අඹ යාලුවෝ

Tuesday, January 25, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2


ඔන්න අපි අද විදූශාගෙ සීරීස් එකේ දෙවෙනි කොටසත් කියන්නයි යන්නෙ යාලුවනේ. අපි කලින් කොටස නැවැත්තුවෙ පුරුපුරු ක්ලාස් එක ඉවරවෙලා විදූශා එක්ක කතා කරන්න ගිය තැනින්නෙ. එහෙනං මුලින්ම ඒ කොටස බලපු නැති කට්ටිය ගිහින් බලලා එන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය

දැන් ඔන්න ඉතිං ක්ලාස් ඉවරවෙලා විදූශායි තිලංකායි ගෙදර යන්න ලෑස්තිය. දෙන්නා එතනින් පිටත් වෙන්න කලින් අල්ලගන්න ඕනෙ හින්දා අපේ පුරුපුරුත් ඉතිං ඉක්මන් ගමනින් එතනට ගියාලු. මේ වෙනකොටත් තිලංකා විදූශාට කියලා තිබිලා තියෙන්නෙ පුරුපුරු කලින් සතියෙ එයා ගැන ඇහුවයි කියලා. ඉතිං මෑන්ස් ගෑනු ළමයි දෙන්නා හිටපු තැනට යනකොටම විදූශා පුරුපුරුත් එක්ක අහිංසක හිනාවක් දැම්මලු.

පුරුපුරු :- ඔයා විදූශා නේද?

විදූශා :- ඔව්. ඔයා පුරුපුරු නේද?

පුරුපුරු :- ඔයා කොහොමද මාව දන්නෙ? හික්...මමනං වැඩිය රත්තිවල්ලි එක පැත්තෙ එවෙන්නෙ නෑ

විදූශා :- නෑ අනේ, ඔයා පොඩිකාලෙ පෙරේරා මිස්ගෙ ශිෂ්‍යත්ව පන්ති ආවා නේද? මමත් ඒ පන්තියටමයි ආවෙ.

දැන් ඉතිං අපේ පූසාට මාර අප්සට් එක. ඇත්තටම විදූශා පෙරේරා මිස්ගෙ ක්ලාස් එකට ආවද නැද්ද කියලා මෑන්ස්ට කිසිම මතකයක් නෑ. ඒ වුණාට දැන් ඕක කියන්න ගියොත් ට්‍රයි කරන වැඩේට බාධාවක් තමයි වෙන්නෙ. ඒක හින්දා අපේ පූසා හිත හදාගත්තලු පොඩි බොරුවක් කියන්න.

පුරුපුරු :- ආ...මේ ඔයානෙ. මට දැනුයි මතක් වුණේ. ඔයා අර බිත්තිය අයිනෙ පේළියෙනෙ හිටියෙ නේද? දැන්නං මට හොදට මතකයි. ඉතිං කොහොමද?

මෙහෙම කියලා පුරුපුරු දිගටම විදූශා එක්ක කතා කරන්න පටන් ගත්තලු. පෙරේරා මිස්ගෙ පන්තියෙ හැම පේළියක්ම තිබුනෙ බිත්තිය අයිනෙ හින්දා අර කතාව කියන්න අපේ පූසාට බයවෙන්න ඕනෙ වුණේ නෑ.

ඉතිං ටික දවසක් යනකොට පුරුපුරුට පුලුවන් වුණාලු විදූශා එක්ක ගොඩක් ෆිට් වෙන්න. හැබැයි ඉතිං මෑන්ස්ට විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ සතියට එක දවසයි. ඒ ක්ලාස් එකේදි හම්බවෙන දවස විතරයි. ඒක හින්දා වැඩේ ප්‍රෝග්‍රස් එක බොහොම හිමින් තමයි සිද්ද වුණේ. කොහොමහරි අන්තිමට ඕ ලෙවල් විභාගෙට මාසයක් විතර තියෙද්දි දෙන්නගෙ ෆිට් එක උපරිම මට්ටමට ආවලු. ඒ කියන්නෙ දැන් තමයි පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහන්න හොඳම කාලෙ.

හැබැයි ඉතිං තව මාසෙකින් විභාගෙත් ලියන හින්දා පුරුපුරුගෙ අයිඩියා එක වුණේ ඕ ලෙවල් ඉවර වෙලාම විදූශාගෙන් අහන්න. මොකද අන්තිම මාසෙ අධ්‍යාපන මානසිකත්වයෙන් ඉන්නෙ නැතුව වෙන වෙන දේවල් කරන්න ගියොත්, දෙන්නාගෙම එග්සෑම් රිසාල්ට්ස් ලයිට් කණු බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඉතිං අපේ පූසා උපාසකයි, මාලුකට්ටායි, ඤාව්වායි එක්කත් ඩිස්කෂන් එකක් දාලා අන්තිමට තීරණය කළාලු, ඕ ලෙවල් ඉවරවෙලා ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එක තියන දවසට විදූශාගෙන් යාලුවෙන්න අහනවයි කියලා.

දැන් මේ වෙද්දි පුරුපුරු විදූශාට ට්‍රයි කරනවයි කියලා පූස්ගම ඉන්න කොල්ලො කෙල්ලො, පූසො, පූසියො හැමෝම දන්නවා. කොටින්ම ඒක ප්‍රසිද්ද රහසක්. ගොඩක් වෙලාවට විදූශා පවා මේක දන්නවා ඇති. ඉතිං ඔය විදිහට කාලෙ ගෙවිලා ඕ ලෙවල් වලට සති තුනක් තියෙද්දි තමයි පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

එදා අපේ පූසා පූස්ගම ටවුන් එකට ගියෙ මොනවාහරි බඩු වගයක් ගන්න. ඉතිං බඩු ටික අරගෙන ආපහු ගෙදර යන්න යද්දි මෑන්ස්ගෙ ඉස්සරහට ආවලු කොල්ලො තුන් දෙනෙක්. එතන හිටපු එක කොල්ලෙක්වනං අපේ පූසා යන්තං අදුරනවලු. ඉතිං පුරුපුරු මෑන්ස් එක්ක හිනාවක් එහෙම දාලා කට්ටියව පහු කරගෙන යන්න හදද්දි එතන හිටපු එක කොල්ලෙක් පුරුපුරුට කතා කළාලු. පස්සෙ දැනගත්තු විදිහට ඒ කොල්ලාගෙ නම තමයි "විදත්"

විදත් :- උඹ පුරුපුරු නේද?

පුරුපුරු :- ඔව්, ඇයි මචං?

විදත් :- මට පොඩ්ඩක් උඹත් එක්ක කතා කරන්න ඕනෙ

දැන් පුරුපුරුට ෆුල් අබ්ලික් මූ මේ මොකාටද එන්න හදන්නෙ කියලා. කොහොමවුණත් මොකක් හරි වැදගත් දෙයක් කියන්න වෙන්න ඇති කියලා හිතපු අපේ පූසා මෑන්ස්ගෙ ඉල්ලීමට එකග වුණාලු.

පුරුපුරු :- හරි, අපි කතා කරමු.

ඉතිං කොල්ලො තුන්දෙනා පුරුපුරුත් එක්ක පැත්තකට ගියාලු කතා කරන්න.

විදත් :- උඹ විදූශාට ට්‍රයි කරනවා කියන්නෙ ඇත්තද?

මෙහෙම ඇහුවාමනං පුරුපුරුටත් ටිකක් ෆ්ලවර් ජම්ප් වුණා. තමන් විදූශා එක්ක මොනවා කළාම මේ යකාට මොකද?

පුරුපුරු :- ඔව්, ඉතිං?

විදත් :- විදූශා උඹට සමහරවිට කියලා නැතුව ඇති, ඒකි මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්.

විදත් මෙහෙම කිව්වාමනං අපේ පුරුපුරුගෙ ඔලුවට යගදාවකින් ගැහුවා වගේ වුණා. විභාගෙටත් තව ටික දවසයි. ඒ අස්සෙ මොකද්ද මේ අහන්න ලැබිච්ච අසුභ ආරංචිය? විදූශා කවදාවත් පුරුපුරුට කියලා නෑ තමන්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම එයා හැසිරෙන්නෙත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් වගේ නෙවෙයි. ඉතිං පුරුපුරුට දැන් හිතාගන්න බෑ මොනවද මේ විදත් කියවන්නෙ කියලා. කොහොමහරි මේ ආරංචිය අහලා මෑන්ස්ගෙ ඔලුව සම්පූර්ණයෙන්ම අවුල් වුණාලු.

විදත් :- මම කැමති නෑ උඹ විදූශා එක්ක කතා බහ කරනවාට. මම හිතන්නෙ උඹ මේ දේවල් දන්නෙ නැතුව ඇති. ඒකයි මම මේ විදිහට උඹත් එක්ක හොදින් කතා කරන්නෙ.

දැන්නං පුරුපුරුටත් ෆ්ලවර් ජම්ප් එක උපරිමයි

පුරුපුරු :- මම විදූශාගෙන්ම මේ ගැන අහගන්නං. හරි මම විදූශා එක්ක කතා කෙරුවයි කියමුකෝ, උඹ මට මොනවා කරන්නද?

පුරුපුරු එහෙම කියපු පාර කොල්ලො තුන් දෙනාගෙ මූණු අප්සට් වෙලා ගියා. දැන් සාමකාමී සාකච්ඡාව මහා වලියකට පෙරලෙන්නයි යන්නෙ.

"ඇයි උඹ චන්ඩියෙක්ද?"

මෙහෙම කියාගෙන එතන හිටපු අනිත් කොල්ලො දෙන්නගෙන් එකෙක් ඉස්සරහට ආවෙ පුරුපුරුට ගහන්න. පුරුපුරුත් ඒ වෙලාවෙ හිටියෙ මුන් තුන් දෙනාටම නෙලනවයි කියලා අම්බානට ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා. කොහොමහරි වලිය පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි රෝහණදීර ඔතනින් යන්න ආවෙ.

රෝහණදීර :- ආ පුරුපුරු මල්ලි, මොකෝ අදත් වලියක්ද?

රෝහණදීර මෙහෙම අහගෙන තමන් හිටපු පැත්තට එද්දි පුරුපුරුට සවලකින් පොළොව හාරගෙන ඇතුලට යන්න වගේ ලැජ්ජාවක් ඇතිවුණා. එක අතකට මෑන්ස් එහෙම අහපු එකත් සාධාරණයි. මොකද ඔය වෙද්දි අර කලුකුමාරිගෙ කේස් එක හින්දා පූසො වලි දාගෙන වැඩි දවසක් ගතවෙලා තිබුනෙ නෑ. ඉතිං රෝහණදීර හිතන්න ඇති මුන්ටත් තමන්ට වගේම වලි නැතුව ජීවත් වෙන්න බෑ කියලා. කොහොමහරි මෑන්ස් ඒ පැත්තට එද්දි, අර ෆ්ලවර් ජම්ප් වෙලා වලියට එන්න ලෑස්තිවෙලා හිටපු කොල්ලො කට්ටිය නිකං අහිංසක පූස් පැටව් ටිකක් වගේ වුණා.

රෝහණදීර :- ( අනිත් කොල්ලන්ට) අඩෝ, උඹලා කවුද පූස්ගමට ඇවිල්ලා මෙහෙ කොල්ලන්ට ගහලා යන්න? ආපහු තොපි මේ පැත්තෙ ඉන්නව දැක්කොත් අඩු කඩලා යවන්නෙ.

මෑන්ස් මෙහෙම කිව්වම අර කොල්ලො ටික ෆුල් සරෙන්ඩර්.

" උඹ කලින් කියන්න එපායැ රෝහණදීරගෙ යාලුවෙක් කියලා. අපි යනවා මචං"

මෙහෙම කියපු විදත් ඇතුලු කොල්ලො තුන්දෙනා හිමින් සීරුවේ එතනින් මාරුවෙලා ගියාලු. ඊටපස්සෙ රෝහණදීරට ස්තුති කරපු පුරුපුරුත් එතනින් යන්න ගියාලු.

කොහොමහරි ඊටපස්සෙ සතිය තමයි ලිට් ක්ලාස් එකේ අන්තිම දවස. ඉතිං එදා කට්ටිය එකතුවෙලා පොඩි පාටි එකක් දාන්න මුලින් ලෑස්තිවෙලා හිටියත්, මැඩම් කලින් දවසෙ දුන්න පේපර් එක ඩිස්කස් කරන්න තීරණය කරපු නිසා වැඩේ හරිගියෙ නෑ. මොකද පේපර් එක ඩිස්කස් කරලා ඉවර වෙද්දි ගොඩක් පරක්කු වෙලා හින්දා ළමයින්ට ඉක්මනට ගෙදර යන්න ඕනෙ වුණා. ඊටපස්සෙ තීරණය කළේ පාටි එක ඕ ලෙවල් වලින් පස්සෙ තියෙන ගෙට් ටුගෙදර් එකටම අල්ලලා දාමුයි කියලා.

එදා ක්ලාස් එකේදි පුරුපුරු හිටියෙ වෙනදා වගේ නෙවෙයි, ගොඩක් අප්සට් එකේලු. ඒකට හේතුවුණේ අර දවස් කීපයකට කලින් වෙච්ච සීන් එක. දැන් මෑන්ස්ට ඉවසිල්ලක් නෑ මේ ගැන විදූශාගෙන් අහලා දැනගන්නකං. මොනවා වුණත් පුරුපුරුට හිතුනෙ විදූශා විදත් වගේ රස්තියාදුකාරයෙක් එක්ක යාලු නැතුව ඇති කියලා. විදූශා වගේ වැදගත් කෙල්ලන්ට මඩ ගහන්න විදත් වගේ කොල්ලො ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා නොවැ!

ඒ වගේම එදා පේපර් එකට පුරුපුරුට තිබුනෙ ලකුණු 70යි. තිලංකානං ලකුණු 76ක් අරගෙන "ඒ" එකක් ගන්න මට්ටමේ හිටියා. ඉතිං මේ පේපර් එකට 70ක් අරගෙන ඕ ලෙවල් වලදි ඊට වඩා ගන්න බලාපොරොත්තු වෙන එක විහිලුවක්. ඉතිං තමන්ට ඕ ලෙවල් වලදි ඉන්ග්ලිෂ් ලිට් වලට "ඒ" එකක් ගන්න බැරිවෙයි කියලා පුරුපුරුගෙ අප්සට් එක ඩබල් වෙලා තිබුනේ.

ඉතිං මෑන්ස් කළේ ක්ලාස් එක ඉවරවෙච්ච ගමන්ම කෙලින්ම ගිහින් විදත් එක්ක යාලුද කියලා විදූශාගෙන් අහපු එක. හැබැයි තමන් විදූශාට ට්‍රයි කරන එක සම්බන්දයෙන් විදත් තමන්ගෙන් ඇහුවයි කියන එකවත්, විදත් එක්ක දාගත්ත වලිය ගැනවත්, විදූශාට නොකියා ඉන්න පුරුපුරු පරිස්සම් වුණාලු.

විදූශා :- විදත්? මාත් එක්ක යාලුයි කිව්වා?

පුරුපුරු :- ඔව්! වැරදියට තේරුම් ගන්න එපා විදූශා, ඒත් විදත් කියපු එක ඇත්තද?


විදූශා :- ඔයාට පිස්සුද පුරුපුරු? මම ඒ වගේ කොල්ලෙක් එක්ක කීයටවත් යාලු වෙන්නෙ නෑ. මම එයාව පොඩිකාලෙ ඉදලා අදුරනවා. එච්චරයි

පුරුපුරු :-ආ ඇත්තද? මම මේ නිකං දැනගන්න ඇහුවෙ. ඕල් ද බෙස්ට් ෆෝ දි එග්සෑම්. ගෙට් ටුගෙදර් එකේදි හම්බවෙමු.

විදූශා :- විෂ් යූ ද සේම් පුරුපුරු. මම එහෙනං යන්නං

මෙහෙම කියපු විදූශා යන්න ගියාලු. සතුට ඉහවහා ගිය පුරුපුරු වහාම කළේ, ආපහු ගිහින් අනිත් පූසන්ට මේ සතුටුදායක නිව්ස් එක ලබාදීපු එක. දැන් ඉතිං විදූශාට බෝයි කෙනෙක් නැති එක ගැන කට්ටියටම සතුටුයි. ඉතිං පූසොත් ඊටපස්සෙ විදත්ට බැන බැන ගෙවල් වලට යන්න ගියාලු.

ඊටපස්සෙ ඕ ලෙවල් ඉවර වෙනකං පුරුපුරුට විදූශා ගැන කිසිම නිව්ස් එකක් ලැබුනෙ නෑ

22 comments:

  1. අඩේ ඉතුරු ටික?? දැන්නම් ඉතුරුටික බලන්න වැඩි කල් බලන් ඉන්න ඕනේ නෑ. බ්ලොග් සතියනේ :DD

    ReplyDelete
  2. මමත් පුසන්ගේ blog එකට කීප වරක් ඇවිල්ල තියෙනවා නමුත් අද තමයි මුලින්ම comment එකක් දමන්නේ. ලස්සනට ලියනවා. ඉතිරි ටිකත් ඉක්මනට ලියන්න. පුසන්ට මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  3. ela ela.... ohoma yamu.... purupuruta jayawewa

    ReplyDelete
  4. ඊළග සීරීස් එකේදි මුං මොකක් කරයිද දන්නෑ...

    ReplyDelete
  5. ඒ මචං ඉතුරු ටිකත් ඉක්මනට දාපං. කෑම නොකා, නාන්නෙත් නැතුව හෙන ආසාවෙන් ඉන්නේ ඉතුරු ටික කියවන්න.

    ReplyDelete
  6. හරේ හෙට ඉතිරි ටික එයිනේ.....
    බ්ලොග් සතියත් නරක නෑ..... :D

    ReplyDelete
  7. බ්ලොග් සතිය නැගලම යන හින්දා ,,ඉළග එකත් ඉක්මනින්ම,,,,,

    ReplyDelete
  8. එල එල කොල්ල ගොඩ. මං කිව්වෙ පූස ගොඩ :)

    ReplyDelete
  9. පුරුවා ගොඩ යාවිද ? අඩේ වලියක් කීවම පට්ට ගතියක් එනවා ඇඟට...ඇඟේ මාළු නටනවා

    නියම සීරීස් එක දැනටමත් මටනම් සැටිස් ..මචං වලි එහෙම තියනවානම් ඒවගේ තොරතුරු සේරම දාන්න ගහගත්තානම් ඒවත් ඒ විදිහටම දාන්න

    බලන්න දෙයක් නැතුව වේලිලා උන්නේ අවුලක්නෑ දැන් මේ සීරීස් එක තියනවනේ මෙගා උනත් කමක්නෑ දැන්ම ඉවර කරන්න එහෙම එපා පොඩි සිදුවීමත් උනත් ලියන්න ...

    ජය වේවා !!

    ReplyDelete
  10. @පූසා- අනිවා පූසො, ඉක්මණින්ම දානවා.

    @Niroshan- ස්තූතියි මචෝ, පුලුවන් වෙලාවක ඇවිත් හොද නරක කියල කොමෙන්ටුවක් දාල යන්න.

    @තීර්ථ යාත්‍රිකයා- තෑන්කූ මචෝ!

    @ගිහාන්- :)

    ReplyDelete
  11. @Danuska- හෙහ් හේ!! තෑන්කූ වේවා..

    @Praසන්ன- නරක මුකුත් කරන එකක්නම් නෑ, පූසො ඉතිං අහිංසක කස්ටියනෙ..:))

    @prasanna86k- උඹ ඉතින් අමුතුවෙන් නාන්න ඕනෙ නෑනෙ වතුරෙමනෙ ඉන්නෙ. ඒත් කෑම බීම නම් අමතක කොරන්ට එපා යාලුවේ..

    @හා පැටික්කි (MS)- ඉක්මණින්ම හාවියේ..

    ReplyDelete
  12. @ItalyDilan- අනිවා!!

    @කොඩී- බලමුකෝ!!:))

    @හිස් අහස- තෑන්කූ මචෝ.. අනිවා හැමදේම අඩු නැතුව දාන්නම්..

    @හද රැදි දේ..- තෑන්ක්ස් සහෝ!!

    ReplyDelete
  13. ඕ . . කේ . . දැන් දාන්න තුන්වෙනි එක එලියට . . .

    ඔය ඉතිං ඕවා නෙමෙයි බන්z. . .

    තුන්වෙනි එක කිව්වේ බන් මේ. . මේ කතාවේ තුන්වෙනි කොටස . . .

    හික් හික් හික්

    ReplyDelete
  14. @ දුකා - ඔන්න තුන් වෙනි එක එළියට දැම්මා සහෝ...හික් හික්!!!

    ReplyDelete
  15. climax එකේදි end කරන එක තරම් ජොලියක් තව කොහෙද? කලබලේ ට 3 වන කොටස හොයා ගන්නබැරුව මම මේ දගලන්නේ

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???