අඹ යාලුවෝ

Monday, August 2, 2010

හොස්ටල් ලයිෆ් - මැර සතිය - The Week of Evil

පහුගිය දවස්වල අපි හොස්ටල් කතා කීපයක්ම ඔයාලට කිව්වනෙ.ඉතිං යාලුවනේ අදත් අපි හොස්ටල් කතාවක්ම තමයි ඔ‍යාලට අරගෙන ආවෙ.කවුරුත් දන්නවනෙ මොළේ තියෙද්දි බලේ නෑ, බලේ තියෙද්දි මොළේ නෑ කියන කතාව.මේ සිද්දිය ඒ කතාව ප්‍රායෝගිකව ඔප්පු වෙච්ච අවස්ථාවක්.


දැන් ඔන්න පුරුපුරුලා 10 වසරෙ අන්තිම හරියට ඇවිල්ලලු ඉන්නෙ.තව සති කීපෙකින් 11 වසරෙ.ඒ කියන්නෙ කට්ටිය හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙන්නලු යන්නෙ.ඉතිං ඊට පස්සෙ අර පුරුපුරුලට ගහපු අයියලට ආපහු පුරුපුරුලට තග දාන්න චාන්ස් එකක් එන්නෙ නෑ.දැන් ඉතිං 11 වසරෙ අයියල කට්ටියට මාර දුකයිලු.ඔය හැම බැච් එකේම වගේ මේ අයියලගෙ බැච් එකෙත් හිටිය අනුන්ට පීඩා කිරීමේ මානසිකත්වය තිබුන කීප දෙනෙක්.ඉතිං ඒ කට්ටිය තීරණය කළාලු හොස්ටල් එකේ සියලුම ජූනියර් බැච් වලට බල පැවැත්වෙන පරිදි "මැර සතියක්" ක්‍රියාත්මක කරන්න.(නම දැම්මෙත් ඒ අයම තමයි)


ඉතිං අයියල පොඩි එවුන්ට දැනුම් දුන්න විදිහට මේ මැර සතියෙදි කෙරෙන්නෙ වැරදි වලට උපරිම විදිහට දඩුවම් දෙන එකලු.ඉතිං ඒක හින්ද පුලුවන් තරම් වැරදි කිරීමෙන් වැලකිලා ඉන්න කියලත් කට්ටියට උපදෙස් ලැබුනා.ඒ වුණාට ඉතිං අපේ යාලුවො කට්ටියනං දැනගෙන හිටියා මොනතරං වැරදි නොකර හිටියත් අයියලා කට්ටිය බොරු වැරැද්දක් හරි දාල පොඩි එවුන්ට ටොපිය සෙට් කරන බව.


ඉතිං කට්ටිය අමාරුවෙන්, කිසිම වැරැද්දක් නොකර මැර සතියෙ පළවෙනි දවස ගත කළා කියමුකො.ඊළගට ආපු දෙවෙනි දවසෙදි තමයි 10 වසරෙ ළමයි අතින් "බරපතල" වැරැද්දක් වුණේ.ඒ තමයි දවල් කෑම පෝළිමට එන්න විනාඩියක් විතර පරක්කු වෙච්ච එක.ඉතිං අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක් තමයි එතන සිද්ද වුණේ.වහාම ක්‍රියාත්මක වෙච්ච 11 වසරෙ අයියලා 10 වසරෙ මල්ලිලට දැනුම් දුන්නලු ආෆ්ටර් ඩිනර් එයාලව මීට් වෙන්න කියලා.


ඔන්න හවස් වීගෙන එද්දි 10 වසරෙ ඩෝම් එකට තව පණිවිඩයක් එනවලු අයියලව මීට් වෙන්න ඕනෙ කුප්‍රකට දෙල් ගහ යටදි කියල.අපි අර කලින් කතාවකදි කිව්ව වගේ "දෙල් ගහ යටදි මීට් වෙන්න" කියන්නෙ හොස්ටල් එකේ ළමයෙක්ට අහන්න ලැබෙන වැඩියෙන්ම බය හිතෙන පණිවිඩයක්.ඉතිං හොද සංග්‍රහයක් අත ළග කියල පුරුපුරුට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ.

වැඩේ අම්බානට බරපතලයි කියල කට්ටියට තේරුණේ 10 වසරෙ බැච් එකේ හිටපු පොඩි පොඩි බට්ටො ටිකට එදා අයියලව මීට් වෙන්න ඕනෙ නෑ කියල ආපු තවත් පණිවිඩේකින් පස්සෙ.ඒ කියන්නෙ ඇග ලොකු, හොදට ගුටි කන්න පුලුවන් ඩයල් ටික විතරයි එදා රෑ දෙල් ගහ යටට යන්න ඕනෙ.මේ පණිවිඩේ ඇහුවට පස්සෙනං අපේ පුරුපුරු ලොක්කට හීන් දාඩියත් දැම්මලු.

කොහොම හරි ඉතිං සුබ නැකතත් උදාවුණාලු.ඩිනර් එකෙන් පස්සෙ බැච් එකේ හිටපු 25 දෙනාගෙන් ගුටිකන්න පුලුවන් 15 දෙනෙක් දෙල් ගහ යටට පිටත් වුණාලු.ගහ යටට ගියාට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ පහලොස් දෙනාට ගහන්න අයියල 30ක් විතර ඇවිත් ඉන්න වග.පුරුපුරුත් දැන් ඉතිං බලාගෙන ඉන්නවලු ගන දෙයියොවත් ඇවිල්ල යාලුවො ටික බේරගනී කියල.ඒත් ඉතිං දෙයියන්ටත් ඔයිට වඩා වැදගත් වැඩ නැතෑ කරන්න.

කොහොම හරි ඉතිං ඊට පස්සෙ කට්ටියව පෝලිමට හිටවල අයිය කෙනෙක් "හොස්ටල් විනය","සීනියෝරිටි" වගේ මාතෘකා ගැන ලෙක්චර් එකක් දුන්නලු.ඊට පස්සෙ උදා වුණේ වරදට දඩුවම් දීමේ වෙලාව.

"චට පට චට පට"

ගාල සද්දෙ එක්කම කම්මුල් වලට සැරට පාරවල් වදිනවා කට්ටියට තේරුණාලු.පුරුපුරුටනං පාරවල් විසිපහක් තිහක් විතර වැදුන බව මතකයි.කොට අයියලා උඩ පැන පැන තමයි 10 වසරෙ මල්ලිලට ගැහුවෙ.කොහොම හරි ඉතිං ගුටිකාල ඉවර වුණාට පස්සෙ පස් දෙනෙක් ඇරෙන්න ඉතුරු කට්ටියට ආපහු ඩෝම්ගත වෙන්න පර්මිෂන් ලැබුනලු.


ඉතුරු වෙච්ච පස්දෙනා තමයි පුරුපුරු, පොන්ටින්, සකයා, සලා සහ පොල්පොට්.ඒ අයට විරුද්දව එල්ල වෙච්ච චෝදනාව තමයි ගුටි කනකොට අයියලට රැව්වයි කියන එක.කොහොමත් පොන්ටිනුයි සකයයි එක්ක අයියලගෙ බැච් එකේ ලොකු තරහක් තිබුනා.මොකද ඒ දෙන්නම නාහෙට අහන්නෙ නැති දෙන්නෙක් කියල හොස්ටල් එක පුරාම ප්‍රසිද්ධයි.ඉතිං ඉතුරු වෙච්ච පස් දෙනාටත් තව ටිකක් ගුටිකෑවට පස්සෙ ආපහු යන්න පර්මිෂන් හම්බ වුණා.


පුරුපුරුට දැන් ඉතිං බ්‍රහස්පතියි සිකුරුයි ඇස් දෙක ඉස්සරහ පායල වගේ.වෙනද නොපෙනිච්ච තරු මූණ ඉස්සරහ බල්ටි ගහනවලු.ඒ මදිවට ගුටිකාල වැඩිවෙලා මූණත් හිරිවැටිලා.මොනවත් දැනෙන්නෙ නෑ.ආපහු ඩෝම් එකට යන ගමන් බොගට ගිහිං කණ්ණාඩියන් බැලුවට පස්සෙ තමයි මෑන්ස් දැක්කෙ කටින් ලේ එනවයි කියලා.


ඉතිං කටත් හෝදලා අයියලගෙ මෑණිවරුන්ගෙ ගුණ මෙනෙහි කර කර අපේ පූසා ඩෝම් එකට ඇවිල්ල නිදාගත්තලු.පහුවදා උදේ තමයි දැනගත්තෙ 9 වසරෙ සෙට් එකටත් ඒ වගේම සංග්‍රහයක් ලැබිලයි කියලා.ඉතිං පුරුපුරුලගෙ කට්ටිය සාකච්ඡා කළාලු මැර සතියට විරුද්ධව මොකද කරන්නෙ කියලා.සමහරු කිව්වලු කොටියා සර්ට ගිහිං කම්ප්ලේන් කරමුයි කියලා.තවත් සමහරු ඒකට කැමති වුණේ නෑලු.ඉතිං ඔය විදිහට තර්ක කර කර කට්ටිය මැර සතියෙ තුන් වෙනි දවසත් ගත කළාලු.


ඊට පස්සෙ තමයි යාලුවනේ තීරණාත්මක හතර වෙනි දවස උදා වුණේ.හතර වෙනි දවසෙදි මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

ප.ලි - ඔය පහරදීම කොච්චර ටෙක්නිකලි කරනවද කියනවනං, පහුවදා උදේ වෙද්දි කාටවත් බැලූ බැල්මට හොයන්න බෑ අහවලාට තියෙන්නෙ කලින් දවසෙ ගුටි කාපු මූණක් කියලා.

19 comments:

  1. එල එල.. ඔහොම ය....
    වැම්පයර්..

    ReplyDelete
  2. ගයන්තය හිටියනම් මිනිහ තමයි වැඩිපුරම කන්නෙ එහෙනම්.. :n

    ReplyDelete
  3. මේකත් මාර හොස්ටල් එකක්නේ.............
    :n :n :n :n :n :n :n :n :n :n :n ....

    ReplyDelete
  4. අඩෝ ඔවටත් ගහනවද?? ජූනියර් සෙට් එකම එකතුවෙල තවත් 'මැර සතියක්' පටන් අරන් සීනියර්ස්ලට එළව එළව කෙලින්නයි තිබ්බේ.මොකද උන් ටික දවසකින් යනවනේ.. :h
    ඊළඟ ලිපිය බලමුකෝ...

    ReplyDelete
  5. බොගට ගියේ මූන බලන්නද. නැත්තං ගුටිකාල බොගක් සෙට් විච්ච හින්දද? :s

    ReplyDelete
  6. පව් අපේ පුරු පුරු

    ReplyDelete
  7. මොනා කරන්නද මචං. ජීව්තේ ඔහොම තමයි. කොහෙත් තියෙන්නේ කැලෑ නීතිය."The Strongest Survives"

    ReplyDelete
  8. @ වැම්පයර් - තැන්ක්යූ වේවා සහෝ!:b අද මොකද මේ ඇනෝනිමස් වෙලා? ඉර එලිය අගුණ හින්දද??:r

    @ ගයන්ත - හික් හික්!!ඇයි මචෝ ඇග ලොකු නිසාද? එහෙමත් නැත්තං රවන නිසාද?:d:d

    @ කැන්ඩි - "මේකත් මාර හොස්ටල් එකක්නේ"

    හික් හික්!!කොයි හොස්ටල් එකත් අඩු වැඩි වශයෙන් ඔය වගේ තමයි බං!:b:b

    ReplyDelete
  9. @ සිකා - සිනියර්ස්ලට ගහන එක හිතන තරං ලේසි වැඩක් නෙවෙයි මචෝ!ඒ ගැන ඊළග ලිපියෙන් කියන්නංකෝ!!:b:b

    @ Praසන්ன - හික් හික්!! මූණ හෝදගන්න තමයි ගියෙ යාලු.:f:f

    @ priyantha - ඒක නේන්නං! පුසන්ට උරුම ඉතිං ගුටිකෑම තමයි:s:s

    @ Uthpala - හික් හික්!! මේක ඉතිං සිරිලංකාවනෙ බං...:b:b

    ReplyDelete
  10. අපේ ඉස්කෝලෙත් හොස්ටල් එකේ ඔය වගෙ සීන් නම් ගමකට තිබුනලු... වාසනාවට හරි අවාසනාවට හරි පුතාට හොස්ටල් එකේ නවතින්ට උනේ නෑ.... ඔය වගෙ ගුටි සීන් නම් එමටයි...
    ඒක නෙවෙයි 10 වසරෙ මල්ලිලා 11 වසරෙ අයියලා වුනාට පස්සේ ඔය මැර වැඩවලට තිත තිබ්බද... :g

    ReplyDelete
  11. මම හොස්ටල් එකෙන් අස්වෙන්නත් හේතු‍වුනේ ඔය ගුටි කෙලිය. කවදාවත් ගුටි කාලා නම් නැ. ඒ වුනාට දකිනකොට ඉන්න බැරිවුනා ඒ කාලෙ.

    ඉතින් අස්වුනා!

    ReplyDelete
  12. @ පුතා - :rහැබෑටම පුතාගෙ ඉස්කෝලෙ මොකද්ද?

    පුතා අපිව ලොකු අමාරුවකනෙ දැම්මෙ.:j:j:jඅපි බයේ හිටියෙ ඔය ප්‍රශ්නෙ කවුරු හරි අහයි කියලා.උත්තරේ විදිහට දෙන්න තියෙන්නෙ ඉතිං

    "තිත තිබ්බා, හැබැයි ආණ්ඩුව මතට තිත තිබ්බා වගේ"

    (මොකද වැඩේ සම්පූර්ණයෙන් නැවතුනේ නෑ.බාගෙට නැවතුනේ):f:f:f

    @ lankablogger.info - :b:b:b

    @ Supun Sudaraka - මම හිතන්නෙ මලයා අස්වෙලා තියෙන්නෙ 2006 විතර.ඒ කියන්නෙ පුරුපුරුව දැනගෙන ඉන්න ඕනෙ.හික් හික්!!:r:r:r

    @ කොඩී - :b:b:b

    ReplyDelete
  13. මටත් සැකයි බොගට ගියේ මුන බලන්නමද කියලා :f :f :f

    ReplyDelete
  14. මට මේ කතාව කියවන්න බැරිවෙලානේ. කොහොම මිස් වුනාද මන්දා ? :r

    ReplyDelete
  15. @ පුබුදුවා - හික් හික්!! මූණ බලන්න තමයි ගියෙ බං:i:i:i

    @ Hasitha - එළකිරි!දැන් කියෙව්වනෙ මලයො!!:b:b:b

    ReplyDelete
  16. @පුරුපුරු - ම්... මම අස්වුනේ 2006 අවුරුද්දෙ මුල හරියෙ විතර. සමහර විට දන්නවා වෙන්න ඕනෑ.. :D

    ReplyDelete
  17. මමත් ඔයාලගෙ හොස්ටල් එකේම 99 O/L batch එකේ අයියා කෙනෙක්. ඔන්න අපි අද සුහද හමුවක්! පරන රස කතාවලින්ම පිරුනු දවසක් වේවි...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???