අඹ යාලුවෝ

Monday, August 16, 2010

හොස්ටල් ලයිෆ් - තණකොළ ගලවපු හැටි


ඉතිං යාලුවනේ අද අපි කාලෙකට පස්සෙ හොස්ටල් කතාවක් කියන්නයි යන්නෙ.ඒ වගේම මේක තමයි පූසන්ගෙ 10 වසරෙ සිද්දි වලින් අපි කියන්න බලාපොරොත්තු වෙන අන්තිම කතාව.මේ වෙද්දි පුරුපුරුලගෙ 10 වසරෙ බැච් එක තමයි හොස්ටල් එකේ සීනියර් බැච් එක වෙලා තිබුනෙ.මොකද මැර සතියෙදි කංජිනාත් ගුටි කෑවට පස්සෙ මුලු 11 වසරම හොස්ටල් එකෙන් අස් කළා නොවැ!

මේ වෙද්දි 2002 අවුරුද්ද ඉවර වෙන්නත් ළගයිලු.ඉතිං හැම ඉස්කෝලෙම වගේම කුරුදුවත්ත ඉස්කෝලෙත් දැන් එන්ඩ් ටර්ම් ටෙස්ට් එක ළං වෙලා.ඉතිං හොස්ටල් එකේ හිටපු ළමයි හැමෝම වගේ දැන් ගජරාමෙට පාඩම් කරනවලු.ඔය අධ්‍යාපන පැත්ත සැලකුවොත් හොස්ටල් එකේ හිටපු ළමයි කොටස් තුනකට බෙදන්න පුලුවන්.

පළවෙනි කොටස තමයි හැමදාම මහන්සිවෙලා පුරුද්දක් වශයෙන් පාඩම් කරන ළමයි.මෙහෙම අයනම් මුලු හොස්ටල් එකටම හිටියෙ කීප දෙනයි.ඊළග කොටස තමයි විභාගෙ කාලෙට විතරක් පාඩම් කරන ළමයි.හොස්ටල් එකේ ගොඩක් හිටියෙ මේ ජාතියෙ මෑන්ස්ලා.පුරුපුරුයි මාලුකට්ටයි අයිතිවුණෙත් මේ ගොඩටමයි.තුන්වෙනි කොටස තමයි ජීවිතේට පොතක් අතින් අල්ලන්න කැමති නැති ළමයි.කොටියා සර්ගෙ උවමනාවට ස්ටඩි ටයිම් එකේ පොතක් පෙරලගෙන හිටියට මේ අය කවදාවත් උනන්දුවෙන් ඉගෙනගත්තෙ නෑ‍.පොන්ටින්, සකයා වගේ අය අයිති වුණේ මේ ගොඩ‍ට.

ඉතිං ටර්ම් ටෙස්ට් එක කිට්ටු වෙද්දි අර කලින් කිව්ව පළවෙනි සහ දෙවෙනි කොටස් වලට අයිති ළමයි ඩයිනින් හෝල් එකට ගිහිං පාඩම් කරනවලු.තුන්වෙනි කොටසෙ ළමයි ඩෝම් එකට වෙලා මොකක් හරි පිස්සුවක් නට නටා ඉන්නවලු.

පුරුපුරුට තිබුන අප්සෙට් එක තමයි ඩයිනින් හෝල් එකේ පාඩම් කරන්න බැරි එක.මොකද මෑන්ස්ට පාඩම් කරන්න පුලුවන් නිදාගෙන විතරයි.ඉතිං ඇදේ පෙරළිලා නිදාගෙන පාඩම් කරන්න පුලුවන් ඩෝම් එක ඇතුලෙ විතරයි නිසා, පුරුපුරු ස්ටඩි ටයිම් එකේ ඇර අනිත් වෙලාවට පාඩම් කළේ ඩෝම් එක ඇතුලෙ.මොකද ස්ටඩි ටයිම් එකේදි ඩයිනින් හෝල් එක ඇතුලෙ පාඩම් කරන එක අනිවාර්ය කටයුත්තක්.

ඉතිං එක දවසක් පුරුපුරු හවස් වරුවක මෙහෙම ඇදේ පෙරලිලා පාඩම් කර කර ඉන්නවලු.බැච් එකේ පාඩම් කරන අනිත් ඔක්කොම කට්ටිය ඒ වෙලාවෙ ඩයිනින් හෝල් ගිහිල්ලයි හිටියෙ.ඩෝම් එකේ ඉතුරු වෙලා හිටියෙ පොන්ටින්, සකයා, පොල්පොට්, ජුවාන් වගේ කීප දෙනෙක් විතරයි.පහුවදා විභාගෙ විදිහට තියන්න නියමිත වෙලා තිබුන විද්‍යාව විෂය තමයි පුරුපුරු පාඩම් කර කර හිටියෙ.

ඉතිං මෑන්ස් පාඩම් කර කර හිටපු දර්ශනය පොන්ටින්ට පෙනුනලු.පොන්ටින් කියන්නෙ කොහොමත් එක විදිහකට ඉන්න පුලුවන් කොල්ලෙක් නෙවෙයි.ඒකනෙ අර පූසන්ගෙ රැවුල කපලා කොටියා සර්ගෙන් ගුටි කෑවෙ.ඉතිං පොන්ටින්ට අයිඩියා එකක් ආවලු පුරුපුරුට මොකක් හරි අරියාදුවක් කරන්න ඕනෙ කියලා.මෑන්ස් කළේ එලියට ගිහිං පොඩි ගල් කැට ටිකක් අරගෙන ඇවිත් ඈත ඉදන් පුරුපුරුට ගහන එක.පුරුපුරුටත් මොන දේ ඉවසන්න පුලුවන් වුණත් පාඩම් කරන වෙලාවෙ කරදර කරන එක ඉවසන්න බෑ.මේ බව පොන්ටිනුත් හොදට දැනගෙන හිටියලු.

ඉතිං පුරුපුරු කළේ ගල් ගහන වාරයක් ගානෙ නැගිටලා පොන්ටින්ගෙ ඥාති සමූහයාට පුන්‍යානුමෝදනා කරපු එක.ඇයි දෙයියනේ විද්‍යාව කියන්නෙ ඒ දවස්වල ඉදන්ම බලාපොරොත්තු තියාගෙන හිටපු සබ්ජෙක්ට් එක නොවැ!කොහොම හරි පොන්ටිනුත් වැඩේ අතඇරියෙම නැහැලු.දැන් පුරුපුරුට නස්තාර් වෙන්න ෆ්ලවර් ජම්ප් වෙලා තියෙන්නෙ.මේ අතරෙ තමයි පොන්ටින්ගෙ තියුණු ඇස් වලට ඩෝම් එකේ කෙළවරක තිබුන හොකී බෝලයක් පෙනුනෙ.ඒ දවස්වල ඉතිං බැච් එකේ එක එක ක්‍රීඩා කරපු ඈයො හිටපු නිසා ඩෝම් එක ඇතුලෙ හොකී බෝල, බේස් බෝල, ක්‍රිකට් බෝල, ටෙනිස් බෝල වගේ දේවල් ඕන තරම් තිබුනා.

දැන් ඉතිං අපේ කියවන යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ පොන්ටින්ගෙ ටිකිරි මොළේට‍ ආපු අයිඩියා එක ගැන.ඉතිං පොන්ටිනුත් කෙරුවෙ අර හොකී බෝලෙ අරගෙන පාඩම් කර කර හිටපු පුරුපුරුගෙ ඔලුවට දමලා ගැහුව එක.හොකී බෝලයක් තියන්නෙත් ලේසි පාසු බෝලයක් නෙවෙයිනෙ.හරියට නිකං ගල් ගෙඩියක් වගේ.


ඉතිං මේක වැදුන පාරටනං පුරුපුරුට අම්බානට රිදුනා.ඒ වගේම හිරකරගෙන හිටපු කේන්තිය එළියට පැන්නා.එදා තමයි මෑන්ස්ගෙ ජීවිතේ වැඩියෙන්ම ෆ්ලවර් ජම්ප් වෙච්ච දවස.

"පොන්ටි.......න්............"
වහාම පොත පැත්තකට විසි කරලා දැම්ම පුරුපුරු කෑ ගහගෙන නැගිට්ටා.හික්...දන්නවනෙ ඉතිං පූසන්ට තරහ ගියාම.පුරුපුරුගෙ මූණෙ තිබුන ලුක් එක දැක්කට පස්සෙ තමයි පොන්ටින්ට තේරුනේ වැඩේ ජෝන් බාස්ට ගියයි කියලා.ඉතිං මෑන්ස් කළේ වහාම ඩෝම් එකෙන් එළියට පැනලා දුවපු එක.දැන් පුරුපුරුගෙ එකම බලාපොරොත්තුව තමයි පොන්ටින්ව අල්ල ගන්න එක.

මේ වෙලාවෙ පුරුපුරු උඩට කිසිම ඇදුමක් ඇදලා තිබුනෙ නෑ.‍හොස්ටල් එකේ නීතියට අනුව උඩට ඇදුමක් නැතුව ඩෝම් එකෙන් එළියට බැසීම දඩුවම් ලැබිය හැකි වැරැද්දක්.ඒ වුණාට පුරුපුරුට ජම්ප් වුණ ෆ්ලවර් එකේ හැටියට මොන නීතිද?ඉතිං මෑන්ස් කළේ ඇදගෙන හිටපු කොට කලිසම පිටින්ම ඩෝම් එකෙන් එළියට පැනලා පොන්ටින් පස්සෙන් පන්නපු එක.ඩෝම් එකෙන් එළියට යන්න හදද්දිම සකයයි, සලයි පැනලා පුරුපුරුව නවත්තන්න ට්‍රයි එකක් දුන්නා.ඒත් පුරුපුරු කළේ ඒ දෙන්නවත් තල්ලු කරගෙන එළියට පැනපු එක.

දැන් පොන්ටින් පණ කඩාගෙන දුවනවා.පුරුපුරු අඩ නිරුවතින් මෑන්ස් පස්සෙ පන්නනවා.ඔහොම දුවද්දි එක පාරටම බිල්ඩින් එකක් ගාව වංගුවකින් හැරුන පොන්ටින් අතුරුදහන් වුණාලු.දැන් පුරුපුරුට පොන්ටින්ව හොයාගන්න බැහැ.මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුනේ ටී ෂර්ට් එකක් නැතුව ඇවිල්ලා කරගත්තු මෝඩකම ගැන.ඉක්මනට ගිහිං ටී ෂර්ට් එකක් දාගෙන ඇවිත් පොන්ටින්ව හොයන්න ඕනෙ කියලා හිතාගෙන ආපහු හැරෙද්දිම තමයි පුරුපුරු අතිශය භයංකාර දර්ශනයක් දැක්කෙ.

හත්වලාමයි.....වේවැලක් අතේ තියාගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි, කොටියා සර්...

උඩට ඇදුමක් නැතුව එළියට බැහැල හිටපු පුරුපුරුව දැකපු කොටියා සර්ගෙ ඇස් උඩ ඉන්දවුණා.බරපතල වැරැද්දක් නොවැ!ඉතිං අපේ පූසාට නිදහසට කාරනා කියන්නත් කලින් සිද්දවුණේ සර්ගෙන් වේවැල් පාරක් කාල ඉන්න.

"පුරුපුරු, මොකද මේ ඔය ළමයා උඩට ඇදුමක් නැතුව එළියට බැහැලා?"

කොටියා සර් එහෙම ඇහුවලු.දැන් ඉතිං බේරෙන්න තියෙන එකම ක්‍රමේ ඇත්ත කියන එක කියලා හිතාගත්තු පුරපුරු සර්ට වෙච්ච සිද්දිය කිව්වලු.

"ආ..දැන් ඔය ළමයා ගිහිල්ලා උඩට ඇදුමක් දාගෙන එනවා.එද්දි පොන්ටින්වත් එක්කගෙනම එන්න"

එහෙම කියපු සර් යන්න ගියාලු.ඔය තරමින්වත් බේරෙන්න ලැබීම ගැන පුරුපුරුට හරි සතුටුයි.ආපහු ඩෝම් එකට ගිය පුරුපුරු ටී ෂර්ට් එකකුත් ඇදගෙන වෙච්ච සිද්දිය සගයන්ට කිව්වලු.ඉතිං කට්ටියම තීරණය කළාලු පොන්ටින්ව හොයන්න යන්න.හැබැයි ගිහිං ගොඩ වෙලාවක් හෙව්වත් මෑන්ස් ගැන කිසිම නිව්ස් එකක් හොයාගන්න කට්ටියට බැරි වුණාලු.හවස් වෙද්දි තමයි පොන්ටින් ආපහු ඩෝම් එකට ආවෙ.බැලින්නං මෑන්ස් හැංගිලා ඉදලා තියෙන්නෙ 11 වසර ඩෝම් එකේ.ඇයි 11 වසරෙ ළමයින්ව හොස්ටල් එකෙන් අස් කළාට පස්සෙ ඩෝම් එක හිස් වෙලානෙ තිබුනෙ.මේ වෙද්දි පුරුපුරුගෙ කේන්තියත් නැති වෙලා තිබුනෙ.

ඉතිං ඊට පස්සෙ පුරුපුරුයි පොන්ටිනුයි ගියාලු කොටියා සර්ව හම්බවෙන්න.නඩුව අහපු සර් කළේ පොන්ටින්ට වේවැල් පාර කීපයක් දෙන එක.ඊට අමතරව පහුවදා විභාගෙ ඉවරවෙලා ඇවිත් පැය බාගයක් 10 වසර ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් මෑන්ස්ට නියම වුණාලු.ඇදුම් නැතුව ආකිමිඩීස් වගේ දුවපු වැරැද්දට පුරුපුරුට ලැබිච්ච පනිෂ්මන්ට් එක තමයි තණකොළ ගලවන වැඩේට පොන්ටින්ට සපෝට් කරන්න වෙච්ච එක.ඉතිං පහුවදා යාලුවො දෙන්නා එකතු වෙලා ඩෝම් එක ඉස්සරහා තිබුන තණකොළ ටික ඔක්කොම ගලවලා දැම්මලු.

ප.ලි - අපේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් වල ෆොන්ට් සයිස් එක වැඩි කරන්න මග පෙන්නපු නිදහස් සිතුවිලි ලියන රන්දිල් අක්කාට බ්ලොග් ගඩොල් උත්තමාචාර!!!

32 comments:

  1. මොකද හැමදාම යක්කු ගස් නගින උදේ පාන්දර බ්ලොග් ලියන්නෙ?
    කීයටද පූස්ලා නිදියන්නෙ ?

    ReplyDelete
  2. ආකිමිඩිස්නම් දිවුවෙ යටිකයත් නිරුවත්ව. හැබැයි එහෙම දිව්වා කියලා පාඩුවක්නම් වුණේ නෑ. රජාගෙන් තෑගිත් හම්බ වුණාලු.

    ආකිමිඩිස්ට වැරදුණු තැනක් ගැන දැනගන්න කැමති අයට මෙන්න.
    ඕක මගේ 10 වසරෙ කතන්දරයක්.

    ආකිමිඩිස්ට වැරදුණාවත්ද ?

    ReplyDelete
  3. අඩේ.. අපිට උනේ නෑ නෙව මේ වගේ ෆන් සීන්..:(

    ReplyDelete
  4. අපිත් කාපු ෆනිෂ්මෙන්ට් ගැන කතා ගොඩාක් මතක් කරල දුන්නට පූසට පින්... හෙට ඉදන් ඉතින් ඒ ගැන ලියන්න ඕනනෙ...

    ReplyDelete
  5. ඇති තණ කොලවලින් ශෙප් වුනා.....:p

    ReplyDelete
  6. හික් හික්..
    තණකොල ගලවන්න දීපු එක හොඳයි කන්න කියන්නෙ නැතුව.. :b :b

    ReplyDelete
  7. පට්ට කතාව...මදෑ ඔයින් ගියා.... :f

    ReplyDelete
  8. එළ කථාව :e

    ReplyDelete
  9. එළම තමා..

    ReplyDelete
  10. අම්මෝ එ දවස්වල මොක වැරැද්දටක් හම්බ උනේ ඔය තණකොල ගැලවිලලම තමයි. ගලවප තණකොල ගස් ගාණ නම් පොත්වල පිටුගාණටත් වැඩි ඇති.

    ReplyDelete
  11. අපිනං ඉස්කෝලෙදි ගැලෙව්වෙ තණකොල නෙමෙයි තුත්තිරි.
    නියම කතාව හොද වෙලාවට පුරුපුරු කලිසම ඇදල හිටියෙ.

    ReplyDelete
  12. 'ඇදුම් නැතුව ආකිමිඩීස් වගේ දුවපු වැරැද්දට'

    ඈ......... ආකිමිඩීස් ‍කොට කලිසමක් ඇඳන් දිව්වා කියලා ඇහුවේ අදමයි නොවැ. මාර වැඩේ.

    -එහෙම නැතුව පූසා උපන් ඇඳුම පිටින් දිව්වාද දන්නෙත් නැහැ නේද?- :f

    ReplyDelete
  13. උබ ආකිමිඩීස් වගේ නේද බොල දිව්වා කිව්වෙ... ඔය අහු උනේ.. යටි කය සහ උඩු කය නිරුවස්තරව... ඒ කියන්නේ උබ නිරුවස්තරයක් ඇදන් නේද පොන්ටි පස්සෙ දිව්වෙ ??

    ඌ දුවපු එක සාධාරනයි නේ බන් හික් හික් හික්..


    රන්දිල් අක්කා / ගඩොල් : කොහොමද ඔය කොමෙන්ට් අකුරු සයිස් එක හදන්නේ ?

    ReplyDelete
  14. @ පිස්සා පලාමල්ල,

    ඔයාගේ බ්ලොග් එකේ නම් කොමෙන්ට් අකුරු හොඳින් කියවන්න පුළුවන්නේ.

    ඒත් කියන්නම්,

    ටෙම්ප්ලේට් එඩිටින් ගිහින් FONT කියලා සර්ච් කරන්න. එතකොට බ්ලොග් එකේ තියෙන සේරම ෆොන්ට් වර්ග එකින් එක පෙන්වනවා. එතැනින් අදාල ෆොන්ට් වර්ගයේ ප්‍රමාණ වෙනස් කරන්න පුළුවන්.
    (මේක මං හොයා ගත්තේ කොළොම්බස් ඇමරිකාව සොයා ගත්තා වගේ, :) )

    ReplyDelete
  15. එල එල...ඔය කට්ට ඉස්කොලෙදි කන්නම ඕනේ එකක්. අපිත් 11 ඉන්නකොට (උබලට තරමක් කලින්) දවසක් ඩිටෙන්ශන් වැටිල හවස පිට්ටනියේ තනකොල ගැලෙව්වා.
    ඒ දවස්වල අම්බානට මල උනාට වැඩේට දැන් මතක් වෙනකොට පොඩි ආතල් එකකුත් තියෙනවා.

    ReplyDelete
  16. කරුමෙට හරි පුරුපුරුට මල පැනල ඉන්දැද්දි පොන්ටියාව මාට්ටු වුනා නම් මොනව වෙයිද... ? :R

    ReplyDelete
  17. අඩේ.... කොල්ලො සෙට් එක ඉඳල තියෙන්නෙ අපි හිටපු හොස්ටල් එකෙමනෙ. මම 11 වසරෙ උන්නෙ 99 අවුරුද්දෙ. පොටෝ එක දැක්කහම ගොඩ දේවල් මතක් උනා.

    ReplyDelete
  18. ෂෝක් තමා! තණකොළ ගලවන්න කිව්වට කන්න එහෙම කිව්වේ නෑනේ? :g

    ReplyDelete
  19. ඔයින් බේරුනා මදැයි :b

    ReplyDelete
  20. :b මට මේ නම් කියවද්දි පිස්සු පුසා කාටුන් එක මතක් වෙනවා බන්..
    දැන් පුරැපුරැ යි පොන්ටියයි ඉන්නවද? ඉන්නවනම් උන්ව මතක් කරා කියහන්..ආ තව එකක් උඹෙ ගඩොල්blog ඒකනම් පට්ටම පට්ට..පුලුවන් නම් මේ mouse එක එක්ක හැමතැනම එන හුචක්කුව අයින් කරහන්... :e

    ReplyDelete
  21. @ Chanaka - හික් හික්!! පූසො ඉතිං රෑට නොවැ නැගිටල ඉන්නෙ සහෝ:m:m:m

    ආකිමිඩිස් කතාවනං මරු:b:b:b

    @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ...:b:b:b

    @ Ashen - හික් හික්!! ඒක ඇත්ත යාලු:f:f:f

    @ අභීත - බොහොම ස්තුතියි.ලියන්න ලියන්න සහෝ.අපි කියවන්න බලාගෙන ඉන්නෙ...:b:b:b

    ReplyDelete
  22. @ හේමලයා
    @ සිකා - ඒකනං ඇත්ත මචංස්ලා.පුරුපුරු හිතුවෙත් මීට වඩා ලොකු පනිෂ්මන්ට් එකක් ලැබෙයි කියලා...:t:t:t

    @ හසියා - සිරාවට බං.ලොකු දෙයක් මෙහෙම බේරුණ එක...:b:b:b

    @ හසී - :b:b:b

    ReplyDelete
  23. @ මම
    @ sameerausa - :b:b:b :t:t:t

    @ priyantha - හික් හික්!!ඔය එන්නෙ හැංගිච්ච කතා එළියට.වෙනම පෝස්ට් එකක් දැම්මොත් නරකද අයියේ?:e:e:e

    @ Praසන්ன - හික් හික්!!බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවෙ තමයි.:f:f:f

    පුරුපුරු කලිසමත් නැතුව හිටියනං කොටියා සර්ට කලන්තෙ දායි :q:q:q

    ReplyDelete
  24. @ RanDil - හික් හික්!!පූසො එහෙම ඇදුම් ඔක්කොම නැතුව දුවන්නෙ නෑ.කොට කලිසං පොඩ්ඩක් ගහගෙන තමයි හිටියෙ අක්කේ.:i:i:i

    :rසරුංගල් වැඩේ කොහොමද?

    @ පිස්සා - හික් හික්!!මෙන්න මඩ ගහනෝ!!!:n:n:n

    ඔන්න අයියෙ රන්දිල් අක්කා ෆොන්ට් සයිස් එක ගැන අහපු ප්‍රශ්නෙට උත්තරේ දීල තියනවා

    @ Grey - සිරාවට සහෝ!! ඒ දවස්වල ඔය වගේ දේවල් ගැන කේන්තියෙන් හිටියට පස්සෙ කාලෙක ඒවා මතක් වෙද්දි අමුතුම විනෝදයක් තමයි දැනෙන්නෙ...:b:b:b

    @ පුතා - ඕක පුරුපුරුත් තාම උත්තරයක් හොයන ප්‍රශ්නයක් පුතා...:j:j:j

    ReplyDelete
  25. @ Gayan Balasooriya - බොහොම ස්තුතියි.අදුනගන්න ලැබීම ලොකු සතුටක් අයියේ!:b:b:b

    @ Kreet - හික් හික්!! ඒකනං ඇත්ත.:f:f:f

    කොහොමත් කොටියා සර් එහෙම කියන ජාතියෙ මනුස්පයෙක් නෙවෙයි සහෝ!:b:b:b

    @ කොඩී - සිරාවට මචෝ!:b:b:b

    @ අච්‍චා - බොහොම ස්තුතියි සහෝ! ඔන්න හුචක්කුව අයින් කළා.

    පුරුපුරුයි පොන්ටිනුයි තවම යහතින් ඉන්නවා.ඔන්න පුරුපුරුටනං පණිවිඩේ කිව්වා.ඒත් පොන්ටින් තවම මේ බ්ලොග් එක ගැන දන්නෙ නෑ නොවැ!:b:b:b

    ReplyDelete
  26. බොහොම ස්තුතියි රන්දිල් අක්කේ.

    ReplyDelete
  27. අනේ සාධු පූරුවේ පිනකට හොස්ටල් නොගියෙ......

    ReplyDelete
  28. :b :b :b අනේ මට හොස්ටල් එකක ඉඳන් ඉස්කෝලේ යන්න බැරි උනානේ ! :s හැබැයි ඉතින් අපේ හොස්ටල් එකනම් මාර පොඩියි. අනික ඉතින් ගර්ල්ස් හොස්ටල් වල ෆන් සීන් අඩුයි නේ

    ReplyDelete
  29. අපේ ඉස්කොලෙ (බාලිකා පාසලකි ) තිබ්බ හොස්ටල් එක ශිෂ්‍ය පරිහරනයට භාවිත උනේ අපි ඉස්කොලේ යන්න කලින් සහ අපි ඉස්කොලෙන් අස් උනාට පස්සේ තමා. ඒක එහෙම උන එක හොඳයි කියලා ඉතසිතින් හිතා ගත්තා කැම්පස් එකේ රැග් සීසන් එකේදි ජේෂ්ඨ උත්තමයො ලබා දුන් අලුත් ආරංචි වලින්. ඒත් මේක කියෙව්වම හිතෙනවා මොනවා උනත් අපිට හොස්ටල් යන්න තිබුනා නම් කියලා.

    ගිරවි

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???