අඹ යාලුවෝ

Monday, January 2, 2012

මාලුකට්ටා සහ චාටර්මාලි - 2


ඔන්න එහෙනං බ්ලොග් ගඩොල් අඩවිය 2012 නව අවුරුද්දෙත් වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතිං මෙච්චර කල් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් අපිත් එක්ක රැඳී හිටිය කස්ටියට වගේම, ඊයේ පෙරේදා ගඩොල් බාන්න සෙට් වෙච්ච යාලුවො හැමෝටමත් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා පූසෝ ප්‍රාර්ථනා කරනවා. අපි කලින් ලිපියෙන් කිව්වේ අපේ මාලුකට්ටා (මාකට්) චාටර්මාලි එක්ක යාලු වෙච්ච හැටියි, ඊටපස්සෙ මාකට් සහ පුරුපුරු අතරේ ගැටුමක් ඇතිවෙන්න ගිය හැටියි ගැන නොවැ! ඉතිං අද කියන්න යන්නේ එතන ඉඳලා වෙච්ච සිද්දිය.

කොහොමහරි ඉතිං ඔය කේස් එකෙන් පස්සේ පුරුපුරුගෙයි මාකට්ගෙයි අතර තිබුන යාලුකම යම් තරමකට හානි වුණා. මුල් දවස්වල දෙන්නා කතා නොකරම හිටියත්, පස්සෙ පස්සෙ මේ දෙන්නා කතාබහ කරන්න පටන් ගත්තා. ඒත් ඉස්සර තිබුන තරමේ පට්ටම ෆිට් එකක් මේ යාලුවො දෙන්නා අතරේ ආපහු ඇතිවුණේ නෑ. ඉතිං මේ කාලෙ අපේ පූස් සෙට් එකේ යම් තරමක මණ්ඩලේ කචල් සිටුවේෂන් එකක් තමයි තිබුනේ. හැබැයි ඔය හැම කේස් එකක්ම මැද්දෙ මාකට්ගෙයි චාටර්ගෙයි පෙම් කතාවනං නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා.

මේ කාලෙ අපේ කපල් එකට දෙන්නාට දෙන්නා නැතුවම බෑ. කොටින්ම මේ දෙන්නා නොගිය පාලු පාරක්, ෆිල්ම් හෝල් එකක්, කෑම කඩයක් තියා පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ. ඒ දවස්වල ගම්පහ නිතර කරක්ගහන ඕනෙම මනුස්සයෙකුට අත්වැල් පටලගෙන තමන්ගෙ ලෝකෙ තනිවෙලා ඉබාගාතේ සැරිසරන මාලුකට්ටයි චාටර්මාලියි නුපුරුදු සීන් එකක් නෙවෙයි. ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්. ඒ හින්දා දවස තිස්සෙම ඇවිදලා ක්ලාස් එකට ආවට පස්සෙත් සර්ට හොරෙන් චාටර්මාලිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන එක මාකට්ගෙ පුරුද්දක්.

ඒ වගේම තමන්ගෙයි චාටර්මාලිගෙයි අතරෙ තිබුන එෆෙයාරුව ගෙදර මිනිස්සුන්ට ඇරෙන්න වෙන කාටවත්ම හංගන්න මාකට්ට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඉතිං බයෝ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාවෙ, ක්ලාස් එක ඇතුලෙ කෙල්ලො සිය ගානක් වාඩිවෙලා ඉන්න තැනට ගිහිං චාටර්මාලිත් එක්ක කතා කරන්න අපේ මාකට්ට කිසිම ලැජ්ජාවක් තිබුනේ නෑ. මේ වැඩේ හින්දා බයෝ සර් පවා වැඩි දවසක් නොගිහින් මේ කපල් එක ගැන දැනගත්තා. සාමාන්‍යයෙන් ක්ලාස් එක ඇතුලෙ ලව් කේස් වලට සර් කැමති නොවුනත්, මාකට්ගෙ තිබුන ෆෝවඩ් ගතිය නිසාද කොහෙද සර් මෑන්ස්ට කිසිම බාල්දියක් දැම්මේ නෑ. ඒ වෙනුවට සර් කළේ ඉගෙනගන්න කාලෙ අධ්‍යාපනයට මුල්තැන දෙන්න කියලා මාකට්ට අවවාද දුන්න එක.  ඒත් ඒ වෙලාවට “හ්ම් හ්ම්“ කියලා ඒවා අහගෙන හිටියත්, ආපහු චාටර්මාලිව දැකපු ගමන්ම සර් දුන්න අවවාද අපේ යාලුවාගේ හිතින් මැකිලා ගියේ ඉර දැක්ක පිණිබින්දු වගේ.

මාකට් තමන්ට බස් එකේදි බැන්නත් ඇත්තටම කැපවෙලා ආදරය කරන තමන්ගේ යාලුවා ගැන පුරුපුරුගෙ හිතේ තරහක් තිබුනේ නෑ. ඇත්තටම මාලුකට්ටා කියන්නේ අති විශිෂ්ට පෙම්වතෙක්. තමන්ගෙ පොකට් මනි ඔක්කොම රී ලෝඩ් දාන්නයි, චාටර්මාලිට තෑගි අරන් දෙන්නයි වියදම් වුණත්, නොකා නොබී හරි ඒ දේවල්ම කිරීම මිසක් තමන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන එක නෙවෙයි මාකට්ගෙ ප්‍රතිපත්තිය වුණේ. අන්ත දුප්පත් පවුලක ඉපදිච්ච චාටර්මාලිගේ ආර්ථික තත්ත්වය පවා මාකට්ගෙ හිතේ චාටර්මාලි ගැන තිබුන ආදරේ වැඩි කරන්න හේතු වුණා මිසක් අඩු කරන්න හේතු වුණේ නෑ.

මේ කාලෙ පූසන්ගෙන් මාකට් වැඩිපුරම සම්බන්ද වෙලා හිටියේ උපාසකයි, මී කතුරායි, ඤාව්වායි එක්ක. මොකද මෑන්ස් පුරුපුරුව දැක්කේ ආදරය ආගමක්නං ඒ ආගමට විරුද්ධ සාතන් කෙනෙක් හැටියට. මේකට හේතුවුණේ ආපහු කවදාවත් සීරියස් රිලේෂන්ශිප් එකකට යන්නෙ නෑයි කියලා පුරුපුරු වටේ හිටපු හැමෝටම කිය කියා ගිය එකලු.

මේ අතරෙ තමයි ඒ විශේෂ දවස උදාවුණේ. එදා උදේ පුරුපුරු ගම්පහට යද්දි උපාසකයි, ඤාව්වායි, මී කතුරායි එක්ක මාකට් සීරියස් කතාවක්. සෑහෙන කාලෙකින් චාටර්මාලිගෙන් තොරව මාකට්ව දැකගන්න ලැබුන හින්දා පුරුපුරුත් බොහොම උනන්දුවෙන් ඒ පැත්තට ඇදුනලු. තවත් ටිකක් කිට්ටු වෙද්දියි අපේ පූසා දැක්කේ මාකට්ගේ ඇස්වල කඳුලු පිරිලා තිබුන වග. ඇත්තටම පුරුපුරු දිහා කෙලින් බලන්නවත් බැරි තත්ත්වයක තමයි මෑන්ස් හිටියේ. ඉතිං අපේ උපාසක පටන් ගත්තලු වෙලා තියෙන සිද්දිය පුරුපුරුට පැහැදිලි කරලා දෙන්න.

බැලින්නං සිද්දවෙලා තිබුනේ කවුරුත් නොහිතපු දෙයක්. චාටර්මාලිට මාකට් එක්ක යාලුවෙන්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ තමයි චාටර්මාලිගේ ෆස්ට් ලව් එක. පස්සෙ කාලෙක ඒ කොල්ලා චාටර්මාලිට බූට් එක තිබ්බත් තමන්ගෙ පළවෙනි ආදරේ අමතක කරන එක එයාට ලේසි වැඩක් වෙලා නැහැ. ඉතිං ඔය අතරේ තමයි අපේ මාකට් චාටර්මාලිගෙ ලයිෆ් එකට එන්ටර් වෙන්නේ. ඉතිං දුක්වෙවී හිටපු චාටර්මාලිට මාලුකට්ටාගේ ආදරේ තදින් දැනුන හින්දා වෙන්නැති ඊටපස්සේ සිද්දවුණේ අපි කවුරුත් දන්න මේ දෙන්නගේ යාලුවීම. ඊටත් පස්සේ මේ දෙන්නගෙ ලව් එක නැගලා ගිය හැටි අපි ඉතිං කලින් කිව්වනේ.

කොහොමහරි ඉතිං පැණිවරකා ගහටත් හෙන ගහනවා කියන්නා වගේ ඔය අතරේ තමයි අවාසනාවන්ත දෙයක් සිද්දවෙලා තිබුනේ. ඒ තමයි චාටර්මාලි තවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා කියන ආරංචිය එයාගේ කලින් පෙම්වතාගෙ කනේ වැටිච්ච එක. අපේ ගොඩක් කට්ටියට වගේ ඉතිං මෑන්ස්ටත් තමන්ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අගේ දැනුනේ එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවුණාට පස්සෙලු. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මෑන්ස් ආපහු චාටර්මාලිව තමන්ගේ කරගන්න ප්ලෑන් ගහන්න පටන් ගත්තේ.

ඔය දවස්වල තමයි අර “මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා“ කියන සිංදුව ආවේ. ඉතිං අර කොල්ලා (සමීර කියමුකෝ) කළේ ඔය සින්දුව ඇතුලත් කැසට් එකකුත් අරගෙන ගිහින් බස් එකේදී චාටර්මාලිව මීට් වෙච්ච එක. ඒ දවස්වල මාකට් නැතුව චාටර්මාලි විතරක් තනියම බස් එකේ යන්නේ කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින්. ඒත් ඒ කලාතුරකින් හම්බවෙන අවස්ථාව නියමෙට එක්ස්ප්ලොයිට් කරන්න තරම් පූසන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් සමීර දක්ෂයෙක් වුණාලු. ඉතිං මෑන්ස් කළේ චාටර්මාලිට ඇඬෙන ටෝක්ස් එකක් දීලා කැසට් එකේ තිබුන සිංදුව අහන්නයි කියපු එක.

කොහොමහරි සමීරගේ සහ චාමර වීරසිංහගේ උත්සාහයේ ප්‍රතිපලයක් විදිහට සිද්දවුණේ අපේ මාලුකට්ටාගේ අවුරුද්දකටත් වැඩි ලව් එකට පයින් ගහලා චාටර්මාලි සමීරව තෝරගත්තු එක. ඒත් තමන් ජීවිතේම කැපකරලා ආදරේ කළාට පස්සේ චාටර්මාලි එයාට බූට් එකක් තියන්න තරම් කෘෘර වෙච්ච ඩයල් එකක් එක්ක යාලුවෙච්ච එක අපේ මාලුකට්ටාට දරාගන්න පුලුවන් වුණේ නෑ. අන්තිමේදි මාකට් පුරුපුරු එක්ක කතා කරන්න ගත්තේ මාස කීපයක් තිස්සේ පලුදු වෙලා තිබුන යාලුකම ආපහු යථා තත්ත්වයට ගෙනත්.

මාකට් :- පුරුපුරු, මට සමාවෙයං මචං! මම චාටර්මාලි හින්දා අවුරුදු ගානක් මාත් එක්ක හිටපු උඹට බැන්නා. මට ඒ ගැන ලැජ්ජයි මචං.

මෙහෙම කියපු මාලුකට්ටා පුරුපුරුව බදාගෙන අඬන්න පටන් ගත්තලු. පුරුපුරුගේ විතරක් නෙවෙයි, පූසො හැමෝගෙම ඇස්වල කඳුලු. කොහොමහරි අන්තිමට හැමෝගෙම තීරණය වුණේ චාටර්මාලි කරපු අපරාධය වෙනුවෙන් එයා වන්දි ගෙවන්න ඕනෙයි කියන එක. ආදරය වෛරයට හැරෙන්න ගතවෙන්නේ නැනෝ තත්පරයයි. ඉතිං මේ වෙද්දි අපේ මාකට් හිටියෙත් චාටර්මාලි ගැන කියන්න බැරි තරම් වෛරයක් හිතේ තියාගෙන. කොහොම වුණත් මේ වෙද්දි චාටර්මාලිට කරන්න ඕනෙ මොනවාද, ඒ වගේම මේ සිද්දියෙන් පස්සේ මාලුකට්ටාව මගඅරිමින් කට්ටි පැනපු, ෆෝන් කෝල් එකකටවත් ආන්ස්වර් නොකර හිටපු චාටර්මාලිව කොටු කරගන්නෙ කොහොමද, චාටර්මාලි සමීර එක්ක හිටියොත් මොකද කරන්නේ වගේ ප්‍රශ්න වලට අපේ යාලුවො කට්ටිය උත්තර හොයාගෙන තිබුනේ නෑ.
 
මේ වෙද්දි ගතවුණේ 2006 අවුරුද්දෙ වෙසක් කාලෙ. ඒ වෙද්දි ඒ ලෙවල් විභාගෙට තව ඉතුරුවෙලා තිබුනේ මාසෙක වගේ කාලයක්. ඉතිං කට්ටිය ගම්පහ ක්ලාස් එන අන්තිම දවස් කීපය තමයි මේ වෙද්දි උදාවෙලා. ඒ හින්දා චාටර්මාලිව අල්ලගන්නවානං අල්ලගන්න පූසන්ට ඉතුරුවෙලා තිබුනෙත් තව දවස් කීපයයි. ඉතිං අන්තිමට අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු ඊළඟ සතියේ චාටර්මාලි ක්ලාස් ආවාම එයාව අල්ලගන්න. ඒ ඊළඟ සතියේ සෙනසුරාදා චාටර්මාලි ක්ලාස් එයි කියලා කලුකුමාරිගෙන් ලැබුන ඔත්තුවකට අනුව. කොටින්ම මේ වෙද්දි මාකටුයි, චාටර්මාලියි යාලු කරන්න මුල්වුණ කලුකුමාරිට පවා චාටර්මාලිව අල්ලගන්න බැරි සිටුවේෂන් එකකුයි තිබුනේ.

ඉතිං ඊළඟ සතියේ මොකද වුණේ කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු නේද?

46 comments:

  1. සුබ නව වසරක් වේවා.. හැමෝටම..

    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න..

    ReplyDelete
  2. ඕයි පූෂා... ගාල්ලෙ ගෙට්ටුවට වරකෝ.... කියාවන්න වෙලාව නෑ... තව ටිකකින් කියවල කමෙන්ට් කරන්නම්.... ගාල්ලෙ ගෙට්ටුව ගැන දන්නෙ නැතිනම් බ්ලොගේ බලපං...

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා මචං

    ReplyDelete
  4. සුභ නව වසරක්...
    ඉතුරු ටිකත් බලමුකෝ....

    ReplyDelete
  5. සුබ නව වසරක් වේවා පූසො සෙට් එකටම.

    ගේමක් වගෙයි. ඉතුරු ටිකත් ඉක්මනින්....

    ReplyDelete
  6. මේක බූට් ලෝකයක් නෙ බොලං..

    ReplyDelete
  7. නැවත වරක් පූසෝ සැට් එක කෑමකට සෙට් වෙන වගායි... ටං.ටං.ටං....ටකර ටං.....

    ඊලඟ එක ඉක්මනට දාපිය... ආ..... ඒකත් අතමක උනා. සුබ අලුත් මෙව්ව එකක් වේවා...... තව තව බූට් සීන් ලියවේවා...!!!!!!!!

    X-Porter

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් පූසෝ සේරමන්ටම,,,මේකට් බූට් කේස් එකක් නේ

    ReplyDelete
  9. මාලි චාටර් නේන්නං...

    ReplyDelete
  10. මෙගා නාට්ටි වගේ කුට්ටි කරන්න එපා කොල්ලනේ . . . යකා නඟිනවා . . හික්ස්

    ReplyDelete
  11. නව වසර සුභ වේවා!
    අඩේ මේ කතාව මට වෙන වෙනම වෙච්චි සීන් කීපයක එකතුවක් වගේ!

    ReplyDelete
  12. හනිකට දාහල්ල. ඉන්න බැරියෝ!

    ReplyDelete
  13. නව වසරෙවත් බූට් නැති සුඛාන්ත ලියන්නට ලැබේවා!

    ReplyDelete
  14. චාටර්මාලි කිව්වේ වෙන නමක් හම්බ උනේම නැද්ද අනේ..එෆෙයාරුව කියන්නේ පාරුව කියන එකේ විරුද්ද පදේද..? හි..හි..සුභම සුභ අලුත් අවුරුද්දක් හැමෝටම

    ReplyDelete
  15. ඉන්දික
    රාජ්
    පූසා
    ඩිලාන්
    එක්ස් පෝටර්
    බුරා
    ප්‍රසන්න
    තාරක
    සබිත්
    ගයාන්

    ගොඩක් ස්තුතියි යාලුවනේ අදහස් දැක්වුවාට. සුභපැතුම් වලටත් ස්තුතියි

    ReplyDelete
  16. පොඩි මෑන් - වැඩේ එළකිරිය. මගේ හොට්ම හොට් සුබපැතුම්ය. දැනට වෙන වැඩක් එදාට වැටි ඇත. වැඩේ කැන්සල් කරගැනීමට උපරිම උත්සාහ දරමි.

    දුකා අයියා - සොරි වෙන්න ඕනේ දුකා අයියේ. ඒත් ඉතිං මේ වගේ දිග කතාවක් එකට දාන එකත් අමාරුයි නොවැ!

    පුංචි කුමාරිහාමි - හත් දෙයියනේ දැන් කුමාරිහාමිලා කී දෙනෙක් ඉන්නවද? හික් හික්!! පාරුවෙ නෙවෙයි පෝරුවෙ විරුද්ධ පදය. චාටර්මාලි කිව්වේ ඇත්ත නමට බොහෝ දුරට සමීප හින්දා

    ReplyDelete
  17. machn aye blog gadol nagala yanwa

    ReplyDelete
  18. macho aye blog gadol nagala yanwa hode

    ReplyDelete
  19. සුබැ නව වසරක්..ජනවාරි 7 ගාලු එනවැයි

    ReplyDelete
  20. ශශික - බොහොම ස්තුතියි සහෝ...!!!

    රාජ් - එන්න තමයි ඉන්නේ මචෝ. එදාට හම්බවෙමු

    ReplyDelete
  21. apo chartermali nam charter kellek ma thama :\ by the way wish you a very happy new year ayya :)

    ReplyDelete
  22. සුබ නව වසරක් වේවා සූප් කොල්ලනේ

    ඉතින් ඉතිරි කොටහ දාන්න තටම තටම ඉන්නේ නැතුං ඉක්මනට ලියන්ඩ කියලා මම යෝජනා කර සිටිනවා

    ReplyDelete
  23. මරු කථාව මරු නික් නේම් ටිකත් එක්ක..ඉතුරු හරියත් දාමුකෝ බලන්න....

    ReplyDelete
  24. //ඒ වගේම දෙන්නට දෙන්නා කතා නොකර විනාඩි දහයක් හිටියත් මේ ජෝඩුවටම අප්සෙට්//

    අනේ මන්දා මේ කියලා තියෙන්නේ නම් ඇත්ත කතාවක්....:D

    //නිවර්තන වැසි වනාන්තරයක හිටවපු ගහක් වගේ ලස්සනට දලුදාලා ජයටම ලියලලා ගියා//

    මොන ගහක්ද කියලා, කියලා නෑනේ…:D

    //පෙට්ටි කඩයක්වත් ගම්පහ නගරේ ඉතුරුවුණේ නෑ.//

    ගම්පහ පෙම්වත්තු පෙට්ටි කඩවලත් ඇවිදිනවද? :D:D

    ReplyDelete
  25. සුබ නව වසරක් වේවා පූසො සෙට් එකටම...

    වලියක් සෙට් වෙන්නද යන්නේ???
    පරිස්සමින් ආහ්...

    ReplyDelete
  26. ඔය සින්දුව ආපු කාලෙ කොල්ලොන්ගෙ ජාතික ගීය වෙලා තිබ්බ නේද

    ReplyDelete
  27. පව් අසරණ කොල්ලා...

    ReplyDelete
  28. කමක් නෑ කමක් නෑ . . ඉතුරු ටික හෙමීට දාන්නකෝ

    ReplyDelete
  29. මම ෆුල් හැපි එකේ හිටියේ කතාව ඉවරයි කියලා.. 1 බලල 2 ත් බලද්දි කෝ තව ඉවර නෑ... ඉක්මනට දාපන් යකෝ... චාටර් නේන්නම් මාලි...

    උබල සෙට් එකට... ගෑණු දැරිවියන්ට... පවුල් වල ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  30. පූස් සෙට් එක ඇතුළේ හැංගිච්ච මරු ආදර කතා ටිකක් තියෙනවනේ...
    මොනවා උනත් මාකට් පව් :(
    ඒ වගේම දැනදැනම රෑ වැටිච්ච වලේම දවලුත් වැටිච්ච මාලිත් පව් කියල තමයි මට හිතෙන්නේ

    ReplyDelete
  31. එල....................
    ඉක්මනට ඉතුරුටික දාන්නෝ.........!
    ( මාලි මාට්ටු වේවා..! )

    ReplyDelete
  32. පුසෝ හැමෝටම සුබ නව වසරක් වේවා!!! :)) මාලිව මාට්ටුවුණු හැටි ගැන දැනගන්නකල් ඉවසිල්ලක් නෑ...

    ReplyDelete
  33. mali mattu una hatith ikkmanate dannekooooooooo

    ReplyDelete
  34. ඔන්න මමත් ලන් ඉන්නවා චාටර්මාලිගේ කතාව ලබන සතියේ බලන්න...කොහොම උනත් සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා නව වසර..

    ReplyDelete
  35. geemak! thawath geemak! mmm! meeka kiyawaddi apitath appiriyai bn chater maali gana! chik! :D :D ubalage set 1 buut naala! :D :D patta kathawa!

    suba aluth auruddak poosanta!

    ReplyDelete
  36. කෝ බොලව් ඉතුරු ටික ?? :D

    මාකට් පුරු පුරු එක්ක වලිය දාගන්න කොටම මට හිතුන කවද හරි පොරට ඔහොම කියන්න වෙන බව. කෙල්ලො ඔහොම්මයි...

    ReplyDelete
  37. දැනගැනීම පිණිසයි : චාටර්මාලි යනු මාළුකට්ටාගේ කීවන affair එකද? :D

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එක. (ට්‍රයි කරපුවා අතෑරලා) :)

      Delete
  38. අඩේ මේක දැන් දැක්කෙ...අපිට ඉක්මනට අලුත් එකක් දෙන්න කල්පනාවක් නැද්ද?? :(

    ReplyDelete
  39. ගියසුමානේ පුසා චාටර්මලී එක්ක පැනලා ගියාවත්ද?

    ReplyDelete
    Replies
    1. හික් හික්!! නෑ බන්. අද ලියන්න ඕනෙ අන්තිම කොටස

      Delete
  40. හැම දෙනාටම බොහොම ස්තුතියි යාලුවනේ. අනිත් කොටස පුලුවන් ඉක්මනට දානවා

    ReplyDelete
  41. දැන් මට ප්‍රශ්ණයක්.....ඔය ස්කොලෙ යනකාලෙ ආදරේකරපු පූසො සෙට් එකේ හරියටම හරිගියේ පුරු පුරු අයියට විතරමද....?

    (ගොඩක් කල් මේපැත්තට ඇවිත්...ඒත් අදයි කමෙන්ට් කරන්නෙ..හොස්ටල් ලයිෆ් කතාටිකනම් ඇත්තටම මරේ මරු...මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්....:)..)

    ReplyDelete
  42. කෝ මල්ලිලා මාලුකට්ටා සහ චාටර්මාලි 3 කොටස????

    ReplyDelete
  43. කෝ බං මේකෙ ඉතිරි කොටස..

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???