අඹ යාලුවෝ

Wednesday, March 16, 2011

බැක් ටු හොස්ටල් - back to hostel


ඔන්න කාලෙකට පස්සෙ ඔයාලා වෙනුවෙන් අලුත්ම ගඩොල් සීරීස් එකක් අරගෙන ආවා. මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඔයාලාගෙ බ්ලොග් කියවන්න, කොමෙන්ට් කරන්න පහුගිය දවස්වල මට වෙලාවක් හම්බවුණේ නෑ. කොටින්ම බ්ලොග් ගඩොල් බ්ලොග් එක ගැනවත් හරියට හොයා බලන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඉතිං කට්ටිය ඒ ගැන හිත් අමනාප කර නොගනියි කියලා හිතනවා.



ඉතිං යාලුවනේ මේ වෙද්දි අපේ පූසො සෙට් එක ඉන්නෙ 2004 අවුරුද්දෙ අග හරියෙ. මේ වෙද්දි අපේ පුරුපුරු ඉස්කෝලෙ ගියෙ ඤාව්වාත් ගිය අර අපේ සුපුරුදු ස්කූල් වෑන් එකේලු.

අපි කලිනුත් කිව්වා වගේ කුරුඳුවත්තෙ හොස්ටල් එකේ බැච් එකක ඕ ලෙවල් කරන ළමයි හතලිස් ගානෙන් 8 දෙනාවයි, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු ඒ ලෙවල් වලට හොස්ටල් එකට ගන්නෙ. හැබැයි ඉතිං මේ ළමයි 8 දෙනා අතරට ඇතුල් වෙන්න හිතන තරම් අමාරුවක් නෑ. මොකද හොස්ටල් ළමයි අතර මතයක් තියෙනවා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාට පස්සෙ ඒ ලෙවල් පාස් වෙන්න අමාරුයි කියලා. ඇත්තටම ඒ මතය ගොඩක් වැරදිම නෑ, මොකද ඉතිහාසයේ ඒ වෙද්දි හිටපු ප්‍රිෆෙක්ට්ස්ලාගෙන් අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් තමයි පළවෙනි පාර ඒ ලෙවල් ගොඩදාගෙන තියෙන්නෙ. ඉතිං මේ හේතුව හින්දා ඕ ලෙවල් ලියපු හොස්ටල් එකේ කොල්ලන්ගෙන් ගොඩක් දෙනෙක් මේ ශිෂ්‍ය නායක තනතුරට ඇප්ලයි කළේ නෑ.

පුරුපුරුලාගෙ බැච් එකෙත් වැඩිදෙනෙක් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න කැමැත්තෙන් හිටියේ නෑලු. විශේෂයෙන් මාලුකට්ටා එහෙම හිටියෙ කවදාවත් ඒ ලෙවල් වලට හොස්ටල් එකට එන්නෙ නෑ කියන දැඩි මතයක. ඒ වගේම ඒ ලෙවල් කරන්න පටන් ගත්තාට පස්සෙ, හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා‍ වෙයි කියලා හිතපු සෙන්සි, පැන්ඩා වගේ කට්ටියත් තීරණය කළාලු හොස්ටල් එකට නොගිහින් බෝඩිමක ඉඳගෙන ඉස්කෝලෙ යන්න. ඉතිං ඔය විදිහට පුරුපුරුලාගෙ බැච් එකේ කවුරුවත් අන්තිමේදි හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණේ නෑ.

මේ වෙද්දි පුරුපුරුලාගෙ සුපර් සීනියර් බැච් එකේ අයියලා කට්ටිය ඒ ලෙවල් ඉවරවෙලා හොස්ටල් එකෙන් අස්වෙලා ඉවරයි. ඒ වගේම සීනියර් බැච් එකේ කවුරුවත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට හිටියෙත් නෑ. මතක ඇතිනෙ අර කංජිනාත්ට ගහපු කේස් එකට මුලු සීනියර් බැච් එකම හොස්ටල් එකෙන් අස්කළා කියලා නේද? අන්තිමට සිද්දවුණේ 2004 අවුරුද්දෙ අග වෙද්දි කුරුඳුවත්ත හොස්ටල් එකේ කිසිම ප්‍රිෆෙක්ට් කෙනෙක් නොහිටිය එක. ඉතිං මේ වෙද්දි ළමයි ටික පාලනය කරගන්න බැරුව කොටියා සර් පත්වෙලා හිටපු අමාරුව ඔයාලාට තේරෙනවා ඇතිනෙ!

කොහොමහරි හොස්ටල් එකේ ඉඳලා 9 වසරෙදි අස්වුණ කිං BJට තමයි මුලින්ම හිතුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා ආපහු හොස්ටල් එකට යන්න ඕනෙයි කියලා. ඔන්න බී.ජේ කිව්වෙ බඩජාරි කියන එකට හොඳේ. ඉතිං මෑන්ස් හොස්ටල් එකේ හිටපු අනිත් කොල්ලන්ටත් මේ අයිඩියා එක දැම්මට, පාඩම් කරන්න බැරිවෙලා ඒ ලෙවල් ෆේල් වෙයි කියලා කවුරුත් මේකට කැමති වුණේ නෑ. හැබැයි මේ වෙද්දි කිං එක්ක එකට බයෝ කඩු ක්ලාස් එකේ හිටපු හාරිස් කැමති වෙලා තිබුනෙ හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න. ඒත් පොඩි අප්සෙට් එකකට තිබුනෙ මෑන්ස් කවදාවත් හොස්ටල් එකේ ඉඳලා තිබුනෙ නැති කෙනෙක් වෙච්ච එක.

කිං බීජේ කියන්නෙ ඉස්සර ඉඳලාම පුරුපුරුගෙ හොඳම යාලුවෙක්. කොටින්ම පුරුපුරු බාලදක්ෂ ව්‍යාපාරයෙන් සමුගත්තාට පස්සෙ චීන සටන් කලාවකට යොමු කළෙත් මෑන්ස්ම තමයි. දැන් ඉතිං කිංගෙන් බර බරේ පුරුපුරුටත් හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න එන්න කියලා. හැබැයි ඉතිං පුරුපුරු වුණත් වැඩි කැමැත්තක් තිබුනෙ නෑ ආපහු හොස්ටල් එකට යන්න. ඒත් ඉතිං කිං බීජේට බෑ කියන්න බැරි නිසායි, හොස්ටල් එකේ පහසුකම් හොඳ නිසයි, මෑන්සුත් අන්තිමට කැමති වුණාලු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න.

ඔය අතරෙ අර ගෝල්ඩ් ෆිෂ්ලාට කන්න කුණු කානුවට කඩල දාපු පොල්පොටුත් කැමති වුණා හොස්ටල් එකට ආපහු එන්න. දැන් ඉතිං මේ වැඩේට 4 දෙනෙක් රෙඩි. ඒ තමයි කිං බීජේ, හාරිස්, පුරුපුරු සහ පොල්පොට්. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ ගිහින් කොටියා සර් හම්බවෙලා තමන් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෝ වෙන්න කැමති බව දැනුම් දීපු එක.

බලාපොරොත්තු වෙච්ච විදිහටම මේ ආරංචිය ලැබුනාට පස්සෙ කොටියා සර් අමන්දානන්දයට පත්වුණා. මොකද ඒ වෙද්දි හොස්ටල් එකේ වසවර්ති කොල්ලො ටික පාලනය කරගන්න බැරුව සර් ලෝක අමාරුවක වැටිලයි තිබුනේ. ඉතිං අපේ යාලුවන්ට හොස්ටල් එකට එන්න කොටියා සර් අවසර දුන්නේ එක පයින්. නැත්තං ඉතිං පොල්පොට්, පුරුපුරු වගේ කට්ටියට ළමයින්ගෙ විනය හදන්න බාරදෙන්නෙ කවුද හැබෑට?

කොටියා සර් :- පුරුපුරු දන්නවාද ඉස්කෝලෙ සාමාන්‍ය ශිෂ්‍ය නායකයෙකුගෙයි, නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුගෙයි අතර තියෙන වෙනස?

පුරුපුරු :- ම්...නෑ සර්.

කොටියා සර් :- ඉස්කෝලෙ ශිෂ්‍ය නායකයෙකුට පොඩි ළමයි ගැන වගකීම තියෙන්නෙ ඉස්කෝලෙ පැවැත්වෙන පැය හයේ විතරයි. ඒත් නේවාසිකාගාර ශිෂ්‍ය නායකයෙකුට ඒ වගකීම පැය 18ක් තියෙනවා. තේරුනාද?

පුරුපුරු :- ඔව් සර්...

ඉතිං මෙහෙම පටන් ගත්තු කොටියා සර්ගෙ දේශනාව ගොඩක් වෙලා යනකම් නැවතුනේ නෑලු. ඊටපස්සෙ සර් කට්ටියට කිව්වේ ඊළග සතියෙම හොස්ටල් එකට එන්න කියලා. ඒ වගේම පහුවදාට තමන් එක්ක විදුහල්පතිව මුණගැහෙන්න යන්න එන්න කියලාත් පුරුපුරුලාට කොටියා සර්ගෙන් ආරාධනා ලැබුනා.

ඉතිං පහුවදා අපේ යාලුවො කට්ටිය ප්‍රින්සිපල් සර්වත් හම්බවෙලා හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන වැඩේ දැනුම් දුන්නාලු. ප්‍රින්සිපල් සර්ගෙ අදහස වුණේ පොඩි ළමයින්ට ගහන්නෙ බනින්නෙ නැතුව, ඒ අයව විනයානුකූලව තියාගන්න එක හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ කාර්යභාරය කියලා. ඒත් මෙච්චරකල් පුරුපුරුලාට තිබුන හොස්ටල් අත්දැකීම් අනුව ආදරයෙන් කරුණාවෙන් කතා කරලා හොස්ටල් එකේ කොල්ලන්ව විනයානුකූලව තියාගන්න එක ප්‍රායෝගික වැඩක් නෙවෙයි.

If you do any physical or mental harassment to the children, you will be out of the hostel

ප්‍රින්සිපල් සර්ගෙ අන්තිම අවවාදය වුණේ ඒකයි.

ඉතිං ඊටපස්සෙ යෙදුන ඉරිදා දවසෙ අපේ කට්ටිය බඩු මුට්ටු අරගෙන නැවත වතාවක් හොස්ටල් එකේ පදිංචියට ආවලු. අනිතිමට තීරණය වුණේ ජ්‍යේෂ්ටත්වය අනුව පොල්පොට්ව ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවට පත් කරන්න. ඊටපස්සෙ මෑන්ස්ගෙ ඩිපියුටි වෙන්න තිබුනෙ පුරුපුරුට. ඒත් පුරුපුරුවත්, කිං බීජේවත් ඩිපියුටි එච්.පී වෙන්න කැමැත්තක් දැක්වුවේ නෑ. අන්තිමට ඉතිං ඒ තනතුර හම්බවුණේ හාරිස්ටලු.

ඇත්තටම හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට ගතකරපු මුල් දවස් ටික අපේ යාලුවන්ට එච්චරම ලේසි පාසු වුණේ නෑ. මොකද සීනියර් සහ ජූනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ වැඩ ඔක්කොම කරන්න වුණේ මේ හතර දෙනාට. ඒ මදිවාට අවශ්‍ය උපදෙස් ගන්න සීනියර් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බැච් එකක් හිටියෙත් නෑ. ඒත් ඉතිං කට්ටිය අමාරුවෙන් හරි අවුල් වෙලා තිබුන හොස්ටල් එක ආපහු පොඩ්ඩක් යථා තත්ත්වයට අරගත්තා. ඉන්ස්පෙක්ෂන්, ස්ටඩි ඩියුටි, ඩයිනින් හෝල් එකේ ඩියුටි, නඩු ඇසීම්, මේ ඔක්කොම ෂේප් එකේ කරගෙන ගියා.

තවත් මාසකට විතර පස්සෙ කංජිනාත්, තාරබාසු, සෝමෙ අයියා සහ ජුවානුත් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට ආපහු හොස්ටල් එකට ආවා. එතකොට තමයි පුරුපුරුලාට පැටවිලා තිබුන මහා වැඩ තොගය පොඩ්ඩක් විතර ලිහිල් වුණේ. ඉතිං මේ කට්ටිය ෆේස් කරපු රසවත් සිද්දි ගොඩාක් අපි ඉස්සරහට ඔයාලාට කියන්න බලාපොරොත්තු වෙනවා.

20 comments:

  1. සතුටුයි පුසෝ ආයෙ ආවට,,මචං පූසනේ,තාම බ්ලොගර් රෝලේ උබලගේ පෝස්ට් එක පෙන්නේ නෑ නේ,ටිකක බලහල්ලා,මමත් මූනුපොතෙන් දැක්කේ උබලගෙ පෝස්ට් එක...

    ReplyDelete
  2. එළ එළ දිගටම ලියමු මචංස්ලා :c

    ReplyDelete
  3. RSS Feeds වල බ්ලොග් ගඩොල් පෝස්ට් අප්ඩේට් වෙන්නේ නෑනෙ මචං. මොකක්හරි මගේ අවුඅක්ද මන්ද. ආයෙ ආපු එකනම් මැරු. මම හිතුවෙ තාම විභාගෙක එරිල ඇත්තෙ කියල.

    ReplyDelete
  4. machan some ayyawa amathaka unada,uooth ubala ekka hitiya neda?

    ReplyDelete
  5. @ ඇනෝ - සමාවෙන්න. වරද නිවැරදි කරනා ලදී

    ReplyDelete
  6. බොලා ආයෙ ලියනකම් උන්නෙ හොදට අමතන්න. ඔන්න මේක දාල තව සතියක් තියහන්කො අපිව අනික් ටික කියවන්න. අඩෝව් බ්ලොග් ගඩොල් බුවාලට මේ කියන්නේ.. අනේ අය්යලා.. බ්ලොග් එක පාලු කරන්ඩ එපල්ලා... ජය වේවා..
    ඉක්මනට අනික් එකත් දාන්න..

    ReplyDelete
  7. mama hithuwe pooso tika samadanaye sathapennawath gihinda kiyala... :k :k
    bohoma sadarayen nawatha piligannawa.. set wemu ehenam..

    ReplyDelete
  8. ප්‍රිෆෙක්ට්ස් ලා කියන්නේ ශිෂ්‍ය නායකයෝ නෙමෙයි, පාලකයින් ගේ දඩබල්ලෝ.

    මං මේ ගැන මගේ බ්ලොග් එකේ 2009 සැප්තැම්බර් වල ලියලා තියෙනවා.

    අපේ කාලේ ඔය බැජ් එක ගහගෙන (not @ kuruduwatte central) පිස්සු කෙළලා, යුනිවසිටි යන චාන්ස් එක නැති කරගත්තු උන් ගැණ මට තවම දුකයි.

    ReplyDelete
  9. බොහොම ස්තුතියි යාලුවො හැම දෙනාටම. බුදු අම්මියෝ, අපි දිගටම ලියන්නං. :g:g:g

    @ කකා - කුරුඳුවත්ත ඉස්කෝලෙ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලාගෙ තත්ත්වය ටිකක් වෙනස්. ඉස්කෝලවල ප්‍රිෆෙක්ට්ස්ලා වගේ පාලකයන්ගෙ දඩ බල්ලො වුණේ නෑ :b:b:b

    ReplyDelete
  10. මොකද මන්දා හේතුවක් මත මේ බ්ලොග් එක අප්ඩේට් වෙනවා පෙන්නන්නේ නෑ . RSS වැඩ කරන්නේ නෑ වගේ .ඉක්මනට හරිගස්සපල්ලා .!

    බලමු පූසෝ දීපු අලුත් ගේම කොයි වගේද කියලා . ආයේ දකින්න ලැබීම ගැන පට්ට සතුටින්

    ReplyDelete
  11. :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k

    ReplyDelete
  12. ඔහොම යං ඔහොම යං මලයා.. හොස්ටල් ෆ්‍රිෆෙක්ට්ස්ලා ඇණ ගන්නවා කිවුවට අපේ හිටිය එවුන් නම් ඔක්කොම දැන් ගොඩ ගිහිල්ලා. අර කලු කෙට්ටු පොරක් හෙඩ් ෆ්‍රිෆෙක්ට් වෙලා හිටිය කාලෙ. ලගදි කොටියා සර් (නොහොත් අපේ අමරෙ) පොරගෙ වෙඩිමටත් ගියානෙ.

    ReplyDelete
  13. මගේ රීඩර් එකෙත් ඔයාලගෙ බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙ නෑ. පොඩ්ඩක් ඒක බලන්න.

    ReplyDelete
  14. එළ එළ මේ තියෙන්නෙ පෝස්ට් දෙක තුනක්ම...........


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  15. අම්මෝ ඉස්කෝලේ යනකාලේ හොස්ටල් වල හිටියේ නැති එක ලොකු පිනක් !!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???