අඹ යාලුවෝ

Sunday, October 3, 2010

හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey - වෙජිමයිට් නිකාය


ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න අපි ඔයාලට ටික දවසකට පස්සෙ ගොඩාක් රසවත් සීරීස් එකක් අරගෙන ආවා.හික්ස්...ඒ වගේම මේ සීරීස් එක මෙගා නාට්‍ය ස්ටයිල් එකට ලියන්නෙ නැති හින්දා කලබල වෙන්න කිසිම කාරියක් නෑ ඕං!අනිත් කාරනේ තමයි මේ සීරීස් එකට මේ නම දැම්මෙ කිසිම ආගමකට අපහාස කරන්න එහෙමනං නෙවෙයි.එහෙමනං ඉතිං කියවන්න පටන් ගනිමුකො නේද?

සාමාන්‍යයෙන් කුරුදුවත්ත හොස්ටල් එකට ඇතුල් කරගන්නෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා එන, අපේ ටැබූගෙ වචනයෙන් කියනවනං ගොඩේ බයියා ළමයින්ව විතරයි.ඒත් කලාතුරකින් එක එක හේතු උඩ, ශිෂ්‍යත්වෙන් නැතුව ඉස්කෝලෙට ආපු ළමයින්වත් හොස්ටල් එකට ඇතුල් කරගත්ත අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.එහෙම හොස්ටල් එකට ආපු ළමයෙක් තමයි සාන්ත කෙල බේරේ කියන්නෙ.

සාන්තගෙ ගම්පළාත වුණේ දකුණු පළාතෙ, ඉස්සර සත්තු වත්තක් එහෙම තිබුන පැත්තක්ලු.ඒ වගේම මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන හපන්කමක් දක්වපු බුවෙක්ලු.අධ්‍යාපනය ගැන කියනවනං ඉතිං ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි.මොකද මෑන්ස්ගෙ අධ්‍යාපන මට්ටම කොච්චර විශිෂ්ටද කියනවනං පොරට ඒ දවස්වල "සාන්ත කෙල බේරේ" කියලා ලියාගන්නවත් බෑ.කොහොම වුණත් ක්‍රිකට් කෙළියට පින්සිද්ද වෙන්න අපේ යාලුවාටත් පුලුවන් වුණාලු කුරුදුවත්ත ඉස්කෝලෙට ඇතුල් වෙන්න.

සාන්ත කෙල බේ‍රේ කියන්නෙ අති විශිෂ්ට පිතිකරුවෙක්.මෑන්ස් අවුරුදු දෙකක් තෝරමාලු බිග්මැච් එක ගැහුවා.සාපෙ හරියට ගොඩදාගත්තනං තව අවුරුදු දෙකක් විතර ගහන්නත් තිබුනා.කොහොම වුණත් සාන්ත සෙල්ලං කළේ කුරුදුවත්ත ඉස්කෝලෙ ක්‍රීඩා අංශයෙන් පට්ට නසරාණි වෙලා තිබුන කාලෙක.කොටින්ම කිව්වොත් ඒ දවස්වල එක පාරක් ඉස්කෝලෙ රගර් ටීම් එක මරියකඩේ ඉස්කෝලෙටත් පැරදුනා.

ක්‍රිකට් සෙල්ලම තිබුනෙ ඊටත් වඩා ගව් ගානක් පහළින්.ඉතිං සාන්ත බිග් මැච් ගහපු පළවෙනි අවුරුද්දෙ, මැච් එක ගහන්නත් කලින්ම අම්බානක කෑමක් තමයි කියලා මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියා.ප්‍රශ්නෙ තිබුනෙ මැච් එක කන්නෙ ඉනින්ස් වලින්ද නැද්ද කියන එක.මොකද මුලු ටීම් එකටම හොද බැට්ස්මන්ලා හිටියෙ දෙන්නයි.ඒ අදාල අවුරුද්දෙ කැප්ටනුයි, සාන්ත කෙල බේරේයි.කොහොම හරි ඉතිං ඒ අවුරුද්දෙ බිග්මැච් එක හිතපු විදිහටම ඉනින්ස් වලින් පැරදුනා.සාන්තටත් හරියට ලකුණු ගන්න බැරිවුණා.ඒ වෙනුවෙන් මෑන්ස්ට හොස්ටල් බැච් මේට්ලාගෙන් හොද හූ සංග්‍රහයකුත් හම්බවුණා.

කොහොමහරි ඉතිං ඉස්කෝලෙට ඇතුලත් කරගත්තු සාන්තට කලින් කිව්වා වගේ හොස්ටල් එකේ නවතින්නත් චාන්ස් එක ලැබුනලු.ඒ වගේම මෑන්ස් ඇවිල්ලා වැඩි දවසක් යන්න කලින් බැච් එකේ ප්‍රසිද්දම චරිතෙ වුණේ සාන්ත තමයි.ඒකට ප්‍රධානම හේතුව වුණේ සාන්තගෙ විකාර හැසිරීම් රටාව.

සාන්ත හිත හොද කොලුවා.ඒ වගේම මෑන්ස් ඕනම බොරුවකට පටස් ගාලා අහුවෙනවා.බැරිවෙලා හරි ඉර හතරැස් කියලා කවුරුහරි කිව්වොත් සාන්ත කරන්නෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක විශ්වාස කරන එක.මේ ගතිගුණේ නිසා පොරට වුණ අප්සට් වැඩ අපි කියන්නෙ අද නෙවෙයි,සීරීස් එකේ දෙවෙනි කොටසින්.අද අපි කියන්නෙ සාන්තගෙ තිබුන එකම විනෝදාශෙ හින්දා මෑන්ස්ට වෙච්ච අප්සට් වැඩක් ගැන.

සාන්තගෙ විනෝදාංශෙ තමයි සින්දු අහන එක.හැබැයි ඒ එකම ටයිප් එකක සින්දු විතරයි.අපේ කියවන යාලුවන්ට මතක ඇතිනෙ ඒ දවස්වල "කබි කුෂි කබි ගම්" කියන හින්දි ෆිල්ම් එකේ සින්දු සිංහලට හරවලා කැසට් පීස් එකක් ගැහුවා.ඉතිං සාන්තගෙ වැඩේම ඔය කැසට් පීස් එක උදේ ඉදන් රෑ වෙනකං අහ අහා ඉන්න එක.ඒත් හොස්ටල් එකේ වැඩිපුර හිටියෙ අමරදේව, කපුගේ වගේ ගායකයන්ගෙ සින්දු අහපු කට්ටිය.(බස් අජිත් මහත්තයගෙ සින්දු අහපු අයත් හිටියෙ නැතුවාම නෙවෙයි).ඉතිං හොස්ටල් එකේ අනිත් ළමයින්ට සාන්තගෙ සිංදු ඇහිල්ල හිසරදයක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.කොටින්ම දැන් ඩෝම් එකේ හැමෝටම මේ සිංදු ටික අහලාම කටපාඩම් වෙලා තිබුනෙ.

ඉතිං හොස්ටල් ළමයි මේ සිංදු වලට කිව්වෙ සිංදු කියලා නෙවෙයි, "ගාථා" කියලා."සුරංගනා සිත්තම්" ගාථාව,"බෝලෙ චූටියා බෝලෙ හංගනා" ගාථාව වගේ සිංදු-ගාථා ඒ දවස්වල පූසො ඇතුලු ළමයි ඔක්කොටම කටපාඩම්ලු.ඒත් ඉතිං ගාථා තියෙන්නං ආගමක් තියෙන්න එපායැ! ඉතිං කට්ටිය එකතුවෙලා තීරණය කළාලු සාන්ත කෙල බේරේ කියන්නෙ වෙනම ආගමක ශාස්තෘවරයෙක් කියලා.(එහෙම තමයි සාන්ත කෙල බේරේ කියන නම වැටුනෙ) සාන්තගෙ ආගමේ නම තමයි "වෙජිමයිට් නිකාය".

ඒ නම හැදුනෙ මෙහෙමයි, ඒ දවස්වල ඔය "ඉල්ලං පරිප්පු කනවා" කියන යෙදුම වෙනුවට කට්ටිය පාවිච්චි කරපු ජනප්‍රිය යෙදුමක් තමයි "-- මාමයිට් ගාගන්නවා" කියන එක.ඒත් සාන්ත කරගන්න වැඩවල හැටියට පොරට මාමයිට් කියන වචනෙ යොදලා මදි.ඉතිං වෙජිමයිට් කියන්නෙ මාමයිට් වලට වඩා ලොකු බෝතලයක් නිසා කොල්ලො කට්ටිය සාන්තගෙ වැඩ සම්බන්දෙන් කිව්වෙ "-- වෙජිමයිට් ගාගන්නවා" කියලලු.ඔය යෙදුමෙන් ඩිරයිව් වෙලා තමයි වෙජිමයිට් නිකාය කියන නම හැදුනෙ.

කොහොමහරි, කතාකරනකොට කටේ කොනෙන් කෙල බේරෙන ගතියක් තිබුන නිසා "කෙල බේරේ" කියන කාඩ් එක වැටිලා හිටපු බුවා, වෙජිමයිට් නිකායෙ නායකයා වුණාට පස්සෙ "සාන්ත කෙල බේරේ" බවට පත්වුණාලු.

ඔය දවස්වල පුරුපුරුටනං වෙජිමයිට් ගාථා ටික උදේ ඉදන් ඇහෙද්දි වමනෙ යන්න වගේලු.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටිය සාන්තට පොඩි වෝනින් එකක් දුන්නලු ගාථා ටික විකාශය වෙන පැය ගාන අඩුකරන්න කියලා.ඒත් කොයි ආගම වගේම වෙජිමයිට් නිකායත් කැමති වුණේ නෑ වෙන කාටවත් සෙකන්ඩ් වෙන්න.ඉතිං සාන්ත කළේ සිංදු විකාශය වෙන පැය ගාන තවත් වැඩි කරපු එකලු.දැන් අපේ යාලුවො මහ රෑ ලේට් ස්ටඩීස් ඉවරවෙලා හොස්ටල් එකට එද්දිත් ඇහෙන්නෙ සාන්තගෙ සිංදු

"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."

ඉතිං මේ වැඩේ හරියන්නෙ නැති නිසා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්ත කෙල බේරේට කොට්ට ගේමක් දෙන්න ඕනෙයි කියලා.මතක ඇතිනෙ, ඒ කියන්නෙ අර ලයිමෝල්ට දුන්න ජාතියෙ ගරිල්ලා කොට්ට ප්‍රහාරයක්.ඉතිං එක දවසක් රෑ කට්ටිය ඔය කොට්ට ප්‍රහාරෙ ක්‍රියාත්මක කළාලු.සාන්තට වුණේ ජීවිතේ පළවෙනි පාරට කොට්ට ඇටෑක් එකකට ෆේස් කරන්න.ඉතිං අපේ යාලුවො හිතුවෙ එදායින් පස්සෙනං සාන්තගෙ ගාථා විකාශනය අඩුවෙයි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.

පහුවදා කට්ටිය ලේට් ස්ටඩීස් ගිහින් නිදිමරගාතෙ ආපහු එනකොට මෙන්න බොලේ මහා හයියෙන් සිංදුවක් යනවාලු.

"බෝලෙ චූටියා........බෝලෙ හංගනා........."

ඕක අහපු පුරුපුරු ඇතුලු බලකායෙ කට්ටියට ෆ්ලවර් එකෙත් හොදම එක ජම්ප් වුණාලු.ඉතිං කට්ටිය කතාවුණාලු එදා රෑම සාන්තට ස්පෙෂල් ගේමක් දෙන්න ඕනෙයි කියලා.

ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායෙ යාලුවො එක තැනකට රැස්වෙලා සාන්තට දෙන ගේම් එක ප්ලෑන් කරන්න ගත්තලු.මුලින්ම කට්ටිය කළේ මුදලාලිව යවලා හොස්ටල් කිචන් එකෙන් දිග කඹයක් ගෙන්න ගත්ත එක.මුදලාලියි, කිචන් එකේ හිටපු අජියයි එකම ගමේ බුවාලා හින්දා ඒ වැඩේ එච්චර අමාරු වුණේ නෑ.ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ සුපුරුදු විදිහට බඩගාගෙන, කොට්ටයි කඹෙයි අරගෙන ගිහින් සාන්තගෙ ඇද වටකරපු එක.

මේ වෙද්දි සාන්ත ඇද උඩ ඇලවෙලා හිටියත් මෑන්ස්ට නින්ද ගිහින් තිබුනෙ නෑ.ඉතිං කට්ටිය රෙඩි වුණාට පස්සෙ පුරුපුරුගෙ සිග්නල් එකට අනුව මාලුකට්ටා ඩෝම් එකේ ලයිට් එක ඕෆ් කළාලු.එතකොටම බලකායෙ අනිත් කට්ටිය පැනලා සාන්තට දැවැන්ත කොට්ට ප්‍රහාරයක් එල්ල කළාලු.දැන් සිද්ද වෙන්නෙ මොකද්ද කියලා මෑන්ස්ට හිතාගන්න බෑ.ඊටපස්සෙ පුරුපුරුයි, අමන්දානන්දයි එකතු වෙලා කළේ සාන්ත කෙල බේරේව ඇදට තියලා කඹෙන් බැදපු එක.ඊටත් පස්සෙ රේඩියෝ එක ඕෆ් කරපු අපේ යාලුවො කට්ටිය හිතේ සැහැල්ලුවෙන් නිදාගන්න ගියාලු.

මෙන්න බොලේ ටික වෙලාවකින් මහ හයියෙන් විසිල් ගහන සද්දයක් එන්න ගත්තලු.නිකං සද්දයක් නෙවෙයි, අර කැසට් පීස් එකේ තිබුන සින්දුවක තාලෙට ගහපු විසිල් සද්දයක්.බැලින්නං සාන්ත කෙල බේරේ, රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට බයිට් එකට ඇදට වෙලා විසිල් ගහනවා.මේක අහලා ෆ්ලවර් ජම්ප් වෙච්ච අමන්දානන්ද කළේ ආපහු ගිහින් සාන්තගෙ ඇද කෙලින් අතට හිටවලා ආපු එක.එතකොට තමයි සාන්තට තරු විසිවුණේ.ඇයි ඉතිං මුලු රෑම හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන් ඉන්න වෙනවා නොවැ!

කොහොමහරි ඩෝම් එකේ ළමයි පහුවදා උදේ නැගිටිද්දි සාන්ත අර හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන්ම නිදාගෙන ඉන්නවලු.ඉතිං අපේ යාලුවන්ටත් දුක හිතිලා අමන්දානන්දටත් බැනලා සාන්තව ලිහලා දැම්මලු.සාන්ත කළේ ලිහපු ගමන්ම ගිහිං කැසට් එක ආපහු ඔන් කරපු එක.ඉතිං හැමදාම අහන ගාථාව එදා පුරුපුරුලාට අහන්න වුණේ වෙනදටත් වඩා උදේ පාන්දරින්.

"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."

එදායින් පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්තගෙ ගාථා විකාශය නවත්තන වැඩේ අල්ලලා දාන්න.......

36 comments:

  1. සීන් එක කියන්නේ මාත් ඔය කාන්ති මත් වන සින්දුවට ඒ දවස්වල මාරම කැමතියි...:p
    හැමදාම කියනව වගේ කතාව නම් පට්ටම තමා...
    :b

    ReplyDelete
  2. කතාවනම් උපරිමයි ද කියලත් අහනවා.. ඉතිං සාන්ත කෙල බේරේ ට කිරිකට් ගහලවත් ඉස්සරහට යන්න බැරි උනාද

    ReplyDelete
  3. කරුණාකර ආගම් වලට අපහාස කිරීමෙන් වලකින්න

    ReplyDelete
  4. බෝල චූටියා බෝල හංගනා.... :q

    ReplyDelete
  5. සුරංගනා සිත්තම් එළනේ....

    ReplyDelete
  6. සාන්ත කෙල බේරේ ට රැ පුරාම සුරංගනා සිත්තම් කාන්තිමත් වෙන්ඩ අැති :e :e

    ReplyDelete
  7. අපිත් හොස්ටල් එකේ කතා ටිකක් දන්නව..ඒත් ලියන්න අයිතියක් නැ එකෙ හිටිය නැති නිසා..සමහර විට දන්නව ඇති මොකද අපිත් එක්ක හිටපු සෙට් එක තමයි මුලින්ම මං හිතන්නෙ හොස්ටල් එකෙන් එලියට බැහැල බෝඩිම් වලට ගියෙ 10 වසරෙදි ද කොහෙද පොඩි එකෙක්ට තලල..

    ReplyDelete
  8. කතා ටික නං අපූරුයි..ටැබූ ආචර්යත් 5 වසරෙන් කොලඹ ආපු කෙනෙක් තමයි මං හිතන්නෙ..මං ගෙස් කරන්නෙ බොහො විට ආනන්දියෙක් වෙන්න ඕනි.

    ReplyDelete
  9. එල කතාව :b අර සුදු මල්ලි කියල තියෙනව වගේ සාන්ත උදේ වෙනකල් සුරංගනා සිත්තම් බල බල ඉන්න ඇති.

    ReplyDelete
  10. @ පැන්da - ඒ ගැන තමයි මචෝ අපි "මැර සතිය" කියන සීරීස් එකෙන් කිව්වෙ.ඔය පහළ තියෙන ලින්ක් වලින් ගිහින් කියවන්න.:b:b:b

    http://bloggadol.blogspot.com/2010/08/week-of-evil.html

    http://bloggadol.blogspot.com/2010/08/2-week-of-evil-2.html

    ටැබූ ගැන කියපු පළවෙනි වාක්‍ය හරි.ඒත් දෙවෙනි එක වැරදියි :f:f:f

    ReplyDelete
  11. @ පුතා
    @ sameerausa - බොහොම ස්තුතියි යාලුවනේ.:g:g:g
    අපිත් හින්දි සිංදුවටනං ආසයි.ඒත් ඕක කොපි නොකර අපේම දෙයක් කළානං නේද හොද?:r:r:r

    @ හා පැටික්කි - බොහොම ස්තුතියි හාවි.කාලෙකට පස්සෙ නේද?:b:b:b

    @ Anonymous - කිසිම ආගමකට අපහාස කිරීමේ අරමුණක් පූසන්ට නෑ යාලුවෙ!:d:d:d

    ReplyDelete
  12. @ කොඩී
    @ Jeew
    @ වැම්පි
    @ සුදු මල්ලි

    බොහොම ස්තුතියි සහෝදරවරුනි :e:e:e:e:e

    ReplyDelete
  13. පාසැල් ජීවිතේ මතක කොහොම අමතක කරන්නද?
    ඇත්තට සාන්ත ක්‍රිකට් වලින්වත් ගොඩ ගියාද?

    ReplyDelete
  14. ෂහ් නියමයි . . . . කෙල හල හල කියවන්න පුළුවං . . . දැන් කෝ එතකොට ශාන්ත කෙල බේරේ ? රහත් වෙලාද අර කැසට් එකම අහලා ?

    ReplyDelete
  15. එළ කතාව... සාන්තත් වැඩේ අතඇරලා නෑ වගේ......:b

    ReplyDelete
  16. පැරදුනේ නම් 2005 දී. කවුද ඔය කෙල බේරේ. නායකයා දිමිත්‍රි සිරිවර්ධන. කවුද කෙල බේරේ?

    ReplyDelete
  17. What ever right or wrong, this guy sticked to his ideology! Like W-Bahu!

    ReplyDelete
  18. \\එක පාරක් ඉස්කෝලෙ රගර් ටීම් එක මරියකඩේ ඉස්කෝලෙටත් පැරදුනා.\\
    ඔය ම‍රියකඩේ ඉස්කෝලේ ක්‍රීඩා අංශයෙන් පට්ට නසරාණි ඉස්කෝලයක්ද යාලු?

    ReplyDelete
  19. @ sithuwilimandiya - මම කතාකළේ රගර් ක්‍රීඩාව ගැන විතරයි යාලු.වෙන සමහර ක්‍රීඩා අතින් මරියකඩේ ඉස්කෝලෙ ලංකාවෙ ඉස්සරහින්ම ඉන්නවා

    ReplyDelete
  20. සාන්ත කෙල බේරේට මොකද වුණේ කියලා මේ සීරීස් එකේ ඉදිරි කතා වලින් කියන්නං යාලුවනේ.මෑන්ස් දැන් මොකද කරන්නෙ කියලානං අපිවත් දන්නෑ.පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ.

    :r:r:r

    ReplyDelete
  21. සහෝ ඔක්කොම තේරුනා බස් අජිත් නම් මට තාම ටියුබ් ලයිට් තමා ....
    එල එල......
    :f :f :f :f :f :f :f :f :f

    ReplyDelete
  22. එල බුවෙක් නෙ බන් සාන්ත,

    අහ් ඔය කියන කාලෙ මරියකඩේ ඉස්කොලේ රගර් ක්‍රීඩාව අතින් ඉහලම තෑනක හිටියා. මමත් ඔය කියන රගර් මෑච් එක බෑලුවා.

    ReplyDelete
  23. පට්ටම කතාව මලේ... අපොයි මට නම් වහ කදුරු වගේ ඒකාලේ ඔය සින්දු ටික. බස් අජිත් නම් පට්ට ගැහුවා මාත්...

    සීරිස් එක එළ වගේ...

    ReplyDelete
  24. I think this is St. Cle Brey

    http://www.cricinfo.com/srilanka/content/player/386380.html

    ReplyDelete
  25. කතාව නම් පට්ටම පට්ටයි :t

    අපෙත් එකෙක් හිටියා අමුතුම ජාතියේ නාන්නෙත් නැහැ, අප්‍රභංස් වැඩ කරන පස්සේ අපිත් මෑන්ව ශාස්තෲවරයෙක් කරලා හැදුවා අළුත් ආගමක්. ඒක නම ............... [මෑන්ගේ නම] සාක්කිකාරයෝ කියලා.

    ආහ් මෑන්ව ඔයාලා දන්නවත් ඇති රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ රත්තරන් කණ්ඩායමේ එයා බාලදක්ෂයෙක් විදිහටත් හිටියා :e

    ReplyDelete
  26. පට්ට පට්ට :e

    ReplyDelete
  27. ආතල් සීන් එක.... :f :f

    ReplyDelete
  28. කොච්චර අප්සට්ද "කිවුවොත් ඒ දවස්වල එක පාරක් ඉස්කෝලෙ රගර් ටීම් එක මරියකඩේ ඉස්කෝලෙටත් පැරදුනා."

    That's the single funniest thing!

    ReplyDelete
  29. හැම දෙනාටම බොහොම ස්තුතියි යාලුවනේ.

    ReplyDelete
  30. මරියකඩේ යාලුවො අප්සට් ගන්න එපා හොදේ! ඉස්කෝලෙට අපහාස කරන්න හිතුවෙ නෑ.හිත රිදුනනං සමාවෙන්න

    ReplyDelete
  31. කැටස් පීස් එකට වැඩක් දුන්නනම් ඉවරයිනෙ.. :d

    ReplyDelete
  32. හම්මෝ ඒක 😂😂😂

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???