අඹ යාලුවෝ

Tuesday, August 10, 2010

කලු කුමාරි 2 - කවුද යකෝ පුරුපුරු??


ඔන්න මුලින්ම අපි සමාව ඉල්ලනවා කලු කුමාරි - 1 කොටස දාලා ගොඩක් කල් ගිහින් කලු කුමාරි - 2 කොටස පළ කරන්න සිද්ද වෙච්ච එක ගැන.ඉතිං කලු කුමාරි - 1 කියවල නැති යාලුවො මුලින්ම ගිහිං ඒක කියවල එන්නකො.එහෙම ගිහිං කියවන්න වෙලාවක් නැති යාලුවො වෙනුවෙන් අපි කලු කුමාරි - 1 කොටසෙ සිද්ද වෙච්ච දේ කෙටියෙන් කියන්නම්.

***********************************************************************************
කලු කුමාරි කියන්නෙ අපේ පූසන්ගෙම වයසෙ, හේනවිලේජ් කොලේජ් එකේ ඉගෙන ගත්තු ගෑනු ළමයෙක්.එයා පූසො ගිය විද්‍යාව පන්තියටත් ආවා.ඉතිං අපේ ඤාව්වගෙ රේඩාර් එකට කලු කුමාරිව අහුවුණා.ඊට පස්සෙ මෑන්ස්ට කලු කුමාරි එක්ක යාලු වෙන්න ඕනෙ වුණත් ඒකට අවශ්‍ය ගට්ස් තිබුනෙ නෑ‍.ඔය අතරෙ තමයි ආරංචි වුණේ දුෂ්ටයෙකුත් ඤාව්වට විරුද්ධව ගේමට බැහැලයි කියලා.

ඉතිං පූසො කට්ටිය තීරණය කළේ ඤාව්වා වහාම කලු කුමාරිගෙන් අහන්න ඕනෙ කියලා.ඒ වුණාට කලු කුමාරිගෙන් යාලු වෙන්න අහන්න ගිය ඤාව්වා ආපහු ආවෙ අහන්නෙ නැතුව.ඉතිං ඒ ගමන පුරුපුරුටයි උපාසකටයි වුණාලු ගිහිල්ලා කලු කුමාරිගෙන් ඤාව්වට කැමතිද කියල අහන්න.
උපාසක :- ඇයි කුමාරි, ඤාව්ව කොච්චර හොදද?එයාට අකමැති වෙන්න මොකද්ද එයාගෙ තියෙන අඩුව???

කලු කුමාරි :- (ආපසු හැරී) ඇත්තද?? එහෙනං එයාට තියෙන දේවල් එකක් කියමු බලන්ඩ??

පුරුපුරුටයි උපාසකටයි වුණේ එතනම ඌර්ධවපාතනය වෙන්න.ඤාව්වට තියන දේවල් කියන්න ගියානං ගුටිත් කාල තමයි එන්න වෙන්නෙ.
**********************************************************************************
ඉතිං ඔන්න ඔහොමයි වැඩේ සිද්ද වුණේ.දැන් අපි කලු කුමාරි - 2 කොටසට යමු.
අපේ පූසන්ට ආරංචි වුණානෙ කලු කුමාරිට දුෂ්ටයෙකුත් බැල්මට් එක දානවයි කියල.මේ දුෂ්ටයා තමයි ගම්පහ බාලක විද්‍යාලයේ හිටපු දිගා.මැන්ස් හිටියෙත් පූස්ගමට කිට්ටු ගමක් වෙච්ච කක්කිගම.ටිකක් මැර ඩයල් එකක් කියල තමයි ඒ දවස්වල ප්‍රසිද්ද වෙලා හිටියෙ.දැන් මේ කාලෙ වෙද්දි කලු කුමාරි ඤාව්වට බෑ කියල ඉවර වෙලත් සති දෙක තුනක් ගිහින් තිබුනා.හැබැයි අපේ ඤාව්වගෙ හිතේනං කලු කුමාරි ගැන තිබුන අදහස සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින් තිබුනෙ නැහැලු.
මේ අතරෙ තමයි දිගාට ආරංචි වෙලා තිබුනෙ ඤාව්වත් කලු කුමාරිට ට්‍රයි කියලා.ඒ මදිවට මෑන්ස් කලු කුමාරිගෙන් යාලු වෙන්න ඇහුව කියලත් දිගාට ආරංචි වෙලා.දන්නවනෙ ඉතිං, ඔය කාලෙට කොල්ලො වලි හොය හොයානෙ ඉන්නෙ.ඉතිං පූසොත් එක්ක වලියක් දාගන්න ඕනෙ කියල දිගාත් තීරණය කෙරුවලු.
එක දවසක් ඔන්න පූසො කට්ටිය අර බියර් බීපු ඉන්ග්ලිෂ් ලිට් ක්ලාස් එකේ ඉන්නකොට මෙහෙම සිද්දියක් වුණාලු.ක්ලාස් එකේ ඉන්ටර්වල් එක සාමාන්‍යයෙන් විනඩි දහයක් පහළවක් විතර දෙනවා.ඉතිං මේ ඉන්ටර්වල් එක වෙලාවෙ ගම්පහ බාලක විද්‍යාලයෙම ළමයෙක් වෙච්ච දුහුල් පූසො ළගට ආවලු.
දුහුල් :- ඤාව්වා, උඹ කලු කුමාරිට ට්‍රයි කියන්නෙ ඇත්තද?
ඤාව්වා :- ඔව්, ඇයි ?
දුහුල් :- උඹ ඒකිගෙන් යාලු වෙන්නත් ඇහුවලු නේද?
ඤාව්වා :- ඔව්, ඇයි ඉතිං? උඹත් ඒකිට ට්‍රයිද?
දුහුල් :- මම ට්‍රයි නැහැ.ඒ වුණාට අපේ දිගා ට්‍රයි.උඹ දන්නවනෙ දිගා ට්‍රයි කරන කෙල්ලට උඹ ට්‍රයි කරන්න ගියොත් වෙන්නෙ මොකද්ද කියල?ඒ හින්ද උඹ වැඩේ අතඇරල දාපං.දිගා තමයි මේ පණිවිඩේ කියන්න කිව්වෙ.ඊළග පාර උඹත් එක්ක මේ ගැන මෙහෙම හොදින් කතා කරන්නෙ නෑ කියලත් කියන්න කිව්වා.
දැන් දුහුලා පට්ට පොර ටෝක්ස් ටිකක් දීගෙන දීගෙන යනවා.ඤාව්වගෙ මූණත් කලු වෙලා.පුරුපුරු ඉතිං පූස්ගමට ආවෙ 7 වසරෙ අගදිනෙ.ඉතිං මෑන්ස් දිගා ගැනවත්, වෙන මැරයො ගැනවත් දන්නෙ නෑ.(එක මැරයෙක්ව විතරක් දැනගෙන හිටියා.ඒ ගැන පස්සෙ කියන්නංකො) ඒ වුණාට අපේ සිකාට වගේ මේ වගේ අවස්ථාවලදි ෆ්ලවර් ජම්ප් වෙන ගතියක් පුරුපුරුට තිබුනා.ඉතිං දැන් මෑන්ස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා.
පුරුපුරු :- මචං දුහුල්, උඹේ යාලුවත් ඤාව්වා වගේම කලු කුමාරිට තාම ට්‍රයි විතරයිනෙ.තවම ඒකිව දාගෙන නෑනෙ.ඉතිං ඌට අයිතියක් නෑ ඤාව්වට මේ විදිහට පණිවිඩ එවන්න.ඔන්න මිනිහා කලු කුමාරිව දාගෙන ඉවරයිනං කමක් නෑ.මුං දෙන්නම කලු කුමාරිට ට්‍රයි කරපුදෙන්.කලු කුමාරි තමන් කැමති කොල්ලා එක්ක යාලු වෙයිනෙ.
දුහුල් :- මේ පුරුපුරු, අපිට උගන්නන්න උඹ කවුද?උඹ වැරදි මිනිස්සුත් එක්ක හැප්පෙන්න හදන්නෙ.අපි ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො.මේ ගම්පහ දිස්ත්‍රික්කෙ අපිත් එක්ක ගේමට කවුරුත් නැහැ.උඹලට පව් කියල මෙහෙම කලින් වෝනින් එකක් දුන්නෙ.ඒත් ඒක පිළිගන්න බැරිනං අපි දන්නවා උඹලට කතා කරන්න ඕනෙ විදිහ.
ඒ පාරනං පුරුපුරුට පැන්නෙ අන්කොන්ට්‍රෝලබල් මලක්.දුහුල් කියන්නෙ එච්චර ලොකු ඇගක් තිබුන ඩයල් එකක් නෙවෙයි.ඒ වුනාට පුරුපුරු කියන්නෙ ඒ දවස්වල තමන්ගෙ වයසෙ අනිත් ළමයින්ට සාපේක්ෂව ලොකු ඇගක් තිබුන ළමයෙක්.ඉතිං දුහුල්ගෙ ටෝක්ස් වලට කේන්ති ගිය පුරුපුරු මෑන්ස්ගෙ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා තාප්පෙකට හේත්තු කරල මෙහෙම ටෝකක් දුන්නලු
පුරුපුරු :- අඩෝ මේ, උඹේ මහලොකු දිගාට කියපං අපි ඌ කියන දේවල් අහන්නෙ නෑ කියලා.මේ වැඩේ ඤාව්වා නවත්තන්නෙ කලු කුමාරි කිව්වොත් විතරයි.
මෙහෙම කියපු පුරුපුරු දුහුල්ව අතඇරියා.දුහුලුත් බය වෙච්ච පාර වචනයක්වත් කියන්නෙ නැතුව යන්න ගියා.අනිත් කට්ටියගෙ අදහස වුණේනං ගම්පහ බාලක විද්‍යාලෙත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා පුරුපුරු කරගත්තෙ මහ නස්පැත්තියක් කියලා.
කොහොම කොහොම ඒ සතියෙ අපේ පූසො ටික අර ඤාව්වා හීන දැකපු සමාජ අධ්‍යයනය පන්තියටත් ගියා.පන්ති ඉවර වුණේ මතක විදිහට හවස පහමාරට.ඉතින් එදා උපාසකත් පන්ති ආවෙ නෑ.දැන් පුරුපුරුයි, ඤාව්වයි, මාලු කට්ටයි පූස්ගම ටවුන් එක පැත්තට යනවලු.මේ අතරෙ ආපු දේවගම බස් එකකට ගොඩවෙච්ච මාලුකට්ටත් ගෙදර ගියාලු.ඉතුරු වුණේ පුරුපුරුයි ඤාව්වයි විතරයි.දැන් අපේ පූසො දෙන්නා පූස්ගම බස්ටෑන්ඩ් එකටම ගිහිං.එක පාරටම විසිපහක තිහක විතර සෙට් එකක් පූසො ඉන්න පැත්තට ආවලු.
මේ දවස් වෙද්දි අර වෙච්ච කතාබහ නිසා කොයි වෙලාවෙ හරි ගම්පහ බාලක විද්‍යාලෙන් ඇටෑක් එකක් එයි කියල තමයි අපේ පූසො බලාපොරොත්තුවෙන් හිටියෙ.ඒත් ඒක මෙච්චර ඉක්මනට සිද්ද වෙයි කියලා කවුරුත් හිතුවෙ නෑ.ඉතිං අර ආපු සෙට් එක අපේ පුරුපුරුවයි, ඤාව්වවයි වට කරගත්තලු.හිතපු විදිහටම ඇවිල්ල හිටියෙ පූස්ගම හිටපු ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො සෙට් එක.ඒත් දුහුල් පේන්න හිටියෙ නෑ.සෙට් එකේ මූලිකත්වය ගත්ත කොල්ලා ගොඩක් උස කෙනෙක් හින්දා ඒ හිටියෙ දිගා කියල හිතාගන්න පුරුපුරුට අමාරු වුණේ නෑලු.

"කවුද යකෝ පුරුපුරු කියන්නෙ??"

මෑන්ස් ගෝරනාඩු දුන්නා.එදා පොර ටෝක්ස් දුන්නට මොකද, දැන්නං පුරුපුරුටත් බය හිතිල තියෙන්නෙ.එසේ මෙසේ කෑමක් නෙවෙයි නොවැ සෙට් වෙලා තියෙන්නෙ.ඒත් බය පෙන්නුවොත් අමු චාටර් හින්දා මෑන්සුත් ඩයල් එක වගේ උත්තර දුන්නලු‍.
පුරුපුරු :-මම තමයි පුරුපුරු.
දිගා :- ආ.. ඇත්තද? මම උඹව හම්බවෙන්න තමයි හිටියෙ, කවුද මේ පූස්ගමට ඇවිල්ල ඉන්න අලුත් චන්ඩියා කියල බලන්න.උඹ දැනගනිං මට තමයි ගම්පහ බාලක විද්‍යාලෙ දිගා කියල කියන්නෙ.මට ගහන්න එකෙක් මේ පූස්ගම නෑ.
දැන් මේකා පුරුපුරට ගහන්නෙ නැතුව පොර ටෝක්ස් දෙනවා.එතන හිටපු කොල්ලන්ගෙන් දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම පුරුපුරුට වඩා පොඩි කොල්ලො.ඉතිං අර පූසාගෙ කරේ බෙල් එක එල්ලන්න කතා වෙච්ච මීයො ටික වගේ මේ අයත් බලාගෙන ඉන්නෙ මුලින්ම මීයෙක් ගිහිං බෙල් එක එල්ලනකං.කවුරුත් ඉස්සර වෙන්න බයයි.

අනිත් කාරනේ පුරුපුරු පූස්ගමම ජීවත් වෙච්ච කොල්ලෙක් වීම.පූස්ගමට ඇවිල්ලා පූස්ගම කොල්ලෙක්ට ගහල යන එක කොහොමත් නුවණට හුරු වැඩක් නෙවෙයි.ඉතිං දිගා ඊට පස්සෙ ඤාව්වටත් හොද තර්ජනයක් දැම්මලු කලු කුමාරි පස්සෙන් යන එක නවත්තන්න කියලා.ඒත් ඉතිං කට්ටිය සෙට් බැහැල ආවට පුරුපුරුවත්, ඤාව්වවත් ගුටි කෑවෙ නෑ නොවැ.ඉතිං ඒක ගම්පහ බාලක විද්‍යාලෙ නමට හොද නෑනෙ.ඉතිං යන්න කලින් පුරුපුරු ළගට ආපු දිගා අත දිග ඇරලා මෑන්ස්ට හොද කම්මුල් පාරවල් දෙකක් දුන්නලු

චටාස් !.....පටාස් !!

දිගා :- උඹට දැන් රිදුනා නේද? මීට පස්සෙ ඔය වගේ ටෝක්ස් දීල තිබුනොත් උඹට හොද වැඩක් කරනව මම.උඹ කුරුදුවත්තෙ කියල අපිට ලොකු නෑ දැනගනිං.

පුරුපුරුට පශ්චාත්භාගයෙන් හිනා යන්නත් ආවලු.ඇයි ඉතිං මැර සතියෙදි හොස්ටල් එකේ අයියලගෙන් කම්මුල පැලෙන්න කාපු පුරුපුරුට මේ කම්මුල් පාරවල් දෙකත් මහලොකු දෙයක්ද?වෙහෙර ගිලපු පූසාට අග්ගලා කජ්ජක් නෙවෙයිනෙ නේද? ඒ වුණාට පුස්ගම බස්ටෑන්ඩ් එක මැද්දෙ කාපු කම්මුල් පාරෙන් පුරුපුරුගෙ හිතනං සෑහෙන්න රිදුනා.පූස් අභිමානයට මරු පහරක් නොවැ!ඉතිං ලබන සතියෙම කොහොමහරි දිගාට ගේමක් දෙනව කියල අධිෂ්ටාන කරගත්තු පුරුපුරු ගෙදර ගියා.

අන්තිමට ඉතිං කලු කුමාරිට ට්‍රයි කළේ ඤාව්වා.හැබැයි ගුටි කෑවෙ පුරුපුරු.ඉතිං ඊළග ලිපියෙන් බලමුකො ඊට පස්සෙ අපේ පූසො ටික මොකද කළේ කියලා.....

21 comments:

  1. එළ එළ පුරු පුරු දීපන් අරූට මේරි ආච්චි මතක්වෙන්න .. . !

    ReplyDelete
  2. ඒ කාලෙ වලි ලෝකෙ ‍නේ.. ළගපාත වලියක් නැත්තං ඉංදියාවෙ පකිස්තානෙ හරි තියෙන වලියකට සෙට්වෙනවා..

    ReplyDelete
  3. අපෝ ඔය බඩු වලට ගහ ගැනිල්ලනම් මතක් කොරන්න එපා.....ලැජ්ජයි...අපිත් කොයි තරම් නොම් කොරලා තියෙනවද ඔය ගොං වැඩ....දැන් මතක්,වෙද්දිත් පශ්චාත් භාගයෙන් හිනා යනවා......:D

    ReplyDelete
  4. කමෝන් පුරුපුරු :t

    ReplyDelete
  5. පුරුපුරුත් අම්බානක කන්න වගේ හදන්නෙ. :n

    ReplyDelete
  6. ඒ උනාට ඒකතා වල ආතල් එක දැනේනනේ දැන් නේද. ඒකාලේ කොක්කක් දාගත්තම තනියම යන්නේත් බයේ ගැහිගැහී. අනුතිමට ටවුන් එකෙන් බස් එකට නගින එවුන් ඕවට සෙට් කරගන්නත් අමාරුයි. එත් ඒකාලේ අපිත් එක්ක කොක්කට හිටපු උන් දැන් අපිත් එක්ක ඉන්න හැටියට ඒ උන්දත් හිතන්න අමාරුයි. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවේන්නේ නෑ වගේ පලාත මාරු උනාට අපේ පැත්තෙ (නුවර)ත් ඔය වගේම තමා. හැමදාම අපේ සුන්දරම කාලෙට ගෙනයනවට මේ මල් මිට. :a

    ReplyDelete
  7. පුරු පුරු ඤාව්වා වෙනුවෙන් ඔච්චර කැපවීම් කරලත් ඤාව්වට බැරි වුනාද කලු කුමාරිව දාගන්ට.....

    ReplyDelete
  8. @ Hansi - :b:b:b

    @ Hero - අනේ ඉතිං අපේ ලිපි කියවන්න බැරි තරං ගොංනං ආයි මේ පැත්තෙ නාවට කාරි නෑ මහත්තයො :l:l:l:l:l

    @ දුමී - එළකිරි සහෝ! බලමුකො මොකද වෙන්නෙ කියලා...:b:b:b

    ReplyDelete
  9. @ Buratheno - අනිවා මචෝ! ඒකනං ඇත්ත :b:b:b

    @ හේමලයා - හික් හික්!! ඒ දවස්වල ඉතිං කාන්තා පාර්ශ්වය වෙනුවෙන් වලි වලට සහභාගි වුණේ නැත්තෙ කවුද ඉතිං??:q:q:q

    @ හසී - බොහොම ස්තුතියි නංගි :b:b:b

    ReplyDelete
  10. @ Praසන්ன - හික් හික්!! බලමුකො සහෝ මොකද වෙන්නෙ කියලා:b:b:b

    @ priyantha - ඒකනං ඇත්ත මචෝ.ඉස්සර අපි එක්ක වලි දාගත්තු ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො දැන්නං හම්බවුණාම හොදට කතා බහ කරල තමයි යන්නෙ.:b:b:b

    @ පුතා - ඒකනෙ පුතා!බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා :b:b:b

    ReplyDelete
  11. පවු පුරුපුරු මචං

    ReplyDelete
  12. හපොයි බඩු වලි. එහෙම කාලයක්. ඒ කාලෙ ඔය අපේ ගයානය නිසා වැටුන වලි. හපොයි.. තනියම ගාලු නොයන කාලයක් තිබ්බ නෙ හි හි.

    ReplyDelete
  13. @ ගයන්ත - ඊළග ලිපියෙන් බලමුකො සහෝ:b:b:b

    @ මම - ඒකනෙ!:s:s:s

    @ පිස්සා - හික් හික්!! එහෙනං ඒ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න යාලු!!!:f:f:f

    ReplyDelete
  14. ගෑනු හින්දා වලි දාගන්න එක නම් මහා ගොන් කමක් :h

    ReplyDelete
  15. අඩේ පුරුපුරු. අරූට හීන් නූලේ ගෙමක් සෙට් කරපන්...

    ReplyDelete
  16. @ කොඩී - ඒකනං ඇත්ත සහෝ! ඒ වුණාට ඉතිං තරුණ කාලෙ නොවැ!!:q:q:q

    @ කුෂාන් - හික් හික්!! බලමුකො සහෝ මොකද වෙන්නෙ කියලා...:b:b:b

    ReplyDelete
  17. මාරයිනේ......එහෙනම් පුරුපුරු ගුටිත් කෑවා....

    ReplyDelete
  18. අයියෝ.... මටත් ඉන්නව මම වෙනුවෙන් ගුටි කපු එකෙක්.
    ඒකත් උනේ ගම්පහ ම තමා.. :e

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???