අඹ යාලුවෝ

Monday, December 10, 2012

හුංගා

හුංගෙක් - උපුටා ගැනීම http://www.srilankantravellers.com/animals/2011/12/31/

ගෙදර මාලු ටැංකියක් තියාගෙන සුරතල් මාලු ඇතිකරන එක ගොඩක් කොල්ලන්ගෙ පුරුද්දක්. ඉතිං අපේ පූසො සෙට් එකේ පුරුපුරු, ඤාව්වා සහ උපාසකත් මේ විදිහට මාලු ඇති කරන්න ඇබ්බැහි වෙලා හිටපු තුන් දෙනෙක් තමයි. ඉතිං මේ අයගේ ටැංකිවල ගෝල්ඩ් ෆිෂ්ලා, කාෆ්ලා, ඒන්ජල්ලා වගේ රට මාලු වගේම නළහඳයි, ගප්පි, පෙතියො, වැලිගොව්වෝ වගේ දේශීය මාලුත් හිටියලු. ඇත්තටම පුරුපුරුනං රට මාලුන්ටත් වඩා කැමති වුණේ අර අන්තිමට කියපු වෙල් මාලුන්ට තමයි. මොකද වීදුරු ටැංකියකට දැම්මාට පස්සෙ වෙල් මාලුන්ගෙන් පේන ලස්සන රට මාලුන්ටත් වඩා වැඩියි.

ඉතිං මේ සිද්දිය වුණේ අපේ පූසො ඒ ලෙවල් කරලා ගෙදර හිටපු දවස්වල. මේ දවස්වල තමයි අධ්‍යාපන කටයුතු හින්දා කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුන මාලු හැදිල්ල ආපහු නග්ගලා ගන්න පූසො තීරණයක් ගත්තේ. ඉතිං කට්ටිය තීරණය කළාලු ලස්සන වෙල් මාලු ටිකක් අල්ලගෙන තමන්ගෙ මාලු ටැංකි ලස්සන කරගන්න. මේ වැඩේට අපේ පූසො සෙට් එක තෝරගත්තේ පුරුපුරුලාගෙ ගෙදර පල්ලෙහා තිබුන වෙල අයිනෙන් ගලාගෙන ගිය පොඩි ඇළ.

ඔය විදිහට ඉතිං නියමිත දවසේ පූසො තුන්දෙනා සුබ නැකතින් වෙලට බැස්සලු මාලු අල්ලන්න ඕනෙ කරන ආම්පන්න ටිකත් අරගෙන. ආම්පන්න තමයි ඉතිං මාලුන්ව අල්ලන්න හදාගත්තු රෙදි ගොටු ටිකයි, ලොකු රෙද්දකුයි, අල්ලගත්ත මාලුන්ව ආපහු ගෙනියන්න ගෙනාපු ෂොපින් කවර ටිකයි. ඔය විදිහට ආම්පන්න වලින් සන්නද්ද වෙච්ච අපේ යාලුවො මුලින්ම ගියේ ඇළේ මාලු ගහනය වැඩියි කියලා කලින් මීටර් කරගෙන තිබුන ඒරියා එකකට.

දැන් ඉතිං අපේ කස්ටිය රෙදි එළලා, ගොටු ගහලා ලෑස්තිය මාලු ටිකක් අල්ලගන්න. කිව්වත් වගේ එතන  හිටියේ ජනගහන වේගය පාලනය කරගන්න බැරිවෙච්ච මාලු සෙට් එකක්. හැබැයි ඉතිං උං ඔක්කොම ගප්පියෝ. ඉතිං බොහොම කෙටි කාලයක් ඇතුලත ෂොපින් උරයක් පිරෙන්න ගප්පි අල්ලගන්න අපේ පූසන්ට පුලවන්කම ලැබුනලු. තව ටිකක් එහාට ගිහින් ටිකක් මහන්සි වුණාට පස්සේ පෙතියෝ සෙට් එකකුයි, වැලිගොව්වෝ කීප දෙනෙකුයි අල්ලගන්නත් කට්ටියට චාන්ස් එක හම්බවුණාලු. දැන් ඉතිං තුන්දෙනාටම ටැංකිවලට දාන්න තරම් කට්ටිය මාලු අල්ලගෙනයි ඉන්නේ. ඒ හින්දා පුරුපුරුටයි, උපාසකටයි ඕනෙ වුණේ ආපහු ඉක්මනට ගෙවල් වලට යන්න.

ඒත් ඤාව්වාටනං ආපහු යන්න කිසිම කැමැත්තක් තිබුනේ නෑ. මොකද මෑන්ස්ගේ ප්‍රධාන ගෝල් එක ඇචීව් කොරගන්න ඤාව්වාට ඒ වෙද්දිත් පුලුවන්කමක් ලැබිලා තිබුනේ නෑ. ඇත්තටම එදා දවසේ අපේ ඤාව්වාට ගොඩක්ම ඕනෙකම තිබුනේ හුංගෙක්ව අල්ලගන්න. ඉතිං මෑන්ස් පුරුපුරුගෙන් මේ ගැන කලින් දවසේ ඇහුවාම පුරුපුරුත් ඤාව්වාට කිව්වලු ඇළේ හුංගො ගොඩක් ඉන්නවයි කියලා. ඇත්තටම මේ පොඩි ඇළේ හුංගො ඉන්නබව පුරුපුරු කලින් එකපාරක් අහලා තිබුනත් පෑවිල්ල හින්දා ඇළේ වතුර ගොඩක් අඩු වෙලයි තිබුනේ. ඒ හින්දා පුරුපුරු ඇත්තටම විස්වාස කළේ නෑ ඤාව්වාට හුංගෙක් අල්ලගන්න ලැබෙයි කියලා. ඒත් ඉතිං කම්මැලි ඤාව්වාව එදා දවසේ ගෙන්නගන්න ඕනෙ හින්දම පුරුපුරු මෑන්ස්ට කිව්වලු ෂුවර් එකට හුංගෙක්ව අල්ලගන්න පුලුවන් වෙයි කියලා.

දැන් ඉතිං හුංගෙක්ව අල්ලගන්න බැරිවෙච්ච එකට ඤාව්වාට පට්ට අප්සෙට්. ඒ මදිවාට මෑන්ස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා.

“මොකද්ද බං උඹලා හුංගෙක්ව අල්ලලා දෙනවා කියලනෙ මට එන්ඩ කිව්වෙ. කිව්වනං දැන් අල්ලල දීපං. නැත්තං මම එන්නෙ නෑ ආපහු යන්ඩ“

දැන් ඤාව්වා වෙල මැද්දෙ පුරුපුරුටයි, උපාසකටයි සද්දෙ දානවා. වෙලේ ඉන්න අසමජ්ජාති මී හරක් රංචුවේ හැටි දන්න හින්දා මෑන්ස්ව තනියෙන් දාලා යන්නත් බයයි වගේ. ඉතිං අන්තිමට පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු ඤාව්වාට කොහොමහරි හුංගෙක් අල්ලලා දීලා මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න. ඒත් ඉතිං මෙච්චර වෙලා හම්බ නොවිච්ච හුංගො දැන් කොහෙන් හොයන්නද? 

මේ අතරෙ තමයි උපාසක මෙහෙම යෝජනාවක් කළේ.

“මචංලා අපි අර කැළෑව හරියට යමු බලන්න. ඒ හරියෙ ඇළේ සමහරවිට හුංගො ඉන්න පුලුවන්“

ඉතිං මේ යෝජනාවට එකඟ වෙච්ච පූසො සෙට් එකම ඈතින් තියෙන කැළෑව පැත්තට ගියාලු. ඇත්තටම මේක කැළෑවක් කිව්වට කැළෑ බඩියක්. එහෙම නැත්තං බඩවැටියක්. ඒ හරියෙ වෙල වුණත් ගොයම් වවලා නැතුව පුරන් වෙලයි තිබුනේ. ඉතිං මුලු ඒරියා එකේම තිබුනේ පාලු ස්වභාවයක්. කොහොමහරි ඉතිං අපේ යාලුවො තුන් දෙනාම දැන් ඇළ දිගේ ඇවිදගෙනම ඉස්සරහට යනවලු. බඩවැටිය හරියට ආවට පස්සෙ ඇළත් වහගෙනම වගේ කැළේ වැවිලයි තිබුනේ. ඉතිං තමන්ට අඩි දෙකතුනකට වඩා ඉස්සරහා තිබුන දේවල් පූසන්ට පෙනුනේ නෑ.

ඔය අතරේ තමයි ඤාව්වා එකපාරටම කෑ ගහන්න ගත්තේ.

“අන්න හුංගෙක්. හුංගෙක්. අල්ලපන් ඕකාව“

කලබල වෙච්ච පාර උපාසකයි, පුරුපුරුයිත් ඒ පැත්ත බැලුවත් දෙන්නම කිසිම හුංගෙක් දැක්කෙ නෑ. ඒත් ඇළේ හුංගෙක් හිටපු බව ඤාව්වාට හොඳටම ෂුවර්. දැන් මෑන්ස්ගෙ ලෑස්තිය ඇළේ බඩගාලා හුංගාව හොයන එක. ඒත් හුංගො කියන්නෙ එසේ මෙසේ මාලු ජාතියක් නෙවෙයි. උන් විද්දොත් සෑහෙන්න අමාරු වෙන්න පුලුවන් කියලයි පුරුපුරුනං අහලා තියෙන්නෙ. ඉතිං මෑන්ස් ඤාව්වාට ඇළට බහින්න දුන්නේ නෑ. ඒ වෙනුවට කට්ටියම කළේ හුංගාව අල්ලන්න සෝදිසි මෙහෙයුමක් දියත් කරලා තවත් ටිකක් ඉස්සරහට ගිය එක.

මෙහෙම යද්දි තමයි අපේ යාලුවො කට්ටියට එකපාරටම ඇළ අයිනේ තිබුන බැරල් එකක් හම්බවුණේ. මේ බැරල් එක ගනට වැවිච්ච පඳුරු අස්සේ හැංගිලා තිබුන හින්දා පූසො ඒක ඇඟේ වදින ගානට ළං වෙනකං දැක්කේ නෑ. ඒ වගේම බැරල් එක හින්දා පූසන්ගේ ඉදිරි ගමන අවහිර වෙලා තිබුනේ. ඉතිං උපාසක කළේ බැරල් එක ඇළට පෙරලලා දාන්න ට්‍රයි කරපු එක. ඒත් ගොඩක් බර ඒ බැරල් එක තල්ලු කරන එක පූසාට හිතපු තරං ලේසි වුණේ නෑ. අන්තිමට පූසො තුන් දෙනාම එකතුවෙලා තමයි බැරල් එක ඇළට තල්ලු කළේ. ඇළට වැටිච්ච බැරල් එක ඇතුලේ තිබුන දියරයක් “ගොජ ගොජ“ සද්දෙන් ඇළට එකතු වෙන්න ගත්තේ එතකොට.

එතකොට තමයි පූසන්ට මීටර් වුණේ මේ බැරල් එකේ තිබුනේ මොනවාද කියලා. ඒ තමයි වෙල් ෆැන්ටා, මුල්ල පටස්, කෂියා වගේ විවිධ නම් වලින් හඳුන්වන හෙළයන්ගේ ජනප්‍රිය පානය. දැන් ඉතිං මේක මහන්සියෙන් පෙරපු එකා වැඩේ දැක්කොත් පූසන්ට අබ සරණයි. ඉතිං හුංගො හෙවිල්ල පැත්තකින් තියපු පූසො කළේ අල්ලගත්තු මාලු ටිකත් උස්සගෙන පණ කඩාගෙන ආපහු දුවපු එක. දුවලා ගිහින් වෙලෙන් එගොඩ වෙනකංම අපේ යාලුවො නෙවෙයි ආපහු පිටිපස්ස හැරිලාවත් බැලුවේ.

පස්සේ වෙන දවසක උපාසකලගෙ ගෙවල් ගාව වෙලෙන් පොඩි හුංගෙක්ව අල්ලගන්න ඤාව්වාට පුලුවන්කම ලැබුනලු. ඔහොම සතියක් දෙකක් යද්දි තමයි පුරුපුරුට හද සලිතවෙන ජාතියෙ නිව්ස් එකක් ලැබුනේ. ගමේ හිටපු පුරුපුරුගෙ යාලුවෙක් එක දවසක් මෑන්ස්ව හම්බවෙච්ච වෙලාවක පුරුපුරුට මෙහෙම කිව්වලු.

යාලුවා :- මොකද්ද බං මේ උඹ කසිප්පු පෙරන කතාව?

පුරුපුරු :- හෑ!!! මොකක්? @$$*(*%$#%#@%@

යාලුවා :- නෑ බං අපේ අම්මට අර අල්ලපු ගෙදර ඇසිලින් ඇන්ටි කියලා තියෙනවා උඹ විබාගෙ ෆේල් වෙලා කොළඹ යාලුවොත් එක්ක ගමේ හොරෙන් කසිප්පු පෙරනවයි කියලා.

බැලින්නං එදා අපේ පූසෝ හුංගො හොයන්න ගිය ඒරියා එක ගමේ කෂියා පෙරන්න ප්‍රසිද්ද වෙච්ච තැනක්ලු. ඉතිං පුරුපුරු අනිත් පූසොත් එක්ක ඔය ඒරියා එකේ බඩවැටි අස්සෙ රිංග රිංග ඉන්නකොට ඕක දැකපු ගමේ ඩයල් එකක් තමයි මෑන්ස් ගැන ඔය නිගමනයට ඇවිත් ඉන්නේ. එදා තමයි අපේ පූසා දැනගත්තේ ගමේ රහස් ඔත්තු ජාලය සී.අයි.ඒ එකටත් වඩා කොච්චර ප්‍රබලද කියලා.



39 comments:

  1. පෙරන එක කෙසේ වෙතත් කසිප්පු ඩයල් එකට අහු වුනානම් උඹලට පෙනේර වෙලා තමයි එන්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. සල්ලි ලෑස්තිද අභීත අයියේ?

      Delete
    2. බොහොම ස්තුතියි අභීත සහෝ!!

      Delete
  2. අඩේ මරු තිප්පිලියෙක් නෙ

    ReplyDelete
  3. ඔය පික් එකේ ඉන්නෙ හුංගෙක්ද..? (අංකුට්ටෙක් නෙවෙයි ද..?)
    මළා එහෙනම් මෙච්චරකල් අපි හුංගා කියලා තියෙන්නෙ අපේ ඇල දොලවල්වල ඉන්න ඇලිගෙටරයෙකුට....

    ReplyDelete
    Replies
    1. මම දන්න විදිහට හුංගා කියන්නෙ ටිකක් සයිස් වෙන්න පුලුවන් මාලු ජාතියක්. සමහරවිට මේකෙ ඉන්න එකා පොඩි හුංගෙක් වෙන්න ඇති.

      Delete
  4. හුංගා ඇනපුවම මරේ මරු හරි ශෝයි,,,උබලා වෙල් මාලු ඇති කලේ කෑමටත් එක්කමද

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයානම් මාළු කන්න ලාස්තිය ඒ පාර....

      Delete
    2. හික් හික්!! උන් කන්න තරං ලොකු මදි බං. :D

      හසී - හපොයි දැන් මූට මාලු කන්නත් තහනංද? :D

      Delete
  5. ඊට පස්සෙ ඇලේ හිටපු මාලු ටික ලේසියෙංම අල්ලගන්න පුලුවං වෙන්න ඇති මොකද උං කසිප්පු බීලනෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රිංක් එකේ බයිට් නටද්දිත් පොඩි ආතල් එකක් තියනව නේද ?

      Delete
    2. හික් හික්!! කොහෙද ඉතිං ඒ වෙලාවෙ කල්පනා වුණේ නෑ නොවැ!!

      Delete
    3. ඕනයා - සිරා කමෙන්ට් එක මචං!!

      Delete
  6. බයවෙන්නෙ නැතුව තව විනාඩි 2ක් හිටියනං මාලු අල්ලගන්න තිබුන නියමෙට Praසන්ன කිව්ව ක්‍රමේට.
    අපි සෙට් එකකටත් ඔයවගේ වැඩක් උනා. අපේ ගමේ තියනව දේවාලයක්. අවුරුද්දකට සැරයක් ඒකෙ ගම්මඩු උත්සවේ පැවැත්වෙනව. අපි එතන සුද්දකරපු දවසක අපි දැක්ක කිලෝ 50සීනි බෑග් එකක දාපු මොනවදෝ. ලිහල බැලින්නං ග්‍රොසරි බෑග්වල දාපු කසිය පැකට්! ඒ දවස්වල අපි පොඩි එවුන් බොන්න තියා හිතලවත් නෑ. ඒ වෙලාවෙ වැඩිහිටියෙක් හිටියෙත් නෑ අපි කලේ මොකක්ද දන්නවද? එකෙක් කැලෑව සුද්ද කරන්න ගෙනාපු කැත්ත බැට් එකක් විදියට අල්ලගෙන ඉන්නව. අනිත් එකා පැකට්එක උඩින් එවනකොට ඒකට කැත්තෙන් ගහනව. ඔය විදියට ඔක්කොම පැකට් ටික කැත්තෙන් පොඩිකලා. ඊට පස්සෙ හෙන කේස් එකකුත් යන්න ගියා. අපි පොඩිවුන් නිසා බේරුනා.

    ReplyDelete
    Replies
    1. හික් හික්!!! අරූට අසූහාරදාහට නගින්න ඇති පොර අමාරුවෙන් පෙරපු කසියා ටිකට උඹලා කරපු අපහාසෙ දැක්කට පස්සෙ

      Delete
  7. කාලෙකින් ගොඩ වැදුනේ මේ පැත්තට.... පෝස්ට් ටිකක් වැටෙයි වගෙ... එළ එළ...

    උබලව ඌට අහු උනානම් උබලටත් කසිප්පු සරණයි....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ! මොකද මේ දවස්වල බ්ලොග් එක ලියනවා අඩු?

      Delete
  8. යකෝ කොච්චර අපරාදයක්ද ඒ වගේ වටිනා අවුසඳයක් විසිකරපු එක

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. ආත්ම ගානකටවත් පව ගෙවා ගන්න ලැබෙන එකක් නෑ. හික් හික්!!

      Delete
  9. බඩවැටි අැලවල් හා මාලු.... මාව අතීතයට අරං ගියා! :)

    ReplyDelete
    Replies
    1. අතීතය ගැන ලියපං. අපි එන්නං කියවන්න.

      Delete
  10. ඔන්න ඕක තමයි මල්ලි කියන්නෙ පෙර වැරදි තියෙද්දි කිතුල් ගහක් යට වාඩි වෙලා කිරි කෝප්පයක්වත් බොන්න හොදනෑ කියල

    ReplyDelete
    Replies
    1. අනේ අපි අහිංසක කිරි දරුවො නොවැ අයියන්ඩි :))

      Delete
  11. මචං ඔය හුංගෙක් විද්දොත් එහෙම හුජ්ජ යන සයිස් එකට අමාරුයි. මාත් ගමේ ඉන්න කාලේ ඔය වෙල් මාළු අල්ලන් සීන් එකට ගිහින් තියෙනවා ඇති තරම්. හුංගෙක් විද්දම අපි පොඩි කෙමක් කරනවා. ඒ තමයි කතා නොකර තව එකෙක් හුංගා කාපු තැනට මූත්‍රා කරනවා. නමුත් මචං දවසක් අපේ එකෙක්ට හුංගා විදලා තිබුණේ අහවල් තැනට. ඉති කොහොමෙයි කෙම් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හික් හික්!! තව පොඩ්ඩෙන් ගේ කුරුලු සීන් එකක් යන්නෙ

      Delete
  12. වෙල් මාලු පට්ට ගඳයි.. ඒ උනාට රසායි..

    ReplyDelete
    Replies
    1. මමනං කාලා නෑ බං. නහය වහගෙන වෙන්න ඇති කන්න ඇත්තේ :)

      Delete
  13. ඔක්කොමත් හොඳයි මුණ ලස්සන කරපු එක තමයි හොඳ නැත්තේ
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. හික්ස්!!! ඇයි දැන් මූණ ලස්සන නැද්ද?

      Delete
  14. අපේ අක්කලාගේ ගෙදර පොන්ඩ් එකෙත් ඉන්නවා වෙල් මාළු.... උන්ගේ නම් නම් දන්නේ නෑ. මරු වැඩේනේ ඔයාලට වෙලා තියෙන්නේ... හික්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරී. පරණ කතාවල තව ගොඩක් සිද්දි තියෙනවා

      Delete
  15. දේශීය කර්මාන්ත නගා සිටුවන්න ගියා වගේ නෙමේ බැරල් එකේ අයිතිකාරයාට අහුවුණා නම් :D

    ReplyDelete
    Replies
    1. දේශද්‍රෝහීන් වෙලා තමයි නවතින්න වෙන්නෙ එහෙනං. හික් හික්!!

      Delete
  16. නියමයි පුරු පුරු! මාත් පුංචි කාලේ ගමේ වෙල් මාලු අල්ලලා ටැංකි වල දාලා ඇති කලා! ඒ කාලේ ගමේ උං මට කිව්වෙ ධීවර ඇමති කියලා! පස්ට කාලේ බොලව්!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???