අඹ යාලුවෝ

Friday, August 26, 2011

සුදුපූසි 13 - ප්‍රශ්න පිට ප්‍රශ්න



සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12  
සුදුපූසි 3                        සුදුපූසි 8
සුදුපූසි 4                        සුදුපූසි 9
සුදුපූසි 5                        සුදුපූසි 10

අපි කලින් කොටස නතර කළේ සුදුපූසි පුරුපුරුත් එක්ක යාලු වෙන්න බෑයි කියපු තැනින්නෙ. ඉතිං තමන් අවුරුදු ගානක් තිස්සේ දැකපු හීන ඔක්කොම චකබ්ලාස් වෙච්ච එක ගැන අපේ පූසා හිටියේ හරිම හිතේ අමාරුවෙන්. ඔය උඩ පින්තූරෙ ඉන්න කෙනා වගේ හැම තිස්සෙම අප්සෙට් මූඩ් එකේ තමයි මෑන්ස් ඒ දවස්වල හිටියේ. හැබැයි ඉතිං සුදුපූසි එක පාරක් බෑ කිව්වයි කියලා ගේම අතඅරින ජාතියෙ ඩයල් එකක් නෙවෙයි පුරුපුරු කියන්නේ. ඒ හින්දා මෑන්ස් හිතාගත්තලු ගිලෙන්න යන මිනිහා එල්ලිච්ච පිදුරු ගහ අතඅරින්නෙ නෑ වගේ, තමනුත් සුදුපූසිගෙන් ආදරේ ඉල්ලන එක ලේසියෙන් අතඅරින්නෙ නෑයි කියලා.

මේ කාලෙ පුරුපුරුට තිබුන අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි විදූශා ගැන සුදුපූසිට කියන්නෙ කොහොමද කියන එක. දැන් ඉතිං සුදුපූසිගෙන් යාලුවෙන්නත් අහපු එකේ විදූශා එක්ක තිබ්බ එෆෙයාර් එක ගැන එයාට නොකියා බෑ. මොකද පුරුපුරුගෙන් නැතුව වෙන කෙනෙක්ගෙන් මේක ආරංචි වුණොත් සුදුපූසි හිතන්න පුලුවන් පූසා මේ සිද්දිය එයාගෙන් හංගන්න හැදුවයි කියලා. ඉතිං පුරුපුරු හිතාගත්තලු ඊළඟ සතියේ සුදුපූසිත් එක්ක කතා කරද්දි විදූශා ගැන ඔක්කොම විස්තර එයාට කියනවයි කියලා.

කොහොමහරි ඊළඟ සෙනසුරාදා දවසෙත් ක්ලාස් ඉවරවෙලා පුරුපුරු සුදුපූසිව මුණගැහුනලු. එදානං මේ දෙන්නා කතා කළේ වෙනදා වගේ අධ්‍යාපනික දේවල් නෙවෙයි. පුරුපුරු යාලුවෙන්න අහපු එකෙන් සුදුපූසි ගොඩක් ෂොක් වෙලා හිටියේ. එයා දිගටම කිව්වේ පුරුපුරු එයාගෙ හොඳම යාලුවෙක් විතරයි කියලා. ඒ වගේම ඒ ලෙවල් ඉවර වෙන්න ඉස්සරවෙලා කොල්ලෙක් ගැන නොහිතන බවත්, වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නැති බවත් සුදුපූසි පුරුපුරුට කිව්වලු.

පුරුපුරු ඊටපස්සෙ සුදුපූසිගෙන් ඇහුවේ වෙන කොල්ලෙක්ට කැමති වෙන්නෙත් නැත්තං, ඒ ලෙවල් ඉවරවෙලා හරි එයා පුරුපුරුත් එක්ක යාලු වෙනවාද කියලා. ඒත් සුදුපූසි ඒකටත් හරිහමං උත්තරයක් දුන්නෙ නෑ. ඊටපස්සේ තමයි මෑන්ස් විදූශා ගැන විස්තරේ සුදුපූසිට කිව්වේ. ඇත්ත දැනගත්තාට පස්සේ සුදුපූසි ගන්න ඕනෙම තීරණයකට එකඟ වෙන්න බලාගෙන තමයි පූසා ඒ සිද්දිය සුදුපූසිට කිව්වේ.

කොහොමහරි පුරුපුරු කියපු දෙයින් සුදුපූසි පොඩ්ඩක්වත් පුදුමෙට පත්වෙච්ච බවක් පෙනුනෙ නෑ. පුරුපුරුනං හිතුවෙ මේ ගැන දැනගත්ත ගමන් සුදුපූසිට තරහා ගිහින් මොකක් හරි රියැක්ෂන් එකක් දක්වයි කියලා. ඉතිං එහෙම නොවිච්ච එක ගැන පූසාට හරි පුදුමයි. අන්තිමේදි පුරුපුරුගෙ මූණ දිහා ටික වෙලාවක් බලාහිටපු සුදුපූසි මෙහෙම කිව්වලු.

සුදුපූසි :- මම ඔය සිද්දිය ගැන දන්නවා පුරුපුරු. ඒත් මම ඊයෙ පෙරේදා වෙනකම්ම මේ ගැන දැනගෙන හිටියෙ නෑ. මම බලාගෙන හිටියේ ඔයා මේක මට කියයිද නැද්ද කියලා. කොහොම වුණත් ඔයා මට ඇත්ත කියපු එක හොඳයි.

සුදුපූසි මෙහෙම කිව්වත් එයාගෙ මූණෙ තිබුනෙ කළකිරුණු පෙනුමක්. සමහරවිට සුදුපූසි කවදාවත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති පුරුපුරු වෙන ගෑනු ළමයෙක් එක්ක යාලුවෙයි කියලා. මේ වෙලාවෙ තමන් කරපු දේ ගැන අපේ පූසාටත් ඇතිවුණේ කියාගන්න බැරි තරමේ ලැජ්ජාවක්. හොඳ වෙලාවට මේක සුදුපූසිට කිව්වේ. නැත්තං කවදාහරි සුදුපූසි මේක පුරුපුරුගෙන් ඇහුවානං එහෙම හතර විළි ලැජ්ජාවයි. කොහොමහරි මේ සිද්දියෙන් පස්සේ වුණේ පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක තව තවත් වැඩි වෙච්ච එක.

පස්සේ ආරංචි වෙච්ච විදිහට රසිකා එක්ක යාලුවෙලා හිටපු මලින්ද තමයි මේ කේලම රසිකා හරහා සුදුපූසිගෙ කනට යවලා තියෙන්නේ. මෑන්ස් කොහොමත් ඉස්සර ඉඳන්ම පුරුපුරු එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ. පුරුපුරුත් එහෙමයි. මොකද ඉස්සර මැක්නාත් රසිකාට ට්‍රයි කරන දවස්වල, මැක්නාත්ගෙන්ම රසිකාගේ විස්තර අහගෙන තමයි මලින්ද ගේම් එකට එන්ටර් වෙලා තියෙන්නේ. අන්තිමට මෑන්ස් රසිකා එක්ක යාලු වෙනකම්ම කොල්ලො කවුරුවත් දැනගෙන හිටියේ නැහැ අඩුගානෙ පොර රසිකාට ට්‍රයි කළා කියලාවත්.

පස්සේ තමයි අපේ යාලුවන්ට ආරංචි වුණේ මලින්ද මැක්නාත්ගෙ යාලුවෙක් විදිහට ඉන්න අතරතුරේම, කාලයක් තිස්සේ හීන් නූලෙන් රසිකාට ට්‍රයි කරලා තිබුන වග. ඉතිං මේ කරපු මිත්‍රද්‍රෝහී වැඩේ හින්දාම මැක්නාතුයි මලින්දයි මේ දවස්වල හිටියේ නයයි මුගටියයි වගේලු. පුරුපුරු හිතුවේ තමන් මැක්නාත්ගෙ හොඳම යාලුවෙක් හින්දා, තමන්ගෙන් පළිගන්න මලින්ද විදූශා ගැන සුදුපූසිට දන්වන්න ඇති කියලා. ඒත් තවත් ටික දවසකින් තමයි පූසාට ආරංචි වුණේ මලින්ද සුදුපූසිට නිව්ස් එක යවන්න එකම හේතුව ඒක නෙවෙයි කියලා.

පුරුපුරු ඇතුලු යාලුවන්ට මේ සිද්දියෙන් ටික දවසකට පස්සේ ආරංචි වුණාලු මලින්දගෙ සෙට් එකේ ලානන්දෙට ගිය කොල්ලෙක් සුදුපූසිට රේඩාර් පාර දාගෙන ඉන්නවයි කියලා. බැලින්නං මලින්දගෙ ට්‍රයි එක තමන්ගෙ යාලුවාට සුදුපූසිව සෙට් කරලා දෙන එක. ඉතිං මේක ආරංචි වෙච්ච අපේ පුරුපුරුට දෙලෝ රත්වෙලා කන් දෙකෙන් දුම් දාන්න පටන් ගත්තලු.

කලින් අපේ පූසො දාගත්ත වලි වගේ නෙවෙයි, මලින්දත් එක්ක වලියක් දාගන්න එක කොහොමටවත් නුවණට හුරු වැඩක් වුණේ නෑ. මොකද මලින්ද මරියකඩේට ඉස්කෝලෙ ගියත් මෑන්ස්ට ගම්පහත් හෙන සෙට් එකක් හිටියා. මලින්දගෙ තාත්තා දේශපාලකයෙක්. මෑන්ස්ට හොඳට සල්ලි බාගෙ එහෙමත් තිබුනලු. ඉතිං අත දිගඇරලා වියදම් කරන මලින්දගෙ වටේට කොළඹ, ගම්පහ ඉස්කෝලවලට යන කොල්ලො විතරක් නෙවෙයි, කප් ගහපු අන්ඩර්වර්ල්ඩ් මදාවියො පවා පිරිලා හිටියලු.

මේ හේතුව හින්දා මලින්දත් එක්ක වලියක් දාගන්න එක රජ කෑමක් කියලා පුරුපුරුට කවුරුවත් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ වුණේ නෑ. ඒ වෙද්දි වුණත් මලින්ද පුරුපුරුලාට නොගහා හිටියේ ඒක රසිකාට ආරංචි වුණොත් මෑන්ස්ගෙ කාඩ් එකට හොඳ මදි හින්දා. කොහොමත් තමන් වලි වලට යන පූසෙක් කියලා සුදුපූසි දැනගත්තොත් එයා කවදාවත් තමන්ට කැමති නොවෙන බව පුරුපුරුත් හොඳටම දැනගෙන හිටියා. ඉතිං අපේ පූසා අන්තිමට තීරණය කළාලු මේ ප්‍රශ්නෙට මොළේ කල්පනා කරලා විසඳුමක් හොයන්න.

සුදුපූසිට මලින්දගෙ යාලුවා ට්‍රයි කරන බව දැනගත්ත දවසේ ඉඳලා, පුරුපුරු කවදාවත් සුදුපූසිට ක්ලාස් ඉවරවෙලා තනියම යන්න ඉඩ තිබ්බේ නෑ. මෑන්ස් හැමදාමත් කළේ ක්ලාස් ඉවරවෙලා සුදුපූසිත් එක්ක බස්ටෑන්ඩ් එකටම ගිය එක. බස් එක ඇතුලෙදි සුදුපූසිගෙ ආරක්ෂාව බාරවෙලා තිබුනේ ඉස්සාටයි, මැක්නාත්ටයි. ඒ වගේම කලාතුරකින් දවසක පුරුපුරුත් ඒ බස් එකේම රෙදිගොඩට යන්නත් පුරුදු වුණාලු. රෙදිගොඩ ඉඳලා ආපහු පූස්ගම බස් එකක නැගලා ගෙදර යන එක මහා එපාකරපු වැඩක්. ඒත් අපේ පූසාට ඒ ඇරෙන්න වෙන විකල්පයක් ඉතුරුවෙලා තිබුනේ නෑ.

අන්තිමට ඔය වැඩෙන් වුණේ මලින්දටවත්, මෑන්ස්ගෙ යාලුවාටවත් සුදුපූසිට කිට්ටු වෙන්න චාන්ස් එකක් ලැබුනෙ නැති එක. කොහොමත් මලින්දගෙ යාලුවාට සුදුපූසිත් එච්චර කැමැත්තක් දැක්වුවෙ නෑලු. ඉතිං තමන්ගෙ කාඩ් එක රසිකා ඉස්සරහා පරිස්සම් කරගන්න ඕනෙ හින්දා මලින්දත් පුරුපුරුට ගේමක් දෙන එකෙන් වැලකිලා හිටියලු. මොකද මලින්ද රසිකා ඉස්සරහා මවලා තිබුනෙ මෑන්ස් නොම්මර එකේ උපාසකයෙක් කියන ඉමේජ් එක. ඉතිං ඒක හින්දා මලින්දත් කළේ තමන්ගෙ මොළේ පාවිච්චි කරලා පුරුපුරුට ගේම් දෙන්න පටන් ගත්තු එක.

ඇත්තටම පුරුපුරුනං සමහර වෙලාවට හිතුවලු මලින්ද ඇවිත් තමන්ට ගහනවානං ඒක කොච්චර දෙයක්ද කියලා. මොකද තමන්ගෙ පැත්තට නැමෙන්නෙ නැතුව තිබුන සුදුපූසිගෙ හිත, තමන් මලින්දගෙන් ගුටිකාලා ඉන්නවා දැක්කහමවත් තමන්ගෙ පැත්තට නැමෙයි කියලයි අපේ පූසා හිතුවේ.

කොහොමහරි මලින්ද කියන්නේ දේශපාලකයෙක්ගෙ පුතෙක් කියලා මම කලින් කිව්වනේ. ඒ කියන්නේ මෑන්ස් උපතින්ම හොඳ ගේම් කාරයෙක්. ඉතිං රසිකා නිතරම සුදුපූසිත් එක්ක හිටපු හින්දා, රසිකා හරහා පුරුපුරු ගැන බොරු ආරංචි සුදුපූසිට යවන එක මලින්දට මහලොකු අමාරු වැඩක් වුණේ නෑලු. සුදුපූසිත් පුරුපුරු ගැන කොච්චර හොඳට දැනගෙන හිටියත්, තමන්ගෙ හොඳම යාලුවා ගේන පණිවිඩ නොසලකා ඉන්න එයාටත් පුලුවන්කමක් තිබුනේ නෑ. ඉතිං ඒ හින්දා මේ වෙද්දි සුදුපූසිත් හිටියේ ෆුල් කොන්ෆියුස් වෙලා.

මලින්ද කියන්නෙ බොරුයි කියලා සුදුපූසිට ඒත්තුගන්නන එකත් පහසු වැඩක් වුණේ නෑ. මොකද රසිකා මෑන්ස්ව දෙවියෙක් වගේ අදහද්දි සුදුපූසිත් හිතුවේ මලින්ද හොඳ කෙනෙක් කියලා.

මලින්ද ඔය අතරේ තමයි සුදුපූසිට ආරංචියක් එව්වේ පුරුපුරු සුදුකුමාරි කියන ගෑනු ළමයත් එක්ක යාලුයි කියලා. සුදුකුමාරි කියන්නේ පුරුපුරු පොඩි කාලෙ ඉඳන්ම අඳුරන හොඳ යෙහෙළියක්. එයා ගියෙත් පුරුපුරු ගියපු රෙදිගොඩ කණිෂ්ට විද්‍යාලෙටමයි. ඒ වගේම එයා හිටියෙත් පුරුපුරුයි සුදුපූසියි එක්ක එකම පන්තියේ. අනික සුදුකුමාරි පදිංචිවෙලා හිටියේ පුරුපුරුලාගෙ ගෙදරට ගෙවල් කීපයක් එහායින්.

ඒ දවස්වල සුදුකුමාරි පුරුපුරුට කැමැත්තෙන් හිටියයි කියලා රාවයක් පැතිරිලා තිබුනා. පූසානං ඒකෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. හැබැයි සුදුකුමාරිත් තමන්ට කැමැත්තෙන් හිටපු කිසිම කොල්ලෙක් එක්ක යාලු වුණේ නෑ. ඉතිං පුරුපුරුගෙයි සුදුකුමාරිගෙයි පොඩිකාලෙ ඉඳන් තිබුන ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන දැනගෙන හිටපු සුදුපූසි, මේ ආරංචිය අහලා සෑහෙන්න කලබල වුණාලු. ඇත්තටම සුදුපූසි තමන්ට කැමතිත් නැත්තං එහෙම කලබල වෙන්නෙ ඇයි කියන එක අපේ පූසාට ඒ දවස්වල තිබුන ලොකු ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් මේ ආරංචියෙන් වුණේ සුදුපූසි අම්බානට අප්සට් ගහපු එක.

ප.ලි - බ්ලොග් එකේ ෆීඩ් එක හදාගන්න උපදෙස් ලබාදීපු සඳරු සහ චම්මාට මගේ ෆුල් ස්තුතිය.

30 comments:

  1. එහෙම තමා..කෙල්ලො හුගක් හිතේ තියන් ඉන්නවා ආදරේ...එහෙම උනාම හිතට දුකයි..එත් මොනා කරන්නද..කෙල්ලොනේ අපි..

    අදත් කතාව එල ..දිගටම ලියන්න අයියා..

    ReplyDelete
  2. අද නම් උණු උණුවෙන්ම බල්න්න පුලුවන් උනා..නියම කතා ටික..ජය වේවා..

    ReplyDelete
  3. //ඒ කොහොම වුණත් මේ ආරංචියෙන් වුණේ සුදුපූසි අම්බානට අප්සට් ගහපු එක// ඔය දෙය්යොම මුට්ටිය දාල දීල තියෙන්නේ

    ReplyDelete
  4. ඔන්න අදත් උනු උනුවෙම මමත් ආවා,,උබලගේ ලව් කතා ඉලග එක හිතා ගන්න බෑ බන්..
    මොකෝ මේ කලෙන් කාලෙට උබලගේ බ්ලොග් එක ලෙඩ දෙන්නේ

    ReplyDelete
  5. ඩිලාන් - අනේ මන්දා බං. ෆීඩ් වල අවුලක් තිබුනා. දැන් හරි මම හිතන්නෙ. සඳරු තමයි කියලා දුන්නෙ හදන විදිහ.

    මුහුදු - ඒකනං ඇත්ත බං :)

    ලලිත් - බොහොම ස්තුතියි සහෝ!

    නිම්ශා - හික් හික්!! හිතේ තියෙන දේ කෙලින්ම කිව්වනං හරිනෙ නංගි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. සුදු පූසිත් නිකම් ආසයි බයයි වගේ character එකක් නේ කරන්නේ :)

    ReplyDelete
  7. ආසයි බයයි, බෝට්ටුවේ නමයි, යලි නොම එන්නට ගිය ගමනයි

    ReplyDelete
  8. ගඩොල් අයියේ... මේක නිකන් හෙන ත්‍රිලර් එකක්නේ..... කුමන්ත්‍රණ, අන්ඩර්වර්ල්ඩ් කියලා වැඩක් නැහැ... එළකිරි!!!

    ReplyDelete
  9. අඩේ ඊඨ පස්සේ...

    ReplyDelete
  10. යකෝ දැන් මේකට පාතාලයත් සම්බන්ධ වෙන්න වගේ යන්නෙ.

    ReplyDelete
  11. අනේ අප්පේ....... සුදු පූසි අක්කා මෙව්වා බලනවැයි???? බඩ අල්ලන් හිනා ඇති අක්කට. හික්ස්....

    ReplyDelete
  12. ඉතිං ඊට පක්ෂෙ?..මුක්කද උනේ අප්පා?

    ReplyDelete
  13. තමන්ගෙන් යාළු වෙන්න අහපු කොල්ලෙක් ගෑන අනුන් වෑරදි කියන තරමට ඌ ගෑන තියෙන අදරේ වෑඩි වෙනවා හොද කියන තරමට ඌව එපා වෙනවා අත් දුටුවයි සත්තයි, මේකට කියන්නේ මඩේ දදා හොදන්න ඔනේ කියන එක................

    ReplyDelete
  14. ඉතින් ඊට පස්සෙ සුදුපූසියි පුරුපුරුයි ලමයි ටිකත් එක්ක සතුටින් ජීවත් උනා ලූ

    ReplyDelete
  15. "ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???"

    තාම මුකුත් හිතාගන්න බැරුව බන් ඉන්නේ :D

    ReplyDelete
  16. ඇත්තටම දැන් බ්ලොග් කියවිල්ලත් මෙගා ටෙලි බලනව වගේ ඇබ්බැහිවීමක් ද මන්ද... හැබැයි මෙගා ටෙලි වගේ නෙවෙයි මේවා... ඇත්තටම සිද්දවෙච්ච දේවල් නේ... එක හන්ද කතාවේ හැම වචනෙකම අමුතුම ජීවගුනයක් තියනව....
    දිගටම ලියන්න නදුන් උයනේ සුභ පැතුම්...!!!!

    ReplyDelete
  17. සොරි අයියේ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි වුණාට!

    සෝක් ම තමා!කතාව හරි ලස්සනට ලියනවා!පූසි ඊළග මොන ඇක්ෂන් එකක් ගනී ද කියලා සෙවිල්ලෙන්...

    අර ලිපිය පිළිබද පෞද්ගලිකවම නැවත පාරක් සමාව ඉල්ලනවා.එහිදී මම කටයුතු කරපු ආකාරය බොහෝ දුරට වැරදියි! ඒ දේ පෙන්නලා දුන්නට ගොඩාක් ස්තූති!තව දුරටත් එවැනි ලිපි පළ කරන්න අදහසක් නෑ!දිගටම කතන්දර ලියනවා.ඒ නිසා කතන්දර කියවන්න නෑවිල්ලා නම් බන්න එපා හොදේ!

    ReplyDelete
  18. අර කමෙන්ටුවේ "බන්න" කියන එක "ඉන්න" කියලා නිවරදි වෙන්න ඕනේ!

    ReplyDelete
  19. දුෂ්ටයෙකුත් ඉන්නවා . දැන් නම් මොකුත් අඩුපාඩුවක් නැහැ ..ඉතින් ඉතින් ...

    ReplyDelete
  20. බලන්න ආසයි බොලවු මේ වගේ කතාවක් ..

    බ්ලොගේ හරි ගියානම් අපිට ඒ මදෑ

    ReplyDelete
  21. සුදු පූසිව දාගන්නත් හෙනම හෙන ගේමක් දීල තියෙනවානේ මේ පුරුපුරුවා....

    ReplyDelete
  22. ඔව ඔහොම තමා මලේ....ඔවට සැලුන්නැනේ...උඹ...
    දැන් ඒ ප්‍රොබ්ලම් ඉවරයි නේද...නැත්තං කියපං...අපි මොනාහරි..කරමු....

    ReplyDelete
  23. අනේ අපොයි ! සුදු පූසිගෙයි පුරුපුරුගෙයි මංගල්ලෙට මක් වුනාද ? දුකේ බෑ අප්පා :-(

    ReplyDelete
  24. දාන්නෙ නැද්ද අප්පා අලුත් එකක්

    ReplyDelete
  25. අම්මෝ මේ කතාව නම් ඉවර වෙන පාටක්වත් නෑනේ. ඒ තරමටම මේ කතාව මෙගාවක් වෙලා. කොහොමින් කොහොමහරි පුරුපුරුට සුදු පූසිව ලැබුනොත් ඒ ඇති අපට නම්.

    ReplyDelete
  26. හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ. මම මේ දවස්වල ගොඩක් අමාරුවෙන් බ්ලොග් ලියන්න වෙලාව හොයා ගන්නේ. ඒ මගේ විභාග කටයුතු නිසා. ඒත් ඉතිං සුදුපූසි කතාව නොලියාත් බෑ නොවැ!

    ඉතිං හැම දෙනාටම වෙන වෙනම උත්තර දෙන්න අමාරුයි මේ දවස් ටිකේ. තව සති දෙක තුනකින් විභාගේ ඉවර වුණාම තමයි එහෙම උත්තර දෙන්න පුලුවන් වෙන්නේ. මගෙන් පිළිතුරු නොලැබෙනවා කියලා දැනගෙනම කොමෙන්ට් දාපු යාලුවො හැම දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයාලාගේ අදහස් මට ලොකු ශක්තියක්.

    ReplyDelete
  27. මලේ කතාව බොහොම ආසාවෙන් කියවනව. මම දවසගානෙ මෙගා බලන්නැතුව සති කීඅපයකට සැරයක් ඇවිත් ඔක්කොම අතපහුවෙච්ච බලන නිසා කමෙන්ට් අකකට විතරයි. විභාගෙට සුභ පැතුම්!

    ReplyDelete
  28. කියවන්න ටිකක් පරක්කු උනා.කමක් නෑ කොටස් දෙකක්ම එකට කියෙව්වා.අර කිව්වා වගේ හිතේ තියාගෙන ඉන්නවා එලියට දාන්නෙ නෑ වගේ සුදු පූසි

    ReplyDelete
  29. maru love story aka lassanai hariyata shalia ashokamala wage ,ela ela

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???