අඹ යාලුවෝ

Friday, September 2, 2011

සුදුපූසි 15 - ඒ ලෙවල් විභාගේ


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9                         සුදුපූසි14
සුදුපූසි 5                        සුදුපූසි 10

ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් කිව්වා වගේම ඊළඟ සතියෙ පුරුපුරු ගම්පහ ක්ලාස් ගියෙ ඕන දෙයක් වෙච්චාවෙ කියන හැඟීමෙන්. කොහොමත් ගම්පහදි මලින්දලාට ඇටෑක් එකක් දෙන්න තරම් පිරිස් බලයක් පූසන්ට තිබුනෙ නෑ. අනික මේ වෙලාවෙ මලින්දගෙන් ගුටිකෑවත්, ඒක සුදුපූසිත් එක්ක යාලුවෙන්න උදව්වක් මිසක් බාධාවක් වෙන්නෙ නෑ. කොහොමහරි ඉතිං එදා පුරුපුරු ගුටිකෑමක් බලාපොරොත්තුවෙන් ක්ලාස් ගියාට මලින්දලාගෙ සෙට් එකේ කවුරුවත් පේන්න හිටියෙ නෑලු.

ඉතිං පූසා හිතුවේ කට්ටිය හොඳට සංවිධානය වෙලා ඇවිත්, තමන්ට ක්ලාස් ඉවර වෙලා යනකොට ගහන්න සෙට් වෙයි කියලා. කොහොමත් මලින්දලාගෙ සෙට් එක ගම්පහ වීදි සංචාරය කරන්නෙ හවස් ජාමෙ ක්ලාස් ඉවරවෙන වෙලාවට තමයි. ඉතිං ක්ලාස් එකේ හිටපු පැය කීපය එදා අපේ පුරුපුරු ගෙවාගත්තෙ සෑහෙන අමාරුවෙන්ලු. කොච්චර වාසි සහගත වුණත් මොන කොල්ලාද ඉතිං ප්‍රසිද්දියේ ගුටිකන්න කැමති?

කොහොමහරි හවස ක්ලාස් ඉවරවෙලා පූසා එළියට බැස්සෙ ෆුල් අනුභවයකට රෙඩි වෙලා. මේ සිද්දිය ගැන දැනගෙන හිටපු උපාසකත් මේ වෙද්දි ක්ලාස් එක ළඟට ඇවිත් හිටියේ. ඒ පුරුපුරුව ගුටිකෑමෙන් බේරගන්න සාම සාකච්ඡා පාරක් දාන්න. මොකද මලින්දගේ සෙට් එකේ හිටපු කොල්ලො ගොඩක් කට්ටිය උපාසකව අඳුරනවා. කොහොමහරි ඒ වෙද්දිත් මලින්දලා පේන්න හිටියෙ නෑ.

ඉතිං ගුටිකන්න කියලා මලින්ද එනකං බලාගෙන ඉන්නයැ! පුරුපුරුට ගහන්න ඕනෙමනං මෑන්ස් දැනගන්න ඕනෙ වෙලාවට ක්ලාස් එක ළඟට එන්න. ඉතිං පුරුපුරුයි උපාසකයි හිමින් හිමින් ඇදුනලු රේල් පාර දිහාවට. මේ වෙද්දි මේ කලබල අස්සෙ පුරුපුරුට සුදුපූසිව අල්ලගන්නත් බැරිවෙලා හිටියේ. එක අතකට ඒකත් හොඳයි. නැත්තං සුදුපූසි ඉස්සරහා ගුටි කන්න සිද්දවුණොත් හතර විලි ලැජ්ජාවයි.

ඉතිං ඔය විදිහට කල්පනා කර කර රේල්පාර දිගේ යනකොට තමයි පූසො දෙන්නා දැක්කෙ මලින්ද තමන් ඉන්න පැත්තට එන හැටි. ඒත් ඒ පුරුපුරු බලාපොරොත්තු වෙච්ච විදිහට මහා සේනාවක් පිරිවරාගෙනනං නෙවෙයි. බැලින්නං මලින්ද ඇවිත් තියෙන්නෙ තනියම. ඉතිං පුරුපුරුටයි උපාසකටයි හරිම පුදුමයි මෑන්ස් කට්ටිය එක්කගෙන ආපු නැති එක ගැන. පූසන්ට ඊටත් වඩා පුදුම හිතුනෙ මලින්ද ළඟට ඇවිත් පුරුපුරුත් එක්ක හොඳට කතා කරනකොට.

මලින්ද :- ආ පුරුපුරු, මම උඹව හම්බවෙන්නමයි හිටියෙ.

පුරුපුරු :- ඇයි දැන් උඹ ආවෙ මට ගහන්න නෙවෙයිද?

මලින්ද :- පිස්සුද බං? අර බටු ඉෂානයාට පිස්සු. මම මේ ඒක ගැන කියන්න තමයි ආවෙ.

බැලින්නං එදා සිද්දවෙලා තියෙන්නෙ අපේ පූසා හිතපු විදිහේ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මලින්දගේ කිසිම ප්ලෑන් එකක් තිබිලා නැහැ පුරුපුරුට ගහන්න. මොකද පුරුපුරුට මොන විදිහේ ගේමක් දුන්නත්, මෑන්ස්ට ශාරීරික හානි වෙන විදිහේ ගේමක් දුන්නොත් ඒක තමන්ට අවාසි සහගත බව මලින්ද දැනගෙන හිටියා. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ කාඩ් එක කුඩුවෙලා පුරුපුරුගෙ කාඩ් එක හොඳ වෙන එක කියලා තේරුම් ගන්න මෑන්ස්ට අමාරු වුණේ නෑ.

කොහොමහරි මලින්දලාගෙ කට්ටිය එක දවසක් කතා කර කර ඉන්න අතරේ පුරුපුරු රසිකාගෙන් සුදුපූසිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තු කේස් එකත් එළියට ඇවිල්ලා. ඉතිං හැමදාම පොරක් වෙන්න හීන දැක දැක හිටපු බටු ඉෂාන්ට ඒ වෙලාවෙ තමයි හිතිලා තියෙන්නෙ පුරුපුරුට සද්දයක් දාන්න. මොකද ඉෂාන් දන්නවා පුරුපුරු මෑන්ස්ට ඇටෑක් කරන්න යන්නෙ නැති බව.

ඒත් අන්තිමට කිං බීජේ ඇවිත් බටු ඉෂාන්ගේ බෙල්ලෙන් ඇල්ලුව එක ඉෂාන් බලාපොරොත්තු වුණේ නැති දෙයක්. ඒකයි මෑන්ස් එතනින් විගහට ඌර්ධවපාතනේ වුණේ. හැබැයි ඔය වෙච්ච වැඩෙන් මලින්දට අන්තිමේදි එක්ස්කියුස් එකක් ලැබුනා පුරුපුරුට ගහන්න.

ඒත් ඉතිං මේක මම කලිනුත් කිව්වා වගේ සම්ප්‍රදායික මෙගාවක් නෙවෙයි නොවැ! මේ තමයි රියල් ලයිෆ් එක. රියල් ලයිෆ් එකේ ඉන්න දුෂ්ටයෝ සම්පූර්ණයෙන්ම කලු නෑ. ඒ අයගේ හොඳ ගතිගුණත් ගෑවිලා තියෙනවා. ඒ හින්දා වෙන්න ඇති, මලින්ද තීරණය කළාලු පුරුපුරුට ඇටෑක් නොකර ඉන්න.

ඒ වගේම මේ සිද්දිය රසිකාට ආරංචි වෙන්න දෙන්න එපා කියලා කියන්නත් මෑන්ස් අමතක කළේ නෑ. සමහරවිට මලින්ද ගත්තු මේ තීරණයෙන් එයා බලාපොරොත්තු වුණේ රසිකා ඉස්සරහා හොඳට තියාගෙන හිටපු මෑන්ස්ගෙ කාඩ් එක තවදුරටත් පරිස්සම් කරගන්න එක වෙන්න ඇති. එහෙමත් නැත්තං වෙන මොකක්හරි හේතුවක් වෙන්න ඇති. කොහොමින් කොහොමහරි මලින්දට ඕනෙ වුණේ නෑ පූසාට ගහන්න. ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ පුරුපුරුගෙයි සුදුපූසිටගෙයි හිතවත්කම නැති කරන්න මෑන්ස් උත්සාහ කළෙත් නෑ.


මේ වෙද්දි 2006 අවුරුද්ද උදාවෙලා මාස කීපයක් ගතවෙලයි තිබුනේ. ඒ කියන්නේ ඒ ලෙවල් ලියන්න ඉතුරුවෙලා තිබුනේ තව මාස කීපයයි. ඉතිං පුරුපුරුට ඕනෙ වුණේ නෑ මේ මාස කීපෙදි සුදුපූසිගෙන් ආපහු යාලුවෙන්න අහලා එයාගෙ හිත අවුල් කරන්න. මෑන්ස් කළේ සාමාන්‍ය යෙහෙළියක් ආශ්‍රය කරනවා වගේ සුදුපූසිව ආශ්‍රය කරපු එකලු. 

පුරුපුරුගෙයි සුදුපූසිගෙයි අතරෙ ඇතිවෙච්ච කතාබහේ ආපහු මූලික තැනක් ලැබුනේ අධ්‍යාපනික කතාබහට. අහවල් සර්ගෙ ටියුට් එකේ අහවල් ගාන හදන හැටි, පාස්ට් පේපර් ගණං හදන හැටි වගේ දේවල් තමයි මේ දෙන්නා කතා කළේ. ඉතිං ඔය විදිහට දන්නෙම නැතුව කාලෙ ගතවෙලා ඒ ලෙවල් විභාගෙ අත ළඟටම ආවෙ හරිම ඉක්මනට. ඉතිං පුරුපුරුගෙ, සුදුපූසිගෙ විතරක් නෙවෙයි, ඒ වයසෙ හැම ළමයාගෙම ජීවිතේ මේ දවස්වල තිබුනෙ ඒ ලෙවල් කියන භයංකාර හිතුවිල්ල විතරයි.

පුරුපුරු දැනගෙන හිටියා මෑන්ස්ට බයෝ වලටනං ඒ එකක් හරි බී එකක් හරි ගන්න පුලුවන් කියලා. කෙමිස්ට්‍රිත් තිබුනේ සැලකිය යුතු තරමේ ශේප් කන්ඩිෂන් එකක. ඒත් පූසාට මේ වෙද්දි අම්බානට ඇනිලා තිබුනේ ෆිසික්ස් සබ්ජෙක්ට් එක. කොටින්ම ෆිසික්ස් කියන වචනේ ඇහෙද්දිත් මෑන්ස්ට තරු පෙනුනේ හබල් දුරේක්ෂය ඇහැට හයිකරලා වගේ. ඉතිං පුරුපුරු කළේ ඔක්කොම වැඩ පැත්තක දාලා ෆිසික්ස් වලට මහන්සි වෙච්ච එක.

කොහොමහරි ඉතිං විභාගේ පටන්ගන්න කාලෙ උදාවෙද්දි සියේට සීයක්ම නැතත්, සෑහෙන්න දුරකට පූසාට විශ්වසයක් තිබුනලු එග්සෑම් එක ගොඩදාගන්න පුලුවන් වෙයි කියලා. ටිකක් ෂුවර් නැති මට්ටමක තිබුනේ ෆිසික්ස් තමයි. ඒක වුණත් හැබැයි කලින් තිබුන තරම් භයානක මට්ටමක තිබුනේ නෑ.

ඔය විදිහට පුරුපුරුයි, සුදුපූසියි ඒ ලෙවල් වලට කලින් මුණගැහෙන අන්තිම දවසත් උදාවුණාලු. ඒ තමයි බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් එකේ අන්තිම දවස. මේ කාලෙ මෑන්ස් එග්සෑම් පේපර් එකට එන ගණන් පන්තියෙ අන්තිම දවසෙ හදනවයි කියලා ලොකු කට කතාවක් තිබුනා. ඉතිං අන්තිම දවසේ ක්ලාස් එක තිබුනේ සැමන් ටින් පැක් කරලා වගේ. සර් කොහොමහරි ගණන් කීපයක් කරලා පන්තිය ටිකක් ඉක්මනට ඉවර කළාලු. ඊට පස්සේ තමයි පූසාට චාන්ස් එක හම්බවුණේ සුදුපූසිත් එක්ක කතා කරන්න.

එදා පුරුපුරු ගෙදර ගියේ සුදුපූසිත් එක්ක රෙදිගොඩ බස් එකේ. මොකද තමන්ට සුදුපූසිව ආපහු කොච්චර කාලෙකින් මුණගැහෙයිද කියන්න මෑන්ස් දැනගෙන හිටියේ නෑ. ඉතිං ඒක හින්දා අපේ පූසා හිටියේ ෆුල් අප්සෙට් එකේලු. ඒත් ඒ ලෙවල් වලට තිබුනේ අතේ ඇඟිලි ගානටත් අඩු දවස් ගානක් හින්දා, තමන්ගෙ හිතේ තියෙන දේවල් සුදුපූසිත් එක්ක කියලා එයාගෙ හිතත් අවුල් කරන්න පුරුපුරුට ඕනෙ වුණේ නෑ. 

එදා මේ දෙන්නා සමුගත්තේ ඒ ලෙවල් විභාගෙ හොඳට ලියන්න කියලා දෙන්නට දෙන්නා සුභ පැතුවාට පස්සේ. ඒක ගොඩක් හැඟීම්බර මොහොතක්. ඒත් උදාවෙලා තිබුනේ හැඟීම්වලට මුල් තැන දෙන්න පුලුවන් දවස් කීපයක් නෙවෙයි. ඉතිං එදා සුදුපූසිගෙන් සමුගත්තු පුරුපුරු හොස්ටල් එකට ගියාලු ඒ ලෙවල් විභාගෙට ෆේස් කරන්න.

ඒ ලෙවල් තිබුන දවස් ටිකේනං පූසා හිටියේ ෆුල් ටෙන්ෂන් එකේ. බයෝ, ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් තුනටම ෂේප් එකේ ලියා ගත්තත්, කෙමිස්ට්‍රි රචනා ප්‍රශ්නයක් ටිකක් අවුල් වෙච්ච බව පුරුපුරුට තේරුණාලු. ඒත් ඉතිං ඒක තේරෙනකොට පරක්කු වැඩියි. අන්තිමේදි ජෙනරල් ඉංග්ලිෂ් සහ පොදු පරීක්ෂණය පේපර් දෙකත් ලියලා ඒ ලෙවල් කරුමය අහවර කරගන්න පූසාට පුලුවන් වුණාලු.

ඊට පස්සේ උදාවුණේ බොහොම නිදහස් කාලයක්. බලන්න දේවල් වුණත් ඕනෙ තරම් ටීවී එකේ තිබුනා. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක, ලංකාව එංගලන්තෙට 5-0 තියලා ගහපු වන් ඩේ සීරීස් එක එහෙම පුරුපුරු නිදහසේ බැලුවේ වෙනදා වගේ ගෙදරින් ඇනුම් බැනුම් අහන්න ලැබුනෙත් නැති හින්දා.

ඒත් මේ දවස්වල පුරුපුරුගෙ හිතට වද දුන්න ප්‍රශ්නෙකුත් තිබුනා. ඒ තමයි සුදුපූසිට කෝල් එකක් දෙන්නේ කොහොමද කියන එක.

ප.ලි - තව කොටස් දෙකකින් සීරීස් එක ඉවර කරන්න පුලුවන් වෙයි වගේ.

18 comments:

  1. නියමයි නියමයි!මේ දැං කලින් එප්සොයිඩ් එක කියෙව්වා විතරයි.උණු උණුවෙම මේකත් කියෙව්වා!ඊළග කොටස් දෙකත් ඉක්මනට දාන්නෝ!

    ReplyDelete
  2. ඊලග කොටස් දෙකත් ඉක්මනට දාන්න පූසනේ.ඉවසිල්ලක් නෑ කියවනකම්.

    ReplyDelete
  3. එල මචං... ඊගාව කොටස් දෙකක් ඉක්මනට ලියපං... මං හිතන්නේ මේකද කොහෙද පූසන්ගේ දිගම සීරිස් එක...

    ReplyDelete
  4. වැඩේ ගොඩ යයි වගේ...

    අනෙ බං උඹල නිසාචරයොද...මම හොඳට නිදා ගන්න වෙලාවෙ නෙ ලියලා තියෙන්නෙ :P

    ReplyDelete
  5. අනේ බන් මමත් එක කෙල්ලෙක්ට විබාගයක් ගොඩ දාගන්න හෙන ගේමක් දුන්න,අන්තිමේ ෆුල් හෙල්ප් එක දීපු සබ්ජෙට් එකටම කෙළවුණ බන්,මොකද මන්ද.නැත්තම් අද ඒකිත් මාත් එක්ක එලට ජොබ කරගෙන ඉන්නවා....දැනුත් ඉතින් ඒකිට අව්ලක් නෑ.එත් ඉතින් එකී එක ගොඩ දාගත්තනම් මට තමා වැඩිම ෆිට් ,කොහොම උනත් ස්ටොරිය එල,ඔව්ව කාලයක් යනකොට රත්තරන් වටිනවා..හරියට ඩයරි වගේ නේද .....

    ReplyDelete
  6. අෆ්ෆා 5 ඉදන් 15ටම ඇද්දා එක දිගට :P

    ReplyDelete
  7. ඊලග කොටස් දෙකම දැම්මට පස්සෙ කියෝනව :)

    ReplyDelete
  8. තව ටිකලු...... හා හා පුරු පුරු අයියේ.......

    ReplyDelete
  9. ඊලඟ කොටස බලනකම් ඉතින් ඉවසුමක් නෑ .. බ්ලොගේ තාම අවුල් වගේ ?

    ReplyDelete
  10. ඊළග කොටස් දෙකත් කියවන්න ආසාවෙන් ඉන්නේ! මං හිතුවා මෙතනදි පුරු පුරුට බඩු හම්බේවි කියලා. බලද්දි යකත් කියන තරම්ම කලු නෑ...

    ReplyDelete
  11. ඉතින් ඊට පස්සේ මොකෑ උනේ .......

    ReplyDelete
  12. මචං, මමත් මරියකඩේ ඉස්කෝලෙ...
    ඊලඟ කොටස ඉක්මණට දාපන්..
    නැත්නම් සුපුරුදු විදිහට මරාගන්න වෙන්නෙ....!

    ReplyDelete
  13. බොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම.

    සඳරු - දැන්නං වැඩේ හරි වගේ මචෝ. තෑන්ක්ස් ඇහුවාට

    ReplyDelete
  14. අම්මෝ ඉක්මනටම ඉවරයක් දකින්න තියෙනවනම් නියමයි.
    ඔය අවුරුද්දෙම තමා මාත් උසස්පෙළ කලේ. අඩේ මට පුරු පුරුලාව මිට වෙන්නත් ඇති නේ.

    ReplyDelete
  15. අයියෝ මේ පාරත් කියවන්න උනේ ටිකක් පහුවෙලා.බලමුකො ඉස්සරහට.තව කොටස් දෙකද?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???