අඹ යාලුවෝ

Thursday, September 29, 2011

පුරුපුරුගේ මෝල්ලන්ත සංචාරය

අපේ බ්ලොග් ලියන කට්ටිය සෑහෙන දෙනෙක් නිතර ගැවසෙන තැනක් තමයි ගූගල් බස් එක කියන්නේ. ඔය බස් පදින කට්ටිය එකතු වෙලා ගූගල් බස් සංගමය කියලා සංගමයක් පවා පිහිටුවාගෙන ඉන්න බව ගොඩ දෙනෙක් දන්නවානේ. ඉතිං ඔය සංගමයේ සභාපති තනතුර දරන්නේ අපේ වැප්නි සාන්ත තුමා කියන එකත් බ්ලොග්කරුවන්ට රහසක් නෙවෙයි. (මම මේ දේවල් කියන්නේ ගූගල් බස් එක ආගන්තුක කට්ටියට හොඳේ!).

ඉතිං ඇමරිකාවෙ ජනාධිපති ලෝකෙ බලවත්ම පුද්ගලයා වගේ ලංකාවෙ අන්තර්ජාලයේ බලවත්ම පුදගලයා තමයි වැප්නි සාන්ත. කොටින්ම සිංහල සයිබර් අවකාශය යන්න ඕනෙ මොන දිශාවටද කියලා තීරණය කරන්නෙ පවා වැප්නි තුමා බව සමහරවිට ඔය කස්ටිය නොදන්නවා ඇති. ඉතිං ඒකෙන්ම හිතාගන්න පුලුවන් නොවැ එතුමාගේ බල පරාක්‍රමය. කොහොමහරි ඉතිං බලවත් පුද්ගලයො ඔක්කොටම තියෙනවා වගේ වැප්නි තුමාටත් තමන්ගෙ ආරක්ෂාව පිළිබඳ බරපතල තර්ජන තියෙනවා.

සිංහල සයිබර් අවකාශයේ විශේෂ රහස් ඔත්තු සේවය වෙන මාෆිලා දෙපාර්තමේන්තුව තමයි මේ වගේ වැදගත් පුද්ගලයන්ගෙ ආරක්ෂාව භාරව ඉන්නේ. ඒ ගැන දන්නෙ නැති අයට මෙතනින් දෙපාර්තමේන්තුවෙ නිල බ්ලොග් අඩවියට යන්න පුලුවනි. ඔයාලා ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට අපේ පුරුපුරුත් මේ දෙපාර්තමේන්තුවේ බොහොම ඉහළ නිළයක් දරන පූසෙක්. ඔන්න මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නේ.

පහුගිය දවසක වැප්නි සාන්ත තුමාට මෝල්ලන්ත රජයෙන් විශේෂ ආරාධනාවක් ලැබුනා මෝල්ලන්තයේ නිල සංචාරයකට එක් වෙන්න කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි, මෝල්ලන්තයේ බ්ලොග්කරණය සහ බස්කරණය නගාසිටුවීමේ විශේෂ වැඩපිළිවෙලකට උපදෙස් ගන්න. ඇත්තටම ඉතිං මෝල්ලන්තෙ වගේ ජනගහනය ලක්ෂ තුනහමාරක් වෙන රටක මේ වගේ වැඩක් කරන එක හරිම අමාරු දෙයක්. ඒත් අන්තිමේදි වැප්නි තුමා තීරණය කළාලු නොසැලී වැඩේ බාරගන්න.

ඒත් ඉතිං මේ වගේ වැදගත් පුද්ගලයෙක් නිල සංචාරයකට යන්න කලින් ඒ රටේ ආරක්ෂාව පිළිබඳව හොඳ වැටහීමක් සහ වගකීම් සහතිකයක් ලබාගන්න ඕනේ. මෝල්ලන්තය ඇතුලෙ මාෆිලා දෙපාර්තමේන්තුවෙ විශේෂ නියෝජිතයො හිටියත්, වැප්නි තුමාගෙ ආරක්ෂාව කියන්නෙ බොහොම බරපතල කාරණාවක් හින්දා අන්තිමේදි පුරුපුරු තීරණය කළාලු පෞද්ගලිකවම මෝල්ලන්තයට ගිහින්, එහෙ ආරක්ෂක තත්ත්වය ගැන හොයලා බලන්න. සියලු වියදම් දෙපාර්තමේන්තුව ගානෙ හින්දා පුරුපුරුට තිබුනෙ ගිහින් ආරක්ෂාව ගැන හොයලා බලන වැඩේ විතරයි. ඇත්තටම පහුගිය දවස් ටිකේ පුරුපුරු වැඩිය පේන්න හිටියෙ නැත්තෙත් මේ වැඩේ හින්දා. 

ඉතිං නියමිත දවසේ ප්ලේන් එකට නැග්ග අපේ පූසා කෙලින්ම ගිහින් ගොඩ බැස්සේ මෝල්ලන්ත ගුවන් තොටුපොළේ. ඇත්තටම මේ එයාර්පෝට් එක තිබුනෙ වෙනම පොඩි දූපතක. මුලු දූපතටම තිබුනෙත් එයාර්පෝට් එක විතරයි. කොටින්ම ඒ දූපතට කියන්නෙත් එයාර්පෝට් අයිලන්ඩ් කියලා. ඉතිං පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් ප්ලේන් එක බාන්න වෙන්නේ කෙලින්ම මුහුදේ. මේක වැප්නි තුමාගෙ ආක්ෂාවට තර්ජනයක් හින්දා එතනින්ම මෝල්ලන්තයට ඍණ ලකුණක් වැටුනා.

එයාර්පෝට් දූපත

පුරුපුරු එදා නැවතුනේ මෝල්ලන්ත අගනගරය වෙච්ච මාලේ නුවර. ඒ දූපතට යන්න එයාර්පෝට් දූපතේ ඉඳලා බෝට්ටුවක යන්න ඕනේ. ලංකාවේ ප්‍රයිවට් බස් වගේ මෝල්ලන්තයේ තියෙන්නෙ ප්‍රයිවට් බෝට්ටු. ලංකාවෙ බස්පලුවො වගේ මෝල්ලන්තෙ ඉන්නෙ බෝට්ටුපලුවො. දෙගොල්ලොම හැබැයි පෙනුමෙන්නං එකම වගේ. ඇත්තටම ලංකාවෙ මිනිස්සුයි, මෝල්ලන්තෙ මිනිස්සුයි පෙනුමෙන් වෙන් කරලා අඳුරගන්න එක බොහොම අමාරු වැඩක්.

 

බෝටුටව ඇතුලේ ඉදිරිපස පෙනුම
ඈතින් පෙනෙන මෝල්ලන්ත අගනුවර

කොහොමහරි ඉතිං අපේ පූසා එදා රෑ මෝලලන්ත අගනුවර ගත කළාලු. මෝල්ලන්තයට ආපු වෙලාවෙ ඉඳලා අපේ පූසාගෙ කනට වැටුනෙ ඇහුවාම මෝල්වෙන ජාතියෙ නීති රීති ගැන. මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇල්කොහොල් බොන්න තහනම්. බැරිවෙලාහරි අපේ රටේ ඔය නීතිය දැම්මනං හැබැයි කස්ටිය දවසක් ඇතුලත ආණ්ඩුව පෙරලනවා. ඒත් ඉතිං මෝල්ලන්තෙ මුස්ලිම් රටක් හින්දා මොන ආණ්ඩුව ආවත් ඔය නීතිය වෙනස් වෙන්නෙ නෑ. ඒ වගේම මෝල්ලන්තෙ මිනිස්සුන්ට බල්ලො ඇති කරන්න තහනම්. ඒකත් ඉස්ලාම් ආගමේ නීති රීති අනුව වෙච්ච දෙයක් කියලා තමයි ආරංචි වුණේ.

ඉතිං පුරුපුරු හිතුවේ මේ රටේ ඉන්නේ බොහොම හැදිච්ච ගුණයහපත් මිනිස්සු කියලා. ඒත් අගනුවරට ගියාට පස්සෙ තමයි තේරුනේ මෝල්ලන්තෙ ඉන්න මිනිස්සුන්ට ඇත්තටම මෝල් කියලා. ඇල්කොහොල් තහනම් වෙච්ච රටේ හැම එකාගෙම වගේ කටේ සිගරට් එකක්. ඒ වගේම ඉන්න කොල්ලන්ගෙන් සියේට හැත්තැපහකටත් වඩා කුඩ්ඩො ඉන්නේ. ඉතිං වැප්නි සාන්ත වගේ වැදගත් මහත්මයෙකුට එන්න මේ රට සුදුසුද කියන ප්‍රශ්නාර්ථය පුරුපුරුගෙ හිතට නැගුනා.

හොඳින් පැක් කළ සාඩින් ටින් ගොඩක් වැනි මාලේ නගරය
නගරයේ ඇතුලත දර්ශනයක්
පහුවදා තමයි පුරුපුරුට තමන්ගෙ රාජකාරි පටන් ගන්න තිබුනේ. මේ වගේ අන්ඩර්කවර් වැඩක් හැමෝටම පේන්න කරන්න බැරි නිසා පූසා මුලින්ම කළේ කාටත් අඳුරගන්න බැරි විදිහට වෙස් මාරු කරගත්තු එක. 


ඊටපස්සෙ මෑන්ස්ට ඇතිවෙච්ච ප්‍රශ්නෙ තමයි බෝම්බ හොයන්න බල්ලෙක්ව ලබා ගැනීමේ කේස් එක. මොකද මෝල්ලන්තෙ බල්ලො ඉන්න තහනම් හින්දා ඉව අල්ලලා බෝම්බ හොයන්න පුලුවන් බල්ලෙක්ව එහෙට ගේන්න පුලුවන්කමක් තිබුනේ නෑ. ඒත් පුරුපුරුලාව දෙපාර්තමේන්තුවෙන් පුහුණු කරලා තියෙන්නෙ අවට තියෙන සම්පත් යොදාගෙන තමන්ගෙ රාජකාරිය කරන්න හින්දා මේ ප්‍රශ්නෙ ගැන පූසා කලබල වුණේ නෑ. ටිකක් සෝදිසි කළාම පුරුපුරුට පුලුවන් වුණා බෝම්බ හොයන්න පුලුවන් පූසෙක්ව හොයාගන්න. 

බෝම්බ හොයන පූසා

තමන්ගෙම ජාතියෙ කෙනෙක් හින්දා පුරුපුරුට සහයෝගය දෙන්න ඒ පූසාත් කැමති වුණාලු. ඉතිං ඒ පූසාව කූඩුවක දාගෙන තමන් යන යන තැන අරන් යන්න පුරුපුරුට සිද්ද වුණාලු.


මුලින්ම පුරුපුරු ගියේ වැප්නි සාන්ත තුමාට නවතින්න තැනක් බලන්න. දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබුනේ ඒ වෙනුවෙන් වෙනම දූපතක් වෙන් කරන්න. මොකද එතකොට වැප්නි තුමාගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වෙන්නෙත් නෑ නොවැ! ඉතිං අපේ පූසා අර බෝම්බ හොයන පූසාවත් අරගෙන ගියාලු වැප්නි තුමාට නවතින්න දූපතක් හොයන්න. මේ වැඩේට බලපු දූපත් අතරින් පුරුපුරුගෙ හිත ගත්තෙ අගනුවර ඉඳලා පැයක ගමනක් තිබුන “එරියාදු“ කියන දූපත. පැයක ගමනක් කිව්වාට ඒක අගනුවර ඉඳලා සෑහෙන දුරක්. මොකද මේ ගමන යන්න පුරුපුරු තෝරගත්තෙ පැයට කිලෝමීටර් හැත්තෑවක අසූවක වේගෙන් යන ස්පීඩ් බෝට් එකක්.

ජැටියෙන් පිටවෙන ස්පීඩ් බෝට්ටුවක්
පුරුපුරු රැගත් බෝට්ටුව අගනුවරින් නික්මෙද්දී
මුහුද දෙබෑ කරගෙන යන ස්පීඩ් බෝට්ටුව. ඈතින් පේන්නේ මාලේ නුවරයි
අතරමගදී කලබල වූ බෝම්බ පූසා
අතරමගදී හමුවූ වෙනත් දූපතක්. ඒ දූපතේ මුහුද දිහාට වෙන්න හදපු කුටි ඇත

කොහොමහරි ඉතිං අන්තිමට පැයක ගමනකින් පස්සේ පූසාට පුලුවන් වුණාලු ඔය දූපතට ළඟා වෙන්න.

ඇත්තටම මෝල්ලන්තෙ මිනිස්සුන්ට මෝල් වුණත් මේ දූපතනං හරිම ලස්සනයි. ඒ වගේම බොහොම පොඩියි. මේ දූපත මීටර් තුන්සීයක් විතර දිග, මීටර් සීයක් විතර පළල බොහොම පොඩි දූපතක්. මෝල්ලන්තෙ තියෙන දූපත් දෙදාස් ගානෙන් බහුතරයක් තියෙන්නෙ ඒ වගේ රිසෝර්ට් විදිහටලු.

මේ දූපත සංචාරක පාරාදීසයක්
දූපත වටේටම තියෙන්නෙ නොගැඹුරු මුහුද
සුදු වැලි සහිත දූපත් වෙරළ

ඊට පස්සෙ වෙච්ච දේ බලන්න මේ ලිපියට යන්න.

ප.ලි - මෙම ලිපියේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

18 comments:

  1. පූසට ඔයාගෙ කකුල් දෙක පිහදදා යන පස්සෙං එන්න පුරුදු කලානං කතාව ඉවරනෙ! :D

    ReplyDelete
  2. අපිට නං ආරංචි උනේ පුරු පුරු මෝල්ලන්තේ කරවල වේළුව කියල!
    ඔය මෝල්ලන්තේ එයාපෝට් දුපතේ ප්ලේන් එක බාල කඩාගෙන යද්දී හිතෙනව දැන් ප්ලේන් එකේ බ්රේක් නැති උනොත් මොනවා වෙයිද කියල!

    ReplyDelete
  3. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ

    ReplyDelete
  4. ඇ මූ ෂබාපතියාගේ ආරක්සවට කියලා අතල් එකක් අරන් නේද :DD

    ReplyDelete
  5. හිකිස්‌ පට්ට ආ...............

    ReplyDelete
  6. මෝල්ලන්තය පට්ට රටක් නෙව. එහේ ඉන්නේ ඔක්කොම මෝල් කාරයෝ දෑ. හික්ස් :)

    ReplyDelete
  7. මේක කියෙව්වාමත් මෝල් වෙනවනේ..හික් හික්...
    නියමයිනේ..:D

    ReplyDelete
  8. මාෆිලා දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරියෙක් හැටියට , මෝල්ලන්ත සංචාරයේ විශේස අවස්තා ගෙන එන පුරුපුරුට පළමුව ස්තූති කරනවා... යකෝ මූව දෙපාර්තුමේන්තු මුදලින් ගිහින් ජොලි කරන එකද කලේ

    ReplyDelete
  9. mata nam theerenne naa bng! :( mmm digatama daahankoo! oluwata theerumak watenakalma kiyawanawa! :D

    ReplyDelete
  10. මොනා උනත් මරු ටුවර්...එක..මලේ...

    ReplyDelete
  11. පව් අර පූසා. ඌ බය වෙන්න ඇති මේ වගේ තඩි පූසෙක් දැක්කාම. කවදා දැකලා තියෙනවටද...

    ReplyDelete
  12. ඇහ්.............. මේ මක්කැයි අයියේ????????? විභාගෙට පාඩම් කරලා වැඩි උනැයි?

    ReplyDelete
  13. ෆට්ට.... මේ මාෆිලා එකේ රහස් වැඩිය පිටට දෙන්න එපා... වැප්නි සාන්ත තුමාගෙ ජීවිතේට දෙපාර්තමේන්තුව ඇතුලෙන්ම තර්ජන එන්ට බැරි නෑ

    ReplyDelete
  14. එළ එළ මරු.අපිටත් ඕකට කතා කොලා නම් සිංහයත් එනවනේ ........::D

    ReplyDelete
  15. ආයෙ ලෙසටම ලියලා තියෙනවා කථාව

    ReplyDelete
  16. ගැලපීම , ලිවීම, සුපිරි..
    ඔක්කොම ගැන තිබ්බත් එකක් අඩු හින්ද මේ දැන ගන්න අහන්නේ (නිකමට)
    මචං පුරු... මෝල්ලන්තේ මෝල කර වෙන පුෂ්පයෝ එහෙම නැද්ද?

    ReplyDelete
  17. මොල්ලන්තෙ ඇවිදලා මහන්සි උනාම මෝල් අමරුව හැදෙන්නැද්ද?

    නැ මං ඇහැව්වෙ තාම අලුත් ලියුං නැති හන්දා......!

    ReplyDelete
  18. ගරුතර වැප්නි සාන්ත තුමා
    මාෆිලා දෙපාර්තුමේන්තුව,
    උතුමාණෙනි ,
    සයිබරයේ ඉතා දිගු කාලයක සිට පැවත එන blogගඩොල් මෙව්වා එකේ
    ඔබ අමාත්‍යාංශයේ විශේෂ නියෝජිත පුරුපුරු මහතානන් ගේ ගමන ගැන ලියු
    පොස්ටුවෙන් පසුව කිසිම එකක් තවම ලියවී නොමැති බවත් ඒ පිළිබඳව ඔබගේ කරුණාබර අවදානය යොමුකොට නැවතත් මුල්ගල තියන ලෙසත් , ප්‍රේක්ෂක ජනතාව මෙව්වා කිරීමේ වරදට දැඩි දඬුවම්වලට බාජනයට දමන ලෙසත් දන්වමි.
    වැප්නි සාන්ත තුමා සැරවේවා..!

    මිට
    නාට්ටෝ සංවිදානයේ (NATO)
    ලේකම් අංකල්
    ඔබේ පක්ෂපාති

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???