අඹ යාලුවෝ

Thursday, July 29, 2010

හොස්ටල් ලයිෆ් - ඉන්ස්පෙක්ෂන්, ජනේලය සහ මදුරු දැල

ඔන්න ඉතිං බ්ලොග් ගඩොල්ටත් මාසෙක නිවාඩුවක් ලැබුනා.ඒක හින්ද මේ දවස් ටිකේ බැරියැ හිතේ හැටියට බ්ලොග් ලියන්න.කලින් පාර හොස්ටල් ලිපියෙදි අපි කිව්වනෙ පුරුපුරු කොහොමද ඩයිනින් හෝල් එකේ නීති කඩ කරලා 11 වසරෙ අයියලගෙන් ගුටි කෑවෙ කියලා.ඉතිං අද අපි කියන්න යන්නෙ කට්ටිය හිටපු ඩෝම් එක ගැන.


Dormitory, එහෙමත් නැත්තං ඩෝම් එකක් කියල කියන්නෙ හොස්ටල් වල ළමයි නැවතිලා ඉන්න ලොකු ශාලාවලට.ඉතිං එක වසරකට ඩෝම් දෙක තුනක්ම තියනවා.හැබැයි පුරුපුරුලගෙ වයසෙ හිටපු ළමයි ගාන ගොඩක් අඩු හින්ද මුලු 10 වසරටම තිබුනෙ එක ඩෝම් එකයි.


10, 11 වසරවල්, කොටි නිල නිවස, ඩයිනින් හෝල් එක තමයි රීඩ් මහත්තයගෙ පාර පැත්තෙ තිබුන සීනියර් හොස්ටල් එකේ තිබුනෙ.පිට්ටනියෙන් එහා පැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකේ තමයි 6,7,8,9 වසරවල් සහ රිචා සර්ගෙ නිල නිවාසෙ තිබුනෙ.


ඉතිං හොස්ටල් එකේ දවස පටන් ගන්නෙ උදේ පහමාරටලු.ඒ කියන්නෙ 5.30 ට ගහන බෙල් එකට හැමෝම නැගිටලා හයහමාර වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ.(6.30 ද 6.45 ද කියල හරියට මතක නෑ)ඒ කියන්නෙ මූණ කට හෝදලා, ඉස්කෝලෙ ඇදුම් ඇදගෙන, සපත්තු පොලිෂ් කරලා, කොන්ඩෙ එහෙම පීරලා කුමාරයෙක් වගේ ඉන්න ඕනෙ.ඉතිං ඔය වෙලාවට තමයි ඉන්ස්පෙක්ෂන් තියෙන්නෙ.


ඉන්ස්පෙක්ෂන් වලට සාමාන්‍යයෙන් එන්නෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්.(කලාතුරකින් දවසක කොටිය සරුත් එනවා) ඉතිං හැමෝම තම තමන්ගෙ ඇදන් ළගට වෙලා අත්දෙක පිටිපස්සට දාගෙන පහසුවෙන් ඉන්න ඕනෙලු.ආ..කියන්න අමතක වුණානෙ.ඇදත් හොද පිළිවෙලට තියෙන්න ඕනෙලු.බෙඩ් ෂීට් එකේ රැළි එහෙම තියෙන්න බෑ.පොරවන රෙදි නවලා කොට්ටෙ යටින් තියලා තියන්නත් ඕනෙ.ඒ වගේම කට්ටිය එකතු වෙලා ඩෝම් එක හොදට අතුගාල තියෙන්නත් ඕනෙලු.


ඉතිං ප්‍රිෆෙක්ට් අයියා ඇවිල්ල ඔක්කොම පරීක්ෂා කරල ඉවර වුණාට පස්සෙ තමයි කට්ටියව කෑමට යවන්නෙ.අඩුපාඩු අහුවුණ කට්ටිය කෑමට යන්න කලින් ඒව හදාගෙන යන්න ඕනෙලු.පුරුපුරුනං ඉතිං හැමදාම කෑමට යන්නෙ පරක්කු වෙලා.මොකද මෑන්ස්ගෙ හැමදාම මොකක් හරි අඩුපාඩුවක්.එක්කො කොන්ඩෙ පීරල නෑ.එහෙමත් නැත්තං සපත්තු පොලිෂ් කරල නෑ.ඔය හැමදේම හරියට තියන දවසට ඇද හරියට හදල නැහැලු.

*********************************************************************************


පුරුපුරුට ඉතිං කොහොම හරි ඩෝම් එකේදි ලැබුනෙ බිත්තියක් අයිනෙ එක කෙලවරක තිබුන ඇදක්ලු.කට්ටිය ඉතිං හොස්ටල් එකෙන් හොරෙන් එළියට පනින්නෙ මෙතනින්ලු.


ඔය සමහර දවස්වලට හොස්ටල් එකෙන් පැනල ගිහිං පොඩි අවුටින් පාරක් දාන්න ගොඩක් අය පුරුදු වෙලා හිටියා.ගොඩක් වෙලාවට ගියෙ ළගම තිබුන රහිමා එකට.එහෙමත් නැත්තං බම්බා පැත්තෙ ගියොත් තේජස්පුරේටත් ගොඩවැදිල යන්න කට්ටිය අමතක කරන්නෙ නෑලු.ඔහොම ගිය කට්ටිය පොලිස් අංකල්ලට අහුවෙච්ච වෙලාවලුත් තිබුනෙ නැතුවම නෙවෙයි.ඒ කතා ඉතිං පස්සෙ කියන්න බැරියැ නේද?

කොහොම හරි පුරුපුරුගෙ ඇද ළගින් කට්ටිය එළියට පැනලම එතන හයිකරල තිබුන ජනේලෙ ගැලවිලා ගිහිංලු තිබුනෙ.ඉතිං මෑන්ස් දවල්ට නිදාගනිද්දි ඉර අව්වට පිච්චෙනවලු.රෑට නිදාගනිද්දි සිතලේ වෙව්ලනවලු.ඒ මදිවට වැස්සොත් එහෙම ඔක්කොම ඉවරයි.ඉතිං ඔහොම ටික දවසක් යද්දි පුරුපුරු පුරුදු වුණාලු ඕනෙම අහිතකර කාලගුණික තත්ත්වයක් යටතෙ ගොරොව ගොරොව නිදාගන්න.කොටින්ම පස්සෙ කාලෙක, මෑන්ස් උදේ නැගිට්ටට පස්සෙ තමයි දන්නෙ කලින් දවසෙ රෑ වැහැපු වැස්සෙන් මුලු ඇදම තෙමිලයි කියල.

ඒ මදිවට හොස්ටල් එකට ඇවිල්ල දවස් දෙක තුනකින්ම මෑන්ස්ට තවත් ඇබැද්දියක් වුණාලු.පුරුපුරු ගෙදර ගිය අතරෙ කවුරුහරි ඩයල් එකක් මෑන්ස්ගෙ මදුරු දැලේ තිබුන ප්ලාස්ටික් රවුම ගලවගෙන.අන්තිමට ඉතිං හැමදාම විදින්න බලාගෙන හිටපු මදුරු රැළගෙන් බේරෙන්න පුරුපුරුට රිංගන්න වුණේ රෙඩ් ඉන්ඩියන් කූඩාරමක් වගේ නෙට් එකක් ඇතුලටලු.ඉතිං හැමදාම මදුරුවො සෙට් එකත් බලාගෙන ඉන්නෙ මෑන්ස් නිදාගන්න ඇදට එනකංලු.

අන්තිමට ඉතිං පුරුපුරු පුරුදු වුණාලු ඕනෑම මදුරු ප්‍රහාරයක් ඉදිරියෙ වුණත් නොසැලී නොදැවී ‍ගොරොව ගොරොව නිදාගන්න......

ඉතිං යාලුවනේ අපේ හොස්ටල් ඉන්ට්‍රොඩක්ෂන් එක මෙතනින් ඉවරයි.ඊළග ලිපියෙ ඉදලා පටන් ගන්නෙ හොස්ටල් රසකතා.මුලින්ම අපි තීරණය කළා ඔයාලට දෙන්න "ඔපරේෂන් බොගානා"

ප.ලි - අපි කවුරුත් ආසාවෙන් කියවපු ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත් බ්ලොග් එක ලියන ඉබ්බයියට දැන් ගොඩක් දවසකින් සමනළ තටු ඇවිල්ල නෑ වගේ.මොකද කියන්නෙ, කට්ටිය පටන් ගම්මුද මාරාන්තික උපවාසයක් මෑන්ස්ට ආපහු බ්ලොග් ලියන්න එන්න කියලා??

18 comments:

  1. හික් හික් පුරු පුරුත් එළ ඩයල් එකක් නේ... එහෙම නින්ද යනව කියන්නේ ගොඩම තමා...


    ඉබ්බ ට ඔෆිස් එකේ වැඩ හිර වෙලා කියල මගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක දාල තිබ්බා.... ඔය කිව්වට සමනල තට්ටක් ඇවිත් දන්නෙත් නැහ හික් හික්

    ReplyDelete
  2. අනේ පවු අසරණ පුරුපුරු... :q ඉබ්බයියාට අපිව අමතක වෙලාද දන්නේ නෑ.. :r උපවාසෙයක්නම් පටන්ගමු... හැබැයි ලෙමන්පෆ් කන්න බෑ හොඳද? :b

    ReplyDelete
  3. කවුද වග කියන්නේ කිලෝ තුනක් අඩු වුනොත්? උපවාස නං කරන්න බැරියෑ.

    මෙ‍ම බ්ලොගයේ "ලු"යන්න භාවිතා කිරිම ගැන ඔබේ අදහස

    සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි

    අඩු කළ යුතුයි

    වෙනස් නොකළ යුතුයි

    මේ ඩුබායි වට්ටක්කා පුතා එහෙම දැක්කා නම් එයාට කියන්න ඕනේ එක මෙතැන නැහැනේ. (එයාට ඕනේ එක දන්නේ නැත්නම් එයාගේ පළවෙනි පෝස්ට් එක දෙක තුන විතර කියවලා බලන්න) :)



    වැඩි කළ යුතුයි

    ReplyDelete
  4. මේ ඇත්තට ඉබ්බාට මොකද වෙලා තියෙන්නේ? කිරි ඉබ්බි අල්ලං සමනල තටු ටික සිනදාද දන්නෙත් නැහැ

    :)

    ReplyDelete
  5. අනේ වාසනාවන් පුරැ පුරැවෝ..
    අපේ අනාගතේ භාරගන්න ඉන්න පරපුර නොවෑ. :b


    ඉබ්බාව අල්ලගන්න ඕනෙ තමා

    ReplyDelete
  6. When we were in that hostel, Koti Niwahana was called Walas Niwahana. Koti Sir was in where PT Richa's house

    ReplyDelete
  7. කිව්වට මොකද මටත් නිදා ගන්න එක තරම් හොඳට වෙන කිසිම දෙයක් කරන්න බෑ... :b

    ReplyDelete
  8. @ පිස්සා - හික් හික්!!පව් අසරණයා.....:s:s

    @ හසී - හික් හික්!!ඇයි හමුදාවට දෙන බිස්කට් කැවට කමක් නැද්ද?:q:q:q

    @ RanDil - බලමු කියවලා.මම මුල් දෙක තුනනං කියවල නෑ

    "කිරි ඉබ්බි අල්ලං සමනල තටු ටික සිනදාද දන්නෙත් නැහැ "

    හික් හික්!! මටත් හැබැයි ඔය ටිකනං හිතුනා.ඒ වුණාට පව්නෙ.ප්‍රසිද්දියෙ නොකියා ඉමුකො නේද? :m:m:m

    ReplyDelete
  9. @ හෙළයා - බොහොම තැන්ක්යූ කිව්ව සහෝ!! අපි වගේ අනාගත පරපුරක් ඉන්න එක ගැන ලක් මාතාව බොහොම ආඩම්බර වෙනව ඇති නොවැ!!:m:m:m

    @ Anonymous - then u must be one of our seniors.Nice to meet u! :b:b

    @ කොඩී - හික් හික්!!නිද්‍රාශීලීන්ගේ සමාජයට සාදරයෙන් පිළිගනිමු!:q:q:q

    ReplyDelete
  10. මට එපාම කරපු වැඩේ ඇඳ හරියට හදන එක. හැමදාම මොකක්හරි අවුලක්. වෙලාව අරගෙන හොඳට හදලා තිබුන කියමු. මොකෙක්හරි අප‍තයෙක් ඇවිල්ල ඕකෙ වාඩිවෙනව. :D

    මට හැමදාම සපත්තු මදින්න අමතක වෙනව. නවය වසරෙ අස් වුනාට, ඕලෙවල් ලියන දවස්වල හිටියෙ ඔය කියන බිල්ඩිමේ. දෙයියන්ගෙ පිහිටෙන් රෑට ඇඳට නෙට් එකක් තිබුනෙත් නෑ. උදේ ‍පේපර් එක ලියනකොට හොඳ ගණන්! :D

    ReplyDelete
  11. අනිවා අව්නිවා.. හික් හික්.. ඉබ්බ නෑ තමා.. මෙහෙම වෙන්න පුලුවන්. පරන බඩු ගැන ලිවුවනේ.. කෑවද දන්නෙ නෑ කිරි ඉබ්බිගෙන් කට්ට කුඩු වෙන්න.. :s

    ReplyDelete
  12. අපරාදේ කියන්න බැහැ මටත් ඕන තැනක නිදාගන්න පුලුවන්කම ලැබිලා තියෙනවා. හොඳට මහන්සි පිට ගෙදර එන සමහර දවස්වලට බස් එකේ හිටගෙන ඉද්දිත් මට නින්ද යනවා :)b

    ReplyDelete
  13. හප්පේ පුරුපුරුටත් වෙලා තියෙන් කරදර. හැබැයි ඕනැම අහිතකර තත්ත්වයක් යටතේ නිදියගන්න පුලුවන් විච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  14. kawru wunath mallila... mathak karanne ape parana sundara eathithaya..... easarala "Anonymous" nam apith eakka hitapu eakekda koheda... RJ

    ReplyDelete
  15. @ Supun Sudaraka - ෂා..මලයත් එහෙනං හොස්ටල් එකේ ඉදලා තියෙන්නෙ.අදුනගන්න ලැබීම සතුටක්.බලාගෙන ගියාම මාර බ්ලොග්කාරයො තොගයක්නෙ කුරුදුවත්ත හොස්ටල් එකෙන් බිහිවෙලා තියෙන්නෙ.:b:b:b

    @ වැම්පයර් - හික් හික්!! පව් දෙයියනේ අසරණ ඉබ්බයියා!කිරි ඉබ්බිට විරුද්ධව තමයි එහෙනං උපවාස කරන්න වෙන්නෙ..:f:f:f

    @ Hasitha - හික් හික්!! බස් එකේදි තවම ගෑනු ළමයෙක්ගෙන් බැනුම් ඇහුවෙ නැද්ද මචෝ?:m:mඅපේ ඔහොම නින්ද යන එකෙක්නං දවසක් බැනුම් ඇහුවා..:q

    @ Praසන්ன - ඒකනං සහතික ඇත්ත යාලුවෙ!:b:b:b

    @ Anonymous - බොහොම ස්තුතියි අයියෙ!:b :r මම හිතන්නෙ මේ අපේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වෙන්න ඕනෙ?

    ReplyDelete
  16. වෙලාවට හොස්ටල් එකක නොහිටියෙ............
    :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f

    ReplyDelete
  17. හත්වලාමයි! මෙන්න යකෝ මුං මාව නැති කරනවෝ :) .බේරගනියෝ (දැංනෙ යකඩෝ මම මේ කොමෙන්ට් ටික දැක්කෙ :P )

    නෑ...නෑ... ඇත්තටම වැඩ. මේකයි වුනේ.තිබුන ටෙක් නොලොජිය පරණ වුනා.ඔෆිස් එක අළුත් ටෙක් නොලොජියක් තෝර ගත්තා.සුපුරුදු ලෙස ලොක්කො ට්‍රේනිං ගියා.වැඩේ අල වේගෙන එනකොට සොක්කන්ට වැඩේ භාර දුන්නා :P .දැන් ඉතිං කොරළා පෙන්නපල්ලකො.හෙන ගහපිය ගණං බලාපිය කිවුවලු.

    යාළුවෝ සේරම වෙත,
    පුලු පුලුවං විදියට හදිසියේම යාළුවංගේ පෝස්ට් කියවනවා.වෙලාව තියන හැටියට කමෙන්ටුත් දාලා ඇති.අනිවා ආයෙත් ලියන්නං.අඩුවක් නෑ.අනික් යාළුවෝ රස කතා ලියනවනෙ.ඔක්කොමලට ස්තූතියි දිරිගන්වනවට :) .

    ReplyDelete
  18. @ කැන්ඩි - ඒ වුණාට හොස්ටල් ජීවිතේ ආතල් එක තේරෙයි අපි ඉස්සරහට දාන ලිපි වලින් යාලු.:b:b

    @ ඉබ්බා - ආ එහෙමනං කමක් නෑ ඉබ්බයියෙ,කිරි ඉබ්බිට අපේ කණගාටුව ප්‍රකාශ කරන්නකො හිත් රිදීමක් වුණානං!:b:b

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???