අඹ යාලුවෝ

Thursday, August 12, 2010

කලු කුමාරි 4 (අවසන් කොටස) - ඇටබෝල තුවක්කුව



කලින් ලිපියෙන් අපි කිව්වනෙ අපේ පූසො ටික අම්බානක සංග්‍රහයක් භුක්ති විදින්න ලෑස්ති වෙද්දි රෝහණදීර ඇවිල්ල සතුරන්ට සද්දෙ දාපු හැටි.ඉතිං අපේ කලින් ලිපි බලන්න බැරිවුණ යාලුවන්ට පුලුවන් දැන් ගිහින් බලලා එන්න


කලු කුමාරි - 1
කලු කුමාරි - 2
කලු කුමාරි - 3


ඉතිං පුරුපුරුට හිතාගන්න බැහැ මොන පූරුවෙ පිනකටද රෝහණදීර මේ වෙලාවෙම මෙතනට පාත් වුණේ කියලා.පස්සෙ බැලින්නං ඤාව්වට කලින් දවසෙ හවස පූස්ගම ටවුමෙදි රෝහණදීරව හදිස්සියෙ මුණගැහිලා.ඉතිං ඤාව්වත් කරල තියෙන්නෙ වලියෙ විස්තරේ ගැන අකුරක් නෑර රෝහණදීරට කියපු එක.කොහොම හරි ඉතිං ඤාව්වගෙ වැඩේ හින්ද පූසො ටික යන්තං බේරුනා.


ඉතිං අපි කිව්වනෙ රෝහණදීරගෙ සද්ද දැමීම ඉස්සරහ දිගාගෙ සෙට් එකේ කොල්ලො ශේප් එකේ මාරු වෙලා ගියයි කියලා.අන්තිමට ඉතුරු වුණේ දිගායි, තව කොල්ලො දෙතුන් දෙනෙකුයි විතරයි.කලින් පොර ටෝක්ස් දුන්නට මොකද දැන්නං දිගාගෙ මූණ දිහා බලන්නත් දුකයිලු.මෑන්ස් ඇස්වල කදුලු පුරෝගෙන පූසො දිහා ආයාචනාත්මක් බැල්මක් දැම්මලු.


සාමාන්‍යයෙන් රෝහණදීර වගේ වෘත්තීය මට්ටමේ තග් ඩයල් එකක් වලියකට ආවොත් එතන අනිවා ගහගැනිල්ලක් සිද්ද වෙනවාමයි.ඒක පූසොත් දන්නවා, දිගාත් දන්නවා.ඉතිං දැන් දිගාට ෂුවර් පොරට තියෙන්නෙ හොද ගුටි කෑමක් තමයි කියලා.රෝහණදීරත් ඉතිං තමන්ගෙ කටහඩ අවදි කළාලු.


රෝහණදීර :- පුරුපුරු මල්ලි, මොකද කියන්නෙ? මූට නෙලමු නේද??


පුරුපුරුට දිගාත් එක්ක තිබුනෙ එදා කම්මුල් පාරවල් දෙකක් කාපු තරහ විතරයි.ඒත් දැන් රෝහණදීර දිගාට ගැහුවොත් මෑන්ස්ට අම්බානට ගුටිකන්න වෙනවා.ඉතිං දිගා ගැන අනුකම්පා කරපු පුරුපුරු මෙහෙම කිව්වලු


පුරුපුරු :- නෑ අයියෙ! එදා මූ මට ගහපු එකට හරියන්න අපි මූට ටිකක් ගහල යවන්නං.අවුලක් නෑනෙ?


එහෙම කියපු පුරුපුරු කළේ අත දිගඇරලා දිගාට කම්මුල් පාරවල් දෙකක් දුන්න එක.ඊට පස්සෙ පුරුපුරු ඤාව්වට පොඩි සිග්නල් එකක් දුන්නලු.ඉස්සරහට පැනපු ඤාව්වා දිගාගෙ කම්මුලට තවත් වේගවත් හයේ පහර දෙකක් එල්ල කළාලු.පුරුපුරු ඤාව්වටත් චාන්ස් එක දුන්නෙ දිගා එක්ක තමන්ට තියනවටත් වඩා තරහක් ඤාව්වගෙ හිතේ තිබුන බව දැනගෙන හිටපු නිසා.ඒත් අන්තිමට සිද්ද වුණේ වෙන දෙයක්.ඤාව්වගෙනුයි පුරුපුරුගෙනුයි දිගා ගුටි කනවා දැකපු රෝහණදීරත් ෆෝම් වෙලා ඉස්සරහට පැනලා දිගාට අම්බානට නෙලන්න ගත්තලු.


දැන් පූස්ගම ටවුම මැද්දෙ දිගා මදි නොකියන්න ගුටි කනවා.මිනිස්සුත් බලාගෙන ඉන්නවා.අන්තිමට වුණේ පූසන්ටයි, එතන හිටපු පූසන්ගෙ යාලුවන්ටයි එකතු වෙලා රෝහණදීරව පැත්තකට අරගෙන දිගාව බේරගන්න වෙච්ච එක.මදෑ කොළා! අන්තිමට ගහගන්න ආපු මනුස්පයව බේරන්න වුණෙත් පූසන්ටමයි.වලිය ඉවරවෙන මොහොතෙම තමයි උපාසක අතිශය භයානක දර්ශනයක් දැකල තියෙන්නෙ.උපාසක කෑ ගැහුව පාර අනිත් අයත් ඒ පැත්ත බැලුවලු.


දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! මෙන්න කලු කුමාරි රා බීපු ඇතින්නක් වගේ පිඹගෙන එනව කට්ටිය හිටපු දිහාට.ඒක දැකපු පූස් සෙට් එකයි, රෝහණදීරයි ටිකක් පැත්තකට ගියාලු.දැන් වලිය ගිය තැන ඉතුරු වෙලා හිටියෙ මූණ රතු කරගත්තු දිගායි, මෑන්ස්ගෙ යාලුවො දෙන්නෙකුයි විතරයි.වහාම එතනට ගිය කලු කුමාරි දිගාව අඩගහගෙන වෙන පැත්තකට ගියාලු.දැන් පූසො හිටපු තැනට කලු කුමාරියි දිගායි මොනවද කරන්නෙ කියල පේන්නෙ නෑ.


කොහොම හරි ඉතිං බලාපොරොත්තු රහිතව වෙච්ච මේ වැඩෙන් පූසො ටික අම්බානට අප්සට් ගියාලු.විශේෂයෙන් ඤාව්වට.මොකද දැන් දිගා අසරණ වෙලා ඉන්න මොහොතෙ කලු කුමාරිගෙ අනුකම්පාව මෑන්ස්ට හම්බවෙන්න පුලුවන්.ඊට පස්සෙ අනුකම්පාව භූමිකම්පාවක් වුනොත් එහෙම ඤාව්වගෙ බලාපොරොත්තු කෙලින්ම චකබ්ලාස් වෙලා යනව නොවැ!දැන් කට්ටිය එබි එබී බලනවා කලු කුමාරි දිගා එක්ක කතා කරන්නෙ මොනවද කියලා.


ඉතිං ටික වෙලාවකින් කලු කුමාරි තනියම යන්න යනවා අපේ පූසො සෙට් එක දැක්කලු.වටින් ගොඩින් එබිකම් කරල බලද්දි මෙන්න දිගා ඉන්නවා අත් දෙකෙන් මූණ වහගෙන.බැලින්නං මෙන්න මේ යකා හොටු පෙරාගෙන අඩනවා.ඉතිං මෑන්ස්ට අඩ අඩා ඉන්න දීල පූසොයි යාලුවොයි ගියාලු පොඩි ප්ලේන්ටි පාරක් ගහන්න.


පස්සෙ තමයි හරියටම සිද්දිය ආරංචි වුණේ.ඒ වෙලාවෙ වෙන ක්ලාස් එකකට යන්න පූස්ගමට ඇවිත් හිටපු කලු කුමාරිට කවුද වලිය ගැන බ්‍රේකින් නිව්ස් එකක් දිලා.හැබැයි ආරංචිය දීල තියෙන්නෙ දිගා සෙට් එකක් අරන් ඇවිත් පූසන්ට නස්තාර් වෙන්න නෙලනවයි කියලා.ඉතිං කලු කුමාරිත් කරල තියෙන්නෙ ආපු ගමන් දිගාව පැත්තකට අරගෙන ගිහිං කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මෑන්ස්ට බැන්න එක.ඒ මදිවට මෑන්ස්ට කැමති නැහැ කියල මීට පස්සෙ කලු කුමාරිත් එක්ක වචනයක්වත් කතා කරන්නත් එපා කියලා.ඉතිං ගුටිකාපු දුකටත් වඩා කලු කුමාරිගෙන් බැනුම් අහපු දුකට තමයි දිගා අඩල තියෙන්නෙ.

කොහොම හරි ඉතිං පූසන්ගෙ වියදමෙන් ඔක්කොම යාලුවන්ට ප්ලේන්ටි අරන් දුන්නලු.මෙතනදි තමයි කතාවෙ හොදම සීන් එක සිද්ද වුණේ.

ප්ලේන්ටි බොන අතරෙ අපේ මාලුකට්ටා අත් දෙක හොදට උඩට දිග ඇරලා ඈනුමක් යැව්වලු.ඕක දැකපු රෝහණදීර හොදටම බය වුණාලු.මෑන්ස් කළේ පුරුපුරුට පැත්තකට අඩගහපු එක.


රෝහණදීර :- පුරුපුරු මල්ලි, කවුද බං මූ???


පුරුපුරු :- මේ අපේ මාලුකට්ටනෙ අයියෙ! ඇයි මොකද?


දැන් පුරුපුරුට හිතාගන්න බෑ රෝහණදීර වගේ ඩයල් එකක් ඇයි මාලුකට්ටව දැකල බය වෙන්නෙ කියලා.


රෝහණදීර :- ඇයි මල්ලි පොරගෙ ඉනේ පිස්තෝලයක් ගහගෙන ඉන්නෙ? අන්ඩර්වර්ල්ඩ් ඩයල් එකක්ද? මේ ඒරියා එකේ අපි දන්නෙත් නැතුව? දැක්කහමනං ෆුල් අහිංසක ශේප් එකක්‍ තියෙන්නෙ!!


රෝහණදීර ෆුල් අප්සෙට් ගහලා.පුරුපුරුටත් අබ්ලික් කෝටියයිලු මූ මේ මොනවද කියවන්නෙ කියලා.මාලුකට්ටා අන්ඩර්වර්ල්ඩ් තියා මීට කලින් ජීවිතේටවත් වලියක් තිබුන තැනකින් ගියෙවත් නැති පූසෙක්.


පුරුපුරු ගිහිල්ලා සීන් එක මොකද්ද කියල බැලුවලු.බැලින්නං රෝහණදීර කියල තියෙන්නෙ ඇත්ත.මෙන්න බොලේ මාලුකට්ටගෙ ඉනේ පිස්තෝලයක්.පොර ඈනුම් අරිද්දි ටී ෂර්ට් එක උඩට ඉස්සුනාම තමයි රෝහණදීර මේක දැකල තියෙන්නෙ.දැන් කට්ටියටම ෆුල් හොල්මන්.මොකද දන්නවද වෙලා තියෙන්නෙ?


ඒ දවස්වල තිබුන මතකයිනෙ ඔය ඇටබෝල තුවක්කු කියන ජාතිය.ඒ කියන්නෙ බුලට් විදිහට චූටි ප්ලාස්ටික් බෝල පාවිච්චි කරන්න තියෙන සෙල්ලම් පිස්තෝල.සමහර කොල්ලොනං ඒ දවස්වල ප්ලාස්ටික් බෝල වෙනුවට බයිසිකල් යකඩ බෝලත් ඔය පිස්තෝල වලට දාන්න පුරුදු වෙලා හිටියලු.ඔය සමහරක් ඇටබෝල තුවක්කු පෙනුමෙනුයි, සයිස් එකෙනුයි ඇත්තම පිස්තෝල වගේ.ඉතිං මාලුකට්ටා ළගත් තිබුනලු ඔය කියන ජාතියෙ ඇටබෝල තුවක්කුවක්.

පොර ඉතිං ජීවිතේට වලියක් දැකල නැතෙයි කියලා අපි කලින් කිව්වනෙ.ඉතිං ඉමර්ජන්සි කේස් එකක් වුණොත් පාවිච්චි කරන්න කියලා මාලුකට්ටා ඇටබෝල තුවක්කුවට බයිසිකල් බෝල ලෝඩ් කරගෙන ඉනේ ගහගෙන ඇවිල්ලා.මේක දැනගත්තු රෝහණදීරට බිබී හිටපු ප්ලේන්ටියත් ඉස්මෝල්ලෙ ගියා.පොර දැන් බඩ අල්ලගෙන හිනා වෙනවලු.අපේ පූසන්ගෙ මූණු ටික රතු වෙලා ගිහිං.මාලුකට්ටා ඇටබෝල තුවක්කුවත් නැතුව සවලක්වත් ගෙනත් තිබුනනං බිම හාරගෙනවත් යන්න තිබුන නොවැ! ඒත් දැන් ඉතිං මොනව කියල කරන්නද?

කොහොම හරි ඉතිං දීර්ඝ බයිටකට පස්සෙ කට්ටිය විසිරිලා ගියාලු.ඊට පස්සෙ කාලයක් යනකම්ම රෝහණදීරව මුණගැහුනොත් මෑන්ස් ඇහුවෙම මාලුකට්ටගෙ ඇටබෝල තුවක්කුව ගැන.


අන්තිමේදි වුණේ අසරණ දිගා ගුටිත් කාල කලු කුමාරිවත් නැති කරගත්ත එක.දැන් අපේ කියවන යාලුවො හිතයිද දන්නෙ නෑ ඤාව්වා කලු කුමාරිත් එක්ක යාලු වෙලා සියලු දෙනා සතුටින් විසිරිලා ගියා කියලා.එහෙම වුණේ නෑ.ඒ කියන්නෙ ඤාව්වට වැඩේ හරිගියෙත් නෑ.කලු කුමාරි ඒ ලෙවල් ඉවර වෙනකංම කොල්ලෙක් එක්ක යාලු වුණේ නැහැලු.හැබැයි පස්සෙ කාලෙකනං ඇස්.ඇස්.සී පිට්ටනිය අද්දර කොම්පියුටර් ආයතනෙට ගිහිං කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.ඊට පස්සෙ ළගකදිනං කලු කුමාරි ගැන ආරංචියක් ලැබුනෙ නෑ...


එහෙනං ඉතිං අපේ කලු කුමාරි සීරීස් එක මෙතනින් අහවරයි.කියවපු අපේ යාලුවො ඔක්කොටම ස්තුතියි


ප.ලි - දැන් රෝහණදීර වැඩ කරන්නෙ ප්‍රමුඛ පෙළේ දුරකථන සමාගමක කොළඹ බ්‍රාන්ච් එකක.පොර ඒ වුණාට ඉන්නෙම කොළොම්තොට කැම්පස් එක ඇතුලෙලු.කෑම කන්නෙ කැම්පස් කැන්ටිමෙන්.පාවිච්චි කරන්නෙත් කැම්පස් ජිම් එක.වැඩේ ලාබයි නොවැ!කොටින්ම පුරුපුරුට වඩා හොදට මෑන්ස් දැන් කැම්පස් ඩයල් අදුනනවා.


හැම ෆැකල්ටියකම කට්ටිය හිතන්නෙ මෑන්ස් වෙන ෆැකල්ටියක ඩයල් එකෙක් වෙන්න ඇති කියලා.කොහොමද රෝහණදීරගෙ ටිකිරි මොළේ?

41 comments:

  1. පුරුපුරු, නියම කතාව. ෆිල්ම් එකක් ගහන්න් වටිනව අම්මපා. ඔය කළු කුමාරි ගැන පොඩ්ඩක් තව විස්තර කෙරුවනං. මොන අවුරුද්දෙ විතරද එයා එස්.එස්.සී එක ගාව කම්පියුටර් මහ ගෙදරට ගියේ කියල එහෙම කාරිය.

    ReplyDelete
  2. Lassanata liyala Tiyenawaa,,,,Digatama Liyanna Magen Suba Pathum :c

    ReplyDelete
  3. මරේ මරු :b

    ReplyDelete
  4. පිස්සු කොර මචෝ.. හිනාවෙලා මගෙ බඩත් රිදෙනවා.. අරූට කොහෙන්ද දන්නෙ නෑ ඇටබෝල තුවක්කුවෙ අයිඩියා එක ආවෙ..

    ReplyDelete
  5. මරේ මරු කතාව.. හික් හික්.. මා ගාවත් තිබුන නෙව ඇටබෝල තුවක්කුවක්.. ඒක පට්ටම ආතල් වැඩේ.. ඉස්සර අපේ හිටියා ලොකු පස්සක් තියන කොල්ලෙක්.. පස්ස කිව්වට උගේ ඇඟම ලොකුයි. දන්නවනෙ ප්ලාස්ටික් බෝල වලින් ටාගට් ගන්න අමාරු වග. ඒත් ඌට තිව්වම කොහේ හරි වදිනවා.. හිතාගන්නකො සයිස් එක..

    ReplyDelete
  6. niyama kathawa... mama eeyemay me blog eka ahamben dekke., rae nidimaragena okkoma stories tika kiyewwa... aluth katha set 1k dana kan balan innawa.... good luck to u machan

    ReplyDelete
  7. මාලුකට්ටා ඒ දවස් වල ඉඳන්ම අත් දෙකෙන්ම වෙඩි තියන්න පුළුවන් පුද්ගලයෙක් ඒ කියන්නෙ ආ.. :q

    ReplyDelete
  8. හිනා වෙලා බඩත් රිදෙනවා... මරු වලිය :q :q :e

    ReplyDelete
  9. අර ඇටබෝල කේස් එක තමා පට්ටම කෑල්ල.....:b

    ReplyDelete
  10. කොහොමහරි රෝහණදීරගෙ පිහිටෙන් පූසො සෙට්එක ශිල්ප දක්වල තියෙන්නෙ.
    රෝහණදීර හිටියෙ නැත්තං මාලුකට්ටගෙ ඇටබෝල තුවක්කුවෙ පවර්එක බලාගන්න තිබුණ.

    ReplyDelete
  11. ඇත්තට ෆිල්ම් එකක් ගහන්න හරි මෙගා ටෙලි සීරිස් එකකට හරි ගන්න පුළුවන් කතා සෙට් එක. එල ආයෙ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  12. අපොයි මේ පූසො ටික අහල තිබ්බෙ නැතයි අර කතාව
    මොකක්ද එකක් හින්දා ගෙම්බෙක් වෙන්න එපා කියලා"
    :o
    කොහොම වුනත් ආතල් ස්ටෝරිය

    ReplyDelete
  13. අපො මේක කියවල වෙච්ච හදියක් වටේ පිටේ එවුන් බලනව ස්ක්‍රීන් එක දිහ අ බලන් බක බක ගාන්නෙ මොකද කියලා..........
    පට්ට...........:f

    ReplyDelete
  14. එල එල.... පූසන්ට ජයවේවා.....

    ReplyDelete
  15. @nish-- සේම් ටු මී...
    පූසෝ-- මටත් එහෙම්මය වුනෙ... තාම හිනා..

    ReplyDelete
  16. අපේ ඔෆිස් එකේ අයත් බලනවා මොකද මෙ මම screen එක බලාගෙන හිනා වෙන්නෙ ඇයි කියලා..........:ෆ්

    පට්ටම කතා සිරිස් එක මචං ඉදිරියටත් ඔහොම යං.......:m

    ReplyDelete
  17. පට්ටම පට්ට සීන් එක. ඔකොමත් හරි අර ඇට බෝල පිස්තෝලෙ සීන් එක... හික් හික් හික්.

    දැන් දිගා උබලත් එක්ක ෆිට් නැද්ද... සාමාන්‍යයෙන් වලියකට පස්සෙ අමබ්බනෙක ෆිට් වෙනව නොවැ.

    ReplyDelete
  18. මරේ මරු කතාව අයියේ. මේ වගේ කතා තව ඕනේ

    ReplyDelete
  19. හරිම මාංජවිකයි ............ :b :f :m

    ReplyDelete
  20. අඩේ මරේ මරු..
    අපිටත් තිබ්බා ඉස්සර ඇට බෝල තුවක්කු....
    කට්ටිය ඕවා සූක්ෂම විදියට ඉස්කෝලෙටත් ගෙනාවා ඒ කාලේ.....

    ReplyDelete
  21. @ දුමී - බොහොම ස්තුතියි සහෝ...2008/2009 කාලෙ තමයි ගියෙ :b:b:b

    @ Hansi - බොහොම ස්තුතියි සහෝදරී...:b:b:b

    @ Hasitha ජයසූරිය - බොහොම ස්තුතියි සහෝ:b:b:b

    @ Buratheno - බොහොම ස්තුතියි යාලු.හික් හික්!! උගෙන්ම තමයි අහන්න වෙන්නෙ :f:f:f

    @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ!!ඌනං පට්ටම සයිස් බුවෙක් වෙන්න ඇති.හික් හික්!! :q:q:q

    ReplyDelete
  22. @ sameera wijayawardane - බොහොම ස්තුතියි මචෝ! ඔය වගේ කතා ඇහෙද්දි හරිම සතුටක් තමයි හිතට දැනෙන්නෙ...:b:b:b

    @ ගයන්ත - අපොයි ඔව් බං! අහල බලපංකො...:q:q:q

    @ හසී - බොහොම ස්තුතියි සහෝදරී...:b:b:b

    @ හේමලයා - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    ReplyDelete
  23. @ Praසන්ன - බොහොම ස්තුතියි සහෝ!!හික් හික්!!අපිත් කල්පනා කළේ රෝහණදීර හිටියෙ නැත්තං මෑන්ස් මොනව කර ගනීද කියලා...:q:q:q

    @ priyantha - බොහොම ස්තුතියි සහෝ!!ෆිල්ම් එකට නම විදිහට මොකක් දැම්මොත් හොදද? :q:q:q

    @ AmilaArt - බොහොම ස්තුතියි සහෝ!! තරුණ කාලෙ නොවැ! ගනන් ගන්න එපා :f:f:f

    @ nish - හික් හික්!!බොහොම ස්තුතියි සහෝ!!බලාගෙන හැබැයි, පරිස්සමෙන්.:b:b:b

    ReplyDelete
  24. @ අභීත - බොහොම ස්තුතියි සහෝ...:b:b:b

    @ කුෂාන් - බොහොම ස්තුතියි සහෝ...හැබැයි පරිස්සමෙන්:f:f:f

    @ මම - බොහොම ස්තුතියි සහෝ! හපොයි, ලංකාවෙ ඔෆිස් වලින් පූසො හොයාගෙන එයිද දන්නෙ නෑ ගහන්න.කෝකටත් රෝහණදීරට කියල තියන්න ඕනෙ:j:j:j

    @ පිස්සා - බොහොම ස්තුතියි සහෝ! දිගාව දැන් වැඩිය මුණගැහෙන්නෙ නෑ අයියෙ.කොහොමත් අපි අතරෙ කිසිම තරහක්නං නෑ.:b:b:b

    ReplyDelete
  25. @ Ansh - :e:e:e

    @ Hasitha - බොහොම ස්තුතියි මලයො!මේ වගේ කතා තව තියනවා.ඉස්සරහට දෙන්නම්කො...:b:b:b

    @ Ashen - මගෙ මොකා???:b:b:b

    @ කැන්ඩි - බොහොම ස්තුතියි සහෝ! හික් හික්!! මාලුකට්ටත් ඒ දවස්වල මෑන්ස්ගෙ ඇටබෝල තුවක්කුව ඉස්කෝලෙ ගෙනිච්චා :b:b:b

    ReplyDelete
  26. මොනවා වුනත් මල්ලිලා එකක් තේරෙනවානේ. විදේශාධාර නැත්තං ඔයාලාට දුවනකං කන්නයි වෙන්නේ. ගම්පහ බාලක විද්‍යාලයට එහෙම මොකුත් කියනවා එහෙම නෙමෙයි ඕං. :a කියලා එහෙම මං නරක අක්කා කියන්නත් එපා ඕං. :m :f

    ReplyDelete
  27. @ RanDil - හික් හික්!! හා හා හොරේ දැනුනා දැනුනා.රන්දිල් අක්කගෙ හබියා ගම්පහ බාලක විද්‍යාලේ බවට අපි නිල වශයෙන් නිවේදනය කරමු.හබියට කතාව පෙන්නුවෙ නැතෙයි?:f:f:f

    ReplyDelete
  28. හපෝයි... හිනා හිනා හිනා!!!
    මම මේ කඩිමුඩියෙ අසයින්මන්ට් එකක් කරන ගමන් මේ පැත්තෙ ආවේ. වැඩ අධික වුණත් මේකට කොමෙන්ටුවක් නොදාන කී බෝර්ඩ් එක කොස් කොටන්නද කියල හිතුනා. මම නම් ඔය ඇට බෝල තුවක්කු දැකලම නෑ.. අර වතුර විදින ඒව නම් පාවිච්චි කරල තියෙනවා. මේ කතා කියවනකොට මට හරි ඉරිසියයි අප්පා.. අපිට වෙලා නෑනෙ මේ වගේ ජොලි වැඩ. කියවලවත් හිනා වෙනවා ඉතින්. තව ලියන්න පූසස්!

    ReplyDelete
  29. @ සොබනි - බොහොම ස්තුතියි සහෝදරී.අනිවා අපි ඉස්සරහට තව හොද හොද කතා ලියනවා.මේ බ්ලොග් එක පටන් ගත්තෙත් පුසන්ට පිස්සු වැඩ ගොඩක් වෙලා තියෙන හින්දා ඒවා බ්ලොග් යාලුවො එක්ක බෙදා ගන්නමයි.:b:b:b

    ReplyDelete
  30. අන්තිමට දිගාටයි ඤාව්වටයි දෙන්නටම කලු කුමාරිව සෙට් කරගන්ට බැරිවුනා එහෙනම් ඈ... බලන් ගියාම ****ක් හින්දා ගෙම්බෝ වුන එක තමා වෙලා තියෙන්නේ...
    මොනව වුනත් පට්ටම කතාව මචං... අර කිව්ව වගෙ චිත්‍රපටියකට ෂෝක් එකට තියෙයි... :B

    ReplyDelete
  31. ඔව් ඔව් මගේ හබියා සාඩම්බර ගම්පහ බාලකයෙක් තමා ඉතිං. මං හරි ආසයි ඔයාලාගේ කථා එයාට පෙන්වන්න. ඒත් මේ ඩොන්ගල් කනෙක්ෂන් එකෙන් ගෙදරදි ඔයාලාව පෙන්වන්න යද්දී අපෝ ලෝඩ් වෙන්නේ නැහැනේ මේ පේජ් එක. මට හිතෙන්නේ මේ ගල් ඉබ්බොයි ගල් මාළුයි නිසාද මන්දා.

    ReplyDelete
  32. @ පුතා - බොහොම ස්තුතියි පුතා.මේකනෙ බං, ඒ වයසෙ හැටියට අර උඹ කියපු දේ වෙන එක බොහොම ස්වභාවිකයි.ඒත් වයසින් වැඩුනට පස්සෙ එහෙම වෙන එකනං පූසො අනුමත කරන්නෙ නෑ :b:b:b

    @ සූස්ති ගුනේ - Thanks a lot bro!we just saved the best for the last :e:e:e

    @ RanDil - වෙන්න බෑ අක්කෙ.මොකද මමත් පාවිච්චි කරන්නෙ ඩොන්ගල් එකක්.තව පොඩ්ඩක් ට්‍රයි කරල හබීට මේක පෙන්නන්න.කවුද දන්නෙ එයත් පූස්ගමද කියලා?:b:b:b

    ReplyDelete
  33. එළ එළ.. :b
    ටික කාලෙකින් තමයි මිතුරු බ්ලොග් අඩ්වඉ පැත්තෙ ආවේ.. කොහෙද මුලු බ්ලොග් කෙරුවාවම එපා කෙරෙව්වනේ මේ ඇනෝලා. :h :h
    එළ කතාව මචන්.. :t :t

    ReplyDelete
  34. @ සිකා - තැන්ක්යූ වේවා මචෝ! ඕවා ගණන් ගන්න එපා බං.මිනිස්සුන්ටනෙ හැම දේම වෙන්නෙ.දිගටම බ්ලොග් ලියපන්...:b:b:b

    ReplyDelete
  35. අන්තිමට උඹටත් නෑ මටත් නෑ ...

    ReplyDelete
  36. හික් හික්!! ඒකනෙ බං...:s:s:s

    ReplyDelete
  37. පිස්සු තාරුJanuary 20, 2011 at 11:38 AM

    පිස්සු කෝටියයි .එල කතාව
    මේකෙන් කොච්චරක් ඇත්තද දන්නේ නෑ....
    අපිටත් තියෙනවා මේ වගෙ අත්දැකීම් කොහොම කියන්නද ඒවා ඉතින්

    ReplyDelete
  38. @පිස්සු තාරු- නම් ගම් සහ සුලු සිද්දීන් හැරුනු කොට මුලු කතාවම එහෙමම දාල තියෙනව යාලු..
    ඇයි කොහොම කියන්නද කියන්නෙ? ඒ ගැන ලියන්වනම් අපිත් ආසයි ඒව අහන්න, දැනගන්න..!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???