අඹ යාලුවෝ

Thursday, July 22, 2010

"ලු"යන්න ගැන පූසන්ගෙන් + ඇනෝනිමස් කොමෙන්ටු දාන අසනීපකාරයා වෙත

අපේ බ්ලොග් එකේ නිතරම 'ලු' කියල පාවිච්චි කරන එක ගැන ජයන්ත සහෝදරයා මෙන්න මෙහෙම අදහසක් දක්වල තිබුනා


"හැම වාක්‍යයක්ම 'ලු' කියල ඉවර කරල තියෙන්නෙ මොකද? කියන දේ ගැන තමන්ටවත් විශ්වාසයක් නැති නිසාද? එහෙම නැත්නම් සිංහල භාෂාවේ අළුත් ව්‍යාකරණ රීතියක්ද? මොකද ගොඩක් බ්ලොග්වල ඔය ක්‍රමය අනුගමනය කරන බවක් පේන්න ති‍යෙනවා. කොහොම වුනත් ඕක හොඳ පුරුද්දක් නොවෙයි. ඒකෙන් කියන කතාවේ රසයට ව‍ගේම භාෂාවටත් වෙන්නේ ලොකු හානියක්."

ඉතිං ඒ සම්බන්ධයෙන් බ්ලොග් ගඩොල් පූසන්ගෙ උත්තරේ වුණේ මේකයි

"අදහස් දැක්වුවට ගොඩක් ස්තුතියි යාලුවෙ.මේ බ්ලොග් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ කියවන අයත් එක්ක අපේ අතීත අත්දැකීම් බෙදා හදා ගන්න එක.ඒ වගේම යම් යම් දේවල් ගැන තියෙන අපේ දැනුම බෙදා හදා ගන්න එකත් තවත් බලාපොරොත්තුවක්.ඒ වගේම ගොඩක් ලිපි වලින් පාඨකයන්ට යම්කිසි වින්දනයක් ලැබෙනවා කියලත් අපි දන්නවා.අපිට ඒක ලොකු සතුටක්...


භාෂාවෙ රසය ගැන කියනවනං අපි බ්ලොග් එක මේ ස්ටයිල් එකෙන් ලියන්නෙ අපේ කියවන යාලුවන්ට අලුත් අත්දැකීමක් ලබාදෙන අරමුණෙන්.අනිත් එක මේ ස්ටයිල් එක වර්තමානයට ගොඩක් සමීපයි කියල අපි හිතනවා.ඉතිං මෙහෙම ලියද්දි කතාව වැඩිපුර හිතට වදිනවා කියල තමයි පූසන්ටනං හිතෙන්නෙ.සමහර විට අපි වැරදි ඇති.එහෙමනං අපිට ඒ බව කියන්න.


කොහොම වුණත් ඔයා "කියන දේ ගැන අපේ විශ්වාසයක් නැති හින්ද" කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද කියන එකනං ටිකක් පැහැදිලි මදි.හිතන්න එපා අපි පාඨකයන්ට බොරු කියනවා කියල.මේ බ්ලොග් එකේ ලියල තියෙන හැම කතාවකම ඉස්කෝලවල, පුද්ගලයන්ගෙ සහ සමහර ගම්වල නම් ඇරෙන්න අනිත් ඔක්කොම දේවල් අපිට ඇත්තටම මුහුණ දෙන්න සිද්ද වෙච්ච ඒවා.ඔය "ලු"යන්න පාවිච්චි කරන්නෙ කියන දේ ගැන අපේ විශ්වාසයක් නැති හින්ද නෙවෙයි.ඔය සිද්දි අපිටම වෙච්ච ඒවා නිසාත්, අපි ඒවා විදපු නිසාත් කියන දේවල් ඇත්ත කියල අපිට හොදටම විශ්වාසයි.

ඇත්තටම "ලු"යන්න පාවිච්චි කරන්න හිතුවෙ ඒකෙන් කතාවෙ රසය වැඩි වෙනවා කියල අපිට හිතුන හින්දයි.ඒක නිසා "ලු"යන්න පාවිච්චි කරන එකෙන් කතාවෙ රසයට වෙන්නේ ලොකු හානියක් කියන අදහස සම්බන්දයෙන්නං බරපතලව හිතන්න සිද්ද වෙනවා.කොහොම වුණත් අඩුපාඩු පෙන්නල දෙන්නෙ හොද යාලුවො කියල දන්න නිසා අපි ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා"

ඊට පස්සෙ රන්දිල් අක්කා මෙහෙම කියල තිබුනා.


"මට හිතෙන්නේ මේ ලූ යොදලා තියෙන්නේ පුරු පුරු මල්ලී. එයා ලියන එව්වා කියෙව්වාම නිකම් ම හිතෙනවා මේ පුරු පුරු නාම ධාරියා ලියලා තියෙන්නේ කියලා. ඉතිං ලූ දැම්මාම ඒක මග හැරෙයි කියලා අවිහිංසක පැතුමක් වගෙයි. "


ඉතිං ඒ කතාව යම්කිසි දුරකට ඇත්ත.හැබැයි බ්ලොග් ගඩොල් ලියන්නෙ පුරුපුරු විතරක් නෙවෙයි.මෑන්ස් තරම්ම නැති වුණත් උපාසක සහ ඤාව්වත් මේ බ්ලොග් එකට ලිපි ලියල තියෙනවා.විශේෂයෙන් ඔය ලකීගෙ කතා එහෙම ලිව්වෙ උපාසක.මේ දවස්වල ඒ දෙන්නට ගොඩක් කාර්යබහුල නිසා ගොඩක් ලිපි ලියවෙන්නෙ පුරුපුරු අතින් තමයි.ඉතිං රන්දිල් අක්කා ෂර්ලොක් හෝම්ස්ගෙ නංගි කෙනෙක් වගේ මේක හොයාගැනීම ගැන අපේ උණුසුම් සුභපැතුම්! හික් හික්!!


**********************************************************************************
දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ අපි "ලු"යන්න පාවිච්චි කිරීම අඩු කරන්න ඕනෙද නැද්ද කියන එක.ඒ ගැන තීරණයක් ගන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ.ඉතිං මේ ප්‍රශ්නෙදි ඔයාලගෙ අදහස් තමයි අපිට වැදගත් වෙන්නෙ යාලුවනේ.ඉතිං අපි මේ ගැන මත විමසුමක් දැම්මා.බ්ලොග් එකේ දකුණු පැත්තෙ තියෙන අපේ මත විමසුමට සහභාගි වෙලා ඔයාලගෙ ඡන්දෙ දාල "ලු"යන්න පාවිච්චි කිරීම ගැන අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා.


අපේ කලින් මත විමසුමේ ප්‍රතිඵල වලට අනුව බැලුවම බහුතරයක් අය (52%) තමන්ගෙ ජීවිතේ වැඩිම ෆන් අරගෙන තියෙන්නෙ උසස් පෙළ කාලෙ.ඊට පස්සෙ ඕ ලෙවල් කාලෙ.ඊටත් පස්සෙ තමයි කැම්පස් කාලෙ.ඉතින් කැම්පස් කාලෙ තමයි පට්ටම ෆන් කාලෙ කියල තියෙන මතය නිකම්ම බොරු වෙනව නේද?ඇත්තටම මේ මත විමසුම තිබ්බෙත් මේක චෙක් කරලා බලන්න තමයි.


එහෙනං ඉතිං පූසන්ට අන්නාසි වත්තෙදි මොකද වුණේ කියල ඊළග ලිපියෙන් බලමුකො නේද?


**********************************************************************************
ප.ලි - ඇනෝනිමස් කොමෙන්ටු දාන අසනීපකාරයා වෙත



ඔයා කවුද කියල අපි දන්නවා.හැබෑ නමින් අපේ බ්ලොග් එකේ ගොඩක් අදහස් දක්වපු, ඒ වගේම සිංහල බ්ලොග් අවකාශයෙ පැරණි සාමාජිකයෙක් වෙන ඔයා මෙහෙම පහත් තත්ත්වෙකට වැටීම ගොඩක් කණගාටුදායකයි.ඔයාට ඇවිත් තියෙන ආරංචි වැරදි ඒවා.අපිට ඒ බව ඔප්පු කරන්න පුලුවන්.ප්‍රශ්නයක් තියෙනවනං ඒක කතාකරලා බේරගනිමු නේද?


ඒක නිසා ඇනෝනිමස් විදිහට අදහස් දැක්වීමෙන් ඔබතුමා වැලකිලා ඉන්න.දැනට කොමෙන්ට් මොඩරේෂන් නොදා ඉන්නෙ අදහස් දක්වන්න හැමෝටම ඇති අයිතියට ගරු කරලා.ඉතිං දැලි පිහිය හම්බවුණු වදුරාගෙ තත්ත්ව‍යට වැටෙන්න එපා කියල බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.

බැරිමනං ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහ මාරාන්තික උපවාසයක් පටන් ගන්න එකයි තියෙන්නෙ පූසන්ට විරුද්ධ.හික් හික්!!

46 comments:

  1. මං දන්න විදිහට ( මනෝවිද්‍යානුකූලව ) දෙයක් දැනෙන්න කියන්න හොඳම ක්‍රමය ලිඛිත වහරට වඩා කට වහර. එතන්දී හොඳ සමීපත්වයක් දැනෙනවා. මං නම් මේ බ්ලොගය ආසාවෙන් කියවන් එකක්. ඒ වගේම මැරෙන්න හිනා යන සිද්ධිත් සෑහෙන පෝස්ට් ගොඩක් තියනවා.
    බ්ලොග් ගඩොල් මලයාට.
    ඔයාගේ බ්ලොග් එකේ ස්ටයිල් එකට කැමති සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ මේ බ්ලොගය ලියන ස්ටයිල් එකට. ඒක මේ බ්ලොගයට ආවේණිකයි. තමන්ට හොඳයි කියලා හිතෙනවා නම්, බහුතරයක් කැමති නම්, ආයේ මොකටද මලයෝ දෙපාරක් හිතන්න යන්නේ. ?

    ReplyDelete
  2. ඤාව් ඤාව් ==>A.k.a (පුරුදු විදිහටම ලියන්නලු).

    ඔය කොමෙන්ට් එක දකිනකම්ම මටනම් ලුයනු තිබ්බා කියලා තේරුණේවත් නැතිලු.ආසාවෙන් කතන්දර ටික කියෙවුවා විතරලු. මමනම් එන්නෙ කතන්දර කියවන්න විතරලු. ව්‍යාකරණ ඉගන ගන්න නෙවෙයිලු.

    ReplyDelete
  3. කවුද අප්පා ඔය "ලු" යනු ගනන් ගන්නේ....හිතට දැනෙන දේ ලියන්න මොන ව්‍යාකරණ සීමාවන්ද.....මිනිසා විසින් නිමවන සීමවන් මත අපේ සිතුවිලි සීමා කරන්නේ කුමටද.....බිඳ හෙලන්න සම්මතයේ වැට කඩොළු.......ජය.....:)..

    ReplyDelete
  4. Awesome work guys. Just saw this blog and spent good 2-3 hours reading entire blog.
    Keep it up...
    FLOREAT!!

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. වැප් තමයි කමෙන් දාන්නේ

    ReplyDelete
  7. හිතවත් මිත්‍රවරුන් වෙත,
    කටවහරේදී 'ලු' යන්න භාවිතා කරන්නේ, කිසියම් අවිනිශ්චිත යමක් (බොහෝ විට වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් යමක්) විස්තර කිරීමේදී බව ඔබ නොදන්නවා ඇතැයි නොසිතමි. ඔබේ සටහන් වලින් විස්තර කරන්නේ ඔබ ලැබූ අත්දැකීම් නිසා, සෑම වැකියක් අගටම 'ලු' යෙදීමෙන් එහි කිසියම් නොගැලපෙන ගතියක් ඇති බව කීමටයි මට අවශ්‍ය වූයේ, ඒ ඔබේ බ්ලොගයට නිතිපතා පැමිණෙන පාඨකයෙකු වශයෙන්. කෙසේ වෙතත්, රසවත් භාෂා ශෛලියක් භාවිතා කරන අතරේම, ව්‍යාකරණ රීතීන් පිළිපැදීමටද උත්සාහ කරන්නේ නම්, තවත් අගෙයි. (ව්‍යාකරණ රීති, සම්මතයන් ගොඩනගා ඇත්තේ කිසියම් භාෂාවක් අයාලේ යාම වළක්වා ගනු පිණිසයි.)

    @Shadow/හේමලයා ,
    ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම උදෙසා නීති-රීති, සිරිත්-විරිත්, සම්මතයන් අවශ්‍ය වේ. රටකට පොලීසිය, හමුදාව, අධිකරණය, බන්ධනාගාර අවශ්‍ය වන්නේ, 'සම්මතයන්' 'සීමාවන්' බිඳ හෙලීමට මාන බලමින් සිටින ඔබ වැනි පුද්ගලයන්ගෙන් සමාජය ආරක්ෂා කරගනු පිණිසය!

    ReplyDelete
  8. අමුතුවෙන්, බලහත්කාරයෙන් ලු යන්න අතින් දාන්න එපා.

    කතාව කියාගෙන යන කොට ලු යන්න ආවොත් ඒක වෙනස් කරන්නත් එපා.

    ඔය ලු යන්න එනනේ තුන්වැනි පාර්ශවයකින් අසා දැනගත් කතාවක් නැවත කියන කොටයි. මං නිකං හිතල බැලුවහම මගේ කතන්දරවල ලුයන්ණ යෙදෙන්නෙම නෑ වගේ.

    කකා

    ReplyDelete
  9. කාලිංගයා මගේ අඩවිය අයින් කලේ සයිට් කුනුහරැප කොමෙන්ට් දාලා පැය 12 යන්න කලින් එක ඔය ලගදි ලියන්න අව යක්කු දන්න නැ.
    පස්සේ වැප් අපිට කියලා කලිංගයට බන්නලා සිංඩියේන් අයින් කලා. උන් බය උනා මාත් උන් වගේ joomala වලින් සිංඩියක් හැදුවොත් කියලා එක නිසා චතුරංග යව දාලා Anonymous කුනුහරැප දැම්මුවා මාව අසු වෙන්න. ලගදි දැක්කනේ චතුරංගයා උෘම Anonymous කොමෙන්ට් දාලා ඇද ගෙන නාගත්ත අපුරැව නෝන්ඩි වෙලාම ගියා.

    ඔය කවුරැ මොනවා කිව්වත් කාලිංග නව නිති හදන වෙලාවේ Anonymous අසභ්‍ය කොමෙන්ට් දාන සයිට් ඉවත් කරනවා වෙනුවට Blogspot site වල Anonymous කොමෙන්ට් දාන ක්‍රමය වහ ගන්න ඕනේ හෝ මොඩිරේට් කරන්න ඕනේ නැත්තම් එහෙම අඩවි ඉවත් කරනවා කියලා හැදුවම් අපි වැදගත් විදියට බ්ලොග් ලියනවනේ

    ReplyDelete
  10. දේශපාලන බ්ලොග් කරැවාJuly 22, 2010 at 7:58 PM

    මේකෙනේ ඔය නිති කාලිංගයා ඔක්කොම ගෙනාවේ වැප්ට සිංඩිය දාගන්නනේ

    ReplyDelete
  11. කසූ කිව්වත් වගේ අමුතුවෙන් "ලු" දාන්න ට්‍රයි කරන්න එපා. ඒ වගේම එක එක අසහනකාරයෝ ඉන්නවා මේ බ්ලොග් අවකාසේ. ඕවා ගණන් ගන්න එපා අයියා.
    ජය වේවා !!! :e

    ReplyDelete
  12. ආ.. "ලු"යන්න දාලා ලියන සිස්ටම් එක එළ ලු.. :D

    ---
    හැබෑ නමින් අපේ බ්ලොග් එකේ ගොඩක් අදහස් දක්වපු, ඒ වගේම සිංහල බ්ලොග් අවකාශයෙ පැරණි සාමාජිකයෙක් වෙන අයගෙන් මගේ මරණය නෙමෙයි නම්, ගම්පහ ස්ටේෂන් එක ඉස්සරහ උපවාස කරන්න වෙන්නෙ මට තමයි.. :o

    ReplyDelete
  13. මම හැමදාම මේකෙ කතා කියවනවාලු. ලියන කෙනාට හොදයි ‍කියල හිතෙනවනන් අනිත් අයට පාන්ලු :b :D

    ReplyDelete
  14. @ ජයන්ත
    මම කතා කලේ නිර්මණකරණය ගැන මිස රටේ යහ පාලනය ගැන හෝ නීති රීති ගැන නොවේ.....:)

    ReplyDelete
  15. හා ගයන්තයත් ඉන්නේ තව අඩු ඉතින් ඉන්ද්‍රනාමයයි ශකුන්තයයි විතරයි මුන් තුන්දෙනා කගේ හරි සයිට් ඇවිල්ලා මොනවා හරි ඔපා දුපයක් ලියන එක තමා වැඩේ

    ReplyDelete
  16. @ හෙළයා
    @ Chanaka
    @ හේමලයා - බොහොම ස්තුතියි යාලුවනේ.ඔයාලගෙ අදහස් වලින් තමයි අපිට බ්ලොග් ලියන්න ඕනෙ ධෛර්යය ලැබෙන්නෙ.ඔයාලගෙ වචන වලින් කියන්න බැරි තරම් සතුටක් හිතට දැනෙනවා.අපේ වැඩ වලින් තවත් කෙනෙක් සතුටු වෙනවනං අපිට තියෙන සතුටත් ඒකමයි!!:t:t:t

    @ Grey - nice to hear such encouraging words from you buddy! thanks a lot !!Which batch do you belong to?
    FLOREAT:b:b

    ReplyDelete
  17. @ ජයන්ත - අදහස් සහ යෝජනා වලට බොහොම ස්තුතියි යාලු.:b

    "රසවත් භාෂා ශෛලියක් භාවිතා කරන අතරේම, ව්‍යාකරණ රීතීන් පිළිපැදීමටද උත්සාහ කරන්නේ නම්, තවත් අගෙයි."

    අමාරු වැඩක්.ඒත් උත්සාහ කරන්නං:j:j

    @ කකා - ගොඩක් ස්තුතියි කකා.ඔයාගෙ අදහස ඉතාම හොදයි.ගොඩක් වටිනවා.ඒ වගේම සුපුරුදු පරිදි බ්ලොග් ලිවීමට ආපහු එන්ටර් වේවා කියල ප්‍රාර්ථනා කරනවා:o:o:o

    @ දේශපාලන බ්ලොග් කරැවා & Anonymous - මචං, කරුණාකරලා මේ බ්ලොග් එක, එක එක මිනිස්සුන්ට මඩ ගහන්න පාවිච්චි කරන්න එපා.ඒ අයත් එක්ක තියෙන ප්‍රශ්න විසදන්න පුලුවන් තැනක් නෙවෙයි මේක :h:h:h

    ReplyDelete
  18. @ Hasitha - "ලු"යන්න ගැනයි අසහනකාරයො ගැනයි කියපු දේවල් ඔක්කොම පිළිගන්නව මල්ලි! අපි ඕවට සැලෙන්නෙ නෑ.ඒත් මේ කරදරේ නවත්තගන්න ඕනෙ වුණා.තැන්ක්යූ වේවා!!:b:b:b

    @ ගයන්ත - බොහොම ස්තුතියි යාලු.හිතුවෙ නෑ ආපහු මේ පැත්තෙ ගොඩවදියි කියලා.:t:t

    සමහරවිට බ්ලොග් අවකාශෙ සාමාජිකයෙක් කියපු එක මට වෙච්ච වැරදීමක් වෙන්න ඇති.හැබැයි ගම්පහ ඩයල් එකක් කියල ටක්කෙටම දන්නවා.:r

    @ Pavithra - උඹටත් ගොඩක් ස්තුතියිලු මචං:b:b:b:b:b

    ReplyDelete
  19. @ Anonymous

    ඔව් ඔබතුමාල බොහෝම ඈත කාලෙක ඉඳලනේ බ්ලොග් ලියන්නේ.අපි නොදන්නවයැයි ඒක

    ReplyDelete
  20. @ බ්ලොග් ගඩොල්

    මම ආසාවෙන් ම කියවන බ්ලොග් එකක් මේක.ලියන ‍ශෛලිය හරිම රසවත්.ජයවේවා කිව්වා.

    ReplyDelete
  21. මම නම් ඔය නීති රීති දන්නෙ නැහ බන්... උබ ලියන විදියට මම කැමතියි. මම නම් මේක කියවන්නෙ මේ බ්ලොග් එකේ තියෙන කතා වල තියෙන හිනා යන ගතියට... ස්කෝලෙ කාලෙ මතක් වෙන විදියට. ලු යන අවුලක් නැහ මට නම්...

    උබ ඉයපන් දිගටම.


    ඔය නම් ගම් නැතිව කුනුහරුප දාන උන් ඉතින් කියල මොකටද බන්.

    ReplyDelete
  22. මම නම් ඔය නීති රීති දන්නෙ නැහ බන්... උබ ලියන විදියට මම කැමතියි. මම නම් මේක කියවන්නෙ මේ බ්ලොග් එකේ තියෙන කතා වල තියෙන හිනා යන ගතියට... ස්කෝලෙ කාලෙ මතක් වෙන විදියට. ලු යන අවුලක් නැහ මට නම්...

    උබ ඉයපන් දිගටම.


    ඔය නම් ගම් නැතිව කුනුහරුප දාන උන් ඉතින් කියල මොකටද බන්.

    ReplyDelete
  23. අපේ කලාකවයෙත් නෝටිස් දාන්නේ ඔය "ලු" කියල නෝටිස් බෝඩ් එකේ නමත් ලු. එකෙත් දාන්නෙ හොඳටම දන්න දේවල්. ගියපු ට්‍රිප් ගැන එහෙම. බලන් ගියාම එකෙත් කලාවක් තියනවා. ගොඩක් වටින්නේ කතාවේ රසය හා හරය. ඒක දිගටම උසස් ලෙස පවත්වා ගන්න එක වැදගත් කියලයි මම හිතන්නේ. ඉදිරිපත් කිරය විධිය තමන්ට ආවේණික වන තරමට කියවන අයට මේක කොහෙ තිබුනත් කාගේ ලිපියක්ද කයල මතක් වෙනවා. මම එහෙම කියන්නේ මේ ලඟදි ඉඳන් බ්ලොග් රැසක්ම කොපි කරල දාල කරන බ්ලොග් එකක් දැකල. දිගටම ඔහොම යන්. පූසන්ගේ කතා "පූස් ස්ටයිල්" එකෙන්ම ලියන්න

    ReplyDelete
  24. මමත් කැමතියි ඔයාලා ලියන ස්ටයිල් එකට.. දිගටම ලියන්න ඔයාලට ජය!

    ReplyDelete
  25. මග ඇරිච්ච ලිපි ගොඩක් තිබිලා ඔන්න ඒ සේරම කියෙව්වා. පහුගිය දවස් වල වැඩිය බ්ලොග් අතරේ දුවපනින්න උනේ නෑ.
    මටත් ඔය "ලූ" දාන එකනම් එතරම් ගැටලුවක් නෙවෙයි. කොහොමත් මේ බ්ලොග් එක ව්‍යකර්නානුකූලව ලියවෙන එකක් නෙවෙයිනෙ. අපි මේකට එන්නේ ව්‍යාකරන ඉගෙන ගන්නත් නෙවෙයි. උඹලා ලියන කතා කියවද්දි හිතේ තියෙන ආතතිය ටිකක් අඩු වෙලා සැහැල්ලුවක් දැනෙන නිසයි එන්නේ. අනික මේ වගේ ආතල් කතා ව්‍යාකරන ගලපල ක්ලියනන් ගියාම අමුම අමු බයිලයක් වෙනවා. ඒකනිසා උඹල ඔය ලියන ක්‍රමේ එල. අමුතුවෙන් හිතලා වෙනස් කරනන් ඔනෙ නෑ. මේ බ්ලොග් කියවන්න මේ තරම් පිරිසක් එන්නේ උඹල මේ ලියන ඒව රසවත් නිසානේ. එක නිසා දිගටම ලියන් පලයන්. උඹලට ජය පතනවා.

    ReplyDelete
  26. @ජයන්ත
    සම්මතය අසම්මතය යනු ඉබේ බිහි වූවක් නොව මිනිසුන් විසින්ම සාදාගන්නා ලද රාමුවකි. සමහර සම්මතයන් සමාජයේ පැවැත්මට ඉවහල් වන්නා සේම සමහර සම්මතයන් සමාජයේ පරිහානියට හේතු වේ. සම්මතයන් ගැනම විශ්වාසය තබගෙන සිටිනවාට වඩා තමන්ගේ හෘද සාක්ශිය විශ්වාස කරන්නේනම් මැනවි. මන්ද යත් සෑම සම්මතයක්ම නිවැරදිම ඒවායැයි අපිට කිව නොහැකි හෙයිනි. එක් කරුණක් පැහැදිලව මතකයේ රඳවාගත යුතුය. එදා අසම්මතයක් වූ බොහෝ දේ අද අපි සම්මතයක් ලෙස හිස් මුදුනෙන් පිලිගන්නට පෙලඹී ඇත. එමෙන්ම අද අසම්මතය හෙට දින සම්මතයක් විය හැක.

    ReplyDelete
  27. ඔය එක එකා පිස්සු නැටුවට ඒව ගණන් ගන්න එපා. ඔන්න ඔහෙ ලියන විදියට දිගටම ලියාගෙන යන එකයි තියෙන්නෙ. අපි ඉන්නවන කියවන්න. ලංකාවෙ ඔක්කොම සම්මතේට වෙනවනං මොකද?

    ReplyDelete
  28. @ තීර්ථ යාත්‍රිකයා
    @ හසී
    @ පිස්සා

    බොහොම ස්තුතියි යාලුවනේ.ඔයාලා අපිට ලොකු ශක්තියක්!අපිත් එක්ක හැමදාම ඉන්න
    :b:b:b:b:b

    ReplyDelete
  29. @ priyantha.ඒබී
    @ අනුරාධ
    @ Praසන්ன

    කියන්න වචන නෑ යාලුවනේ.හරිම සතුටුයි.දැන් ඉතිං බ්ලොග් ලියන්න බැරියැ රම්පෙට පොරි හැලෙන්න.....
    :b:b:b:b:b

    ReplyDelete
  30. කමොන් අය්යලා :t :b දිගටම ලියන්න ලු......:e

    ReplyDelete
  31. මචං තරහා වෙන්න එපා මෙහෙම කිවුවට මම වැඩිය මේ බ්ලොග් එක කියවල නම් නැ..
    ඒත් උඹේ ​ශෛලියට උඹ ලියපන්.. තමන්ට ආවේනික ශෛලියක් තියෙනවනම් ඒක ගොඩක් වටිනව.. ඒක තමන්ගෙ අනන්‍යතාවය නේ..

    උදා - මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් එයාගේ කතා වලට ඇකාරය [ඇදය] යොදනවා නේ ගොඩාක් වචන වලට.. ඒක එයාගෙ ශෛලිය.. මමත් ඒ ශෛලියට ආසා නිසා සමහර තැන් වල එහෙම ලියනවා..

    අසනීපකාරයො ගැන නම් හිතන්න එපා.. ඵල ඇති රුකටලු නේ ගල් ගහන්නේ.. හික්ස්..

    උඹට ජය..
    -සෝරෝ

    ReplyDelete
  32. ආන්න හරි Anonymous උනාට කව්ද කියලා තෙරෙනවා නේද??? :t

    ලු කෑල්ල එළ.. :o දිගටම එහෙම ලියන්න ලු.... උඹ ඉතින් ඉස්සර ඉදන් කතා ලියන්න ආසයි නේ... :p

    ගලක් දෙකක් ගහලා ගෙඩියක් දෙකක් කඩාගන කෑවට අපි ගහට වස විස දාන්නෙ නෑ ලු... :a

    FYI : Look 4wd to meet u.. (only u) cz every story hs 2 sides... :g

    ReplyDelete
  33. #
    ඇයි මම ආයෙ එන්නෙ නෑ කියල කිවුවද? :s

    ReplyDelete
  34. @ Anonymous
    @ සෝරෝ

    බොහොම ස්තුතියි මචංස්ලා.ඔයාලගෙ වචන අපිට ලොකු ධෛර්යයක්.එළකිරි...:b:b:b:b:b


    @ Anonymous - හික් හික්!!උඹ කවුද කියල අදුනන්න බැරිනං මම මේ බ්ලොග් එක ලියන එකෙන් කිසිම තේරුමක් නෑ නොවැ!:q:q

    බොහොම ස්තුතියි වැඩේ අගය කළාට.මගෙ කතා ලිවිල්ල ගැන උඹ ඉතිං හොදට දන්නවනෙ.ඇයි උඹ ගැනත් වෙනම කතාවක් ලියල විදුසර පත්තරේටත් යැව්වෙ.තව කතා ගොඩක් තියෙනව ඉස්සරහට දාන්න.

    ඇත්තටම උඹට මොනව කියන්නද කියල මට හිතාගන්න අමාරුයි.ටයිප් කරනවා,ආපහු මකනවා....:j

    :rසරලවම කිව්වොත් මිනිස්සු අතර ප්‍රශ්න ඇතිවෙලා, ඒ ගැන කතා නොකර හිටියම ඒවා කොච්චර දුරදිග යනවද?

    I'm free after 28th.Inform me when you are available.

    @ ගයන්ත - Anonymous උඹට එහෙම කියයි කියල තමයි හිතුවෙ.මෑන්ස්ව හම්බවෙන්න යනකොට උඹත් වරෙන්.අදුනගන්නත් බැරියැ...:c

    ReplyDelete
  35. ඈදපන් මචන් පුරුපුරු ඔහොම යමන්.... :D ඔය එක එකා කියන එව ගනන් ගන්න එපා කොල්ලො... පට්ට බ්ලොග් එක... ඔය ගොන් කතා කියන්නෙ අපි උම්බල වගේ ඔය කාලේ එකට අතල් ගන්න බරි වෙච්ච් උන්.... හි හි.. මාව ඉතින් උම්බ දන්නවනෙ.. ඔය දෙල්ගොඩ පෑත්තේ හිටියෙ.. අර "මචන්" හිටපු class එකට ආවෙ.. හි හි..:b

    ReplyDelete
  36. හික් හික්... හොද දේ හොදයි කියනවා... :o කටවත් එපා කිව්වේ නෑ... කියවන්න කියල ලින්ක් එකනම් දුන්නා... :e
    ප්‍රශ්න තියෙන්නෙ අපි අතරෙ නෙ.. අනිත් අය ගාවගන්න එපා.. :r
    මම 7 වෙනිදයින් පස්සේ දවසක උඹව මීට් වෙන්නම්.

    ReplyDelete
  37. @ Tzoner - හික් හික්!! අනේ බං, මට උඹව මතක නෑ කියලද හිතුවෙ? අපි ඒ දවස්වල කොච්චර ෆන් එකේද හිටියෙ? බොහොම ස්තුතියි මචෝ...දිගටම මේ පැත්තෙ වරෙන්.:b:b:b:b:b

    ඒක නෙවෙයි,මම පුරුපුරු කියල කාටවත් කියන්න එපා හොදේ!!

    ReplyDelete
  38. මේ මේ.. මම නෑ ඔවුවට ඕං.. :a

    ReplyDelete
  39. පූසන්ගෙ බ්ලොග් එක ලියන්න ඕනෙ පූසන්ට ඕන විදියට. කැමති එකා කියවයි. අකමැති එකා නොකියවා යයි.

    ඒත් ඉතින් වැඩි පාඨක පිරිසක් රඳවා ගන්න ඕනෙනම් කතාවෙ හැම වැකියක් ගානෙම ලු දාන්න එපා. එතකොට ටිකක් බෝරිං කියලයි මට හිතෙන්නේ. අවශ්‍ය තැනදි දාන්නත් මැලි වෙන්න එපා.

    ලු ගැන ඇරෙන්න අනික් දේවල්නම් නියමයි. මම ආසම බ්ලොග් එකක් නෙවෙයි... ආසම බ්ලොග් එක මේකයි. (දෙවෙනියට ඉබ්බෙක්ට සමනළ තටු ඇවිත්)

    -AD

    ReplyDelete
  40. @ AD - බොහොම ස්තුතියි යාලුවා.අහන්නත් සතුටුයි.ඔයා කියන දේ හරි.අපි දැනටමත් තීරණයකට ඇවිත් ඉන්නෙ ඒ විදියට ලියන්න.

    :b:b:b:b:b

    ReplyDelete
  41. බුදු පූස් මල්ලියේ, මොකෑ බොල මේ කළබැගෑනිය? අඩේ අප්පා, ජයන්ත මහත්තෙයා කියපු අදහස කවුද බොලේ දඩ මීමා කොරගෙන පූසංගෙ වලිගෙං අදින්නෙ?

    මෙහෙමනෙ මලේ, අපේ තාත්තට හැටේදි පහළ වෙන ඥානෙ අපේ අක්කට හතලිහේදි තේරෙන්නෙ නෑ.අපේ අක්කට හතලිහේදි පහළවෙන ඥානෙ මට තිහේදි තේරෙන්නෙ නෑ.මට තිහේදි පහළ වෙන ඥානෙ අපේ අල්ලපු ගෙදර රං හදවත මලයට දහ අටේදි තේරෙන්නෙ නෑ.සමහරු භාෂාව දේවත්වයෙන් සළකනවා, සමහරුන්ට එය අදහස් ප්‍රකාශ කරන මෙවලමක් ඉතරයි.සමහරුන්ට භාෂාවෙං ඇති වැඩක්ම නෑ.කිසිම විශේෂ සැළකිල්ලක් නෑ.එකේක වයස් වලදි අපි එකේක දේවල් දකින විදිය වෙනස්නෙ.

    ඔය පොඩි කාළෙ ගෙදර අයට යටවෙලා ඉඳලා කැම්පස් ගිහිං නිර්ධන පන්තිය වෙනුවෙන් කෑ ගහලා, රස්සාවට ගිහිං නොම්මර එකේ ධනපතියෝ වෙලා මුහුකුරා යනකොට යක්කු වගේ ඒකාධිපතියො වෙන එවුන් ඕනෙ තරං ඉන්නෙ.ලෝක සොභාවෙ තමා.බස් අජිත්ගෙ සින්දු තියනවා, මිල්ටන් මහත්තයගෙ, ජෝතිපාල මහත්තයගෙ සින්දු තියනවා, අමරදේව මහත්මයගෙ, වික්ටර් රත්නායක මහත්මයගෙ සින්දු තියනවා වගේ ඒ ඒ ඒවා කැමති කැමති අය අහපුදෙං.උඹ උඹට හිතෙන විදියට ලියපං.අපි කියෝනවනෙ.

    මම හිතන්නෙ ජයන්ත මහත්තයා අවංකව වෙන්ට ඕනෑ අදහස කිවුවේ.ඒ එයා දකින හැටි.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන ඔය අනික් උදවිය දන්නවා ඇතිනෙ.ඉතිං අපි පතමු ඒ උදවිය මේ කතා ඒ ගොල්ලන්ට නොගැළපේ කියලා මේ ගැන කෑ ගහලා ඒ අයගේ වටිනා කාලය විනාස කරගන්න ගොං බානක් නොවේවා කියලා.උඹ ලා ලියනවා, අපි කියෝලා සතුටු වෙනවා.එච්චරයි.ඕනෙම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.මධ්‍යම ප්‍රතිපදාව තමා කොහොමටත් ඇඟට ගුණ.

    ප. ලි. ඔය සිංගර් කියලා පුංචි ළමයින්ට හෙම පොත් ලියපු හොඳ මහත්තයෙක්ගේ ලිපියක් මම කියෝලා තියනවා.එතුමා වැඩියම කැමති පුංචී බට්ටො බට්ටියන්ට පොත් ලියන්නළු.හේතුව උං ඉතරළු හරියට එක හුස්මට ආසාවෙං කතා පොතක් කියවන්නෙ.අනික් මහ එවුං කතා කියෝනවා නෙවේ ඒවෑ ඇද කුද හොයනවළු(සැළකිය යුතු පිරිසක්).උං කතා කියෝනවා නෙවේ විචාර කරන්න හිතාගෙන පොත් බලනවළු(හැබැයි ජයන්ත මහත්තය වගේ සාධාරණ ගුණ දොස් තියෙන්න ඕනෙ කියලා ඉබ්බා හිතනවා. ඒකට අපි එකඟ නොවෙන්න පුළුවන්.අපි හැමෝගෙම මතයන්ට තැනක් එපෑ.ඒකනෙ අපි ඔක්කොම මේ සයිබර් ලෝකෙට කිට්ටු වෙලා ඉන්නෙ).ඒක නිසා සිංගර් මහත්තයා පොත් ලියන්න කැමති චූටි බට්ටො බට්ටියන්ටළු.මේ ඉන්ටර්වීව් එකත් සයිබර් අවකාශෙ කොහේ හරි ඇති.පුළුවන්නම් හොයාගෙන කියවන්න. පූස් රොත්තට ජය වේවා! පූසො අපිට අපි පූසංට http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr7KqSP0jI/AAAAAAAAAgw/ESEejBlOol0/saamgeadaviya.blogspot%20%2836%29.gif

    ReplyDelete
  42. [1]
    බුදු පූස් මල්ලියේ, මොකෑ බොල මේ කළබැගෑනිය? අඩේ අප්පා, ජයන්ත මහත්තෙයා කියපු අදහස කවුද බොලේ දඩ මීමා කොරගෙන පූසංගෙ වලිගෙං අදින්නෙ?

    මෙහෙමනෙ මලේ, අපේ තාත්තට හැටේදි පහළ වෙන ඥානෙ අපේ අක්කට හතලිහේදි තේරෙන්නෙ නෑ.අපේ අක්කට හතලිහේදි පහළවෙන ඥානෙ මට තිහේදි තේරෙන්නෙ නෑ.මට තිහේදි පහළ වෙන ඥානෙ අපේ අල්ලපු ගෙදර රං හදවත මලයට දහ අටේදි තේරෙන්නෙ නෑ.සමහරු භාෂාව දේවත්වයෙන් සළකනවා, සමහරුන්ට එය අදහස් ප්‍රකාශ කරන මෙවලමක් ඉතරයි.සමහරුන්ට භාෂාවෙං ඇති වැඩක්ම නෑ.කිසිම විශේෂ සැළකිල්ලක් නෑ.එකේක වයස් වලදි අපි එකේක දේවල් දකින විදිය වෙනස්නෙ.

    ඔය පොඩි කාළෙ ගෙදර අයට යටවෙලා ඉඳලා කැම්පස් ගිහිං නිර්ධන පන්තිය වෙනුවෙන් කෑ ගහලා, රස්සාවට ගිහිං නොම්මර එකේ ධනපතියෝ වෙලා මුහුකුරා යනකොට යක්කු වගේ ඒකාධිපතියො වෙන එවුන් ඕනෙ තරං ඉන්නෙ.ලෝක සොභාවෙ තමා.බස් අජිත්ගෙ සින්දු තියනවා, මිල්ටන් මහත්තයගෙ, ජෝතිපාල මහත්තයගෙ සින්දු තියනවා, අමරදේව මහත්මයගෙ, වික්ටර් රත්නායක මහත්මයගෙ සින්දු තියනවා වගේ ඒ ඒ ඒවා කැමති කැමති අය අහපුදෙං.උඹ උඹට හිතෙන විදියට ලියපං.අපි කියෝනවනෙ.

    මම හිතන්නෙ ජයන්ත මහත්තයා අවංකව වෙන්ට ඕනෑ අදහස කිවුවේ.ඒ එයා දකින හැටි.කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන කියමන ඔය අනික් උදවිය දන්නවා ඇතිනෙ.ඉතිං අපි පතමු ඒ උදවිය මේ කතා ඒ ගොල්ලන්ට නොගැළපේ කියලා මේ ගැන කෑ ගහලා ඒ අයගේ වටිනා කාලය විනාස කරගන්න ගොං බානක් නොවේවා කියලා.උඹ ලා ලියනවා, අපි කියෝලා සතුටු වෙනවා.එච්චරයි.ඕනෙම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.මධ්‍යම ප්‍රතිපදාව තමා කොහොමටත් ඇඟට ගුණ.

    ReplyDelete
  43. [2]
    ප. ලි. ඔය සිංගර් කියලා පුංචි ළමයින්ට හෙම පොත් ලියපු හොඳ මහත්තයෙක්ගේ ලිපියක් මම කියෝලා තියනවා.එතුමා වැඩියම කැමති පුංචී බට්ටො බට්ටියන්ට පොත් ලියන්නළු.හේතුව උං ඉතරළු හරියට එක හුස්මට ආසාවෙං කතා පොතක් කියවන්නෙ.අනික් මහ එවුං කතා කියෝනවා නෙවේ ඒවෑ ඇද කුද හොයනවළු(සැළකිය යුතු පිරිසක්).උං කතා කියෝනවා නෙවේ විචාර කරන්න හිතාගෙන පොත් බලනවළු(හැබැයි ජයන්ත මහත්තය වගේ සාධාරණ ගුණ දොස් තියෙන්න ඕනෙ කියලා ඉබ්බා හිතනවා. ඒකට අපි එකඟ නොවෙන්න පුළුවන්.අපි හැමෝගෙම මතයන්ට තැනක් එපෑ.ඒකනෙ අපි ඔක්කොම මේ සයිබර් ලෝකෙට කිට්ටු වෙලා ඉන්නෙ).ඒක නිසා සිංගර් මහත්තයා පොත් ලියන්න කැමති චූටි බට්ටො බට්ටියන්ටළු.මේ ඉන්ටර්වීව් එකත් සයිබර් අවකාශෙ කොහේ හරි ඇති.පුළුවන්නම් හොයාගෙන කියවන්න. පූස් රොත්තට ජය වේවා!

    පූසො අපිට අපි පූසංට :)

    ReplyDelete
  44. හික් හික්!! බොහොම ස්තුතියි ඉබ්බයියෙ!මරු අයිඩියා ටික...දැන් ඉතිං කවද්ද ආපහු සමනල තටු එන්නෙ??ඔන්න ආවෙ නැත්තං අපි මාරාන්තික උපවාසයක් කරනව හොදේ!!

    ReplyDelete
  45. ඕං පුතා බ්ලොග් ගඩෝල් අදින්ට ගොඩවුනේ අම්බානක වලියක් ගහගන්න වෙලාවකලු.... පුතාට හිතුනේනම් එහෙමලු... එහෙමමද දන්නෙත් නැතිලු.. ඕං.... කවුරු කොහොම කීවත් පුසෝ දිගටම ලියන්නේ ලූ දාලමලු.. හැබැයි පුතාට කියන්ට තියෙන්නෙත් auto එන ලූ දැම්මට අවුලක් වෙන්නෙ නැතිවෙයිලූ.. හැබැයි බලෙන්ම ලූ දාන්ට ගියොත් නම් කක්කි කක්කි වගෙලූ... පුතාට ලූ ගැන දැමිල්ල ගැන හිතෙන්නේ ඔහොමලූ... මේවා කිව්වා කියලා පූසන්ට තරහ ගන්ට කාරියක් නැතිනැතිලූ...

    ReplyDelete
  46. බොහොම ස්තුතියි පුතා.හික් හික්!! පූසො කවද්ද තරහ ගත්තෙ ඤාව් ඤාව් ගගා හිටිය මිසක්?(කිසිම අවුලක් නෑ):b

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???