මේ කතාව පල කරන්න හිටියේ
ඊයේ රෑ වුණත් මගේ ඉන්ටර්නෙට් කොනෙක්සනය අමානුෂික ලෙස කපා හැරීම නිසා කතාව
පල කරන එක පැය ගානක් පරක්කු වුණා. එහෙනං යාලුවනේ අපි කෙලින්ම කතාවට යමු
නේද?
ඉතිං
අපි කිව්වා නොවැ බස් එකේදි පුරුපුරුට රසිකාව හම්බවෙච්ච හැටි. මේ වෙද්දි
පුරුපුරු අන්තිම වතාවට රසිකාව දැකලා අවුරුදු කීපයක් වෙනවා. රසිකාත් එහෙමයි.
රසිකා දැන් ඉස්සර හිටිය පොඩි දැරිවි නෙවෙයි. ඉතිං ඒ හින්දා අපේ පූසාට
රසිකාව අඳුරගන්න ටිකක් වෙලා ගියා. ඒත් සුදුපූසි ගැන ඉන්ටෙල් දැනගන්න තියෙන
හොඳම මාර්ගය රසිකා කියලා ක්ලික් වෙච්ච ගමන්ම එයාත් එක්ක කතා කරන්න පුරුපුරු
පසුබට වුණේ නෑලු.
පුරුපුරු :- ආ...රසිකා කොහොමද? ක්ලාස් යනවද?
රසිකා :- ආනේ...පුරුපුරු...කොච්චර කාලෙකින්ද? කොහොමද ඔයාට? මම ගම්පහ ක්ලාස් යනවා. ඔයත් ක්ලාස් නේද?
පුරුපුරු :- ඔව්... මමත් ගම්පහ තමයි යන්නේ. ඉතිං කොහොමද අලුත් තොරතුරු?
ඉතිං
මෙහෙම පටන්ගත්ත පුරුපුරුගෙයි රසිකාගෙයි කතා බහ දිගට ඇදිලා යන්න පටන්
ගත්තලු. දෙන්නාගේ අලුත් තොරතුරු, ඉස්කෝලවල තොරතුරු, බයිට් කිරීම් වලින්
එහෙම පස්සේ අපේ පූසාට පුලුවන් වුණාලු කතාබහ තමන්ගේ බලාපොරොත්තු සහගත ටොපික්
එකට මාරු කරන්න.
ඊටපස්සේ
ඉතිං දෙන්නා කතා කළේ සුදුපූසි ගැන. ඇත්තටම ඉස්සාගෙන් අවුරුදු ගානක් තිස්සේ
දැනගන්න බැරිවුණු තොරතුරු ගොඩක් පුරුපුරුට දැනගන්න පුලුවන් වුණේ
රසිකාගෙන්. රසිකා කියපු විදිහට සුදුපූසි හය වසරේ ඉස්කෝලෙට ගියදා ඉඳන්ම
නැවතිලා ඉඳලා තියෙන්නේ ඉස්කෝලෙ හොස්ටල් එකේ. මේ කාලෙට අවුරුද්දකට විතර
කලින් සුදුපූසිට අසනීප වෙලා හොස්පිට්ල් එකේ නවත්තලත් හිටියලු. කොහෙද ඉතිං? ඒ කාලෙ දැනගත්තනං බලන්න යන්න හරි තිබුනා නොවැ!
අන්තිමට ඉතිං බහින්න කිට්ටු වෙලා අපේ පුරුපුරු රසිකාගෙන් ඉල්ලුවලු සුදුපූසිගෙ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක.
ඒ කාලෙ ඉතිං දැන් වගේ මොබයිල් ෆෝන්, මූණුපොත වගේ දේවල් තිබ්බනං මෙච්චර
කට්ටක් කන්න ඕනෙ වෙන්නෙ නෑ. ඒත් ඉතිං ඒ කාලෙ හැටියට ලෑන්ඩ් ෆෝන් එක
කියන්නෙත් දියුණු සන්නිවේදන උපකරණයක්නෙ. කොහොමහරි ඉතිං රසිකා හොඳට කල්පනා
කරලා, හිතලා මතලා අන්තිමට තීරණය කළාලු පුරුපුරුට සුදුපූසිගෙ නොම්මරේ දෙන්න.
ඒ වගේම සතියෙ දවස්වල නැතුව වීක් එන්ඩ් එකේ විතරක් සුදුපූසිට කෝල් කරන්න කියන්නත් රසිකා අමතක කළේ නෑ. මොකද සුදුපූසි
කලාතුරකින් හරි ගෙදර එනවනං එන්නේ වීක් එන්ඩ් එකේ තමයි. කොහොමහරි ඉතිං එදා
අපේ පූසාට රජ මගුල් වගේලු. ඇයි ඉතිං මෑන්ස්ට කාලාන්තරයක් තිස්සේ
බලාපොරොත්තුවෙන් හිටපු වටිනා සම්පතක් ලැබුනා නොවැ! ඔය විදිහට ඊළඟ සෙනසුරාදා
වෙනකං අපේ පූසා කල් ගතකළේ බොහොම නොඉවසිල්ලෙන්. ඒ වෙන මොකටවත් නෙවෙයි, සුදුපූසිට කෝල් එකක් දෙන්න.
කොහොමහරි ඉතිං ඔය විදිහට
සෙනසුරාදා දවසත් උදා වුණාලු. ගෙදර කවුරුවත් නැති වෙලාවක් බලලා අපේ පූසා හොර
පූසෙක් වගේ ගෙදර ෆෝන් එක ළඟටත් ගියාලු. ඒත් මෑන්ස්ට බයේ බෑ සුදුපූසිගෙ ගෙදරට කෝල් එකක් දෙන්න. හැබැයි කෝල් එකක් දුන්නෙ නැත්තං පුරුපුරුට සුදුපූසිත්
එක්ක කතා කරන්න වෙන්නෙ නෑ. ඉතිං බයෙන් වුණත් අන්තිමට පූසා තීරණය කළාලු මේ
කෝල් එක ගන්න. ඊටපස්සෙ ෆෝන් එකේ රිංග්ස් යද්දිනං මෑන්ස් හිටියෙ ෆුල්
නස්තාර් වෙලා.
ඔය විදිහට හත් අට පාරක් රිංග්ස් යද්දි එහා පැත්තෙන් ෆෝන් එක ඉස්සුවලු. මේ වෙද්දි පුරුපුරු දෙයියන්ට කිය කියා හිටියේ අනේ සුදුපූසිම
ෆෝන් එක ගන්න කියලා. ඒත් දෙවියෝ අපේ පූසාගේ කන්නලව්වට ඇහුම්කන් දුන්නේ නෑ.
අන්තිමේදි රිසීවර් එක ඉස්සුවේ මහා ගොරහැඩි කටහඬක් තියෙන පිරිමියෙක්.
හෙලෝව්...
පුරුපුරුට හිතුනලු මේ නම් සුදුපූසිගෙ
තාත්තා වෙන්න ඕනෙ කියලා. ඉතිං අනාගත මාමණ්ඩි කෝල් එක ආන්සර් කරපු හින්දයි,
මෑන්ස්ගෙ තිබ්බ ගොරහැඩි වොයිස් එක හින්දයි අපේ පූසාගේ කකුල් දෙක මැන්ඩලීන්
ගහන්න පටන් ගත්තලු. බයේ කරන්න දෙයක් හිතාගන්න බැරිවුණ පුරුපුරු කළේ වහාම
කෝල් එක කට් කරපු එක. ඇයි ඉතිං මෑන්ස් කටහඬ වගේම සැර වස නපුරෙක්නං එහෙම?
පුරුපුරු කෝල් එක කට් කරපු මොහොතේ ඉඳලා හිටියේ බොහොම හිත් අවුලෙන්. දැන් මෑන්ස්ට සුදුපූසිට කතා කරන්නත් ඕනෙ. ඒත් කෝල් එක ආන්සර් කරන්නේ සුදුපූසිගෙ තාත්තා. ඉතිං ඔය විදිහට ඊට පස්සෙත් වීක් එන්ඩ් කීපයකම පුරුපුරු සුදුපූසිගෙ ගෙදරට කෝල් කළත් සිද්දවුණේ අර කලින් කියපු සිද්දියමයි. කොහොමත් මේ වෙද්දි පුරුපුරුට තේරුම් ගිහින් තිබුනේ සුදුපූසි
කෝල් එක ආන්සර් කළත් එයාට කතා කරන්න වෙන්නේ ගෙදර කට්ටිය ඉස්සරහා කියලා.
එහෙම වුණොත් පුරුපුරුටත් වඩා අපහසුතාවයට පත් වෙන්නේ සුදුපූසිව. ඉතිං
අන්තිමට පුරුපුරු තීරණය කළාලු සුදුපූසිට කෝල් නොකර ඉන්න.
දැන් කියවන යාලුවන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඇයි මේ පූසාට කෙලින්ම සුදුපූසිගෙ තාත්තාත් එක්ක කතා කරලා සුදුපූසිට
ෆෝන් එක දෙන්න කියන්න බැරිවුණේ කියලා. මතක තියාගන්න තවම අපේ පුරුපුරු
ඉන්නේ නවය වසරේ. ඉතිං ඒ වගේ නිර්භීත වැඩක් කරන්න තරම් ගටක් ඒ වෙද්දි
මෑන්ස්ට තිබුනෙ නෑ.
කොහොමහරි ඉතිං ඊළඟ අවුරුද්දත් පූසා ගෙවලා දැම්මේ සුදුපූසි
ගැන හොයන්න ගත්තු අසාර්ථක උත්සාහයන් කීපයක් එක්ක. මේ වෙද්දි පුරුපුරු
හිටියේ හොස්ටල් එකට ඇතුල්වෙලා. අපේ හොස්ටල් කතා කියවපු යාලුවො දන්නවා ඇතිනෙ
තාරබාසුව. ඉතිං මේ තාරබාසු නිසා තමයි පුරුපුරුට සුදුපූසි එක්ක කතා කරන්න ඊළඟ චාන්ස් එක ආවෙ.
තාරබාසු කියන්නෙ රුවන්පුරේ කොල්ලෙක්. ඉතිං මෑන්ස්ට සුදුපූසිගෙ
ඉස්කෝලෙ ගොඩක් යෙහෙළියො හිටියා. කොටින්ම මෑන්ස් ඉස්සර යාලු වෙලා හිටපු
ගෑනු ළමයාත්, ඒ වෙද්දි යාලු වෙලා හිටපු ගෑනු ළමයාත් දෙන්නාම හිටියේ ඒ
ඉස්කෝලෙ. ඉතිං අපේ පූසා තීරණය කළාලු සුදුපූසි
ගැන තොරතුරු දැනගන්න තාරබාසුගෙන් විදේශ ආධාර ගන්න. තාරබාසුත් ඉතිං මේ වගේ
වැඩවලට ෆුල් සප් එක දෙන ඩයල් එකක්. මෑන්සුත් ඉතිං උඩින්ම කැමති වුණාලු
පුරුපුරුට ආධාර කරන්න.
ඊට දවස් කීපෙකට පස්සෙ
තාරබාසු පූසාට කිව්වේ කනට මී පැණි වක්කරනවා වගේ කතාවක්. බැලින්නං සුදුපූසි
තාරබාසුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ හොඳම යාලුවෙක්ලු. ඔය විදිහට තමයි අන්තිමේදි
පුරුපුරුට සුදුපූසිත් එක්ක කොමියුනිකේට් කරන්න මාර්ගයක් පෑදුනේ.
අන්තිමේදි ඉතිං අවුරුදු ගානක උත්සාහයකින් පස්සෙ පුරුපුරුයි සුදුපූසියි
පණිවිඩ හුවමාරු කරන්න පටන් ගත්තලු. අවුරුදු ගානකට පස්සේ අන්තිමට
පුරුපුරුගෙ හිතට සැනසීමක් දැනුනලු. ඔය පණිවිඩේ හුවමාරු වුණේ මෙහෙමයි.
පුරුපුරු මෑන්ස්ට කියන්න ඕනෙ දේ තාරබාසුට කියනවා. තාරබාසු ඒක මෑන්ස්ගෙ
ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් අන්තිමට ඒක සුදුපූසිට කියනවා. ආපහු පණිවිඩේ එන්නෙත් ඒ රූට් එකේමයි.
මේ පණිවිඩේ යවද්දි ලියුම් වල ලියලා යවන්න ඕනෙ කියලා අපේ පූසාට අනන්තවත් හිතුනත්, සුදුපූසි
වැරදියට(හරියට) තේරුම් ගනී කියලා පුරුපුරු එහෙම කළේ නෑ. මොකද මෑන්ස්ට ඕනෙ
වුණේ මුලින්ම අවුරුදු ගානක් තිස්සෙ නැවතිලා තිබුණ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ආපහු
ගොඩගන්න. ඊටපස්සෙ තමන්ගෙ හිතේ තියෙන දේ සුදුපූසිට කියන්න තමයි පුරුපුරුට ඕනෙ වුණේ. නැත්තං ගහෙන් ගෙඩි එන්නා වගේ මුලින්ම තමන්ගෙ කැමැත්ත සුදුපූසිට ඇඟෙව්වොත්, සුදුපූසිගෙ හිතේ තමන්ට කැමැත්තක් නැත්තං එහෙම දෙන්නා අතරෙ තියෙන යාලුකම පවා නැතිවෙනවායි කියලා මෑන්ස් තේරුම් අරගෙන හිටියේ.
ඉතිං ඔය විදිහට ටික දවසක් පණිවිඩ යැව්වට පස්සෙ තමයි පුරුපුරු සුදුපූසිට කිව්වේ, මෑන්ස්ට සුදුපූසිට කෝල් කරන්න ඕනෙයි කියලා. ඒත් සුදුපූසි කැමතිවුණේ නෑ එයාගෙ ගෙදරට පුරුපුරු කෝල් කරන එකට. ඉතිං තමන්ගෙ නම්බර් එක දෙන්න බෑ කියලා පණිවිඩයක් එවපු සුදුපූසි, ඒ වෙනුවට පුරුපුරුගෙ ගෙදර නම්බර් එක ඉල්ලලා තිබුනා කෝල් එකක් දෙන්න. මේ වෙද්දි රසිකාගෙන් සුදුපූසිගෙ නම්බර් එක ඉල්ලගත්තු වග පුරුපුරු වගේම රසිකාත් සුදුපූසිට කියලා තිබුනේ නෑ.
ඉතිං පුරුපුරුත් තමන්ගෙ ගෙදර නම්බර් එක තාරබාසු අතේ සුදුපූසිට
යවලා කිව්වලු සෙනසුරාදාට කෝල් එකක් දෙන්න කියලා. ඒ සෙනසුරාදා දවසම ගෙදර
ෆෝන් එක මුරකරන අදහස හිතේ තියාගෙන. ඒත් ඊටපස්සෙ සිද්දවුණේ අවාසානාවන්ත
වැඩක්. මේ වෙද්දි අපේ පූසා හිටියේ එකොළහ වසරේ මැද. ඉතිං හොස්ටල් එකේ තිබුන
වැඩකට හරි, ක්ලාස් එකක වැඩකට හරි මොකක් හරි අත්‍යාවශ්‍ය වැඩකට අපේ පූසාට ඒ
සතියෙ ගෙදර නොගිහින් හොස්ටල් එකේ නවතින්න සිද්ද වුණාලු. වැඩේ මොකද්ද
කියලානං පුරුපුරුට හරියටම දැන් මතක නෑ. ඒත් එකෙන් වුණේ සුදුපූසි කෝල් කරද්දි ඒක ආන්සර් කරන්න පුරුපුරුට ගෙදර යන්න බැරිවෙච්ච එක.
පස්සෙ ආරංචි වෙච්ච විදිහට කලින් කියපු විදිහටම සුදුපූසි
එදා පුරුපුරුලාගේ ගෙදරට කතා කරලා. ෆෝන් එක ආන්සර් කරලා තියෙන්නේ
පුරුපුරුගෙ තාත්තා. ඉතිං කවුද කතා කරන්නේ කියලා පූසාගේ පියා ඇහුවාට පස්සේ
පුරුපුරු අර කලින් බයවුණා වගේම සුදුපූසිත්
හොඳටම බයවෙලා. ඊටපස්සේ එයා කතා කරන්නැතුව ෆෝන් එක තියලා. පස්සෙ සුදුපූසිට
ආරංචි වෙලා පුරුපුරු එදා ගෙදර යන්නෙ නැතුව හොස්ටල් එකට වෙලා හිටියයි කියලා.
ඊටපස්සෙ සුදුපූසි හිටියේ පුරුපුරු එක්ක තරහා වෙලා වගේ. පුරුපුරු යවන පණිවිඩ වලටවත් සුදුපූසි රිප්ලයි කළේ නෑ. ඒ පූසා තමන්ට පොල්ල තිබ්බ නිසා වෙන්න ඇති. කොහොමහරි ඉතිං ඔය සිද්දියෙන් පස්සෙ පුරුපුරු කොච්චර ට්‍රයි කළත් සුදුපූසිව ආපහු යාලු කරගන්න පුලුවන් වුණේ නෑලු. අන්තිමේදි පුරුපුරු තේරුම් ගත්තලු තමන්ට සුදුපූසිත් එක්ක යාලුවෙන්න තිබුන අන්තිම චාන්ස් එකත් තමන්ගෙම වැරැද්ද නිසා තමන්ට නැතිවුණයි කියලා. ඒ වගේම තමන්ට ආපහු කවදාවත් සුදුපූසි එක්ක යාලුවෙක් විදිහටවත් ආශ්‍රය කරන්න පුලුවන් වෙයිද කියන එක ගැන මෑන්ස්ට කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ.
ඊටපස්සෙ මාස කීපය ගතවුණේ ඕ ලෙවල් විභාගෙ
වෙනුවෙන්. ඒ වගේම ඔය කාලෙ තමයි පුරුපුරුට විදූශාව මුණගැහුනේ. මේක සුන්දර
නවකතාවක් වුණානං පුරුපුරුට විදූශාව කවදාවත් මුණගැහෙන්නෙ නෑ. ඒත් ඉතිං මේ
රියල් ලයිෆ් එක නොවැ! ඒ හින්දා පුරුපුරුට විදූශාව මුණගැහුනා. ඉතිං ඊටපස්සෙ
වෙච්ච දේවල් බ්ලොග් ගඩොල් කියවපු ඔයාලාට රහසක් නෙවෙයිනේ. ඔන්න තවමත් විදූශා
සහ තුන් යෙහෙළි වික්‍රමය කියවපු නැති කට්ටිය පහළ ලින්ක් එකෙන් වලින්
ගිහින් බලන්නකෝ.
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11







