අඹ යාලුවෝ

Thursday, September 29, 2011

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය - 2


කලින් ලිපිය බැලුවෙ නැති අය මෙතනින් බලන්න 

මම කලින් ලිපියෙන් කිව්වේ අපේ පුරුපුරු මෝල්ලන්තයේ දූපතකට ගිය හැටි ගැන නොවැ! මේ පහළින් තියෙන්නෙ ඒ දූපතේ ෆොටෝ කීපයක්.

වැප්නි සාන්ත තුමාට ලෑස්ති කරපු කාමරේ ඉදිරිපස
සුන්දර මෝල් වෙරළ
සුන්දර මෝල් වෙරළ. මුහුද ඉතාම නොගැඹුරුයි
වෙරළේ ඇති ශාක
වැප්නි තුමාට ලෑස්ති කරපු කාමරය. පුරුපුරු නැවතුනෙත් මේකෙම තමයි
කාමරයේ ඇතුල
ඕනෙනං අව්ව තපින්නත් පුලුවන්
රිසෝර්ට් එකේ කෑම බිමනං උපරිම විදිහට තිබුනා. ඒක හින්දා වැප්නි තුමාට ලැබෙන කෑම බීම ගැනනං කිසිම ප්‍රශ්නයක් පුරුපුරුට ඇතිවුණේ නෑ. ඊටපස්සෙ පූසාට නියමිත වෙලා තිබුනෙ දූපත අවට මුහුදේ ආරක්ෂාව තහවුරු කරන වැඩේ. මේ වැඩේට පුරුපුරුට යන්න වුණේ බෝම්බ හොයන පූසා නැතුව. මොකද කකුල් හතරේ පූසෝ වතුරට බයයි නොවැ! ඒත් කලින් සූදානම් කරගත්තු කිමිදුම්කරුවෝ දෙන්නෙක් මේ වැඩේට අරගෙන එන්න පුරුපුරුට පුලුවන් වුණාලු.


මුහුදේ මීටර් දෙසීයක් විතර ඈතට යන්න පුලුවන්
ලස්සන මෝල් වෙරළ
කාමරේ ඉස්සරහා
වැප්නි තුමා එන ආරංචිය අහලා එදාම අලුතින් ස්විමින් පූල් එකක් හදන්න පටන් ගත්තා
අන්තිමට දූපත අවට දිය යට බෝම්බ අටවන්න පුලුවන් තැන් ඔක්කොම නිශ්ක්‍රීය කළාට පස්සෙ තමයි පූසාගෙ ඒ දුපතේ රාජකාරිය අහවර වුණේ. ඒත් ඒ වෙද්දි රෑ බෝවෙලා තිබුන හින්දා පුරුපුරුට සිද්ද වුණාලු එදා රෑ දූපතේ ගත කරන්න.

හඳපානේ...හඳපානේ...හඳපානේ...රෑ යාමේ
ගස් අතරින් සඳ එළිය
දූපතේ හිටපු මැනේජර් බුවා ලංකාවෙ කොල්ලෙක්. මෑන්ස්ගෙනුත් පුරුපුරුට හොඳ සහයෝගයක් ලැබුනා. ඇත්තටම මෝල්ලන්තෙට ආවට පස්සේ පූසාට වැඩි ආගන්තුක බවක් දැනුනෙ නෑ. මොකද මේ රටේ කොහෙගියත් නිතරම සිංහල වචන ඇහෙනවා. ඒ වගේම සිංහල අකුරු නිතරම පේනවා. පුරුපුරුට හිතුනෙ ලංකාවෙ මිනිස්සු ගොඩ දෙනෙක් මෝල්ලන්තෙ ඉන්න නිසා එහෙම වෙලා ඇති කියලා. කොහොමවුණත් මෝල්ලන්තෙ මිනිස්සු පාවිච්චි කරන “දිවෙහි“ කියන භාෂාවෙ පවා සෑහෙන්න සිංහලෙන් බිඳී ආපු වචන තියෙනවා. භාෂාව නොතේරුනත් මිනිස්සු කියන දේවල් වල තේරුම යන්තම් අල්ලගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.


මෝල්ලන්තයට ඉර පායන හැටි
මෝල්ලන්තයට ඉර පායන හැටි
ආපහු යන අතරේ
කුරුස් නැවකුත් පහු කරගෙන ගියා
අගනුවරට ළඟා වීම
පහුවදා උදේම නැගිටපු පුරුපුරු, ස්පීඩ් බෝට්ටුවකට නැගලා ආපහු අගනුවරට ආවලු. ඊට පස්සේ මෑන්ස් කළේ අගනුවර ඇවිදලා ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලපු එක. ඇත්තටම මාලේ නුවර කියන්නෙ බොහොම පොඩි දූපතක්. මුලු දූපත වටේම ඇවිදින්න පුලුවන් පැය දෙක තුනකින්. ඉතිං අපේ පූසාට පුලුවන් වුණාලු තමන්ගෙ රාජකාරිය බොහොම ඉක්මනට ඉවර කරන්න.
මාලේ නුවර සිරි
සැමදා වසා ඇති මෝල් කෞතුකාගාරය
මාලේ වැසියන්ට විනෝද වෙන්න තනා ඇති කෘත්‍රිම මුහුදු වෙරළ
අගනුවර වෙරළ ඛාදනය වැළැක්වීමට මෝල් වැසියන් කටයුතු කර ඇති ආකාරය
 මේ ගමනෙදි මෝල්ලන්ත ජනපති මැදුර සහ පාර්ලිමේන්තුව බලන්න යන්නත් අපේ පූසා අමතක කළේ නෑ. මෙතනදි තමයි පුරුපුරුට තරු විසිවුණේ. ජනපති මැදුරෙයි, පාර්ලිමේන්තුවෙයි ආරක්ෂාවට බල්ලෙක්වත් නෑ. (ආ...බල්ලො කොහොමත් නෑ නොවැ!) මේ නිකං හුදී ජනයා ඒ ගොඩනැගිලි ගාවින් කිසිම ප්‍රශ්නයක් නැතුව එහෙට මෙහෙට යනවා.

මෝල්ලන්ත ජනපති මැදුර
මෝල් පාර්ලිමේන්තුව
මේක දැකලානං අපේ පූසාට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණා. තමන්ගෙ ජනාධිපති මන්දිරයටයි, පාර්ලිමේන්තුවටයි ආරක්ෂාව හරියට දෙන්න බැරි මිනිස්සු කොහොමද වැප්නි සාන්ත තුමාගෙ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන්නෙ? ඉතිං පුරුපුරු කළේ වහාම දුරකතනයෙන් වැප්නි මහතාව අමතලා මේ සංචාරය කැන්සල් කරන්න කියලා උපදෙස් දුන්න එක. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට වැප්නි තුමා තීරණය කළාලු මේ සංචාරය දින නියමයක් නැතුව කල් දාන්න.

ඊටපස්සෙ ඉතිං තව දවස් දෙකකට වීසා තිබුන හින්දා පුරුපුරු ගියාලු තව ටිකක් රට තොට බලාගන්න. මෑන්ස් ඊටපස්සෙ ගියේ මාලේ නුවරට කිට්ටුවෙන් තිබුන විලින්ගිලි කියන දූපතට. මේ දූපතේනම් හැබැයි අගනුවර වගේ සාඩින් පැක් කරලා වගේ බිල්ඩින් ගහලා තිබුනෙ නෑ. කලබලකාරී ගතිය වුණත් සෑහෙන්න අඩුවෙන් තිබුනේ. ඒ වගේම විලින්ගිලි දූපත ප්‍රමානයෙනුත් මාලේට වඩා ලොකුයි. ඉතිං අපේ පූසා කළේ මේ දූපතේ මුහුදෙනුත් හිතේ හැටියට නාගත්ත එක.


විලින්ගිලි දූපත
විලින්ගිලි දූපත. ඈතින් පේන්නේ මාලේ අගනුවරයි.

විලින්ගිලි දූපත
මෝල්ලන්තෙ ඉන්න පිරිමි පාර්ශවයේ කට්ටිය කුඩ්ඩො වගේ වුණත් කාන්තා පාර්ශවයේ කට්ටියනං බොහොම සුන්දර විදිහට ඉන්නවා. අර “ඉඟ සුඟ ගත හැක මිටින“ ටයිප් කස්ටිය තමයි ගොඩක් ඉන්නේ. මේ ගැන පුරුපුරු වැඩිය කියන්න යන්නෙ නෑ. මොකද බ්ලොග් එකේ මේවා කියන්න ගිහින් පූසා මල්ටි බැරල් ප්‍රහාරයකට ලක් වෙන්න පවා ඉඩ තියෙනවා. කොහොමවුණත් ලංකාවෙ ඉඳගෙන කරවෙන අපේ කොල්ලො කස්ටිය මෝල්ලන්තෙ පැත්තෙ ගියොත් පාඩුවක් වෙන එකක්නං නෑ.

ඔය විදිහට අන්තිමට පූසා ගියෙ මෝල්ලන්තෙ වෙළඳ කටයුතු ගැන අවබෝධයක් ලබා ගන්න. එහේ බඩු මුට්ටුනං සෑහෙන ගනං. ඒත් රටේ ඉන්න මිනිස්සු ගොඩක් පොහොසත් නිසා ඒ අයට ඒවා ගානක් නෑ. පුරුපුරුත් ඉතිං අතේ මිටේ තිබුන හැටියට සුදුපූසිටයි, යාලුවන්ටයි අයිටම්ස් කීපයක් මිලදී ගත්තලු. ඊටපස්සෙ මෑන්ස් කළේ මාලු මාකට් එක පැත්තෙ සංචාරයක් දාපු එක.

මාලුවෙක් කපන එක මහ වැඩක් නෙවෙයි
බලයොයි, කෙළවල්ලොයි තමයි වැඩිපුර ඉන්නෙ
මහා පරිමාණයෙන් මාලු කැපීම


මෝල්ලන්තෙ මාලු ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ. ඉන්න ඔක්කොම මාලු ෆුල් ෆ්‍රෙෂ් පිට තමයි ඉන්නේ. මුහුදෙන් අරගෙන එන මාලු කෙලින්ම යන්නේ මාකට් එකට. අතරමැදියෝ නැහැ. හාල්මැස්සෝ එහෙමනං පණපිටින් විකුණන්නේ. ඒ වගේම ලංකාවේ වගේ මාලුන්ගෙ අස් කොන් කන සිරිතක් එහේ නැහැ. මෝල් වැසියෝ කන්නෙ මාලුන්ගෙ හොඳ මස් තියන හරිය විතරයි.

හාල්මැස්සන්ට තවමත් පණ තියෙනවා
මාලු මාකට් එකට එහා පැත්තෙන් තියෙන්නෙ කරවල මාකට් එක. කරවල මාකට් එකට ගිය පුරුපුරුට දැනුනෙ ගෙදර ගියා වගේ. මොකද කරවල මාකට් එකේ ලංකාවේ වෙළෙන්දෝ නැති වුණත් ඔක්කොම බිස්නස් කෙරෙන්නේ සිංහල මීඩියම් එකෙන්.  පස්සේ හොයලා බැලින්නං ආරංචි වුණේ මුලු ලෝකෙන්ම කරවල කන්නේ ලංකාවෙ මිනිස්සු විතරයි කියලා. මේ කතාවෙ ඇත්ත නැත්තනං හැබැයි පුරුපුරු දන්නෙ නැහැ.

සිංහල තමයි කරවල මාකට් එකේ පාවිච්චි වෙන භාෂාව
ඉස්තරම් කරවල
සිංහලෙන් කරවල විකුණන බංග්ලාදේශ ජාතිකයෙක්
අව්වේ වෙළපු තෝර කරවල
කොහොමහරි ඉතිං තමන්ගෙ රාජකාරි ඉවර වෙච්ච හින්දා පූසා පහුවදාම ආපහු ලංකාවට ආවලු. මෑන්ස්ගෙ යාලුවොනං කිව්වේ පුරුපුරු හිටියට වඩා දෙගුණයක් විතර කලු වෙලයි කියලා. ඒ කතාවනං ඇත්ත තමයි. මොකද මෝල්ලන්තය ලංකාවටත් වඩා සමකයට කිට්ටු හින්දා එහෙට වැටෙන අව්ව ගොඩක් සැරයි.

අන්තිමේදි ඉතිං පුරුපුරුට පුලුවන් වුණාලු තමන්ට පැවරිච්ච රාජකාරිය හරියට ඉෂ්ට කරන්න. දැන් ඉතිං වැප්නි සාන්ත තුමා තමයි තීරණය කරන්න ඕනෙ මෝල්ලන්තෙට යනවද නැද්ද කියලා.

ප.ලි - මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

45 comments:

  1. /* මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ. */

    ඇයි කලින් කතාවල තිබුනේ අමූලික ඇත්තද?

    ReplyDelete
  2. අයියෝ මට මේ ලිපි දෙකම නිකන් දෙමළ වගේ

    ReplyDelete
  3. එහෙනම් පුරුපුරු උම්බලකඩත් ගේන්න ඇති මයෙ හිතේ

    ReplyDelete
  4. වැපාගේ පිහිටෙන් පුරුපුරුවා ලස්සන නයෙකුත් ඇරලා..... වැපා මෝල්ලන්තෙ ගියොත් තවත් කළු වෙලා රෑට හොයා ගන්න වෙන එකක් ඇත්තෙම නෑ....

    ReplyDelete
  5. හික්හික් අබියා කිව්ව කතා දෙකම ෆට්ට :DDD

    ReplyDelete
  6. අභිතයියා ++++++++++

    මෝල්ලන්ත සවාරිය එල..... :)

    ReplyDelete
  7. හෙණ ලස්සන ගමනක් ගිහින් තියනවනෙ! :)

    ReplyDelete
  8. ශා..... පට්ට ගමනක් නේ. පට්ට මූදූ වෙරලක්.
    මාත් හරි ආසයි මෝල්ලන්තයේ ගිහින් මෝල් කෙල්ලෙක් එක්ක මූදු වෙරලේ ඇවිදින්න. හික්ස් :)

    ReplyDelete
  9. පුරුපුරු කරෝල කිලෝ කීයක් ලෑටි ගෑවද ?

    ReplyDelete
  10. හික් ය... ගමන නම පට්ටය... ඊගාව පාර මාවත් එක්ක පලයං පුස්..

    ජය...

    ReplyDelete
  11. "මෝල් වැසියෝ කන්නෙ මාලුන්ගෙ හොඳ මස් තියන හරිය විතරයි"

    මාලුවන්ගෙ මස් කොහෙද හැබෑට?

    ReplyDelete
  12. පට්ට පට්ට...:DDD

    ReplyDelete
  13. මැක්සා ගමනක්......
    පිස්සු හැදෙනවා.....

    ReplyDelete
  14. කකා - මම සාවද්‍ය කතාවක් ලියලා නැති ලිපි වල තියෙන්නෙ ඇත්ත. සාවද්‍ය කියලා ලියලා තියෙන කතාවල තියෙන්නෙ බාගයක් විතර බොරු :)

    මකරා සහ නොලේජ් බූස්ට් - ආයිත් අහලා. කරවල කිලෝ ගානක් ගෙනාවා :)

    සිංහයා - දෙපාර්තමේන්තුවෙ ඊළඟ මිෂන් එකට උඹත් වරෙන්

    ReplyDelete
  15. රහස් පරීක්ෂකයා
    චතූ
    හසී
    අභීත
    වැප්නි
    තනි අලියා

    බොහොම ස්තුතියි යාලුවනේ

    ශානු - බස් එකේදි කියලා දෙන්නම්

    සත්සර - හික් හික්!! එතකොට උන්ගෙ තියෙන්නෙ මාලුද?

    ReplyDelete
  16. මධුරංග - පලයං පලයං මචං!! වැඩක් කරගන්න බැරිවෙන එකක් නෑ. :) :)

    ReplyDelete
  17. පිස්සු හැදෙයි... අයේ යනකොට පොඩ්ඩක් කියන්න යාලුවේ

    ReplyDelete
  18. යකෝ පුරුවා උබව යැවුවේ සභාපතියගේ ආරක්ශාව බලන්න මිසක් කරවල,උම්බලකඩ බිස්නස් කරන්න නෙමේ,,,කොහොම හරි සංචාරය මරු,,,අපි සභාපතිතුමාව යවනවා නම් අර කලු වෙන එකට විසදුමක් දෙන්න වෙනවා

    ReplyDelete
  19. කරෝල කන්නේ ලංකාවේ අය විතරක්ම් නෙවේ....යුරෝපයේ අයත් කනවා... මෙන්න මේක බැලුවොත් තේරෙයි. ඒවගේම salted & dried fish කියලා සුපර්මාර්කට් වල විකුණන්නේ කරෝලම තමා.... මමත් කාලා තියනවා...
    http://en.wikipedia.org/wiki/Dried_and_salted_cod
    http://cawoodsfish.com/dried-salted-alaskan.html

    ReplyDelete
  20. අඩේ අපි දන්නෙවත් නෑ මුන් හොරෙන්ම ගිහින් දන්නවානම් මොනවා හරි ඕඩර් කරන්න තිබ්බා

    ReplyDelete
  21. මොල්ලන්තේ නම් හරි ලස්සනයි වගේ පෙන්නේ :)

    ReplyDelete
  22. බලාගෙන යනකොට වැප්නි සාන්ත කියන්නෙත් මාර පොරක්නෙ... නේද මෙයාලා.......

    ReplyDelete
  23. අපිත් කට ඇරන් කිව්වට පස්සේ මේක කියනව සාවද්‍යයිලු . වැප්තුමන්ගේ කොටස හැර අනික් හරිය නිරවද්‍ය ඇති නේද. ලස්සන රට . මගෙත් හිටිය මාලදිවයින් යාලුවෝ ටිකක් . මෙහෙ ඉගෙනගන්න ආපු .

    කරවල වැඩියෙන්ම කන්නේ නම් ලංකාවේ වෙන්න ඇති. පුසෝ එහෙ ගියේ උම්බලකඩ හොයන්නද . මගේ උම්බලකඩ ඉවර වෙලා . ටිකක් එවන්න පුලුවන්ද . මෙහෙත් කරවල තියනව . අපේ තරම් වේලලා නැහැ . අමු පාටයි . අපි නම් කයි . අනික තලපත් කට්ට බල වගේ හොඳට කැලි තියෙන කරවල නෙමේ . නිකන් කෙට්ටු පොතු ගැහුණු මාළු ජාති තමයි වේලලා තියෙන්නේ . තව මෝර වලිග වරල් හෙම තියනවා වේලලා .

    උමබලකඩ ගැන දන්නා විදේශිකයෙක් නම් මට හමු වෙලා නැහැ තවම .

    ReplyDelete
  24. ඇලිස්
    දේවා
    මාධව
    සයුරි

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.

    බින්දි - වැප්නි තුමාගෙ පාර්ට් එක ඇර අනික්වා ඇත්ත තමයි අක්කේ. පූසො ඉතිං කොහොමත් උම්බලකඩ කරවල වලට මනාපයි නොවැ! ඇත්තටම දැන් මේ ගමන ගිහින් මාස හතරක් විතර වෙනවා. මෝල්ලන්තෙ උම්බලකඩ කරවල ලංකාවෙ ඒවට වැඩිය හොඳයි

    ReplyDelete
  25. ඇනෝ - පොරක්දත් කියලා අහනවා. හුහ් :) :)

    සඳරු - මටත් පිනා චාන්ස් එකක් සෙට් වුණේ බං යන්න. තව පාරක් ගියොත් අනිවා උඹට මොනවා හරි ගේන්නං

    කැන්ඩියන් - ස්තුතියි සහෝ දැනුවත් කළාට

    ඩිලාන් - සභාපතිතුමාගෙ ආරක්ෂාව තර කරලා ඉතුරු වෙච්ච වෙලාවෙ තමයි බං කරවල මාකට් එකට ගියෙ. අපේ ජෛව පර්යේෂණ අංශය මේ වෙනකොට පරීක්ෂණ පවත්වනවා වැප්නි තුමාට විශේෂ සන් ක්‍රීම් එකක් හදන්න :)

    ReplyDelete
  26. සහ් බැරෑරුම් රාජකාරියක්...

    ReplyDelete
  27. අර කරෝල බෝඩ් එකේ රියනතුරු කියල තියෙන්නේ ඇක්සිඩන්ට් වලින් මැරෙන මාලුවන්ට වෙන්න ඇති.
    කොහොම උනත් පූරුපුරුට දෙකක් දාගන්න නැතිව හරිම දුකෙන් හිටියයි කියල තමයි ආරන්චිය.

    ReplyDelete
  28. අඩේ මාත් දැන් මාපිලෙක් නොවැ....
    මලේ විභාගෙන් පස්සේ නියම ට්‍රිපක් නොවැ ගිහින් තියෙන්නේ.....ඇත්තටම ලස්සන දූපත් සමූහයක් නෙද...ඇත්තට..ලංකාවේ වගේ ඒ රටේ ලොකු දෙශපාලන ගැප් එකක් නෑ.... අපේ රටේ ඔය ආරක්ෂාව පෙලක් දේශපාලුවො බොරු ආභරනයක් කොරගෙන නොවෑ නෙද....

    ReplyDelete
  29. පූසාගෙන් මාලු කරවල ටික කොහොම පරිස්සම් කර ගත්තද දන්නෙ නෑ

    ReplyDelete
  30. ‍ලෝකයේ ලස්සනම මූහුදු වෙරලවල් 10 අතරට මාලදිවයිනේ මුහුදු වෙරලත් අයිතිවෙනවා....

    ReplyDelete
  31. ආ ස්තූති කරන්න බැරිවුනා. මොල්ලන්තේ බලන්න සත් සමුදුරටත් සෑහෙන්න දෙනෙක් ඇවිල්ල හිටියා...

    ReplyDelete
  32. ඈ දෙගුණයක් කළු උනාය අයියා.....????

    අභී අයියා වැපා අයියා දත් කහ නිසා නිසා අවුලක් වෙන එකක් නෑ.... හික්ස්....

    ReplyDelete
  33. එළ එළ මොල්ලන්ත සංචාරය මරු.ඊලඟ මිෂන් එකට යනකොට සිංහයෝ දෙන්නත් එක්ක පලයන්කෝ පුරුපුරු අයියේ ..........:D

    ReplyDelete
  34. අඩේ පූෂෝ . . . . උඹ හිතුවට උඹ විතරයි කියල වැප්නි තුමාගෙ ආරක්ෂාව ගැන බලන්න මෝල්ලන්තෙට ගියේ . . . . උඹට වැරදිලා . . . . මම වැප්නි තුමාගේ ආරක්ෂාව වෙනුවෙං මෝල් ලන්තෙ තව අවුරුදු දෙකකට කිට්‍ටුවෙන්න නතර වෙලාම ඉන්නව. එතුමා මෝල් ලන්තෙට ගොඩබහින ඕනෑම අවස්තාවක එතුමාට ආරක්ෂාව සපයන්න බලාගෙන මම නතරවෙලා ඉන්නෙත් ඔය එයාපෝට් එක තියන දූපතේම තමයි . . . . .
    වැප්නි තුමාව අපි ‍රැකගන්න ඕනෙ නෙව දිවි දෙවනි කරගෙනම . . . (හික්)

    ReplyDelete
  35. මේ පූස මට පේන්නෙ වෙජිටේරියන් ද කොහෙද! කරල මාකට් එකට ගිහින් ආවයි කියන්නෙ ආයි!

    ReplyDelete
  36. ඕනෙමැන්ටල් දැං එහෙ නිත්‍ය නියෝජිත වෙලා ඉවරද ඒ කියන්නෙ.

    පුරුපුරුලාගෙ සංවිධාන ශක්තිය මදි නොවැ! ඕනයා කලින් ගිහිං මෙයා වෙනම ගිහිං... අනේ මන්දා යන්න ඕන පොර තාම මෙහෙ බස් පදිනවා

    ReplyDelete
  37. උබ කොහොමහරි වැප්නි සාන්ත තුමාගේ පිහිටෙන් මෝල් ලන්තෙටත් සවාරියක් ගියා නේ.... යකො වැපිනි සාන්ත තුමාගෙ ආණ්ඩුවේ අය වැයට නේද ඔව්ව අයත් වෙන්නෙ අහ්...

    පට්ට ලියවිල්ල

    ReplyDelete
  38. යකුනේ කෝ උබල... ඉක්මනට මොනා හරි ලියපියව්.... මම ආසාවෙන් කියවන බ්ලොග් එකක් බෝල මේක...

    ජය..

    ReplyDelete
  39. පව් අනේ වැප්නි සාන්ත ට මෝල්ලන්තෙ සිරි බලන්න අවස්ථාව නැති උනා නේද මේ පුරු පුරුවා නිසා. මේවා විජාතික කුමන්ත්‍රණ බොලව්

    ReplyDelete
  40. අපුරු චාරිකාවක් වගේ...
    බ්ලොග් ලියන පුරු පුරුවෙක් කරෝල කටු හොයන්න ගිය ගමනක් නේද මේක
    දැන් කාලේ පුසෝ අපිට වැඩිය දියුණුයි නොවැ

    අදමයි මේ ගඩොල් බ්ලොගේ බලන්ඩ ආවේ :)

    ReplyDelete
  41. මාල දිවයිනෙ උන්ට සිංහල පුලුවන්ද ? උන් සින්හලෙන් බෝඩ් දාගන කරවල විකුනන්නෙ.

    ReplyDelete
  42. හැම දෙනාටම බොහොම ස්තුතියි යාලුවනේ අදහස් දැක්වීම ගැන.

    @ සෙන්නා - උන් ටාගට් කරන්නෙ ලංකාවෙන් ගිහින් ඉන්න අයට කරවල විකුණන්න.

    @ ඕනයා - එළ එළ මචෝ! එහෙනං අපේ සංවිධානෙ ඔය පැත්තෙ රාජකාරි කටයුතු ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???