අඹ යාලුවෝ

Wednesday, August 25, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන කොටස)


ඉතිං යාලුවනේ අද අපි කියන්න යන්නෙ අපේ රාත්‍රී ප්‍රහාරක බලකාය සිරීස් එකේ අන්තිම කොටස.මේක කියවන්න කලින්, මේ සීරීස් එකේ කලින් කොටස් කියවපු නැති යාලුවො ටික පහළ තියන ලින්ක් වලින් ගිහින් ඒවා කියවලා එන්නකො.

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 1
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 2
හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3

අපි කලින් කො‍ටසෙ කතාව නැවැත්තුවෙ රාත්‍රී ප්‍රහාරක බලකාය මැදිහත්වෙලා ලයිමෝල්ගෙ කබඩ් එකේ පිටිපස්සෙ හොර දොරක් කපපු තැනින්නෙ.දැන් ඉතිං තියෙන්නෙ එතන ඉදන් කතාව.

ඔය කපපු දොර ගැන ලයිමෝල් කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.මොකද මේ දොර පේන්නෙ බොහොම සැලකිලිමත්ව කබඩ් එකේ පිටිපස්ස චෙක් කළොත් විතරයි.ඉතිං ලයිමෝල් කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ තමන්ගෙ කබඩ් එකට පිටිපස්සෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියලා.ඒක හින්දා මෑන්සුත් සුපුරුදු විදිහටම තමන්ගෙ කාලෙ ගතකළාලු.ඩෝම් එකේ ළමයි කළේ ලයිමෝල් කොහෙ හරි යනකං ඉදලා ෂේප් එකේ මෑන්ස්ගෙ කබඩ් එකෙන් සබන් කැටයක්, බිස්කට් කීපයක් වගේ ලයිමෝල්ට නොදැනෙන මට්ටමේ පොඩි හොරකමක් කරපු එක.

ඉතිං ලයිමෝල් ආපහු ඇවිත් බලනකොට කබඩ් එකේ සැලකියයුතු මට්ටමේ වෙනසක් පේන්න නෑලු.ඒකනිසා පොරත් සැටිස්.ඒ වගේම ඩෝම් එකේ ඉන්න කොල්ලො සෙට් එකත් සැටිස්.හැබැයි ඉතිං ඔය වැඩේ මාසයක් විතර එකදිගට කරගෙන යද්දි ලයිමෝල්ගෙ කබඩ් එකේ සබනුයි කෑමයි ගොඩගැහෙන රේට් එක අඩුවුණාලු.එතකොට තමයි මෑන්ස්ට ක්ලික් වුණේ මෙතන මොකක්හරි අංජබජල් කේස් එකක් තියනවයි කියලා.ඒකහින්දා අපේ යාලුවා තීරණය කළාලු කබඩ් එක ෆුල් චෙකප් එකකට ලක්කරන්න.

ඔය චෙකප් එක වෙලාවෙ පුරුපුරුලා හිටියෙ ඩෝම් එකෙන් එළියෙ ඒ කිට්ටුවමයි.එතකොට තමයි ඩෝම් එක ඇතුලෙන් ලයිමෝල්ගෙ මර ලතෝනි සද්දයක් ඇහුනෙ.


බුදු අම්මෝ! මගෙ කබඩ් එක කඩලෝ!! මුදලාලි.....මෙහෙ වරෙන් ******යෝ

සද්දෙ ඇහිච්ච පුරුපුරුයි, මාලුකට්ටයි ඇතුලු කොල්ලො සෙට් එක ඩෝම් එක ඇතුලට දුවලා යද්දිත් ලයිමෝල් මුදලාලිව අල්ලගෙන අම්බානක නෙලනවලු.පස්සෙ කට්ටිය එකතු වෙලා අමාරුවෙන් මුදලාලිව ගුටිකෑමෙන් බේරගත්තලු.බැලින්නං ලයිමෝල් තමන්ගෙ කබඩ් එක කැඩීම ගැන සැක කරලා තියෙන්නෙ මුදලාලිව.මොකද ඊට කලින් දවසෙ මේ දෙන්නා අතරෙ මොකද්ද එකකට ලොකු බහින්බස්වීමක් වෙලා තියනවා.ඇත්තටම මුදලාලි රාත්‍රී ප්‍රහාරක බලකායෙ මෙම්බර් කෙනෙක් වුණාට ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේට සහභාගි වුණේ නෑ.

ඉතිං මුදලාලි තමන්ගෙ නිදොස්බව කොච්චර කිව්වත් ලයිමෝල් නෙවෙයි ඒක පිළිගත්තෙ.ඊට පස්සෙ ලෝඩ් කොක් ඉදිරිපත්වෙලා ඇත්තටම වෙච්ච සිද්දිය මෑන්ස්ට කිව්වලු.ඒ වගේම මීට පස්සෙ තමන්ගෙ දේවල් ඩෝම් එකේ අනිත් අයත් එක්ක බෙදාහදාගන්නයි කියලත් මෑන්ස්ට උපදෙස් ලැබුනලු.ඒත් මේ දේවල් එකක්වත් ලයිමෝල් කනකට ගත්තෙ නෑ.

ඇත්ත කතාව ඇහුවට පස්සෙවත් ලයිමෝල්ගෙ හිතේ මුදලාලි ගැන තිබුන තරහා නැතිවුණේ නෑ.පොර ඊටපස්සෙ කිව්වෙ මේ වැඩේ මුදලාලිගෙ ලීඩර්ෂිප් එක යටතෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කරපු වැඩක් කියලා.ඉතිං ලයිමෝල් දවස තිස්සෙම කළේ පැත්තක හිටපු මුදලාලිගෙ හත්මුතු පරම්පරාවටම පින් දිදී හිටපු එක.ඒ වගේම ලබන ආත්මෙ මුදලාලි ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුගොඩක ඉපදේවා කියලත් ලයිමෝල් කට්ටියට සාප කිරීමක් කළාලු.ඉතිං එදා රෑ වෙද්දි මුදලාලි හිටියෙ හරිම හිතේ අමාරුවෙන්.ඩිනර් එකෙන් පස්සෙ පුරුපුරුව හම්බවෙච්ච මුදලාලි, එදා රෑට ලයිමෝල්ට ගේමක් දෙන්න ඕනෙ බව කිව්වලු.

තමන්ට අරවගේ දෙයක් කිව්වට පස්සෙත්, ලයිමෝල්ට ගේමක් දීම ගැන රාත්‍රී ප්‍රහාරක බලකායට දෙපාරක් හිත හිතා ඉන්න ඕනෙ වුණේ නෑ.ඉතිං කට්ටිය ඒ වෙලාවෙම ගේමට බැස්සලු.මුලින්ම තිබුනෙ ප්ලෑන් කිරීම සහ ඔත්තු බැලීම.ඉතිං බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටා ඔත්තු බලන අතරෙ අනිත් කට්ටිය ගේම් එක ප්ලෑන් කළාලු.ප්ලෑන් එකේ හැටියට ගේම දෙන්න නියමිත වුණේ මහ රෑට.ඒ කියන්නෙ ලේට් ස්ටඩි ඉවර වෙලා කට්ටිය නිදාගත්තට පස්සෙ.

කොහොමහරි ඉතිං අපේ යාලුවො ටික බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවත් උදාවුණාලු.දැන් ඩෝම් එකේ ලයිට් එහෙම ඕෆ් කරලා කට්ටිය ගොරව ගොරවා නිදි.ඉතිං අපේ රාත්‍රී ප්‍රහාරක බලකායත් සුපුරුදු විදිහට රැස් වුණාලු.ප්ලෑන් එකේ හැටියට මුලින්ම කරන්න තිබුනෙ ලයිමෝල් ඇද පිටින් උස්සගෙන ගිහින් කුණුවල ළගින් තියන එක.ඉතිං මේ වැඩේට කලින් ලයිමෝල්ගෙ ඇදට දාලා තියන නෙට් එක ගලවන්න ඕනෙ.ඒ වැඩේ පැවරුනේ මුදලාලිට.මුදලාලිත් තමන්ගෙ ශිල්ප ඔක්කොම දාලා ලයිමෝල්ව නැගිට්ටෙන්නෙ නැතිවෙන්න නෙට් එක ගැලෙව්වලු.

ඊට පස්සෙ තිබුනෙ ඇද උස්සගෙන යන වැඩේ.දැන් ඇද උඩ ලයිමෝලුත් ඉන්න නිසා ඒක සෑහෙන බරයි.ඒ මදිවට ඇද හෙලවෙන්නෙ නැතිව උස්සන් යන්නත් ඕනෙ.ඉතිං මේ වැඩේ පැවරුනේ පුරුපුරු, වන්නියා, බෝරෙ සහ අමන්දානන්දට.අපේ යාලුවො හතරදෙනත් තමන්ට පැවරුන වැඩේ අකුරටම ඉෂ්ට කළාලු.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ටික වෙලාවකට පස්සෙ ලයිමෝල් නිදාගෙන හිටියෙ හොස්ටල් එකේ කුණුවල අද්දරමයි.ඉතිං රාත්‍රී ප්‍රහාරක බලකාය කුණුවලක උපද්දවන්න සාප කරපු ලයිමෝල්ට එදා රෑ සිද්දවුණේ කුණුවලක් ළගම නිදාගන්න.

ඊට පස්සෙ රාත්‍රී ප්‍රහාරක බලකාය කළේ ලයිමෝල් හැමදාමත් ආදරය කරපු මෑන්ස්ගෙ කබඩ් එකත් උස්සගෙන ඇවිත් ඇද ළගින්ම තියපු එක.

හැබැයි රාත්‍රී ප්‍රහාරක බලකාය දැනගෙන හිටියා කුණුවලේ ගදටයි, රෑ හීතලටයි ටික වෙලාවක් යද්දි ලයිමෝල්ට නැගිට්ටවෙනවයි කියලා.ඒක නිසාම තමයි අපේ යාලුවො කට්ටිය තවත් ප්ලෑන් එකක් ලෑස්ති කරලා තිබුනෙ.ඉතිං ඒ ප්ලෑන් එකට අනුව කට්ටිය ඩෝම් එකේ දොර බාගෙට වහලා, දොරේ දාරෙ උඩින් ප්ලාස්ටික් බොග බකට් එකක් රැදෙව්වලු.නිකම්ම නෙවෙයි, හොදට වතුරත් පුරවලා.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම ලයිමෝල්ට ටික වෙලාවකින් ඇහැරුනාලු.මෑන්ස් බලන්න ඇති ඔලුවට උඩින් වෙනදා තියෙන සීලිම වෙනුවට තරු තියෙන්නෙ ඇයි කියලා.ඒ මදිවට ඩෝම් එක ඇතුලෙ කුණු වළක්??? ටික වෙලාවකින් තමයි ලයිමෝල්ට ක්ලික් වුණේ තමන් ඉන්නෙ ඩෝම් එකෙන් එළියෙ, කුණුවළ අයිනෙ කියලා.මොකද්ද සිද්ද වෙන්න ඇත්තෙ කියලා මෑන්ස්ට තේරුම් ගියෙ එතකොට.ඉතිං ලයිමෝල් කළේ කුලප්පු වෙච්ච කගවේනෙක් වගේ දුම් දාගෙන, සාප කර කර ඩෝම් එක ඇතුලට කඩාගෙන ආපු එක.

මෙහෙම ආපු ලයිමෝල් ඩෝම් එකේ දොර අරිද්දිම

ජබෝස් !!!

අර දොර උඩ රදවලා තිබුන වතුර බකට් එකෙන් පොරව නෑවිලා ගියාලු.හැබැයි ඒ වැඩේනං පිනක් විදිහට තමයි පූසො සෙට් එක තවමත් සලකන්නෙ.මොකද ඉතිං දවස් හතරකට සැරයක් විතරක් වතුර බිංදුවක් දකින සරීර කුඩුව නොවැ!දැන්නං ලයිමෝල්ගෙ ෆ්ලවර් එක උපරිමෙන් ජම්ප් වෙලා.පොර ලෑස්ති වුණේ ඒ වෙලාවෙම කොටියා සර්ගෙ නිළ නිවාසෙට ගිහින් සර්ව මහ රෑ නැගිට්ටවන්න.එහෙම කළොත් රාත්‍රී ප්‍රහාරක බලකාය ඉවරෙටම ඉවරයි.

ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ලයිමෝල් කොටියා සර්ව හම්බවෙන්න යන්න එලියට බහිනකොටම ගිහින් මෑන්ස්ට ෆ්‍රෙන්ඩ්ලි ටෝකක් දාපු එක.අන්තිමට

කබඩ් එක සහ ඇද ආපහු තිබුන තැන තැබීම
කඩපු කබඩ් එක ආපහු හැදීම

වගේ කොන්දේසි කීපයක් පිළිගත්තට පස්සෙ ලයිමෝල් කැමති වුණාලු සර්ට මේ සිද්දිය ගැන පැමිණිලි නොකර ඉන්න.ඒ වගේම ලයිමෝලුත් එකග වුණාලු තමන්ගෙ දේවල් බෙදාහදාගෙන පාවිච්චි කරන්න.ඉතිං ඔය සිද්දියෙන් පස්සෙ ලයිමෝලුත් රාත්‍රී ප්‍රහාරක බලකායෙ සාමාජිකයෙක් බවට පත්වුණාලු.එදා ඉදලා මෑන්ස්ගෙ කබඩ් එක ඩෝම් එක ඇතුලෙ මාතෘකාවක් වුණෙත් නෑ.මොකද එදා ඉදලා ලයිමෝල් කබඩ් එක ලොක් කළේ නැති නිසා...

ප.ලි - රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එක මෙතනින් ඉවර වුණාට ඉස්සරහට එන සමහර කතාවලදි රාත්‍රී ප්‍රහාරක බලකායෙ වැඩකෑලි ගැන ආපහු අපේ යාලුවන්ට කියවන්න ලැබේවි.

ලයිමෝල් දැන් ඉන්නෙ කොළොම්පුර පැත්තෙ සක්වල තක්සලාවක 2 වසරෙ.පුරුපුරු ඉන්නෙත් ඒකෙම 4 වසරෙ.ඉතිං ඉස්සර ලයිමෝල්ට කරපු අරියාදු වෙනුවෙන් පුරුපුරුට පුලුවන් වුණා කීප පාරක්ම ලයිමෝල්ව රැග් එකෙන් බේරගන්න.හික්ස්...සුපර් සීනියර් නොවැ!

අනිත් කාරනේ, මේ රාත්‍රී ප්‍රහාරක බලකාය සීරීස් එකේදි කරපු වැඩ වැරදියි කියලා දැන් පූසො දන්නවා.ඒත් ඉතිං ඒ කාලෙ ඕව ගැන එච්චර දුරට හිතන එකක්යැ!

27 comments:

  1. හප්පේ මේ පාන්දර කවුරුවත් දැක්කොත් හිතයි හොල්මන් එක්ක හිනා වෙනව කියල........ :a :a

    මරු බලකාය....... අතිවිශිෂ්ඨයි පූස් අයියා............. :b :b :b :b

    ReplyDelete
  2. හොඳ වෙලාවට ලයිමෝල්, පූස් තඩියෝ ඇතුළු රාත්‍රී ප්‍රහාරක බලකාය කුණු ගොඩක ඉපදේවා කියලා පැතුවේ.. කරුමෙකට හරි 'අසූචි වළක ඉපදේවා' කියලා පැතුවනං... හික්.. හික්.. හිතාගන්ඩ පුළුවන්නේ මෑන්ස් ට වෙන්ඩ තිබුණ දේ...
    ජේ.ආර් & ප්‍රේමදාස ඩයනාගේ මඟුල් ගෙදරට දූරියන් නැතුව රඹුටන් ගෙනිච්චා වගේ තියේවි...
    ඒක නෙමෙයි... මේ හා පැටික්කි පාන්දර ජාමේ ජංජලේ කරක් ගහන්නේ මොකෝ..... පෝය හින්දා නෙමේනේ..

    ReplyDelete
  3. ඒ කරපු දේවල්වල කිසිම වැරැද්දක් නැහැ මචං.. කාටවත් තදබල හානියක් නොවී අහිංසක සතුටක් ලබපු එක විතරනෙ වුනේ.. අනෙක ඔය වගේ දේවලින් තමා කට්ටියගෙ ෆිට් එක වැඩිවෙන්නෙ. අපේ සෙට්එක හොස්ටල් එකෙන් විතරක් නෙවෙයි ඉස්කෝලෙනුත් අස්වෙලා දැං සෑහෙන කාලයක්. ඒත් එදා තිබුන බැදීම තාමත් එහෙමමයි. කට්ටිය විසිරිලා ගිහිල්ලා, පවුල් පන්සල් වෙලා, ඒත් තාමත් annually set වෙනවා පවුල් පිටිං. එක්කො trip එකක් යනවා නැත්තං කොහෙටහරි set වෙලා fun එකක් ගන්නවා. ඔය වෙලාවට ඉතිං ඒ කාලෙ කරපුවා මතක් කරලා කාඩ් ගහන එක තමා ලොකුම fun එක. ඇයි ඉතිං මුංගෙ wifeලත් දැනගන්න එපායැ හබීලගෙ වැඩ කිඩ..

    ReplyDelete
  4. 3 සහ 4 කොටස් දෙකම අද තම බැලුවේ... හික් හික් හික් ඔක්කොමත් හරි අර අන්තිමට කොරපු වැඩේ. හනේ හතුරෙක්ටවත් නොවේවා හික් හික් හික්...

    බොග බාල්දියක් කිව්වෙ... බොග බාල්දියක්ද බන් ?? හපොයි....

    ReplyDelete
  5. නියමයි. :e
    කොහොමහරි ලයිමෝල්ගෙ ලෝබකම නැතිකරපු එකනං ලොකු දෙයක්. :t

    ReplyDelete
  6. බුදු ගේම උනාට සෑහෙන්න පිං සිද්ධවෙන්න ඇති.. :q

    ReplyDelete
  7. ඒ කාලේ කරපු වැඩ සමහරවිට මේ බ්ලොග්වල ලියන්නත් බෑනෙ මචන්.. ඒවා වැරදියි කියලා තමයි අපිටත් හිතෙන්නෙ.... ඒත් ඒවගේ මිහිරිකම අදටත් අපේ මතකය සුන්දර කරනවනෙ මචන්...

    ReplyDelete
  8. පුස් අයියේ...බඩ රිදෙනවා...හිනා කාලා.....
    :q :q :q :q :q :q :q :q :q :q :q :q :q :q :q :q :q

    උදේ පාන්දරම ඇගේ ලේ ටික පිරිසිදු කොරල දුන්නට පිං හොදේ....
    දාන්න දාන්න තව තියෙනම් කියවන්ට....

    ReplyDelete
  9. අපෝයි අසරණ ලයිමෝල්. බලන් ගියාම අසරණ කියන්නත් බෑ වගේ. අපිත් හොස්ටල් නොහිටියට අඹ ගෙඩියක් ලැබුනත් පංතියම බෙදාගෙන කෑවේ. කවදාවත් පංතියම ගුටි කෑවත් පැවල දෙන්නේ නෑ. ඔක්කොම එකා වගේ හිටියේ. ආයෙම අතීතයට ලියා යාළු.

    ReplyDelete
  10. නියමයිනේ. අම්මෝ උඹලා ලයිමෝල්ට දීලා තියෙන වදයක් හේ හේ.

    ReplyDelete
  11. පිස්සු පූසො සෙට් එකක් . . .:b කොලොම්පුරේ තක්සලාවෙ සෙට් උනේ නැත්ද ඔහොම පූස් බලකායක් . . . ?

    ReplyDelete
  12. ලයිමෝල්ට ලයිමෝල් බෝතලයක් බොන්න හිතෙන්න ඇති නේද? කොහොම වුනත් සාපේ මේ ආත්මෙම ඵල දීලා ඔයාලාට. ඒකනේ මේ ආත්මේදිම පූසෝ රැලක් හැටියට පුනර්ජන්මය ලැබුවේ නේද?

    ReplyDelete
  13. @ හා පැටික්කි - බොහොම ස්තුතියි හා පැටික්කියෙ...:b:b:b

    @ jeew - ඒකනං ඇත්ත තමයි සහෝ! එහෙනං මෑන්ස්ට බොග ඇතුලෙ තමයි රෑට නිදාගන්න වෙන්නෙ:f:f:f

    @ Buratheno - අහන්නත් සතුටුයි මචෝ! කොච්චර දෙයක්ද කට්ටිය එහෙම සෙට් වෙන එක...:b:b:b

    @ පිස්සා - බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    නෑ නෑ, බොග බකට් එකක් කිව්වෙ බොගේදි පාවිච්චි කරපු වතුර බකට් එකකට...:m:m:m

    ReplyDelete
  14. @ Ashen - :b:b:b

    @ Praසන්ன - ඒකනං ඇත්ත සහෝ! බොහොම ස්තුතියි...:b:b:b

    @ Anonymous - බොහොම ස්තුතියි :b:b:b

    @ Shadow/හේමලයා - :b:b:b

    ReplyDelete
  15. @ ගයන්ත - හික්ස්...

    ලයිමෝල්ට කරපු වැඩ වල පව - ලයිමෝල් නාවපු පින = 0 :m:m:m

    @ අභීත - ඒක ඇත්ත මචෝ!බොහොම ස්තුතියි...:b:b:b

    @ හසියා - බොහොම ස්තුතියි සහෝ! තව හොද හොද සෙල්ලං එළවෙන ජාමෙට බලන්න පුලුවන්:f:f:f

    @ priyantha - හික් හික්!! දැන්නං පව් කියලත් හිතෙනවා යාලු:s:s:s

    ReplyDelete
  16. @ කසුන් - හික් හික්!! තරුණ කාලෙ නොවැ බං!:f:f:f

    @ වැම්පයර් - බොහොම ස්තුතියි සර්...:f:f:f

    @ දුමී - ඉන්නවා ඉන්නවා!! හැබැයි මචෝ ඒ කතා දාන්න තව ගොඩක් කල් යයි...:e:e:e

    @ හසී - :b:b:b

    ReplyDelete
  17. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. @ RanDil - හික් හික්!! බලාගෙන ගියාම සහතික ඇත්ත නොවැ අක්කේ!:f:f:f

    @ පුතා - :b:b:b

    @ Hansi - :t:t:t

    ReplyDelete
  20. එල බලකාය මේක නම්......
    :b :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  21. mallia apith oya "eada" ussa gena yana wade kala... ea "Kelani" dorm eake eanna kale... ea 93 wela..... api year 9 eanna kale... but "eade" hitapu ape yaluwa magadi eaharuna.... ane monawa karannada... kattiyama porawath eakka ayeth eada ussagena genalla tibba.... RJ

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???