අඹ යාලුවෝ

Wednesday, August 18, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය


ඉතිං යාලුවනේ දැන් අපේ පුසො ඉන්නෙ 11 වසරෙ නොවැ! ඒ කියන්නෙ හොස්ටල් එකෙත් කට්ටිය දැන් ඉන්නෙ අලුත් ඩෝම් එකක.අලුත් 11 වසර ඩෝම් එක 10 වසර ඩෝම් එකට වඩා ගොඩක් ලොකුයි.ඕන තරං ඉඩත් ඉතුරුයි.මොකද පුරුපුරුලගෙ බැච් එකේ හිටියෙ විසිපස් දෙනයිනෙ.කොටින්ම කියනවනං ඩෝම් එක ඇතුලෙ වන් බම්ප් ක්‍රිකට් ගහන්නත් කට්ටියට පුලුවන්කම ලැබුනා.ඉතිං කලින් අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් පුරුපුරු හිටියෙ ජනේලයක් අයිනෙ තිබුන ඇදකලු.හැබැයි මේ පාරනං ගියපාර වගේ නෙවෙයි, මෑන්ස් කැමැත්තෙන්මයි ප්ලේස් එක තෝරගත්තෙ.

11 වසරට යද්දි දන්න කියන හැම බැච් එකකටම වුණ සන්තෑසියක් තමයි බැච් එක කෑලි කෑලි වලට කැඩිල යන එක.ඒ කියන්නෙ ඔය කැම්පස් වල වගේ වෙන වෙනම කටයුතු කරලා ගහ මරා ගැනිල්ලක් නෙවෙයි.මොන දේ කළත් බැච් එකම එකට ඉන්නවා.මෙතන බැච් එක කැඩෙනවා කියලා අදහස් කළේ මතවාදී වශයෙන් බෙදෙන එකට.හැබැයි ඉතිං සමහර වෙලාවට ඔය මතවාදී ගැටුම් දුරදිග ගිය වෙලාවලුත් නැතුවාමත් නෙවෙයි.

11 වසරෙදි හැම බැච් එකක්ම සංගීත ප්‍රසංගයක් පවත්වන්න ඕනෙ.මේ සංගීත ප්‍රසංගයෙ නම තමයි "මි"යන්න.ඉතිං පුරුපුරුලගෙ බැච් එකත් ඔය විදිහට මහා පරිමාණයෙන් "මි"යන්න පැවැත්තුවලු.ගායනය වගේම වාදනයත් හොස්ටල් එකේ ළමයින්ගෙන්මයි.මේ "මි"යන්න ගැන වෙනම ලිපියක් පස්සෙ වෙලාවක දාන්නංකෝ.ඉතිං "මි"යන්න ඉවර වුණාට පස්සෙ තමයි හොදට තිබුන බැච් එක ටික ටික දෙදරලා යන්න පටන් ගත්තෙ.


කොහොම හරි ටික දවසක් යද්දි වෙන වෙනම සෙට් හතරක් 11 වසරෙ බැච් එක ඇතුලෙ හිටියා.ජුවාන්, පොල්පොට්, සලා, සකයා, සංජු, බටිල්ලා අයිති වුණේ "ආතල්" සෙට් එකට.මේ කට්ටියට ලෝකෙ පෙරලුනත් ගානක් නෑ.තමන්ගෙ පාඩුවෙ ආතල් එකේ තමයි ඉන්නෙ.


ඊළග සෙට් එක තමයි "ස්ටඩි" සෙට් එක.මේ සෙට් එකට අයිති වුණේ වවුලා, සෙන්සිටිව්, මැණික්, පැන්ඩා, හොං කොං, තාරාවා වගේ කීපදෙනෙක්.නමේ හැටියටම මේ අයගෙ ප්‍රධාන වැඩේ වුණේ අධ්‍යාපනය.අනික් ඒවා ඊට පස්සෙ.


ඊළග සෙට් එක තමයි පුරුපුරුලගෙ සෙට් එක.මේ සෙට් එකේ හිටියෙ පුරුපුරු, මාලුකට්ටා, වන්නියා, අමන්දානන්ද, මුදලාලි, සෝමෙ අයියා සහ බෝරෙ.මේ අයත් ඉතිං ‍ලක්ෂණ වලින් ගොඩක් කිට්ටු ස්ටඩි සෙට් එකට වඩා ආතල් සෙට් එකට.


අන්තිම සෙට් එක තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එක.මේ සෙට් එකේනං හිටියෙ තුන් දෙනයි.ඒ තමයි ලෝඩ් කොක්, පොන්ටින් සහ ලයිමෝල්.ඒ වගේම ඔය කිව්ව එක සෙට් එකකටවත් අයිති නැති ළමයිනුත් කීප දෙනෙක් හිටියා.


ඉතිං මෙහෙම සෙට් වලට බෙදිල හිටියත් හැමෝම බොහොම සහයෝගයෙන් ප්‍රශ්නයක් නැතුව තමයි හිටියේ.කෑවෙ බිව්වෙ, සෙල්ලං කළේ එකට.ඔය සෙට් භේදය මතුවුණේ හොස්ටල් එකෙන් හොරෙන් එළියට පනිද්දි වගේ වැඩ වලදි.එක සෙට් එකක් කවදාවත් සෙට් එකෙන් පිට කෙනෙක්ව ඔය වගේ වැඩ වලට එකතු කරගත්තෙ නැහැ.හැබැයි මුලින්ම කියපු සෙට් තුනම ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහින් හිටියෙ.මේකට හේතුව වුණේ ලෝඩ් කොක්ගෙ ඒ දවස්වල තිබුන පණ්ඩිත වැඩයි, පොන්ටින්ගෙ අයහපත් කල්ක්‍රියාවයි.


විශේෂයෙන්ම පුරුපුරුලගෙ සෙට් එකයි, ලෝඩ් කොක්ගෙ සෙට් එකයි අතරෙ බරපතල විදිහට මත ගැටුම් ඇතිවෙන්න වැඩි කල් ගතවුණේ නෑ.ටික දවසක් යද්දි මේ මත ගැටුම් වලියක් යන මට්ටමටම දුර දිග ගියා.ඉතිං ලෝඩ් කොක්ගෙ සෙට් එකත් එක්ක තරහ පිට හිටපු අනිත් කට්ටියත් කළේ පුරුපුරුලගෙ සෙට් එකට සහයෝගය දුන්න එක.

ඔය අතරෙ තමයි තීරණාත්මක් සිද්දියක් වුණේ.ඩෝම් එකේ වැඩිය කට්ටිය නැති වෙලාවක ලෝඩ් කොක්ගෙ සෙට් එක මාලුකට්ටගෙ ඇග වැහෙන්න බෙඩ් ෂීට් එකක් දාලා මෑන්ස්ට තඩිබාලා තිබුනා.ඉතිං මේ සිද්දිය නිසා පුරුපුරුලගෙ සෙට් එක හිතේ අමාරුවෙන් තමයි හිටියෙ.ඔහොම ඉන්න අතරෙ තමයි මාලුකට්ටගෙ කබඩ් එකේ හුණු වලින් මෙතන කියන්න බැරි මට්ටමේ රුවන් වැකියක් ලියවිලා තිබුනෙ.ඉතිං ඕක කළේලෝඩ් කොක්ගෙ සෙට් එක කියලා ඔප්පු කරන්න බැරිවුණත්, පුරුපුරුලා දැනගෙන හිටියා ඔය වැඩේ කළේ ඒ අයමයි කියලා.


ඉතිං පුරුපුරුලගෙ සෙට් එක තීරණය කළාලු ලෝඩ් කොක්ගෙ සෙට් එකට විරුද්ධව වහාම නැගී සිටින්න ඕනෙ කියලා.එදා රෑ කට්ටිය සෙට් වෙලා මේ ගැන ඩිස්කෂන් එකක් දැම්මලු.එතනදි තීරණය වුණේ ලෝඩ් කොක්ලා වගේම පුරුපුරුලත් තමන්ගෙ හතුරන්ට විරුද්දව කොමාන්ඩෝ ගේම් දෙන්න ඕනෙ කියලා.ඉතිං එදා රෑම කට්ටිය "රාත්‍රී ප්‍රහාරක බලකාය" පිහිටෙව්වලු.

රාත්‍රී ප්‍රහාරක බලකායෙ අරමුණ තමයි සතුරාට නොදැනී ගිහිල්ලා ක්ෂණික ප්‍රහාර එල්ල කරලා ආපහු එන එක.ඉතිං නමේ තියනවා වගේම ඇටෑක් එකට යොදාගත්තෙ රෑ කාලය.මුල්ම ඇටෑක් එක කරන්න තීරණය වුණේ ලයිමෝල්ට විරුද්ධව.මොකද මෑන්ස් තමයි ලෝඩ් කොක්ගෙ සෙට් එකේ බුද්ධි අංශ ප්‍රධානියා.ඒ කියන්නෙ පුරුපුරුලා කතා කරන ඒවා හොරෙන් අහගෙන ඉදලා ලෝඩ් කොක්ටයි, පොන්ටින්ටයි රිපෝට් කරන්නෙ ලයිමෝල්.

ඉතිං මේ වෙද්දි ලෝඩ් කොක්ගෙ සෙට් එක, පුරුපුරුලා තමන් කරපු දේට විරුද්දව මොකක් හරි ඇටෑක් එකක් දෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියෙ.ඒක පුරුපුරුලත් දැනගෙනයි හිටියෙ.ඉතිං ලයිමෝල්ට විරුද්දව දෙන ඇටෑක් එක ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනෙ කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා.


එදත් සුපුරුදු විදිහට ලයිට් ඕෆ් කරලා කට්ටිය නිදාගත්තා.ඊට පස්සෙ කතා කරගත්තු විදිහට රාත්‍රී ප්‍රහාරක බලකාය පුරුපුරුගෙ ඇද ළගට එකතු වුණා.මුලින්ම කළේ රාත්‍රී ප්‍රහාරක බලකායෙ බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටව ඔත්තු බලන්න යවපු එක.මෑන්සුත් ඇදන් අස්සෙන් බඩගාගෙන ලයිමෝල්ගෙ ඇද තිබුන හරියට ගියා.ලයිට් ඕෆ් කළාට යන්තම් වටපිටාව පේන ගානට එළියක් ඩෝම් එක ඇතුලෙ තිබුනා.මොකද ඉතිං කොළඹ කියන්නෙ රෑට සම්පූර්ණයෙන් කලුවර වෙන නගරයක් නෙවෙයි නොවැ!


ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවා.බුද්ධි වාර්තා අනුව ලයිමෝල් ගොරව ගොරව නිදිලු.කොහොමත් ලෝඩ් කොකුයි, පොන්ටිනුයි හිටියෙ ඩෝම් එකේ වෙන කෙළවරක.ඒක හින්දා ලයිමෝල් කියන්නෙ ඊසි ටාගට් එකක්.දැන් තමයි රාත්‍රී ප්‍රහාරක බලකාය ක්‍රියාත්මක වෙන්න ඕනෙ වෙලාව.ඉතිං කට්ටියම තමන්ගෙ ආයුධ ටික ලෑස්ති කර ගත්තලු.


ආ.. කියන්න අමතක වුණානෙ.පුරුපුරුලගෙ බැච් එකේ හැම ළමයෙකුටම වගේ කොට්ට දෙක ගානෙ තිබුනා.එකක් නිදාගන්න පාවිච්චි කරන්න.අනික ආයුධයක් විදිහට.ඒ කියන්නෙ කොට්ට පොර වලට.හැම මා‍ස දෙක තුනකට පාරක්ම ඩෝම්ු එක ඇතුලෙ පැවැත්වෙන කොට්ටපොර ටූනමන්ට් එකට සහභාගි වෙන්න කියලා හැමෝම තමන්ගෙ කොට්ට ආයුදේ ලස්සනට හදාගෙනයි තිබුනෙ‍.පුරුපුරුගෙ කොට්ටෙත් යටට පුලුන් ඇට පුරවලා නියම යගදාවක් වගේ හදාගෙනයි තිබුනෙ.ඒකෙන් එක පාරක් හරියට කෑවොත් ඉතිං වන්ෂොට් නොකවුට්.

ඉතිං ඊටපස්සෙ කොට්ට ආයුධ ටික ගත්තු රාත්‍රී ප්‍රහාරක බලකාය ඇදන් අතරින් රිංගලා ගිහින් පැති කීපෙකින් ලයිමෝල්ගෙ ඇද වට කළාලු.මෙහෙම යද්දි කට්ටියට යන්න වුණේ බිම දිගේ බඩගාගෙන.මොකද කවුරුහරි කෙනෙක් තවමත් නිදි නැතුව ඇහැරිලා ඉදලා පුරුපුරුලව දැක්කොත් ඒක මිෂන් එකට බාධාවක් වෙන්න තිබුනා.


දැන් රාත්‍රී ප්‍රහාරක බලකාය ප්‍රහාරයට සියල්ල සූදානම්! ඉතිං හොරෙන් හොරෙන් ඉස්සරහට ගිය අමන්දානන්ද ලයිමෝල් ඇදට දාල තිබුන නෙට් එක ගැලෙව්වලු.ඒ එක්කම පුරුපුරු දුන්න සිග්නල් එකට අනුව ඉතුරු හය දෙනාම තමන්ගෙ කොට්ට වලින් නිදාගෙන හිටපු ලයිමෝල්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළාලු.කොහොම හරි මේ වැඩේට විනාඩියක් විතර යන්න ඇති.දැන් ලයිමෝල්ට මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බෑ.හතර අතින් කුලුගෙඩි වගේ කොට්ට පාරවල් වැදෙද්දි තමයි පොර නින්දත් නොනින්දත් අතර තත්ත්වෙකින් ඇස් දෙක ඇරියෙ.

මේ වෙද්දිත් ලයිමෝල්ට හිතේ හැටියට තඩිබාලා හිටපු රාත්‍රී ප්‍රහාරක බලකාය මෑන්ස් ඇස් අරිද්දිම කලුවර අතරින් අතුරුදහන් වුණේ විදුලි වේගෙන්.ඉතිං ඔලුව උස්සලා ලයිමෝල් වටපිට බලද්දි මෑන්ස්ගෙ ඇද කිට්ටුවකවත් ගහපු මනුස්පයෙක් හොයාගන්න නෑ.පොර ඊට පස්සෙ නැගිටලා ගිහින් ලයිට් එක දාල බලද්දි මුලු ඩෝම් එකම නිදි.ඒ කියන්නෙ අපේ බලකායෙ කට්ටියත් හොරාට නිදි.දැන් ඉතිං කට්ටියට කරපු මිෂන් එකටත් වඩා අමාරු හිනාව තද කරගෙන ඉන්න එකලු.

කොහොමහරි ඉතිං ටික වෙලාවක් තමන්ට ඇටෑක් කරපු එවුන්ගෙ අම්මලාට පින් දිදී හිටපු ලයිමෝල් ආපහු ගිහිං නිදා ගත්තලු.ඊට පස්සෙ පුරුපුරුලත් නිදාගත්තලු.

පහුවදා මොකද වුණේ? අපි යාලුවනේ ඒ ගැන ඊළග ලිපියෙන් බලමුකො නේද?

42 comments:

  1. අළුත් අවුරුදු උත්සවයක් වගේ කොට්ට පොර තරගයක්නෙ මේක .. . මම හිතුවෙ අඩුගානේ නකල් සෙට් එකකින් හරි සබ්බුව දේවි කියලනෙ . . . !

    ReplyDelete
  2. අනේ පව් ලයිමෝල්:q

    ReplyDelete
  3. හිකිස්.. මට මතක්වෙනවා අපි ඒ කාලෙ හොස්ටල් එකේ කොට්ට පෝරියල් දුන්න හැටි. ඔය වගේම තමා. ගියා.. ගැහුවා.. ආවා.. ගුටිකාපු එකා දන්නෙ නෑ කොහෙන්ද පාරවල් ටික ආවෙ කියලවත්.. :)

    අපේ ඔය වැඩවලට වෙනමම සෙට් එකක් හිටියා (හරි හරි මාත් ඇතුළුව තමා). කොට්ට පෝරියල්, ටූත්පේස්ට් පෝරියල්.. තව එකක් තිබුනා නිදං ඉන්න එකාව ඇදට තියලා ගැටගහනවා. අපේ බුවෙක් හිටියා, ඌට නින්දගියාම කුම්භකර්ණයට නින්දගියා වගේ තමා. දවසක් අපි ඌව ඇද පිටිං උස්සගෙන ගිහිං බාත්රූම් එකේ තියලා ආවා. මූ ඒත් නිදි.. ඒ වගේ ලස්සන කාලයක් ආයෙ එන්නෙ නෑ. තෑන්ක් යූ උඹට ඒ දේවල් ආයෙමත් මට මතක්කරලා දුන්නට..

    ReplyDelete
  4. ගරිල්ලා කොට්ට ප්‍රහාරයක්... මරු :D අපි 11 වසරෙ හිටපු කාලෙ(99) කරපු 'මි' ට සංගීතය සැපයුවෙ 'Saman & the clan' මට මතක විදියට. අපේ හොස්ටල් සෙට් එක උන්ට පළු යන්න බැන බැන තමයි වැඩේ කලේ "මුන්ට ප්‍රැක්ටිස් කරවන්න ඕනෙත් අපි" කියලා.
    ආ ඒ දවස්වලම වගේ එක පාරක් එකෙක්ව රෑ ඇඳ පිටින්ම උස්සන් ගිහින් Ground එක මැදින් තියලා තිබුනා. කොල්ළා එළියෙ සැපට නිදිලු එළි වෙනකන්ම. ඒත් ඔය වගේ අභ්‍යන්තර මත ගැටුමක් තමයි.. :D

    ReplyDelete
  5. ඉතුරු ට්ක්කත් ඉක්මනට දාපන් මචෝ.......

    ReplyDelete
  6. යකා ගහනවා ඊට හොඳයි නේ........:P

    ReplyDelete
  7. මාළු කට්ටාද බුද්ධි අංශ ප්‍රධානියා?? :q

    ReplyDelete
  8. හහහා.. ඊ ළඟ එකත් ඉක්මනට දාපන්.. :f

    ReplyDelete
  9. එළකිරි.... මචන් මේක ලියන්නෙ පුරුපුරුද එහෙම නැත්නම් වෙන පූසෙක්ද?

    ReplyDelete
  10. හොහ් හොහ් එළ එළ..
    ඊළඟ එකත් දාපන්.. :f :f :f

    ReplyDelete
  11. මරු ප්‍රහාරක බලකායක් නේ :q පවු ලයිමෝල් :q

    ReplyDelete
  12. මැර පූසෝ
    ඊලඟ එකත් දාමුකෝ බලන්න

    ReplyDelete
  13. රිටන් එක හම්බ වෙන්න ඈති අනිවා......

    මේ buratheno නම් මම දන්නව මයෙ හිතේ

    ReplyDelete
  14. පූසලට ඉතිං රෑට ඇස් හොදට පේන හින්ද හොදයි.

    ReplyDelete
  15. ලියමෝල් හිතුවද දන්නෑ හීනෙනේ ගුටිකෑවේ කියලා :e
    patta...

    ReplyDelete
  16. එළ ඉස්ටෝරිය මචං... බුද්ධි අංශෙට තමා ඉස්සෙල්ලම පහර දෙන්ට ඕන....:b
    සතුරොත් උඹලගෙ බුද්ධි අංශෙට නේද පහර දුන්නේ... ඒ කියන්නේ සතුරත් ‍යුධ උපක්‍රම හොඳින්ම පාවිච්චි කරලා තියෙනවා... :r

    ReplyDelete
  17. යකෝ ගරිල්ලො හොඳයි නේ. අරූ හිතන්න ඇති හීනයක් කියල හික් හික්.

    පට්ට ඉතුරු එකත් දාපන් ඉක්මනටම

    ReplyDelete
  18. අනේ පව් ........

    ReplyDelete
  19. එළම..කිරි..මචන්..දිගටම..ලියපං.............

    ReplyDelete
  20. කියවන්න වටින බ්ලොගයක් :P එල එල

    ReplyDelete
  21. return eka uparimen hambelaa wagea kotas dekata liyannea......... :j :j

    ikmanata heta man enakota ithiri tika liyala poest karala thiyanna puus ayiyea........ nae nae puus ayiyalaa...........:c :c

    mama HaapAtikki(MS) :b

    ReplyDelete
  22. ලයිමෝල්ට පොලිටෝල් වෙන්න වදින්න ඇති :q

    ReplyDelete
  23. යකෝව්! තොපි කෑවත් මදි කරල තියෙන කිරිමිනෙල් වැඩ වලට

    ReplyDelete
  24. රාත්‍රි ප්‍රහාරක බලකාය පුහුණුවකින් තොරවද මෙම ප්‍රහාරය එල්ල කලේ?

    ReplyDelete
  25. @ දුමී - බොහොම ස්තුතියි සහෝ! මේකනෙ, එකම බැච් එකේ කට්ටිය සාමාන්‍යයෙන් ලොකුම තරහකදි ඇරෙන්න ගහගන්නෙ නෑ.ඉතිං කොට්ට පාවිච්චිය කෝකටත් හොදයි.:b:b:b

    @ හංසි - හික්ස්...:i:i:i

    @ Buratheno - ෂා...උඹත් හොස්ටල්ද? මොන හොස්ටල් එකේද හිටියෙ?:t:t:t

    :rනරකද මචෝ හොස්ටල් ජීවිතේ ගැන ලිපි ටිකක් ලිව්වොත්?

    @ නිශාචරයා - හික් හික්!! මරුවට තියෙන්න ඇති.අභ්‍යන්තර ගැටුම්නං ඉතිං කොහෙද නැත්තෙ?:b:b:b

    ReplyDelete
  26. @ ඉලංදාරියා
    @ වැම්පයර් - එළකිරි මචංස්ලා...ඉක්මනට දාන්නං!:b:b:b

    @ හේමලයා - හික්ස්...ඒක තමයි මචෝ!:f:f:f

    @ ගයන්ත - හික් හික්!! ඔව් බං...!:q:q:q

    ReplyDelete
  27. @ Ashen - :b:b:b

    @ අභීත - ඇයි බං? කතාව චාටර්ද?:j:j:j

    @ සිකා - එළකිරි මචෝ.ඉක්මනට දාන්නං!:b:b:b

    @ හසී - ‍බොහොම ස්තුතියි සහෝදරී!:o:o:o

    ReplyDelete
  28. @ හෙළයා - එළකිරි සහෝ!ඉක්මනට දාන්නංකො!:b:b:b

    @ nish - හික් හික්!! බලමුකො මචෝ මොකද වෙන්නෙ කියලා...:e:e:e

    @ Praසන්ன - හික් හික්!! ඒක ඇත්ත සහෝ!:b:b:b

    @ කුෂාන් - හික් හික්!!බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    ReplyDelete
  29. @ වැප් - බොහොම ස්තුතියි මචෝ!!:b:b:b

    @ පුතා - ඒක ඇත්ත පුතා.ඉස්සරහට බලමුකෝ මොන තරං දියුණු උපක්‍රමද පාවිච්චි කරල තියෙන්නෙ කියලා...:e:e:e

    @ පිස්සා - තැන්ක්යූ වේවා සහෝ! ඊළග කතාව ඉක්මනට දාන්නං...:b:b:b

    @ isimbuwa - හිකිස්...බොහොම ස්තුතියි මචෝ...:b:b:b

    ReplyDelete
  30. @ Raj
    @ නිසල් - බොහොම ස්තුතියි මචංස්ලා...ඔයාලගෙ වචන වලින් තමයි දිගටම ලියන්න ඕනෙ කරන ධෛර්ය අපිට ලැබෙන්නෙ...:g:g:g

    @ හා පැටික්කි - හා පැටික්කි දැන් මොකෝ නිතරම ඇනෝ වෙලා එන්නෙ? පොලිසියෙන්වත් හොයනවද?:m:m:m

    කොටස් දෙකක් නෙවෙයි නංගි, ගොඩක් තියෙනවා.අපි බලමුකො රිටන් එක ලැබුනද නැද්ද කියලා...:b:b:b

    @ කොඩී - හික් හික්!! ඒකනං ඇත්ත මචෝ!!!:q:q:q

    ReplyDelete
  31. @ සූස්ති ගුනේ - බුදු අම්මියෝ! අපිව බේරගනියෝ...:n:n:n

    හික් හික්!!

    @ මම - පළවෙනි ඇටෑක් එක හින්දා මේකනං පුහුණුවකින් තොරව තමයි මචං එල්ල කළේ.හැබැයි ඊට පස්සෙ ඇටෑක්නං මනා පුහුණුවකින් යුක්තව තමයි දුන්නෙ...:b:b:b

    ReplyDelete
  32. එල ගෙමක්නේ දීල තියෙන්නේ. ඇත්තට කොහොමද ඔය රාත්‍රි බලකාය ප්‍රක්ටිස් කලේ එහෙම.

    ReplyDelete
  33. මම මචං මරියකඩේ ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටියෙ... අපෝ හොස්ටල් ජීවිතේ ගැන ලිපි ලියන්න ගිහිං අපේ මේ වටිනා චරිතය ඝාතනය කරගන්න බෑ... :D

    ReplyDelete
  34. @ priyantha - අවම පහසුකම් යටතෙ තමයි ඉතිං ප්‍රැක්ටිස් කලේ සහෝ!:q:q:q

    @ Buratheno - හික් හික්!! ඒකත් ඇත්ත...:r:r:r

    ReplyDelete
  35. මේක දැක්කේ අද තමා....මරේ මරු..ඕවා දවල් දවසටත් ක්‍රියාත්මක වුනා ඔලුවට සිලි සිලි කවරයක් එහෙම දාලා.....

    ReplyDelete
  36. මරුනේ බං. මං නං කවදාවත් හොස්තල් එකක ඉදලා නෑ. දැන් බලද්දි ඒක තමයි නියම ලයිෆ් එක! නියම කතාව මචංලා!

    ReplyDelete
  37. පට්ට ලස්සනයි යාළුවා ඔයාගේ මතක

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???