අඹ යාලුවෝ

Thursday, August 5, 2010

මී හරක් කතා 2 - මී හරක් කූඩැල්ලා


ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ උණ බට කපන්න ගිහිං පුරුපුරුලට වෙච්ච ඇබැද්දිය ගැන.ඔන්න අද අපි කියන්න යන්නෙ අපේ මී හරක් සීරීස් එකේ දෙවෙනි කතාව.මේ කතාවටත් සම්බන්ධ පුරුපුරුයි, රෝහිතයි, අමනයයි.වැඩේ සිද්දවුණේ අපේ යාලුවො ටික ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න දවස්වල.

ඕ ලෙවල් ඉවර වෙලා ඉස්කෝලෙ ඒ ලෙවල් පටන් ගන්නකං තියෙන ටික කාලෙ ගැන ආයි ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.කට්ටිය ඉතිං කරන තරමක් කරන්නෙ රස්තියාදු ගහන එක.හැබැයි ඉතිං ඒ ලෙවල් ක්ලාස් නැති දවස්වලට විතරයි රස්තියාදුවෙ යන්න වෙන්නෙ.හැබැයි ආර්ට් හරි කොමර්ස් හරි කරන ළමයින්ටනං ක්ලාස් ප්‍රශ්න නෑ.මොකද ආර්ට්, කොමර්ස් පන්ති ගොඩක් පරක්කු වෙලානෙ පටන් ගන්නෙ.

ඉතිං අපේ පූසො සෙට් එකත් ඔය දවස්වල ෆුල් ෆන් එකේ හිටියෙ.හැම තැනම ඇවිදින්න ගියා.ඉතිං පූසො එක්ක සෙට් වෙන්න බැරිවුණ දවස්වලට පුරුපුරු කරන්නෙ ගමේ කොල්ලො කට්ටියත් එක්ක සෙට් වෙන එක.ගමේ කොල්ලන්ගෙ ප්‍රධාන විනෝදාංශෙ තමයි ඇළ පාරවල් වල නාන්න යන එක.ඉතිං පුරුපුරුටත් ඔය දවස්වල නිතරම ඇළ පාරවල් වල නාන්න යන්න චාන්ස් එක හම්බවෙනවලු.

ගොඩක් වෙලාවට කට්ටිය නාන්න ගියෙ අර කලින් කතාවෙ කිව්ව ඇළවල් දෙකෙන් එක ඇළකට.මේ ඇළ පුරුපුරු උණ පදුරෙ අයිතිකාරයගෙන් බේරෙන්න පැනපු ඇළ නෙවෙයි අනිත් එක.ඇළ එච්චරම ගැඹුරත් නැහැ.වැඩිම වු‍ණොත් කර වටක් වතුර ඇති.වතුරත් සාමාන්‍යයෙන් පිරිසිදුයි.ඉතිං පුරුපුරුගෙ ෆේවරිට් චොයිස් එක වුණේ මේ කියන ඇළ තමයි.

මේ කියන දවසෙ නාන්න සෙට් වුණේ කලින් කියපු විදිහට පුරුපුරුයි, රෝහිතයි, අමනයයි.ඉතිං තුන්දෙනා නාන්න ඇදුම් එහෙමත් අරගෙන ඇළ ළගට ගියාලු.

අපිට ඉතිං අපේ දේ කොහොමත් වැඩිය අගයක් නෑ නොවැ!රෝහිතටයි අමනයටයිත් එහෙමයි.මුං දෙන්නට කවදත් ගමේ තියෙන ඇළ "පොෂ්" මදි.ඉතිං අමනයා යෝජනා කළා එදා ගමේ ඇළෙන් නාන්නෙ නැතුව පූස්ගම සෙන්ට්‍රල් එක එහාපැත්තෙ තියෙන වෙන ඇළකින් නාමු කියලා.රෝහිතත් ඒ යෝජනාවට උඩින්ම කැමති වුණාලු.මොනව කරන්නද ඉතිං?ප්‍රජාතන්ත්‍රවාදී රටේ බහුතර කැමැත්තනෙ.පුරුපුරුටත් සිද්ද වුණාලු මේ දෙන්නගෙ දෑත් ශක්තිමත් කරන්න මේ තීරණේට එකග වෙන්න.

ඉතිං කට්ටිය ආපහු ගිහිං ටිකක් දුර ඇවිදල අමනයා කියපු ඇළ ආවා.බැලින්නං පොර ඇළක් කිව්වට ගගකට වඩා පොඩ්ඩයි මේක පොඩි.වතුර මඩම මඩ පාටයි.මේ ගග වගේ ඇළ යන්නෙත් වෙලක් මැදින්.ඉතිං ඇළ දෙපැත්තෙ මහා මී හරක් රංචු රංචු ඉන්නවා.(පුරුපුරුලගෙ ගමේ වෙලේ හිටියෙ අර නසරානි මී හරකා ඇතුලු දෙතුන් දෙනයි) ඉතිං පුරුපුරුටනං මේ ඇළ එච්චරම හිතට අල්ලල ගියෙ නෑ.ඒ වුණාට ඉතිං මෙච්චර ඇවිදපු එකේ ආපහු යන එක අපරාදෙ නොවැ! පුරුපුරුයි රෝහිතයි අමනයගෙ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කර කර ඇළට බැස්සලු.

දැන් ඉතිං තුන්දෙනා නානවා. පුරුපුරුට පීනන්න බැරි නිසා වැඩිය ඇළේ මැද හරියට ගියෙ නෑ.ගමේ ඇළ වගේ ෂුවර් එකක් නෑනෙ.ඉතිං ඔහොම පැයක් විතර නාල කට්ටිය ගොඩට ආවලු.එදා කරුමෙට වගේ එක්කෙනෙක්ටවත් බැරිවෙලා සබන් කෑල්ලක් ගේන්න.ඉතිං කට්ටිය සබන් රහිත ස්නානයෙන් පස්සෙ ඇදුම් ඇදගෙන දැන් ගෙවල් වලට යන්න ලෑස්තිය.ඔහොම ඇදුම්අදිනකොට තමයි එක පාරටම රෝහිත මහ හයියෙන් කෑ ගහන්න ගත්තෙ.

"බුදු අම්මෝ! මං නැතෝ"

මෑන්ස්ගෙ කෑ ගැහිල්ලට පුරුපුරුයි අමනයයි අම්බානට බය වුණාලු.සිද්ද වුණේ මොකද කියල වහාම හොයල බලද්දි තමයි කට්ටියට වැඩේ මීටර් වුණේ.රෝහිත ඇදුම් අදිනකොට තමයි දැකල තියෙන්නෙ, ශරීරයෙ එකක් විතරක් තියෙන්න ඕනෙ අවයවයක් ඩබල් වෙලා කියලා.පස්සෙ හොදට බැලින්නං මෑන්ස්ගෙ සංවේදී පළපුරුදු අවයවයක මී හරක් කූඩැල්ලෙක් එල්ලිලා.හරියට ඔය උඩ පින්තූරෙ ඉන්න එකා වගේ.දැන් රෝහිත බයවෙච්ච පාර විලාප දෙනවා.වෙන තැනක ඌ එල්ලිලා හිටියනං පුරුපුරුට හරි අමනයට හරි ගලවන්න ට්‍රයි එකක් දෙන්න තිබුනා.ඒත් ඉතිං මූව ගලවන්න හිත හදාගන්නෙ කොහොමද?

ඉතිං රෝහිත විලාප දිදී ඉන්න අතරෙ අමනයව එතන තියලා පුරුපුරු ගියාලු කොහෙන් හරි සබන් කැටයක් හොයාගෙන එන්න.මොකද සබන් ගෑවම කූඩැල්ලො ස්වභාවිකවම ගැලවිලා වැටෙනවා.නැත්තං ඇදල ඌව ගලවන්න ගියොත් එල්ලිච්ච තැන තුවාල වෙලා නන්ස්ටොප් ලේ ගලන්න ගන්නවා.ඉතිං සංවේදී පළපුරුදු අවයවයක් ගැන පොඩි රිස්ක් එකක්වත් ගන්න බෑ නොවැ!

ඔහොම යද්දි තමයි පුරුපුරු දැක්කෙ කෙල්ලො කට්ටියක් ඇළේ වෙන තැනක නනා ඉන්න බව.දැන් මෑන්ස්ට ඔතෙන්ට යන්නත් මොකද්ද වගේ.පළවෙනි කාරනාව තමයි එහෙම යන එක හොද වැඩක්ද නරක වැඩක්ද කියලා මෑන්ස්‍ට හරි අවබෝධයක් නෑ.මොකද ගම්වල ඉතිං සමහර දේවල් ගැන තියෙන්නෙ බොහොම හණමිටි ටයිප් අයිඩියාස් නෙ.

දෙවෙනි කාරනාව ඉතිං ජීව විද්‍යාත්මක එකක්.පුරුපුරු ඒ වෙලාවෙ සිවිල් පිට හිටියෙ.(තේරුම දන්නවනෙ) ඉතිං ඔය කාන්තා පාර්ශ්වයේ කට්ටිය නනා ඉන්නව වගේ ශෘංගාරාත්මක දර්ශනයක් දැක්කම වයසෙ වැරැද්දත් එක්ක සමහර දේවල් කොන්ට්‍රෝල් නැතිව යන්න පුලුවන්නෙ.ඔන්න තේරෙන්නෙ නැති කට්ටිය මේක තේරුම්ගන්න මහන්සි වෙන්නෙ නැතුව ඊළග පාර්ට් එකට යන්නකො.

ඉතිං මේ මොන කාරනාව තිබුනත් අර යකා අරහෙ මර හඩ තලද්දි නිකං බලාගෙන ඉන්න පුලුවනෑ.ඉතිං පුරුපුරුත් හිතට වෙර වීරිය අරගෙන ගියාලු කෙල්ලො සෙට් එක ළගට

පුරුපුරු :- එක්ස්කියුස් මී....මට මේ....සබන් කෑල්ල........ පොඩ්ඩක් ගන්න පුලුවන්ද?

දැන් කෙල්ලො ටික පුරුපුරු දිහා කන්න වගේ බලනවලු.පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ගමේ අයට වැරදි වචනෙකින් සංග්‍රහ කළා නේද කියල."එක්ස්කියුස් මී" කියල කිව්වට පස්සෙ කෙල්ලො ටික හිතන්න ඇති මූ නම් මේ ගමේ එකෙක් නෙවෙයි කියලා.මෑන්ස්ට කියන්න තිබුනෙ "මේ අක්කෙ!සබන් කෑල්ල දෙන්නකො" වගේ දෙයක්.කොහොම හරි ඉතිං ටික වෙලාවකින් පුරුපුරුට සන්ලයිට් සබන් කෑල්ලක් ලැබුනලු.

පුරුපුරු වහාම දුවගෙන ගිහිං රෝහිතට සබන් කෑල්ල දුන්නලු.ඊට පස්සෙ ඉතිං කූඩැල්ලව අයින් කරගන්න මෑන්ස්ට ගියෙ විනාඩි දහයක වගේ කාලයක්.අන්තිමට සිද්දියෙ වගකීම බාරගන්න වුණේ අහිංසක අමනයට.ඇයි පොරනෙ අනිත් දෙන්නව මේ ඇළට එක්කගෙන ආවෙ.ඊට පස්සෙ ඉතිං කට්ටිය ගෙවල් බලා පිටත් වුණාලු.ඒක තමයි පුරුපුරු ඒ ඇළෙන් නාපු එකම සහ අන්තිම වතාව...

ප.ලි - ඔය මී හරක් කූඩැල්ලා සාමාන්‍ය කූඩැල්ලමද, නැත්තං වෙනම ජීවී විශේෂයක්ද කියලනං පුරුපුරු දන්නෙ නෑ.බයෝ කළාටත් ලැජ්ජයි නේද?

අර "එක්ස්කියුස් මී" කතාවෙන් හිතන්න එපා ගමේ කෙල්ලන්ට අපහාස කළා කියලා.දැන්නං පූස්ගම එදාට වැඩිය ගොඩක් දියුණු වෙලා.දැන් ඉන්න කෙල්ලෙක්ගෙන් "එක්ස්කියුස් මී" කියල ඇහුවෙ නැත්තං හිතයි මූ නම් මේ ගමේ එකෙක් නෙවෙයි කියලා...

26 comments:

  1. කූඩැල්ලෙක් අහවල් එකේ.... :n

    ReplyDelete
  2. සබන් ඉල්ලන්න ගිහින් ටෙන්ට් එකක්වත් වැදුනොත් නේද ?

    කොහොමහරි අන්තිමට හරි කූඩැල්ලම ගලවා ගත්තානම් එච්චරයි.

    :b

    ReplyDelete
  3. කොහොම හරි සබන් කෑල්ල ඉල්ල ගන්ට ලඟට යන්ට වුනානේ.. ඉතින් සිවිල් ආරක්ෂකෙන් ජාතික කොඩිය ඉස්සුවේ නැතැයි....

    ReplyDelete
  4. machan ubala inne henegama kittuwada?

    ReplyDelete
  5. අනිවා ටෙන්ට් එක වදිනවනෙ ඒ කාලෙ.. නෑ නෑ.. දැනුත් මේ යස අගේට වදින්නෙ!

    ReplyDelete
  6. කූඩැල්ලෝ දෙන්නයි...............
    හික්zzzzzzzzz.....
    නියම කතාව............
    :f :f :f :f :f :f :f :f :f :f :f :f

    ReplyDelete
  7. හරි කූඩැල්ලව නේද ගැලෙවුවෙ? :o

    ReplyDelete
  8. හප්පොච්චියේ අරූ බයේ නහින්න ඇතිනේ... කූඩැල්ලෙක් අහවල් එකේ එල්ලුනා කියන්නේ.. ජීවිතේම හික් හික්...

    ReplyDelete
  9. ඉතිං අර අහවල් එකේ අතුල්ලපු සබන් කෑල්ල ආපහු අර අක්කලට ගිහින් දුන්නද? :h

    ReplyDelete
  10. හික්z. කූඩැල්ලටත් එතනම එල්ලෙන්න හිතුන හැටි.හරිම නෝටි කූඩැල්ලෙක්! :e

    ReplyDelete
  11. pariksha korala baluwe nathda koodallada koodallida kiyal............. okema ellune?

    Nish

    ReplyDelete
  12. හැබැටම කුඩැල්ල කොහොමද එතනට ගියේ ? :p

    ReplyDelete
  13. ඌත් මාර කූඩැල්ලෙක් වෙන්න ඇති. නැත්නම් ඔතනම එල්ලෙයිද?

    ReplyDelete
  14. උඩ පොටෝ එක අප්පිරියාවේ බෑ බං. හැබැයි හුරරරරරතල් කූඩැල්ලා ;) මං කිව්වේ අර එල්ලිච්ච එකා. එතනම හිටපු එකා නෙමෙයි :-0

    පුතා-- "ඉතින් සිවිල් ආරක්ෂකෙන් ජාතික කොඩිය ඉස්සුවේ නැතැයි"
    නෑ නෑ.. ඒ වෙනුවට විනාඩියක නිශ්ෂබ්ද තාවයක් පැවැත්වුවාලු ;)

    ReplyDelete
  15. @කොඩී - හික් හික්!! ඒකනෙ මචෝ..අතිශය භ‍යානකයි:q:q:q

    @හෙළයා - බොහොම ස්තුතියි සහෝ.ශක්...මට ඔය ටෙන්ට් කියන වචනෙ දාන්න බැරිවුණා නොවැ!:b:b:b

    @පුතා - හික් හික්!! ඔන්න කුෂාන් ඇස්. වන්නිආරච්චි මට කලින් උත්තර දීල තියෙනවා මචෝ!!:f:f:f

    @Anonymous - :a:a:a :b:b

    ReplyDelete
  16. @ වැම්පි - හික් හික්!! එහෙනං ආමි එකේ වෙන්නැති වැඩ කරනවා ඇත්තෙ!:f:f:f

    @ කැන්ඩි -තැන්ක්යූ වේවා මචෝ!:b:b:b

    @ හේමලයා - හික් හික්!!:b:b:b

    @ ගයන්ත - හික්ස්..දන්නෑ බං.අරූ කලබලේට වැරදි එකාවද දන්නෑ ගැලෙව්වෙ!!:q:q:q:q:q

    @ පිස්සා - හික් හික්!! පොඩ්ඩ එහා මෙහා වුණානං ඉදලා වැඩක් නෑ :q:q:q:q:q

    ReplyDelete
  17. @Praසන්ன - හපොයි නෑ සහෝ! ආයෙ ඒ පැත්ත පළාතෙ ගියෙ නෑ :n:n:n

    @Uthpala - හික් හික්!! ඒක තමයි.මහ අවලං කූඩැල්ලෙක්....:q:q:q

    @Nish - හික්ස්! අරූගෙ අහවල් එකේ එල්ලුනාට පස්සෙ මොන හිතකින්ද දෙයියනේ ආයි ඕවා පරීක්ෂා කර කර ඉන්නෙ. :j:j:j

    @Prashan Fernando - අපෝ, උන්ට පුලුවන් බං අපිට නොදැනෙන්න ඕන තැනක රිංගන්න :b:b:b

    ReplyDelete
  18. @ priyantha - හික් හික්!! ඒක තමයි සහෝ.ඌ මහ අවලං කූඩැල්ලෙක්.නැත්තං ඔතෙන්ටම එයිද? :f:f:f

    @ Ansh - :b:b:b

    @ හසී - :b:b:b

    @ කුෂාන් - හික් හික්!! බොහොම ස්තුතියි යාලු.එතන හිටපු කූඩැල්ල ගැනනං ඔන්න අපි මොනවත් දන්නෙ නෑ :q:q:q

    බොහොම අමාරුවෙන් විනාඩි දෙකක විතර නිශ්ශබ්දතාවක් පැවැත්තුවා :j:j:j

    ReplyDelete
  19. අපොයි වෙච්ච වැඩක්?ඇල වල් එපා කියන්න ඇති සීන් එකෙන් පස්සෙ

    ReplyDelete
  20. මීට සමාන සිද්ධියක් තියෙනවා Stand by Me සිතුවම්පටයෙ. (ළමා චිත්‍රපටයක් වගේ පෙනුනට මේක ළමා චිත්‍රපටයක්ම නෙවෙයි.) මේ ක්ලිප් එකේ අවසාන කොටස බලන්න.
    http://www.youtube.com/watch?v=iM3H5avfysk&feature=related

    - Taboo

    ReplyDelete
  21. ගමේ ඇළේ නාන්න ගියා
    ගමේ ඇළේ නාන්න ගියා
    ගමේ ඇළේ නාන්න ගියා
    කූඩැල්ලෙක් ..................... ගියා

    සබන් කැටෙන් යවන්න ගියා
    සබන් කැටෙන් යවන්න ගියා
    සබන් කැටෙන් යවන්න ගියා
    කූඩැල්ලා වැටිලා ගියා

    ReplyDelete
  22. @ පුබුදුවා - හික් හික්!!ඒ ඇළනං එපා වුණා බං,හැබැයි ඉතිං ඊයෙත් ඇළකට බැහැල හොදට නාල එහෙම තමයි ගෙදර ආවෙ!:f:f:f

    @ Taboo - බොහොම ස්තුතියි ටැබූ.බලාගෙන ගියාම මේක පිටරටවලත් සිද්ද වෙච්ච දෙයක් නොවැ.ඔන්න දැන් මී හරක් කූඩැල්ලො දැකල නැති ළමයින්ට ටැබූගෙ ලින්ක් එකට ගිහිං බලාගන්න පුලුවන්.:o:o:o

    @ Hasitha - හික් හික්!! උඹත් මාර කවියෙක් වෙලානෙ මචං.එළ එළ....ඔහොම යං ඔහොම යං :b:b:b

    ReplyDelete
  23. හූ........ අපේ එකෙක්ගෙ කූඩැල්ලෙක් එල්ලුනා ලොකුම බර නිදහස් කරගන්න තේ වත්තක් අස්සට රිංගල...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???