අඹ යාලුවෝ
Sunday, November 21, 2010
හොස්ටල් ට්‍රිප් - නුවරඑළියට පිස්සු හැදුන දවස
හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක? යන ලිපිය හා සම්බන්ධයි.
ඉතිං අපි කලින් ලිපියෙ කිව්ව විදිහටම ටික වෙලාවක් යද්දි අපේ පුරුපුරුටයි, ජුවාන්ටයි අම්බානට නින්ද ගිහින්.ඉතිං පැය ගානක් ගියාට පස්සෙ පොල්පොටු සහ සකයායි බොහොම මහන්සි පිට රූම් එකට ආවලු.බැලින්නං දෙන්නා ආපහු එන්න පාර හොයාගන්න බැරුව අතරමං වෙලා.ඊට පස්සෙ බොහොම අමාරුවෙන් තමයි ෆාම් එකට එන පාර හොයාගෙන තියෙන්නෙ.හැබැයි අපේ යාලුවො දෙන්නා ජයග්‍රාහී විදිහට කාල නාමපත්‍රයකුයි (black label), ධවල නාමපත්‍රයකුයි (white label) ගේන්න අමතක කරලා තිබුනෙ නෑ.
කට්ටිය ඉතිං පුරුපුරුවයි ජුවාන්වයි නැගිට්ටවන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් වැඩේ සාර්ථක වෙලා නෑ.දෙන්නම ගොරව ගොරවා නිදිලු.බෝතලේ වගේද නින්ද?ඊටපස්සෙ ඉතිං සකයයි, පොල්පොටුයි, සලායි, සංජුයි තීරණය කළාලු කට්ටිය එකතු වෙලා ඉක්මනට මතට තිත තියමු නේද කියලා.මොකද ඒ වෙද්දි එළිය වැටෙන්නත් ළගයි.ඉතිං කට්ටිය ෆාම් එකේ ඈත කෙළවරකට ගිහින් වැඩේට සෙට් වුණාලු.
කට්ටිය එකතුවෙලා මුලින්ම කාල නාමපත්‍රය ඉවර කළාලු.ඒ එක්කම ෂැන්ඩි ටිකත් ඉවර වුණාලු.දැන් ඉතිං කට්ටියට හොද ගනං.ඒ මදිවට ෂැන්ඩි නැතුව අනුමත වෙන්න සංජුයි, සලායි කැමති නෑ.ඉතිං ඒ දෙන්නා කළේ ආපහු රූම් එකට එන එක.ඒත් ධවල නාමපත්‍රයත් ඉවර නොකර ආපහු එන්න සකයායි පොල්පොටුයි කීයටවත් කැමති වුණේ නෑ.මොකද අතරමං වෙවී අමාරුවෙන් ගෙනාපු බෝතලේ නොවැ! කාටවුණත් ඕනෙම දෙයක් වටින්නෙ අමාරුවෙන් ලබාගත්තාම තමයි.
කොහොමහරි ඉතිං කට්ටිය එදා රෑ නිදාගෙන පහුවදා නැගිටලා බලද්දිත් සකයායි පොල්පොටුයි පේන්න හිටියෙ නෑ.ඊට පස්සෙ කලින් දවසෙ රෑ වෙච්ච දේවල් සංජු ඉදගෙන ජුවාන්ටයි පුරුපුරුටයි කිව්වා.ඉතිං මොකක්හරි අබ්ලික් කේස් එකක් වෙලා තමයි කියලා තේරෙන්න අපේ යාලුවන්ට වැඩි වෙලාවක් ගියෙ නැහැලු.කට්ටිය මේ දෙන්නාව හොයන්න යන්න හදද්දිම තමයි ප්‍රිෆෙක්ට් අයියලා දෙන්නෙක් සකයාවයි, පොල්පොට්වයි කනෙන් ඇදගෙන රූම් එකට අරගෙන ආවෙ.ඒ මදිවාට සකයාට ටවල් එකකුත් අන්දලා හිටියෙ.දැන් කට්ටිය ෆුල් හොල්මන්.
දෙන්නාව රූම් එක ඇතුලට දාලා අයියලා යන්න හදද්දි සකයා ඒ දෙන්නාට කුණුහරුපෙන් බැන්නා.ටිකක්වෙලා මෑන්ස් දිහා බලාගෙන හිටපු අයියලා, "වෙරි හිදුනාම තොට දෙන්නංකෝ" වගේ බැල්මක් දාලා ආපහු යන්න ගියා.ඉතිං පැයක් දෙකක් ගිහිල්ලා අපේ යාලුවො දෙන්නා පොඩ්ඩක් යථා තත්ත්වෙට ආවට පස්සෙ තමයි කට්ටියට සිද්ද වෙච්ච දේ දැනගන්න පුලුවන්කමක් ලැබුනෙ.බැලින්නං සිද්ද වෙලා තියෙන්න මෙන්න මේකයි.
දෙන්නා ධවල නාමපත්‍රයට තිත තිය තියා ඉන්නකොට දෙන්නාටම අම්බානට වැඩිවෙලා.ඊට පස්සෙ පොල්පොට් කරලා තියෙන්නෙ බයිට් එකට තිබුන කඩල ටික, ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කියලා එහාපැත්තෙ තිබුන කුණු කානුවට දාපු එක.මේක දැකලා ෆ්ලවර් ජම්ප් වෙච්ච සකයා පොල්පොට් එක්ක රණ්ඩු වෙලා.දෙන්නටම මහන්සි වුණාට පස්සෙ පොල්පොට් එතනම නිදාගෙන.ඊටපස්සෙ සකයා දැක්කලු එතන එහාපැත්තෙ ලස්සන කලු කෙල්ලෙක් ඉන්නවා.
අපේ කට්ටියට ඉතිං කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතකයි නොවැ! ඉතිං අපේ සකයාත් ගිහිං ඒ කෙල්ලත් එක්ක ඩාන්ස් කරන්න.හැබැයි ඉතිං කෙල්ලෙක් එක්ක ඩාන්ස් කරද්දි ජෙන්ට්ල්මන් වගේ ඉන්න එපායැ! ඉතිං සකයාත් කරලා තියෙන්නෙ ඇදගෙන හිටපු මඩ ගෑවුණු කලිසම ගලවලා විසිකරලා කෙල්ලත් එක්ක නටන්න ගිය එක.හැබැයි මෑන්ස්ට අමතක වෙලා ඒ වෙලාවෙ යටට මොකුත් ඇදගෙන හිටියෙ නෑ කියලා.ඉතිං අවාසනාවන්ත විදිහට ඒ වෙලාවෙ එතනට ආපු ෆාම් එකේ මුරකාරයෙක්, සකයාව අල්ලගෙන ප්‍රිෆෙක්ට් කෙනෙක්ට බාර දීලා.
සකයා කියපු විදිහටනං කෙල්ල ලස්සන වුණාට කට ටිකක් ගදයිලු.දැන් ඉතිං මෑන්ස් කියන විස්තර අහලා අපේ යාලුවො සෙට් එකට සදමෝල් වගේලු.කට්ටියම දන්නවා ඔලුව හොද කෙල්ලෙක්නං කීයටවත් සකයාත් එක්ක ඩාන්ස් කරන්න එන්නෙ නෑයි කියලා.ඉතිං අපේ යාලුවො සෙට් එක ගියාලු කලින් දවසෙ රෑ කට්ටිය මතට තිත තිබ්බ තැනට.මෙන්න බොලේ කඩල ටික එහෙමම තියනවා කුණු කානුව ඇතුලේ.ටිකක් එහායින් තඩි කලු බල්ලෙක් බැදලා ඉන්නවා ගොරව ගොරව.ඌ දිහා දැක්කමත් බය හිතෙනවා.
එතකොට එතෙන්ට ආපු මුරකාරයෙක් අපේ යාලුවන්ට මෙහෙම කිව්වලු
මුරකාරයා :- බලන්න මහත්තයෝ, ඊයෙ රෑ කවුද පිස්සෙක් කලිසමත් ගලවගෙන මේ බල්ලත් එක්ක නට නටා හිටියනෙ.මහත්තයලට කියන්න, මූ වගේ සැර බල්ලෙක් ඒ යකාට හැපුවෙ නැත්තෙ ඇයි කියලා තමයි මම මේ දවසම කල්පනා කර කර හිටියෙ
බැලින්නං සකයාගේ පිස්සු හැසිරීම දැකපු බල්ලටත් මොංගල් ගහලා.
ප.ලි - සකයාගේ සහ පොල්පොට්ගේ වාසනාවට මේ සිද්දිය කොටියා සර්ගෙ කනට ගියෙ නෑ.හැබැයි ආපහු හොස්ටල් එකට ආවට පස්සෙ දෙන්නාටම ප්‍රිෆෙක්ට් අයියලාගෙන් අම්බානට කන්න වුණා.ආපහු මේ වගේ වැඩ කරන්නෙ නෑ කියලා, මාගලක් වගේ දිග ලියුමක් ලියන්නත් වුණා.
හොස්ටල් ට්‍රිප් - එතකොට මචං MC එක?
ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නේ කුරුදුවත්ත හොස්ටල් එකේ නුවරඑළිය ට්‍රිප් එක ගැන.සාමාන්‍යයෙන් හොස්ටල් එකේ ළමයි අවුරුද්දකට ට්‍රිප් දෙකක් යනවා.එකක් තමයි "බ්‍රැබරි පළිහ" කියන වාර්ෂික රගර් මැච් එක බලන්න නුවර යන වන්ඩේ ට්‍රිප් එක.අනික තමයි ඊට පස්සෙ යන ටූ ඩේ ට්‍රිප් එක.සාමාන්‍යයෙන් මේ ටූ ඩේ ට්‍රිප් එක යන්නෙ එක්කො කතරගමට, අනුරාධපුරේට, නැත්තං නුවරඑළියට, අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙවී.ඉතිං එක තැනකට ගියාට පස්සෙ ආපහු ඒ තැනට යැවෙන්නෙ තවත් අවුරුදු තුනකින්.කොහොමහරි ඉතිං 2003 අවුරුද්දෙ, ඒ කියන්නෙ අපේ පූසො 11 වසරෙ ඉන්දැද්දි මේ ට්‍රිප් එක යන්න නියමිත වුණේ නුවරඑළියටලු.
හොස්ටල් එකේ ළමයි කොහොමත් කතරගමට, අනුරාධපුරේට වඩා නුවරඑළියට යන්න කොහොමත් කැමතියි.නුවරඑළිය ඉතිං සීතල පැත්ත නොවැ!ඒ හින්දා ට්‍රිප් එක එනවුන්ස් කරපු දවසෙ ඉදලා කට්ටියටම මේ ගැන තිබුනෙ පුදුම උනන්දුවක්.අනිත් කාරනේ ඒ අවුරුද්දෙ පුරුපුරුලා ට්‍රිප් එක යන්නෙ හොස්ටල් එකේ සීනියර් බැච් එක විදිහට.ඉතිං ඒ හින්දා ට්‍රිප් එකේ ෆුල් ෆන් එකක් ගන්නත් පුලුවන්.
සාමාන්‍යයෙන් 10 සහ 11 වසරවල් හොස්ටල් ට්‍රිප් එකට සහභාගි වෙන්නේ වෙනම ටී ෂර්ට් ඇදගෙනලු.ඒ කියන්නේ 10 වසර එක ටී ෂර්ට් එකකුත්, 11 වසර එක ටී ෂර්ට් එකකුත් ඇදගෙන.ඉතිං අපේ යාලුවො කට්ටිය මුලින්ම කළේ හොද ටී ෂර්ට් එකක් ඩිසයින් කරලා, ඒක ගහගත්ත එක.මොකද 11 වසරෙ අයියලා හැටියට 10 වසරෙ මල්ලිලාට සෙකන්ඩ් වෙන්න බැහැ නොවැ!කොහොමහරි ඉතිං ටී ෂර්ට් එක ඇත්තටම හොදට හැදිලා ඇවිත් තිබුනා.ටී ෂර්ට් එකේ පිටිපස්සෙ ලියලා තිබුන වාක්‍යය තමයි
Nothing more than Unity & Liberty
කියන එක.ඒ වාක්‍යය පුරුපුරු යෝජනා කළේ එකමුතුකමයි, ස්වාධීනත්වයයි ඇරුණුකොට ඊට වඩා වෙන යමක් නෑ කියන පිරිසිදු චේතනාවෙන්.ඒත් ටී ෂර්ට් එක හදලා අරගෙන ආවටත් පස්සෙ අසමජ්ජාති මාලුකට්ටා අහපි
"එතකොට මචං MC එක ???"
කියලා.එතකොට තමයි කට්ටියට මීටර් වුණේ Unity එකයි Liberty එකයි දෙකම කොළඹ තියන සාප්පු සංකීර්ණ නේද කියලා.අන්තිමට ඉතිං කොල්ලො කට්ටිය පුරුපුරුගෙ ගෙදර ඈයින්ට හචිං යවලා, 10 වසරෙ කොල්ලන්ට මේක මීටර් වෙන එකක් නෑ කියලා හිත හදාගත්තලු.
කොහොමහරි ඉතිං දවසින් දවස ගතවෙලා ට්‍රිප් එක යන දවසත් උදාවුණාලු.හොස්ටල් එකේ ළමයින්ගෙන් බහුතරයක් ට්‍රිප් එකට සහභාගි වෙන්න අමතක කරලා තිබුනෙත් නැහැ.ඒ වගේම කොටියා සර් ඇතුලු සර්ලාත් සුපුරුදු විදිහට ට්‍රිප් එකට සහභාගි වුණාලු.ඒ හින්දා මතක විදිහට බස් හතරක්ම ගෙන්නන්න සිද්ද වෙලා තිබුනා.මේ ඔක්කොම වැඩ ඕගනයිස් කෙරුවේ හොස්ටල් ප්‍රිෆෙක්ට් අයියලා.11 වසරෙ ළමයිනුත් ඉතිං ට්‍රිප් එක යන දවසෙ උදේම ලන්ච් පැකට් බදින්න එහෙම උදව් වුණාලු.අන්තිමට ඉතිං සුභ මොහොතින් කට්ටිය සාදුකාරයක් එහෙම දීලා නුවරඑළිය බලා පිටත් වුණාලු.
දැන් ඉතිං මග දිගට විස්තර කියන්න ගියොත් මේක ටුවරිසම් බ්ලොග් එකක් වෙනවා නොවැ! ඒක හින්දා ඒ වැඩේ අපේ අභීත ලොක්කාට බාර දීලා අපි කතාව ටිකක් ස්කිප් කරන්නම් නේද?
කොහොමහරි ඉතිං එදා හවස්වෙද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණා නුවරඑළියට එන්න.ඉතිං ඊට පස්සෙ තිබුනෙ නවාතැනට යන එක.ළමයි දෙසිය පනහකට විතර නවතින්න පුලුවන් තැන් නුවරඑළියෙ අඩු නිසා සාමාන්‍යයෙන් හොස්ටල් ට්‍රිප් වලදි නවතින්න තෝරගත්තෙ නස්රත් ෆාම් කියලා ප්ලේස් එකක්.මේ ෆාම් එක මැද්දෙ තියෙන ලොකු බිල්ඩින් එකේ ගොඩක් කට්ටියට නවතින්න පුලුවන්.
ප්‍රිෆකේට්ලා ඇවිත් ළමයින්ව කාමර වගට දැම්මට පස්සෙ 11 වසරෙ ළමයින්ටත් වෙනම රූම් එකක් හම්බවුණා.හැබැයි ඉතිං රූම් එකේ ටිකක් ඉඩ මදි.ඒක හින්දා පුරුපුරු ඇතුලු සෙට් එකක් පොඩි සංචාරයක් දාන්න එළියට ගියාලු.රෑ වෙලා තිබුන හින්දා එළියෙ හොදටම සීතලයි.කට කට ගාලා කට්ටියම ගැහෙනවා.ඉතිං ඔය වෙලාවෙ තමයි ඔතන හිටපු සලාට මරු අයිඩියා එකක් ආවෙ.
සලා :- මචං, අම්බානට සීතලයි.නරකද පොඩ්ඩක් අරවා ටිකක් ගෙනාවොත් එහෙම?
දැන් සලා මේ යෝජනා කරන්නෙ මතට තිත තියන්න.වෙලාවෙ හැටියට නරකම අයිඩියා එකකුත් නෙවෙයි.සකයාත් එක පයින්ම මේ යෝජනාවට කැමති වුණා.ඉතිං කට්ටිය ආපහු ගිහින් අනුමත වෙන්න කැමති කට්ටියගෙන් සල්ලි එකතු කරන්න ගත්තලු.මොනවා වුණත් ට්‍රිප් එකේදි බොන එක සෑහෙන ඩේන්ජරස් වැඩක්.හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ට මාට්ටු වුණොත් අම්බානට කන්න වෙනවා.කොටියා සර්ට මාට්ටු වුණොත් හොස්ටල් එකෙන් අස්වෙන්න පවා සිද්ද වෙන්න පුලුවන්.ඒත් ඉතිං "ඩේන්ජර් ඉස් මයි බිස්නස්" කියලා මතට තිත තියන්න කොල්ලො කීප දෙනෙක් සලාටයි, සකයාටයි එකතු වුණාලු.
අන්තිමට මතට තිත තියන්න එකතු වුණේ සලා, සකයා, පුරුපුරු, ජුවාන්, සංජු සහ පොල්පොට් කියන කට්ටිය.දැන් ඉතිං ප්‍රශ්නෙ බොන්නෙ මොන ජාතියද? කියන එකට වඩා, බෝතල් ගේන්නෙ කොහෙන්ද? කියන එක.දැන් අපේ කට්ටියට ෆාම් එකට ආපු පාර මතකත් නෑ.ඒ මදිවට බෝතල් ගේන්න නුවරඑළිය ටවුන් එක පැත්තට යන්න වෙනවා.ඉතිං මේ වෙලාවෙ වීර පුරුෂයො වගේ මේ වැඩේට ඉදිරිපත් වුණේ පොල්පොට් සහ සකයා.ඒ දෙන්නා "අරවා" ගේනකං පොඩි රෙස්ට් එකක් ගන්න කියලා අනිත් හතරදෙනා ආපහු රූම් එකට ගියාලු.
හැබැයි ඉතිං ඔහොම තත්පර, විනාඩි ගෙවිලා ගිහිං පැය දෙක තුනක් ගෙවිලා ගියත් පොල්පොටුයි සකයායි ආපහු ආවෙ නෑ.පුරුපුරුටයි ජුවාන්ටයි මහන්සි නිසා එහෙම්ම නින්ද ගියාලු.ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි වෙනම පෝස්ට් එකකින් කියන්නම්.මොකද නැත්තං මේ ලිපිය දිග වැඩි වෙනවා.මොකද වුණේ කියලා බලන්න පහළ ලින්ක් එකෙන් යන්නකෝ!
හොස්ටල් ලයිෆ් - නුවරඑළියට පිස්සු හැදුන දවස
Wednesday, November 17, 2010
හොස්ටල් ලයිෆ් - කොයින් බොක්ස් එක (The Coin Box)
අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි මීට මාසෙකට දෙකකට කලින් ලියපු "දිලූශා සහ හංසිනී" කියන සීරීස් එක.ඒකෙ කතාව කෙටියෙන් කිව්වොත්, අපේ මාලුකට්ටා දිලූශායි හංසිනීයි කියලා දැරිවියො දෙන්නෙක් එක්ක ෆිට් වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බැරුව ඉන්නවා.පස්සෙ මෑන්ස් කොහොමහරි දිලූශාගෙන් යාලුවෙන්න යාලුවෙන්න අහනවා.ඒත් මාලුකට්ටා එක්ක යාලුවෙන්න බලාගෙන ඉදලා තියෙන්නෙ හංසිනී හින්දා වැඩේ අප්සට් ගිහින් මෑන්ස්ට අන්තිමට කෙල්ලො දෙන්නම නැතිවෙනවා.ඔන්න කියවලා නැති යාලුවන්ට ගිහින් ටක් ගාලා කියවලා සීරීස් එකම කියවලා එන්න පුලුවන්.
දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දිලූශා සහ හංසිනී 3
කොහොමහරි ඉතින් ඔය වෙච්ච සිද්දියෙන් පස්සෙ අපේ මාලුකට්ටා අම්බානට අප්සට් එකේ හිටියෙ.අපරාද කේස් එකක් නොවැ වුණේ.මාලුකට්ටාට කැමති හංසිනී කියලා දැනගෙන හිටියනං කෙලින්ම ගිහින් හංසිනීගෙන්ම අහන්න තිබුනනෙ.කොහොමහරි ඔය සිද්දිය ගැන මෑන්ස් ලතවෙවී ඉන්න කාලෙක තමයි වේයන්ගොඩ ඉස්කෝලෙ 11 වසර ට්‍රිප් එක යන්න යෙදුනෙ.දුකින් තැවි තැවී හිටපු මාලුකට්ටත් ඔය ට්‍රිප් එකට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නත්, කුරුදුවත්තෙ පෝරිසාදයෙක්ව තමන්ගෙ බස් එකක දාගෙන යන්න වේයන්ගොඩ කොල්ලො සෙට් එක කැමති වුණේ නෑලු.
අන්තිමට ඉතිං මෑන්ස්ට සිද්ද වුණේ දිලූශාගෙයි හංසිනිගෙයි ආරක්ෂාව අපේ වේයන්ගොඩයටයි, චාමරටයි බාරදීලා පැත්තකට වෙලා ඉන්න.මාලුකට්ටා කෙසේවෙතත් පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයිනං බයේ හිටියෙ පොල් අරක්කු බෝතලේ දාලා බියර් ගෙනාපු වේයන්ගොඩයා කෙල්ලො දෙන්නට මොනවා කරයිද කියන එක ගැන.කොහොමහරි ඉතිං නියමිත දවසෙ කට්ටිය ට්‍රිප් එක පිටත් වෙලා තිබුනලු.දැන් සෙනසුරාදා වෙනකං මාලුකට්ටාට ඉවසිල්ලක් නෑ.ට්‍රිප් එකේ සිද්ද වුණේ මොකද්ද? දිලූශායි හංසිනියි පොරව මතක් කළාද නැද්ද? වගේ දැනගන්න දේවල් ගොඩාරියයි.
ඉතිං සෙනසුරාදා ලිට් ක්ලාස් එකේ සෙට් වුණාම අපේ යාලුවා මුලින්ම කළේ වේයන්ගොඩයව අල්ලගෙන ට්‍රිප් එක ගැන ඉන්ෆො ගත්තු එක.ඒත් වේයන්ගොඩයානං ට්‍රිප් එකේ සිද්ද වුණ දේවල් ගැන කියන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ.අන්තිමට පූසො කට්ටිය මෑන්ස්ගෙ කනෙං ඇදලා ඇහුවට පස්සෙ තමයි වේයන්ගොඩයා ට්‍රිප් එකේ සිද්ද වුණ දේ ගැන කිව්වෙ.
බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.ඔය දිලූශායි හංසිනීයි කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්කෝලෙ අනිත් ළමයින්ට ලොකු එක දීගෙන ඉන්න ඩයල් දෙකක්ලු.ඉතිං ඉස්කෝලෙ කොල්ලො සෙට් එකට කාලෙක ඉදලා ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා මේ දෙන්නට ගේමක් දෙන්න.විශේෂයෙන්ම මාලුකට්ටා ට්‍රිප් එකේදි ගෑනු ළමයි දෙන්නව බලාගන්න කියපු චාමරයි, වේයන්ගොඩයයිත් මේ දෙන්නා එක්ක අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා තමයි ඉදලා තියෙන්නෙ.ඉතිං ට්‍රිප් එක වෙලාවෙ වේයන්ගොඩයාට මේ දෙන්නට ගේමක් දෙන්න මරු අයිඩියා එකක් පහළ වෙලා.
සාමාන්‍යයෙන් ඉතිං කවුරු වුණත් ට්‍රිප් එකක් යද්දි අත් දෙක වන වනා එන්නෙ නෑ නොවැ! දිලූශායි හංසිනීයිත් ඉතිං ඔය ට්‍රිප් එකේදි බොන්න කියලා කොකාකෝලා බෝතලයක් ගෙනල්ලා.ඕක දැක්ක වේයන්ගොඩයා කරලා තියෙන්නෙ කෙල්ලො දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා බෝතලේ උස්සපු එක.හැබැයි මෑන්ස් බෝතලේ අරගෙන නිකං ඉදලා නැහැ.බෝතලේ තිබුන කෝක් වලින් කාලක් විතර බීපු වේයන්ගොඩයා කරලා තියෙන්නෙ, ට්‍රිප් එකේදි අනුමත වෙන්න කොල්ලො ගෙනාපු අරක්කු බෝතලේකින් ටිකක් කෝක් බෝතලේට පුරවලා, ආපහු තිබුන තැනින්ම තියපු එක.ඇත්තටම මත්පැන් කලවම් කිරීම සම්බන්දෙන් මෑන්ස්ට තියෙන අත්දැකීම් සහ ඉතිහාසය බැලුවම කවදාහරි පොර නතර වෙන්නෙ හොර අරක්කු මුදලාලි කෙනෙක් වෙලා තමයි.
කොහොමහරි ඊටපස්සෙ තමයි හොදම හරිය වෙලා තියෙන්නෙ.වටේ පිටේ හිටපු කෙල්ලන්ටත් පොඩ්ඩ පොඩ්ඩ දුන්නට පස්සෙ දිලූශායි හංසිනීයි තමයි කෝක් බෝතලේ වැඩි හරියකට වග කියලා තියෙන්නෙ.අලුතින් මාකට් එකට එන කෝක් පරණ එව්වාට වඩා රහයි කියලත් දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු.ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ ගෑනු ළමයි දෙන්නටම හොද පදමට ගණංලු.වේයන්ගොඩයා කියපු හැටියට ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිලූශා, හංසිනීගෙ යම් කිසි ශරීර ප්‍රදේශයක් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරපු එක.අපේ ටැබූගෙ භාෂාවෙන් කියනවනං පොඩි සමරිසි පාර්ට් එකක් දාලා.පොඩි පාර්ට් එකක් වුණත් ඉතිං අපේ අයියලාට ඕකත් ඇති නොවැ!
කොහොමහරි ඉතිං වේයන්ගොඩයාගෙ මිෂන් එක නියමෙට එකම්ප්ලිෂ් වුණා.හැබැයි මේ සිද්දියෙන් මාලුකට්ටගෙ හිත රිදෙනවා නේද කියලා මෑන්ස්ට මතක් වුණේ සිද්දිය වෙලා ඉවර වුණාට පස්සෙ.ඉතිං සිද්දිය අහපු මාලුකට්ටා වෙයන්ගොඩයාව පණපිටින් අනුභව කළේ නැති ටික විතරයි.කොහොමහරි අන්තිමට වුණේ මාලුකට්ටාගෙ හිතේ දිලූශා ගැන තිබුන ආදරේ වෛරයකට හැරුණ එක.දැන් මෑන්ස් උදේ හවස ප්ලෑන් කරන්නෙ දිලූශාට ගේමක් දෙන හැටිලු.ඔය සිද්දිය වෙරි වෙලා හිටපු වෙලාවක සිද්දවුණ පොඩි දෙයක්නෙ කියලා මාලුකට්ටාගෙ හිත හදන්න අනිත් පූසො ට්‍රයි කළත් දවසින් දවස මෑන්ස්ගෙ තරහා වැඩි මිසක් අඩු වුණේ නෑ.
අන්තිමට මාලුකට්ටා තීරණය කළේ දිලූශාට කෝල් එකක් දීලා ඇනෝනිමස් විදිහට බනින්න.ඉතිං පූසන්ගෙ කටහඩවල් දිලූශා අදුනන නිසයි, වැඩේට සුදුසු බෙස්ට් පුද්ගලයා තාරබාසු නිසයි, කෝල් කිරීම තාරබාසුටම පවරන්න මාලුකට්ටා තීරණය කළා.වැඩේට තෝරගත්තෙ පිං කොයින් බොක්ස් එක."පිං" කිව්වෙ පිනට කෝල් කරන්න දුන්න නිසානං නෙවෙයි, ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක ළග බොක්ස් එක තිබුන නිසා.ඉතිං හවස් වරුවෙ තාරබාසුට හොදට කන්න බොන්න අරන් දුන්න පුරුපුරුයි මාලුකට්ටයි, ඩිනර් එකෙන් පස්සෙ මෑන්ස්ව ඇදගෙන කොයින් බොක්ස් එක ලගට ගියාලු.
ඒ දවස්වල ඉතිං වැඩිපුර මොබයිල් ෆෝන් තිබුනෙ නෑ නොවැ! තිබුනනං දිලූශාට කෙලින්ම කතා කරලා බනින්න තිබුනා.ඉතිං දිලූශාම ඇවිත් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් වුණත් කතා කරන්න සිද්ද වුණේ දිලූශාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.අපේ යාලුවොත් ඉතිං පහේ කාසි තුනක් දාලා, නම්බර් එක ඩයල් කරලා වැඩේ පටන් ගත්තා.දැන් තාරබාසු අතේ තමයි රිසීවර් එක තියෙන්නෙ.කීප පාරක් රිංග්ස් ගියාට පස්සෙ අවාසනාවට වගේ එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්.ගොරෝසු වොයිස් එකෙන් ඒ කතා කරන්නෙ ඊයෙ පෙරේදා රට ඉදලා ආපු දිලූශාගෙ තාත්තා කියල හිතාගන්න පූසන්ට අමාරු වුණේ නෑ.
තාරබාසු :- හෙලෝ, දිලූශා ඉන්නවද?
දිලූශාගෙ තාත්තා :- May I know who's speaking there?
මහරෑ දෙගොඩහරියෙ තමන්ගෙ දුවට කෝල් කරන්නෙ මොකෙක් හරි නසරාණියෙක් වෙන්න ඇති කියලා දිලූශාගෙ තාත්තාට තේරුණාලු.පුරුපුරුගෙ අයිඩියා එක වුණේනං තාත්තා එක්ක කතාවට යන්නෙ නැතුව එතනින් ෂේප් වෙලා යන එක හොදයි කියලා.ඒ වුණාට රාජකාරියට අවංක තාරබාසු වගේ ඩයල් එකක්, බාරගත්ත ජොබ් එක ඉවර කරලා මිසක් පස්ස බලන්නෙ නෑ.ඉතිං මෑන්සුත් දන්න කියන කඩු වචන ටික දාලා ටෝකට එන්ටර් වුණාලු.
තාරබාසු :- I want to speak with Dilusha, right now
දිලූශාගෙ තාත්තා :- You bastard, who the hell do you think you are? @$#@%#$&*(*()^#@@!$~^*Q@$#@^#$
මෙහෙම පටන් ගත්ත අංකල්ගෙ කඩු කුණුහරුප ප්‍රහාරය හමුවේ සිද්ද වුණේ තාරබාසු ඇඹරිලා ගිය එක.ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරලා ඉන්නත් එපායැ!
තාරබාසු :- f--- you, suck my d---
දැන් තාරබාසුත් තමන් දන්න කියන ඉංගිරිසි කුණුහරුප ටික කට පාඩමෙන් වගේ කියාගෙන යනවලු.ඒත් ඒ කියවිල්ලෙ කිසි ගෝ එකක් නෑ.අංකල්ගෙ ප්‍රහාරය සැර වැඩියි.තාරබාසු එකක් කියනකොට අංකල් කාරයා දහයක් විතර කියනවා.මාලුකට්ටයි පුරුපුරුයි මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නවා.ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි අපේ තාරබාසුගෙත් ඉවසීමේ රතුකට්ට පැන්නලු.අංකල්ට කන් දෙකේ ඇගිලි ගහගන්න වෙන තරං හයියෙන් කෑ ගහලා මෑන්ස් කිව්වෙ මෙන්න මෙහෙම
දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දිලූශා සහ හංසිනී 3
කොහොමහරි ඉතින් ඔය වෙච්ච සිද්දියෙන් පස්සෙ අපේ මාලුකට්ටා අම්බානට අප්සට් එකේ හිටියෙ.අපරාද කේස් එකක් නොවැ වුණේ.මාලුකට්ටාට කැමති හංසිනී කියලා දැනගෙන හිටියනං කෙලින්ම ගිහින් හංසිනීගෙන්ම අහන්න තිබුනනෙ.කොහොමහරි ඔය සිද්දිය ගැන මෑන්ස් ලතවෙවී ඉන්න කාලෙක තමයි වේයන්ගොඩ ඉස්කෝලෙ 11 වසර ට්‍රිප් එක යන්න යෙදුනෙ.දුකින් තැවි තැවී හිටපු මාලුකට්ටත් ඔය ට්‍රිප් එකට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නත්, කුරුදුවත්තෙ පෝරිසාදයෙක්ව තමන්ගෙ බස් එකක දාගෙන යන්න වේයන්ගොඩ කොල්ලො සෙට් එක කැමති වුණේ නෑලු.
අන්තිමට ඉතිං මෑන්ස්ට සිද්ද වුණේ දිලූශාගෙයි හංසිනිගෙයි ආරක්ෂාව අපේ වේයන්ගොඩයටයි, චාමරටයි බාරදීලා පැත්තකට වෙලා ඉන්න.මාලුකට්ටා කෙසේවෙතත් පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයිනං බයේ හිටියෙ පොල් අරක්කු බෝතලේ දාලා බියර් ගෙනාපු වේයන්ගොඩයා කෙල්ලො දෙන්නට මොනවා කරයිද කියන එක ගැන.කොහොමහරි ඉතිං නියමිත දවසෙ කට්ටිය ට්‍රිප් එක පිටත් වෙලා තිබුනලු.දැන් සෙනසුරාදා වෙනකං මාලුකට්ටාට ඉවසිල්ලක් නෑ.ට්‍රිප් එකේ සිද්ද වුණේ මොකද්ද? දිලූශායි හංසිනියි පොරව මතක් කළාද නැද්ද? වගේ දැනගන්න දේවල් ගොඩාරියයි.
ඉතිං සෙනසුරාදා ලිට් ක්ලාස් එකේ සෙට් වුණාම අපේ යාලුවා මුලින්ම කළේ වේයන්ගොඩයව අල්ලගෙන ට්‍රිප් එක ගැන ඉන්ෆො ගත්තු එක.ඒත් වේයන්ගොඩයානං ට්‍රිප් එකේ සිද්ද වුණ දේවල් ගැන කියන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ.අන්තිමට පූසො කට්ටිය මෑන්ස්ගෙ කනෙං ඇදලා ඇහුවට පස්සෙ තමයි වේයන්ගොඩයා ට්‍රිප් එකේ සිද්ද වුණ දේ ගැන කිව්වෙ.
බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.ඔය දිලූශායි හංසිනීයි කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්කෝලෙ අනිත් ළමයින්ට ලොකු එක දීගෙන ඉන්න ඩයල් දෙකක්ලු.ඉතිං ඉස්කෝලෙ කොල්ලො සෙට් එකට කාලෙක ඉදලා ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා මේ දෙන්නට ගේමක් දෙන්න.විශේෂයෙන්ම මාලුකට්ටා ට්‍රිප් එකේදි ගෑනු ළමයි දෙන්නව බලාගන්න කියපු චාමරයි, වේයන්ගොඩයයිත් මේ දෙන්නා එක්ක අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා තමයි ඉදලා තියෙන්නෙ.ඉතිං ට්‍රිප් එක වෙලාවෙ වේයන්ගොඩයාට මේ දෙන්නට ගේමක් දෙන්න මරු අයිඩියා එකක් පහළ වෙලා.
සාමාන්‍යයෙන් ඉතිං කවුරු වුණත් ට්‍රිප් එකක් යද්දි අත් දෙක වන වනා එන්නෙ නෑ නොවැ! දිලූශායි හංසිනීයිත් ඉතිං ඔය ට්‍රිප් එකේදි බොන්න කියලා කොකාකෝලා බෝතලයක් ගෙනල්ලා.ඕක දැක්ක වේයන්ගොඩයා කරලා තියෙන්නෙ කෙල්ලො දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා බෝතලේ උස්සපු එක.හැබැයි මෑන්ස් බෝතලේ අරගෙන නිකං ඉදලා නැහැ.බෝතලේ තිබුන කෝක් වලින් කාලක් විතර බීපු වේයන්ගොඩයා කරලා තියෙන්නෙ, ට්‍රිප් එකේදි අනුමත වෙන්න කොල්ලො ගෙනාපු අරක්කු බෝතලේකින් ටිකක් කෝක් බෝතලේට පුරවලා, ආපහු තිබුන තැනින්ම තියපු එක.ඇත්තටම මත්පැන් කලවම් කිරීම සම්බන්දෙන් මෑන්ස්ට තියෙන අත්දැකීම් සහ ඉතිහාසය බැලුවම කවදාහරි පොර නතර වෙන්නෙ හොර අරක්කු මුදලාලි කෙනෙක් වෙලා තමයි.
කොහොමහරි ඊටපස්සෙ තමයි හොදම හරිය වෙලා තියෙන්නෙ.වටේ පිටේ හිටපු කෙල්ලන්ටත් පොඩ්ඩ පොඩ්ඩ දුන්නට පස්සෙ දිලූශායි හංසිනීයි තමයි කෝක් බෝතලේ වැඩි හරියකට වග කියලා තියෙන්නෙ.අලුතින් මාකට් එකට එන කෝක් පරණ එව්වාට වඩා රහයි කියලත් දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු.ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ ගෑනු ළමයි දෙන්නටම හොද පදමට ගණංලු.වේයන්ගොඩයා කියපු හැටියට ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිලූශා, හංසිනීගෙ යම් කිසි ශරීර ප්‍රදේශයක් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරපු එක.අපේ ටැබූගෙ භාෂාවෙන් කියනවනං පොඩි සමරිසි පාර්ට් එකක් දාලා.පොඩි පාර්ට් එකක් වුණත් ඉතිං අපේ අයියලාට ඕකත් ඇති නොවැ!
කොහොමහරි ඉතිං වේයන්ගොඩයාගෙ මිෂන් එක නියමෙට එකම්ප්ලිෂ් වුණා.හැබැයි මේ සිද්දියෙන් මාලුකට්ටගෙ හිත රිදෙනවා නේද කියලා මෑන්ස්ට මතක් වුණේ සිද්දිය වෙලා ඉවර වුණාට පස්සෙ.ඉතිං සිද්දිය අහපු මාලුකට්ටා වෙයන්ගොඩයාව පණපිටින් අනුභව කළේ නැති ටික විතරයි.කොහොමහරි අන්තිමට වුණේ මාලුකට්ටාගෙ හිතේ දිලූශා ගැන තිබුන ආදරේ වෛරයකට හැරුණ එක.දැන් මෑන්ස් උදේ හවස ප්ලෑන් කරන්නෙ දිලූශාට ගේමක් දෙන හැටිලු.ඔය සිද්දිය වෙරි වෙලා හිටපු වෙලාවක සිද්දවුණ පොඩි දෙයක්නෙ කියලා මාලුකට්ටාගෙ හිත හදන්න අනිත් පූසො ට්‍රයි කළත් දවසින් දවස මෑන්ස්ගෙ තරහා වැඩි මිසක් අඩු වුණේ නෑ.
අන්තිමට මාලුකට්ටා තීරණය කළේ දිලූශාට කෝල් එකක් දීලා ඇනෝනිමස් විදිහට බනින්න.ඉතිං පූසන්ගෙ කටහඩවල් දිලූශා අදුනන නිසයි, වැඩේට සුදුසු බෙස්ට් පුද්ගලයා තාරබාසු නිසයි, කෝල් කිරීම තාරබාසුටම පවරන්න මාලුකට්ටා තීරණය කළා.වැඩේට තෝරගත්තෙ පිං කොයින් බොක්ස් එක."පිං" කිව්වෙ පිනට කෝල් කරන්න දුන්න නිසානං නෙවෙයි, ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක ළග බොක්ස් එක තිබුන නිසා.ඉතිං හවස් වරුවෙ තාරබාසුට හොදට කන්න බොන්න අරන් දුන්න පුරුපුරුයි මාලුකට්ටයි, ඩිනර් එකෙන් පස්සෙ මෑන්ස්ව ඇදගෙන කොයින් බොක්ස් එක ලගට ගියාලු.
ඒ දවස්වල ඉතිං වැඩිපුර මොබයිල් ෆෝන් තිබුනෙ නෑ නොවැ! තිබුනනං දිලූශාට කෙලින්ම කතා කරලා බනින්න තිබුනා.ඉතිං දිලූශාම ඇවිත් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් වුණත් කතා කරන්න සිද්ද වුණේ දිලූශාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.අපේ යාලුවොත් ඉතිං පහේ කාසි තුනක් දාලා, නම්බර් එක ඩයල් කරලා වැඩේ පටන් ගත්තා.දැන් තාරබාසු අතේ තමයි රිසීවර් එක තියෙන්නෙ.කීප පාරක් රිංග්ස් ගියාට පස්සෙ අවාසනාවට වගේ එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්.ගොරෝසු වොයිස් එකෙන් ඒ කතා කරන්නෙ ඊයෙ පෙරේදා රට ඉදලා ආපු දිලූශාගෙ තාත්තා කියල හිතාගන්න පූසන්ට අමාරු වුණේ නෑ.
තාරබාසු :- හෙලෝ, දිලූශා ඉන්නවද?
දිලූශාගෙ තාත්තා :- May I know who's speaking there?
මහරෑ දෙගොඩහරියෙ තමන්ගෙ දුවට කෝල් කරන්නෙ මොකෙක් හරි නසරාණියෙක් වෙන්න ඇති කියලා දිලූශාගෙ තාත්තාට තේරුණාලු.පුරුපුරුගෙ අයිඩියා එක වුණේනං තාත්තා එක්ක කතාවට යන්නෙ නැතුව එතනින් ෂේප් වෙලා යන එක හොදයි කියලා.ඒ වුණාට රාජකාරියට අවංක තාරබාසු වගේ ඩයල් එකක්, බාරගත්ත ජොබ් එක ඉවර කරලා මිසක් පස්ස බලන්නෙ නෑ.ඉතිං මෑන්සුත් දන්න කියන කඩු වචන ටික දාලා ටෝකට එන්ටර් වුණාලු.
තාරබාසු :- I want to speak with Dilusha, right now
දිලූශාගෙ තාත්තා :- You bastard, who the hell do you think you are? @$#@%#$&*(*()^#@@!$~^*Q@$#@^#$
මෙහෙම පටන් ගත්ත අංකල්ගෙ කඩු කුණුහරුප ප්‍රහාරය හමුවේ සිද්ද වුණේ තාරබාසු ඇඹරිලා ගිය එක.ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරලා ඉන්නත් එපායැ!
තාරබාසු :- f--- you, suck my d---
දැන් තාරබාසුත් තමන් දන්න කියන ඉංගිරිසි කුණුහරුප ටික කට පාඩමෙන් වගේ කියාගෙන යනවලු.ඒත් ඒ කියවිල්ලෙ කිසි ගෝ එකක් නෑ.අංකල්ගෙ ප්‍රහාරය සැර වැඩියි.තාරබාසු එකක් කියනකොට අංකල් කාරයා දහයක් විතර කියනවා.මාලුකට්ටයි පුරුපුරුයි මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නවා.ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි අපේ තාරබාසුගෙත් ඉවසීමේ රතුකට්ට පැන්නලු.අංකල්ට කන් දෙකේ ඇගිලි ගහගන්න වෙන තරං හයියෙන් කෑ ගහලා මෑන්ස් කිව්වෙ මෙන්න මෙහෙම
I say, tell your daughter not to hit hoppers..........!!!
මේ කතාව කිව්වා විතරයි, එහාපැත්තෙන් "දඩස්" ගාලා ෆෝන් එක තියනවා ඇහුනා. ඒ වගේම මාලුකට්ටාගෙ හිතේ තිබුන ආවේගයත් එවලෙම නැතිවෙලා ගියා.කොහොමහරි එදා ඉදන් අද දක්වාම දිලූශායි හංසිනීයි පූසො එක්ක කිසි ගනුදෙනුවක් නැහැලු.
ප.ලි - පස්සෙ පුස්ගම කෙල්ලො කොල්ලො අතරෙ ආරංචිය පැතිරුණේ පුරුපුරු කියන පෝරිසාදයා හොස්ටල් එකේ ඉදන් දිලූශාගෙ තාත්තාට කුණුහරුපෙන් බැනලා කෝල් කරලයි කියලා.ඒ මදිවට පුරුපුරු, අහිංසක මාලුකට්ටාවත් මේකට පටළවගෙන කියලා දූෂමාණ ආරංචියක් ගියාලු.
Labels:
උපාසක,
ඤාව්වා,
තාරබාසු,
දිලූශා,
පුරු පුරු,
මාළු කට්ටා,
වේයන්ගොඩයා,
හංසිනී
Saturday, November 13, 2010
කලුකුමාරි RELOADED - මාලුකට්ටේය අභිමානය
ඔන්න යාලුවනේ සතියකින් පස්සෙ අපි ආපහු ආවා.අපි එදා කිව්වෙ තට්ටයා ඤාව්වට ගහපු නිසා පුරුපුරු ගිහින් මෑන්ස් එක්ක වලියක් දාගත්ත හැටියි, පස්සෙ රෝහණදීරට පූසො වෙනුවෙන් වලියට බහින්න බැහැයි කියපු නිසා පුරුපුරු අසරණ වෙච්ච හැටියි ගැනනෙ.ඉතිං කලුකුමාරි ගැන ලියවුණු අපේ පරණ ලිපි කියවපු නැති යාලුවො මෙතනින් ගිහින් බලලා එන්නකෝ.
කොහොමහරි ඉතිං පුරුපුරු ගිහිං අනිත් පුසන්ට මේ සිද්දිය කිව්වම මුලු පූසො සෙට් එකම හෝදලා ගියා.කට්ටිය දැන් එක එක අතවල් බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා.තට්ටයා වගේ නමගිය මැර ඩයල් එකක් එක්ක වලියක් දාගෙන ලේසියෙන් ෂේප් වෙන්න බැහැ.එහෙම ෂේප් වෙන්න හරි ගහන්න හරි ඕනෙනං රෝහණදීර වගේ ඊටත් වඩා ලොකු මැරයෙක්ව කන්ටෑක්ට් කරන්න ඕනෙ.ඒත් ඉතිං රෝහණදීරත් බෑ කිව්වට පස්සෙ පූසො කියල මක් කොරන්නද හැබෑට?
අන්තිමට පුරුපුරුගෙයි උපාසකගෙයි අයිඩියා එක වුණේ ඊළග සතියෙ පුස්ගම ටවුන් එකට යන්නෙ නැතුව වෙන ෂෝට් කට් එකකින් ගෙදර යන්න.හැබැයි ඉතිං තට්ටයාට චැලේන්ජ් කරලා, ඊට පස්සෙ වලියට යන්නෙ නැතුව, ඊටත් පස්සෙ ඒ පැත්තෙ කොල්ලො ටික සිද්දිය දැනගත්තම පූසන්ගෙ සායමේ අන්තිම බිංදුවත් හෝදල යන එක නවත්තන්න කාටවත් බෑ.ඒත් ඉතිං එහෙමයි කියලා කාටද අම්බානට ගුටිකන්න පුලුවන්?ඉතිං සතියම ප්ලෑන් කළත් වෙන හොද ඔප්ෂන් එකක් හොයාගන්න අපේ පූසො සෙට් එකට බැරිවුණාලු.රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ නොවැ!
හැබැයි උපාසකයි පුරුපුරුයි මොනවා කිව්වත් මාලුකට්ටගෙනං කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ සතුරා හමුවේ පසුබහින්න.මෑන්ස් කිව්වෙම ගුටිකෑවත් කමක් නෑ, පූසො ටික තට්ටයා එක්ක වලියට යන්න ඕනෙමයි කියලා.තමන්ගෙ පරම්පරාවෙ කවුරුවත් කවදාවත් කාටවත් බයේ පැනලා ගිහිල්ලා නෑ කියලා තමයි මාලුකට්ටා පොරටෝක්ස් දුන්නෙ.අන්තිමට මෑන්ස් තීරණය කළේ අනිත් පූසෝ ආවෙ නැතත් තමන් තනියෙන් හරි මේ ගමන යනවයි කියලා.
කොහොමහරි මාලුකට්ටගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන අනිත් පූසන්ටත් ඊළග සෙනසුරාදා තට්ටයාගෙන් ගුටිකන්න යන ගමනට යන්න එකග වෙන්න සිද්දවුණාලු.අනිත් පූසො මාලුකට්ටාට දාපු එකම කොන්දේසිය තමයි අර ඇටබෝල තුවක්කුව මේ වලියට ගේන්න බැරි වග.
ඉතිං තීරණාත්මක සෙනසුරාදා දවස උදා වුණේ ඇහිපිය ගහන වේගෙන්.එදා උදේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක ඉවර වෙලා අපේ පූසො සෙට් එක එළියට බැස්සෙ ගැහි ගැහි වාගෙ.දැන් ඉතිං තට්ටයාගෙ හෝරාව උදා වෙලයි තියෙන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටිය හිමින් සීරුවෙ පූස්ගම ටවුන් එක පැත්තට ඇදුනලු.ගිහින් බැලින්නං තට්ටයා පේන්න නෑ.මේකා බැරිවෙලාවත් පුසන්ට බයේ ටවුන් එකට ඇවිත් නැද්ද? අපේ මාලුකට්ටගෙ අදහස වුණේනං ඒකයි.ඉතිං අපේ පූසන්ගෙ බයත් පොඩ්ඩ පොඩ්ඩ ඇරිල යන්න පටන් ගත්තලු.
කට්ටිය ටවුන් එකට වෙලා හිනා වෙවී ඉන්න අතරෙ පුරුපුරු දැක්කා ඤාව්වගෙ හිනා මූණ එකපාරටම විකෘති වෙලා යන හැටි.ඤාව්වා බලාගෙන හිටපු පැත්ත දිහා බලපු පුරුපුරුගෙ මූණත් ඒ වගේම විකෘති වුණාලු.බැලින්නං බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් තට්ටයාගෙ තට්ට ඔලුව මතුවෙලා.ටික ටික මෑන්ස්ගෙ ඔලුව පිටිපස්සෙන් තව තව ඔලු මතුවෙන්න පටන් ගත්තලු.මෙන්න බොලේ තට්ටයා පූසන්ට පහර දෙන්න පනහක විතර සෙට් එකක් අරන් ඇවිල්ලා.මෑන්ස්ගෙ පස්සෙන් මෙරු මතුවෙනවා වගේ තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොල්ලො සෙට් එකක් මතුවුණේ.දැන් ඉතිං පූසො හතරදෙනා ෆුල් නස්තාර්.කට්ටියගෙම ඇස් ඉබේම හැරුණෙ වීර මාලුකට්ටා හිටපු පැත්තට.
මෙන්න බොලේ අපේ මාලුකට්ටා තට්ටයාව දැකලා කට කට ගාලා ගැහෙනවා.මූණත් රතුවෙලා.
මාලුකට්ටා:- මචං, අදනං ගහගන්න බෑ වගේ.අපි ලබන සතියෙ මුන්ට ඇටෑක් එකක් දෙමු
මෙහෙම කියපු අපේ පූසා අනිත් යාලුවන්ගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගත්තලු.එතකොටම තමයි බස්ටෑන්ඩ් එකට ආපු බස් එකක් නිසා තට්ටයාට පූසන්ගෙ දර්ශන පථය ඇහිරුණේ.දැන් පුරුපුරුටයි, උපාසකටයි, ඤාව්වටයි උදාවෙලා තියෙන්නෙ "නව් ඕර් නෙවෙර්" ආකාරයෙ අවස්ථාවක්.කරන දෙයක් දැන්ම තීරණේ කරන්න ඕනෙ.නැත්තං බස් එක එතනින් ගිය හැටියෙ තට්ට සෙට් එක ඇවිත් පූසන්ට අම්බානට නෙලනවා.
ඤාව්වා:- මචං, මාලුකට්ටා කියපු හින්දනෙ අපි මෙතෙන්ට ආවෙ.දැන් ඌත් දුවපු එකේ අපිත් දුවලා බේරේමු
මෙහෙම කියපු ඤාව්වත් ආපහු හැරිලා දුවන්න ගත්තලු.මාලුකට්ටයි ඤාව්වයි දුවනවා බලන් හිටපු පුරුපුරුයි උපාසකයි කළේ හිත හිතා ඉන්නෙ නැතුන යාලුවො දෙන්නා පස්සෙන් දුවපු එක.කොහොමහරි බස්එක එතනින් අහකට ගන්නකොට පූසො කවුරුවත් එතන හිටියෙ නෑ.පස්සෙ ආරංචි වෙච්ච හැටියට තට්ටයා ඇතුලු සෙට් එක පැය කාලක් විතර පූසො හොය හොයා ඒරියා එකම සර්ච් කරලා, පස්සෙ හොයාගන්න බැරිවුණ තැන ආපහු යන්න ගිහින්.
අන්තිමට ඉතිං ඔයින් මෙයින් සිද්දවුණේ අපේ පුසන්ට ටික දවසක් යනකං කලිසම් ඇදගෙන එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වුණ එකයි, වීර මාලුකට්ටාගෙ පරම්පරාවෙ සාමාජිකයෙක් "මුලින්ම" බයේ දුවපු එකයි විතරයි.පස්සෙ ටික දවසක් යනකං පූසන්ව හොයපු තට්ටයා අන්තිමට වැඩේ අතඇරලා දැම්මලු.
ප.ලි - පස්සෙ ඒ ලෙවල් කාලෙ දවසක පුරුපුරු ටවුන් එක මැදින් යනකොට මෙන්න බොලේ තට්ටයයි ඤාව්වයි කඩේකට වෙලා ප්ලේන්ටි බිබී ඉන්නවා.ඔන්න ඔහෙමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.හික් හික්!!
Saturday, November 6, 2010
කලුකුමාරි RELOADED - තට්ටයාගේ හෝරාව
ඔන්න යාලුවනේ හා හා පුරා කියලා නොවැම්බර් මාසෙ බ්ලොග් කටයුතු පටන්ගන්නයි යන්නෙ.තව දවසක් දෙකක් පරක්කු වෙලා ලියන්න හිතුවත් ටැබූ ගොයියා වගේ බ්ලොග්අවකාශෙ පතාක යෝධයෙක්ගෙන් රෙකමදාරුවක් ලැබුනට පස්සෙ අදම මේ ලිපිය ලියන්න ඕනෙයි කියලා හිතුනා.හික් හික්!!හැබැයි ඉතිං වැඩිපුරම සතුටු හිතුනෙ මෑන්ස් මාව "යොවුන්" කියන කැටගරියට ඔබලා තියනවා දැක්කට පස්සෙ.
පහුගිය දවස්වල ගොඩක් හොස්ටල් කතා ලිව්ව හින්දා අපේ උපාසකයි ඤාව්වයි ගැන වැඩිය ලියන්න බැරිවුණා.මොකද පූසන්ගෙන් හොස්ටල් එකේ හිටියෙ පුරුපුරුයි මාලුකට්ටයි විතරයි නොවැ!ඉතිං අද අපි ලියන්නෙ පූසො සෙට් එකේ ආතල් කතාවක්.
අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි කලුකුමාරි ගැන ලියපු සීරීස් එක? කියවපු නැති අය කැමතිනං ගිහිං කියවලා එන්නකෝ.අපේ අවසරයක් නැතුව එළකිරි අඩවියෙත් පළවෙච්ච සීරීස් එකක් තමයි ඔය
කලුකුමාරි 1
කලුකුමාරි 2
කලුකුමාරි 3
කලුකුමාරි 4
ඉතිං මේ සිද්දිය වුණෙත් ඔය කලුකුමාරිගෙ කේස් එක වෙලා ටික දවසකට පස්සෙ.කලුකුමාරි වෙනුවෙන් සෙට් එකක් එක්ක ඇවිත් ඤාව්වාට සද්ද දාලා, පුරුපුරුට ගහපු දිගා ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොලුවෙක් නොවැ!ඉතිං මෑන්ස් ඊට පස්සෙ රෝහණදීරගෙන් ගුටිකෑවටම ඒ ඉස්කෝලෙ කොල්ලන්ගෙ හිත් සෑහෙන්න රිදුනා.ඒත් එහෙම කියලා රෝහණදීරට තඩිබාන්නයැ!ඉතිං පූස්ගම හිටපු ගම්පහ පිරිමි ඉස්කෝලෙට ගිය කොල්ලො සෙට් එක ඇගිලි ගැන ගැන හිටියෙ පූසන්ට ගේමක් දෙන්නෙ කොහොමද, කවදද කියලා.ඔහොම සති දෙක තුනක් ගියත් කාගෙන්වත් පූසන්ට කිසිම තර්ජනයක් එල්ල වුණේ නෑ.ඉතිං අපේ පූසො සෙට් එකත් හිතාගත්තලු දෙයියන්ගෙ පිහිටෙන් ඒ සිද්දියත් එතනින් ඉවරයි කියලා.
කියන්න ලැජ්ජ වුණත් ඒ දවස්වල ඕ ලෙවල් කිට්ටු නිසා ඤාව්වයි මාලුකට්ටයි සිංහල පන්තියකට ගියා.ඒ පන්තියත් අර කලුකුමාරි කතාවෙ සමාජ අධ්‍යයනය පන්තිය වගේම බොහොම පොඩි ක්ලාස් එකක්.ඉතිං ඔය පන්තියට ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයි කීප දෙනෙකුත් ආවලු.ගොඩක් වෙලාවට ඔය කොල්ලො සෙට් එක පන්තියට එන්නෙ හොදට අනුමත වුණාට පස්සෙලු.සර්රුත් එච්චර අවුලක් නැති නිසා බීමත්ව අධ්‍යාපනයේ යෙදීම ගැන කිසිම ප්‍රශ්නයක් ඒ අයට ඇතිවුණේ නෑ.මේ සෙට් එක ලීඩ් කළේ "තට්ටයා" කියලා හදුන්වපු කොන්ඩෙ කොටටම කපපු කොල්ලෙක්.
ඔන්න එක දවසක් පන්තිය පටන් අරන් පැය බාගයක් විතර ගියාට පස්සෙ මේ කොල්ලො සෙට් එක පන්තියට ආවලු.බැලින්නං යාලුවො සෙට් එක කන් පාත් වෙන්න බීලා.ඉතිං ටිකක් වෙලා ගිහිං ක්ලාස් එකේ ඉන්ටර්වල් එකත් දුන්නලු.දැන් කට්ටිය වතුර බොන්න ටැප් එක පැත්තට යන වෙලාව.අපේ ගම්පහ කොල්ලො සෙට් එකත් පූසො දෙන්නත් එක්ක වැනි වැනී ඒ පැත්තට යනවලු.ඔය වෙලාවෙ තමයි තට්ටයයි ඤාව්වයි අතරෙ මෙහෙම කතාවක් ඇතිවුණේ
තට්ටයා :- අඩෝ ඤාව්වා, ඉස්සරහ කඩේට ගිහිං අපිට ටොපි අරන් වරෙන්.......
ඤාව්වට තේරුණා තට්ටයා එන්නෙ හොදකට නෙවෙයි කියලා.තට්ටයා ඒ දවස්වල ඒ පැත්තෙ ප්‍රසිද්ද මැර ඩයල් එකක්.ඒ හින්දා මෑන්ස් එක්ක පැටලෙන්න යන එක කොහෙත්ම නුවණට හුරු නෑ.රෝහණදීරට හැමතිස්සෙම වලි වලට කතා කරන්නත් බෑ නොවැ!අනික එතන පූසන්ට හිටියෙ ඤාව්වයි මාලුකට්ටයි විතරයි.ඉතිං ඒ කොල්ලොත් එක්ක ගහගන්න එකයි, මාලුකට්ටාව පරිස්සං කරන එකයි ඤාව්වට එකට කරන්න පුලුවන්යැ.ඇරත් බීල සිහි විකල් වෙලා ඉන්න තට්ට සෙට් එක මොනවගේ දෙයක් කරයිද කවුද දන්නෙ?ඒක හින්දා පොඩ්ඩක් ෂේප් එකේ උත්තර දෙන්න ඤාව්වා තීරණය කළාලු.
ඤාව්වා :- මම වතුර බොන්න යනවා මචං.උඹලම ගිහි අරං වරෙං වෙරි හිදෙන්නත් එක්ක
ඒත් ඉතිං කොක්කක් දාගන්න උවමනාව තියනවනං ඇවිත් තමන්ට වැන්දත් ඒ ටික ඇති නොවැ!ඒ නිසා ඤාව්වා තමන්ට කියපු දේ වලියක් දාගන්න ඕනෑවටත් වඩා වැඩියි කියලා තට්ටයා හිතුවලු.
තට්ටයා :- අඩෝ! උඹ හිතුවෙ රෝහණදීර අයියා ලව්ව දිගාට ගැස්සුවාම උඹ හෙන පොරක් කියලද? උඹ දැනගනිං මට තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ තට්ටයා කියන්නෙ.උඹ මට අපහාස කරල බේරිලා යන්නද හිතන් ඉන්නෙ?
මෙහෙම කියපු තට්ටයා ඇතුලු සෙට් එක වෙන පැත්තකට ගියාලු.කොහොමහරි එදා පන්තියෙ ඉතුරු වෙලාව ඤාව්වයි මාලුකට්ටයි ගතකළේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.පුරුපුරුටයි උපාසකටයි සිද්දිය කියන්න විදිහකුත් නෑ.මොකද ඒ දවස්වල මොබයිල් ෆෝන් එකක් කියන්නෙ ලේසියෙන් දැකගන්න ලැබෙන වස්තුවක් නෙවෙයිනෙ.කොහොමහරි පන්තිය ඉවරවෙලා ටික දුරක් ඇවිදගෙන යද්දි ඤාව්වව වට කරගත්තු තට්ට සෙට් එක මෑන්ස්ට අම්බානට නෙලුවලු.ඇති යාන්තම් මාලුකට්ටාට මොනවත් කරලා තිබුනෙ නෑ.මොකද ඒ දවස්වල මාලුකට්ටා, නිකං රුවන්ඩාවෙන් ගෙනාපු බෝංචි කරල වගේ හොද පෘෂ්ටිමත් පූසෙක්.
ඤාව්වා ගුටිකෑවයි කියලා පුරුපුරුටයි උපාසකටයි ආරංචි වුණේ පහුවදා උදේලු.දෙයියන්ගෙ පිහිටෙන් ඤාව්වාට ගුටිකාලා ලොකු අමාරුවක් වෙලා තිබුනෙ නෑ.ඉතිං දැන් අපේ පූසො කට්ටිය ප්ලෑන් කරනවා මොකද්ද ඊළගට කරන්න ඕනෙ කියලා.ඤාව්වා ගුටි කාපු නිසා අනිවා රිටර්න් එකක් දෙන්නම ඕනෙ.ඔය තට්ටයා කියන්නෙ එච්චරම උස මහත කොල්ලෙක් නෙවෙයි.අනික මෑන්ස් ගැන අපේ පූසො එච්චර විස්තර දැනගෙන හිටියෙත් නෑ.පුරුපුරුනං මෑන්ස්ව දැකලවත් තිබුනෙ නෑ.ඒක නිසා තට්ටයා ගැන වහාම හොයලා බලන්නයි, මේ සිද්දිය ගැන රෝහණදීරට දැනුම් දෙන්නයි කට්ටිය අන්තිමට තීරණය කළාලු.
ඉතිං පහුවදා හවස පුරුපුරු ගියාලු රෝහණදීරව හම්බවෙන්න.මෑන්ස් නිතරම ඉන්න කඩේ ළගට යනකොට, අතරමගදි මෙන්න බොලේ කොල්ලො සෙට් එකක් පුරුපුරු දිහා බලන් ඉන්නවා කින්ඩියට හිනාවකුත් දාගෙන.කට්ටිය ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන තමයි හිටියේ.යුනිෆෝම් එකේ තිබුන ගම්පහ පිරිමි ඉස්කෝලෙ බැජ් එකෙනුයි, කොටටම කපලා තිබුන කොන්ඩෙනුයි, එතන ඩයල් එක වගේ හිටපු කොල්ලා තට්ටයා වෙන්න ඇති කියලා හිතාගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.
"චික් විතරක්!රෝහණදීරයා දැන් මෙතන හිටියනං මුං සෙට් එකටම නෙලන්න තිබුනනෙ.කමක් නෑ, දැන් මුන්ට සද්දයක් දාලා ගිහින් රෝහණදීරව එක්කගෙන ඇවිත් තව ටිකකින් මුන්ට නෙලනවා"
පුරුපුරු හිතුවලු.ඉතිං අපේ පූසා කළේ වහාම හිනාව දාපු කොල්ලො සෙට් එක ළගට ගිය එක
පුරුපුරු :- උඹ නේද තට්ටයා කියන්නෙ?
තට්ටයා :- ඔව්! මමනං දන්නවා උඹ පුරුපුරු කියලා.කොහොමද උඹලගෙ ඤාව්වා සනීපෙන් ඉන්නවද?
පුරුපුරු :- ඔව් ඔව්!! උඹටත් අපි ඒ සනීපෙම දෙන්නංකො.ටිකක් ඉවසලා හිටපං
තට්ටයා :- උඹ කුරුදුවත්තෙ ඉස්කෝලෙ ගියා කියලා හෙන පොර කියලද හිතන් ඉන්නෙ? උඹට අපි දැන් ගහන්නෙ නෑ.ලබන සෙනසුරාදා ගුටිකන්න බලාගෙන පූස්ගම ටවුන් එකට වරෙන්
පුරුපුරු :-උඹත් ගුටිකන්න බලාගෙනම ටවුන් එකට වරෙන්
පුරුපුරු කිව්වා.ටවුන් එක මැද්දෙ හිටපු නිසා එතන වලියක් දාගන්න තට්ට සෙට් එක කරමති වුණේ නෑ.අනික් අතට පුරුපුරුව එතනින් එහාට අරගෙන යන්න තරං හැකියාවක් එතන හිටපු කට්ටියට තිබුනෙ නෑ.ඒක හින්දා ඒ වෙලාවෙ ගුටිකන්නෙ නැතුව බේරෙන්න පුරුපුරුට පුලුවන් වුණාලු.මෑන්ස් ඊට පස්සෙ වහාම ගියෙ රෝහණදීරව හම්බවෙන්න.ලබන සෙනසුරාදා රෝහණදීර ලව්ව තට්ටයාගෙ තට්ටෙ පලන්න පුරුපුරුට තිබුනෙ ලොකු අධිෂ්ඨානයක්.පුරුපුරු යනකොට රෝහණදීර ඉන්නවා ප්ලේන්ටියක් බිබී කඩේ ඇතුලෙ.
රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, එන්න එන්න, මොකෝ මේ හදිස්සියෙ අපිව මතක්වෙලා තියෙන්නෙ? ඤාව්වා ගුටිකාපු එක කියන්නද?
හතර විලි ලැජ්ජාවයි.මේ යකා ගුටිකාපු එක මුලු පූස්ගමම දන්නවද කොහෙද? ඒත් රෝහණදීර මේ බවක් දැනගෙනත් නිකමටවත් කලින් අහල බැලුවෙ නෑ නොවැ! සාමාන්‍යයෙන්නං මෑන්ස්ට වලියක් ගැන කියන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.රෝහණදීර කියන්නෙ වලි හොයාගෙන එන ජාතියෙ බුවෙක්.මේ වෙච්ච සිද්දියෙන් තක්බිරිෆයිඩ් වුණ පූසා රෝහණදීරගෙන් මෙහෙම ඇහුවලු
පුරුපුරු :- ඇයි අයියා සිද්දිය දන්නවද?
රෝහණදීර :- හික් හික්...අපි නොදන්න වලියක් මේ පූස්ගම කියනවද මල්ලි?ඒත් මේ කේස් එකටනං මට අතදාන්න බෑ.මොකද තට්ටයා කියන්නෙ මගෙ නෑදෑ මල්ලි කෙනෙක්.උඹලට මම ගහන්නෙ නැතිව ඉන්න එක තමයි මේ සිද්දියෙදි මට කරන්න පුලුවන් ලොකුම උදව්ව.වෙන ඕන කේස් එකක් කියපං, දන්නවනෙ ඉතිං මම අනිවා එතන!
මළ කෙලියයි! මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.බැලින්නං තට්ටයා කියන්නෙ රෝහණදීරගෙ නැන්දා කෙනෙක්ගෙ පුත්තරයෙක්.දැන් ඉතිං ලබන සෙනසුරාදා අරුන් තිස්පහක් හතලිහක් විතර එක්ක, දහ පහළොස් දෙනෙක් අරන් ගිහින් තමයි ගහගන්න වෙන්නෙ.පුරුපුරුත් පත්වුණේ බැට් එක නැතිවෙච්ච මාලිංගගෙ තත්ත්වෙට.
ලබන සෙනසුරාදා මොකද වුණේ කියලා ඊළග ලිපියෙන් බලමු නේද?
(මෙගා නාට්‍යයක් නෙවෙයි.ඊලග කොටසින් කතාව ඉවරයි)
Friday, October 29, 2010
හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey 3 - ස්ටාර් වෝර්ස් XVI
ඔන්න යාලුවනේ අපි අදින් සාන්ත කෙල බේරේ සීරීස් එක හමාර කරන්නයි යන්නෙ.ඒ වගේම ටික දවසකින් ලිපියක් ලියන්න බැරිවෙච්ච එක ගැන ඔයාලගෙන් සමාව ඉල්ලන්නත් ඕනෙ.හොදයි ඉතින් සාන්තගෙ පිටසක්වල කතාව කියවන්න කලින් කට්ටිය ගිහින් මෑන්ස්ගෙ පරණ කතා ටික කියවලා එන්නකෝ!
සාන්ත කෙල බේරේ 1සාන්ත කෙල බේරේ 2
මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 11 වසරෙ අන්තිම කාලෙ ඉන්නකොට.ඔය දවස්වල ඕ ලෙවල් විභාගෙත් ගොඩක් කිට්ටු වෙලයි තිබුනෙ.දන්නැද්ද ඉතිං? ඔය කාලෙට කොල්ලන්ගෙ ඔලු වලට එන්නෙ අමුතු අමුතු අයිඩියාස් නොවැ!ඉතිං මේ දවස්වල ලෝඩ් කොක්ගෙ ඔලුවටත් ඔය වගේ අමුතු අයිඩියා පාරක් ඇවිල්ලයි තිබුනෙ.හැබැයි ඉතිං නෝටි අයිඩියා එකක්නං නෙවෙයි, පොඩි ෆිල්ම් එකක් හදන අදහසක්.පොර ඉතිං විභාගෙට පාඩම් කරන වැඩෙත් පොඩ්ඩක් පැත්තකින් තියලා ෆිල්ම් එක හදන වැඩේට අතගැහුවලු.
මුලින්ම ලෝඩ් කොක්ට තිබුන අභියෝගය වුණේ ෆිල්ම් එක හදන්න වීඩියෝ කැමරාවක් හොයාගන්න එක.හැබැයි වාසනාවට ඒ වැඩේ එච්චර මහන්සි නොවී කරගන්න මෑන්ස්ට පුලුවන් වුණාලු.මොකද ඒ දවස්වල තාරබාසු ළග අලුතින්ම ගත්තු විඩියෝ කැම් එකක් තිබුනා.ඉතිං ලෝඩ් පොඩි බටර් පාරක් ගෑවට පස්සෙ ෆිල්ම් එක වීඩියෝ කරන්න තමන්ගෙ කැම් එක දෙන්න තාරබාසු කැමති වුණාලු.ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂක වුණේ ඉතිං වෙනිං කවුරුවත් නෙවෙයි, අපේ පුරුපුරු.දැන් ලෝඩ්ටයි පුරුපුරුටයි ඊළගට තිබුනෙ ෆිල්ම් එකට ඕනෙ නළුවො ටික තෝරගන්න එක.
ඊට කලින් ෆිල්ම් එකේ කතාව කියලා ඉන්න එපායැ! කෙටියෙන් කිව්වොත් මේ ෆිල්ම් එකේ තියෙන්නෙ පෘථිවියට එල්ලවෙන ඒලියන් ඇටෑක් එකක්, එක්තරා වීරයෙක් මැදිහත් වෙලා නවත්තන හැටි.ෆිල්ම් එකේ නම තමයි "ස්ටාර් වෝර්ස් XVI".ඉතිං මුලින්ම තිබුනෙ පෘථිවිය බේරගන්න වීරයගෙ කැරැක්ටර් එකට නළු බට්ටෙක් තෝරගන්න එක.මේ කැරැක්ටර් එකට සුදුසුයි කියලා හැමෝගෙම ඒකමතික තීරණය වුණේ වෙන කවුරුත් නෙවෙයි, අපේ සාන්ත කෙල බේරේ.මොකද පිටපතේ හැටියට වීරයාට සක්වලයො විස්සක් විසිපහක් එක්ක තනියම ෆයිට් කරන්න වෙනවා.මේ ෆිල්ම් එකේ තිබුන විශේෂත්වය තමයි, ෆිල්ම් එක ඉවර වෙනකං අවසානය මොකද්ද කියලා කවුරුත් දැනගෙන නොහිටිය එක.
අපි ඉතිං කලින් කතාවලත් කිව්වා වගේ සාන්ත කියන්නෙ එච්චර දුරදිග හිතලා වැඩ කටයුතු කරන මෑන්ස් කෙනෙක් නෙවෙයි නොවැ!තමන්ව ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එකකට යෝජනා වෙලා කියලා දැනගත්ත ගමන්ම මෑන්ස් කළේ බොහොම සතුටෙන්, උඩ පැනලා කැරැක්ටර් එක බාරගත්ත එක.ඊට පස්සෙ ඉතිං පිටසක්වලයන්ගෙ චරිත වලට කට්ටිය තෝරගන්නයි තිබුනෙ.එක සක්වල සෙට් එකකට පුරුපුරු ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකායත්, තවත් සෙට් එකකට පොන්ටින් ඇතුලු වෙන කට්ටියකුත් විදිහට පිටසක්වල සෙට් දෙකක් රගපාන්න අන්තිමේදි තීරණය කෙරුණලු.
පිටසක්වලයන්ගෙ ආයුධ විදිහට තෝරගත්තෙ හොස්ටල් එකේ ජාතික ආයුදේ වෙච්චි කොට්ටෙලු. පුරුපුරුලගෙ සක්වල සෙට් එක නයිට්වරු වගේ බෙල්ලෙ ටවල් ගැටගහගෙන, දිග කලිසමට උඩින් ජොකා ඇදගෙන පිටිපස්ස ජනේලෙන් පෘථිවියට එන්න තමයි තීරණය වුණේ.පොන්ටින්ලගෙ කට්ටිය ඔලුවට ජොක්කු දාගෙන, ටවල් ඇදගෙන ඉස්සරහ දොරෙන් පෘථිවියට එන්න තීරණය වුණාලු.ෆිල්ම් එක ෂූට් කරන්න නියමිත වෙලාව වුණේ කොටියා සර් නිදාගත්තට පස්සෙ මහ රෑ.ඒ වගේම තාක්ෂණයෙ හිගකම හින්දා, ෆිල්ම් එකට ඕනෙ කරන බැක්ග්‍රවුන්ඩ් මියුසික් යොදන්න වුණේ කටින් එක එක සද්ද දාන්න දක්ෂයෙක් වුණ හොංකොංට.
දැන් ඉතිං "ස්ටාර් වෝර්ස් XVI" චිත්‍රපටිය හදන්න ඕනෙ කරන හැමදේම ලෑස්තියිලු.ඉතිං ෆිල්ම් එක හදන්න කලින් පොඩි රියසල් පාරක් දාන්න පිටසක්වල නළුවන්ට ඕනෙ වුණාලු.අර කලින් කිව්වා වගේ පිටසක්වලයො විස්සක් විතර දොරෙනුයි ජනේලෙනුයි පෘථිවිය(ඩෝම් එක) ඇතුලට ඇවිල්ලා, පෘථිවියේ වීරයාට ලොවෙත් නැතිවෙන ඇටෑක් එකක් දුන්නට පස්සෙ තමයි වීරයාට තේරුණේ බාරගත්ත චරිතෙ තියෙන ගැඹුරු බව.
ඉතිං සාන්තට ඕනෙ වුණාලු චරිතෙන් ඉල්ලා අස්වෙන්න.ඒත් ඉතිං අවාසනාවට ඒ වෙද්දි වීරයාගෙ කැරැක්ටර් එකට ඉදිරිපත් වෙන්න තරං වෙන කවුරුත් නිර්භීත තත්ත්වෙක හිටියෙ නෑලු.ඒ හින්දා අන්තිමට අකමැත්තෙන් වුණත් සාන්තටම තමයි කැරැක්ටර් එක බාරගන්න වුණේ.ඉතිං චිත්‍රපටිය වෙනුවෙන් වීරයාගෙ එකම ඉල්ලීම වුණේ
"පෘථිවියට හෙන ගැහුවත් කමක් නෑ, මට වැඩිය නෙලන්න එපා"
කියන එක.අන්තිමේදි ලෝඩ් කොක් සාන්තගෙ ඉල්ලීම් වලට එකග වුණාට පස්සෙ එදා රෑ ෆිල්ම් එක ෂූට් කරන්න කට්ටිය තීරණය කළාලු.
*********************************************************************************************
කොහොම හරි ඉතිං එදා රෑ කාලෙත් උදාවුනයි කියමුකො.දැන් අපේ යාලුවන්ගෙ සූදානම "ස්ටාර් වෝර්ස් XVI" ෆිල්ම් එක ෂූට් කරන්න.කැමරාකරු තාරබාසු "ඇක්ෂන්" කියලා සිග්නල් එක දුන්න ගමන් ෂූටින් වැඩේ පටන් ගත්තලු.මේක ඉතිං ෆිල්ම් එකක් කිව්වට පොඩි ඩොකියුමෙන්ටරි එකක් වගේ එකක්.
ලෝඩ් කොක් :-
"ඔව් මිත්‍රවරුනි, අපි අද ඔබ වෙත ගෙනඑන්නේ තාරකා යුද්ධය, එහෙමත් නැත්තං ස්ටාර් වෝර්ස් XVIයි.බලන්න මිත්‍රවරුනි, පෘථිවිය කොයිතරම් අර්බුධයකට ලක් වෙලාද? පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරන්න ඔන්න මෙන්න.දැන් මුලු ලෝකයේම ඉරණම රැදී ඇත්තේ එක් පුද්ගලයෙක් මතයි.ඔහු සාන්ත කෙල බේරේ................................." චිත්‍රපටය
දැන් ඉතිං ෆිල්ම් එක නැගලා යනවලු.සාන්ත කෙල බේරේ සිනාමුසු මුහුණෙන් බලාගෙන ඉන්නෙ පිටසක්වලයො ඇටෑක් එකට එනකං.ඉතිං ටිකකින් වැස්ස පායලා මෙරු මතුවෙනවා වගේ ජනේලෙනුයි, දොරෙනුයි අමුතු ඇදුම් ඇදගත්තු පිටසක්වලයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගත්තලු.ටික වෙලාවක් යනකොට සක්වලයො ටික ඔක්කොම පෘථිවියේ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේව වට කරගෙනලු.එක පාරටම දරුණු පිටසක්වලයො ටික සාන්ත කෙල බේරේට අනුකම්පා විරහිත ඇටෑක් එකක් දෙන්න පටන් ගත්තලු.
ලෝඩ් කොක්:-
"ඔව් මිත්‍රවරුනි, අපගේ පෘථිවිය අනාතයි.අපේ ලෝකයේ ගැලවුම්කරු සාන්ත කෙල බේරේට පිටසක්වලයෝ ඉතා දරුණු ප්‍රහාරයක් දියත් කරනවා.නමුත් සාන්ත කෙල බේරේ පෘථිවිය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කරනවා.ඔව්! ඔව්!! මේ මොහොතේ සාන්ත කෙල බේරේ පිටසක්වල පුහාර හමුවේ බිම ඇදක් උඩට ඇද වැටුනා.ඇද වැටුණු සාන්ත කෙල බේරේව පිටසක්වලයන් විසින් තමන්ගේ ලෝකයට අරන් යන ආකාරයයි මේ දිස්වෙන්නේ"
අන්තිමට ඉතිං අම්බානක කොට්ට පාරවල් කාපු සාන්තව, කට්ටිය ඩෝම් එකෙන් එළියට උස්සගෙන ගිය එක ගැන තමයි ලෝඩ් එහෙම විස්තර කළේ.ෆිල්ම් එකේ අන්තිමට ඉතිං පෘථිවියට ඇටෑක් කරපු පිටසක්වලයො, මේ ලෝකෙ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේවත් කිඩ්නැප් කරගෙන ගිය එක තමයි සිද්ද වුණේ.හරිම සාම්ප්‍රදායික නොවන අවසානයක් නේද?
ප.ලි - ස්ටාර් වෝර්ස් XVI ෆිල්ම් එක විනාඩි 15ක විතර වීඩියෝ එකක්.අවාසනාවට දැන් මේක පූසන්ගෙ දත්ත ගබඩාවෙන් මැකිලා ගිහින්.ඉතිං මේ ලිපිය කියවන හොස්ටල් යාලුවෙක් ළග වීඩියෝ එක තියනවනෙං අපිට ලැබෙන්න සලස්වන්න හොදේ!
ඒ වගේම අපි සාන්ත ගැනත් වැඩි විස්තර නොකියා ඉන්නං.මොකද මෑන්ස් ඉස්සරහට රටේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් වෙයි කියලා ලක්ෂණ පේන්න තියනවා.
Monday, October 11, 2010
හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey 2 - අක්කරේපත්තු ඇන්ටි
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න ඉස්පාසුවක් හම්බවුණා.ඔයාලා අපි කලින් ලියපු සාන්ත කෙල බේරේ සිංදු අහපු කතාව රසවිදින්න ඇති කියලා හිතනවා.සාන්ත ගැන ලියනවනං ඉතිං කතා ගොඩාරියයි.ඒත් අපි මේ සීරීස් එකට තෝරගන්නෙ ඒ අතරින් කතා තුනක් විතරයි.අද කියන්න යන්නෙත් ඉතිං මෑන්ස්ට වෙච්ච නියම වැඩක් ගැන තමයි.
ඔය හොස්ටල් එකට පොඩි ළමයි ඇතුල් කරන්න, නිවාඩුවට ගෙවල් වලට ගියාට පස්සෙ ආපහු එක්කරගෙන එන්න, ගෙවල් වලට එක්ක යන්න වගේ හැම වැඩේටම ඒ අයගෙ ගෙවල් වල කට්ටිය හොස්ටල් එකට එනවා.ඒත් 10, 11 වගේ ලොකු ළමයින්ගෙ ගෙවල් වලින්නං එහෙම ලේසියෙන් එන්නෙ නෑ.ඒ අයගෙ ගෙවල් වලින් සාමාන්‍යයෙන් හොස්ටල් එකට එන්නෙ තමන්ගෙ ළමයා මොකක්හරි අංජබජල් කේස් එකකට මාට්ටු වෙලා කොටියා සර් ගෙදරින් එක්කගෙන එන්න කියලා දැනුම් දුන්නම තමයි.කොහොමහරි ඉතිං ඔය පොඩි ළමයින්ව එක්කගෙන යන්න එන්න, හොස්ටල් එකට ගොඩක් වෙලාවට එන්නෙ අම්මලා සහ සහෝදරියො තමයි.
හික්ස්...දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, ඒ අතරෙ ටිකක් ඇහැට කනට පේන අම්මලා අක්කලත් ඉන්නවයි කියලා.ඉතිං ඔය 10, 11 වසරවල කොල්ලො නිවාඩු දෙන දවස්වලට එහෙම බොහොම විමසිල්ලෙන් ඉන්නෙ හොස්ටල් එකට එන ඇන්ටිලා, අක්කලා දිහා බලන්න.තරුණ කාලෙ නොවැ!
ඉතිං ඔහොම හොස්ටල් එකට ආව ගිය ඇහැට කනට විතරක් නෙවෙයි, නහයටත් පේන තරුණ ඇන්ටි කෙනෙක් තමයි අක්කරේපත්තු ඇන්ටි කියලා අපේ යාලුවො කට්ටිය හැදින්නුවෙ.ඇන්ටිගෙ පුතා හිටියෙ මතක විදිහට 6 වසරෙ.හැබැයි මේ ඇන්ටිව අක්කරේපත්තුව කියලා හැදින්නුවෙ එයා අක්කරේපත්තුවෙ හිටපු හින්දානං නෙවෙයි, පිටිපස්සෙන් බලපුවාම ඔය උඩ ෆොටෝ එකේ ඉන්න එක්කෙනා වගේ හින්දයි.දැන් ඉතිං ටියුබ් ලයිට් නැති යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ හේතුව නේද?එක්කො අපිම කියන්නංකෝ.හේතුව තමයි පශ්චාත්භාගය අක්කරයක් විතර විශාල වෙච්ච එක.
කොහොම හරි සාන්ත හොස්ටල් එකට ඇවිත් වැඩි දවසක් යන්න කලින් මෑන්ස්ට ඔය ඇන්ටිව මීටරේට අහුවුණා.සාන්ත ඉතිං හිත හොද කොල්ලා නොවැ!ඉතිං මෑන්සුත් ඇන්ටි ගැන තමන්ට හිතෙන දේවල් හැමෝම එක්ක කියෙව්වා.මේවා ඇහෙද්දි තමයි හොංකොංටයි, පැන්ඩටයි එකතුවෙලා සාන්තට ගේමක් දෙන්න හිතුනෙ.
ඔය කාලෙ දැන් වගේ මොබයිල් ෆෝන් හැමෝම ළග තිබුන කාලයක් නෙවෙයි.ඒ දවස්වල හෑන්ඩ් ෆෝන් එකක් ළග තියෙනවයි කියන්නෙ ගෙදර බෙන්ස් එකක් තියෙනවා වගේ වැඩක් නොවැ!ඉතිං පොල්පොට් ගෙදරින් ගෙනාපු මොබයිල් ෆෝන් එකට ඒ දවස්වල ඩෝම් එකේ කොල්ලන්ගෙන් තිබුනෙ පුදුම ඉල්ලුමක්ලු.පැන්ඩලාගෙ ප්ලෑන් එක වුණේ ඔය ෆෝන් එක මාර්ගයෙන් සාන්තට නියම වැඩක් දෙන්න.
**************************************************************************************************
ඔන්න එක දවසක් ඩිනර් එක ඉවර වෙලා පොල්පොට් සාන්තට කතා කරනවලු
පොල්පොට් :- කෝ මේ කෙලබේරේ? සාන්ත.....සාන්ත.....මෙන්න උඹට කෝල් එකක්
සාමාන්‍යයෙන් සාන්තට වැඩිය කෝල් එන්නෙ නෑ.ඉතිං මෑන්සුත් බැලුවලු කවුද තමන්ට කෝල් කරන්නෙ කියලා.ඇරත් පොල්පොට්ගෙ ෆෝන් එකට?
සාන්ත කෙල බේරේ :- කවුද බං ??
පොල්පොට් :- ඉක්මනට වරෙං බං! අක්කරේපත්තු ඇන්ටි කියලා තමයි කිව්වෙ
මේක ඇහුනා විතරයි, සාන්තගෙ ඇස් දෙකෙන් හාට් විසිවෙන්න ගත්තලු.වහාම ෆෝන් එක ගත්තු මෑන්ස් කතාකරන්න පටන් ගත්තලු.ඇන්ටි ඇත්තටම තමන්ට කතා කරයිද? ඇරත් පොල්පොට්ගෙ ෆෝන් එකට කතා කරයිද? කියලා හිතන්න තරං ඉස්පාසුවක් සාන්තට තිබුනෙ නෑ.දැන් ඉතිං කට්ටිය කතාව හොරෙන් අහගෙන ඉන්නවලු.බැලින්නං ඇන්ටි වගේ කතා කරන්නෙ පැන්ඩා, දෙල්ගහ යට කොයින් බොක්ස් එකේ ඉදලලු.ඉතිං පැන්ඩගෙ ගොරහැඩි කටහඩ අක්කරේ ඇන්ටිගෙ නෙවෙයි කියලා තේරුම් ගන්නවත් සාන්තට හැකියාවක් තිබුනෙ නෑලු.
අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- අනේ සාන්ත, මම හැමදාම හොස්ටල් එකට එද්දි ඔයාව දකිනවා.ඔයා මං දිහා බලාගෙනමයි ඉන්නෙ නේද? අනේ මමත් ඔයාට කැමතියි සාන්ත
දැන් සාන්තගෙ ඇස්වල කලු ඉංගිරියාව වෙනුවට තියෙන්නෙ රතුපාට හාට් එකක්.අඩුගානෙ ඇන්ටි තමන්ගෙ නම දැනගත්තෙ කොහොමද කියලාවත් මෑන්ස්ට නිනව්වක් නෑ.
සාන්ත කෙල බේරේ :- අනේ මමත් ඔයාට කැමතියි.අපි හම්බවෙමුද?
අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :-මමත් කැමතියි ළමයෝ.ඒත් ඔයාගෙ යාලු වසවර්තියො ටික හොස්ටල් එකේ ඉන්නකොට මම කොහොමද ඔයාව මීට් වෙන්නෙ.ඔයාට බැරිද හොස්ටල් එකෙන් එළියෙදි මාව මීට් වෙන්න?
සාන්ත කෙල බේරේ :- කොහෙදිද? කියන්න...කියන්න...
අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- පිටකොටුවෙ බෝ ගහ යට හොදයි නේද? අනේ මතක ඇතුව එද්දි රෝස පාට ටී ෂර්ට් එකක් ඇදගෙන එන්න.රෝස පාටට ඔයා හරී හැන්ඩ්සම් එකට ඉදී අනේ!
කොහොමහරි ඉතිං සාන්ත ඇන්ටිව හම්බවෙන්න දිනයක්, වෙලාවක් එහෙම දාගෙන කතාබහ ඉවර කළාලු.හැබැයි මේ වෙද්දි පැන්ඩගෙ පහේ කාසි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩේට වියදම් වෙලා.කොහොමහරි ඉතිං සාන්තට ඇන්ටිව මීට් වෙන්න තියෙන දවසත් උදාවුණාලු.එදා ලන්ච් එක ඉවර වෙලා ටික වෙලාවක් යද්දි මෙන්න බොලේ මෑන්ස් ෆුල් හැන්ඩියා වගේ ලෑස්ති වෙනවා.ඒ මදිවට කොහෙන්දෝ රෝස පාට ටී ෂර්ට් එකකුත් හොයාගෙන.ඇන්ටිට ප්‍රසන්ට් කරන්න රෝස මලකුත් සල්ලි වලට අරගෙන.දැන් ඉතිං ඩෝම් එකේ කොල්ලොටික කොට්ට වලින් මූණූ වහගෙන බක බක ගගා හිනාවෙනවලු.ඒත් සාන්ත ඉන්නෙ ඒවා මීටර් වෙන්න තරං මෙන්ටැලිටියක නෙවෙයි.
කොහොමහරි ඉතිං ඒ වෙලාවෙ පිටකොටු ගිය සාන්ත එදා හවස හයට විතර ආපහු හොස්ටල් එකට ආවලු.රෝසමලනං පේන්න තිබුනෙ නෑ.ඉතිං ස්ටඩි එකයි, ඩිනර් එකයි ඉවර වෙලා මෑන්ස්ව අල්ලගත්තු කොල්ලො කට්ටිය ඇහුවලු මොකද සිද්ද වුණේ කියලා.දැන් ඉතිං සාන්ත ෆුල් ස්ටෝරියක් ඇදබානවා.ඇන්ටිව හම්බවෙච්ච හැටි, රෝසමල දුන්න හැටි, තව එක එක ඒවා කරපු හැටි රගපපා පෙන්නනවා.දැන් ඉතිං කට්ටියට මැරෙන්න හිනා.
ඔහොම කතා කර කර ඉන්න අතරෙ ආපහු පොල්පොට්ගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තලු.බැලින්නං අක්කරේපත්තු ඇන්ටි.පොල්පොට් වහාම සාන්තට ෆෝන් එක දුන්නලු
අක්කරේපත්තු ඇන්ටි (පැන්ඩා) :- සාන්ත, මොනවද බබෝ ඔයා යාලුවන්ට බොරු කියන්නෙ? අපි අද මීට් වුණේ නෑනෙ.ඔයා පරක්කු වෙච්ච නිසා මම යන්න ගියා
සාන්ත වහාම කෝල් එක කට් කරාලු.මෑන්ස්ට තවමත් මීටර් නෑ මේක ඩෝම් එකේ සගයො තමන්ට දුන්න දිරච්ච ලණුවක් කියලා.
දැන් කොල්ලො කට්ටියට ඕනෙ සාන්තව බයිට් කරන්න.ඒත් ඉතිං ඒකට ඉස්සරවෙලාම මෑන්ස් දැනගෙන ඉන්න එපායැ තමන් රැවටුනා කියලා.ඉතිං ඩෝම් එකේ කට්ටිය සාන්තට කියලා දුන්නලු මුල ඉදලාම සිද්ද වුණේ මොකද්ද කියලා.
ඒත් අන්තිමට සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.අනිත් කට්ටිය ඔලුවෙන් හිටගෙන කිව්වත් සාන්ත පිළිගත්තෙ නෑ අක්කරේපත්තු ඇන්ටි තමන්ට කතා නොකරපු වග.කොටින්ම මෑන්ස් හොස්ටල් එකෙන් යනකම්ම හිතාගෙන හිටියෙ ඇන්ටිම තමයි තමන්ට ගේම දුන්නෙ කියලා.එක දවසක් ඇන්ටි හොස්ටල් ආපු වෙලාවක පොර එයත් එක්ක මේ ගැන කතා කරන්න යන්න හදද්දි අනිත් කොල්ලො ටික මෑන්ස්ව අමාරුවෙන් නවත්තගෙන තිබුනා.
කොහොමහරි අන්තිමට බයිට් වුණේ සාන්ත නෙවෙයි, අනිත් කොල්ලො කට්ටියලු.හැබැයි මේ වැඩේ නිසා සාන්තගෙයි,යාලුවන්ගෙයි දෙගොල්ලන්ගෙම සල්ලිනං නාස්ති වුණා...
ප.ලි - සාන්ත වගේම, ඇන්ටි කෙනෙක්ට ට්‍රයි කරපු කොල්ලෙක් ඉන්න මලීනා (MALENA) ෆිල්ම් එක හරිම ලස්සනයි.බලපු නැති කවුරුහරි ඉන්නවානං හොයාගෙන බලන්න
Sunday, October 3, 2010
හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey - වෙජිමයිට් නිකාය
ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න අපි ඔයාලට ටික දවසකට පස්සෙ ගොඩාක් රසවත් සීරීස් එකක් අරගෙන ආවා.හික්ස්...ඒ වගේම මේ සීරීස් එක මෙගා නාට්‍ය ස්ටයිල් එකට ලියන්නෙ නැති හින්දා කලබල වෙන්න කිසිම කාරියක් නෑ ඕං!අනිත් කාරනේ තමයි මේ සීරීස් එකට මේ නම දැම්මෙ කිසිම ආගමකට අපහාස කරන්න එහෙමනං නෙවෙයි.එහෙමනං ඉතිං කියවන්න පටන් ගනිමුකො නේද?
සාමාන්‍යයෙන් කුරුදුවත්ත හොස්ටල් එකට ඇතුල් කරගන්නෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා එන, අපේ ටැබූගෙ වචනයෙන් කියනවනං ගොඩේ බයියා ළමයින්ව විතරයි.ඒත් කලාතුරකින් එක එක හේතු උඩ, ශිෂ්‍යත්වෙන් නැතුව ඉස්කෝලෙට ආපු ළමයින්වත් හොස්ටල් එකට ඇතුල් කරගත්ත අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.එහෙම හොස්ටල් එකට ආපු ළමයෙක් තමයි සාන්ත කෙල බේරේ කියන්නෙ.
සාන්තගෙ ගම්පළාත වුණේ දකුණු පළාතෙ, ඉස්සර සත්තු වත්තක් එහෙම තිබුන පැත්තක්ලු.ඒ වගේම මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන හපන්කමක් දක්වපු බුවෙක්ලු.අධ්‍යාපනය ගැන කියනවනං ඉතිං ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි.මොකද මෑන්ස්ගෙ අධ්‍යාපන මට්ටම කොච්චර විශිෂ්ටද කියනවනං පොරට ඒ දවස්වල "සාන්ත කෙල බේරේ" කියලා ලියාගන්නවත් බෑ.කොහොම වුණත් ක්‍රිකට් කෙළියට පින්සිද්ද වෙන්න අපේ යාලුවාටත් පුලුවන් වුණාලු කුරුදුවත්ත ඉස්කෝලෙට ඇතුල් වෙන්න.
සාන්ත කෙල බේරේ කියන්නෙ අති විශිෂ්ට පිතිකරුවෙක්.මෑන්ස් අවුරුදු දෙකක් තෝරමාලු බිග්මැච් එක ගැහුවා.සාපෙ හරියට ගොඩදාගත්තනං තව අවුරුදු දෙකක් විතර ගහන්නත් තිබුනා.කොහොම වුණත් සාන්ත සෙල්ලං කළේ කුරුදුවත්ත ඉස්කෝලෙ ක්‍රීඩා අංශයෙන් පට්ට නසරාණි වෙලා තිබුන කාලෙක.කොටින්ම කිව්වොත් ඒ දවස්වල එක පාරක් ඉස්කෝලෙ රගර් ටීම් එක මරියකඩේ ඉස්කෝලෙටත් පැරදුනා.
ක්‍රිකට් සෙල්ලම තිබුනෙ ඊටත් වඩා ගව් ගානක් පහළින්.ඉතිං සාන්ත බිග් මැච් ගහපු පළවෙනි අවුරුද්දෙ, මැච් එක ගහන්නත් කලින්ම අම්බානක කෑමක් තමයි කියලා මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියා.ප්‍රශ්නෙ තිබුනෙ මැච් එක කන්නෙ ඉනින්ස් වලින්ද නැද්ද කියන එක.මොකද මුලු ටීම් එකටම හොද බැට්ස්මන්ලා හිටියෙ දෙන්නයි.ඒ අදාල අවුරුද්දෙ කැප්ටනුයි, සාන්ත කෙල බේරේයි.කොහොම හරි ඉතිං ඒ අවුරුද්දෙ බිග්මැච් එක හිතපු විදිහටම ඉනින්ස් වලින් පැරදුනා.සාන්තටත් හරියට ලකුණු ගන්න බැරිවුණා.ඒ වෙනුවෙන් මෑන්ස්ට හොස්ටල් බැච් මේට්ලාගෙන් හොද හූ සංග්‍රහයකුත් හම්බවුණා.
කොහොමහරි ඉතිං ඉස්කෝලෙට ඇතුලත් කරගත්තු සාන්තට කලින් කිව්වා වගේ හොස්ටල් එකේ නවතින්නත් චාන්ස් එක ලැබුනලු.ඒ වගේම මෑන්ස් ඇවිල්ලා වැඩි දවසක් යන්න කලින් බැච් එකේ ප්‍රසිද්දම චරිතෙ වුණේ සාන්ත තමයි.ඒකට ප්‍රධානම හේතුව වුණේ සාන්තගෙ විකාර හැසිරීම් රටාව.
සාන්ත හිත හොද කොලුවා.ඒ වගේම මෑන්ස් ඕනම බොරුවකට පටස් ගාලා අහුවෙනවා.බැරිවෙලා හරි ඉර හතරැස් කියලා කවුරුහරි කිව්වොත් සාන්ත කරන්නෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක විශ්වාස කරන එක.මේ ගතිගුණේ නිසා පොරට වුණ අප්සට් වැඩ අපි කියන්නෙ අද නෙවෙයි,සීරීස් එකේ දෙවෙනි කොටසින්.අද අපි කියන්නෙ සාන්තගෙ තිබුන එකම විනෝදාශෙ හින්දා මෑන්ස්ට වෙච්ච අප්සට් වැඩක් ගැන.
සාන්තගෙ විනෝදාංශෙ තමයි සින්දු අහන එක.හැබැයි ඒ එකම ටයිප් එකක සින්දු විතරයි.අපේ කියවන යාලුවන්ට මතක ඇතිනෙ ඒ දවස්වල "කබි කුෂි කබි ගම්" කියන හින්දි ෆිල්ම් එකේ සින්දු සිංහලට හරවලා කැසට් පීස් එකක් ගැහුවා.ඉතිං සාන්තගෙ වැඩේම ඔය කැසට් පීස් එක උදේ ඉදන් රෑ වෙනකං අහ අහා ඉන්න එක.ඒත් හොස්ටල් එකේ වැඩිපුර හිටියෙ අමරදේව, කපුගේ වගේ ගායකයන්ගෙ සින්දු අහපු කට්ටිය.(බස් අජිත් මහත්තයගෙ සින්දු අහපු අයත් හිටියෙ නැතුවාම නෙවෙයි).ඉතිං හොස්ටල් එකේ අනිත් ළමයින්ට සාන්තගෙ සිංදු ඇහිල්ල හිසරදයක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.කොටින්ම දැන් ඩෝම් එකේ හැමෝටම මේ සිංදු ටික අහලාම කටපාඩම් වෙලා තිබුනෙ.
ඉතිං හොස්ටල් ළමයි මේ සිංදු වලට කිව්වෙ සිංදු කියලා නෙවෙයි, "ගාථා" කියලා."සුරංගනා සිත්තම්" ගාථාව,"බෝලෙ චූටියා බෝලෙ හංගනා" ගාථාව වගේ සිංදු-ගාථා ඒ දවස්වල පූසො ඇතුලු ළමයි ඔක්කොටම කටපාඩම්ලු.ඒත් ඉතිං ගාථා තියෙන්නං ආගමක් තියෙන්න එපායැ! ඉතිං කට්ටිය එකතුවෙලා තීරණය කළාලු සාන්ත කෙල බේරේ කියන්නෙ වෙනම ආගමක ශාස්තෘවරයෙක් කියලා.(එහෙම තමයි සාන්ත කෙල බේරේ කියන නම වැටුනෙ) සාන්තගෙ ආගමේ නම තමයි "වෙජිමයිට් නිකාය".
ඒ නම හැදුනෙ මෙහෙමයි, ඒ දවස්වල ඔය "ඉල්ලං පරිප්පු කනවා" කියන යෙදුම වෙනුවට කට්ටිය පාවිච්චි කරපු ජනප්‍රිය යෙදුමක් තමයි "-- මාමයිට් ගාගන්නවා" කියන එක.ඒත් සාන්ත කරගන්න වැඩවල හැටියට පොරට මාමයිට් කියන වචනෙ යොදලා මදි.ඉතිං වෙජිමයිට් කියන්නෙ මාමයිට් වලට වඩා ලොකු බෝතලයක් නිසා කොල්ලො කට්ටිය සාන්තගෙ වැඩ සම්බන්දෙන් කිව්වෙ "-- වෙජිමයිට් ගාගන්නවා" කියලලු.ඔය යෙදුමෙන් ඩිරයිව් වෙලා තමයි වෙජිමයිට් නිකාය කියන නම හැදුනෙ.
කොහොමහරි, කතාකරනකොට කටේ කොනෙන් කෙල බේරෙන ගතියක් තිබුන නිසා "කෙල බේරේ" කියන කාඩ් එක වැටිලා හිටපු බුවා, වෙජිමයිට් නිකායෙ නායකයා වුණාට පස්සෙ "සාන්ත කෙල බේරේ" බවට පත්වුණාලු.
ඔය දවස්වල පුරුපුරුටනං වෙජිමයිට් ගාථා ටික උදේ ඉදන් ඇහෙද්දි වමනෙ යන්න වගේලු.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටිය සාන්තට පොඩි වෝනින් එකක් දුන්නලු ගාථා ටික විකාශය වෙන පැය ගාන අඩුකරන්න කියලා.ඒත් කොයි ආගම වගේම වෙජිමයිට් නිකායත් කැමති වුණේ නෑ වෙන කාටවත් සෙකන්ඩ් වෙන්න.ඉතිං සාන්ත කළේ සිංදු විකාශය වෙන පැය ගාන තවත් වැඩි කරපු එකලු.දැන් අපේ යාලුවො මහ රෑ ලේට් ස්ටඩීස් ඉවරවෙලා හොස්ටල් එකට එද්දිත් ඇහෙන්නෙ සාන්තගෙ සිංදු
"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."
ඉතිං මේ වැඩේ හරියන්නෙ නැති නිසා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්ත කෙල බේරේට කොට්ට ගේමක් දෙන්න ඕනෙයි කියලා.මතක ඇතිනෙ, ඒ කියන්නෙ අර ලයිමෝල්ට දුන්න ජාතියෙ ගරිල්ලා කොට්ට ප්‍රහාරයක්.ඉතිං එක දවසක් රෑ කට්ටිය ඔය කොට්ට ප්‍රහාරෙ ක්‍රියාත්මක කළාලු.සාන්තට වුණේ ජීවිතේ පළවෙනි පාරට කොට්ට ඇටෑක් එකකට ෆේස් කරන්න.ඉතිං අපේ යාලුවො හිතුවෙ එදායින් පස්සෙනං සාන්තගෙ ගාථා විකාශනය අඩුවෙයි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.
පහුවදා කට්ටිය ලේට් ස්ටඩීස් ගිහින් නිදිමරගාතෙ ආපහු එනකොට මෙන්න බොලේ මහා හයියෙන් සිංදුවක් යනවාලු.
"බෝලෙ චූටියා........බෝලෙ හංගනා........."
ඕක අහපු පුරුපුරු ඇතුලු බලකායෙ කට්ටියට ෆ්ලවර් එකෙත් හොදම එක ජම්ප් වුණාලු.ඉතිං කට්ටිය කතාවුණාලු එදා රෑම සාන්තට ස්පෙෂල් ගේමක් දෙන්න ඕනෙයි කියලා.
ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායෙ යාලුවො එක තැනකට රැස්වෙලා සාන්තට දෙන ගේම් එක ප්ලෑන් කරන්න ගත්තලු.මුලින්ම කට්ටිය කළේ මුදලාලිව යවලා හොස්ටල් කිචන් එකෙන් දිග කඹයක් ගෙන්න ගත්ත එක.මුදලාලියි, කිචන් එකේ හිටපු අජියයි එකම ගමේ බුවාලා හින්දා ඒ වැඩේ එච්චර අමාරු වුණේ නෑ.ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ සුපුරුදු විදිහට බඩගාගෙන, කොට්ටයි කඹෙයි අරගෙන ගිහින් සාන්තගෙ ඇද වටකරපු එක.
මේ වෙද්දි සාන්ත ඇද උඩ ඇලවෙලා හිටියත් මෑන්ස්ට නින්ද ගිහින් තිබුනෙ නෑ.ඉතිං කට්ටිය රෙඩි වුණාට පස්සෙ පුරුපුරුගෙ සිග්නල් එකට අනුව මාලුකට්ටා ඩෝම් එකේ ලයිට් එක ඕෆ් කළාලු.එතකොටම බලකායෙ අනිත් කට්ටිය පැනලා සාන්තට දැවැන්ත කොට්ට ප්‍රහාරයක් එල්ල කළාලු.දැන් සිද්ද වෙන්නෙ මොකද්ද කියලා මෑන්ස්ට හිතාගන්න බෑ.ඊටපස්සෙ පුරුපුරුයි, අමන්දානන්දයි එකතු වෙලා කළේ සාන්ත කෙල බේරේව ඇදට තියලා කඹෙන් බැදපු එක.ඊටත් පස්සෙ රේඩියෝ එක ඕෆ් කරපු අපේ යාලුවො කට්ටිය හිතේ සැහැල්ලුවෙන් නිදාගන්න ගියාලු.
මෙන්න බොලේ ටික වෙලාවකින් මහ හයියෙන් විසිල් ගහන සද්දයක් එන්න ගත්තලු.නිකං සද්දයක් නෙවෙයි, අර කැසට් පීස් එකේ තිබුන සින්දුවක තාලෙට ගහපු විසිල් සද්දයක්.බැලින්නං සාන්ත කෙල බේරේ, රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට බයිට් එකට ඇදට වෙලා විසිල් ගහනවා.මේක අහලා ෆ්ලවර් ජම්ප් වෙච්ච අමන්දානන්ද කළේ ආපහු ගිහින් සාන්තගෙ ඇද කෙලින් අතට හිටවලා ආපු එක.එතකොට තමයි සාන්තට තරු විසිවුණේ.ඇයි ඉතිං මුලු රෑම හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන් ඉන්න වෙනවා නොවැ!
කොහොමහරි ඩෝම් එකේ ළමයි පහුවදා උදේ නැගිටිද්දි සාන්ත අර හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන්ම නිදාගෙන ඉන්නවලු.ඉතිං අපේ යාලුවන්ටත් දුක හිතිලා අමන්දානන්දටත් බැනලා සාන්තව ලිහලා දැම්මලු.සාන්ත කළේ ලිහපු ගමන්ම ගිහිං කැසට් එක ආපහු ඔන් කරපු එක.ඉතිං හැමදාම අහන ගාථාව එදා පුරුපුරුලාට අහන්න වුණේ වෙනදටත් වඩා උදේ පාන්දරින්.
"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."
එදායින් පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්තගෙ ගාථා විකාශය නවත්තන වැඩේ අල්ලලා දාන්න.......
Saturday, September 25, 2010
හොස්ටල් ලයිෆ් - නිරුවත් මානවයා
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න ගත්තා.පහුගිය කාලෙ අපේ බ්ලොග්අවකාශෙ ගන කතා, බොග කතා වගේ එක එක කතා වලින් පිරිල ඉතිරිලා ගියානෙ.හැබැයි දැන්නම් ඒ කතා රැල්ල නැති වෙලා ගිහින් වගේ.ඉතිං අපිට හිතුනා අපේ බ්ලොග් පාඨකයන්ට ආපහු ගන කතා සහ බොග කතා වල මතකය අලුත් කරන්න.මේ පාර අපි තෝරගත්තෙ ටූ ඉන් වන් ස්ටෝරියක්.ඒ කියන්නෙ මේ කතාව ගන සහ බොග කියන කතා වර්ග දෙකම යටතෙ කියවන්න පුලුවන්.
අපිට පරණ හොස්ටල් කතා ගොඩක හම්බවෙච්ච චරිතයක් තමයි "සකයා" කියන්නෙ.ඒත් අපි කවදාවත් මෑන්ස් ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නෙ නෑ නොවැ!ඉතිං සකයා කියන්නෙ ටිකක් අබ්ලික් ඩයල් එකක්.පොර හැමතිස්සෙම බලන්නෙ කාටහරි ගේමක් දීලා ෆන් එකක් ගන්නලු.ඉතිං සකයා කරන හැම වැඩෙන්ම වෙන්නෙ කාටහරි හානියක් වෙන එකලු.ඒත් ඒ ගැන සකයාට කිසිම ගැටලුවක් තිබුනෙ නෑ.
සකයාගෙ වැඩ ගැන කියන්න ගියොතින් වෙනම සීරීස් එකක් ලියන්න පුලුවන්.ඒත් අපි දැනට එක වැඩක් ගැන විතරක් කියන්නංකෝ.අපේ යාලුවන්ට මතකයිනෙ හොස්ටල් එකේ බොග? 11 වසරෙ ඩෝම් එකේ ඉදලා බොගට තිබුනෙ ටික දුරයි.ඉතිං සකයා කරන්නෙ කවුරු හරි බොගට යනකොට හොරෙන් පස්සෙන් යන එකලු.ගිය මනුස්පයා බොගේ දොර වහගත්තට පස්සෙ සකයා කරන්නෙ බාල්දියකට ලොකු වතුර එකක් පුරවන එක.දැන් අපේ යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙන්නෙ මොකද්ද කියලා?
ඊළගට වෙන්නෙ සකයා උඩින් එවන වතුර පාරෙන්, නිදහසේ ශරීර කෘත්‍යය කර කර ඉන්න මෑන්ස්ව නෑවිලා යන එක.ඉතිං ඇතුලෙ ඉන්න එකාට මලක් නෙවෙයි, මල් වත්තක්ම ජම්ප් වෙනවලු.හැබැයි සකයා ඔය වැඩේට තෝරගත්තෙ ඩෝම් එකේ හිටපු ඇගෙන් පොඩි ළමයින්ව විතරයි.මොකද අනිත් ළමයින්ට ඔය වැඩේ කළොත් අම්බානක කෑමේ අවදානමක් තියනවා නොවැ!ඉතිං හැමදාම ඔය ජල ප්‍රහාරෙට ගොදුරු වෙන්නෙ මාලුකට්ටා, තාරාවා, මුදලාලි වගේ කට්ටිය.ඉතිං ටික දවසක් යද්දි මේ කට්ටියට සකයගෙ ජල ප්‍රහාර මහා හිසරදයක් වුණාලු.
ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ සකයටත් ඔය වගේම ගේමක් දෙන්න ඕනෙයි කියලා.
ඩෝම් එකට ඒ දවස්වල පත්තර අරගෙන ආවෙ සකයා.දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මොන පත්තරද කියලා නේද? ඒ තමයි ගන පත්තර.අපේ යාලුවා කරන්නෙ ගෙදර ගිහිං ආපහු හොස්ටල් එන දවසට පිටකොටුවෙ පේමන්ට් එකෙන් ඔය පත්තර අරගෙන එන එක.සාමාන්‍යයෙන් එකපාරට පත්තර තුන හතරක් අරගෙන එන එක සකයාගෙ සිරිත.ඉතිං අනිත් ළමයිනුත් තමන්ගෙ පත්තර අවශ්‍යතා සපුරාගත්තෙ සකයා ගෙනාපු පත්තර වලින්ලු.
ඒ දවස්වල ඩෝම් එක පත්තර වලින් පිරිලා.ගන පත්තරද, වර්ග පත්තරද, බොහොම සැර අඩු මට්ටමේ පත්තරද, ඕන එකක් තමන්ගෙ චොයිස් එකේ හැටියට තෝරගන්න නිදහස තිබුනා.ඉතිං රෑ ජාමෙ සකයා කරන්නෙ ඔය පත්තරේකුත් අරගෙන බොගට රිංගන එක.දැන් ඉතිං මොකටද කියලානං අහන්න එපා.දන්නෙම නැති කෙනෙක් ඉන්නවානං පිස්සගේ මේ ලිපිය කියවන්නකෝ.
දැන් සකයට ගේමක් දෙන්න ප්ලෑන් කර කර හිටපු යාලුවො කට්ටියට ඒක ක්‍රියාත්මක කරන්න කියාපු වෙලාවක් වුණේ මේ වෙලාව.ඉතිං කට්ටිය තීරණය කළාලු පහුවදා රෑටම මෑන්ස්ට ගේම දෙන්න ඕනෙයි කියලා.
**************************************************************************************************
කොහොම හරි ඉතිං පහුවදා රෑ කාලෙත් උදා වුණාලු.හොස්ටල් එකේ ළමයි ඩිනර් එකත් අරගෙන, ලේට් ස්ටඩීස් එහෙමත් කරලා ඉවරත් වුණාලු.දැන් කට්ටිය නිදි වගේ බොරුවට ඉන්නෙ සකයා බොගට යනකං.මෙන්න ටික වෙලාවකට පස්සෙ කලුවරේ හෙවනැල්ලක් වගේ පේනවලු මිනිස් රූපයක් ඩෝම් එකෙන් එළියට යන හැටි.ඇගේ හැඩයෙන් ඒ සකයාමයි කියලා අදුනගන්න එච්චර අමාරු වුණේ නෑ.ඉතිං මෑන්ස් ගිහිං විනාඩියකට විතර පස්සෙ බොරුවට නිදාගෙන හිටපු අපේ යාලුවො කට්ටිය නැගිටලා හොරෙන් හොරෙන් බොග පැත්තට ගියාලු.
මේ මිෂන් එකට රාත්‍රී ප්‍රහාරක බලකායෙන් සහභාගි වුණේ මාලුකට්ටයි, මුදලාලියි විතරයි.ඒ වුණත් මොකද වෙන්නෙ කියලා බලන්න පුරු පුරු ඇතුලු අනිත් ළමයිනුත් නැගිටලා උන්නලු.දැන් තියෙන්නෙ මිෂන් එක ක්‍රියාත්මක කරන එක.
ඉතිං අපේ යාලුවො ටික කළේ සකයා බොග ඇතුලෙ ඉන්නකොට හොරෙන් ගිහින් බොගේ දොර එළියෙන් ලොක් කරපු එක.එහෙම කරලා තිබුනෙ අර ඉබ්බා දාන්න ඕනෙ තැනට කෝටුවක් හිරකරලා.ඊට පස්සෙ කට්ටිය කරලා තිබුනෙ බාල්දි දහයකට විතර වතුර පුරවලා සකයාට මහාපරිමාණ ජල ප්‍රහාරයක් එල්ල කරන එක.
ජබෝස්..................
මෙහෙම විනාඩි පහක් විතර කට්ටිය මෑන්ස්ව නෑව්වලු.සකයා ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු, සුද්ද සිංහල වචන වලින් රාත්‍රී වායුගෝලය දූෂණය කරනවලු, දොර කඩන්න හදනවලු.ඉතිං මෙහෙම බාල්දි සීයක් විතර නෑව්වට පස්සෙ අපේ යාලුවො ටිකට වැඩේ ඇතිවෙලා ආපහු ඩෝම් එකට ආවලු.දැන් කට්ටිය බලාගෙන ඉන්නවා සකයා එනකං.හැබැයි පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ, බොගේ දොර ලොක් කරන්න ගහපු කෝටුව ගැලෙව්වෙ නෑ නේද කියලා.දැන් ඉතිං මළ කෙළියයි.........
අපේ යාලුවො වහාම ගිහිං සකයා හිටපු බොගේ දොරේ ලොක් එක ගැලෙව්වලු.මේ වෙද්දි මෑන්ස් හිටියේ තෙමිලා ගැහි ගැහී.හැබැයි ගැහි ගැහීනං හිටියේ තෙමිලා ඇතිවුණ සීතලටත් වඩා ජම්ප් වෙච්ච ෆ්ලවර් එකේ සැරට.ඒ මදිවට පත්තරේ ආපහු වැඩක් ගන්න බැරි තරමට හොදටම දියබත් වෙලා.සකයට එදා ජම්ප් වෙච්ච ෆ්ලවර් එක තමයි හොස්ටල් එකේ ඉතිහාසෙ ජම්ප් වෙච්ච හොදම එක.
කට්ටිය දොර ඇරලා බලද්දි සකයා ඉන්නවලු හරකෙක් වගේ පිඹ පිඹ, ඇස් දෙක රතු කරගෙන.ඒ මදිවට මෑන්ස් ඇදගෙන හිටියෙ ටී ෂර්ට් එකක් විතරයිලු.වහාම එළියට පැන්න සකයා කට්ටියවත් තල්ලු කරගෙන එළියට ආවලු.ඊට පස්සෙ මෑන්ස් කළේ ටී ෂර්ට් එක විතරක් ඇදගෙන පිස්සුවෙන් වගේ හයියෙන් ඩෝම් එක පැත්තට ගිය එක.අපේ යාලුවො ටික හිතුවෙ දැන් සකයා ඩෝම් එකට ගිහිං නිදාගනියි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.
ඩෝම් එකට යන පාරදිගේ මගදුරක් ගිය සකයා කළේ එක පාරටම වම් පැත්තට හැරුන එක.ඒක දැකපු අපේ යාලුවන්ට තරු පේන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද සකයා හැරුන වම් පැත්තෙ තිබුනෙ කොටියා සර්ගෙ නිල නිවාසෙ.මෙන්න එක පාරට සකයා කෑ ගහන්න ගත්තෙ නැතැයි...
කොටියා සර්..........කොටියා සර්..............
අපේ යාලුවො ටික වහාම දුවගෙන ගියෙ සකයව ඇදගෙන ඩෝම් එක ඇතුලට යන්න.මොකද තරහෙන් අන්ධ වෙලා හිටපු සකයට තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැනවත් තේරුමක් නෑ.දැන් කොටියා සර් නැගිට්ටොත් කට්ටියම ඉවරයි.පළවෙනි කාරනේ, මේ වෙලාවෙ නැගිටලා ඉන්න එක ලොකු වැරැද්දක්.ඊළගට සකයට වතුර ගහපු එකත් වැරැද්දක්.ඒ ඔක්කොටම වඩා සකයා හොස්ටල් එක ඇතුලෙ ගන පත්තර තියාගෙන ඉන්න එක ලොකුම වැරැද්දක්.ඉතිං කරන්න තිබුන එකම විකල්පෙ සකයාව ඇදගෙන ඩෝම් එකට යන එක.
ඒත් මේ වෙලාවෙ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා හිටපු සකයාව මෙල්ල කරන එක කොහොමටවත් ලේසි පාසු වැඩක් වුණේ නෑ.මෑන්ස් කළේ කට්ටියවම තල්ලු කරලා ගිහිං නිල නිවාසෙ බෙල් එක ගහන එක.දැන්නං ඉතිං බඩුම තමයි...
හැබැයි මේ වෙලාව වෙද්දි සකයගෙ ගෝරනාඩුව ඇහිලා ඩෝම් එකේ අනිත් ළමයිනුත් එතනට ඇවිත් තිබුනා.ඉතිං කට්ටියම එකතු වෙලා මෑන්ස්ගෙ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි වෙන වෙනම අල්ලලා උස්සගෙන අමාරුවෙන් ඩෝම් එක ඇතුලට අරන් ගියා.අරන් යනකොටම තමයි කොටියා සර්ගෙ නිල නිවාසෙ ලයිට් පත්තුවුණේ.ඉතිං කට්ටිය ඩෝම් එකට ගිහිං හැංගිලා බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.
ටික වෙලාවකින් නිල නිවාසෙ දොර ඇරුණා.කොටියා සර්ගෙ ආදරණීය බිරිද තමයි දොර ඇරියෙ.ටික වෙලාවක් වට පිට සෝදිසි කරපු මැඩම්, ආපහු දොර වහගත්තා.තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.
කොහොම හරි පහුවදා වෙද්දි සකයා යථා තත්ත්වෙට ආවා.11 වසරෙ ළමයි එකතු වෙලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තිබුන චාන්ස් එක නැති කරගත්තා.ඒ වගේම 10 වසරෙ ළමයෙක්ට බොග ඇතුලෙ තිබිලා කොට කලිසමකුයි, තෙමිච්ච පත්තරේකුයි හමුබවුණා කියලත් කනින් කොනින් ආරංචි පැතිරෙන්න ගත්තා............
Sunday, September 19, 2010
හොස්ටල් ලයිෆ් - බෝරෙ සහ නබීල්
පහුගිය දවස් ටිකේ බ්ලොග්අවකාශෙ පැත්තෙ සැරිසරන්න පූසන්ට එච්චර වෙලාවක් ලැබුනෙ නෑ.ඉතිං ඒක හින්දා අපේ බ්ලොග් එකේ තිබුන කොමෙන්ට් වලට උත්තර දෙන්න, ඒ වගේම බ්ලොග් යාලුවන්ගෙ ලිපි වලට කොමෙන්ට් දාන්න එහෙමත් අපිට බැරිවුණා.ඒ නිසා මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමුකො.
මේ වෙද්දි යාලුවනේ ගතවෙන්නෙ අපේ පූසන්ගෙ 11 වසරෙ ජීවිතේ මැද හරිය.හොස්ටල් එකේ වැඩත් නෝමල් එකේ කෙරීගෙන ගිය කාලයක්.ඉතිං ඔය දවස්වල තමයි හොස්ටල් එකට අලුත් ළමයි දෙන්නෙක් ආවෙ.ඒක්කෙනෙක්ගෙ නම බෝරෙ.අනිත් මෑන්ස්ගෙ නම නබීල්.දෙන්නම මුස්ලිම් ළමයි.නැත්තං හොස්ටල් භාෂාවෙන් කිව්වොත් අම්බයො.ඔය "ස" ප්‍රසංගෙ ඕඩියෝ ක්ලිප් එකෙන් තමයි කට්ටිය මේ වචනෙ ඇහිදගත්තෙ.ඔන්න දැන් කියන්න එපා පූසො ජාතිවාදියොයි කියලා.මොකද හොස්ටල් එක ඇතුලෙදි බයිට් වෙන්න ජාති භේදයක් ඕනෙ වුණේ නෑ.
ඉතිං අපේ යාලුවො දෙන්නට හම්බවුණේ පුරුපුරුගෙ ඇද ළගම ඇදවල් දෙකක්.මීට කලින් මුස්ලිම් අයත් එක්ක කොච්චර ගනුදෙනු කරලා තිබුනත් පුරුපුරු කවදාවත් එයාලා එක්ක එක වහලක් යට ජීවත් වෙලා තිබුනෙ නෑ.ඉතිං මේ දෙන්නා හොස්ටල් ආවට පස්සෙ තමයි මෑන්ස්ට මුස්ලිම් සිරිත් විරිත් ගැන හරිහමං අවබෝධයක් ආවෙ.කොහොම වුණත් පුරුපුරුයි මාලුකට්ටයි, අපේ කොනකපාලු යාලුවො දෙන්නත් එක්ක හොදට ෆිට් වෙන්න වැඩි දවසක් ගියෙ නැහැලු.
ඒ දවස්වල මුස්ලිම් ජාතිකයන්ගෙ ලයිෆ්ස්ටයිල් එක පුරුපුරුටනං පෙනුනෙ මහ අබ්ලික් විදිහට.මුලින්ම ආගම ඇදහීම ගමුකො.දවසට තුන් හතර පාරක් ආගම අදහන එක පූසන්ටනං කීයටවත් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.ඒකත් කරන්න ඕනෙ නිකං නෙවෙයි, අදහන තැනට උඩින් උඩුවියන් එහෙම බැදලා.ඒ වගේම තව තේරුම් ගන්න අමාරු නීති රීති ගොඩක් ඒ අයට තිබුනා.උදාහරණයක් විදිහට මුත්‍රා කරලා ඉවර වුණාට පස්සෙ ගල්කැටයක් අහවල් ස්ථානයෙ තියාගන්න එක එහෙමනං තවමත් තේරුම්ගන්න බැහැ.
ඉතිං ඒ දවස්වල හවස්වරුවල කෙස්පැලෙන විවාද තමයි ඩෝම් එක ඇතුලෙ ගියෙ.කට්ටියක් බුද්ධාගම හොදයි කියලා තර්ක කරනවා.බෝරෙයි නබීලුයි තර්ක කරනවා ඉස්ලාම් ආගම හොදයි කියලා.ඒ අස්සෙ සලා වාදෙට එන්නෙ ක්‍රිස්තියානි ආගම හොදයි කියලා.කොටින්ම ඒ දවස්වල හොස්ටල් එක තිබුනෙ, මේ දවස්වල සිංහල බ්ලොග්අවකාශෙ තියෙනවා වගේමයි.ආගමික වාද විවාද වලින් පිරිලා.හැබැයි ඉතිං කොච්චර වාද කළත් ඒ ඔක්කොම එතනින් ඉවරයි.මොකද කට්ටියම හොද යාලුවො නොවැ! කවදාවත් තමන්ගෙ ආගම හරි ජාතිය හරි නිසා කිසිම ළමයෙකුට හොස්ටල් එකේදි අවැඩක් වුණේ නෑ.
ඉස්ලාම් ආගමේ සමහර දේවල් වලටනං ඒ දවස්වල අපේ සිංහල බෞද්ධ කට්ටියත් ඊරිසියාවෙන් හිටියෙ.ඇයි අර හත්දෙනෙක් කසාද බදින්න පුලුවන් නීතිය? ඕක ගැන කිය කියා තමයි ඉස්සර මුස්ලිම් යාලුවො දෙන්නා සිංහල කට්ටියව බයිට් කළේ.ඒ වගේම මොන තර්ක දැම්මත් නෝම්බි කාලෙටනං කට්ටියට මුස්ලිම් අයව හරිම හොදයි.ඇයි ඉතිං රෑට හම්බවෙනව නොවැ රාජකීය බත් එකක්.
හොස්ටල් එකට එනකොට බෝරෙයි නබීලුයි දෙන්නම හොද ආගමානුකූලව හැදිලා හිටියෙ.නබීල්නං දිගටම එහෙම හිටියලු.ඒත් බෝරෙනං වැඩි දවසක් යන්න කලින් වෙනස් වුණාලු.මෑන්ස් ටික ටික ගන බලන්නත් පුරුදු වුණේ තමන්ගෙ ආගමේ ගන බැලිල්ල තහනං බවවත් සලකන්නෙ නැතුව.(ගන බැලීම "හරාම්" කියලා තමයි කියන්නෙ.හලාල් කියන්නෙ කරන්න කැප දේවල් වලටලු)
තවත් ටික දවසකින් පොර සාජන් කෙනෙක් වුණා.ඒ කිව්වෙ "පෙම්වතෙක්" වුණා.ගෙවල් පැත්තෙ පූසන්ගෙ වයසෙම මුස්ලිම් ගෑනු ළමයෙක් එක්ක තමයි යාලුවෙලා තිබුනෙ.හැබැයි මෑන්ස්ගෙ ආදරේට නරක කළදසාවක් ලබන්න වැඩි දවසක් ගියෙ නෑ.
ඔය මුස්ලිම් ගෑනු ළමයි සිංහල ගෑනු ළමයි වගේ ඔලුවෙ කෙස් පැහෙනකං ගෙවල්වල තියාගන්නෙ නෑ නොවැ! යන්තං ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙද්දිම කසාද බන්දලා දෙනවා.ඉතිං බෝරෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් වුණේ එහෙම දෙයක්.ඒ ගෑනු ළමයගෙ ගෙදරින් ඒ ළමයව තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් මෑන්ස් කෙනෙක්ට කසාද බන්දලා දීල තිබුනා.
බෝරෙ ඉතිං ඒ වෙද්දිත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලනෙ (අලියෙක්ගෙ වගේ ඇගක් තිබුනට) ඉතිං ඔය සම්බන්දෙන් මෑන්ස්ට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.ඒ දවස්වල උඩ බලාගෙන කල්පනා කර කර ඉන්න එක විතරයි අපේ යාලුවට කරන්න පුලුවන් කමක් තිබුනෙ.ඉතිං හොදටම අප්සට් එකේ හිටපු බෝරෙ, ඒ වෙද්දි යලට මහට කර කර හිටපු දෙවියන් ඇදහිල්ලත් සම්පූර්ණයෙන් නවත්තලා දැම්මලු.මෑන්ස්නං කිව්වෙ දෙවියො පොරට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දුන්නෙ නැති නිසා දැන් දෙවියොත් එක්ක මළෙන් ඉන්නෙ කියලා.හැබැයි ඉතිං සිකුරාදා හවස පල්ලි යන එකනං නවත්තන්න බෝරෙට බැරිවුණා.
අන්තිමට මෑන්ස් නතර වුණේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ ප්‍රබල සාමාජිකයෙක් වෙලා.ඒ වගේම පස්සෙ කාලෙක කබඩ්වල හංගලා තිබුන ගන ටික බොරේගෙන් බේරගන්න වෙනම මිෂන් එකක් දෙන්න වුණා.ඇයි පොර කරන්නෙ සිකුරාදා හවස පල්ලි යන්න ඉස්කෝලෙන් ඉක්මනට ඇවිත්, ඩෝම් එකේ කබඩ් වල හංගලා තියන ගන සීඩී ටිකත් අරගෙන පනින එක.හැබැයි ඉතිං කොහෙන්ද හොයාගත්තු මෙලෝරහක් නැති අරාබි ගන කීපෙකුත් මෑන්ස්ගෙන් පූසන්ට ලැබුනා.ඒ විතරක් නෙවෙයි, බෝරෙට පින්සිද්ද වෙන්න දෙමළ කුණුහරුප පිළිබදව හසල දැනුමකුත් හොස්ටල් එකේ ළමයින්ට ඒ දවස්වල තිබුනා.
මොනවා වුණත් පූසො මුස්ලිම් යාලුවොත් එක්ක හිටපු මාස ගානට දැනගත්ත දෙයක් තමයි මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි කියලා.
ප.ලි - අපේ ඤාව්වට කාලයක් යනකම්ම තිබිල තියන ප්‍රශ්නයක් තමයි මෙච්චර කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා ඉන්දැද්දි "සාජන්" කියලා ෆිල්ම් එකක් ගැහුවෙ ඇයි කියන එක.මෑන්ස් පස්සෙ කාලෙකලු දැනගත්තෙ හින්දි භාෂාවෙන් පෙම්වතාට කියන්නෙ සාජන් කියලා
ඒ වගේම ඤාව්වගෙ අදහසට අනුව එඩ්වින් "ඇඩ්ඩිං" වුණා වගේ "සුමිත්" කියන නම හැදිලා තියෙන්නෙ ඉංග්‍රීසි ස්මිත් කියන නමින්...
Friday, September 10, 2010
හොස්ටල් ලයිෆ් - රහීමා, බම්බා සහ හොස්ටල් කෑම
දැන් යාලුවනේ අපි හොස්ටල් කතා ලියන්න පටන් අරගෙන ටිකක් කල් ගතවෙලා නොවැ! ඒත් ඉතිං මෙච්චරකල් බැරිවුණා හොස්ටල් එකේ කෑම මොකුත් ලියන්න.ඉතිං අද ලිපිය වෙන් වෙන්නෙ හොස්ටල් කෑම සහ තවත් රසකතා කීපයක් වෙනුවෙන්.
අපිට සාමාන්‍යයෙන් හොස්ටල් කෑම කිව්වම එකපාරටම හිතේ මැවෙන්නෙ කන්න තියා බලන්නත් අජූත කෑමවේලක්නෙ. ඒත් කුරුදුවත්තෙ හොස්ටල් එකේනං ඒ දවස්වල කෑම දුන්නෙ හොද හෝටලේකටත් වඩා හොද විදිහට.විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත.
හැබැයි උදේටනං දුන්නෙ සාමාන්‍ය කෑම වේලක්.එක්කො පරිප්පුයි පානුයි, එහෙමත් නැත්තං අල හොදියි පානුයි.සතියෙ එක දවසක් විතරක් උදේට සම්බෝලයි, බිත්තරයි පානුයි හම්බවුණා.සමහර වෙලාවට ජෑමුයි බටරුයි ගාපු පාන් හමුබවුණු වෙලාවලුත් තිබුනා.කොහොම වුණත් බ්‍රෙක්ෆස්ට් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ පාන්.
අපි අර පුරුපුරු මුලින්ම ගුටිකාපු කතාවෙ කිව්වා වගේ ඩයිනින් හෝල් එකේ ටේබල් හැම එකකටම, 11 වසරෙ ටේබල් මොනිටර් කෙනෙක් ගානෙ හිටියා.ඉතිං ටේබල් එකේ හිටපු පොඩි එවුන් කන්නෙ නැති කෑම ඔක්කොම අන්තිමේදි ඉතුරු වුණේ "ටේබල් මොනිටර් අයියගෙ" පිගානෙ.ඒ දවස්වල සමහර කට්ටිය තමන්ගෙ ටේබල් එකට වෙජිටේරියන් පොඩිඑවුන්ව ගන්න හරි කැමතියි.මොකද එතකොට පොඩිඑකාට ලැබෙන්න තියෙන ප්‍රෝටීන් ආහාරෙ හම්බවෙන්නෙ තමන්ට නොවැ!ඉතිං ඔයවගේ උදේට බිත්තර දෙන දවස්වලට, බිත්තර හය හතක් කන්න පුරුදු වෙච්ච "අයියලා" හොස්ටල් එකේ හිටියලු.
ලන්ච් එක සාමාන්‍යයෙන් හැමදාම වගේ බ්‍රෙක්ෆස්ට් එකට වඩා හොදට ලැබුනා.ලන්ච් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ මාලු.ඒ දවස්වල අන්කල් සියා කිරට උයපු මාලු කන්න හොස්ටල් එකේ හැම ළමයම පුදුම ආසාවකින් හිටියෙ.අන්කල් සියා හෙඩ් වේටර් වුණාට මාලු කිරට උයන දවසට කුස්සිය පැත්තට ගෙන්න ගන්නවා.ප්‍රොෆෙෂනල් කුක්ලාට ඊරිසියා හිතෙන විදිහට තමයි අන්කල් සියා කිරිමාලු උයන්නෙ.
ඊට පස්සෙ හම්බවෙන්නෙ හවස ටී එක.ඒකටත් ඉතිං ටී වලට අමතරව මාලුබනිස්, ඉස්පන්චි, ඥානකතා, ක්‍රිම් බනිස්, ජෑම් බනිස් වගේ දේවල් හම්බවෙනවා.හික්ස්...හැබැයි දවසට එක ජාතිය ගානෙ.වැඩිපුර ඒවා තියනවනං ටේබල් මොනිටර්ලටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි තමයි ඒ කෑම ලැබෙන්නෙ.ඒ දවස්වල "මාලුබනිස් රෙකෝඩ් එක" තිබුනෙ පුරුපුරුට.ඒ එක ටී වේලකට මාලුබනිස් 9ක් කාලා.
ඊටත් පස්සෙ ඩිනර් එකේදි තමයි අපේ යාලුවන්ට සුපිරි කෑම හම්බවෙන්නෙ.ඒ වගේම කෑමට හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නත් ඕනෙ.සාමාන්‍යයෙන් බත් එක්ක ප්‍රෝටීන් ආහාරය විදිහට ලැබෙන්නෙ සොසේජස්, මීට්බෝල්ස් වගේ දෙයක්.ඒත් විශේෂ කෑම ලැබෙන දවසුත් තියෙනවා
අගහරුවාදා - ඉදිආප්ප, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී (අතුරුපසට අයිස්ක්‍රීම්)
බ්‍රහස්පතින්දා (ස්පෙෂල් ඩිනර්) - ෆ්‍රයිඩ් රයිස්, විකන්, අල තෙල් දාලා, කට්ලට්, පපඩම් (අතුරුපසට අයිස්ක්‍රීම්)
සෙනසුරාදා - පාන්, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී
කොහොමද යාලුවනේ? හොස්ටල් එකක් හැටියට හොදයි නේද? ඉතිං ගොඩක් අඩු ගාස්තුවක් ළමයින්ගෙන් අරගෙන, ලයිට් බිල් වතුර බිල් එහෙමත් ගෙවලා, කෑමත් ඉස්තරම් විදිහට දෙන්න පුලුවන් වුණේ කොටියා සර්ගෙ තිබුන මැනේජ්මන්ට් ස්කිල් නිසාමයි.ඒ දවස්වල ඉදිආප්ප 70 - 80 කාපු ළමයි, පාන්ගෙඩි දෙක තුනක් කාපු ළමයි එහෙමත් හොස්ටල් එකේ හිටියලු.
කොහොම වුණත් හැමදාම රෑට හොස්ටල් එකෙන්ම කන එක ගොඩක් ළමයින්ට එච්චරම දිරෙව්වෙ නෑ.ඉතිං සතියට දවසක් දෙකක් ඩිනර් එක ගන්න පොඩි අවුටින් පාරක් දාන්න 10, 11 වසරවල සමහර ළමයි පුරුදු වෙලා හිටියලු.ඔය වැඩේට ඉතිං ගොඩක්ම තෝරගත්තෙ "රහීමා" එක. ඒ රහීමා එකේ කෑම ඒ දවස්වල හොද තත්ත්වයෙ තිබුන නිසයි, කිට්ටුවපාතක වෙන හොද කෑම කඩයක් නැති නිසයි කියන හේතු දෙකම හින්දා.
ඒ දවස්වල රහීමා එකේ ජනප්‍රිය කෑම තමයි විකන් බුරියානි සහ චිකන් කොත්තු.සල්ලි මදිවෙච්ච දවස්වලටනං ඉතිං බිත්තර කොත්තුත් කනවා.කිව්වම මොකද, දැන්නම් රහීමා එකේ කෑම ඉස්සර තරම්ම කොලිටි නෑ.
කලාතුරකින් අපේ යාලුවො බම්බා පැත්තෙත් පොඩි රවුමක් ගහන්නත් පුරුදු වෙලා හිටියලු.පොඩි චේන්ජ් එකකටත් එක්ක පීසා පාරක් දාන්න, එහෙමත් නැත්තං කෙන්ටකියෙ බැදපු සැවුල් මාංශ කඩේට ගොඩවදින්න වගේ අවශ්‍යතාවයක් වුණොත් තමයි ඉතිං ඒ පැත්තෙ යැවුනෙ.
ඔය කොහෙගියත් අපේ කට්ටිය හිටියෙ හිතේ ගින්දරෙන්.ඇයි ඉතිං ඔය ගමන් අවසර අරගෙන එන ජාතියෙ ගමන් නෙවෙයි නොවැ! ඉතිං තාප්පෙ හරහා රීඩ් මහත්තයගෙ පාරට පැනලා හොරෙන් තමයි යන්න වුණේ.තාප්පෙන් පනිනකං කට්ටිය බයේ හිටියෙ කොටියා සර්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාට හරි මාට්ටු වෙයි කියලා.තාප්පෙන් පැන්නට පස්සෙ බයේ හිටියෙ කොයි මොහොතෙ පොලිසියෙන් අල්ලගනියිද කියලා.
ඒ දවස්වල පූසන්ගෙ වයසෙ කොල්ලො සෙට් එකක් රංචු ගැහිලා කොළොම්පුරේ පාරෙ යනවා දැක්කොත් පොලිසියෙන් බේරිල්ලක් නෑ.වහාම අල්ලගෙන බලනවා ඇල්කොහොල් සුවදක් එහෙම එනවද කියලා.ඊටපස්සෙ බීලා නැතත් ආපහු හොස්ටල් එකට පන්නනවා.ඔය ප්‍රොසීඩියර් එක අතරෙ පොලිසියෙන් ගුටියක් දෙකක් කාපු යාලුවොත් හොස්ටල් එකේ නොහිටියෙ නෑලු.එක දවසක් මහරෑ පොලිසියෙන් පන්නද්දි, ඉස්කෝලෙ තාප්පෙන් එළියෙ ඉදලා ඇතුලට පනිද්දි පුරුපුරුගෙ කකුලකුත් තුවාල වුණාලු.
මොනවා වුණත් මේ වැඩ පුරුද්දක් වශයෙන් කරන්න අපේ පූසො පුරුදු වෙලා හිටියෙ නෑ.
තාමත් රහීමා එකත්, ඉස්කෝලෙ තාප්පෙත් ඒ වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ හිටපු ළමයි විතරයි.පුරුපුරු හැමදාම හවසට බස්එකට නගින්න එන්නෙ කැම්පස් එක ළග තියන බස්හෝල්ට් එකට.ඒ හෝල්ට් එකට හරියටම පාරෙන් එහාපැත්තෙදි තමයි මෑන්ස් තාප්පෙන් පැනලා කකුල තුවාල වුණේ.ඉතිං හැමදාම තාප්පෙ දකිද්දි ඔය සිද්දිය මතක් වෙන එක වලක්වන්න බෑ නොවැ! ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ආපහු හොස්ටල් එකට යන්න ඇත්නං කියලා...!
Sunday, September 5, 2010
හොස්ටල් ලයිෆ් - පීරියඩ් කට් කිරීම
ඉතිං යාලුවනේ ටික දවසකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න අවස්ථාව ලැබුනා.මේ දවස්වල පූසන්ට ටිකක් බිසී.ඒක හින්දා මේ පැත්තෙ එන්න චාන්ස් එකක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.ඉතිං හැම කොමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න හොදේ........
මේ දවස්වල අවකාශෙ නැගල යන්නෙ ඉස්කෝලෙ කට් කරන කතා නොවැ! අපේ අභීත සහෝදරයත් ඒ ගැන ලියලා තිබුනා.ඉතිං අපිටත් හිතුනා ඒ ගැන කතාවක් ලියන්න.
ඔය ඉස්කෝලෙන් පනින එකේ මූලික අරමුණ කොහෙහරි ගිහින් විනෝද වෙන එකනෙ.ඒ වුණාට කොහෙවත් යන්න ඕනෙ නැති, ඒත් තමන් අකමැති පීරියඩ් එකක පන්තියෙ ඉන්නත් බැරි ළමයෙකුට තියෙන හොදම විසදුම තමයි පීරියඩ් කට් කරන එක.ඉතිං ඕ ලෙවල් කාලෙ වෙද්දි පූසන්ගෙත් ෆේවරිට් අංගය වෙලා තිබුනෙ ස්කූල් කට් කිරීමට වඩා, පීරියඩ් කට් කිරීමලු.ඒ කියන්නෙ අකමැති පීරියඩ් එකේදි පන්තියෙන් පැනලා ඒක ඉවර වුණාට පස්සෙ ආපහු පන්තියට එන එක.
හැබැයි පීරියඩ් කට් කරනකොට ඉස්කෝලෙ ඇතුලෙම රැදෙන්න වෙන හින්දා, මුලින්ම කාලෙ ගෙවන්න සුදුසු තැනක් තෝරගන්න ඕනෙ.ඉතිං ඔය අවශ්‍යතාවය අතින්නම් හොස්ටල් එකේ ළමයි හිටියෙ සෑහෙන්න වාසනාවන්ත පරිසරයකලු.මොකද සමහර ඉස්කෝලවල වගේ නෙවෙයි, කුරුදුවත්ත හොස්ටල් එක පිහිටලා තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙමයි.ඉතිං පීරියඩ් කට් කරන ළමයි හොරෙන් හොස්ටල් එක ඇතුලට රිංගගත්තට පස්සෙ, එලාම් එකක් තියාගෙන සැපට නිදියගෙන ඉන්නයි තිබුනෙ.අපේ පුරුපුරුත් ඒ දවස්වල ඔය වැඩේට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියලු.
ඒ වුණාට ඔය වැඩේ කොහොමටවත් හිතන තරම්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ.මොකද තමන්ගෙ ඕෆ් පීරියඩ් වල කොටියා සර් හිටියෙත් හොස්ටල් එක ඇතුලෙමයි.ඉතිං හොස්ටල් එකට යන්න කලින් මුලින්ම ෆුල් සර්ච් පාරක් දාන්න ඕනෙ "කොටි පුසුඹ" හොස්ටල් එක ඇතුලෙන් එනවද කියලා.මොකද ඉස්කෝලෙ වෙලාවෙ (ඉන්ටර්වල් එක ඇර) හොස්ටල් එකට එන එක බරපතල වැරැද්දක්.
බැරිවෙලා හරි සර් හොස්ටල් එක ඇතුලෙ ඉන්නවා කියලා තේරුනොත් කට්ටිය කරන්නෙ පැවිලියන් එක පැත්තට ගිහින් වෙලාව ගතකරන එක.එතකොට හැබැයි නිදාගන්න වෙන්නෙ නෑ.ඒ වුණාට අවේලාවෙ හොස්ටල් එකට ඇවිත් කොටියා සර්ගෙන් ගුටි කනවට වඩා කවුරුත් කැමති වුණේ ඒ ක්‍රමයටලු.මොකද පීරියඩ් කට් කරලා අහුවුණාම ඒ ළමයට දරුණු විදිහට වේවැල් කසාය දෙන්න කොටියා සර් ආයි දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.
සර් කරන්නෙ හොස්ටල් එකට ආපු ගමන් 10, 11 ඩෝම් වල ළමයි ඉන්නවද කියලා චෙක් කරලා බලන එක.අසනීප ළමයෙක්ටනං සර්ගෙන් විශේෂ අවසරයක් අරගෙන ඩෝම් එකේ ඉන්න පුලුවන්.එහෙම නැති ළමයෙක් දැක්කොත් තමයි සර්ගෙ සැගවුණු කොටියා කරළියට එන්නෙ.
ඉතිං එක දවසක් ඇග්‍රිකචල් පීරියඩ් එකේදි පුරුපුරුට හිතුනලු හොස්ටල් එකට ගිහින් ටිකක් රෙස්ට් කළානං හොදයි කියලා.මොකද පුරුපුරුලා ඇග්‍රි රූම් එකට යද්දි, ඒ වෙනකොටත් මිස් උගන්නන්න ඇවිල්ලා තිබුනෙ නෑ. එතකොට ඉතිං කම්මැලි හිතෙනවා නොවැ! මෑන්ස් කළේ තමන්ගෙ අදහස ඇග්‍රි කරපු අනිත් හොස්ටල් යාලුවන්ටත් දැනුම් දුන්න එක.බැලින්නං කට්ටිය ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි හොස්ටල් එකට යන්න.ඉතිං ඔය වැඩේට එකතු වුණේ පුරුපුරු, ජුවාන්, සකයා සහ සංජු.
දැන් අපේ යාලුවො කට්ටිය 10 වසර බිල්ඩින් එකේ තිබුන ඇග්‍රි රූම් එකෙන් පිටත් වෙලා සියඹලා ගහ, පිට්ටනිය හරහා හොස්ටල් එකට යනවලු.ඉතිං හොස්ටල් ගේට්ටුව ළගදි තමයි පිටිපස්ස බලපු ජුවාන් අතිශය විනාශකාරී දර්ශනයක් දැකලා තියෙන්නෙ.බැලින්නං පිට්ටනියෙ එහා කෙළවරින් කොටි ඡායාවක් මතුවෙනවලු.ඉතිං අපේ යාලුවො කළේ කකුල් දෙකට පින් දීලා, උසේන් බෝල්ට් ලොක්කත් පරද්දන වේගෙන් ඩෝම් එක ඇතුලට යනකම්ම දුවපු එක.
දැන් කට්ටියට ෂුවර් සර් මේ සිද්දිය දැක්කයි කියලා.ඉතිං වෙනිං විකල්පයක් නැති නිසා අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු හැංගෙන්න.සංජු හැංගුනේ ලයිමෝල්ගෙ කබඩ් එක පිටිපස්සෙ.පුරුපුරුයි ජුවානුයි හැංගුනේ ඇදන් දෙකක් යට.හැබැයි සකයට විතරයි එතනදි ක්‍රියේටිව් අයිඩියා එකක් පහළ වුණේ.
ඒ දවස්වල ඩෝම් එකේ තිබුනා මැර සතියෙදි ගෙදර ගිය අයියලා දාලා ගිය කබඩ් කීපයක්.ඒ අතරින් එක කබඩ් එකක් යකඩින් හදපු උස කබඩ් එකක්.ඒක ඇතුලෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.ඉතිං සකයා කළේ ඔය කබඩ් එක ඇතුලට වැදිලා දොර වහගත්ත එක.දැන් කට්ටිය ගැහි ගැහී ඉන්නවා.
ඉතිං ටික වෙලාවකින් බලාපොරොත්තු වෙච්ච විදිහටම කොටියා සර් ඩෝම් එක ඇතුලට ආවලු.බැලින්නං සර් ඇවිත් තියෙන්නෙ නිල නිවාසෙටත් ගිහිං තඩි වේවැල් දෙකක්ම අරගෙන.ඔය විදිහට ටික වෙලාවක් ඩෝම් එක ඇතුලෙ සර්ච් කරපු කොටියා සර්ට පුරුපුරුවයි, ජුවාන්වයි, සංජුවයි හොයාගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.සර් ඊටපස්සෙ කළේ මේ තුන්දෙනාව ඩෝම් එකේ දොර ළග පේළියට හිටවපු එක.
කොටියා සර් :- තමුන් දන්නවද මේ වෙලාවෙ අනවසරයෙන් හොස්ටල් එකේ ඉදීම වරදක් කියලා?
ළමයි :- ඔ...ඔව්..සර්......
කොටියා සර් :- කෝ තමුන්ලත් එක්ක දුවගෙන ආපු අනිත් ළමයා? ඒ සකයා නේද??
ළමයි :- නෑ..සර්..අපි තුන්දෙනා විතරයි ආවෙ....
කොටියා සර් :- ආ..දැන් වැරදි කළා මදිවට බොරුත් කියනවද?
චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...
මෙහෙමෙ කියපු කොටියා සර් අපේ යාලුවො තුන් දෙනාට නියම වේවැල් කසායක් දෙන්න පටන් ගත්තලු.ඒත් ඉතිං ගුටි කෑවයි කියලා සකයාව පාවල දෙන්නත් බෑ නොවැ! ඉතිං කට්ටිය මීයො තුන්දෙනා වගේ සද්ද නැතුව ගුටි කාගෙන හිටියලු.අන්තිමට ගුටිකෑම නැවතුනේ වේවැල් දෙකම පොඩි පොඩි කෑලි වලට කැඩිලා ගියාට පස්සෙ.මේ වෙද්දි අපේ යාලුවන්ට හොද ගණන්ලු.
ඉතිං කොටියා සර් කළේ තුන්දෙනාව අතඇරලා ගිහින් ඩෝම් එක පුරාම සකයාව හොයපු එක.හැබැයි ගොඩක් වෙලා හෙව්වත් සර්ට මෑන්ස්ව හොයාගන්න ලැබුනෙ නෑ.කවුද හිතන්නෙ කොල්ලෙක්ට කබඩ් එකක් ඇතුලෙ හැංගෙන්න පුලුවන් කියලා.ඉතිං සකයා බොගේ හැංගිලා ඇති කියලා උපකල්පනය කරපු කොටියා සර් මෑන්ස්ව හොයන්න ඒ පැත්තට ගියාලු.ඒ අවසරෙන් සකයා කළේ කබඩ් එකෙන් එළියට ඇවිත්, ඩෝම් එකේ ජනේලෙන් එළියට පැනලා, ඩෝම් එකේ පිටිපස්සෙන් ඉස්කෝලෙට දුවපු එක.මොකද මෑන්ස් දන්නවා මේ වෙලාවෙ සර්ට අහුවුණොත් පොරව කෝටුමස් කරලා තමයි නවතින්නෙ කියලා.
අන්තිමට වුණේ සකයව හොයාගන්න බැරිවෙච්ච කොටියා සර්ගෙන් අපේ යාලුවො තවත් හොදට බැනුම් අහපු එක.ඒ වගේම එදා හවස 11 ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් කට්ටියට නියම වුණාලු.ඒ විතරක්නම් මදෑ, ඇයි මීටපස්සෙ පීරියඩ් කට් කරන්නෙ නැතෙයි කියලා දුන්න "දිවුරුම් ප්‍රකාශය".
කොහොම හරි ඉතිං අපේ යාලුවො ටික ආපහු ඉබි ගමනින් ඉස්කෝලෙ පැත්තට ඇදුනෙ ෆුල් හන්ටර් වෙලා.හැබැයි පූරුවෙ පිනකටද කොහෙද, එදායින් පස්සෙනං පුරුපුරු පීරියඩ් කට් කළත් කොටියා සර්ට මාට්ටු වුණේ නෑලු.....
ප.ලි - ඔය ගෑනු ඉස්කෝලවලනං හොස්ටල් ළමයින්ට පීරියඩ් කට් කළත් කිසිම ප්‍රශ්නයක් නෑලු. මේට්‍රන් ඇවිත් හේතුව අහද්දි දෙන්න පුලුවන් හොද උත්තරයක් තියනවනෙ.ටියුබ් ලයිට් නැත්තං ඔයාලටත් හිතාගන්න පුලුවන් උත්තරේ. බයෝ කරපු ඈයින්ටනං නතින්.හික්ස්.......
Saturday, August 28, 2010
දිලූශා සහ හංසිනී 3 - අසන්න පෙර සිතා බලනු
ඔන්න යාලුවනේ අපි ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු දිලූශා සහ හංසිනී සීරීස් එකේ 3 වෙනි කොටසත් ගෙනාවා.මේ සීරීස් එකේ කලින් කොටස් බලලා නැති යාලුවන්ට පහළ ලින්ක් වලින් ගිහින් බලන්න පුලුවන්.
දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දැන් ඉතිං මේ වෙද්දි අපේ මාලුකට්ටා බොහොම සතුටින්ලු හිටියෙ.ඒ වගේම මීට කලින් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නැති නිසා මෑන්ස්ගෙ හිතේ පොඩි චකිතයකුත් තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ වුණාට මාලුකට්ටාට බයවෙන්න දෙයක් තිබුනෙ නෑ.මොකද දැනටමත් වැඩේ ෂුවර් වගේ තමයි.පූසන්ගෙ අදහසට අනුව මාලුකට්ටා යාලුවෙන්න අහපු ගමන් දිලූශා "හා" කියන තත්ත්වයක් තමයි තිබුනෙ.
අපේ පූසා ඉතිං හොස්ටල් එකේ ඉන්න ගමන් ප්ලෑන් කරන්නෙ යාලුවෙන්න අහන හැටි නෙවෙයි.යාලු වුණාට පස්සෙ දිලූශාට කතාකරන්නෙ කොහොමද කියලා.මාලුකට්ටගෙ අයිඩියා එක තිබුනෙ යාලු වුණාට පස්සෙ දිලූශාට "දීශා" කියල කතාකරන්න.හැබැයි පුරුපුරුනං ඔය වැඩේට එච්චර කැමති වුණේ නෑ.බැරිවෙලා හරි ඔය ස්ටයිල් එකටම දිලූශා මාලුකට්ටගෙ නම "මාකට්" කියල වෙනස් කළොත් එහෙම?
කොහොමහරි ඉතිං කාලෙ ගෙවිල ගිහිං සෙනසුරාදා දවසත් උදා වුණාලු.මාලුකට්ටාට උපදෙස් ලැබිලා තිබුනෙ උදේ පාන්දර ඇවිත් ක්ලාස් එකට එන පාරෙ රැකගෙන ඉදලා, දිලූශා ක්ලාස් එනකොට එයාගෙන් අහන්නයි කියලා.මොකද දිලූශයි හංසිනීයි වෙන් වෙන් වශයෙන් දැකගන්න පුලුවන් උදේ ක්ලාස් එද්දි විතරයි.ඒකත් දෙන්නගෙ ගෙවල් පැති දෙකක තිබුන නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්.
ඔය ක්ලාස් එක තිබුනෙ පුරුපුරුලගෙ ගෙවල් ළගමයි.ඉතිං පුරුපුරුත් උදේම ක්ලාස් ඇවිල්ලා මාලුකට්ටා සුභ ආරංචිය ගේනකං බලාගෙන හිටියලු.ඒත් ටිකවෙලාවක් ගතවුණත් මෑන්ස් එන පාටක් පේන්න තිබුනෙ නෑ.ඔය අතරෙ උපාසක, ඤාව්වා, වේයන්ගොඩයා ඇතුලු පන්තියෙ අනිත් ළමයි එක්කොම ආවා.ටික වෙලාවකින් හංසිනීත් පන්ති ආවලු.ඊට පස්සෙ මැඩම් ඇවිත් පන්තියත් පටන් ගත්තලු.දැන් පන්තියෙ නැත්තෙ දිලූශයි, මාලුකට්ටයි විතරයි.
මුන් දෙන්නා ගොඩගිහින් ඇවිදින්නවත් ගියාද?
අපේ පූසො එහොම කල්පනා කර කර ඉන්න අතරෙ තමයි ටික වෙලාවකින් මූණ රතු කරගත්තු දිලූශා පන්තියට ආවෙ.ආපු ගමන් මැඩම්ට එක්ස්කියුස් කරලා වාඩි වුණා වුණාමයි, ගෑනි නෙවෙයි ආපහු ඔලුව උස්සලා වටපිටවත් බැලුවෙ.දැන් පූසන්ට මාර ප්‍රශ්නෙ.කෝ මේ මාලුකට්ටා?
ඔන්න එතකොටම තමයි ප්‍රශ්නෙට විසදුම හම්බවුණේ. මෙන්න බොලේ ඇවිදින මළමිනියක් වගේ මේකා හිමින් හිමින් පන්තිය දිහාවට ඇදෙනවා.මූණත් කලුවෙලා, ඒ මදිවට කොන්ඩෙත් හොදටම අවුල් කරගෙන.අර වතුර හිදිච්ච විලේ හිටපු කොස්වාලිහිණියා වගේ.පොර ඉතිං මැඩම්ට එක්ස්කියුස් කරන්නෙත් නැතුව ඇවිල්ලා පිටිපස්සෙම බංකුවෙ වාඩිවුණාලු.මේ වෙද්දිත් අනිත් පූසන්ට තේරුම් ගිහින් තිබුනෙ කොහෙහරි, මොකක්හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියලා.ඒ මදිවට මාලුකට්ටා කා එක්කවත් කතා කරන්නෙත් නෑ.
ඉතිං ක්ලාස් එක ඉවරවෙලා, පොරව හොදටම සන්සුන් කරලා තමයි උදේ වෙච්ච දේ අහගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණේ.බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි.
මාලුකට්ටා උදේම ඇවිත්, අර කියපු විදිහට මග රැකගෙන ඉදලා තියනවා.ඔන්න ඉතිං ටික වෙලාවකින් දිලූශාත් උදේ පාන්දර පිපිච්ච මලක් වගේ පාරෙ එනවලු.මේක දැකපු මාලුකට්ටා ඉස්සරහට ගිහින් දිලූශාත් එක්ක කතා කෙරුවලු.
මාලුකට්ටා :- ගුඩ් මෝර්නිං දිලූශා
දිලූශා :- ගුඩ් මෝර්නිං මාලු, ඇයි අද ක්ලාස් එකට යන්නෙ නැද්ද මගට වෙලා ඉන්නෙ?
මාලුකට්ටා :- යනවා යනවා, ඒත් මම මේ ඔයා එනකං මගට වෙලා හිටියෙ...
දිලූශා :- මම එනකං? හික්ස්...ඒ මොකටද?
මාලුකට්ටා :- දිලූ, මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.
දිලූශා :- (මාලුකට්ටා මෙච්චරකල් කිසිම වැදගත් දෙයක් කතා කරල නැති හින්දා වික්ෂිප්ත වී)
ඒ මොකද්ද?
මාලුකට්ටා :- මම ඔයාට ගොඩක් කැමතියි...මට ඔයාව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න ඕනෙ...
ඉතිං මේක ඇහුනා විතරයි, හොදට හිටපු දිලූශා එකපාරටම වෙනස් වුණාලු
දිලූශා :- මාලුකට්ටා, මම කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතුවෙ නෑ.ඔයා මං ගැන එහෙම හිතයි කියලා අපි හිතුවෙත් නෑ.ඔයා මගෙ යාලුවෙක් විතරයි.එතනිං එහාට අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ.මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ...
දිලූශා මෙහෙම පටන් අරං විනාඩි දහයක් විතර මාලුකට්ටාට ෆුල් ලෙක්චර් එකක් දුන්නලු.මෑන්ස් නිකං කරකවලා අතඇරියා වගේ.ඉතිං ඔය අප්සට් එකෙන් තමයි පොර වැනි වැනී ක්ලාස් එකට ඇවිත් තියෙන්නෙ.දැන් අනිත් පූසන්ටත් හිතාගන්න බැහැ මාලුත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු දිලූශා ඇයි මේ විදිහට මෑන්ස්ට කතා කළේ කියලා.ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බවුණේ ඊට පස්සෙ සතියෙලු.
ඊට පස්සෙ සතියෙ ක්ලාස් ඉවරවෙලා යනකොට තමයි අපේ පූසො සෙට් එක විශේෂ දර්ශනයක් දැක්කෙ.ඒ තමයි ක්ලාස් ඉවරවෙලා තනියම ගෙදර යන දිලූශා.වෙනදටනං දිලූශයි හංසිනීයි එකටම තමයි මග දුරක් යනකං යන්නෙ.ඉතිං මේකනං හොයලා බලන්නම වටින නිව්ස් එකක්.ඒක හින්දා අපේ රහස් පරීක්ෂකයො දෙන්නා මේ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්තුවලු.බැලින්නං හංසිනී තවම ක්ලාස් එක ළගලු.
මාලුකට්ටා තීරණය කළාලු හංසිනීව මුණගැහිලා දිලූශාගෙ හදිසි වෙනසටයි, මෑන්ස්ට "බෑ" කිව්ව එකටයි හේතු අහගන්න.ඉතිං අපේ පූසො ආපහු හැරිලා ක්ලාස් එක ළගට ගියාලු.මෙන්න බොලේ හංසිනී ඉන්නවා මූණත් දෙක කරගෙන.ඉතිං අනිත් පූසො පැත්තක ඉදිද්දි මාලුකට්ටා තනියම හංසිනී එක්ක කතා කරන්න ගියාලු.හැබැයි ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවෙ, කලින් සතියෙ ආවටත් වඩා කොස්වාලිහිණි පාට් එකක් දාගෙන.
විනාඩි ගානක් ගිහින් මෑන්ස්ව යථා තත්ත්වෙට ගත්තට පස්සෙ තමයි කට්ටියට සීන් එකේ අග මුල තේරුම් ගියෙ.මාලු හංසිනී එක්ක කතා කරද්දි වෙලා තියන්න මෙහෙමෙ සිද්දියක්
මාලුකට්ටා :-ඇයි හංසිනී, අද මොකද දිලූශා තනියම ගෙදර යන්නෙ?
හංසිනී :- මම දන්නෙ නෑ
මාලුකට්ටා :- එයා මාත් එක්ක තරහද?
හංසිනී :- (ඕනෑවට එපාවට) මම දන්නෙ කොහොමද?
මාලුකට්ටා :- (වැලපෙමින්) ඇයි දෙයියනේ එයා මාත් එක්ක යාලුවෙන්න බැහැයි කිව්වෙ?
හංසිනී :- අපි දෙන්නා හිතුවෙ ඔයා මගෙන් යාලුවෙන්න අහයි කියලා...
මේ කතාව ඇහුවා විතරයි මාලුකට්ටා එතනම ඌර්ධවපාතනය වෙලා ගියාලු.දැන් ඉතිං මොනවා කරන්නද? කලිසමක් ඇදගෙන ගිහිං ආපහු හංසිනීගෙන් යාලුවෙන්න අහන්න පුලුවන්යැ! දැන් පොරගෙ දුක ඩබල් වෙලා.මොකද දැන් මෑන්ස්ට කෙල්ලො දෙන්නම නැහැනෙ.ඒපාර තමයි මාලුකට්ටා අර කොස්වාලිහිණි පාට් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ.
කොහොම හරි අන්තිමට වුණේ සති ගානක් යනකං ඤාව්වගෙ අහිංසක මෑණියන්ට කිඹුහුම් ගිය එක විතරවි.මොකද ඤාව්වනෙ කිව්වෙ දිලූශා වැඩිය සුදු නිසා එයාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා.
ඒ වගේම ඊට පස්සෙ මාලුකට්ටත් ආපහු දිලූශායි හංසිනීයි එක්ක වැඩි ආස්සරේට ගියෙ නෑ.....
***********************************************************************************
ප.ලි - අපි මේ සීරීස් එක කොටස් හතරකට ලියන්න හිටියට, පස්සෙ තීරණය වුණේ හතරවෙනි කතාව වෙනම කතාවක් විදිහට ලියන්න.ඔන්න ඉතිං කොහොම හරි මැච් එක පටන් ගන්න කලින් කතාව ලිව්වා.හික්ස්...පූසො කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නෑ නොවැ!
දැන් දිලූශානං මොනවා කරනවද දන්නෙ නෑ. හංසිනීනං ඉන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකේ...
දිලූශා සහ හංසිනී 2 - ශ්‍රීමත් අගුලු භවාන්
අම්මෝ! කට්ටියට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලාද මන්දා? හොදයි හොදයි, එහෙනං යාලුවනේ අපි මෙගා නාට්‍ය ස්ටයිල් එකට නැතුව ඉතුරු කතා දාන්නං! ඊට කලින් දිලූශා සහ හංසිනී 1 කොටස බලපු නැති යාලුවො ගිහින් බලලා එන්නකො.
අපි කතාව නැවැත්තුවෙ දිලූශා ටීන්බුක් එක ආපහු මාලුකට්ටාට දුන්න තැනින්නෙ.දැන් ඉතිං පූසො කට්ටියට මාර කුතුහලේ මේ දෙන්නා මොනවද ලියල තියෙන්නෙ කියලා.ඉතිං කට්ටිය වහාම පොත දිගඇරලා බැලුවලු.බැලින්නං කිසිම අප්සට් එකක් නෑ.මුතුවන් අකුරු වලින් ලස්සනට ලියලා තිබුනලු.ප්‍රශ්න ඔක්කොටම නියමෙට උත්තර දීලා.දැන්නං ඉතිං මාලුකට්ටගෙ මූණත් මුතුඇටයක් වගේ බබලනවලු.වැඩේ ගොඩ වගේ තමයි.ඉතිං එදා ඉදලා දිලූශයි සහ හංසිනීයි පූසො එක්ක, විශේෂයෙන් මාලුකට්ටා එක්ක ගොඩක් ෆිට් වුණාලු.ඒ කියන්නෙ පළවෙනි මිෂන් එක සාර්ථකයි.
මාලුකට්ටගෙ ලක්ෂණයක් තමයි කෙල්ලෙක් එක්ක ෆිට් වුණාට පස්සෙ මේ ලෝකෙ සිහියක් නෑ.වෙන මොනවත් මතකත් නෑ.මෑන්ස්ව අල්ලන්න වෙන්නෙ දැල් දාලා තමයි.ඉතිං මෙතනදිත් වුණේ ඒකයි.දැන් මාලුකට්ටා ක්ලාස් යන්නෙ දිලූශයි සහ හංසිනීයි එක්ක.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්නෙත් දිලූශයි සහ හංසිනීයි එක්කලු.ඉතිං අනිත් පූසො හිතුවෙ ඒ වෙනකොට මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගෙන ඇති කියලා.ඒත් වෙලා තිබුනෙ වෙන දෙයක්.
මාලුකට්ටා හිතාගෙන හිටියෙ ගෑනු ළමයි දෙන්නත් එක්කම ෆිට් වෙලා, වැඩියෙන් ෆිට් වුණ එක්කෙනාව යාලු කරගන්නනෙ.මේ වෙද්දි දිලූශයි සහ හංසිනීයි දෙන්නම මෑන්ස් එක්ක අම්බානට ෆිට් වෙලා.කොටින්ම දැන් මේ දෙන්නට මාලුකට්ටා නැතුව දවසක්වත් ඉන්න බැහැයිලු.හැබැයි වැඩේ කියන්නෙ දෙන්නම මෑන්ස් එක්ක එකම ගානට ෆිට්.දෙන්නගෙන් කවුරුත් අනික් එක්කෙනාට වැඩි යාලුකමක් මාලුකට්ටා එක්ක නෑ.ඉතිං අපේ පූසා වැටිලා හිටියෙ ලෝක අමාරුවක.දැන් කාවද යාලුවෙන්න තෝරගන්නෙ?
මේ වෙලාවෙ අපේ පුසො සෙට් එක තීරණය කළේ මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගන්න ඕනෙ කියලා.මොකද දෙන්නගෙන් කවුරුහරි මාලුකට්ටත් එක්ක වැඩියෙන් යාලු වෙනකං හිටියනං මෑන්ස්ට කවදාවත් ඔය වැඩේ කරගන්න වෙන්නෙ නෑ.ඉතිං දැන් ප්‍රශ්නෙ තමයි වැඩිපුර සුදුසු කෙනා කවුද කියලා තීරණය කරන එක.මේ තීරණය ගන්නනං දෙන්නා ගැනම විස්තර හොදට හොයන්න ඕනෙ කියලා අපේ පූසො තීරණය කළාලු.
ඉතිං කට්ටියගෙ ඒකමතික අදහස වුණේ ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙ කියලා.මොකද ඔය දවස්වල ශ්‍රීමත් අගුලු භවාන් මහත්තයගෙ රහස් පරීක්ෂක කතා කියවන්න ලොකු උන්මාදයක් කට්ටිය අතරෙ තිබුනනෙ.ඉතිං ඩිටෙක්ටිව් ගේම් වලට කවුරුත් කැමතියි.

මේ ගේම් එකේදි අගුලු භවාන් විදිහට ක්‍රියා කළේ පුරුපුරු.මෑන්ස්ගෙ සහායක දොස්තර කුමනපුත්‍ර විදිහට ක්‍රියාකළේ අපේ උපාසක.ඉතිං අපේ ඩිටෙක්ටිව් ජෝඩුව ෆුල්ටයිම් වැඩේට බැස්සලු.මේ ගේම් එකට වේයන්ගොඩයගෙනුත් ලැබුනෙ ලොකු හෙල්ප් එකක්.ඇයි දිලූශයි සහ හංසිනීයි ගියෙත් මෑන්ස් ගිය ඉස්කෝලෙටම නොවැ!
මුලින්ම අපේ රහස් පරීක්ෂකයො හෙව්වෙ දෙන්නගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කොහොමද කියලා.බලනකොට දෙන්නගෙම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වගේ.ඉතිං ඒ වැඩේ අත්ඇරලා දාන්න අපේ පූසන්ට සිද්ද වුනාලු.ඔය විදිහට දවස් ගානක් මහන්සි වුණත් පරීක්ෂණ කටයුතු වල කිසිම ප්‍රෝග්‍රස් එකක් පෙන්නුම් කළේ නෑ.මොකද හැම අතින්ම දෙන්නා එක සමානයි.
දෙන්නටම හිටියෙ අයියලා එක්කෙනා ගානෙ.( ඉන්න අයියලා ගාන අඩුවීම පොසිටිව් ලක්ෂණයක්.මොකද කන්නවෙන ගුටි ප්‍රමාණය අඩු වෙනවා නොවැ! ) ඒ වගේම දෙන්නගෙම අධ්‍යාපන හැකියාවත් එක වගේ.මාරුවෙන් මාරුවට පන්තියේ පළවෙනියයි දෙවෙනියයි මේ දෙන්නලු.ගතිගුණ අතින් බැලුවමත් දිලූශයි සහ හංසිනීයි එක වගේ.දෙන්නම ඉස්කෝලෙ ප්‍රසිද්ද වෙලා හිටියෙ ටිකක් ආඩම්බරකාරියො විදිහට.දෙන්නගෙම කොන්ඩෙත් දිගයි.දෙන්නම ඇන්දෙත් ගවුම්, සායවල් විතරයි. කලිසම් ඇන්දෙ නෑ.
දැන් ඉතිං ශ්‍රීමත් අගුලු භවානුයි, දොස්තර කුමනපුත්‍රයි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ.ඒ වයසෙදි ඉතිං ගෑනු ළමයින්ගෙ වත් පොහොසත්කම්, දෑවැදි වගේ දේවල් හොයන්නෙ නෑ නොවැ!ඔය උඩින් කිව්ව ලක්ෂණ ගැන තමයි හොයන්නෙ. මොනවා කරන්නද ඉතිං? අපේ ඩිටෙක්ටිව් පූසො දෙන්නා තීරණය කළාලු මිෂන් එක අතඇරලා දාන්න.
දැන් ඉතිං මාලුකට්ටා විතරක් නෙවෙයි හැමෝම මේ ප්‍රශ්නෙ හින්දා අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.ඔය අතරෙ තමයි ඤාව්වා අපූරු යෝජනාවක් ගෙනාවෙ.අපි කලින් ලිපියෙ කිව්ව වගේ දිලූශාගෙයි හංසිනීගෙයි තිබුන එකම වෙනස ඒ දෙන්නගෙ පාටනෙ.ඒ කිව්වෙ දිලූශා හංසිනීට වඩා සුදුයි.(හැබැයි දෙන්නම එක වගේ ලස්සනයි) ඉතිං ඤාව්වගෙ අයිඩියා එක වුණේ දිලූශා සුදු හින්දා මාලුකට්ටා යාලුවෙන්න ඕනෙ එයත් එක්කයි කියලා.බැලූ බැල්මට මෝඩ අයිඩියා එකක් වගේ පෙනුනට, දවස් ගානක් කල්පනා කරලා එපා වෙලා හිටපු මාලුකට්ටා මේ අදහසට එකපයින්ම කැමති වුණාලු.
ඉතිං අන්තිම තීරණය වුණේ ඊළග සතියෙ ලිට් ක්ලාස් එකේදි මාලුකට්ටා දිලූශාගෙන් යාලුවෙන්න අහන්න ඕනෙයි කියලා.දැන් ඉතිං ප්‍රශ්නෙ ඉවරයි.මොකද මේ වෙද්දි ගෑනු ළමයි දෙන්නම හිටියෙ මාලුකට්ටා කියන ඕනම දෙයක් පටස් ගාලා කරන මට්ටමේ.ශ්‍රීමත් අගුලු භවාන් පුරුපුරු, දොස්තර කුමනපුත්‍ර උපාසක සහ ඤාව්වා ඒ සතියෙදි කළේ, ඊට පස්සෙ සතියෙ ලැබෙන්න නියමිත පාටියට සූදානම් වෙන එකලු.
************************************************************************************
දැන් ඉතිං කට්ටිය බනින්න එපා පූසො කියන්නෙ වර්ණභේදවාදියො කියලා. නෙල්සන් මැන්ඩෙලා ලොක්කා නැත්තං පූසන්ව හොයාගෙන ලංකාවට එයි.
ඔන්න අද කතාව, කලින් කතාව තරම් කුතුහලයකින් ඉවර වෙන්නෙ නෑ නේද? කොහොමත් ඊළග කතාවට වෙනම පෝස්ට් එකක් ඕන කරනවා.ඒ වගේම මේ සීරීස් එකත් කොටස් හතරක එකතුවක්.එහෙනං මාලුකට්ටා දිලූශාගෙන් අහපු හැටි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!
ඊළග කොටස හෙට උදේ පාන්දරම දානවා
Labels:
උපාසක,
ඤාව්වා,
දිලූශා,
පුරු පුරු,
මාළු කට්ටා,
වේයන්ගොඩයා,
හංසිනී
දිලූශා සහ හංසිනී - ටීන් බුක් එක
ඔන්න යාලුවනේ අද ඉඳලා අපි කියන්න යන්නෙ අපේ මාලුකට්ටා ප්‍රධාන චරිතය රඟපාන රසවත් සීරීස් එකක් ගැන.ඉතින් ඉස්සෙල්ලාම අපි කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක අහලා ඉමුකො නේද? මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි දිලූශා සහ හංසිනී කියන්නෙ.මේ දෙන්නා හොඳම යාලුවොලු.ඒ වගේම දෙන්නම ඉස්කොලෙ ගියෙ අපේ වේයන්ගොඩයා ගිය වේයන්ගොඩ ඉස්කෝලෙට.(මේ ඉස්කෝලෙ මිශ්‍ර පාසලක්) ඉතින් දිලූශයි හංසිනියි මොනවා කලත්, කොහෙ ගියත්, ඒ හැමදෙම කලේ එකටමලු.කොටින්ම මේ දෙන්නා තනි තනියෙන් දැක බලාගන්න එක හරිම අමාරු වැඩක්.
දිලූශා කියන්නෙ ගොඩක් සුදු ගෑනු ළමයෙක්.හංසිනී කියන්නෙ ටිකක් තළෙලු ගෑනු ළමයෙක්.ඒත් මේ දෙන්නම එක වගේ ලස්සනයිලු.දැන් ඉතින් අපේ යාලුවො බලනවා ඇති පූසන්ගෙයි මේ ගෑණු ළමයින්ගෙයි තියෙන කනෙක්ෂන් එක මොකද්ද කියලා.ඕක ඇතිවුනේ මෙහෙමයි.
අපේ යාලුවන්ට මතක ඇතිනෙ අර පූසො බියර් බීපු ඉන්ග්ලිශ් ලිට් ක්ලාස් එක.අපි කිව්වනෙ ඔය ක්ලාස් එකෙ ලස්සන ලස්සන ගෑනු ළමයි විස්සක් විතර හිටියයි කියලා.ඒ අතරෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙන්නෙක් තමයි මේ දිලූශයි හංසිනියි.ඉතින් අපේ මාලුකට්ටගෙ මීටරේට මේ දෙන්නව අහු වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.
දැන් මාලුකට්ටට ප්‍රශ්න ගොඩයි.එක ප්‍රශ්නයක් තමයි මේ දෙන්නත් එක්ක කතා කරන එක.අනිත් ප්‍රශ්නෙ තමයි මේ දෙන්නගෙන් කෙනෙක්ව යාලු කරගන්න එක.හැබැයි මේ ඔක්කොටම වඩා මෑන්ස්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි, යාලුවෙන්න මේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක.මොකද දවස් ගානක් කල්පනා කළත් අපේ යාලුවට තීරණය කරන්න බැරිවුණාලු කාවද යාලුකරගන්න වැඩිය සුදුසු කියලා.
මාලුකට්ටගෙ හිතේනං දෙන්නම යාලු කරගන්නත් පොඩි කැමැත්තක් තිබුනා.ඒත් ඉතිං එහෙම කරන්න බෑ නොවැ! දැන් ඉතිං මේක මෑන්ස්ට බොන්න ඕනෙ මට්ටමේ ප්‍රශ්නයක්ලු.කොච්චර කල්පනා කළත් හැම ලක්ෂණයකින්ම මේ ගෑනු ළමයි දෙන්නා සමානයි.එකම වෙනස හමේ පාට විතරයි.ඉතිං ඔහොම දවස් ගානක් කල්පනා කරපු මාලුකට්ටා අන්තිමට තීරණය කළාලු එක ගෑනු ළමයෙක් තෝරගන්න අදහස අත්ඇරලා දෙන්නත් එක්කම ෆිට් වෙන්න. එතකොට ඉතිං ඊටපස්සෙ දෙන්නගෙන් මෑන්ස්ට කැමති ගෑනු ළමයෙක් එක්ක යාලුවෙන්න බැරියැ!
ඉතිං ඔහොම ටික ටික කාලෙ යනකොට පන්තියෙදි දැක්කම යන්තම් හිනාවෙන්න, මගදි දැක්කම වචනයක් දෙකක් කතාකරන්න, වගේ මට්ටමට මේ දෙන්නත් එක්ක ෆිට් වෙන්න මාලුකට්ටට පුලුවන් වුණාලු.ඒත් දැන් මෑන්ස් ඇතුලු අපේ පූසො සෙට් එකගෙ හිතට ඔය මට්ටම හොදටම මදි. මේ වේගෙන් ගියොත්නං ඉතිං අවුරුදු හැටක් හැත්තෑවක් ගිහිං තමයි ගෑනු ළමයින්ගෙන් යාලු වෙන්න අහන්න වෙන්නෙ.ඉතිං කට්ටිය ප්ලෑන් කරලා තීරණය කළාලු වහාම දිලූශයි හංසිනියි එක්ක මාලුකට්ටාව ෆිට් කරවන්න ඕනෙ කියලා.
අපේ යාලුවන්ට මතක ඇතිනෙ ඔය කාලෙ හැම "ටීන්" කෙනෙක්ටම තියනවනෙ "ටීන් බුක්" කියලා පොතක්.ඒ කියන්නෙ ඔය සමරු පොත කියන සංකල්පෙම ටිකක් දුර දිග ගිය අවස්ථාවක්.ඔය පොතේ මුලින්ම ප්‍රශ්න 50ක් විතර අහලා තියෙනවා.ඉතිං ඕක කාටහරි යාලුවෙකුට දුන්නම එයා ඒ හැම ප්‍රශ්නෙටම උත්තර දීලා, ඊට පස්සෙ තව මොකක් හරි විශේෂ සමරු සටහනකුත් ලියලා ආපහු බාරදෙන්න ඕනෙ.හැබැයි දැන්නං ඕවා තියනවද දන්නෙත් නෑ.ෆේස්බුක් තියෙන රටේ ටීන්බුක් අහවල් කාරියකටයැ නේද?
ඉතිං හැමෝටම ටීන්බුක් එක ගානෙ තිබුන ඒ කාලෙ පුරුපුරුයි, මාලුකට්ටයි එකතු වෙලා දෙන්නටම එක පොතක් හැදුවලු.ඔය වැඩේට දෙන්නම සෑහෙන්න මහන්සි වුණා.හොස්ටල් එකේ ස්ටඩි, ලේට් ස්ටඩි ටයිම් වල ඒ දවස්වල කළේ ඔය ටීන්බුක් එක ඩෙකරේට් කරන වැඩේ තමයි.ඉතිං මුල් පිටුවට ලස්සන පිටකවරයක් එහෙම දාලා, ඒ දවස්වල සංගීත ලෝකෙ වීරයා වෙච්ච එමිනම් ලොක්කගෙ සීඩී එකකුත් පිටකවරෙ අලවලා එහෙම තමයි අපේ යාලුවො දෙන්නගෙ ටීන්බුක් එක තිබුනෙ.
දැන් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක තමයි මේ ටීන් බුක් එක දිලූශටයි හංසිනීටයි දීල සටහන් අරගන්න එක. ඇත්තටම මේ දෙන්නට ටීන්බුක් එක දෙන එක එච්චර තේරුමක් නැති වැඩක් වුණත්, ඒ මාර්ගෙන් හරි දෙන්නත් එක්ක ෆිට් වෙන්න තමයි අපේ යාලුවන්ට ඕනෙ වුණේ.අනිත් එක තවමත් ඔය ටීන්බුක් එකේ සමකාලීන කොල්ලො වැඩිය මොකුත් ලියලා තිබුනෙ නෑ.ඉතිං ඒක තවමත් ගෑනු ළමයෙක්ට දෙන්න පුලුවන් මට්ටමේ තිබුනා.දන්නවනෙ ඉතිං ඔයවගේ දෙයක් කොල්ලන්ට දුන්නම මොනවගේ දේවල්ද ලියන්නෙ කියලා.ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ ඒ වගේ ලිව්ව එකක් තමයි.
ඉතිං එක සෙනසුරාදා උදේ වරුවක ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ යාලුවො කට්ටිය උදේ පාන්දරම ක්ලාස් එකට ආවලු.මොකද දිලූශයි හංසිනියි උදේ පාන්දරම තමයි ක්ලාස් එන්නෙ.ඉතිං පූසො ක්ලාස් ඇවිත් විනාඩි පහක්වත් යන්න හම්බවුණේ නෑ මෙන්න බොලේ මේ ගැනු ළමයි දෙන්නත් ක්ලාස් එකට ආවලු.දැන් ඉතිං මාලුකට්ටාගෙ චාන්ස් එක.පන්තියෙ වෙන කවුරුත් ඇත්තෙත් නෑ.මෑන්ස් වහාම බෑග් එක ඇතුලෙන් ටීන්බුක් එක එළියට ගත්තලු.
මාලුකට්ටා :- දිලූශා, හංසිනී, ගුඩ් මෝර්නිං...
දිලූශා සහ හංසිනී :- ගුඩ් මෝර්නිං මාලුකට්ටා
මාලුකට්ටා :- ම්.....මේ තියෙන්නෙ අපේ ටීන්බුක් එක. මේකෙ ඔය දෙන්නත් ලියල දෙනවද?
ඉතිං මාලුකට්ටා මෙහෙම කිව්වට පස්සෙ දිලූශයි හංසිනියි ටිකක් පුදුමෙන් වගේ බලලා, ඊට පස්සෙ ටීන්බුක් එක අතට ගත්තලු.දැන් ඉතිං අපේ මාලුකට්ටට රටක් රාජ්ජයක් පහළ වුණා වගේ! පොරට මාර හැපී.හැබැයි ඔය සතුට අබ්ලික් වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද කෙල්ලො දෙන්නා පූසන්ගෙ ටීන්බුක් එක පෙරළ පෙරළා බයිට් එකට හිනාවෙනවා.ඒ දෙන්නා කිව්ව ඒවා ඤාව්වටත් අතරින් පතර ඇහිලා තිබුනා.
Teen Book of Purupuru & Malukatta
Kurunduwaththta college Rox!
East or West Kurunduwaththta is the Best!
වගේ දේවල් තමයි ටීන්බුක් එකේ ලියලා තිබුනෙ.ඇයි ඉතිං ඔය වයසෙදි තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් කොල්ලො කොච්චරනං ගහ මරා ගන්නවද? හැමෝම හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ඉස්කෝලෙ තමයි සිරාම ඉස්කෝලෙ, අනිත් ඔක්කොම පීචං ඉස්කෝල කියලා නොවැ! (දැන්නං මරාගන්නෙ ෆේස්බුක් හරහානෙ! බලාගෙන ගියාම ඒ වැඩෙත් හොදයි.කාටවත් ෆිසිකල් හානියක් වෙන්නෑනෙ)
ඉතිං ඔය ලියලා තිබුන ඒවා බයිට් කර කර, හිනා වෙවී, එක එක ඒවා කියනවා තමයි ඤාව්වට ඇහිලා තිබුනෙ.ඉතිං පුරුපුරුට හරිම හිතට අමාරුයි.මදෑ මාලුකට්ටගෙ ආදරේ ගොඩයන්න ටීන්බුක් එක දීලා කරගත්ත වැඩේ!
මොනව වුණත් දිලූශයි හංසිනියි ටීන්බුක් එක ගෙදර අරන් ගියාලු.ඉතිං ඒක පොසිටිව් ලක්ෂණයක් විදිහට තමයි අපේ යාලුවන්ට පෙනුනෙ.මොකද පොත ආපහු බාරදුන්නෙ නෑ නොවැ! ඉතිං දැන් පූසො ලබන සතිය උදා වෙනකං නොඉවසිල්ලෙන් ඉන්නෙ.දිලූශයි හංසිනියි ටීන් බුක් එකේ මොනවා ලියලද දන්නෙ නෑනෙ.මාලුකට්ටත් ඒ සතියම හොස්ටල් එකට වෙලා මනෝ ගහගහ තමයි හිටියෙ.ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහිං ඊළග පන්ති දවසත් උදාවුණාලු.
එදත් පූසො පන්ති ගියෙ උදේ පාන්දරම.සුපුරුදු විදිහට ගෑනු ළමයි දෙන්නත් කුකුළා අතින් අරගෙන පන්තියට ආවලු.ඒත් වෙනදා වැඩිය කතාබහ කරන්නෙ නැති දෙන්නා එදා පන්තියට ආවෙම මාලුකට්ටට ගුඩ් මෝර්නිං පාරක් දාගෙන.ඉතිං වැඩේ ජෝන්බාස්ට ගිහිං නැති බව අපේ පූසො සෙට් එකට තේරුණාලු.කට්ටියටම බොහොම සතුටුයි.
බෑග් එක ඇරිය දිලූශා තමන් ළග තිබුන ටීන්බුක් එක මාලුකට්ටාට ආපහු දුන්නෙ ඔය වෙලාවෙ.ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමුකො නේද යාලුවනේ!
Subscribe to:
Posts (Atom)












