අඹ යාලුවෝ
Thursday, April 7, 2011
පිකිස් - phycis
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ගඩොල් බාන්න සෙට් වුණා. මුලින්ම අපේ අභීත මහත්තයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කෝල් එකක් දීලා කියලත් සයිබර් බක්මහ උළෙලට එන්න බැරිවෙච්ච එක ගැන. අපිත් ගොඩක් ආසාවෙන් හිටියේ අවුරුදු උත්සවේට එන්න. ඒත් හිතපු නැති විදිහට අපිට එන්න බැරිවුණා. ආපු යාලුවො සිරා ෆන් එකක් අරගෙන තියෙන හැටි ෆොටෝ වලින් දැක්කා. ඊළග එකටනං කොහොමහරි අපිත් එනවා එනවාමයි.
ඒ වගේම අපේ බ්ලොග් එකේ යාවජීව මිතුරෙකුයි, මිතුරියෙකුයි ගොඩ ගිහින් කියලා දැනගන්න ලැබුනා. ඒ තමයි අපේ හසියායි, හා පැටික්කියි. ඉතිං ඒ යුවලටත් සුභම සුභ මංගලම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ( මොකද දැන් කැන්දගෙන ගිහින් ඉවරයිනෙ. හික් හික්!! ). එහෙනං දැන් ඉතිං අපි කතාවට එමුකො නේද?
**********************************************************************************
අපේ පූසො කට්ටිය ඒ ලෙවල් කරන්න පටන් ගත්ත හැටි ගැන අපි කලින් කිව්වා නොවැ! ඒ අතරෙ අපි රොබට් ලියනගම සර්ගෙ පිකිස් පන්තිය ගැනත් වෙනම ලිපියක් ලිව්වනෙ. ඉතිං අද අපි කියන්නෙ ඊට පස්සෙ අපේ පුරුපුරුගෙ පිකිස් ජීවිතේට මොකද වුණේ කියන එක.
අපි අර කලිනුත් කිව්වා වගේ රොබට් සර්ගෙ ක්ලාස් එකේ දිගටම රැඳිලා ඉන්නවයි කියන එක හරිම අමාරු වැඩක්. ඉතිං ටික දවසක් යනකොට අපේ යාලුවන්ගෙන් ක්ලාස් එකේ ඉතුරු වුණේ පුරුපුරුයි, ඤාව්වායි විතරයි. උපාසක බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියටත්, මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියටත් යන්න පටන් ගත්තා. ඇත්තටම පුරුපුරුයි, ඤාව්වායි දිගටම රොබට් සර්ගෙ පන්තියේ හිටියේ ඉගෙන ගන්නත් වඩා සර් කියන එක එක කතා වලට හිනා වෙන්න. සර් එක එක මිනිස්සුන්ට බනිද්දි අහගෙන ඉන්න ගොඩක් ළමයි මාර ආසයි.
ඒත් ඉතිං මාස කීපයක් යද්දි සර් බනින එක අඩු කරලා වැඩියෙන් වැඩ කරන්න පටන් ගත්තලු. එතකොට තමයි අපේ පුරුපුරුටයි, ඤාව්වාටයි ක්ලාස් එක එපාවුණේ. ඉතිං මේ යාලුවො දෙන්නා තීරණය කළාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට සමුදෙන්න. ඊටපස්සෙ ඤාව්වාත් කළේ උපාසක එක්ක ගම්පහ බ්ලැක් ඔෆිසර්ගෙ පන්තියට යන්න. මේ අතරෙ තමයි අපේ පුරුපුරු ආපහු හොස්ටල් එකට යන්නෙ.
හොස්ටල් එකේ හිටපු සෙට් එකෙන් හතර දෙනෙක් ගියෙ හිස්සැල්ල සර්ගෙ නුගේගොඩ තිබුන ගෲප් ක්ලාස් එකට. සෝමෙ අයියා ගියෙ බටපැදි සර්ගෙ පිකිස් පන්තියට. හාරිසුයි, කිං බීජේයි කඩු මීඩියම් කරපු නිසා ගියෙ වෙනම ක්ලාස් එකකට. මේ වෙද්දි හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එක ගැන යාලුවන්ගෙන් අහලා තිබුනු පුරුපුරු කැමති වුණේ නෑ ඒ පන්තියට යන්න. මොකද මෑන්ස්ට ආරංචි වෙච්ච හැටියට හිස්සැල්ල සර් හරිම සැරයිලු. ළමයින්ට වේවැල් වලින් ගහනවලු. ඉතිං අපේ යාලුවා අන්තිමට තීරණය කළාලු සෝමෙත් එක්ක බටපැදි සර්ගෙ පන්තියට යන්න.
මේ පිකිස් පන්තිය තිබුනෙ බම්බලපිටිය පැත්තෙ. එදා තමයි අපේ පුරුපුරු මුලින්ම ගෲප් ක්ලාස් එකකට ගියෙ. අම්මියෝ! ගෲප් ක්ලාස් එකක් කිව්වට ළමයි තුන් හාරසීයක් ඉන්නවා. හැබැයි ක්ලාස් එක ඒසී කරලා හොඳට තිබුනා. සර්ගෙ ඉගැන්නිල්ලත් නරක නෑ. ඒත් ඉතිං උදේ 8 ඉඳලා හවස 2 වෙනකං ඉස්කෝලෙ ඉඳලා, ඊටත්පස්සෙ ආපහු හවස පිකිස් ක්ලාස් එකට යනවයි කියන්නෙ හරිම අමාරු වැඩක්. ඉතිං ඊළග දවසෙ කට්ටියගෙ ක්ලාස් වෙලාව ගතවුණේ බම්බා බීච් එකේ ඇවිදින්නයි, කෝච්චි යද්දි රේල් පීලි උඩ කාසි තියලා ඒවා කෝච්චිය ලව්වා තලවන්නයි විතරයි.
කොහොමහරි අන්තිමට පුරුපුරුයි, සෝමෙ අයියායි දෙන්නාම බටපැදි සර්ගෙ ක්ලාස් එකට ආයුබෝවන් කිව්වා. මේ වෙද්දි පුරුපුරුලාට ආලෝකය පාඩමේ සෑහෙන කොටසක් මිස් වෙලයි තිබුනේ. ඉතිං අන්තිමට අකමැත්තෙන් වුණත් පුරුපුරුටයි, සෝමෙටයිත් සිද්ද වුණාලු අනිත් යාලුවොත් එක්ක හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියට යන්න.
මේ පන්තිය තිබුනෙත් සතියෙ දවසක හවස් වරුවෙමයි. ඒකත් ගෲප් ක්ලාස් එකක් කියලා තමයි කට්ටිය කිව්වේ. ඒ වුණාට ළමයි හයසීයකට වැඩියෙන් ක්ලාස් එකේ හිටියලු. පුරුපුරුලා හිටියෙ ක්ලාස් එකේ පිටිපස්සෙම තිබුන ස්ටේජ් එකක් වගේ හරියක. මේ ඒරියා එකේ තනිකරම හිටියෙ කුරුඳුවත්තෙයි, මරියකඩෙයි කොල්ලො විතරයි. හිස්සැල්ල සර් වුණත් ක්ලාස් එක වටේම ඇවිද්දත් මේ ස්ටේජ් එකට ආවෙ බොහොම කලාතුරකින්.
ක්ලාස් එකට යන්න කලින් පුරුපුරුට තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි හිස්සැල්ල සර්ට මොනවාහරි බයිට් එකක් දාද්දි ක්ලාස් එකට යන ගෑනු ළමයින්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙන්නෙ මොකද කියන එක. ක්ලාස් එකට ගියාට පස්සෙ තමයි මෑන්ස්ට තේරුම් ගියෙ මොකද්ද කේස් එක කියලා. හිස්සැල්ල සර් හෙන හැන්ඩි ඩයල් එකක්. ඉතිං ඉගෙන ගන්න චේතනාවෙන් ක්ලාස් එන කෙල්ලො වගේම සර්ට පැනි පාර දාන්න බලාගෙන, පාර්ට් ටයිම් ඉගෙන ගන්න කෙල්ලොත් ක්ලාස් එකේ ඉන්නවා.
ඒ වගේම හිස්සැල්ල සර්ගෙ පන්තියෙ තිබුනෙ දැඩි විනය නීති. අඩුගානෙ ළමයෙක්ට නිකටට අත තියාගෙන ඉන්න එකවත් තහනම්. හැම තිස්සෙම බෝඩ් එක දිහා බලාගෙන ඉන්නත් ඕනෙ. ඒ වගේම අනිත් ළමයි එක්ක කතා කරන්නත් බෑ. පුරුපුරුට අදටත් හිතාගන්න බෑ ඔය නීති වලට යටත් වෙලා ළමයි ටික කොහොම ක්ලාස් එකේ හිටියද කියන එක. හැබැයි සමහර වෙලාවටනං සර්ගෙ නීතී රීති ටිකක් ලිහිල් වෙන අවස්ථාත් තිබුනෙ නැතුවාම නෙවෙයි.
මේ ඔක්කොටමත් වඩා පුරුපුරුට ඇල්ලුවෙ නැත්තෙ ක්ලාස් එකේ තිබුන ධනාත්මක චින්තන වැඩ පිළිවෙළ. හැමදාම ක්ලාස් එක ඉවරවෙන්න කලින් අධිෂ්ටාන වාක්‍ය වගයක් කියවන්න ඕනෙ. ඊටපස්සෙ ඒ සතිය ඇතුලත තමන් කරන්න ප්ලෑන් කරලා තියෙන වැඩ ඇතුලත් ටයිම් ටේබල් එකක් හදලා තියෙන්න ඕනෙ. ඊටපස්සෙ ටයිම් ටේබල් එක කෝ කියලා සර් ඇහුවාම ඒක උඩට උස්සලා පෙන්නන්නත් ඕනෙ. පුරුපුරුනං කළේ සර්ට එච්චර දුර පේන්නෙ නැති නිසා කටුවැඩ කරන හෑන්ඩ් බිල් එකක් උඩට උස්සලා පෙන්නපු එක.
මොනවා වුණත් හිස්සැල්ල සර් ඉතාම දක්ෂ ගුරුතුමෙක්. ඒ වගේම සර් ක්ලාස් එකේ ළමයි වැඩ කරනවද නැද්ද කියලා හොඳට හොයලා බලනවා. ඇත්තටම ඒ ක්ලාස් එකෙන් පුරුපුරු සමුගන්න හේතුව වුණෙත් ඒකමයි. සර් හැමදාම වේවැලක් තියාගෙන ගෙදරවැඩ නොකර ආපු ළමයින්ට ඒකෙන් තලනවා. පුරුපුරු දවස් තුන හතරක්ම අමාරුවෙන් ගුටිකෑමෙන් බේරුනත්, මෑන්ස් තේරුම් ගත්තා මේක හැමදාම කරන්න පුලුවන් වැඩක් නෙවෙයි කියලා. ඉතිං මෑන්ස් කළේ ගෙදරවැඩ කරන එක පැත්තකින් තියෙද්දි ක්ලාස් එකට සමුදෙන ඔප්ෂන් එකට එළඹෙන්න.
ඔය විදිහට හිස්සැල්ල සර්ගෙ පිකිස් පන්තියෙන් සමුගත්තාට පස්සෙ පුරුපුරු මාස ගානක් යනකං වෙන පිකිස් පන්තියකට ගියෙ නෑලු. ඉස්කෝලෙන් කෙරුන පාඩම් ටිකෙන් තමයි මෑන්ස් යන්තං සබ්ජෙක්ට් එක අල්ලගෙන හිටියේ. ඇත්තටම මේ වෙද්දි පුරුපුරුට තාපය පාඩමෙන් පටන් අරගෙන, පාඩම් ගානක් මිස් වෙලා තිබුනා. මේකට ප්‍රධානම හේතුව වුණේ හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයේ තිබුන ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි.
හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක්ගෙ රූම් එකකට කිසිම බාහිර පුද්ගලයෙක්ට ඇතුල් වෙන්න තහනම්. කොටින්ම හොස්ටල් වෝඩ්න් පවා මේ රූම් වලට එන්නෙ නෑ. ඉතිං ගොඩක් වෙලාවට ප්‍රිෆෙක්ට් රූම් තිබුනෙ මිහිපිට අපායවල් වගේ. පොඩි ළමයින්ට තමන්ගෙ ඩෝම් එක පොඩ්ඩක් අතුගාන්න බැරිවුණත් දඬුවම් දෙන ප්‍රිෆෙක්ට් අයියලා තමන්ගෙ රූම් තියාගෙන හිටියේ ඊටත් වඩා සිය ගුණයක් කිලුටු විදිහට. ඒ මදිවාට මේ රූම් ඇතුලේ සීඩී කඳු පිටින් තමයි තියෙන්නේ. ගන සීඩී, ෆිල්ම් සීඩී, රෙස්ලිං සීඩී ඕන එකක්. ඉතිං ටීවී, ඩීවීඩී ප්ලේයර්, බලන්න සීඩී, ඩීවීඩී තියෙනකොට කාටද ක්ලාස් යන්න හිතෙන්නෙ?
කොහොමවුණත් ටික දවසක් යද්දිම අපේ පූසාට තේරුම් ගියාලු මෙහෙම ගියොත් තමන්ගෙ පිකිස් විෂය ජෝන්බාස්ට යනවයි කියලා. ඉතිං මෑන්ස් කළේ ඒ වෙනකොට තමන්ට තිබුන එකම විකල්පය වෙච්ච බ්ලැක් ඔෆිසර්ගෙ ක්ලාස් එකට ඇතුලත් වෙච්ච එක.
ඇත්තටම ඒ පන්තිය හිස්සැල්ල සර්ගෙ වගේ බයෙන් සැකෙන් ඉන්න ඕන ක්ලාස් එකක් නෙවෙයි. ක්ලාස් එකේ ළමයි ගානත් අඩුයි, ඒ වගේම ළමයි රිලැක්ස් එකේ ඉන්නවා. ඕන කට්ටියට ඉගෙන ගන්න පුලුවන්, අනිත් අයට වලට යන්න පුලුවන්. අනික බ්ලැක්ඔෆිසර් උගන්නනවත් හොඳයි. හැබැයි ඉතිං මේ පන්තියෙත් අඩුපාඩු තිබුනා. මේ ක්ලාස් එකේ ළමයි ඉන්නේ හූ කියාගත්ත ගමන්මයි. අනික බ්ලැක් ඔෆිසර් ක්ලාස් එකේ වෙලාවෙන් බාගයක් විතර වැය කරන්නෙ හිස්සැල්ලට බනින්න. කොහොම වුණත් පුරුපුරු මේ ක්ලාස් එකටනං මාස ගානක් ගියා. හැබැයි විභාගෙට ගොඩක් කල් ඉතුරු වෙලා තියෙද්දි බ්ලැක්ඔෆිසර්ගෙ ක්ලාස් එකටත් සමුදුන්නා.
ඊටපස්සෙ මෑන්ස් ආපහු පිකිස් ක්ලාස් එකකට ගියෙ ඒ ලෙවල් වලට මාසයක් විතර තියලා. ඒ ක්ලාස් එක අපේ පූසො පස්දෙනා විතරක් සහභාගි වුණ පාස්ට් පේපර් ක්ලාස් එකක්. ක්ලාස් එක කළේ පුරුපුරුලාට අවුරුද්දක් වැඩිමල්, කුරුඳුවත්ත ඉස්කෝලෙටම ගිය යාලුවෙක්. ඇත්තටම ඒ වෙද්දි ඒ යාලුවා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා, මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා, කැම්පස් පටන්ගන්නකං හිටපු කෙනෙක්. මෑන්ස්ට ගෙදර නිකං ඉන්න කම්මැලියි කියලා තමයි ක්ලාස් එක කළේ. කොටින්ම අපේ පූසන්ගෙන් සල්ලි ගත්තෙවත් නෑ.
ඇත්තටම ඒ පිකිස් ක්ලාස් එක තමයි අපේ පූසො ගිය විශිෂ්ටම පිකිස් ක්ලාස් එක. උගන්නන්න උපන් හපන්කමක් තමයි මෑන්ස්ට තිබුනෙ. කොටින්ම අපේ යාලුවාගෙ විශිෂ්ට ඉගැන්වීම නිසා පිකිස් ෆේල් වෙන්න හිටපු අපේ පූසො කට්ටිය බොහොම හොඳට සබ්ජෙක්ට් එක ගොඩදාගත්තලු. පස්සෙ මෑන්ස්ට පොඩි පාටි එකක් එහෙමත් දෙන්න අපේ පූසො අමතක කළේ නෑ. දැන්නං ඒ යාලුවා වෛද්‍ය විද්‍යාලයේ අන්තිම අවුරුද්දෙ ඉන්න අනාගත වෛද්‍යවරයෙක්.
දැන් ඉතිං ඒ ලෙවල් කරන ළමයි මේක කියවනවනං හිතට ගන්න ඕනෙ කිසිම සබ්ජෙක්ට් එකක් අතපසු කරගන්නෙ නැතුව හොඳට පාඩම් වැඩ කරන්න. මොකද හැම තිස්සෙම වාසනාව තමන් එක්ක රැඳිලා ඉන්නෙ නෑ
Labels:
උපාසක,
ඤාව්වා,
පුරු පුරු,
මාළු කට්ටා,
සෝමෙ අයියා
Subscribe to:
Post Comments (Atom)
අම්මේ කාලෙකින් මේ පැත්ත ගැන මතක වෙලා තියෙන්නේ. ඔන්න ඔය ඉගෙන ගන්න යාලුවෝ මෙව්ව කියවල හැදෙනවා හොදයි,,,
ReplyDeleteජය.. :b
අපටනම් පරක්කු වැඩි ... ඒ ලෙවල් කරන අයවත් හිතට ගන්නේ නැතෑ මොකද මචං බ්ලොග් එක අප්ඩේට් නොවෙන්නේ ... මගේ බ්ලොග් එකෙත් ඔය අවුල ... අපි මොකද කරන්නේ මම දන්න දහංගැට දැම්මා ටෙස්ට් කියලා පබ්ලිශ් කරන ඒවනම් එනවා අනික් ඒවා එන්නේ නෑ නේ ...
ReplyDeleteඔයාලගේ බ්ලොග් දැන් මාස ගානක් තිස්සේ අප්ඩේට් නෑ ...
අම්මෝ පූසන්ව කපපු දැල්,,,මේ අප්ඩේට් කේස් එක නම් තදටම තියනවා තමා...අනේ අපිත් පුත්තලම් දිස්ත්‍රික්කේ ඉදන් කාලයක් ගම්පහට ඔය කියන බ්ලැක් ඔෆිසර්ගේ පිකිස් ක්ලාස් ගියා,,,ගමනා ගමන අපහසුතා,වේලාව අපතේ යාම් වැඩි නිසා ඉක්මනින්ම නැවැත්තුවා,,,අනේ ඉතින් පිකිස් ගොඩ දාන්නත් බැරි උනා,යන්තම් විභාගේ ගොඩ දාගත්තා,,ඒත් ඉක්මනින්ම සේරම නවත්තලා මෙහෙට ආවා.
ReplyDeleteමේක කියෝන උන් හිතට ගනිල්ලා,ගිය නුවන ක්‍රේන් දාලාවත් අදින්න බෑ කියලා
අප්පේ දැක්ක කල් පුසන්ව.. කිව්වත් වගේ වාසනාව හැමෝටම හරියන දෙයක් නෙමේ.. වාසනාව ගැන විශ්වාසය තියන් ජිවිතය උකසට තියන්න බැ..
ReplyDeleteහිකිස්.. මමත් ඔය බෝට්ටුවෙම තමා පුතා.. පිකිස් ක්ලාස් එකකට ගියෙත් නෑ, ඉස්කෝලෙන් කරගත්තෙත් නෑ.. අන්තිමට එග්සෑම් කිට්ටුවෙනකොට තේරුනා වැඩේ අලවෙන්නයි යන්නෙ කියලා.. මාස 2-3ක් රිවිෂන් ක්ලාස් එකකට බඩගාලා තමා යාන්තං ගොඩදාගත්තෙ..
ReplyDeleteඅපිනම් තාම පටන් ගත්තා විතරයි.අපේ ඉතින් නිලන්ත සෑර් තමා :P
ReplyDeleteකාලෙකට පස්සෙ පූසොටික ආය ඇවිල්ල ඉන්නෙ.
ReplyDeleteඔය රොබට් සර්ගෙ තියරිය අනුගමනය කරපු කෙමිස්ට්‍රි ක්ලාස් එකක් රත්නපුරෙත් තිබුණ.
මොකද බං උබලට මෙච්චර කල් වෙලා තිබුනේ?
ReplyDeleteආ පූස් අයියාලා කොහොමද ඉතින්? :c
ReplyDeleteආ කාලෙකින් දැක්කෙ පෝස්ට් එකක්....කොහෙද හිටියෙ??
ReplyDeleteඒ කොහොම උනත් ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගත්තෙ නැත්තම් ඉතින් මේ අපි වගේ කටු කාගෙන ඉන්ඩ තමයි වෙන්නෙ
http://aluthkolla.blogspot.com
මටත් ආයෙම මතක් උනා ඒ-ලෙවල් කාලෙ පන්ති ගියපු හැටි. ඉස්සෙල්ලම පන්ති මාරුකලේ උගන්නන සර්ට හරියට උගන්නන්න තේරෙන්නෙ නෑ කියල හිතල අන්තිමට අපිට තේරුනා අපිට ඒ මෙලෝදෙයක් තේරුනේ නැතුව මිසක් සර්ගෙ අවුලක් නෑ කියල. හික් !
ReplyDeleteඒ ලෙවල් සුන්දර අතීතය. චිට් පාස් කරනවට වඩා වැඩක් නෑ ඒ කාලෙ.
ReplyDelete@ සඳරු - අනේ මන්දා බං! මේකනං ලෝක කරුමයක්. මෙහෙම ගියොත් අලුත් බ්ලොග් එකක් පටන් ගන්න වෙන්නෙ. :s:s:s
ReplyDelete@ හසී, බොරලුවා, ප්‍රසන්න, ඩ්‍රැගන්, බුරා, නිම්ශා, ඩිලාන්, ගයාන්
බොහොම ස්තුතියි යාලුවනේ. අපි සනීපෙන් ඉන්නවා. ඒත් මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. කැම්පස් ජීවිතේ අන්තිම ටික යන්නෙ. කොහොම වුණත් දැන් ඉඳලා දිගටම ලියනවා :g:g:g
ආහ්... කට්ටිය මේ ටිකේ මාර බිසි වගේ නේද...? කොහොම හරි උඹලා ගොඩගිහින් තියෙන්නේ අන්තිමට සෙට් වෙච්ච පන්තිය නිසයි එතකොට... හ්ම් හ්ම්...
ReplyDeleteලොල්ය... මේ පෝස්ට් එකෙ දාල තියෙන රූපෙ දැක්කම කියවන්න පටන් ගත්තෙ බොට බැන බැන.. බලන් ගියාම ලිපිය නරකමත් නෑ. මේ කවුද හැබෑට අනික වේවැලෙන් ගහනව කිවුවෙ... ??? චි චී.. එවුවනම් කැත කතා.. හික් ය. වැඩිම උනොත් ස්ටේජ් 1ට ගෙන්නල කනට ගහයි. ඒත් නැත්නම් කාඩ් එක උට දීල ගෙදර යන්න කියයි. :D හික්ය. අත්දුටුවයි ප්‍රක්ත්‍යක්ෂයි..
ReplyDeleteඅන්තිමට සෙට් වෙච්ච පංතිය මුලදිම සෙට් උනානම් කියලා හිතෙනවා නේ?
ReplyDeleteමාත් ඔය හිස්සැල්ල සර්ගේ ක්ලාස් ගියා කාලයක්. පස්සේ මට සර් ක්ලාස් එන්න එපා කිව්වා යලට මහට ක්ලාස් එකට යන නිසා. පස්සේ ඉතින් ක්ලාස් එක අල්ලලා දාලා, ඉස්කෝලේ මිස්ගෙන් බොහොම අමාරුවෙන් විභාගේ ගොඩ දාගත්තා... :)
ReplyDeleteගිය නුවණනම් අද්දනවා බොරු. මමත් ගියා හිස්සැල්ල සර්ගෙ.
ReplyDeleteඅපේ පන්තියෙත් කොල්ලෙක්ගෙ කාර්ඩ් එකක් අරන් ක්ලාස් එකෙන් යන්න කිව්ව, ඌත් ආතල් එකේ ගියා. සර්ට තවත් මල. එදා ඉඳන් කනට දෙකක් ගහල ඉස්සරය ඉන්දනවා
onna math hissella sir ge clz yanna patan gaththa!!:b :b
ReplyDeleteI was reading your blog for a long time but haven't commented. (I'm very slow with sinhala key board typing, among other things) Finally decided to follow you and comment as well!
ReplyDeleteThe reason for start commenting now was, I got a feeling that Puru Puru may be running out of good stories. First, posts appeared less frequently. Second, Puru Puru is now just writing about the way he has changed A/L classes! :-)
Hoping P.P will soon prove me wrong!
Nice blog. Thanks for all previous posts. keep it up!
@ Ashoka - thanx a lot friend. really appreciate your concern.
ReplyDelete1. I'm not running out of stories. There are 150+ stories yet to be written
2. yes, posts appeared less frequently in the recent past. That's because i'm spending the last semester of my university life and as we all know, it's the busiest period of an undergraduate's life.
3. I had to squeez this post in between my "real" stories because I'm writing this blog in the order of the events that happened with time.
4. when I run out of stories, I'll definitely announce & stop the blog. It'll take 2-3 more years.
5. Hope to prove u wrong :b:b:b
Thanx again bro! I really like this type of comments
@ පසිඳු, තාරක, කොජී, ගිනි කුරුල්ලා, සුළැඟිල්ලා, රන් මාලුවා, පිනිබිඳු, නවම්, අකෝ
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට. කලෙකට පස්සෙ ඇවිල්ලත් අපිව අමතක වුණේ නැති එකට ගොඩක් ස්තුතියි
කාලෙකට පස්සෙ දාපු Post එක නියමයි.මමත් ඔය හිස්සැල්ල සර්ගේ Clz ගිහින් තියෙනවා.සිරාම Physics ගුරුවරයෙක් තමයි හිස්සැල්ල සර්.Clz එක අන්තිමට කියන අධිෂ්ටාන වාක්‍යයේ "කරනවාද? කරනවාමයිද?"කියන කොටස මට තාමත් මතකයි.....
ReplyDeleteමම පටේගේ පන්තියට පමණක් ගියෙමි.. බටපැදිගේ ගණන් පන්තිය සහ තියරි පන්ති දෙකටම සහභාගී වූ මුල් තුන්පේළිවල අසුන් ගත් සාඩම්බර සාමාජිකයෙක්මි..
ReplyDelete:e :e :e :e
@ කැන්ඩි සහ රංග - බොහොම ස්තුතියි යාලුවනේ
ReplyDeleteඅනේ අද තමා මේ ලිපිය දැක්‍කේ අයියා....... බොහොම ස්තූතියි ඔන්න අපිව මතක් කලාට. (ලැජ්ජාවේ බැ )
ReplyDeleteපිකිස් නම් ඉතින් අපිත් අනාගත්තා. හැබැයි වැඩිය නැ. ඉස්‍කෝලෙදි අපි ප්‍රැක්ටිකල් විතරක් කරන්න තීරණය කලා තියන කාල අනුව සර් එක්ක. මං නැත්නම් සර් ප්‍රැක්ටිකල් කරන්නෑනේ. ඒ නිසා ප්‍රැක්ටිකල් ටිකනම් ආයේ තිතට පුලුවන් මට. හික්ස්...........
පන්ති නම් මාරු කර කර යන සිරිතක් මගේ තිබුනෙම නැහැ. ඔය වගේ සැර සර්ලනම් මට මුණගැහිලත් නැ. හැබැයි අපේ ඉස්‍කෝලේ සර් සැරයි. හැබැයි මාස පහ හයක් යද්දි අපි එක්ක හොඳටම ෆිට්.
පළමු වෙනි දවසේ පිකිස් ලැබ් එකෙන් ගිහින් වාඩි උනාම මුලින්ම කිව් ටික නම් සපුරා ඇත්ත. තාමත් මතකයි. තවමත් ගියාම අඩුම තරමේ පැය 2ක් සර් විස්තර ටික අහනවා......... (සර් ගේ පුරාජේරුවත් දිග අරිනවා. ඒක දැන් පුරුද්දට ගිහින්. )
ඔය හිස්සැල්ල සර්ගේ පිසිස් පන්තියේදි මාත් එකම එක පාරක් වේවැලෙන් තලා ගත්තා. මොනා උනත් සර්කාරයා අම්බානෙකට කැපවෙනවා අපට උගන්වන්න. ඒ අතින් සුපිරි සර් !!!!
ReplyDeleteඇත්තටම කවුද මේ බ්ලැක් ඔෆිසර් කියලා කියන්නේ ?
එයත් හිස්සැල්ල සර් වගේම පිසිස් කරන එකෙක් නේ ?