අඹ යාලුවෝ
Sunday, October 3, 2010
හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey - වෙජිමයිට් නිකාය
ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න අපි ඔයාලට ටික දවසකට පස්සෙ ගොඩාක් රසවත් සීරීස් එකක් අරගෙන ආවා.හික්ස්...ඒ වගේම මේ සීරීස් එක මෙගා නාට්‍ය ස්ටයිල් එකට ලියන්නෙ නැති හින්දා කලබල වෙන්න කිසිම කාරියක් නෑ ඕං!අනිත් කාරනේ තමයි මේ සීරීස් එකට මේ නම දැම්මෙ කිසිම ආගමකට අපහාස කරන්න එහෙමනං නෙවෙයි.එහෙමනං ඉතිං කියවන්න පටන් ගනිමුකො නේද?
සාමාන්‍යයෙන් කුරුදුවත්ත හොස්ටල් එකට ඇතුල් කරගන්නෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා එන, අපේ ටැබූගෙ වචනයෙන් කියනවනං ගොඩේ බයියා ළමයින්ව විතරයි.ඒත් කලාතුරකින් එක එක හේතු උඩ, ශිෂ්‍යත්වෙන් නැතුව ඉස්කෝලෙට ආපු ළමයින්වත් හොස්ටල් එකට ඇතුල් කරගත්ත අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.එහෙම හොස්ටල් එකට ආපු ළමයෙක් තමයි සාන්ත කෙල බේරේ කියන්නෙ.
සාන්තගෙ ගම්පළාත වුණේ දකුණු පළාතෙ, ඉස්සර සත්තු වත්තක් එහෙම තිබුන පැත්තක්ලු.ඒ වගේම මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන හපන්කමක් දක්වපු බුවෙක්ලු.අධ්‍යාපනය ගැන කියනවනං ඉතිං ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි.මොකද මෑන්ස්ගෙ අධ්‍යාපන මට්ටම කොච්චර විශිෂ්ටද කියනවනං පොරට ඒ දවස්වල "සාන්ත කෙල බේරේ" කියලා ලියාගන්නවත් බෑ.කොහොම වුණත් ක්‍රිකට් කෙළියට පින්සිද්ද වෙන්න අපේ යාලුවාටත් පුලුවන් වුණාලු කුරුදුවත්ත ඉස්කෝලෙට ඇතුල් වෙන්න.
සාන්ත කෙල බේරේ කියන්නෙ අති විශිෂ්ට පිතිකරුවෙක්.මෑන්ස් අවුරුදු දෙකක් තෝරමාලු බිග්මැච් එක ගැහුවා.සාපෙ හරියට ගොඩදාගත්තනං තව අවුරුදු දෙකක් විතර ගහන්නත් තිබුනා.කොහොම වුණත් සාන්ත සෙල්ලං කළේ කුරුදුවත්ත ඉස්කෝලෙ ක්‍රීඩා අංශයෙන් පට්ට නසරාණි වෙලා තිබුන කාලෙක.කොටින්ම කිව්වොත් ඒ දවස්වල එක පාරක් ඉස්කෝලෙ රගර් ටීම් එක මරියකඩේ ඉස්කෝලෙටත් පැරදුනා.
ක්‍රිකට් සෙල්ලම තිබුනෙ ඊටත් වඩා ගව් ගානක් පහළින්.ඉතිං සාන්ත බිග් මැච් ගහපු පළවෙනි අවුරුද්දෙ, මැච් එක ගහන්නත් කලින්ම අම්බානක කෑමක් තමයි කියලා මුලු ඉස්කෝලෙම දැනගෙන හිටියා.ප්‍රශ්නෙ තිබුනෙ මැච් එක කන්නෙ ඉනින්ස් වලින්ද නැද්ද කියන එක.මොකද මුලු ටීම් එකටම හොද බැට්ස්මන්ලා හිටියෙ දෙන්නයි.ඒ අදාල අවුරුද්දෙ කැප්ටනුයි, සාන්ත කෙල බේරේයි.කොහොම හරි ඉතිං ඒ අවුරුද්දෙ බිග්මැච් එක හිතපු විදිහටම ඉනින්ස් වලින් පැරදුනා.සාන්තටත් හරියට ලකුණු ගන්න බැරිවුණා.ඒ වෙනුවෙන් මෑන්ස්ට හොස්ටල් බැච් මේට්ලාගෙන් හොද හූ සංග්‍රහයකුත් හම්බවුණා.
කොහොමහරි ඉතිං ඉස්කෝලෙට ඇතුලත් කරගත්තු සාන්තට කලින් කිව්වා වගේ හොස්ටල් එකේ නවතින්නත් චාන්ස් එක ලැබුනලු.ඒ වගේම මෑන්ස් ඇවිල්ලා වැඩි දවසක් යන්න කලින් බැච් එකේ ප්‍රසිද්දම චරිතෙ වුණේ සාන්ත තමයි.ඒකට ප්‍රධානම හේතුව වුණේ සාන්තගෙ විකාර හැසිරීම් රටාව.
සාන්ත හිත හොද කොලුවා.ඒ වගේම මෑන්ස් ඕනම බොරුවකට පටස් ගාලා අහුවෙනවා.බැරිවෙලා හරි ඉර හතරැස් කියලා කවුරුහරි කිව්වොත් සාන්ත කරන්නෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒක විශ්වාස කරන එක.මේ ගතිගුණේ නිසා පොරට වුණ අප්සට් වැඩ අපි කියන්නෙ අද නෙවෙයි,සීරීස් එකේ දෙවෙනි කොටසින්.අද අපි කියන්නෙ සාන්තගෙ තිබුන එකම විනෝදාශෙ හින්දා මෑන්ස්ට වෙච්ච අප්සට් වැඩක් ගැන.
සාන්තගෙ විනෝදාංශෙ තමයි සින්දු අහන එක.හැබැයි ඒ එකම ටයිප් එකක සින්දු විතරයි.අපේ කියවන යාලුවන්ට මතක ඇතිනෙ ඒ දවස්වල "කබි කුෂි කබි ගම්" කියන හින්දි ෆිල්ම් එකේ සින්දු සිංහලට හරවලා කැසට් පීස් එකක් ගැහුවා.ඉතිං සාන්තගෙ වැඩේම ඔය කැසට් පීස් එක උදේ ඉදන් රෑ වෙනකං අහ අහා ඉන්න එක.ඒත් හොස්ටල් එකේ වැඩිපුර හිටියෙ අමරදේව, කපුගේ වගේ ගායකයන්ගෙ සින්දු අහපු කට්ටිය.(බස් අජිත් මහත්තයගෙ සින්දු අහපු අයත් හිටියෙ නැතුවාම නෙවෙයි).ඉතිං හොස්ටල් එකේ අනිත් ළමයින්ට සාන්තගෙ සිංදු ඇහිල්ල හිසරදයක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.කොටින්ම දැන් ඩෝම් එකේ හැමෝටම මේ සිංදු ටික අහලාම කටපාඩම් වෙලා තිබුනෙ.
ඉතිං හොස්ටල් ළමයි මේ සිංදු වලට කිව්වෙ සිංදු කියලා නෙවෙයි, "ගාථා" කියලා."සුරංගනා සිත්තම්" ගාථාව,"බෝලෙ චූටියා බෝලෙ හංගනා" ගාථාව වගේ සිංදු-ගාථා ඒ දවස්වල පූසො ඇතුලු ළමයි ඔක්කොටම කටපාඩම්ලු.ඒත් ඉතිං ගාථා තියෙන්නං ආගමක් තියෙන්න එපායැ! ඉතිං කට්ටිය එකතුවෙලා තීරණය කළාලු සාන්ත කෙල බේරේ කියන්නෙ වෙනම ආගමක ශාස්තෘවරයෙක් කියලා.(එහෙම තමයි සාන්ත කෙල බේරේ කියන නම වැටුනෙ) සාන්තගෙ ආගමේ නම තමයි "වෙජිමයිට් නිකාය".
ඒ නම හැදුනෙ මෙහෙමයි, ඒ දවස්වල ඔය "ඉල්ලං පරිප්පු කනවා" කියන යෙදුම වෙනුවට කට්ටිය පාවිච්චි කරපු ජනප්‍රිය යෙදුමක් තමයි "-- මාමයිට් ගාගන්නවා" කියන එක.ඒත් සාන්ත කරගන්න වැඩවල හැටියට පොරට මාමයිට් කියන වචනෙ යොදලා මදි.ඉතිං වෙජිමයිට් කියන්නෙ මාමයිට් වලට වඩා ලොකු බෝතලයක් නිසා කොල්ලො කට්ටිය සාන්තගෙ වැඩ සම්බන්දෙන් කිව්වෙ "-- වෙජිමයිට් ගාගන්නවා" කියලලු.ඔය යෙදුමෙන් ඩිරයිව් වෙලා තමයි වෙජිමයිට් නිකාය කියන නම හැදුනෙ.
කොහොමහරි, කතාකරනකොට කටේ කොනෙන් කෙල බේරෙන ගතියක් තිබුන නිසා "කෙල බේරේ" කියන කාඩ් එක වැටිලා හිටපු බුවා, වෙජිමයිට් නිකායෙ නායකයා වුණාට පස්සෙ "සාන්ත කෙල බේරේ" බවට පත්වුණාලු.
ඔය දවස්වල පුරුපුරුටනං වෙජිමයිට් ගාථා ටික උදේ ඉදන් ඇහෙද්දි වමනෙ යන්න වගේලු.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටිය සාන්තට පොඩි වෝනින් එකක් දුන්නලු ගාථා ටික විකාශය වෙන පැය ගාන අඩුකරන්න කියලා.ඒත් කොයි ආගම වගේම වෙජිමයිට් නිකායත් කැමති වුණේ නෑ වෙන කාටවත් සෙකන්ඩ් වෙන්න.ඉතිං සාන්ත කළේ සිංදු විකාශය වෙන පැය ගාන තවත් වැඩි කරපු එකලු.දැන් අපේ යාලුවො මහ රෑ ලේට් ස්ටඩීස් ඉවරවෙලා හොස්ටල් එකට එද්දිත් ඇහෙන්නෙ සාන්තගෙ සිංදු
"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."
ඉතිං මේ වැඩේ හරියන්නෙ නැති නිසා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්ත කෙල බේරේට කොට්ට ගේමක් දෙන්න ඕනෙයි කියලා.මතක ඇතිනෙ, ඒ කියන්නෙ අර ලයිමෝල්ට දුන්න ජාතියෙ ගරිල්ලා කොට්ට ප්‍රහාරයක්.ඉතිං එක දවසක් රෑ කට්ටිය ඔය කොට්ට ප්‍රහාරෙ ක්‍රියාත්මක කළාලු.සාන්තට වුණේ ජීවිතේ පළවෙනි පාරට කොට්ට ඇටෑක් එකකට ෆේස් කරන්න.ඉතිං අපේ යාලුවො හිතුවෙ එදායින් පස්සෙනං සාන්තගෙ ගාථා විකාශනය අඩුවෙයි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.
පහුවදා කට්ටිය ලේට් ස්ටඩීස් ගිහින් නිදිමරගාතෙ ආපහු එනකොට මෙන්න බොලේ මහා හයියෙන් සිංදුවක් යනවාලු.
"බෝලෙ චූටියා........බෝලෙ හංගනා........."
ඕක අහපු පුරුපුරු ඇතුලු බලකායෙ කට්ටියට ෆ්ලවර් එකෙත් හොදම එක ජම්ප් වුණාලු.ඉතිං කට්ටිය කතාවුණාලු එදා රෑම සාන්තට ස්පෙෂල් ගේමක් දෙන්න ඕනෙයි කියලා.
ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායෙ යාලුවො එක තැනකට රැස්වෙලා සාන්තට දෙන ගේම් එක ප්ලෑන් කරන්න ගත්තලු.මුලින්ම කට්ටිය කළේ මුදලාලිව යවලා හොස්ටල් කිචන් එකෙන් දිග කඹයක් ගෙන්න ගත්ත එක.මුදලාලියි, කිචන් එකේ හිටපු අජියයි එකම ගමේ බුවාලා හින්දා ඒ වැඩේ එච්චර අමාරු වුණේ නෑ.ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ සුපුරුදු විදිහට බඩගාගෙන, කොට්ටයි කඹෙයි අරගෙන ගිහින් සාන්තගෙ ඇද වටකරපු එක.
මේ වෙද්දි සාන්ත ඇද උඩ ඇලවෙලා හිටියත් මෑන්ස්ට නින්ද ගිහින් තිබුනෙ නෑ.ඉතිං කට්ටිය රෙඩි වුණාට පස්සෙ පුරුපුරුගෙ සිග්නල් එකට අනුව මාලුකට්ටා ඩෝම් එකේ ලයිට් එක ඕෆ් කළාලු.එතකොටම බලකායෙ අනිත් කට්ටිය පැනලා සාන්තට දැවැන්ත කොට්ට ප්‍රහාරයක් එල්ල කළාලු.දැන් සිද්ද වෙන්නෙ මොකද්ද කියලා මෑන්ස්ට හිතාගන්න බෑ.ඊටපස්සෙ පුරුපුරුයි, අමන්දානන්දයි එකතු වෙලා කළේ සාන්ත කෙල බේරේව ඇදට තියලා කඹෙන් බැදපු එක.ඊටත් පස්සෙ රේඩියෝ එක ඕෆ් කරපු අපේ යාලුවො කට්ටිය හිතේ සැහැල්ලුවෙන් නිදාගන්න ගියාලු.
මෙන්න බොලේ ටික වෙලාවකින් මහ හයියෙන් විසිල් ගහන සද්දයක් එන්න ගත්තලු.නිකං සද්දයක් නෙවෙයි, අර කැසට් පීස් එකේ තිබුන සින්දුවක තාලෙට ගහපු විසිල් සද්දයක්.බැලින්නං සාන්ත කෙල බේරේ, රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට බයිට් එකට ඇදට වෙලා විසිල් ගහනවා.මේක අහලා ෆ්ලවර් ජම්ප් වෙච්ච අමන්දානන්ද කළේ ආපහු ගිහින් සාන්තගෙ ඇද කෙලින් අතට හිටවලා ආපු එක.එතකොට තමයි සාන්තට තරු විසිවුණේ.ඇයි ඉතිං මුලු රෑම හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන් ඉන්න වෙනවා නොවැ!
කොහොමහරි ඩෝම් එකේ ළමයි පහුවදා උදේ නැගිටිද්දි සාන්ත අර හිටගෙන ඉන්න ඇක්ෂන් එකෙන්ම නිදාගෙන ඉන්නවලු.ඉතිං අපේ යාලුවන්ටත් දුක හිතිලා අමන්දානන්දටත් බැනලා සාන්තව ලිහලා දැම්මලු.සාන්ත කළේ ලිහපු ගමන්ම ගිහිං කැසට් එක ආපහු ඔන් කරපු එක.ඉතිං හැමදාම අහන ගාථාව එදා පුරුපුරුලාට අහන්න වුණේ වෙනදටත් වඩා උදේ පාන්දරින්.
"සුරංගනා සිත්තම්.....කාන්තිමත් වෙන තුරා.............."
එදායින් පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු සාන්තගෙ ගාථා විකාශය නවත්තන වැඩේ අල්ලලා දාන්න.......
Saturday, September 25, 2010
හොස්ටල් ලයිෆ් - නිරුවත් මානවයා
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න ගත්තා.පහුගිය කාලෙ අපේ බ්ලොග්අවකාශෙ ගන කතා, බොග කතා වගේ එක එක කතා වලින් පිරිල ඉතිරිලා ගියානෙ.හැබැයි දැන්නම් ඒ කතා රැල්ල නැති වෙලා ගිහින් වගේ.ඉතිං අපිට හිතුනා අපේ බ්ලොග් පාඨකයන්ට ආපහු ගන කතා සහ බොග කතා වල මතකය අලුත් කරන්න.මේ පාර අපි තෝරගත්තෙ ටූ ඉන් වන් ස්ටෝරියක්.ඒ කියන්නෙ මේ කතාව ගන සහ බොග කියන කතා වර්ග දෙකම යටතෙ කියවන්න පුලුවන්.
අපිට පරණ හොස්ටල් කතා ගොඩක හම්බවෙච්ච චරිතයක් තමයි "සකයා" කියන්නෙ.ඒත් අපි කවදාවත් මෑන්ස් ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නෙ නෑ නොවැ!ඉතිං සකයා කියන්නෙ ටිකක් අබ්ලික් ඩයල් එකක්.පොර හැමතිස්සෙම බලන්නෙ කාටහරි ගේමක් දීලා ෆන් එකක් ගන්නලු.ඉතිං සකයා කරන හැම වැඩෙන්ම වෙන්නෙ කාටහරි හානියක් වෙන එකලු.ඒත් ඒ ගැන සකයාට කිසිම ගැටලුවක් තිබුනෙ නෑ.
සකයාගෙ වැඩ ගැන කියන්න ගියොතින් වෙනම සීරීස් එකක් ලියන්න පුලුවන්.ඒත් අපි දැනට එක වැඩක් ගැන විතරක් කියන්නංකෝ.අපේ යාලුවන්ට මතකයිනෙ හොස්ටල් එකේ බොග? 11 වසරෙ ඩෝම් එකේ ඉදලා බොගට තිබුනෙ ටික දුරයි.ඉතිං සකයා කරන්නෙ කවුරු හරි බොගට යනකොට හොරෙන් පස්සෙන් යන එකලු.ගිය මනුස්පයා බොගේ දොර වහගත්තට පස්සෙ සකයා කරන්නෙ බාල්දියකට ලොකු වතුර එකක් පුරවන එක.දැන් අපේ යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙන්නෙ මොකද්ද කියලා?
ඊළගට වෙන්නෙ සකයා උඩින් එවන වතුර පාරෙන්, නිදහසේ ශරීර කෘත්‍යය කර කර ඉන්න මෑන්ස්ව නෑවිලා යන එක.ඉතිං ඇතුලෙ ඉන්න එකාට මලක් නෙවෙයි, මල් වත්තක්ම ජම්ප් වෙනවලු.හැබැයි සකයා ඔය වැඩේට තෝරගත්තෙ ඩෝම් එකේ හිටපු ඇගෙන් පොඩි ළමයින්ව විතරයි.මොකද අනිත් ළමයින්ට ඔය වැඩේ කළොත් අම්බානක කෑමේ අවදානමක් තියනවා නොවැ!ඉතිං හැමදාම ඔය ජල ප්‍රහාරෙට ගොදුරු වෙන්නෙ මාලුකට්ටා, තාරාවා, මුදලාලි වගේ කට්ටිය.ඉතිං ටික දවසක් යද්දි මේ කට්ටියට සකයගෙ ජල ප්‍රහාර මහා හිසරදයක් වුණාලු.
ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ සකයටත් ඔය වගේම ගේමක් දෙන්න ඕනෙයි කියලා.
ඩෝම් එකට ඒ දවස්වල පත්තර අරගෙන ආවෙ සකයා.දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මොන පත්තරද කියලා නේද? ඒ තමයි ගන පත්තර.අපේ යාලුවා කරන්නෙ ගෙදර ගිහිං ආපහු හොස්ටල් එන දවසට පිටකොටුවෙ පේමන්ට් එකෙන් ඔය පත්තර අරගෙන එන එක.සාමාන්‍යයෙන් එකපාරට පත්තර තුන හතරක් අරගෙන එන එක සකයාගෙ සිරිත.ඉතිං අනිත් ළමයිනුත් තමන්ගෙ පත්තර අවශ්‍යතා සපුරාගත්තෙ සකයා ගෙනාපු පත්තර වලින්ලු.
ඒ දවස්වල ඩෝම් එක පත්තර වලින් පිරිලා.ගන පත්තරද, වර්ග පත්තරද, බොහොම සැර අඩු මට්ටමේ පත්තරද, ඕන එකක් තමන්ගෙ චොයිස් එකේ හැටියට තෝරගන්න නිදහස තිබුනා.ඉතිං රෑ ජාමෙ සකයා කරන්නෙ ඔය පත්තරේකුත් අරගෙන බොගට රිංගන එක.දැන් ඉතිං මොකටද කියලානං අහන්න එපා.දන්නෙම නැති කෙනෙක් ඉන්නවානං පිස්සගේ මේ ලිපිය කියවන්නකෝ.
දැන් සකයට ගේමක් දෙන්න ප්ලෑන් කර කර හිටපු යාලුවො කට්ටියට ඒක ක්‍රියාත්මක කරන්න කියාපු වෙලාවක් වුණේ මේ වෙලාව.ඉතිං කට්ටිය තීරණය කළාලු පහුවදා රෑටම මෑන්ස්ට ගේම දෙන්න ඕනෙයි කියලා.
**************************************************************************************************
කොහොම හරි ඉතිං පහුවදා රෑ කාලෙත් උදා වුණාලු.හොස්ටල් එකේ ළමයි ඩිනර් එකත් අරගෙන, ලේට් ස්ටඩීස් එහෙමත් කරලා ඉවරත් වුණාලු.දැන් කට්ටිය නිදි වගේ බොරුවට ඉන්නෙ සකයා බොගට යනකං.මෙන්න ටික වෙලාවකට පස්සෙ කලුවරේ හෙවනැල්ලක් වගේ පේනවලු මිනිස් රූපයක් ඩෝම් එකෙන් එළියට යන හැටි.ඇගේ හැඩයෙන් ඒ සකයාමයි කියලා අදුනගන්න එච්චර අමාරු වුණේ නෑ.ඉතිං මෑන්ස් ගිහිං විනාඩියකට විතර පස්සෙ බොරුවට නිදාගෙන හිටපු අපේ යාලුවො කට්ටිය නැගිටලා හොරෙන් හොරෙන් බොග පැත්තට ගියාලු.
මේ මිෂන් එකට රාත්‍රී ප්‍රහාරක බලකායෙන් සහභාගි වුණේ මාලුකට්ටයි, මුදලාලියි විතරයි.ඒ වුණත් මොකද වෙන්නෙ කියලා බලන්න පුරු පුරු ඇතුලු අනිත් ළමයිනුත් නැගිටලා උන්නලු.දැන් තියෙන්නෙ මිෂන් එක ක්‍රියාත්මක කරන එක.
ඉතිං අපේ යාලුවො ටික කළේ සකයා බොග ඇතුලෙ ඉන්නකොට හොරෙන් ගිහින් බොගේ දොර එළියෙන් ලොක් කරපු එක.එහෙම කරලා තිබුනෙ අර ඉබ්බා දාන්න ඕනෙ තැනට කෝටුවක් හිරකරලා.ඊට පස්සෙ කට්ටිය කරලා තිබුනෙ බාල්දි දහයකට විතර වතුර පුරවලා සකයාට මහාපරිමාණ ජල ප්‍රහාරයක් එල්ල කරන එක.
ජබෝස්..................
මෙහෙම විනාඩි පහක් විතර කට්ටිය මෑන්ස්ව නෑව්වලු.සකයා ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු, සුද්ද සිංහල වචන වලින් රාත්‍රී වායුගෝලය දූෂණය කරනවලු, දොර කඩන්න හදනවලු.ඉතිං මෙහෙම බාල්දි සීයක් විතර නෑව්වට පස්සෙ අපේ යාලුවො ටිකට වැඩේ ඇතිවෙලා ආපහු ඩෝම් එකට ආවලු.දැන් කට්ටිය බලාගෙන ඉන්නවා සකයා එනකං.හැබැයි පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ, බොගේ දොර ලොක් කරන්න ගහපු කෝටුව ගැලෙව්වෙ නෑ නේද කියලා.දැන් ඉතිං මළ කෙළියයි.........
අපේ යාලුවො වහාම ගිහිං සකයා හිටපු බොගේ දොරේ ලොක් එක ගැලෙව්වලු.මේ වෙද්දි මෑන්ස් හිටියේ තෙමිලා ගැහි ගැහී.හැබැයි ගැහි ගැහීනං හිටියේ තෙමිලා ඇතිවුණ සීතලටත් වඩා ජම්ප් වෙච්ච ෆ්ලවර් එකේ සැරට.ඒ මදිවට පත්තරේ ආපහු වැඩක් ගන්න බැරි තරමට හොදටම දියබත් වෙලා.සකයට එදා ජම්ප් වෙච්ච ෆ්ලවර් එක තමයි හොස්ටල් එකේ ඉතිහාසෙ ජම්ප් වෙච්ච හොදම එක.
කට්ටිය දොර ඇරලා බලද්දි සකයා ඉන්නවලු හරකෙක් වගේ පිඹ පිඹ, ඇස් දෙක රතු කරගෙන.ඒ මදිවට මෑන්ස් ඇදගෙන හිටියෙ ටී ෂර්ට් එකක් විතරයිලු.වහාම එළියට පැන්න සකයා කට්ටියවත් තල්ලු කරගෙන එළියට ආවලු.ඊට පස්සෙ මෑන්ස් කළේ ටී ෂර්ට් එක විතරක් ඇදගෙන පිස්සුවෙන් වගේ හයියෙන් ඩෝම් එක පැත්තට ගිය එක.අපේ යාලුවො ටික හිතුවෙ දැන් සකයා ඩෝම් එකට ගිහිං නිදාගනියි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.
ඩෝම් එකට යන පාරදිගේ මගදුරක් ගිය සකයා කළේ එක පාරටම වම් පැත්තට හැරුන එක.ඒක දැකපු අපේ යාලුවන්ට තරු පේන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද සකයා හැරුන වම් පැත්තෙ තිබුනෙ කොටියා සර්ගෙ නිල නිවාසෙ.මෙන්න එක පාරට සකයා කෑ ගහන්න ගත්තෙ නැතැයි...
කොටියා සර්..........කොටියා සර්..............
අපේ යාලුවො ටික වහාම දුවගෙන ගියෙ සකයව ඇදගෙන ඩෝම් එක ඇතුලට යන්න.මොකද තරහෙන් අන්ධ වෙලා හිටපු සකයට තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැනවත් තේරුමක් නෑ.දැන් කොටියා සර් නැගිට්ටොත් කට්ටියම ඉවරයි.පළවෙනි කාරනේ, මේ වෙලාවෙ නැගිටලා ඉන්න එක ලොකු වැරැද්දක්.ඊළගට සකයට වතුර ගහපු එකත් වැරැද්දක්.ඒ ඔක්කොටම වඩා සකයා හොස්ටල් එක ඇතුලෙ ගන පත්තර තියාගෙන ඉන්න එක ලොකුම වැරැද්දක්.ඉතිං කරන්න තිබුන එකම විකල්පෙ සකයාව ඇදගෙන ඩෝම් එකට යන එක.
ඒත් මේ වෙලාවෙ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා හිටපු සකයාව මෙල්ල කරන එක කොහොමටවත් ලේසි පාසු වැඩක් වුණේ නෑ.මෑන්ස් කළේ කට්ටියවම තල්ලු කරලා ගිහිං නිල නිවාසෙ බෙල් එක ගහන එක.දැන්නං ඉතිං බඩුම තමයි...
හැබැයි මේ වෙලාව වෙද්දි සකයගෙ ගෝරනාඩුව ඇහිලා ඩෝම් එකේ අනිත් ළමයිනුත් එතනට ඇවිත් තිබුනා.ඉතිං කට්ටියම එකතු වෙලා මෑන්ස්ගෙ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි වෙන වෙනම අල්ලලා උස්සගෙන අමාරුවෙන් ඩෝම් එක ඇතුලට අරන් ගියා.අරන් යනකොටම තමයි කොටියා සර්ගෙ නිල නිවාසෙ ලයිට් පත්තුවුණේ.ඉතිං කට්ටිය ඩෝම් එකට ගිහිං හැංගිලා බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.
ටික වෙලාවකින් නිල නිවාසෙ දොර ඇරුණා.කොටියා සර්ගෙ ආදරණීය බිරිද තමයි දොර ඇරියෙ.ටික වෙලාවක් වට පිට සෝදිසි කරපු මැඩම්, ආපහු දොර වහගත්තා.තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.
කොහොම හරි පහුවදා වෙද්දි සකයා යථා තත්ත්වෙට ආවා.11 වසරෙ ළමයි එකතු වෙලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තිබුන චාන්ස් එක නැති කරගත්තා.ඒ වගේම 10 වසරෙ ළමයෙක්ට බොග ඇතුලෙ තිබිලා කොට කලිසමකුයි, තෙමිච්ච පත්තරේකුයි හමුබවුණා කියලත් කනින් කොනින් ආරංචි පැතිරෙන්න ගත්තා............
Sunday, September 19, 2010
හොස්ටල් ලයිෆ් - බෝරෙ සහ නබීල්
පහුගිය දවස් ටිකේ බ්ලොග්අවකාශෙ පැත්තෙ සැරිසරන්න පූසන්ට එච්චර වෙලාවක් ලැබුනෙ නෑ.ඉතිං ඒක හින්දා අපේ බ්ලොග් එකේ තිබුන කොමෙන්ට් වලට උත්තර දෙන්න, ඒ වගේම බ්ලොග් යාලුවන්ගෙ ලිපි වලට කොමෙන්ට් දාන්න එහෙමත් අපිට බැරිවුණා.ඒ නිසා මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම වැඩේ පටන් ගමුකො.
මේ වෙද්දි යාලුවනේ ගතවෙන්නෙ අපේ පූසන්ගෙ 11 වසරෙ ජීවිතේ මැද හරිය.හොස්ටල් එකේ වැඩත් නෝමල් එකේ කෙරීගෙන ගිය කාලයක්.ඉතිං ඔය දවස්වල තමයි හොස්ටල් එකට අලුත් ළමයි දෙන්නෙක් ආවෙ.ඒක්කෙනෙක්ගෙ නම බෝරෙ.අනිත් මෑන්ස්ගෙ නම නබීල්.දෙන්නම මුස්ලිම් ළමයි.නැත්තං හොස්ටල් භාෂාවෙන් කිව්වොත් අම්බයො.ඔය "ස" ප්‍රසංගෙ ඕඩියෝ ක්ලිප් එකෙන් තමයි කට්ටිය මේ වචනෙ ඇහිදගත්තෙ.ඔන්න දැන් කියන්න එපා පූසො ජාතිවාදියොයි කියලා.මොකද හොස්ටල් එක ඇතුලෙදි බයිට් වෙන්න ජාති භේදයක් ඕනෙ වුණේ නෑ.
ඉතිං අපේ යාලුවො දෙන්නට හම්බවුණේ පුරුපුරුගෙ ඇද ළගම ඇදවල් දෙකක්.මීට කලින් මුස්ලිම් අයත් එක්ක කොච්චර ගනුදෙනු කරලා තිබුනත් පුරුපුරු කවදාවත් එයාලා එක්ක එක වහලක් යට ජීවත් වෙලා තිබුනෙ නෑ.ඉතිං මේ දෙන්නා හොස්ටල් ආවට පස්සෙ තමයි මෑන්ස්ට මුස්ලිම් සිරිත් විරිත් ගැන හරිහමං අවබෝධයක් ආවෙ.කොහොම වුණත් පුරුපුරුයි මාලුකට්ටයි, අපේ කොනකපාලු යාලුවො දෙන්නත් එක්ක හොදට ෆිට් වෙන්න වැඩි දවසක් ගියෙ නැහැලු.
ඒ දවස්වල මුස්ලිම් ජාතිකයන්ගෙ ලයිෆ්ස්ටයිල් එක පුරුපුරුටනං පෙනුනෙ මහ අබ්ලික් විදිහට.මුලින්ම ආගම ඇදහීම ගමුකො.දවසට තුන් හතර පාරක් ආගම අදහන එක පූසන්ටනං කීයටවත් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි.ඒකත් කරන්න ඕනෙ නිකං නෙවෙයි, අදහන තැනට උඩින් උඩුවියන් එහෙම බැදලා.ඒ වගේම තව තේරුම් ගන්න අමාරු නීති රීති ගොඩක් ඒ අයට තිබුනා.උදාහරණයක් විදිහට මුත්‍රා කරලා ඉවර වුණාට පස්සෙ ගල්කැටයක් අහවල් ස්ථානයෙ තියාගන්න එක එහෙමනං තවමත් තේරුම්ගන්න බැහැ.
ඉතිං ඒ දවස්වල හවස්වරුවල කෙස්පැලෙන විවාද තමයි ඩෝම් එක ඇතුලෙ ගියෙ.කට්ටියක් බුද්ධාගම හොදයි කියලා තර්ක කරනවා.බෝරෙයි නබීලුයි තර්ක කරනවා ඉස්ලාම් ආගම හොදයි කියලා.ඒ අස්සෙ සලා වාදෙට එන්නෙ ක්‍රිස්තියානි ආගම හොදයි කියලා.කොටින්ම ඒ දවස්වල හොස්ටල් එක තිබුනෙ, මේ දවස්වල සිංහල බ්ලොග්අවකාශෙ තියෙනවා වගේමයි.ආගමික වාද විවාද වලින් පිරිලා.හැබැයි ඉතිං කොච්චර වාද කළත් ඒ ඔක්කොම එතනින් ඉවරයි.මොකද කට්ටියම හොද යාලුවො නොවැ! කවදාවත් තමන්ගෙ ආගම හරි ජාතිය හරි නිසා කිසිම ළමයෙකුට හොස්ටල් එකේදි අවැඩක් වුණේ නෑ.
ඉස්ලාම් ආගමේ සමහර දේවල් වලටනං ඒ දවස්වල අපේ සිංහල බෞද්ධ කට්ටියත් ඊරිසියාවෙන් හිටියෙ.ඇයි අර හත්දෙනෙක් කසාද බදින්න පුලුවන් නීතිය? ඕක ගැන කිය කියා තමයි ඉස්සර මුස්ලිම් යාලුවො දෙන්නා සිංහල කට්ටියව බයිට් කළේ.ඒ වගේම මොන තර්ක දැම්මත් නෝම්බි කාලෙටනං කට්ටියට මුස්ලිම් අයව හරිම හොදයි.ඇයි ඉතිං රෑට හම්බවෙනව නොවැ රාජකීය බත් එකක්.
හොස්ටල් එකට එනකොට බෝරෙයි නබීලුයි දෙන්නම හොද ආගමානුකූලව හැදිලා හිටියෙ.නබීල්නං දිගටම එහෙම හිටියලු.ඒත් බෝරෙනං වැඩි දවසක් යන්න කලින් වෙනස් වුණාලු.මෑන්ස් ටික ටික ගන බලන්නත් පුරුදු වුණේ තමන්ගෙ ආගමේ ගන බැලිල්ල තහනං බවවත් සලකන්නෙ නැතුව.(ගන බැලීම "හරාම්" කියලා තමයි කියන්නෙ.හලාල් කියන්නෙ කරන්න කැප දේවල් වලටලු)
තවත් ටික දවසකින් පොර සාජන් කෙනෙක් වුණා.ඒ කිව්වෙ "පෙම්වතෙක්" වුණා.ගෙවල් පැත්තෙ පූසන්ගෙ වයසෙම මුස්ලිම් ගෑනු ළමයෙක් එක්ක තමයි යාලුවෙලා තිබුනෙ.හැබැයි මෑන්ස්ගෙ ආදරේට නරක කළදසාවක් ලබන්න වැඩි දවසක් ගියෙ නෑ.
ඔය මුස්ලිම් ගෑනු ළමයි සිංහල ගෑනු ළමයි වගේ ඔලුවෙ කෙස් පැහෙනකං ගෙවල්වල තියාගන්නෙ නෑ නොවැ! යන්තං ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙද්දිම කසාද බන්දලා දෙනවා.ඉතිං බෝරෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ටත් වුණේ එහෙම දෙයක්.ඒ ගෑනු ළමයගෙ ගෙදරින් ඒ ළමයව තමන්ට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් මෑන්ස් කෙනෙක්ට කසාද බන්දලා දීල තිබුනා.
බෝරෙ ඉතිං ඒ වෙද්දිත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලනෙ (අලියෙක්ගෙ වගේ ඇගක් තිබුනට) ඉතිං ඔය සම්බන්දෙන් මෑන්ස්ට කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.ඒ දවස්වල උඩ බලාගෙන කල්පනා කර කර ඉන්න එක විතරයි අපේ යාලුවට කරන්න පුලුවන් කමක් තිබුනෙ.ඉතිං හොදටම අප්සට් එකේ හිටපු බෝරෙ, ඒ වෙද්දි යලට මහට කර කර හිටපු දෙවියන් ඇදහිල්ලත් සම්පූර්ණයෙන් නවත්තලා දැම්මලු.මෑන්ස්නං කිව්වෙ දෙවියො පොරට ගර්ල්ෆ්‍රෙන්ඩ්ව දුන්නෙ නැති නිසා දැන් දෙවියොත් එක්ක මළෙන් ඉන්නෙ කියලා.හැබැයි ඉතිං සිකුරාදා හවස පල්ලි යන එකනං නවත්තන්න බෝරෙට බැරිවුණා.
අන්තිමට මෑන්ස් නතර වුණේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ ප්‍රබල සාමාජිකයෙක් වෙලා.ඒ වගේම පස්සෙ කාලෙක කබඩ්වල හංගලා තිබුන ගන ටික බොරේගෙන් බේරගන්න වෙනම මිෂන් එකක් දෙන්න වුණා.ඇයි පොර කරන්නෙ සිකුරාදා හවස පල්ලි යන්න ඉස්කෝලෙන් ඉක්මනට ඇවිත්, ඩෝම් එකේ කබඩ් වල හංගලා තියන ගන සීඩී ටිකත් අරගෙන පනින එක.හැබැයි ඉතිං කොහෙන්ද හොයාගත්තු මෙලෝරහක් නැති අරාබි ගන කීපෙකුත් මෑන්ස්ගෙන් පූසන්ට ලැබුනා.ඒ විතරක් නෙවෙයි, බෝරෙට පින්සිද්ද වෙන්න දෙමළ කුණුහරුප පිළිබදව හසල දැනුමකුත් හොස්ටල් එකේ ළමයින්ට ඒ දවස්වල තිබුනා.
මොනවා වුණත් පූසො මුස්ලිම් යාලුවොත් එක්ක හිටපු මාස ගානට දැනගත්ත දෙයක් තමයි මොන ආගමේ නීති වුණත් හෝර්මෝන වලට යටයි කියලා.
ප.ලි - අපේ ඤාව්වට කාලයක් යනකම්ම තිබිල තියන ප්‍රශ්නයක් තමයි මෙච්චර කර්නල්ලා, බ්‍රිගේඩියර්ලා, ජෙනරාල්ලා ඉන්දැද්දි "සාජන්" කියලා ෆිල්ම් එකක් ගැහුවෙ ඇයි කියන එක.මෑන්ස් පස්සෙ කාලෙකලු දැනගත්තෙ හින්දි භාෂාවෙන් පෙම්වතාට කියන්නෙ සාජන් කියලා
ඒ වගේම ඤාව්වගෙ අදහසට අනුව එඩ්වින් "ඇඩ්ඩිං" වුණා වගේ "සුමිත්" කියන නම හැදිලා තියෙන්නෙ ඉංග්‍රීසි ස්මිත් කියන නමින්...
Friday, September 10, 2010
හොස්ටල් ලයිෆ් - රහීමා, බම්බා සහ හොස්ටල් කෑම
දැන් යාලුවනේ අපි හොස්ටල් කතා ලියන්න පටන් අරගෙන ටිකක් කල් ගතවෙලා නොවැ! ඒත් ඉතිං මෙච්චරකල් බැරිවුණා හොස්ටල් එකේ කෑම මොකුත් ලියන්න.ඉතිං අද ලිපිය වෙන් වෙන්නෙ හොස්ටල් කෑම සහ තවත් රසකතා කීපයක් වෙනුවෙන්.
අපිට සාමාන්‍යයෙන් හොස්ටල් කෑම කිව්වම එකපාරටම හිතේ මැවෙන්නෙ කන්න තියා බලන්නත් අජූත කෑමවේලක්නෙ. ඒත් කුරුදුවත්තෙ හොස්ටල් එකේනං ඒ දවස්වල කෑම දුන්නෙ හොද හෝටලේකටත් වඩා හොද විදිහට.විශ්වාස කරන්න අමාරු වුණත් ඒක තමයි ඇත්ත.
හැබැයි උදේටනං දුන්නෙ සාමාන්‍ය කෑම වේලක්.එක්කො පරිප්පුයි පානුයි, එහෙමත් නැත්තං අල හොදියි පානුයි.සතියෙ එක දවසක් විතරක් උදේට සම්බෝලයි, බිත්තරයි පානුයි හම්බවුණා.සමහර වෙලාවට ජෑමුයි බටරුයි ගාපු පාන් හමුබවුණු වෙලාවලුත් තිබුනා.කොහොම වුණත් බ්‍රෙක්ෆස්ට් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ පාන්.
අපි අර පුරුපුරු මුලින්ම ගුටිකාපු කතාවෙ කිව්වා වගේ ඩයිනින් හෝල් එකේ ටේබල් හැම එකකටම, 11 වසරෙ ටේබල් මොනිටර් කෙනෙක් ගානෙ හිටියා.ඉතිං ටේබල් එකේ හිටපු පොඩි එවුන් කන්නෙ නැති කෑම ඔක්කොම අන්තිමේදි ඉතුරු වුණේ "ටේබල් මොනිටර් අයියගෙ" පිගානෙ.ඒ දවස්වල සමහර කට්ටිය තමන්ගෙ ටේබල් එකට වෙජිටේරියන් පොඩිඑවුන්ව ගන්න හරි කැමතියි.මොකද එතකොට පොඩිඑකාට ලැබෙන්න තියෙන ප්‍රෝටීන් ආහාරෙ හම්බවෙන්නෙ තමන්ට නොවැ!ඉතිං ඔයවගේ උදේට බිත්තර දෙන දවස්වලට, බිත්තර හය හතක් කන්න පුරුදු වෙච්ච "අයියලා" හොස්ටල් එකේ හිටියලු.
ලන්ච් එක සාමාන්‍යයෙන් හැමදාම වගේ බ්‍රෙක්ෆස්ට් එකට වඩා හොදට ලැබුනා.ලන්ච් එකේ අනිවාර්ය කෑම වෙලා තිබුනෙ මාලු.ඒ දවස්වල අන්කල් සියා කිරට උයපු මාලු කන්න හොස්ටල් එකේ හැම ළමයම පුදුම ආසාවකින් හිටියෙ.අන්කල් සියා හෙඩ් වේටර් වුණාට මාලු කිරට උයන දවසට කුස්සිය පැත්තට ගෙන්න ගන්නවා.ප්‍රොෆෙෂනල් කුක්ලාට ඊරිසියා හිතෙන විදිහට තමයි අන්කල් සියා කිරිමාලු උයන්නෙ.
ඊට පස්සෙ හම්බවෙන්නෙ හවස ටී එක.ඒකටත් ඉතිං ටී වලට අමතරව මාලුබනිස්, ඉස්පන්චි, ඥානකතා, ක්‍රිම් බනිස්, ජෑම් බනිස් වගේ දේවල් හම්බවෙනවා.හික්ස්...හැබැයි දවසට එක ජාතිය ගානෙ.වැඩිපුර ඒවා තියනවනං ටේබල් මොනිටර්ලටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි තමයි ඒ කෑම ලැබෙන්නෙ.ඒ දවස්වල "මාලුබනිස් රෙකෝඩ් එක" තිබුනෙ පුරුපුරුට.ඒ එක ටී වේලකට මාලුබනිස් 9ක් කාලා.
ඊටත් පස්සෙ ඩිනර් එකේදි තමයි අපේ යාලුවන්ට සුපිරි කෑම හම්බවෙන්නෙ.ඒ වගේම කෑමට හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නත් ඕනෙ.සාමාන්‍යයෙන් බත් එක්ක ප්‍රෝටීන් ආහාරය විදිහට ලැබෙන්නෙ සොසේජස්, මීට්බෝල්ස් වගේ දෙයක්.ඒත් විශේෂ කෑම ලැබෙන දවසුත් තියෙනවා
අගහරුවාදා - ඉදිආප්ප, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී (අතුරුපසට අයිස්ක්‍රීම්)
බ්‍රහස්පතින්දා (ස්පෙෂල් ඩිනර්) - ෆ්‍රයිඩ් රයිස්, විකන්, අල තෙල් දාලා, කට්ලට්, පපඩම් (අතුරුපසට අයිස්ක්‍රීම්)
සෙනසුරාදා - පාන්, විකන්, පරිප්පු, සම්බෝල සහ ප්ලේන්ටී
කොහොමද යාලුවනේ? හොස්ටල් එකක් හැටියට හොදයි නේද? ඉතිං ගොඩක් අඩු ගාස්තුවක් ළමයින්ගෙන් අරගෙන, ලයිට් බිල් වතුර බිල් එහෙමත් ගෙවලා, කෑමත් ඉස්තරම් විදිහට දෙන්න පුලුවන් වුණේ කොටියා සර්ගෙ තිබුන මැනේජ්මන්ට් ස්කිල් නිසාමයි.ඒ දවස්වල ඉදිආප්ප 70 - 80 කාපු ළමයි, පාන්ගෙඩි දෙක තුනක් කාපු ළමයි එහෙමත් හොස්ටල් එකේ හිටියලු.
කොහොම වුණත් හැමදාම රෑට හොස්ටල් එකෙන්ම කන එක ගොඩක් ළමයින්ට එච්චරම දිරෙව්වෙ නෑ.ඉතිං සතියට දවසක් දෙකක් ඩිනර් එක ගන්න පොඩි අවුටින් පාරක් දාන්න 10, 11 වසරවල සමහර ළමයි පුරුදු වෙලා හිටියලු.ඔය වැඩේට ඉතිං ගොඩක්ම තෝරගත්තෙ "රහීමා" එක. ඒ රහීමා එකේ කෑම ඒ දවස්වල හොද තත්ත්වයෙ තිබුන නිසයි, කිට්ටුවපාතක වෙන හොද කෑම කඩයක් නැති නිසයි කියන හේතු දෙකම හින්දා.
ඒ දවස්වල රහීමා එකේ ජනප්‍රිය කෑම තමයි විකන් බුරියානි සහ චිකන් කොත්තු.සල්ලි මදිවෙච්ච දවස්වලටනං ඉතිං බිත්තර කොත්තුත් කනවා.කිව්වම මොකද, දැන්නම් රහීමා එකේ කෑම ඉස්සර තරම්ම කොලිටි නෑ.
කලාතුරකින් අපේ යාලුවො බම්බා පැත්තෙත් පොඩි රවුමක් ගහන්නත් පුරුදු වෙලා හිටියලු.පොඩි චේන්ජ් එකකටත් එක්ක පීසා පාරක් දාන්න, එහෙමත් නැත්තං කෙන්ටකියෙ බැදපු සැවුල් මාංශ කඩේට ගොඩවදින්න වගේ අවශ්‍යතාවයක් වුණොත් තමයි ඉතිං ඒ පැත්තෙ යැවුනෙ.
ඔය කොහෙගියත් අපේ කට්ටිය හිටියෙ හිතේ ගින්දරෙන්.ඇයි ඉතිං ඔය ගමන් අවසර අරගෙන එන ජාතියෙ ගමන් නෙවෙයි නොවැ! ඉතිං තාප්පෙ හරහා රීඩ් මහත්තයගෙ පාරට පැනලා හොරෙන් තමයි යන්න වුණේ.තාප්පෙන් පනිනකං කට්ටිය බයේ හිටියෙ කොටියා සර්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාට හරි මාට්ටු වෙයි කියලා.තාප්පෙන් පැන්නට පස්සෙ බයේ හිටියෙ කොයි මොහොතෙ පොලිසියෙන් අල්ලගනියිද කියලා.
ඒ දවස්වල පූසන්ගෙ වයසෙ කොල්ලො සෙට් එකක් රංචු ගැහිලා කොළොම්පුරේ පාරෙ යනවා දැක්කොත් පොලිසියෙන් බේරිල්ලක් නෑ.වහාම අල්ලගෙන බලනවා ඇල්කොහොල් සුවදක් එහෙම එනවද කියලා.ඊටපස්සෙ බීලා නැතත් ආපහු හොස්ටල් එකට පන්නනවා.ඔය ප්‍රොසීඩියර් එක අතරෙ පොලිසියෙන් ගුටියක් දෙකක් කාපු යාලුවොත් හොස්ටල් එකේ නොහිටියෙ නෑලු.එක දවසක් මහරෑ පොලිසියෙන් පන්නද්දි, ඉස්කෝලෙ තාප්පෙන් එළියෙ ඉදලා ඇතුලට පනිද්දි පුරුපුරුගෙ කකුලකුත් තුවාල වුණාලු.
මොනවා වුණත් මේ වැඩ පුරුද්දක් වශයෙන් කරන්න අපේ පූසො පුරුදු වෙලා හිටියෙ නෑ.
තාමත් රහීමා එකත්, ඉස්කෝලෙ තාප්පෙත් ඒ වගේමයි.වෙනස් වෙලා තියෙන්නෙ හිටපු ළමයි විතරයි.පුරුපුරු හැමදාම හවසට බස්එකට නගින්න එන්නෙ කැම්පස් එක ළග තියන බස්හෝල්ට් එකට.ඒ හෝල්ට් එකට හරියටම පාරෙන් එහාපැත්තෙදි තමයි මෑන්ස් තාප්පෙන් පැනලා කකුල තුවාල වුණේ.ඉතිං හැමදාම තාප්පෙ දකිද්දි ඔය සිද්දිය මතක් වෙන එක වලක්වන්න බෑ නොවැ! ඒ වෙලාවට තමයි හිතෙන්නෙ ආපහු හොස්ටල් එකට යන්න ඇත්නං කියලා...!
Sunday, September 5, 2010
හොස්ටල් ලයිෆ් - පීරියඩ් කට් කිරීම
ඉතිං යාලුවනේ ටික දවසකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න අවස්ථාව ලැබුනා.මේ දවස්වල පූසන්ට ටිකක් බිසී.ඒක හින්දා මේ පැත්තෙ එන්න චාන්ස් එකක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.ඉතිං හැම කොමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න හොදේ........
මේ දවස්වල අවකාශෙ නැගල යන්නෙ ඉස්කෝලෙ කට් කරන කතා නොවැ! අපේ අභීත සහෝදරයත් ඒ ගැන ලියලා තිබුනා.ඉතිං අපිටත් හිතුනා ඒ ගැන කතාවක් ලියන්න.
ඔය ඉස්කෝලෙන් පනින එකේ මූලික අරමුණ කොහෙහරි ගිහින් විනෝද වෙන එකනෙ.ඒ වුණාට කොහෙවත් යන්න ඕනෙ නැති, ඒත් තමන් අකමැති පීරියඩ් එකක පන්තියෙ ඉන්නත් බැරි ළමයෙකුට තියෙන හොදම විසදුම තමයි පීරියඩ් කට් කරන එක.ඉතිං ඕ ලෙවල් කාලෙ වෙද්දි පූසන්ගෙත් ෆේවරිට් අංගය වෙලා තිබුනෙ ස්කූල් කට් කිරීමට වඩා, පීරියඩ් කට් කිරීමලු.ඒ කියන්නෙ අකමැති පීරියඩ් එකේදි පන්තියෙන් පැනලා ඒක ඉවර වුණාට පස්සෙ ආපහු පන්තියට එන එක.
හැබැයි පීරියඩ් කට් කරනකොට ඉස්කෝලෙ ඇතුලෙම රැදෙන්න වෙන හින්දා, මුලින්ම කාලෙ ගෙවන්න සුදුසු තැනක් තෝරගන්න ඕනෙ.ඉතිං ඔය අවශ්‍යතාවය අතින්නම් හොස්ටල් එකේ ළමයි හිටියෙ සෑහෙන්න වාසනාවන්ත පරිසරයකලු.මොකද සමහර ඉස්කෝලවල වගේ නෙවෙයි, කුරුදුවත්ත හොස්ටල් එක පිහිටලා තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙමයි.ඉතිං පීරියඩ් කට් කරන ළමයි හොරෙන් හොස්ටල් එක ඇතුලට රිංගගත්තට පස්සෙ, එලාම් එකක් තියාගෙන සැපට නිදියගෙන ඉන්නයි තිබුනෙ.අපේ පුරුපුරුත් ඒ දවස්වල ඔය වැඩේට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියලු.
ඒ වුණාට ඔය වැඩේ කොහොමටවත් හිතන තරම්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ.මොකද තමන්ගෙ ඕෆ් පීරියඩ් වල කොටියා සර් හිටියෙත් හොස්ටල් එක ඇතුලෙමයි.ඉතිං හොස්ටල් එකට යන්න කලින් මුලින්ම ෆුල් සර්ච් පාරක් දාන්න ඕනෙ "කොටි පුසුඹ" හොස්ටල් එක ඇතුලෙන් එනවද කියලා.මොකද ඉස්කෝලෙ වෙලාවෙ (ඉන්ටර්වල් එක ඇර) හොස්ටල් එකට එන එක බරපතල වැරැද්දක්.
බැරිවෙලා හරි සර් හොස්ටල් එක ඇතුලෙ ඉන්නවා කියලා තේරුනොත් කට්ටිය කරන්නෙ පැවිලියන් එක පැත්තට ගිහින් වෙලාව ගතකරන එක.එතකොට හැබැයි නිදාගන්න වෙන්නෙ නෑ.ඒ වුණාට අවේලාවෙ හොස්ටල් එකට ඇවිත් කොටියා සර්ගෙන් ගුටි කනවට වඩා කවුරුත් කැමති වුණේ ඒ ක්‍රමයටලු.මොකද පීරියඩ් කට් කරලා අහුවුණාම ඒ ළමයට දරුණු විදිහට වේවැල් කසාය දෙන්න කොටියා සර් ආයි දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.
සර් කරන්නෙ හොස්ටල් එකට ආපු ගමන් 10, 11 ඩෝම් වල ළමයි ඉන්නවද කියලා චෙක් කරලා බලන එක.අසනීප ළමයෙක්ටනං සර්ගෙන් විශේෂ අවසරයක් අරගෙන ඩෝම් එකේ ඉන්න පුලුවන්.එහෙම නැති ළමයෙක් දැක්කොත් තමයි සර්ගෙ සැගවුණු කොටියා කරළියට එන්නෙ.
ඉතිං එක දවසක් ඇග්‍රිකචල් පීරියඩ් එකේදි පුරුපුරුට හිතුනලු හොස්ටල් එකට ගිහින් ටිකක් රෙස්ට් කළානං හොදයි කියලා.මොකද පුරුපුරුලා ඇග්‍රි රූම් එකට යද්දි, ඒ වෙනකොටත් මිස් උගන්නන්න ඇවිල්ලා තිබුනෙ නෑ. එතකොට ඉතිං කම්මැලි හිතෙනවා නොවැ! මෑන්ස් කළේ තමන්ගෙ අදහස ඇග්‍රි කරපු අනිත් හොස්ටල් යාලුවන්ටත් දැනුම් දුන්න එක.බැලින්නං කට්ටිය ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි හොස්ටල් එකට යන්න.ඉතිං ඔය වැඩේට එකතු වුණේ පුරුපුරු, ජුවාන්, සකයා සහ සංජු.
දැන් අපේ යාලුවො කට්ටිය 10 වසර බිල්ඩින් එකේ තිබුන ඇග්‍රි රූම් එකෙන් පිටත් වෙලා සියඹලා ගහ, පිට්ටනිය හරහා හොස්ටල් එකට යනවලු.ඉතිං හොස්ටල් ගේට්ටුව ළගදි තමයි පිටිපස්ස බලපු ජුවාන් අතිශය විනාශකාරී දර්ශනයක් දැකලා තියෙන්නෙ.බැලින්නං පිට්ටනියෙ එහා කෙළවරින් කොටි ඡායාවක් මතුවෙනවලු.ඉතිං අපේ යාලුවො කළේ කකුල් දෙකට පින් දීලා, උසේන් බෝල්ට් ලොක්කත් පරද්දන වේගෙන් ඩෝම් එක ඇතුලට යනකම්ම දුවපු එක.
දැන් කට්ටියට ෂුවර් සර් මේ සිද්දිය දැක්කයි කියලා.ඉතිං වෙනිං විකල්පයක් නැති නිසා අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු හැංගෙන්න.සංජු හැංගුනේ ලයිමෝල්ගෙ කබඩ් එක පිටිපස්සෙ.පුරුපුරුයි ජුවානුයි හැංගුනේ ඇදන් දෙකක් යට.හැබැයි සකයට විතරයි එතනදි ක්‍රියේටිව් අයිඩියා එකක් පහළ වුණේ.
ඒ දවස්වල ඩෝම් එකේ තිබුනා මැර සතියෙදි ගෙදර ගිය අයියලා දාලා ගිය කබඩ් කීපයක්.ඒ අතරින් එක කබඩ් එකක් යකඩින් හදපු උස කබඩ් එකක්.ඒක ඇතුලෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.ඉතිං සකයා කළේ ඔය කබඩ් එක ඇතුලට වැදිලා දොර වහගත්ත එක.දැන් කට්ටිය ගැහි ගැහී ඉන්නවා.
ඉතිං ටික වෙලාවකින් බලාපොරොත්තු වෙච්ච විදිහටම කොටියා සර් ඩෝම් එක ඇතුලට ආවලු.බැලින්නං සර් ඇවිත් තියෙන්නෙ නිල නිවාසෙටත් ගිහිං තඩි වේවැල් දෙකක්ම අරගෙන.ඔය විදිහට ටික වෙලාවක් ඩෝම් එක ඇතුලෙ සර්ච් කරපු කොටියා සර්ට පුරුපුරුවයි, ජුවාන්වයි, සංජුවයි හොයාගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.සර් ඊටපස්සෙ කළේ මේ තුන්දෙනාව ඩෝම් එකේ දොර ළග පේළියට හිටවපු එක.
කොටියා සර් :- තමුන් දන්නවද මේ වෙලාවෙ අනවසරයෙන් හොස්ටල් එකේ ඉදීම වරදක් කියලා?
ළමයි :- ඔ...ඔව්..සර්......
කොටියා සර් :- කෝ තමුන්ලත් එක්ක දුවගෙන ආපු අනිත් ළමයා? ඒ සකයා නේද??
ළමයි :- නෑ..සර්..අපි තුන්දෙනා විතරයි ආවෙ....
කොටියා සර් :- ආ..දැන් වැරදි කළා මදිවට බොරුත් කියනවද?
චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...
මෙහෙමෙ කියපු කොටියා සර් අපේ යාලුවො තුන් දෙනාට නියම වේවැල් කසායක් දෙන්න පටන් ගත්තලු.ඒත් ඉතිං ගුටි කෑවයි කියලා සකයාව පාවල දෙන්නත් බෑ නොවැ! ඉතිං කට්ටිය මීයො තුන්දෙනා වගේ සද්ද නැතුව ගුටි කාගෙන හිටියලු.අන්තිමට ගුටිකෑම නැවතුනේ වේවැල් දෙකම පොඩි පොඩි කෑලි වලට කැඩිලා ගියාට පස්සෙ.මේ වෙද්දි අපේ යාලුවන්ට හොද ගණන්ලු.
ඉතිං කොටියා සර් කළේ තුන්දෙනාව අතඇරලා ගිහින් ඩෝම් එක පුරාම සකයාව හොයපු එක.හැබැයි ගොඩක් වෙලා හෙව්වත් සර්ට මෑන්ස්ව හොයාගන්න ලැබුනෙ නෑ.කවුද හිතන්නෙ කොල්ලෙක්ට කබඩ් එකක් ඇතුලෙ හැංගෙන්න පුලුවන් කියලා.ඉතිං සකයා බොගේ හැංගිලා ඇති කියලා උපකල්පනය කරපු කොටියා සර් මෑන්ස්ව හොයන්න ඒ පැත්තට ගියාලු.ඒ අවසරෙන් සකයා කළේ කබඩ් එකෙන් එළියට ඇවිත්, ඩෝම් එකේ ජනේලෙන් එළියට පැනලා, ඩෝම් එකේ පිටිපස්සෙන් ඉස්කෝලෙට දුවපු එක.මොකද මෑන්ස් දන්නවා මේ වෙලාවෙ සර්ට අහුවුණොත් පොරව කෝටුමස් කරලා තමයි නවතින්නෙ කියලා.
අන්තිමට වුණේ සකයව හොයාගන්න බැරිවෙච්ච කොටියා සර්ගෙන් අපේ යාලුවො තවත් හොදට බැනුම් අහපු එක.ඒ වගේම එදා හවස 11 ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් කට්ටියට නියම වුණාලු.ඒ විතරක්නම් මදෑ, ඇයි මීටපස්සෙ පීරියඩ් කට් කරන්නෙ නැතෙයි කියලා දුන්න "දිවුරුම් ප්‍රකාශය".
කොහොම හරි ඉතිං අපේ යාලුවො ටික ආපහු ඉබි ගමනින් ඉස්කෝලෙ පැත්තට ඇදුනෙ ෆුල් හන්ටර් වෙලා.හැබැයි පූරුවෙ පිනකටද කොහෙද, එදායින් පස්සෙනං පුරුපුරු පීරියඩ් කට් කළත් කොටියා සර්ට මාට්ටු වුණේ නෑලු.....
ප.ලි - ඔය ගෑනු ඉස්කෝලවලනං හොස්ටල් ළමයින්ට පීරියඩ් කට් කළත් කිසිම ප්‍රශ්නයක් නෑලු. මේට්‍රන් ඇවිත් හේතුව අහද්දි දෙන්න පුලුවන් හොද උත්තරයක් තියනවනෙ.ටියුබ් ලයිට් නැත්තං ඔයාලටත් හිතාගන්න පුලුවන් උත්තරේ. බයෝ කරපු ඈයින්ටනං නතින්.හික්ස්.......
Saturday, August 28, 2010
දිලූශා සහ හංසිනී 3 - අසන්න පෙර සිතා බලනු
ඔන්න යාලුවනේ අපි ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු දිලූශා සහ හංසිනී සීරීස් එකේ 3 වෙනි කොටසත් ගෙනාවා.මේ සීරීස් එකේ කලින් කොටස් බලලා නැති යාලුවන්ට පහළ ලින්ක් වලින් ගිහින් බලන්න පුලුවන්.
දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දැන් ඉතිං මේ වෙද්දි අපේ මාලුකට්ටා බොහොම සතුටින්ලු හිටියෙ.ඒ වගේම මීට කලින් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නැති නිසා මෑන්ස්ගෙ හිතේ පොඩි චකිතයකුත් තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ වුණාට මාලුකට්ටාට බයවෙන්න දෙයක් තිබුනෙ නෑ.මොකද දැනටමත් වැඩේ ෂුවර් වගේ තමයි.පූසන්ගෙ අදහසට අනුව මාලුකට්ටා යාලුවෙන්න අහපු ගමන් දිලූශා "හා" කියන තත්ත්වයක් තමයි තිබුනෙ.
අපේ පූසා ඉතිං හොස්ටල් එකේ ඉන්න ගමන් ප්ලෑන් කරන්නෙ යාලුවෙන්න අහන හැටි නෙවෙයි.යාලු වුණාට පස්සෙ දිලූශාට කතාකරන්නෙ කොහොමද කියලා.මාලුකට්ටගෙ අයිඩියා එක තිබුනෙ යාලු වුණාට පස්සෙ දිලූශාට "දීශා" කියල කතාකරන්න.හැබැයි පුරුපුරුනං ඔය වැඩේට එච්චර කැමති වුණේ නෑ.බැරිවෙලා හරි ඔය ස්ටයිල් එකටම දිලූශා මාලුකට්ටගෙ නම "මාකට්" කියල වෙනස් කළොත් එහෙම?
කොහොමහරි ඉතිං කාලෙ ගෙවිල ගිහිං සෙනසුරාදා දවසත් උදා වුණාලු.මාලුකට්ටාට උපදෙස් ලැබිලා තිබුනෙ උදේ පාන්දර ඇවිත් ක්ලාස් එකට එන පාරෙ රැකගෙන ඉදලා, දිලූශා ක්ලාස් එනකොට එයාගෙන් අහන්නයි කියලා.මොකද දිලූශයි හංසිනීයි වෙන් වෙන් වශයෙන් දැකගන්න පුලුවන් උදේ ක්ලාස් එද්දි විතරයි.ඒකත් දෙන්නගෙ ගෙවල් පැති දෙකක තිබුන නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්.
ඔය ක්ලාස් එක තිබුනෙ පුරුපුරුලගෙ ගෙවල් ළගමයි.ඉතිං පුරුපුරුත් උදේම ක්ලාස් ඇවිල්ලා මාලුකට්ටා සුභ ආරංචිය ගේනකං බලාගෙන හිටියලු.ඒත් ටිකවෙලාවක් ගතවුණත් මෑන්ස් එන පාටක් පේන්න තිබුනෙ නෑ.ඔය අතරෙ උපාසක, ඤාව්වා, වේයන්ගොඩයා ඇතුලු පන්තියෙ අනිත් ළමයි එක්කොම ආවා.ටික වෙලාවකින් හංසිනීත් පන්ති ආවලු.ඊට පස්සෙ මැඩම් ඇවිත් පන්තියත් පටන් ගත්තලු.දැන් පන්තියෙ නැත්තෙ දිලූශයි, මාලුකට්ටයි විතරයි.
මුන් දෙන්නා ගොඩගිහින් ඇවිදින්නවත් ගියාද?
අපේ පූසො එහොම කල්පනා කර කර ඉන්න අතරෙ තමයි ටික වෙලාවකින් මූණ රතු කරගත්තු දිලූශා පන්තියට ආවෙ.ආපු ගමන් මැඩම්ට එක්ස්කියුස් කරලා වාඩි වුණා වුණාමයි, ගෑනි නෙවෙයි ආපහු ඔලුව උස්සලා වටපිටවත් බැලුවෙ.දැන් පූසන්ට මාර ප්‍රශ්නෙ.කෝ මේ මාලුකට්ටා?
ඔන්න එතකොටම තමයි ප්‍රශ්නෙට විසදුම හම්බවුණේ. මෙන්න බොලේ ඇවිදින මළමිනියක් වගේ මේකා හිමින් හිමින් පන්තිය දිහාවට ඇදෙනවා.මූණත් කලුවෙලා, ඒ මදිවට කොන්ඩෙත් හොදටම අවුල් කරගෙන.අර වතුර හිදිච්ච විලේ හිටපු කොස්වාලිහිණියා වගේ.පොර ඉතිං මැඩම්ට එක්ස්කියුස් කරන්නෙත් නැතුව ඇවිල්ලා පිටිපස්සෙම බංකුවෙ වාඩිවුණාලු.මේ වෙද්දිත් අනිත් පූසන්ට තේරුම් ගිහින් තිබුනෙ කොහෙහරි, මොකක්හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියලා.ඒ මදිවට මාලුකට්ටා කා එක්කවත් කතා කරන්නෙත් නෑ.
ඉතිං ක්ලාස් එක ඉවරවෙලා, පොරව හොදටම සන්සුන් කරලා තමයි උදේ වෙච්ච දේ අහගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණේ.බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි.
මාලුකට්ටා උදේම ඇවිත්, අර කියපු විදිහට මග රැකගෙන ඉදලා තියනවා.ඔන්න ඉතිං ටික වෙලාවකින් දිලූශාත් උදේ පාන්දර පිපිච්ච මලක් වගේ පාරෙ එනවලු.මේක දැකපු මාලුකට්ටා ඉස්සරහට ගිහින් දිලූශාත් එක්ක කතා කෙරුවලු.
මාලුකට්ටා :- ගුඩ් මෝර්නිං දිලූශා
දිලූශා :- ගුඩ් මෝර්නිං මාලු, ඇයි අද ක්ලාස් එකට යන්නෙ නැද්ද මගට වෙලා ඉන්නෙ?
මාලුකට්ටා :- යනවා යනවා, ඒත් මම මේ ඔයා එනකං මගට වෙලා හිටියෙ...
දිලූශා :- මම එනකං? හික්ස්...ඒ මොකටද?
මාලුකට්ටා :- දිලූ, මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.
දිලූශා :- (මාලුකට්ටා මෙච්චරකල් කිසිම වැදගත් දෙයක් කතා කරල නැති හින්දා වික්ෂිප්ත වී)
ඒ මොකද්ද?
මාලුකට්ටා :- මම ඔයාට ගොඩක් කැමතියි...මට ඔයාව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න ඕනෙ...
ඉතිං මේක ඇහුනා විතරයි, හොදට හිටපු දිලූශා එකපාරටම වෙනස් වුණාලු
දිලූශා :- මාලුකට්ටා, මම කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතුවෙ නෑ.ඔයා මං ගැන එහෙම හිතයි කියලා අපි හිතුවෙත් නෑ.ඔයා මගෙ යාලුවෙක් විතරයි.එතනිං එහාට අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ.මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ...
දිලූශා මෙහෙම පටන් අරං විනාඩි දහයක් විතර මාලුකට්ටාට ෆුල් ලෙක්චර් එකක් දුන්නලු.මෑන්ස් නිකං කරකවලා අතඇරියා වගේ.ඉතිං ඔය අප්සට් එකෙන් තමයි පොර වැනි වැනී ක්ලාස් එකට ඇවිත් තියෙන්නෙ.දැන් අනිත් පූසන්ටත් හිතාගන්න බැහැ මාලුත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු දිලූශා ඇයි මේ විදිහට මෑන්ස්ට කතා කළේ කියලා.ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බවුණේ ඊට පස්සෙ සතියෙලු.
ඊට පස්සෙ සතියෙ ක්ලාස් ඉවරවෙලා යනකොට තමයි අපේ පූසො සෙට් එක විශේෂ දර්ශනයක් දැක්කෙ.ඒ තමයි ක්ලාස් ඉවරවෙලා තනියම ගෙදර යන දිලූශා.වෙනදටනං දිලූශයි හංසිනීයි එකටම තමයි මග දුරක් යනකං යන්නෙ.ඉතිං මේකනං හොයලා බලන්නම වටින නිව්ස් එකක්.ඒක හින්දා අපේ රහස් පරීක්ෂකයො දෙන්නා මේ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්තුවලු.බැලින්නං හංසිනී තවම ක්ලාස් එක ළගලු.
මාලුකට්ටා තීරණය කළාලු හංසිනීව මුණගැහිලා දිලූශාගෙ හදිසි වෙනසටයි, මෑන්ස්ට "බෑ" කිව්ව එකටයි හේතු අහගන්න.ඉතිං අපේ පූසො ආපහු හැරිලා ක්ලාස් එක ළගට ගියාලු.මෙන්න බොලේ හංසිනී ඉන්නවා මූණත් දෙක කරගෙන.ඉතිං අනිත් පූසො පැත්තක ඉදිද්දි මාලුකට්ටා තනියම හංසිනී එක්ක කතා කරන්න ගියාලු.හැබැයි ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවෙ, කලින් සතියෙ ආවටත් වඩා කොස්වාලිහිණි පාට් එකක් දාගෙන.
විනාඩි ගානක් ගිහින් මෑන්ස්ව යථා තත්ත්වෙට ගත්තට පස්සෙ තමයි කට්ටියට සීන් එකේ අග මුල තේරුම් ගියෙ.මාලු හංසිනී එක්ක කතා කරද්දි වෙලා තියන්න මෙහෙමෙ සිද්දියක්
මාලුකට්ටා :-ඇයි හංසිනී, අද මොකද දිලූශා තනියම ගෙදර යන්නෙ?
හංසිනී :- මම දන්නෙ නෑ
මාලුකට්ටා :- එයා මාත් එක්ක තරහද?
හංසිනී :- (ඕනෑවට එපාවට) මම දන්නෙ කොහොමද?
මාලුකට්ටා :- (වැලපෙමින්) ඇයි දෙයියනේ එයා මාත් එක්ක යාලුවෙන්න බැහැයි කිව්වෙ?
හංසිනී :- අපි දෙන්නා හිතුවෙ ඔයා මගෙන් යාලුවෙන්න අහයි කියලා...
මේ කතාව ඇහුවා විතරයි මාලුකට්ටා එතනම ඌර්ධවපාතනය වෙලා ගියාලු.දැන් ඉතිං මොනවා කරන්නද? කලිසමක් ඇදගෙන ගිහිං ආපහු හංසිනීගෙන් යාලුවෙන්න අහන්න පුලුවන්යැ! දැන් පොරගෙ දුක ඩබල් වෙලා.මොකද දැන් මෑන්ස්ට කෙල්ලො දෙන්නම නැහැනෙ.ඒපාර තමයි මාලුකට්ටා අර කොස්වාලිහිණි පාට් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ.
කොහොම හරි අන්තිමට වුණේ සති ගානක් යනකං ඤාව්වගෙ අහිංසක මෑණියන්ට කිඹුහුම් ගිය එක විතරවි.මොකද ඤාව්වනෙ කිව්වෙ දිලූශා වැඩිය සුදු නිසා එයාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා.
ඒ වගේම ඊට පස්සෙ මාලුකට්ටත් ආපහු දිලූශායි හංසිනීයි එක්ක වැඩි ආස්සරේට ගියෙ නෑ.....
***********************************************************************************
ප.ලි - අපි මේ සීරීස් එක කොටස් හතරකට ලියන්න හිටියට, පස්සෙ තීරණය වුණේ හතරවෙනි කතාව වෙනම කතාවක් විදිහට ලියන්න.ඔන්න ඉතිං කොහොම හරි මැච් එක පටන් ගන්න කලින් කතාව ලිව්වා.හික්ස්...පූසො කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නෑ නොවැ!
දැන් දිලූශානං මොනවා කරනවද දන්නෙ නෑ. හංසිනීනං ඉන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකේ...
දිලූශා සහ හංසිනී 2 - ශ්‍රීමත් අගුලු භවාන්
අම්මෝ! කට්ටියට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලාද මන්දා? හොදයි හොදයි, එහෙනං යාලුවනේ අපි මෙගා නාට්‍ය ස්ටයිල් එකට නැතුව ඉතුරු කතා දාන්නං! ඊට කලින් දිලූශා සහ හංසිනී 1 කොටස බලපු නැති යාලුවො ගිහින් බලලා එන්නකො.
අපි කතාව නැවැත්තුවෙ දිලූශා ටීන්බුක් එක ආපහු මාලුකට්ටාට දුන්න තැනින්නෙ.දැන් ඉතිං පූසො කට්ටියට මාර කුතුහලේ මේ දෙන්නා මොනවද ලියල තියෙන්නෙ කියලා.ඉතිං කට්ටිය වහාම පොත දිගඇරලා බැලුවලු.බැලින්නං කිසිම අප්සට් එකක් නෑ.මුතුවන් අකුරු වලින් ලස්සනට ලියලා තිබුනලු.ප්‍රශ්න ඔක්කොටම නියමෙට උත්තර දීලා.දැන්නං ඉතිං මාලුකට්ටගෙ මූණත් මුතුඇටයක් වගේ බබලනවලු.වැඩේ ගොඩ වගේ තමයි.ඉතිං එදා ඉදලා දිලූශයි සහ හංසිනීයි පූසො එක්ක, විශේෂයෙන් මාලුකට්ටා එක්ක ගොඩක් ෆිට් වුණාලු.ඒ කියන්නෙ පළවෙනි මිෂන් එක සාර්ථකයි.
මාලුකට්ටගෙ ලක්ෂණයක් තමයි කෙල්ලෙක් එක්ක ෆිට් වුණාට පස්සෙ මේ ලෝකෙ සිහියක් නෑ.වෙන මොනවත් මතකත් නෑ.මෑන්ස්ව අල්ලන්න වෙන්නෙ දැල් දාලා තමයි.ඉතිං මෙතනදිත් වුණේ ඒකයි.දැන් මාලුකට්ටා ක්ලාස් යන්නෙ දිලූශයි සහ හංසිනීයි එක්ක.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්නෙත් දිලූශයි සහ හංසිනීයි එක්කලු.ඉතිං අනිත් පූසො හිතුවෙ ඒ වෙනකොට මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගෙන ඇති කියලා.ඒත් වෙලා තිබුනෙ වෙන දෙයක්.
මාලුකට්ටා හිතාගෙන හිටියෙ ගෑනු ළමයි දෙන්නත් එක්කම ෆිට් වෙලා, වැඩියෙන් ෆිට් වුණ එක්කෙනාව යාලු කරගන්නනෙ.මේ වෙද්දි දිලූශයි සහ හංසිනීයි දෙන්නම මෑන්ස් එක්ක අම්බානට ෆිට් වෙලා.කොටින්ම දැන් මේ දෙන්නට මාලුකට්ටා නැතුව දවසක්වත් ඉන්න බැහැයිලු.හැබැයි වැඩේ කියන්නෙ දෙන්නම මෑන්ස් එක්ක එකම ගානට ෆිට්.දෙන්නගෙන් කවුරුත් අනික් එක්කෙනාට වැඩි යාලුකමක් මාලුකට්ටා එක්ක නෑ.ඉතිං අපේ පූසා වැටිලා හිටියෙ ලෝක අමාරුවක.දැන් කාවද යාලුවෙන්න තෝරගන්නෙ?
මේ වෙලාවෙ අපේ පුසො සෙට් එක තීරණය කළේ මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගන්න ඕනෙ කියලා.මොකද දෙන්නගෙන් කවුරුහරි මාලුකට්ටත් එක්ක වැඩියෙන් යාලු වෙනකං හිටියනං මෑන්ස්ට කවදාවත් ඔය වැඩේ කරගන්න වෙන්නෙ නෑ.ඉතිං දැන් ප්‍රශ්නෙ තමයි වැඩිපුර සුදුසු කෙනා කවුද කියලා තීරණය කරන එක.මේ තීරණය ගන්නනං දෙන්නා ගැනම විස්තර හොදට හොයන්න ඕනෙ කියලා අපේ පූසො තීරණය කළාලු.
ඉතිං කට්ටියගෙ ඒකමතික අදහස වුණේ ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙ කියලා.මොකද ඔය දවස්වල ශ්‍රීමත් අගුලු භවාන් මහත්තයගෙ රහස් පරීක්ෂක කතා කියවන්න ලොකු උන්මාදයක් කට්ටිය අතරෙ තිබුනනෙ.ඉතිං ඩිටෙක්ටිව් ගේම් වලට කවුරුත් කැමතියි.

මේ ගේම් එකේදි අගුලු භවාන් විදිහට ක්‍රියා කළේ පුරුපුරු.මෑන්ස්ගෙ සහායක දොස්තර කුමනපුත්‍ර විදිහට ක්‍රියාකළේ අපේ උපාසක.ඉතිං අපේ ඩිටෙක්ටිව් ජෝඩුව ෆුල්ටයිම් වැඩේට බැස්සලු.මේ ගේම් එකට වේයන්ගොඩයගෙනුත් ලැබුනෙ ලොකු හෙල්ප් එකක්.ඇයි දිලූශයි සහ හංසිනීයි ගියෙත් මෑන්ස් ගිය ඉස්කෝලෙටම නොවැ!
මුලින්ම අපේ රහස් පරීක්ෂකයො හෙව්වෙ දෙන්නගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කොහොමද කියලා.බලනකොට දෙන්නගෙම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වගේ.ඉතිං ඒ වැඩේ අත්ඇරලා දාන්න අපේ පූසන්ට සිද්ද වුනාලු.ඔය විදිහට දවස් ගානක් මහන්සි වුණත් පරීක්ෂණ කටයුතු වල කිසිම ප්‍රෝග්‍රස් එකක් පෙන්නුම් කළේ නෑ.මොකද හැම අතින්ම දෙන්නා එක සමානයි.
දෙන්නටම හිටියෙ අයියලා එක්කෙනා ගානෙ.( ඉන්න අයියලා ගාන අඩුවීම පොසිටිව් ලක්ෂණයක්.මොකද කන්නවෙන ගුටි ප්‍රමාණය අඩු වෙනවා නොවැ! ) ඒ වගේම දෙන්නගෙම අධ්‍යාපන හැකියාවත් එක වගේ.මාරුවෙන් මාරුවට පන්තියේ පළවෙනියයි දෙවෙනියයි මේ දෙන්නලු.ගතිගුණ අතින් බැලුවමත් දිලූශයි සහ හංසිනීයි එක වගේ.දෙන්නම ඉස්කෝලෙ ප්‍රසිද්ද වෙලා හිටියෙ ටිකක් ආඩම්බරකාරියො විදිහට.දෙන්නගෙම කොන්ඩෙත් දිගයි.දෙන්නම ඇන්දෙත් ගවුම්, සායවල් විතරයි. කලිසම් ඇන්දෙ නෑ.
දැන් ඉතිං ශ්‍රීමත් අගුලු භවානුයි, දොස්තර කුමනපුත්‍රයි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ.ඒ වයසෙදි ඉතිං ගෑනු ළමයින්ගෙ වත් පොහොසත්කම්, දෑවැදි වගේ දේවල් හොයන්නෙ නෑ නොවැ!ඔය උඩින් කිව්ව ලක්ෂණ ගැන තමයි හොයන්නෙ. මොනවා කරන්නද ඉතිං? අපේ ඩිටෙක්ටිව් පූසො දෙන්නා තීරණය කළාලු මිෂන් එක අතඇරලා දාන්න.
දැන් ඉතිං මාලුකට්ටා විතරක් නෙවෙයි හැමෝම මේ ප්‍රශ්නෙ හින්දා අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.ඔය අතරෙ තමයි ඤාව්වා අපූරු යෝජනාවක් ගෙනාවෙ.අපි කලින් ලිපියෙ කිව්ව වගේ දිලූශාගෙයි හංසිනීගෙයි තිබුන එකම වෙනස ඒ දෙන්නගෙ පාටනෙ.ඒ කිව්වෙ දිලූශා හංසිනීට වඩා සුදුයි.(හැබැයි දෙන්නම එක වගේ ලස්සනයි) ඉතිං ඤාව්වගෙ අයිඩියා එක වුණේ දිලූශා සුදු හින්දා මාලුකට්ටා යාලුවෙන්න ඕනෙ එයත් එක්කයි කියලා.බැලූ බැල්මට මෝඩ අයිඩියා එකක් වගේ පෙනුනට, දවස් ගානක් කල්පනා කරලා එපා වෙලා හිටපු මාලුකට්ටා මේ අදහසට එකපයින්ම කැමති වුණාලු.
ඉතිං අන්තිම තීරණය වුණේ ඊළග සතියෙ ලිට් ක්ලාස් එකේදි මාලුකට්ටා දිලූශාගෙන් යාලුවෙන්න අහන්න ඕනෙයි කියලා.දැන් ඉතිං ප්‍රශ්නෙ ඉවරයි.මොකද මේ වෙද්දි ගෑනු ළමයි දෙන්නම හිටියෙ මාලුකට්ටා කියන ඕනම දෙයක් පටස් ගාලා කරන මට්ටමේ.ශ්‍රීමත් අගුලු භවාන් පුරුපුරු, දොස්තර කුමනපුත්‍ර උපාසක සහ ඤාව්වා ඒ සතියෙදි කළේ, ඊට පස්සෙ සතියෙ ලැබෙන්න නියමිත පාටියට සූදානම් වෙන එකලු.
************************************************************************************
දැන් ඉතිං කට්ටිය බනින්න එපා පූසො කියන්නෙ වර්ණභේදවාදියො කියලා. නෙල්සන් මැන්ඩෙලා ලොක්කා නැත්තං පූසන්ව හොයාගෙන ලංකාවට එයි.
ඔන්න අද කතාව, කලින් කතාව තරම් කුතුහලයකින් ඉවර වෙන්නෙ නෑ නේද? කොහොමත් ඊළග කතාවට වෙනම පෝස්ට් එකක් ඕන කරනවා.ඒ වගේම මේ සීරීස් එකත් කොටස් හතරක එකතුවක්.එහෙනං මාලුකට්ටා දිලූශාගෙන් අහපු හැටි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!
ඊළග කොටස හෙට උදේ පාන්දරම දානවා
Labels:
උපාසක,
ඤාව්වා,
දිලූශා,
පුරු පුරු,
මාළු කට්ටා,
වේයන්ගොඩයා,
හංසිනී
දිලූශා සහ හංසිනී - ටීන් බුක් එක
ඔන්න යාලුවනේ අද ඉඳලා අපි කියන්න යන්නෙ අපේ මාලුකට්ටා ප්‍රධාන චරිතය රඟපාන රසවත් සීරීස් එකක් ගැන.ඉතින් ඉස්සෙල්ලාම අපි කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක අහලා ඉමුකො නේද? මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි දිලූශා සහ හංසිනී කියන්නෙ.මේ දෙන්නා හොඳම යාලුවොලු.ඒ වගේම දෙන්නම ඉස්කොලෙ ගියෙ අපේ වේයන්ගොඩයා ගිය වේයන්ගොඩ ඉස්කෝලෙට.(මේ ඉස්කෝලෙ මිශ්‍ර පාසලක්) ඉතින් දිලූශයි හංසිනියි මොනවා කලත්, කොහෙ ගියත්, ඒ හැමදෙම කලේ එකටමලු.කොටින්ම මේ දෙන්නා තනි තනියෙන් දැක බලාගන්න එක හරිම අමාරු වැඩක්.
දිලූශා කියන්නෙ ගොඩක් සුදු ගෑනු ළමයෙක්.හංසිනී කියන්නෙ ටිකක් තළෙලු ගෑනු ළමයෙක්.ඒත් මේ දෙන්නම එක වගේ ලස්සනයිලු.දැන් ඉතින් අපේ යාලුවො බලනවා ඇති පූසන්ගෙයි මේ ගෑණු ළමයින්ගෙයි තියෙන කනෙක්ෂන් එක මොකද්ද කියලා.ඕක ඇතිවුනේ මෙහෙමයි.
අපේ යාලුවන්ට මතක ඇතිනෙ අර පූසො බියර් බීපු ඉන්ග්ලිශ් ලිට් ක්ලාස් එක.අපි කිව්වනෙ ඔය ක්ලාස් එකෙ ලස්සන ලස්සන ගෑනු ළමයි විස්සක් විතර හිටියයි කියලා.ඒ අතරෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙන්නෙක් තමයි මේ දිලූශයි හංසිනියි.ඉතින් අපේ මාලුකට්ටගෙ මීටරේට මේ දෙන්නව අහු වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.
දැන් මාලුකට්ටට ප්‍රශ්න ගොඩයි.එක ප්‍රශ්නයක් තමයි මේ දෙන්නත් එක්ක කතා කරන එක.අනිත් ප්‍රශ්නෙ තමයි මේ දෙන්නගෙන් කෙනෙක්ව යාලු කරගන්න එක.හැබැයි මේ ඔක්කොටම වඩා මෑන්ස්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි, යාලුවෙන්න මේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක.මොකද දවස් ගානක් කල්පනා කළත් අපේ යාලුවට තීරණය කරන්න බැරිවුණාලු කාවද යාලුකරගන්න වැඩිය සුදුසු කියලා.
මාලුකට්ටගෙ හිතේනං දෙන්නම යාලු කරගන්නත් පොඩි කැමැත්තක් තිබුනා.ඒත් ඉතිං එහෙම කරන්න බෑ නොවැ! දැන් ඉතිං මේක මෑන්ස්ට බොන්න ඕනෙ මට්ටමේ ප්‍රශ්නයක්ලු.කොච්චර කල්පනා කළත් හැම ලක්ෂණයකින්ම මේ ගෑනු ළමයි දෙන්නා සමානයි.එකම වෙනස හමේ පාට විතරයි.ඉතිං ඔහොම දවස් ගානක් කල්පනා කරපු මාලුකට්ටා අන්තිමට තීරණය කළාලු එක ගෑනු ළමයෙක් තෝරගන්න අදහස අත්ඇරලා දෙන්නත් එක්කම ෆිට් වෙන්න. එතකොට ඉතිං ඊටපස්සෙ දෙන්නගෙන් මෑන්ස්ට කැමති ගෑනු ළමයෙක් එක්ක යාලුවෙන්න බැරියැ!
ඉතිං ඔහොම ටික ටික කාලෙ යනකොට පන්තියෙදි දැක්කම යන්තම් හිනාවෙන්න, මගදි දැක්කම වචනයක් දෙකක් කතාකරන්න, වගේ මට්ටමට මේ දෙන්නත් එක්ක ෆිට් වෙන්න මාලුකට්ටට පුලුවන් වුණාලු.ඒත් දැන් මෑන්ස් ඇතුලු අපේ පූසො සෙට් එකගෙ හිතට ඔය මට්ටම හොදටම මදි. මේ වේගෙන් ගියොත්නං ඉතිං අවුරුදු හැටක් හැත්තෑවක් ගිහිං තමයි ගෑනු ළමයින්ගෙන් යාලු වෙන්න අහන්න වෙන්නෙ.ඉතිං කට්ටිය ප්ලෑන් කරලා තීරණය කළාලු වහාම දිලූශයි හංසිනියි එක්ක මාලුකට්ටාව ෆිට් කරවන්න ඕනෙ කියලා.
අපේ යාලුවන්ට මතක ඇතිනෙ ඔය කාලෙ හැම "ටීන්" කෙනෙක්ටම තියනවනෙ "ටීන් බුක්" කියලා පොතක්.ඒ කියන්නෙ ඔය සමරු පොත කියන සංකල්පෙම ටිකක් දුර දිග ගිය අවස්ථාවක්.ඔය පොතේ මුලින්ම ප්‍රශ්න 50ක් විතර අහලා තියෙනවා.ඉතිං ඕක කාටහරි යාලුවෙකුට දුන්නම එයා ඒ හැම ප්‍රශ්නෙටම උත්තර දීලා, ඊට පස්සෙ තව මොකක් හරි විශේෂ සමරු සටහනකුත් ලියලා ආපහු බාරදෙන්න ඕනෙ.හැබැයි දැන්නං ඕවා තියනවද දන්නෙත් නෑ.ෆේස්බුක් තියෙන රටේ ටීන්බුක් අහවල් කාරියකටයැ නේද?
ඉතිං හැමෝටම ටීන්බුක් එක ගානෙ තිබුන ඒ කාලෙ පුරුපුරුයි, මාලුකට්ටයි එකතු වෙලා දෙන්නටම එක පොතක් හැදුවලු.ඔය වැඩේට දෙන්නම සෑහෙන්න මහන්සි වුණා.හොස්ටල් එකේ ස්ටඩි, ලේට් ස්ටඩි ටයිම් වල ඒ දවස්වල කළේ ඔය ටීන්බුක් එක ඩෙකරේට් කරන වැඩේ තමයි.ඉතිං මුල් පිටුවට ලස්සන පිටකවරයක් එහෙම දාලා, ඒ දවස්වල සංගීත ලෝකෙ වීරයා වෙච්ච එමිනම් ලොක්කගෙ සීඩී එකකුත් පිටකවරෙ අලවලා එහෙම තමයි අපේ යාලුවො දෙන්නගෙ ටීන්බුක් එක තිබුනෙ.
දැන් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක තමයි මේ ටීන් බුක් එක දිලූශටයි හංසිනීටයි දීල සටහන් අරගන්න එක. ඇත්තටම මේ දෙන්නට ටීන්බුක් එක දෙන එක එච්චර තේරුමක් නැති වැඩක් වුණත්, ඒ මාර්ගෙන් හරි දෙන්නත් එක්ක ෆිට් වෙන්න තමයි අපේ යාලුවන්ට ඕනෙ වුණේ.අනිත් එක තවමත් ඔය ටීන්බුක් එකේ සමකාලීන කොල්ලො වැඩිය මොකුත් ලියලා තිබුනෙ නෑ.ඉතිං ඒක තවමත් ගෑනු ළමයෙක්ට දෙන්න පුලුවන් මට්ටමේ තිබුනා.දන්නවනෙ ඉතිං ඔයවගේ දෙයක් කොල්ලන්ට දුන්නම මොනවගේ දේවල්ද ලියන්නෙ කියලා.ඔය උඩ ෆොටෝ එකේ තියෙන්නෙ ඒ වගේ ලිව්ව එකක් තමයි.
ඉතිං එක සෙනසුරාදා උදේ වරුවක ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ යාලුවො කට්ටිය උදේ පාන්දරම ක්ලාස් එකට ආවලු.මොකද දිලූශයි හංසිනියි උදේ පාන්දරම තමයි ක්ලාස් එන්නෙ.ඉතිං පූසො ක්ලාස් ඇවිත් විනාඩි පහක්වත් යන්න හම්බවුණේ නෑ මෙන්න බොලේ මේ ගැනු ළමයි දෙන්නත් ක්ලාස් එකට ආවලු.දැන් ඉතිං මාලුකට්ටාගෙ චාන්ස් එක.පන්තියෙ වෙන කවුරුත් ඇත්තෙත් නෑ.මෑන්ස් වහාම බෑග් එක ඇතුලෙන් ටීන්බුක් එක එළියට ගත්තලු.
මාලුකට්ටා :- දිලූශා, හංසිනී, ගුඩ් මෝර්නිං...
දිලූශා සහ හංසිනී :- ගුඩ් මෝර්නිං මාලුකට්ටා
මාලුකට්ටා :- ම්.....මේ තියෙන්නෙ අපේ ටීන්බුක් එක. මේකෙ ඔය දෙන්නත් ලියල දෙනවද?
ඉතිං මාලුකට්ටා මෙහෙම කිව්වට පස්සෙ දිලූශයි හංසිනියි ටිකක් පුදුමෙන් වගේ බලලා, ඊට පස්සෙ ටීන්බුක් එක අතට ගත්තලු.දැන් ඉතිං අපේ මාලුකට්ටට රටක් රාජ්ජයක් පහළ වුණා වගේ! පොරට මාර හැපී.හැබැයි ඔය සතුට අබ්ලික් වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද කෙල්ලො දෙන්නා පූසන්ගෙ ටීන්බුක් එක පෙරළ පෙරළා බයිට් එකට හිනාවෙනවා.ඒ දෙන්නා කිව්ව ඒවා ඤාව්වටත් අතරින් පතර ඇහිලා තිබුනා.
Teen Book of Purupuru & Malukatta
Kurunduwaththta college Rox!
East or West Kurunduwaththta is the Best!
වගේ දේවල් තමයි ටීන්බුක් එකේ ලියලා තිබුනෙ.ඇයි ඉතිං ඔය වයසෙදි තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් කොල්ලො කොච්චරනං ගහ මරා ගන්නවද? හැමෝම හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ඉස්කෝලෙ තමයි සිරාම ඉස්කෝලෙ, අනිත් ඔක්කොම පීචං ඉස්කෝල කියලා නොවැ! (දැන්නං මරාගන්නෙ ෆේස්බුක් හරහානෙ! බලාගෙන ගියාම ඒ වැඩෙත් හොදයි.කාටවත් ෆිසිකල් හානියක් වෙන්නෑනෙ)
ඉතිං ඔය ලියලා තිබුන ඒවා බයිට් කර කර, හිනා වෙවී, එක එක ඒවා කියනවා තමයි ඤාව්වට ඇහිලා තිබුනෙ.ඉතිං පුරුපුරුට හරිම හිතට අමාරුයි.මදෑ මාලුකට්ටගෙ ආදරේ ගොඩයන්න ටීන්බුක් එක දීලා කරගත්ත වැඩේ!
මොනව වුණත් දිලූශයි හංසිනියි ටීන්බුක් එක ගෙදර අරන් ගියාලු.ඉතිං ඒක පොසිටිව් ලක්ෂණයක් විදිහට තමයි අපේ යාලුවන්ට පෙනුනෙ.මොකද පොත ආපහු බාරදුන්නෙ නෑ නොවැ! ඉතිං දැන් පූසො ලබන සතිය උදා වෙනකං නොඉවසිල්ලෙන් ඉන්නෙ.දිලූශයි හංසිනියි ටීන් බුක් එකේ මොනවා ලියලද දන්නෙ නෑනෙ.මාලුකට්ටත් ඒ සතියම හොස්ටල් එකට වෙලා මනෝ ගහගහ තමයි හිටියෙ.ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහිං ඊළග පන්ති දවසත් උදාවුණාලු.
එදත් පූසො පන්ති ගියෙ උදේ පාන්දරම.සුපුරුදු විදිහට ගෑනු ළමයි දෙන්නත් කුකුළා අතින් අරගෙන පන්තියට ආවලු.ඒත් වෙනදා වැඩිය කතාබහ කරන්නෙ නැති දෙන්නා එදා පන්තියට ආවෙම මාලුකට්ටට ගුඩ් මෝර්නිං පාරක් දාගෙන.ඉතිං වැඩේ ජෝන්බාස්ට ගිහිං නැති බව අපේ පූසො සෙට් එකට තේරුණාලු.කට්ටියටම බොහොම සතුටුයි.
බෑග් එක ඇරිය දිලූශා තමන් ළග තිබුන ටීන්බුක් එක මාලුකට්ටාට ආපහු දුන්නෙ ඔය වෙලාවෙ.ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමුකො නේද යාලුවනේ!
Wednesday, August 25, 2010
BLOG ගඩොල්ගෙන් නොදැවී අර්ධ ශතකයක්
ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න අදනම් අපි කියන්න යන්නෙ වෙනදා වගේ හිනායන කතාවක් නෙවෙයි.මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නෙ නේද?ඔව්...මේ තමයි BLOG ගඩොල් බ්ලොග් එකේ 50 වෙනි ලිපිය.ඉතිං මේ ලිපිය විශේෂ ලිපියක් විදිහට ලියන්න අපි තීරණය කළා.මුලින්ම කියන්න ඕනෙ අද ලිපිය ලියන්නෙ පුරුපුරු.
මම මුලින්ම සිංහල බ්ලොග් එකක් දැක්කෙ අහම්බෙන්.ඒ ෆේස්බුක් එකේ අයාලෙ යමින් ඉද්දි මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ.ඒ බ්ලොග් අඩවියෙ නම තමයි "Y පරම්පරාවේ කතා".මුලින්ම කියවන්න ලැබුනෙ අපේ ඒකොන් ලොක්කා ගැන ලියලා තිබුන ලිපියක්.දැන්නං ඒ බ්ලොග් එක ඇක්ටිව් නැහැ මම හිතන්නෙ.ඉතිං ඕක කියව කියව ඉන්නකොට තමයි දාල තිබුන ලින්ක් එකක් දිගේ ටැබූ සබ්ජෙක්ට් අඩවියට මාව ඉබේම යැවුනෙ.
ඔය සිද්දිය මගෙ බ්ලොග් ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වුණා.මම කළේ දවස් දෙක තුනක් අරගෙන මුලු ටැබූ බ්ලොග් එකම එකදිගට කියවගෙන ගිය එක.ඒක මට හරිම රසවත් අත්දැකීමක් වුණා.ඉතිං අපිව සිංහල බ්ලොග්කරණයට වක්‍ර ආකාරයෙන් යොමුකිරීම ගැන ටැබූට මම ස්තුතිවන්ත වෙනවා.
හැබැයි මේ කාලෙ වෙද්දි මම බ්ලොග් අවකාශයක් ගැනවත්, සින්ඩිකේටර් ගැනවත් මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ.ටික දවසක් යද්දි තමයි දැනගත්තෙ සිංහල බ්ලොග්අවකාශයක් කියල දෙයක් තියෙනවා, සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය කියල දෙයක් තියෙනවා, සින්ඩිකේටර් කියල ජාතියක් තියෙනවා කියලා.මුලින්ම යැවුනෙ සිංහල බ්ලොග් කියවනයට සහ ලාංකිය සිතුවිලි බ්ලොග් කියවනයට.එහෙම ගියාම මට ගොඩක් පුදුම හිතුනා මෙහෙම දෙයක් අපි නොදැන මෙච්චරකල් කොහොමද තිබුනෙ කියලා.
මොකද මේ වෙද්දි මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන ගොඩක් කල්.ඉතිං තවමත් මට හිතෙන දෙයක් තමයි සිංහල බ්ලොග්අවකාශයට මීට වඩා පබ්ලිසිටි එකක් ඕනෙ කියලා.තවමත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග් ගැන එච්චරම දන්නෙ නෑ.
කොහොමහරි සිංහල බ්ලොග්අවකාශය හිතට අල්ලලා යන්න මට එච්චර කල් ගියෙ නෑ.මොකද මේකෙ තියෙන්නෙ ලියන මිනිස්සුන්ගෙ අවංක අදහස්.ඒ වගේම ලියන අදහස මොකක් වුනත් බහුතරයක් දෙනා ගොංපාට් නැතුව බොහොම තර්කානුකුලව ඒ දේ ලියනවා.සමහරවිට සිංහල බ්ලොග්අවකාශයෙ ඉන්න ගොඩක් දෙනා හොද අධ්‍යාපන මට්ටමක් ඇතුව ඉන්න අය නිසා වෙන්න ඇති.කොටින්ම ලංකාවෙ අනිත් විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය එක්ක බලනකොට, සිංහල බ්ලොග්අවකාශයෙ ඉන්න හැමෝම වගේ ඊට වඩා ඉස්සරහින් ඉන්නවා.
ඔහොම ඉන්නකොට තමයි මටත් හිතුනෙ බ්ලොග් එකක් පටන්ගත්තොත් හොදයි කියලා.ඉතිං මමත් පටන්ගත්තා විද්‍යාත්මක කරුණු සම්බන්ධ බ්ලොග් එකක්.ඒ පෙබරවාරි මාසෙ.ඒ වුණාට ඒ වැඩේ එච්චර සතුටුදායක විදිහට නැගලා ගියෙ නෑ.අපේ හා පැටික්කි විතරයි ඕක කියවන්න ආවෙ.ඉතිං මහන්සිවෙලා ලියලා කට්ටිය කියවන්නෙ නැත්තං ඒ බ්ලොග් ලිවිල්ලෙන් වැඩක් නෑ නොවැ!ඉතිං මම තීරණය කළා කට්ටිය ගොඩදෙනෙක් කියවන බ්ලොග් එකක් පටන් ගන්න.
ආ...තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.හා පැටික්කි තමයි මට සිංහල බ්ලොග්අවකාශෙ මුල්ම පාඩම කියලා දුන්නෙ.ඒ තමයි බ්ලොග් එකක් ලියද්දි ලිපි වලට සිත්ඇදගන්නාසුලු මාතෘකාවක් දාන්න කියලා.ඒ උපදෙස මම එදා ඉදන් දිගටම පිළිපැද්දා.ඉතිං හා පැටික්කිටත් ගොඩක් ස්තුතියි.
ඔය දවස්වල මම කතන්දරගෙ බ්ලොග් එක කියව කියවා හිටියෙ.ඉතිං මටත් හිතුනා කසූ වගේම තමන්ගෙ ජීවන අත්දැකිම් පළකරන බ්ලොග් එකක් ලියන්න.ඉතිං අපේ බ්ලොග්කරණයට දායක වුණ කතන්දර සූරීන්ටත් ස්තුති කරන්න මේ වෙලාව යොදාගන්න කැමතියි.
මම පොඩි කාලෙ ඉදලම පිස්සු වැඩ කළේ අපේ පූසො සෙට් එකත් එක්කමයි.ඉතිං මම ගිහින් ඒ අයට මගෙ අයිඩියා එක කිව්වා.උන් සෙට් එකත් වැඩේට එක පයින්ම කැමති වුනා.මොකද අපි දැනගෙන හිටියා මේ බ්ලොග් එකට ගොඩදෙනෙක් කැමති වෙයි කියලා.ඊට පස්සෙ තිබුනෙ බ්ලොග් එකට නමක් යෝජනා කරන්න.ටික වෙලාවක් කල්පනා කර කර ඉදිද්දි උපාසක තමයි "BLOG ගඩොල්" කියන නම යෝජනා කළේ.ඉතිං පහුවදාම අපි එකතුවෙලා වැඩේ පටන්ගත්තා.
දැන් මාස හතරක් ගිහිල්ලා.මේ වෙද්දි ගොඩක් ලිපි ලිව්වෙ මම.ඒත් උපාසකත් සැලකිය යුතු ලිපි ගණනක් ලියල තියනවා.ඤාව්වත් දෙකතුනක් ලියලා තියනවා.අපි මුලින්ම හිතුවෙ අපි ලියන එව්වා අනුව මේ බ්ලොග් එක කාන්තා පාර්ශ්වයෙ අය පිළිගන්න එකක් නෑ කියලා.ඒත් කියන්න සතුටුයි, පහුගිය කාලෙ ඇතුලත ගෑනු පිරිමි භේදයක් නැතුව ගොඩක් යාලුවො අපි එක්ක එකතු වුණා.තමන්ගෙ අදහස් පළකළා.
ඇත්තටම කොමෙන්ට් බලාගෙනම බ්ලොග් නොලිව්වත්, ලැබෙන කොමෙන්ට් වලින් තමයි ඉස්සරහට ලිපි ලියන්න ඕනෙ කරන ධෛර්යය අපිට ලැබෙන්නෙ.මොකද මේ බ්ලොග් කෙරුවාව නිසා අපේ කාලය, මහන්සිය අපතෙ ගියාට, ඉන්ටර්නෙට් බිල් සහ කරන්ට් බිල් වැඩිවුණාට, ආත්ම තාප්තිය ඇරෙන්න වෙන කිසිම දෙයක් අපිට ලැබෙන්නෙ නෑ.ඉතිං හැමදාම ඇවිත් අපේ ලිපි බලලා තමන්ගෙ අදහස් දක්වලා යන අපේ යාලුවන්ටත් මේ වෙලාවෙ පූස් උත්තමාචාරය පිරිනමනවා.
ඒ වගේම අපේ බ්ලොග් එකේ ලිපි කියෙව්වත් තමන්ගෙ අදහස් දක්වන්න සමහර යාලුවන්ට වෙලාවක් නැහැ.අපිට ඒ යාලුවන්ගෙ කාර්යබහුල බව තේරුම්ගන්න පුලුවන්.ඉතිං හැමදාම අපේ බ්ලොග් එක කියවන ඒ යාලුවන්ටත් අපේ ස්තුතිය පුද කරන්න ඕනෙ.
නම් වශයෙන් ස්තුති කරන්න ගියොත්, සමහර නම් අමතක වීම හින්දා අපේ සමහර යාලුවො තරහා වෙන්න බැරි නෑ.ඒත් ප්‍රසන්න, පිස්සා, ප්‍රියන්ත, රන්දිල්, හා පැටික්කි, ගයන්ත, අභීත, පුතා, හසිත ඇතුලු හසී ෆැමිලි එක, වැම්පි, හේමලයා, දුමී, මකරා, කොඩී, බුරතෙනෝ, අන්ශ්, හෙළයා, සිකා, මාරයා, ඉලංදාරියා, මාතලන්, ඉබ්බා, කැන්ඩි, කුෂාන් , ළමයා , හන්සි වගේ යාලුවන්ගෙ නම් නොදා කොහොමද? ඔය හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක මෙච්චරකල් රැදිලා හිටියට.අනේ නම් දාන්න බැරිවුණ යාලුවො තරහ වෙන්නනං එපා!
හැබැයි මුලු නම් ලැයිස්තුවම බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට ලින්ක් එක්කම දාල තියෙනවා.ඒ වගේම ඒ යාලුවන්ගෙ බ්ලොග් වලට අපේ බ්ලොග් එකෙන් ලින්ක් දාලා තියෙනවා.ඒ කලගුණ සැලකීමක් විදිහට.අපි තවමත් තමන්ගෙ බ්ලොග් එකට ලින්ක් දාලා නැති යාලුවො ඉන්නවානම් පොඩ්ඩක් ඊමේල් එකකින් මතක් කරන්න.
ඒ වගේම කියන්න ඕනෙ අපි ගොඩක් වෙලාවට ලියන්නෙම විහිලු කතා.සමහරුන්ට හිතෙන්න පුලුවන් ඒක හරිම ලේසි වැඩක් කියලා.ඒත් අපිට හිතෙන විදිහටනං ඒක තමයි අමාරුම වැඩේ.මොකද හොද කතා 100ක් ලිව්වත් එක මෝඩ කතාවක් නිසා මුලු බ්ලොග් එකම අදුරු වෙන්න පුලුවන්.
ඉතිං මෙච්චරකල් ආපු කෙටි කාලය ඇතුලුත අපිට මල් වගේම ගලුත් හම්බවෙලා තියනවා.අපි ඒ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා.දැන් මේ බ්ලොග් එක පටන් ගත්තු කාලෙට වඩා අපි දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත්.ඉතිං ඉස්සරහටත් ඔයාලට අලුත් කතා ගේන්න තමයි අපේ බලාපොරොත්තුව.
ඉතිං යන්න කලින් මෙච්චරකල් අපේ බ්ලොග් එකේ ඔයාලා වැඩිපුරම ආසාවෙන් කියවපු ලිපිය හරි සීරීස් එක හරි මොකද්ද කියලා මෙතන සදහන් කරලා යන්න හොදේ!අපිනං ආසම සීරීස් එක තමයි ගන කතා.
ඒ වගේම අපි ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද? අපේ අඩුපාඩු මොනවද? කියලා ඔයාලට හිතෙන යෝජනා, චෝදනා එහෙමත් කියල යන්න හොදේ! සැබෑ නමින් බැරිනං ඇනෝ විදිහට හරි කමක්නෑ.
ප.ලි - තවත් කීපදෙනෙක් මතක් වුණා. සුපුන් සුදාරක, ඉසිඹුව, වීතරාගී , අශේන්, නදීස්තෝට්ස්, ටී සෝනර්, විහගි, නිශ්, හිගන්නා, ඉන්දික උපශාන්ත, ජයන්ත, තරංග යන යාලුවන්වත් ආදරයෙන් මතක් කරනවා.
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන කොටස)
ඉතිං යාලුවනේ අද අපි කියන්න යන්නෙ අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය සිරීස් එකේ අන්තිම කොටස.මේක කියවන්න කලින්, මේ සීරීස් එකේ කලින් කොටස් කියවපු නැති යාලුවො ටික පහළ තියන ලින්ක් වලින් ගිහින් ඒවා කියවලා එන්නකො.
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 1
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3
අපි කලින් කොටසෙ කතාව නැවැත්තුවෙ රාත්‍රී ප්‍රහාරක බලකාය මැදිහත්වෙලා ලයිමෝල්ගෙ කබඩ් එකේ පිටිපස්සෙ හොර දොරක් කපපු තැනින්නෙ.දැන් ඉතිං තියෙන්නෙ එතන ඉදන් කතාව.
ඔය කපපු දොර ගැන ලයිමෝල් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.මොකද මේ දොර පේන්නෙ බොහොම සැලකිලිමත්ව කබඩ් එකේ පිටිපස්ස චෙක් කළොත් විතරයි.ඉතිං ලයිමෝල් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ තමන්ගෙ කබඩ් එකට පිටිපස්සෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා.ඒක හින්දා මෑන්සුත් සුපුරුදු විදිහටම තමන්ගෙ කාලෙ ගතකළාලු.ඩෝම් එකේ ළමයි කළේ ලයිමෝල් කොහෙ හරි යනකං ඉදලා ෂේප් එකේ මෑන්ස්ගෙ කබඩ් එකෙන් සබන් කැටයක්, බිස්කට් කීපයක් වගේ ලයිමෝල්ට නොදැනෙන මට්ටමේ පොඩි හොරකමක් කරපු එක.
ඉතිං ලයිමෝල් ආපහු ඇවිත් බලනකොට කබඩ් එකේ සැලකියයුතු මට්ටමේ වෙනසක් පේන්න නෑලු.ඒකනිසා පොරත් සැටිස්.ඒ වගේම ඩෝම් එකේ ඉන්න කොල්ලො සෙට් එකත් සැටිස්.හැබැයි ඉතිං ඔය වැඩේ මාසයක් විතර එකදිගට කරගෙන යද්දි ලයිමෝල්ගෙ කබඩ් එකේ සබනුයි කෑමයි ගොඩගැහෙන රේට් එක අඩුවුණාලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මෙතන මොකක්හරි අංජබජල් කේස් එකක් තියනවයි කියලා.ඒකහින්දා අපේ යාලුවා තීරණය කළාලු කබඩ් එක ෆුල් චෙකප් එකකට ලක්කරන්න.
ඔය චෙකප් එක වෙලාවෙ පුරුපුරුලා හිටියෙ ඩෝම් එකෙන් එළියෙ ඒ කිට්ටුවමයි.එතකොට තමයි ඩෝම් එක ඇතුලෙන් ලයිමෝල්ගෙ මර ලතෝනි සද්දයක් ඇහුනෙ.
බුදු අම්මෝ! මගෙ කබඩ් එක කඩලෝ!! මුදලාලි.....මෙහෙ වරෙන් ******යෝ
සද්දෙ ඇහිච්ච පුරුපුරුයි, මාලුකට්ටයි ඇතුලු කොල්ලො සෙට් එක ඩෝම් එක ඇතුලට දුවලා යද්දිත් ලයිමෝල් මුදලාලිව අල්ලගෙන අම්බානක නෙලනවලු.පස්සෙ කට්ටිය එකතු වෙලා අමාරුවෙන් මුදලාලිව ගුටිකෑමෙන් බේරගත්තලු.බැලින්නං ලයිමෝල් තමන්ගෙ කබඩ් එක කැඩීම ගැන සැක කරලා තියෙන්නෙ මුදලාලිව.මොකද ඊට කලින් දවසෙ මේ දෙන්නා අතරෙ මොකද්ද එකකට ලොකු බහින්බස්වීමක් වෙලා තියනවා.ඇත්තටම මුදලාලි රාත්‍රී ප්‍රහාරක බලකායෙ මෙම්බර් කෙනෙක් වුණාට ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේට සහභාගි වුණේ නෑ.
ඉතිං මුදලාලි තමන්ගෙ නිදොස්බව කොච්චර කිව්වත් ලයිමෝල් නෙවෙයි ඒක පිළිගත්තෙ.ඊට පස්සෙ ලෝඩ් කොක් ඉදිරිපත්වෙලා ඇත්තටම වෙච්ච සිද්දිය මෑන්ස්ට කිව්වලු.ඒ වගේම මීට පස්සෙ තමන්ගෙ දේවල් ඩෝම් එකේ අනිත් අයත් එක්ක බෙදාහදාගන්නයි කියලත් මෑන්ස්ට උපදෙස් ලැබුනලු.ඒත් මේ දේවල් එකක්වත් ලයිමෝල් කනකට ගත්තෙ නෑ.
ඇත්ත කතාව ඇහුවට පස්සෙවත් ලයිමෝල්ගෙ හිතේ මුදලාලි ගැන තිබුන තරහා නැතිවුණේ නෑ.පොර ඊටපස්සෙ කිව්වෙ මේ වැඩේ මුදලාලිගෙ ලීඩර්ෂිප් එක යටතෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කරපු වැඩක් කියලා.ඉතිං ලයිමෝල් දවස තිස්සෙම කළේ පැත්තක හිටපු මුදලාලිගෙ හත්මුතු පරම්පරාවටම පින් දිදී හිටපු එක.ඒ වගේම ලබන ආත්මෙ මුදලාලි ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුගොඩක ඉපදේවා කියලත් ලයිමෝල් කට්ටියට සාප කිරීමක් කළාලු.ඉතිං එදා රෑ වෙද්දි මුදලාලි හිටියෙ හරිම හිතේ අමාරුවෙන්.ඩිනර් එකෙන් පස්සෙ පුරුපුරුව හම්බවෙච්ච මුදලාලි, එදා රෑට ලයිමෝල්ට ගේමක් දෙන්න ඕනෙ බව කිව්වලු.
තමන්ට අරවගේ දෙයක් කිව්වට පස්සෙත්, ලයිමෝල්ට ගේමක් දීම ගැන රාත්‍රී ප්‍රහාරක බලකායට දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.ඉතිං කට්ටිය ඒ වෙලාවෙම ගේමට බැස්සලු.මුලින්ම තිබුනෙ ප්ලෑන් කිරීම සහ ඔත්තු බැලීම.ඉතිං බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටා ඔත්තු බලන අතරෙ අනිත් කට්ටිය ගේම් එක ප්ලෑන් කළාලු.ප්ලෑන් එකේ හැටියට ගේම දෙන්න නියමිත වුණේ මහ රෑට.ඒ කියන්නෙ ලේට් ස්ටඩි ඉවර වෙලා කට්ටිය නිදාගත්තට පස්සෙ.
කොහොමහරි ඉතිං අපේ යාලුවො ටික බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවත් උදාවුණාලු.දැන් ඩෝම් එකේ ලයිට් එහෙම ඕෆ් කරලා කට්ටිය ගොරව ගොරවා නිදි.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් සුපුරුදු විදිහට රැස් වුණාලු.ප්ලෑන් එකේ හැටියට මුලින්ම කරන්න තිබුනෙ ලයිමෝල් ඇද පිටින් උස්සගෙන ගිහින් කුණුවල ළගින් තියන එක.ඉතිං මේ වැඩේට කලින් ලයිමෝල්ගෙ ඇදට දාලා තියන නෙට් එක ගලවන්න ඕනෙ.ඒ වැඩේ පැවරුනේ මුදලාලිට.මුදලාලිත් තමන්ගෙ ශිල්ප ඔක්කොම දාලා ලයිමෝල්ව නැගිට්ටෙන්නෙ නැතිවෙන්න නෙට් එක ගැලෙව්වලු.
ඊට පස්සෙ තිබුනෙ ඇද උස්සගෙන යන වැඩේ.දැන් ඇද උඩ ලයිමෝලුත් ඉන්න නිසා ඒක සෑහෙන බරයි.ඒ මදිවට ඇද හෙලවෙන්නෙ නැතිව උස්සන් යන්නත් ඕනෙ.ඉතිං මේ වැඩේ පැවරුනේ පුරුපුරු, වන්නියා, බෝරෙ සහ අමන්දානන්දට.අපේ යාලුවො හතරදෙනත් තමන්ට පැවරුන වැඩේ අකුරටම ඉෂ්ට කළාලු.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ටික වෙලාවකට පස්සෙ ලයිමෝල් නිදාගෙන හිටියෙ හොස්ටල් එකේ කුණුවල අද්දරමයි.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුවලක උපද්දවන්න සාප කරපු ලයිමෝල්ට එදා රෑ සිද්දවුණේ කුණුවලක් ළගම නිදාගන්න.
ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ ලයිමෝල් හැමදාමත් ආදරය කරපු මෑන්ස්ගෙ කබඩ් එකත් උස්සගෙන ඇවිත් ඇද ළගින්ම තියපු එක.
හැබැයි රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා කුණුවලේ ගදටයි, රෑ හීතලටයි ටික වෙලාවක් යද්දි ලයිමෝල්ට නැගිට්ටවෙනවයි කියලා.ඒක නිසාම තමයි අපේ යාලුවො කට්ටිය තවත් ප්ලෑන් එකක් ලෑස්ති කරලා තිබුනෙ.ඉතිං ඒ ප්ලෑන් එකට අනුව කට්ටිය ඩෝම් එකේ දොර බාගෙට වහලා, දොරේ දාරෙ උඩින් ප්ලාස්ටික් බොග බකට් එකක් රැදෙව්වලු.නිකම්ම නෙවෙයි, හොදට වතුරත් පුරවලා.
ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම ලයිමෝල්ට ටික වෙලාවකින් ඇහැරුනාලු.මෑන්ස් බලන්න ඇති ඔලුවට උඩින් වෙනදා තියෙන සීලිම වෙනුවට තරු තියෙන්නෙ ඇයි කියලා.ඒ මදිවට ඩෝම් එක ඇතුලෙ කුණු වළක්??? ටික වෙලාවකින් තමයි ලයිමෝල්ට ක්ලික් වුණේ තමන් ඉන්නෙ ඩෝම් එකෙන් එළියෙ, කුණුවළ අයිනෙ කියලා.මොකද්ද සිද්ද වෙන්න ඇත්තෙ කියලා මෑන්ස්ට තේරුම් ගියෙ එතකොට.ඉතිං ලයිමෝල් කළේ කුලප්පු වෙච්ච කගවේනෙක් වගේ දුම් දාගෙන, සාප කර කර ඩෝම් එක ඇතුලට කඩාගෙන ආපු එක.
මෙහෙම ආපු ලයිමෝල් ඩෝම් එකේ දොර අරිද්දිම
ජබෝස් !!!
අර දොර උඩ රදවලා තිබුන වතුර බකට් එකෙන් පොරව නෑවිලා ගියාලු.හැබැයි ඒ වැඩේනං පිනක් විදිහට තමයි පූසො සෙට් එක තවමත් සලකන්නෙ.මොකද ඉතිං දවස් හතරකට සැරයක් විතරක් වතුර බිංදුවක් දකින සරීර කුඩුව නොවැ!දැන්නං ලයිමෝල්ගෙ ෆ්ලවර් එක උපරිමෙන් ජම්ප් වෙලා.පොර ලෑස්ති වුණේ ඒ වෙලාවෙම කොටියා සර්ගෙ නිළ නිවාසෙට ගිහින් සර්ව මහ රෑ නැගිට්ටවන්න.එහෙම කළොත් රාත්‍රී ප්‍රහාරක බලකාය ඉවරෙටම ඉවරයි.
ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ලයිමෝල් කොටියා සර්ව හම්බවෙන්න යන්න එලියට බහිනකොටම ගිහින් මෑන්ස්ට ෆ්‍රෙන්ඩ්ලි ටෝකක් දාපු එක.අන්තිමට
කබඩ් එක සහ ඇද ආපහු තිබුන තැන තැබීම
කඩපු කබඩ් එක ආපහු හැදීම
වගේ කොන්දේසි කීපයක් පිළිගත්තට පස්සෙ ලයිමෝල් කැමති වුණාලු සර්ට මේ සිද්දිය ගැන පැමිණිලි නොකර ඉන්න.ඒ වගේම ලයිමෝලුත් එකග වුණාලු තමන්ගෙ දේවල් බෙදාහදාගෙන පාවිච්චි කරන්න.ඉතිං ඔය සිද්දියෙන් පස්සෙ ලයිමෝලුත් රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයෙක් බවට පත්වුණාලු.එදා ඉදලා මෑන්ස්ගෙ කබඩ් එක ඩෝම් එක ඇතුලෙ මාතෘකාවක් වුණෙත් නෑ.මොකද එදා ඉදලා ලයිමෝල් කබඩ් එක ලොක් කළේ නැති නිසා...
ප.ලි - රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එක මෙතනින් ඉවර වුණාට ඉස්සරහට එන සමහර කතාවලදි රාත්‍රී ප්‍රහාරක බලකායෙ වැඩකෑලි ගැන ආපහු අපේ යාලුවන්ට කියවන්න ලැබේවි.
ලයිමෝල් දැන් ඉන්නෙ කොළොම්පුර පැත්තෙ සක්වල තක්සලාවක 2 වසරෙ.පුරුපුරු ඉන්නෙත් ඒකෙම 4 වසරෙ.ඉතිං ඉස්සර ලයිමෝල්ට කරපු අරියාදු වෙනුවෙන් පුරුපුරුට පුලුවන් වුණා කීප පාරක්ම ලයිමෝල්ව රැග් එකෙන් බේරගන්න.හික්ස්...සුපර් සීනියර් නොවැ!
Labels:
අමන්දානන්ද,
පුරු පුරු,
බෝරෙ,
මාළු කට්ටා,
මුදලාලි,
ලයිමෝල්,
ලෝඩ් කොක්,
වන්නියා
Monday, August 23, 2010
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3
ඉතිං යාලුවනේ පහුගිය දවස්වල අපි පළකරානෙ රාත්‍රී ප්‍රහාරක බලකාය 1 සහ 2 කොටස්.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ 3 වෙනි කොටස.ඊට කලින්, සීරීස් එකේ පරණ ලිපි බලපු නැති යාලුවන්ට මෙතනින් ගිහින් ඒවා බලලා එන්න පුලුවන්.
රාත්‍රී ප්‍රහාරක බලකාය 1
රාත්‍රී ප්‍රහාරක බලකාය 2
ඉතිං අපි කිව්වනෙ අන්තිමට කොහොමද රාත්‍රී ප්‍රහාරක බලකායයි, ලෝඩ් කොක් බලකායයි සාම ගිවිසුමක් ගැහුවෙ කියලා.දැන් මේ ක්‍රියාත්මක වෙන්නෙ සාම කාල සමය.දැන් ඉතිං දෙගොල්ලො හොද යාලුවොලු.ඔහොම ටික දවසක් යද්දි තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ.යෝජනාවට කලින් ඉතිං බැක්ග්‍රවුන්ඩ් එක කියල ඉන්න එපායැ!
දැන් අපේ හොස්ටල් කතා කියවල කියවලාම, හොස්ටල් හිටපු නැති යාලුවොත් දල වශයෙන් දන්නවා හොස්ටල් එකක් කියන්නෙ මොකද්ද කියලා.ඉතිං ඒක හින්දා හොස්ටල් එකේ හැම ළමයෙකුටම කබඩ් එක ගානෙ තිබුනයි කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ ලයිමෝල්ටත් තිබුනලු ලස්සන කබඩ් එකක්.ඒක ඇරපු අතක් නෑ, ඔය උඩ රූපෙ තියෙන කබඩ් එක වගේමයි.හැබැයි අනිත් ළමයින්ගෙ කබඩ් වලට වඩා ලයිමෝල්ගෙ කබඩ් එකේ විශේෂත්වයක් තිබුනා.
සාමාන්‍යයෙන් කිසිම ළමයෙක් තමන්ගෙ කබඩ් එකේ ගොඩාක් වටින දේවල් දාගෙන හිටියෙ නෑ.ඒවයෙ තිබුනෙ ඇදුම්, පොත්පත් වගේ හොරකම් කළාට වැඩක් නැති දේවල්.ඉතිං තමන්ගෙ කබඩ් එක හැම තිස්සෙම ලොක් කරලා තියාගන්න කාටවත් ඕනෙකමක් තිබුනෙ නැහැ.තමන්ට වියදම් කරන්න අවශ්‍ය සල්ලි තිබුන ඇතුල් ලාච්චු විතරයි ගොඩක් වෙලාවට ලොක් කරලා තිබුනෙ.ඒත් ලයිමෝල්ගෙ කබඩ් එක තිබුනෙ හැම තිස්සෙම ලොක් කරලලු.නිකං නෙවෙයි, යතුරට අමතරව තඩි ඉබ්බෙකුත් දාලා.ඒ කියන්නෙ මෑන්ස්ගෙ කබඩ් එක කඩනවානං හොරාට ඉබ්බවත් කඩලා, යතුරු ලොක් එකත් කඩන්න වෙනවා.
ඒ වගේම ලයිමෝල් කවදාවත් කබඩ් එකේ දොර සම්පූර්ණයෙන් අරින්නෙ නෑ.කවුරුවත් බලන් ඉන්නවද කියලා දෙතුන් පාරක් වට පිට බලලා එහෙම තමයි දොර බාගෙට අරින්නෙ.ඒ වගේම ඇරපු හැටියෙම බොහොම ඉක්මනට දොර වහනවා.මේ ඔක්කොම කාරනා බලද්දි ඕන මනුස්සයෙකුට තේරෙනවා ලයිමෝල් තමන්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවා හරි වටින දෙයක් හංගගෙන ඉන්න බව.ඉතිං හොස්ටල් එකේ සගයොත් ලයිමෝල්ගෙ කබඩ් එක ගැන හිතුවෙ එහෙමයි.
ඔය ඕනෙම දෙයක් හංගගෙන ඉන්නකොට ඒක ගැන හොයන්න තියෙන කුතුහලය තව තවත් වැඩි වෙනවා නොවැ!ඉතිං ලයිමෝල්ගෙ කබඩ් එකට අපල කාලය උදාවුණේ ඔන්න ඔය හේතුව හින්දයි.මෑන්ස්ගෙ කබඩ් එක ඒ දවස්වල "ආදරය" වගේ මාතෘකාවක්.ඕක ගැන හැමෝම කතාකරන්න උනන්දු වෙනවා.ඒ වගේම කවුරුත් ඕක ගැන හරියට දන්නෙත් නෑ.ඉතිං කුතුහලය වැඩිකමටම ගොඩක් දෙනෙක් ලයිමෝල්ගෙ කබඩ් එක කඩලා බලන්න බලාගෙන හිටියලු.
ලයිමෝලුත් දැනගෙන හිටියෙ තමන්ගෙ කබඩ් එකට බැච් එකේ අනිත් ළමයින්ගෙ තිබුන ආදරේ.ඒක නිසා මෑන්ස් පුලුවන් හැම වෙලාවෙම කබඩ් එක ඇහැට පේන තෙක් මානෙ තමයි හිටියෙ.කොහෙහරි ගමනක් ගියත් ලයිමෝල් ආපු හැටියෙ කරන්නෙ ඇවිත් කබඩ් එක චෙක් කරලා බලන එක.කොටින්ම පොර තමන්ගෙ දිවි පරදුවට තියලා තමයි කබඩ් එක රැක්කෙ.ඒක හින්දම මීට කලින් මෑන්ස්ගෙ කබඩ් එක කඩන්න එක එක ළමයි කරපු මිෂන් ගණනාවක්ම ෆේල් වෙලා තිබුනා.
අපි කලින් ලිපියෙ කිවුවනෙ ලයිමෝල් හිටියෙ ලෝඩ් කොක් බලකායෙ කියලා.ඒ වුණත් බලකායෙ ඉතුරු සාමාජිකයො වෙච්ච ලෝඩ් කොක්වත්, පොන්ටින්වත් දැනගෙන හිටියෙ නෑ මෑන්ස්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවද තිබුනෙ කියලා.ඉතිං හිතාගන්න පුලුවන්නෙ ලයිමෝල්ගෙ සිකියුරිටි මෙෂර්මන්ට් ගැන.මේ දවස්වල පුරුපුරුටයි, මාලුකට්ටටයිත් මේ කබඩ් එක හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.
ඔය අතරෙ තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අර අපූරු යෝජනාව ඉදිරිපත් කළේ.දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ මොකද්ද යෝජනාව කියලා.ඒක තමයි ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.කරන්න බැහැ කියලා සම්මත වෙච්ච, මෙච්චරකල් කාටවත් කරන්න බැරිවෙච්ච, කාගෙත් එකම හීනය වෙච්ච, ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි ලෝඩ් කොක් බලකායයි, රාත්‍රී ප්‍රහාරක බලකායයි එකතු වෙලා කරන පළවෙනි මිෂන් එක.
ඉතිං මුලින්ම තෝරගන්න වුණේ ලයිමෝල් විතරක් ඩෝම් එකෙන් එළියට යන වෙලාවක්.මෑන්ස් කවදාවත් සෙල්ලම් කරන්න ගිය මනුස්පයෙක් නෙවෙයි.ස්පෝර්ට්ස් මොනවත් කළෙත් නෑ.ඉතිං ලයිමෝල් ඩෝම් එකෙන් චුත වෙන්නෙ එක්කො නාන්න ගියාම, නැත්තං බොගට ගියාම.ඒත් පොරට බොගට ගිහින් එන්න විනාඩි දෙකක්වත් යන්නෙ නැති නිසා කබඩ් එක කඩන වැඩේට බොග ටයිම් එක යොදාගන්න එක එච්චර ප්‍රැක්ටිකල් අයිඩියා එකක් වුණේ නැහැ.ඉතිං මේ විදිහට බැලුවාම වැඩේට සුදුසුම වෙලාව වුණේ මෑන්ස් නාන්න යන ටයිම් එක.
හැබැයි මෙතනත් පොඩි ප්‍රශ්නයක් තිබුනා.ලයිමෝල් සාමාන්‍යයෙන් නාන්නෙ දවස් හතරකට විතර සැරයක්.හික්ස්...සමහරවිට වතුර අපතේ යවන එක නරක වැඩක් හින්දා වෙන්නැති.ඉතිං පොර නාන්න යන වෙලාව මගඇරුනොත් වැඩේ තව දවස් ගානකට කල්දාන්න වෙනවා.ඒ වගේම ලයිමෝල්ට නාන්න යන්නෙත් විනාඩි කීපයක් විතරයි.ඉතිං අපේ යාලුවො ටික කළේ ලයිමෝල්ගෙ දිනචරියාව ගැන ඔත්තු බලන්න බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටාව යොදවපු එක.
ඉතිං ඔහොම දවසක් දෙකක් යනකොට හදිස්සියෙන්ම මාලුකට්ටාගෙන් සුභ පණිවිඩයක් ආවලු.ඒ තමයි ලයිමෝල් නාන්න ගියයි කියන පණිවිඩේ.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය කෙලින්ම ලයිමෝල්ගෙ කබඩ් එක ළගට දිව්වලු.ආ..කියන්න බැරිවුණානෙ.මේ මිෂන් එකට විශේෂ පුද්ගලයෙක් විදිහට සංජුවත් යොදාගෙනයි තිබුනෙ.මොකද මෑන්ස් වඩුවැඩ වලට බොහොම දක්ෂ ළමයෙක්.ඉතිං පුරුපුරුලා ප්ලෑන් කරපු විදිහට කබඩ් එක කඩන්න වඩුබාස් කෙනෙක්ගෙ සහයත් අත්‍යාවශ්‍යයි.
මීට කලින් ඔය කබඩ් එක කඩන්න ට්‍රයි කරපු හැමෝම ට්‍රයි කරලා තිබුනෙ ඉස්සරහ පැත්තෙන් කබඩ් එක කඩන්න.ඒ කියන්නෙ කබඩ් එකේ ලොක් කඩලා ඒක අරින්න.ඒත් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කබඩ් එකේ පිටිපස්සෙන් ඒක කඩන්න.කඩන්න කිව්වට කපන්න.ඉතිං අපේ යාලුවො සෙට් එක ලයිමෝල්ගෙ කබඩ් එක ළගට ගිහින් වැඩේ පටන් ගත්තලු.මේකට ඕනෙ වුණේ නියනකුයි, නියනට ගහන්න ලොකු දෙකේ දෙකේ පොල්ලකුයි විතරයි.ඉතිං සංජු වගේ ප්‍රොෆෙෂනල් බාස් කෙනෙකුට කබඩ් එක පිටිපස්සෙන් පොඩි හොර දොරක් කපන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
දැන් තමයි හැමෝම බලාපොරාත්තුවෙන් හිටපු වෙලාව.ලයිමෝල්ගෙ කබඩ් එක ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න මේ වෙද්දි ඩෝම් එකේ හිටපු හැමෝම ඇවිල්ලලු.ඉතිං සුබ මොහොතින් සංජු හොර දොර ඇරියට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ ලයිමෝල් මෙච්චර කල් හංගගෙන හිටියෙ මොනවද කියලා.
කබඩ් එකේ එක කොනක තිබුනෙ පුස්කාපු කේක්, පුස් බිස්කට් වගේ දේවල්.පුස්කාපු නැති බිස්කට් පැකට් දෙකකුත් තිබුනා.අනිත් කොනේ තිබුනෙ සන්ලයිට් වගේ රෙදි හෝදන සබනුයි, ඇගේ ගාන සබනුයි මහ ගොඩක්.ඊට අමතරව මෑන්ස්ගෙ ඇදුම් පොත්පත් වගේ දේවල් තමයි තිබුනෙ.මදෑ ඉතිං කට්ටිය වටින දේවල් දකින්න බලාපොරොත්තුවෙන් මහා මිෂන් එකක් කොළා!
බලාගෙන යද්දි වෙලා තියෙන්නෙ මේකයි.ලයිමෝල් කියන්නෙ ඒ දවස්වල නියම ලෝබයා.ඉතිං ගෙදරින් හම්බවෙන කේක්, බිස්කට් වගේ කෑම අනිත් ළමයින්ට දෙන්න වෙයි කියලා හොරෙන් තනියම කන එක තමයි මෑන්ස්ගෙ වැඩේ.කෑවට පස්සෙ ඉතුරු කෑම පස්සෙ කන්න කියලා තමයි කබඩ් එකෙන් අරන් තියල තියෙන්නෙ.ඒත් මෑන්ස් කන සීඝ්‍රතාවයට වඩා වේගෙන් කෑම ලැබෙන නිසා අන්තිමට වෙන්නෙ කබඩ් එකේ කෑම ගොඩගැහෙන එක.ඉතිං ලයිමෝල් වෙන කාටවත් කෑම දෙන්නෙ නැති නිසා ඒවා ටික දවසක් යද්දි පුස් කනවලු.
ඒ වගේම මෑන්ස් ලෝබයා නිසා සබන් කෑලිත් අනිත් ළමයින්ගෙන් තමයි ගන්නෙ.ඉතිං අනිත් ළමයිනුත් පොර ගාව සබන් නැහැයි කියලා හිතලා තමන්ගෙ සබන් මෑන්ස්ට දෙනවා.අන්තිමට ලයිමෝල්ගෙ සබන් කන්ද ටික ටික ගොඩගැහෙනවා.මේ දේවල් අනිත් අයට මාට්ටු වෙනවට තමයි ලයිමෝල් තමන්ගෙ කබඩ් එකේ ඇතුල මෙච්චරකල් අනිත් අයගෙන් හංගලා තිබිල තියෙන්නෙ.
ඉතිං මෙහෙම කබඩ් එක චෙක් කර කර ඉන්න අතරෙ තමයි, මාලුකට්ටාගෙන් මැසේජ් එකක් ආවෙ ලයිමෝල් නාලා ඉවර බව.ඉතිං කට්ටිය වහාම හොර දොර වහලා තමන් හිටිය තැන් වලට ආපහු ගියාලු.ලයිමෝලුත් නාල ඇවිත් කබඩ් එකේ ඉබ්බා යහතින් ඉන්නවා දැකලා සැනසීමට පත්වුණාලු.ඊට පස්සෙ තමයි හොද සිද්දි ටිකක් වුණේ.අපි ඒ සිද්දි මොනවද කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන) කොටසින් බලමුකො නේද?
ප.ලි - අපි කලින් ලිපියෙ කියපු සරුංගලේ අද සවස් යාමයේ කඩාගෙන යන ලදී.
Friday, August 20, 2010
සරුංගල් කාලේ 2 - The Kite Season 2
හරිනං අපි මේ වෙලාවෙ දාන්න ඕනෙ රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලිපිය.ඒත් ඉතිං ඊට කලින් මේක දාන්නම හිතුනා.
අපේ යාලුවන්ට මතකයිනෙ අපි දාපු සරුංගල් කාලේ 1 ලිපිය?ඒකෙදි අපි කිව්වනෙ ගියපාර වගේම මේ පාරත් සරුංගලයක් හැදීම ගැන සලකලා බලන්න ඕනෙ කියලා.ඉතිං කිව්වා වගේම අපි ඒ ගැන සලකලා බැලුවා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යට ඉන්න මොණර පැටියා හැදුනෙ
හික් හික්!! පැටියා කිව්වට ඉතිං ටිකක් විතර ලොකුයි.
පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයි තමයි කිතුල් ලී කපන්න ගියෙ.හැමදේම ඉස්සරට වඩා වෙනස්වෙලා.වෙනදා බලන බලන තැන් වල කිතුල් පැල.ඒත් මේ පාර බොහොම අමාරුවෙන් රබර් වත්ත පහල ඇළ දිගේ පැය දෙකක් සර්ච් කරලා තමයි කිතුල් පැළයක් හොයාගත්තෙ.ඊට පස්සෙ ඒකෙන් පිති දෙකක් කපාගෙන ආවා.ඒවා සුද්ද කරලා දවස් දෙකක් වේලුවා.ඒ පිත්තක් තමයි සරුංගලේ දික් ලීයට ගත්තෙ.
ඔය අතරෙ උණ බම්බුවකුත් හම්බවුණා.ඒක පලලා තමයි සරුංගලේ හරස් ලීයට ඕනෙ කරන කෝටුවක් හදාගත්තෙ.ඊට පස්සෙ ඉතිං පට්ටම බැදලා කොළ ඇලෙව්වා.හැබැයි ඒ වැඩ ටිකනං එච්චර ලේසි වුණේ නෑ.මොකද ඤාව්වටයි, උපාසකටයි මේ දවස්වල ෆුල් බිසී.ඒ නිසා ඒ දෙන්නට ඒවාට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.
ඊටත් පස්සෙ කඩෙන් රුපියල් 100 නයිලෝන් නූල් පන්දුවක් ගෙනාවා.ඒකෙ නූල් ගොඩක් තියෙනවා.අන්තිමට සේරුව දාලා සරුංගලේ යැව්වා.
ඔය පේන්නෙ නූල් වලින් බාගයක් දුන්නට පස්සෙ ගඩොල් මොණරා පේන හැටි.අන්තිමට ඩොට් වෙන සයිස් එකටම මෙයා උඩ ගියා.අද හවසනං වැස්ස හින්දා සරුංගලේට පොඩි නිවාඩුවක් දෙන්න තමයි සිද්ද වුණේ.ඇයි මැච් එකත් තිබුනනෙ.හෙට තවත් රුපියල් 100 නූල් පන්දුවක් ගෙනත් මෙයාව නොපෙනෙන්නම යවන්න තමයි කල්පනාව.
හැබැයි දැන් මාර ප්‍රශ්නෙ.පුරුපුරු අයියගෙ සරුංගලේ දැකපු කොල්ලො කුරුට්ටො සෙට් එකක් තමන්ටත් සරුංගල් හදලා දෙන්න කියලා ජාත්‍යන්තර බලපෑම් කර කර ඉන්නෙ.දැන් තීරණය කරන්න වෙනවා හෙට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියනවද? නැත්තං සරුංගල් හදනවද? කියලා.
ඉස්සරනං අපේ කොල්ලො සෙට් එක එකට එකතු වෙලා, වෙලට ගිහිං තමයි සරුංගල් යවන්නෙ.ඒත් ඉතිං දැන් වෙලා තියෙන්නෙ තනියම ගෙදර මිදුලට වෙලා සරුංගල් යවන්න.කොහොමද දෙයියනේ අර පොඩි එවුන් මැද්දට ගිහිං පුරුපුරුත් සරුංගල් යවන්නෙ?හෙට උපාසකවත් ආවොත් වෙලට යනවා.එහෙනං දැනට ටටා.පුලුවන් තරම් ඉක්මනට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියන්නත් ඕනෙ.
ප.ලි - අපේ බ්ලොග් පේජ් එකේ උඩ
"මෙම බ්ලොගයේ අඩංගු ඇතැම් ක්‍රියාකාරකම් ඔබ ප්‍රායෝගිකව සිදු කිරීමට නුසුදුසු මට්ටමේ ඒවාය.එසේ සිදු කිරීමට ගොස් ඔබට වන අකරතැබ්බ වලට බ්ලොග් හිමිකරු කිසිදු ආකාරයකින් හෝ වගකියනු නොලැබේ"
කියලා වාක්‍යයක් තියනවනෙ.ඉතිං ඕක පේජ් එක හරහා යන වේගෙ වැඩියි කියලා පහුගිය දවස්වල අපේ යාලුවො කීප දෙනෙක්ම කිව්වා.ඔය වෙලාවෙ අපිත් දැනගෙන හිටියෙ නෑ ඕකෙ ස්පීඩ් එක වෙනස් කරන විදිහ.ඉතිං ඒ මෙතඩ් එක අපිට කියල දුන්නෙ චානක අරුණ මුණසිංහ හෙවත් අපේ මකර අධිරාජයා.ඒ වෙනුවෙන් මකරාට ගඩොල් පූසන්ගෙ ස්තුතිය පළ කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
ඒ වගේම මූණුපොතේ අපේ යාලුවෙක් වෙන්නත් ඔය සමහර යාලුවො කැමති ඇතිනෙ.ඒ යාලුවන්ට මේ ලින්ක් එකෙන් ගිහින් අපේ මූණුපොතේ යාලුවෙක් වෙන්න පුලුවන්
http://www.facebook.com/profile.php?id=100001156986448
අපේ යාලුවන්ට මතකයිනෙ අපි දාපු සරුංගල් කාලේ 1 ලිපිය?ඒකෙදි අපි කිව්වනෙ ගියපාර වගේම මේ පාරත් සරුංගලයක් හැදීම ගැන සලකලා බලන්න ඕනෙ කියලා.ඉතිං කිව්වා වගේම අපි ඒ ගැන සලකලා බැලුවා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යට ඉන්න මොණර පැටියා හැදුනෙ
හික් හික්!! පැටියා කිව්වට ඉතිං ටිකක් විතර ලොකුයි.
පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයි තමයි කිතුල් ලී කපන්න ගියෙ.හැමදේම ඉස්සරට වඩා වෙනස්වෙලා.වෙනදා බලන බලන තැන් වල කිතුල් පැල.ඒත් මේ පාර බොහොම අමාරුවෙන් රබර් වත්ත පහල ඇළ දිගේ පැය දෙකක් සර්ච් කරලා තමයි කිතුල් පැළයක් හොයාගත්තෙ.ඊට පස්සෙ ඒකෙන් පිති දෙකක් කපාගෙන ආවා.ඒවා සුද්ද කරලා දවස් දෙකක් වේලුවා.ඒ පිත්තක් තමයි සරුංගලේ දික් ලීයට ගත්තෙ.
ඔය අතරෙ උණ බම්බුවකුත් හම්බවුණා.ඒක පලලා තමයි සරුංගලේ හරස් ලීයට ඕනෙ කරන කෝටුවක් හදාගත්තෙ.ඊට පස්සෙ ඉතිං පට්ටම බැදලා කොළ ඇලෙව්වා.හැබැයි ඒ වැඩ ටිකනං එච්චර ලේසි වුණේ නෑ.මොකද ඤාව්වටයි, උපාසකටයි මේ දවස්වල ෆුල් බිසී.ඒ නිසා ඒ දෙන්නට ඒවාට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.
ඊටත් පස්සෙ කඩෙන් රුපියල් 100 නයිලෝන් නූල් පන්දුවක් ගෙනාවා.ඒකෙ නූල් ගොඩක් තියෙනවා.අන්තිමට සේරුව දාලා සරුංගලේ යැව්වා.
ඔය පේන්නෙ නූල් වලින් බාගයක් දුන්නට පස්සෙ ගඩොල් මොණරා පේන හැටි.අන්තිමට ඩොට් වෙන සයිස් එකටම මෙයා උඩ ගියා.අද හවසනං වැස්ස හින්දා සරුංගලේට පොඩි නිවාඩුවක් දෙන්න තමයි සිද්ද වුණේ.ඇයි මැච් එකත් තිබුනනෙ.හෙට තවත් රුපියල් 100 නූල් පන්දුවක් ගෙනත් මෙයාව නොපෙනෙන්නම යවන්න තමයි කල්පනාව.
හැබැයි දැන් මාර ප්‍රශ්නෙ.පුරුපුරු අයියගෙ සරුංගලේ දැකපු කොල්ලො කුරුට්ටො සෙට් එකක් තමන්ටත් සරුංගල් හදලා දෙන්න කියලා ජාත්‍යන්තර බලපෑම් කර කර ඉන්නෙ.දැන් තීරණය කරන්න වෙනවා හෙට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියනවද? නැත්තං සරුංගල් හදනවද? කියලා.
ඉස්සරනං අපේ කොල්ලො සෙට් එක එකට එකතු වෙලා, වෙලට ගිහිං තමයි සරුංගල් යවන්නෙ.ඒත් ඉතිං දැන් වෙලා තියෙන්නෙ තනියම ගෙදර මිදුලට වෙලා සරුංගල් යවන්න.කොහොමද දෙයියනේ අර පොඩි එවුන් මැද්දට ගිහිං පුරුපුරුත් සරුංගල් යවන්නෙ?හෙට උපාසකවත් ආවොත් වෙලට යනවා.එහෙනං දැනට ටටා.පුලුවන් තරම් ඉක්මනට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියන්නත් ඕනෙ.
ප.ලි - අපේ බ්ලොග් පේජ් එකේ උඩ
"මෙම බ්ලොගයේ අඩංගු ඇතැම් ක්‍රියාකාරකම් ඔබ ප්‍රායෝගිකව සිදු කිරීමට නුසුදුසු මට්ටමේ ඒවාය.එසේ සිදු කිරීමට ගොස් ඔබට වන අකරතැබ්බ වලට බ්ලොග් හිමිකරු කිසිදු ආකාරයකින් හෝ වගකියනු නොලැබේ"
කියලා වාක්‍යයක් තියනවනෙ.ඉතිං ඕක පේජ් එක හරහා යන වේගෙ වැඩියි කියලා පහුගිය දවස්වල අපේ යාලුවො කීප දෙනෙක්ම කිව්වා.ඔය වෙලාවෙ අපිත් දැනගෙන හිටියෙ නෑ ඕකෙ ස්පීඩ් එක වෙනස් කරන විදිහ.ඉතිං ඒ මෙතඩ් එක අපිට කියල දුන්නෙ චානක අරුණ මුණසිංහ හෙවත් අපේ මකර අධිරාජයා.ඒ වෙනුවෙන් මකරාට ගඩොල් පූසන්ගෙ ස්තුතිය පළ කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.
ඒ වගේම මූණුපොතේ අපේ යාලුවෙක් වෙන්නත් ඔය සමහර යාලුවො කැමති ඇතිනෙ.ඒ යාලුවන්ට මේ ලින්ක් එකෙන් ගිහින් අපේ මූණුපොතේ යාලුවෙක් වෙන්න පුලුවන්
http://www.facebook.com/profile.php?id=100001156986448
Thursday, August 19, 2010
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2
ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කොහොමද ලයිමෝල්ට ක්ෂණික ඇටෑක් එකක් දුන්නෙ කියලා.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ දෙවෙනි කොටස.
කොහොමහරි ඉතිං පහුවදාට එළිවුණාලු.දැන් පුරුපුරුලා දන්නවා ලෝඩ් කොක්ගෙ සෙට් එක කොයි වෙලාවෙ හරි තමන්ට ගේමක් දෙනව කියලා.හැබැයි උදේ වරුවෙනං ලෝඩ්ලගෙන් කිසිම රියැක්ෂන් එකක් පේන්න තිබුනෙ නෑ.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය හිතුවෙ තමන්ට සටනට මුහුණ දෙන්න වෙන්නෙ රෑ කාලෙදි කියලලු.කට්ටිය එදා ඉස්කෝලෙ යන ගමන් කතා වුණෙත් ලෝඩ්ලගෙ ඇටෑක් එකට ෆේස් කරන ආකාරය ගැනලු.
ඉතිං ඔහොම කාලය ගෙවිල ගිහිං හවස් වරුවත් උදා වුණේ බොහොම ඉක්මනට.ඉස්කෝලෙ ගිහින් ආපු පුරුපුරු ලන්ච් එකටත් ගිහින් ආපහු ඩෝම් එකට ආවලු.ඊට පස්සෙ මෑන්ස් ඇදේ වාඩි වුණේ සපත්තු ගලවන්න හිතාගෙන.ඒත් එකපාරටම තමන්ගෙ පශ්චාත්භාගය තෙත්වෙලා යනවා වගේ දැනීමක් පුරුපුරුට ඇතිවුණාලු.එකපාරටම ඇදෙන් නැගිටපු පූසා ඊටපස්සෙ ඇද චෙක් කරලා බලද්දි මෙන්න බොලේ මුලු ඇදම අම්බානට තෙමිලා.වටපිටාවෙ බලද්දි තමයි මෑන්ස් දැක්කෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ තවත් මෙම්බර්ස්ලා කීප දෙනෙක්ගෙම පස්සවල් තෙමිලයි කියලා.
බලද්දි වෙලා තියෙන්නෙ මේකයි.කවුරුහරි ගෝතයෙක් ලන්ච් එක වෙලාවෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයන්ගෙ ඇදවල මෙට්ට වතුරෙන් තෙමලා.ඊටපස්සෙ ඒක උඩින් කලින් තිබුන බෙඩ්ෂීට් එකම දාලා.ඉතින් වාඩිවෙනකන් කාටවත් වැඩේ මීටර් වෙන්නෙ නෑ.අනිත් එක ඔය කොහු මෙට්ට තෙමුනම ලේසියෙන් වේලෙන්නෙත් නැහැ.ඉතිං මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙ ප්‍රධාන සැකය එල්ලවුණේ ලෝඩ් කොක් බලකායට.පස්සෙ විශේෂ විමර්ශනයක් කරලා බලද්දි තමයි එළිවුණේ එදා ලන්ච් එකට පොන්ටින් සහ ලෝඩ් කොක් ඇවිත් නැති බව.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු මේක ඊයෙ කරපු වැඩේට තමන්ගෙ ප්‍රතිවාදින්ගෙන් ආපු රිටර්න් එකක් කියලා.
ඊට පස්සෙ අපේ යාලුවො කට්ටිය තීරණය කළේ තමන්ට කරපු අපහාසෙට එදා රෑටත් ලෝඩ්ලට ගේමක් දෙන්න ඕනෙ කියලා.ඉතිං ඔහොම වෙලාව ගිහිල්ලා රෑ කාලෙත් උදා වුණාලු.දැන් පුරුපුරුලයි, ලෝඩ්ලයි දෙගොල්ලොම දන්නවා අද රෑට මොකක් හරි විශේෂ දෙයක් අනිවා වෙනවා කියලා.ගොඩක් වෙලාවට ඒක මහා කොට්ට සංග්‍රාමයක් වෙන්න පුලුවන්.(තමන්ගෙ බැච් එකේ ළමයි එක්ක අතින් පයින් ගහගන්න එක නොහොබිනා වැඩක් කියල තමයි කට්ටිය සැලකුවෙ) ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායනං හවස් වරුවෙ පොඩි ට්‍රේනින් සෙෂන් එකකුත් තිබ්බා.ලෝඩ් කොක් බලකාය මොනවා කළාද දන්නෙ නෑ.
ඔහොම වෙලාව ගිහින් රෑ එකොලහමාර විතර වුණා.ඔය අතරෙ කට්ටියට තිබුනෙ ස්ටඩි ටයිම්, ඩිනර් එක සහ ලේට් ස්ටඩි ටයිම් එක.ඉතිං ඔය වෙලාවල් වල සටන් කරන්න බෑ නොවැ!දැන් තමයි ගේමක් දෙන්න නියම වෙලාව.සුපුරුදු පරිදි ගරිල්ලා ඇටෑක් එකක් දෙන්න තමයි එදත් අපේ යාලුවො කතා වුණේ.ඉතිං කට්ටිය එක තැනකට හොරෙන් එකතු වෙලා ප්‍රී ඇටෑක් ඩිස්කෂන් එක තිබ්බා.දැන් තියෙන්නෙ ඇටෑක් එක ක්‍රියාත්මක කරන්න.හැබැයි තවමත් ඩෝම් එකේ ලයිට් ඕෆ් කරලා නැහැ.ඒ මදිවට පොන්ටිනුයි, ලෝඩ් කොකුයි ඩෝම් එක ඇතුලෙ පේන්නත් නැහැ.හැබැයි ලයිමෝල්නං ගොරව ගොරවා නිදිලු.
අපේ රාත්‍රී ප්‍රහාරක බලකායට මේ සීන් එක එච්චරම ඇල්ලුවෙ නෑලු.මොකද වෙනදට ලයිමෝල්ට ලයිට් දාලා තියෙද්දි නින්ද යන්නෙ නෑ.පුරුපුරුලා වැඩිපුර ටිකක් වෙලා ලයිට් දාල තිබුනත් ඒක ඕෆ් කරන්න කියලා බෙරිහන් දෙන එක තමයි මෑන්ස් කරන්නෙ.ඉතිං අපේ කට්ටිය කළේ සිටුවේෂන් රිපෝට් එකක් ගේන්න කියලා බුදධි අංශ ප්‍රධානියා වෙච්ච මාලුකට්ටව පිටත් කරල යවපු එක.මේ 11 වසර ඩෝම් එකේ තිබුන විශේෂ ලක්ෂණයක් තමයි ඇදන් සහ කබඩ් තිබුන විදිහට, ඒවා අස්සෙන් රිංග රිංග සතුරාට නොපෙනී ළගටම යන්න පුලුවන් වෙච්ච එක.
දැන් මේ වෙද්දි ඩෝම් එකේ ඉන්න අනිත් ළමයිනුත් දන්නවා සිද්දිය.කොයිකාගෙත් සපෝට් එක ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට තමයි.ඒක නිසා මාලුකට්ටාට බුද්ධි තොරතුරු රැස් කරන එක එච්චර අමාරු වැඩක් වෙලා නැහැ.
ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු තමන්ගෙ ඇටෑක් ප්ලෑන් එක වෙනස් කරන්න.ඒ අනුව පුරුපුරුයි අමන්දානන්දයි එක පැත්තකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.ඒ වගේම වන්නියයි බෝරෙයි යුගලෙයි, මුදලාලියි සෝමෙ අයියයි යුගලෙයි, තවත් පැති දෙකකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.හැබැයි කිට්ටු කළේ නිකං නෙවෙයි, ජාතික ආයුදේ වෙන කොට්ටෙත් අරගෙන.
දැන් තියෙන්නෙ ලයිට් ඕෆ් කරලා ඇටෑක් එක දෙන එක.මොකද දැන් පුරුපුරුලා තමන්ගෙ ප්‍රතිවාදියො ඉන්න තැන් දන්න නිසා කලුවරේම වුණත් ගේම දෙන්න පුලුවන්.ඒ වගේම පොන්ටින්ලා රාත්‍රී ප්‍රහාරක බලකාය ස්ථානගත වෙලා ඉන්න තැන් දන්නෙ නැති නිසා, එතකොට මෑන්ස්ලට කලුවරේ හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.හැබැයි ලයිට් ඕෆ් කළේ නැත්තං පොන්ටින්ලට පුරුපුරුලව හොදට පේනවා.එහෙම වුණොත් ඉතිං වතුර නාලා තමයි නවතින්න වෙන්නෙ.ඒත් ඉතිං ලෝඩ් කොක්ට නොපෙනී ස්විච් එක තියෙන තැනට යන්නෙ කොහොමද?
ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය මේ ප්‍රශ්නෙ විසදන්න අපූරු උපායක් යෙදුවලු.ඒ තමයි මාලුකට්ටව යවලා ඩෝම් එකට කරන්ට් එක දෙන මේන් ස්විච් එක ඕෆ් කරන එක.ඉතිං මෑන්සුත් නිකං වෙන වැඩකට එළියට යනවා වගේ ගිහිල්ලා මේන් ස්විච් එක ඕෆ් කළාලු.ඒ එක්කම 10, 11 වසරවල ඔක්කොම ඩෝම් වල කරන්ට් එක ගියාලු.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය, ලෝඩ් කොක් බලකායට තමන්ගෙ මාරාන්තික කොට්ට ඇටෑක් එක දුන්නලු.
ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....
ලෝඩ් කොක් බලකායට හිතාගන්න බැහැ කොහෙන්ද ඇටෑක් එක එන්නෙ කියලා.රාත්‍රී ප්‍රහාරක බලකායටත් හිතාගන්න බෑ තමන් මෙච්චර ලොකු ඇටෑක් එකක් දෙනවද කියලා.ටික වෙලාවකින් බලද්දි තමයි කට්ටියට තේරුනේ රාත්‍රී ප්‍රහාරක බලකායට අමතරව තව වොලන්ටියර්ස්ලා කීප දෙනෙකුත් ඇටෑක් එකට සෙට් වෙලයි කියලා.ඒ ලෝඩ් කොක් බලකායත් එක්ක ෆ්ලවර් ජම්ප් වෙලා හිටපු ස්ටඩි සෙට් එකේ කීපදෙනෙක්.
කොහොම හරි ලෝඩ් කොක්ලාට හොදට බැස්ටිය දුන්න අපේ යාලුවො සෙට් එක කලුවරේම දුවලා ගිහිං ඇදන් වලට නැග්ගලු.ඒ එක්කම මාලුකට්ටා ආපහු මේන් ස්විච් එක දැම්මලු.දැන් ලයිට් ඇවිත්.ලෝඩ් කොක් බලකාය වටපිට බලද්දි ගහපු එවුන් එක්කෙනෙක්වත් පේන්න නෑ.හැමෝම නිදි.වතුර පුරවපු බාල්දි වලින් වැඩක් ගන්නත් බැරි වුණා නොවැ!ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට පස්සෙ වෙලාවක ගේමක් දෙනවා කියල හිතපු ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල් නින්දට ගියාලු.
පුරුපුරුලා ඇදට පැන්නට මොකද, ඇදන් තවම තෙතයිනෙ.ඉතිං කට්ටියට නින්ද යන්නෙ නෑ.මේ වෙද්දි ලෝඩ් කොක්ලා ඇත්තටම ගොරව ගොරවා නිදි.ඉතිං නැගිටලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට මතක් වුණාලු ලෝඩ් කොක් බලකායෙ කට්ටිය ගෙනාපු, අර වතුර පුරවපු බාල්දි ටික.අපේ පැරකුම්බා මහරජතුමත් කියල තියෙන්නෙ අහසින් වැටෙන එක දිය බිදක්වත් අපතේ යවන්න එපා කියල නොවැ!ඉතිං වතුර බාල්දි පිටින් අපතේ යවන එක එහෙම බලද්දි මහම පවුකාර වැඩක්.ඒ හින්දා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු ඒ වතුර අපතේ නොයවා ලෝඩ්ලාට ස්නානයක් ලබල දෙන්න.
ඉතිං කට්ටිය කළේ හොරෙන් හොරෙන් ගිහිල්ලා අර වතුර බාල්දිවල තිබුන "පිරිසිදු" වතුර ටික ලෝඩ් කොක්ගෙ සහ පොන්ටින්ගෙ නෙට් උඩට වක්කරන එක.පිරිසිදු කියලා කිව්වෙ මේ බකට් බොගේ තිබිලා අරගෙන ආපුවා හින්දා.ලයිමෝල්ට කලින් දවසෙත් ඇටෑක් කරපු නිසා මෑන්ස්ට මොනවත් කළේ නැහැ.අනික ලයිමෝල් කොහොමත් නාන්න ටිකක් හොරයි.
මේ නෙට් එක උඩට වතුර වක්කරාම ඇතුලෙ ඉන්න මනුස්පයා දෙපාරක් නානවා.පළවෙනියට නාන්නෙ අර මුලින්ම ඇගට වැටෙන මහ වතුර කන්දරාවෙන්.ඊට පස්සෙ නාන්නෙ නෙට් එකේ රැදිලා තිබිලා වැටෙන වතුර බින්දු වලින්.නෙට් එක හදලා තියෙන දැල් රෙද්දෙන් වතුර වැටෙන්නෙ හරියට ස්වභාවික වැස්සක් වහිනවා වගේ.ඉතිං යාලුවො දෙන්නට ස්වභාවික වැස්සක් වස්සපු අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය වහාම එතනින් අතුරුදහන් වුණාලු.
පහුවදා වෙද්දි කට්ටියටම තේරුම් ගිහිං තිබුනෙ ගැටුම් වලින් ප්‍රශ්න විසදන්න අමාරුයි කියලා.ඉතිං ලෝඩ් කොක් සහ පුරුපුරු ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වලා තීරණය කළාලු සාමයේ පරවියා ඩෝම් එකට ගේන්න.ඒ අනුව රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය විසුරුවා හරින්නත් කට්ටිය එකග වුණාලු.ඉතිං ඔයින් මෙයින් වුණේ දෙගොල්ලො හොද යාලුවො බවට පත්වෙච්ච එක.
හැබැයි මේ සාමකාමී තත්ත්වෙ හැමදාටම තියෙන්න ඇද්ද? ඊට පස්සෙ මෙකද වුණේ? රාත්‍රී ප්‍රහාරක බලකාය 3 කොටසෙන් අපි කියන්නං මේ ගැන.
Wednesday, August 18, 2010
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය
ඉතිං යාලුවනේ දැන් අපේ පුසො ඉන්නෙ 11 වසරෙ නොවැ! ඒ කියන්නෙ හොස්ටල් එකෙත් කට්ටිය දැන් ඉන්නෙ අලුත් ඩෝම් එකක.අලුත් 11 වසර ඩෝම් එක 10 වසර ඩෝම් එකට වඩා ගොඩක් ලොකුයි.ඕන තරං ඉඩත් ඉතුරුයි.මොකද පුරුපුරුලගෙ බැච් එකේ හිටියෙ විසිපස් දෙනයිනෙ.කොටින්ම කියනවනං ඩෝම් එක ඇතුලෙ වන් බම්ප් ක්‍රිකට් ගහන්නත් කට්ටියට පුලුවන්කම ලැබුනා.ඉතිං කලින් අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් පුරුපුරු හිටියෙ ජනේලයක් අයිනෙ තිබුන ඇදකලු.හැබැයි මේ පාරනං ගියපාර වගේ නෙවෙයි, මෑන්ස් කැමැත්තෙන්මයි ප්ලේස් එක තෝරගත්තෙ.
11 වසරට යද්දි දන්න කියන හැම බැච් එකකටම වුණ සන්තෑසියක් තමයි බැච් එක කෑලි කෑලි වලට කැඩිල යන එක.ඒ කියන්නෙ ඔය කැම්පස් වල වගේ වෙන වෙනම කටයුතු කරලා ගහ මරා ගැනිල්ලක් නෙවෙයි.මොන දේ කළත් බැච් එකම එකට ඉන්නවා.මෙතන බැච් එක කැඩෙනවා කියලා අදහස් කළේ මතවාදී වශයෙන් බෙදෙන එකට.හැබැයි ඉතිං සමහර වෙලාවට ඔය මතවාදී ගැටුම් දුරදිග ගිය වෙලාවලුත් නැතුවාමත් නෙවෙයි.
11 වසරෙදි හැම බැච් එකක්ම සංගීත ප්‍රසංගයක් පවත්වන්න ඕනෙ.මේ සංගීත ප්‍රසංගයෙ නම තමයි "මි"යන්න.ඉතිං පුරුපුරුලගෙ බැච් එකත් ඔය විදිහට මහා පරිමාණයෙන් "මි"යන්න පැවැත්තුවලු.ගායනය වගේම වාදනයත් හොස්ටල් එකේ ළමයින්ගෙන්මයි.මේ "මි"යන්න ගැන වෙනම ලිපියක් පස්සෙ වෙලාවක දාන්නංකෝ.ඉතිං "මි"යන්න ඉවර වුණාට පස්සෙ තමයි හොදට තිබුන බැච් එක ටික ටික දෙදරලා යන්න පටන් ගත්තෙ.
කොහොම හරි ටික දවසක් යද්දි වෙන වෙනම සෙට් හතරක් 11 වසරෙ බැච් එක ඇතුලෙ හිටියා.ජුවාන්, පොල්පොට්, සලා, සකයා, සංජු, බටිල්ලා අයිති වුණේ "ආතල්" සෙට් එකට.මේ කට්ටියට ලෝකෙ පෙරලුනත් ගානක් නෑ.තමන්ගෙ පාඩුවෙ ආතල් එකේ තමයි ඉන්නෙ.
ඊළග සෙට් එක තමයි "ස්ටඩි" සෙට් එක.මේ සෙට් එකට අයිති වුණේ වවුලා, සෙන්සිටිව්, මැණික්, පැන්ඩා, හොං කොං, තාරාවා වගේ කීපදෙනෙක්.නමේ හැටියටම මේ අයගෙ ප්‍රධාන වැඩේ වුණේ අධ්‍යාපනය.අනික් ඒවා ඊට පස්සෙ.
ඊළග සෙට් එක තමයි පුරුපුරුලගෙ සෙට් එක.මේ සෙට් එකේ හිටියෙ පුරුපුරු, මාලුකට්ටා, වන්නියා, අමන්දානන්ද, මුදලාලි, සෝමෙ අයියා සහ බෝරෙ.මේ අයත් ඉතිං ලක්ෂණ වලින් ගොඩක් කිට්ටු ස්ටඩි සෙට් එකට වඩා ආතල් සෙට් එකට.
අන්තිම සෙට් එක තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එක.මේ සෙට් එකේනං හිටියෙ තුන් දෙනයි.ඒ තමයි ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල්.ඒ වගේම ඔය කිව්ව එක සෙට් එකකටවත් අයිති නැති ළමයිනුත් කීප දෙනෙක් හිටියා.
ඉතිං මෙහෙම සෙට් වලට බෙදිල හිටියත් හැමෝම බොහොම සහයෝගයෙන් ප්‍රශ්නයක් නැතුව තමයි හිටියේ.කෑවෙ බිව්වෙ, සෙල්ලං කළේ එකට.ඔය සෙට් භේදය මතුවුණේ හොස්ටල් එකෙන් හොරෙන් එළියට පනිද්දි වගේ වැඩ වලදි.එක සෙට් එකක් කවදාවත් සෙට් එකෙන් පිට කෙනෙක්ව ඔය වගේ වැඩ වලට එකතු කරගත්තෙ නැහැ.හැබැයි මුලින්ම කියපු සෙට් තුනම ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහින් හිටියෙ.මේකට හේතුව වුණේ ලෝඩ් කොක්ගෙ ඒ දවස්වල තිබුන පණ්ඩිත වැඩයි, පොන්ටින්ගෙ අයහපත් කල්ක්‍රියාවයි.
විශේෂයෙන්ම පුරුපුරුලගෙ සෙට් එකයි, ලෝඩ් කොක්ගෙ සෙට් එකයි අතරෙ බරපතල විදිහට මත ගැටුම් ඇතිවෙන්න වැඩි කල් ගතවුණේ නෑ.ටික දවසක් යද්දි මේ මත ගැටුම් වලියක් යන මට්ටමටම දුර දිග ගියා.ඉතිං ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහ පිට හිටපු අනිත් කට්ටියත් කළේ පුරුපුරුලගෙ සෙට් එකට සහයෝගය දුන්න එක.
ඔය අතරෙ තමයි තීරණාත්මක් සිද්දියක් වුණේ.ඩෝම් එකේ වැඩිය කට්ටිය නැති වෙලාවක ලෝඩ් කොක්ගෙ සෙට් එක මාලුකට්ටගෙ ඇග වැහෙන්න බෙඩ් ෂීට් එකක් දාලා මෑන්ස්ට තඩිබාලා තිබුනා.ඉතිං මේ සිද්දිය නිසා පුරුපුරුලගෙ සෙට් එක හිතේ අමාරුවෙන් තමයි හිටියෙ.ඔහොම ඉන්න අතරෙ තමයි මාලුකට්ටගෙ කබඩ් එකේ හුණු වලින් මෙතන කියන්න බැරි මට්ටමේ රුවන් වැකියක් ලියවිලා තිබුනෙ.ඉතිං ඕක කළේලෝඩ් කොක්ගෙ සෙට් එක කියලා ඔප්පු කරන්න බැරිවුණත්, පුරුපුරුලා දැනගෙන හිටියා ඔය වැඩේ කළේ ඒ අයමයි කියලා.
ඉතිං පුරුපුරුලගෙ සෙට් එක තීරණය කළාලු ලෝඩ් කොක්ගෙ සෙට් එකට විරුද්ධව වහාම නැගී සිටින්න ඕනෙ කියලා.එදා රෑ කට්ටිය සෙට් වෙලා මේ ගැන ඩිස්කෂන් එකක් දැම්මලු.එතනදි තීරණය වුණේ ලෝඩ් කොක්ලා වගේම පුරුපුරුලත් තමන්ගෙ හතුරන්ට විරුද්දව කොමාන්ඩෝ ගේම් දෙන්න ඕනෙ කියලා.ඉතිං එදා රෑම කට්ටිය "රාත්‍රී ප්‍රහාරක බලකාය" පිහිටෙව්වලු.
රාත්‍රී ප්‍රහාරක බලකායෙ අරමුණ තමයි සතුරාට නොදැනී ගිහිල්ලා ක්ෂණික ප්‍රහාර එල්ල කරලා ආපහු එන එක.ඉතිං නමේ තියනවා වගේම ඇටෑක් එකට යොදාගත්තෙ රෑ කාලය.මුල්ම ඇටෑක් එක කරන්න තීරණය වුණේ ලයිමෝල්ට විරුද්ධව.මොකද මෑන්ස් තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එකේ බුද්ධි අංශ ප්‍රධානියා.ඒ කියන්නෙ පුරුපුරුලා කතා කරන ඒවා හොරෙන් අහගෙන ඉදලා ලෝඩ් කොක්ටයි, පොන්ටින්ටයි රිපෝට් කරන්නෙ ලයිමෝල්.
ඉතිං මේ වෙද්දි ලෝඩ් කොක්ගෙ සෙට් එක, පුරුපුරුලා තමන් කරපු දේට විරුද්දව මොකක් හරි ඇටෑක් එකක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ.ඒක පුරුපුරුලත් දැනගෙනයි හිටියෙ.ඉතිං ලයිමෝල්ට විරුද්දව දෙන ඇටෑක් එක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනෙ කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා.
එදත් සුපුරුදු විදිහට ලයිට් ඕෆ් කරලා කට්ටිය නිදාගත්තා.ඊට පස්සෙ කතා කරගත්තු විදිහට රාත්‍රී ප්‍රහාරක බලකාය පුරුපුරුගෙ ඇද ළගට එකතු වුණා.මුලින්ම කළේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටව ඔත්තු බලන්න යවපු එක.මෑන්සුත් ඇදන් අස්සෙන් බඩගාගෙන ලයිමෝල්ගෙ ඇද තිබුන හරියට ගියා.ලයිට් ඕෆ් කළාට යන්තම් වටපිටාව පේන ගානට එළියක් ඩෝම් එක ඇතුලෙ තිබුනා.මොකද ඉතිං කොළඹ කියන්නෙ රෑට සම්පූර්ණයෙන් කලුවර වෙන නගරයක් නෙවෙයි නොවැ!
ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවා.බුද්ධි වාර්තා අනුව ලයිමෝල් ගොරව ගොරව නිදිලු.කොහොමත් ලෝඩ් කොකුයි, පොන්ටිනුයි හිටියෙ ඩෝම් එකේ වෙන කෙළවරක.ඒක හින්දා ලයිමෝල් කියන්නෙ ඊසි ටාගට් එකක්.දැන් තමයි රාත්‍රී ප්‍රහාරක බලකාය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වෙලාව.ඉතිං කට්ටියම තමන්ගෙ ආයුධ ටික ලෑස්ති කර ගත්තලු.
ආ.. කියන්න අමතක වුණානෙ.පුරුපුරුලගෙ බැච් එකේ හැම ළමයෙකුටම වගේ කොට්ට දෙක ගානෙ තිබුනා.එකක් නිදාගන්න පාවිච්චි කරන්න.අනික ආයුධයක් විදිහට.ඒ කියන්නෙ කොට්ට පොර වලට.හැම මාස දෙක තුනකට පාරක්ම ඩෝම්ු එක ඇතුලෙ පැවැත්වෙන කොට්ටපොර ටූනමන්ට් එකට සහභාගි වෙන්න කියලා හැමෝම තමන්ගෙ කොට්ට ආයුදේ ලස්සනට හදාගෙනයි තිබුනෙ.පුරුපුරුගෙ කොට්ටෙත් යටට පුලුන් ඇට පුරවලා නියම යගදාවක් වගේ හදාගෙනයි තිබුනෙ.ඒකෙන් එක පාරක් හරියට කෑවොත් ඉතිං වන්ෂොට් නොකවුට්.
දැන් රාත්‍රී ප්‍රහාරක බලකාය ප්‍රහාරයට සියල්ල සූදානම්! ඉතිං හොරෙන් හොරෙන් ඉස්සරහට ගිය අමන්දානන්ද ලයිමෝල් ඇදට දාල තිබුන නෙට් එක ගැලෙව්වලු.ඒ එක්කම පුරුපුරු දුන්න සිග්නල් එකට අනුව ඉතුරු හය දෙනාම තමන්ගෙ කොට්ට වලින් නිදාගෙන හිටපු ලයිමෝල්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළාලු.කොහොම හරි මේ වැඩේට විනාඩියක් විතර යන්න ඇති.දැන් ලයිමෝල්ට මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ.හතර අතින් කුලුගෙඩි වගේ කොට්ට පාරවල් වැදෙද්දි තමයි පොර නින්දත් නොනින්දත් අතර තත්ත්වෙකින් ඇස් දෙක ඇරියෙ.
මේ වෙද්දිත් ලයිමෝල්ට හිතේ හැටියට තඩිබාලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකාය මෑන්ස් ඇස් අරිද්දිම කලුවර අතරින් අතුරුදහන් වුණේ විදුලි වේගෙන්.ඉතිං ඔලුව උස්සලා ලයිමෝල් වටපිට බලද්දි මෑන්ස්ගෙ ඇද කිට්ටුවකවත් ගහපු මනුස්පයෙක් හොයාගන්න නෑ.පොර ඊට පස්සෙ නැගිටලා ගිහින් ලයිට් එක දාල බලද්දි මුලු ඩෝම් එකම නිදි.ඒ කියන්නෙ අපේ බලකායෙ කට්ටියත් හොරාට නිදි.දැන් ඉතිං කට්ටියට කරපු මිෂන් එකටත් වඩා අමාරු හිනාව තද කරගෙන ඉන්න එකලු.
කොහොමහරි ඉතිං ටික වෙලාවක් තමන්ට ඇටෑක් කරපු එවුන්ගෙ අම්මලාට පින් දිදී හිටපු ලයිමෝල් ආපහු ගිහිං නිදා ගත්තලු.ඊට පස්සෙ පුරුපුරුලත් නිදාගත්තලු.
පහුවදා මොකද වුණේ? අපි යාලුවනේ ඒ ගැන ඊළග ලිපියෙන් බලමුකො නේද?
Subscribe to:
Posts (Atom)











