අඹ යාලුවෝ

Saturday, September 3, 2011

සුදුපූසි 16 - දුක සැප නිති පෙරළේ


සුදුපූසි 1                        සුදුපූසි 6                         සුදුපූසි11
සුදුපූසි 2                        සුදුපූසි 7                         සුදුපූසි12
සුදුපූසි 3                        සුදුපූසි 8                         සුදුපූසි13
සුදුපූසි 4                        සුදුපූසි 9                         සුදුපූසි14
සුදුපූසි 5                        සුදුපූසි 10                       සුදුපූසි15

මම කලින් ලිපියෙන් කිව්වේ පූසා ඒ ලෙවල් කරපු හැටි ගැන නොවැ! ඉතිං ඒ ලෙවල් ඉවරවෙලා ෆුල් ෆන් එකේ කාලෙ ගතකරපු පූසාට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි සුදුපූසිව දැකගන්න, එයත් එක්ක කතා කරන්න චාන්ස් එකක් නැති වෙච්ච එක. ඒ කාලෙ ඉතිං දැන් වගේ ඉන්ටර්නෙට්, මූණු පොත වගේ අඩවි ජනප්‍රිය වෙලා තිබුනෙ නෑ. ඒ වගේම මොබයිල් ෆෝන් පවා සීමා වෙලා තිබුනෙ සල්ලි යහමින් තිබුනු කීප දෙනෙකුට විතරයි. ඉතිං ඒ හින්දා පූසාට සිද්දවුණේ අර නවය වසරෙදි කළා වගේ සුදුපූසිගෙ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරන්න.

මේ වෙද්දි ඉතිං නවය වසරට වඩා සෑහෙන්න දැනුම් තේරුම් තිබුන හින්දා, සුදුපූසිට එයාගෙ ගෙදර අයට හොරෙන් කෝල් එකක් දෙන්න පූසාට එච්චර අමාරු වුණේ නෑ. ඒ වගේම සුදුපූසිත් අකමැති වුණේ නෑ පුරුපුරු එයාට කෝල් කරපු එකට. ඉතිං ඔය විදිහට දෙතුන් පාරක් කතා කළාට පස්සේ මේ දෙන්නා තීරණයකට ඇවිත් තිබුනා ඊළඟ මාසෙ ඉඳලා රිවිෂන් ක්ලාස් යන්න. මොකද ඒ ලෙවල් ෆුල් ෂුවර් පිට කරපු කට්ටිය ඇරෙන්න අනිත් හැමෝම, විභාගෙ ඉවර වෙච්ච ගමන් රිවිෂන් ක්ලාස් යන එක සාමාන්‍ය සිරිතක්. නැත්තං රිසාල්ට් එන කාලෙ වෙද්දි සෙකන්ඩ් ෂයි වලට ලෑස්ති වෙන්න කාලෙ මදි.

කොහොමහරි ඔය අතරේ තමයි රාගම මෙඩිකල් ෆැකල්ටියෙන් වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බේ. ඉතිං පුරුපුරුට ඔය ආරංචිය ඇහිච්ච වෙලාවෙ ඉඳලා හිටියේ කැලේට හඳ පෑව්වා වගේ ෆුල් සොමියෙ. හැබැයි ඒ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන තියන දැනුමේ නිම් වළලු පුලුල් කරගන්න ලැබෙන චාන්ස් එක නිසා ඇතිවෙච්ච සතුටකින්නං නෙවෙයි, ඒ සුදුපූසිව ගෙදරින් එළියට ගන්න චාන්ස් එකක් මේ වැඩෙන් ලැබෙන හින්දා.

පුරුපුරු දැනගෙන හිටියා සුදුපූසිට මේ මෙඩිකල් එක්සිබිෂන් එක බලන්න යන්න කතා කළොත් එයා කීයටවත් නෑවිත් ඉන්නෙ නෑ කියලා. ඒ වගේම සුදුපූසිගෙ ගෙදරිනුත් ඒ වගේ වැඩ වලට අවසර නොදී ඉන්නේ නෑ. ඉතිං මේ පණිවිඩේ සුදුපූසිට කිව්වාම හිතුවා වගේම සුදුපූසිත් වැඩේට උඩින්ම කැමති වුණාලු. ඒත් ඉතිං පුරුපුරුටයි සුදුපූසිටයි කපල් එකකට වගේ තනියම යන්න බැහැ නොවැ! ඒ හින්දා පූසාට සිද්ද වුණාලු එක්සිබිෂන් එක බලන්න යන්න සෙට් එකක් ලෑස්ති කරගන්න.

ඉතිං පුරුපුරුගෙ ඉන්විටේෂන් එක පිළිඅරගෙන අන්තිමට සෙට් වෙච්ච කට්ටිය තමයි උපාසක, මාලුකට්ටා, ඤාව්වා, මී කතුරා සහ රාජු. ඒත් අවාසනාවට වගේ සෙට් එකට ගෑනු ළමයෙක් එකතු කරගන්න විදිහක්නං පූසන්ට තිබුනෙ නෑ. මොකද එලිජිබල් වෙලා හිටපු එකම ගෑනු ළමයා වෙච්ච කලුකුමාරිත් මේ දවස්වල හිටියේ පූසොත් එක්ක ටිකක් නොරොක් එකේ. ඒ හින්දා අන්තිමට සුදුපූසිට යන්න සිද්දවුණේ කොල්ලො කට්ටියත් එක්ක තනියම.

කොහොමහරි ඉතිං අපේ පුරුපුරුත් නියමිත දවසේ ෆුල් ඩීසන්ට් පිට ආවලු ගම්පහට. කලින් දවසේ කර ළඟට වවාගෙන හිටපු, සංගක්කාර කට් එක සහිත කොන්ඩෙ කපනකොටනං පූසාට ඇතිවුණේ සෑහෙන දුකක්. ඒ වගේම එදා උදේ, මෑන්ස් බොහොම දුක් මහන්සියෙන් අඟලක් විතර වවාගෙන හිටපු රැවුල කපන්නත් පුරුපුරුට සිද්ද වුණා. ඒත් ඉතිං ගස් වැද්දෙක් වගේ සුදුපූසි ඉස්සරහට යන්න බෑ නොවැ! ඒ හින්දා තමයි බොහොම දුකෙන් වුණත් පූසා තීරණය කළේ රැවුලයි කොන්ඩෙයි කපන්න.

ඉතිං ඔය විදිහට කට්ටිය ගම්පහට සෙට් වෙලා රාගම බලා පිටත් වුණේ උදේ පාන්දරමයි. ඔය අතරේ විශේෂ දෙයක් විදිහට සිද්දවුණේ මේ කණ්ඩායමට අලුත් සාමාජිකාවක් එකතු වෙච්ච එක. ඒ පූසො දන්න අඳුනන කොළඹ ඉස්කෝලෙ ගිය නංගි කෙනෙක්. විශේෂයෙන් මේ නංගි අපේ මාලුකට්ටා එක්ක තරමක හිතවත්කමක් තිබුනා. එයාගේ නම තමයි ලයිට්. ඉතිං ලයිට් ගම්පහ ඉන්නවා දැකපු මාලුකට්ටා කළේ විහිළුවට වගේ එයාටත් රාගම යන්න කතා කරපු එක. ඒත් මාලුකට්ටා හිතපු නැති විදිහට මේ යෝජනාවට ලයිට් කැමතිවුණේ එක පයින්. මම මෙතනින් එහාට මේ කතාවේ මාලුකට්ටා සහ ලයිට් ගැන ලියන්න යන්නේ නෑ. මොකද ඒ ගැන ඔයාලාට වෙනම ලිපියකින් කියවන්න පුලුවන් වෙයි.

කොහොමහරි ඉතිං ටිකදුරක් යද්දි තමයි සුදුපූසි පුරුපුරුට සුභ ආරංචියක් කිව්වේ. සුදුපූසි රාගම යන්න ගෙදරින් පර්මිෂන් ගන්නකොට එයාගෙ අම්මා කිව්වලු පුරුපුරු වගේ වැදගත් ළමයෙක් එක්ක මේ ගමන ගියාට කමක් නෑ කියලා. මේ වෙද්දි සුදුපූසිගෙ අම්මා දැනගෙන හිටියා පූසායි ඉස්සායි තමයි සුදුපූසිට හිටපු පිරිමි යාලුවො කියලා. ඉතිං කොල්ලො දෙන්නාවම පොඩිකාලෙ ඉඳන් දන්න හින්දා සුදුපූසිගෙ අම්මා අකමැති වුණේ නෑ සුදුපූසි මේ දෙන්නාව ආශ්‍රය කරනවාට.

ඉතිං අනාගත නැන්දම්මා ඉස්සරහා තමන්ගේ කාඩ් එක හොඳයි කියලා දැනගත්ත පුරුපුරුට ඇතිවුණේ සෑහෙන සතුටක්. ඒත් ඉතිං පූසාට ප්‍රශ්නෙකට තිබුනේ නැන්දා තමන්ට කැමති වුණාට දුව තමන්ට කැමති නැති එක තමයි.

ඔය විදිහට මෙඩිකල් ෆැකල්ටි එක ගාවට ගියාට පස්සේ තමයි කට්ටියට තේරුනේ හිතුව තරම් ලේසියෙන් එක්සිබිෂන් එක බලන්න ලැබෙන්නෙ නෑ කියලා. මොකද පාරෙ කිලෝමීටර් බාගෙක විතර දුරට සෙනඟ ඉන්නවා පෝලිමේ. ඉතිං අපේ යාලුවො සෙට් එකත් එකතු වුණාලු මේ පෝළිමට. කට්ටිය පෝළිමේ හිටියට මොකද, පෝළිම ඉස්සරහට යන්නේ බොහොම ඩම්බ්නෙක් ජර්නි* එකකින්ලු. ඉතිං මේ විදිහට පැය දෙක තුනක් හිටියත් ප්‍රදර්ශන භූමිය ඇතුලට යන්න අපේ යාලුවන්ට චාන්ස් එකක් ආවෙ නෑ.

පුරුපුරුනං මේ වෙච්ච දේ ගැන හිටියේ හිතේ මල් පිපිලා වගේ හැපී එකෙන්. මොකද සිද්දවුණේ මෑන්ස්ට කියලාවත් කරගන්න බැරි දෙයක්. අපේ පූසාට පුලුවන් වුණාලු කවදාවත් නැතුව පැය ගානක් තිස්සේ සුදුපූසිත් එක්ක කතා කර කර ඉන්න. කොටින්ම ඒ පැය ගානටම පූසාට පොඩ්ඩක්වත් දැනුනේ නෑ වෙලාව ගතවෙන හැටි. ඉතිං පුරුපුරු ප්‍රාර්ථනා කළේම පෝළිම දිගටම ඒ විදිහටම තිබේවා කියලලු.

අපේ පූසාගේ හැපිය ඉහවහා ගියේ හදිස්සියෙම වහින්න පටන් ගත්ත හින්දා. මොකද වැහි කාලයක් වෙලත් මේ කට්ටිය ළඟ කුඩ තිබුනේ හිටපු ගානෙන් බාගෙකට හරියන්න. අපේ කට්ටිය කවද්ද ඉතිං කුඩ පාවිච්චි කළේ? කොහොමහරි හිටපු අනිත් කට්ටිය තිබුන විදිහට කුඩ ටික ෂෙයාර් කරගනිද්දි, පුරුපුරුටයි සුදුපූසිටයි සිද්දවුණේ එකම කුඩයක් යටට යන්න. මොකද ඒ හරියේ වැස්සකට යන්න කියලා හරිහමං තැනක් තිබුනෙත් නෑ. අනික වෙන කොහේටහරි ගියොත් පෝළිමේ ඉඩ නැති වෙනවා.

ඉතිං මේ හිරිපොද මල්වැස්ස වහිද්දි පුරුපුරු බොහොම සතුටින් කුඩේ දිග ඇරලා සුදුපූසිට කිව්වලු කුඩේ යටට එන්න කියලා. සුදුපූසිත් ඉතිං ලැජ්ජාවෙන් ඇඹරිලා, වෙන කරන්න දෙයක් නැති හින්දා පුරුපුරු ඉහළපු කුඩේ යටට ආවලු. යාලුවො කට්ටියත් මේ දෙන්නාට පොඩ්ඩක් විහිළු කරන්න අමතක කළේ නෑ. කොහොමහරි තවත් වෙලා ගතවෙද්දි මේ එක්සිබිෂන් එක බලන වැඩේ කට්ටියටම එපා වෙලා තිබුනේ. ඉතිං අන්තිමට හවස් වීගෙනත් ආපු හින්දා යාලුවො සෙට් එක තීරණය කළාලු එක්සිබිෂන් එක බලන්නෙ නැතුව ගෙදර යන්න.

එදා කට්ටිය ආපහු රාගම ඉඳලා ගම්පහට ගියේ කෝච්චියේ. ඒ යනගමනුත් පුරුපුරුයි සුදුපූසියි බොහොම නිදහසේ කතා කර කර තමයි ගියේ. ඒ වගේම ගම්පහ ඉඳන් රෙදිගොඩ බස් එකක ගිහින් සුදුපූසිව ගෙදර ගාවින්ම බස්සවන්නත් පූසා අමතක කළේ නෑ. ඉතිං එදා අපේ පුරුපුරු ගෙදර ගියේ කවදාවත් නැති තරම් සතුටින්. සුදුපූසි වුණත් එදා හිටියේ ගොඩක් සතුටින් බව පූසාට නොතේරුණා නෙවෙයි. ඉතිං එදා දවස අවසාන වුණේ පුරුපුරුවයි සුදුපූසිවයි තවත් එකිනෙකාට ළං කරලා.

රාගම ගිහින් සති දෙකකින් තමයි අපේ යාලුවො කට්ටිය රිවිෂන් ක්ලාස් යන්න පටන් ගත්තේ. පුරුපුරුයි සුදුපූසියි ගියේ කලින් කතා කරගත්ත විදිහට එකම ක්ලාස් වලට. මේ දෙන්නා බයෝ වලට ගියේ වසන්ත සර්ගෙ ක්ලාස් එකට. ඒක තමයි ගම්පහ දැනටත් තියෙන ලොකුම බයෝ ක්ලාස් එක. ෆිසික්ස් වලට ගියේ ඒ වෙද්දි නවක ගුරුවරයෙක් වෙච්ච ජලන්ත නියසූරිය සර්ගෙ ක්ලාස් එකට. කෙමිස්ට්‍රි වලට යන්න ක්ලාස් ක්ලාස් එකක් නැතුව ඉන්නකොට සුදුපූසි තමයි පුරුපුරුට කිව්වේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකට යමු කියලා.

විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ පුරුපුරුට කොහෙත්ම හුරුපුරුදු වාතාවරණයක් නෙවෙයි. මොකද මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ඇරෙන්න පුරුපුරු ගිය ක්ලාස් හැම එකේම තිබුනේ බොහොම නිදහස් වටපිටාවක්. කොටින්ම සමහර ක්ලාස්වල පූසා කාලය ගතකළේ හූ කිය කියා. ඒත් විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේ තිබුනේ දරුණු නීති රීති. ක්ලාස් එකේ ළමයෙක් පොඩි වැරැද්දක් කළත් දරුණු විදිහට බැනවදින එක තමයි සර්ගෙ පුරුද්ද වුණේ. විශේෂයෙන් ක්ලාස් එක ඇතුලේ කතා බහ සම්පූර්ණයෙන් තහනම්. ඉතිං මේ විද්දෙබතා සර්ගෙ ක්ලාස් එකේදි තමයි අපේ පුරුපුරුට විශේෂ සිද්දියකට ෆේස් කරන්න වුණේ.

මේ වෙද්දි පුරුපුරු ක්ලාස් එකට ඇවිත් ගතවෙලා තිබුනේ දවස් දෙකයි නැත්තං තුනයි. පුරුපුරු වගේම මාලුකට්ටා, ඤාව්වා, උපාසක සහ මී කතුරා ආවෙත් මේ ක්ලාස් එකටමයි. ඉතිං පූසො සෙට් එක සුපුරුදු විදිහටම වාඩිවුණේ ක්ලාස් එකේ අන්තිම පේළියේ. එදා කොහොමහරි විද්දෙ සර් ළමයින්ට හදන්න ගානක් දීලා ක්ලාස් එකෙන් එළියට ගියාලු. හැබැයි ඒ සර් පන්තියේ නැති වුණත් ළමයින්ට කෑ ගහන්න තහනම් කරලා අවවාද කළාට පස්සේ.

පූසො කියන්නේ ඉතිං එක විදිහකට ඉන්න පුලුවන් කට්ටියක් නෙවෙයි නොවැ! ඉතිං සර් පන්තියෙන් එළියට ගිය ගමන්ම කට්ටිය පටන් ගත්තලු ලෝක දේශපාලනය, තෙල් මිල වගේ හරවත් මාතෘකා ගැන කතා කරන්න. ඒකෙන් මේකෙන් වුණේ කට්ටියට සර් දීපු ගාන හදන්නත් බැරිවෙච්ච එක.

ඔය මොහොතෙම තමයි විද්දෙබතා සර් කොහෙද මුල්ලක ඉඳලා එකපාරටම මතුවුණේ. කිව්වාට විස්වාස කරන්න, මෑන්ස් කෙලින්ම පන්තියට ආවේ අන්තිම පේළිය දිහා බලාගෙනමයි. සමහරවිට ඒ අන්තිම පේළිවල ඉන්න ළමයි ගැන ගුරුවරුන්ට එච්චර පැහැදීමක් නැති හින්දා වෙන්න ඇති. කොහොමහරි සර්ව දැක්කා විතරයි, පූසො කට්ටියම තමන් කර කර හිටපු කතා නවත්තලා තමන්ගෙ ඇස් කෙමිස්ට්‍රි පොත් දිහාට යොමු කළාලු.

ඒත් තමන්ගෙ රියැක්ෂන් ටයිම් එක හිතුවාට වඩා දිගයි කියලා පූසන්ට තේරෙන්න වැඩි වෙලා ගතවුණේ නෑ. සර් ක්ලාස් එකේ ඉස්සරහම ඉඳලා තමන්ගෙ වොයිස් එක අවදිකළේ මුලු ක්ලාස් එකම දෙදරන්න.

නැගිටිනවා...ඔය අන්තිම පේළියෙ කොනේ ඉන්න බූරුවො දෙන්නා නැගිටිනවා.....

විද්දෙබතා සර්ගෙ මධුර නාදයෙන් පූසන්ගේ කන් මන්මත් වුණාලු. බැලින්නං සර්ට මීටර් වෙලා තියෙන්නේ පුරුපුරුවයි, මාලුකට්ටාවයි විතරයි.

තොපි වරෙල්ලා පන්තිය ඉස්සරහට පොතුත් අරගෙන...

පුරුපුරුට හීන් නෙවෙයි මහ දාඩිය දාන්න ගත්තේ සර්ගෙ මේ වචන ටික ඇහුවාමයි. මොකද මෑන්ස්ගෙ පොතේ තියෙන්නෙ චිත්‍ර ඇඳපුවයි, කුරුටු ගාපුවයි මිසක් ගණං හදපුවා නෙවෙයි. දැන් ඉතිං ළමයි දාස් ගානක් ඉන්න පන්තිය මැද්දේ ජීවිතේට නොවින්ද මට්ටමේ අපහාසයක් විඳින්නයි පුරුපුරුටයි මාලුකට්ටාටයි වෙන්නේ. වෙන ළමයි දහදාහක් හිටියත් පුරුපුරුට ඉවසන්න පුලුවන්, ඒත් අවාසනාවට සුදුපූසි ඉන්නෙත් මේ ක්ලාස් එකේමයි. මේ කලබලේ අස්සෙත් පූසාට මතක්වුණේ සුදුපූසිව.

අඩුමගානෙ මාලුකට්ටා කියන්නේ දේවගම යුව රජතුමා නේද කියලාවත් මේ මනුස්පයාට හිතන්න තිබුනා නොවැ!

ඉතිං ඊළඟට වෙච්ච දේ සුදුපූසි සීරීස් එකේ අන්තිම කොටසෙන් බලමු නේද යාලුවනේ.

16 comments:

  1. // එයාගෙ අම්මා කිව්වලු පුරුපුරු වගේ වැදගත් ළමයෙක් එක්ක මේ ගමන ගියාට කමක් නෑ කියලා //

    හපොයි, බිබී හිටපු ‍තේ එකත් හැලුනා හිනාව නවත්තගන්ට බැරුව.. :D

    ReplyDelete
  2. එලස් මමත් විද්දෙබතා සර්ගේ ක්ලාස් ගියානේ... පෙර කට ඈරියම ඉතිං ... කියලා වැඩක් නෑ.... හොඳවැයින් අහගන්න පුළුවන්...

    කැතම වැඩේ කියන්නේ සර් කියන එව්වට හිනා ගියත් අපි හිනාව තද කරන් ඉන්න ඕනේ... නැත්තං ඊළඟ ​ෂොට් එක අපිට.

    ReplyDelete
  3. පුරුපුරු මල්ලි, ගූගල් රීඩර් එකට මේකේ ආර් ඇස් ඇස් ෆීඩ් එක එන්නේ නැහැ 13 වෙනි කථාංගයෙන් පස්සේ. කලින් නම් දෙක දෙක ආවා. පුලුවන්නම් මොනවහරි කරලා හදන්න. ලොකු උදවුවක්

    ReplyDelete
  4. වැදගත් ළමයෙක්, මුගෙ මොකක්ද දන්නෑ වැදගත්. :D

    ReplyDelete
  5. මම හිතන්නෙ ක්ලාස් ඇරිල යන ගමන් පුරුපුරුට සුදුපූසිගෙ කැමැත්ත ලැබෙන්න ඇති....

    ReplyDelete
  6. පුරු පුරු ගැන නැන්දා දන්නෙ නැතිව ඇති නේද?? :D

    ReplyDelete
  7. ආව් ආව් දැන්නම් වැඩේ හරියාගෙන වගේ නේද එන්නේ පුරු පුරු ♥♥♥

    ReplyDelete
  8. ඇහ් සර්ම සැට් කොරලා දීලද මංදා ඊළඟ කොටසින් ඉවර වෙන්නේ...... හික්ස්.....

    ReplyDelete
  9. තව එක කොටසයි..... නියමයි.
    මේක තමයි දිගම සිරිස් එක. මම දන්නා විදිහට.
    මම නම් ආස හිස්සැල්ල සර්ගේ ක්ලාස් එකට. එක හරිම නිදහස්.

    ReplyDelete
  10. "පුරුපුරු වගේ වැදගත් ළමයෙක් එක්ක මේ ගමන ගියාට කමක් නෑ කියලා"
    දැනටම + පොයින්ට් එකයි.අම්මා ගොඩ නම් දුවත් අනිවා ගොඩම තමා.ඊලග කොටසින්ම තමා ඒක හරිද කිය දැනගන්න වෙන්නෙ.ඒකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
  11. අනෙ අම්මපා නැන්දම්මල මේ වල් කොල්ලන්ට රැවටෙන එක ජම්ම ගතියක්ද කොහෙද නැතිනං ඉතිං නරියට කුකුල්ලු බලාගන්න දුන්න වගේ කෙල්ල යවාවියැ මේ පිස්සු පූසත් එක්ක.

    ReplyDelete
  12. ඔය සර් ගේ අන්තිම පෙලියෙ ඉද්හල අපිට වෙච්චි හරියක් බ්ලොග් එකෙත් කෙටුවා මම.... හික් හික්....


    http://palaamalla.blogspot.com/2010/04/blog-post_11.html

    ReplyDelete
  13. "මාලුකට්ටා vs ලයිට්"..
    අපි නොදන්න මැච් ගොඩා....ක් මාලු කට්ටා play කරල තියෙනව වගේ.. ;)

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මචං, මං මේ ටිකේ මට වැදගත් වැඩක් කරන්න තියෙන වෙලාව නාස්ති කරගෙන උඹගෙ බ්ලොග් එක මුල ඉඳලම කියවනවා :P
    උඹගෙ කතා ටික මං OL & AL කරන්න ගම්පහ පන්ති ආපු කාලෙ මට මතක් කලා... ඔය ඔක්කොම කටු මමත් කාල තියෙනවා (හැබැයි වලි වලට නම් සෙට් වෙලා නැහැ ) ... සිරා කතා ටික...
    ජලන්තයා හොඳ එකා (මගෙ uni බැචා)... පොර classes කරන්න පටන් ගත්තෙ අපේම යාලුවො දෙන්නෙක්ට revision class එකක් කරල... :)
    ප.ලි. :- මරියකඩේ ඉස්කෝලෙට වෙන හොඳ නමක් නැද්ද බං තාම... අනික් ඔක්කොම ඉස්කෝලවල නමුත් හරි ඕකත් හරි... :D

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???