අඹ යාලුවෝ

Saturday, December 11, 2010

හොස්ටල් ලයිෆ් - අන්තිම දවස (The Last Day) - 2

ඉතිං යාලුවනේ එදා අපි කිව්වනෙ හොස්ටල් එකේ ගතකරන අන්තිම දවස නිමිත්තෙන් අපේ යාලුවො අනුමත වෙන්න සෙට් වෙච්ච හැටියි, ඊට පස්සෙ මාලුකට්ටා බොන්න ගෙනාපු ෂැන්ඩි ටික ඉවර කරපු හැටියි ගැන.ඔන්න බලපු නැති යාලුවන්ට පුලුවන් මෙතනින් ගිහින් ටක්ගාලා බලලා එන්න.

ඉතිං ඊටපස්සෙ ඉතුරු බීම ටික ඔක්කොම බොන්න වුණේ පුරුපුරු, පොන්ටින් සහ සලා ඇතුලු කීප දෙනෙක්ටලු.දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක එකතු වෙලා ඇති පදමට අනුමත වෙනවා.හැබැයි ඉතිං කට්ටිය තවම පොඩි කොල්ලො නිසා අනුමත වෙලා එච්චර පලපුරුද්දක් නෑ.ඉතිං ඉතුරු බෝතල් දෙකහමාරෙන්, එකහමාරක් විතර ඉවර වෙද්දි එතන හිටපු එක කොල්ලෙක්වත් කෙලින්, හොද සිහියෙන් යන්න පුලුවන් මට්ටමක හිටියෙ නෑලු.

දැන් මාර කේස් එක.බෝතලයක්ම ඉතුරුයි.හැබැයි එතන ඉන්න කොල්ලන්ට බොන්න කෝප්පෙ අල්ලගන්නත් බැරි තරමට වෙරි.ඒ මදිවට බයිට් පැකට් එකත් බිම හැලිලා.ඉතිං අමාරුවෙන් තව උගුරක් දෙකක් බිව්ව අපේ යාලුවො සෙට් එක බොන එක නැවැත්තුවෙ, ඉතුරු මීවිත ටික කුස්සියෙ උයන කට්ටියටවත් දෙන්න ඕනෙයි කියලා.

හැබැයි ඉතිං බීම නැවැත්තුවට මොකද, එක්කෙනෙක්ටවත් ආපහු ඩෝම් එකට යාගන්න බැහැ.හැමෝම යන්න නැගිටිනවා, ආපහු ඉන්න තැනම ඇදගෙන වැටෙනවා.ඉතිං අපේ කට්ටිය වෙරි ටිකක් හිදෙනකං පැයක් විතර හදපානෙ ක්‍රිකට් නෙට්ස් ඇතුලෙ ඇලවෙලා හිටියලු.ඒ තමන් හොස්ටල් ඉන්න දවස්වල කරපු එක එක වීරක්‍රියා ගැන කතා කර කර.ඒ වැඩ ඉතිං ආයි කවදා කරන්නද?

ඔහොම ටිකක් වෙලා යනකොට ඉතිං යන්තං නැගිටගන්න පුලුවන් වෙන තරමට කට්ටියගෙ වෙරි හිදුනලු.දැන් ඉතිං අපේ පොන්ටින්ට ඕනෙ මොකක් හරි පිස්සුවක් නටන්න.මෑන්ස් කළේ මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දුව දුවා පිනුම් ගහන්න පටන් ගත්තු එක.දැන් අනිත් කොල්ලන්ට වෙරි නිසා මෑන්ස් පස්සෙ දුවන්නත් බෑ.හැබැයි පොන්ටින්ව කොහොමහරි නවත්තගන්නත් ඕනෙ.මොකද නැත්තං මෑන්ස් කරන පිස්සු වැඩ වල හැටියට මේ දිවිල්ල කොහෙන් නතර වෙයිද දන්නෑ.

හොද වෙලාවට පොන්ටින් දිව්වේ කොටියා සර්ගෙ ගේ දිහාවට නෙවෙයි, රීඩ් මහත්තයාගෙ පාරට යාබදව තිබුන තාප්පෙ පැත්තට.ඒත් අපේ යාලුවන්ගෙ ඇස් උඩගියේ පොන්ටින් තාප්පෙ දිගේ උඩට බඩගානවා දැක්කාමලු.බැලින්නං මෑන්ස් බැරි බැරි ගාතෙ ට්‍රයි කරන්නෙ තාප්පෙන් එහා පැත්තට පනින්නලු.මේක දැක්ක අපේ යාලුවො සෙට් එක විගහට දුවගෙන ගියාලු පොන්ටින් පනින එක නවත්තන්න.ඒත් කට්ටිය තාප්පෙ ළගට යනකොටත් මෑන්ස් එහා පැත්තට පැනලා ඉවරයි.

මට වෙරි නැතෝ!...මට වෙරි නැතෝ!!..............

පොන්ටින් කෑ ගහනවා.අනිත් කොල්ලො කොච්චර කතා කළත් මෑන්ස් ආපහු ඇතුල් පැත්තට එන්නෙත් නෑලු.ඒ මදිවට මෑන්ස් ඇතුලට ගන්න අනිත් අයට එළියට යන්නත් බෑ, මොකද කට්ටියටම අම්බානට අනුමත වෙලා.ඉතිං අපේ සලා කරපු වැඩේ විදේශ ආධාර ගේන්න ඩෝම් එක පැත්තට දුවගෙන ගිය එක.

මේ අතරෙ පුරුපුරුට තරු පෙනුනෙ පොන්ටින්, රීඩ් මහත්තයගෙ පාර පැනලා සක්වල තක්සලාව පැත්තට දුවනවා දැක්කම.මෑන්ස් අම්බානට අනුමත වෙලා.පොර කළේ සක්වල තක්සලාවෙ කලුපාට යකඩ වැටේ එල්ලිච්ච එක.

මට කැම්පස් යන්න ඕනේ!...මට කැම්පස් යන්න ඕනේ!!.................

පොන්ටින් මරහඩ තලනවා.දැන් මෙහෙම ගියොත්නං සක්වල තක්සලාවෙ සික්කො ටික ඇවිල්ලා පොන්ටින්ව අල්ලගන්නවා ෂුවර්.වෙලාවට පොලෝසියෙන් පේන්නත් නෑ.නැත්තං ඉතිං කට්ටිය ඉස්කෝලෙ ඉදලත් ඉවරයි.පුරුපුරු මෙහෙම බයවෙලා ඉන්නකොට තමයි, සලාගෙ පණිවිඩේ ලැබිච්ච "නිර්වෙරි" කොල්ලො ටික එතනට දුවගෙන ආවෙ.වෙලාව හොද නිසා තවත් විනාඩි දෙක තුනක් ඇතුලත මෑන්ස්ව අල්ලගෙන තාප්පෙන් මෙහා පැත්තට දාගන්න කට්ටියට පුලුවන් වුණාලු.
කොහොමහරි ඉතිං වැඩේ ගොඩින් බේරිච්ච නිසා හැමෝටම සතුටුයි.ඉතිං අපේ යාලුවො කට්ටිය ඩෝම් එක පැත්තට ගියෙ පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතාගෙන.කොහෙද? යනකොට කට්ටිය ටීවී එක දාගෙන ගන බලනවා.බැලින්නං යාලුවො ටික බලන්නේ ඒ දවස්වල තියාගෙන පට්ටගහපු "ටාර්සන් එක්ස්" කියන පරණ ගනේ.ඒ වුණාට ඉතිං "සම්තින් ඉස් බෙටර් දෑන් නතින්" කියලා හිතපු පුරුපුරුත් තීරණය කළා අවසන් ගන බැලිමට සහභාගි වෙන්න.

තීරණය කළාට මොකෝ, පුරුපුරුට වාඩිවෙන්න පුටුව හොයාගන්න බෑ.මේ වෙද්දි මෑන්ස්ට හැමදේම දෙක වෙලාලු පේන්නෙ.ඉතිං තනි පුටුව පුටු දෙකක් වගේ තමයි පුරුපුරුට පේන්නෙ.මැන්ස් කළේ හිතේ හෝදිසියට එක පුටුවක වාඩිවෙච්ච එක.

දඩාස්..........

මහා සද්දයක් එකක් මෑන්ස් ඇදගෙන බිම වැටුනලු.බැලින්නං පුරුපුරු වාඩි වෙලා තියෙන්නෙ මනඃකල්පිත පුටුවෙ.ඇත්ත පුටුව තිබිලා තියෙන්නෙ එහා පැත්තෙන්.දැන් මොනවා කරන්නද? නැගිටගන්නත් බෑ.ඉතිං අනිත් යාලුවො ටික එකතු වෙලා මෑන්ස්ව උස්සලා ඇදක් උඩට දැම්මලු.විනාඩියක් යන්න කලින් අපේ යාලුවා ගොරව ගොරවා නිදි.

පහුවදා පුරුපුරු නැගිටිද්දි ගොඩක් උදේ වෙලා.මෑන්ස් නැගිටින්න කලින් මාලුකට්ටා ගහපු ෆෝටෝ එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නෙ.කොහොමහරි ඉතිං බොගට ගිහින් කබරයා පාරක් එහෙම දැම්මට පස්සෙ පුරුපුරුගෙ තිබුන වෙරි ගතිය නැතිවෙලා ගියාලු.ඊට පස්සෙ කට්ටිය කළේ ලෑස්ති වෙලා ගිහින් කොටියා සර්ට වැදලා ගෙවල් බලා පිටත් වෙච්ච එක.

ඇත්තටම ඒ මොහොත පුරුපුරුගෙ ජීවිතේ ගොඩාක්ම දුක හිතෙන මොහොතක්.අවුරුදු ගානක් එකට හිටපු, පිස්සු කෙලපු සහෝදරයන්ගේ විසිර යාම කියන්නෙ විශේෂ අත්දැකීමක්.බ්ලොග් පෝස්ට් සීයක් ලියලත් පැහැදිලි කරන්න බැරි අමුතුම අත්දැකීමක්.ඒක හින්දා අපි ඒ ගැන වැඩිපුර කතා කරන්න යන්නෙ නෑ.කොහොමහරි හොස්ටල් එක තමන්ගෙ ජීවිතේ එක්ක කොච්චර බැදිලාද කියලා කට්ටියම තේරුම් ගත්තෙ එදා තමයි.කොල්ලන්ගෙ ඇස් වල කදුලු පිරිලා.කොටියා සර්ගෙ ඇස්වලත් කදුලු පිරිලා.

මේ විදිහට අපේ මාලුකට්ටාගෙ හොස්ටල් ජීවිතේ එදා අවසාන වුණා.එතකොට පුරුපුරුගෙ? හොදයි යාලුවනේ, පුරුපුරුගෙ හොස්ටල් ලයිෆ් එකට මොකද වෙන්නෙ කියලා අපිට අනාගතේදි වෙනම සීරීස් එකකින් කියවන්න පුලුවන්.
කොහොමහරි එදා බස්එකේ ගෙදර යද්දි පුරුපුරුටයි, මාලුකට්ටාටයි දැනුනෙ වස පාලුවක්.හැබැයි ඉතිං එහෙම ඉදලා හරියන්නෙ නෑ නොවැ! නිවාඩු කාලෙ කරන්න හොද පිස්සු වැඩ ටිකක් ප්ලෑන් කරන්නත් එපායැ...එහෙනං ආෆ්ටර් ඕ ලෙවල් පූස් ලයිෆ් එක ගැන ඔයාලට මීට පස්සෙ අපි කියන්නංකෝ...

28 comments:

  1. අපිටත් දුකේ බෑ බං ..උඹලට කොච්චර දුක ඇත්ද ? මමනම් මේ කතා සීරීස් එකට ජොයින් උනේ මෑතකදී ඒත් මචං උඹලගේ ෆන් වැඩ බොක්කටම වැදුනා ..නියමයි නියමයි ..!

    තව සීරීස් එකක් එනවනේ ද ? අපි බලන්නම්කෝ !

    ජයවේවා !!

    ReplyDelete
  2. ඊලග සීරිස් එක මොකක්ද...? :j :j

    ReplyDelete
  3. ඒකනං සහතික ඇත්ත මචං.. හොස්ටල් හිටිය යාළුවො අතරෙ තියෙන්නෙ විශේෂ යාළුකමක්.. ඒක සාමාන්‍ය යාළුකමකට එහා ගිය සහෝදරකමක්.. ඇයි ඉතිං අවුරුදු 5ක් විතර එක පවුලක් වගේ එක පත බෙදාගෙන කාපු එවුන්නෙ.. අ‍‍පෙ හොස්ටල් සෙට් එකත් තාම එහෙමම තමා..

    ReplyDelete
  4. එක පත බෙදා ගන්න ඕන නැහැ බන්.. හැමෝටම වෙන වෙනම කෑම එකක් ලැබෙනවා නෙ

    ReplyDelete
  5. පිය විප්පයෝගෝ දුක්ඛෝ.

    ReplyDelete
  6. ඉස්කෝලේ හොස්ටල් කතා සෙට් එක ඉවර උනාට කමක් නැහැ... දන් ඉතින් පටන් ගනිල්ල කැම්පස් හොස්ටල් එකේ කතා සෙට් එක. ඒක දැන් ඔන් ගොයින් නේද ?

    මටත් මතක් වෙනවා අප්පා ඔය වගේ ඒ දවස්වල 'අනුමත' වෙච්ච දේවල් ගැන, මම NIBM ඉන්නකොට.

    ReplyDelete
  7. @ දුමී
    ළමයා
    හිස් අහස

    හොස්ටල් කතා තව තියනවා මචෝ! මොකද පුරුපුරු ඒ ලෙවල් කරන්න ආපහු හොස්ටල් එකට එනවා.ඒක හින්දා කැම්පස් කතා පටන් ගන්න කලින් තව සෑහෙන්න දේවල් ලියන්න තියනවා

    ReplyDelete
  8. I was doing A/L at Kuruduwatte when you were doing O/L. I am a frequent visitor to your blog and I have sent the link to all my friends. It might sound bit selfish, but I like to ask you write more frequently. I love your blog guys.
    :f

    ReplyDelete
  9. ඊළග සීරීස් එකත් ඉක්මනටම පටන් ගමු.

    ReplyDelete
  10. පිස්සු හැදෙන කතා සෙට් එක. දිගටම ලියමු මචං.

    ReplyDelete
  11. එල එල ඊළඟ සීරිස් එක මොනව ගැනද.......?
    :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  12. ආෆ්ටර් ඕලෙවල් කිව්වා නේ? ඉක්මනට දාපං මචෝ.

    ReplyDelete
  13. හොස්ටල් නොහිටියත් ඒ කාලේ බොහෝ දේ මතක් උනා....
    ආයෙත් එහෙම කාලයක් එන්නේ නැ. ඒත් ඒ මතක අමතක කරන්න නම් බෑ....

    ReplyDelete
  14. උඹලගෙ කීප දෙනෙක් තියා ගත්තෙ නැද්ද A/L කරද්දි...උඹලට මතක නැද්ද බං හොකි ටිම් එකෙ හිටපු තාරක සුරංග කළුව(ධනුශ්ක) එහෙම..

    ReplyDelete
  15. @ පැන්ඩා - ඒ ගැන කියන්නෙ වෙනම සීරීස් එකකින් මචෝ!:b:b:b

    ReplyDelete
  16. @ priyantha
    gold fish
    කැන්ඩි
    sameerausa
    Praසන්ன
    Nash
    sithuwilimandiya
    කොඩී
    ano
    Buratheno
    Rakkhitha Lochana

    බොහොම ස්තුතියි යාලුවනේ අපිව මතක් වුණාට :g:g:g

    ReplyDelete
  17. පුදුම තරම් ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක. hostal කතා ඉවර උනත් ලියන එක නවත්තන්නෙ නෑ නේද

    ReplyDelete
  18. @ පිනිබිදු - අපොයි නෑ සහෝදරී. හොස්ටල් කතා ඉවරත් නෑ. බ්ලොග් එක දැන්ම නවත්තන්නෙත් නෑ. ගොඩාක් ස්තුතියි ඔයාට :b:b:b

    ReplyDelete
  19. සීනියර් ප්‍රිෆෙක්ට් කෙනෙක් හැටියට අවුරුද්දක් ඉස්කෝලේ ඉදලා අන්තිමට අළුත් ප්‍රිෆෙක්ට් බැච් එකට රූම් එක භාර දීලා යද්දිත් මාරම දුකක් ආවේ. ඒක වචනයෙන් කියන්න අමාරුයි

    ReplyDelete
  20. ටාර්සන් ගනේ හික් හික් මාත් පට්ට ගහපු එකක් තමා... ඒ කාලේ කතාව එක්ක ගන ආව නේ...

    අඩේ මට මතක් උනේ ස්කෝලෙ අන්තිම දවස... ඒ හැඟීම කියන්න ලියන්න බැහ නේද බන්... බීම නම් හපොයි හික් හික්

    ReplyDelete
  21. අද තමයි මුලින්ම මම blogගඩොල් 1ක කියවන්නේ..අද දවසේම වගේ කලේ එක තමා...මාත් මාස 8ක් විතර හොස්ටල් ඉදලා තියනවා 6 වසර්දි....අය්යලාගේ කතා කියවනකොට මටත් එ කලේ මතක් උනා,,,,අය්යලාට තරම් දග කරන්න නම් අපිට අවස්ථා ලැබිලා නැ.එත් දග වැඩ කරලා ඔනි තරම් යාලුවන්ට මිස් සලකලා නම් තියනවා..හෙට ඉදලා අයේත් අ.පො.ස උ.පේ වලට ලැස්ති වේන්න තියෙනවා..1ක නිසා කියවපු හැම පොස්ට් 1ක ටම අදහසක් දාන්න නම් වේලා මදි.....අය්යලා නියමෙට ලියනවා.....එත් කුරුදුවත්ත තරම් අපේ පැත්ත තාම ගොලියකරනය වෙලා නැ මම හිතන්නේ....ඔය අමද්යප කථා එහෙම අපේ පෑති වල අඩුයි...අඩුද නැත්තම් අපි දන්නේ නැද්ද නම් දන්නේ නැ.ආයේත් අවාම කියවන්නම්.....

    ReplyDelete
  22. @ Hasitha
    @ පිස්සා
    @ shani - බොහොම ස්තුතියි යාලුවනේ! ඇත්තටම මේ වගේ සමුගන්න දවස් වලට ඇතිවෙන්නෙ කියාගන්න බැරි තරම් දුකක්. ඒත් ඉතිං අපි දිගටම රැදිලා හිටියොත් අලුතින් එන අය ඒ ෆන් එක ගන්නෙ කොහොමද නේද? :b:b:b

    ශානි නංගි කොයි ගම්පළාතෙද?

    ReplyDelete
  23. කේතලේ මල්ලකි.... :c

    ReplyDelete
  24. @ shani - හික් හික්!! අදුනාගන්න ලැබීම සතුටකි :f:f:f

    ReplyDelete
  25. ආ.. මල්ලිලා, මෙ සිනියර් ඩෝම් එක නේද, මාත් ඕකෙ ලැග්ගා. ඔයාලගෙ කලින් පොස්ට් එකේ අර තඩිබාන පොටෝ එක ගත්ත තැනම අපිත් එකෙක්ට තඩි බෑව, එකනම් ජොක් එකට, පුලුවන් උනොත් මම පොටො එක දාන්නම්. උබලගෙ බ්ලොග් එක නම් මරු. වලස් රාලමි ගැන නැද්ද මුකුත් කතා. අපිත් ඔය ලාස්ට් ඩේ නයිට් එලට සැමරුවා.

    ReplyDelete
  26. meh ape paasalada? hafoi..ela blog eka

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???