අඹ යාලුවෝ

Wednesday, August 25, 2010

BLOG ගඩොල්ගෙන් නොදැවී අර්ධ ශතකයක්




ඉතිං යාලුවනේ කොහොමද? ඔන්න අදනම් අපි කියන්න යන්නෙ වෙනදා වගේ හිනායන කතාවක් නෙවෙයි.මාතෘකාව දැක්කම හිතාගන්න පුලුවන්නෙ නේද?ඔව්...මේ තමයි BLOG ගඩොල් බ්ලොග් එකේ 50 වෙනි ලිපිය.ඉතිං මේ ලිපිය විශේෂ ලිපියක් විදිහට ලියන්න අපි තීරණය කළා.මුලින්ම කියන්න ඕනෙ අද ලිපිය ලියන්නෙ පුරුපුරු.

මම මුලින්ම සිංහල බ්ලොග් එකක් දැක්කෙ අහම්බෙන්.ඒ ෆේස්බුක් එකේ අයාලෙ යමින් ඉද්දි මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ.ඒ බ්ලොග් අඩවියෙ නම තමයි "Y පරම්පරාවේ කතා".මුලින්ම කියවන්න ලැබුනෙ අපේ ඒකොන් ලොක්කා ගැන ලියලා තිබුන ලිපියක්.දැන්නං ඒ බ්ලොග් එක ඇක්ටිව් නැහැ මම හිතන්නෙ.ඉතිං ඕක කියව කියව ඉන්නකොට තමයි දාල තිබුන ලින්ක් එකක් දිගේ ටැබූ සබ්ජෙක්ට් අඩවියට මාව ඉබේම යැවුනෙ.

ඔය සිද්දිය මගෙ බ්ලොග් ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වුණා.මම කළේ දවස් දෙක තුනක් අරගෙන මුලු ටැබූ බ්ලොග් එකම එකදිගට කියවගෙන ගිය එක.ඒක මට හරිම රසවත් අත්දැකීමක් වුණා.ඉතිං අපිව සිංහල බ්ලොග්කරණයට වක්‍ර ආකාරයෙන් යොමුකිරීම ගැන ටැබූට මම ස්තුතිවන්ත වෙනවා.

හැබැයි මේ කාලෙ වෙද්දි මම බ්ලොග් අවකාශයක් ගැනවත්, සින්ඩිකේටර් ගැනවත් මෙලෝ හසරක් දැනගෙන හිටියෙ නෑ.ටික දවසක් යද්දි තමයි දැනගත්තෙ සිංහල බ්ලොග්අවකාශයක් කියල දෙයක් තියෙනවා, සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය කියල දෙයක් තියෙනවා, සින්ඩිකේටර් කියල ජාතියක් තියෙනවා කියලා.මුලින්ම යැවුනෙ සිංහල බ්ලොග් කියවනයට සහ ලාංකිය සිතුවිලි බ්ලොග් කියවනයට.එහෙම ගියාම මට ගොඩක් පුදුම හිතුනා මෙහෙම දෙයක් අපි නොදැන මෙච්චරකල් කොහොමද තිබුනෙ කියලා.

මොකද මේ වෙද්දි මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන ගොඩක් කල්.ඉතිං තවමත් මට හිතෙන දෙයක් තමයි සිංහල බ්ලොග්අවකාශයට මීට වඩා පබ්ලිසිටි එකක් ඕනෙ කියලා.තවමත් ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග් ගැන එච්චරම දන්නෙ නෑ.

කොහොමහරි සිංහල බ්ලොග්අවකාශය හිතට අල්ලලා යන්න මට එච්චර කල් ගියෙ නෑ.මොකද මේකෙ තියෙන්නෙ ලියන මිනිස්සුන්ගෙ අවංක අදහස්.ඒ වගේම ලියන අදහස මොකක් වුනත් බහුතරයක් දෙනා ගොංපාට් නැතුව බොහොම තර්කානුකුලව ඒ දේ ලියනවා.සමහරවිට සිංහල බ්ලොග්අවකාශයෙ ඉන්න ගොඩක් දෙනා හොද අධ්‍යාපන මට්ටමක් ඇතුව ඉන්න අය නිසා වෙන්න ඇති.කොටින්ම ලංකාවෙ අනිත් විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය එක්ක බලනකොට, සිංහල බ්ලොග්අවකාශයෙ ඉන්න හැමෝම වගේ ඊට වඩා ඉස්සරහින් ඉන්නවා.

ඔහොම ඉන්නකොට තමයි මටත් හිතුනෙ බ්ලොග් එකක් පටන්ගත්තොත් හොදයි කියලා.ඉතිං මමත් පටන්ගත්තා විද්‍යාත්මක කරුණු සම්බන්ධ බ්ලොග් එකක්.ඒ පෙබරවාරි මාසෙ.ඒ වුණාට ඒ වැඩේ එච්චර සතුටුදායක විදිහට නැගලා ගියෙ නෑ.අපේ හා පැටික්කි විතරයි ඕක කියවන්න ආවෙ.ඉතිං මහන්සිවෙලා ලියලා කට්ටිය කියවන්නෙ නැත්තං ඒ බ්ලොග් ලිවිල්ලෙන් වැඩක් නෑ නොවැ!ඉතිං මම තීරණය කළා කට්ටිය ගොඩදෙනෙක් කියවන බ්ලොග් එකක් පටන් ගන්න.

ආ...තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.හා පැටික්කි තමයි මට සිංහල බ්ලොග්අවකාශෙ මුල්ම පාඩම කියලා දුන්නෙ.ඒ තමයි බ්ලොග් එකක් ලියද්දි ලිපි වලට සිත්ඇදගන්නාසුලු මාතෘකාවක් දාන්න කියලා.ඒ උපදෙස මම එදා ඉදන් දිගටම පිළිපැද්දා.ඉතිං හා පැටික්කිටත් ගොඩක් ස්තුතියි.

ඔය දවස්වල මම කතන්දරගෙ බ්ලොග් එක කියව කියවා හිටියෙ.ඉතිං මටත් හිතුනා කසූ වගේම තමන්ගෙ ජීවන අත්දැකිම් පළකරන බ්ලොග් එකක් ලියන්න.ඉතිං අපේ බ්ලොග්කරණයට දායක වුණ කතන්දර සූරීන්ටත් ස්තුති කරන්න මේ වෙලාව යොදාගන්න කැමතියි.

මම පොඩි කාලෙ ඉදලම පිස්සු වැඩ කළේ අපේ පූසො සෙට් එකත් එක්කමයි.ඉතිං මම ගිහින් ඒ අයට මගෙ අයිඩියා එක කිව්වා.උන් සෙට් එකත් වැඩේට එක පයින්ම කැමති වුනා.මොකද අපි දැනගෙන හිටියා මේ බ්ලොග් එකට ගොඩදෙනෙක් කැමති වෙයි කියලා.ඊට පස්සෙ තිබුනෙ බ්ලොග් එකට නමක් යෝජනා කරන්න.ටික වෙලාවක් කල්පනා කර කර ඉදිද්දි උපාසක තමයි "BLOG ගඩොල්" කියන නම යෝජනා කළේ.ඉතිං පහුවදාම අපි එකතුවෙලා වැඩේ පටන්ගත්තා.

දැන් මාස හතරක් ගිහිල්ලා.මේ වෙද්දි ගොඩක් ලිපි ලිව්වෙ මම.ඒත් උපාසකත් සැලකිය යුතු ලිපි ගණනක් ලියල තියනවා.ඤාව්වත් දෙකතුනක් ලියලා තියනවා.අපි මුලින්ම හිතුවෙ අපි ලියන එව්වා අනුව මේ බ්ලොග් එක කාන්තා පාර්ශ්වයෙ අය පිළිගන්න එකක් නෑ කියලා.ඒත් කියන්න සතුටුයි, පහුගිය කාලෙ ඇතුලත ගෑනු පිරිමි භේදයක් නැතුව ගොඩක් යාලුවො අපි එක්ක එකතු වුණා.තමන්ගෙ අදහස් පළකළා.

ඇත්තටම කොමෙන්ට් බලාගෙනම බ්ලොග් නොලිව්වත්, ලැබෙන කොමෙන්ට් වලින් තමයි ඉස්සරහට ලිපි ලියන්න ඕනෙ කරන ධෛර්යය අපිට ලැබෙන්නෙ.මොකද මේ බ්ලොග් කෙරුවාව නිසා අපේ කාලය, මහන්සිය අපතෙ ගියාට, ඉන්ටර්නෙට් බිල් සහ කරන්ට් බිල් වැඩිවුණාට, ආත්ම තාප්තිය ඇරෙන්න වෙන කිසිම දෙයක් අපිට ලැබෙන්නෙ නෑ.ඉතිං හැමදාම ඇවිත් අපේ ලිපි බලලා තමන්ගෙ අදහස් දක්වලා යන අපේ යාලුවන්ටත් මේ වෙලාවෙ පූස් උත්තමාචාරය පිරිනමනවා.


ඒ වගේම ‍අපේ බ්ලොග් එකේ ලිපි කියෙව්වත් තමන්ගෙ අදහස් දක්වන්න සමහර යාලුවන්ට වෙලාවක් නැහැ.අපිට ඒ යාලුවන්ගෙ කාර්යබහුල බව තේරුම්ගන්න පුලුවන්.ඉතිං හැමදාම අපේ බ්ලොග් එක කියවන ඒ යාලුවන්ටත් අපේ ස්තුතිය පුද කරන්න ඕනෙ.

නම් වශයෙන් ස්තුති කරන්න ගියොත්, සමහර නම් අමතක වීම හින්දා අපේ සමහර යාලුවො තරහා වෙන්න බැරි නෑ.ඒත් ප්‍රසන්න, පිස්සා, ප්‍රියන්ත, රන්දිල්, හා පැටික්කි, ගයන්ත, අභීත, පුතා, හසිත ඇතුලු හසී ‍ෆැමිලි එක, වැම්පි, හේමලයා, දුමී, මකරා, කොඩී, බුරතෙනෝ, අන්ශ්, හෙළයා, සිකා, මාරයා, ඉලංදාරියා, මාතලන්, ඉබ්බා, කැන්ඩි, කුෂාන් , ළමයා , හන්සි වගේ යාලුවන්ගෙ නම් නොදා කොහොමද? ඔය හැමෝටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක මෙච්චරකල් රැදිලා හිටියට.අනේ නම් දාන්න බැරිවුණ යාලුවො තරහ වෙන්නනං එපා!


හැබැයි මුලු නම් ලැයිස්තුවම බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට ලින්ක් එක්කම දාල තියෙනවා.ඒ වගේම ඒ යාලුවන්ගෙ බ්ලොග් වලට අපේ බ්ලොග් එකෙන් ලින්ක් දාලා තියෙනවා.ඒ කලගුණ සැලකීමක් විදිහට.අපි තවමත් තමන්ගෙ බ්ලොග් එකට ලින්ක් දාලා නැති යාලුවො ඉන්නවානම් පොඩ්ඩක් ඊමේල් එකකින් මතක් කරන්න.

ඒ වගේම කියන්න ඕනෙ අපි ගොඩක් වෙලාවට ලියන්නෙම විහිලු කතා.සමහරුන්ට හිතෙන්න පුලුවන් ඒක හරිම ලේසි වැඩක් කියලා.ඒත් අපිට හිතෙන විදිහටනං ඒක තමයි අමාරුම වැඩේ.මොකද හොද කතා 100ක් ලිව්වත් එක මෝඩ කතාවක් නිසා මුලු බ්ලොග් එකම අදුරු වෙන්න පුලුවන්.

ඉතිං මෙච්චරකල් ආපු කෙටි කාලය ඇතුලුත අපිට මල් වගේම ගලුත් හම්බවෙලා තියනවා.අපි ඒ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා.දැන් මේ බ්ලොග් එක පටන් ගත්තු කාලෙට වඩා අපි දැනුමෙන් සහ අත්දැකීම් වලින් පොහොසත්.ඉතිං ඉස්සරහටත් ඔයාලට අලුත් කතා ගේන්න තමයි අපේ බලාපොරොත්තුව.

ඉතිං යන්න කලින් මෙච්චරකල් ‍අපේ බ්ලොග් එකේ ඔයාලා වැඩිපුරම ආසාවෙන් කියවපු ලිපිය හරි සීරීස් එක හරි මොකද්ද කියලා මෙතන සදහන් කරලා යන්න හොදේ!අපිනං ආසම සීරීස් එක තමයි ගන කතා.

ඒ වගේම අපි ඉස්සරහට හදාගන්න ඕනෙ මොනවද? අපේ අඩුපාඩු මොනවද? කියලා ඔයාලට හිතෙන යෝජනා, චෝදනා එහෙමත් කියල යන්න හොදේ! සැබෑ නමින් බැරිනං ඇනෝ විදිහට හරි කමක්නෑ.

ප.ලි - තවත් කීපදෙනෙක් මතක් වුණා. සුපුන් සුදාරක, ඉසිඹුව, වීතරාගී , අශේන්, නදීස්තෝට්ස්, ටී සෝනර්, විහගි, නිශ්, හිගන්නා, ඉන්දික උපශාන්ත, ජයන්ත, තරංග යන යාලුවන්වත් ආදරයෙන් මතක් කරනවා.

62 comments:

  1. සුබ පැතුම්....තව තවත් රසවත් ලිපි ලියන්නට අවැසි සවිය හා දිරිය ලැබේ යැයි පතමි......:)

    ReplyDelete
  2. මා ඔබලාගේ බ්ලොගය එය ආරම්බයේ සිටම කියව්වෙමි. එය කියවීමෙන් මා ඉමහත් තෘප්තියක් ලදීමි. ඇත්තෙන්ම ඔබ අදහස් ප්‍රකාෂ කිරීමෙහිලා අති දක්ෂය. ඔබ සැමට හදවතින්ම සුභ පතමි.

    ReplyDelete
  3. ado machanla... mulinma mage unusum suba pathum!!! maxxa! patta!! ohoma yamu!!!

    samawenna oni mama meke thiyana hama blog post ekakma hamadama kiyewwata comment damme nati ekata... meeta passe awama comment ekak dekak daala yannam deffa!!

    matanam athalma series eka "hostel life".

    tawa tawat mehema atal kata kiannawanna balaporottu wenawa!!!!!

    Unusum suba pathum..!!

    _Tzoner_

    ReplyDelete
  4. බොක්කෙන්ද ඕනෑ...
    නැත්නම් හදවතින්ද
    මොනා නැතත්
    සුභ පතනවා
    ඔය දෙකෙන්ම....

    :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t :t

    දිගටම ලියන්න පුස් අයියා...දැන්නම් අපි පුස් අයියලා දාල යන්නේ නෑ.ඉස්සර අපි දන්නේ නෑ නොවැ....100ක් නේවේ 1000ත් පනින්න ලියන්න....අපි ඉතිං ඉන්නවනේ කියවලා ගහගන්න...නෑ මම මෙ කි‍ව්වේ මඩ ගහන්න‍‍‍....
    :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  5. :b :b :b
    :t :t :t

    නියමයි මචං. තව තවත් මැක්සා සටහන් දැමීමට ඉඩ ප්‍රස්ථාව, ධෛර්යය ලැබේවා.
    ඔබට ජය !

    ReplyDelete
  6. නියමයි මචන්න්ස්.. 100ත් ළඟදිම ගහමු..
    උණුසුම් සුභපැතුම් බොක්කෙන්ම..

    :t:t:t:t:t:t:t:t:t:t

    ReplyDelete
  7. මගේ බ්ලොග් කෙළිය ඔබට උත්තේජයක් වීම ගැන සතුටුයි. මා නොවරදවා කියවන බ්ලොග් එකක්. නොකීවාට, ඔබ කියන වටාපිටාව මටත් නුහුරුම නැහැ. සුභපැතුම්.

    - Taboo

    ReplyDelete
  8. ඔන්න මගෙනුත් උනුසුම් සුබ පෑතුම්.
    සොදුරු පාසල් විය මතක් කරනවට සහ
    අපිව හිනස්සනවට පුරු පුරු ඈතුලු පූස් මචන්ලාට තෑන්කූ

    හෑම පොස්ට් එකක්ම ආසවෙන් කියෙව්වට නියමම එක තමා කලු කුමාරි.
    මතක් වෙනකොටත් තාම හිනා.
    ඉතින් ජය...........

    :t :t :t

    ReplyDelete
  9. ෆොටෝ එකේ ඩිල්ෂාන් 50 ගහල උඩ පනිනවා වගේම , පූසන්ටත් උඩ පැන පැන නොදැවී තව තව හයේ පාරවල්ම ගහන්නට ලැබේවා.

    ReplyDelete
  10. උනුසුම් සුභ පැතුම්.... :t :t :t
    පූසන්ට වේගවත් ශතකයක් කරා යන්නට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා....
    ආ.. අඩුපාඩු ගැන කියන්ට කියල තියෙනවනෙ... මට නම් කිසිම අඩුවක් පෙනෙන්ට නෑ මචෝ ... බැරිවෙලා හරි අඩුවක් තිබ්බොත් අනිවා කියනවා... :r

    ReplyDelete
  11. එළකිරි කිවුවා එහෙනම් පූසො සෙට් එකටම.. :m
    ඔහොම්ම සෙන්චරියත් ගහල දාමු.. :t

    ReplyDelete
  12. "බහුතරයක් දෙනා ගොංපාට් නැතුව බොහොම තර්කානුකුලව ඒ දේ ලියනවා."
    "කොටින්ම ලංකාවෙ අනිත් විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය එක්ක බලනකොට, සිංහල බ්ලොග්අවකාශයෙ ඉන්න හැමෝම වගේ ඊට වඩා ඉස්සරහින් ඉන්නවා."

    මේ කතාවට මමත් එකඟයි.
    මගෙනුත් සුබපැතුම්.

    ReplyDelete
  13. යේ කමෝන් පූස් අයියලා... :t :m ඔයාලගේ හැම කථාවම එලකිරි. :b :e තව තවත් ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:f

    ReplyDelete
  14. පුරු පුරු අයියේ හැබෑටම අර කිව්වේ ඇත්තද????? :j
    මං මේ කම්පනා කරේ මන් කාටවත් මතක විදියට ගානක් දුන්නෑ පබ්ලිසිටියක් ඉල්ලල......... :d

    ඇත්තම කියන්නම්.......
    බ්ලොග් ගඩොල් පටන් ගත්තු දවසෙම මුලින්ම ඇවිල්ල පට්ටා.....න් ගන්න කියල ගිය දවසේ ඉඳන් අද වෙනකම් ආ බව නම් මතකයි.......
    ඒත් කලින් කතාවයි..... පොඩ්ඩක් ඉන්න මං එහෙම කිව්ව එකම අයියෙක්ට විතරයි..... :r අයිය ඒ අයියමද?????

    ආහ් එහෙනම් මේ මෙයානේ....... හරි හරි...... දැන් බැටරි චාර්ජ් උනා....... කවුද දන්නේ.......... :c :c

    මොනව උනත් ටිකක් ලැජ්ජ හිතුනා ඕන් මට....... :i :i

    ටිකක් දිග වැඩි උනා......

    එහෙනම් දිගටම ලියන්න සුභ පතනව මගේ මුලු හා හදින්ම..........!!!!! :m :m

    (අර බ්ලොග් එක එන්නම් කියල ගියාට තාම නැවතුන තැනමයි පුරු පුරු අයියේ.....)

    තව පොඩ්ඩෙන් අමතක වෙනව....... මට නම් කතා සීරිස් ඔක්කොම එක වගේ...... ඔක්කොටම එක වගේ ආසයි........ :b :b

    ReplyDelete
  15. 50 ට + 450ක් ආයුබෝ වේවා. බළල් මසුත් ගිණි ගනන් වේවා !!!

    පූස් උත්තමාචාරය ගැන කියෙවුවම මගේ පරණ ලිපි 2ක් ම්තක් වුනා. පූසො සෙට් එක ඒවා දැකලා නැතුව ඇති. එව්වා පූසො ඉපදෙන්නත් කලින් ලියපුවා. මේ දෙක බලන්නකො

    1.http://status-chanaka.blogspot.com/2009/02/blog-post.html

    2. http://status-chanaka.blogspot.com/2009/05/blog-post_3671.html

    ReplyDelete
  16. mata blog 1k nam na, A unata mm hamadama sinhala blogs balanawa.oyage 1th balnawa.wade digatama karagena yanna suba pathanwa.
    :t:t:t:t:t:t:t:t:t

    ReplyDelete
  17. මගට ගියාම මතක් උනේ...... එදා අයිය දැන් වෙන බ්ලොග් එකක වැඩ කිව්වේ මේ ගැන වෙන්න ඕනි......... :r :r

    ReplyDelete
  18. සුභ පැතුම්.මාත් අනිවාර්යයෙන්ම දිගටම කියවන බ්ලොග් එකක් තමයි මේක....ජය වේවා

    ReplyDelete
  19. mage unusum suba pethum!!! sorry mata tawama hodata sinhala type karanna amarui.. mata blog1k patan ganna asa hitune oyalage blog eka dekala.. mama hemadama balana hugak asa blog1k. net log unama issellama balane oyala aluth katawak dalada kiala...

    ReplyDelete
  20. මෙන්න මගෙනුත් උණුවෙන් සුබ පැතුම්! දිගමට ලියන්න හිතේවා! :t

    ReplyDelete
  21. එළ එළ ඔහොම යන්....
    ඔබේ පනස් වැන්නට උණුසුම් සුභ පැතුම්!!!!!!
    ටිකක් වෙලාව මදි මේ දවස් ටිකේ හෙට පහුවෙනකන් තදබල ලෙස වැඩ ...
    මඟ ඇරුනු පෝස්ට් වගයක් තියෙනවා හෙට පහුවෙලා කොහොම හරි කියවන්න ඕනෙ....
    එළම තමා..ඔහොමම 100ත් පහු කරගෙන යමු මචෝ.....
    :b :b :b :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  22. මෙන්න ළමයාගෙනුත් රස්නෙම රස්නෙ සුබපැතුම්!! සියලු වාර්ථා බිදිමින් ඉදිරියටම යන්න ලැබේවා!!

    මම කොහේදෝ යනගමන් මේ ‍බ්ලොග් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කියෙවුවේ පූසෝ බියර් බිව්ව හැටි.. ඊට පස්සේ නම් දිගටම කියෙවුවා ඕං...

    :t :t :t :t :t :t :t :t :t :t

    දිගටම මම කතා ටික කියෙවුවත් කමෙන්ට් කලේ නෑ සීමිත කාලයක් ලැබෙන්නේ මේ විභාගේ එක්ක බ්ලොග් කියවන්න.. ඒ නිසා ඒකට සමාවෙන්න.

    ReplyDelete
  23. හදවතින්මමගෙන් සුබපැතුම් තවත් බොහෝ දිගුගමනකට...

    ReplyDelete
  24. අයියේ, මේ බ්ලොග් එකේ ලිපි තුනක් විතර වැටිලා තියෙන කාලයේ ඉඳලා මම බ්ලොග් එක කියෙවුවත්, මම හිතන්නේ පළවෙනි කමෙන්ට් එක තමා මේ. ඒ සම්බන්ධව සමාව ඉල්ලා සිටිනවා.

    ඒ වුනාට අලුත් ලිපියක් ලියලා තිබුණ ගමන් අනිවාර්යයෙන්ම ඇවිල්ලා කියවනවා. ඇත්තටම වැඩ රාජකාරී වලින් හෙම්බත් වෙලා ඉන්න අපේ ජීවිත refresh කරගන්න මේ බ්ලොග් එකෙන් ලැබුණ පිටිවහල අතිමහත්.

    ඉතින් සාමූහික ප්‍රයත්නයක් වශයෙන් කරන මේ ක්‍රියාදාමය තවදුරටත් ‍බොහොම සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්යය හා හැකියාව ලැබේවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ජය!

    ReplyDelete
  25. digatama liyanna magen suba pathum,,,mama aasama blog ekak tamai me blog eka,,,,,,,Digatama liyanna :b

    ReplyDelete
  26. මේ බ්ලොග් එකේ අකමැතියි කියන්න දෙයක් නෑ. හැම කථාවක්ම එකවගේ රසවත්ව ලියල තියෙනවා. 50 පැන්න වගේම තවදුරටත් දිගටම ලියන්න පූසන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මාත් ප්‍රාර්ථනා කරනවා.
    (කොහොමටත් ඉතින් පූසන්ට ජීවිත 9 ක් ම තියෙනවනේ.:f )

    ReplyDelete
  27. බොල හොර පූසෝ.... උඹේ බ්ලොග් එක මම කැමතිම බ්ලොග් එකක්.
    එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා. ජය වේවා. :b

    ReplyDelete
  28. එල පූස් ලොක්කා.දිගටම ගඩොල් අදිමු,අපි ඉන්නවා සප් එකට

    ReplyDelete
  29. ela elazzzz oyalage blog eka nam niyamai , my heartiest congradulations :c :c :m

    ReplyDelete
  30. එළකිරි.. සතුට සමරන්නත් එක්ක උඹෙ අම්මට පෝලිමක් දාමුද?

    ReplyDelete
  31. පනහක් ගැහුවා කියලා OUT වෙන්න නම් එපා....තව 1000ක් ගහන්න පුළුවන් වේවා කියන ගමන්ම තව තවත් පූස් වැඩ දාන්න ලැබේවා කියලත් සුභ පතනවා.

    ReplyDelete
  32. me hero kiyana asahana kaaraya kauda kiyala hoya ganna puluwan unanam

    ReplyDelete
  33. හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ! සමාව ඉල්ලන්න ඕනෙ නෑ.මිනිස්සු කාර්යබහුල වෙද්දි පොඩි වෙලාව පවා ගොඩක් වටිනවා.ඒක නිසා කොමෙන්ට් නොදා හිටියට කිසිම ගැටලුවක් නෑ.හැබැයි ඔන්න අපි ලියන කතා කියවන්නනං ඕනෙ හොදේ!

    ReplyDelete
  34. හා පැටික්කි හිතපු දේවල් එක්කොම හරි.:b:b:b

    ReplyDelete
  35. හැම දෙනාටම නැවතත් ස්තුතියි යාලුවනේ.ඔයාලගෙ වචන පූසන්ට ලොකු ශක්තියක්:g:g:g (හික් හික්!! සැමන් ටින් එකකටත් වඩා වටිනවා :m)

    ReplyDelete
  36. @ hero - මචං උඹටත් ගොඩක් ස්තුතියි.හැබැයි ඉතිං දාන කොමෙන්ට් මකන්නෙ නැතුව තියන්න ඕනෙනං කුණුහරුප වචන පාවිච්චි නොකර ඉන්න ඕනෙ හොදේ!

    ඒ කිව්වෙ කුණුහරුප කොමෙන්ට් දැම්මට කමක් නෑ, හැබැයි ඒක ඇතුලෙ කුණුහරුප වචන තියෙන්න බෑ

    අනිත් එක ඕවා කිව්වට පුසන්ට හිනා යනවා මිසක් තරහ යන්නෙ නෑ.මොකද අපේ ජීවිත කාලෙදි ඔයිට වඩා කුණුහරුප අනන්තවත් අහල තියෙනවා.

    උඹේ කුණුහරුපවල ටිකක් ප්‍රාථමික ගතිය වැඩියි.දෙවෙනි වටයට ප්‍රමාණවත් මදි.මොනව වුණත් හොද උත්සාහයක්.කවුරු හරි අත දුන්නොත් හොද අනාගතයක් තියෙනවා.

    ඉතිං වෙලාවක චැට් කරන්න වරෙන්.අපි හොද කුණුහරුප ටිකක් කියල දෙන්නං.කාවුණත් ගුණ දරුවෙක් නොවැ!

    අනිත් පේජ් එකේ කොමෙන්ට් 2 ඩිලීට් කරන්න වුණා.ඒකට අපිට සමාවෙයන් රත්තරනේ :g:g:g

    ReplyDelete
  37. ජය වේවා මචන්..... මම හිතන්නෙ අපි ඉන්නෙ එකම බෝට්ටුවේ ඉන්නෙ... හාස්‍යත් එක්ක දැනුමත් අරගෙන දුර ගමනක් යන්න අත්වැල් බැදගමු මචන්....

    ReplyDelete
  38. පූසො ටිකට මෙන්න දුමීගෙනුත් සුභ පැතුම් . . . . !

    හොඳ ඉණිමක් ක්‍රීඩා කරන නිසා අනිවාර්‍යයෙන්ම අඩු බෝල ගණනකින් සෙන්චරි එක දාගන්න පුළුවන් . . . ! :e

    මෙහෙම ඉණිමක් සෙල්ලම් කරනකොට හයේ පාරවල්, හතරේ පාරවල් වගේම තනි ලකුණුත් ගන්න වෙනවා . . . . !

    ඔන්න එහෙනම් ආයෙත් ජය වේවා කිව්ව . . . ! :t

    ReplyDelete
  39. ඇයි කනේ පාරවල්...ඒවත් කන්න වෙනවා.....
    :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  40. maxxa reply eka hero ta hambune.. hik hik..!! :t

    ReplyDelete
  41. ර්‍රයේ රෑ මුගේ අම්මව හම්බෙන්න ඇවිල්ලා තිබුන මිනිස්සු තොගේ

    ReplyDelete
  42. මුලු ගඩොල් තාප්පෙම මුල ඉදන් අගටම කියෙව්වා. පැය 3කටත් වඩා ගිහිල්ලාලු. හැබැයි දැනුනෙවත් නෑ.අපූරුයි. අනර්ඝයි.

    ReplyDelete
  43. මමත් ඔයගොල්ලො ලියන්න පටන් ගත්ත මුල දවස් වල ඉදලම මේ බ්ලොග් එක කියවනව, වැඩෙ එල!!!!! සුබපැතුම්!!!!! :t

    ReplyDelete
  44. හැමෝම එකම විධියට ලියන එකේ කිසිම වැඩක් නෑ. මොකද එකම ඇකාරයේ ලිපි නිතර කියවන්න ගියාම ඕන කෙනෙකුට එපා වෙනවා. එහෙම චෙව්ව කෙනෙකුට හොඳ විසඳුමක් මේ බ්ලොග් එක. මේක වෙනස් කරන්න හදන්න එපා. මොකද මෙ‍තනට එන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය එන්නේ මේ ලියන ශෛලියට කැමති නිසා. තව මේ පැත්ත නොදන්න බොහෝ අය ඉන්නවා. අපි කවුරුත් වාගේ බිලොග් රෝලක් දාල තියෙන්නේ අපි කැමති තැන් වලට යන්න අපේ පාඨකයන්ට පාර පෙන්වන්න. ඒ පාරෙ තව අය එයි. කොමෙන්ට් තමා අපිව ඉදිරියට ගෙනියන්නේ. මමත් මෙතෙන්ට ආවෙ අහම්බෙන්. ඇත්තටම ඔබ බ්ලොග් අවකාශෙට ආව වගේම මමත් මේ අවකාශෙට අහම්බෙන් ආපු කෙනෙක් මගෙත් ගුරුවරයා කතන්දර තමා. කොහොම උනත් සාර්ථක ගමනක් ඇවිත් තියනවා. ඒවගේම යන්න දුර බොහොය.
    50 වෙනි ලිපියට පමණක් නොවේ. ඔබ සැමටත් ඔබේ ඉදිරි වැඩ කටයුතු වලටත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුභ පැතුම් මගෙනුත්.
    ජයවේවා!!!!!:b :b :b :b

    ReplyDelete
  45. ඇත්තටම ලිපි 50 ක් ලියනවය කියන එකම අමාරු වැඩක්.
    ගඩොලින් ගඩොල එකතු කරල ගොඩනැගෙන මේ තාප්පය ඇත්තටම මහා පවුරක්.
    අර්ධ ශතකයට උනුසුම් සුබපැතුම් !!

    ReplyDelete
  46. එළ පූසෝ එළ... ඔන්න මගෙනුත් සුභ පැතුම්... දිගටම ලියන්න පූස් ධෛර්යය ලැබේවා. පූසන් ට කොහොමත් පණ 9ක්ද කොහේද තියෙනවානේ. ඉතිං දිගටම ලියපන් පූසෝ...
    මම නං එක දිගටම කියෙව්වේ කලු කුමාරි සීරීස් එක. තව... සරුංගල් කතාවත් මාව අතීතෙට ගෙනිච්චා....
    පට්ට පට්ට ජය වේවා....

    ReplyDelete
  47. එහෙනම් ඉතින් සිංහලෙන් මම පුරු පුරු ලෙස සේවය කරනවා කිව්ව නම් මම දන්නවනේ.......... :a :a

    ReplyDelete
  48. මචන්, පුරුපුරු මාවද දන්නේ නෑ මතක් කරල තිබුනා. කියන්න කිසිම දෙයක් නැහැ මචෝ එළම තමයි. මම හැමදාම office ආපු ගමන් බලන්නේ ග්ඩොල් update ද කියලයි. අනිත් ඔක්කොම වැඩ ඊට පස්සේ තමා.
    Thanx a lot machan, i like to blogging & hv more stories, but no time. How ever i'll try to find a little bit time. Will c.

    congrtz.

    ReplyDelete
  49. මම බ්ලොග් කෙරුවාව පටන් ගද්දිම වගේ වෙන්න ඕනි මේ බ්ලොග් එකත් පටන් ගත්තෙ. මට මුලින්ම මතක උබේ අර බියර් බීපු කතාව. ඒකෙන්ම හිතුනා මේක හැම්දා බලන එකක් වෙයි කියලා.

    උබලගේ කතා ටික ගැන ආයෙ ලියන්න කියන්න ඕනිය. පට්ට අහ්...

    50 නෙමෙයි බොල... 500 ක් ලියන්න ලැබෙන්න පතනවා....

    උබලට ජය.

    :f :f :f

    ReplyDelete
  50. බිළාල වංශිකයින්ගේ වියුණු සටහන් අර්ධ ශතකයට මාගේ හෘදයාංගම ආශිංසනය,
    Best Wishes, Keep up the Good Work

    ReplyDelete
  51. මගෙනුත් උනුසුම් සුබ පැතුම් පූසන්ට !!!!!

    ReplyDelete
  52. සියලුම යාලුවන්ට නැවතත් අපගේ ස්තුතිය...:g:g:g

    ReplyDelete
  53. අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් එකෙ හුස්මටම කියවලා දැම්ම එක දවසක්දා.එදා ඉඳන් බිලාල කතා කියවන්නෙ මගේ පාසල් වියේ රසකතාත් හිතෙන් මවාගෙනමයි!මමනම් කැමතිම ලකීගෙ කතා සීරීස් එකට තමයි!;).මොකෝ කියන්න අපේ පූසෝ දන්නවානෙව!ආහ්!!
    school van කතා ටිකත් මල් හතයි!
    ජය වේවා සහෝදරවරුනි!

    50 ට තව 550ක් ආවඩා ආයුබෝ වෙන්ටයි කිව්වා!

    ReplyDelete
  54. අහම්බෙන් කියවන්න පටාන් අරගෙන දවසින් ඔක්කොම පොස්ට් එකෙ හුස්මටම කියවලා දැම්ම එක දවසක්දා.එදා ඉඳන් බිලාල කතා කියවන්නෙ මගේ පාසල් වියේ රසකතාත් හිතෙන් මවාගෙනමයි!මමනම් කැමතිම ලකීගෙ කතා සීරීස් එකට තමයි!;).මොකෝ කියන්න අපේ පූසෝ දන්නවානෙව!
    ආහ්!!School Van කතා ටිකත් මල් හතයි!
    ජය වේවා සහෝදරවරුනි!
    50 ට තව 550ක් ආවඩා ආයුබෝ වෙන්ටයි කිව්වා!
    :b :b :b :b :b :b :b :b :b :b :b :b
    :t

    ReplyDelete
  55. පරක්කු වෙලා හරි මගෙනුත් බොක්කෙන් ම සුභ පැතුම්!!! :t
    මෙච්චර පෝස්ට් ගොඩක් මෙච්චර පොඩි කාලෙකින් ලියනවා කියන එක ලේසි කෙලියක් නෙමෙයි නේ :e

    ReplyDelete
  56. @ Kaniskha - බොහොම ස්තුතියි සහෝ!!!

    ReplyDelete
  57. බ්ලොග් ගඩොල් අඩවියේ ලිපි මමත් කියවනවා.සුභ පැතුම්.

    ReplyDelete
  58. මට මේ බ්ලොග් එක හම්බුනේ පරක්කු වෙලා. ඒත් මං දැං පූස් කතා බලනවා. වැඩේ එළ. කවුරු බැන්නත්. කවුරු මොනා කිව්වත් පූසොන්ට අපි කැමතියි. දිගටම ලියන්න. අපි බලනවා!

    සුභ බ්ලොග් ලිවිල්ලකට ආසිරි....

    ඉස... ඉස.....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???