අඹ යාලුවෝ

Friday, February 18, 2011

බ්ලොග් ගඩොල් - නොදැවී ශතකයක් (Blog Gadol - century, not out)


දැන් සති කීපෙකට කලින් පූසො කට්ටිය කාලෙකට පස්සෙ මීට් වුණාම, බ්ලොග් එක ගැන කතා බහක් ඇදිලා ආවා. කොහොමත් ළගකදි ඉඳලා කට්ටිය සෙට් වුණාම කතා කරන්නෙම බ්ලොග් එක ගැන තමයි. කතාබහේ මාතෘකාව වුණේ බ්ලොග් ගඩොල් බ්ලොග් එකට ළගදි උදාවෙන්න නියමිත වැදගත් දවස් දෙකක් ගැන. එකක් තමයි බ්ලොග් එකේ පළවෙනි උපන් දිනය. ඒක යෙදෙන්නෙ අප්‍රෙල් මාසෙදි. අනිත් දවස තමයි බ්ලොග් එකේ 100 වෙනි ලිපිය ලියන දවස. ඒ කියන්නෙ අද දවස.

මුලින්ම කට්ටිය කතා වෙලා තිබුනේ 100 වෙනි ලිපිය අවුරුද්දක් පිරෙන දවසෙ ලියලා ඒක සෙලිබ්‍රේට් කරන්න. ඒත් ටික ටික කාලෙ ගතවෙද්දි තේරුම් ගියා ලිපි ලියවෙන වේගෙ අනුව, අවුරුද්දක් පිරෙන්න කලින් ලිපි 100ක් ලියන්න පුලුවන් බව. ඉතිං පූසන්ගෙ අන්තිම තීරනේ වුණේ අවුරුද්ද පිරෙන එක සෙලිබ්‍රේට් කරන්නෙ නැතුව, 100 වෙනි ලිපිය ලියන එක වෙනම පෝස්ට් එකක් හරහා සෙලිබ්‍රේට් කරන්න. මොකද ‍බ්ලොග් එකක් පටන් ගත්තට පස්සෙ අවුරුද්දක් ගෙවෙන එක ස්වයංසිද්ධව වෙන වැඩක්. ඒත් බ්ලොග් එකක ලිපි 100ක් ලියනවා කියන්නෙ ගොඩක් මහන්සිවෙලා, අමාරුවෙන් කරන්න ඕනෙ වැඩක්.

අපි බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන අපේ 50 වෙනි ලිපියෙන් කිව්වා නොවැ! ඒක හින්දා දැන් අපි වැඩිපුර ඒ ගැන කතා කරන්නෙ නෑ. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්ත හැටි ගැන කි‍යවෙන අති බිහිසුණු කතාවක් තියෙනවා. ඒ කතාවත් ඉස්සරහට ඔයාලාට කියවන්න පුලුවන් වෙයි. කොහොමවුණත් මේ වෙලාවෙ බ්ලොග් එකේ ආරම්භක අවධිය සම්බන්දයෙන් අපි ස්තුති කරන්න ඕනෙ විශේෂ පුද්ගලයො කීප දෙනෙක් ඉන්නවා.

ටැබූ සබ්ජෙක්ට්ස් - අපිට බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ආසාවක් ඇති කිරීම ගැන. ඒ වගේම බ්ලොග් අවකාශය කියන්නෙ මොකද්ද කියලා අඳුරගන්න මග පාදා දීම ගැන.

කතන්දර - බ්ලොග් ගඩොල්හි මංගල කොමෙන්ටුව වෙනුවෙන් සහ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ මූලික තාක්ෂණය ගැන දැනුම ලබාදුන්න පුද්ගලයා විදිහට. ඇත්තටම අපි විතරක් නෙවෙයි, ඒ දවස්වල බ්ලොග්කරණයට එකතු වෙච්ච ගොඩක් බ්ලොග්කරුවො කතන්දරගෙන් හොඳ ආභාෂයක් ලබාගත්තා. කතන්දර කියන්නෙ සරල වින්දනාත්මක බ්ලොග්කරණයේ රෝල් මොඩල් එකක්.

හා පැටික්කි - වෙන බ්ලොග් එකක් කර කර හිටපු කාලෙ ලබාදීපු නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ලෙක්චර් එකට

පිස්සා පළාමල්ල - අපේ පළවෙනි සීරීස් එක වෙච්ච පූසො බියර් බීපු හැටි ගැන කතාවෙදි, අපිට මුලින්ම ලැබුනෙ පොල්ලෙන් ගැහුවා වගේ කොමෙන්ට් එකක්. ඒ වෙලාවෙ අලුත් බ්ලොග්කරුවො හැටියට අපි ගොඩක් කලබල වුණා. කොටින්ම දෙවෙනි කොමෙන්ට් එකත් ඒ වගේම වුණානම් අපේ බ්ලොග් කෙරුවාව එතනින්ම නවතින්න තිබුනා. ඒත් දෙවෙනි කොමෙන්ට් එක දාපු පිස්සයියා අපේ හිත හදලා, අර ඇතිවෙච්ච බය නැති කළා. ඒ වෙනුවෙන් පිස්සාටත් ගොඩක් ස්තුතියි.

ඔයාලා වුණත් අලුත් බ්ලොග්කරුවෙකුගෙ ලිපියක කොමෙන්ට් එකක් දාද්දි ටිකක් හිතලා බලලා දාන්න.

ඉතිං ඔය විදිහට පටන් ගත්ත අපේ බ්ලොග් එකට ටික දවසක් යද්දිම නොහිතපු විදිහට හොඳ ප්‍රතිචාර ගලාගෙන එන්න පටන් ගත්තා. ඇත්තටම අපි දැනගෙන හිටියෙ නෑ අපිට මේ වගේ ලියන්න පුලුවන් කියලා. මුල් දවස්වලනං ආපු කොමෙන්ට්ස් දැකලා හිතාගන්න බැරුව හිටියේ, මේ කියන්නෙ අපි ලියපුවා ගැනද නැත්තං වෙන කවුරුහරි ලියපුවා ගැනද කියලා. කොහොමහරි වැඩි දවසක් යන්න කලින් ඔයාලා අපේ බ්ලොග් එක ආදරයෙන් වැළඳ ගත්තා.

මුල් දවස්වල එකට කතා ලියන සෙට් එක වුණේ අපි, පිස්සා, ඉබ්බා, වැම්පයර්, අභීත වගේ සමකාලීන කට්ටිය. ඒ මීට මාස ගානකට කලින්. ඇත්තටම ඒ කාලෙ මතක් වෙනකොටත් ගොඩක් සුන්දරයි. කට්ටියම තරගෙට වගේ ලිව්වේ. මොකක්හරි මාතෘකාවක් ආවම කට්ටියම ඒ ගැන ලියනවා. චූ කතා, කක්කි කතා, අපි හඳුන්වලා දීපු ගන කතා ඒ අතරින් සමහරක් විතරයි.

කොහොමවුණත් පස්සෙ කාලෙක අපේ බ්ලොග්කරුවන්ගෙන් සමහරු බ්ලොග් ලියන එක නැවැත්තුවා. උදාහරණයක් විදිහට ඉබ්බා සහ හෙළයා නම් කරන්න පුලුවන්. සමහරු ලියන එක අඩු කළා. ඒ වගේම සමහර කතා බ්ලොග්කරුවො අලුතින් බ්ලොග් ලියන්න එකතු වුණා. උදාහරණ විදිහට අපේ සිකා, හසියා, සඳරු වගේ කට්ටිය ගන්න පුලුවන්. මේ නම් ඔක්කොම හදිස්සියෙ මතක් වෙන කීප දෙනෙක්ට අයිති ඒවා විතරයි. නොලිව්ව නම් ඊට වඩා කීප ගුණයක් වැඩියි. ඉතිං නම් නොකියවෙන කට්ටිය තරහා වෙන්න ඔට්ටු නෑ හොඳේ.

අපේ කොමෙන්ට් වලට වුණෙත් ඔය වැඩේම තමයි. මුල් දවස්වල කොමෙන්ට් කරපු සමහරු දැන් පේන්නවත් නෑ. අලුතින් කොමෙන්ට් කරන්නත් කට්ටිය ඇවිත් ඉන්නවා. ඒ වගේම බ්ලොග් එක පටන් ගත්තු දවසෙ ඉඳලා හැමදාම ඇවිත් කොමෙන්ට් කරන යාලුවන්වත් මේ වෙලාවෙ අපි ආදරයෙන් මතක් කරනවා. දැන් කොමෙන්ට්කරුවන්ගෙ නම් ලියන්න ගියොත්නං, නම් අමතක වෙලා අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ හින්දා නම් වශයෙන් කට්ටිය ගැන සඳහන් නොකර ඉන්නම්. ඒත් ඉතිං අපේ ප්‍රසන්න, ප්‍රියන්ත වගේ සහෝදරවරුන්ගෙ නම් නොකියා ඉන්න එකත් ලොකු අමාරු වැඩක්.

එක්කො ඔන්න ඔහේ මතක් වෙන නම් ටික කියලා දාමු.

පිස්සා, හා පැටික්කි, හසියා ඇතුලු හසී පවුල, ඩාර්ක් නෙට් ඉෂාර, සිකා, සංජු, පිණිබිඳු, ඉටලි ඩිලාන්, බුරතීනෝ, නිශ්, නවම්, අභීත, ගයාන්, ගෝල්ඩ් ෆිෂ්, රංග, රත්ගමයා, අංශු, සඳරු, ජීව්, ඉබ්බා, කොට ජීවිතේ, පූසා, ශේන්යා, දුමී, දුකා, කොඩී, ටැබූ, කකා, දිනේෂ්, කැන්ඩි, පුතා, ළමයා, වැම්පි, මකරා, රවා, අමිලආට්, රොයිලි, සුපුන් සුදාරක, පැරඩොක්ස්, සොබනි, සමීර විජයවර්ධන, ඔබ්සර්වර්, කොම්බුවා, චානකලින්, නිරෝෂන්, ධනුෂ්ක, රොෂාන් හේරත්, තාරක, මහසෝණා, බොරලු, මු.කොල්ලකාරයා, රන්දිල්, වීතරාගී, හංසි, ගයන්ත, නිම්ශා, කුෂාන්, මාරයා, වැප්, සෝරෝ .............................................තව ගොඩක් ඉන්නවා.

ලින්ක් දාන්න ඕනෙ නෑනෙ නේද? හැමෝම හොඳට අඳුරන කට්ටිය නොවැ මේ අය!

ඉතිං එදා මෙදාතුර මේ බ්ලොග් එකේ කොමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි කවුරුත් කරන්ට් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන, කලය වැය කරගෙන බ්ලොග් ලියන්නෙ, බ්ලොග් ලිවිල්ලට තියෙන ආදරේ හින්දා. ඉතිං පාඨකයො දාන කොමෙන්ට් වලින් තමයි ඉස්සරහට බ්ලොග් ලියන්න අවශ්‍ය ප්‍රධාන ශක්තිය ලැබෙන්නෙ.

ඒ වගේම කියන්න ඕනෙ අපේ ගොඩක් පාඨකයො ඉන්නවා ගොඩක් කාර්ය බහුල. අපි දන්නවා ඒ අයට කොමෙන්ට් කරන්න වෙලාවක් නෑ කියලා. ඒ වුණත් ඒ කට්ටිය මේ බ්ලොග් එක බලනවා කියන්නෙත් අපිට ලොකු ශක්තියක්. මොකද අපිට හිට් කවුන්ටර් වලින් පෙන්නනවා හැම ලිපියක්ම කී දෙනෙක් කියෙව්වද කියලා. ඉතිං කොමෙන්ට් නොදා හරි බ්ලොග් ගඩොල් කියවපු පාඨකයන්ටයි අපි ඊළගට ස්තුති කරන්නෙ.

ඒ වගේම අපේ බ්ලොග් එක පාඨකයො අතරට ගෙනියන්න මාධ්‍ය හැටියට උදව් කරපු කාලිංග ඇතුලු සිංහල බ්ලොග් කියවනයෙ උදවියටත්, වැප්නි සාන්ත ඇතුලු ලාංකීය සිතුවිලි උදවියටත්, ඉන්දිගේ කොත්තුවටත්, පිටස්තරයා ඇතුලු හත්මාලුවෙ කට්ටියටත්, සින්ඩි ලංකා කට්ටියටත්, චාමි ඇතුලු අඹගහේ ඉන්න යාලුවන්ටත්, එකී මෙකී නොකී සින්ඩි හැම එකකටමත් ගොඩක් ස්තුතියි.

ඇයි මූණු පොත, ගූගල් බස් එක එහෙමත් අපේ බ්ලොග් කෙරුවාවට දුන්න සහයෝගය අමතක කරන්න බෑ. ඉතිං මාක් සකර්බර්ග්ටත් ගොඩක් ස්තුතියි. (ඔන්න මාක් මේක කියවලා කොමෙන්ට් එකක් දාපං හරි?)

ඒ වගේම කියන්න ඕනෙ, අපේ බ්ලොග් එකේ ලින්ක් එක තමන්ගෙ බ්ලොග් ලිස්ට් එකට දාගෙන ඉන්න බ්ලොග් සහෘදයන්ටත් අපේ උපරිම ස්තුතිය පිරි නමනවා.

ඉතිං මේ ලිපි 100 ලියපු කාලය ඇතුලත අපිට මුණගැහිච්ච සයිබර් යාලුවො ගාන බොහොමයි. ඇත්තටම සිංහල බ්ලොග් අවකාශය හරිම අපූරුයි. ඇබ්බැහිවෙන සුලුයි. ඒත් ඒ ඇබ්බැහිවීමට පූසො කැමතියි.

මේ වෙද්දි බ්ලොග් ගඩොල් යම්කිසි ස්ථාවර බවකට ආපු බ්ලොග් අඩවියක් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. කොමෙන්ට්ස්, හිට්ස්, ෆලෝවර්ස්ලා, මේ කිසි දෙයක් පැත්තෙන් මෙච්චරකල්නං කිසිම අඩුපාඩුවක් වුණේ නෑ. ඉස්සරහටත් එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් කෙරුවාව හින්දා සතුටු වෙච්ච අවස්ථා ගොඩක් තිබුනා. හිත රිදුන අවස්ථාත් ඉතිං නෑ කිව්වොත් ඒක බොරුවක්.

මූණුපොතේ චැට් කරපු, බ්ලොග් එකේ කොමෙන්ට් දාපු යාලුවො ගොඩ දෙනෙක් බ්ලොග් ගඩොල් ගැන බොහොම සුභවාදී විදිහට තමයි බලන්නෙ. ඒ අතරින් සමහරුන්ගෙ ප්‍රියතම බ්ලොග් අඩවිය බ්ලොග් ගඩොල්ලු. එහෙම දේවල් ඇහුනාම ඉතිං ඔක්කොම අතඇරලා බ්ලොග් එක ලියන්න වගේ කික් එකක් එනවා. හික්ස්...ටැබූ, කතන්දර, දුකා වගේ දැවැන්තයො ඉන්න තැනක, අපි වගේ පොඩි හාල්මැස්සො සෙට් එකකට එහෙම දෙයක් කිව්වහම කොච්චර සතුටුද කියලා ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?

ඔය අස්සෙ ‍අපේ බ්ලොග් එක ටැබූගෙ සම්මාන වල හොඳම යොවුන් බ්ලොග්කරණය අංශයෙනුයි, රාජකීය විද්‍යාලයෙ අසනිය කුසුම සාහිත්‍ය උළලෙ හොඳම වින්දනාත්මක බ්ලොග්කරණය අංශයෙනුයි හොඳම බ්ලොග් 3 අතරට තේරුනා. ඒ සම්මාන දෙකේම පළමු ස්ථානය දිනාගත්තු සයිබර්යායෙ කෙසෙල් කොටුවේ චූටි මහත්තයාට සුභ පතන්නත් මේක අපි අවස්ථාවක් කර ගන්නවා.

කොහොමවුණත් ඕනෙම බ්ලොග්කරුවෙක්ට වගේ අපිටත් ගොඩක් වටින්නෙ සම්මාන වලට වඩා පාඨකයන්ගෙ ප්‍රතිචාර තමයි. විශේෂයෙන් මානසික ආතතියකට පත් වෙලා හිටපු සහෝදර බ්ලොග්කරුවෙක්ට ආපහු යථා තත්ත්වයට එන්න අපේ බ්ලොග් එකත් හේතුවුණා කියලා කිව්ව දවසෙ දැනුන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

ඒ වගේම බ්ලොග් ගඩොල් අඩවියෙ ඔයාලා කැමති අදහසක් කැමති විදිහට සටහන් කරන්න නිදහස තියෙනවා. තමන්ගෙ නමින් හරි, ඇනෝනිමස් හරි කැමති විදිහකට. හැබැයි අසභ්‍ය වචන අඩංගු වෙන්නනං බෑ හොඳේ.

දැන් ඉතිං මේ ලිපිය ලිව්වා ඇති කියලා හිතෙනවා. ‍මෙච්චරවෙලා ලියපුවා පොර ටෝක්ස් කියලා හිතන්නනං එපා යාලුවනේ. 100 වෙනි ලිපිය කියන්නෙ බ්ලොග්කරුවෙක්ට අති සුවිශේෂී අවස්ථාවක්. තමන් කරපු ලොකු කැප කිරීමක ප්‍රතිඵලයක්. ඒක හින්දා සමහර විට මේ ලිපිය ලියද්දි ටිකක් හැඟීම්බර වෙන්න ඇති. ඒ වගේම අපේ ලිවීමෙන් හිත රිදවීමක් වෙච්ච කෙනෙක් ඉන්නවානම් සමාවෙන්න.

දැන් බ්ලොග් අවකාශය ගැනනං ගොඩක් සතුටු වෙන්න පුලුවන්. ගොඩ දෙනෙක් අලුතින් බ්ලොග්කරණයට යොමු වෙලා තියෙනවා. ඒක හොඳ ධනාත්මක ලක්ෂණයක්. කවදාහරි බ්ලොග් කියන්නෙ ලංකාවෙ ප්‍රමුඛ පෙළේ මාධ්‍යයක් වෙයි කියලා අපි හිතනවා.

ඉස්සරහට ඉතිං තව අවුරුදු දෙකක් විතර බ්ලොග්කරණයේ යෙදෙන්නයි දැනට හිතාගෙන ඉන්නේ. තව ලියන්න කතා ගොඩක් තියෙනවා. ඒ වගේම අපි තවත් ලොකු වැඩකට මුල පුරලයි තියෙන්නේ. වැඩේ තවම ප්‍රසිද්ද කරන්න පුලුවන් මට්ටමේ නෑ. ළගදිම ඒ ගැන ඔයාලාට සුභ ආරංචියක් දැනුම් දෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

එහෙනං අපි මෙතනින් නවතින්නම්.

ප.ලි :- ආ...ගොඩක් රෑ වෙලා. 18 වෙනිදාටත් එළිවෙලා නේද? අද අපේ පුරුපුරුගෙ 24 වෙනි ජන්ම දිනය නොවැ! මහ පොළොව කම්පා වෙච්ච දවසක් සමරන්න මෙන්න ඔයාලාටත් කේක් කෑල්ලක්.


කේක් එකේ ඉන්න මීයා අපිට ඉතුරු කරලා කේක් එක බෙදාගෙන කන්න හොඳේ.

83 comments:

  1. බොරලු මස්සිනාFebruary 18, 2011 at 1:55 AM

    එල කිරි සමග අපේ සුබ පැතුම්.
    සිංහල බ්ලොග්වලින් මම කැමතිම බ්ලොග් එක උබලගේ බ්ලොග් එක තමයි. හැම කමෙන්ටුවකටම රිප්ලයි කරන එකත් වටිනවා.
    එහෙනම් ජය වේවා කිව්වා.

    ReplyDelete
  2. ඔව් ඇත්තටම කියනවානම් බ්ලොග් ගඩොල් සහ තෙලස්ට්‍රො තමයි මගෙ නම් ප්‍රියතම සින්හල බ්ලොග් අඩවි :a

    මමත් බ්ලොග් අවකාශෙට වගේම බ්ලොග් ගඩොල් වලටත් අලුත්, නිතරම ගඩොල් කියවන්නේ මුහුනු පොතේ ලින්ක් එකෙන් ඇවිල්ලා :n

    "අවුරුදු දෙකක් විතර බ්ලොග්කරණයේ යෙදෙන්න"
    එව්වා හඳේ , එච්චාර ඉක්මනට නවත්තන්න බෑ :p

    දිගටම ලියන්න සුබ පතනවා :b

    මෙනි හැපි රිටර්න් ඔෆ් ද ඩේ පුරුපුරුවෝ :m

    ReplyDelete
  3. මුලින්ම අද අවුරුද්දකින් වයසට යන අපේ පුරු පුරු අයියට සියළු අනාගත පැතුමු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ උපන්දිනයක් වේවා.....!!!!! :m :g කියලා පතනවා.......

    අනේ අරම කියන්න එපා මට ලැජ්ජාවට හැංගෙන්න ඉබි කටුවක් හොයා ගන්න ඕනා. ලොකු ලොකු අය අතරේ මගේ නම දාලා තිබුනට ඔය කියන කිසිම දේකට මම අදාල නැ. :n :n

    මේ අයියේ අප්‍රේල් වෙන්න තව කල් තියනවනේ...... අපි අප්‍රේල් වලදි 150 ගහමු.......
    කොහොමද මගේ සුට්ටන් හා මොළේ????? :a

    එහෙනම් තව තවත් අපිට ලිපි ලබා දීලා දිග.............................. ගමනක් යන්නට මුළු හා හදින්ම සුභ පතනවා අයියලට......... :m :m :g :g :g :d

    කේක් තිබ්බට මට කැරට් අලයක් තියලා නැනේ මේ පූසෝ..... ෂැක්......... :s :s

    අද මං එක වුනොත් හොඳයි...... :k

    ReplyDelete
  4. ප.ලි - කේක් එකේ මොකක් හරි අව්ලක් තියෙනවා :j

    අලේ සොලි මීයගෙ නැට්ටෙන් කෑල්ලක් කාලා :f

    ReplyDelete
  5. මුලින්ම පූසෝ සෙට් එකට තවත් කාලයක් බ්ලොග් ලියන්න ලැබේවා කියලා හදවතින්ම සුභපතනවා.ඇත්තටම අපි වගේ රටින් පිට ඉන්න අයට මේ බ්ලොග් වලින් කරන්නේ ලොකු සේවයක්, මගේ ප්‍රියතම බ්ලොග් එකක් හැටියට බ්ලොග් ගඩොල් කියන්නේ මම ගොඩක් ආසාවෙන් කියෝන බ්ලොග් ලිස්ට් එකේ මුල්ම බ්ලොග් එකක්.....100 වෙනි පෝස්ට් එකට සුභපැතුම්..ඒ වගේම පුරුපුරුවටත් සුභ උපන්දිනක්....

    ReplyDelete
  6. දිගටම ලියන්න කියලා ගඩොල් ලා ටිකට සුබ පතනවා... හොදම බ්ලොග් එකක් හැටියට නමක් නම් අනිවාර්යෙන්ම ඔයාලට දෙන්න ඔනා...එ තරම් වින්දනාත්මකයි...සුපිරි.. :o

    පුරු පුරු ටත් සුබම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා :m ....කෙක් එක නම් ගැවෙන්න මදි ඇ....තව ඉතුරු කරන්නත් කියනවා..

    ReplyDelete
  7. :t :t :t :t

    පූසො සෙට් එකට ජයම පතනවා. ඒ වගේම හරිම සතුටුයි ඔබ අත්කර ගත් ජයග්‍රහණ පිළිබඳව. දිගු ගමනක් යෑමට සුබ පැතුම් හෙළයා ගෙන්.

    ReplyDelete
  8. හදවතින්ම සුබ පැතුම් පතනවා මචංලා. මම නම් බොහොම අඩු කමෙන්ට් ගාණක් තමයි දාලා තියෙන්නෙ. ඒත් අනිවා හැම ලිපියක්ම කියවලා තියෙනවා.

    පුරුපුරුටත් සුබම සුබ උපන්දිනයකට ආසිරි පතනවා!!!

    ReplyDelete
  9. ඔන්න ශතකයට අපෙනුත් උණුසුම් සුබ පැතුම්....!!

    මේ දවස් ටිකේ bzy උනාට ඉදිරියෙදි හැමදාම එනවෝ...

    ReplyDelete
  10. සියවෙනි ලිපියටත්, ලබන්නා වූ වර්ෂ පූර්ණටයත් සුබ පැතුම් පිරිනමන අතර කරන්නට බලාපො‍රොත්තු වන නව කර්ත්‍යවයත් සාර්තක වේවායි පතමි

    ReplyDelete
  11. අනියෝ ඈස් යූශුවල් මම ලේට් :( කමක් නෑ කමක් නෑ නියම කතන්දර 100 ක් ලියන එක සෙල්ලමක් නෙවෙයි. මමත් මේ 50 ගහන්නේ කොයි වෙලාවේද කියලා ඉන්නේ. හරි අමාරු වැඩක්. සාර්ථක කර ගත්ත අපේ පූස් රැලට මගේ උනුසුම් සුභ පැතුම්.

    පුරු පුරු කිටී ටත් සුභම සුභ උපන්දිනයක් වේවා! පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු පුරු ප‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්ර

    ReplyDelete
  12. සුබ පැතුම් 100 වෙනුවෙන්...ඉදිරියට තව අවරුදු 100 ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    පූසනට පණ 7 තියේලුනේ, ඉතිං කීය ලැබුවත් හතෙන් වැඩි කොරලා නෙව වයස කියන්න වෙන්නේ...

    ReplyDelete
  13. කලු කපුටා සුදු වෙනතුරු
    මෝල් ගහේ දළු ලන තුරු
    120 ට 220 ක් ලියන්න ආවඩා ආයුබෝ වේවා
    තව ලියපන් අයියලා :t

    ReplyDelete
  14. සයිබර් අවකාශයේ සොඳුරු පූස් බ්ලොගේට මගෙනුත් සුභ පැතුම්..... තව ලියමු මලේ..... පුරු පුරුවට සුභ උපන් දිනක් වේවා.... කොළඹම ඉන්න එකේ හවසට සෙට් වෙමුද? :D

    ReplyDelete
  15. මගේ උනුසුම් සුභ පැතුම්.

    ReplyDelete
  16. සියලු පැතුම් ඉ‍ටුවෙන අනාගතයකට සුභ පැතුම්....

    ReplyDelete
  17. පුස් අයියාලා පිස්සු කථා කරන්න එපා..:k අපිට පිස්සු කියලා හිතුවාද ගඩොල් බිත්තියක් සාදරයෙන් ආදරයෙන් වැලඳගන්න... :h :h හි හී.. විහිළුවක් කලේ.. :c :c දුකින් ඉන්න වෙලාවල් වල ඔයාලගේ පෝස්ට් කියවලා හිනා වෙච්ච අවස්ථාත් තියෙනවා.:q :q හදවතින්ම සුබ පැතුම් 100 සටහනට.. :b :e :m පුරුපුරු අයියාටත් සුබ උපන්දිනයක් වේවා..:m :m :m අනාගතේ කරන්න ඉන්න වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :e :b
    :r අපේ පූස් අයියලාට ජයවේවා..! :t : b

    ReplyDelete
  18. නියමයි පූසනේ
    තව දිගටම ලියන්න හයි හත්තිය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ඕන්!
    මගෙත් ප්‍රියතම බ්ලොග් 1ක් තමයි උඹලගෙ එක.

    පුරු පුරුටත් සුභ උපන්දිනයක් වෙන්න ඕනි!

    -----------------------------
    පූසනේ පුළුවන්නම් මේ කමෙන්ට් වැටෙන ස්ටයිල් එක වෙනස් කරහන්, අනිත් අයගේ කමෙන්ට් කියවන්න ටිකක් අපැහැදිලි වගේ

    ජය වේවා

    ReplyDelete
  19. එළzzz සුභ පැතුම් මචන්ලා.... ඤාව් ඤාව් :c
    පුරුපුරු ටත් සුභම සුභ උපන්දිනයක් වේවා! ඤාව් ඤාව් ඤාව් :m

    ආ අඩේ මීයාව දැක්කාම කේක් අමතක වුනා :a

    ReplyDelete
  20. අපි හැමදාම BLOG ගඩොල් සමගයි. Comments දැම්මත් නැතත් අපි හැමදාම කියවනවා. නියමයි. දිගටම ලියන්න.

    පුරුපුරුටත් සුභ උපන්දිනයකට ආසිරි.....

    ReplyDelete
  21. පූස් සෙට් එකට මගේ සුබ පැතුම්
    ඇත්තටම ප්‍රශ්න කෝටියක් හිතේ තියන් ඉන්න වෙලාවක හිත හෑල්ලු කරන හිනාවෙන්නා බ්ලොග් ගඩොල් ගොඩ්ක වෙලාවට මට උදව් වෙලා තියෙනව.
    ඉතින් මේක තවා ගොඩාක් කල් ලියන්න ලැබේව කියලා පතනවා.

    පුරුපුරු ටත් සුභම සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  22. සුභ පැතුම් මචං... බොක්කෙන්ම, මාර සංතෝසයි බං... තව තවත් ලියන්න ශක්තිය ​ධෛරය , වෙලාව හැමදෙයක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... පූසෝ සෙට් එකේ හැමදෙනාටම.

    ReplyDelete
  23. හැමදාම බ්ලොග් අවකාශෙට ඇවිත් බලන මුලින්ම බලන බ්ලොග් (මගේ බ්ලොගයට කලින්) කිහිපයක් තියෙනවා. ඒ අතර මේ බ්ලොගයත් තියෙනවා, සතුටු වෙන්න. මේ මම විතරක් කියන දෙයක් නෙවේ. අපේ යාලුවො හැමොම මාත් එක්ක එකග වේවි
    අනාග්ටහය සුබයි යාලු...

    ජය...

    ReplyDelete
  24. ද්විත්ව ශතකයක් ගහන්න ලැබේවා..

    ReplyDelete
  25. කෝ බොලේ මම දාපු කමෙන්ට් එක.කලින් කමෙන්ට් සේරම වෙනස් වෙලා නේද?කමක් නෑ.අර කුණුහරුපයා හින්දා වෙන්න ඇති.ආපෝ කට්ටියට උගෙන් තියෙන කරදරේ.මිනිහට බනින්නෙත් ඇනෝලා විතරයි.(කෑව නේද ඉල්ලගෙන දැන් ඉතින් මගේ බ්ලොග් එකටත් කුණුහරුප ඇවිල්ල ඇති.කමක් නෑ කමෙන්ට් මොඩරේට් කරනවනේ.)
    ඉදිරි ගමනට සුභ පැතුම්

    ReplyDelete
  26. මුලින්ම බ්ලොග් ගඩොල් මල්ලිලාට සුබ පතනවා, 100නි ලිපිය වෙනුවෙන්.
    මගෙ නමත් මතක් වීම ගැනත් ස්තුතිය පිරිනමන්න කැමතියි.
    තව අවුරුදු 2ක් නෙමෙයි, 10ක් වත් ලියන්න ලැබේවා...!!!!
    අර මුල පිරුවයි කියන ලොකු වැඩේ සාර්ථක වෙන්න කියලත් පතනවා, (ඒ වැඩේ මොකද්ද කියල අවිශ්වාස කටයුතු මාර්ගෙකින් දැන ගන්න ලැබුනා)
    ආ.. තව පොඩ්ඩෙන් පුරු පුරු ට සුබ පතන්න අමතක වෙනව,
    පුරුපුරු මල්ලිට සුබම සුබ උපන් දිනයක් වේවා....!!!!

    ReplyDelete
  27. මුලු හදවතින්ම සුබ පැතුම් බ්ලොග් ගඩොල් පූසන්ට. ඔබ සියල්ලන්ම තවත් දීර්ඝ කාලයක් සිංහල බ්ලොග් අවකාශයේ රැඳී ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා

    PS
    කමෙන්ට්ස් දෙක තුනක් දාපු මාවත් මතකයි එහෙනං...... Thank you.

    ReplyDelete
  28. මේ බ්ලොග් එකට කවදාවත් මම කමෙන්ට් කරල නැහැ මගෙ මතකෙ හැටියට.නමුත් මේ නොවැරදීම කියවන ඉතාම රසවත් බ්ලොග් එකක්.බ්ලොග් එක "සරල වින්දනාත්මක" කියල ලේබල් කලාට යම් කථාවක් ඉදිරිපත් කරන ආකාරය ගැන කලාව බොහොම ලස්සනට තුන් යෙහෙලි වික්‍රමය වගේ කතාවල යොදාගෙන තියෙනව.සුබ පැතුම්!දිගටම ලියන්න.

    ReplyDelete
  29. මගෙනුත් උනුසුම් සුබ පැතුම්. පැය බාගයක් සුබ පැතුම් ටික ලිපේ දාගෙන හිටිය උනුසුම් වෙනකම්.
    දිගටම ලියපං මචංලා

    ReplyDelete
  30. සුභ උපන් දිනයක් පූසනේ.... විශේෂයෙන් පුරුපුරුට... තව තවත් ලියන්න ධෛර්යය ශක්තිය පතමි....

    ReplyDelete
  31. සුබ පැතුම්,නොදැවී තවත් ඉදිරියට බැට් කරන්නට ඔන්න සුබ පැතුම්!!

    ReplyDelete
  32. බ්ලොග් ගඩොල් කියන්නේ සින්ඩියෙ තියෙන මම අනිවා කියවන බ්ලොග් එකක්.සීරීස් එකක් පටන් ගත්තම අපි නොඉවසිල්ලෙන් ඉන්නේ ඒක කියවන්න.අයියලා හැමෝටම ස්තූතියි මෙයට.මම හිතන්නේ සින්ඩිය කියවන,ලියන හැමෝම එක පවුලක් වගේ.ඒනිසා මේක අපි හැමෝටම සතුටුදායී දෙයක්.දිගටම ලියන්න,අපි බලාන ඉන්නවා....

    ReplyDelete
  33. නිතර කමෙන්ට්ස් දැම්මෙ නැතත් මම ආසාවෙන් නොවැරදීම කියවන, මඟ ඇරුනොත් පහුගිය ඒවා පවා හොයල කියවන එකම බ්ලොග් එක මේක.
    තවත් ශතක ගහන්න වසනාව හැකියාව ශක්තිය පතනවා.
    පුරු පරුටත් සුභ උපන් දිනයක්. :b

    ReplyDelete
  34. හැමදාම කොමෙන්ට් නොකලට දිගටම කියවනවා! තව ලියන්න, සුබ පැතුම් !

    ReplyDelete
  35. පරක්කු උනාට සමාවෙයල්ල බොලව්, උදේ ඉඳං බොලාට දෙන්න හිතං හදාපු සුභ පැතුම තැම්බෙන්නෙ. හරි හමං දර කෑල්ලක් නැතුව පොල් කොළ දාල නෙව ලිප ඇවිළුවෙ. මේ පත්තු කරල අනිත් පැත්ත බලද්දී සු‍ටුස් ගාල පිච්චිලා නිවිල ගිහිල්ල. බොහොම අමාරුවෙන් රත්කොර ගත්තෙ. ඕං එහෙනං නවම් ගෙනුත් උනුහුම් සුභ පැතුම් ! හා හා යකුනේ පොරකන්න එපා බොලව් අත ‍රැවුල පිච්චෙයි. පේලියට වරෙව්. පුරු පුරු.. පැත්තකට වෙයන් ඇ‍ඟේ එල්ලෙන්නෙ නැතුව. ඕයි මාළුකට්ටො ඔයින් බාගයක් දීහං උපාසකට, ඉඳා ඤව්ව මේ කැල්ලෙ බොට. ඉතුරු ඩිංග බොලාගෙ ‍රැලත් එක්ක බෙදාගනිව්.

    ReplyDelete
  36. ඔන්න පූසොන්ට පිණිබිඳුගෙනුත් උණුසුම් සුභ පැතුම් හොඳේ. අපේ පුරුපුරුටත් එක්කම. ඉක්මනට 1000 වෙනි පෝස්ට් එකත් ලියාගන්න ලැබේවා.

    ReplyDelete
  37. කරුණූ කීපයක් තියෙනවා කියන්න.

    1. මුලින් ම කියන්නම් ඔබටත් එපා නොවී, අපටත් එපා නොවී දිගින් දිගටම ලියන්න ස්ටැමිනා ලැබේවා කියලා.

    2. ඊලඟට කියන්න ඕන මගේ නං කිසිම දැවැන්ත කමක් නැති බව.

    3. සරල වින්දනාත්මක කියන්නේ පොඩි ජොලියක් ලැබෙන, ටිකක් හිතටත් වදින කතන්දර කියන එකයි, මට හිතෙන විදියට. මං කඳුළු කතා සීරීස් එකක් ලියන්න ගිහින් පාඨකයෝ අකමැති වගේ හින්දා අල්ලලා දැම්මා. ඒවා මං මගේ නමින් ලියනවා පිළිගත් ලිඛිත භාෂාවෙන්.
    හැබැයි බූට් කතාවලට නං කට්ටිය කැමතියි වගේ නේද?

    4. ටැබූ තමයි මට මුලින්ම පහදලා දුන්නේ අවුරුද්දේ ඇනිවසරියට වඩා වැදගත් ලිපි 100 ක් දාන එක බව. ඒක බ්ලොග් ගඩොල් එකෙනුත් පැහැදිලි වුනා.

    5. මේ ඉමොෂන්-අයිකොන්ස් වලට නං මගේ කැමැත්ත්ක් නෑ. මට ඒවා දාපු කමෙන්ට් කියවන්න බෑ. විසිහතර පහුවෙලා හින්දා වෙන්න ඕනෑ.

    -කතන්දරකාරයා

    ReplyDelete
  38. සීයට දෙසීයක් ආවඩ ආයුබෝ වේවා. කියවපු නැති සීරීස් දෙක තුනක් තියෙනවා. නිවාඩු පාඩු වෙලාවක් අල්ලල කියවන්න ඕනෙ.

    ReplyDelete
  39. සුභ පැතුම් සහෝ, ඇත්තෙන්ම කොමෙන්ට් තමයි අපි හැමෝම මෙම බ්ලොග් කෙරුවාවෙන් ලබන අස්වැන්න, ඉතින් අපි හැමෝම පුලු පුලුවන් වෙලාවට කාට කාටත් වචනයකින් හරි තමන්ගෙ සහය දක්වනවනම් ඒක තමයි මේ සිංහල බ්ලොග්,ලෝකයට ගෙනියන්න මේ කරන උත්සාහයේ වැදගත්ම කොටස වෙන්නෙ, මොකද ඒකෙන් තමයි බ්ලොග් ලියන වගේම කියවන සහෝදර කැල මේ සඳහා තියෙන කැමැත්ත සු‍රැකෙන්නෙ. ඔන්න සහොදරය සංහිඳපාමුළ ඔයාලට සුභ පැතුමක් එක් කරනව, බ්ලොග් අවකාශයේ එකසිය විස්සට දෙසිය විස්සක් අයු බෝ වේවා කියා.:t

    ReplyDelete
  40. උඩින් තාරක කියල තියෙන්නෙ මමනම් වෙන්න බෑ :i
    උනුසුම් සුබ පැතුම් පූස් යාලුවො සෙට් එකටම! :t
    දිගටම, තව කතා සීරීස් ගනන් ලියන්න ශක්තිය ලැබේවා :b

    ReplyDelete
  41. පුරු පුරු ට සුබ උපන්දිනයක්!!! ඒ වගේම බ්ලොග් ගඩොල් වලටත් ශතකය වෙනුවෙන් සුභ පැතුම්!! මම මේ බ්ලොග් එක පටන් ගත්ත දවස් වල ඉඳන් කියෙව්වා. ඉදිරියටත් මේ වගේ සිරාවට ලියන්නට පූසන්ට ජයෙන් ජය!

    ReplyDelete
  42. මචංලා . . . අද තමයි මම මෙතනට මුලින්ම ආවෙ . . . අම්මප කතා ටික නං පංකාදු පහයි. උඹලට දිගටම කොටාගෙන කොටාගෙන යන්න ඇඟිලි වලට යෝද බල යොද වීරිය ලැබෙන්නයි කියල මම ඉතසිතිං (ඒ කිවුවට ඉතිං කී බෝඩ් එකෙං තමයි) පතන අතරේම මේ දැං (හවස 7.01ට) අභියා බරපතල ලෙස කල්පනාකරමින් ඉන්න කතා ඉවරවීමේ අර්බුදයකට ලක් නොවේවා කියලත් පතනව.

    අද දින සිය ජීවන මංපෙතේ විසි හතර වෙනි සැතපුම් කනුව පසුකරන පුරු පුරු මාමාට . . . . මේ සුභ අනාගතයකට සුභාසිංසන ගෙන එන්නේ . . . . ඕනමැන්ටල් චූටි පුතා

    ReplyDelete
  43. ඔන්න එහෙනං කේක් කෑල්ලකුත් කාලා සුබ පැතුවා.... උඹලා ලියන කල් අපි කියවන්නං මලේ....
    අපොයි... පුරුපුරුවා ඉපදිලා ද ඉන්නේ...?

    ReplyDelete
  44. එළ එළ. හැම තිස්සෙම කමෙන්ට් නොදැම්මත් බ්ලොග් ගඩොල් මගෙ ප්‍රියතම බ්ලොග් අතලොස්ස අතරින් එකක්.
    හෑ පුරු පුරුත් ඉපදිලා තියෙන්නේ මම ඉපදුන අවුරුද්දෙම , මම ඉපදුන මාසෙම මම ඉපදෙන්න දවස් කීපෙකට කලින්නේ..
    ම්හ් .. පුරුපුර් අයියා හැපි බර්ත් දේ වේවා කිව්වා එහෙමනං...

    ReplyDelete
  45. මං මේක පංගරාත්තු උනේ පූසොන්ගේ චංචලා සීරීස් එකත් එක්ක..
    සීරීස් කියවන්න ආසාවෙන්ම ආපු බ්ලොග් එක.. දිගටම ලියපල්ල මචංලා... 200 දාපු දාට අපේ ගෙදර මීයෝ ඔක්කොම උඹලට බාරයි.

    ReplyDelete
  46. ආව වගේම තව 100කට එහා යන්න බොක්කෙන් ම සුභ පැතුම් !!!

    ReplyDelete
  47. අපි ඔක්කොම එක කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්තු කට්ටිය වගේ...... මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
    උඔලගේ පුස් කතායි මම හිටපු කුරුලු හමුදාවේ කතායි ගොඩක් දුර​ට එක සමානයි.....
    අපිත් එක අතකට හොස්ටල් ලයිෆ් එකක් තමා ගත කලේ.....

    දිගටම ලියන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා....
    -කෙහෙල් කොටුවේ චුටි මහත්තයා

    ReplyDelete
  48. 100 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම්... ඉක්මණටම 200ත් ලියන්න... :e

    ReplyDelete
  49. මගේ උණුසුම් සුභ පැතුම්,
    කතන්දර ටික නම් මල් හතයි,
    මම අනිවා කියවන බ්ලොග් එකක් තමයි බ්ලොග් ගඩොල් කියන්නෙ.
    උඹලට ජයෙන් ජය මල්ලියෝ

    ReplyDelete
  50. සුබ පැතුම්!!!!පුරුපුරුටත් එක්කම.....දිගටම ලියන්න.

    ReplyDelete
  51. මොන ගින්නෙ හිටියත් උඹලට සුභ පතන්නැතිව ගොහිං කොහොමද මලේ!
    ජය වේවා!

    ReplyDelete
  52. ape puru puruta bohoma satutudayaka upan dinayak wewa........

    blog ekata amuthuwen itin honda kiyannawath, suba pathannawath deyak ne, mokada udin tiyana comment tika ekata athi......

    subama tama puso set ekata....

    ReplyDelete
  53. සීයක් ලිව්ව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි තමයි,ඒ කියන්නෙ අපිත් ලිපි සීයක්ම කියෙව්වයි කියන එක නේද?, මගේ සුබ පැතුම්,

    ReplyDelete
  54. ජය වේවා!
    ආයිබෝ වේවා!

    ReplyDelete
  55. ඒ කියන්නේ පුරුපුරු අඩු මාසෙන්ද?

    ReplyDelete
  56. නියමයි පූස් සහෝදර වරුනි එහෙනම් මේතරම් දුරක් ඔය කට්ටිය අවිල්ලා . මම බ්ලොග් ලියන්න හීනෙකින්වත් නොහිතන කාලෙත් ඔයාලගේ බ්ලොග් එක බැලුවා . මේකෙ ලියලන කතා මම ආසාවෙන් බැලුවා . ඉදිරියටත් බලනවා .දිගටම ලියපල්ලා . අපි උඹලත් එක්ක . හැමදාකම ඉන්නවා . ඕනම උදවුවක් මේ රටේ කොහේ උන්නත් කරන්න අපි ලෑස්තියි ..

    එහෙනම් 100 ගැහුවනේ 1000 ගහමු ..ගේමක් නෑ ..

    ජය වේවා !!

    පුරු පුරුට සුබම සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  57. බොලවු පූසනේ පරක්කු උනා..ඇයි ඉතිං යක්කල ඉඳලා පූස් ගමට කොයිතරංනං දුරක්ද නේද..?

    උඹලා ටික කරන මේ වැඩේට සහ 100ට මගේ සුභ පැතුම්...

    ආයේ කතා දෙකක් නැහැ මේක මාත් ආසම අඩවියක්...
    දැගටම කරගෙන යමු..ඇත්තටම මීට වැඩි දෙයක් ලියන්න ඕන උනත් මොන මගුලක්ද මංදා මට ලියවෙන්නේ නැහැ බොලවු...
    කී බෝඩ් එකේ ඇගිළි හප්පන්න පුදුම අමාරුයි.

    ReplyDelete
  58. සුබ පැතුම් .....

    ඤාව් ඤාවු ඤාවු ඤාවු ......
    ඤාඤාඤාඤාඤාවු......
    ඤාවු ඤාවුවු වු වු
    ඤාවු ඤාවුවුවුව

    හිහි ... කවියක් ලියන්න ගලපගන්නත් බැහැ... පූසන්ට සුබ පැතුම්...

    ReplyDelete
  59. 100ට ජය වේවා!!! ගඩොලෙන් ගඩෝල බැදලා ලස්සන මාලිගාවක් හැදිලා....ඒක තවත් ලස්සන වේවා!!!
    ජය වේවා!!!
    තොපි විභාග කියාලා මේක ලියන එක අඩු කොරොත් නේ බලා ගන්නේ....දෙන්නේ ඉකේයියා වෙන්න....

    ReplyDelete
  60. ඔහොම යා........න්.
    එලකිරිස් අයියලා ! හීතල සුබ පැතුම් !
    දිගටම ලියන්න! එකදිගට කොමෙන්ට් නොකෙරුවට අපි එනවා හැමදාම මේක කියවන්න.

    ReplyDelete
  61. හුරේ !!! ශතකයට සුබපැතුම් !!!
    වැඩිම ලකුණු වර්ල්ඩ් රෙකෝඩ් එක බිඳ දැමීමට හැකි වේවායි පතනවා !!
    :e

    ReplyDelete
  62. හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ සුභපැතුම් වලට. ඇත්තටම ඔයාලාගේ සුභ ප්‍රාර්ථනා අපිට ලොකු ශක්තියක් ඉදිරියට යන්න. ඉස්සරහටත් දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් බොහොම ස්තුතියි.

    ReplyDelete
  63. @ ජෝතිෂ ලංකා - අපි මචං උඹේ කොමෙන්ට් අයින් කළේ නෑ. කවදාවත් කොමෙන්ට් මොඩරේට් කරලත් නෑ. පොඩි වැරදීමක් වෙලා වගේ. ගොඩක් ස්තුතියි :b:b:b

    ReplyDelete
  64. This comment has been removed by the author.

    ReplyDelete
  65. දවස් ගණනාවකට පස්සේ අද තමා නෙට් ආවේ. එන්න ප්‍රමාද උනා කියා වෙනසක් නෑ. 100 වෙනි පොස්ට් එකෙන් නොනැවතී දහස් ගණනින් පොස්ට් ලියන්නට ශක්තිය ධෛර්යය පතමි.
    පුරු පුරු මල්ලිටත් සුභ උපන්දිනයක්.(කේක් නම් දැන් ඉවරත් ඇතිනේ)

    ReplyDelete
  66. පරක්කු වුණාට සමාවෙන්න ඕන හොඳේ. ජයවේවා.. සුබ පැතුම්..!

    ReplyDelete
  67. අඩේ මගෙනුත් සුබ පැතුම සැට් එකටම. අනේ බන් මට අදටත් පැටලැවෙනවා... මේක පූසො කී දෙනෙක් ලියනවද කියල... කමක් නෑ සැට් එකේම කතා නම් උපරිමයි. වෙලාවත් එක්ක අවුල... මේ ලඟදි නිදි මාරගෙන එක සීරිස් එකක් එවර කලා.

    උපරිමයි මලේ... මාත් බ්ලොග් ලියන්න ගත්තු කාලෙ නොවැ උබ පටන් ගත්තෙ.

    සුබ පැතුම්.

    ReplyDelete
  68. මල්ලිලා මේක ඈති දැන්... අපිට වෙන පෝස්ට් එකක් දෙන්නේ නැද්ද?

    ReplyDelete
  69. mokada ban une umbalata? 100 post liyala iwara wela marunada? :b :b

    ko ban thawa post ekak liyanne nadda? :f

    ReplyDelete
  70. moko machn kaalekin aluth post ekak natte,101 wani post eka danakan api balan innawaa :D good luck machoo

    ReplyDelete
  71. පරක්කුවෙලා හරි මගෙනුත් උණුසුම් සුබ පැතුම්.
    තව දහස් ගණනක් පෝස්ට් ලියන්නට හැකියාව ලැබේවා. :t

    ReplyDelete
  72. අලි අලේ...!! 100 වෙනි ලිපියට මගේ සුබාශිංසණ..!!

    ජය වේවා පූසන්ට..>!!

    ReplyDelete
  73. ඔබලාගේ බ්ලොග් අඩවිය තව තවත් සාර්ථක වේවායි පතන අතරම මගේ උණුසුම් සුභපැතුම්!!

    ReplyDelete
  74. හානේ... ඉඳල හිටල කොමෙන්ටුවක් දෙකක් දාන මටත් ඔයාල කිව්වා නේ... මාවත් මතක් කරාට බොහොම ස්තූතියි. පූසන්ගේ blog එක මම ආසම blog එකක්. මේ එකේ කතා ලියන හැම පූසටම සුබ පතන අතර මේ කතා ලස්සන කරන්න වස්තු බීජ වුණ හැම character එකටම ස්තූතියි.
    ජය පූස්!

    ReplyDelete
  75. බ්ලොග් ගඩොල් පාරවල් එකක් දෙකක්වත් කන්නේ නැතුව මාරම පාලුයි අප්පා ..

    ඉක්මනට ලියපියවු ...

    ReplyDelete
  76. යකුනේ මුලු අවකාශෙම පාලුවට ගොහිල්ල.. :s ඉක්මනට වරෙව්... මගුල... :h

    ReplyDelete
  77. බොහොම ස්තුතියි යාලුවනේ. පහුගිය දවස්වල පොඩි වැඩ ටිකක් යෙදිලා ගඩොල් අදින්න බැරිවුණා. හෙට අලුත් කතාවක් ලියන්නම්.

    :g:g:g:g:g:g:g

    ReplyDelete
  78. machan gadol mokada ban me dawas tike silence??????damuko aluth post 1kak

    ReplyDelete
  79. පූසනේ මේ බ්ලොග් එකේ ලිංක් එක අප්ඩේට් වෙන්නේ නැත්තේ මගේ විතරද ? මම මේ අහම්බෙන් ආපු ගමන් ..

    ආපහු දකින්න ලැබිච්ච එක මාරම සතුටක් ...සීය ගැහුවා විතරයි කස්ටිය පේන්නවත් හිටියේ නෑ නේ ..

    ReplyDelete
  80. මට පහුගිය දවස් වල මොකක්වත් කරන්න හම්බ වුනේ නැහැනේ..
    සුභ පැතුම් සහෝ..
    එලකිරි වගේ 200 ටත් මෙහෙමම යන්..
    පටන් ගන්න ඕනේ ඉතුරු ටික කියවන්න..

    ReplyDelete
  81. බොහොම ස්තුතියි යාලුවනේ. බ්ලොග් එකේ RSS ‍ෆීඩ් වල මොකක්හරි අවුලක් තියෙනවා. තවම ඒක හදන්න උත්සාහ කරනවා.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???