අඹ යාලුවෝ

Wednesday, March 16, 2011

බැක් ටු හොස්ටල් - back to hostel


ඔන්න කාලෙකට පස්සෙ ඔයාලා වෙනුවෙන් අලුත්ම ගඩොල් සීරීස් එකක් අරගෙන ආවා. මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඔයාලාගෙ බ්ලොග් කියවන්න, කොමෙන්ට් කරන්න පහුගිය දවස්වල මට වෙලාවක් හම්බවුණේ නෑ. කොටින්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එක ගැනවත් හරියට හොයා බලන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඉතිං කට්ටිය ඒ ගැන හිත් අමනාප කර නොගනියි කියලා හිතනවා.



ඉතිං යාලුවනේ මේ වෙද්දි අපේ පූසො සෙට් එක ඉන්නෙ 2004 අවුරුද්දෙ අග හරියෙ. මේ වෙද්දි අපේ පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ඤාව්වාත් ගිය අර අපේ සුපුරුදු ස්කූල් වෑන් එකේලු.

අපි කලිනුත් කිව්වා වගේ කුරුඳුවත්තෙ හොස්ටල් එකේ බැච් එකක ඕ ලෙවල් කරන ළමයි හතලිස් ගානෙන් 8 දෙනාවයි, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු ඒ ලෙවල් වලට හොස්ටල් එකට ගන්නෙ. හැබැයි ඉතිං මේ ළමයි 8 දෙනා අතරට ඇතුල් වෙන්න හිතන තරම් අමාරුවක් නෑ. මොකද හොස්ටල් ළමයි අතර මතයක් තියෙනවා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාට පස්සෙ ඒ ලෙවල් පාස් වෙන්න අමාරුයි කියලා. ඇත්තටම ඒ මතය ගොඩක් වැරදිම නෑ, මොකද ඉතිහාසයේ ඒ වෙද්දි හිටපු ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි පළවෙනි පාර ඒ ලෙවල් ගොඩදාගෙන තියෙන්නෙ. ඉතිං මේ හේතුව හින්දා ඕ ලෙවල් ලියපු හොස්ටල් එකේ කොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් මේ ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කළේ නෑ.

පුරුපුරුලාගෙ බැච් එකෙත් වැඩිදෙනෙක් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ නෑලු. විශේෂයෙන් මාලුකට්ටා එහෙම හිටියෙ කවදාවත් ඒ ලෙවල් වලට හොස්ටල් එකට එන්නෙ නෑ කියන දැඩි මතයක. ඒ වගේම ඒ ලෙවල් කරන්න පටන් ගත්තාට පස්සෙ, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා‍ වෙයි කියලා හිතපු සෙන්සි, පැන්ඩා වගේ කට්ටියත් තීරණය කළාලු හොස්ටල් එකට නොගිහින් බෝඩිමක ඉඳගෙන ඉස්කෝලෙ යන්න. ඉතිං ඔය විදිහට පුරුපුරුලාගෙ බැච් එකේ කවුරුවත් අන්තිමේදි හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ නෑ.

මේ වෙද්දි පුරුපුරුලාගෙ සුපර් සීනියර් බැච් එකේ අයියලා කට්ටිය ඒ ලෙවල් ඉවරවෙලා හොස්ටල් එකෙන් අස්වෙලා ඉවරයි. ඒ වගේම සීනියර් බැච් එකේ කවුරුවත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට හිටියෙත් නෑ. මතක ඇතිනෙ අර කංජිනාත්ට ගහපු කේස් එකට මුලු සීනියර් බැච් එකම හොස්ටල් එකෙන් අස්කළා කියලා නේද? අන්තිමට සිද්දවුණේ 2004 අවුරුද්දෙ අග වෙද්දි කුරුඳුවත්ත හොස්ටල් එකේ කිසිම ප්‍රිෆෙක්ට් කෙනෙක් නොහිටිය එක. ඉතිං මේ වෙද්දි ළමයි ටික පාලනය කරගන්න බැරුව කොටියා සර් පත්වෙලා හිටපු අමාරුව ඔයාලාට තේරෙනවා ඇතිනෙ!

කොහොමහරි හොස්ටල් එකේ ඉඳලා 9 වසරෙදි අස්වුණ කිං BJට තමයි මුලින්ම හිතුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ආපහු හොස්ටල් එකට යන්න ඕනෙයි කියලා. ඔන්න බී.ජේ කිව්වෙ බඩජාරි කියන එකට හොඳේ. ඉතිං මෑන්ස් හොස්ටල් එකේ හිටපු අනිත් කොල්ලන්ටත් මේ අයිඩියා එක දැම්මට, පාඩම් කරන්න බැරිවෙලා ඒ ලෙවල් ෆේල් වෙයි කියලා කවුරුත් මේකට කැමති වුණේ නෑ. හැබැයි මේ වෙද්දි කිං එක්ක එකට බයෝ කඩු ක්ලාස් එකේ හිටපු හාරිස් කැමති වෙලා තිබුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න. ඒත් පොඩි අප්සෙට් එකකට තිබුනෙ මෑන්ස් කවදාවත් හොස්ටල් එකේ ඉඳලා තිබුනෙ නැති කෙනෙක් වෙච්ච එක.

කිං බීජේ කියන්නෙ ඉස්සර ඉඳලාම පුරුපුරුගෙ හොඳම යාලුවෙක්. කොටින්ම පුරුපුරු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත්තාට පස්සෙ චීන සටන් කලාවකට යොමු කළෙත් මෑන්ස්ම තමයි. දැන් ඉතිං කිංගෙන් බර බරේ පුරුපුරුටත් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න එන්න කියලා. හැබැයි ඉතිං පුරුපුරු වුණත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ආපහු හොස්ටල් එකට යන්න. ඒත් ඉතිං කිං බීජේට බෑ කියන්න බැරි නිසායි, හොස්ටල් එකේ පහසුකම් හොඳ නිසයි, මෑන්සුත් අන්තිමට කැමති වුණාලු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න.

ඔය අතරෙ අර ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කුණු කානුවට කඩල දාපු පොල්පොටුත් කැමති වුණා හොස්ටල් එකට ආපහු එන්න. දැන් ඉතිං මේ වැඩේට 4 දෙනෙක් රෙඩි. ඒ තමයි කිං බීජේ, හාරිස්, පුරුපුරු සහ පොල්පොට්. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ ගිහින් කොටියා සර් හම්බවෙලා තමන් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෝ වෙන්න කැමති බව දැනුම් දීපු එක.

බලාපොරොත්තු වෙච්ච විදිහටම මේ ආරංචිය ලැබුනාට පස්සෙ කොටියා සර් අමන්දානන්දයට පත්වුණා. මොකද ඒ වෙද්දි හොස්ටල් එකේ වසවර්ති කොල්ලො ටික පාලනය කරගන්න බැරුව සර් ලෝක අමාරුවක වැටිලයි තිබුනේ. ඉතිං අපේ යාලුවන්ට හොස්ටල් එකට එන්න කොටියා සර් අවසර දුන්නේ එක පයින්. නැත්තං ඉතිං පොල්පොට්, පුරුපුරු වගේ කට්ටියට ළමයින්ගෙ විනය හදන්න බාරදෙන්නෙ කවුද හැබෑට?

කොටියා සර් :- පුරුපුරු දන්නවාද ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙයි, නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුගෙයි අතර තියෙන වෙනස?

පුරුපුරු :- ම්...නෑ සර්.

කොටියා සර් :- ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුට පොඩි ළමයි ගැන වගකීම තියෙන්නෙ ඉස්කෝලෙ පැවැත්වෙන පැය හයේ විතරයි. ඒත් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුට ඒ වගකීම පැය 18ක් තියෙනවා. තේරුනාද?

පුරුපුරු :- ඔව් සර්...

ඉතිං මෙහෙම පටන් ගත්තු කොටියා සර්ගෙ දේශනාව ගොඩක් වෙලා යනකම් නැවතුනේ නෑලු. ඊටපස්සෙ සර් කට්ටියට කිව්වේ ඊළග සතියෙම හොස්ටල් එකට එන්න කියලා. ඒ වගේම පහුවදාට තමන් එක්ක විදුහල්පතිව මුණගැහෙන්න යන්න එන්න කියලාත් පුරුපුරුලාට කොටියා සර්ගෙන් ආරාධනා ලැබුනා.

ඉතිං පහුවදා අපේ යාලුවො කට්ටිය ප්‍රින්සිපල් සර්වත් හම්බවෙලා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන වැඩේ දැනුම් දුන්නාලු. ප්‍රින්සිපල් සර්ගෙ අදහස වුණේ පොඩි ළමයින්ට ගහන්නෙ බනින්නෙ නැතුව, ඒ අයව විනයානුකූලව තියාගන්න එක හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ කාර්යභාරය කියලා. ඒත් මෙච්චරකල් පුරුපුරුලාට තිබුන හොස්ටල් අත්දැකීම් අනුව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හොස්ටල් එකේ කොල්ලන්ව විනයානුකූලව තියාගන්න එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

If you do any physical or mental harassment to the children, you will be out of the hostel

ප්‍රින්සිපල් සර්ගෙ අන්තිම අවවාදය වුණේ ඒකයි.

ඉතිං ඊටපස්සෙ යෙදුන ඉරිදා දවසෙ අපේ කට්ටිය බඩු මුට්ටු අරගෙන නැවත වතාවක් හොස්ටල් එකේ පදිංචියට ආවලු. අනිතිමට තීරණය වුණේ ජ්‍යේෂ්ටත්වය අනුව පොල්පොට්ව ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කරන්න. ඊටපස්සෙ මෑන්ස්ගෙ ඩිපියුටි වෙන්න තිබුනෙ පුරුපුරුට. ඒත් පුරුපුරුවත්, කිං බීජේවත් ඩිපියුටි එච්.පී වෙන්න කැමැත්තක් දැක්වුවේ නෑ. අන්තිමට ඉතිං ඒ තනතුර හම්බවුණේ හාරිස්ටලු.

ඇත්තටම හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට ගතකරපු මුල් දවස් ටික අපේ යාලුවන්ට එච්චරම ලේසි පාසු වුණේ නෑ. මොකද සීනියර් සහ ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ වැඩ ඔක්කොම කරන්න වුණේ මේ හතර දෙනාට. ඒ මදිවාට අවශ්‍ය උපදෙස් ගන්න සීනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බැච් එකක් හිටියෙත් නෑ. ඒත් ඉතිං කට්ටිය අමාරුවෙන් හරි අවුල් වෙලා තිබුන හොස්ටල් එක ආපහු පොඩ්ඩක් යථා තත්ත්වයට අරගත්තා. ඉන්ස්පෙක්ෂන්, ස්ටඩි ඩියුටි, ඩයිනින් හෝල් එකේ ඩියුටි, නඩු ඇසීම්, මේ ඔක්කොම ෂේප් එකේ කරගෙන ගියා.

තවත් මාසකට විතර පස්සෙ කංජිනාත්, තාරබාසු, සෝමෙ අයියා සහ ජුවානුත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු හොස්ටල් එකට ආවා. එතකොට තමයි පුරුපුරුලාට පැටවිලා තිබුන මහා වැඩ තොගය පොඩ්ඩක් විතර ලිහිල් වුණේ. ඉතිං මේ කට්ටිය ෆේස් කරපු රසවත් සිද්දි ගොඩාක් අපි ඉස්සරහට ඔයාලාට කියන්න බලාපොරොත්තු වෙනවා.

Saturday, March 5, 2011

මහේෂි - maheshi


ඉතිං යාලුවනේ කොහොමද සැප සනීප එහෙම? මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්නංකෝ සති දෙකක් තිස්සේ කිසිම ලිපියක් පළ කරන්න බැරිවෙච්ච එකට. ඉතිං අද අපි ඔයාලාට කියන්න යන්නේ අපේ ඤාව්වාට වෙච්ච වැඩක් ගැන.

මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල් හරියෙ ඉන්නකොට. ඔය වෙද්දි ඤාව්වා හිටියෙ කලුකුමාරි ගැන තමන්ගෙ හිතේ තිබුන අදහස ගොඩක් දුරට අමතක කරලා දාලලු. ඔය අතරෙ තමයි එක දවසක් මෑන්ස්ට නුවරඑළියෙ ටූ ඩේ ට්‍රිප් එකක් යන්න චාන්ස් එක ලැබුනෙ. මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබුනෙ ඤාව්වගෙ තාත්තා වැඩ කරන ඔෆිස් එකෙන්ලු.

කොහොමහරි ට්‍රිප් එක ගිහින් ආපු අපේ ඤාව්වා හිටියෙ බොහොම ප්‍රබෝධමත් විදිහට, බොහොම සතුටින්. කොටින්ම අනිත් පූසන්ට මුලින්ම හිතාගන්නත් බැරුව හිටියෙ ඤාව්වාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඉතිං කට්ටිය තීරණය කළාලු වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෑන්ස්ගෙ හදිසි වෙනස්වීමට හේතුව හොයන්න. හැබැයි ඉතිං අනිත් පූසො ඤාව්වාගෙන් අහන්නත් කලින් මෑන්ස්ම තමයි තමන්ගෙ සතුටුදායක වෙනසට හේතුව හෙළිකළේ.

ඤාව්වා :- අඩෝ මාර කේස් එකනෙ බං! මට ට්‍රිප් එක ගිහින් කෙල්ලෙක් සෙට් වුණානෙ.

පුරුපුරු :- නෑ? එළකිරිනෙ බං! කවුද කවුද ඔය කෙල්ල? අපි දන්න කියන කෙනෙක්ද?

ඤාව්වා :- නෑ බං! අපේ තාත්තලෑ ඔ‍ෆිස් එකේ වැඩකරන අංකල් කෙනෙක්ගෙ දුවෙක්. නම මහේෂි. අපේ වයසෙ. ඉස්කෝලෙ යන්නෙ අගමැති බාලිකාවට. කොමර්ස් කරන්නෙ. ඉන්නෙ දෙහිවල පැත්තෙ. හික් හික්...තව ‍මොනවද උඹලට දැනගන්න ඕනෙ?

බැලින්නං මුලු ට්‍රිප් එකේම පූසන්ගෙ වයස් කාණ්ඩෙ නියෝජනය කරන්න ඉඳලා තියෙන්නෙ ඤාව්වයි, මහේෂියි විතරයි. ඉතිං ට්‍රිප් එකත් දවස් දෙකේ එකක් වෙච්ච හින්දා, ඤාව්වාට කිසිම අමාරුවක් වෙලා නෑ මහේෂි එක්ක හොඳට ෆිට් වෙන්න. කොහොමහරි මේ ෆිට් වීම කොච්චර දුරදිග ගිහින්ද කියනවානං, අන්තිමට ගෙදර එන්න කලින් අපේ ඤාව්වා පෙම්පූසෙක් වෙලා ඉවරයිලු. මේ මෑන්ස්ගෙ ෆස්ට් ලව් එක හින්දා අපේ ඤාව්වා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.

හැබැයි ඉතිං ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මෑන්ස්ට මතක්වුණේ, තමන් මහේෂිත් එක්ක යාලු වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නේද කියලා. ඒ වගේම මහේෂිටත් අමතක වෙලා තිබුනා ඤාව්වාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. දැන් ඉතිං මේ දෙන්නාට ඇතිවුණ මුල්ම ප්‍රශ්නෙ තමයි සන්නිවේදනය පිළිබඳ ගැටලුව.

ඤාව්වාට මේ වෙද්දි කොහොමත් මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නෑ. ඉතිං මෑන්ස්ගෙ ප්ලෑන් එක වුණේ මහේෂිගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරන එක. ඒත් ඉතිං මහේෂිගෙ නම්බර් එක හොයන එකත් ලේසි වැඩක් වුණේ නෑලු. මොකද මේ වෙද්දි අපේ පූසන්ට අගමැති බාලිකාවෙ දැරිවියොත් එක්ක එච්චර කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒත් ඉතිං ඤාව්වා උඩ බලාගෙන හූල්ලනවා බලාගෙන ඉන්න බැරි තැන පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු, අගමැති බාලිකාවෙ හිටපු ටිකක් විතර දන්න අඳුරන ගෑනු ළමයෙක් ලව්වා මහේෂිගෙ නම්බර් එක හොයාගන්න.

ඉතිං අපේ පූසන්ගෙ පළවෙනි මිෂන් එක වුණේ ඔය කියන ගෑනු ළමයාව අල්ලගන්න එක. එයාගෙ නම තමයි සමාධි. සමාධිත් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු ගෑනු ළමයෙක්. ඉතිං එක දවසක් කොමර්ස් පන්ති ඇරෙන වෙලාවෙ අපේ පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි, මී කතුරායි, මාලුකට්ටායි ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු සමාධි එනකං. ඔය වෙද්දි සමාධි ගැන පැතිරිලා තිබුනු එක එක කටකතා වල හැටියටනං, එයත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන එකත් කට්ටියගෙ කාඩ් කුඩුවෙන වැඩක්. ඒත් ඉතිං ඤාව්වාගෙ වැඩේ කෙරෙන්නත් ඕනෙ නිසා පූසො හිත හදාගත්තලු සමාධි එක්ක කතා කරන්න.

ඔය අතරෙ තමයි බස්ටෑන්ඩ් එකේ කෙළවරකින් සමාධි මතුවුණේ.

සමාධි :- ආ...උපාසක! කොහොමද ඉතිං?

උපාසක :- වරදක් නෑ සමාධි, අපි මේ ඔයාව හම්බවෙන්නම තමයි බලාගෙන හිටියෙ.

සමාධි :- මේ මාව? ඒ මොකටද?

උපාසක :- ඔයා දන්නවද ඔයාලාගෙ ඉස්කෝලෙ ඉන්න මහේෂි කියන ගර්ල්ව? කොමර්ස් කරන්නෙ.

සමාධි :- ආනේ මහේෂිද? එයා අපේ ක්ලාස් එකේමයි ඉන්නෙ. ඇයි මොකද?

උපාසක :- හික්ස්...නෑ.. මේ අපේ ඤාව්වා දැන් එයත් එක්ක යාලුනෙ. මූට ඒ වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න අමතක වෙලා.

සමාධි :- හික් හික්!! කොන්ග්‍රෑට්ස් ඤාව්වා. බලන්නකො මහේෂි අපිටවත් කිව්වෙ නෑනෙ. හැබැයි ඉතිං එයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නෙනං නෑ. ඔයාට කෝල් කරන්න වෙන්නෙ ලෑන්ඩ් ෆෝන් එකට තමයි.

ඤාව්වා :- ලෑන්ඩ් ෆෝන් එකට කතා කළාට කමක් නැද්ද දන්නෑ නේද?

සමාධි :- ඒකනං එච්චර හොඳ වැඩක් නෙවෙයි වගේ. මම කියන්නද? මම මහේෂිට විස්තරේ කියලා එයාගෙන් අහන්නං මොකද කරන්න ඕනෙ කියලා. ඔයා හෙට මට කෝල් එකක් දීලා පණිවිඩේ අහගන්න. මම කෝකටත් මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දෙන්නංකෝ.

මෙහෙම කියපු සමාධි මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් එකෙයි, තමන්ගෙ මොබයිල් එකෙයි නම්බර්ස් දෙකම පූසන්ට දුන්නලු. කොහොමත් සමාධිගෙ මොබයිල් නම්බර් එකනං කොල්ලො අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉල්ලගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. කොහොමහරි එදා අපේ ඤාව්වා ආපහු ගෙදර ගියෙ ලොකු සැහැල්ලුවකින්.

පහුවදා මෑන්ස් සමාධිට කෝල් කරලා වෙච්ච දේ අහගෙන තිබුනා. බැලින්නං මහේෂිටත් ඤාව්වගෙ නම්බර් එක හොයාගන්න බැරුව ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං සමාධි ගෙනාපු ආරංචියෙන් ගොඩක් සතුටට පත්වෙච්ච මහේෂි, සමාධිට කිව්වලු සෙනසුරාදා දවල්ට තමන්ට කෝල් එකක් දෙන්න කියලා ඤාව්වාට පණිවිඩේ දෙන්න කියලා. සෙනසුරාදා දවල් වරුව මහේෂිලාගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් සාමාන්‍යයෙන් නැති වෙලාවක්. ඒ වගේම වැඩිවෙලා කතා කරන්නෙ නැතුව ඉක්මනට ෆෝන් එක තියන්න කියලාත් ඤාව්වාට උපදෙස් ඇවිත් තිබුනා.

හැබැයි ඉතිං ඔය වෙලා‍වට අපේ පූසො කට්ටිය ඉන්නෙ ගම්පහ ක්ලාස් ඇවිල්ලා. මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවරවෙලා ඊළග ක්ලාස් එක පටන් ගන්නකං කට්ටියට පැයක හමාරක බ්‍රේක් එකක් හම්බවෙනවා. ඉතිං අපේ පූසො කට්ටිය තීරණය කළේ මහේෂිට කෝල් කරන්න මේ වෙලාව සුදුසුයි කියලා.

ඉතිං ඊළග සෙනසුරාදා, ඔය තීරණය කරගත්තු වෙලාවෙ අපේ යාලුවො කට්ටිය ගියාලු ගම්පහ බස්ටෑන්ඩ් එකයි, රේල්වේ ස්ටේෂන් එකයි අතර තිබුන කොයින් බොක්ස් එක ළගට. මේ වෙද්දි ඤාව්වා මහේෂිත් එක්ක අන්තිමට කතා කරලා සතියකටත් වඩා ගිහින් තිබුනා. ඉතිං පොර දැන් ෆුල් එක්සයිට් වෙලා ඉන්නෙ මහේෂිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න. හැබැයි එක්සයිට්මන්ට් එක වැඩිකමට ඤාව්වාට දැන් කෝල් එක ගන්නත් බෑ බෑ වගේලු.

ඤාව්වා :- අඩෝ මචං, මටනං ගන්න බෑ වගේ බං! උඹලා කවුරුහරි කතා කරපංකෝ, මටනං දැන් කතා කරන්න බෑ බං! අනේ ප්ලීස් බං!!

දැන් ඤාව්වා හෝ ගාලා නහයෙන් අඬනවා. ඉතිං මේ වෙලාවෙ මෑන්ස්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ අපේ මාලුකට්ටා.

මාලුකට්ටා :- හරි, මම දැන් උඹ වෙනුවට කෝල් එක ගන්නංකෝ. ඉතිං ඊටපස්සෙ මම මොනවද කියන්න ඕනෙ?

ඤාව්වා :- උඹ කෝල් කළාම මහේෂි ආන්සර් කරයි මචං. ඊටපස්සෙ කියපං හෙට ක්ලාස් ඉවරවෙලා 3ට මාව ගම්පහ බස්ටෑන්ඩ් එකේදි මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලාත් කියපං මචෝ!

මාලුකට්ටා :- ආ...ඔය ටික කියන එකත් මහ වැඩක්යැ! මම දෙන්නං නියමෙට වැඩේ.

මෙහෙම කියපු මාලුකට්ටා, සුභ මොහොතින් කොයින් බොක්ස් එකට පහේ කාසි දාලා, මහේෂිගෙ ගෙදරට කෝල් කරන්න ගත්තලු.

ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....

මහේෂිගෙ ගෙදරින් :- හෙලෝ! කවුද කතා කරන්නෙ?

මාකට් :- ආ...මේ මහේෂි නේද?

මහේෂිගෙ ගෙදරින් :- ආ..නෑ නෑ!! මම මහේෂිගෙ අක්කා කතා කරන්නෙ.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. මළ කෙළියයි. බැලින්නං කෝල් එකට ආන්සර් කරලා තියෙන්නෙ මහේෂි නෙවෙයි, මහේෂිගෙ අක්කා. ඉතිං අපේ මාලුකට්ටා බයවෙච්ච පාර එක අතකින් රිසීවර් එක වහගෙන "අක්කා...අක්කා..." කියලා අනිත් පූසන්ට පහත් හඬින් කියන්න පටන් ගත්තලු. ඒත් අවාසනාවට වගේ මේ වෙද්දි අනිත් පූසො කට්ටිය හිටියෙ, කොයින් බොක්ස් එකෙන් ටිකක් එහාට වෙන්න. ඒ හින්දා මාලුකට්ටා කියපු දේ අනිත් පූසන්ට පැහැදිලිව තේරුනේ නෑ.

ඤාව්වා :- ඉක්මනට පණිවිඩේ කියලා ෆෝන් එක තියපං බං. ඒකිගෙ අම්මලා ගෙදරද දන්නෙත් නෑ.

මාකට් :- හා හා...ඔන්න මම කිව්වා එහෙනං

අක්කේ මහේෂිට කියන්න හෙට ක්ලාස් ඉවරවෙලා හවස 3ට ගම්පහ බස්ටෑන්ඩ් එකේදි ඤාව්වාව මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලත් කියන්න.

මහේෂිගෙ අක්කා :- මොකක්? ගම්පහ? ඤාව්වා? කවුද ඔය කතා කරන්නෙ? කවුද තමුසෙ?

ඉතිං මහේෂිගෙ අක්කාගෙ ටෝක්ස් වලට බයවෙච්ච මාලුකට්ටා කළේ ‍කෝල් එක කට් කරලා, අනිත් පූසො හිටපු තැනට දුවගෙන ආපු එක. ඊටපස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ සිද්දවුණේ මොකද්ද කියලා. කොහොමහරි ඤාව්වා මාලුකට්ටාගෙ බෙල්ල මිරිකන්න ගිය එක අනිත් පූසො එකතු වෙලා නවත්තගත්තෙ ෆුල් ගේමක් දීලා.

එදායින් පස්සෙ කවදාවත් පූසන්ට මහේෂි ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නෑ. සමාධිත් ඉඳලා හිටලා හරි මුණගැහුණොත් පූසන්ට රවාගෙන ගියා මිසක් කතා කරන්න සෙට් වුණේ නෑ. ඔන්න ඔහොමයි අපේ ඤාව්වාගෙ පළවෙනි ආදරයට නැවතීමේ තිත වැටුනෙ. අපි හිතන්නෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාශෙ පළවෙච්ච ආදර කතා එක්ක බලද්දි මේකනං කෙටිම කෙටි ආදර කතාවක්.

Friday, February 18, 2011

බ්ලොග් ගඩොල් - නොදැවී ශතකයක් (Blog Gadol - century, not out)


දැන් සති කීපෙකට කලින් පූසො කට්ටිය කාලෙකට පස්සෙ මීට් වුණාම, බ්ලොග් එක ගැන කතා බහක් ඇදිලා ආවා. කොහොමත් ළගකදි ඉඳලා කට්ටිය සෙට් වුණාම කතා කරන්නෙම බ්ලොග් එක ගැන තමයි. කතාබහේ මාතෘකාව වුණේ බ්ලොග් ගඩොල් බ්ලොග් එකට ළගදි උදාවෙන්න නියමිත වැදගත් දවස් දෙකක් ගැන. එකක් තමයි බ්ලොග් එකේ පළවෙනි උපන් දිනය. ඒක යෙදෙන්නෙ අප්‍රෙල් මාසෙදි. අනිත් දවස තමයි බ්ලොග් එකේ 100 වෙනි ලිපිය ලියන දවස. ඒ කියන්නෙ අද දවස.

මුලින්ම කට්ටිය කතා වෙලා තිබුනේ 100 වෙනි ලිපිය අවුරුද්දක් පිරෙන දවසෙ ලියලා ඒක සෙලිබ්‍රේට් කරන්න. ඒත් ටික ටික කාලෙ ගතවෙද්දි තේරුම් ගියා ලිපි ලියවෙන වේගෙ අනුව, අවුරුද්දක් පිරෙන්න කලින් ලිපි 100ක් ලියන්න පුලුවන් බව. ඉතිං පූසන්ගෙ අන්තිම තීරනේ වුණේ අවුරුද්ද පිරෙන එක සෙලිබ්‍රේට් කරන්නෙ නැතුව, 100 වෙනි ලිපිය ලියන එක වෙනම පෝස්ට් එකක් හරහා සෙලිබ්‍රේට් කරන්න. මොකද ‍බ්ලොග් එකක් පටන් ගත්තට පස්සෙ අවුරුද්දක් ගෙවෙන එක ස්වයංසිද්ධව වෙන වැඩක්. ඒත් බ්ලොග් එකක ලිපි 100ක් ලියනවා කියන්නෙ ගොඩක් මහන්සිවෙලා, අමාරුවෙන් කරන්න ඕනෙ වැඩක්.

අපි බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන අපේ 50 වෙනි ලිපියෙන් කිව්වා නොවැ! ඒක හින්දා දැන් අපි වැඩිපුර ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන කි‍යවෙන අති බිහිසුණු කතාවක් තියෙනවා. ඒ කතාවත් ඉස්සරහට ඔයාලාට කියවන්න පුලුවන් වෙයි. කොහොමවුණත් මේ වෙලාවෙ බ්ලොග් එකේ ආරම්භක අවධිය සම්බන්දයෙන් අපි ස්තුති කරන්න ඕනෙ විශේෂ පුද්ගලයො කීප දෙනෙක් ඉන්නවා.

ටැබූ සබ්ජෙක්ට්ස් - අපිට බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ආසාවක් ඇති කිරීම ගැන. ඒ වගේම බ්ලොග් අවකාශය කියන්නෙ මොකද්ද කියලා අඳුරගන්න මග පාදා දීම ගැන.

කතන්දර - බ්ලොග් ගඩොල්හි මංගල කොමෙන්ටුව වෙනුවෙන් සහ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ මූලික තාක්ෂණය ගැන දැනුම ලබාදුන්න පුද්ගලයා විදිහට. ඇත්තටම අපි විතරක් නෙවෙයි, ඒ දවස්වල බ්ලොග්කරණයට එකතු වෙච්ච ගොඩක් බ්ලොග්කරුවො කතන්දරගෙන් හොඳ ආභාෂයක් ලබාගත්තා. කතන්දර කියන්නෙ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ රෝල් මොඩල් එකක්.

හා පැටික්කි - වෙන බ්ලොග් එකක් කර කර හිටපු කාලෙ ලබාදීපු නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ලෙක්චර් එකට

පිස්සා පළාමල්ල - අපේ පළවෙනි සීරීස් එක වෙච්ච පූසො බියර් බීපු හැටි ගැන කතාවෙදි, අපිට මුලින්ම ලැබුනෙ පොල්ලෙන් ගැහුවා වගේ කොමෙන්ට් එකක්. ඒ වෙලාවෙ අලුත් බ්ලොග්කරුවො හැටියට අපි ගොඩක් කලබල වුණා. කොටින්ම දෙවෙනි කොමෙන්ට් එකත් ඒ වගේම වුණානම් අපේ බ්ලොග් කෙරුවාව එතනින්ම නවතින්න තිබුනා. ඒත් දෙවෙනි කොමෙන්ට් එක දාපු පිස්සයියා අපේ හිත හදලා, අර ඇතිවෙච්ච බය නැති කළා. ඒ වෙනුවෙන් පිස්සාටත් ගොඩක් ස්තුතියි.

ඔයාලා වුණත් අලුත් බ්ලොග්කරුවෙකුගෙ ලිපියක කොමෙන්ට් එකක් දාද්දි ටිකක් හිතලා බලලා දාන්න.

ඉතිං ඔය විදිහට පටන් ගත්ත අපේ බ්ලොග් එකට ටික දවසක් යද්දිම නොහිතපු විදිහට හොඳ ප්‍රතිචාර ගලාගෙන එන්න පටන් ගත්තා. ඇත්තටම අපි දැනගෙන හිටියෙ නෑ අපිට මේ වගේ ලියන්න පුලුවන් කියලා. මුල් දවස්වලනං ආපු කොමෙන්ට්ස් දැකලා හිතාගන්න බැරුව හිටියේ, මේ කියන්නෙ අපි ලියපුවා ගැනද නැත්තං වෙන කවුරුහරි ලියපුවා ගැනද කියලා. කොහොමහරි වැඩි දවසක් යන්න කලින් ඔයාලා අපේ බ්ලොග් එක ආදරයෙන් වැළඳ ගත්තා.

මුල් දවස්වල එකට කතා ලියන සෙට් එක වුණේ අපි, පිස්සා, ඉබ්බා, වැම්පයර්, අභීත වගේ සමකාලීන කට්ටිය. ඒ මීට මාස ගානකට කලින්. ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොටත් ගොඩක් සුන්දරයි. කට්ටියම තරගෙට වගේ ලිව්වේ. මොකක්හරි මාතෘකාවක් ආවම කට්ටියම ඒ ගැන ලියනවා. චූ කතා, කක්කි කතා, අපි හඳුන්වලා දීපු ගන කතා ඒ අතරින් සමහරක් විතරයි.

කොහොමවුණත් පස්සෙ කාලෙක අපේ බ්ලොග්කරුවන්ගෙන් සමහරු බ්ලොග් ලියන එක නැවැත්තුවා. උදාහරණයක් විදිහට ඉබ්බා සහ හෙළයා නම් කරන්න පුලුවන්. සමහරු ලියන එක අඩු කළා. ඒ වගේම සමහර කතා බ්ලොග්කරුවො අලුතින් බ්ලොග් ලියන්න එකතු වුණා. උදාහරණ විදිහට අපේ සිකා, හසියා, සඳරු වගේ කට්ටිය ගන්න පුලුවන්. මේ නම් ඔක්කොම හදිස්සියෙ මතක් වෙන කීප දෙනෙක්ට අයිති ඒවා විතරයි. නොලිව්ව නම් ඊට වඩා කීප ගුණයක් වැඩියි. ඉතිං නම් නොකියවෙන කට්ටිය තරහා වෙන්න ඔට්ටු නෑ හොඳේ.

අපේ කොමෙන්ට් වලට වුණෙත් ඔය වැඩේම තමයි. මුල් දවස්වල කොමෙන්ට් කරපු සමහරු දැන් පේන්නවත් නෑ. අලුතින් කොමෙන්ට් කරන්නත් කට්ටිය ඇවිත් ඉන්නවා. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉඳලා හැමදාම ඇවිත් කොමෙන්ට් කරන යාලුවන්වත් මේ වෙලාවෙ අපි ආදරයෙන් මතක් කරනවා. දැන් කොමෙන්ට්කරුවන්ගෙ නම් ලියන්න ගියොත්නං, නම් අමතක වෙලා අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ හින්දා නම් වශයෙන් කට්ටිය ගැන සඳහන් නොකර ඉන්නම්. ඒත් ඉතිං අපේ ප්‍රසන්න, ප්‍රියන්ත වගේ සහෝදරවරුන්ගෙ නම් නොකියා ඉන්න එකත් ලොකු අමාරු වැඩක්.

එක්කො ඔන්න ඔහේ මතක් වෙන නම් ටික කියලා දාමු.

පිස්සා, හා පැටික්කි, හසියා ඇතුලු හසී පවුල, ඩාර්ක් නෙට් ඉෂාර, සිකා, සංජු, පිණිබිඳු, ඉටලි ඩිලාන්, බුරතීනෝ, නිශ්, නවම්, අභීත, ගයාන්, ගෝල්ඩ් ෆිෂ්, රංග, රත්ගමයා, අංශු, සඳරු, ජීව්, ඉබ්බා, කොට ජීවිතේ, පූසා, ශේන්යා, දුමී, දුකා, කොඩී, ටැබූ, කකා, දිනේෂ්, කැන්ඩි, පුතා, ළමයා, වැම්පි, මකරා, රවා, අමිලආට්, රොයිලි, සුපුන් සුදාරක, පැරඩොක්ස්, සොබනි, සමීර විජයවර්ධන, ඔබ්සර්වර්, කොම්බුවා, චානකලින්, නිරෝෂන්, ධනුෂ්ක, රොෂාන් හේරත්, තාරක, මහසෝණා, බොරලු, මු.කොල්ලකාරයා, රන්දිල්, වීතරාගී, හංසි, ගයන්ත, නිම්ශා, කුෂාන්, මාරයා, වැප්, සෝරෝ .............................................තව ගොඩක් ඉන්නවා.

ලින්ක් දාන්න ඕනෙ නෑනෙ නේද? හැමෝම හොඳට අඳුරන කට්ටිය නොවැ මේ අය!

ඉතිං එදා මෙදාතුර මේ බ්ලොග් එකේ කොමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි කවුරුත් කරන්ට් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන, කලය වැය කරගෙන බ්ලොග් ලියන්නෙ, බ්ලොග් ලිවිල්ලට තියෙන ආදරේ හින්දා. ඉතිං පාඨකයො දාන කොමෙන්ට් වලින් තමයි ඉස්සරහට බ්ලොග් ලියන්න අවශ්‍ය ප්‍රධාන ශක්තිය ලැබෙන්නෙ.

ඒ වගේම කියන්න ඕනෙ අපේ ගොඩක් පාඨකයො ඉන්නවා ගොඩක් කාර්ය බහුල. අපි දන්නවා ඒ අයට කොමෙන්ට් කරන්න වෙලාවක් නෑ කියලා. ඒ වුණත් ඒ කට්ටිය මේ බ්ලොග් එක බලනවා කියන්නෙත් අපිට ලොකු ශක්තියක්. මොකද අපිට හිට් කවුන්ටර් වලින් පෙන්නනවා හැම ලිපියක්ම කී දෙනෙක් කියෙව්වද කියලා. ඉතිං කොමෙන්ට් නොදා හරි බ්ලොග් ගඩොල් කියවපු පාඨකයන්ටයි අපි ඊළගට ස්තුති කරන්නෙ.

ඒ වගේම අපේ බ්ලොග් එක පාඨකයො අතරට ගෙනියන්න මාධ්‍ය හැටියට උදව් කරපු කාලිංග ඇතුලු සිංහල බ්ලොග් කියවනයෙ උදවියටත්, වැප්නි සාන්ත ඇතුලු ලාංකීය සිතුවිලි උදවියටත්, ඉන්දිගේ කොත්තුවටත්, පිටස්තරයා ඇතුලු හත්මාලුවෙ කට්ටියටත්, සින්ඩි ලංකා කට්ටියටත්, චාමි ඇතුලු අඹගහේ ඉන්න යාලුවන්ටත්, එකී මෙකී නොකී සින්ඩි හැම එකකටමත් ගොඩක් ස්තුතියි.

ඇයි මූණු පොත, ගූගල් බස් එක එහෙමත් අපේ බ්ලොග් කෙරුවාවට දුන්න සහයෝගය අමතක කරන්න බෑ. ඉතිං මාක් සකර්බර්ග්ටත් ගොඩක් ස්තුතියි. (ඔන්න මාක් මේක කියවලා කොමෙන්ට් එකක් දාපං හරි?)

ඒ වගේම කියන්න ඕනෙ, අපේ බ්ලොග් එකේ ලින්ක් එක තමන්ගෙ බ්ලොග් ලිස්ට් එකට දාගෙන ඉන්න බ්ලොග් සහෘදයන්ටත් අපේ උපරිම ස්තුතිය පිරි නමනවා.

ඉතිං මේ ලිපි 100 ලියපු කාලය ඇතුලත අපිට මුණගැහිච්ච සයිබර් යාලුවො ගාන බොහොමයි. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය හරිම අපූරුයි. ඇබ්බැහිවෙන සුලුයි. ඒත් ඒ ඇබ්බැහිවීමට පූසො කැමතියි.

මේ වෙද්දි බ්ලොග් ගඩොල් යම්කිසි ස්ථාවර බවකට ආපු බ්ලොග් අඩවියක් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. කොමෙන්ට්ස්, හිට්ස්, ෆලෝවර්ස්ලා, මේ කිසි දෙයක් පැත්තෙන් මෙච්චරකල්නං කිසිම අඩුපාඩුවක් වුණේ නෑ. ඉස්සරහටත් එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් කෙරුවාව හින්දා සතුටු වෙච්ච අවස්ථා ගොඩක් තිබුනා. හිත රිදුන අවස්ථාත් ඉතිං නෑ කිව්වොත් ඒක බොරුවක්.

මූණුපොතේ චැට් කරපු, බ්ලොග් එකේ කොමෙන්ට් දාපු යාලුවො ගොඩ දෙනෙක් බ්ලොග් ගඩොල් ගැන බොහොම සුභවාදී විදිහට තමයි බලන්නෙ. ඒ අතරින් සමහරුන්ගෙ ප්‍රියතම බ්ලොග් අඩවිය බ්ලොග් ගඩොල්ලු. එහෙම දේවල් ඇහුනාම ඉතිං ඔක්කොම අතඇරලා බ්ලොග් එක ලියන්න වගේ කික් එකක් එනවා. හික්ස්...ටැබූ, කතන්දර, දුකා වගේ දැවැන්තයො ඉන්න තැනක, අපි වගේ පොඩි හාල්මැස්සො සෙට් එකකට එහෙම දෙයක් කිව්වහම කොච්චර සතුටුද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

ඔය අස්සෙ ‍අපේ බ්ලොග් එක ටැබූගෙ සම්මාන වල හොඳම යොවුන් බ්ලොග්කරණය අංශයෙනුයි, රාජකීය විද්‍යාලයෙ අසනිය කුසුම සාහිත්‍ය උළලෙ හොඳම වින්දනාත්මක බ්ලොග්කරණය අංශයෙනුයි හොඳම බ්ලොග් 3 අතරට තේරුනා. ඒ සම්මාන දෙකේම පළමු ස්ථානය දිනාගත්තු සයිබර්යායෙ කෙසෙල් කොටුවේ චූටි මහත්තයාට සුභ පතන්නත් මේක අපි අවස්ථාවක් කර ගන්නවා.

කොහොමවුණත් ඕනෙම බ්ලොග්කරුවෙක්ට වගේ අපිටත් ගොඩක් වටින්නෙ සම්මාන වලට වඩා පාඨකයන්ගෙ ප්‍රතිචාර තමයි. විශේෂයෙන් මානසික ආතතියකට පත් වෙලා හිටපු සහෝදර බ්ලොග්කරුවෙක්ට ආපහු යථා තත්ත්වයට එන්න අපේ බ්ලොග් එකත් හේතුවුණා කියලා කිව්ව දවසෙ දැනුන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

ඒ වගේම බ්ලොග් ගඩොල් අඩවියෙ ඔයාලා කැමති අදහසක් කැමති විදිහට සටහන් කරන්න නිදහස තියෙනවා. තමන්ගෙ නමින් හරි, ඇනෝනිමස් හරි කැමති විදිහකට. හැබැයි අසභ්‍ය වචන අඩංගු වෙන්නනං බෑ හොඳේ.

දැන් ඉතිං මේ ලිපිය ලිව්වා ඇති කියලා හිතෙනවා. ‍මෙච්චරවෙලා ලියපුවා පොර ටෝක්ස් කියලා හිතන්නනං එපා යාලුවනේ. 100 වෙනි ලිපිය කියන්නෙ බ්ලොග්කරුවෙක්ට අති සුවිශේෂී අවස්ථාවක්. තමන් කරපු ලොකු කැප කිරීමක ප්‍රතිඵලයක්. ඒක හින්දා සමහර විට මේ ලිපිය ලියද්දි ටිකක් හැඟීම්බර වෙන්න ඇති. ඒ වගේම අපේ ලිවීමෙන් හිත රිදවීමක් වෙච්ච කෙනෙක් ඉන්නවානම් සමාවෙන්න.

දැන් බ්ලොග් අවකාශය ගැනනං ගොඩක් සතුටු වෙන්න පුලුවන්. ගොඩ දෙනෙක් අලුතින් බ්ලොග්කරණයට යොමු වෙලා තියෙනවා. ඒක හොඳ ධනාත්මක ලක්ෂණයක්. කවදාහරි බ්ලොග් කියන්නෙ ලංකාවෙ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වෙයි කියලා අපි හිතනවා.

ඉස්සරහට ඉතිං තව අවුරුදු දෙකක් විතර බ්ලොග්කරණයේ යෙදෙන්නයි දැනට හිතාගෙන ඉන්නේ. තව ලියන්න කතා ගොඩක් තියෙනවා. ඒ වගේම අපි තවත් ලොකු වැඩකට මුල පුරලයි තියෙන්නේ. වැඩේ තවම ප්‍රසිද්ද කරන්න පුලුවන් මට්ටමේ නෑ. ළගදිම ඒ ගැන ඔයාලාට සුභ ආරංචියක් දැනුම් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

එහෙනං අපි මෙතනින් නවතින්නම්.

ප.ලි :- ආ...ගොඩක් රෑ වෙලා. 18 වෙනිදාටත් එළිවෙලා නේද? අද අපේ පුරුපුරුගෙ 24 වෙනි ජන්ම දිනය නොවැ! මහ පොළොව කම්පා වෙච්ච දවසක් සමරන්න මෙන්න ඔයාලාටත් කේක් කෑල්ලක්.


කේක් එකේ ඉන්න මීයා අපිට ඉතුරු කරලා කේක් එක බෙදාගෙන කන්න හොඳේ.

Wednesday, February 16, 2011

දියාරු ලෝකය 2 - The Water World 2


අපේ දියාරු ලෝකය 1 ලිපිය තාක්ෂණික ගැටලුවක් හින්දා ගොඩක් දෙනෙක්ට බලන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ හින්දා දැන් කට්ටිය මුලින්ම ගිහින් ඒක බලන්නකෝ.

දියාරු ලෝකය - 1

ඉතිං ඔය විදිහට මාලුකට්ටායි, පුරුපුරුයි, කලුකුමාරියි, චාටර්මාලියි බස් එකේ ඇවිත් දියාරු ලෝකෙ ළගින් බැස්සා. ඒ දවස්වල දැන් වගේ ඔය ප්ලේස් එක හොඳට හදලා තිබුනෙ නෑ. දැන්නං ටීවී එකේ ඇඩ් දානවනෙ කුරුල්ලො එහෙමත් ඉන්නවයි කියලා. හැබැයි ඒ දවස්වලනං ඒකෙ හිටියෙ මාලු විතරයි. කොහොමහරි ඉතිං අපේ යාලුවො කට්ටියත් ටිකට් එහෙම අරගෙන දියාරු ලෝකෙට ඇතුල් වුණාලු.

මාලුකට්ටා මීට කලින් දවසක දියාරු ලෝකෙ බලන්න ඇවිල්ලා තිබුනා. ඒ හින්දා මෑන්ස් පුරුදු කාරයා වගේ දැන් චාටර්මාලිත් එක්ක ඉස්සරවෙලා යනවා. පුරුපුරුයි, කලුකුමාරියි යන්නෙ ඒ දෙන්නාට පිටිපස්සෙන්. මෙහෙම ගියාට මොකද, පුරුපුරු හිටියෙ හරිම අපහසුවෙන්. බැරිවෙලා හරි අඳුරන කවුරුහරි දැක්කොත් ආයි ඉඳලා ඉවරයි. අනික කලුකුමාරි එක්ක යාලුයි කියලා ආරංචියක් පැතිරුනොත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන එකත් බොරු.

හැබැයි අපි කලින් ලිපියෙත් කිව්වා වගේ කලුකුමාරිනං බොහොම විනෝදෙන්, මේ ගමන උපරිමයෙන්ම එන්ජෝයි කර කර තමයි හිටියේ. එයා හයියෙන් හිනා වෙනවා, ඉස්සරහින් යන මාලුකට්ටලාට විහිලු කරනවා, එක විකාරයයි එතන.

කලුකුමාරි :- පුරුපුරු, ඇයි අනේ ඔයා කතා නොකර ඉන්නෙ? ඔයා නිකං බයවෙලා වගේනෙ ඉන්නෙ!

පුරුපුරු :- මම? බය? පිස්සුද?

කලුකුමාරි :- මොකද නැත්තෙ? ඔය ඔයා හැමතිස්සෙම වට පිට බලබලා ඉන්නෙ. අනික කතා කරන්නෙත් බයවෙලා වගේ. ඇයි ඔයාට මාත් එක්ක යනකොට බයයි වගේද?

පුරුපුරු :- පිස්සුද? මම බය නෑ කුමාරි

කලුකුමාරි :- එහෙනං ඔයා මාත් එක්ක ඇවිදින්න කැමති නැද්ද?

පුරුපුරු :- නෑ නෑ! එහෙම එකක් නෙවෙයි. ඒ වුණාට කවුරුහරි අපි මෙහෙම යනවා දැක්කොත්, අපි දෙන්නා යාලුයි කියලා හිතයි නේද?

කලුකුමාරි :- ඒ වුණාට ඉතිං අර දෙන්නාට බාධා කරන්නත් බෑනෙ නේද? දැන්නං ඒ දෙන්නා යාලුවෙලා වගේම තමයි ඉන්නෙ.

ඔය දියාරු ලෝකෙ ලොකු මාලු ටැංකිවල එක එක ජාතියෙ ලස්සන මාලු දාලා ඉන්නවා. සමහර එවුන් පිටරටින් ගෙනාපු මාලු. ඉතිං ඔය වගේ ලස්සන මාලු ටැංකියක් ළගින් යද්දි කලුකුමාරි එතන නවතිනවා. ඊට පස්සෙ එයාගෙ කැමරාව පුරුපුරුට දෙනවා.

කලුකුමාරි :- පුරුපුරු, මගෙ ලස්සන ෆෝටෝ එකක් ගන්නකෝ

පුරුපුරු :- හ්ම්...

කලුකුමාරි :- ඔන්න මේ මාලුවත් බැක්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට ඉන්න ඕනෙ.

පුරුපුරු :- හා හා.

පුරුපුරුත් ඉතිං කලුකුමාරි කියන විදිහට ෆෝටෝ ගන්නවා. අර ලස්සන මාලුන්ගෙ ෆෝටෝ ටික කලුකුමාරි මැද්දට පැනලා අවලස්සන කරනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය දියාරු ලෝකෙ ලස්සන මාලු බල බලා ඉස්සරහට ගියාලු. අන්තිමට කට්ටිය ආවෙ ලොකු ගල් ගුහාවක් වගේ හදලා තිබුන තැනකට. ඒක ඇතුලේ අම්බානට කලුවරයි. ඒ මදිවාට ඒකෙ ටැංකිවල ඉන්නෙත් මෝරු. මේ වෙද්දිනං පුරුපුරුට ඇවිදලා එපා වෙලයි තිබුනෙ. අපරාදෙ! තව එක පූසෙක් හරි හිටියනං සිරාවට යන්න තිබුන අවුටින් එක. ඉතිං ඉස්සරහින් ගියපු මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලන්න කලුවර ගුහාව ඇතුලට ගියාලු. හැබැයි පුරුපුරුටනං මෝරු බලන්න කිසිම ඉන්ටරස්ට් එකක් තිබුනෙ නෑ.

කලුකුමාරි :- පුරුපුරු! අපිත් මෝරු බලන්න යමුද?

පුරුපුරු :- ඔයාට ඕනෙනං යන්න කුමාරි, මට මහන්සියි. මම අතන මේසෙ ගාවට යනවා වාඩි වෙන්න.

කලුකුමාරි :- එක්කො මටත් කම්මැලියි. එහෙනං අපි අර දෙන්නා එනකං එතෙන්ට වෙලා වාඩි වෙලා ඉමු.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. දැන් ඉතිං කිව්ව වචන ආපහු ගිලින්නත් බෑ නොවැ!

පුරුපුරු :- හා...යමුකො එහෙනං!

ඉතිං පුරුපුරුයි, කලුකුමාරියි ගිහින් ඊට ටිකක් එහා තිබුන ටේබල් එකේ වාඩි වුණාලු. එතන තිබුනෙ අර කුඩයක් හිටවලා ඒක වටේ‍ට පුටු තියෙන ජාතියෙ ටේබල් එකක්. දැන් ඉතිං මේ දෙන්නා බලාගෙන ඉන්නවා මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා එනකං. කොහෙද? පැය කාලක් විතර ගියත් මේ දෙන්නා එන පාටක් නෑ. පුරුපුරුට තේරුනා කලුවර ගුහාව ඇතුලෙ ලස්සන ලස්සන මෝරු ඉන්න ඇතියි කියලා. ඒ මදිවාට දැන් මෑන්ස්ට අම්බානට බඩගිනියි. අන්තිමට පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා ආවෙ.

ඊට පස්සෙ කට්ටිය කළේ එතන කිට්ටුව තිබුන තැනකින් ලන්ච් එක ගත්ත එක. ඊටත් පස්සෙ මාලුකට්ටාගෙ ගානෙ කට්ටියටම අයිස් ක්‍රීම් කප් හම්බවුණාලු. දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක හිනාවෙවී අයිස් ක්‍රීම් කනවා. එතකොටම තමයි අපේ පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච විදිහට, ඉතාම භයානක, මවිල් කෙලින්වෙන සුලු දර්ශනයක් දැක්කෙ.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!!! ඤාව්වාගෙ අම්මා.............


බැලින්නං කට්ටිය හිටපු තැනට ටිකක් එහා ඉඳගෙන, ඤාව්වගෙ අම්මා අපේ යාලුවො දිහා කන්න වගේ රවාගෙන බලන් ඉන්නවා. දැන් කට්ටියටම ෆුල් අප්සෙට්. පුරුපුරුයි, මාලුකට්ටායි අමාරුවෙන් ඤාව් මෑණියොත් එක්ක හිනාවෙන්න හැදුවත්, ඤාව් ඇන්ටි කළේ රවලා අහක බලාගෙන එතනින් යන්න ගිය එක. දැන්නං ඉතිං කට්ටියටම ෂුවර් බඩු පැකට් තමයි කියලා.

ඤාව්වාගෙ අම්මා හෝම් සයන්ස් ටීචර් කෙනෙක්. ඉතිං එදා ඉස්කෝලෙ ළමයි එක්කගෙන පොඩි අධ්‍යාපන චාරිකාවක් තමයි ඤාව්වගෙ අම්මලා ඇවිත් තියෙන්නෙ. ඤාව්වත් දැනගෙන ඉඳලා තියෙනවා මෑන්ස්ගෙ අම්මා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න ඉන්නේ කියලා. ඒත් පොර දැනගෙන හිටියේ නෑ ඒ ට්‍රිප් එක යන්නේ දියාරු ලෝකෙ බලන්න කියලා. ඇරත් ලංකාවෙ මෙච්චර ප්ලේස් තියෙද්දි කවුද හිතන්නෙ මේ ට්‍රිප් එක දියාරු ලෝකෙටම එයි කියලා. අන්තිමට ඒ වැඩෙන් වුණේ මාලුකට්ටා මාට්ටු වෙච්ච එකයි, අහක හිටපු පුරුපුරු නිකං කාඩ් එක කුඩු කරගත්ත එකයි.

ඉතිං එදා අපේ යාලුවො කට්ටිය ගෙදර ගියෙ බයේ ගැහි ගැහී. ට්‍රිප් එක එද්දි තිබුන සතුට කට්ටියගෙ හිතේ ආපහු යනකොට තිබුනෙ නෑ. ඉතිං මාලුකට්ටා ගෙදර ගිහින් බලද්දි, බලාපොරොත්තු වෙච්ච විදිහටම ආරංචිය මෑන්ස්ටත් කලින්ම ගෙදරට ඇවිත් තිබුනලු.

මාලු මෑණියෝ :- පුතා, අද ඔයා කොහෙද ගියෙ?

මාකට් :- දියාරු ලෝකෙට.

මාලු මෑණියෝ :- ඔව් මම දන්නවා දියාරු ලෝකෙ හිටියෙ කියලා. ඔයයි පුරුපුරුයි දෙන්නාම ගෑනු ළමයි දෙන්නෙක් එක්ක නේද හිටියේ? ඔයාට පිස්සුද මේ වගේ වැඩ කරන්න? තවම උසස්පෙළ කරන්න පටන් ගත්තා විතරයි. දෙමව්පියො ඔයාලා ගැන කොච්චර බලපොරොත්තු තියාගෙනද ඉන්නෙ? ඔය වැඩ වලින් අධ්‍යාපනේ කඩාකප්පල් කරගන්නද හදන්නේ? කවුද ඔය ගෑනු ළමයි දෙන්නා?

දැන් මාලුකට්ටාට ප්‍රශ්න කෝටියයි. ඒ මදිවාට උපදෙස් ගොඩයි.

මාකට් :- මමනං දන්නෑ අම්මා මේ මොනවා කියවනවද කියලා? මම දියාරු ලෝකෙට ගියා තමයි. එතන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා තමයි. ඒත් ඔය කියන විදිහෙ දෙයක් එතන සිද්දවුණේ නෑ.

මාලු මෑණියෝ :- දැන් ඔයා හිතන්නෙ මගෙ කොන්ඩෙ පැහුනෙ අකලට කියලද? මම මෝඩියෙක් කියලද හිතන්නෙ?

මාකට් :- නෑ නෑ අම්මේ! අපේ පුරුපුරු තමයි ඔය කලුකුමාරිට ට්‍රයි කරන්නේ. මමයි චාටර්මාලියි ඒ දෙන්නාට සපෝට් එකට ගියෙ. ආපහු මම එහෙම යන්නෙ නෑ. දන්නැද්ද අම්මේ? පුරුපුරු කතා කළාම නොගිහින් ඉන්න බැරිවුණා. මමත් මිනිහට කිව්වා විභාගෙ කරන්න කලින් ඔය වැඩ පටන්ගන්න එපා කියලා. කෝ ඉතිං! කිව්වට අහන එකක්යැ!

මාලු මෑණියෝ :- ඔය ඇත්තමද පුතා? බලන්නකො මේ ළමයා කරන වැඩ!

මාකට් :- පුරුපුරුලගෙ ගෙදරට කියන්නනං එපා අම්මේ! මිනිහා මට අල්ලගෙන ගහයි.

මාලු මෑණියෝ :- හා හා. මම ඕවා කියන්න යන්නෑ. මේ ළමයා හින්දා අපිට අපේ ළමයෙක්වත් හරියට හදාගන්න බැරිවෙනවා.

කොහොමහරි ඉතිං ඔය සිද්දිය පහුවදා වෙද්දි ඤාව්වගෙයි, උපාසකගෙයි අම්මලාටත් ආරංචි වෙලා තිබුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කට්ටියට පුරුපුරුලගෙ ගෙදර යන එක මාසයක් විතර තහනම් වෙලා තිබුනා. තව, ආරංචියෙ අතුරු ප්‍රතිඵලයක් විදිහට මාලුකට්ටා පුරුපුරුගෙන් ගුටි කෑවා. ඊට පස්සෙ ඔය සේරම දේවල් ටික දවසකින් කාට කාටත් අමතක වෙලා ගියා.

අන්තිමට මාලුකට්ටා චාටර්මාලි එක්ක ඔෆිෂියලි යාලු වුණා.

නිමි.

Tuesday, February 15, 2011

දියාරු ලෝකය (The Water World)


ඉතිං යාලුවනේ මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ බ්ලොග් එක මුල ඉඳලා බලපු කට්ටියට මතක ඇතිනෙ අර මාලුකට්ටායි, ඤාව්වායි දෙන්නාම ට්‍රයි කරපු චාටර්මාලි කියන ගෑනු ළමයාව. ඉතිං පස්සෙ කාලෙක මාලුකට්ටාට පුලුවන් වුණාලු මේ ගෑනු ළමයාට ගොඩක් කිට්ටු වෙලා හිතවත් වෙන්න.

ඔය විදිහට මාස කීපයක් ගියාට පස්සෙ මාලුකට්ටා චාටර්මාලිත් එක්ක යාලු වෙලා වගේ තත්ත්වයක් තමයි තිබුනේ. දෙන්නා ක්ලාස් වලට යන්නෙ එකටමයි. බස් එකේ යන්නෙත් එකටමයි. කොටින්ම මේ වෙද්දි අනිත් පූසන්ටත් මාලුකට්ටාව අල්ලගන්න බැරුවයි හිටියේ. ඉතිං පුරුපුරු, උපාසක, ඤාව්වා සහ මී කතුරා කට්ටියම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මාලුකට්ටා චාටර්මාලි එක්ක යාලුද නැද්ද කියලා.

ඉඳලා ඉඳලා දවසක අහම්බෙන් මෑන්ස්ව අල්ලගන්න චාන්ස් එකක් හම්බවුණත්, මාලුකට්ටා අනිත් පූසන්ට කිව්වෙ නෑ පොරගෙ ලව් එකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. චාටර්මාලි ගැන අනිත් පූසො ඇහුවොත් මෑන්ස් කිව්වෙම

"අනේ මන්දා බං!"

කියලා විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ පූසො සෙට් එකට මේ දවස්වල මාලුකට්ටා එක්ක ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ.

ඔය චාටර්මාලිගෙ හොඳම අතීසාර මිතුරිය තමයි අපි කවුරුත් දන්න කලුකුමාරි. අනිත් පූසන්ට මොනවත් නොකිව්වට මොකද, මාලුකට්ටා කලුකුමාරිටනං ඔක්කොම දේවල් කියලා, තමන්ගෙ ලව් එකට විදේශාධාර බලාපොරොත්තු වෙලා තිබුනා. ඉතිං මේ හේතුව හින්දා, අපේ පූසො කට්ටියට මාලුකට්ටා එක්ක ජම්ප් වෙලා තිබුන ෆ්ලවර් එක තවත් ඇම්ප්ලිෆයි වුණාලු. මේ වෙද්දි උපාසක, ඤාව්වා ඇතුලු පූසන්ගෙ නිගමනය වෙලා තිබුනෙ මාලුකට්ටා චාටර්මාලි එකක් යාලුවෙලා, ඒක තමන්ට නොකියා ඉන්නවයි කියන එක.

ඉතිං මේ දවස්වල පූසො කට්ටිය සෙට් වෙද්දි ගොඩක් වෙලාවට සෙට් වුණේ පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි, මී කතුරායි විතරයි. කොහොමහරි එක දවසක් අපේ පුරුපුරුට මාලුකට්ටාගෙන් හදිස්සියෙම කෝල් එකක් ආවලු.

මාලුකට්ටා :- මචං පුරු, හෙට අපි පොඩි ගමනක් යනවා. උඹටත් එන්න පුලුවන්ද?

පුරුපුරු :- ගමනක්? කොහෙද?

මාලුකට්ටා :- අර දියාරු ලෝකය බලන්න යන්න. එහෙ සිරාලු බං!

පුරුපුරු :- දැන් එතකොට කවුරු කවුරුද යන්නේ?

මාලුකට්ටා :- මමයි, චාටර්මාලියි, කලුකුමාරියි, තව හේනවිලේජ් එකේ කෙල්ලො සෙට් එකකුයි.

පුරුපුරු :- කලුකුමාරිත් යනවද?

මොකද මේ දවස්වල අර ඤාව්වගෙ කේස් එක හින්දා, අනිත් පූසො කලුකුමාරිත් එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ.

මාලුකට්ටා :- ඔව් බං! ඒකිව දාලා යන්නත් බෑනෙ. චාටර්මාලි ඒකි නැතුව එන්න කැමති නෑ. අනික කලුකුමාරි කියන්නෙ හොඳ කෙල්ලෙක් මචං. දැන් උඹලා ආවෙ නැත්තං මට කෙල්ලො සෙට් එකක් එක්ක තනියම තමයි යන්න වෙන්නෙ.

පුරුපුරු :- උපාසකලා එනවද දන්නෑ?

මාලුකට්ටා :- මම උන් තුන්දෙනාටම කිව්වා. මී කතුරාටනං එන්න වෙන්නෙ නෑලු. උපාසකයි, ඤාව්වායි එන්නං කිව්වා.

පුරුපුරු :- හා හා. ඉතිං බං උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කනෙ උඹ යන්නෙ? අපි නැති වුණාට අවුලක් නෑනෙ?

මාලුකට්ටා :- තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි බං! හැබැයි ටිකක් විතර ඒ වගේ.

පුරුපුරු :- හා හා!! හෙට උදේ හම්බවෙමුකො එහෙනං. උඹලා ඉතිං දැන් අපිට කිසිම දෙයක් කියන එකක්යැ!

මාලුකට්ටා :- හික්...එහෙම එකක් නෑ බං! යථා කාලෙදි උඹලාට සුභ ආරංචියක් දෙන්න පුලුවන් වෙයි.

මාලුකට්ටා පුරුපුරුට පණිවිඩේ කිව්වෙ ගමන යන්න කලින් දවසෙ රෑ වෙලා. ඉතිං ඒ වෙලාවෙ උපාසකටයි, ඤාව්වාටයි කෝල් කරන්න කම්මැලි වෙච්ච අපේ පූසා, කෙලින්ම ගිහින් නිදා ගත්තලු. පහුවදා තිබුනෙ මොකක් හරි නිවාඩු දවසක්. ඉතිං ඉස්කෝලෙත් නිවාඩු හින්දා කරන්න වැඩක් තිබුනෙත් නෑ. ඒක හින්දා පුරුපුරු තීරණය කළාලු මාලුකට්ටාත් එක්ක මේ ගමන යන්න. අනික අනිත් පූසොත් එනවනේ. අනික පුරුපුරු ඒ වෙද්දි කවදාවත් දියාරු ලෝකෙ බලන්න ගිහින් තිබුනෙත් නෑ.

ඉතිං කලින් කතා වෙච්ච විදිහට, පහුවදා උදේම පුරුපුරු ගියාලු පූස්ගම බස්ටෑන්ඩ් එකට. හැබැයි මෑන්ස් යද්දි අඳුරන කවුරුවත් බස්ටෑන්ඩ් එකේ හිටියෙ නෑලු. ටික වෙලාවක් යද්දි තමයි මාලුකට්ටා එතෙන්ට ආවෙ.

මාලුකට්ටා :- මාර කේස් එකනෙ බං. අරූට එන්න බැරිලුනෙ.

පුරුපුරු :- ???

මාලුකට්ටා :- ඤාව්වා උදේ කෝල් කරලා කියනවා කලුකුමාරි එන හින්දා ඌට එන්නම බැරිලු.

පුරුපුරු :- එතකොට උපාසක?

මාලුකට්ටා :- ඌනං ඊයෙම එන්න බෑ කිව්වා බං. මම උඹට බොරුවට ඌ එනවයි කිව්වෙ, උඹත් ආවෙ නැත්තං කියලා.

මේක ඇහුවාමනං අපේ පුරුපුරුට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණාලු. මාලුකට්ටාගෙ සිරිතක් තමයි බොරු කියන එක. ඒ වුණාට මේ වගේ දේවල් වලදි බොරු කිව්වාමනං පුරුපුරුට ෆ්ලවර් ජම්ප් වෙනවා.

පුරුපුරු :- දැන් යකෝ උඹ චාටර්මාලි එක්ක ලව් කරද්දි මට වෙන්නෙ අර කොහෙවත් යන කෙල්ලො සෙට් එකක් එක්ක ඉඳලා බයිට් වෙන්නනෙ.

පුරුපුරු මෙහෙම කියද්දි මාලුකට්ටා මීක් නැතුව අහගෙන ඉන්නවා. මොනවා වුණත් යාලුවානෙ කියලා අපේ පූසා ඉතිං හිත හදාගත්තලු. තවත් ටික වෙලාවකින් තමයි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් චාටර්මාලියි, කලුකුමාරියි මතුවුණේ. මේ දෙන්නා ඉතිං පුරුපුරුයි, මාලුකට්ටායි කතා කර කර හිටපු තැනට ආවලු.

කලුකුමාරි :- කෝ? ඤාව්වා ආවෙ නැද්ද?

මාලුකට්ටා :- එයාට එන්න බෑ කිව්වනෙ.

කලුකුමාරි :- අම්මෝ! ඒකනං ලොකු දෙයක්. නැත්තං මට මාර කරදරේ එයාගෙන්. අපි එහෙනං යමු නේද?

පුරුපුරු :- ඇයි අනිත් කට්ටිය?

කලුකුමාරි :- ආ...ඒ කට්ටියටත් එන්න වෙන්නෙ නෑ අනේ!

මේක ඇහුවාමනං පුරුපුරුට අසූහාරදාහට තද වුණාලු. පළවෙනි කාරනේ තමයි, උපාසක එදා එන්නේ නෑ කියලා පුරුපුරු දැනගෙන හිටියේ නෑ. ඒත් කලුකුමාරි ඒ බව දන්නවා. දෙවෙනි කාරනේ තමයි, මාලුකට්ටා චාටර්මාලි එක්ක පෙම් සුව විඳිනකොට පුරුපුරුට ඉන්න වෙන්නෙ කලුකුමාරි එක්ක. වහාම ආපහු හැරිලා ගෙදර යන්න හිතුනත්, මාලුකට්ටා පව් නේද කියලා කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු ඕන එකක් වෙන්න කියලා මේ ගමන යන්න.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කළේ පූස්ගම-කොළඹ බස් එකක නැගලා දියාරු ලෝකෙට යන්න පිටත් වෙච්ච එක. බස් එකට නැග්ග හැටියෙම මාලුකට්ටා, චාටර්මාලි එක්ක බස් එකේ පෙම් මුල්ලට ගියාලු. පුරුපුරුයි කලුකුමාරියි වාඩි වුණෙත් පිටිපස්සෙම සීට් එකේ, හැබැයි අනිත් පෙම්මුල්ලෙ නෙවෙයි. දැන් ඉතිං ඇත්තටම එතන කපල් දෙකක් ඉන්නවා වගේ තමයි පිටින් බලන කෙනෙක්ට පේන්නෙ. විලි ලැජ්ජාවයි.

අපේ පුරුපුරුගෙ හිතේ කලුකුමාරි ගැන කිසිම ආල හැඟීමක් ඇතිවෙලා තිබුනෙ නෑ. එහෙමත් තියෙද්දි දැන් පූස්ගම ආරංචියක් පැතිරුණොත් පුරුපුරු කලුකුමාරි එක්ක යාලුවෙලා කියලා, වන විනාසයක් තමයි වෙන්නෙ. ඉතිං අපේ පූසාත් බයෙන් ගැහි ගැහී, වටපිට බල බලා කලුකුමාරි එක්ක බස් එකේ ගියාලු. මාලුකට්ටානං ෆුල් ආතල් එකේ, බාහිර ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුව, චාටර්මාලි එක්ක ප්‍රේම සාගරේ ගිලිලා හිටියලු.

ඔක්කොටමත් වඩා ඉවසන්න අමාරු කලුකුමාරි කියවන්න ගත්තහම නන්ස්ටොප් කියවන එක. ඇරත් එයා පුරුපුරුත් එක්ක බස් එකේ වාඩි වෙලා ගියෙත් බොහොම රිලැක්ස් එකේ, තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා වගේ තමයි. ඉතිං අපේ පුරුපුරුත් බොහොම අමාරුවෙන් මේ කරදරේ ඉවසගෙන බස් එකේ ගියාලු. කොහොමහරි පැය එකහමාරක් විතර යද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණාලු දියාරු ලෝකෙ ගාවින් බස් එකෙන් බහින්න.

ප.ලි - බ්‍රේකින් නිව්ස්

මේ පාර පොඩි මැතිවරණයට රෝහණදීර ඉදිරිපත් වෙලා කියලා නිල නොලත් නිව්ස් එකක් ලැබුනා. ඒ පිළිබඳ තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට ගඩොල්වාහිණිය සූදානම්.

Friday, February 11, 2011

කේ.මෙන්ඩිස් 4 (අවසාන කොටස) - කේ.පීරිස්

කේ.මෙන්ඩිස් - 1
කේ.මෙන්ඩිස් - 2
කේ.මෙන්ඩිස් - 3

අපි කලින් ලිපියෙ කියපු විදිහට ඉතිං පූසො සෙට් එක ඇතුලු කට්ටිය හවස් වරුවෙ පුරුපුරුගෙ ගෙදරට සෙට් වුණාලු. දැන් කට්ටියම පුරුපුරුගෙ කොම්පියුටර් රාජයා ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. ඒ අස්සේ ඤාව්වා දෙවියන්ට කන්නලව් කරනවා කරන්ට් එක යන්න එපා කියලා. මොකද ඒ දවස්වල පුරුපුරු ගාව යූපීඑස් එකක් තිබුනෙ නෑ. අන්තිමට ඉතිං අපේ පුරුපුරුත් සුභ මොහොතින් බෑග් එකේ තිබුන ගනේ කොම්පියුටරේ ළගට ගෙනාවලු. දැන් ඉතිං කට්ටියම සද්ද බද්ද නෑ. ගමේ යාලුවො දෙන්නා ඇස් දෙක උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.

ඊටපස්සෙ පුරුපුරු කළේ සුභ මොහොතින්, බොහොම පරිස්සමට කේ.මෙන්ඩිස්ගෙ ගනේ සීඩී රොම් එකට ඇතුල් කරපු එක. ගනේ කොම්පියුටරේ ඇතුලට යද්දි ඉතිං කට්ටිය කටවල් ඇරගෙන බලාගෙන හිටියලු.

හවස ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් මී කතුරා පුරුපුරුට ගනයේ අන්තර්ගතය ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලයි තිබුනේ. මී කතුරා කියපු විදිහට මුලින්ම යන්නෙ කේ.මෙන්ඩිස් එක්ක පොඩි ඉන්ටර්වීව් එකක් වගේ එකක්.‍ ඊට පස්සෙ ඉතිං *************************************************. ඉතිං ඕවා අහපු අපේ පූසන්ටත් මේක බලනකං ඉවසිල්ලක් නැතුවයි හිටියේ.

දැන් පොතේ හැටියට මීඩියා ප්ලේයර් එක ඔන් වෙලා මේක ප්ලේ වෙන්න පටන් ගන්න ඕනෙ. ඒ වගේම ගෙදර කවුරුත් හිටියෙත් නැති නිසා කට්ටිය සවුන්ඩ් එහෙමත් ෆුල් වැඩි කරලයි තිබුනේ. ඔන්න ඉතිං එක පාරටම කොම්පියුටරයෙන් සද්දයක් ආවලු.

" දෙහි මලක් වගේ දැනෙයි නුඹත් දුර උන්නම සුවඳ ගෙන එනා
දෙහි මලක් වගේ දැනෙයි නුඹත් ළග උන්නම සුවඳ නොම දෙනා"

දැන් පුරුපුරු ඇතුලු පූසන්ට පට්ටම අබ්ලික්ලු. ඒ මදිවට අර ගමේ කොල්ලො දෙන්නා මූනට මූණ බලාගන්නවා.

පුරුපුරු :- මේකනෙ බං, සිංහල එකක්නෙ, මුලින් සිංදු කෑල්ලක් ගිහින් තමයි පටන් ගන්නවා ඇත්තෙ

මෑන්ස් මෙහෙම කිව්වට මොකද, කොම්පියුටරෙන් එන්නෙ සද්දෙ විතරයි, කිසිම වීඩියෝ එකක් නෑ. මීඩියා ප්ලේයර් එකත් ඔහේ ප්ලේ වෙනවා. පුරුපුරු ඉතිං කෝකටත් කියලා ප්ලේයර් එක පොඩ්ඩක් ඉස්සරහට යවලා බැලුවලු.

" දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනං බෑ සිත රිදන කතාවක්"

ඒ ගමන් තව සින්දුවක් යනවලු. ඒත් කිසිම වීඩියෝ එකක් නෑ. දැන්නං අපේ පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒ ගමන මෑන්ස් කළේ මේක තව ටිකක් ඉස්සරහට යවපු එක.

" ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
වේලිලා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද"

ඒ ගමනනං පුරුපුරු ඇතුලු අපේ පූසො සෙට් එකට තේරුණාලු මී කතුරා තමන්ට ගේම දීලා තමයි කියලා. බැලින්නං මෑන්ස් කේ.මෙන්ඩිස්ගෙ ගනයක් කියලා දීලා තියෙන්නෙ කේ.පීරිස්ගෙ අර මල් සිංදු තියෙන සිංදු සීඩී එක. මේක තේරුණා විතරයි පුරුපුරුට අසූහාරදාහට ෆ්ලවර් ජම්ප් වුණාලු. ඒ අස්සෙ අර ගමේ කොල්ලො දෙන්නා බිම පෙරලි පෙරලි හිනාවෙනවලු.

" අඩෝ උඹලගෙ ඉස්කෝලවල එවුන් කිංස්ලිගෙ සින්දු අහලද ආතල් ගන්නෙ? හැක් හැක් හැක්...... "

දැන්නං පූසො කට්ටියම කේන්තියෙනුයි, ලැජ්ජාවෙනුයි ජම්බු ගෙඩි වගේ රතුවෙලා. අර විදූශාවත් පූසන්ට මෙච්චර අපහාසයක්නං කරලා නෑ. දැන් ඉතිං කට්ටිය ආපහු රෙද්දක් ඇදගෙන පූස්ගම ටවුන් එකට යනවා බොරු. දැන් මී කතුරා අහුවෙන්න හිටියනං පූසො කට්ටිය මෑන්ස්‍ව ඌර්ධවපාතනය කරනවා. කරුමෙට පොරගෙ ටෙලිෆෝන් නම්බර් එකවත් පුරුපුරුලා ඒ වෙනකොට ඉල්ලගෙන තිබුනේ නෑ. ඉතිං ටික වෙලාවකින් ගමේ කොල්ලො දෙන්නා හිනාවෙන් තරවෙලා ගෙවල් වලට යන්න ගියාලු. දැන් ඉතුරු පූසො‍ කට්ටිය විතරයි.

උපාසක :- බලපං බං මූ අපිට දුන්න ගේම? දැන් ඉතිං කොහොමද පාරකවත් බැහැලා යන්නෙ?

පුරුපුරු :- ඒක පැත්තකින් දැම්මත් දැන් අර ගනේ ගන්න බලාගෙන ඉන්න එවුන්ට මොකද කියන්නෙ?

ඤාව්වා :- එහෙනං ඔය මී කතුරා කියන එකාට ඉස්කෝලෙදි අල්ලගෙන අම්බානට නෙලපං

මාලුකට්ටා :- ඔව් ඔව්!! මේ කරපු වැඩේට ඌට නෙලන්නම වෙනවා. ඉස්කෝලෙට ඇවිත් දවස් දෙක තුනයි, බලපං මූ මේ අවුරුදු ගානක් හිටපු අපිටත් ගේම දුන්නනෙ.

ඉතිං අන්තිමට තීරණය වුණේ ඊළග ද‍වසෙ ඉස්කෝලෙදි මී කතුරාට අල්ලගෙන හොඳටම ගහන්න. මේ අස්සෙ ක්ලාස් එකේ කොල්ලන්ගෙන් මාලුකට්ටාගෙ මොබයිල් එකට හෝ ගාලා කෝල් එනවා. කට්ටියම අහන්නෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේ කොහොමද කියලා. ඉතිං මාලුකට්ටා වෙච්ච සිද්දිය කිව්වට පස්සෙ ඒ කට්ටියටත් ෆ්ලවර් ජම්ප් වෙනවා.

අන්තිමට බලද්දි මුලු ක්ලාස් එකම වගේ අනිත් දවසෙ මී කතුරාට ගහන්නයි ලෑස්ති වෙලා හිටියෙ. ඒ මදිවාට ඤාව්වාගෙ ලෑස්තිය ලොකුනමේ කොල්ලො ටික ලෑස්ති කරගෙන මී කතුරාට ඉස්කෝලෙන් එළියෙදි ගහන්න. ඒත් ඉස්කෝල අතර වලියක් යන්න පුලුවන් නිසා ඤාව්වාට ඒ වැඩේට අනිත් පූසන්ගෙන් අවසර ලැබුනෙ නෑ.

ඔය විදිහට වෙලාව ගිහින් අපේ පූසො අනිත් දවසෙත් ඉස්කෝලෙට ගියාලු. පුරුපුරුයි, මාලුකට්ටායි, උපාසකයි උදේ පාන්දරම පුරුපුරුලගෙ බයෝ ක්ලාස් එකට ආවෙ මී කතුරාගෙ බෙල්ලෙන්ම අල්ලගන්න බලාගෙන. කට්ටිය එද්දි මී කතුරාගෙ බෑග් එකනං ක්ලාස් එක ඇතුලෙ තිබුනා, හැබැයි මී කතුරා පේන්න හිටියෙ නෑ. ඔය විදිහට ටික වෙලාවක් යද්දි ක්ලාස් එකේ ගොඩක් ළමයි ඇවිත් හිටියලු. කට්ටියම ඇවිත් හිටියේ මී කතුරාට හොඳ රිටර්න් එකක් දෙන්න බලාගෙන. ඒත් ඉස්කෝලෙ පටන් පැය කාලක් තියෙද්දිත් මී කතුරා පන්තියට ඇවිත් තිබුනෙ නෑලු.

රාජු :- මචං ඔය මී කතුරා ඉස්කෝලෙ ගැන තවම හරියට දන්නෙත් නෑ. ඒක හින්දා ඌට ඇවිදින්න යන්න තැනක් නෑනෙ. අනිවාර්යෙන්ම මූ ගුටිකන්න වෙන බව දැනගෙන හැංගිලා ඇත්තෙ.

මහබබා :- ඒත් බං මූව කොහෙ කියලා හොයන්නද?

රාජු :- මූ මචං අලුත් හින්දා තවම ඉස්කෝලෙ හැංගෙන තැන් දන්නෙ නෑ. මූ දන්න එකම තැන තමයි කැන්ටින් එක. අනිවා ඇත්තෙ ඕක ඇතුලෙ තමයි. අපි ගිහින් බලමු.

පුරුපුරු :- ඒක තමයි. මමත් හිතන්නෙ මූ ඇත්තෙ කැන්ටිමේ තමයි. මහබබා උඹලා කට්ටිය එහෙනං ක්ලාස් එකේ ඉඳලා ඌ ආවොත් නෙලපං. අපි කට්ටියක් යන්නං කැන්ටින් එකට.

මෙහෙම කියපු පුරුපුරු තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියාලු කැන්ටින් එකට. ඒ වෙලාවෙ ඉස්කෝලෙ පටන් අරගෙන තිබුනෙත් නැති නිසා කැන්ටිම කොල්ලන්ගෙන් පිරිලයි තිබුනෙ. ඇත්තටම කැන්ටිම මී කතුරාට හැංගෙන්න කියාපු ප්ලේස් එක. මොකද සුදු ඇඳගෙන ඉන්න කොල්ලො සිය ගානක් අතරෙ මෑන්ස්ව හොයන එක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. කෝකටත් කියලා, පුරුපුරුලා කැන්ටිමේ කෙළවරක ඉඳලා මී කතුරාව හොයන්න ගත්තලු.

ටික වෙලාවක් හොයද්දි මෙන්න බොලේ මී කතුරා ඉන්නවා කැන්ටිමේ කොල්ලො ගොඩක් අස්සට වෙලා හැංගිලා. පුරුපුරුගෙ ෆ්ලවර් ජම්ප් වෙච්ච මූණ දැක්කට පස්සෙ මී කතුරාට තේරුණාලු එදානං මෑන්ස්ට බොහොම අසුභ දවසක් වෙන බව. පුරුපුරු කළේ වහාම පැනලා මී කතුරාගේ බෙල්ලෙන්ම අල්ලගත්ත එක.

පුරුපුරු :- ඈ බොල ***, තෝ මට කේ.මෙන්ඩිස්ගෙ කියලා කේ.පීරිස්ගෙ සීඩී එකක් දුන්නෙ මම ඔටුවෙක් කියලා හිතලද? තොගෙ වැඩ හින්දා මට දැන් ගමේ එවුන්ටයි, ඉස්කෝලෙ එවුන්ටයි දෙගොල්ලන්ටම මූණ දෙන්න බෑ. හිටපං උඹට දෙන්න. වරෙන් පන්තියට.

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලගෙන මෑන්ස්ව පන්තියට ඇදගෙන ගියාලු.

මී කතුරා :- අනේ බං පුරපුරු, පොඩි වැරදීමක් බං වෙලා තියෙන්නෙ, සොරි බං

මී කතුරා විලාප දෙනවා.

පුරුපුරු :- ‍යකෝ ඒ ලෙවල් කරන්න ගත්තහමවත් වලි වලට යන එක නවත්තලා හොද වෙන්නයි බැලුවේ. තොපි ඒකටවත් ඉඩ දෙන්නෙ නෑනෙ

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාව පන්තිය ඇතුලට ඇදගෙන ගියාලු. මී කතුරා එනවා දැක්ක ක්ලාස් එකේ කොල්ලො කට්ටිය ඉස්සරහට ආවෙ ඇගේ පතේ හිරි ඇරගන්න බලාගෙන. ඊටපස්සෙ කට්ටිය මී කතුරාව බිම දාගෙන නෙලන්න ගත්තෙ මෑන්ස්ට කෑගහන්නවත් නොදී. ටික වෙලාවකින් බලද්දි මී කතුරාට නැගිටින්නත් අමාරු ගානට වැදිලා.

මහබබා :- උඹට දැන් ගුටිකාලා අමාරුද?

මී කතුරා :- ඔ...ඔව් බ්.....බං!

මහබබා :- මුෂ්ටාක් ඔය පාන් බාගෙ ගෙනෙන් බං.

මහබබා මුෂ්ටාක්ට කියලා මෑන්ස් දවල්ට කන්න ගෙනාපු පාන් බාගෙ ගෙන්න ගත්තලු.

මහබබා :- උඹට දැන් ගුටි කාලා අමාරුනෙ. දැන් එහෙනං කාපං පාන්

මෙහෙම කියපු මහබබා, පුරුපුරු එක්ක එකතු වෙලා අර පාන් බාගෙම බිම වැටිලා හිටපු මී කතුරාට කැව්වලු. දැන් ගුටිකාපු අමාරුවයි, පාන් කවපු අමාරුවයි දෙකම එකතු වෙලා මී කතුරාට කෙලින් ඉන්නවත් බෑ.

පුරුපුරු :- ආ...දැන් ඔය දූවිලි ටික පිහදාගෙන ලෑස්තිවෙයන් මිස් ක්ලාස් එකට එන්න කලින්.

ඔය අතරෙ මාලුකට්ටා ඉදිරිපත්වෙලා මී කතුරාගෙ ඇගේ තිබුන දූවිලි ටික පිහදාලා දුන්නලු. ඊටපස්සෙ තමයි ස්කූල් සෝන්ග් එක එහෙම කියලා ඉස්කෝලෙ පටන් ගත්තේ.

එදා දවසේ උදේ කාලය මී කතුරාට අපලයි කියලා හිතුවාට මෑන්ස්ට ගොඩක් අපල වෙන්න තිබුනේ එදා ඉන්ටර්වල් එක. මොකද ඉන්ටර්වල් එකේදි මෑන්ස් කරපු වැඩේ ආරංචි වෙච්ච වෙන ක්ලාස් වල කොල්ලොත්, පොරට ගහන්නයි කියලා පුරුපුරුලාගෙ පන්තියට ආවලු. විශේෂයෙන් ඒ අතරෙ හිටියේ මී කතුරාගෙ බොරුවට අහුවෙලා එම්ප්ටි සීඩී ගත්ත කොල්ලො. ඉතිං අන්තිමට පුරුපුරුටයි, මහබබාටයි ලොකු මහන්සියක් ගන්න සිද්ද වුණාලු ඒ කොල්ලන්ගෙන් මී කතුරාව බේරගන්න. මොකද ආපු කොල්ලන්ගෙ ගාන අනුව මී කතුරා ඒ කට්ටියගෙනුත් ගුටි කෑවනං හොස්පිට්ල් ගිහින් තමයි නවතින්නෙ.

ඉතිං ඔය විදිහට ටික දවසක් යද්දි කේ.මෙන්ඩිස්ගෙ ගනේ සිද්දිය කට්ටිය මතක් කර කර හිනාවෙන සිද්දියක් බවට පත්වුණාලු. කොටින්ම අදටත් ඉස්කෝලෙ කොල්ලො මී කතුරා කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි කේ.මෙන්ඩිස් කිව්වොත් ග්‍රේඩ් එකේ ඕනෙ බුවෙක් මී කතුරාව දන්නවා.

ටික දවසකින් අපේ පූසො සෙට් එකයි, මී කතුරායි ආපහු ෆිට් වුණාලු. ඔය තරහා මරහා හිතේ තියාගන්න ජාතියෙ කට්ටිය නෙවෙයිනෙ පූසො කියන්නේ. ඊටපස්සෙ පූසන්ටත් තේරුණාලු මී කතුරා කියන්නෙත් පිස්සුම පිස්සු පූසෙක් කියලා. ඊටපස්සෙ තමයි පූසො සෙට් එකට පස්වෙනි සහ අවසාන පූසා එකතු වුණේ. ඒ තමයි මී කතුරා. ඉතිං අදින් පස්සෙ අපේ කතාවල එන ප්‍රධාන චරිතයක් විදිහට මී කතුරාව ඔයාලාට හම්බවෙයි.

නිමි.

ප.ලි :- මේ මී කතුරා ජීවිත කාලය තුළ තැබූ පළමු පොල්ල නොවේ. එමෙන්ම අවසාන පොල්ලද නොවේ. කන්දක් උඩ ඇති ශ්‍රී ලංකාවේ ඉපැරණි සක්වල තක්සලාවක, සිසුන් 400-500ක් සිටින බැච් එකකට තැබූ පොල්ල හා සැසඳීමේදී කේ.මෙන්ඩිස් යනු ඉතා ප්‍රාථමික මට්ටමේ පොල්ලකි.

අනිත් කාරනේ යාලුවනේ අපිට කලින් පෝස්ට් වල කොමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරිවුණා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.

පුරුපුරුට විභාග වැඩය. එනිසා බ්ලොග් එකේ ගතකරන කාලය ටිකක් අඩුකර ඇත. උපාසකගේ අන්තර්ජාල කොනෙක්ෂනය ජංජාලයක් වී ඇත.

ඉතිං සොරි හොඳේ. ඒත් ඔයාලගෙ හැම අදහසක්ම කියවලා අපි ගොඩක් සතුටු වෙනවා. අත්‍යාවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. පෙබ. 14 වෙනිදා වෙනකං මේ තත්ත්වය තියෙයි. බායි.........

ඒක නෙවෙයි, කෝ මොකද අපේ කාන්තා පාර්ශ්වය සද්ද නැත්තේ?

කේ. මෙන්ඩිස් 3 - සතුට ඉහවහා ගිය දවස



කේ. මෙන්ඩිස් - 1
කේ. මෙන්ඩිස් - 2

ඉතිං යාලුවනේ අපි කිව්වනෙ අපේ මී කතුරා, කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනත් දෙන්න පොරොන්දු වුණ විදිහයි, ඊට පස්සෙ ක්ලාස් එකේ කොල්ලො සෙට් එක අම්බානට සතුටට පත් වෙච්ච විදිහයි. කොහොමහරි මේ කේ. මෙන්ඩිස්ගෙ සිද්දිය මුලු ග්‍රේඩ් එක පුරාම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්. කොටින්ම එදා දවස ඉවර වෙන්න කලින් ග්‍රේඩ් එකේ බාගයක්වත් කේ. මෙන්ඩිස් ඉන්න ගනයක් තියෙන බව දැනගෙන හිටියා.

ග්‍රේඩ් එකේ ඉතුරු බාගෙත් පහුවදා වෙද්දි මේ ගැන දැනගත්තා. දැන් පුරුපුරුලගෙ පන්තිය ඉස්සරහා කොල්ලො පිරිලා. බයෝ කරන කොල්ලො මදිවට මැත්ස්, කොමර්ස්, ආර්ට් කරන කට්ටියත් පුරුපුරුලගෙ ක්ලාස් එක ළග පිරිලා. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයි, කේ. මෙන්ඩිස්ගෙ ගනේ හම්බවුණාම ඒක ඉල්ලගන්න.

ඔය අතරෙ මී කතුරා එදා ගනය ගෙනත් තිබුනෙ නෑ. මොකද මෑන්ස්ට ගනේ ඉල්ලගන්න පොරගෙ යාලුවාව කලින් දවසෙ හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං ක්ලාස් එකේ කොල්ලො බොහොම සංවේගයෙන් වුණත් හිත හදාගත්තලු පහුවදාට මේක හම්බවෙයි කියලා.

ඇත්තටම මේ ගනේට තිබුනෙ පුදුමාකාර ඉල්ලුමක්. කට්ටිය පොරකනවා වේටින් ලිස්ට් එකට තමන්ගෙ නම ඇතුලත් කරගන්න. ඒ අස්සෙ මී කතුරා ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකෙන් ග්‍රේඩ් එකේ සුපර් ස්ටාර් වෙලයි හිටියේ. මෑන්ස් එක්ක කතා කරන්න, අඳුරගන්න අනිත් කොල්ලන්ට එපොයින්ට්මන්ට් ගන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබුනේ.

මේ වෙද්දි මී කතුරාව ගොඩදෙනෙක් පෞද්ගලිකව අඳුරගෙන හිටියෙ නැති නිසා, ගොඩක් කට්ටිය ට්‍රයි කළේ පුරුපුරු හරහා ගනේ තමන්ට ඉල්ලගන්න.

" පුරුපුරු, උඹට මතකනෙ, අපි අවුරුදු ගානක් එක ක්ලාස් එකේනෙ හිටියෙ බං!"

" පුරුපුරු, මොකද්ද බං, අපි එකට ස්කවුටින් කරපු හැටි මතක නැද්ද? බැරිද අනිත් කට්ටියට කලින් මට මේක ගන්න?"

" අඩෝ පුරුවා! උඹට එහෙනං අපි හොස්ටල් එකේ එකට ෆන් ගත්ත හැටි අමතක වුණා ඈ? මොකද බං උඹට බැරි අනිත් උන්ට කලින් මට ඕක ඉල්ලලා දෙන්න"

" අපි ඉතිං මචං ගම්පහ කොල්ලොනෙ, ඔන්න හම්බවෙච්ච හැටියෙ මටයි ඕනෙ හරි?"

දැන් බලාගෙන යද්දි මී කතුරාට විතරක් නෙවෙයි, පුරුපුරුටත් හෙන ඉල්ලුම මේ කේ. මෙන්ඩිස් හින්දා. ඇත්තටම වේටින් ලිස්ට් එකේ හිටපු කාටවත් ෆේවර් කරන්න විදිහක් පුරුපුරුට තිබුනෙ නෑ. මොකද හිටපු ඔක්කොම කට්ටිය වගේ අපේ පූසන්ගෙ හොඳ යාලුවො. අනික කට්ටිය ගනේ ගන්න අංක එහෙමත් වෙන් කරගෙනයි තිබුනෙ. ඒ මදිවට සමහර කට්ටිය ට්‍රයි කරන්නෙ පූසොත් එක්ක මංගල දර්ශනය බලන්න සහභාගි වෙන්න.

ඔය අතරෙ මුෂ්ටාක් පොරොන්දු වෙච්ච විදිහට කේක් ගෙඩියක් උස්සගෙන ඇවිල්ලා තිබුනා. ඒත් මේ ‍කේ. මෙන්ඩිස්ගෙ ගනේ නිසා ක්ලා‍ස් එකේ කොල්ලන්ට මුෂ්ටාක්ගෙ පාටිය ගැනවත් වගක් තිබුනෙ නෑ. අන්තිමට මුෂ්ටාක් තමන්ගෙ අතින්ම කේක් එක ක්ලාස් එකේ කොල්ලන්ට බෙදුවලු.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදා වුණාලු. පුරුපුරු උදේ පන්තියට එද්දි මී කතුරාත් ඇවිල්ලයි හිටියෙ

පුරුපුරු :- කතුරා......මචං උඹ අරක ගෙනාවා නේද?

මී කතුරා :- මාර කේස් එකනෙ බං! මට ඊයෙත් යාලුවාව හම්බවුණේ නෑනෙ. උන්ගෙ ගෙදරනෙ ඉතිං ඔය ගනේ තියෙන්නෙ.

මී කතුරාගෙ කතාව ඇහුවා විතරයි අපේ පුරුපුරුගෙ සිහින ලෝකය පට පට ගාලා කඩාගෙන වැටුනලු. දැන් ඉතිං තව දවසක් ඉවසපන්කෝ!

ඒ අතරෙ තත්ත්වය තවත් නරක අතට හැරුනේ, කලින් දවස් දෙකේ ගනේ ඉල්ල ඉල්ලා හිටපු කොල්ලො කට්ටිය ගනේ ඇවිල්ලද බලන්න පුරුපුරුලාගෙ පන්තියට ආපු හින්දා. මී කතුරා මේක ගෙනාවේ නෑ කිව්වම කට්ටියගෙම මූණූ කජු ලෙලි වගේ ‍වුණාලු. ඒ අස්සෙ මේ ගැන ආරංචි වෙච්ච අදුරන්නෙ නැති කොල්ලොත් ඇවිල්ලා. ඒ අතරෙ කොට කලිසම් ඇඳගෙන හිටපු 9 වසරෙ කොල්ලො කීප දෙනෙකුත් හිටියලු.

9 වසරෙ කොල්ලෙක් :- (බයෙන් බයෙන් වගේ) අයියේ...කේ.මෙන්ඩිස්ගෙ ගනයක් හම්බවුණාලු නේද? මම අර අහවලාගෙ යාලුවෙක්

මූ දැන් පුරුපුරුලගෙ බැච් එකේ කොල්ලෙකුගෙ නමක් කියනවා. දැන් මේ විදිහට මේ සිද්දිය ඉස්කෝලෙ පුරාම ගිහින් වැඩේ පත්තුවුණොත් ඉතිං මී කතුරායි, පන්තියෙ අනිත් කොල්ලොයි, කට්ටියම ගස්. මහබබා වහාම හොඳ සුද්ද සිංහල වචන දෙක තුනක් පාවිච්චි කරලා, ඒ පොඩි කොල්ලො කට්ටියව එතනින් එලවලා දැම්මලු.

මේ වෙනකොට පුරුපුරුලාගෙ පන්තියෙ කොල්ලො ඔක්කොමයි, වෙන පන්තිවල සමහර කොල්ලොයි එම්ප්ටි සීඩී අරගෙනයි තිබුනෙ ගනේ රයිට් කරගන්න. ඒ දවස්වල ඉස්කෝල අවට සීඩී කඩවල් වලටනං හොඳ බිස්නස් තියෙන්න ඇති. කොහොමහරි ‍පුරුපුරු, රාජු, මහබබා ඇතුලු කට්ටිය කොල්ලන්ව ශේප් කරලා පන්ති වලට යැව්වෙ බොහොම අමාරුවෙන්. ඊටපස්සෙ කට්ටිය ගියෙ මී කතුරා ළගට

පුරුපුරු :- මචං මී කතුරා, උඹ ඇත්ත කියපං, උඹට අපි බනින්නෙවත් ගහන්නෙවත් නෑ. ඔය කේ.මෙන්ඩිස්ගෙ ගනේ කතාව ඇත්තක්ද? නැත්තං බොරුවක්ද?

මී කතුරා :- පිස්සුද බං? මම සිරාවටම ඇත්ත කිව්වෙ. මම හෙට කොහොමහරි මේක ගේන්නංකෝ.

මී කතුරා මෙහෙම කිව්වට පස්සෙ තමයි අනිත් කොල්ලන්ට සැන්සිල්ලක් දැනුනේ.

කොහොමහරි පහුවදා උදෙත් පුරුපුරු එද්දි මී කතුරා ක්ලාස් එකට ඇවිත් තිබුනා.

පුරුපුරු :- මී කතුරා, ඔන්න අදනං ගෙනාවෙ නෑ කියන්න එපා.

මී කතුරා :- නෑ නෑ!! ඔන්න අද ගෙනාවා මචං

මේක ඇහුවට පස්සෙ පුරුපුරුගෙ ඉහේ මලක් පිපුනා වගේ වුණාලු.

පුරුපුරු :- කෝ පෙන්නපං?

මෑන්ස් මෙහෙම කිව්වට පස්සේ මී කතුරා කළේ පොතක් ඇතුලේ හංගලා තිබුනු රිදී පාට ලස්සන සීඩී එකක් එළියට ගත්ත එක. ඇත්තටම සීඩී එකේ රිදීපාට එළියෙන් මුලු ක්ලාස් එකම ආලෝකමත් වුණා වගේ තමයි අපේ පුරුපුරුට දැනුනේ.

ඉතිං ටික වෙලාවකින්, මී කතුරා කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනල්ලයි කියන ආරංචිය ග්‍රේඩ් එකේ හැමතැනම පැතිරුණාලු. මුලු බයෝ සෙක්ෂන් ඇතුලු ග්‍රේඩ් එකම නිව්ස් එක අහලා අමන්දානන්දයට පත්වෙලයි හිටියේ. දැන් ඉතිං වේටින් ලිස්ට් එකේ මුල් නොම්මරවල ඉන්න කට්ටියට ඉවසිල්ලක් නෑලු.

එදා හවස මී කතුරාගෙන් ගනේ ඉල්ලගත්ත පුරුපුරු ස්කූල් වෑන් එකේ ගෙදර ගියෙ, ගොඩක් පරිස්සමට ගනේ බෑග් එක ඇතුලෙ තියාගෙන. මේ වෙද්දි ඤාව්වා, උපාසක සහ මාලුකට්ටාත් මංගල දර්ශනය බලන්න පුරුපුරුලගෙ ගෙදරට සෙට් වෙන්න කතා වෙලයි හිටියේ. ඒ වගේම ගමේ ඉන්න තමන්ගෙ හොඳම යාලුවො දෙන්නෙකුටත් පුරුපුරු මේ අවස්ථාවට සහභාගි වෙන්න ආරාධනා කරලා තිබුනා. කොහොමහරි එදා හවස මෑන්ස්ගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් හිටියෙත් නෑ.

ඉතිං කතා කරගත්ත විදිහට කට්ටියම හවස්වරුවේ පුරුපුරුලගෙ ගෙදරට සෙට් වුණාලු.

Thursday, February 10, 2011

කේ.මෙන්ඩිස් 2 - මී කතුරාගේ ආගමනය


ඉතිං යාලුවනේ ඔයාලා කේ.මෙන්ඩිස් සීරීස් එකේ මුල් ලිපිය මේ වෙද්දි කියවලා ඇතිනෙ නේද?

ඔය විදිහට අපේ පුරුපුරු, මහබබා ඇතුලු සෙට් එක ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් ළමයි දෙන්නත් එක්කත් කතා කරන්න ගියාලු. මුලින්ම කතා කරපු කොල්ලා ටිකක් කලු, මහත, දෙකේ හතරෙ සයිස් එකේ ඩයල් එකක්.

මහබබා :- ආ...මචං කොහොමද? උඹේ නම මොකද්ද බං?

කොල්ලා :- මුෂ්ටාක් දිලංක සිරිවර්ධන

ඉතිං මෑන්ස් මෙහෙම කියපුවාම අපේ යාලුවො සෙට් එක ෆුල් අබ්ලික් වෙලා ගියාලු. ඇයි දෙයියනේ ජීවිතේට අහන්න බලාපොරොත්තු වෙන නමක්ද මේ යකාට තියෙන්නෙ හැබෑට?

පුරුපුරු :- වැරදියට හිතන්න එපා මචං! උඹ සිංහලද? මුස්ලිම්ද?

මුෂ්ටාක් :- මම සිංහල මචං!

ඔය අතරෙ පුරුපුරුයි, මහබබායි මූණට මූණ බලාගන්නවා දැක්ක මුෂ්ටාක්ට තේරුණාලු, කට්ටිය පොරගෙ නම හින්දා ෆුල් තක්බිරිෆයිඩ් වෙලා ඉන්නෙ කියලා.

මුෂ්ටාක් :- අපේ ආච්චි මුස්ලිම් බං! ඒකයි මගෙ නමට මුෂ්ටාක් කෑල්ලක් තියෙන්නෙ.

මහබබා :- ආ...එල එල!! අරුන් දෙන්නා හෙට ක්ලාස් එකේ කොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවා මචං. උඹයි අර කෙට්ටු එකයි අනිද්දා එද්දි මොනවහරි අරන් වරෙන් පුලුවන්නං.

මුෂ්ටාක් :- එලකිරි මචං! කේක් එකක් හොඳයිනෙ?

පුරුපුරු :- උඹ කැමති දෙයක් ගෙනෙන් බං. අවුලක් නෑ.

ඉතිං එදා ඉඳලා ක්ලාස් එකේ කට්ටිය මුෂ්ටාක්ට කිව්වෙ මුෂී කියලා.

දැන් ඉතිං ඉතුරු තව එක කොල්ලයි. මෑන්ස් වාඩිවෙලා හිටියෙ ක්ලාස් එකේ එහාපැත්තෙ කොනේ. කොහොමහරි කෙමිස්ට්‍රි උගන්නන අතිච්ඡාදන ගුරුතුමා පන්තියට ආපු හින්දා පුරුපුරුලාට පුලුවන් වුණේ නෑ ඒ ළමයා එක්ක කතා කරන්න. (එක සබ්ජෙක්ට් එකක් උගන්නන්න ගුරුවරු දෙන්නා ගානෙ හැම ක්ලාස් එකකටම හිටියා.)

ඊටපස්සෙ මෑන්ස් එක්ක කතා කරන්න පුරුපුරුලාට වෙලාවක් ලැබුනෙ ඉන්ටර්වල් එකේදි. ඒත් එතකොට කට්ටිය තැන් තැන්වල ඇවිදින්න ගිහින්. අන්තිමට මේ කොල්ලා එක්ක කතා කරන්න සෙට් වුණේ පුරුපුරුයි, රාජුයි විතරයි. ඇත්තටම පොරව දැක්කාම ට්‍රීට් එකක් ගේන්න කියන්නත් පුරුපුරුට මොකද්ද වගේ හිතුනලු. මොකද මෑන්ස් බොහොම අහිංසක පෙනුමක් තියෙන, මාලුකට්ටා සයිස් එකටම කෙට්ටු කොල්ලෙක්.

පුරුපුරු :- මචං! උඹේ නම මොකද්ද?

කොල්ලා :- මී කතුරා...උඹේ නම මොකද්ද?

පුරුපුරු :- මම තමයි පුරුපුරු. මේ ඉන්නෙ රාජු. උඹලගෙ ගෙවල් එහෙම කොහෙද?

මී කතුරා :- මම ගම්පහ මචං!

පුරුපුරු :- අපිත් ඒ පැත්තෙ තමයි. මම පූස්ගම. රාජු ඉන්නෙ ගම්පහමයි. උඹ ගම්පහ ටවුන් එකේද?

මී කතුරා :- මම ගම්පහ කිව්වට අහවල් පැත්තෙ බං!

මෑන්ස් ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන වෙන නගරෙක නමක් කිව්වලු.

පුරුපුරු :- හික් හික්!! ඉතිං යකෝ ඒ ගම්පහද?

මෙහෙම පටන් ගත්තු කතාව ගොඩක් වෙලා යනකං ඉවර වුණේ නෑ. කොහොමහරි මී කතුරා කියන්නෙත් අපේ පූසො සෙට් එකේ අනිත් කට්ටිය වගේම පිස්සුම පිස්සු පූසෙක් කියලා තේරුම් ගන්න පුරුපුරුට වැඩි වෙලාවක් ගියෙ නෑ. අන්තිමට ඉන්ටර්වල් එක ඉවර වෙද්දි පුරුපුරුයි, මී කතුරායි අම්බානට ෆිට් වෙලා හිටියෙ. ඉතිං පුරුපුරුගෙන් මී කතුරාට ආරාධනා ලැබුනලු රාජුයි, පුරුපුරුයි වාඩිවෙලා හිටපු මේසෙටම මෑන්ස්ටත් එන්න කියලා. මොකද මේ දවස්වල මාලුකට්ටා වාඩිවෙලා හිටියෙ වෙන පේළියක.

තවත් ටික වෙලාවකින් තමයි පුරුපුරු දැනගත්තෙ මී කතුරාත් ඒ දවස්වල ෆුල් විරහ වේදනාවෙන් කල්ගෙවපු කොල්ලෙක් කියලා. බැලින්නං මෑන්ස්ගෙ ගෑනු ළමයා පොරව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. අපේ පුරුපුරුත් මේ දවස්වල විදූශාගෙ කේස් එක නිසා අප්සෙට් එකේ නොවැ හිටියෙ! ඉතිං දෙන්නාම එකම බෝට්ටුවෙ හින්දා මේ යාලුවො දෙන්නාගෙ ‍ෆිට් එක තවත් වැඩිවුණාලු. මේ වෙද්දි මී කතුරා තමන්ට නියමිත දවසෙ ට්‍රීට් එක දෙන්න කැමති වෙලයි හිටියේ.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදාවුණාලු. බාරගත්ත විදිහටම එදා දවසෙ ට්‍රීට් දෙන්න චූටියි ධනුයි අමතක කරලා තිබුනෙ නෑ. චූටි අයිසින් කේක් එකක් උස්සන් උදේ පාන්දරම පන්තියට ආවලු. ධනුවා ගෙනාවෙ බටර් කේක් එකක්. ඉතිං ඉන්ටර්වල් එකේ ක්ලාස් එකේ කට්ටියම කේක් වලින් සප්පායම් වුණාලු. දැන් මහබබාට ෆුල් හැපී. මෑන්ස් ඩෙස් එකක් උඩ නැගගෙන කෑ ගහනවා.

" මචංස්! මුෂී, මී කතුරා, ඔන්න හෙට උඹලත් මේ වගේම අපිට හොඳ පාටි එකක් දෙන්න ඕනේ "

කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ තිබුනෙ ඕෆ් පීරියඩ් එකක්. දැන් ඉතිං ක්ලාස් එකේ කොල්ලො කෑ ගහනවා. සමහරු ක්ලාස් එක ඇතුලෙ සෙල්ලං කරනවා. ඇත්තටම පුරුපුරුලා හිටපු ක්ලාස් එකේ රාජුයි, නයිසුයි ඇරෙන්න අයිලන්ඩ් රෑන්ක් ගන්න මට්ටමේ බ්‍රයිටො හිටියෙ නෑ. ඒ දෙන්නා වුණත් නිතරම පිස්සු නට නටා තමයි හිටියෙ. ඔය අතරෙ සෙල්ලං කරලා මහන්සි වෙලා හිටපු පුරුපුරුයි, මී කතුරායි, ඒ දවස්වල කොල්ලන්ට තිබුන වැදගත්ම මාතෘකාවට එන්ටර් වෙලයි හිටියේ.

පුරුපුරු :- කතුරා, නැද්ද මචං ගන එහෙම ?

දැන් බ්ලොග් කියවන්න අලුතින් ආපු යාලුවො කට්ටියට ගිහින් ගන කියන්නේ මොනවද කියලා බලලා එන්න පුලුවන්.

මී කතුරා :- නැතුව නැතුව? මං ගාව හොද ගන කලෙක්ෂන් එකක් තියෙනවා.

පුරුපුරු :- එල එල!! අපි ගාවත් සීඩී ගොඩක් තියෙනවා බං! ඒ වුණාට එක්කොම වගේ කඩු ඒවා තියෙන්නෙ. සිංහල ඒවා බලපු කාලයක් මතක නෑ.

මී කතුරා :- හික් හික්!! අයියෝ බං! මමනං ගිය සතියෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේකුත් බැලුවා.

පුරුපුරු :- මොනවා!!!!! කේ.මෙන්ඩිස්ගෙ?????

කාමිනී මෙන්ඩිස් හෙවත් කේ.මෙන්ඩිස් කියන්නෙ ලංකාවෙ ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද නිළියකගෙ නමක්. ඉතිං මී කතුරා කියපු දේ ඇහිච්ච පුරුපුරුට තමන් ඉහළට ගත්තු හුස්ම පහළට දාන්නත් අමතක වුණාලු. කොටින්ම තත්පර ගානක් යනකං මෑන්ස්ට කතා කරගන්නත් බැරිවුණාලු.

පුරුපුරු :- කේ.මෙන්ඩිස්ගෙ? වෙන්න බෑ. උඹට ෂුවර්ද? ඒ වගේ ලැටින් හරි ඉන්දියන් හරි එකක් වෙන්න ඇති බං!

මී කතුරා :- පිස්සුද බං? මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනෙ.

පුරුපුරු :- ඉතිං ***, උඹ මාත් එක්ක ඊයෙ දවසම කතා කර කර හිටියා. තෝ නිකමටවත් මේ ගැන කිව්වද?

මී කතුරා :- ඉතිං යකෝ උඹ මගෙන් මේ ගැන ඇහුවයැ!

බැලින්නං මී කතුරා කියන කතාවත් ඇත්ත. අපේ පුරුපුරුට ගොඩක් දවසකට පස්සෙ ෆුල් හැපී එකක් ගියෙ මී කතුරා කියපු මේ ආරංචිය අහලා තමයි. මී කතුරා කියන්නෙ සුරලොවින් කුරුඳුවත්ත ඉස්කෝලෙට ආපු දේවදූතයෙක්ද කොහෙද?

පුරුපුරු :- රාජු! මාලුකට්ටා!! අඩෝ මෙහෙ වරෙල්ලා. මෙන්න කේ.මෙන්ඩිස්ගෙ ගනයක් තියෙනවලු.

මාලුකට්ටා :- මොනවා????????? කේ.මෙන්ඩිස්ගෙ?

ආරංචිය අහපු මාලුකට්ටාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න වගේ. කොහොමහරි මේ සුභ පණිවිඩේ මුලු පන්තිය පුරාම පැතිරෙන්න ගියෙ නැනෝ තත්පර ගානයි. ඒ මී කතුරාට මේ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

මේ වෙද්දි මුලු ක්ලාස් එකම මේ හදිසි ආරංචියෙන් කැළඹිලයි හිටියේ. දැන් ක්ලාස් එකේ කෑ ගැහිලි, සෙල්ලම් කිරිලි ඔක්කොම නැවතිලා. කට්ටියම දැන් වර්ල්ඩ් කප් එක අරන් ආපු අර්ජුනව වගේ මී කතුරාව වටකරගෙනයි ඉන්නේ.

මහබබා :- ඒ කතුරා, ඇත්තද බං මේ කියන්නෙ?

මී කතුරා :- ඔව් බං! මම ඉතිං බලපු එකනේ. හැබැයි ඒක දැන් මං ගාව නෑ. ඒක තියෙන්නෙ අපේ අයියා කෙනෙක් ගාව.

මහබබා :- අනේ මගෙ දෙයියා, මොනවා හරි කරලා ඒක උස්සන් වරෙන්. උඹ ඉතිං හොද එකා කියලා අපි දන්නවනේ. හෙට උඹ පාටි එක දෙන්න ඕනෙත් නෑ. උඹ මේක ගේන එක අවුරුදු දෙකටම ඇති.

මී කතුරා :- ආ...ඒක සුලු දෙයක් බං! ඒ වුණාට ඉස්කෝලෙට මාට්ටු වුණොත්?

මහබබා :- උඹ ගෙනෙන්කො. පුරුපුරු, මූට කියලා දීපං බං ගේන විදිහ. ඉතුරු ටික අපි බලාගන්නං.

මී කතුරා :- හා...හා..මම ගේන්නං මචං.

මහබබා :- හෙට ගෙනෙන් ෂුවර් එකට හොඳේ!

මී කතුරා :- හා මචං.

ඉතිං උද්දාමයට පත්වෙච්ච පන්තියෙ කොල්ලො කට්ටිය දැන් ෆුල් ආතල් එකේ ඉන්නෙ. සමහරු එක එක සින්දු කියනවලු. තවත් කට්ටිය එක එක ඇක්ෂන් දානවලු. ඒ සින්දු ගැනවත්, ඇක්ෂන් ගැනවත් අපි මේ සීරීස් එකෙන් විස්තර කරන්න යන්නෙ නෑ. නිකං මොකටද බ්ලොග් එක සින්ඩි වලින් එළියට දාගන්නෙ නේද?

සැ.යු :- කාමිනී මෙන්ඩිස් යනු මනඃකල්පිත නමක් බව කැණාවෙන් සලකන්න.

Tuesday, February 8, 2011

කේ.මෙන්ඩිස් - 12 වසරට පා තැබීම


ඔන්න යාලුවනේ අපි ඔයාලා වෙනුවෙන් තවත් සීරීස් එකක් අරගෙන ආවා.

මේ වෙද්දි අපේ පූසො ඕ ලෙවල් ඉවර කරලා ඒ ලෙවල් ක්ලාස් යන්න පටන් අරගෙනයි තිබුනේ. ඉතිං ඔය දවස්වල තමයි අර විදූශාගෙ කේස් එක එහෙමත් වුණේ. කොහොමහරි ඒ සිද්දි ඔක්කොමත් ඉවරවෙලා ටික දවසක් යද්දි, 2004 අවුරුද්දෙ ඒ ලෙවල් විභාගෙත් පැවැත්වුණාලු. ඊටපස්සෙ සිද්දවුණේ 12 වසරේ කට්ටිය 13 වසරට ගිය එකයි, අලුත් බැච් එකක් ඒ ලෙවල් කරන්න 12 වසරට ආපු එකයි. ඉතිං ඕ ලෙවල් ඉවරවෙලා හිටපු අපේ පූසො සෙට් එක අයිති වුණේ අන්න ඒ අලුතින් ඒ ලෙවල් කරන්න ආපු බැච් එකට.

ඉතිං අපේ යාලුවො කට්ටියව ඒ ලෙවල් වලට ඉස්කෝලෙට පිළිගත්තෙ ලොකු උත්සවයක් එහෙමත් තියලලු. ඇත්තටම පුරුපුරුයි, උපාසකයි, මාලුකට්ටායි එදා ඉස්කෝලෙට ආවෙ මාස කීපයකට පස්සෙ. ඉතිං කාලෙකට පස්සෙ හම්බවුණු හොස්ටල් සෙට් එක ඇතුලු ඉස්කෝලෙ යාලුවොත් එක්ක, අපේ පූසො එදා කතා බහ කළේ ලොකු සතුටකින්.

ඊටපස්සෙ සිද්දවුණේ කට්ටියව තම තමන්ගෙ පන්ති වලට දාපු එක. කුරුඳුවත්ත ඉස්කෝලෙ ඒ පාර බයෝ පන්ති පහක්ම තිබුනලු. ඒ සිංහල මාධ්‍ය පන්ති හතරකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි විදිහට. ඒ පන්ති හැඳින්නුවෙ S1, S2, S3, S4 සහ SE කියලා. S කියලා කිව්වෙ සයන්ස් කියන එකට. ඉතිං අපේ පුරුපුරුයි, මාලුකට්ටායි හොඳ දේශීය පූසො දෙන්නෙක් හින්දා දෙන්නාම ඒ ලෙවල් කරන්න ගත්තෙ සිංහල මීඩියම් එකෙන්ලු. කොහොමහරි මේ දෙන්නම තේරුනෙත් එකම පන්තියට.

උපාසකනං ඉතිං කරන්න තෝරගත්තෙ ගණිතය විෂය නොවැ! ඉතිං මෑන්ස් තේරුනේ සිංහල මීඩියම් ගණිත පන්තියකට. කොහොමහරි ඒ අවුරුද්දෙ සිංහල මාධ්‍ය ගණිතය පන්ති අටකුයි, කඩු මාධ්‍ය පන්ති එකකුයි ඉස්කෝලෙ තිබුනලු. මේ ඔක්කොම ගැන අපි කිව්වේ ඉස්කෝලෙ තිබුනු කොමර්ස් සහ ආර්ට් පන්ති ඇරුණුකොට.

කොහොමහරි ඉතිං පන්ති වෙන් කළාට පස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි ගියාලු තමන්ගෙ පන්තියට. බැලින්නං පූසො දෙන්නා යද්දි තව කට්ටිය පන්තියට ඇවිල්ලා. කොහොමහරි ටික වෙලාවකින් ඔක්කොම ළමයි ක්ලාස් එකට ආවලු. ඊටපස්සෙ තමයි කට්ටියට දැනගන්න හම්බවුණේ පන්තියේ හිටපු මුලු ළමයි ගාන විසි හයයි කියලා. පස්සෙ බැලින්නං හැම බයෝ ක්ලාස් එකටම ළමයි බෙදලා තිබුනෙ විසි ගනන් වලින්.

කොහොමහරි ඉතිං පුරුපුරුලගෙ ක්ලාස් ටීචර් වුණේ කෙමිස්ට්‍රි උගන්නපු මාලනී කියලා මිස් කෙනෙක්. මිස් ‍රිටයර් වෙන්න කිට්ටු වයසක තමයි ඒ වෙනකොටත් හිටියේ. ඒ වගේම මාලනී මිස් ගොඩක් කරුණාවන්ත මිස් කෙනෙක් කියලා ඉස්කෝලෙ පුරාම ප්‍රසිද්ද වෙලයි හිටියේ.

කුරුඳුවත්ත ඉස්කෝලෙ බයෝ ක්ලාස් හදලා තිබුනේ අමුතුම සිස්ටම් එකකට. ඇත්තටම ඒවාට ක්ලාස් කියනවාට වඩා ඔඩිටෝරියම් කියන එක තමයි ගොඩක් සුදුසු. ඉතිං එක ක්ලාස් එකකට ළමයි සීයකට වඩා පහසුවෙන් දාන්න පුලුවන් තරමට ඒ ක්ලාස් ලොකුයි. ඒ වගේම ඩෙස්ක් වෙනුවට පොළොවට හයිකරපු දිග බංකුයි, දිග මේසයි තමයි ක්ලාස් එක ඇතුලෙ තිබුනේ. ඒවත් තිබුනේ ක්ලාස් එකේ පිටිපස්සට යද්දි තට්ටුවෙන් තට්ටුව ඉස්සිලා තියෙන විදිහට. හරියට මේ පහළ පින්තූරෙ තියෙන ක්ලාස් එක වගේ.



ඉතිං ක්ලාස් එකේ උගන්නන ගුරුවරයාට පේන්නෙ නැතුව, ක්ලාස් එකේ පිටිපස්සෙ බංකුවල නිදාගන්න "සමහර කට්ටිය" පස්සෙ කාලෙක පුරුදු වුණාලු. ඒ කතා ඉතිං අපි පස්සෙ කාලෙකම අහමුකො නේද?

කොහොමහරි ඉතිං ක්ලාස් එකට සිලෙක්ට් වෙච්ච ළමයින්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කට්ටියව අපේ පූසො හොඳට අඳුරනවලු. ඒ අතරින් බයෝ සෙක්ෂන් එකේ හිටපු ලොකුම ළමයා වෙච්ච මහබබා, හොස්ටල් එකේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ හිටපු සෝමෙ අයියා, පූසොත් එක්ක ගම්පහ ක්ලාස් ගිය රාජු වගේ කට්ටිය විශේෂයි. ඉතිං අපේ පුරුපුරු පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවලු කවුද මේ ක්ලාස් එකේ ඉන්න අඳුරන්නැති ඩයල් ටික කියලා.

බැලින්නං ඒ තමයි ඕ ලෙවල් රිසාල්ට්ස් වලින් අලුතින් ඉස්කෝලෙට ආපු සෙට් එකේ කට්ටිය. මෙහෙම ඕ ලෙවල් වලින් ආපු ළමයි හතර දෙනෙක් පුරුපුරුලාගෙ ක්ලාස් එකේ හිටියා. ඉතිං අනිත් ළමයි අවුරුදු ගානක් ඉස්කෝලෙ ඇතුලෙ ඉඳලා එකිනෙකාව අඳුරන හින්දා, කට්ටියගෙ මූලිකම වැඩේ වුණේ මේ අලුතින් ඉස්කෝලෙට ආපු ළමයි හතරදෙනා අඳුරගන්න එක. කොහොමහරි පළවෙනි දවසෙ මේ වැඩේට එච්චර වෙලාවක් හම්බවුණේ නෑ. ඉතිං දෙවෙනි දවසෙ උදේ තමයි ක්ලාස් එකේ අනිත් කොල්ලන්ට චාන්ස් එකක් ලැබුනෙ අලුත් ළමයි එක්ක නිදහසේ හොඳට කතා කරන්න.

ඉස්කෝලෙ ඒ දවස්වල සිරිතක් තමයි, අලුතින් ඉස්කෝලෙට එන ළමයි ක්ලාස් එකේ අනිත් ළමයින්ට පොඩි ට්‍රීට් එකක් දෙන එක. ගොඩක් වෙලාවට ඉතිං ට්‍රීට් එක වෙනුවෙන් හම්බවෙන්නෙ කේක් ගෙඩියක් තමයි. දැන් අපේ පුරුපුරු, මහබබා, සෝමෙ අයියා ඇතුලු සෙට් එකේ උත්සාහය තමයි මේ අලුත් ළමයින්ගෙන් ට්‍රීට් එකක් ඉල්ලගන්න එක. ඉතිං කට්ටිය මේ ළමයි එක්ක වෙන වෙනම කතා කළාලු. ඇත්තටම මේ අලුත් ළමයි හතරදෙනා මුලින් හිටියෙ වෙනම ලෝකෙකට ගෙනත් අතඇරලා වගේ බයවෙලා.

මුලින්ම පුරුපුරුලා කතා කළේ පුරුපුරුලගේ පේළියට ඉස්සරහා පේළියේ වාඩි වෙලා හිටපු ළමයත් එක්ක.

මහබබා :- මචං උඹේ නම මොකද්ද?

ළමයා :- මගෙද මචං?

පුරුපුරු :- ඔව් ඔව්!! උඹේ තමයි

ළමයා :- මගෙ නම චූටි

පුරුපුරු :- උඹ මචං කොහෙද ඉන්නෙ?

චූටි :- ගම්පහ

පුරුපුරු :- ගම්පහ? ගම්පහ කොහෙද?

චූටි :- මම කිරිල්ලවල. උඹ කොහෙද මචං?

පුරුපුරු :- මමත් ගම්පහ කිට්ටුව තමයි බං. මමයි, අර ඉන්න මාලුකට්ටායි දෙන්නම ඉන්නෙ පූස්ගම. මේ රාජු ඉන්නෙ ගම්පහ ටවුන් එකේමයි.

චූටි :- ආ...ඇත්තද මචං?

චූටි මෙහෙම කියද්දි තමයි රාජුට මීටර් වුණේ මෑන්ස් කොහෙදිහරි මීට කලින් චූටිව දැකලා තියෙනවයි කියලා.

රාජු :- අඩෝ! උඹ නේද මචං හිස්සැල්ලයගෙ ක්ලාස් එකේ ඉස්සරහාම පේළියෙ ඉන්නෙ?

දැන් රාජු මෙහෙම කියද්දි චූටි ලැජ්ජාවෙන් ඇඹරෙනවා.

මහබබා :- ආ...එහෙනං මීටපස්සෙ උඹේ නම තමයි චූටි හිස්සැල්ල.

ඉතිං ඔය විදිහට චූටිගෙ නම හිස්සැල්ල කියලා රෙජිස්ටර් වුණාලු. අදටත් ඉස්කෝලෙ බැච් එකේ කට්ටිය චූටි කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි හිස්සැල්ල හරි "හිස්සා" කියලා හරි කිව්වොත්නං ඕන කෙනෙක් චූටිව අඳුරනවලු.

රාජු :- එහෙනං මචං හෙට එද්දි උඹ ක්ලාස් එකේ කට්ටියට පොඩි ට්‍රීට් එකක් ගෙනෙන්. වැඩිය මොනවත් ඕනෙ නෑ. විසි හයයිනෙ බං ඉන්නෙ.

චූටි :- ආ...හරි හරි මචං! මම කොහොමත් ගේන්න තමයි හිටියෙ.

චූටි හිස්සැල්ල වැඩේ කැමැත්තෙන්ම බාරගත්තලු. ඊටපස්සෙ කට්ටිය කතා කළේ තවත් අලුත් ළමයෙක් වෙච්ච ධනූ එක්ක. එ‍තනදිනං විශේෂ දෙයක් වුණේ නෑ. හැබැයි චූටි වගේම ධනූත් බොහොම කැමැත්තෙන් ට්‍රීට් එක ගේන්න බාරගත්තා. ඉතිං මේ විදිහට පහුවදාට ට්‍රීට් දෙන්න නියමිත වුණේ චූටිටයි, ධනූටයි.

මහබබා ඇතුලු කට්ටිය තීරණය කළේ ඊටත් පස්සෙ දවසෙ ට්‍රීට් එක දෙන වැඩේ, අනිත් අලුත් ළමයි දෙන්නාට බාරදෙන්න. ඉතිං අපේ යාලුවො සෙට් එක ඊටපස්සෙ අනිත් ළමයි දෙන්නාත් එක්ක කතා කරන්න ගියාලු.

ප.ලි :- උපරිම වශයෙන් කොටස් හතරෙන් සීරීස් එක ඉවර කරන්න බලාපොරොත්තු වෙමු.

Wednesday, February 2, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 12 (අවසාන කොටස)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11

ඉතිං යාලුවනේ ඔයාලා කොටස් 11ක් තිස්සේ කියවපු "විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය" සීරීස් එකේ අන්තිම කොටස තමයි මේ. ඇත්තටම කතාවක් කියාගෙන යද්දි කොටස් කඩ කඩා දාන්න අපි කැමති නෑ. මොකද එතකොට ඒ කතාවෙ තියෙන ගැම්ම නැතිවෙලා යනවා. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් එක කොටසෙන් දාන්නත් බෑ නොවැ!

ඉතිං දැන් මේ කතාවෙ අවසන් කටයුතු ටික කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.

කොහොමහරි රෝහණදීර, පුරුපුරු ඇතුලු සෙට් එකෙන් මල්බණ්ඩලා ගුටිකෑවාට පස්සෙ, ඒ කට්ටියට ටික දවසක් යනකං පූස්ගම තහනම් කලාපයක් වෙලා තිබුනා.

රෝහණදීරගෙ ට්‍රයි එක වුණේ කොහොමහරි විදූශාටත් ගේමක් දෙන එක. ඉතිං මෑන්ස් කළේ දවස් කීපයක්ම බිත්තර ටිකක් තියාගෙන විදූශා එනකන් පූස්ගම ටවුන් එකට වෙලා බලාගෙන හිටපු එක. ඒ වෙන මොකටවත් නෙවෙයි, විදූශා ඇතුලු තුන් යෙහෙළියන්ට බිත්තර ඇටෑක් එකක් දෙන්න. ඒත් ඒ කට්ටිය වැටුනු තත්ත්වෙට වැටෙන්න අපේ පූසො සූදානම් වුණේ නෑ. ඉතිං පූසන්ගෙ දැඩි විරෝධය හේතුවෙන් බිත්තර ඇටෑක් එක දෙන අයිඩියා එක හිතෙන් අයින් කරගන්න රෝහණදීරට සිද්දවුණා.

තිලංකා මින්දද එක්ක තිබුන සම්බන්දෙ ටික දවසකට පස්සෙ නැවැත්තුවා. හැබැයි ඒ වෙද්දි සිද්දවෙන්න පුලුවන් දේවල් ඔක්කොම සිද්දවෙලා ඉවරයි කියලා තමයි පූසන්ටනං ආරංචිය ආවෙ. ඒත් තමන්ගෙ අවුරුදු ගානක එෆෙයාර් එක නැතිවීම ගැන ගොඩක් අප්සෙට් එකේ හිටපු ඉස්සා, ආපහු තිලංකාව බාරගත්තා. ඒ දෙන්නා ටික දවසක් ආපහු සතුටින් හිටියා. හැබැයි ඒ තිලංකා ආපහු බෑන්ක් මැනේජර් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නකං විතරයි.

මේක දැනගත්තු ඉස්සා, වහාම තිලංකා එක්ක තිබුනු සම්බන්දෙ දෙවෙනි පාරටත් නවත්තලා දැම්මා. ටික දවසකින් බෑන්ක් මැනේජරුත් කලින් මින්දද කළා වගේම තිලංකාව අතඇරලා දැම්මා. ඊටපස්සෙ තිලංකා කළේ ආපහු ඉස්සා එක්ක යාලුවෙන්න ට්‍රයි කරපු එක. ඒත් ඉතිං දෙපාරක් වැටුණු වලේ තුන්වෙනි පාරටත් වැටෙන්න ඉස්සා කැමතිවුණේ නෑ. අන්තිමට තිලංකා තනි වුණා. (හැබැයි කොච්චර කාලෙකටද දන්නෙ නෑ)

කොහොමහරි අඩු ඉසෙඩ් ස්කෝර් එකෙන් මෙඩිසින් යන්න බලාගෙන අගමැති බාලිකාවෙන් අස්වෙලා රත්තිවල්ලි ඉස්කෝලෙට ආපු තිලංකා, පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. මොකද මුලු ඒ ලෙවල් කාලෙම එක එක්කෙනාට ලව් කර කර හිටියා මිසක් එයාට පාඩම් කරන්න වෙලාවක් තිබුනෙ නෑ. හැබැයි මොනවා වුණත් විදූශා වගේම තිලංකාත් ඉගෙනගන්න ගොඩක් දක්ෂ ළමයෙක්. ඒ හින්දා එයාට පුලුවන් වුණා තුන්වෙනි පාර විභාගෙ කරලා කැම්පස් එකට යන මට්ටමට පාස් වෙන්න. මේ පලවෙනි පාරත්, තුන්වෙනි පාරත් අතර අපේ පූසන්ට තිලංකා ගැන කිසිම නිව්ස් එකක් හම්බවුණේ නෑ.

ආපහු පුරුපුරුට තිලංකාව හම්බවෙන්නෙ කොළොම්පුර සක්වල තක්සලාවෙදි. මේ වෙද්දි පුරුපුරු තුන වසරෙ. තිලංකා අලුතින් 1 වසරට ආවා විතරයි. රැග් සීසන් එකේදි එක දවසක් පුරුපුරුට තිලංකාව මූණටම හම්බවුණා

තිලංකා :- ආ...පුරුපුරු! අදුරන්නත් බෑ, ඔයා ඉස්සරට වඩා සෑහෙන්න මහත් වෙලා

පුරුපුරු :- ඇත්තද? ඉතිං කොහොමද?

තිලංකා :- වරදක් නෑ. මම ඔයාට අයියා කියලද කියන්න ඕනෙ?

පුරුපුරු :- නෑ නෑ!! දැන් එහෙම කියන්න ඕනෙ නෑ. අපේ කට්ටිය ඉන්න තැනදි විතරක් එහෙම කිව්වාම ඇති. රැග් සීසන් එකෙන් පස්සෙ එහෙමවත් කියන්න ඕනෙ නෑ. මම යන්නං.

පුරුපුරු එතනින් ශේප් වෙලා ආවලු. දැන් තිලංකා ඉන්නේ දෙක වසරේ. ඒ බැච් එකේම අහිංසක මල්ලි කෙනෙක් එක්ක තමයි දැන් එයා ඉන්නේ.

රොෂානි ගැනනං අවුරුදු ගානකින් කිසිම ආරංචියක් අපේ කිසිම පූසෙක්ට ලැබුනෙ නෑ.

ඒ ලෙවල් ක්ලාස් යද්දි සමහර වෙලාවට පුරුපුරුට විදූශාව මුණගැහුණත් දෙන්නම කළේ අහක බලාගෙන නොදැක්ක ගානට ගිය එක. මල්බණ්ඩාත් තමන්ගෙ අනිත් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලාට වඩා වැඩි කාලයක් විදූශාව ආස්සරේ කළා. ඉතිං තිලංකා වගේම විදූශාත් පළවෙනි පාර ඒ ලෙවල් විභාගෙ ෆේල් වුණා. ඊටපස්සෙ මෑතක් වෙනකම්ම පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ.

එක දවසක් පුරුපුරු කොළොම්පුර නගරෙ ඇතුලෙ බස් එකක යමින් හිටියා. ටික වෙලාවකින් පොෂ් ඩයල් එකක් ඇවිල්ලා අපේ පූසා එහාපැත්තෙන් වාඩිවුණා. මෙන්න බොලේ තවත් ටික වෙලාවකින් ‍මෑන්ස් පුරුපුරු එක්ක කතා කරනවා.

මෑන්ස් :- එක්ස්කියුස් මී මචං! උඹ පුරුපුරු නේද?

පුරුපුරු :- ( පුදුම වී ) ඔව් මචං!

පුරුපුරු බැලුවලු මේ කවුද කියලා. බ්ලොග් ගඩොල් පාඨකයෙක්ද දන්නෙත් නෑ. නෑ නෑ!! වෙන්න බෑ. හොදට දැකලා පුරුදු ලුක් එකක් තමයි මෑන්ස්ට තියෙන්නෙ.

මෑන්ස් :- හික් හික්!! අඳුරන්න බැරිද? මම විදත් බං

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. ‍යකෝ මේ අර විදූශා එක්ක යාලුවෙලා හිටියයි කියපු විදත් නේද?

පුරුපුරු :- අඩෝ සොරි බං! මට එකපාරටම උඹව අඳුනගන්න බැරිවුණානෙ. දැන් මොකද කරන්නෙ?

විදත් :- මම දැන් හොටෙල් කෝස් එකක් කරනවා බං. තව මාස කීපෙකින් රට යන්න ඉන්නෙ. මට ආරංචි වුණා විදූශා උඹට කරපු වැඩේ.

පුරුපුරු :- හික් හික්!! අයියෝ ඒ ආදි කාලෙනෙ බං. දැන් ඒ කේස් එක ඉවර වෙලා කොච්චර කල්ද?

විදත් :- උඹ කොහොමහරි මම කියපු එක විශ්වාස කළේ නෑනෙ. ඒ වුණත් මම සතුටින් හිටියෙ ඒකිට හොද කොල්ලෙක් හම්බවුණානෙ කියලා. ඒත් ඒකි උඹව අතෑරලා මල්බණ්ඩාත් එක්ක යාලුවුණාට පස්සෙ මට ඒකිවයි, බණ්ඩාවයි දෙන්නවම මරාගෙන කන්න හිතුනා.

පුරුපුරු :- දැන් ඕවා කල්පනා කරලා තේරුමක් නෑ බං

විදත් :- ඒකනං ඇත්ත. මල්බණ්ඩාත් ඔය ළගදි බැන්දෙ.

පුරුපුරු :- විදූශාවද?

විදත් :- උඹට පිස්සුද බං? ඌ ඒකිගෙන් ගන්න පුලුවන් හැමදේම ගත්තා. ඒ දවස්වල දෙන්නා රූම් ගානෙමයි හිටියෙ. ඊටපස්සෙ ඒකි විභාගෙත් ෆේල් වුණා. අන්තිමට මල්බණ්ඩා මේකිව අතඇරලා දැම්මා.

පුරුපුරු :- ආ...එහෙමද? මමනං දැනගෙන හිටියා පොර ඕක දිගටම කරන්නෙ නෑ කියලා.

විදත් :- හ්ම්...විදූශා තර්ඩ් ෂයි කැම්පස් ගියා. අපරාදෙ පළවෙනි පාරම යන්න තිබ්බ එක. කරන ඩිග්‍රි එකනං මොකද්ද කියලා දන්නෙ නෑ.

පුරුපුරු :- ඇත්තද? ඒකනං හොදයි. කොහෙද කැම්පස් එක?

විදත් :- අර දුන්හිඳ සක්වල තක්සලාවෙ කියලා තමයි ආරංචි.

පුරුපුරු :- මම එහෙනං ඉස්සරහින් බහිනවා මචං. ෆේස්බුක් ඉන්නවා නේද?

විදත් :- ඔව් ඔව්!! රික්වෙස්ට් එකක් දාපං මචං.

පුරුපුරු :- එළ!!!

පුරුපුරු බස් එකෙන් බැස්සා.

රෝහණදීරත් ටික කාලෙකින් සියලුම මැර වැඩ අතඇරලා යහපත් පුරවැසියෙක් වුණා. අපේ ක්‍රිකට් ටීම් එකේ කට්ටිය වගේ නෙවෙයි, රෝහණදීර මැර ජීවිතෙන් සමුගත්තෙ මිනිස්සු " ඇයි මෙච්චර ඉක්මනට යන්නෙ?" කියලා අහනකොට. අනික මෑන්ස් යනකොට ඒ තැන ගන්න ශක්තිමත් දෙවනපෙළකුත් රෝහණදීර හදලයි තිබුනෙ. හැබැයි රෝහණදීර වගේ දැවැන්ත ක්‍රීඩකයෙක් නැති අඩුව පූස්ගම මැර ක්ෂේත්‍රයට හැමදාමත් දැනේවි.

කාලෙකට පස්සෙ ‍පුරුපුරුට රෝහණදීරව ආපහු මුණගැහෙන්නෙත් සක්වල තක්සලාව ඇතුලෙදිමයි. එක දවසක් අපේ පූසා ජිම් එකට ‍යද්දි මෙන්න බොලේ රෝහණදීර ඉන්නවා ජිම් එකේ බර උස්ස උස්සා. සාමාන්‍යයෙන් ඔය ජිම් එකට එන්නේ සක්වල තක්සලාවෙ කට්ටිය විතරයි. ඒත් පුරුපුරු දන්නවා රෝහණදීරනං කීයටවත් මේක ඇතුලෙ කෙනෙක් නෙවෙයි කියලා.

පුරුපුරු :- ආ...රෝහණදීර අයියා, මොකද මේ පැත්තෙ? දැන් මොකද කරන්නෙ?

රෝහණදීර :- පුරුපුරු මල්ලි දැක්ක කල්...! හා හා කට කට!! මම මේක ඇතුලෙ නෙවෙයි කියලා මුන්ට දැනගන්න අරින්න එපා. ඇහුවොත් කියපං මමත් කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා. මම දැන් දවල්ට කන්නෙයි, ජිම් යන්න එන්නෙයි කැම්පස් එකට.

පුරුපුරු :- ???

රෝහණදීර :- මම දැන් අර අහවල් ටෙලිෆෝන් කම්පැනි එකේනෙ වැඩ කරන්නෙ බං. ඉතිං ඉතිං?? උඹේ සැප සනීප කොහොමද?

පුරුපුරු :- අවුලක් නෑ අයියේ. ළගදි වලිවලට එහෙම ගියෙ නැද්ද?

රෝහණදීර :- හික් හික්!! මොන වලිද බං? දැන් ටවුන් එකේ අලුතින් බැහැලා ඉන්න සමහර කොල්ලො මාව අදුරන්නෙත් නෑ.

ඉතිං ඔන්න ඔහොමයි තුන් යෙහෙළි වික්‍රමය ඉවර වුණේ. ඇත්තටම ඒ දවස්වල මේ තුන් යෙහෙළියොත් එක්ක අපේ පූසො හිටියෙ මාර තරහින්. හැබැයි ඉතිං වයසින් වැඩෙද්දි, මේ ලෝකෙ හැම මනුස්සයාම අඩු වැඩි වශයෙන් අලු පාට බව තේරුම් ගනිද්දි, ඒ තරහා ටික ටික නැතිවෙලා ගියාලු. දැන්නං විදූශා තමන්ට කරපු වැඩේ ගැන අපේ පුරුපුරු ඉන්නේ සතුටින්. ඒ සතුටට හේතුව දැන්ම කියන්න බෑ. වෙනම සීරීස් එකකින් තව ටික කාලෙකින් කියන්නංකෝ.

නිමි.

ප.ලි :- මේ සීරීස් එක ගැන සමස්තයක් වශයෙන් ඔයාලාට හිතෙන අදහස්, විශ්ලේෂණාත්මක විදිහට මෙතන කොටලා යන්න පුලුවන්නං අපි ගොඩක් සතුටු වෙනවා යාලුවනේ. විශේෂයෙන්ම දැක්ක අඩුපාඩු එහෙම කියන්න. එතකොට තව සීරීස් එකක් ලියද්දි මීටත් වඩා හොඳට ඒක ලියන්න පූසන්ට පුලුවන් වෙයි.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 11 ( පූසාගේ වාරය)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10

ඉතිං අපි කලින් ලිපිය ඉවර කළේ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්දැද්දි මල්බණ්ඩා ඒ පැත්තට ආවයි කියලනේ. උදේම විදූශා එක්ක ගම්පහ යන්න කියලා හිතාගෙන බස්ටෑන්ඩ් එකට ආපු මල්බණ්ඩා, දැක්කෙ පුරුපුරු විදූශා එක්ක කතා කර කර ඉන්නවා. සමහරවිට මෙහෙම සිද්දියක් වෙයි කියලම වෙන්න ඇති මෑන්ස් එදා විදූශා එක්ක බස් එකේ යන්න තීරණය කළේ. ඉතිං තමන්ගෙ තාවකාලික පෙම්වතිය එක්ක අපේ පූසා කතා කර කර ඉන්නවා දැකපු මල්බණ්ඩාට ෆ්ලවර් ජම්ප් වුණාලු.

ඇත්තටම අපේ පුරුපුරුටත් ඕනෙ වුණේ මෑන්ස් එක්ක වලියක් දාගන්න. සමහරවිට මල්බණ්ඩාට ඕනෙවෙන්න ඇත්තෙත් ඒකමයි. කොහොමහරි විදූශා ඇතුලු සෙට් එක බස් එකට නැග්ගාට පස්සෙ මල්බණ්ඩා කෙලින්ම ආවෙ පුරුපුරු හිටපු තැනට.

මල්බණ්ඩා :- මේ පුරුපුරු, උඹ හොඳ වැදගත් කොල්ලෙක් කියලා මම දන්නවා. ඒකයි මම උඹ එක්ක මෙහෙම කෙලින්ම කතා කරන්නෙ.

පුරුපුරු :- ඔව් ඔව්!! මොන චාටර් වැඩේ කළත් මම උඹට වඩානං වැදගත් වැඩ තමයි කරන්නෙ

පුරුපුරු මෙහෙම කිව්වාම මල්බණ්ඩාගෙ කලු මූණ දම්පාටවෙලා ගියාලු.

මල්බණ්ඩා :- මට ඒවා වැඩක් නෑ ඕයි, තමුසෙ පොඩි එකෙක් හින්දා හොඳින් කියලා බැලුවෙ. විදූශා ඉස්සර උඹේ කෑල්ල වෙන්න ඇති. ඒත් දැන් ඒකි මගෙ කෑල්ල. උඹට ඕනෙනං මම ඒකිට ගේම දුන්නට පස්සෙ ආපහු දාගනින්

පුරුපුරු :- ඇයි උඹ හෙන අයියෙක්ද මට පොඩි එකා කියන්න? විදූශාව මට ඕනෙ නෑ ඕයි. මට ඊටවඩා හොඳ කෑල්ලක් දාගන්න පුලුවන්. ඇයි උඹ මට මොනවා කරන්නද? මට ගහන්නද? පුලුවන්නං ගහපන්

මෙහෙම කියලා පුරුපුරු අඩියක් ඉස්සරහට තිබ්බා. ඇත්තටම ඒ වෙලාවෙ පුරුපුරු හිටියෙ වෙඩි කාපු කොටියෙක් වගේ තරහින් පුපුර පුපුරා. ඉතිං පූසාගෙ මූණෙ තිබුන කෝපාවිෂ්ට බැල්ම අනුව, දැන් ගහගත්තොත් තමන්ට ලේසිවෙන්නෙ නැති බව මල්බණ්ඩා තේරුම් ගත්තලු. මෑන්ස් කළේ පොඩ්ඩක් ශේප් වෙන්න බලපු එක.

මල්බණ්ඩා :- ඇයි උඹ මට ගහන්නද ඉස්සරහට ආවෙ? මට උඹට ගහන එක ලොකු වැඩක් නෙවෙයි, එහා පැත්තෙ පොලිස්කාරයෙක් ඉන්න හින්දා මම ඉවසනවා.

බැලින්නං මෑන්ස්ගෙ කතාවත් ඇත්ත තමයි. පුරුපුරුයි, මල්බණ්ඩායි හිටපු තැනට ටිකක් එහායින් පොලිස් අංකල් කෙනෙක් ඉන්නවා. මේ වෙලාවෙ පුරුපුරුට මල්බණ්ඩා එක්ක ගහගන්න ලොකු ඕනෙකමක් තිබුනත්, පොලිසියෙන් ඇරෙස්ට් කරලා මේ සිද්දි ගෙදරට ආරංචි වුණොත් වෙන ලැජ්ජාව හින්දා මෑන්ස් තමන්ව ටිකක් පාලනය කරගත්තලු.

පුරුපුරු :- අඩෝ මල්බණ්ඩා, මම ළගදිම උඹට ගැහුවෙ නැත්තං මම පුරුපුරු නෙවෙයි.

පුරුපුරු මෙහෙම කියද්දි විදූශලා වාඩිවෙලා හිටපු බස්එක අද්දන්න ගත්තා. මල්බණ්ඩා දුවලා ගිහින් ඒ බස් එකේ එල්ලුනා. ඉතිං පුරුපුරු කළේ ඊට පස්සෙ බස් එකේ ගම්පහ ගිහින් රොබට් සර්ගෙ පන්තියට යන එක. දැන්නං අපේ පූසාට ලොකු හේතුවක් තියෙනවා මල්බණ්ඩාට ගහන්න. මොකද මෑන්ස් විදූශා එක්ක යාලුවෙච්ච කේස් එකේදි වැරැද්ද විදූශා පිටින් යවන්න පුලුවන් වුණත්, පුරුපුරුට සද්දයක් දැමීම ගැන සියලුම වගකීම බාරගන්න වෙන්නෙ මල්බණ්ඩාටම තමයි.

හැබැයි මෑන්ස්ට ගහනවා කියන්නෙත් ලේසි වැඩක් නෙවෙයි. මල්බණ්ඩා හැමතිස්සෙම ඉන්නේ දහයක විතර කොල්ලො සෙට් එකක් පිරිවරාගෙන. ඉතිං මේ සිද්දියෙදි රෝහණදීරගෙ සහයෝගය ගන්නම වෙනවා. අන්තිමට පුරුපුරු තීරණය කළේ එදා හවසම ගිහින් රෝහණදීරව මුණගැහෙන්න.

කොහොමහරි, නරක ආරංචිවලට තටු තියනවා කියලා අපේ පුරුපුරු හරියටම දැනගත්තෙ එදා තමයි. මොකද මෑන්ස් ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්න කියලා ගම්පහ බස්ටෑන්ඩ් එකට එද්දි, දන්න කියන ඔක්කොම කට්ටිය මෑන්ස්ගෙන් අහන්න ගත්තෙ කලින් දවසෙ වෙච්ච සිද්දිය ගැන. ඇත්තටම හොඳ යාලුවො විදිහට, උදව් කරන්න බලාගෙන මේ ගැන අහපු අයත් හිටියා. ඒ වගේම පස්සෙ හිනාවෙන්න බලාගෙන මූණිච්චාවට මේ ගැන අහපු කට්ටියත් හිටියා. අන්තිමට ඉතිං බස් එකට නගිද්දි පුරුපුරු හිටියෙ මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තරදීලා හෙම්බත් වෙලා.

ඇත්තටම හැමෝටම තිබුන ප්‍රධාන ප්‍රශ්නෙ වුණේ පුරුපුරුට වෙච්ච කරදරේ මොකද්ද කියන එක නෙවෙයි, ඇයි විදූශා පුරුපුරුව මල්බණ්ඩාගෙ ගානට දැම්මෙ කියලා. කොහොමහරි ඉතිං කට්ටියගෙ කරදරෙන් මිදිලා පූස්ගමට ආවයි කියමුකෝ. බස් එකෙන් බැස්ස ගමන් පුරුපුරු වටපිට නොබලා කෙලින්ම ගියෙ රෝහණදීර නිතරම ඉන්න කඩේට. පුරුපුරු එනවා දැක්ක රෝහණදීරට ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටම.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, මම බලාගෙන උන්නෙ උඹ එනකං. කොහොමත් උඹ ආවෙ නැත්තං මම හවස ගෙවල් පැත්තෙ එන්න හිටියෙ.

බලාගෙන ගියාම පුරුපුරු ඇවිත් තියෙන්නෙ හොඳ වෙලාවට. රෝහණදීර ගෙදර ආවනං පුරුපුරුට ගෙදර මිනිස්සුන්ට දෙන්න උත්තරයක් නැතිවෙනවා.

රෝහණදීර :- මට ඔක්කොම ආරංචි වුණා බං! මම උඹට කලින්ම කිව්වනෙ සීන් එක.

පුරුපුරු :- ඒවා දැන් පරණ කතා අයියෙ. මට මල්බණ්ඩාට ගහන්න ඕනෙ.

රෝහණදීර :- මේකනෙ මල්ලි කේස් එක. කෙල්ලෙක්ගෙ කේස් එකකට අපි තව කොල්ලෙක් එක්ක වලි දාගන්න එක හරි නෑනෙ.

පුරුපුරු :- කෙල්ලෙක්ගෙ කේස් එකකට නෙවෙයි, අද උදේ මල්බණ්ඩා මට බස්ටෑන්ඩ් එකේදි සද්දයක් දැම්මා.

රෝහණදීර :- මොනවා!!!... මූ මෙච්චර දේකුත් කරලා තව උඹට සද්දත් දාන්න???

ඉතිං මේ සිද්දිය ඇහුවා විතරයි රෝහණදීරට යක්ෂයා ආරූඪ වුණාලු.

රෝහණදීර :- මම හිතන්නෙ අද ඌ ටවුන් එකේ නෑ. පොර හෙට තමයි එන්නේ. හෙට මම ඌට දෙන්නං ආයි මේ පැත්තෙ එන්නෙ නැති වෙන සයිස් එකේ ගේමක්. උඹ දුක්වෙන්නෙ නැතුව හිටපං

පුරුපුරු :- නෑ අයියේ! මම තමයි මල්බණ්ඩාට ගහන්න ඕනෙ. උගෙ දත්ටික බඩට යවනකං මට කිසිම සැනසිල්ලක් නෑ.

රෝහණදීර :- හරි, උඹේ කැමැත්තක්. හෙට හවසට අපේ කඩේට වරෙන්

අන්තිමට වලියට දිනයක්, වෙලාවක් එහෙමත් සෙට් වුණා. පුරුපුරුට දැන් ඉවසිල්ලක් නෑ මල්බණ්ඩාට ගහනකං. මෑන්ස් කළේ ගෙදර ගිහින් තමන්ගෙ පන්චිං බෑග් එකට හිතේ දුක නැතිවෙනකං තඩිබාපු එක. (මේ දවස්වල අපේ පූසා පොඩි මාෂල් ආට් පන්තියකටත් ගියාලු)

පහුවදා හවස ඉතිං පුරුපුරු රෝහණදීරගෙ කඩේට ගියෙ මල්බණ්ඩාට අම්බානට නෙලන්න බලාගෙන. යනකොට රොහණදීර තව කොල්ලො දෙන්නෙක් එක්ක කඩේ ඇතුලෙ හිටියා. ටික වෙලාවකින් වලිය ගැන පුරුපුරුගෙන් ආරංචි වෙලා හිටපු උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායිත් ඔතෙන්ට ආවා.

‍රෝහණදීර :- අන්න මල්බණ්ඩා පොළ ළග ග්‍රව්න්ඩ් එක අයිනෙ මල් ගහනවලු. අපි එහෙනං වැඩේට යමු නේද?

පුරුපුරු :- අපි කට්ටිය විතරක්?

රෝහණදීර :- හික් හික්!! ඇයි උඹ කලින් දැකලා තියෙනවද මම හෙන සෙට් බස්සලා වලියට යනවා?

ඇත්තටම රෝහණදීර වලියකට යන්නෙ දෙතුන් දෙනෙක් එක්ක. මෑන්ස්ට ඉතුරු සගයො ටික හම්බවෙන්නෙ අතරමගදි. ඉතිං මෙතෙන්දි වුණෙත් ඒකමයි.

කඩෙන් එළියට බැස්සෙ හත් දෙනයි. ඒත් කට්ටිය පොළ ගාවට යද්දි විස්සක් විසිපහක් විතර කට්ටිය රෝහණදීර එක්ක හිටියා. එතන හැමෝම වගේ හිටියෙ නොම්මර එකේ මැර ඩයල්. බස් කොන්දොස්තරලා, රටකජු වෙළෙන්දො, මාලු ලෑල්ලෙ කට්ටිය, නිකම්ම බස්ටෑන්ඩ් එකට වෙලා ඉන්න කොල්ලො එහෙම තමයි රෝහණදීරගෙ සෙට් එකේ ඉන්නෙ. කට්ටිය යන ගමන් ඒ වගේ සාමාජිකයෙක් දැක්කොත්

" මචං අපේ කොල්ලෙක්ට පොඩි කේස් එකක්. යමු නේද? "

කියලා රෝහණදීර අහනවා. එතකොට ඉතිං අදාල පුද්ගලයා කිසි කතාවක් බහක් නැතුව කෙලින්ම ඇවිත් ටීම් එකට සෙට් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වලියට කට්ටිය එකතු වුණේ.

කොහොමහරි රෝහණදීර ඇතුලු කට්ටිය එන හැටි ඈත තියාම මල්බණ්ඩා ඇතුලු මල් සෙට් එක දැක්කා. දැන් ඉතිං තමන්ට බඩු පැකට් බවට තේරුම් ගන්න මල්බණ්ඩාට ආයි දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ. තමන් එක්ක ඉන්න දහදෙනා - විශේෂයෙන් මල් ගැහුවාටත් පස්සෙ - රෝහණදීරලා එක්ක වලියට කොහොමවත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ කියලා මල්බණ්ඩාට තේරුනා. ඉතිං මෑන්ස්ට තිබ්බ එකම විකල්පය තමයි ශේප් වෙන්න කතා කරන එක.

මල්බණ්ඩා :- මචං රෝහණදීර, උඹ කෙල්ලෙක්ගෙ කේස් එකකට නේද මේ මට ගහන්න එන්නෙ. මොකද්ද බං?

රෝහණදීර :- නෑ නෑ! උඹ ඊයෙ පුරුපුරුට සද්දයක් දාලා තියෙනවා.

මල්බණ්ඩා :- ඉතිං ඌ මගෙ කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට මට සද්ද දාන්න වෙනවනෙ බං.

ඇත්තටම සෙට් එකක් එක්ක ඇවිත් කාටහරි ගහනවයි කියන්නෙ මහලොකු වීර ක්‍රියාවක් නෙවෙයි. ඒත් මල්බණ්ඩා වගේ වැඩිමල්, පිරිස් බලය අතින් පූසන්ට වඩා ශක්තිමත් ඩයල් එකකට ගහද්දි, පුරුපුරුට ඒ ක්‍රමය අනුගමනය කරන්න වුණා. කොහොමහරි මල්බණ්ඩා අන්තිමට කියපු කතාවෙන් සිද්දවුණේ පුරුපුරුගෙ ෆ්ලවර් එක නස්තාර් වෙන්න ජම්ප් වෙච්ච එක

පුරුපුරු :- උඹ කො‍හොමද යකෝ එහෙම කියන්නෙ? ඒකි පෙරේදා වෙනකං මගෙත් කෑල්ල.

මල්බණ්ඩා :- ඒ වුණාට ඒකි දැන් මගේ කෑල්ල

මල්බණ්ඩා මෙහෙම කිව්වට පස්සෙ තවත් ඉවසන් ඉන්න පුරුපුරුට පුලුවන්කමක් තිබුනෙ නෑ.

" මොකද්ද යකෝ කියන්නෙ? "

පුරුපුරු මල්බණ්ඩාගෙ ඇගට කඩාගෙන පැන්නා. වලිය සුභ මොහොතින් පටන් ගත්තා. මල් ගහලා හිටපු මල්බණ්ඩාගෙ යාලුවන්ට අම්බානට නෙලන්න රෝහණදීර ඇතුලු කට්ටියට කිසිම මහන්සියක් වෙන්න ඕනෙ වුණේ නෑ. ඒ වුණත් පුරුපුරුගෙ ඇටෑක් එක බලාපොරොත්තුවෙන් හිටපු මල්බණ්ඩා, පුරුපුරු තමන්ගෙ ඇගට පනිද්දිම අත මිට මොළවලා පුරුපුරුගෙ මූණට එකක් ගැහුවා. එකපාරටම අපේ පූසාගෙ කටට දැනුනෙ ලේ රහක්. මේ වැඩෙන් පුරුපුරුගෙ පියවි සිහිය නැත්තටම නැතිවුණා. මෑන්ස් කළේ පිස්සුවෙන් වගේ මල්බණ්ඩාට නෙලාගෙන නෙලාගෙන යන එක.

මල් ගහලා හිටපු මල්බණ්ඩා ආපහු ඇටෑක් කරන්න කලින්, පුරුපුරුගෙ මිට මොළවපු දකුණු අත මෑන්ස්ගෙ මූණ හරහා දෙපාරක් ඇදිලා ගියා. පාරෙ සැරටත් වඩා මල්වල සැරටද කොහෙද මල්බණ්ඩාට බැලන්ස් නැතිවෙලා බිම ඇදගෙන වැටුනා. පුරුපුරු කළේ බිම වැටුනු තමන්ගෙ දුෂ්ටයාට හිතේ හැටියට ගහපු එක. ඒ අස්සෙ උපාසක, මාලුකට්ටා සහ ඤාව්වාත් නිර්භීතව සටන් කළා. කොහොමහරි වලිය ගොඩක් වෙලා තිබුනෙ නෑ. ඕනෙනං විනාඩි දෙක තුනක් තියෙන්න ඇති. හැබැයි ඒ වෙනකොට පුරුපුරු මල්බණ්ඩාට අම්බානට නෙලලා ඉවරයි.

" ඇති ඇති යකෝ! උඹ මූව මරන්නද හදන්නෙ? "

වලිය ඉවරවුණේ රෝහණදීර ඇතුලු කොල්ලො දෙතුන් දෙනෙක් පුරුපුරුව ඇදලා පැත්තකට කළාට පස්සෙ. මේ වෙද්දි මල්බණ්ඩාට උතුර දකුණ මාරුවෙන ගානට වැදිලයි තිබුනේ. පුරුපුරුගෙත් අර මල්බණ්ඩා ගහපු පාරට තොල පැලිලා ලේ එනවා. කොහොමහරි මල්බණ්ඩාගෙ කට්ටියට නෙළලා රෝහණදීරගෙ සෙට් එකයි, අපේ පූසො සෙට් එකයි ගෙවල් බලා පිටත් වුණාලු. වලිය තිබුනෙ ටිකක් පාලු ඒරියා එකක හින්දා වැඩේට පොලිසියෙන්වත්, මිනිස්සුන්ගෙන්වත් බාධා ඇතිවුණෙත් නෑ.

ඔහොම තමයි අපේ පුරුපුරු තමන්ගෙ හිතට පොඩි හරි සහනයක් උදාකරගත්තෙ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10 (නොදැමුණු පුරුපුරු)



විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9

අපේ කලින් කතා සෙට් එක දැන් ඔයාලා කියවලා ඇතිනෙ නේද?

දැන් ඉතිං අර හොර කපල් තුන බස් එකේ පිටිපස්සේ වාඩිවෙලා ඉන්නවා. පුරුපුරු ඇතුලු පූසො‍ සෙට් එක බස් එක මැද්දෙ හිටගෙන ඉන්නවා. දැන් අපේ පුරුපුරුට ඇඩෙන්න වගේ. මෑන්ස් බස්එකේ බාර් එකක් අල්ලගෙන දත් මිටි කාගෙන ඉන්නවා කදුලු එළියට පනින්න නොදී. ඒ මදිවාට පුරුපුරු අප්සෙට් එකේ ඉන්නබව දකින මල්බණ්ඩා මෑන්ස්ට තවත් අප්සෙට් වෙන විදිහට වැඩ කරනවා. පොර විදූශාව තුරුල් කර ගන්නවා. ඉන වටේ අත දානවා. කොටින්ම බස් එකේ මිනිස්සු හිටියෙ නැත්තං මල්බණ්ඩා එතන කරන්න පුලුවන් උපරිම එකත් කරයි.

ඉතිං මේවා දකින අනිත් පූසන්ටත් අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. උපාසක පුරුපුරුට එහාපැත්තෙ ඉඳගෙන තරහින් වේවලනවා.

‍උපාසක :- පුරුවො, බලන් ඉන්නෙ මොනවද යකෝ? ගිහින් නෙලපන් අරූට

පුරුපුරු :- එතන ලොකු කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා බං! මම තනියෙන් හිටියනං මරාගෙන මැරෙනවා මුන්ව. ඒ වුණාට මම හින්දා උඹලාට ගුටිකන්න දෙන්න බෑ.

‍උපාසක :- ගුටිකන එකනං අවුලක් නෑ බං! අනික අපේ හතර දෙනෙක් ඉන්නවා. උන්ගෙ තුන්දෙනයි.

පුරුපුරු :- හතර දෙනෙක්? අපි තුන්දෙනයි. මාලුකට්ටා කියන්නෙ ඍණ එකයි. එතකොට දෙන්නයි ඉන්නෙ අපිට.

‍උපාසක :- ඒකත් ඇත්ත. ඌව පරිස්සම් කරන්නත් එපැයි.

කොහොමහරි බස් එක පැයයි විනාඩි පහළොවකට පස්සෙ පූස්ගමට ළගා වුණා. පුරුපුරු බො‍හොම අමාරුවෙන් බස් එක මැද්දෙ අඩන්නැතුව හිටියා. බස් එකෙන් බැස්ස ගමන් ‍විදූශායි, යාලුවො දෙන්නයි කළේ පුරුපුරුලා දිහා බලන්නෙවත් නැතුව දුවලා ගිහින් ඒ කට්ටිය ගෙදර යන ඊළග බස්එකට නැග්ග එක. පුරුපුරුට දුවලා ගිහින් ඒ බස් එකට නගින්න හිතුනත්, පහුවදාට විදූශාව අල්ලගන්නවා කියලා හිතලා මෑන්ස් ඒ අයිඩියා එක ක්‍රියාත්මක කළේ නෑ.

ඊටපස්සෙ කොල්ලො තුන්දෙනා බැහැලා, පූසො සෙට් එක දිහා නෝන්ඩි බැල්මක් දාලා ටවුන් එකේ කඩේකට යන්න ගියා. දැන් තමයි ඇත්තටම පුරුපුරු පියවි සිහියට ආවෙ. පොරට ඇත්තටම හිටගෙන ඉන්නවත් පණ නෑ. පුරුපුරු කළේ බස්ටෑන්ඩ් එක එහාපැත්තෙ තිබුනු බෝක්කුවක් උඩ වාඩිවෙච්ච එක.

ඤාව්වා :- මචං!දැන් වෙච්ච දේ වුණා. උඹ දැන් දුක්වෙලා වැඩක් නෑ. අපි හෙටම මුන් සෙට් එකට ගහමු. දැන් වරෙන් රෝහණදීරව හම්බෙන්න යන්න.

පුරුපුරු :- නෑ මචං, මේක විදූශාගෙ වැරද්ද. ඒකි මට ඇත්තටම ආදරෙයිනං කවදාවත් මල්බණ්ඩා එක්ක යාලුවෙන්නෙ නෑ. ඒ හින්දා ඌට ගහලා හරියන්නෙ නෑ. මම හෙට ඕකිව අල්ලගන්නංකෝ. හැබැයි මල්බණ්ඩා මට මොනවත් කියන්න ආවොත් ඌගෙ සෙට් එකටම ගහන්න ඕනෙ.

ඊටපස්සෙ යාලුවො කට්ටිය පුරුපුරුවත් එක්කගෙන මෑන්ස්ගෙ ගෙදරට ගියා. මොකද ඒ වෙද්දි පුරුපුරු හිටියෙ තනියම ගෙදර යන්නත් බැරි ගානට මානසිකව වැටිලා.

ගෙදර යන ගමනෙදි මගදි හම්බවෙච්ච කීප දෙනෙක්ම ඕ ලෙවල් ප්‍රතිඵල ගැන පුරුපුරුට සුභපැතුවා. මෑන්ස් ඒ කට්ටියට වචනෙන් දෙකෙන් උත්තරදීලා ශේප් වෙලා ආවා. ගෙදර ගිහින් කාමරේට වැදුනාට පස්සෙ තමයි පුරුපුරුගෙ හිතේ හිරවෙලා තිබුන වේදනාව එළියට පැන්නෙ. පුරුපුරු ඇඳට වෙලා කොට්ටෙ මූණ ඔබාගෙන පැය ගානක් ඇඬුවා. අපේ පූසාට හිතාගන්න බෑ ඇයි විදූශා තමන්ට මෙහෙම දෙයක් කළේ කියලා. දුකත් එක්කම පුරුපුරුට ගොඩාක් කේන්තියි.

පළවෙනි හේතුව තමයි විදූශාට තමන්ගෙන් වෙන් වෙන්න ඕනෙනම් කෙලින්ම එහෙම නොකර ඩබල් ගේම් කරපු එක. දෙවෙනි හේතුව තමයි තමන්ව මල්බණ්ඩා වගේ කුපාඩියෙක් එක්ක සමාන තත්ත්වයට දාපු එක.

ඉතිං පස්සෙ දැනගත්තු විදිහට සිද්දිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.

ඔය තිලංකා තමයි මුලින්ම මල්බණ්ඩාගෙ යාලුවෙක් වෙච්ච මින්දද එක්ක යාලුවෙලා තියෙන්නෙ. ඒ මාර්ගයෙන් තමයි මල්බණ්ඩායි, අනිත් කොල්ලයි විදූශා සහ රොෂානි එක්ක යාලුවෙලා තියෙන්නෙ. මල්බණ්ඩාගෙ යාලුවොත් කෙල්ලොත් එක්ක යාලුවෙන්නෙ අර කලින් කතාවෙ කියපු වැඩේටම තමයි. ඉතිං ගෑනුන්ව අල්ලගන්න එක මේ වගේ එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර්ස්ලාට එච්චර දෙයක් නෙවෙයි. කොහොමහරි ඉතිං මේ අයට අහුවුණ විදූශා ඇතුලු තුන් යෙහෙළියො හිතලා තියෙනවා කවදාහරි මේ අය තමන්ව අතඅරියි කියලා. ඒක තමයි මේ කට්ටිය ඩබල් ගේම් කරලා තියෙන්නෙ. එතකොට කවදාහරි මල්බණ්ඩලා තමන්ව අතඇරිය දවසට තමන් තනිවෙන්නෙ නෑ නොවැ!

අර ගෙදරට සම්බන්දෙ ආරංචි වෙච්ච කතාවත් විදූශා පුරුපුරුට කියපු බොරුවක්. එතකොට විදූශාට පුලුවන්නෙ එක සතියක් පුරුපුරු එක්ක ගෙදර ගිහින් ඊළග සතිය මල්බණ්ඩා එක්ක ඉන්න. ඉතිං ඔය බොරුවට පුරුපුරුත් හොදටම ඇන්දුනා.

දැන් ඉතිං අපේ පූසාට හොදටම දුකයි, තරහයි, වේදනායි වෙච්ච වැඩේට. පුරුපුරු ඒ වෙලාවෙම තීරණයක් ගත්තා මීටපස්සෙ තමන්ගෙ ජීවිතේ එක තත්පරයක්වත් විදූශා හින්දා නාස්ති කරගන්නෙ නෑ කියලා. තමන් විදූශා ගැන කල්පනා කර කර හිටියොත් තමන්ගෙ ජීවිතේ වටිනාම කාලෙ නිකං අපතේ යනවයි කියලා පුරුපුරු තේරුම් ගත්තා. ඒ වගේම සම්ප්‍රදායික පරාජිත පෙම්වතෙක් වගේ තමන්ගෙ ජීවිතේ බෝතලේට, සිගරට් වලට, මල්වලට යට කරන්නත් පුරුපුරුට ඕනෙ වුණේ නෑ.

ඇ‍ඳෙන් නැගිට්ට පුරුපුරු කෙලින්ම ගියෙ පාඩම් කරන මේසෙ ළගට. ඒ වෙද්දි මෑන්ස් ළග ඕ ලෙවල් රිසාල්ට්ස් වෙනුවෙන් නෑදෑ කෙනෙකුගෙන් හම්බවුණු, ඩොක්ටර් රෝසාගෙ බහුවරණ විවරණය පොත තිබුනා. පුරුපුරු කළේ අඬ අඬාම ඒ පොතේ පුලුවන් ගණන් ටික මුල ඉඳන් අගටම හදපු එක. ගණන් හදද්දි ඇස්වල කඳලු පොතට වැටිලා පොතේ කොළත් තෙමුණා. හැබැයි පුරුපුරු වැඩේ අතඇරියේ නෑ. ඒ වෙද්දි දැනගෙන හිටියේ යාන්ත්‍ර විද්‍යාව විතරයි නිසා පැයක් විතර යද්දි ගණන් ටික හදලා හිත ටිකක් සන්සුන් කරගන්න අපේ පූසාට පුලුවන් වුණා.

ඒත් පොත පැත්තකින් තිබ්බ ගමන්ම ආපහු එදා දවසේ වෙච්ච සිද්දිය තමයි ඔලුවට එන්නේ. ඉතිං ආපහු අපේ පූසාට ඇඩෙනවා. එදා කොටින්ම පුරුපුරුට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. ඉතිං පහුවදාම විදූශාව හම්බවෙලා තමන්ට මෙහෙම කරන්න හේතුව දැනගන්න පුරුපුරු තීරණය කළාලු.

පහුවදා උදේ රොබට් සර්ගෙ පන්තියට යන්න පුරුපුරු බස්ටෑන්ඩ් එකට ආවෙ පිස්සෙක් වගේ. ඇදුනුත් කිසිම පිළිවෙලකට නැතුව, ඒ මදිවාට කොන්ඩෙත් අවුල් කරගෙන තමයි මෑන්ස් ආවේ. ටික වෙලාවකින් අනිත් පූසොත් බස්ටෑන්ඩ් එකට ආවා. දැන් පුරුපුරුට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ වෙච්ච වැඩේ ඉස්සාට දැනුම්දෙන එක. පුරුපුරුගෙ සම්බන්දෙනං තිබුනෙ මාස ගානයි කියමුකො. ඒත් ඉස්සාගෙ සම්බන්දෙ අවුරුදු ගානක දිග එකක්. ඉතිං පුරුපුරු ඒ වැඩේ ඤාව්වාටයි, මාලුකට්ටාටයි බාරදීලා විදූශා එනකං බස්ටෑන්ඩ් එකේ රැකගෙන හිටියා.

ටික වෙලාවකින් විදූශා ඇතුලු තුන් යෙහෙළියොත් වටපිට බල බලා බස්ටෑන්ඩ් එකට ආවා. පුරුපුරු හිටියේ ළගට එනකංම මේ කට්ටියට තමන්ව පේන්නෙ නැති විදිහට. ගෑනු ළමයි තුන්දෙනා තමන් කිට්ටුවට එද්දිම පුරුපුරු කට්ටියට පේන්න ඉස්සරහට ආවා. මෑන්ස්ව දැක්ක තුන් යෙහෙළියෝ හිටපු තැනම ගල්ගැහුණා.

පුරුපුරු :- මට තමුසෙලා දෙන්නත් එක්ක කතාවක් නෑ. ඒක ඉස්සා කරගනියි. විදූශා මට කතා කරන්න ඕනෙ ඔයත් එක්ක.

( විදූශා සහ පුරුපුරු පැත්තකට යයි)

විදූශා :- අනේ පුරුපුරු, මට සමාවෙන්න. මම හිතලා කරපු දෙයක් නෙවෙයි.

පුරුපුරු :- ඔක්කොම කරලා දැන් සමාවෙන්නත් කියනවද?

විදූශා :- අනේ මට සමාවෙන්න. මට මොනවා වුණාද කියලා මම දන්නෙ නෑ. මම දන්නවා මම කළේ මහ නරක වැඩක්. මට ඒ දේට කවදාහරි දඬුවම් ලැබෙයි.

දැන් විදූශා බස්ටෑන්ඩ් එක මැද්දෙ පුරුපුරුට බණ දේසනා කරනවා.

පුරුපුරු :- මට ඕවායින් වැඩක් නෑ. මට මෙහෙම කරන්න මම ඔයාට කරපු වැරැද්ද විතරක් මට කියන්න.

විදූශා :- අනේ ඔයා මට කවදාවත් කිසිම වැරැද්දක් කරලා නෑ. ඒකම තමයි මට මේක දරාගන්න අමාරු.
මට බණ්ඩාරතිලකගෙන් වැඩක් නෑ. ඔයාට පුලුවන්ද මට සමාව දෙන්න.

පුරුපුරු :- ඔයාට බණ්ඩාරතිලකගෙන් වැඩක් නැතිවෙන්න ඇති. ඒත් මට දැන් ඔයාගෙනුත් වැඩක් නෑ.

විදූශා :- ඔව්! මට තේරුම්ගන්න පුලුවන්. මම මෙහෙම දෙයක් කළාට පස්සෙත් ඔයා කොහොමද මට සමාව දෙන්නෙ? ඒත් අපි දෙන්නට ඉස්සර වගේ යාලුවො විදිහට ඉන්න පුලුවන් නේද?

පුරුපුරු :- යාලුවො? මේ විදූශා... මම අද ඔයාට මෙහෙම කතා කරන එක ගැන ඔයා සතුටු වෙන්න. මට ඔයත් එක්ක යාලුවො විදිහට ඉන්න ඕනෙත් නෑ, ඔයාව මීටපස්සෙ ඔයාගෙ මූණවත් දකින්න ඕනෙ නෑ.

විදූශා :- අනේ පුරුපුරු, දැන් ඔයා මෙතනින් යන්න. අන්න බණ්ඩාරතිලකත් මේ පැත්තට එනවා. ඔයා මාත් එක්ක කතා කරනවා දැක්කොත් එයා ඔයාට ගහයි.

බැලින්නං මල්බණ්ඩා පුරුපුරුයි, විදූශායි කතා කර කර හිටපු පැත්තට එනවා. මේ වෙලාවෙ ඇත්තටම පුරුපුරු හිටියෙ මල්බණ්ඩාව මරාගෙන කන්න තරම් කේන්තියෙන්. පුරුපුරුටත් ඕනෙවුණේ මල්බණ්ඩා එක්ක පැටලිලා මෑන්ස්ට ගහන්න හේතුවක් හදාගන්න.

පුරුපුරු :- ඉතිං ආවාවෙ. ඔයා හිතුවෙ මම ඌට බයයි කියලාද?

විදූශා :- අනේ පුරුපුරු, එයා මහ නාහෙට අහන්නෙ නැති මැරයෙක්. එයත් එක්ක පැටලෙන්න යන්නනං එපා.

පුරුපුරු :- තමුසෙට ඌත් එක්ක යාලුවෙන්න හොදයි, මම ඌත් එක්ක වලියක් දාගත්තොත් තමයි වැරදි?

මේ වෙද්දි මල්බණ්ඩා මේ දෙන්නා කතා කර කර හිටපු තැනට ගොඩක් ළංවෙලා. මෑන්ස් ලංවෙනවා දැක්ක විදූශා, යාලුවො දෙන්නත් එක්ක ගම්පහ බස් එකට නැග්ගලු.