අඹ යාලුවෝ
Saturday, March 5, 2011
මහේෂි - maheshi
ඉතිං යාලුවනේ කොහොමද සැප සනීප එහෙම? මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්නංකෝ සති දෙකක් තිස්සේ කිසිම ලිපියක් පළ කරන්න බැරිවෙච්ච එකට. ඉතිං අද අපි ඔයාලාට කියන්න යන්නේ අපේ ඤාව්වාට වෙච්ච වැඩක් ගැන.
මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල් හරියෙ ඉන්නකොට. ඔය වෙද්දි ඤාව්වා හිටියෙ කලුකුමාරි ගැන තමන්ගෙ හිතේ තිබුන අදහස ගොඩක් දුරට අමතක කරලා දාලලු. ඔය අතරෙ තමයි එක දවසක් මෑන්ස්ට නුවරඑළියෙ ටූ ඩේ ට්‍රිප් එකක් යන්න චාන්ස් එක ලැබුනෙ. මේ ට්‍රිප් එක ඕගනයිස් කරලා තිබුනෙ ඤාව්වගෙ තාත්තා වැඩ කරන ඔෆිස් එකෙන්ලු.
කොහොමහරි ට්‍රිප් එක ගිහින් ආපු අපේ ඤාව්වා හිටියෙ බොහොම ප්‍රබෝධමත් විදිහට, බොහොම සතුටින්. කොටින්ම අනිත් පූසන්ට මුලින්ම හිතාගන්නත් බැරුව හිටියෙ ඤාව්වාට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඉතිං කට්ටිය තීරණය කළාලු වහාම ක්‍රියාත්මක වෙන පරිදි මෑන්ස්ගෙ හදිසි වෙනස්වීමට හේතුව හොයන්න. හැබැයි ඉතිං අනිත් පූසො ඤාව්වාගෙන් අහන්නත් කලින් මෑන්ස්ම තමයි තමන්ගෙ සතුටුදායක වෙනසට හේතුව හෙළිකළේ.
ඤාව්වා :- අඩෝ මාර කේස් එකනෙ බං! මට ට්‍රිප් එක ගිහින් කෙල්ලෙක් සෙට් වුණානෙ.
පුරුපුරු :- නෑ? එළකිරිනෙ බං! කවුද කවුද ඔය කෙල්ල? අපි දන්න කියන කෙනෙක්ද?
ඤාව්වා :- නෑ බං! අපේ තාත්තලෑ ඔෆිස් එකේ වැඩකරන අංකල් කෙනෙක්ගෙ දුවෙක්. නම මහේෂි. අපේ වයසෙ. ඉස්කෝලෙ යන්නෙ අගමැති බාලිකාවට. කොමර්ස් කරන්නෙ. ඉන්නෙ දෙහිවල පැත්තෙ. හික් හික්...තව මොනවද උඹලට දැනගන්න ඕනෙ?
බැලින්නං මුලු ට්‍රිප් එකේම පූසන්ගෙ වයස් කාණ්ඩෙ නියෝජනය කරන්න ඉඳලා තියෙන්නෙ ඤාව්වයි, මහේෂියි විතරයි. ඉතිං ට්‍රිප් එකත් දවස් දෙකේ එකක් වෙච්ච හින්දා, ඤාව්වාට කිසිම අමාරුවක් වෙලා නෑ මහේෂි එක්ක හොඳට ෆිට් වෙන්න. කොහොමහරි මේ ෆිට් වීම කොච්චර දුරදිග ගිහින්ද කියනවානං, අන්තිමට ගෙදර එන්න කලින් අපේ ඤාව්වා පෙම්පූසෙක් වෙලා ඉවරයිලු. මේ මෑන්ස්ගෙ ෆස්ට් ලව් එක හින්දා අපේ ඤාව්වා හිටියේ කියාගන්න බැරි තරම් සතුටකින්.
හැබැයි ඉතිං ට්‍රිප් එක ඉවරවෙලා ගෙදර ආවට පස්සෙ තමයි මෑන්ස්ට මතක්වුණේ, තමන් මහේෂිත් එක්ක යාලු වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගත්තෙ නෑ නේද කියලා. ඒ වගේම මහේෂිටත් අමතක වෙලා තිබුනා ඤාව්වාගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න. දැන් ඉතිං මේ දෙන්නාට ඇතිවුණ මුල්ම ප්‍රශ්නෙ තමයි සන්නිවේදනය පිළිබඳ ගැටලුව.
ඤාව්වාට මේ වෙද්දි කොහොමත් මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නෑ. ඉතිං මෑන්ස්ගෙ ප්ලෑන් එක වුණේ මහේෂිගෙ ෆෝන් නම්බර් එක හොයාගෙන එයාට කෝල් කරන එක. ඒත් ඉතිං මහේෂිගෙ නම්බර් එක හොයන එකත් ලේසි වැඩක් වුණේ නෑලු. මොකද මේ වෙද්දි අපේ පූසන්ට අගමැති බාලිකාවෙ දැරිවියොත් එක්ක එච්චර කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒත් ඉතිං ඤාව්වා උඩ බලාගෙන හූල්ලනවා බලාගෙන ඉන්න බැරි තැන පුරුපුරුයි, උපාසකයි තීරණය කළාලු, අගමැති බාලිකාවෙ හිටපු ටිකක් විතර දන්න අඳුරන ගෑනු ළමයෙක් ලව්වා මහේෂිගෙ නම්බර් එක හොයාගන්න.
ඉතිං අපේ පූසන්ගෙ පළවෙනි මිෂන් එක වුණේ ඔය කියන ගෑනු ළමයාව අල්ලගන්න එක. එයාගෙ නම තමයි සමාධි. සමාධිත් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු ගෑනු ළමයෙක්. ඉතිං එක දවසක් කොමර්ස් පන්ති ඇරෙන වෙලාවෙ අපේ පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි, මී කතුරායි, මාලුකට්ටායි ගම්පහ බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන හිටියලු සමාධි එනකං. ඔය වෙද්දි සමාධි ගැන පැතිරිලා තිබුනු එක එක කටකතා වල හැටියටනං, එයත් එක්ක ප්‍රසිද්දියෙ කතා කරන එකත් කට්ටියගෙ කාඩ් කුඩුවෙන වැඩක්. ඒත් ඉතිං ඤාව්වාගෙ වැඩේ කෙරෙන්නත් ඕනෙ නිසා පූසො හිත හදාගත්තලු සමාධි එක්ක කතා කරන්න.
ඔය අතරෙ තමයි බස්ටෑන්ඩ් එකේ කෙළවරකින් සමාධි මතුවුණේ.
සමාධි :- ආ...උපාසක! කොහොමද ඉතිං?
උපාසක :- වරදක් නෑ සමාධි, අපි මේ ඔයාව හම්බවෙන්නම තමයි බලාගෙන හිටියෙ.
සමාධි :- මේ මාව? ඒ මොකටද?
උපාසක :- ඔයා දන්නවද ඔයාලාගෙ ඉස්කෝලෙ ඉන්න මහේෂි කියන ගර්ල්ව? කොමර්ස් කරන්නෙ.
සමාධි :- ආනේ මහේෂිද? එයා අපේ ක්ලාස් එකේමයි ඉන්නෙ. ඇයි මොකද?
උපාසක :- හික්ස්...නෑ.. මේ අපේ ඤාව්වා දැන් එයත් එක්ක යාලුනෙ. මූට ඒ වුණාට මහේෂිගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න අමතක වෙලා.
සමාධි :- හික් හික්!! කොන්ග්‍රෑට්ස් ඤාව්වා. බලන්නකො මහේෂි අපිටවත් කිව්වෙ නෑනෙ. හැබැයි ඉතිං එයා මොබයිල් ෆෝන් එකක් යූස් කරන්නෙනං නෑ. ඔයාට කෝල් කරන්න වෙන්නෙ ලෑන්ඩ් ෆෝන් එකට තමයි.
ඤාව්වා :- ලෑන්ඩ් ෆෝන් එකට කතා කළාට කමක් නැද්ද දන්නෑ නේද?
සමාධි :- ඒකනං එච්චර හොඳ වැඩක් නෙවෙයි වගේ. මම කියන්නද? මම මහේෂිට විස්තරේ කියලා එයාගෙන් අහන්නං මොකද කරන්න ඕනෙ කියලා. ඔයා හෙට මට කෝල් එකක් දීලා පණිවිඩේ අහගන්න. මම කෝකටත් මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකත් දෙන්නංකෝ.
මෙහෙම කියපු සමාධි මහේෂිගෙ ලෑන්ඩ් ෆෝන් එකෙයි, තමන්ගෙ මොබයිල් එකෙයි නම්බර්ස් දෙකම පූසන්ට දුන්නලු. කොහොමත් සමාධිගෙ මොබයිල් නම්බර් එකනං කොල්ලො අතරෙ ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉල්ලගන්න අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. කොහොමහරි එදා අපේ ඤාව්වා ආපහු ගෙදර ගියෙ ලොකු සැහැල්ලුවකින්.
පහුවදා මෑන්ස් සමාධිට කෝල් කරලා වෙච්ච දේ අහගෙන තිබුනා. බැලින්නං මහේෂිටත් ඤාව්වගෙ නම්බර් එක හොයාගන්න බැරුව ගොඩක් දුකින් තමයි ඉඳලා තියෙන්නෙ. ඉතිං සමාධි ගෙනාපු ආරංචියෙන් ගොඩක් සතුටට පත්වෙච්ච මහේෂි, සමාධිට කිව්වලු සෙනසුරාදා දවල්ට තමන්ට කෝල් එකක් දෙන්න කියලා ඤාව්වාට පණිවිඩේ දෙන්න කියලා. සෙනසුරාදා දවල් වරුව මහේෂිලාගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් සාමාන්‍යයෙන් නැති වෙලාවක්. ඒ වගේම වැඩිවෙලා කතා කරන්නෙ නැතුව ඉක්මනට ෆෝන් එක තියන්න කියලාත් ඤාව්වාට උපදෙස් ඇවිත් තිබුනා.
හැබැයි ඉතිං ඔය වෙලාවට අපේ පූසො කට්ටිය ඉන්නෙ ගම්පහ ක්ලාස් ඇවිල්ලා. මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එක ඉවරවෙලා ඊළග ක්ලාස් එක පටන් ගන්නකං කට්ටියට පැයක හමාරක බ්‍රේක් එකක් හම්බවෙනවා. ඉතිං අපේ පූසො කට්ටිය තීරණය කළේ මහේෂිට කෝල් කරන්න මේ වෙලාව සුදුසුයි කියලා.
ඉතිං ඊළග සෙනසුරාදා, ඔය තීරණය කරගත්තු වෙලාවෙ අපේ යාලුවො කට්ටිය ගියාලු ගම්පහ බස්ටෑන්ඩ් එකයි, රේල්වේ ස්ටේෂන් එකයි අතර තිබුන කොයින් බොක්ස් එක ළගට. මේ වෙද්දි ඤාව්වා මහේෂිත් එක්ක අන්තිමට කතා කරලා සතියකටත් වඩා ගිහින් තිබුනා. ඉතිං පොර දැන් ෆුල් එක්සයිට් වෙලා ඉන්නෙ මහේෂිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න. හැබැයි එක්සයිට්මන්ට් එක වැඩිකමට ඤාව්වාට දැන් කෝල් එක ගන්නත් බෑ බෑ වගේලු.
ඤාව්වා :- අඩෝ මචං, මටනං ගන්න බෑ වගේ බං! උඹලා කවුරුහරි කතා කරපංකෝ, මටනං දැන් කතා කරන්න බෑ බං! අනේ ප්ලීස් බං!!
දැන් ඤාව්වා හෝ ගාලා නහයෙන් අඬනවා. ඉතිං මේ වෙලාවෙ මෑන්ස්ට උදව් කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ අපේ මාලුකට්ටා.
මාලුකට්ටා :- හරි, මම දැන් උඹ වෙනුවට කෝල් එක ගන්නංකෝ. ඉතිං ඊටපස්සෙ මම මොනවද කියන්න ඕනෙ?
ඤාව්වා :- උඹ කෝල් කළාම මහේෂි ආන්සර් කරයි මචං. ඊටපස්සෙ කියපං හෙට ක්ලාස් ඉවරවෙලා 3ට මාව ගම්පහ බස්ටෑන්ඩ් එකේදි මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලාත් කියපං මචෝ!
මාලුකට්ටා :- ආ...ඔය ටික කියන එකත් මහ වැඩක්යැ! මම දෙන්නං නියමෙට වැඩේ.
මෙහෙම කියපු මාලුකට්ටා, සුභ මොහොතින් කොයින් බොක්ස් එකට පහේ කාසි දාලා, මහේෂිගෙ ගෙදරට කෝල් කරන්න ගත්තලු.
ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....ක්රීං....
මහේෂිගෙ ගෙදරින් :- හෙලෝ! කවුද කතා කරන්නෙ?
මාකට් :- ආ...මේ මහේෂි නේද?
මහේෂිගෙ ගෙදරින් :- ආ..නෑ නෑ!! මම මහේෂිගෙ අක්කා කතා කරන්නෙ.
මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. මළ කෙළියයි. බැලින්නං කෝල් එකට ආන්සර් කරලා තියෙන්නෙ මහේෂි නෙවෙයි, මහේෂිගෙ අක්කා. ඉතිං අපේ මාලුකට්ටා බයවෙච්ච පාර එක අතකින් රිසීවර් එක වහගෙන "අක්කා...අක්කා..." කියලා අනිත් පූසන්ට පහත් හඬින් කියන්න පටන් ගත්තලු. ඒත් අවාසනාවට වගේ මේ වෙද්දි අනිත් පූසො කට්ටිය හිටියෙ, කොයින් බොක්ස් එකෙන් ටිකක් එහාට වෙන්න. ඒ හින්දා මාලුකට්ටා කියපු දේ අනිත් පූසන්ට පැහැදිලිව තේරුනේ නෑ.
ඤාව්වා :- ඉක්මනට පණිවිඩේ කියලා ෆෝන් එක තියපං බං. ඒකිගෙ අම්මලා ගෙදරද දන්නෙත් නෑ.
මාකට් :- හා හා...ඔන්න මම කිව්වා එහෙනං
අක්කේ මහේෂිට කියන්න හෙට ක්ලාස් ඉවරවෙලා හවස 3ට ගම්පහ බස්ටෑන්ඩ් එකේදි ඤාව්වාව මීට් වෙන්න කියලා. ගෙදරට හොරෙන් එන්න කියලත් කියන්න.
මහේෂිගෙ අක්කා :- මොකක්? ගම්පහ? ඤාව්වා? කවුද ඔය කතා කරන්නෙ? කවුද තමුසෙ?
ඉතිං මහේෂිගෙ අක්කාගෙ ටෝක්ස් වලට බයවෙච්ච මාලුකට්ටා කළේ කෝල් එක කට් කරලා, අනිත් පූසො හිටපු තැනට දුවගෙන ආපු එක. ඊටපස්සෙ තමයි කට්ටිය දැනගත්තෙ සිද්දවුණේ මොකද්ද කියලා. කොහොමහරි ඤාව්වා මාලුකට්ටාගෙ බෙල්ල මිරිකන්න ගිය එක අනිත් පූසො එකතු වෙලා නවත්තගත්තෙ ෆුල් ගේමක් දීලා.
එදායින් පස්සෙ කවදාවත් පූසන්ට මහේෂි ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නෑ. සමාධිත් ඉඳලා හිටලා හරි මුණගැහුණොත් පූසන්ට රවාගෙන ගියා මිසක් කතා කරන්න සෙට් වුණේ නෑ. ඔන්න ඔහොමයි අපේ ඤාව්වාගෙ පළවෙනි ආදරයට නැවතීමේ තිත වැටුනෙ. අපි හිතන්නෙ පහුගිය කාලෙ බ්ලොග් අවකාශෙ පළවෙච්ච ආදර කතා එක්ක බලද්දි මේකනං කෙටිම කෙටි ආදර කතාවක්.
Labels:
උපාසක,
ඤාව්වා,
පුරු පුරු,
මාළු කට්ටා,
මී කතුරා
Subscribe to:
Post Comments (Atom)
අඩේ.. හෙහ් හෙහ් වැඩක් නෑ කතා කරලා.මචං ඕනේ සෙට් එකක ඔය වගේ එල කොල්ලො ඉන්නවා.මම කිව්වෙ මාලු කට්ටා ගැන.. බොක්කත් රිදෙනව හිනා වෙලා...
ReplyDeleteජය...
මොකක්ද බං අර මාළු කට්ටා කරපු බලු වැඩේ. ඌට පූස් මොළයක්වත් තිබිල නෑ නෙ. :D
ReplyDeleteගඩොල්, තාම පොස්ට් වල ආර් එස් එස් ෆීඩ් එන්නේ නෑ, බ්ලොගර් අප්ඩේට්ස් එන්නෙත් නෑ
ReplyDeleteEla..Ela..
ReplyDeleteDon't stay without writing malli...keep it up :b
මල්ලිලා මම ලඟදී තමා මේ බ්ලොග් කියවීම පටන් ගත්තේ.හොඳ කථා තියෙනවානේ.මතක් වුණා පරණ ගම්පහ කතන්දරත්. ඔහොම යං ජය වේවා
ReplyDeleteමේ මාලු කට්ටාගෙ මොලේ කට්ටවක් නැද්ද :j
ReplyDeleteහරියට නිකන් අර "කලුවා මාරපන් ගිය" එකේ අනිත් පැත්ත වගේ :f
අපොයි පව් අප්පා පූස්. මම හිතුවෙ තවත් මෙගා සීරීස් ලව් ස්ටොරියක් පටන් ගත්තා කියලා. කියවන්න හරි බරි ගැහෙන කොට යකෝ ඒ ලව් එක පටන් අරන් ඉවරත් වෙලා. හික් හික්.
ReplyDelete:h
ReplyDeleteමාර සිද්ධිය :s මම නම් කියන්නේ අක්කගේ තමයි වැරැද්ද. අක්කලා නංගිලා වුනාම එක එක්කෙනාට උදව් කරගන්ට එපෑයැ :f
ReplyDelete:s හලේ... සමාධි රවන්න ගියේ අහවල් එහෙකටද? මදැයි මම මේ රෙඩි වුනේ දිග සීරිස් 1ක් කියවන්න. මාලුකට්ටගෙ කටු ටික තාම යහතින් ඉතුරු වෙලා තියෙනවද?
ReplyDeleteඅනේ ඉතින් මාලු කට්ටගේ කටු මොලේ...... :h :h
ReplyDeleteකලකට පස්සේ ගඩොලක් දැක්කේ.. :b අයියෝ මෙහෙමත් මාලුකට්ටෙක් :h :h
ReplyDeleteපුදනකොටම කාපි යකා කිවුවලු....මාලුකට්ටා රාජකාරිය අකුරටම කරලා තියනවා...
ReplyDeleteකොයි තරම් දුර යන්න තිබ්බ ලව් එකද්ද අර මාකට් නැති කරලා දාලා තියෙන්නේ....
ReplyDeleteදෙහිවල පැත්තෙය කියපු ගෑනු දැරිවිට ගම්පහට එන්න කිවුවා මාලුකට්ටා හම්බවෙන්න?
ReplyDelete@ සිතුවිලිමණ්ඩිය - දෙහිවල පදිංචි වෙලා හිටියා කිව්වාට මේ කට්ටියට ගම්පහ පැත්තෙත් ගෙදරක් තිබුනාලු. අපිත් නොදන්න මොකක්හරි හේතුවක් නිසා මේ ළමයා එක සබ්ජෙක්ට් එකකට ගම්පහ ක්ලාස් ආවලු. හැබැයි කවදාවත් පූසන්ට හම්බවුණේනං නෑ. මෙයා ගැන වැඩිපුර විස්තර දන්නේ නෑ. මොකද අඩුගානෙ ඤාව්වාවත් මෙයා ගැන හරි හමං විස්තරයක් දන්නෙ නෑ.
ReplyDeleteසමහරවිට ගම්පහ තිබුනේ නෑදෑ ගෙදරක් වෙන්න ඇති. මහේෂිගෙ තාත්තා ඒ පැත්තෙ කෙනෙක්ලු :r:r:r
ReplyDeleteකෙටියි නෙන්නම්. හොඳටම කෙටි කතාවක්. හැබැයි අපේ එකෙක්ට ඕකත් ඇති වෙයි මෙගා ටෙලියක් කරන්න....
ReplyDeleteමාලු කට්ට එල පොරක්නෙ බන් :q :q
ReplyDeleteපූස් ලොක්කා. සයිට් එකේ rss feed එක කැඩිලා වගේ. පොඩ්ඩක් බලපන්.
ReplyDelete:q
ReplyDeleteමේක මාළු කට්ටා පැහැදිලි ඉරිසියාවෙන් කෙළවන්ඩ ම කරපු වැඩක් ද කොහෙද...
ReplyDeleteයකෝ කෙල්ලගෙ අම්ම ආන්සර් කරා නම් ඒත් මූ ඔය ටිකම කියයිනෙ
ReplyDeleteකෝ.. ,මොකෝ මේ කාලෙකින් නැත්තේ.....
ReplyDeleteපූසනේ මේ බ්ලොග් එකේ ලිංක් එක අප්ඩේට් වෙන්නේ නැත්තේ මගේ විතරද ? මම මේ අහම්බෙන් ආපු ගමන් ..
ReplyDeleteආපහු දකින්න ලැබිච්ච එක මාරම සතුටක් ...සීය ගැහුවා විතරයි කස්ටිය පේන්නවත් හිටියේ නෑ නේ ..
මාලු කට්ට අපෙ ගම්පහ පැත්තෙ ඇත්තෙක් වගෙ..
ReplyDeleteපවු... :h කට්ටිය එකතු වෙලා කුජීත වැඩක් නේ කරලා තියෙන්නේ.... :e
ReplyDeleteනියම යාලුවා. එවෙලෙනම් ඤාව්වට මාලුකට්ටව මරන්න හිතෙන්න ඇති.
ReplyDeleteකොල්ලො සෙට් එකේ මොලේ ගැනත් සෑහෙන පැහැදීමක් ඇති වෙන්න ඇති.
අනේ අපොයි :(
ReplyDelete:s :s :s :s :s :s :s :s :s
ReplyDelete