අඹ යාලුවෝ

Thursday, August 19, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කොහොමද ලයිමෝල්ට ක්ෂණික ඇටෑක් එකක් දුන්නෙ කියලා.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ දෙවෙනි කොටස.

කොහොමහරි ඉතිං පහුවදාට එළිවුණාලු.දැන් පුරුපුරුලා දන්නවා ලෝඩ් කොක්ගෙ සෙට් එක කොයි වෙලාවෙ හරි තමන්ට ගේමක් දෙනව කියලා.හැබැයි උදේ වරුවෙනං ලෝඩ්ලගෙන් කිසිම රියැක්ෂන් එකක් පේන්න තිබුනෙ නෑ.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය හිතුවෙ තමන්ට සටනට මුහුණ දෙන්න වෙන්නෙ රෑ කාලෙදි කියලලු.කට්ටිය එදා ඉස්කෝලෙ යන ගමන් කතා වුණෙත් ලෝඩ්ලගෙ ඇටෑක් එකට ෆේස් කරන ආකාරය ගැනලු.

ඉතිං ඔහොම කාලය ගෙවිල ගිහිං හවස් වරුවත් උදා වුණේ බොහොම ඉක්මනට.ඉස්කෝලෙ ගිහින් ආපු පුරුපුරු ලන්ච් එකටත් ගිහින් ආපහු ඩෝම් එකට ආවලු.ඊට පස්සෙ මෑන්ස් ඇදේ වාඩි වුණේ සපත්තු ගලවන්න හිතාගෙන.ඒත් එකපාරටම තමන්ගෙ පශ්චාත්භාගය තෙත්වෙලා යනවා වගේ දැනීමක් පුරුපුරුට ඇතිවුණාලු.එකපාරටම ඇදෙන් නැගිටපු පූසා ඊටපස්සෙ ඇද චෙක් කරලා බලද්දි මෙන්න බොලේ මුලු ඇදම අම්බානට තෙමිලා.වටපිටාවෙ බලද්දි තමයි මෑන්ස් දැක්කෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ තවත් මෙම්බර්ස්ලා කීප දෙනෙක්ගෙම පස්සවල් තෙමිලයි කියලා.

බලද්දි වෙලා තියෙන්නෙ මේකයි.කවුරුහරි ගෝතයෙක් ලන්ච් එක වෙලාවෙ රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයන්ගෙ ඇදවල මෙට්ට වතුරෙන් තෙමලා.ඊටපස්සෙ ඒක උඩින් කලින් තිබුන බෙඩ්ෂීට් එකම දාලා.ඉතින් වාඩිවෙනකන් කාටවත් වැඩේ මීටර් වෙන්නෙ නෑ.අනිත් එක ඔය කොහු මෙට්ට තෙමුනම ලේසියෙන් වේලෙන්නෙත් නැහැ.ඉතිං මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙ ප්‍රධාන සැකය එල්ලවුණේ ලෝඩ් කොක් බලකායට.පස්සෙ විශේෂ විමර්ශනයක් කරලා බලද්දි තමයි එළිවුණේ එදා ලන්ච් එකට පොන්ටින් සහ ලෝඩ් කොක් ඇවිත් නැති බව.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු මේක ඊයෙ කරපු වැඩේට තමන්ගෙ ප්‍රතිවාදින්ගෙන් ආපු රිටර්න් එකක් කියලා.

ඊට පස්සෙ අපේ ‍යාලුවො කට්ටිය තීරණය කළේ තමන්ට කරපු අපහාසෙට එදා රෑටත් ලෝඩ්ලට ගේමක් දෙන්න ඕනෙ කියලා.ඉතිං ඔහොම වෙලාව ගිහිල්ලා රෑ කාලෙත් උදා වුණාලු.දැන් පුරුපුරුලයි, ලෝඩ්ලයි දෙගොල්ලොම දන්නවා අද රෑට මොකක් හරි විශේෂ දෙයක් අනිවා වෙනවා කියලා.ගොඩක් වෙලාවට ඒක මහා කොට්ට සංග්‍රාමයක් වෙන්න පුලුවන්.(තමන්ගෙ බැච් එකේ ළමයි එක්ක අතින් පයින් ගහගන්න එක නොහොබිනා වැඩක් කියල තමයි කට්ටිය සැලකුවෙ) ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායනං හවස් වරුවෙ පොඩි ට්‍රේනින් සෙෂන් එකකුත් තිබ්බා.ලෝඩ් කොක් බලකාය මොනවා කළාද දන්නෙ නෑ.

ඔහොම වෙලාව ගිහින් රෑ එකොලහමාර විතර වුණා.ඔය අතරෙ කට්ටියට තිබුනෙ ස්ටඩි ටයිම්, ඩිනර් එක සහ ලේට් ස්ටඩි ටයිම් එක.ඉතිං ඔය වෙලාවල් වල සටන් කරන්න බෑ නොවැ!දැන් තමයි ගේමක් දෙන්න නියම වෙලාව.සුපුරුදු පරිදි ගරිල්ලා ඇටෑක් එකක් දෙන්න තමයි එදත් අපේ යාලුවො කතා වුණේ.ඉතිං කට්ටිය එක තැනකට හොරෙන් එකතු වෙලා ප්‍රී ඇටෑක් ඩිස්කෂන් එක තිබ්බා.දැන් තියෙන්නෙ ඇටෑක් එක ක්‍රියාත්මක කරන්න.හැබැයි තවමත් ඩෝම් එකේ ලයිට් ඕෆ් කරලා නැහැ.ඒ මදිවට පොන්ටිනුයි, ලෝඩ් කොකුයි ඩෝම් එක ඇතුලෙ පේන්නත් නැහැ.හැබැයි ලයිමෝල්නං ගොරව ගොරවා නිදිලු.

අපේ රාත්‍රී ප්‍රහාරක බලකායට මේ සීන් එක එච්චරම ඇල්ලුවෙ නෑලු.මොකද වෙනදට ලයිමෝල්ට ලයිට් දාලා තියෙද්දි නින්ද යන්නෙ නෑ.පුරුපුරුලා වැඩිපුර ටිකක් වෙලා ලයිට් දාල තිබුනත් ඒක ඕෆ් කරන්න කියලා බෙරිහන් දෙන එක තමයි මෑන්ස් කරන්නෙ.ඉතිං අපේ කට්ටිය කළේ සිටුවේෂන් රිපෝට් එකක් ගේන්න කියලා බුදධි අංශ ප්‍රධානියා වෙච්ච මාලුකට්ටව පිටත් කරල යවපු එක.මේ 11 වසර ඩෝම් එකේ තිබුන විශේෂ ලක්ෂණයක් තමයි ඇදන් සහ කබඩ් තිබුන විදිහට, ඒවා අස්සෙන් රිංග රිංග සතුරාට නොපෙනී ළගටම යන්න පුලුවන් වෙච්ච එක.

ඉතිං ටික වෙලාවකින් මාලුකට්ටා ඉන්ටෙලිජන්ස් රිපෝට් එක අරගෙන ආපහු ආවා.මෑන්ස් කියපු විදිහට ලයිමෝල් බොරුවට තමයි නිදාගෙන ඉදලා තියෙන්නෙ.පොන්ටිනුයි, ලෝඩ් කොකුයිත් ඩෝම් එක ඇතුලෙ ඉන්නවලු.පොන්ටින් වතුර බකට් එකක් තියාගෙන ලයිමෝල්ගෙ ඇද ළග හැංගිලා ඉන්නවලු රාත්‍රී ප්‍රහාරක බලකාය එතනට එද්දි ගහන්න.ඒ වගේම ලෝඩ් කොක් තවත් වතුර බකට් එකක් තියාගෙන හැංගිලා ඉන්නවලු ලයිට් එකේ ස්විච් එක තිබුන තැන.ඒ රාත්‍රී ප්‍රහාරක බලකායෙ කවුරුහරි ලයිට් ඕෆ් කරන්න ආවොත් ගහන්න.බලන් ගියාම ලයිමෝල්ව තමයි ඇම විදිහට පාවිච්චි කරල තියෙන්නෙ.

දැන් මේ වෙද්දි ඩෝම් එකේ ඉන්න අනිත් ළමයිනුත් දන්නවා සිද්දිය.කොයිකාගෙත් සපෝට් එක ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට තමයි.ඒක නිසා මාලුකට්ටාට බුද්ධි තොරතුරු රැස් කරන එක එච්චර අමාරු වැඩක් වෙලා නැහැ.

ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු තමන්ගෙ ඇටෑක් ප්ලෑන් එක වෙනස් කරන්න.ඒ අනුව පුරුපුරුයි අමන්දානන්දයි එක පැත්තකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.ඒ වගේම වන්නියයි බෝරෙයි යුගලෙයි, මුදලාලියි සෝමෙ අයියයි යුගලෙයි, තවත් පැති දෙකකින් ලයිමෝල්ගෙ ඇදට කිට්ටු කළාලු.හැබැයි කිට්ටු කළේ නිකං නෙවෙයි, ජාතික ආයුදේ වෙන කොට්ටෙත් අරගෙන.

දැන් තියෙන්නෙ ලයිට් ඕෆ් කරලා ඇටෑක් එක දෙන එක.මොකද දැන් පුරුපුරුලා තමන්ගෙ ප්‍රතිවාදියො ඉන්න තැන් දන්න නිසා කලුවරේම වුණත් ගේම දෙන්න පුලුවන්.ඒ වගේම පොන්ටින්ලා රාත්‍රී ප්‍රහාරක බලකාය ස්ථානගත වෙලා ඉන්න තැන් දන්නෙ නැති නිසා, එතකොට මෑන්ස්ලට කලුවරේ හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.හැබැයි ලයිට් ඕෆ් කළේ නැත්තං පොන්ටින්ලට පුරුපුරුලව හොදට පේනවා.එහෙම වුණොත් ඉතිං වතුර නාලා තමයි නවතින්න වෙන්නෙ.ඒත් ඉතිං ලෝඩ් කොක්ට නොපෙනී ස්විච් එක තියෙන තැනට යන්නෙ කොහොමද?

ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය මේ ප්‍රශ්නෙ විසදන්න අපූරු උපායක් යෙදුවලු.ඒ තමයි මාලුකට්ටව යවලා ඩෝම් එකට කරන්ට් එක දෙන මේන් ස්විච් එක ඕෆ් කරන එක.ඉතිං මෑන්සුත් නිකං වෙන වැඩකට එළියට යනවා වගේ ගිහිල්ලා මේන් ස්විච් එක ඕෆ් කළාලු.ඒ එක්කම 10, 11 වසරවල ඔක්කොම ඩෝම් වල කරන්ට් එක ගියාලු.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය, ලෝඩ් කොක් බලකායට තමන්ගෙ මාරාන්තික කොට්ට ඇටෑක් එක දුන්නලු.
ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....ඩෝං.....

ලෝඩ් කොක් බලකායට හිතාගන්න බැහැ කොහෙන්ද ඇටෑක් එක එන්නෙ කියලා.
රාත්‍රී ප්‍රහාරක බලකායටත් හිතාගන්න බෑ තමන් මෙච්චර ලොකු ඇටෑක් එකක් දෙනවද කියලා.ටික වෙලාවකින් බලද්දි තමයි කට්ටියට තේරුනේ රාත්‍රී ප්‍රහාරක බලකායට අමතරව තව වොලන්ටියර්ස්ලා කීප දෙනෙකුත් ඇටෑක් එකට සෙට් වෙලයි කියලා.ඒ ලෝඩ් කොක් බලකායත් එක්ක ෆ්ලවර් ජම්ප් වෙලා හිටපු ස්ටඩි සෙට් එකේ කීපදෙනෙක්.

කොහොම හරි ලෝඩ් කොක්ලාට හොදට බැස්ටිය දුන්න අපේ යාලුවො සෙට් එක කලුවරේම දුවලා ගිහිං ඇදන් වලට නැග්ගලු.ඒ එක්කම මාලුකට්ටා ආපහු මේන් ස්විච් එක දැම්මලු.දැන් ලයිට් ඇවිත්.ලෝඩ් කොක් බලකාය වටපිට බලද්දි ගහපු එවුන් එක්කෙනෙක්වත් පේන්න නෑ.හැමෝම නිදි.වතුර පුරවපු බාල්දි වලින් වැඩක් ගන්නත් බැරි වුණා නොවැ!ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකායට පස්සෙ වෙලාවක ගේමක් දෙනවා කියල හිතපු ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල් නින්දට ගියාලු.

පුරුපුරුලා ඇදට පැන්නට මොකද, ඇදන් තවම තෙතයිනෙ.ඉතිං කට්ටියට නින්ද යන්නෙ නෑ.මේ වෙද්දි ලෝඩ් කොක්ලා ඇත්තටම ගොරව ගොරවා නිදි.ඉතිං නැගිටලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකායෙ කට්ටියට මතක් වුණාලු ලෝඩ් කොක් බලකායෙ කට්ටිය ගෙනාපු, අර වතුර පුරවපු බාල්දි ටික.අපේ පැරකුම්බා මහරජතුමත් කියල තියෙන්නෙ අහසින් වැටෙන එක දිය බිදක්වත් අපතේ යවන්න එපා කියල නොවැ!ඉතිං වතුර බාල්දි පිටින් අපතේ යවන එක එහෙම බලද්දි මහම පවුකාර වැඩක්.ඒ හින්දා රාත්‍රී ප්‍රහාරක බලකාය තීරණය කළාලු ඒ වතුර අපතේ නොයවා ලෝඩ්ලාට ස්නානයක් ලබල දෙන්න.

ඉතිං කට්ටිය කළේ හොරෙන් හොරෙන් ගිහිල්ලා අර වතුර බාල්දිවල තිබුන "පිරිසිදු" වතුර ටික ‍ලෝඩ් කොක්ගෙ සහ පොන්ටින්ගෙ නෙට් උඩට වක්කරන එක.පිරිසිදු කියලා කිව්වෙ මේ බකට් බොගේ තිබිලා අරගෙන ආපුවා හින්දා.ලයිමෝල්ට කලින් දවසෙත් ඇටෑක් කරපු නිසා මෑන්ස්ට මොනවත් කළේ නැහැ.අනික ලයිමෝල් කොහොමත් නාන්න ටිකක් හොරයි.

මේ නෙට් එක උඩට වතුර වක්කරාම ඇතුලෙ ඉන්න මනුස්පයා දෙපාරක් නානවා.පළවෙනියට නාන්නෙ අර මුලින්ම ඇගට වැටෙන මහ වතුර කන්දරාවෙන්.ඊට පස්සෙ නාන්නෙ නෙට් එකේ රැදිලා තිබිලා වැටෙන වතුර බින්දු වලින්.නෙට් එක හදලා තියෙන දැල් රෙද්දෙන් වතුර වැටෙන්නෙ හරියට ස්වභාවික වැස්සක් වහිනවා වගේ.ඉතිං යාලුවො දෙන්නට ස්වභාවික වැස්සක් වස්සපු අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය වහාම එතනින් අතුරුදහන් වුණාලු.

පහුවදා වෙද්දි කට්ටියටම ‍තේරුම් ගිහිං තිබුනෙ ගැටුම් වලින් ප්‍රශ්න විසදන්න අමාරුයි කියලා.ඉතිං ලෝඩ් කොක් සහ පුරුපුරු ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වලා තීරණය කළාලු සාමයේ පරවියා ඩෝම් එකට ගේන්න.ඒ අනුව රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය විසුරුවා හරින්නත් කට්ටිය එකග වුණාලු.ඉතිං ඔයින් මෙයින් වුණේ දෙගොල්ලො හොද යාලුවො බවට පත්වෙච්ච එක.

හැබැයි මේ සාමකාමී තත්ත්වෙ හැමදාටම තියෙන්න ඇද්ද? ඊට පස්සෙ මෙකද වුණේ? රාත්‍රී ප්‍රහාරක බලකාය 3 කොටසෙන් අපි කියන්නං මේ ගැන.

31 comments:

  1. ගරිල්ලා ඇටෑක් එකක් නෙව දීල තියෙන්නේ.....ඊලඟ්ට මොකද....ජීව විද්‍යාත්මක වෙපන් එකක්වත්ද?.....:P

    ReplyDelete
  2. පුරුපුරුලගෙ ඉස්කෝලෙ මොකක්ද කියලා දැන් මට හිතා ගත්ත හැකි. අද ෆොටෝ එකෙන් තමයි වැඩේ අහු වුණේ. අපි Tournaments වලට ගිහින් ඔය ඩෝම් එකේ ඉඳල තියෙනව මම හිතන්නෙ.

    එක පාරක් අපි ගියාම ( අප්‍රේල් නිවාඩු කාලෙ) මොකෙක්දො එකෙක් ඔය කබඩ් එකක් අස්සෙ එලාම් ඔරලෝසුවක් දාල ගිහින්. හැමදාම උදේ පාන්දර පැයක් එලාම් වදිනවා. එපා වුණා අපිට. කබඩ් එක කඩන්නත් හිතුණා. ඒත් පවුනෙ කියල නිකා හිටියා 2000- 2001 දි වගේ මතක. ඒ එලාම් ඔරලෝසුව පුරුපුරුගෙවත්ද දන්නෙ නෑ.

    ආ තව එකක්. අපේ අයියත් ඔතන ආදි නේවාසිකයෙක් 1980 ගණන් වල

    ReplyDelete
  3. පුරුපුරුලගෙ මෙට්ට තෙමල තිබුනෙත් ඒ කියන පිරිසිදු වතුරෙන්මද.. ෂහ්.. නිකන් පර්ෆියුම් එකක් ගැහුව වගේ තියෙන්ට ඇති නේද...:P
    ලෝඩ් කොක්ලා අර ප්‍රහාර වලටත් අහුවෙලා තව නාන්ටත් වුනාම කොහොම සනීපයක් දැනෙන්ට ඇත්ද ඈ...:r

    ReplyDelete
  4. යකෝ, උඹලව යවන්න තිබුනේ අවසන් සටනටනෙ . . . අපරාදේ . . . එහෙනං ප්‍රභාකරන්ව අවුරුද්දකට කලින් මරනවා . . . !

    ReplyDelete
  5. නියමයි නියමයි මොක වුනත් සාම සාකච්ඡා පවත්වලා සාමය අරන් ආපු එක නම් හොඳා

    ReplyDelete
  6. ඔහොම යං පූසො.. එල එල..මේක තමා මගේ ෆේවරිට් බොලොග් එක..

    ReplyDelete
  7. ඒකනං පට්ට ගේම කොල්ලො... අඩේ උඹලට රෑ 11:30 වෙනකං ලයිට් දාගෙන ඉන්න දුන්නද..?? අපටනං හරියට 9ට ඕෆ්කරන්න ඕන. නැත්තං ඉතිං අබ සරණයි තමා...

    ReplyDelete
  8. මැර පූසෝ සෙට් එකක් නේ. :n මරු ප්‍රහාරයක් නේ දීලා තියෙන්නේ :q :b

    ReplyDelete
  9. සාම සාකච්ඡා වලට නෝර්වේ ද මැදිහත් වුනේ. :f
    නියම කතාව. ඊළග එකත් දාමු...

    ReplyDelete
  10. පුරු පුරු තමා එතකොට පූස් බලකායේ ජනෙල්රාල....... :f :f

    අපොයි......... ලයිමෝල්ට මොකක්දෝ පිනක් තිබිල වතුර මෙට්ට නැතුව නිදියන්න....... :m :m :m :m

    ReplyDelete
  11. ඔය ප්‍රහාර කොටියට මාට්ටු වෙන්නේ නැතිව දීපු එකනම් එල. ඔය ටෙක්නික් අදටත් වැදගත් වෙයි මං හිතන්නේ බෝඩිමක එහෙම ඉන්න උනොත්.

    ReplyDelete
  12. තෙමිච්ච මෙට්ටෙක නිදා ගෑනීම අපො

    මන් දන්න විදිහට තියනව හොස්ටල් රස කතා ලිව්වොතින් මොකද?

    ReplyDelete
  13. ඔක්කොටමත් වඩා හොඳ උඩින්ම දාපු පින්තූරෙ...

    :D :D

    ReplyDelete
  14. හම්මා පුසොන්ගෙ වැඩ ටිකනම් පංකාදුයි

    ReplyDelete
  15. :d
    අයි යකෝ ඔය පූස් සැට් 1 යවන්න තිබ්බෙ අපේ කොමාන්ඩෝ හමුදාවට නොවැ.
    එළ එළ අපේ හොස්ටල් ජීවිතෙත් මතක් වෙනවා
    :q

    ReplyDelete
  16. ගිණි ගණන් දීල වතුර මෙට්ට (Water mattress Therapy )ගන්න උදවියට ඕවත් වැඩද?

    ReplyDelete
  17. තෙල් ටික..ලොක්කා...ලෙසටම..ලියනව...ජයවෙවා...............

    ReplyDelete
  18. පට්ට අහ්... උබල යකෝ මහ මැරයො ටිකක් නේ. හි හි. ඒ කාලේ තුම්මෙල්ලේ පුරු පුරු කිව්වම ඔක්කොම දන්නවද හි හි .

    එළ එළ කොල්ලො... පට්ටෙට ලියනවා. බලමුකෝ සාම ගිවිසුම ගැන.

    ReplyDelete
  19. කිරි අප්පට පූසෝ බුරපි කිව්වලු. මුන් මහ දරැණුම ගණයේ පූසෝ ටිකක්නේ

    ReplyDelete
  20. @ Shadow/හේමලයා - හික් හික්!! අනේ නෑ බං.පූසන්ට මොන ජීව විද්‍යාත්මක වෙපන්ද?:f:f:f

    @ අභීත - හික් හික්!!බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    @ Chanaka - බලන් ගියාම පූස් විමානෙ මකරුත් ලැගලා නොවැ!:q:q:q

    ඔය කියන කබඩ් එක පුරුපුරුගෙනං වෙන්න බෑ.පුරුපුරුලා 11 වසරෙ හිටියෙ 2003දි නෙ.:r

    අම්මියෝ, ලොකු මකරාට අංකල් කියල තමයි කියන්න වෙන්නෙ.පූසො සෙට් එක ඉපදුනෙත් 80 දශකෙ අග හරියෙ:m:m:m

    @ පුතා - හික් හික්!! ඒක තමයි පුතා, ලෝඩ්ලා සාම සාකච්ඡා වලට ආවෙ.බොහොම ස්තුතියි :e:e:e

    ReplyDelete
  21. @ දුමී - හික් හික්!! හැබැයි මචෝ කොට්ට වලින් ගහල තමයි මෑන්ස්ව මරන්න වෙන්නෙ...:f:f:f

    @ Hasitha - ඒකනං ඇත්ත මලයො!:b:b:b

    @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ! කොච්චර දෙයක්ද ඒ බව දැනගන්න ලැබිම!:g:g:g

    @ Buratheno - අපේ හොස්ටල් එකෙත් මචෝ 9 වසරට යනකං කට්ටියට උඹ කියපු වෙලාවට ලයිට් ඕෆ් කරන්න ඕනෙ.ඒත් 10,11 වසරවලට ලේට් ස්ටඩීස් තිබුන නිසා රෑ වෙනකං ලයිට් දාන්න අවසර තිබුනා...:b:b:b

    ReplyDelete
  22. @හසී - හික් හික්!! මැර නෑ.අහිංසක පූසොනෙ :i:i:i

    @Praසන්ன - බොහොම ස්තුතියි සහෝ! හික් හික්!! මැදිහත්කරුවො හිටියෙ නෑ නොවැ!:f:f:f

    @හා පැටික්කි - 'අපොයි......... ලයිමෝල්ට මොකක්දෝ පිනක් තිබිල වතුර මෙට්ට නැතුව නිදියන්න'

    හික්ස්...ඒ කතාවනං සහතික ඇත්ත.:q:q:q

    මේ හා පැටික්කියෙ, පිස්සු කියවන්නනං එපා.ඔය ජෙනරාල් කතාවලින් පුරුපුරුටත් හිරේ විලංගුවෙ ලගින්න තමයි වෙන්නෙ.:m:m:m

    @priyantha - අනිවා සහෝ! බොහොම ස්තුතියි...:b:b:b

    ReplyDelete
  23. @ Hansi - :e:e:e

    @ nish - ලියන්න ලියන්න සහෝ.අපි ආසාවෙන් බලාගෙන ඉන්නෙ කියවන්න...:b:b:b

    @ චේජනා - බොහොම ස්තුතියි සහෝදරී...! :b:b:b

    @ මම - බොහොම ස්තුතියි සහෝ! :b:b:b

    ReplyDelete
  24. මම 80 දශකයේ මැදට පොඩ්ඩක් එහා. ඉතින් අංකල් නොකීවට කාරි නෑ. මචං කිවුවත් කමක් නෑ ඉතින්.

    හා පැටික්කි අර කියල තියෙන්නෙ ජනරාල් කියල නෙවෙයි , ජනෙල් රාළ කියල. පුරු පුරු ඉන්නෙ ජනේලෙ ගාවනෙ

    ReplyDelete
  25. @ AmilaArt - එහෙනං හොස්ටල් කතා සීරීස් එකක් ලියන්න මචෝ! අපි කියවන්න බලාගෙන ඉන්නෙ...:b:b:b

    @ Anonymous - හික් හික්!! පූසන්ට මොන Water mattress Therapy ද බං?:m:m:m

    @ Raj - තැන්ක්යූ වේවා මචෝ!...:e:e:e

    @ පිස්සා - හික් හික්!! මැර නෑ පිස්සයියෙ.ගරිල්ලා ප්‍රහාර නොවැ දුන්නෙ.:i:i:iබොහොම ස්තුතියි...

    @ හෙළයා - හපෝ නෑ බං! අපි අහිංසක පූසෝ...:q:q:q

    ReplyDelete
  26. ඒකනේ බලන්නකෝ මකරයියේ........
    පූස් අයියල අර කතාව කියන නිසාමයි අරම ලිව්වේ ඒත් පෙනිල තියෙන්නේ වැරදි විදියටමයි............:d :d

    ReplyDelete
  27. @ Chanaka - බොහොම ස්තුතියි සහෝ පෙන්නලා දුන්නට...:b:b:b

    @ හා පැටික්කි - ඒකනෙ හාවි, ඕක මේ දවස්වල හොට් ටොපික් එකක් නොවැ!:i:i:i

    ReplyDelete
  28. මරුනෙ බොග වතුර දාල නිදියන කොට දැනෙන්නේ කොහොමද දනේ නැහැ නේද?
    :n :n :n :n :n :n :n :n :n :n :n :n :n :n :n

    ReplyDelete
  29. නියමෙට ගේම දීලා තියනවා. නියමයි!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???