කලින් ලිපියෙ අන්තිමට මම කිව්වේ අපේ පුරුපුරුයි මාලුකට්ටායි ක්ලාස් එකේ කෑ ගහලා විද්දෙබතා සර්ට මාට්ටු වෙච්ච හැටි ගැන නොවැ! කොහොමහරි දැන් ඉතිං විද්දෙබතා සර් ක්ලාස් එකේ ඉස්සරහා ඉඳගෙන යකඩ කටින් පූසන්ට අම්මමෝ නැතුව බනිනවා. ඒ බනින්නෙත් නිකම්ම නෙවෙයි, සිංහල භාෂාවේ තියෙන හොඳ සුපිරිසිදු වචන පාවිච්චි කරලා. කොටින්ම පූසන්ට තියා ක්ලාස් එකේ වාඩිවෙලා හිටපු අනිත් ළමයින්ටත් අහගෙන ඉන්න අප්‍රසන්න හිතෙන විදිහට තමයි සර් මේ දෙන්නාට බැන්නේ.
විනාඩියක් දෙකක් බැනුම් අහද්දිනං පුරුපුරුට තේරිලායි තිබුනේ දැන් තමන්ගේ කාඩ් එකේ කුඩුවුණ කෑලි ටික හොයන්න ඕනෙනං ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක්ම ගේන්න වෙනවයි කියලා. සමහර ළමයි පූසො දිහා අනුකම්පාවෙන් වගේ බලන් ඉන්න අතරේ සමහර ළමයි පූසො දිහා බයිට් එකට බලාගෙන ඉන්නවා. කොහොමින් කොහොමහරි ක්ලාස් එකේ ඔක්කොම ළමයි හිටියේ පූසො දිහා බලාගත්ත ගමන්මයි.
මේ වෙද්දිත් පුරුපුරුයි මාලුකට්ටායි පොත් අරගෙන ක්ලාස් එක ඉස්සරහාට ගිහින් හිටියේ නෑ. අපේ යාලුවො දෙන්නා හිතුවේ සර් බැනලා බැනලා ඇතිවුණාට පස්සේ බැනිල්ල නවත්තයි කියලා. ඒත් කොහෙද, විද්දෙබතා සර් තමන්ගෙ වචනෙ වෙනස් කරන්න පොඩ්ඩක්වත් සූදානම් වුණේ නෑලු.
දැන් තොපිට ආපහු කියන්න ඕනෙද? වරෙන් පොත් ටික අරගෙන ඉස්සරහට
මෑන්ස් පන්තිය මැද්දෙ ගිගුරුම් දෙනවා. ඉතිං වැඩේ හරියන්නෙ නැති බව දැනුනු පූසො දෙන්නා පොතුත් අරගෙන ගියාලු ක්ලාස් එකේ ඉස්සරහට. පිටිපස්සේ ඉඳන් ක්ලාස් එකේ ඉස්සරහට ඇවිදගෙන යන එක තමයි තිබුන අමාරුම වැඩේ. මොකද ක්ලාස් එකේ ඩෙස්ක් පේළි අතරේ තිබුනේ බොහොම පටු ඉඩක්. ඉතිං පූසො දෙන්නාට ක්ලාස් එකේ ඉස්සරහට යන වැඩේ කරන්න වුණෙත් හැමෝටම පේන්න බොහොම හිමින්ලු.
කලින් ලිපියෙනුත් කිව්වා වගේ පුරුපුරුගෙ පොත්වල තිබුනේ චිත්‍ර, කුරුටු ගී මිසක් කෙමිස්ට්‍රි වලට අදාල දේවල් නෙවෙයි. ඉතිං පුරුපුරුට තේරුනාලු තව ටිකකින් සර් තමන්ගෙ පොත් චෙක් කරනකොට තමන්ව අනිවාර්යයෙන් ක්ලාස් එකෙන් එළවනවයි කියලා. ඒත් ඉතිං දැන් මොනවා කරන්නද? මේ වෙද්දිනං වෙච්ච දේ හැටියට සුදුපූසිට තමන්ව අන්තෙටම එපා වෙලා ඇති. පුරුපුරුට හිතුනේ එහෙමයි.
ක්ලාස් එකේ ඉස්සරහට එද්දිත් පුරුපුරුටයි, මාලුකට්ටාටයි ෆේස් කරන්න වුණේ ඇනුම් බැනුම් වරුසාවකට.
මෝඩ බූරුවො, මහ ලොකුවට ඇඟ කඳ තියාගෙන හිටියට අබ ඇටේක මොළයක් නෑ. වරෙව් ඉස්සරහට....
උඹලටනං වැස්සකටවත් කැම්පස් යන්න පුලුවන් වෙන්නෙ නෑ, මෝඩයෝ.....
විද්දෙබතා සර්ගෙ අනේක බැනුම් ප්‍රහාර වලින් මේ වාක්‍ය දෙකනං පුරුපුරුට අදටත් මතකයි. කොහොමහරි ක්ලාස් එක ඉස්සරහට යද්දි පූසන්ගෙ හිත්වල තවත් රිදෙන්න දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ. විශේෂයෙන් තමන් අවුරුදු දොළහක් තිස්සේ මවපු හීන එක මොහොතෙන් නැතිකරපු එක ගැන පුරුපුරුට තිබුනේ කියාගන්න බැරි තරමේ හිතේ වේදනාවක්.
පූසො ක්ලාස් එකේ ඉස්සරහට ගියාට පස්සේ සර් මුලින්ම ගත්තේ මාලුකට්ටාගේ පොත. මාලුකට්ටා කියන්නෙ ගෑනු ළමයෙකුටත් වඩා ලස්සනට, පිළිවෙලට පොත්වල නෝට්ස් ලියාගන්න ඩයල් එකක්. විද්දෙබතා සර් ඊට කලින් කවදාවත් දැකලා නැතුව ඇති අන්තිම පේළියෙ කොල්ලෙක් එහෙම ලස්සනට ලියලා තියෙනවා. ඉතිං මාලුකට්ටාගේ පොත දැකපු සර්ගේ ඇස් දෙක උඩ ගියාලු. ඊටපස්සේ තමයි සර්ගෙ බැනුම ටිකක් අඩුවුණේ.
මාලුකට්ටාගෙ පොත දැකලා විද්දෙබතා සර් කොච්චර ඉම්ප්‍රෙස් වුණාද කියනවානං මෑන්ස් පුරුපුරුගෙ පොත බැලුවෙත් නෑ. සර් කළේ පුරුපුරුවයි, මාලුකට්ටාවයි ක්ලාස් එකේ ඉස්සරහම පේළියෙන් වාඩි කරවාගත්ත එක. හැබැයි එදා සර් නිකමට හරි පුරුපුරුගෙ පොතත් බැලුවානං මෑන්ස් තමන්ගෙ ගුරු ජීවිතයෙන් සදහටම සමුගන්න පවා තිබුනා. අන්තිමේදි විද්දෙබතා සර් නියෝග කළේ මීටපස්සේ හැමදාම පූසො දෙන්නා ඉස්සරහම පේළියේ වාඩිවෙන්න ඕනෙයි කියලා.
මේ වෙද්දි සිද්දවෙන්න ඕනෙ ඩැමේජ් එක වෙලා ඉවරයි. සුදුපූසිට මේ වෙච්ච සිද්දිය මුල ඉඳන්ම ෆිල්ම් එකක් වගේ බලන්න පුලුවන් වෙන්න ඇති. පුරුපුරුගෙ හිතේ ඇතිවුණේ හැමදෙයක් ගැනම ලොකු කලකිරීමක්. එදා ක්ලාස් එක ඉවරවෙලා පූසා සුදුපූසි එනකං බලාගෙන හිටියෙත් නෑ. මෑන්ස් කළේ පාරෙ තියෙන ගල්කැට වලට පයින් ගගහා ඔහේ බස්ටෑන්ඩ් එකට ඇවිද්ද එක. පුරුපුරු හිතුවේ ආපහු කවදාවත් සුදුපූසි තමන් එක්ක කතා කරන එකක් නෑ කියලා. හරියට අර පහ වසරෙදි ඩෙස්ක් එකක් ගිනිතිබ්බ දවසේ වගේ.
පුරුපුරු...පුරුපුරු...
ඔය අතරේ තමයි පූසාට ඇහුනෙ කවුරුහරි තමන්ගෙ නම කියලා කතා කරනවා. හරියටම එදා ඩෙස්ක් එක ගිනිතිබ්බ දවසේ පුරුපුරුට ඇහුන හඬ වගේමයි. පූසා හැරිලා බලද්දි හිතපු දේ හරියටම හරි. බැලින්නං සුදුපූසි තමයි පිටිපස්සෙන් ඇවිත් පුරුපුරුට කතා කරලා තියෙන්නේ. ඉතිං පුරුපුරුත් අප්සෙට් මූණ හංගගෙන සුදුපූසිත් එක්ක අමාරුවෙන් හිනා වුණාලු. හැබැයි ආපහු කතා කරන එකක් නෑ කියලා හිතාගෙන හිටපු සුදුපූසි, තමන් එක්ක කතා කරන්න ආපු එක ගැන පුරුපුරුගෙ හිතේ ඇතිවුණේ සතුටක්.
සුදුපූසි :- මොකද පුරුපුරු ඔයාට ක්ලාස් එකේදි වුණේ? අනේ විද්දෙබතා සර් ඔයාට බැන්නෙ හරියට ලොකු වැරැද්දක් කළා වගේනෙ.
ඔය වෙලාවෙ තමයි පූසාට ගණදෙවි නුවණ පහළ වුණේ.
පුරුපුරු :- ඔව් සුදුපූසි, බලන්නකෝ...මම මේ මාලුකට්ටාට පාඩම තේරෙන්නෙ නෑ කියපු හින්දා ඒක කියලා දිදී හිටියේ. සර් හිතුවේ අපි කෑ ගහනවා කියලා. දැන් ඉතිං මොනවා කරන්නද?
සුදුපූසි :- අනේ ඇත්තද? බලන්නකො, ඔයාට හොඳ දෙයක් කරන්න ගිහිනුත් බැනුම් අහන්න වුණානේ. ඔයා ඕවා ගණන් ගන්න එපා. අනික සර් බැහැයි කිව්වාට ඔයාට කැම්පස් යන්න පුලුවන්.
ඔය විදිහට සුදුපූසිත් එක්ක ටිකක් වෙලා කතා කළාම තමයි පුරුපුරු ආපහු යථා තත්ත්වයට ආවෙ. කොහොමහරි එදා ක්ලාස් එකේදි සිද්දවුණ දෙයින් පස්සෙත් සුදුපූසි තමන්ව වෙනදා වගේම ආශ්‍රය කරන්න ඉදිරිපත් වෙච්ච හින්දා, පුරුපුරුට සුදුපූසි ගැන ඇතිවුණේ ලොකු ගෞරවයක්. ඒත් පූසා තදින්ම හිතාගත්තා තමන් මීටපස්සේ කවදාවත් විද්දෙබතා සර්ගෙ ක්ලාස් එක පැත්තෙ පස් පාගන්නෙ නෑ කියලා. කොටින්ම වෙච්ච වැඩේ හින්දා මෑන්ස්ට කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකම එපා වෙලා තිබුනේ.
ඉතිං ඊටපස්සේ දවස් කීපයක්ම පූසා කළේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් යන දවසට උදේම ගිහින් සුදුපූසිව මීට් වෙන එක. එතකොට සුදුපූසි හිතන්නේ පුරුපුරු ක්ලාස් එකට එනවයි කියලා. ඒත් අපේ පූසා කරන්නේ අනිත් පූසොත් එක්කම ක්ලාස් එක කට් කරන එක. මොකද එකෙක් ක්ලාස් යන්න බෑ කිව්වාට පස්සේ සෙට් එකම ක්ලාස් කට් කරන එක තමයි පූසන්ගේ ඉස්සර ඉඳන් පුරුද්ද වුණේ. ඊටපස්සේ කට්ටිය කරන්නේ ඇලක් අයිනේ තිබුනු හොටෙල් කැලිෆෝනියා එකට ගිහින් මද පමණින් අනුමත වෙන එක. ඒ කිව්වේ පොඩි කූල් බියර් එකක් කාරිය ගන්නවා මිසක් ලොකු සැර දේවල් අනුමත කරන්නේ නෑ.
ඊටපස්සේ හවස ක්ලාස් ඉවරවෙන වෙලාවට පුරුපුරු කරන්නේ බස්ටෑන්ඩ් එකට ගිහින් ආපහු සුදුපූසිව මීට් වෙන එක. එතකොට සුදුපූසි කොහොමත් හිතන්නේ පූසා ක්ලාස් ආවයි කියලා. හැබැයි අනිත් රිවිෂන් ක්ලාස්වලට යන දවස් වගේ නෙවෙයි, එදාට පුරුපුරු කීයටවත් සුදුපූසිත් එක්ක රෙදිගොඩ බස් එකේ ගෙදර යන්නේ නෑ. මොකද හදිස්සියෙවත් ක්ලාස් එකේ වෙච්ච දෙයක් ගැන සුදුපූසි ඇහුවොත් කට උත්තර නැති වෙනවා නොවැ! ඉතිං එදාට පූසා කරන්නේ අනිත් පූසොත් එක්ක පූස්ගම බස් එකේ ගෙදර යන එක.
ඉතිං ඔය දින චරියාවෙ යෙදුන එක දවසක අපේ පුරුපුරුට පමණට වඩා චූට්ටක් විතර අනුමත වුණාලු. මොකද හැමදාම ඔය ක්ලාස් කට් කරන වැඩේ කරන්න බැරි හින්දා පූසා තීරණය කරලා හිටියේ මීටපස්සේ දිගටම ක්ලාස් එකට යන්න. ඉතිං හොටෙල් කැලිෆෝනියා එකේ සෙට් වෙන අන්තිම දවස හින්දා කට්ටිය එදා වෙනදාට වඩා ටිකක් විතර අනුමත වුණාලු. ඉතිං ටිකක් වෙලා යද්දි තමයි පුරුපුරු ඇතුලු පූසන්ට තේරුණේ ලිමිට් එක පැනගෙන යනවයි කියලා.
ඊටපස්සේ පුරුපුරු කළේ ක්ලාස් ඉවරවෙන වෙලාවට සුදුපූසිව මීට් වෙන්න බස්ටෑන්ඩ් එකට ගිය එක. මොකද ටිකක් වැඩියෙන් අනුමත වුණත් පූසාට පුලුවන්කම තිබුනා ඒක පෙන්නන්නේ නැතුව ඉන්න. අනික බියර් කියන්නේ කොහොමත් ගඳින් අඳුරගන්නත් ටිකක් අමාරු පානයක් නොවැ! ඒ නැතත් ඉතිං සුදුපූසිව දැක්ක ගමන් පුරුපුරුගේ වෙරි ඔක්කොම හිඳෙනවා.
කොහොමහරි ඉතිං ක්ලාස් ඉවරවෙලා සුපුරුදු විදිහට සුදුපූසිත් බස්ටෑන්ඩ් එකට ආවලු. ඒත් පුරුපුරු ළඟට ආපු වෙලාවෙ ඉඳන් සුදුපූසි හිටියේ බොහොම අමුතු විදිහට. සුදුපූසි වෙනදා වගේ පුරුපුරුත් එක්ක ස්වභාවික විදිහට කතා කළෙත් නෑ. කොටින්ම එයා පූසා දිහා බැලුවෙත් ටිකක් අමුතුවට. ඉතිං සුදුපූසිගෙ මේ හැසිරීම හින්දා අපේ පුරුපුරුට ඇතිවුණේ ලොකු බයක්.
දෙයියනේ! සුදුපූසිට තේරිලාවත්ද මම අනුමත වෙලා ඉන්නේ කියලා? ඒක වෙන්නේ කොහොමද? හිතේ ඇතිවෙච්ච බයත් එක්කම පුරුපුරුට ඇතිවුණේ ප්‍රශ්න ගොඩක්. තමන් පහුගිය දවස්වල වැඩකරලා තියෙන්නේ හිතාගන්නත් බැරිතරම් මෝඩ විදිහට කියලා පූසාට හිතුනේ එතකොට තමයි. ඉස්කෝලෙ අමද්‍යප සංගමේ හිටන් ලොකු ලොකු තනතුරු දරපු සුදුපූසි, තමන් අනුමත වෙලයි කියලා දැනගත්තොත් එහෙම මේ වැඩේ මෙතනින්ම ඉවරයි කියලා පුරුපුරුට තේරුනාලු.
සුදුපූසි :- පුරුපුරු, ඔයා අද ටිකක් අමුතුයි...
පුරුපුරු :- ම්ම්...ඇත්තද? මේ...මට ටිකක් ඔලුව කැක්කුමයි වගේ...ඒකයි.
සුදුපූසි :- ආ..ඇත්තද?
ඊටපස්සේ දෙන්නා අතරෙ ඇතිවුණේ පොඩි නිහඬතාවයක්. ඊටත් පස්සේ තමයි සුදුපූසි ආපහු තමන්ගෙ කටහඬ අවදි කළේ.
සුදුපූසි :- පුරුපුරු, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....ඔයා ගොඩක් කල් ඉඳලා මං ගැන බලාපොරොත්තු තියාගෙනනේ ඉන්නේ.
පුරුපුරු :- හ්ම්...
සුදුපූසි :- ඉතිං මම ඔයා අහපු දේට හරි උත්තරයක් නොදී ඉන්න එක හොඳ නෑ.
පුරුපුරුට දැන් හිතාගන්න බෑ සුදුපූසි මොකාටද එන්නේ කියලා.
සුදුපූසි :- දැනුත් මම මේක කියන්න කල් ගිහින් වැඩියි. ඒත් මම ඊයේ ගොඩක් දුර කල්පනා කරලා තීරණයක් ගත්තා.
දැන්නං බඩු පැකට් තමයි. පුරුපුරුට එහෙම හිතුනලු. සුදුපූසි ඔය හිමින් හිමින් එන්ටර් වෙන්නේ තමන්ට අකමැතියි කියන්න වෙන්න ඕනෙ. මේ වෙද්දිනං පූසාගේ අනුමතේ ඍණ ගනං වලට බැහැලා තිබුනේ. සුදුපූසිට තමන් බිව්ව එක තේරිලා, දැන් තමන්ගෙන් ගැලවෙන්න යනවයි කියලා පුරුපුරු හිතුවලු.
පුරුපුරු :- ඔයා ඔය කියන්න හදන්නේ මට කැමති නෑ කියලා නේද?
සුදුපූසි :- පුරුපුරු, මම මේ ගැන ගොඩක් හිතුවා. මම අන්තිමේදී තීරණේ කළේ ඔයා නැතුව මටත් ඉන්න බෑ කියලා. මමත් ඔයාට කැමතියි.
මේක අහපු අපේ පූසාට ඇතිවුණේ වචනයෙන් විස්තර කරන්න බැරි විදිහේ හැඟීමක්. මුලින්ම මෑන්ස් ෂොක් වෙලා වගේ හිටියේ කතා කරගන්නත් බැරුව. ඊටපස්සේ කතා කරන්න පුලුවන් මට්ටමට ආවත්, සුදුපූසිට කියන්න දෙයක් පුරුපුරුට හිතාගන්න බැරිවුණාලු. තැන්ක්යූ කියන එක වුණත් මේ වගේ වෙලාවට කියන්න සුදුසු වචනයක් නෙවෙයි නොවැ!
පුරුපුරු :- සුදුපූසි, ඔය ඇත්තමද?
සුදුපූසි :- ඔව් පුරුපුරු, මම ඔයාට බොරු කියන්නෙ නෑනෙ. දැන් ඔලුව කැක්කුම හොඳයි නේද?
පුරුපුරු :- හික් හික්!! දැන්නං හොඳටම හොඳයි.
එදා තමයි පුරුපුරුගේ ජීවිතේ සතුටුම දවස. ඉතිං ඒ වෙද්දිත් පරක්කු වෙලා තිබුන හින්දා පුරුපුරුයි සුදුපූසියි ගිහින් රෙදිගොඩ බස් එකක නැග්ගලු ගෙදර යන්න කියලා. මේ දෙන්නා වෙනදා වගේම එකම සිට් එකේ තමයි වාඩි වුණේ. ඒත් එදා පුරුපුරු ගෙදර ගියේ සුදුපූසිගේ අතින් අල්ලගෙන බොහොම ආඩම්බරෙන්ලු.
නිමි
පසු කතාව :-
සුදුපූසියි පුරුපුරුයි දෙන්නාම ඊට පස්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න සිලෙක්ට් වුණාලු. හැබැයි ඒ එකම කැම්පස් එකටනං නෙවෙයි. සුදුපූසි කන්දක් උඩ කැම්පස් එකකටත්, පුරුපුරු අගනුවර කැම්පස් එකකටත් තමයි තේරුණේ. දැන් ඉතිං මේ දෙන්නාම ඉන්නේ අවුරුදු හතරක කැම්පස් ලයිෆ් එකේ අවසාන කඩඉමේ.
මම මේ දෙන්නා යාලු වුණාට පස්සේ වෙච්ච කතාව වැඩිපුර කියන්නේ නැත්තේ ඒක පස්සේ කාලෙක වෙනම සීරීස් එකක් හැටියට ලියන්න ඉන්න හින්දා. ඒ තමයි සුදුපූසි සීසන් 2.
ඉතිං කියන්න තියෙන්නේ සුදුපූසි අදටත් අපේ පුරුපුරුගේ ආදරණීය පෙම්වතිය කියලා. මේ දෙන්නත් ඉතිං සාමාන්‍ය කපල් එකක් තමයි. සමහර අදහස් ගැලපෙනවා. සමහර ඒවා ගැලපෙන්නෙ නෑ. කොහොමහරි මේ දෙන්නා යාලුවෙලා මේ මාසෙට අවුරුදු පහක් පිරෙනවා. ඒකයි මම ෆයිනල් එග්සෑම් අස්සෙම මේ සීරීස් එක ලියන්න පටන් ගත්තේ. ඉතිං සුදුපූසි සීරීස් එක පස් වෙනි ඇනිවසරිය වෙනුවෙන් පුරුපුරුගෙන් සුදුපූසිට ලැබෙන තෑග්ගක්.
මම දන්නවා ඔයාලා මෙගා සීරීස් වලට එච්චර කැමති නෑ කියලා. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් මෙගා විදිහට නැතුව ලියන්නත් බෑ නොවැ! මම හිතන්නෙ සිංහල බ්ලොග් වල මෙච්චර කාලෙකට ලියවුණ දිගම සීරීස් එක මේක වෙන්න ඇති. ඒත් මීට පස්සේ මම මෙගා නැතුව සාමාන්‍ය විදිහට ලියන්න උත්සාහ කරන්නම්.
කට්ටිය චෝදනා කර කරනේ හිටියේ අපි හැමදාම ලියන්නේ බූට් කේස් ගැන විතරයි කියලා. ඔන්න යාලුවනේ එහෙනං මම හරිගිය ලව් ස්ටෝරියක් ලිව්වා. හික් හික්!!
ඔන්න මම තමා අවසානට මුලින්ම කොමෙන්ට් කරන්නේ.ඔන්න එහෙනම් අනාගතයට මගෙනුත් සුභ පැතුම්
ReplyDeleteඒ පාර්ටි එකක් දුන්නෙ නැත්තන් නරක මිනිහා කියන්න එපා හරිද පුරුපරුවෝ... ඇති යන්තන් ඒකවත් හරි ගියා...අවුරුදු 5ක් කියන්නෙ දිග කාලයක් නේ..අනේ මම මේ කපල් එකට සුබපතනවා...ඉස්සරහටත් සතූතූටින් ඉන්න කියලා
ReplyDeleteදැනට මම කියවපු හොඳම කතාවක්... විද්දෙබතා සර්ටත් වැරදුනා එහෙනම්...
ReplyDeleteහුරේ ඔන්න මගේ උණුසුම් සුභ පැතුම් ,,,ඔයාලා දෙපලගේ අනාගතය කිරියෙන් පැනියෙන් ඉතිරෙන අනාගතයක් වේවා!!
ReplyDeleteමමත් කියවපු හොදම කතාවක් .. සුබ පැතුම් ... .
ReplyDeleteමචං කියලා වැඩක් නෑ පට්ට. හදවතින්ම සුභ පතනවා දෙන්නටම... අම්මප මට හෙනම හැපී යකෝ...
ReplyDeleteමම සුදුපූසිව දැක්කා එක පාරක්... අපේ පුරුපුරු එක්ක ඉන්නවා. සුභ අනාගතයක් මචා දෙන්නටම...!
(මේක ලිව්වේ උපාසක නම්, මං තෝව අල්ලගන්නම් මේ වගේ සිරා කතාවක් දිගට ඈදලා චා කරලා ලිව්වට)
මචෝ මම කියවපු හැපි එන්ඩ් එකක් තියෙන එකම කතාවද කොහෙද මේක..ඔන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම් අපේ පුස්කපල් එකට..ෆයිනල් එකෙන් පස්සේ සීසන් 2 එකත ලියන්න පටන් ගනිමුකෝ :)
ReplyDeleteප.ලි - සිරාටම එන්ඩ් එක පට්ටයි..මටත් මාරම හැපි පුසෝ
සීසන් 3 එකේදී දෙන්නා,තුන්දෙනා වෙලා ඉදීවී කියලා මම හිතනවා... ඔය දෙන්නගෙම අනාගතයට සුභ පැතුම්.....
ReplyDeleteඋණුසුම් සුභපැතුම් අයියෙ!!!!
ReplyDeleteඅන්තිමේ ලෝකෙ වටේම කෙල්ලො එපා කියද්දි, ඒත් අන්තිමට අපි ලඟට එන්නෙ ගොඩක් කාලෙක ඉඳන් දන්න කියන අයමයි. ඕක ලෝක සත්‍යක්
ෆීනික්ස්
ReplyDeleteචම්මා
දනුල
ඩිලාන්
රෙෂාන්
තොන්සා
බොහොම ස්තුතියි යාලුවනේ. සුදුපූසිනං බ්ලොග් කියවන්නේ නෑ. ඒත් මේක එයාටත් පෙන්නන්න ඕනේ
Wow! Great love story + Awesome writing style !!!!!
ReplyDeleteA/L කාලේ මෙච්චර drama ගොඩකට face කලා නම් inter university ප්‍රේමය අතරතුර කොච්චර රස කතා ඇතිද!!! season 2 එනකම් නොඉවසිල්ලෙන්!!
congrats
ReplyDeleteමාලුවා - තෑන්ක්ස් මචෝ. හික් හික්!! උපාසකට බනින්න එපා. මෑන්ස් නෙවෙයි ලිව්වේ
ReplyDeleteචානක - බොහොම ස්තුතියි මල්ලි
නුවි
ReplyDeleteඇනෝ
ඔබ දෙපලටත් මගේ හෘදයාංගම ස්තුතිය :)
හෙහ් හෙහ්.! මතකද මම කලින් කොටසකදි කිව්ව මම මේකෙ අවසානෙ දන්නවා හැබැයි අවසාන උන දවසට කියන්නන් කොහොමද හොයාගත්තෙ කියල? මෙන්න හම්බ උන හැටි!
ReplyDeletehttp://bloggadol.blogspot.com/2010/08/kite-season.html
බයි ද වේ. මේ කතාවෙ කාබන් කොපියකට ගොඩක් සමාන කතාවක් මමත් දන්නව. ඒක නිසා මේ සීරීස් එක මම උපරිමයෙන් රස වින්ද. පුරු පුරුටත් සුදු පූසි ටත් පස්වැනි සංවත්සරයට සහ සුභ අනාගතයකට උණුසුම් සුභ පැතුම්!
දෙදෙනගෙම අනාගතය සාර්ථක වෙන්න කියල සුභපතනව අයියෙ!! මම බ්ලොග් එකකින් කියවපු ලස්සනම ආදර කථාව
ReplyDeleteඊලග එකත් ඉක්මනින් දාන්න
ඉතිං කියන්න තියෙන්නේ සුදුපූසි අදටත් අපේ පුරුපුරුගේ ආදරණීය පෙම්වතිය කියලා
ReplyDeleteela ela
okathamai kathawe lassanama kella
dennatama suba pathanawa
පුරුපුරු මතං,
ReplyDeleteමම හිතන්නෙ අවුරුදු5 පිරෙන වෙලාවෙ සුදුපූසිට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමා මේක... මෙගා උනාට අවුලක් නෑ...
මගෙනුත් සුභපැතුම්.. චිරාත් කාලයක් සතුටින් ඉන්න..!!
සහෝදර වරුනි මගේ බඩ පපුව කූල් වෙලා ගෙයා මේ කතාව කියෝලා .. මම බලාපු මෙගා සීරීස් වලින් මගේ හිතටම වැදිච්ච මෙගාව මේක වෙන්නැති ..
ReplyDeleteපුරූ කොල්ලටයි සුදු පූසිටයි තිස් තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි !!
හැමදාම සතුටින් ඉඳිල්ලා ..!!
බෝම සන්තෝසයි
ReplyDeleteසාටර්
ReplyDeleteසඳරු
සුළඟ
මහිම
NHD
ගොඩක් ස්තුතියි යාලුවනේ. ඔයාලාගේ සුබපැතුම් ගැන මම සුදුපූසිට කියන්නම්.
මුහුදු - හික් හික්!! මම හිතුවා උඹ කියන්න ඇත්තෙ ඕක ගැන වෙන්න ඇති කියලා
This comment has been removed by the author.
ReplyDeleteඅප්පට සිරි අවුරුදු 5ක සාර්ථක ආදරයකට අවුරුදු 12ක ඉවසගෙන ෆුල් කට්ටක් අඩේ ඔච්චර කාලයක් ඉවසන් හිටපු ලව් එකක් ගැන ඇහුවමයි... :D සුභ පැතුම් පූස් ජෝඩුවට...
ReplyDeleteමෙගා වුනාට මොකෝ බන් සතුටුදායක අවසානයක් තියෙන එකම මදෑ... මට මතක විදිහට උඹ සරුංගල් සීරිස් එකේදී සුදුපූසි ගැන ලියල තිබුනා.. ඒකෙන් මම දැනගත්තා මේ සීරිස් එකේදි අන්තිමට සභා තොමෝ සතුටින් විසිර ගියහ වෙයි කියලා... :)
ReplyDeleteහොඳටම වැදිල ඉන්න වෙලාවක සුදුපූසිගෙන් කැමතියි කියලා ඇහෙද්දි උඹට ෂොක් වුන විදිහ හිතා ගත්තැකී.. සිරාවටම ආය ආපස්සට තැන්කූ කියන්ටය... :)
මගේ උණුසුම් සුබ පැතුම් ගඩොල් අයියා! ෆයිනල් එක්සෑම් හොඳට කරන්න. ජය වේවා!
ReplyDeleteපුස් ජෝඩුවට මගෙනුත් සුබ පැතුම්.
ReplyDeleteහැපී එන්ඩින් එකක් තියෙන ලවු ස්ටෝඑරියක් කියෙව්වමද කොහෙද. ....
මාර හැපී බන්.... උන් දෙන්නට දළදා සමිදු සරණ පතනවා !!!!
මම හිතන විදිහට ඔය සුදු පුසී මම ඉන්න කැම්පස් එකේ ඉන්නේ. මාත් ඉන්නේ කන්දක් උඩ කැම්පස් එකේනේ.
Truth is stranger than fiction!
ReplyDeleteසුදු පූසිට හා පුරුපුරුවාට මගෙන් සුබ පැතුම් !
ReplyDeleteමගේ අයි හේට් ලව් ස්ටොරීස් තිම් එකත් වෙනස් වුනා මේ මේගාව කියවලා.ඇත්තටම ලස්සනයි.සුදු පූසි සිසන් 2ත් කියවන්න නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා...පූසෝ සෙට් එකට ජය වේවා !
එල එල
ReplyDeleteමගෙ සුබ පැතුම්.
මමත් යාලූනේ උ.පෙ. කරනකොට. දැනට අවුරුදු 15කට කලින්. දැන් අපිට ලමයෙකුත් ඉන්නවා. පූසාටත් සාර්තක විවාහ ජීවිතයක් ප්‍රාර්තනා කරනවා
හලේ එතකොට අර එදා බ්ලොගර්ස් ගෙට් එකට ඇවිත් හොරෙන්නම ගියේ සුදු පුසිද? සුබ පැතුම් පුස් ජෝඩුවට..
ReplyDeleteසොක්කා
ReplyDeleteවයිට් කන්නාඩි
විසිතුරු
පුතා
කිඩෝ
බොහොම ස්තුතියි යාලුවනේ.
මධුරංග - උඹලගෙ එකේ නෙවෙයි මචං. නුවර පැත්තට කිට්ටු වෙන්න.
ano - Generally datz the truth. But in this case, truth is 100% identical to fiction. Thanx a lot.
මචන් හැම පොස්ට් එකටම කමෙන්ට් නොකලට සින්ඩියේ අප්ඩේට් උ7න ගමන් උබලගෙ හැම පෝස්ට් එකක්ම මම කියෙව්ව.. මාරම ගති.. අවුරුදු 5 ක ලව් එකක් කියන්නේ ආයෙ නියමයි නෙ.. තවත් ආත්ම ගානකට එකට බැදිල ඉන්න කියල පුරු පුරු අයියට ජය ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteජය වේවා...
කියන්න වචන නැහැ මල්ලි, ගොඩාක් සතුටුයි....!!!!
ReplyDeleteදෙන්නටම අනාගතේට සුභ පතනව....!!!!!
-සමීර-
ලව කියන්නේ ඉතින් ඕවගේ එව්වා තමය,කොහොමහරි දෙන්නට දෙන්න ගොඩ ගියපු එක තනියම යනවට වටිනවා,අද කාලේ උඹල වගේ කපල් හොයන්න බෑ ලොක්ක.උඹලව අදහන්න වටිනවා.මගෙනුත් උණුසුම් සුභ පැතුම්...සිරාවටම...
ReplyDeleteකතාව නම් සුපිරියි අයියා. බ්ලොග් වලින් මං කියවපු ලස්සනම ආදර කතාව. අවසානය කියෙව්වම පුදුම සතුටක් දැනුනේ. 5වෙනි සංවත්සරේ වෙනුවෙන් පුරෑපුරෑ අයියටයි සුදුපූසි අක්කටයි දීප්තිමත් අනාගතේකට හදවතින්ම සුභ පතනවා....:)
ReplyDeleteජය වේවා...!!!
හදවතින්ම සුබ පතනව..පුරුපුරුටත්, සුදුපූසිටත්...පූස් සෙට් එකටත්..හැම දෙයක්ම සාර්ථක වේවයි කියල කිව්ව එහෙනම්..
ReplyDeleteප.ලි.
සුදු පූසි මේක කියෙව්වද...?පිස්සු බම්ප් වෙන්න ඇති..හිකිස්..
සුදුපූසි සීසන් 2 කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා. අයියගේ ෆයිනල් එක්සෑම් එක හොඳින් කරන්න සුභ පතනවා...:)
ReplyDeleteසුදු මැණිකේ
ReplyDeleteසිංහයා
සමීර
තරිඳු
බොහොම ස්තුතියි යාලුවනේ සුභ පැතුවාට.
ලලිත් - නෑ නෑ, සුදුපූසි දන්නෙත් නෑ මම මේ සීරීස් එක ලියනවා කියලා මචෝ. :)
එල. සුභ පැතුම්, කපල් එකටයි විභාගෙටයි දෙකටම.
ReplyDeleteදැන් ඉතින් සුදු පූසී මේක කියවන්න කලින්, පෙර වැරදි ටික ඔක්කොම කටින්ම කියල තිබ්බා නම් මේ වගේ අවස්ථාවකින් ගැල වෙන්න පුලුවන්
http://www.youtube.com/watch?v=ih6W19KTlZo
sudu puusi & puru puruta magenuth suba pathum! mmm man prarthana kala wage awasaanayak mee kathawata thibba! mmmm :) gudd gudd! man godaaaaaaaaak suba pathanawa!
ReplyDeleteමහසෙන් - හික් හික්!! ඒකනං ඇත්ත තමයි මචෝ
ReplyDeleteමාධව - බොහොම ස්තුතියි යාලු
Wow! mekanam patta series 1k. meka mage 1st comment 1. kathawa iwarawenakam baye hitiye mokak weida kiyala. My congrats macho! e wagema sudu pusi inna thena wagema nethi thenath anumatha wena 1 adu kaloth ela thama. me wage mega thawa athma ganak yanakam liyanna bokkenma suba pathanawa! ----------AKM----------
ReplyDeleteමචං අයේ පට්ටම කතාව මේක. මෙච්චර කල් හුගක් ආසාවෙන් කියෙව්වා එකම බ්ලොග් එක. මම මෙච්චර කාලෙකට මම ආසාවෙන්ම බලපු ටෙලිනාට්‍ය තමා ඕලු. (දෙවෙනි හුචක්කුව නෙමේ. පලවෙනි එක) එකේ අන්තිම කොටස ඉවරවුන වෙලාවේ මාර දුකක් දැනුනා ආයේ ඒක බලන්න වෙන්නේ නැති නිසා. මේක ඉවර වෙද්දීත් ඊට කිට්ටුවෙන් යන දුකක් දැනුනා. අනේ පූසෝ, මම බොලාලට හොදවයින් මලු කටු ටිකක් එවන්නං. ඉක්මනට සුදුපුසි-2 ලියහන්. හැබැයි උඹත් ඒක අර ඕලු-2 වගේ කලොත් අම්මපා කවනවා බොලාලා ඔක්කොටම කුම්බලා මාළු.
ReplyDeleteඑළම කිරි.... පුරුපුරුවට සහ සුදුපූසිට සුභපැතුම්....
ReplyDeleteඋපරිමයි මචෝ හැමදාම බුට් කතානේ අපිට අහන්න වෙන්නේ,උබල දෙන්නට ජය ශ්‍රී!!!! හැමදාම ඔහොම්මම ඉන්න ලැබෙන්න කියල මාත් පතනවා :)
ReplyDeleteපට්ට ඉස්ටෝරිය අයියලා .........
ReplyDeleteඅම්බානෙක සුබපතනවා .......
මේ සීරීස් එකනං උපරිමයි පූස් මලේ.
ReplyDeleteමෙච්චර කාලයක් හැමදේම හරිගිය උඹලට ඉස්සරහට වරදින්න විදියක් නෑ.
දෙන්නටම සමන් දෙවියන්ගෙ පිහිටෙන් සුබ අනාගතයක් පතනව.
Ela kiri yako...
ReplyDeleteඇනෝ 2
ReplyDeleteප්‍රසන්න
ගිහාන්
බුද්ධික
බොට්ටා
තැන්ක්යූ වේවා යාලුවනේ. ඔයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.
ඇනෝ 1 - හික් හික්!! අම්මෝ කුම්බලා මාලුනං එපා සහෝ. සුදුපූසි සීසන් 2 දැන්ම නෙවෙයි තව ටික දවසකින් ලියන්නම්. මේ දවස්වල මට එග්සෑම්නෙ
AKM - ගොඩක් ස්තුතියි සහෝ. පුරුපුරු කොහොමත් දැන් සම්පුර්ණයෙන් අමධ්‍යපයි :)
හික් හික්....... මං එදා කියපු එකට දාපු රිප්ලයි එකෙන්ම තේරුනා සුදු පූසි අක්කා තමා පුරු පුරු අයියගේ බාල වියේ බඳන් බැදි ප්‍රේමි සුදා කියලා........හික්ස්.....
ReplyDeleteආ එදා කවදද මංදා මං අයියගෙයි අක්කගෙයි 4ටෝ වගයක් දැක්කනේ. සුදු පූසයි සුදු පූසියි වගේ නොවැ දෙන්නම කිරි පාටයි. හික්ස්......
දෙන්නටම අපෙනුත් සුභ ඇනිවසරියක් වේවා......!!!! ආයේ ඉතින් හූරන් රවන් පූස් පැටව් පිරුණ ලෝකයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කලින්ම.....!!!!
ඉක්මනින් සීසැන් 2 පටන් ගත්තානම්...... කොච්චර දිග වුනත් ආසාවෙන් කියවනවා අපි.
වාසනාවන් ....ඔන්න අපි දෙන්නගෙන්ම සුබ පැතුම්. අපි වගේම සතුටින් පුංචි පුස් පැටව් හෙම දඟ කරන ලස්සන පුස් පවුලක් හදාගන්න ලැබෙන්න කියල .
ReplyDeletemula indalam kyewwa mcn.. aththatama lassana kathawak... jaya wewa!!!!!!!
ReplyDeleteඅම්මියෝ අද වෙනකල් ඉවසගෙන කාගෙන මේක ක්ලයිමැක්ස් එකට එනකොට නවත්ත නවත්ත ලියපුව ඉවසගෙන කියෙව්වට අපිට පාටියක් නම් ඕනිමයි. සුදු පූශී ඉන්නෙ පේරාද? හොඳයි හොඳයි.... පුරු පුරු ට සහ සුදු පූෂී ට මගෙන් උණුසුම් සුභ පැතුම්! එතකොට මගෙ අනික් ප්‍රශ්නෙ... ගොඩ ගියේ පුරු පුරුවා විතරම ද? අනික් කට්ටිය ඇහැක් ඇරලා බලලවත් නැද්ද? ඊගාව සීරීස් එක කාගෙ කතාවද?
ReplyDeleteහාවි
ReplyDeleteබින්දි
බොහොම ස්තුතියි ඔයාලාටත් සහෝදරියනි. දැන්ම පූස් පැටව් හදන්නනං කිසිම අයිඩියා එකක් නැහැ. හික් හික්!!
ඇනෝ - බොහොම ස්තුතියි
සංජු - කට්ටිය සෙට් වෙන දවසක පාටියක් දෙන්නම්කෝ. අනිත් කට්ටියගෙත් කතා තියෙනවා. ඒවාත් ඉස්සරහට දාන්නම්
S
ReplyDeleteමගේ උණුසුම් සුභ පැතුම්
වාව්... එන්ඩ් එකනම් මරු......ඔන්න පූස් ජෝඩුවට මගෙත් උනුසුම් සුභ පැතුම්....
ReplyDeleteජයවේවා..!!! මේකනම් රියල් හැපි එන්ඩ් එකක්..
ReplyDeleteමරු ඔයා ලියන ස්ටයිල් එක.
මාව ආයෙත් පාසල් කාලෙට ගෙනිහිල්ලා උස්සලා පොළොවෙ ගැහුවා..!
thnx.!
මේ වගේ ආතල් කතා නම් මෙගා උනත් මොකද බන්... කපල් එකට මගෙත් සුබ පැතුම් !!
ReplyDeleteමචං චිත්‍රපටියක් බැලුවා වගේ හැඟීමක් ආවේ..මෙගාවක් නෙමෙයි... උඹල දෙන්නට ජයෙන් ජයම පතනවා ඉස්සරහටත් ලස්සන ජීවිතයක් රැගෙන යන්න ... :)
ReplyDeleteI'm blog reader,but don't know how to create a profile..Any way aiya this is maxxxxxxxxxxa story I have ever read..Wish all d best for this marvelous couple...NICE END...........
ReplyDeleteමගෙත් උනුසුම් සුබ පැතුම් මලයටය් නගාටයි දෙන්නටම 5 වෙනි ඇනිවසරිය වෙනුවෙන්.... සීසන් එක සුපිරිය... ටෙලි නාට්ටියක් වගේ මැවිලා පේන්න ලියල තියෙනවා....
ReplyDeleteමචෝ මම මුල ඉදන්ම කතා සෙට් එක කියෙව්වා.මේ වගේ අවසානයක් උන එක ගැන නම් හුගක් සතුටුයි.ඒ වගේම උඹලා දෙන්නගේ ලව් එකේ 5වෙනි ඇනිවසරියට වගේම අනාගත දිවිය සාර්තක වේවා! කියලා හදවතින්ම සුබ පතනවා....ඉතුරු කතාවත් ඉක්මනට දැම්මොත් හොදා......
ReplyDeletethis is a maxa story that I have ever herd in real life.wish you all the best and wishes for your exam too.we are awaiting for your season2.
ReplyDelete"Angel"
එලස් . . . . අන්තිම කොටසත් කියවනකංම කොමෙන්ට් එකක් නොදාඉන්න හිතුවනිසයි කලිං කොමෙන්ට් නොකලෙ. සුපිරියි ඈ . . . . බොලාල දෙන්නටම මගෙං සුභ පැතුම්. . . .!!!
ReplyDeleteප.ලි.
බද්දෙ සර්ගෙ පංතියට මම ගියේ එකම එක දවසයි එපා උනා . . . . හම්මෝ ඒකෙ නීති . . . . හිරේ ගියා වගේ නිකං.
නියමයි පුරු පුරු අයියේ.ඔන්න මේ සිංහයගෙනුත් සුභ පැතුම් ..........:D
ReplyDeleteපස්ට මචං. මහගෙදර බැලුවා වගේ :)
ReplyDeleteසිංහල බ්ලොග්කරුවන්ගේ හමුවට පූසා බැහැල තියෙන්නෙ සුදුපූසිත් එක්ක නේද, ඒ කියන්නෙ.. :D
ReplyDeleteසුභපැතුම්, සුභපැතුම්, මේවට සුභපතන්නෙ නැතුව කොහොමද.
ReplyDeleteදිගටම බැලුව අද තමයි හුග කාලෙකින් කමෙන්ට් කරේ, දිගටම ලියන්න
බොලේ..මං පරක්කු වැඩිද මන්දා...සුබපතන්ඩ......ඔං පූස් මලේ....මගේ බොක්කෙන්ම සුබ පතනව උබට....ජය වේවා...
ReplyDeleteගැනුලමය පෙරා හින්දා උඹට වතුර ගැහුවේ නැතුව ඇති උබේ බැච් එකේ උන් නේද මලේ....
අනේ හරිම ලස්සන කතාවක් අයියා!සුබ පතනවා දෙන්නටම
ReplyDeleteහප්පාආඅ පට්ට හැපි එන්ඩ් එකක්. මමත් ආසාවෙන් කියවපු මෙගා එකක් තමයි මෙ. එහෙනම් ඇනිවසරි එක සුබ පැතුම්..... අනිත් එකත් ඉක්මනටම දැම්මොත් හොඳා.. අපිත් ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නෙ ඒක දානකල්...
ReplyDeleteජය වේවා පුරුපුරු.......
ReplyDeleteහැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
ඇති යන්තම් වාසනාවනත විදිහට කතාව ඉවර වෙලා. පුරුපුරුට සහ සුදුපූසීට ජය වේවා....
ReplyDeleteවිද්දෙබතා සර්ට අහු වුනොත් කියල වැඩක් නෑ.ලේසියෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ...
පුරු පුරු ටයි සුදු පූසිටයි දෙන්නටම සුබ පැතුම්...........
ReplyDeleteජයවේවා......
මාර සතුටුයි පූස්. මගෙ හදවතින්ම සුභපැතුම් උඹලා දෙන්නාට.
ReplyDeleteඅඩො පූසා කො බොල කේක්........ජය වේවා...එල එල.සුබ පැතුම්
ReplyDeleteඑළ ඈ. මුල සිට කියවලා තමා අන්තිම එකට කොමෙන්ටුවක් දැම්මෙ.
ReplyDeleteහාපෝ විද්දෙබතා ගැනනම් කියල වැඩක් නෑ පොර හරිම අ ප්‍රසන්නයි
ReplyDeleteහරි..හිතපු විදිහටම ඔය වෙලා තියෙන්නේ...සුබ පැතුම්...අවරුදු 5 කියන්නේ සුළු කාලයක් නෙමෙයි නොවැ.....
ReplyDeleteමට මගේ කතාව මතක් උනා. මමත් මගේ ප්‍රථම ප්‍රේමය අවරුදු 7 ඇදලා ලියා පංදින්චිත් කලා...
මේ වගේ මෙගා එකක් ඉවර වෙද්දියි දුක.
ReplyDeleteමම හිතන්නෙ මේක නම් නියම තෑග්ගක් වෙයි........!
සුබ පැතුම් මගෙනුත්.....!
ඇය වෙනුවෙන් හා අපි වෙනුවෙන් මහන්සි උනාටත් ස්තුති නොකර කොහොමද!
චූටි මහත්තයා
ReplyDeleteනිරෝෂන්
අලුත්
තරිඳු
පිණිබිඳු
නිශ්
නිසූපා
ඇනෝ
ගයාන්
කඩේ හාමිනේ
රාජ්
ගයන්ත
බියුටිෆුල් ශ්‍රී ලංකා
වැම්පි
ලයන්
ඕනයා
ඇනෝ
රන්දික
පිස්සා
ඇනෝ
ඉෂාර
චමිල
දමියා
ප්‍රසංග
ඇනෝ
බොහොම ස්තුතියි යාලුවනේ. මම ඔයාලාගේ සුභපැතුම් අදාල අංශ වලටත් දැනුම් දෙන්නංකෝ. හික් හික්!!
හොඳට තිබ්බ බ්ලොග් තීම් එකට මොකද මේ කරලා තියන අපරාදේ. අවන්කවම කියන්නම් මචෝ, තීම් එකනං පට්ටම චා. පුළුවන් නං පරණ එකම දාහන්. නැත්නම් අකිරුවල පාට වෙනස් කොරහන්
ReplyDeleteසිරා මට කමෙන්ට් දාන්නත් අවුල් ගියා බන්..මම බ්ලොග් RSS බලන්නෙ මෙතනින් නෙ...අද උදේ එනකොට පිස්සුවක් කෙලලා තිබ්බා..මේ තීම් එක තමා මේකට හරියන්නෙ
ReplyDeleteඇනෝ සහ රෙෂාන්
ReplyDeleteඔව් මචංස්, පොඩි අත්හදා බැලීමක් කළා. ඒක හරියන්නෙ නෑ. බොහොම ස්තුතියි දෙන්නාටම
හොඳ ලිවිල්ලක්. සුභ පැතුම්.
ReplyDelete- යහපත් ඇනෝ -
හික් හික්!! සාදරයෙන් පිළිගන්නවා යහපත් ඇනෝ. බොහොම ස්තුතියි
ReplyDeleteදෙන්නටම සුභ පැතුම්!!!
ReplyDeleteමේක ගොඩා..ක් වටින තෑග්ගක් වෙයි සුදු පූසිට...
මමත් දවසක් ඔහොම සර්ගෙ පන්තියේ ලඟ හිටපු කෙනාට පාඩමක් තේරුම් කරන්න ගිහින් මාට්ටු. දෙන්නම ඉස්සරහට වරෙන් කියල අනිත් එකාගෙ පොත බැලුවා, ඒකේ තියෙනවා සුපිරිම චිත්‍රයක්. හොඳට හඳ පායල තියෙන දවසක ගහක් & ඇලක්...
ඒක දැක්ක ගමන් සර් කියනවා "මූ චිත්‍ර අඳිනකන් උඹ සිංදු කිව්වද? දැන් කියපිය බලන්න සිංදුවක්"
කතාව ශොචනීයයි..............................................
මෙච්චර දවසකට කියවපු සිරාම කතාව...
ReplyDeleteමම කියවපු පලවෙනි බ්ලොග් ස්ටෝරිය.
ReplyDeleteඇත්තටම ගොඩාක් ලස්සනයි අයියේ...
මගෙන් සුබ පැතුම් ලස්සන අනාගතේකට....!
යකා මහත්තයා
ReplyDeleteතාරක
මහේෂ්
මීදුම
බොහොමත්ම ස්තුතියි යාලුවනේ අදහස් වලට.
සිරාම කතාව.එක හුස්මට ඔක්කොම කියෙවුවා.සිරා කමෙන්ට් එකක් දාන්න හරියටම වචනත් එන්නෙ නැතුව හිර වෙලා ගියා. පිස්සගෙ 'දිනිති' කතාවට පස්සෙ කියෝපු සිරාම කතාවක්.දෙන්නටම සුභ පැතුම්.
ReplyDeleteමරු පූසෝ, නියමට ලිඅයල තියනවා. හුග කාලෙකින් නෙට් ආපු නිසා ඔක්කොම කතා ටික කියෙව්වා.
ReplyDeleteපුරු පුරුටත් සුබ මන්ගලම් එහෙනම්. තව බොහෝ කල් සතුටින් සාමයෙන් ඉන්න ලැබේවා කියල පතනව මුලුහදින්ම
ජයෙන් ජය පතනවා පූසෝ දෙන්නටම....
ReplyDeleteලිවීම නං උපරිමයි....
පූස් යුවලට මමත් ආසිරි පතනවා....
ReplyDeleteහරිම ලස්සන කතාවක්.. අද තමා ඔක්කෝම කියෙව්වේ..
ReplyDeleteජය වේවා ඔබ දෙපළට...
හේයි!!!! බද්දෙවිතාන සර් ගම්පහ ක්ලාස් කරන්න ඇවිත් පළවෙනි දවසෙම ඉස්සෙල්ලම ඉස්සරහට ගත්තෙ මාව. කිව්ව කතා ටික මරැ...
ReplyDeleteපරක්කු වෙලා හරි ඔන්න මගෙනුත් සුභ පැතුම් පුරුපුරු!!!
ReplyDeleteඉබ්බා
ReplyDeleteඅමිල
ලයනෝ
ලොකු පුතා
රෙඩ් රයිඩිං
සැමී
කොඩී
කස්ටියටම බොහොම ස්තුතියි යාලුවනේ අදහස් සහ සුභපැතුම් වලට
ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් පූස් ලොක්කා :D. මෙගා හරි බඩී හරි ඔන්න අපිට ඉක්මනටම සුදුපූසි 2 එපිසෝඩ් එකනම් ඕනේ.
ReplyDeletesiraa kathawa puru puru aiya! oya viddebathage scene eka nam mata eththatama wunaa dawasak! paadama kiyalaa denna ghin benum ahapu eka!!! :D
ReplyDeleteathi wishistai..... magenut suba patum onna... aurudu 5k adare kala wagema mulu jiwita kalema ekata inna labenna kiyala mat patanawa..... Season 2 ikmnta danna....
ReplyDeleteසුපිරිම සුපිරි කතාවක් පූසනේ..,
ReplyDeleteමට මේ ලගදි තමයි මේ blog එක set උනේ..,
මම හුගක් ආසාවෙන්ම කියෙවුව blog එකක් මේක...
මේ වගේ තවත් කතා ගොඩාක් සුපිරියටම ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මන් ප්‍රාර්තනාත් කරනවා ඕන්...
(අහ්හ් තව පොඩි දෙයක්.., "විද්දෙබතා සර්" කියුවේ "කට සැර තාවිනගේ" සර්ට මද??? ["K.S.V"])
අයියෝ තව දෙයක් අමතක් උනානේ..,
ReplyDeleteඔබ දෙපලගේ මෙව්වා එකටත් මන් සුභ ප්‍රාර්ථනා කරනවා හොදේ...
:)
පුරු පුරු සහ සුදු පූසිට සුභපැතුම්!!! :D
ReplyDeleteමේ බ්ලොග් එක ගැන දැනගත්තෙ අද.
ReplyDeleteහුස්මක් කටක් ගන්නෙ නැතුව සුදු පූසි සහ පුරු පුරු ගෙ කතාව එක දිගටම කියෙව්වා ඔන්න!
තවත් හොඳ හොඳ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
අපුච්චේ...මුලින්ම කියවන්න ගත්තේ අද...සම්පුර්න කතාවම කියවලා ඉවර කලා...දසමයක්වත් කම්මැලි නෑ..පට්ට පට පට කතාවක්නේ..
ReplyDeleteමැක්සා.................................................................
ජය වේවා...දෙවනි සිරිස් එකත් ඉක්මනට ලියන්නෝ....
සුදුපුසි series එකම කියෙව්වේ අද ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා series එකේ 4 වන කතාව වැඩ නෑ.හ්ම් අන්තිමට කියන්න තියෙන්නේ දෙන්නටම සුබ අනාගතයක්...
ReplyDeleteවිද්දෙබතා සර් ගැන නම් කියලා වැඩක් නෑ.ඊයේ සර් පංතියෙ ring උන කෙල්ලෙක්ගේ phone එකක් පොළවේ ගැහුවා.
දෙවනි සිරිස් එකත් ඉක්මනට ලියන්නෝ....
man hithuwe mage awlak kiyala . 4 wada na thamai purupuru ayye :/
Deleteඔයා හුගක් වාසනාවන්තයි පුරු පුරු අයියේ ...
ReplyDeleteඔයාලා දෙන්නටම මගෙන් සුභ පැතුම් ....!!!
Ali patiya @ Elakiri.com
එක හුස්මට කොටස් සෙට් එකම කියෙව්වා....සුපිරි මචං...
ReplyDeleteVIDDEBATHA=BADDE.......
ReplyDeleteMAchn man davas 3 n okkoma blogs kiyevva "ELA HODE"
මචන් උබ වාසනාවන්තයෙක් පූසෝ ..උබට වගේම හොද ගති ගුණ තියෙන
ReplyDeleteගුණගරුක සුදු පූසියෙක් හැම පූසෙක්ටම ලැබෙනවනම් මොන තරම් දෙයක්ද ?
අනේ මචන් හොද ඉවසීමෙන් ජීවිතේ ගෙනියපන්.එක එක ගස් බල්ලන්ට
උබලගේ පූස් ජීවිතේට එන්න ඉඩ තියන්න එපා .ඒක සුදු පූසිටත් තේරුම් කරන්න.
සිරාවටම බොක්කෙන්ම , එකෙන්ම සුබ පතනවා මිත්‍රයා ...
ලස්සන පූස් පැටව් ටිකක් එක්ක ජීවිතේ ගෙනියන්න වාසනාව ලැබේවා ...
ඔබ දෙපලට මන් සුභ ප්‍රාර්ථනා කරනවා ela aa
ReplyDeleteජීවිතේ මල්... සදා කල්...
ReplyDeleteබොහොම සුන්දරයි ඈ...
නියමයි ��
ReplyDelete