටියව තම තමන්ගෙ පන්ති වලට දාපු එක. කුරුඳුවත්ත ඉස්කෝලෙ ඒ පාර බයෝ පන්ති පහක්ම තිබුනලු. ඒ සිංහල මාධ්‍ය පන්ති හතරකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි විදිහට. ඒ පන්ති හැඳින්නුවෙ S1, S2, S3, S4 සහ SE කියලා. S කියලා කිව්වෙ සයන්ස් කියන එකට. ඉතිං අපේ පුරුපුරුයි, මාලුකට්ටායි හොඳ දේශීය පූසො දෙන්නෙක් හින්දා දෙන්නාම ඒ ලෙවල් කරන්න ගත්තෙ සිංහල මීඩියම් එකෙන්ලු. කොහොමහරි මේ දෙන්නම තේරුනෙත් එකම පන්තියට.

උපාසකනං ඉතිං කරන්න තෝරගත්තෙ ගණිතය විෂය නොවැ! ඉතිං මෑන්ස් තේරුනේ සිංහල මීඩියම් ගණිත පන්තියකට. කොහොමහරි ඒ අවුරුද්දෙ සිංහල මාධ්‍ය ගණිතය පන්ති අටකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි ඉස්කෝලෙ තිබුනලු. මේ ඔක්කොම ගැන අපි කිව්වේ ඉස්කෝලෙ තිබුනු කොමර්ස් සහ ආර්ට් පන්ති ඇරුණුකොට.

කොහොමහරි ඉතිං පන්ති වෙන් කළාට පස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි ගියාලු තමන්ගෙ පන්තියට. බැලින්නං පූසො දෙන්නා යද්දි තව කට්ටිය පන්තියට ඇවිල්ලා. කොහොමහරි ටික වෙලාවකින් ඔක්කොම ළමයි ක්ලාස් එකට ආවලු. ඊටපස්සෙ තමයි කට්ටියට දැනගන්න හම්බවුණේ පන්තියේ හිටපු මුලු ළමයි ගාන විසි හයයි කියලා. පස්සෙ බැලින්නං හැම බයෝ ක්ලාස් එකටම ළමයි බෙදලා තිබුනෙ විසි ගනන් වලින්.

කොහොමහරි ඉතිං පුරුපුරුලගෙ ක්ලාස් ටීචර් වුණේ කෙමිස්ට්‍රි උගන්නපු මාලනී කියලා මිස් කෙනෙක්. මිස් ‍රිටයර් වෙන්න කිට්ටු වයසක තමයි ඒ වෙනකොටත් හිටියේ. ඒ වගේම මාලනී මිස් ගොඩක් කරුණාවන්ත මිස් කෙනෙක් කියලා ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද වෙලයි හිටියේ.

කුරුඳුවත්ත ඉස්කෝලෙ බයෝ ක්ලාස් හදලා තිබුනේ අමුතුම සිස්ටම් එකකට. ඇත්තටම ඒවාට ක්ලාස් කියනවාට වඩා ඔඩිටෝරියම් කියන එක තමයි ගොඩක් සුදුසු. ඉතිං එක ක්ලාස් එකකට ළමයි සීයකට වඩා පහසුවෙන් දාන්න පුලුවන් තරමට ඒ ක්ලාස් ලොකුයි. ඒ වගේම ඩෙස්ක් වෙනුවට පොළොවට හයිකරපු දිග බංකුයි, දිග මේසයි තමයි ක්ලාස් එක ඇතුලෙ තිබුනේ. ඒවත් තිබුනේ ක්ලාස් එකේ පිටිපස්සට යද්දි තට්ටුවෙන් තට්ටුව ඉස්සිලා තියෙන විදිහට. හරියට මේ පහළ පින්තූරෙ තියෙන ක්ලාස් එක වගේ.



ඉතිං ක්ලාස් එකේ උගන්නන ගුරුවරයාට පේන්නෙ නැතුව, ක්ලාස් එකේ පිටිපස්සෙ බංකුවල නිදාගන්න "සමහර කට්ටිය" පස්සෙ කාලෙක පුරුදු වුණාලු. ඒ කතා ඉතිං අපි පස්සෙ කාලෙකම අහමුකො නේද?

කොහොමහරි ඉතිං ක්ලාස් එකට සිලෙක්ට් වෙච්ච ළමයින්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කට්ටියව අපේ පූසො හොඳට අඳුරනවලු. ඒ අතරින් බයෝ සෙක්ෂන් එකේ හිටපු ලොකුම ළමයා වෙච්ච මහබබා, හොස්ටල් එකේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ හිටපු සෝමෙ අයියා, පූසොත් එක්ක ගම්පහ ක්ලාස් ගිය රාජු වගේ කට්ටිය විශේෂයි. ඉතිං අපේ පුරුපුරු පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවලු කවුද මේ ක්ලාස් එකේ ඉන්න අඳුරන්නැති ඩයල් ටික කියලා.

බැලින්නං ඒ තමයි ඕ ලෙවල් රිසාල්ට්ස් වලින් අලුතින් ඉස්කෝලෙට ආපු සෙට් එකේ කට්ටිය. මෙහෙම ඕ ලෙවල් වලින් ආපු ළමයි හතර දෙනෙක් පුරුපුරුලාගෙ ක්ලාස් එකේ හිටියා. ඉතිං අනිත් ළමයි අවුරුදු ගානක් ඉස්කෝලෙ ඇතුලෙ ඉඳලා එකිනෙකාව අඳුරන හින්දා, කට්ටියගෙ මූලිකම වැඩේ වුණේ මේ අලුතින් ඉස්කෝලෙට ආපු ළමයි හතරදෙනා අඳුරගන්න එක. කොහොමහරි පළවෙනි දවසෙ මේ වැඩේට එච්චර වෙලාවක් හම්බවුණේ නෑ. ඉතිං දෙවෙනි දවසෙ උදේ තමයි ක්ලාස් එකේ අනිත් කොල්ලන්ට චාන්ස් එකක් ලැබුනෙ අලුත් ළමයි එක්ක නිදහසේ හොඳට කතා කරන්න.

ඉස්කෝලෙ ඒ දවස්වල සිරිතක් තමයි, අලුතින් ඉස්කෝලෙට එන ළමයි ක්ලාස් එකේ අනිත් ළමයින්ට පොඩි ට්‍රීට් එකක් දෙන එක. ගොඩක් වෙලාවට ඉතිං ට්‍රීට් එක වෙනුවෙන් හම්බවෙන්නෙ කේක් ගෙඩියක් තමයි. දැන් අපේ පුරුපුරු, මහබබා, සෝමෙ අයියා ඇතුලු සෙට් එකේ උත්සාහය තමයි මේ අලුත් ළමයින්ගෙන් ට්‍රීට් එකක් ඉල්ලගන්න එක. ඉතිං කට්ටිය මේ ළමයි එක්ක වෙන වෙනම කතා කළාලු. ඇත්තටම මේ අලුත් ළමයි හතරදෙනා මුලින් හිටියෙ වෙනම ලෝකෙකට ගෙනත් අතඇරලා වගේ බයවෙලා.

මුලින්ම පුරුපුරුලා කතා කළේ පුරුපුරුලගේ පේළියට ඉස්සරහා පේළියේ වාඩි වෙලා හිටපු ළමයත් එක්ක.

මහබබා :- මචං උඹේ නම මොකද්ද?

ළමයා :- මගෙද මචං?

පුරුපුරු :- ඔව් ඔව්!! උඹේ තමයි

ළමයා :- මගෙ නම චූටි

පුරුපුරු :- උඹ මචං කොහෙද ඉන්නෙ?

චූටි :- ගම්පහ

පුරුපුරු :- ගම්පහ? ගම්පහ කොහෙද?

චූටි :- මම කිරිල්ලවල. උඹ කොහෙද මචං?

පුරුපුරු :- මමත් ගම්පහ කිට්ටුව තමයි බං. මමයි, අර ඉන්න මාලුකට්ටායි දෙන්නම ඉන්නෙ පූස්ගම. මේ රාජු ඉන්නෙ ගම්පහ ටවුන් එකේමයි.

චූටි :- ආ...ඇත්තද මචං?

චූටි මෙහෙම කියද්දි තමයි රාජුට මීටර් වුණේ මෑන්ස් කොහෙදිහරි මීට කලින් චූටිව දැකලා තියෙනවයි කියලා.

රාජු :- අඩෝ! උඹ නේද මචං හිස්සැල්ලයගෙ ක්ලාස් එකේ ඉස්සරහාම පේළියෙ ඉන්නෙ?

දැන් රාජු මෙහෙම කියද්දි චූටි ලැජ්ජාවෙන් ඇඹරෙනවා.

මහබබා :- ආ...එහෙනං මීටපස්සෙ උඹේ නම තමයි චූටි හිස්සැල්ල.

ඉතිං ඔය විදිහට චූටිගෙ නම හිස්සැල්ල කියලා රෙජිස්ටර් වුණාලු. අදටත් ඉස්කෝලෙ බැච් එකේ කට්ටිය චූටි කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි හිස්සැල්ල හරි "හිස්සා" කියලා හරි කිව්වොත්නං ඕන කෙනෙක් චූටිව අඳුරනවලු.

රාජු :- එහෙනං මචං හෙට එද්දි උඹ ක්ලාස් එකේ කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනෙන්. වැඩිය මොනවත් ඕනෙ නෑ. විසි හයයිනෙ බං ඉන්නෙ.

චූටි :- ආ...හරි හරි මචං! මම කොහොමත් ගේන්න තමයි හිටියෙ.

චූටි හිස්සැල්ල වැඩේ කැමැත්තෙන්ම බාරගත්තලු. ඊටපස්සෙ කට්ටිය කතා කළේ තවත් අලුත් ළමයෙක් වෙච්ච ධනූ එක්ක. එ‍තනදිනං විශේෂ දෙයක් වුණේ නෑ. හැබැයි චූටි වගේම ධනූත් බොහොම කැමැත්තෙන් ට්‍රීට් එක ගේන්න බාරගත්තා. ඉතිං මේ විදිහට පහුවදාට ට්‍රීට් දෙන්න නියමිත වුණේ චූටිටයි, ධනූටයි.

මහබබා ඇතුලු කට්ටිය තීරණය කළේ ඊටත් පස්සෙ දවසෙ ට්‍රීට් එක දෙන වැඩේ, අනිත් අලුත් ළමයි දෙන්නාට බාරදෙන්න. ඉතිං අපේ යාලුවො සෙට් එක ඊටපස්සෙ අනිත් ළමයි දෙන්නාත් එක්ක කතා කරන්න ගියාලු.

ප.ලි :- උපරිම වශයෙන් කොටස් හතරෙන් සීරීස් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙමු.

26 comments:

  1. දවල් දැක්කා ඇඩ් එක...
    පෝස්ට් එක එනකල් ‍මඟ බල බල හිටියේ... තාම කියෙව්වේ නැහැ... ඉතුරු කොමෙන්ට් එක කියෙව්වට පස්සේ....
    රායිට්.. ඔන්න පටන් ගත්තා....

    ReplyDelete
  2. පට්ටයි මචෝ කතාව නම්. ඔහොම යමු..

    ReplyDelete
  3. එළ එළ ඉක්මනට ලියපල්ලා :b

    ReplyDelete
  4. මක්ක ඉතින් ට්‍රීට් එකට දුන්නේ......ඉකේයියා.....මුන් නවක වදය දෙනව නේ....
    ප.ලි - අපේ නම් ඔහොම ඉස්සි ඉස්සි යන ඩෙස් තිබුනේ නෑ..නිකම් ඩෙස් තමා...ඒත් නොවැරදීම එකෙක් පිටි පස්සේ පේලියේ නම් දොයි තම..
    ඊට පසු ප.ලි - නැවත ඉකේයියා...........

    ReplyDelete
  5. එල එල, අලුත් සීරීස් එකක් පටන් ගත්ත එක නම් හොඳයි :t

    ReplyDelete
  6. අහිංසක රැග් එකක් වගේ...
    හොඳ.... ළමයි....

    ReplyDelete
  7. ආයෙත් සීරීස් එකක් පටන් අරගෙන,,උබලගේ සීරීස් පටන් ගද්දි හිතන්න බෑ කොහෙටද යන්න යන්නේ කියලා,,බලමු ඉස්සරහා

    ReplyDelete
  8. කතාවනම් හොඳයි. මේක කියවනකොට මටත් මතක් වෙනවා අපේ ඉස්කෝලෙටත් A/L කරන්න අලුතෙන් ආපු අයට දීපු පොඩි පොඩි ‍රැග් එහෙම. :)

    ReplyDelete
  9. අඩේ අපේ බයෝ පන්තිත් මෙහෙම තමා තිබුනෙ..

    ReplyDelete
  10. රැග්..
    ට්‍රීට් ගේන එක රැග් එකක් නෙවෙයිනෙ මචං.

    ReplyDelete
  11. ජීවිතේ ආතල්ම කාලේ ගැන ලියවෙන්නේ. අපිට නම් අළුතින් 16ක් ආවා. අපේ ඉස්කෝලේ AL පන්ති පටන් ගත්තෙත් පරණ හිටපු අපිට පටන් අරන් සතියකින් තමා අළුතින් ඉස්කෝලෙට පිටින් ළමයි ගත්තේ. ට්‍රීට් ඇතිවෙන්න ලැබුනා. ඉතිරි ටිකත් එනකල් බලා ඉන්නේ.

    ReplyDelete
  12. @Jeew - එලාස්! :b

    @Gayan Rupasinghe,
    පූසා, DarKneT | ඉෂාර - ස්තූති වේවා යාලුවනේ..

    @රත්ගමයා - :i :i
    පූසො එහෙම ඉකේයියා වැඩ කරන්නෙ නෑනෙ මචෝ.. බොහොම අහිංසක රැග් තමා දුන්නෙ..

    @කොඩී - තෑන්කූ මචෝ!!

    ReplyDelete
  13. @Jeew - පූසො එහෙමයි! :e

    @ItalyDilan - බලමුකො බලමුකෝ!! :a

    @කොට ජීවිතේ - එහෙමනම් හොද හොද කතාත් ඇති නේද යාලු..

    @Buratheno - පූසො යෝජනා කරනව හැම පංතියක්ම මෙහෙම තියෙන්න ඕන කියලා.. හරීම සෝයි!!

    ReplyDelete
  14. @RoshanHerath - අපි ඉතිං අහිංසක කස්ටියනෙ බං.. :)

    @priyantha.ඒබී - ඉක්මණින්ම දානව යාලු!!

    ReplyDelete
  15. එල එල ... ලියපං ඉක්මනට...

    ReplyDelete
  16. ‍හෆ්‍‍ෆා හොර පුසෝ සැට් එක දැකපු කල්‍‍‍...මේ පැත්ත පලාතේ එන්න බැරි වුනානේ....කොහෙද වැඩ වැඩ වැඩ සහ තවත් වැඩ... :s

    මග ඇරිච්ච පෝස්ට් සැට් එකක්ම තියේ....කියවන්නම්කෝ.... :t

    ලියමු....දැන් අපිත් ඉන්නවා කියවන්න....හික් හික් :q

    ReplyDelete
  17. ඔය වගේ රැග් දෙනවනං මොනව කරන්න බැරිද.
    අපේ උං නං අලුතෙන් ආපු එව්වංට දුන්නෙ ගිනිකූ‍රෙන් ලැබ්එක වටේ මනිනව ව‍ගේ දේවල්. :h
    එල සීරීස් එකක් වෙයි ව‍ගේ ඉක්මනට ලියමු.

    ReplyDelete
  18. අපේ ඉස්කොලෙට ලමයි අලුතෙන් ආවම කොල්ලො හදන්නෙ පරණ ටිකට් පොත් විකුණගන්න. අන්තිමට ගුරුවරු මැදිහත් වෙලා තමා මේ මගඩිය නැවැත්තුවෙ.

    ReplyDelete
  19. එලම කිරි මෙන්න තව කතාවක් ..බලමු බලමු .කොටස් හතරයිලු නේද..? කෙටි කතාවක් වගේ ..මෙගා උනත් කමක් නෑ .. උඹල ලියන ඒව බලන්න කම්මැලි නෑ...

    ජය වේවා !!

    ReplyDelete
  20. අපේ ඉස්කෝලෙත් එකම එක ක්ලාස් එකක් තිබුන ඔය වගේ හදල. ඒක පුපුරුලගෙ වගේ බයෝ ක්ලාස් එකක් තමයි. හැබැයි හතලිහකට කිට්‍ටු වෙන්න උන්න මං හිතන්නෙ. ඒකෙ තුබුන බිත්තියට හයිකරපු උඩ පහල යවන්න පුළුවන් බ්ලැක් බෝර්ඩ් එකකුත්. කොට ටීචර්ල එනකොට කොල්ලො ඕක ඩිංගක් වැඩිබුර උස්සල තියෙනවලු.[ලු කියන්න උනේ අපි උන්නෙ ඔය පන්තියේ නොවුන හන්ද]

    ReplyDelete
  21. ඔන්න දැන් තමයි කියවන්න වෙලාවක් හම්බ උනේ.. :b චුටි පාටියක් දාලා වගේ :m

    ReplyDelete
  22. අපේ මල්ලිලාගේ කන්ද උඩ ඉස්කෝලේ ඔය පන්තියේ දි මල්ලිලා ට කේක් ගෙනාපු යාලුවා අදටත් "කේක්"... කේක් කිව්වම මුළු බැජ් එකම දන්නවා.

    ReplyDelete
  23. අපෙත් එක බයෝ ක්ලාස් එකක් තිබ්බා ඔහොම පේලි තියෙන

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???