අඹ යාලුවෝ

Friday, May 21, 2010

9 - M අවුට්ස්ටෑන්ඩිං බෝයිස්



9 - M එකේ හිටිය බුන්ද සහ සීනි බනිස් ගැන අපි කලින් ලිපියෙන් කතා කළා නොවැ!අද කියන්න යන්නෙ
කොල්ලො සෙට් ‍කොහොමද අවුට්ස්ටෑන්ඩිං බෝයිස්ල වුණේ කියල.ඔය ඉංග්‍රීසි භාෂාවෙ outstanding කියන වචනෙ තේරුම අපි හැමෝම දන්නවනෙ.ඒ වුණාට මෙතනදි අදහස් වෙන්නෙ outstanding කියල නෙවෙයි,out - standing කියන තේරුම.ඒ කියන්නෙ අද අපේ ලිපිය ලියවෙන්නෙ 9 - M එකේ හිටිය විශිෂ්ට කොල්ලො ගැන නෙවෙයි,9 - M එකේ එලියෙන් හිටගෙන හිටිය කොල්ලො ගැනයි.

පුරුපුරුලගෙ පන්තියට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි දෙමළ උගන්නන ගුරුවරයෙකුගෙ අඩු පාඩුව.කලින් ආපු සර්ල හතර දෙනෙක්ම මේ වෙද්දි පන්තියෙ ළමයින්ට උගන්නන්න බෑ කියල යන්න ගිහින්ලු.කට්ටියට ඉතින් මාර ජොලිලු.ඇයි ඉතිං සතියට පීරියඩ් දෙකක් ඕෆ්නෙ.

හැබැයි ඔය සතුට හැමදාමත් තිබුනෙ නෑ.සති කීපයකට පස්සෙ තවත් දෙමළ සර් කෙනෙක් පන්තියට ආවලු.සර්ට හරියට සිංහල බෑ,
පුරුපුරුලට කොහොමවත්ම දෙමළ බෑ.පිස්සු කෝටියයිලු උගන්නන්න ගියාම.සර්ටයි ගෝලයන්ටයි දෙගොල්ලන්ටම එපා වෙනවලු.

ඔය දවස්වල මම්රා
පන්තියෙ හිටපු අනිත් ළමයි එක්ක පොඩි කොක්කක් දාගෙන හිටපු කාලයක්.
මම්රා කට්ට කලුයි.ඒ හින්ද කලු මම්රා කියල තමයි කිව්වෙ.කොහොම හරි තෙලා, කෙන්දා ඇතුලු පිරිස තීරණය කරාලු දෙමළ පීරියඩ් එකේ මම්රට ගේමක් දෙන්න ඕනෙ කියල.

දෙමළ සර් ඉතිං පහුවදාත් සුපුරුදු පරිදි පන්තියට ඇවිත් උගන්නන්න ගත්තලු.
මම්රා වාඩි වෙලා හිටියෙ පන්තියෙ දොර පැත්තෙ නෙවෙයි, අනිත් පැත්තෙ බිත්තියෙ ජනේලෙ ළගමයි.සර් ටිකක් අහක බලනකං ඉදල කොහොම හරි කෙන්දා පන්තියෙන් එලියට පැන්නලු.ඊට පස්සෙ පන්තිය වටේ කැරකිලා මම්රා හිටපු තැන ජනේලෙ ළගට ඇවිල්ල මහ හයියෙන් හූවක් තිබ්බලු.

හූ...................................................................................................................

සිද්දිය නොදන්න හැමෝම හිතුවෙ මම්රා හූ කිව්වයි කියල.සර්
හිතුවෙත් එහෙමමයි.තමන්ට කරපු දරුණු අපහාසෙට මෑන්ස්ට අසූහාරදාහට නැග්ගලු.වහාම ක්‍රියාත්මක වෙච්ච දෙමළ සර් මම්රට වේවැලෙන් එකක් ගහල පන්තියෙන් එලියට දැම්මලු.ඔය 9 - M පන්තියෙන් එලියෙ තිබුණෙ මහ විසාල මාර ගහක්.හැබැයි පන්තිය ඇතුලෙ රස්නෙයි.

ටික වෙලාවකින් බලද්දි මෙන්න මම්රා ආතල් එකේ හුලං වැදි වැදි මාර ගහ යට ඉන්නවලු.මම්රට ගේමක් දීපු උන් ටික පන්තිය ඇතුලෙ තැම්බෙනවලු.ටික වෙලාවකින් තමයි
කොල්ලො සෙට් එකට ගණදෙවි නුවණ පහල වුණේ.

එක පාරටම
පන්තිය ඇතුලෙ හෙන ගෝසාවක් ඇතිවුණා.
කොල්ලො කෑ ගහනවලු,රොකට් යවනවලු, එක එක විකාර කරනවලු.සර්ටත් ඉතිං මාර මළ.කොහොම හරි පැය කාලක් යද්දි කස්ස පසන්, නාදන් වගේ අධ්‍යාපන ඩයල් ටිකක් ඇරෙන්න මුළු පන්තියම අර මාර ගහ යටලු.ඔය වැඩේ දවස් දෙක තුනක් වෙද්දි අර දෙමළ සර්ටත් 9 - M පන්තිය එපා වෙලා යන්න ගියාලු

(පසුව මෙම සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කළ ශ්‍රේණි බාර ජිලා සර් මුළු 9 - M පන්තියටම වේවැල් දෙකක් කැඩෙන තෙක් සංග්‍රහ කරන ලදී )

15 comments:

  1. බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ඉන්නවට කියන්නෙ..

    බස්ටෑන්ඩින් කියල ...

    කුරුඳුවත්තේ කොළීජියට ගියපු කට්ට්යක් නේද මේ.....?

    ReplyDelete
  2. @ හසී - :)
    @ මාතලන් - "බස්ටෑන්ඩින්" එළකිරි කතාව
    අහපු ප්‍රශ්නෙට උත්තරේ - ඔව් :)

    ReplyDelete
  3. කියල වැඩක් නෑ. දිගටම ලියන්න.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. 9M class එක තිබුනේ 2nd floor එකේ නෙමෙයිද?

    ReplyDelete
  6. @ Praසන්ன - හැමදාමත් වගේ බොහොම ස්තුතියි මචං
    @ නිශාචරයා - 9M class එක තිබුනේ 7 වසර ගොඩනැගිල්ලෙ යට තට්ටුවෙ අනිත් පංති වලින් වෙන්වෙලා.මොකද 9 වසර ගොඩනැගිල්ලෙ පංති 14ක් දාන්න ඉඩ තිබුනෙ නෑ.

    ReplyDelete
  7. "ශ්‍රේණි බාර ජිලා සර්" සහ නවය ශ්‍රේණිය.

    නිකන් පුරුදුයි පුරුදුයි වගේ...

    ReplyDelete
  8. @ Supun Sudaraka - අනිවාර්යයෙන්ම මල්ලි! කොහොම උනත් මේ සිද්ධිය වුණේ 2001 අවුරුද්දෙ

    ReplyDelete
  9. එතකොට පුරු පුරු ලොක්කා රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙන් ගියේ 2006 අවුරුද්දේ නේද ? එහෙම නම් සමහරවිට පුරු පුරු ලොක්කව මම දැකලත් ඇති

    ReplyDelete
  10. @ හසිත - ඔබතුමත් 2006 ද?? මම දන්න හසිත ලොක්කල කීප දෙනෙකුත් ඉන්නව තමයි! :)

    ReplyDelete
  11. ස්ථාන සහ අන්වර්ථ නාම වල හුරුපුරුදු ගතියක් දැනේ. ;)

    ReplyDelete
  12. විය හැක! විය හැක!! ;)

    ReplyDelete
  13. හික්zzzzzzzzzzzzzzzzzzzzzz
    :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  14. lol!!
    රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කස්ටියගේ වැඩ අපි නොදන්නවායැ
    :e :e

    ReplyDelete
  15. එල එළ! අපිටත් ඕකම උනා බං! දෙමළ උගන්නවන්න ආපු මැඩම් කෙනෙක්ව බයිට් කරලා එස් ලෝං බටේකිං කෑවේ!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???