අඹ යාලුවෝ

Friday, July 16, 2010

DREAMZ OF ඤාව්වා 2 - චාටර්මාලි


ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ අපේ ඤාව්වා නංගි කෙනෙක් ගැන හීන දැකපු හැටි.ඒ ලිපියෙදි කිව්වනෙ ඤාව්ව කියන්නෙ ඕනෙම පොඩි දෙයක් මහා බරපතල විදිහට හිතලා, සිරා නිගමන වලට එන පූසෙක් කියලා.ඔන්න අදත් අපි කියන්න යන්නෙ ඒ වගේම මෑන්ස්ට වුන වැඩක් ගැන.

මේ වැඩේ වුණේ අපේ පූසො සෙට් එක ඒ ලෙවල් කරන්න පටන් ගත්තු මුල් දවස්වල.පූසො හැමෝම ඒ ලෙවල් කළේ සයන්ස් විෂය ධාරාවෙන්.පුරුපුරුයි මාලුකට්ටයි කළේ බයෝ සයන්ස්.උපාසකයි ඤාව්වයි කළේ මැත්ස්.ඉතිං පූස්ගම හොද ඒ ලෙවල් විද්‍යා පන්ති නැති නිසා හැමෝම ගියෙ ගම්පහ පන්ති වලටලු.

ඔය වෙනකොට ඉස්කෝලවල ඒ ලෙවල් ක්ලාස් පටන් අරං තිබුනෙ නැති නිසා පන්ති තිබුනෙ සතියෙ දවස්වල උදේම.ඉතිං ගම්පහ උදේ හතහමාරට තියන පන්තියට පූස්ගමින් උදේ 6 ටවත් යන්න ඕනෙ.ගිහින් "නිමාකා" එකෙන් කෑම කාලා පන්තියට යද්දි කොහොමත් හතහමාරට කිට්ටු වෙනවලු.ඉතිං පුරුපුරුයි, මාලුකට්ටයි, ඤාව්වයි උදේම පූස්ගම බස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවලු.මගදි උපාසකත් බස් එකට නැගල කට්ටියම වෙලාවට පන්තිවලට යනවලු.(තවම ඉතිං මුල් දවස් නොවැ!)

කොහොම හරි ඉතිං සබ්ජෙක්ට් 3ට දවස් 3ක් උදේ පාන්දර එන්නත් එපැයි.ඔහොම ආවම බස්ටෑන්ඩ් එකේදි ඔක්කොම වගේ මුනගැහෙන්නෙ දන්න අදුනන මූණු.මොකද පූස්ගම ඉන්න පූසන්ගෙ වයසෙ සයන්ස් කරන ඔක්කොම ළමයි ඒ වෙලාවට බස්ටෑන්ඩ් එ‍කේලු ඉන්නෙ.කොහොමත් ඉතිං පූස්ගමට ළගම තියෙන ප්‍රධාන නගරෙ තමයි ගම්පහ.පූස්ගම ඉදල ගම්පහට බස් රූට් 3ක්ම තියෙනවලු.

ඔහොම ටික දවසක් ගියාට පස්සෙ මාලුකට්ටටයි, ඤාව්වටයි මීටර් වුනාලු මේ මූණු අතරෙ බොහොම සුන්දර නුපුරුදු මූණකුත් තියනවා කියල.බැලින්නං ලස්සන ගෑනු ළමයෙක්.හොයල බැලින්නං පූසන්ගෙම වයසෙ ළමයෙක්.බයෝ සයන්ස් කරන්නෙ.ඉන්නෙත් පූස්ගම කිට්ටුවම ගමකලු.ඉස්කෝලෙ යන්නෙත් ඒ පැත්තෙ තිබුනු "හේනවිලේජ්" කොලේජ් එකටලු.අර කලුකුමාරි ගිය ඉස්කෝලෙමයි.(පස්සෙ කාලෙක තමයි ආරංචි වුණේ කලුකුමාරිගෙ හොදම යාලුවෙක් කියල).ඉතිං වැදගත්ම දේ කියන්න බැරි වුනානෙ.මේ ගෑනු ළමයගෙ නම තමයි "චාටර්මාලි".

දැන් ඉතිං මේ ළමයගෙ බාරකාරත්වය සම්බන්දෙන් මාලුකට්ටයි ඤාව්වයි රන්ඩු වෙනවලු.මාලුකට්ට කියන්නෙ චාටර්මාලිව මුලින් දැක්කෙ මෑන්ස් කියල.හැබැයි ඤාව්ව කියන්නෙත් ඒ කතාවමයිලු.ඉතිං දෙන්නම පටන් ගත්තලු චාටර්මාලිගෙ හිත දිනාගැනීමේ මහා මානුෂීය මෙහෙයුම.

හැබැයි ඔය මෙහෙයුමේ වැඩි වාසි තිබුනෙ මාලුකට්ටටලු.මොකද චාටර්මාලියි මාලුකට්ටයි දෙන්නම ගියෙ ආචාර්ය උපුල්ගෙ බයෝ සයන්ස් ක්ලාස් එකටලු.ඉතිං ඤාව්ව නැති අතරෙ මාලුකට්ටට පොඩි චාන්ස් එකක් ලැබෙනවලු ක්ලාස් ඉවරවෙලා යන අතරෙ චාටර්මාලිත් එක්ක පොඩි ටෝකක් දාන්න.

ඤාව්වට ඔය චාන්ස් එක ලැබෙන්නෙ කේසර සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවර වුණාට පස්සෙ.හැබැයි ඉතිං එතකොටනං මෑන්ස් එක්ක කොම්පෙට්ෂන් එකට මාලුකට්ටත් ඉන්නවලු.මොකද මාලුකට්ටත් හෙනහුරා වගේ කෙමිස්ට්‍රි ක්ලාස් ගියෙ කේසර සර් ගාවටමයි.ඉතිං ටික දවසකින් මාලුකට්ටට වැඩේ හරියන තත්ත්වයක් උද්ගත වුණාලු.ඔය අතරෙ තමයි දවසක් මේ වැඩේ වුණේ.

එදා වැස්ස දවසක්.ඉතිං මාලුකට්ටට පුස්ගමට එන්න පරක්කු වෙලා.මාලුකට්ට ඉන්නෙ දේවගම හින්ද වෙනම බස් එකකින් උදේ පාන්දර පූස්ගමට එන්න ඕනෙලු.(දේවගම ගැන රසකතා වෙනම ලිපියකින් බලාපොරොත්තු වෙන්න).ඒ වෙද්දි චාටර්මාලිත් ගම්පහට යන්න පිටත් වෙලා.කොහොමහරි ඉතිං මෑන්ස් බස්ටැන්ඩ් එකට ආවම ඤාව්ව ඉස්සරහට එනවලු අප්සට් එකේ වගේ.

ඤාව්වා :- මචං, මට උඹට කියන්න වැදගත් දෙයක් තියනවා

මාලුකට්ටත් ඉතිං ඩිම් වෙලා ගියාලු.පරක්කු වෙලා ඉන්න අස්සෙ මොන ජරමරයක්ද දන්නෑනෙ.

මාලුකට්ටා :- ඇයි මචං, මොකද්ද කේස් එක?

ඤාව්වා :- මචං මට අද උදේ චාටර්මාලි හම්බවුණා.එයා මාත් එක්ක කතා කළා

මාලුකට්ටා :- ඉතිං??

ඤාව්වා :- මචං එයා උඹට කැමති නෑ වගේ.එයා මට තමයි කැමති.ඒත් උඹට අප්සට් වගේනං මම වැඩේ අල්ලල දාන්නං

මාලුකට්ටටත් ඉතිං මාසයක් දෙකක් තිස්සෙ හදපු හීන මාළිගා ඔක්කොම කැඩිල බිදිල ගියා වගේලු.මැන්ස් වෙව්ලන කටහඩෙන් මෙහෙම ඇහුවලු

මාලුකට්ටා :- ඇයි මචං? එයා උඹට කිව්වද උඹට කැමතියි කියල? මට අකමැතියි කියලත් කිව්වද?

ඤාව්වා :- එච්චර දෙයක්නං වුණේ නෑ බං! හැබැයි ඉතිං ඒ වගේ දෙයක් තමයි වුණේ.උඹ ඕව ගනන් ගන්න එපා

මාලුකට්ටා :-(ටිකක් සැරෙන්) ඉතිං කෙලින්ම කියපං මොකද වුණේ කියල

ඤාව්වා :- අද උදේ චාටර්මාලි බස්ටෑන්ඩ් එකට ආපු ගමන් මට තමයි good morning කිව්වෙ.මෙච්චර කොල්ලො බස්ටෑන්ඩ් එකේ ඉන්දැද්දි ඇයි එයා මටම එහෙම කිව්වෙ? ඒ එයා මට කැමති හින්ද..

ඤාව්වත් සීරියස්පිටම කිව්වලු.කොහොම හරි එදා ඤාව්ව ගම්පහ යන්න කලින් වෙච්ච සිද්දිය ගම්පහට ආරංචි වෙලා තිබුනලු.එදා ඉදල ටික දවසක් යනකං මෑන්ස්ට ගම්පහ නගරෙ ප්‍රසිද්ධ පාරක යන්න බැරි තත්ත්වයක්ලු තිබුනෙ.දකින දකින කොල්ල මැන්ස්ගෙන් මෙහෙම අහනවලු

"මචං මට අද කෙල්ලෙක් good morning කිව්වා.එයා මට කැමති ඇති නේද??"

ප.ලි - සිද්දියෙන් පසු නොබෝ කලෙකින්ම මාලුකට්ටා විසින් චාටර්මාලිව යාලු කරගන්නා ලදී

*************************************************************************************

44 comments:

  1. පව් බං....මදෑ කොලා මානුෂීය මෙහෙයුම්.....:b..

    ReplyDelete
  2. Good morning කල හදියක්...
    අනේද කියන්නේ...... :g

    ReplyDelete
  3. ඉතිං දැන් ඔය කෙල්ල කැමති වුණායෑ කාටහරි ??? :f

    ReplyDelete
  4. කේ. සිරි සර්ට අහුවුනා නම් මාළු කටු තමයි කන්න වෙන්නේ. :D

    ReplyDelete
  5. :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n

    ReplyDelete
  6. මදෑ good morning කියලා වුණු දෙයක් :)

    ReplyDelete
  7. පූසො සෙට් එක කිරිඳිවැල පැත්තෙද වාසය කරන්නෙ? :f

    ReplyDelete
  8. හත් ඉලව්වයි මටත් ගෑණු ලමයි කීප දෙනෙක්ම good morning කියනවනේ... :n

    ReplyDelete
  9. හික් හික් හික්.. පව් වැඩේ බං ඤාව්වා..

    උඹ දාන වචන ටිකනං මරු මචං.. පූස්ගම, හේනවිලේජ් හා හා හා.. මමත් ඉතිං ඔය පැතිවල කරක්ගහපු එකෙක් තමා කාලයක්.. ගම්පහ, ‍දෙල්ගොඩ, වැලිවේරිය නිකං ගෙදර වගේ තිබුනෙ.. හැබැයි උඹලාගෙ කාලෙට වඩා ටිකක් කලිං..

    ReplyDelete
  10. @ Shadow/හේමලයා - හික් හික්!! ත්‍රස්තවාදය මර්දනේ කොරන්ඩ පුලුවන් වු‍ණේ මාලුකට්ටට විතරයි නොවැ!!:f

    @ සිරකරුවා - ඒක තමයි සහෝ, එක වචනෙකින් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද නේද? :b:b:b

    @ හිඟන්නා - සිද්දියෙන් පසු නොබෝ කලෙකින්ම මාලුකට්ටා විසින් චාටර්මාලිව යාලු කරගන්නා ලදී :e

    @ හසී - :b:b:b

    ReplyDelete
  11. @ RanDil - හික් හික්!! කේසර සර්ට කට්ටිය මාට්ටු වීම ගැන පස්සෙ කාලෙක කියවන්න ලැබෙයි!!:q

    @ Anonymous - අනේ මන්ද බං!හික් හික්!!උඹ මේ ඉමෝ වලට මාර ආසයි වගේ!!:p:P

    @ Hasitha - ආ හසිත සහෝ, කාලෙකට පස්සෙ...
    හික් හික්!! ඒක නේනනං!!!:f:f

    @ Ansh Lucky Sri Jay - බොහොම ස්තුතියි සහෝදරී..:b:b:b

    ReplyDelete
  12. @ ගයන්ත - නැහැ යාලු! අපි පූස්ගම ඉන්නෙ..:k

    @ කොඩී - එල එල මචෝ! අපිටත් පාටියක් ඕනෙ! ආ...පාටි දෙක තුනක්ම ඕනෙ...:f:f:f

    @ Buratheno - හික් හික්!! බොහොම ස්තුතියි යාලු!:b

    "ගම්පහ, ‍දෙල්ගොඩ, වැලිවේරිය නිකං ගෙදර වගේ තිබුනෙ"

    ම්ම්....:r එහෙනං 228/1 පාරෙ ගිය කෙනෙක් වෙන්න ඕනෙ මම හිතන්නෙ

    ReplyDelete
  13. කදාව්වට (ලේසිම විදියට ලිව්වේ) ඇයි අනේ ඔයගොල්ලෝ කදාව් කදාව් ගාන්න දෙන්නැත්තේ........ :d :d
    පවුනේ අමාරුවෙන් චාටර්මලීගෙන් වචනයක් අහගෙන කදාව්ව හෙන හැපි එකේ ආවම පාටියක් වත් ඉල්ල ගන්න එපැයි.......... :m :m :m :m :q :q

    ReplyDelete
  14. :m ආයේ නම් කාටවත් Good morning! කියන්න හොඳ නෑ.

    ReplyDelete
  15. හප්පේ ඤාව්වට වුන දේ. Good Morning හින්ද

    ReplyDelete
  16. ඕක මාර තියරියෙනෙ. බලං ගියාම මේ කන්තෝරුවල ඉන්න කෙල්ලො බැඳපු අපිටත ඉන්න දෙන්නෙ නෑනෙ, මුංට මාර විසයක්නෙ තීන්නෙ.

    ReplyDelete
  17. අඩෙ මෙකා පූගොඩ ගැනනේ කියවන්නේ..
    දේවගම කිවුවෙ රංවලද..?

    ReplyDelete
  18. ඤාව්වට පවි බං :s :a

    ReplyDelete
  19. @ හා පැටික්කි - හික් හික්!! මීට පස්සෙවත් එහෙම කරන්න ඕනෙ.අසරණ ඤාව්වා.....:i:i

    @ Kreet - කාටවත් නොකියා ඉන්න එපා.ඔයා කැමති කට්ටියට Good Morning කියල කියන්න....:e:e

    @ Praසන්ன - ඒක නේන්නං යාලු! තව කතා තියනවා.ඒවා පස්සෙ දාන්නංකෝ!!:b:b

    ReplyDelete
  20. @ ඉන්දික උපශාන්ත - හික් හික්!!ඔය විසේකාර කෙල්ලන්ට අහුවෙන්නනං එපා මචෝ.චාටර්මාලි කියන්නෙත් ඔය උඹ කියන ජාතියෙ කෙල්ලෙක් තමයි!!:f:f:f

    @ මාරයා - මාරයත් ඒ පැත්තෙද?? කොහොම වුණත් අනුමානය ගොඩක් ළගට ආවා.තව ලිපියක් දෙකක් කියෙව්වම හරියටම දැනගන්න පුලුවන්.අපි කිව්වොත් ඉතිං අගයක් නෑ නොවැ!:b:b:b:b:b

    @ Anonymous - ඒක තමයි මචෝ! එත් ඉතිං මොනව කරන්නද?:s

    ReplyDelete
  21. හනේ උබ දැන්ද බන් කියන්නේ... ඒ දවස් වල කෙල්ලො අපිට ගුඩ් මෝර්නින් එක්යපු හැටියට උන් ඔක්කොම දා ගන්න තිබ්බ හික් හික් හික්

    ReplyDelete
  22. 228 පාරෙ ගියා විතරක් නෙවෙයි කොල්ලො මම වැලිවේරියෙ අවුරුදු 6-7ක් විතර හිටියා.. අපිනං ඒ දවස්වල ගම්පහ ක්ලාස් ගියාම කන්නෙ බාප්පගෙ කඩෙං, දැං ඒක තියෙනවද දන්නෙත් නෑ.. දෙල්ගොඩ නාමළුවත් අපේ වල ස්පොට් එකක් තමා..

    @මාරයා.. මටත් හිතිලා තියෙනවා මූ මේ කියන්නෙ දොම්පෙ පූගොඩ පැත්ත ගැන කියලා. මූ පූස්ගම පූස්ගම කියන්නෙ පාළුගමටද දන්නෙ නෑ.. :)

    ReplyDelete
  23. " පූස්ගම :k " :P

    ReplyDelete
  24. @ පිස්සා - අපරාදෙ මචෝ!! සිරා චාන්ස් එකක්නෙ මිස් කරගෙන තියෙන්නෙ.කමක් නෑ කමක් නෑ,තවම පරක්කු වැඩි නෑ...හික් හික්!!:q:q:q

    @ Buratheno - :r බාප්පගෙ කඩේ අපි යන කාලෙත් තිබුනා.දැනුත් තියනවා මම හිතන්නෙ.හැබැයි ෂුවර් නෑ...

    හික් හික්!! කිට්ටුවටම ආව මචෝ.ඒත් නූලෙන් මිස් වුණා.:b:b:b

    @ ගයන්ත - හික් හික්!!:p:p

    ReplyDelete
  25. පූගොඩ නෙවෙයි නං, ලුණුගම හරි,ගුරුගම හරි තමයි...

    ReplyDelete
  26. @ මාරයා - අනේ මචෝ! අපි කවුද කියල මාට්ටු වෙනවා ඔහොම ගියොත්.ඒක හින්ද අපි මේ ගැන කතා නොකර ඉමුද? :n:n:n

    ReplyDelete
  27. යකෝ.. මේක නෙව ඉස්සෙල්ලම දාන්න තිබ්බ කතාව.. ශික් .. මට කීදෙනක් නං ගුඩ් මෝනිං කියල ඇතිද... අයියෝ..

    ReplyDelete
  28. @ වැම්පයර් - හික් හික්!! පිස්සට කියපු දේම තමයි මචෝ කියන්න තියෙන්නෙ

    "අපරාදෙ මචෝ!! සිරා චාන්ස් එකක්නෙ මිස් කරගෙන තියෙන්නෙ.කමක් නෑ කමක් නෑ,තවම පරක්කු වැඩි නෑ...":b:b:b

    ReplyDelete
  29. මළා මට අදත් උදේම එද්දි කෙල්ලො 10 විතර Good Morning කිව්වා දැන් ඉතින් වැඩක් නෑ. අද මේක publish කල නිසා ආයෙ හෙට ඉඳන් ඕක වෙන නිධියකට කියයි. ෂිහ් කලින් දැනගෙන හිටියේ නෑනේ.

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. @ priyantha.ඒබී - ඕව ඔහොම තමයි යාලු.ඒත් පරක්කු වැඩි නෑ.හෙට ඔයාට මුලින්ම Good Morning කියන කෙල්ලට බැල්මට් එක දාන්න.වැඩේ හරියනවා, ඒකාන්තයි!!!:k:k:k

    @ ගයන්ත - හික් හික්!! එක්කෙනෙක්ව දැනගත්තනං ඉතිං අනිත් අයව හොයාගන්න එක මහ ‍කජ්ජක්යැ මචෝ.:rඔන්න කාටවත් කියන්න එපා හොදේ!!:t:t:t

    යාලුවට කියන්න එයාව ආදරයෙන් මතක් කළා කියලා.(කියන්න දෙයක් නෑ ඉතිං,එයත් ඉතිං මේක බලනවනෙ):g:g:g:g:g

    ReplyDelete
  33. ඔයාල නම් නියමයි. තවම මාලුකට්ට යාලුවෙලා ඉන්නෙ ඒ ගෑණුළමය එක්කද? හිකිස්... අනේ තව ලියන්න.:b

    ReplyDelete
  34. @ විහඟි - බොහොම ස්තුතියි සහෝදරී.

    අපෝ නෑ.ඊට පස්සෙ කීප දෙනෙක් එක්කම ‍යාලුවෙලා හිටියා!:i

    ReplyDelete
  35. ya ya.. මිනිහත් බලනවා.. නැත්නම් මම කොහොමද දැනගන්නෙ.. :D

    ReplyDelete
  36. පූස්ගම ඉදල ගම්පහට බස් රූට් 3ක්ම තියෙනවලු.ඒ කියන්නෙ මේ පූසා ටක්කෙටම කිරිදිවැල පූසෙක්.

    ReplyDelete
  37. පූස්ගම ඉදල ගම්පහට බස් රූට් 3ක්ම තියෙනවලු.ඒ කියන්නෙ මේ පූසා ටක්කෙටම කිරිදිවැල පූසෙක්

    ReplyDelete
  38. @ ගයන්ත - හික් හික්!!අපිටනං හිතෙන්නෙ ඒකෙ අනිත් පැත්ත වෙන්න ඇත්තෙ.:b:b

    @ tharanga - හික් හික්!!............................:a

    ReplyDelete
  39. බුදු පූස් මල්ලියේ, ගොඩ කාළෙකිං මේ පැත්තෙ එන්නත් බැරි වුනා නෙව. ඒ ටිකට කතා ගොඩක් දාලා. එළම කිරි. :D හිහ්...

    ඉබ්බගෙ යාළුවෙකුත් ඉන්නවා ඤාව්වා වගේ.දවසක් කෙල්ලෙක් ඇවිත් ඉඳගන්න පුටුවක් තිබ්බෙ නැති නිසා ඌ හිටපු තැන මේසෙකට හේත්තු වුනා.මෙන්න යකෝ මූ කියාපි ඒකි ඌට කැමතියි කියලා.හත්වලාමයි! ඤාව්වගේ නෑයෙක්ද දන්නෙ නෑ. :P හිහ්...

    ReplyDelete
  40. ආ...ඉබ්බයියෙ කාලෙකට පස්සෙ, මං ඒත් බැලුව මොකද මේ දවස්වල අවකාශෙ පැත්තෙ එන්නෙ නැත්තෙ ඇයි කියල? මොකද බිසීද? පවුල් ප්‍රශ්නද(කිරි ඉබ්බිගෙන් බරබරේද?):aඑහෙමත් නැත්තං බ්ලොග් කෙරුවාව එපා වුණාද?

    සමනල තටු ඉක්මනට පටන් ගන්න හොදේ! අපිට පාලුයි!!:b

    හික් හික්!! කියන්න බෑ,මෑන්ස්ගෙ නෑයො රට පුරාම ඉන්නවා:q:q

    ReplyDelete
  41. බස් රූට් 3 201,231,205 යි ද දන්නැහැ නේද අයියා?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???