අඹ යාලුවෝ

Monday, August 2, 2010

හොස්ටල් ලයිෆ් - මැර සතිය 2 - The Week of Evil 2



අපි කලින් ලිපියෙන් කිව්වනෙ යාලුවනේ මැර සතිය පටන් ගත්ත හැටියි, 10 වසරෙ ළමයි 11 වසරෙ අයියලගෙන් ගුටිකාපු හැටියි ගැන.අද අපි කියන්න යන්නෙ මැර සතියෙ ඉතුරු කොටස ගැන.ඊට කලින් මැර සතිය 1 කොටස කියවපු නැති යාලුවො කියවල ඉන්නකො.


ඉතින් දැන් මැර සතියෙ ජයග්‍රාහී හතර වෙනි දවසත් උදාවෙලා.පුරුපුරුලට හිතාගන්න බෑ මේකට විරුද්දව මොකද්ද කරන්න පුලුවන් කියලා.පළවෙනි ඔප්ෂන් එක තමයි කොටිය සර්ට පැමිණිලි කරන එක.ඒත් ඉතිං 11 වසරෙ වගේම 10 වසරෙත් ඔය පොඩි එවුන්ට හිංසාකරන මානසිකත්වය තිබුන කීප දෙනෙක් හිටියා.ඉතිං සර්ට පැමිණිලි කරන්න ගියොත් තමන්ගෙ කේස් එහෙමත් එළියට එයි කියල ඒ අයට බයයිලු.කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනව නොවැ!ඉතිං ඒ ඔප්ෂන් එක ක්‍රියාත්මක වුණේ නෑ.


ඊළග ඔප්ෂන් එක තමයි අපේ සිකා යෝජනා කළා වගේ කට්ටිය සංවිධානය වෙලා 11 වසරට ගහන එක.ඒත් ඉතිං ඒ වැඩේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.10 වසරෙ හිටියෙ 25 දෙනයි.11 වසරෙ 45 දෙනෙක් හිටියා.ඉතිං 11 වසරට ගහන්නනං 9 වසරෙ සහයෝගයත් ගන්න වෙනවා.ඒත් 9 සහ 10 වසරවලුත් සෑහෙන අමනාපෙන් තමයි ඔය දවස්වල හිටියෙ.ඉතිං ඒ ඔප්ෂන් එකත් ප්‍රැක්ටිකල් එකක් බවට පත්වුණේ නෑලු.


ඔය අතරෙ තමයි ටර්නිං පොයින්ට් එක උදාවුණේ.


***********************************************************************************


ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන ඩයිනිං හෝල් එකේ දොරවල් දෙකක් තිබුනා.එක දොරකින් කාටත් යන්න එන්න අවසර තිබුනා.ඒත් අනිත් දොරින් යන්න එන්න අවසර තිබුනෙ 11 වසරෙ ළමයින්ට හරි හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලට හරි විතරයි.ෆොටෝ එකේ දකුණු පැත්තෙ ඉහල කෙලවරේ සුදු පාටින් රවුම් කරල තියෙන්නෙ ඔය පොඩි ළමයින්ට යන්න තහනම් කරපු දොර.ඔය නීති අවුරුදු ගණන් තිස්සෙ පැවතගෙන ආපු හොස්ටල් ට්‍රැඩිෂන් කියල තමයි කට්ටිය කිව්වෙ.ඒ වගේම බැරිවෙලා හරි ඔය දොරෙන් පොඩි එකෙක් ගියොත් ඒක ලොකු වැරැද්දක් විදිහට තමයි අයියලා සැලකුවෙ.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු කංජිනාත් ටිකක් ස්පෙෂල් ඩයල් එකක්.ඒ කිව්වෙ මෑන්ස්ට හවස හයෙන් පස්සෙ ඇස් පේන්නෙ නෑ.ඉතිං කණ්ණාඩි දාගෙන තමයි පොර හැම තිස්සෙම හිටියෙ.නිදාගන්නෙත් අනිත් කොල්ලො වගේ නෙවෙයි ටිකක් අමුතු විදිහටලු.ඔය පහළ ෆොටෝ එකේ තියෙන්නෙ මෑන්ස් නිදාගන්න විදිහ.


ඉතිං හවස්වරුවෙ පොර මනෝ පාරක් ගහගෙන ඇවිද ඇවිද ඉන්නකොට අමතක වෙලා අර "තහනම්" දොරෙන් ඩයිනිං හෝල් එකට ඇතුල් වෙලා.වැරදිම වෙලාවෙ මෑන්ස් අතින් සිද්ද වෙච්ච වැරදි වැඩක්.ඒ වෙලාවෙ 11 වසරෙ අයියල කට්ටියකුත් ඩයිනිං හෝල් එක ඇතුලෙ පාඩම් කර කර ඉදලා.ඕ ලෙවල් විභාගෙටත් තව ටික දවසයි නොවැ!ඉතිං කංජියට වෙලා තියෙන්නෙ මහා නස්පැත්තියක්.


මැර සතියෙදි බරපතල වැරැද්දක් කරපු හේතුවට අයියල ටික කංජිනාත්ට අල්ලගෙන හොදටම ගහලා.ඒ මදිවට මෑන්ස් ඉතිං පුරුපුරුලා, පොන්ටින්ලා, සකයලා වගේ ගුටිකෑම දරාගෙන ඉන්න පුලුවන් මනුස්පයෙකුත් නෙවෙයි.ඉතිං පාරවල් කිපයක් ගහද්දි කංජිනාත්ට කලන්තෙ දැම්මලු.


දැන් අයියල කට්ටියත් නස්තාර් වෙන්න බය වෙලා වහාම 10 වසරෙ කීප දෙනෙක්ට එන්න කියල පණිවිඩයක් එව්වලු.කට්ටිය ගිහිං බලද්දි කංජියා බිම දොයි.හැබැයි මේ පාරනං 10 වසරෙ කට්ටියට ආයි අමුතුවෙන් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.අපේ යාලුවො ටික කළේ වහාම ගිහිං කොටියා සර්ට කම්ප්ලේන් කරපු එක.

සිද්දිය අහපු කොටියා සර්රුත් "කොටියෙක් වගේ" කෝපාවිෂ්ට වුණාලු.ඇයි ඉතිං මේ සිද්දියට සර්රුත් වගකීම ගන්න එපායැ.වහාම දුවල ගිය කොටියා සර් කංජිනාත්ව ටික දෙනෙක් එක්ක හොස්පිට්ල් එකට යැව්වලු.ඊට පස්සෙ තමයි 11 වසරෙ කට්ටියගෙ නරක කාලෙ උදාවුණේ.කොටියා සර් වේවැලක් අරගෙන මුලු හොස්ටල් එක පුරාම 11 වසරෙ කට්ටියට ගගහ පැන්නුවලු.පුරුපුරුලටත් ඒක දැකල හිනා.කොහොම හරි මැර සතියෙ ලොකුම මැරයා වුණේ කොටිය සර්.

හොද වෙලාවට කංජිට ඒතරං අමාරු කේස් එකක් වෙලා තිබුනෙ නෑ.මෑන්ස් පහුවදාම ආපහු හොස්ටල් එකට ආවලු.මේ සිද්දිය පහුවදා වෙද්දි මුලු ඉස්කෝලෙ පුරාම ආරංචි වෙලා.ප්‍රින්සිපල්ටයි ගුරුවරුන්ටයි ගොඩක් තරහ ගිහිං තියෙන්නෙ කංජියට ගහපු එකටත් වඩා "මැර සතිය" කියන නමටලු.ඉතිං ප්‍රින්සිපල්, කොටිය සර්, රිචා සර් ඇතුලු කට්ටිය මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් කරලා අන්තිමට තීරණය කළාලු කංජිනාත්ට ගහපු කට්ටියව හොස්ටල් එකෙන් අස් කරන්න.


මේ වෙලාවෙදි 11 වසරෙ අයියල තීරණය කළේ සිද්දියෙ වගකීම මුලු බැච් එකම එකතුවෙලා බාරගන්න.ඒ කට්ටිය බලාපොරොත්තු වුණේ එතකොට කට්ටියටම බලපාන පොඩි දඩුවමක් විතරක් ලැබෙයි කියලා.අනික ඕ ලෙවල් විභාගෙත් ළගයිනෙ.ඒත් සිද්ද වුණේ කවුරුත් නොහිතපු දෙයක්.සිද්දියෙ වගකීම මුලු බැච් එකම බාරගත්ත හින්ද වහාම ක්‍රියාත්මක වෙන විදිහට මුලු 11 වසර බැච් එකම හොස්ටල් එකෙන් අස් කරන්න කොටිය සර් තීරණය කළාලු.

මේ වගේ සිද්දියක් වෙලා තියෙන්නෙ හොස්ටල් එකේ ඉතිහාසෙ පළවෙනි වතාවටලු.ඉතිං අයියල කට්ටියට සිද්දවුණේ දවස් දෙකක් ඇතුලත ඔක්කොම බඩු පැක් කරගෙන හොස්ටල් එකෙන් යන්න.ඔන්න ඔහොම තමයි පුරුපුරුලගෙ බැච් එක 10 වසරෙදිම හොස්ටල් එකේ සීනියර් බැච් එක බවට පත්වුණේ.

***********************************************************************************


ප.ලි - දැන්නං කංජියා ඉන්නෙ කැන්ගරු දේසෙලු.මේ බ්ලොග් එක බලනවද දන්නෙත් නෑ.


ඒ වගේම හොස්ටල් එකෙන් අස්කරපු අයියලගෙ බැච් එකේ කට්ටිය වැඩි දවසක් නොගිහින්ම පුරුපුරුලගෙ බැච් එකේ ළමයි එක්ක සියලු තරහ මරහ අමතක කරලා හොදට ෆිට් වුණා.දැන්නං ඉතිං කොහෙදි හම්බවුණත් කරට අත දාගෙන මචං කියල තමයි දෙගොල්ලො කතා කරන්නෙ.

හොස්ටල් ජීවිතේ හැටි එහෙමයි.එකට ඉන්නකං මරාගන්නවා.ඒත් හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සෙ මරගත්තු හැමෝම සහෝදරයො වගේ ෆිට් එකේ ඉන්නවා.මොකද හොස්ටල් එකෙන් අස්වෙලා ටික ටික වයසින් වැඩෙද්දි තමයි කට්ටියට තේරෙන්නෙ හොස්ටල් එකේ ඉදිද්දි කරල තියෙන්නෙ පිස්සු වැඩ නේද කියලා.

හොස්ටල් ලයිෆ් එකේ පුරුපුරුට මුලින්ම කම්මුල් පාරක් ගහපු අයියා පස්සෙ කාලෙක මෑන්ස් එක්ක හොදට ෆිට් වුණා.මේ ළගදි එයා හදිසි අනතුරකින් ජීවතෙන් සමුගත්තා.ඉතිං එයාට නිවන් සුව අත්වෙන්න කියලත් පතලා මේ ලිපිය නවත්තන්නම්....

35 comments:

  1. මම හිතන්නෙ ඔය කියල තියෙන්නෙ 2002 අවුරුද්දෙ වෙච්ච සිද්ධියක් වෙන්න ඕනෙ.මමත් ඔය දවස්වල කුරුඳුවත්තෙ ඉස්කෝලෙ 11 වසරෙ තමයි හිටියෙ.

    මචන් උඹට කම්මුල් පාරක් ගහපු කෙනාගෙ නමත් පොඩ්ඩක් කියන්න පුළුවන්ද?ප්‍රසිද්ධියෙ කියන්න බැරි නම් මේල් එකක් දාල හරි කියන්න.අපේ බැච් එකේ හිටපු කෙනෙක් නිසයි අහන්නෙ.

    ReplyDelete
  2. අන්තිමම කොටස දැක්කමනං "හපොයි" කියල කියවුනා.
    ඔය ඔක්කොම සෙල්ලම් හොස්ටල් එක ඇතුළෙ ඉන්නකොට තමයි. බලන්න එපැයි එලියෙ!

    ReplyDelete
  3. එහෙම තමයි බං කොල්ලෝ කොල්ලෝ අතරේ ෆිට් එක.
    එල එල

    ReplyDelete
  4. >"මුලු 11 වසර බැච් එකම හොස්ටල් එකෙන් අස් කරන්න කොටිය සර් තීරණය කළාලු"
    කොටියා සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොටියෙක් වගේ.. :q

    ReplyDelete
  5. කට්ටිය එදයින් පස්සේ බොහොම සතුටෙන් ඉන්න ඇති නේ?

    ReplyDelete
  6. එළ එළ සෙට් එකම එළ.. බන්කු බන්කු.. :b :b
    අන්තිමට නම් දුක හිතුනා.. :s

    ReplyDelete
  7. @ Charith Weerakkody - ඔව් මචෝ! මේ 2002 සිද්දිය තමයි.:b:b

    සමාවෙන්න, පුරුපුරුට කම්මුල් පාරක් ගහපු කෙනාව හෙළිදරව් කරන්නනං බෑ.ඒක එයාගෙ නමට හරි නෑනෙ නේද මචෝ?

    උඹ දන්නවත් ඇති.ළගදි කිව්වට දැන් අවුරුදු 2ක් විතර ඇති එයා නැතිවෙලා:r:r

    @ Supun Sudaraka - ඒක ඇත්ත මලයා.

    "හොස්ටල් ජීවිතේ හැටි එහෙමයි.එකට ඉන්නකං මරාගන්නවා.ඒත් හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සෙ මරගත්තු හැමෝම සහෝදරයො වගේ ෆිට් එකේ ඉන්නවා.මොකද හොස්ටල් එකෙන් අස්වෙලා ටික ටික වයසින් වැඩෙද්දි තමයි කට්ටියට තේරෙන්නෙ හොස්ටල් එකේ ඉදිද්දි කරල තියෙන්නෙ පිස්සු වැඩ නේද කියලා.
    "

    @ හෙළයා - ඒක ඇත්ත සහෝ! ගොඩක් ස්තුතියි :b:b:b:b:b

    ReplyDelete
  8. @ ගයන්ත - "කොටියා සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොටියෙක් වගේ"

    හික් හික්!! සිරාවටම මචෝ!...ඔන්නං අපේ යාලුවගෙන් අහල බලන්නකො :e:e:e

    @ කොඩී - ඇයි කතාවට කියන්නෙ 11 වසර කියන්නෙ අං දෙකක්ම තියෙන හින්දලු.10 වසරෙදි තියෙන්නෙ එක අගයි. හික් හික්!!:q:q:q

    @ Uthpala - ඔව් මචෝ! හැබැයි ඉතිං බැච් එකේ අභ්‍යන්තර ප්‍රශ්නත් ඇතිවුණ වෙලාවල් තිබුනා..:b:b:b

    @ සිකා - බොහොම ස්තුතියි මචෝ.:b:b:b

    මේ ඒක නෙවෙයි,උඹට සිකා කිව්වට අවුලක් නෑනෙ?

    ReplyDelete
  9. මට බැරි වුනානෙ ඔය හොස්ටල් ජීවිතේ ෆන් එක ගන්න.ඇත්තටම ඒකත් අමුතුම ලයිෆ් එකක් නේ.
    කම්මුල් පාර ගහපු සහෝදරයට අපි නිවන් සුව පතමු

    ReplyDelete
  10. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හැටි කොහොමත් ඔහොම තමා.

    Juniors ලා Seniors ලට මාර විදිහට respect කරන් ඉන්න ඕනේ Scouting, Cadeting, Hostel එක වගේ ඒවායේ ඒ කාලේ හිත යටින් හරි සින්නන්ට බැණ බැණ හිටියට ඒවායින් අයින් වුනාට පස්සේ හැමෝගෙම තියෙන්නේ සුහදත්වයක්.

    පරණ කුණු මොකවත් නැහැ

    ReplyDelete
  11. හපොයි පුරු පුරුත් 11 වසරෙ අයියලට කරල තියෙන දේ. කොහොම උනත් කතාව නම් නියමයි.
    ඊට පස්සෙ පුරු පුරුල සීනියර්ස් ල උනාට පස්සෙ කොහොම වැඩ දැම්මද දන්නෙනෑ. :m

    ReplyDelete
  12. @ පුබුදුවා - ඇත්තටම හොස්ටල් ජීවිතේ තියෙන ෆන් එක ආයි වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.තවමත් පරණ සිද්දි මතක් වෙද්දි හිනා යනවා.ඒවා ඉස්සරහට දාන්නංකො....:b:b:b

    @ Hasitha - ඒක ඇත්ත සහෝ.කොහොමත් ඔය Scouting, Cadeting, Hostel වගේ දේවල් සීනියර්ස්ලට ගරු නොකර පවත්වාගෙන යන්න බැහැ.:b

    :rහැබැයි සීනියර්ස්ලත් දැනගන්න ඕනෙ තමන්ගෙ බලය අයුතු විදිහට පාවිච්චි නොකර ඉන්න.නැත්තං වැඩේ ජෝන් බාස්ට යනවා.

    @ Ashen - :b:b:b

    @ Praසන්ன - බොහොම ස්තුතියි සහෝ :b:b:b

    "ඊට පස්සෙ පුරු පුරුල සීනියර්ස් ල උනාට පස්සෙ කොහොම වැඩ දැම්මද දන්නෙනෑ"

    හික් හික්!! මේ වගේ මැර සතිනං කළේ නෑ.හැබැයි ඉතිං පොඩි දඩුවම් දීපු අවස්ථාත් තිබුනා.පුරුපුරුලා ඉතිං ගොඩක් කළේ ආතල් වැඩ තමයි..ඒ සිද්දි ඉස්සරහට දාන්නංකො....:f

    ReplyDelete
  13. අයියෝ අවුලක් නෑ බන්..
    තව පෝස්ට් දාපන්.............. :o :o

    ReplyDelete
  14. ඕක කොහෙත් වෙනවා. හොඳට හිතල බලන්න එකට ඉන්නකොට මරා ගන්නවා. පස්සෙ හමුවුනාම හොඳ යාළුවෝ. මම නම් හොස්ටල් ඉඳල නෑ. අපේ පංතියේ දෙන්නෙක් හිටියා. උන් හැමදාම මරා ගන්නවා. එත් දැන් උන් දෙන්නට දෙන්නා අපිටත් වඩා ෆිට්. අපේ අතීතයත් මතක් වුනා. තැන්ක්ස් මේක ලිව්වට.

    ReplyDelete
  15. කිව්වම මතක් වුනේ ඔය කොටියා සර් වගේ කෙනකේ හිටියා අපේ හොසටල් එකෙත්. කොල්ලො කියන්නේ "එළදෙන" කියල. එය කටිටියට වෙනම ඒ ලැන ට්‍රෙනින් එකක් වත් දෙන තැනක් තියනවද? ඔය ගතිගුන මයි තියෙන්නේ. අපි ඒ පැත්තට ගියත් ගහන්නමයි එනනේ.

    ReplyDelete
  16. මැර වීක් එක ගැන ලිපි දෙකම බැලුවා... උබලට කම්මුල් පාරවල් කන්න මාර ප්‍රැක්ටිස් ඇති නේ... ඉතින් උබල සීඑනියර් උනහම ඔව්ව කලේ නැද්ද බන් ?? හි හි... චා සීන් හැබයි ඔය රැග් වගේ සීන්.

    ReplyDelete
  17. @ සිකා - :b:b:b

    @ Ansh - :b:b:b

    @ priyantha - හික් හික්!!බොහොම ස්තුතියි සහෝ! බලාගෙන ගියාම අපි ඔක්කොම ඉන්නෙ එකම බෝට්ටුවෙ නොවැ!වයසෙන් වැඩෙද්දි තමයි මොළෙත් පෑදෙන්නෙ :b:b:b

    @ පිස්සා - හික් හික්!!ඉස්සරනං හොදට ප්‍රැක්ටිස් යාලු!දැන් ඉතිං කාලෙකින් ඒ වගේ කෑමක් කෑවෙ නෑ නොවැ!:q:q:q

    ඊළග ප්‍රශ්නෙටනං දෙන්න තියෙන්නෙ ප්‍රසන්න සහෝ‍ට දුන්න උත්තරේම තමයි

    "මේ වගේ මැර සතිනං කළේ නෑ.හැබැයි ඉතිං පොඩි දඩුවම් දීපු අවස්ථාත් තිබුනා.පුරුපුරුලා ඉතිං ගොඩක් කළේ ආතල් වැඩ තමයි..ඒ සිද්දි ඉස්සරහට දාන්නංකො....":b:b:b

    ReplyDelete
  18. බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

    ReplyDelete
  19. Hostel katha thawa daanna. ela.. ela..

    ReplyDelete
  20. @ Anonymous - බොහොම ස්තුතියි සහෝ! හොස්ටල් කතා තව තියෙනවා ඇතෙක් බරට :b:b:b

    ReplyDelete
  21. මේක දැක්කේ දැන්නේ.......
    අඩේ මාර කම්මුලක් මචෝ උඹට ඇත්තේ...
    ලෝහද රබර්ද...?
    :b :b :b

    ReplyDelete
  22. @ කැන්ඩි - හික් හික්!! ඒ දවස්වලනං රබර් වගේ බං! දැන්නං ආපහු යථා තත්ත්වෙට පත්වෙලා....:q:q:q

    ReplyDelete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. අඩෝ... මේ කතාව මට මිස් වෙලා නෙ.. එල සීන් එක..ආදර්ශමත් කතාවක්..!!

    ReplyDelete
  25. උඹ කවුද කියල මම හරියටම දන්නෙ නෑ. ඒත් මම ඔතන 11 වසරෙ අයියා කෙනෙක්. මේක ඒදවස්වල අසුන්දර උනාට දැන් නම් සුන්දර මතකයක් තමයි.යා කෙනෙක්. මේක ඒදවස්වල අසුන්දර උනාට දැන් නම් සුන්දර මතකයක් තමයි.
    "කොටියා සර් වේවැලක් අරගෙන මුලු හොස්ටල් එක පුරාම 11 වසරෙ කට්ටියට ගගහ පැන්නුවලු"
    මෙහෙම දෙයක්නම් නම් උනේ නෑ මචන්. ඌ අපේ එකෙකුට විතරයි ගැහුවේ ඒ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ලඟදි.

    කොහොම උනත මම මේ බ්ලොග් එක ආසාවෙන් කියවනවා

    ReplyDelete
  26. ගඩොලා ආයෙ කන්න වගේ යන්නෙ..11 වසරේ අයියගෙන්..

    ReplyDelete
  27. @ යසිත් මියුරංග - බුදු අම්මෝ, බොහොම ස්තුතියි අයියේ.මට මතක තිබුන විදිහට තමයි කතාව ලිව්වෙ.තරහ ගන්න කාරි නෑ :b:b:b

    @ වැම්පි - මාව බේරගනිං!:n:n:n

    ReplyDelete
  28. Ela mallie. mamath oayala hodata danna kenek. kawuda kiyala kiyanna be. :-). Hostel katha tika maru. Ethek barata dennako ehenam hostel katha. Ela wedak mallie.

    ReplyDelete
  29. gon katha kiyala wenama catagory ekakata me wage katha daaanna

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. yakooo boru kiyanda epa yakoo
    umba kathawa thanikara boruwak dala thiyenne..

    ReplyDelete
  32. Oya kathawae widiyata 9 wasare hitapu malli kenek thama man. Oyawath hondata dannawa. Mawath oyalage batch ekama hondata dannawa athi. :P Btw oya kiyana auruddata passe aurudde katha tikakuth dammanum apith asawen kiyawanawane.. man qwe me api ganath katha karanna kiyala :D

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???