අඹ යාලුවෝ

Wednesday, July 11, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි 3 - අවසානය


මාලුකට්ටා සහ චාටර්මාලි 1
මාලුකට්ටා සහ චාටර්මාලි 2

කොහොමහරි ඉතිං කලුකුමාරිගෙන් ඔත්තුව ලැබිච්ච විදිහටම ඊළඟ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එකට ආවලු. උදේ ක්ලාස් එකට ඇතුල් වෙද්දි චාටර්මාලි වටපිට බල බලා ආවෙ නිකං හොර බැළලියෙක් වගේ. මේ වෙද්දි පුරුපුරුයි, මාලුකට්ටායි, මී කතුරායි, හිටියේ ක්ලාස් එක ඇතුලේ. උපාසකයි, ඤාව්වායි එදා ගියෙ ටිකක් කලින් ඉවරවෙන වෙන පන්තියකට. ඒ හින්දා ඒ දෙන්නා බාරගත්තලු තමන්ගෙ ක්ලාස් එක ඉවරවෙලා චාටර්මාලිව අල්ලගන්න මග රැකගෙන ඉන්න. ඒ වගේම පුරුපුරුලා වාඩි වෙලා හිටියේ ක්ලාස් එකේ පිටිපස්සෙම පේළියේ. ඒ කියන්නෙ අපේ පූසන්ගෙ ප්ලෑන් එක අනුව ක්ලාස් එක ඉවරවුණාට පස්සේ චාටර්මාලිට ක්ලාස් එක ඉස්සරහ පාරෙන් ගියත්, පිටිපස්සෙන් ගියත් පූසො සෙට් දෙකෙන් එකකට අනිවා අහුවෙනවා.

කොහොමහරි ඉතිං වෙහෙසකර පැය ගානකට පස්සේ පුරුපුරුලායි, චාටර්මාලියි හිටපු ක්ලාස් එක ඉවර වුණාලු. ක්ලාස් එකේ අන්තිම හරිය වෙද්දි චාටර්මාලි කුරුමාණං අල්ල අල්ල හිටියේ කොයි මොහොතේ ක්ලාස් එකෙන් එළියට පනින්නද කියලා. ඉතිං මේ සිද්දිය මීටර් වෙච්ච පූසොත් තීරණය කළාලු ක්ලාස් ඉවර වෙච්ච හැටියේ දුවලා ගිහින් චාටර්මාලිව අල්ලගන්න. කොහොමවුණත් අපේ යාලුවො ඒ වෙද්දිත් තීරණය කරලා තිබුනෙ නෑ අල්ලගත්තට පස්සේ චාටර්මාලිට කරන්නේ මොකද්ද කියලා.

පුරුපුරු :- මාකට්, උඹ මොකද්ද දැන් අරකිට කරන්න ඉන්නේ?

මාලුකට්ටා :- මට ඕකිව අල්ලගෙන මගෙ හිතේ තරහ යනකං ඒකිගෙ යාලුවො ඉස්සරහ ඒකිට බනින්න ඕනෙ බං!!! ඔක්කොටම කලින් අල්ලගෙන ඉමුකො මොනවද කරන්න පුලුවන් බලන්න.

මී කතුරා :- ඒවයින් කමක් නෑ. උඹ ඒකිට අතක්වත් තියනව එහෙම නෙවෙයි. එහෙමවුණොත් ඒක අපිටමයි හොඳ නැත්තේ.

මාලුකට්ටා :- හා හා. අපි මුලින්ම මේකිව අල්ලගෙන ඉම්මුකෝ.

ඉතිං ඔය විදිහට ක්ලාස් එකත් ඉවර වුණාලු. එකපාරටම ළමයි සීයක් දෙසීයක් ක්ලාස් එකෙන් එළියට පැන්නෙ ගෙවල් වලටයි, රස්තියාදුවෙයි දුවන්න බලාගෙන. ඒ එක්කම එළියට බැහැපු චාටර්මාලිත් විදුලි වේගයෙන් ගම්පහ ටවුන් එක පැත්තට ඌර්ධවපාතනය වෙන්න පටන් ගත්තලු. මේ වෙද්දි අපේ පූසොත් එළියට බැහැලා හිටියත්, අර ළමයි ගංගාවත් පෙරළගෙන ගිහින් චාටර්මාලිව අල්ලගන්න එක සෑහෙන අමාරු වැඩක් වෙලයි තිබුනේ. අන්තිමට කොහොමහරි වුණේ චාටර්මාලි පුරුපුරුලාගේ දර්ශන පථයෙන් අතුරුදහන් වෙච්ච එක.


ඒ වුණත් අපේ යාලුවන්ගෙ බලාපොරොත්තු නැති වුණේ නෑ. මොකද චාටර්මාලි ඉක්මන් ගමනින් ගියේ ඤාව්වායි, උපාසකයි රැකගෙන ඉන්නවා කියපු පාර දිගේ ඉස්සරහට. මේ දවස්වල පූසන්ගෙන් මොබයිල් ෆෝන් එකක් තිබුනේ උපාසකටයි, ඤාව්වාටයි, මාලුකට්ටාටයි විතරයි. ඒත් මේ කියන දවසේ මාකට්ගෙ ෆෝන් එකේ සල්ලි ඉවර වෙලයි තිබුනේ. ඒ හින්දා මාලුකට්ටාට විදිහක් තිබුනෙ නෑ උපාසකට හරි ඤාව්වාට හරි කෝල් කරන්න. ඉතිං පුරුපුරුලා බලාපොරොත්තුවෙන් හිටියේ මේ වෙද්දි උපාසකලා චාටර්මාලිව අල්ලගෙන ඇති කියලා.


ඔය විදිහට තවත් ටිකක් දුර යද්දි තමයි පුරුපුරුලාට උපාසකලාව හම්බවුණේ. ඒත් එතන චාටර්මාලිනං පේන්න හිටියේ නෑ. බැලින්නං උපාසකලාට චාටර්මාලිව මුනගැහිලා නෑ. එකත් එකටම උපාසකවයි ඤාව්වාවයි ඈත තියාම දැක්ක චාටර්මාලි මුන් දෙන්නාව මගඇරලා කොහොමහරි එතනින් යන්න ඇති. අපේ යාලුවො කට්ටිය හිතුවෙ එහෙමයි. ඉතිං පූසො සෙට් එක කළේ පුලුවන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට දුවපු එක. ඒත් අපේ යාලුවො ටික හති දාගෙන දුවලා එද්දිත් වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි. සෙනග පටවගත්ත ගම්පහ-පූස්ගම බස් එකක් ඈත අද්දනවා. අලුතින් පාක් කරපු ඊළඟ බස් එකට සෙනග නගිනවා. චාටර්මාලි ඈත යන බස් එකේ නගින්න තියෙන සම්භාවිතාව ගොඩක් ඉහළයි.


ඔය අතරෙ තමයි අපේ පූසන්ට මැක්නාත්ව හම්බවුණේ බස්ටෑන්ඩ් එකේදි.


උපාසක :- මචං මැක්! උඹ දැක්කද චාටර්මාලි මේ පැත්තට එනවා?


මැක්නාත් :- ආ! ඔව් බං, අර කලින් බස් එකේ නැග්ගේ. මම ඒත් බැලුවා මාලුකට්ටා නැතුව තනියම ගියේ මොකද කියලා.


මේ වෙද්දිත් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නෑ මාලුකට්ටාගෙයි, චාටර්මාලිගෙයි එෆයාර් එක නැවතිලයි කියලා. ඉතිං අපේ යාලුවො සෙට් එකත් මැක්නාත්ගෙන් සමු අරගෙන ඊළඟ පූස්ගම බස් එකට නැග්ගලු. කොහොමහරි මේ වෙද්දි චාටර්මාලිව අල්ලගන්න අයිඩියා එක අපේ යාලුවන්ගෙ ඔලු වලින් මැකීගෙන යමින් තිබුනේ. ඒත් මෑන්ස්ලාට ආපහු ඒ අයිඩියා එක ඔලුවට ආවේ අලුත් බස් එක පිටත් වෙන්න ගත්තට පස්සේ. මොකද ඒ බස් එකේ ඩ්‍රයිවර් අයියා හැටට හැටේ පාගලා යන ඩයල් එකක්. සමහරවිට මගදී චාටර්මාලි යන බස් එක ඉස්සර කරන්නත් පුලුවන්.


කොහොමහරි ඉතිං ටික වෙලාවකින් බස් එක සේකරගමටත් කිට්ටු වුණාලු. එතකොට තමයි පුරුපුරුලාට පෙනුනෙ චාටර්මාලි හිටපු බස් එක ඉස්සරහින් යනවා. දැන් ඉතිං තව හෝල්ට් එකක් දෙකක් යද්දි ඒ බස් එක ඉස්සර කරන්න පුලුවන්. ඉතිං ඔහොම යද්දි තමයි ඤාව්වා බලාපොරොත්තු විරහිත දර්ශනයක් දැක්කේ.


ඤාව්වා :- අඩෝ අන්න අරකි සේකරගමින් බහිනවා!!! අපිත් බහිමු.


බැලින්නං වෙනදා පූස්ගමින් බහින චාටර්මාලි එදා සේකරගමින් බහිනවා. ඉතිං අපේ පූසො ටිකත් හදිස්සියෙම බස් එකෙන් බහින්න ලෑස්ති වුණාලු. ඒත් ඒ වෙද්දිත් සේකරගම හෝල්ට් එකෙන් බස් එක අද්දන්න පටන් අරගෙන තිබුන ඩ්‍රයිවර් අයියා බස් එක ආපහු නතර කළේ ටිකක් දුර ගිහින්. ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ඉක්මන් ගමනින් චාටර්මාලි පස්සෙන් ගිය එක. ඔහොම ගිය චාටර්මාලි ඊටපස්සෙ කළේ වංගුවකින් හැරිච්ච එක. දැන් පූසන්ට චාටර්මාලිව පේන්නෙ නෑ. ඉතිං මෑන්ස්ලා කළේ තවත් හයියෙන් ඉස්සරහට ගිය එක. එහෙම ගිහින් වංගුව හැරිච්ච ගමන්ම තමයි අපේ යාලුවො බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.


බැලින්නං පාරෙ ඈත කොල්ලො සෙට් එකක් එක්ක චාටර්මාලි ඉන්නවා. ඒ කොල්ලො සෙට් එකේ සමීර, ඒ කියන්නෙ චාටර්මාලිගෙ අලුත් බෝයි ෆ්‍රෙන්ඩුත් ඉන්නවා. එතකොට තමයි පූසන්ට තේරුනේ වෙලා තියෙන වැඩේ බරපතලකම. සේකරගම කියන්නේ සමීරගෙ ගම. ඉතිං පූසො සෙට් එක තමන්ව ෆලෝ කරනවා කියලා දැනගත්තු චාටර්මාලි බස් එකේ එද්දි සමීරට කෝල් කරලා ඒ බව කියලා තියෙනවා. මෑන්ස් තමයි ඊටපස්සේ චාටර්මාලිට කියලා තියෙන්නේ සේකරගමින් බස් එකෙන් බහින්න කියලා.


මේ වෙද්දි පූසො හිටියේ භයානක ඉරණමකට ෆේස් කරලා. සමීර ඇතුලු කොල්ලො කට්ටිය පූසන්ව චකබ්ලාස් කරන්න බලාගෙන ඉස්සරහට එමිනුයි හිටියේ. ඔය වෙලාවෙ තමයි පුරුපුරු දැක්කේ ඈතින් බත් දන්සලක් තියෙනවා. ඒ දවස්වල වෙසක් හින්දා හැමතැනම දන්සැල් වැහි වැහැලයි තිබුනේ. අපේ කට්ටිය ඒ වෙලාවෙ බත් කන මූඩ් එකේ නොහිටියත්, ගුටි දන්සලකට වඩා බත් දන්සලක් හොඳයි කියලා හිතුන හින්දා කට්ටියම ඉක්මන් ගමනින් ගිහින් දන්සලට රිංගුවලු.


පූසන්ට ඇටෑක් කරන්න ආපු කොල්ලො සෙට් එක දන්සල ඇතුලට ආවෙ නැතත් ඒ කිට්ටුව රැකගෙන හිටියෙ බත් කාපු පූසන්ට ඩෙසර්ට් එකට ගුටි දෙන්න බලාගෙන. කොහොමහරි ඔය වෙලාවෙ තමයි ඤාව්වා දැක්කේ දන්සැලට බැක් සයිඩ් එන්ට්‍රන්ස් එකකුත් තිබුන බව. ඉතිං අපේ පූසො කස්ටිය කළේ බත් කාලා ඉවරවෙලා බැක් එන්ට්‍රන්ස් එකෙන් එළියට පැන්න එක. කොහොමහරි ගම වටේ රවුමක් ගහලා සේකරගම බස් හෝල්ට් එකට ඇවිත්, පූස්ගම බස් එකකටත් නැග්ගට පස්සෙයි පුරුපුරුලාගෙ ඇඟවල් වලට ලේ ටිකක් ඉනුවේ.

ඉතිං ඔය වැඩෙන් පස්සේ ගොඩක් කල් යනකං මාලුකට්ටාටවත්, අනිත් පූසන්ටවත් චාටර්මාලිව මීට් වුණේ නෑ. මාසෙකින් විතර තිබුන ඒ ලෙවල් විභාගෙත් මාලුකට්ටා බලාපොරොත්තු වෙච්ච විදිහටම අනාගත්තලු. දෙවෙනි පාරටත් ඒ ලෙවල් කරපු මාකට් ඊටපස්සේ තෝරගත්තේ තොරතුරු තාක්ෂණය ගැන විශ්ව විද්‍යාල බාහිර උපාධියක් කරන එක. දැන්නං මෑන්ස් පෞද්ගලික ආයතනයක හොඳ ජොබ් එකක් කරනවා.

උපාසකට මේ ළඟදි චාටර්මාලිව හම්බවෙලා තිබුනා. චාටර්මාලි දැන් නර්ස් කෙනෙක්ලු. සමීරගෙයි චාටර්මාලිගෙයි එෆෙයාර් එකටනං මොනවා වුණාද දන්නෙ නෑ. ඒ වගේම මේ මාලුකට්ටා සම්බන්ද අන්තිම ලව් ස්ටෝරියත් නෙවෙයි. වැඩි දවසක් යන්න කලින්ම මෑන්ස් අලුත් සම්බන්ධයක් පටන් ගත්තා. ගෑනු ළමයාගෙ නම ලයිට්. ඒ කතන්දරේ ඉතිං අපි වෙනම සීරීස් එකකින් බලමුකො නේද? 
 
නිමි.

32 comments:

  1. හප්පේ දන්සල තිබුන්නැත්තං පූසො සෙට් එකේ අනාගත ඉරනම විසඳෙන්න තිබුණ එදා.

    දන්සලෙන් කෑවට වැඩිය ගුටි නොකා බේරිච්ච එකට දංසලේ උංට පිං දෙන්න ඕන.

    ReplyDelete
  2. හිකි හිකි..:ඩී

    ReplyDelete
  3. තව පොඩ්ඩෙන් මාලි නෙමෙයි චාටර් වෙන්නේ!

    ReplyDelete
  4. අම්මෝ...කොච්චර කල් මේ කතාව දානකන් බලන් හිටියද?....ඇති යන්තම් :D

    ReplyDelete
  5. වෙනදා වගේම මරු ඈ.....

    තව එකක් එනවද? එල එල

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අපරාදේ ගුටි කෑවා නම් සීරීස් එක කොම්ප්ලීට් වෙනවා! රොමෑන්ස්,හොරර්,කොමඩි අරවා මේවා එක්ක ඇක්ෂනුත් තියෙන්න එපැයි දෙමළ ෆිල්ම් වගේ! :D

    ReplyDelete
  7. හපොයි තා පොඩ්ඩෙන් ගුටි පෝලිමයි
    හෙන ඉස්සර ලියන්න පටන්ගත්තු කතාවක් වගේ...

    ReplyDelete
  8. වෙලාවට දන්සැලක් තිබ්බේ නැත්නම් හොදි නැතුව රොස්පාං කන්ඩ වෙන්නේ

    ReplyDelete
  9. මාලි සිරාවටම හෙන චාටර් නේ..
    ඊට වඩා චාටර් සමීර කියන බුවා...
    ජංගි සීන් වලට කොල්ලංට ගහන එක හද්ද චාටර්නෙ..

    ReplyDelete
  10. කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තෙ..ආයෙ බ්ලොග් එක නග්ගලා ගමූමූමූ...මේ මේ සුබ මංගලම් ආ

    ReplyDelete
  11. අනන්තවත් කෙල්ලෝ සීන් තිබුනට කෙල්ලෝ හන්ද අනික් එවුන් එක්ක කෙල ගන්න නම් ගිහින් නැහැ මල්ලි අපි..අන්තිමට කෙල්ලෝ පිට යනවා..කොල්ලෝ අපි ගුටි කනවා..(බොරු කියන්නේ මොකටද????)පාරේ යන්නේ එක බස් එකක් විතරක් නෙවෙයි නේ..

    ReplyDelete
  12. ඊලඟ කතාවත් බලලම ඉමු !!!

    ReplyDelete
  13. ගූටි ඩෙසට්

    ReplyDelete
  14. චාටර්මාලී නිසා චාටර් වූ පුසෝ!!! :))

    ReplyDelete
  15. කාලෙකින් අවසන් කොටස් ඇවිල්ලා නේද,,දන්සල නිසා කෑම පහසු වෙලා නේ

    ReplyDelete
  16. මේ කොටසනං කියෙවුවා.. කමෙන්ට් එක දාලා ගිහින් පරණ කෑලි දෙක කියවලා එඤ්ඤං, මොකද කියනවානං කතාවෙ මුල අමතකයි.. :)

    පලි: සේකරගම කිවුවෙ 'සේකරගෙ' ගම වෙන්ටෑ..

    ReplyDelete
  17. කලින් කොටස් දෙක ආපහු කියවලා ආවෙ.මතකම නැතුව තිබුනෙ කතාව.

    ReplyDelete
  18. පිස්සු කොර.. වෙනම සීරීස් එකකින් නම් තව අවුරුද්දකින් විතර ඒක පොස්ට් වෙයි..

    ReplyDelete
  19. ඩෙසර්ට් එකට ගුටි ලැබුන නම් කොහොමද . මේ පුසෝ ඉඳල තියෙන්නේ අපේ දිස්ත්‍රික්කයේ නොව

    ReplyDelete
  20. එකට මරාගෙන මැරෙන්න හරි යාලුවො ඉන්නෙ ඉස්කෝලෙ කාලෙ විතරයි. ඊට පස්සෙ කොච්චර යාලුවො හම්බුණත් ඉස්කෝලෙ කාලෙ වගේ හදවතින් බැඳීමක් නෑ.

    ReplyDelete
  21. අහෝ බත් දන්සැල නොතිබුනා නම්... කථා සීරීස් එකක්ම කියවන්න තිබුනා කියා හිතේ...

    ReplyDelete
  22. i think i know u..u r ib kirindiwela, right?iskola watta?i'm in maligawatta.i wanna know whether u r my guess or not!

    ReplyDelete
  23. oooyiii, man thamuselawa dannawa, math ohelage school van eke thamai giye,sarath uncle he eke.mawa mathakada danna?

    ReplyDelete
  24. Chartermali ta giya aurudde A/L karapu malli kenek innawada ?
    Eyage name anthima kella "YUDDHASINGHA" da ?

    ReplyDelete
  25. onna maath me patte adamai awe ela ela

    http://stratergies.blogspot.com/

    ReplyDelete
  26. උඹලා පූසො ටික එක දන්සැලයිනේ කාලා තියෙන්නේ! සමීරට අහු උනා නං සිරා දන්සැලක රහ බලන්න තිබ්බා!

    ReplyDelete
  27. ලයිට් සීරීස් එකත් ලියන්ඩෝ.. ;-)

    ReplyDelete
  28. මුල ඒවා කියෝලා තිබුනත් මතක නැතුව තිබුනේ. යකෝ මෙහෙමත් කතා ලියනවද? සීරීස් එකක් ඉවර කරන්න අවුරුද්දක් විතර. සුදු පූසි හින්දා බ්ලොග් එපා වෙලා වගේ. (මොනවා උනත් ජීවිතේ තමයි 1.)

    ජයවේවා!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???