අඹ යාලුවෝ

Sunday, May 30, 2010

කලු කුමාරි


පූසො සෙට් එකේ ඉස්සර කරපු පිස්සු වැඩ ගැන හිත හිතා ඉන්නකොට අපිට මතක් වුණා අපේ ඤාව්වගෙ පළවෙනි ආදර කතාව ගැන.පළවෙනි කිව්වට ඇත්තටම මේක 9 වසරෙන් පස්සෙ ඇති‍වුණ පළවෙනි එක.ඊට කලින් ඒවා චූටි කාලෙ කරපු දග වැඩ කියල හිතල අමතක කරල දාන්න කියල අපේ ඤාව්වා විශේෂ ඉල්ලීමකුත් කළා ඔන්න.. :)

අපේ පූසො සෙට් එක ඒ දවස්වල ගියා පූස්ගමේ එක කොනක තිබුණ විද්‍යාව පන්තියකට.ඕකට ආපු කෙල්ලො අතරෙ හිටියලු කලු කුමාරි කියල කෙල්ලෙක්.මෙයාට කලු කුමාරි කියල කියන්නෙ කලු හින්දමනං නෙවෙයි, තව සුදු කුමාරි කියල කෙල්ලෙකුත් හිටපු නිසයි.(ඤාව්වගෙන් මාර කරදරේ මෙයාට ලස්සන නමක් දාන්න කියලා.ඔන්න ඤාව්වෝ දාන්න පුලුවන් ලස්සනම නම දැම්මා) කොහොම හරි ඉතිං මේ කලු කුමාරිත් බොහොම ඇහැට කනට පේන නාඹර ගැටිස්සිලු.ඔය උඩ රූපෙ ඉන්න එක්කෙනා වගේම තමයි.ටික දවසක් යනකොට ඤාව්වගෙ හතර අතේ කැරකි කැරකි තිබුන රේඩාර් එකට මේ කලු කුමාරිව අහුවුනාලු.

එදා ඉදල ඉතිං එක විකාරයයි.ඤාව්වා හැමදාම කලු කුමාරි ළගින් වාඩිවෙන්න පටන් ගත්තා.ළගින් කිව්වට ඉතිං කලු කුමාරිට පිටිපස්සෙ බංකුවෙ තමයි කොල්ල වාඩි වුණේ.ඒ මදිවට හැමදාම ක්ලාස් ඇරුනම කලු කුමාරිත් එක්ක බස් ස්ටෑන්ඩ් එකට යන්නත් ඤාව්වා පුරුදු වුණාලු.එහෙම කිව්වට ඤාව්ව හැමදාම මීටර් ගානක ඒකාකාරී ගැප් එකක් තියාගෙන කලු කුමාරිගෙ පස්සෙන් ගිය එක තමයි සිද්ද වුණේ.අපේ ඤාව්ව ඉතිං හොද ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් නිසා පාරෙදි කලු කුමාරි දිහා බැලුවත් බලන්නෙ වාහන අස්සෙ හැංගිලා ඉදලලු.මේක බලන් ඉදල පුරුපුරුටයි, උපාසකටයි, මාලුකට්ටටයි අම්බානට පුෂ්ප ජම්පින්ලු.ඇයි මූ ඉතිං හැමදාම පිටිපස්සට වෙලා ඉන්න එක නොවැ කරන්නෙ.කලු කුමාරි දන්නෙවත් නෑලු ඤාව්වගෙ හිතේ දෝරෙ ගලන ආදරේ ගැන.

අන්තිමේදි පූසො සෙට් එකේ අනිත් පූසො ටික තීරණය කරාලු ඤාව්වට මෙච්චර කල් දීගෙන හිටපු සයිඩ් සපෝට් එක බොක්ක සපෝට් එකක් බවට පරිවර්තනය කරන්න.කලු කුමාරිට ඤාව්වගෙ නම කියල විහිලු තහලු කරන එක,ඤාව්ව පන්තියෙදි කලු කුමාරි කිට්ටුවෙන් වාඩි කරවපු එක වගේ දේවල් තමයි ඔය මිෂන් එකේ සිද්ධ වුණේ.

කොහොම හරි ඔය වැඩ නිසා ටික දවසක් යද්දි කලු කුමාරිගෙ මීටරේට ඤාව්වගෙ ලයින් එක ක්ලික් වුණා.මේ වෙනකොට අපි කියන හැංගිමුත්තං ආදරේට මාස පහක් හයක් විතර ගෙවිල ගිහිංලු.තව, දුෂ්ටයෙකුගෙ රේඩාර් එකට කලු කුමාරිව අහුවෙලා කියලත් නිල නොලත් ආරංචියක් ලැබුනලු.තවත් බලාගෙන ඉදල හරියන්නෑ කියල පුරුපුරුයි උපාසකයි ඤාව්වට තරයේ අවවාද කළාලු මෑන්ස්ගෙ හිතේ මෝරල තිබුණ ආදරේ කලු කුමාරිට වහාම ප්‍රකාශ කරන්න කියලා.මෙහෙම දවස් දෙක තුනක් කෑ ගැහුවට පස්සෙ ඤාව්වත් වැඩේට කැමති වෙලා සුබ දවසකුත් දා ගත්තලු.

ඔන්න ඉතිං ඒ තීරණාත්මක දවසත් උදාවුණා.ක්ලාස් ආවට මොකද, එදා කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ක්ලාස් එක ඉවර වෙනකං ඤාව්වට මොකද ‍වෙන්නෙ කියල දැනගන්න.කොහොම හරි පැය දෙකකින් පන්තියත් ඉවර වුණාලු.ඊට පස්සෙ කලු කුමාරිත් බස්ටෑන්ඩ් එක පැත්තට ගියාලු.පූසො කට්ටියත් ඤාව්වව තල්ලු කරලම ඉක්මනට ඒ පැත්තට එලෙව්වලු.මෑන්ස් මීට කලින් ගෑනු ළමයි කීප දෙනෙක්ටම ට්‍රයි කරල තිබුණත් කාගෙන්වත් යාලුවෙන්න අහල තිබුණෙ නෑ.

දැන් පාර දිගේ කලු කුමාරියි ඤාව්වයි කතා කර කර යනවා.ඊට ටිකක් පිටිපස්සෙන් පුරුපුරුයි උපාසකයි යනවා.ටික වෙලාවකින් මෙන්න ඤාව්ව ආපහු හැරිල අනිත් දෙන්න ළගට ආවා.

පුරුපුරු :- ඇයි බං මොකද වුණේ? වැඩේ හරි ගියාද??

උපාසක :- නැත්තං කෙළ වුණාද?

ඤාව්ව :- මට නිකං අහන්න මොකද්ද වගේ බං! (මෙහෙම කියල මෑන්ස් ඇඹරෙන්න ගත්තලු)

පුරුපුරු :- මොනවා? එතකොට උඹ ඇහුවෙ නැද්ද??

ඤාව්ව :- නෑ බං! අනේ උඹල ගිහිං අහපංකෝ.මම කලු කුමාරිට කිව්ව උඹලට එයත් එක්ක කතා කරන්ඩ ඕනෙ කියල

පුරුපුරුයි උපාසකයි වහාම ක්‍රියාත්මක වන පරිදි ඤාව්වගෙ මෑණියන්ට කිඹුහුම් යවන්න පටන් ගත්තලු.මිනිහත් අතෑරියෙ නෑ,දිගින් දිගටම කෙදිරි ගානවලු විදේශ ආධාර ඉල්ලල.ලංකාවෙ කොල්ලෙක් නොවැ!බැරිම තැන ඉතිං පුරුපුරුයි උපාසකයි යාලුව වෙනුවෙන් ගේමට බහින්න තීරණය කළාලු.දෙන්න ගිහිං කලු කුමාරිත් එක්ක ටෝක්ස් පාරක් එහෙම දීල ශේප් එකේ ඤාව්වගෙ ඉල්ලීම ඉදිරිපත් කළාලු.මෙන්න කලු කුමාරි ගත් කටටම කියපි
"බැහ් "
කියලා.මළ කෙලියයි.දෙන්න ඉතිං බයිට් වුණත් කමක් නෑ යාලුව වෙනුවෙන්නෙ කියල තව තවත් ට්‍රයි කරල බැලුවලු.කොහෙද, කලු කුමාරි නම්‍යශීලීත්වයේ ඍණ අන්නතෙටම ගිහිං ඉන්නෙ.:(

මුලු කතාවම කියන්න ගියොත් මේ පෝස්ට් එක දිග වැඩිවෙන නිසා කතාවෙ අන්තිම වාක්‍ය දෙක විතරක් දාන්නංකො.

උපාසක :- ඇයි කුමාරි, ඤාව්ව කොච්චර හොදද?එයාට අකමැති වෙන්න මොකද්ද එයාගෙ තියෙන අඩුව???

කලු කුමාරි :- (ආපසු හැරී) ඇත්තද?? එහෙනං එයාට තියෙන දේවල් එකක් කියමු බලන්ඩ??

පුරුපුරුයි උපාසකයි එතනම ඌර්ධවපාතනය වුණාලු.ඇයි ඉතිං කට උත්තරත් නෑනෙ.ඤාව්වට තියන දේවල් කියන්න ගියානං ගුට්ත් කාල තමයි එන්න වෙන්නෙ.

15 comments:

  1. ඤාව්වන්ට තියෙනවනෙ ෂෝයි කකුල් හතරකුයි, ෂෝයි කන් දෙකකුත් එක්ක හුරතල් මූණකුයි. ඇයි මූණෙ රැවුල් ගසුත් තියෙනවනෙ. ඇය් ඒ විතරක්ද නැට්ටකුත් තියෙන්නෙ. ඒ මදිද ? ඒක නෙවෙයි කලු කුමාරිට මොනවද තියෙන්නෙ ඤාව්වන්ට තියෙන දේවල් ගැන එහෙම අහන්න ?

    ReplyDelete
  2. එකමත් එක කොල්ලෙකුට කෙල්ලෙක් ඔහොම දෙයක් කිව්ව නිසා, ඌ බාර් එක්සසයිස් කරන්නයි, ඩිප්ස් ගහන්නයි ගත්තලු. ඒ කෙල්ල කිව්වෙ මොකක්ද කියල හිතාගන්න පුළුවන් නේද?

    ReplyDelete
  3. හික්ස්.. මරු සීන් එක බං...

    ReplyDelete
  4. අනේ අපොයි අපේ ඤාව්වට වෙච්චි දේ....

    @nadeesthoughts-මේ කමෙන්ට් එක දැම්මෙත් ඒ කොල්ලම ද දන්නෙ නෑ :P

    ReplyDelete
  5. @ චානක - ඒනනෙ, කලු කුමාරිට ඔය පොඩි දේ තේරුනේ නෑ නොවැ! :)

    @ මාරයා,ප්‍රසන්න & ළමයා - බොහොම ස්තුතියි යාලුවනේ!

    @ නදී - මටත් අහන්න තියෙන්නෙ කොඩි අහපු දේම තමයි :p

    @ කොඩි - එළ එළ!! හික්ස්.....

    ReplyDelete
  6. හික් හික් කලු කුමාරිත් ලේසි පාසු කෙල්ලෙක් නෙමෙයි වගේ... හික් හික්...
    පව් ඉතින් අර කොල්ල...

    ReplyDelete
  7. ඇයි යකෝ කියල දාන්න එපැයි තොගේ තාත්තට තියෙන සේරම මටත් තියෙනව කියල. කෙල්ල එක පයින් කැමති වෙනව...

    එක පයින් කැමති වෙච්ච කතාව දන්නවනේ....

    ReplyDelete
  8. @කොඩි & blog gadol- අනේ එදා ඒ විදියට කෙල්ලෙක් කිව්වනම් අද මමත් ආනෝල්ඩ් සුබසිංහ වගේ ඇඟ හදාගෙන හරිහමන් කෙල්ලෙක් නැතිව වේලි වේලි ඉන්නවා!

    ReplyDelete
  9. @ පිස්සා - ඔව් ඔව්!! ඒ ලෙවල් කරනකංම කලු කුමාරි එක්ක යාලු වෙන්න කාටවත් බැරි වුණා :)

    @ මාතලන් - දැන් කාලෙ වුණානං කියන්න තිබුණා. කොහෙද ඒ කාලෙ ඔච්චර දෙයක් කියාගන්න ගටක් තිබ්බෙ නෑ නොවැ! :D

    @ nadeesthoughts - හික් හික්!! කවුද දන්නෙ ආනෝල්ඩ් සුබසිංහ වගේද නැද්ද කියලා? :D
    ඉක්මනට ගොඩ යන්න අපෙන් සුබ පැතුම්!

    ReplyDelete
  10. කැගැස්සෙන ලදි...

    ReplyDelete
  11. අනේ අපොයි ඤාව්වා.....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???