අඹ යාලුවෝ

Monday, August 9, 2010

අමන දොස්තරලා

දවස් තුනකට පස්සෙ අද තමයි ඔන්න බ්ලොග්අවකාශෙ පැත්තෙ ආවෙ.මොකද දැන් එග්සෑම් එහෙමත් ඉවර නිසා සුදුපූසිගෙ ගෙදර කට්ටියගෙන් ආරාධනාවක් ලැබුනා පොඩි ට්‍රිප් එකක් යන්න.හික් හික්!! ඒ වගේ දේකට නොගිහින් බෑ නොවැ!ඉතිං පුරුපුරුත් උඩින්ම පැනගෙන ගියාලු.

ඒත් අද හවස ආපහු ඇවිත් අවකාශෙට ලොග් වෙච්ච ගමන් දැක්කෙ මහ එපාකරපු සිද්දියක් ගැන පෝස්ට් එකක්.ලියල තිබුනෙ "සිරකරුවොත් මනුෂ්‍යයෝය" බ්ලොග් එක ලියන අපේ සිරකරුවා හෙවත් සිකා.ඉතිං මේ ගැන වෙනම සටහනක් දානවට වඩා සිකාගෙ වචන වලින්ම මේ සිද්දියට ප්‍රචාරයක් දෙන්න අපිට හිතුනා.

ඉතිං පහළින් තියෙන්නෙ සිකා මේ ගැන ලියපු ලිපිය

***********************************************************************************

මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක.
මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ.

රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්.

කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා.
පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ.

ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා.

ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා.

ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ.

"මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා.
ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ.
.ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා

"දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා.

එච්චරයි ඒ අම්මට කියන්න උනේ.

"මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා.

අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ.
එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා.

ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්...

අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ..

ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ

"අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා.
ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ.
ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා.

ඊට පස්සේ තවත් එකක්...

අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි.

ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා?
ආච්චි : ඔව්
ඩොකා : නම මොකද්ද?
ආච්චි : ඔව්
ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද?
ආච්චි : ඔව්
ඩොකා : එහෙනම් ඔව් කිව්වේ?
ආච්චි : ඔව්

අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා.

ඩොකා : වලිගයක් තියෙනවද?
ආච්චි : ඔව්

එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි.

මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්.
මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ??

මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්..

"ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා.

ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති...

මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ...

මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...

ප.ලි. :-

ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්‍රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..


**************************************************************************

ඉතිං බලන්න මොනතරම් කැත වැඩක්ද මේ දොස්තර වෙසින් පෙනී ඉන්න අමනයා කරල තියෙන්නෙ කියලා.එක්කො මේ (අ)මනුස්සයා ජීවිතේට ගෑණියෙක්ගෙ පහසක් ලබල නෑ.නැත්තං අමුම අමු පිස්සෙක්.කොටින්ම අපේ පිස්සයියටත් අපහාසයක්. අපිටනං මේ ගැන තියෙන ලොකුම ප්‍රශ්නෙ ඇයි මේ මිනිහා ගැන දැන දැනත් ඔය රෝහල තවදුරටත් මොහුට ඒකෙ වැඩ කරන්න ඉඩ දෙන්නෙ කියලා.

කොහොම වුණත් මේ සම්බන්ධයෙන් සිකා කිසිම නීති විරෝධී වැඩක් කරන එකක් නෑ කියල අපි හිතනවා.මොකද මෑන්ස් දැනටමත් දාගෙන ඉන්න තොප්පි හොදටම ඇති.බ්ලොග් අවකාශෙ ඉන්න හොද යාලුවෙක් අහිමි කරගන්න අපිනං කැමති නෑ ඕං!


දැන් දැක්කා පිස්සාත් මේ ගැන පෝස්ට් එකක් දාල තියෙනවා.ඉතිං අපි වැඩිදුර මේ සිද්දිය ගැනම කතා නොකර වෙන දෙයක් ගැන කතා කරන්නම්.

වෛද්‍යවරු ගැන කතාකරද්දි පහුගිය දවස්වල අපිට තිබුන ප්‍රශ්නයක් තමයි ඔය කුප්‍රකට සමසෞඛ්‍ය විද්‍යා ප්‍රශ්නෙ.
සමසෞඛ්‍ය විද්‍යා පීඨයෙන් කළේ ඔය ෆාමසි, රේඩියෝග්‍රැෆි වගේ මෙච්චරකල් ඩිප්ලෝමා එකක් විදිහට තිබුන පරිපූරක වෛද්‍ය සේවා අවුරුදු 4ක උපාධි පාඨමාලාවල් කරපු එක.හැබැයි අපි දන්න විදිහටනං මේකට සියලුම වෛද්‍යවරු තදින් විරුද්ධ වුණා.අන්තිමට මේ ළමයින්ට හරියට ලෙක්චර්සුත් නෑ, ෆයිනල් ඉයර් ට්‍රේනිනුත් නෑ.


ඉතිං අපිට පුදුම හිතුනෙ වෛද්‍යවරු වගේ දේවත්වයෙන් පිදුම් ලබන පිරිසක් ඇයි මේ වගේ විරුද්ධ වීමක් කළේ කියලා.සමහරුනං කිව්වෙ මේ උපාධි වලින් අවුට් වෙන කට්ටියට වෛද්‍යවරුන්ට වඩා වැඩි පඩි හම්බවෙනවයි කියලා.අපි හිතමුකො ඒක එහෙමයි කියලා.එතකොට ඒ වෛද්‍යවරුන්ට රටේ දියුණුවට වඩි වටින්නෙ තමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ අනිත් අයට වඩා වැඩි පඩි ගන්න එකද?


අනිත් අතින් බැලුවම වෛද්‍යවරු තරම් කැපවීමෙන් මහන්සියෙන් ඉගෙනගෙන රස්සාවට බහින වෙන කවුරුත් මේ රටේ නෑ.ඒ විදිහට බැලුවමනං වෛද්‍යවරුන්ට දැනට වඩා ඉහළ වැටුපක් තියෙන්නම ඕනෙ.ඉතිං වෛද්‍යවරු කරන්න ඕනෙ තමන්ගෙ පඩි වැඩිකරගන්න එක මිසක් අනුන් වැඩි පඩි ගන්න හදන එකට වල කැපීම නෙවෙයි කියලයි අපේ අදහස.


ඇරත් ඉතිං ඔය සමසෞඛ්‍ය ඩයල් වලට වෛද්‍යවරුන්ට වඩා වැඩි පඩි හම්බවෙන එක බොරු කතාවක් කියල තමයි අපිටනං හිතෙන්නෙ.ලංකාවෙ කවද්ද සුදුස්සාට සුදුසු වැටුප ලැබුනෙ?මේක කැම්පස් ලෙක්චරර්ස්ලා රු.27000ක් පඩි ගන්නකොට දේශපාලන පත්වීම් ලබපු, වරාය අතුගාන කම්කරුවො රු.75000ක් විතර ගන්න ආශ්චර්යමත් රටක් නොවැ!


බ්ලොග් ගඩොල් වගේ බ්ලොග් එකක කවදාවත් මේ වගේ ලිපියක් ලියන්න හිතාගෙන හිටියෙ නෑ.ඒත් සිකාගෙ ලිපිය දැකල ටිකක් කේන්ති ගියා.ඒකයි ලිව්වෙ.අනික කියන්න ඕනෙ පුරුපුරු සමසෞඛ්‍ය ඩයල් එකක්වත් ඊට කිසිම සම්බන්ධයක් තියෙන කෙනෙක්වත් නෙවෙයි.පහුගිය දවස්වල ටීවී, පත්තර වලින් දැකපුවයි, යාලුවන්ගෙන් අහපුවයි අනුව තමයි ලිපිය ලිව්වෙ.(විශේෂම කාරනේ මේ වගේ ලැජ්ජ නැති සිද්දියක් ගැන කවුරුත් කතා කරන්නෙත් නැති එක)

දැන්නං ඔය උපාධි පාඨමාලා අවුරුදු 3කට අඩු කළොත් ඒවට තමන්ගෙ කිසිම විරුද්ධත්වයක් නැති බව තමයි ආරංචියෙ හැටියට වෛද්‍යවරු කියල තියෙන්නෙ.හැබැයි එහෙම එකක් කිව්වනං ඒක නොම්මර එකේ තුප්පහි කතාවක්.කොහොමද කවුරුහරි ඇවිත් තමන්ගෙ උපාධිය අවුරුදු 4කට බැස්සුවොත් එහෙම?


ඒ වගේම මේ ලිපිය ඉවර කරන්න කලින් කියන්න ඕනෙ මුදල් තමන්ගෙ ආත්මය කර නොගත්තු ජීවමාන දෙවිවරුත් වෛද්‍යවරුන් අතරෙ ඉන්නවයි කියලා.අපි කියපු අදහස්වල වැරදි තියනවනං ඒවා නිවැරදි කරන්න ඔන්න ඔයාලට බාරයි!


ප.ලි - මේ පාර ඒ ලෙවල් කරන අපේ සියලුම නංගිලා මල්ලිලාට බ්ලොග් ගඩොල් වෙතින් උණුසුම් සුභ පැතුම්.(හික්ස්.....ඒ එක්කෙනෙක්වත් මේවා කියවන්න මේ දවස්වල ඉන්ටර්නෙට් ලොග් නොවේවා කියලත් ප්‍රර්ථනා කරනවා)

29 comments:

  1. ඔව් මචං. කතාව නම් ඇත්ත. ඒත් ඔතන පරිපාලනමය ප්‍රශ්ණත් තියනවනේ. පඩියට වඩා ප්‍රශ්ණේ ඒක.
    සිස්ටම් එකම වෙනස් කරන්න ඕනෙ ඕවා නැතිකරන්න. එහෙම නැතුව ගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ ප්‍රශ්ණ හදන්න බෑ.

    ReplyDelete
  2. @ හෙළයා - ඔව් සහෝ!ඒත් එක උපාධිධාරියෙක්ට ක්ෂේත්‍රය ගැන තමාට වැඩියෙන් දන්න තවත් උපාධිධාරියෙක් යටතෙ වැඩ කරන එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

    "සිස්ටම් එකම වෙනස් කරන්න ඕනෙ ඕවා නැතිකරන්න. එහෙම නැතුව ගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ ප්‍රශ්ණ හදන්න බෑ."

    මේ කතාවනං සහතික ඇත්ත.

    ReplyDelete
  3. මාත් සිකා අයියගෙ බ්ලොගියෙ ඕක කියෙවුවා.මට නම් මාරම මල.සිරාවටම ඔය යකා පිස්සෙක්,මින් මතුවටවත් ඔය වගේ ජරා සිදුවීම් නොවන්නට අපි ප්‍රාර්ථනා කරමු!!!!!!

    ReplyDelete
  4. මෙහෙම කිව්වොත් සහෝ,
    බෙඩ් හෙඩ් ටිකට් එක ඩොක්ටර් කෙනෙක් ලියනවා. එතකොට ඒකෙ වගකීම ඩොක්ටට ගන්න වෙනවා. ඒත් නර්ස් කෙනෙක්ටත් ඒ දේම කරන්න දුන්නොත් එතන වගකීම ගන්නේ නර්ස්ම නම් ඩොක්ටර් කෙනෙක්ගේ කාර්යයට මොකද වෙන්නේ ?. එතනින් මතුවෙන්නේ පරිපාලනමය ගැටළුවක් නේද ?. ඒ කියන්නේ මේකයි මගේ මිත්‍රයා , සරලවම කිව්වොත් එක එක වෘත්තියට අදාල වගකීම් හා ක්‍රියා පරිපාටි තියනවනේ. ඒ වෘත්තිකයා පුහුණු කරන්නේ යම් නිශ්චිත ක්‍රියාවලියක් සඳහා. අන්න ඒක මිශ්‍ර කරන්න ගියොත්, නැත්නම් වෘත්තීන් දෙකක දෙන්නෙකුට එකම වගකීම දෙන්න ගියොත් මොකද වෙන්නේ ?. අන්න ඒ වගේ ක්‍රියාවලියක් ගැනයි ප්‍රශ්ණ මතුවුනේ.
    ඒත් මෙහෙමයි ඔතන යටින් සැගවුනු වෙනත් සමාජ කතිකාවකුත් තියනවා කියලා පිලිගන්න ඕනෙ. මොකද සමහරැ කැමතියි අනිත් මිනිස්සු තමන්ට වැදගෙන ඉන්නවා දකින්න. පොඩ්ඩක් ඉංග්‍රීසි ටිකක් ලෙවකාලා පොෂ් වෙලා අනිත් අය එහෙම නොවෙනවා දකින්න. නමුත් හැමෝම එහෙම නෑ. ඔතනදී මං අර කලින් කිව්ව කොටසගේ ආසාවනුත් ඉස්මතුවුනා. ක්ෂේත්‍රයක් තුල වෘත්තීන් බොහොමයක් තියනවා. ඒවා අතර පැනනඟින ගැටලුත් බොහොමයි. ඒවා මේ වගේ පොඩි වචන ප්‍රමාණයකින් කතා කරන්න බෑ. ඒ වගේම එක පැත්තක් ගැන හිතලා විසඳන්නත් බෑ. නමුත් මේ වගේ දේ කතා කරන එක හොඳයි, මොකද සමාජයේ මේ ගැන කතිකාවතක් හැදෙන එකෙන් තැන් බොහොමයක් හදන්න පුළුවන්.

    ReplyDelete
  5. @ හෙළයා - නර්ස්ලා සහ දොස්තරලා ගැන කරපු කතාව පිළිගන්නවා සහෝ!බෙඩ් ටිකට් ලිවීම අනිවා දොස්තරලා කරන්න ඕනෙ වැඩක්!ඒත් නර්ස්ලට වුණත් උපාධියක් තිබුනොත් තමන්ගෙ සේවය මීට වඩා ඵලදායී විදිහට කරන්න පුලුවන් නේද?

    මීට වඩා සාර්ථක උදාහරණයක් ගත්තොත්, දැන් බලන්න අපේ රටේ ඖෂධ ක්ෂේත්‍රය.ඖෂධ වලට සම්බන්ධ රාජ්‍ය ආයතන කීයක් තියෙනවද?මේවා පාලනයට ඖෂධවේදය ගැනම අවුරුදු 4ක විශේෂ උපාධියක් තියෙන වඩා සුදුසුකම් තියෙන පුද්ගලයින් ගත්තොත් ඒක රටට හොද නැද්ද?

    ඒ අයට එහෙම තනතුරු දෙන්න බැරිනම් තියෙන අධ්‍යාපන සුදුසුකම් අනුව පිටරට රස්සාවකට හරි යන්න පුලුවන්.මටනම් හිතෙන්නෙ මෙතනදි ගොඩක් බලපාන්නෙ අර දෙවෙනි කාරනය කියලා.

    බොහොම ස්තුතියි සහෝ අදහස් දැක්වුවට.(ඔන්න අවුලක් හිතන්න එහෙම එපා හොදේ!)

    ReplyDelete
  6. දොස්තරලා කියන්නේ සල්ලි මත්තෙම නැහෙන සත්තු ටිකක්, හොද මිනිස්සුත් නෑ නෙමේ ඒත් හුගාක් අය දුවන්නේ සල්ලි පස්සේ. මාත් ඉන්නේ පේරා තමා ඔය සමසෞඛ්‍ය විද්‍යා ප්‍රශ්නයට මෙඩිකල් ෆැකල්ටි එකේ අයත් දාන්නේ කොක්ක. ඒක කාගේ වුවමනාවට වෙනවද දන්නෑ. කරන ෆිකටින්, විරෝධ එකකටවත් සහයක් නෑ. හැබැයි පුද්ගලික මෙඩිකල් ෆැකල්ටි වහන්න කියලා නම් කෑගහනවා. අපේ සහයත් ඉල්ලනවා. පුද්ගලික මෙඩිකල් ෆැකල්ටි දාලා මේ අමන දොස්තරයන්ගේ හීන මානය බිදීම තමා හොදම දේ. දොස්තරලා ගැන නම් කතා ගොඩයි, ඒත් ඒවා ලියන්න යන්නෑ. දොස්තරලා අතින් සුව වෙන මෙන්ම මැරෙන රෝගීන්ද විශාලයි. මේවා යට ගහන නිසා අනාවරණය වෙන්නෑ. අනික බලු වැඩ කරන රෝගීන්ට පහත් විදිහට සලකන අමනයොත් අඩු නෑ. පුහු මාන්නේ ඉහට ගැහුවට අනිත් අයගේ උදව්ව නැතිව ලෙඩෙකුට බේත් කරන්න දොස්තර කෙනෙකුට බෑ. ඒක සාමුහික ක්‍රියාවලියක්.

    ReplyDelete
  7. උන්ට මතක නැතිවෙලා උන් ඉගෙන ගන්නෙයි, උන්ට පඩි ගෙවන්නෙයි ලංකාවෙ මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියල.

    ReplyDelete
  8. Aththatama liyanna ona de kothanin patan gannada kiyala hithaganna be.Oya wage gon weda karana ewun hinda doctorla kiyana jathiyatama mada wadinawa.e doctor mokek unath amuma amu pissek wenna one.Hondama de Medical Counsel ekata peminillak daana eka..eke oya wage apatha weda gena kriya karanna wenama anshayak thiyenawa ne.aththatama gehenu kenekwa pariksha karanawa nam anugamanaya kala yuthu sammatha wedapiliwelak thiyenawa. okkotama kalin rogiyagen awasara ganna one. andaka nam wateta thira walin awaranaya karanna one. pariksha karana welawe thawa gehenu kenek langa inna one.me hemadeyakma rogiyage witharak newei waidyawarayage arakshawatath balapanawa. med fac waladi apiwa purudu karala thiyenne ehemai.eken eliyata awama samaharunta owa mathaka nethi wena bawath aththa.eth hema manussayama eka wage nehe ne..
    allied health faculty eke prashne wenama deyak. GMOA eka okata wirudhdha wenne ai kiyana eka api unath danne ne.eth Medical studentla wiruddha une ai kiyana eka nam hondatama dannawa.math peradeniya medical faculty eke igenagaththa kenek hinda eyala wenuwen uththara denna mata puluwan.eth me pawichchi karala thiyena bhashawa nam kohomata wath anumatha karanna be..

    ReplyDelete
  9. කියන්න දෙයක් නෑ. මේක තමා ඇත්ත. තමන්ගේ ෆීල්ඩ් එකේ ගෞරවය ආරක්‍ෂා කරගන්න එක තමන් කරන්න ඕන. මම නම් කියන්නේ සැබෑජීවකයන් බඳු දෙවත්වයෙන් සලකන්න පුළුවන් වෛද්‍යවරුන් ඉන්නවනේ. ඔවුනට තියේනනේ මේවගේ කාලකන්නි ටික සහතිකෙත් ඉරලදාල ක්‍ෂෙල්‍රයෙනුත් එලවලා දාන්න. මොකද ලෝකයේ තියෙන ගෞරවනීයම වෘත්තිය ආරක්‍ෂා කරන එක කාගෙත් යුතුකමක් වගේම වගකීමක්.

    ReplyDelete
  10. @ පුබුදුවා - බ්ලොග් ගඩොල් වෙනුවෙන් අපිත් එහෙම ප්‍රාර්ථනා කරනවා මචෝ!:s:s:s

    @ ගයන්ත - සිරාවට සහෝ!:h:h:h

    යාලුවගෙන් අහන්න අපේ මීටින් එකට මොකද වෙන්නෙ කියලා.මට මෑන්ස්ට පණිවිඩ දෙන්න ක්‍රමයක් නෑ නොවැ!!

    @ Praසන්ன - අදහස් වලට බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    ReplyDelete
  11. @ bckurera - බොහොම ස්තුතියි සහෝ! පේරා ඉන්න, ඒ වගේම මේ ප්‍රශ්නෙ ගැන ගොඩක් හොදට දන්න කෙනෙක් විදිහට ඔයා මේ ගැන වෙනම ලිපියක් දායි කියලා අපි බලාපොරොත්තු වෙනවා!:b:b:b

    @ Sujan - හිත රිදුනනම් කණගාටුයි මිත්‍රයා.බය නැතුව ඔයාගෙ අදහස් දක්වන්න.පාලු ගෙයි වලං බිදින්න අපි කැමති නෑ.අපේ මේ වෑයම දෙවිවරු වගේ ඉන්න ශ්‍රේෂඨ වෛද්‍යවරුන්ට අපහාස කිරීම නෙවෙයි.ඒ අතරෙ හැංගිලා ඉන්න අමනුස්ස වෛද්‍යවරුන්ව සමාජයට එළිදරව් කරන එක.

    වෛද්‍යවරු කියන්නෙ ගරු බුහුමන් කළයුතු කොට්ඨාශයක් කියන එක අපි අවිවාදයෙන් පිළිගන්නවා.ස්තුතියි


    @ priyantha - සහතික ඇත්ත යාලු.බොහෙම කෙටියෙන් පැහැදිලිව කියල තියෙනවා!!:b:b:b

    ReplyDelete
  12. ඕකට කියන්නේ දොස්තර අසහනය කියලා.
    90%ක් දොස්තරලා ඔහොම තමයි.
    තනතුරෙන් හිස උදුමවාගෙන...
    දොස්තර නෙමෙයි කියන්න ඕනේ ___කියලා..
    හිස්තැනට ගැලපෙන වචනයක් තමන් විසින් දමා ගන්න......

    ReplyDelete
  13. @ කැන්ඩි - බොහොම ස්තුතියි සහෝ අදහස් දැක්වුවට!

    ReplyDelete
  14. සෑම වෘත්තියකටම ආවේණික ගරැත්වයක් තියනවා. ඒක රැකගන්න ඕනෙ කෙනෙක් ඒ වෙලාවට ඉදිරිපත් වෙනවා. මේක මං කියන්නේ නුසුදුසු විදිහේ වචන භාවිතා කල අයට.

    @blog gadol

    ඔව් ෆාමසිස්ට් එහෙම ඩිග්‍රියට හොඳ වැටුපක් එක්ක රැකියාවක් ගන්න පුළුවන්. ඒත් ඒකට විරැද්ධ වීමේ පැහදිලි හේතුවක් ගැන තාම මම දැනුවත් නෑ.

    අවුලක් නෑ මචං. ෆිට් එකටනේ කතා කරන්නේ. දන්නේ නැති තැනකට ගිහින් කතා කරන්නේ නෑ නේ. :k

    ReplyDelete
  15. you might express your anger and jealousy towards doctors through this, but only you and your few friends will read this. who else will care you?

    ReplyDelete
  16. මුන්ට වෙඩි තියන්නයි වටින්නේ... :h

    ReplyDelete
  17. @ කොඩී - බොහොම ස්තුතියි සහෝ අදහස් දැක්වුවට! :b:b:b

    @ Anonymous - හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් හික් හොක් :q:q:q:q:q:q:q

    අනේ හාල්පාරුවො, පුලුවන්නං නමක් ගමක් ඇතිව කොමෙන්ට් දාපං.මමයි මට ඉන්න යාලුවො ටිකයි මේක කියෙව්වම මට ඇති.:l:l:l:l:l:l:l

    දොස්තරල ගැන මට ඇති තරහක්වත් ඊරිසියාවක්වත් නෑ.මේක ලිව්වෙ වෛද්‍ය වෘත්තියෙ ගරුත්වය කෙළෙසන උඹලා වගේ දොස්තරලට විරුද්ධව.පුලුවන්නං මේකෙදි මතු කරපු කාරනා වලට උත්තර දෙන්න.:p:p:p:p:p:p:p

    වෙන වැල්වටාරම් කියවල මාතෘකාව වෙන පැත්තකට හරවන්නෙ නැතුව.

    ReplyDelete
  18. මමත් සිරකරුවාගෙන් ඇහුවා ඩොකාගේ නම මොකද්ද කියලා. ඒත් තාම පිළිතුරක් නෑ... මෙක වඩාත් ඉහල තැනකට ගෙනියන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  19. @ කුෂාන් - මම හිතන්නෙ සිකා තවම දොස්තරගෙ නම හොයනවා ඇති.සිකාගෙ බ්ලොග් එකේ තිබුනා පැමිණිලි කරන්න ඕනෙ ආයතන කීපයක් ගැන.මට හිතෙන්නෙ මේක ඉහළ තැනකට ගෙනියන්න තියෙන ක්‍රමය තමයි ඒ ආයතන වලට පැමිණිලි කරන එක.

    ඒ ඇරෙන්න අපිට පුලුවන් බ්ලොග් වලින් මේ සිද්දිය ගැන ප්‍රචාරයක් ලබල දෙන්න

    ReplyDelete
  20. ආවෙ කොහෙන්ද ආවෙ කොහොමද අමතක කරලා සල්ලියි තත්වයයි ලොකු කරන් දඟලන පාහරයො බන්..

    ReplyDelete
  21. @ පිස්සා - ඔය උඩින් ඇනෝනිමස් කොමෙන්ට් දාල තියෙන එකානං එහෙම එකෙක් තමයි අයියේ!:h:h:h

    ReplyDelete
  22. මේ කියන සිද්දිය ඇත්තනම් ඒක ඉතමත් අවාසනාවන්ත හා බරපතල සිද්දියක්. ඒ සඳහා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.

    නමුත්....

    මෙහි සිකා තවම එම දොස්තරගේ නමවත් වෝඩ් එකවත් කියා නැත. නමුත් ඕනෑම රෝහලක වෛද්‍යවරයකුගේ නමක් ඉතා පහසුවෙන් සොයාගත හැක. නමුත් මොහු දින කීපයක් රෝහලට ගියද ඒවා සොයා නොගැනීම පිළිබඳ සැකයක් පහල වේ.
    එමනිසා මෙය නිකන්ම නිකන් කතාවක් පමනක් විය හැක.
    තවද, මෙහි ළමයා පාසල් ඇඳුමෙන් පැමිනියෙ හදිසියේ විය හැක. නමුත් මෙහි කියා ඇත්තේ එම ළමයාටද ඩෙන්ගු බවයි. ඩෙන්ගු රොගය මේ තරම් ඉක්මනින් හඳුනාගත නොහැකි බැවින් මෙහි යම් පරස්පර තාවයක් ඇත. මෙය ගොතන ලද කතාවක්
    :l umbalath puka denawa

    ReplyDelete
  23. ow ban meka aththanam mechchara kal yanawada dokegge namak hoyaaganna
    eka hoyaganneth nathuwada u polici gihin thiyenne
    umbalath uge boruwalata ahuwela

    ReplyDelete
  24. මමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්, මේ වගේ මිනිස්සු නිසා තමයි රජයේ රෝහල් ටිකත් අතුගෑවිල යන්නෙ.
    මේ ගැන කෙළින්ම අමාත්‍යාංශෙට ලිඛිතව පැමිණිළි කරන්න පුලුවන්!
    ලැජ්ජයි..අමනයො මේවට රිංගල ඉන්න එක ගැන අහන්නත්!!

    ReplyDelete
  25. Regarding the degree
    මමනම් හිතන්නෙ ඔතන තියෙන්නෙ මුල්‍යමය/සමාජීය ස්ථර පිලිබධ ගැටලුවක් කියල. මොකද ගොඩක් (90%) ඩොකාල කැමති නෑ තමාට තියෙන වන්දනාමාන සමාජ රටාව වෙනස් වෙනවාට. සහ ඔවුන් දන්නවා වසර 4 උපාඪියකට තිබෙන අන්තර්ජාතික පිලිගැනීම. (මොකද Nursing and pharmacy වලට සාපේක්ශව අන්තර්ජාතිකව ඩොකාලට තියෙන්නෙ අඩු පිලිගැනීමක් and low Demand)

    .........................................

    ReplyDelete
  26. මේ වගේ දේවල් මෙහෙම කියන 1 නං සැහෙන හොදයි. මොකද මේ දේවල්වලට විරුද්ද වෙන්න බලයක් තියෙන එත් එකට ශක්තියක් නැති මිනිස්සුන්ට එකෙන් ශක්තියක් හම්බෙනවා.කොහොම උනත් මෙතන තියෙන්නේ ඔය හැම ප්‍රශ්නෙකටම වඩා මනුස්සකම පිලිබඳ ගැටළුවක් කියල මට හිතෙන්නේ....
    @anonymous : ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි,"U AND UR FRIENDS" can do wonders together. They can be few by numbers, but not by their strength and the vision.

    ReplyDelete
  27. ඔය වගේ උන්ට ඉබේම දඩුවම් හම්බවෙයි. හැබැයි ඒ දඩුව‍මෙන් නම් මොන ජගතටවත් බේරෙන්න නම් බෑ....

    ReplyDelete
  28. මචන්,
    ඔය වගේ Doca ලා ගේ නම කලු තිත් ආවට පේන්නේ නෑ.....
    උන්ගෙ නම් ගම් හිටන් ප්‍රසිද්ධ කරල අවස්ථාව විස්තර කරන්න ඕන....
    පුලුවන් හැම වෙලාවකම video record 1ක් or Voice record තියාගන්න පුලුවන් නම් තමයි හොද!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???