ඉතිං යාලුවනේ කාලෙකට පස්සෙ අපේ පුරුපුරුට වෙලාවක් හම්බවුණා බ්ලොග් ගඩොලට ගොඩ වදින්න. අද අපි කියන්න යන්නේ අපේ මාලුකට්ටාට සිද්ද වෙච්ච ෆුල්ම ෆුල් අප්සෙට් කතාවක්.
මේ කියන කාලෙ අපේ මාලුකට්ටා චාටර්මාලිගෙ සීන් එකෙන් පස්සේ තනිකඩව හිටපු කාලයක්. ඒ වගේම ඒ ලෙවල් විභාගෙ ප්‍රතිඵල වලිනුත් මෑන්ස්ට හිතපු මට්ටමට ස්කෝර් කරන්න හම්බවුණේ නෑ. ඉතිං මේ කාලෙ මාකට්ගෙ ජීවිතේ ගෙවුණේ තනිකරම රිවිෂන් ක්ලාස් ඇතුලේ. ඊට අමතරව ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි වගේ, එක පාරක් කෙල්ලෙක් හින්දා ඒ ලෙවල් ඇනගත්තු මාලුකට්ටා තමන්ටම පොරොන්දු වෙලයි හිටියේ දෙවෙනි පාර ඒ ලෙවල් කරද්දිනං අඩුගානෙ ගවුමක් දිහාවත් බලන්නෙ නෑ කියලා.
ඉතිං මේ දවස්වල රිවිෂන් ක්ලාස් ඉවර වුණාට පස්සේ උපාසක, ඤාව්වා සහ මාලුකට්ටා බස් එකේ ගෙදර ආවෙ එකටමයි. ඒ වගේම සමහර දවස්වලට එක එක වැඩ වලට ගම්පහට ආපු පුරුපුරුත් මේ කට්ටියට එකතු වෙනවා. ඉතිං ඔය දවස්වල තමයි මේ කියන සිද්දියත් වුණේ.
එක දවසක් කෙමිස්ට්‍රි ක්ලාස් එකේදි මාකට් දැක්කලු බොහොම ලස්සන, හුරුබුහුටි ගෑනු දැරිවියෙක්. එහෙමත් නැත්තං පැංචාවියක්. අර කතාවක් තියෙනවා නොවැ හැට පැන්නත් වඳුරා බිමින් යන්නෙ නැතෙයි කියලා. ඉතිං අපේ මාලුකට්ටාත් චාටර්මාලිගෙ කේස් එකෙන් කොච්චර බැට කෑවත් මේ ගෑනු ළමයාව දැක්කාට පස්සේ ඒ ඔක්කොම අමතක වුණාලු. ඉතිං ඊට පස්සේ වෙච්ච දේ අපේ යාලුවන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?
දැන් ඉතිං මාලුකට්ටා අපේ පූසො සෙට් එකත් එකට එකතු කරගෙන මේ ගෑනු ළමයා ගැන බැක්ග්‍රවුන්ඩ් සර්ච් කරනවලු. ඒත් ඉතිං කොච්චර රහස් මෙහෙයුම් කළත් අපේ යාලුවන්ට නෙවෙයි මේ ළමයා ගැන දන්න එක්කෙනෙක්වත් හොයාගන්න පුලුවන් වුණේ. ඒ මදිවාට මෙයා ක්ලාස් එකේ හිටියෙත් තනියෙන්මයි. ඉතිං අන්තිමට පූස් බුද්ධි බලකාය තීරනය කළාලු මේ ළමයා කොහේ හරි පිට පළාතකින් ගම්පහ ක්ලාස් යන්න ආපු කෙනෙක් කියලා. ඒත් ඉතිං පූසො කියන්නේ ගේමක් ලේසියෙන් අතාරින ජාතියෙ ඩයල් නෙවෙයි නොවැ! ඉතිං ඊටපස්සෙ මාලුකට්ටා ඇතුලු පූසො පුරුදු වුණාලු ක්ලාස් ඉවරවෙලා මේ ගෑනු ළමයාව ෆලෝ කරන්න.
දවසක් දෙකක් ඔහොම ෆලෝ කරද්දි මාලුකට්ටාට දැනගන්න ලැබුනලු මේ ගෑනු ළමයා ක්ලාස් ඉවරවෙලා යන්නේ ගම්පහ-කොළඹ බස් එකේ කියලා. ඒත් ඉතිං විශේෂම සිද්දිය වුණේ තුන්වෙනි දවසෙලු. මේ කියන දවසෙ ක්ලාස් ඉවරවෙලා මාලුකට්ටායි, උපාසකයි තමන්ගේ සීක්රට් මිෂන් එකේ නිරත වුණාලු. ඔය අතරෙ තමයි උපාසක දැක්කේ මේ ළමයා කොමියුනිකේෂන් එකකට ගොඩ වදිනවා. ඕක දැකපු උපාසකට පූස් නුවණ පහළ වුණාලු.
සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො කොමියුනිකේෂන් වලට ගොඩ වදින්නේ රී ලෝඩ් දාන්න. එතකොට තමන්ගෙ නම්බර් එක පොතක ලියන්න වෙනවා. ඉතිං පූසන්ටත් ඒ වෙලාවට එතනට කිට්ටු කරන්න පුලුවන්නං ඔය නම්බර් එක බලාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයි. ඉතිං ඔය අයිඩියා එක උපාසක මාලුකට්ටාට කිව්වාම මෑන්සුත් වැඩේට කැමති වුණේ වන් ෆුට් ස්ටයිල් එකෙන්. කොහොමහරි පූසො කඩේ ඇතුලට ගිහින් බැලින්නම් හිතපු වැඩේ හරි. අර දැරිවි පොතක් දිග ඇරගෙන තමන්ගෙ නම්බර් එක ඒකෙ කුරුටු ගානවා. ඉතිං එයා යනකං හිටපු පූසො දෙන්නත් වැඩේට එන්ටර් වුණාලු.
මාලුකට්ටා තමන්ගෙ පර්ස් එක හූරලා හොයාගත්ත රුපියල් පනහක් අරගෙන කළේ තමනුත් රී ලෝඩ් එකක් දාපු එක. මෑන්ස් නම්බර් එක ලියද්දි උපාසක කළේ කලින් ලියපු අර ගෑනු ළමයාගෙ නම්බර් එක හිතේ ලියාගන්න එක. කොහොමහරි ඉතිං ඔය විදිහට තමයි ගෑනු ළමයාගේ ෆෝන් නම්බර් එක මාලුකට්ටා අතට ආවේ. ඒත් ඉතිං ඊටපස්සේ මොකද කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් මෑන්ස්ට තිබුනේ නෑ. ඉතිං එදා හවස පූසො සෙට් එකම එකතු වෙලා කතා කළාලු මේ සම්බන්ධයෙන් කරන්න ඕනෙ මොකද්ද කියලා.
මේ වෙද්දි මාලුකට්ටා ගෑනු ළමයාට බැල්මට් එක දාගෙන හිටියත් ඒ ඇත්තිට කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ මාකට් එයාට ට්‍රයි කියලා. ඉතිං එයාට යාලුවෙක් විදිහටවත්, අඳුරන කෙනෙක් විදිහටවත් කෝල් කරන්න අපේ පූසාට පුලුවන්කමක් තිබුනේ නෑ. අන්තිමට ඉතිං මාලුකට්ටාගෙ තීරණය වුණේ රෝන්ග් නම්බර් එකක් වගේ බොරුවට මේ ගෑනු ළමයාට කෝල් එකක් දීලා බලන්න. ඇත්තටම ඔය ඇප්රෝච් එක වැදගත් ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් එච්චර සුදුසු එකක් නෙවෙයි කියලා අනිත් පූසො යෝජනා කළත් මාකට් නෙවෙයි මෑන්ස්ගෙ තීරණේ වෙනස් කළේ. පුරුපුරුයි, ඤාව්වායි හිතුවේ හොඳම වැඩේ කෙළින්ම ගිහින් මේ ළමයාත් එක්ක කතා කරන එක කියලා. ඒත් මාලුකට්ටාට ඕනෙ වුණේ එදාම ඒ කෝල් එක ගන්න.
ඉතිං එදා හවස පූසො කට්ටිය විසිරිලා ගියේ මාලුකට්ටා කරන්න හදන වැඩේ සාර්ථක නොවෙන වගට සෑහෙන දුරට හිතේ ෂුවර් එකක් තියාගෙන. ඒත් පහුවදා උදේ අපේ පුරුපුරුගෙ කන වැකුනේ කොහෙත්ම බලාපොරොත්තු නොවුනු ආරංචියක්. ඒ මෑන්ස්ට ඤාව්වා ගත්ත කෝල් එකකින්.
ඤාව්වා - අඩේ පුරු, උඹට ආරංචිද සීන් එක?
පුරුපුරු - මොකද්ද බං? අරකි මාකට්ට බැනලද?
ඤාව්වා - නෑ යකෝ! ඒකිගෙ හොඳම යාලුවා දැන් මාකට්ලු. හික් හික්!!
පුරුපුරු - නෑ!!!
ඤාව්වා - නෑ නෙවෙයි බං ඔව්...ඒකිගෙ නම නිසංසලාලු.
කොහොමහරි අන්තිමට බැලින්නං සිද්දවෙලා තියෙන්නෙ මේකයි. මාලුකට්ටා නිසංසලාට කියපු විදියටම කෝල් එකක් අරගෙන තියෙනවා. ඒ වැරදීමකින් ගිය කෝල් එකක් වගේ. කොහොමහරි මෑන්ස් ඊටපස්සේ නිසංසලා එක්ක කතා කරලා සෑහෙන්න ෆිට් වෙලා තියෙනවා. තමනුත් නිසංසලාගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකේ කිව්වාම ඒ ෆිට් එක තවත් වැඩි වුණා කියලයි මාලුකට්ටානං කිව්වේ. කොහොමහරි ඉතිං තමන්ගෙ ක්ලාස් එකේම ඉන්න කොල්ලෙක් තමන්ට වැරදීමකින් කෝල් එකක් ගත්තා කියලා විශ්වාස කරන්න තරම් නිසංසලාට සුපිරි බුද්ධියක් තිබුනාලු.
ඉතිං ඊටපස්සේ මේ දෙන්නා කළේ අනිත් දවසේ ක්ලාස් එක ඉවරවෙලා හම්බවෙච්ච එක. ඔය විදියට සති කීපයක් යද්දි සුපුරුදු පරිදි නිසංසලා මාලුකට්ටාගේ, මාලුකට්ටා නිසංසලාගේත් හොඳම යාලුවො වෙලා තිබුනා. අනිත් පූසන්ට මාලුකට්ටා ගැන ආරංචි හොයාගන්නත් සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුණා. ඒ වගේම නිසංසලා අපේ පූසො හිතපු විදිහටම ගම්පහ ප්‍රදේශයෙ කෙනෙක් නෙවෙයි.
කොහොමහරි පස්සෙ ආරංචි වෙච්ච විදිහට ඒ වෙද්දි නිසංසලාට වෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. මෑන්ස්ගෙ නම රයන්. ඒ හින්දා තමයි මාලුකට්ටාට දිගටම නිසංසලාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් රෝල් එක රඟපාන්න වුණේ. ඉතිං ඔය අතරේ තමයි එක දවසක් මාලුකට්ටාට කවදාවත් නොහිතපු විදිහේ කෝල් එකක් ආවේ. ඊටපස්සේ වෙච්ච සිද්දිය වෙනම පෝස්ට් එකකින් කියන්න තරම් වටින එකක්. ඉතිං යාලුවනේ ඊළඟ ලිපියෙන් බලමු මාලුකට්ටායි, නිසංසලාගෙයි අතරෙ තිබුන යාලුකමට මොකද වුණේ කියලා...!!!
ප.ලි :- සිංහල බ්ලොග් කියවන අයට මීවනපලානේ ජයරත්න කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. ඒත් ඉතිං බ්ලොග් ගඩොල් කියවන අය අතරේ සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්න පුරුදු නොවුනු ගොඩක් කස්ටිය නිසා මෑන්ස්ගේ වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ලින්ක් එකක් දෙන්න හිතුනා. ඇත්තටම වර්ගපූර්ණිකාව කියන්නේ කියවලා පට්ට ෆන් එකක් ගන්න පුලුවන් බ්ලොග් එකක්. ටැබූ සබ්ජෙක්ට්ස් වලට පස්සේ (හෙළුවෙක් විදිහට) මගේ හිතට තදින්ම කා වැදිච්ච බ්ලොග් එක කිව්වොත් නිවැරදියි. ඔයාලත් තාම වර්ගපූර්ණිකාවට ගොඩ වැදිලා නැත්තං මෙතනින් ගිහින් එන්න. හැබැයි ෆුල් සීරියස් ඩයල් වලටනං මේක එච්චරම අල්ලලා යන එකක් නෑ.
ප.ප.ලි - පුරුපුරු දැන් පදිංචි වෙලා ඉන්නේ පිටරටක. කකාගෙ බාසාවෙන් කියනවානං පස්තාච්චි කුපාඩියක් කරන්න ලංකාවෙන් යන්න වුණා. මේ රටට ආපු හැටි වෙනම ලිපියකින් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.
මොනාද බන් හොඳම හරියෙන් නවත්තලානෙ...
ReplyDeleteඅයියෝ මාකට් ට හැම තැනම බාල්දිනෙ.
ReplyDeleteකොහොම උනත් කාලෙකට පස්සෙ මේක ලිවුව එකනං හොඳයි.
පුරු පුරුගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා !
පුරු පුරුගේ සීන් මාළු කට්ට පිටින් යවනවද මන්දා
ReplyDeleteමටත් එකම හිතුන හැබෑ ය් ඔන්
Deleteකාලෙකින් මතක් වෙලා.... ඉතුරු ටිකත් ලියමුකෝ... සුභ පැතුම් මචං.
ReplyDeleteහරිම ආතල් එකක් තියෙන බ්ලොග් එකක් වැදගත් කතාවක් මාරාතල් එකක් තියෙනවා
ReplyDeleteAhh USA neda dan inne?
ReplyDeleteKoheda Uni eka?
එළ එළ..,
ReplyDeleteඇති යාන්තන් කතාවක් දාලා!!!
පුරුපුරුට සුභ පැතුම්!!!
ඉතුරු ටික මාස කීයකින් දායිද ?
ReplyDeleteජය !
mara satutui
ReplyDeletesahena parak awa alut post1k tyeda balanna.
නොකියමමාරු නේ!:P
ReplyDeleteඅපොයි හොදම හරියෙංනේ නවත්තලා තීන්නේ....
ReplyDeleteබලාෂිටිමු බලාෂිටිමු! :)
ReplyDeleteකාලෙකින් ලියලා.. අධ්‍යාපන කටයුතු වලට සුබ පැතුම්...
ReplyDeleteකලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ :D
ReplyDeleteකාලෙකට පස්සෙ
ReplyDeleteහොඳම හරියෙන් නවත්තලනෙ..
:) පස්සේ උන දේවලුත් ලියන්නකෝ එහෙනම් :) :)
ReplyDeleteපස්තාච්චි කුපාඩියක්...!!! :D
ReplyDeleteහප්පද බොල බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ ඔය.... ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනං :)
ReplyDeleteකාලෙකින් ආයෙත් සතුටුයි ආයෙත් ආපු එක ගැන
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම. අපිව අමතක නොවීම ගැන ගොඩක් සතුටුයි. :)
ReplyDeleteහෙළයින්ගේ බ්ලොග් ගල් තාක්ෂණය බ්ලොග් ගඩොල් දක්වා වැඩිදියුණු කළ මෙම ලේඛකයාට ජාතියේ උපහාරය පිදිය යුතුය. ඔබගේ බ්ලොග් ගඩොලේ මී මුත්ත්තා ගේ ඉතිහාසය මෙලෙස දිග හැරීමට අවසර දෙන්න.
ReplyDeleteගූගල්
====
1995 වසරේදී ලැරී පේජ් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී හමුවූ හෙළ පුස්කොළපොත් බොහොම අමාරුවෙන් පරිවර්තනය කරවාගෙන කියවද්දී ඔහුට තේරුම් ගියේ සීගිරියේ තිබූ මළපහ බැහැර කිරීමේ තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තිබුණ බවයි. එනම් ඔබත් සමහර විට දන්නා පරිදි සීගිරිය ගල මුදුනේ ඇති රාජ වැසිකිළි වලට මළපහ කළ පසු ඒවා ප්‍රතිචක්‍රීකරණයකට ලක් වී අසල ඇති කුඹුරු වලට පොහොර ලෙස බැහැර වෙයි.
නමුත් එකී පුස්කොළපොත් වල ඊට වඩා විශාල රහසක් ගැබ් වී තිබුණි. එනම් වැසිකිළි වලින් ඇතුළු වන මළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයකට යැවෙන අතර එහිදී ඒවායින් කොටසක් කාබනික පාෂාණ (ගල්) බවට පත් වෙයි, ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය වී කුඹුරු වෙත පොහොර ලෙස නල මගින් ගමන් කරයි.
ඉතින් පාෂාණ බවට පත් වූ මළ වල ඇති ප්‍රධාන ගුණයක්නම් ඒවා මත සටහන් කරන දෑ ලෙහෙසියෙන් නොමැකීමයි. එම ගල් ප්‍රධාන සම්ප්‍රේෂණාගාරයක් වෙත යැවෙන අතර එහිදී ඒවා ආරක්ෂිතව තැන්පත් වෙයි. පසුව සීගිරියේ කුරුටු ගී යන්ත්රාණුසාරයෙන් ඒවා මත සටහන් වෙයි. කිසියම් පාථකයෙකුට සීගිරියේ චිත්‍ර මෙන්ම කුරුටු ගී සෙවීමට අවශ්‍ය වූ විට සිගිරිය ගල තුළ ඇති යන්ත්‍ර මගින් අදාල ගල් උපයෝගී කරගෙන ලෙහෙසියෙන් ඒවා සොයා දීමට පුළුවන.
මා ඉහත සඳහන් කළ මළපහ හෙවත් ගූ මගින් නිෂ්පාදිත ගල් වර්ගය හඳුන්වා ඇත්තේ "ගූ-ගල්" නමිනි. මේ බව අවබෝධ කරගත් ලැරී පේජ් මහතාත් තම සෙවුම් යන්ත්‍රයට අර කිව් ගල් වල නමම යොදන ලදී. අද මුළු ලෝකයම උජාරුවෙන් භාවිතා කරන ගූගල් වල ආරම්භය ඇත්තේ හෙළයින්ගේ ගූ-ගල් වලය.
විමල් වීරවංශ යනු පැහැදිළිවම රාවණා විරෝධියෙක් වන තර මාස ගණනාවකට පෙර ගූගල් වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ හේතුව දැන් ඔබට පැහැදිළි ඇතැයි සිතමි.
බ්ලොගර්
======
ගූගල් සමාගම සාර්ථකත්වය කරා දිනෙන් දින යද්දී ජනතාව සඳහා නොමිලයේ වෙබ් පිටු ලබා දීමටත් ඔවුන් කටයුතු කර ඇත. තම සමාගමේ සාර්ථකත්වය පසුපස ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඔවුන් එහිදීත් අමතක කළේ නැත. සීගිරිය බ්ලොග් එක තිබුණේ ගලක නිසා එම තාක්ෂණය "බ්ලොග් ගල්" ලෙස පුරාණ කාලයේ සිටම හැඳින්වුණි. "බ්ලොග් ගල්" යන නම බටහිරට සුදුසු ආකාරයට වඩාත් සරළ ලෙස "බ්ලොගර්"17 ලෙස හඳුන්වන ලදී.
එදා ගූගල් සමාගම විසින් රාවනා නිර්මාණයක් වූ "බ්ලොග් ගල්" වල නම යොදා ගැනීම නිසාම බ්ලොගර් ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ අතර ලෝකයේ අග්‍රගණ්‍ය බ්ලොග් සේවයක් බවට පත් විය. ගණ පිහිටවා නිර්මාණය කරන ලද හෙළ වචන වන "බ්ලොග් ගල්" සහ "ගූ ගල්" වල රාවණ ශක්තිය අදටත් ගැබ්ව තිබේ. කාලාන්තරයක් පැවතීම සඳහා නිවාස ඉදිකිරීමේදීත් බොහෝ අය "බ්ලොග් ගල්" භාවිතා කරන්නේ ඇයි කියා ඔබ සිතුවාද?
රී ලංකාව තුළ සාර්ථක වී ඇති සෑම බ්ලොග් එකක් පාහේම යොදාගෙන ඇත්තේ හෙළ රාවණ නිර්මාණයකින් පැවත එන බ්ලොගර් ය. උදාහරණ: BLOG ගඩොල්, මාරයාගේ හෝරාව, කතන්දර, ගොසිප්9, සඳරු, දුකා, වෙද ගෙදර (බොහෝ නම් ඇතත් ඉඩ මද නිසා ටිකයි සටහන් කරන්න වෙන්නෙ)
නමුත් පසුකාලයේදී අසාර්ථක වූ හෝ හැක් වූ බ්ලොග් ගණනාවකට යොදාගෙන තිබෙන්නේ පර සුද්දන්ගේ නමක් ඇති වර්ඩ්ප්‍රෙස් ය. උදහරණ: ටැබූ, බියෝන්ඩ්ෆ්‍රේම්, ඇටමැස්සා, පෙරමුනේ රාලගේ අටුවාව (කොමෙන්ට් වලින් රාල හැමදාම බැනුම් අහනව, සුදු වෑන් එකක් දැකල ළඟදී වහන්න වුණත් එක්ක)
සිංහල බ්ලොග් කරුවනි, හෙළ රාවණා නිර්මාණයන්ම තෝරා ගැනීමෙන් ජයග්‍රහණය සහතික කර ගන්නා හැටි දැන් වැටහේද? ලෝකයට බ්ලොග් කලාව හඳුන්වා දුන් හෙළයින්ගේ නිර්මාණ වලින් පැවත එන බ්ලොගර් බ්ලොග් කියවන අපි සැබවින්ම වාසනාවන්තයෝ වෙමු, ඒ ගැන ආඩම්බර වෙමු.
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."
Deleteඅය්යෝ හොඳම තැනින් නවත්තල .
ReplyDeleteඅම්මෝ කාලෙකින්....
ReplyDeleteඒ කියන්නෙ පස්සෙ රයන් අයින් වුනාද?
සුබ පැතුම් පුරු පුරුගෙ අධ්‍යපන කටයුතු වලට
ReplyDeleteඔය ගෑනු ළමයා අර ආචාර්ය තුමා වැඩිපුර ගැවසෙන පැත්තකද?
සුබ පැතුම් පුරු පුරු! උඹ දිනෙන් දින උඩට යන එල කොල්ලෙක්! අනික් එකත් කියවලා එන්නං! එලට කුපාඩිය කරපං!
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවනේ හැම දෙනාටම.
ReplyDelete